.

.

Jul 27, 2013

නූරී වත්ත, පලා බබා හා පොලිස් බලතල - Noori Estate, Provincial Council & Police Powers



මා දන්නා තරමින්, "නූරී වත්තේ" ඛේදවාචකය පිළිබඳ බ්ලොග් ලියන කිසිම කෙනෙකු ලියුවේ නැත. මාතලන්, මේ දිනවල සිටින්නේ දකුණේ තේ වත්තක නිසා, එහි එක් රැස්වන අය, මේ කාලකණ්ණි සිඳුවීම පිළිබඳව බොහෝ සේ කතිකාවල යෙදේ. මේ පිළිබඳව හා දකුණේ පාතාලය පිළිබඳවත් නිර්භයව කරුණු හෙළිකරනා "රිවිර" පුවත් පතට අපගේ ගෞරවය හිමි විය යුතුය.

ඒ, ඔවුන් කිසිම බියක් නොමැතිව, සියලුම කරුණු හා පුද්ගලයන් හෙළිකරනා බැවිනි. ඔවුන්ගේ සබැදියාවක් සොයාගැනීමට ගත් වෙහෙස නිෂ්ඵල දෙයක් වූයේ. එම පුවත් පත අන්තර්ජාලයේ ඇත්තේ ඊ පුවත් පතක් ලෙස බැවිනි. එහෙත් දීර්ඝව සොයා බැලීමේදි "දිවයින" පුවත් පතේ සබැදියාවක් සොයා ගැනීමට සමත් උනෙමි. කරුණාකර මේම ලිපිය කියවීමට පෙර ඒ ලිපිය කියවා සිටින්න.

"දිවයින" පුවත් පතේ ළිපිය මෙතනින් බලන්න.

එමෙන්ම හැකිනම්, 28/07/2013 දින "රිවිර" පුවත් පතද කියවා බලන්න. මේ ලිපිය ලිවීමට මා හද සසල කළේ, එම වයෝවෘධ වතු අධිකාරිවරයා මරා දැමු තිරිසන් ආකාරයයි. මිනිසකු මරා දමන්නේ නම්, ඔහු එක වර මරා දැමිය යුතුය. එහෙත් අවුරුදු 73 ක වයස්ගත පුද්ගලයකුට කිසි ලෙසකින්වත් ඔරොත්තු නොදෙන ආකාරයේ, වද බන්ධනයන්ට ලක් කොට මෙසේ මරා දමන්නේ, මේ කාලකණ්ණින්, මිනිසුන් නොව තිරිසනුන්ටත් අන්ත පිරිසක් බැවිනි. එම විස්තර අකුරූ කිරීමට තරම් මට ශක්තියක් නොමැති වීම ගැන ඉතා කණගාටු වෙමි.

මේ හෙළි වන්නේ අප රටේ අද ඇති ඛේදජනක, කාලකණ්ණි, තුචඡ සමාජ ජීවන රටාවයි. ආඩම්බරයෙන් කතා කරනා ලක් මාතාවගේ නියම නිරුවතයි. ප්‍රභාකරන් උතුරේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන ගිය බව මුළු ලෝකයාම දන්නා කාරණාවකි. එහෙත් අවුරුදු 15 ක් තිස්සේ, නීතියක් යුක්තියක් නැති ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක්, මුළු ප්‍රදේශයක්ම, අතක් නැති පාතාලයෙක් පාලනය කරනා ප්‍රදේශයක් පිළිබඳව පොලීසිය පවා නොදැන සිටීම, සිනහවටම කාරණයක් මිස වෙන කුමක්ද?.

තවත් පොලිස් බලතලයක් කුමකටද? මෙහි සිඳුවූ, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර, කසිප්පු වෙළඳාම, කුඩු වෙළඳාම, වන සංහාරය, එකි මෙකි නොකූ ආකාරයේ සියලුම සමාජ විරෝධි ක්‍රියාකාරකම් එළිපිටම සිඳුවන විට, පොලිසියද සිට ඇත්තේ මේ තිරිසනුන්ගේ ව්‍යාපාර හා සියලුම ආකාරයේ නීතී විරෝධි ක්‍රියාවන්ට හවුල් වෙමිනි. පොලිසීයේ පිරිස්ද, පාතාලයාගේ දරුණු ප්‍රහාරයන්ට ලක්වූ අවස්ථාවන් අපමණ බවත් වාර්තාවේ. මේ කිසිවක් පොලිස් පොත් වල නැත. ඒ පළාතේ ඉහළම පුද්ගලයන්ගේ අණ පරිදිය. සියලුම මිනී මැරුම්, කොටන් වලට යට වීම්ය.

අතකුත් අහිමි මිනීමරුවකුට, එසේ සිටීමට බලයක් ලැබුණේ කෙසේද? පළාතේ ඉහළම පුද්ගලයන්ගේ ආශීර්වාදයෙනි. පළාතේ බලවතා මෙන්ම, පුත්‍ර රත්නයද මොවුන්ගේ කල්‍යාණ මිත්‍රයෝය. සියලුම අයථා ක්‍රියාවන් සිඳුවන්නේ, ඔවුන්ගේ අනු දැනුම මත, පූර්ණ අනුග්‍රහයෙන් හා ආශීර්වාධයෙන්ය. එය එම පළාතේ කිසිවකුටත් රහසක් නොවේ.

කොටින්ම "රිවිර" පුවත් පත පවසන ආකාරයට, එදින මිනීමැරුමක් සිඳුවන බව, මේ බලවතාද දැනුවත්ව සිට ඇත. එය විශ්වාස කිරීමට කිසිසේත් මැලි නොවිය යුත්තේ, මහ දවලේ දෙනෝදාහක් ඉදිරිපිට, පුදගලයකු නිරුවත් කොට, කෲර වද බන්ධනයන්ට ලක් කොට මරා දමා, ගම පුරාම ප්‍රදර්ශනය කිරීමට තරම්, මේ තිරිසනුන් නිර්භය වූ හේතුවෙනි.

එම ප්‍රදේශයේම, තවත් තේ වත්තක සේවය කරනා, මගේ මිතුරකු පැවසුයේ, දැරණියගල පමණක් නොව, මුළු කෑගලු දිස්ත්‍රික්කයම එකම පාතාලයක් බවයි. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශය අඩු ජනගහනයක් වෙසෙන, රටේ කතා බහට ලක් නොවන ප්‍රදේශයක් බව අප රටේ කවුරුන් වුවද දන්නා කාරණයකි. නමුත් අද මේ මිනීමැරුම ජාත්‍යන්තරයට පවා ගොස් අවසානය.

ආර්ථිකය කඩාගෙන වැටී, බැංකු අයිරාවන් බිලියන ගණනින් වැඩි වෙද්දි, මෙරට තුළ ආයෝජනය කර ඇති ආයෝජකයන් පිරිසවත් රැක ගැනීමට නොහැකි ආණ්ඩුවක් ඇති රටකට, කුමන විදේශ ආයෝජනද? සංචාරයට පැමිණෙන සංචාරකයන් මරා දමන, දූෂණය කරනා රටකට සංචාරකයෝ පැමිණෙත්ද? පාලකයන් සැරසෙන්නේ මේ රට තවත් සෝමාලියාවක් කිරීමටද?

නූරී වත්තේ නොව, මුළු රටෙම තත්වය මෙයයි. "පුත්තලමේ දනිස්සා" ගුරුවරියට පවසා ඇත්තේ, තමා ගැහැනුන් 300 ක් සමඟ රමණයේ යෙදුණ බවයි, "සාරුවා සුනිල්ගේ", "ස්ත්‍රී දූෂණ සම්භාෂණයට", ජාතික තලයේ දේශපාලඥයන්ද සම්මාදම් වෙයි. ජාතික තලයේ දේශපාලඥයින් පවා මහා පරිමාණ ව්‍යාපාරයන්හී යෙදෙන මුත් ඒවාද රටේ සුගතියට හේතු වන ව්‍යාපාරයන් නොව. රට තව තවත් දුර්ධාන්තයටම ඇද දමන පාතාල බිස්නස් පමණි.

වනාන්තරයක ගසක් ඉතුරුකරන්නේ නැති, ගඟක දොළක වැලි ටික තිබෙන්න දෙන්නේ නැති. කිස්ම විශාල ප්‍රමාණයේ කළු ගලක් තිබෙන්නේට නොදෙන, වනාන්තර හෙළි පෙහෙළි කර හෙංචයියන්ට බෙදා දෙන. වැව් තාවුලු විනාශ කරමින් පමණක් නොව.

අහිංසක වැඩිහිටි ජනතාව පමණක් මෙන්ම පාසල් සිසුන් පවා මත් කුඩු වලට පුරුදු කරමින්, කුඩා දැරියන් දූෂණය කරමින්, කප්පම් ගනිමින්, ඒවාට විරුද්ධ වන පුද්ගලයන් තිරසනුන් සේ මරා දමමින්, මේ කරන්නේ කුමක්ද? මෙයද ආසියවේ ආශචර්යය? පාලකයින්ට තමන්ගේ දරුවන්ට පාලනය කිරීමට රටක් ඉතිරි වේද? පාලනය කිරීම සඳහා මිනිසුන් ඉතිරිවේද?


එම පළාතේ ජනතාවට පොලීසිය ගැන කිසිඳු විශ්වාසයක් නොමැත. "නිහාල් පෙරේරා" මහතා මරා දැමීමට හේතුවද, ඔහු කොළඹ එස් ටී එෆ් මූලස්ථානයටම මේ පිළිබඳව වාර්තා කර තිබීමයි. අප රජයේ වග කිව යුතු අයගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකර මේ ප්‍රදේශය ගැන තම පූර්ණ අවධානය යොමු කොට, කොටකෙතන ප්‍රදේශයේ කළාක් මෙන්, හමුදා කඳවුරක් හෝ, එස් ටී එෆ් කඳවුරක් ඇති කොට ජනතාවගේ බිය පහ කරනා ලෙසයි.

යමක් කමක් කළ හැකි පිරිසද, අදත් පසුවන්නේ තම ජීවීත ගැන බියකින් නම්, සාමාන්‍ය අහිංසක, දුප්පත් ජනතාව ගැන ත කවර කතාද.

මගේ රටට දළදා හිමි සරණයි !
මගේ දැයට දළදා හිමි සරණයි !
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි..
උපතින් මා හට මේ සැම උරුමයි....

මේ ගීතයේ "උරුමයි" කියන්නේ, "මෙවන් උරුමයන්ටදැයි" නොදනිමි.

එසේ නම් අප රටට....

සම්මා සම්බුදු සරණමය..!!!

94 comments:

  1. බල්ලට ගිය රටේ මෙව්වා ලියල වැඩක් නෑ බන්... අපේ බයිට ටිකයි ලේ ටිකයි පිච්චෙනවා විතරයි..... මොනවා හරි ආතල් කතාවක් ලියපන් අපිට මේක බලලවත් ලේ ටිකක් පිරිසිදු කර ගන්න.....

    පිට කසවන ඇනෝ.....

    ReplyDelete
    Replies
    1. මේවා නොලිව්වොත් හිතට එකඟව ජීවත් වෙන්න අමාරුයි. මොකක්ද අපෙන් ඇති වැඩේ...

      Delete
    2. පිට කසවන ඇනෝ කියන්න වැඩේ මේ වගේ දේවල් ලිවීමෙන් වැඩක් නැහැ තමා. ඒ වුනත් ලියන එක හොඳයි මාතලන්. මේක තමා ලාංකික සමාජය 1971 පටන් නූගත් පාඩම. අපරාධකරුවන්ට නිසි දඬුවම් නොදීම හා අපරාධකරුවන්ට දිගින් දිගටම චන්දය දීම. සාරුවා සුනිල් වෙනුවෙන් බෝධි පූජාවක් අකුරැස්සේ තිබුනා යයි මට කීවේ, එහි ජිවත් වන කෙනෙක්.තමන්ගේ අතට ගතමනාවක් එනවා නම්, අනුන්ගේ දරුවන් දුෂණය කිරීම ගණන් ගන්නේ මොකටද? මා මෙහෙම ලියුවහම මගේ බඩ පිරිලා නිසා එසේ ලියනවා යයි කෙනෙකුට කියන්න පුළුවන්. ඒත් බඩගින්නේ විතරක් නොවේ, ඔය කියන තිරිසන් වධ විඳීම් විඳපු හා අනුන්ගේ විඳවීම් දැකපු, එහෙත් මිනිසත් බව නැති නොකර ගත් මිනිසුන් ගැන මා දන්නවා.

      අප වගේ රටින් පිට ජිවත් වන සමහර අය කියන්නේ, අනාගතයේ සිදුවිය හැකි අපරාධ නිසා කුඩා දරුවන්ද මරා දමන්න ඕනේ කියල. ඔබ එම නොමිනිස් කතාවට එරෙහි වුන නිසා, ඔබගේ බ්ලොගය ඒ දවස්වල කුණුහරුප වලින් පිරිලා තිබුන මා දුටුවා. බස් රථයක කොන්දොස්තරගේ අයුතුකමකට, එරෙහි වන විට, ඔබව "බැක් අප්" කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවන සමාජයක, ආයුධ ගත්, දේශපාලන බලය (ජනතාව විසින්ම දීපු) ඇති උම්මත්තක, ඥානයෙන් අසාර, මිනිසත් බවටත් නිගරුවක් වුන ගොන් හරකෙකුට එරෙහි වන මිනිසුන් ඉඳීවිද? මේ තිරිසනුන්ට චන්දය දෙන විශාල පිරිසක් සමාජයේ ඉන්නවා නේද?

      ගම් වල ඉන්න මිනිසුන්ගේ ඥාන අසාර බව අපට ටිකක් හරි තේරුම් ගන්න පුළුවන්. ඒත් නීතිය කියන දේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රටවල් වල ටික කලක් ඉඳලා, ආපසු යන කොට හැදෙන පාරවල් දැකලා ඇස් නිලංකාර වීම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම ලංකාවේ ඒ දිනවල තිබුන සමාජාරක්ෂණ වලින් උදව් අරන් ඉහල ගිය සමහරක්, ඒකීය පුද්ගල විමුක්තියක් ගැන නන්දෙඩවීමත් මට තේරුම් යන්නේ නැහැ. සාමුහික නිදහසක් හා විමුක්තියක් නැති සමාජයක, මොන ඒකීය විමුක්තියක්ද මාතලන්?

      Delete
    3. සමාජයේ ගොඩක් දෙනෙක් මේ ක්‍රමයට අනුගත වෙලා තියෙන්නේ. ඔබ සඳහන් කළ අවස්ථාවල මා හා එල්ලුන අය අද කොමෙන්ට් නොකරන්නේ ඒ නිසයි. මම ප්‍රශ්ණ නොකලත් හෘදය සාක්ෂිය කියා දෙයක් හැමටම තියෙනවනේ. ඔබ අවසන් වශයෙන් සඳහන් කළ දේ 100% නිවැරදියි රයිගම..

      Delete
    4. ඇනෝ කියන්නේ ඇත්ත උඹෙත් ලේ නරක කරගෙන අපෙත් ලේ නරක කරනවා

      Delete
  2. සීයක් බඩු ගහපු එකාට---ප්‍රාදේශීය මන්ත්‍රී
    තුන්සීයට-----පලාත් සභා මන්ත්‍රී
    පන්සීයට-----පාර්ලිමේන්තු මන්ත්‍රී
    දාහට------ජනාධිපතිකම
    මේ සූත්‍රය අනුව තමයි වැඩේ යන්න ඕන.බේබිලට එහෙම ජනාධිපතිකමට බාගෙට සුදුසුකම් ඇති දැන්මම.එක අතකින් ඔහොම ගේම් දුන්නානම් අත් දෙකම තිබුනනම් සබරගමු පලාතම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. සමහරු (බේබිලත්)කියනව එයාල ගහන්නෙ නැතිලු,එයාලට කියල ගස්ස ගන්නවලු.

      Delete
    2. දේශපාළනය රැකියාවක් කිරිමේ කාළකන්නි සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕන. රනිල්ගේ බහුබූත ව්‍යවස්ථාවත් මම ක්‍රිටිසයිස් කලේ ඒ නිසයි. ඒකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ. ඕන සෝභිත හාමුදුරුවන්ටත් තේරිලා.

      Delete
  3. කොටකෙතන මර බිය පහ කළ වාස් අද වාස්ප වී හමාරය.

    ReplyDelete
    Replies
    1. කොටකෙතන ගේම් මොන ගේම්ද, වාස්ගෙයි, පුත්තුන්ගෙයි, හමිනේගෙයි ගේම් එක්ක. පොලිස්පති කමත් දුන්න නම් තමයි... නල්ල නේරම්..

      Delete
    2. වාස් ගාල්ලේ මරබිය පහකල හැටි අපි දැක්කනෙ

      Delete
    3. මචං නලින්, අපි මුලින්ම පිටු දකින්න ඕනේ දේ තමා, අපරාධයක් තවත් අපරාධ ක්‍රමයකින් විසඳන්න යන එක. දැන් මේ නඩුවේ සැකකරුවන් පොලිසියෙන් අල්ලගෙන ගිහිං, අර එකම කතාව කියලා මරලා දැම්මහම මිනිස්සු ගොඩක් සතුටුවෙයි. ඒක කරපු කට්ටියටත් සෑහෙන ජනතා ප්‍රසාදය ලැබෙයි. නමුත්, ඊට පස්සෙ ඊට වඩා දරුණු අපරාධකාරයෙන් බිහි කරන්නෙ ඒ ක්‍රමවේදයම තමයි.

      එදා ජේවීපී ඒකයි, අද වාස්, එකම කතාව. JVP මුලින් කලේ ගමේ ඉන්න හොරු කසිප්පු කාරයෝ මරපු එක. පස්සෙ කොතනද නතර උනේ? වාස් පටන් ගත්තෙත් එහෙමයි, ප්‍රසිද්ධ මැරයෝ අත් අඩංගුවේදී මරල දාල, ඒ ලැබුන බලය උඩ අන්තිමේ එයාගෙ බිරිඳ, පුතා ඔක්කොමලා ඉන්නේ ආයුධ අරං. තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහ ගන්නත් පාවිච්චි කරන්නේ අර ක්‍රමයමයි.

      අපේ සමාජය ලොකුවටම වරද්දගන්න තැනක් ඕක. නීතියේ ආධිපත්‍ය ඇතිකරන්න කියලා නීති කඩ කරන්න බැහැ.

      Delete
    4. @ තිසර
      අනුමත කළ නොහැකි නමුත්, එහෙම වත් කරන එක ළොකු දෙයක්. නමුත් ඊට වඩා ලස්සනයිනේ මේ වගේ කේස් වත් ඉක්මනින් අහලා ඉවර කරලා, මරණ දඩුවම ක්‍රියාත්මක කලානම්. ජනාධිපති සමාවත් ඉවත් කළ යුතුමයි. ඒ තරම් අපරාධයක් තවත් නෑ. ඒ කියන්නේ බලය තියෙන එකා මිනී මැරුවත් අවුලක් නෑ කියන එකනේ. ඒකනේ අද මේ කරුමේ වෙලා තියෙන්නේ.

      Delete
  4. පොලිසියත් තවත් පාතාලයක් වෙච්චි කොට තව මොනවා කෙරෙයිද ඉස්සහට....කාකි යුනිෆෝම් එකක් දැක්කත් හිරිකිතයි....

    ReplyDelete
    Replies
    1. පොලීසිය නම් ඉන්න ඔක්කෝම අයින් කරලා, අළුතින් හදන්න ඕන තැනක්..

      Delete
  5. මේවාට කියන්න දෙයක් හිතා ගන්න බෑ. ලංකාවනේ කියලා නිවටයෝ වගේ ඉන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න බැරි නිසා තමයි මෙහෙම හරි ලිව්වේ. නැත්නම් අපේ මනුස්සකමෙන් වැඩක් තියෙනවද...?

      Delete
  6. මාතලන්ගේ ලිපියයි,රිවිරයි,දිවයිනයි කියුවෙමි.දැඩි කම්පනයක් ඇති විය.මෙහෙම ගිහින් රට කොහෙන් නතර වේද?

    ReplyDelete
    Replies
    1. තව නතර වෙන්න තැනක් නෑ. මේකත් සෝමාලියාවක් විතරයි. මිනිස්සු පැපුවා නිව්ගීනියා නෙමෙයි ස්වාසිලන්තෙට උනත් යයි මේක දාලා.

      Delete
  7. ඔය නූරි වත්තෙ අතකොටාගෙන් වෙන කරදර ගැන අවුරුදු දෙක හමාරකට පෙර නෙත් FM රේඩියෝවෙන් කරුනු එළිදරව් කලා.
    පොලෝසිය හරියට ක්‍රියාත්මක වුනා නම් ජිවිත කියක් ඉතිරිද?
    පේමන්ට් වල මල් ගසුයි,ජොගින් කරන්න ගල් අල්ලපු පාරවල් හදන්න පෙර වල් වැදිල තියෙන නීතිය අකුරට කරන්න නිලධාරීන්ට නිදහස දෙන්න ඕන.
    මිනී මරන්න කාකි සූට් කාරයො කොන්ත්‍රාත් ගන්න කාලෙ,රටට පායන සුර්‍යා ගැන මොන කතාද?

    ReplyDelete
    Replies
    1. ඒ තියා මේ වතු අධිකාරිවරයගේ කකුලක් කඩලා තියෙනවා මීට මාස දෙකකට උඩදි. එයින් පස්සෙවත් ආරක්ෂාවක් දෙන්න බැරි උනානේ. කෝ මේ රටේ මහ ළොකු නීතිය හා නීතී රකින පොලිසිය. දැන් උන්ගෙන් කාපු බීපූ උන් ට්‍රයි කරන්නේ කේස් ඔක්කොම යට ගහන්නලු.

      Delete
    2. එකනේ ගිය සතියෙ අවිස්සාවෙල්ල ට්‍රැෆික් OIC කාරය නූරි වත්තට ඇවිල්ල දර්ශන දාල තියෙන්නෙ.
      එයා දර්ශන දානකන් STF කොහෙද හිටියෙ.
      මේකත් ආණ්ඩුවෙ තවත් එක් දර්ශනයක් පමනයි.

      Delete
    3. ට්‍රැෆික් ඕ අයි සී ලා අපරාධ අංශයත් බලනවා ඇති. අනේ ඔය ගමේ උන්ට දැනවත් බෑ නේ ගූ ටිකක් ගහලා එලවන්න.

      Delete
  8. ඔය මහ ඇමතියගෙයි,පුත්‍රයගෙයි හුරතලා අතකොටා.
    එවුන් තමා යට ගහන්නෙ.
    ලොක්කයි,පුතයි,සහෝදරයයි මහ ඇමතියාගෙ ගෙදර ගියාම කොල කැද,ගමේ කෑම දීල වශී කරගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙයාලත් කියයි අර ජෝන් බාස් කිව්වා වගේ..

      අපි මුචුච් දන්නේ ඤෑ කියලා...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මමත් ඔය ලිපිටික කියෙව්ව මාතලන්.හිතට එන ආවෙගෙට මොනව කරනද කියල හිතාගන්න බෑ.කරන්න පුලුවන් දේකුත්නෑ.හිත හදාගන්නත් බෑ.මාර අසරනකමක් දෑනෙනව බන්.කොහෙද ඉන්නෙ මෙ දවස්වල?

    ReplyDelete
    Replies
    1. ඉන්නෙ නම් දෙනියායේ. ඒත් රට වටේම යනවා...

      Delete
  11. මෙච්චර කල් හිතාගෙන හිටියේ මාතලන් පිට රටක් ඉඳන් චණ්ඩි පාට් දානව කියලයි. දැන් බලද්දි ඉන්නේ මේ විස්මලන්තෙම නොවැ. බය නැද්ද අප්පා?

    ReplyDelete
    Replies
    1. මක්කට බය වෙන්නද, ආන්ඩුවේ පත්තරවලත් කතන්දරේ යනකොට. අනික අපිව මරන් කාලා වැඩක් තියෙයි. ආයෝජකයෝ බේර ගන්නෙ නැතුව.

      Delete
  12. ඇයි අවුල්ද මාතලන් මේ විදිය හොඳ නැද්ද? අවුල් නම් නලින් සිල්වා ට දුරකථන ඇමතුමක් දෙන්න ,,,මේ බිහිවී ඇත්තේ ඔහු සිහින මැවූ චතුස්කෝටික කේතුමතී රාජධානියයි. මෙහේ ඔහොම තමයි කසිකබල් බටහිර චින්තනයෙන් බලන හින්ද තමයි උඹට මේ වගේ දේවල් අවුල් වගේ පෙන්නේ,,,

    ReplyDelete
    Replies
    1. මටත් නලින් ද සිල්වා පෙන්න බෑ.

      Delete
    2. නලීන් ලොක්කට එයයි,එයාගේ චින්තනයයි හැර අවට පේන්නේ නැහැ.වටපිටාව බලන එවුන්ටත් ,පෙනේ පුප්පනවා.

      Delete
    3. උදිත කියන කතාව ඇත්ත. සමාජවාදි විදියට හිතුවනම් කිසි අවුලක් නෑ. දැන් ඕය ලෝකල් මාක්ස්ලා ඔක්කෝම සට්ටඹියෝ වෙලා ඉන්නේ අගේට..

      Delete
  13. ගරා වැටෙන රටක සියලුම ලක්ෂන මෙසිරිලකින් මේ වන විට විද්‍යාමාන වෙමින් පවතී. මහපොළව නුහුලන අපරාද මේ රටට නිකම්ම නිකම් සිද්ධි විතරයි. මෙහෙව් රටකට මොට පායා ද සූරියා කියා තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතපු සුරිය කතාවම වෙද මහතාටත් හිතිල.
      මට හරීඊඊඊඊඊඊ.... පුදුමයි.
      පෙර ආත්මයේ අප තුන් කට්ටුව ව කවුරු හරි පැතුවද දන්නෙ මගේම පුතුන් වෙන්න කියල.

      Delete
    2. ඒකනේ කෙන්ජි මටත් හිතෙන්නෙ එහෙම යි.

      Delete
    3. නීතීය, සමාජීය, ආගමික, සගිස්කුරුතික විතරක් නොවෙයි, ආර්ථික අතිනුත් කඩා වැටිලා ඉවරක් වෙද මහත්තයා. යුද්ධෙන් දිනපු රට ගොඩගන්න හරි සෙට් එකක් නැති උනා නේ..

      Delete
    4. අර උඩින්ම ඉන්නේ.. ඌත් ටිකක් සසල වෙලා වගේ...

      Delete
    5. මම පරක්කු වැඩියි ඉවාන්. කට්ටිය සෙට් වෙලා. මගෙ පිට කහපන් ඉවාන්.

      Delete
  14. බ්ලොග් කියවන සහ ලියන අයට සදාකාලික දුක උරුමයි මාතලන්. ගම්වල මිනිස්සුන්ට චන්ද අයිතිය තියනකන් මේ තත්වය වෙනස් වෙන්නේ නෑ .
    මගේ අත්දැකිමේ හැටියට බොහෝ දෙනෙක් චන්දෙ දෙන්නේ තමන් කැමති පක්ෂය දිනවන්න තියන ආසාවට මිසක් ඒ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති බලල වත් තමන්ට මොකුත් වැඩක් කරගන්න වත් නෙවෙයි. උන්ගේ සරල චුන් එක වෙනුවෙන් යමක් කමක් තේරෙන උන් දුක් විදින්න ඕනේ ඒ මදිවට උන්ට සේවය කරන්නත් ඕනේ.
    මගෙනම් හැගීම මේ රටේ ඉපදෙන්නේ පවුකාර කමට .

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න නරකයි. 77 දී මෙන්ම 94 දිත් මිනිස්සු වෙනස් උනා...

      Delete
  15. මූලිකව රටේ පාලකයා ආදර්ශමත් වෙන්න ඕනේ.එවිට බොහෝදේවල් යහපත් වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මහා ධර්මපාල ජාතකය මතක් වෙනවා මට.

      Delete
    2. ඇත්ත කියලා කියනවා හැර වෙන මොනවා කියන්නද. අර දනිස්සට නොමිනේෂන් නුදුන්න එක ගැනවත් සතුටු වෙමු.

      Delete
    3. නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. උන්ට ඡන්දය දෙන ගොන් හරක්ට කෙළවෙන්න ඕන.

      Delete
    4. දනිස්සට නොමිනේශන් නොදුන්න නෙවේ, නොකර බැරිකමට නොදී ඒකෙ වාඩුව යන්න ඒකගේ සහෝදරියකගෙ පුතෙකුට නොමිනේශන් දීලා, හරියට ඉස්සර බර්ටියා පලාත්සභා යනකොට පුතාට පාලිමන්ට් ටිකට් දුන්න වගේ. උඹලට තේරෙනවනෙ මොකද වෙලා තියෙන්නෙ කියල. ඒ කියන්නෙ අන්තිමෙ ආයි ඌ හිටියා වගේමයි.

      -ප. ගෝ.

      Delete
  16. කියවන්නෙක් පමණිJuly 27, 2013 at 9:54 PM

    //එම ප්‍රදේශයේම, තවත් තේ වත්තක සේවය කරනා, මගේ මිතුරකු පැවසුයේ, දැරණියගල පමණක් නොව, මුළු කෑගලු දිස්ත්‍රික්කයම එකම පාතාලයක් බවයි. //
    මෙම ප්‍රදේශයේ හිතුවක්කාර පාලනයක් ඉතාමත් පැහැදිලිව ක්‍රියාත්මක වේ. කොළම නුවර පාරේ ඇති අසීරැම ස්ථානය වන කෑගල්ල නගරයේ විකල්ප මාර්ගයේ වැඩ අවසන්වීමට තිබුනේ 2009ය. නමුත් පළාත් ප්‍රභලයාගේ ඉඩමක් නිසා මේවනතුරැත් එය නිමකිරීමට හැකිවී නැත. ප්‍රධාන මාර්ගය අඩි 40ක් පුලුල් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සලකුණු කරත් නැවත පළාත් සභාව එය අඩි 33 දක්වා අඩුකරමින් සලකුණු කරයි. මෙම හිතුවක්කාර වැඩ නිසා කෑගල්ල කලුගල්ල මාවතේ එක්වරක් කඩ කඩා හැදීමෙන් පසු නැවත කඩාදමන ලදී. ඉතාම මෑතක් වන තුරැ කිසිම සංවර්ධනයක් සිදු‍නොවු ප්‍රදේශයක් කෑගල්ල. බැසිල් ඇවිත් කියනතුරැ රඹුක්කන පින්නවල කියන්නේ මහඇමතිගේ ගම වුනත් පින්නවල අලිඅනාතාගාරයට යන පාර කාපට් කරගන්න බැරිවුණා. පින්වල අලිඅනාතාගාරයට සමගාමීව සත්තු වත්තක් ඉදිකිරීමද ප්‍රමාද වන්නේ වැලි ලොරියේ සිට කප්පම් ගෙවීමට සිදුව ඇති නිසාය.
    මෑතකදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට ප්‍රාදේශීය දේශපාලඥයෙකු පහරදුන් අතර ඒ පිළිබද ක්‍රියාත්මක වු පොලිස් නිලධාරියා මේවන විට දඩුවම්මාරැ ලබා පොලිස් මුලස්ථානයේ ආපනශාලාවේ සේවය කරයි.
    හොද කොලිකුට්ටු කැනක් ඉදවගෙන පාන්දර 4ට විතර අරලියගස් තියෙන මන්දිරේ පැත්තේ නිතර යන නිසා දකුණු ආසියාවේ ප්‍රමුක කෝටිපතියෙක් වුණ මෙයාට ගැටළුවක් නැති බව නම් කියන්න ඕන.
    මොනදේ වුනත් කෑගල්ලේ සිවිල් ජන ජීවිතයට හානියක් වන පාතාලක් හෝ ව්‍යාපාරවලින් කප්පම් ගැනීම් ආදිය නැති බව නම් කියන්නම ඕන

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව පරස්පරයි සහෝ.. එක තැනක කියනවා වැලි ලොරියෙන් හිටන් කප්පම් ගන්නවා කියලා. තව තැනක කියනවා ව්‍යාපාර වලින් කප්පම් ගන්නේ නෑ කියලා. ඔය පාරේ ප්‍රශ්ණය මම දැන ගෙන උන්නා. ඒත් මෙතනට අදාල නැති නිසා දැම්මෙ නෑ. කොහොම හරි තදබල වාහන තදබදයක් සහිත ටවුමක් තමයි කෑගල්ල.

      Delete
    2. කියවන්නෙක් පමණිJuly 28, 2013 at 10:04 PM

      සාමාන්‍ය මිනිහෙකුට කරදරයක් නැතිව කඩයක් වුනත් කරගෙන යන්න පුලුවන්. මම දන්න තරමට සමහර තැන්වල දවසගානේ එකඑකාට කප්පම් ගෙවන්න ඕන. එහෙම එකක් කැගල්ලේ නෑ. ඉදිකිරීම් හා අලුත් ව්‍යාපෘති වලින් තමයි ගසාකෑම සිදුවන්නේ. සමහර හිංදි පිල්ම් වල ඉන්නේ රේද්ද පොරවගෙන ඇට මාල දාගෙන සිල්වන්තයින් වගේ පෙනි සිටින මජර දේශපාලකයො අන්න ඒ වගේ තමයි මෙයත්.

      Delete
  17. මොනවද බන් ලංකාවේ වෙන්නේ අපි මෙහෙ දුක් විඳලා පනම් හතරක් ඉතුරු කරගෙන තව අවරුදු තුන හතරකින් ලංකාවට එන්න හදනකොට , ලංකාවක් තියෙයිද ????

    ReplyDelete
    Replies
    1. රට ගිහින් මෙහේ එන උන් නම් මෝඩයෝ. එයින් එකෙක් තමයි මමත්..

      Delete
  18. එස් ටී එෆ් එක තමා පාතාලය මඩින්න ඉන්න එකම ටීම් එක

    ReplyDelete
    Replies
    1. ඇයි කොල්ලෝ එතකොට සාරඥාණ ටීම් එක. එස්ටීඑෆ් එකටයි සාරඥාණ ටීම් එකටයි දෙකටම පඩි ගෙවන්නේ එකම තැනකින්නේ.

      Delete
    2. අද වෙනකන් නම් නම කැත කරගෙන නෑ..

      Delete
  19. මේ සතියෙ රිවිරෙ විතරක් නෙවි මාතලන්, ගිය සතියෙත් පිටුවක් පුරා දාලා තිබුනා ඔය සිද්ධිය. ගිය සතියෙ දාලා තිබුනෙ ඒ පැත්තෙ හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට විඳින්න උනු කරදර ගැන. පොලිසියට ගියාම පැමිණිලි භාරනොගෙන බැනල එළවගන්නවා. 119 ට කතාකරාමත් නැවත කතාකරපු මනුස්සය පාතාලයොන්ගෙ ප්‍රහාරයට ලක්වෙනවා. පම්පෝරි ගහපු පොලිස්පතිගෙ ඍජු අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක උනු තැන්වලිනුත් මිනිස්සුන්ට සේවය වෙලා තියෙන්නෙ එහෙම. මිනිස්සුන්ගෙන් බලෙන් වැඩ ගන්නවා, තමන්ගෙ වත්තෙ තියෙන වටින ගස් කපන් යන්නෙ ඇයි කියල තමන්ට අහන්න බෑ. උන්ට විරුද්ධව ගියපු මිනිස්සු ප්‍රසිද්ධියෙ ගහල මරනවා. වැඩිවිය පත්වෙන්නත් කලින්ම ගැහැණු ළමයින් දූෂණය කරනවා. හිතෙන ගෑනියෙක් ළඟ වාහනය නවත්තල නැගපන් ඇතුලට කියන්න තරම් බලයක් උන්ට තිබිලා. කොටින්ම ඒක උන්ටම ගියපු වහල් රාජ්‍යයක්. ඔව්, වතු අධිකාරීවරයා මරපු හැටි විස්තරය කියවද්දි මාව වෙව්ලුවා. මේ ලංකාවෙ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද. මහ සහ ගහන අපරාධ. ඕවට උදව්කරපු එවුන් ලක්ෂෙට කොඩිය දාන් අද බැබලි බැබලි හිටියට උපදින ආත්මයක් ආත්මයක් පාසා වන්දි ගෙවාවි. කාලකණ්නි.

    ReplyDelete
    Replies
    1. ආත්මවල පටිසන් දීලා වැඩක් නෑ බන්. ඒ බයිලා කෙසේ වෙතත් මේ ආත්මෙම නිවන් නම් ගිහින් ඉන්නේ. අපි තමයි පත්තු කරන් ඉන්නේ..

      Delete
  20. නීතියෙන් මේ අපරාධ වලට දඬුවම් නැත්නම්, ස්වාභාවධර්මය විසින් හෝ දිනෙක දඬුවම් දෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාත් පිලිගන්නවා...

      Delete
  21. මාතලන් කියන තිරිසන්නු ටික මෙල්ල කරන්න දැන් ටිකක් අමාරුයි.මිනිස්සුගේ හදවත් තුල කරුණාව තියෙ නම් මෙහෙම දේවල් වෙන්නේ නැ.අපටවත් නොතෙරෙන ආකල්පයන් ගැන අපි කථා කරනවා.ඒත් හැමෝටම තේරෙන සාරධර්ම බල්ලට දලා කථා කරනවා.ඉතිං කොහොමද තවත් මිනිසෙක් ගේ ගැහෙන හදවත හඳුනා ගන්නේ.රෙද්ද හැට්ටේ සහ සරම බැනියම අමතක කරා වගේ නෙමෙයි, ඒ ගෙනාපු සිරිත් විරිත් ටික අමතක කර නිසා වෙච්ච වෙන්න තියෙන නැස්පැත්තිය සුළුපටු නැ මාතලන් ගොයියෝ...

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ ඔය රෙද්ද හැට්ට අඳින උන් තමයි මේ ඔක්කෝම කරන්නේ.. මම කියන්නේ ඒ පන්තිය...

      Delete
  22. ඉස්සර මිනිස්සු නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියල කිව්වෙ කට කහනවට නෙවෙයි. දේශපාලනය පාතාලය මතත් පාතාලය දේශපාලනය මතත් රැ‍ෙඳෙන කලාව එයයි.

    ReplyDelete
    Replies
    1. ඔය දේශපාලන අප්පා - පුතාගෙන් මහ එක්කෙනා මීට කාලෙකට කලින් රැඳවුම් කඳවුරක සිදුවෙච්චි ඝාතන වගයකටත් එතන මැරයො වගයක් මෙහෙයෙව්වය කියල චෝදනාවට ලක්වුනා නේද. සිද්ධිය නම් මට හරියට මතක නෑ, ඒත් මිනිහ ඒ චෝදනාවලින් බේරුනා වගේ මතකයක් නම් තියෙනවා.

      Delete
    2. ඒ කාළේ මිනිස්සු ඕවා කියලා තියෙන්නේ කට කහනවට නොවෙයිනේ.. මේක නම් දැන් මිහිපිට අපායක්..

      Delete
  23. තව මාස දෙකෙන් ඕකුන්ටත් ඇප හම්බවේවි.කහවත්තෙ උනුත් නිදහස්නෙ දැන්

    ReplyDelete
    Replies
    1. ඇප දුන්නට අවුලක් නෑ. හැබයි වෙපන්ස් පෙන්නන්න එක්ක යනවනම් විතරක්...

      Delete
  24. මේ රටේ වෙන දේවල් ගැන කතා කරලා පලක් නෑ. මේ කනින් අහලා මේ කනින් පිට කරනවා. ආයෙත් තවත් මේවගේ දෙයක් වුනොත් ආයෙත් වෙනද වගේම අල්ලනවා, ඇප දෙනවා. ඔහොම තමයි. මුන්ට මරණ දඬුවම දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මරණ දඬුවම් දෙන්න සාක්කි එපාය. දනිස්සගෙ කේස් එකේ මුල් සාක්කියට වෙච්ච දේ දැක්කනේ..

      Delete
  25. ඉස්සෙල්ලාම මාතලන්ට ස්තූතියි මේ ගැන ලිව්වාට.

    දිවයින ලිපියේ මෙන්න මේ කොටසේ, නියම ඛේදවාචකය ලියවිලා තියනවා:

    //දැන් දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා හමාරය. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවේය. පෙනෙනා හැටියට සියල්ල යහපත්ය. පිටින් පෙනෙන ලෙසට නම් මේ බිහිසුණු අපරාධවල කාටත් පෙනෙන සාධකය අතකොටාය. ඔහුගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන කුඩුකාරයෙක්‌ වූ අමිලය. අතකොටාගේ සහෝදරයෙක්‌ වූ කරාටි ශාන්තය. කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා, වැනි ඌ වටේ ඉ`දුල්කමින් සිටිනා ඔවුන් සහිත අතකොටාගේ තිරිසන් කල්ලියය.

    එහෙත් මේ තුට්‌ටු දෙකේ නූගත් මැරයින්ව හසුරුවන ප්‍රබල දේශපාලන අමනුෂ්‍යයින් ගැන මේ මොහොත වනවිටත් රට කතා කරන්නේ නැතිවීම අපව තිගස්‌වන්නේය. තවමත් කතා කරන්නේ ප්‍රශ්නයේ උඩ පොත්තේ ගැන වීම අපව බියෙන් අළලන්නේය. මේ රටේ හැටියට හෙට වනවිට අතකොටා ආයුධ පෙන්වන්නට ගොස්‌ මිය යන සම්භාවිතාවක්‌ තිබෙන්නේය. එවිට සමාජයට ත්‍රිල් උපදින්නේය. සියල්ල හරි යෑයි සිතා හුරේ දමන්නට එකතු වන්නේය. එහෙත් මේ කාලකණ්‌ණි යාන්ත්‍රණය නිර්මාණය කරන අලඡ්ජී දේශපාලනය වෙනදා පමණටම බලසම්පන්නය. අතකොටාලා අමිලලා හරහා මේ දේශපාලකයින් ක්‍රියාත්මක කළ ජඩකම් පවත්වාගන්නට ඉදිරියේදී ඇප පිට නිදහස්‌ව එන මැරයින්ගෙන් එකෙක්‌ හෝ දෙන්නෙක්‌ සූදානම් කර ගැනීම අපහසු නැත. දැරණියගල මාරුකර හළ පොලිස්‌ නිලධාරීන් වෙනුවට තවත් පිරිසක්‌ පැමිණ තිබේ. ඔවුන්ටත් වැඩ කරන්න වෙන්නේත් මේ තැනී ඇති රාමුව තුළය.

    අපට පෙනෙන්නේ කිසි දෙයක්‌ වෙනස්‌ වී නැති බවය. එය තේරුම් ගන්නට දැරණියගලට පැමිණ මේ නුරියවත්තෙන් ඇසෙන අමානුෂිකත්වයේ යථාර්ථයට ඇහුම්කන් දිය යුතුය. ඒ ඇහෙන්නේ නුරිය වත්තේ ඛේදවාචකය නම් හිත හදා ගත හැකිය. ඒත් මේ කියන්නේ මගේ රට ගැන වන කතාවය. දරාගත නොහැකි වේදනාව එයය.//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මමත් හැමදාම කිව්වේ ඔය කතාව තමයි. බොහෝ දෙනෙක් මම මර්වින් සිල්වා සුද්ද කරනවා කියනවා. ඒත් මම කිව්වේ හැමෝම මර්වින් සිල්වලා කියන් එකයි. එකම් දේ මර්වින් ප්‍රසිද්ධියේ කියලා කරනවා. අනිත් උන් මහත්තුරු වගේ ඉඳගෙන මර්වින්ටත් අන්ත වැඩ කරනවා. බලාගෙන ගියාම මර්වින් හොඳයිනේ. කැළණියේ මෙහෙම තත්වයක් නෑ..

      අනික මුළු රටේම තත්වයත් ඕක බව මම නිතරම කියනවා. යුද්ධය දිණුවට. ඉකොනොමි එක හදන්නවත්, රට හදන්නවත් මිනිස්සු ලොක්කට් නෑ. කොළඹ පැරිස් කරා කියලා රට හැදෙන්නේ නෑ. ඒවා නරකයි කියනවා නෙමෙයි මේ. නමුත් ආරක්ෂක ළේඛම් තුමාට මේ රටට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්.

      Delete
  26. අතකොටා ගැන කවුරුවත් ලියුවේ නෑම කියුවාට මා කෙටි හැඳින්වීමක් නම් කළා. දෑත සවිමත් කිරීමේ කල්ලීයේ යාවජීව සාමාජිකත්වය ලබා සිටින අත කොටාලා නැවත බලයට ගන්න සමත් අපේ මොළ කොටාලා නැතුවාම නොවේ. දිවයින කියනවවා මෙන් අපේ මිනිසුන් බහුතරයක් ප්‍රශ්ණ දෙස උඩින් පල්ලේන් අත ගා බලා විසදුම් සොයයි.

    ReplyDelete
    Replies
    1. මං ඔබේ ලිපියත් බැලුවා. බොහොම හොඳයි, කෙටි හැඳින්වීම් නෙමෙයි, රිදෙන්න ලියන්න ඕනෙ. මොකද කුරුවල් වෙලා තියන අපේ හුදී ජනයාගේ මොල වලට දැනෙන්නෙ එතකොටයි. ඒත් කාන්තාවන් යනු, සූකිරි, ලොසින්ජර ගැන පමනක් කතා කලයුතු කොටසක් ලෙස සිතන සමාජයක, ඔබේ මේ දායකත්වය බොහොම අගේ කරනවා.

      මෙතන තියන ප්‍රශ්නෙ, සාමාන්ය ජනයාගේ පිළිගැනීම, නායකත්වය හොඳයි, ගෝලයො තමයි නරක කියන එකයි. ඒ වගේම හරි හමන් විපක්ෂයක්, ප්‍රති විකල්පයත් නැති වීමයි, එත් එහෙමයි කියා මෙවැනි අපරාධ ගැන අප නිහඩව සිටිය යුතු නෑ.

      කණගාටුව, දයාසිරිලත් යන්නෙ මේ විශම දේශපාලනයේ දෑත සක්තිමත් කරන්න වීමයි

      Delete
    2. බොහෝම ස්තූතියි නිර්මලා. ඒත් කැම්පස් කොල්ලෝ පාරේ සටන් කරද්දි, අනික් උන් කරන්නේ ෆේස්බුක් එකෙයි බ්ලොග් වලයි ලව් කරන එක. ඉස්සර කළාකාරයෝ බුද්ධිමතුන් බිහි උනේ එතනින්. අද එතනින් එන්නේ, මල් කුමාරවරු හා මල් කුමාරියන්. කනගාටුවට කරුණ එයයි. ඔය පාරේ සටන් කරනවට වඩා මේවල කරන්න පුළුවන් දේ විශාලයි.

      Delete
  27. ඉතින් ඔහොම නැති ලංකාවක් කවදා හැදෙනකන්ද බලන් ඉන්නේ, ඉන්නවනං මේවා බලබල (තනියෙන්)බැන බැන හිටපල්ලා, නැත්තං බේබි කෙනෙක්ගේ එල්ලිලා මෙලොව සහ පරලොව (වැරදුනා..පරලොව කෑල්ල නෑ හරිද) සියලු සැප ලඟාකරගනිල්ලා.

    ReplyDelete
    Replies
    1. අපිට නම් අවුලක් නෑ. කොකොම හරි එල්ලිලා ඉන්නවා. මොකා ආවත් එකයි. ඒත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව. ඔය නිහාල් පෙරේරා උනත් එස් ටී ඇෆ් එකට කියලා තියෙන්නේ එයාට වෙන අසාධාරනේ විතර්යි. ඔක්කොම කිව්වා නම්, මිනිහත් බේරෙනවා..

      Delete
  28. මමත් මේ ලිපි සියල්ලම බැලුවා.. දුකින්, ගුජුප්සාවෙන්, තරහින්, කළකිරීමෙන්...
    ලොකු අයියා තමන්ගේ ගෝලබාලයින්ට රටේ ඕනම දෙයක් කරගන්න දීලා - ප්‍රසිද්ධ රැස්වීම් වල කියනවා ජනතාව විනයක් ඇතුව හැදෙන්න ඕනය - අනාගත පරපුර විනයානුකූලව හදන්න ඕනය - සම්පත් පරිහරණය වගකීමක් ඇතුව කරන්න ඕනය කියලා මහා බයිලා ගොඩක්.
    ඒත් ඔය ලංවෙලා ඉන්න එකෙකුටවත් කොන්දක් නෑ ඇයි මහරජාණෙනි මේ වැරදි වලට හරි දඬුවමක් දීලා උන් හදාගන්න බැරි කියලා අහන්න. ඒ වගේම ලොක්කටත් කොන්දක් නෑ එකෙක් දෙන්නෙක් ගෙන්නලා පුකට පයින් දෙකක් ගහලා උන්ව එලවලා දාන්න. අඩුම ගානෙ එතකොටවත් අනිත් එවුන් ඒක දැකලා හැදේවි කියන්න.
    දෙයියො දේවාලෙ පිස්සු කෙළිනකොට කපුවා දේවාලෙ ඇතුලෙ බඩු ගහනවා කියන්නෙ ඕකට. ලොකු ලොක්කො මහ දවාලෙ මිනීමරලත්, අධිකරණය නොමඟ යවලා නිදහසේ බන්නකොට, ප්‍රාදේශීය එවුන් දන්නවා තමුන් මොනවා කළත් තමනුත් ගොඩ කියලා. ඕකයි යථාර්තය. පොලීසියටත් කරන්න දෙයක් නෑ... ලොකු තැනකින් ඕඩර් එක ආවම, නැට්ට පුකේ ගහගෙන අපරාධකාරයො නිදහස් කරලා යවන්න වෙනවා. ඉතිං උන් නෝන්ඩි වෙන බව දන්න නිසාමත්, තමන්ගෙ ජීවිතේ - අනාගතේ බේර ගන්න ඕන නිසාමත්, තමන්ට ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න අමාරු නිසාමත්, යන කාරණා බොහොමයක් නිසා එක්කෝ උන්ට සපෝට් කරනවා, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා..
    අපට කොන්දක් ඇතුව යමක් කරන්න පුළුවන් කම තියෙනවා කියලා හිතුනත්, සමහර වෙලාවට අපටත් කොන්ද නවන්න වෙන අවස්ථා තියෙනවා. නොකර බැරිකමට. මේකයි සත්‍යය... මමත් හිතාගෙන ආවෙ බල්ලෙකුටවත් කොන්ද නවන්නෙ නෑ. කියලා.. නමුත් කොන්ද නැවීම කෙසේ වෙතත්, පොඩි පොඩි Compromise කිරීම්වලට මගේ ප්‍රතිපත්ති වුනත් භාජනය වෙලා තියෙනවා. ඒකයි සත්‍යය..
    නමුත් මෙතන වෙන්නෙ වෙන දෙයක්... මමත් හැමදාම කියනවා වගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනමයි. එකෙක් දෙන්නෙක් එල්ලි එල්ලි ඉන්නකොට ඔය චණ්ඩිකම් ඔක්කොම යට වෙනවා. ඒ වගේම නීතිය කියන දේ හරියට අපක්‍ෂපාතීව ක්‍රියාත්මක වෙන්න ඕන..
    නමුත් අපි මේ කතා කරන්නෙ මේ රටේ ඉදගෙන නෙ... ඉතිං ඔය දෙකම කවදාවත් ඉෂ්ඨ වෙන දෙකක් නොවන බව නම් හොඳටම සහතිකයි. ආණ්ඩු පක්‍ෂයට එරෙහිව පැහැදිලි විකල්පයක් නැති තාක් කල් ආණ්ඩුව දන්නා මොක කළත් තමන්ගේ පැවැත්ම සහතික බව.. ඒ නිසාම විපකෂයට නැගිටින්න දෙන්නෙවත්, අළුත් විපක්‍ෂයක් ඇතිවෙන්නවත් දෙන්නෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. ආන්ඩු පක්ෂෙ වෙනස් කරලා වැඩක් නෑ. මේ සිස්ටම් එකම වෙනස් කරන්න ඕන. දේශපාළනය කියන්නේ ආදායම් මාරගයක් නොව ජනතා සේවයක් කියන තැනට, ඒ කියන්නේ 77 ට පෙර තිබුන ක්‍රමයට ගෙනියන්න ඕන. මහ බැංකුවේ ලොක්කා බයිලා ගහනවා ඒක පුදගල ආදායම ඩොලර් දෙදාහෙයි අරකයි මේකයි කියලා. ඒත් රටේ හැම පුදගලයම ලක්ෂ තුනක් ණයයි. ජනතාවගෙන 40% අන්ත දුප්පත්තු. බිස්නස් එකක් කරන මිනිහට පාඩුවේ එක කරන්න නෑ. රජයේ කප්පරක් බදු වලට අමතරව කප්පමුත් ගෙවන්න ඕන. රට හදන්න ඉන්න මිනිහට ආරක්ෂාවක් නෑ. පාළකයෝ නෙමේ ඉන්නේ මංකොල්ලකාරයෝ පිරිසක්.

      අර කියන්න වගේ එකෙක් දෙන්නෙක් එල්ලුවනම්. කස්ටිය පොඩ්ඩක් හරි බය වෙනවා. අර පුත්තලමේ ගුරුවරිය දන ගස්සපු බල්ලට නොමිනේෂන් නොදුන්න එක නම් ළොකු දෙයක්. තත්වේ බලන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරන එක නේ තියෙන්නේ. නායකයෝ කල්පනා කරන්න ඕන තියෙන ගෞරවය හැමදාම තියාගන්න. නැත්නම් මැරුණයින් පස්සෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනවනම්, කිරිබත් කනවනම්, ලබාගත් ජයග්‍රහණ වලිනුත් ඇති වැඩක් නෑ..

      Delete
    2. නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. ඡන්දය දෙන ගොන් හරක්ට කෙළවෙන්න ඕන. විසෙන් විස නසන්න ඕන.

      Delete
    3. // අර පුත්තලමේ ගුරුවරිය දන ගස්සපු බල්ලට නොමිනේෂන් නොදුන්න එක නම් ළොකු දෙයක්.//

      මම නම් හිතන්නෙ නෑ මාතලන්, උගේ කටවහන්න ඇත්තෙ පොඩ්ඩක් සද්ද නැතුව හිටපන් උඹට හෙමිහිට හම්බකරන් කන්න ක්‍රමයක් සලස්සන්නම් කියල. ඌව ඡන්දෙට දැම්ම නම් අනිත් උන් ඔය සිද්ධියම පට්ට ගහන්න තියාගනියි. මුල ඉඳලම සීන් එක ඇදිල ගියපු හැටියට දැන් ඒක වහන්න ක්‍රමයක් ඇත්තෙත් නෑනේ. තව ටිකකාලයකින් සංස්ථා සභාපතිකමක් හරි මෑන්ට සෙට්කරල දෙයි. ඒක තමයි මේ මජර ක්‍රමයෙ හැටි.

      Delete
    4. ඒක ඇත්ත. ඒ උනාට මෙහෙමවත් නොකල නම්. ජනාධිපති තුමාටයි, ඩෙංගු ඇමතිතුමාටයි රෙදී අඳින්න විදියක් නෑ. එහෙමවත් නොකලනම් සිඳුවන ඩැමේජ් එක වැඩියි. දැන් ඕකෙනුත් ස්කෝර් කරනවා..

      Delete
    5. ඇත්තටම ගැටලුව තියෙන්නේ මේ ක්‍රමයේ. අපි හිතමු ආණ්ඩුව මාරු වුණා කියලා. මේ කියන අයියලා ගිහින් කැත නැතිව එතනට සෙට් වෙලා ආපහු කරගෙන ආපු ටික ඒ විදියටම කරගෙන යනවා. දැන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන මිනිස්සු නෑ. තමන්ගේ බඩ වඩාගැනීමේ දේශපාලනයක් තියෙන්නේ. මම හිතන්නෙත් ලංකාව වගේ පුංචි රටකට අර කලින් තිබ්බ ක්‍රමය හොඳයි. මේ ප්‍රශ්ණය මේකේ එක උදාහරණයක් විතරයි. පළමු එකත් නොවේ අවසන් එකත් නොවේ. මේ සභා කියන මල මගුල් සියල්ල මුලිනුපුටා දාන්න ඕනේ. එතකොට ඔය ගම් වල ඉන්න මෝඩ චූන් කාරයෝ පොරවල් වෙන්නේ නෑ. මම තවමත් දැක්කේ ප්‍රාදේශීය සභාවක හරියට වැඩක් වෙනවා තිස්සමහාරාමේ විතරයි. එක්කෝ එයාලට මේ සියලු ප්‍රාදේශීය සභා නිතරඟෙන් බාර දෙන්න ඕනේ. නැතිනම් මේ වගේ මෝඩ චූන් කාරයෝ බිහි වීම වැළක්විය නොහැකියි.

      Delete
    6. මම හිතන්නේ මම තව තැනකත් උඹ කියන කතාව කිව්වා. අනිවාරයෙන් 77 ට් පෙර යුගයට යා යුතුමයි. දේශපාළණය බඩ රස්සාවක් නොවිය යුතුමයි. සල්ලි හොයන්න දේශපාළණයට එනවා කියන්නේ, ඒක දේශපාළණයක් නොවෙයි. මංකොල්ලයක්..

      Delete
  29. මිනිස්සු එකතු වෙනකම් මුකුත් කරන්න බෑ. ගමේ මිනිසසු ටික එකතු වුනානම් ඔය වගේ සිද්ධි එතනදීම විසදන්න තිබ්බා. තවම මිනිස්සු දන්නේ නෑ මේ හැමදේම වෙනස් කිරීමේ බලය තියෙන්නේ ඔවුන් අතේ කියලා. ප්‍රදේශයේ නීතීය රකින්න. පොලීසියටවත් බැරිනම් එකත් වෙනස් කරන්න. ගමේ මිනිසසුන්ට බලයක් තියෙනවා. හොදම උදාහරණය අඟුලාන සිද්ධිය.

    ReplyDelete
    Replies
    1. අඟුලානේ සමාජයයි, නූරියාවත්තේ සමාජයයි අහසට පොළොව වගේ වෙනස්. නමුත් ඔබ කියන කතාව ඇත්ත. ගොඩාක් පලාත්වල මිනිස්සු අද ඒක ආදර්ෂයට අරගෙන තම ඉල්ලිම් දිනා ගන්නවා. මිනිස්සු දන්නවා ඔවුන්ටත් බලයක් තියෙනවා කියලා. ඒක හොඳ ලක්ෂණයක්.

      Delete
  30. ලංකාවේ උන් කන්න නැතුව මැරෙන උන් නොවුනත්, කන බොන එකේ ගුණය තියනවා. වේලක් කන්න දුන්නොත් චන්දෙ දීල කල ගුණ සලකනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ෆිදෙල් කැස්ත්‍රෝ පවා කිව්වේ. ජනතා සහයක් නැතිව විප්ලව කරන්න බෑ කියලා. බහුතර ජනතාව මහින්ද මහත්තයට කැමතියි. පොඩි උන්ට ඡන්ද බලය තිබුනෝත් ඒ ඔක්කොමත් ලොක්කටම තමයි.. නත්තල් පප්පටත් වඩා ආදරෙයි...

      Delete
  31. නීතියේ කුමන සරණක් ද අයියණ්ඩි, වාස් ලා තප්පුලන හැටි දකිද්දී අනිත් හරක් මඩ නානවා.

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. එස් ටී ඇෆ් ලොක්කා පොරොන්දු වෙලා තියෙන්නේ ආයේ කිසිම එකෙකුට එන්න දෙන්නේ නෑ කියලා..

      Delete
  32. The leaders behind are Mahipala Herath, His son and Siyaambalapitiya, but no one try to give the proper names. they are the people who protected these culprits. Your HE the President Mr. Mahinda Rajapaksa has to take very important decisions about all those including the killers and supporters if he is really going thro the ''Wonder of Asia''. then we all are with the HE

    ReplyDelete
  33. මේ ලිපිය කියෙව්වේ දාපු දවසෙමයි ඒත් යමක් ලියන්න වෙලාවක් හදාගන්න බැරි උනා. පෞද්ගලිකව මම නූරි වතු අධිකාරිවරයාව අඳුනනවා ඒ මීට මාසකීපයට කලින් ඔය වත්ත හරියාකාරව පාලනය කරගන්න බැරිව නිහාල් ප්‍රනාන්දු මහතාට අදාල වැවිලි සමාගම බාර දුන්නේ දැඩි වගකීමන්. අපි ඔහුට සැපයුවේ පරිඝනක දැනුම වුවත් ඒ ගැන දැනගන්න ඔහුට උවමනාවක් තිබුනෙ නෑ. ඒත් අපි දැක්ක ඔහුගේ කළමනාකරන හැකියාවනම් ඉහලයි. කලමනාකරන නිපුනයො ඉන්නකොට හොරුන්ට ඉඩ නෑ. ඒත් මේ ගමන හොරු දින්නා.

    ReplyDelete
  34. mr.mathalan, this is the problem with sinhala mass media , they never question the man who is behind all this , never even question him ever, but if u read the daliy mirror today's one on page 9a, they have put a very detialed report on this and has publically put maheepala and his son kanaka's names. they have even had the strength to question maheepala on this and as usual he has told that he was out of the country and has never know athakota,, sinhala mass media are made out of spineless cowards who lick politicials asses but english ones are some what better compared to them...........

    ReplyDelete
  35. මෙවැනි පව්කාර දේශයක්.......

    ReplyDelete
  36. මේ මනුස්සයා ඝාතනය කරපු ආකාරයෙන් කියවෙන්නේ කිසිම නීතියක් යුක්තියක් එම ප්‍රදේශයේ තිබිලා නෑ කියලා . හරියට මේක වෙනම රාජ්ජයක් වගේ. ඉතිං මුගෙයි ප්‍රභාකරන්ගෙයි වෙනසක් නෑ. හැබැයි අපේ රටේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ. මුන්ට දැන්වත් නීතියෙන් දඩුවම් ලැබුන එක හොදයි. හැබැයි මම කාලයක් ඉදං කියන දෙයක් තමා ලංකාවට ගොඩ ඒමක් නැත්තේ ලංකාවේ ඉන්න මිනිස්සු හින්දමයි. ගොඩක් උන් බනින්නේ දේශපාලුවන්ට. මමනං බනින්නේ මිනිස්සුන්ට. ඇයි බං කොච්චර අමන වැඩ කරත් උන්ටම කතිරේ ගහනවනේ. මොන පක්ෂෙන් හරි කමක් නෑ අමන රැලක් නැතුව හරි හමන් එකෙකුට කතිරේ ගහපිය. දැන් කියයි එහෙම උන් නෑ කියලා. ඇයි යකෝ අමන වැඩ කරලා චාටර් නොවුන ඕන එකෙකුට චන්දෙ දීපල්ලකෝ. ඌ අලුත්ද අත්දැකීම් නැද්ද කියලා වැඩක් නෑනේ. ඒත් අපේ උන් එහෙම නෑ, හරියට අර බිල එන මිනිහගෙන් ගුටිකන ගෑණි වගේ. කොච්චර ගුටි කෑවත් ඌ හොඳයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න