.

.

Aug 28, 2013

සාහිත්‍ය මාසයට කියවන්න පොත් - Books to read



 අම්මට සිරි ලංකාවේ පොත් කාරයන්ට, නොම්මර එකේ මාසයක් තමයි ලබන මාසේ. ඒ කියන්නේ සැත්තම්බර් මාසේ. කොටින්ම කියනවනම්, සාහිත්‍ය මාසේ, "සාහිත්තේ කන්නද ඕයි...? " කියලා අහපු එකාත්, අද තියෙන ෆැස්ටිවල් එක දැක්කා නම්, මම කිව්වේ හෙන ගහන කතාවක්නේ ඕයි කියලා බොහෝම දුක් වෙයි. මොකෝ මේ බුක් ෆෙස්ටිවල් එකේ පොත් කියවනවට වඩා ඉන්නේ කන බොන උන් කියලා දැක්කම.

මේ පොත් කාරයන්ගේ මාසේ ඉහලින්ම සමරණ කෙනෙක්, අපේ කතන්දර උන්නෑහේ. එයා පොත් හොයාගෙන පොත් සල්පිල පීරී ගාන පොටෝ හිටන් දානවා. ඉතින් එහෙම එන කතාට කියවන්න හොඳ පොත් ටිකක් මම ගිය අවුරුද්දේ ලිව්වා. ඒ පොත් බොහොම ජනප්‍රියත් උනා. මේ සැරෙත් සාහිත්‍ය මාසෙටත් කලින්, කතන්දර ශූරින්, "එපා" කියපු කයි කතන්දරයකින්ම වැඩේ පටන් අරන්. මමත් හිතුවා කියවන්න හොඳ පොත් ටිකක්, මගේ හිත මිතුරන්ටත් දැනගන්න එක්කලා පෝස්ට් එකක් දාන්න. බලන්න මෙතන මට මග හැරුණු පොත් එහෙම තියෙනවද කියලා...
  • "මම ගහන්නේ කොලිටි බඩු" - කළුතර වල්ගම ශූරීන් - වැඩිහිටියන්ට පමණයි
  • "තාත්තා දිවි නහ ගත්තා" - හිරුනිකර් චන්ද්‍රප්‍රේම - "නව" කතාවක් 
  • "කුඩු නැති ළොව" - අ. මතක සිල්වා - ත්‍රාසජනක කතාවක්
  •  "සමරමු, ළමා අපචාර" - සාරුව සුනිල් - වැඩිහිටියන්ට පමණයි
  • "Sexual Harassment" - Athugalpura Ammata Siri - For Adults Only
  •  "සමුගන්නේ නෑ, මම යන්නේ නෑ" - ඇතුගල්පුර අම්මට සිරි - සින්දු පොතක්
  • "ක්ෂණික දෝශාභීයෝග" - ඇතුගල්පුර ප්‍රියදර්ෂණ - නීතී පොතක්
  •  "ඒ මුදල් මගේ නෙමේ" - බරාණී සින්ඩාරනායක - ප්‍රබන්ධ කතාවක්
  •  "ඒ ගලක් නෙමෙයි" - ඇතුගල්පුර අම්මට සිරි - නාවුක අත් පොතක්
  • "පිරිමි කටහඬ" - රන්ජන් රමණ යකා - හඬ පාළණය පිලිබඳ අත් පොතක් 
  • "පක්ෂ සීයක මළගම" - රනිල් විකුම් සිහ - ත්‍රාසය හා භීතිය පිරි කෘතියක්
  • "ලිබරල් ව්‍යවස්ථාව හා පාජාව" - රනිල් විකුම් සිහ - විහිළු තහළු පිරි පොතක්
  • "ඇයි උඹ යන්නේ දයා" - කුමර පෙම්දස් - ළමා කෘතියක්
  • "සති පූජා" -බෝවත්තේ ඉන්ද රතන - දිවි නසා ගැනීම ගැන අත් පොතක්
  • "අඩෝ..! තොගේ අම්මට හා බුදු හාමුදුරුවෝ" - පූජ්‍ය නානසාර හිමි - අද යුගයට බුද්ධාගම
  • "රහමෙර හා රථ ධාවනය" - පූජ්‍ය නානසාර හිමි - රථ ධාවනය හා මත්පැන් පානය, ධර්මෙන් කිරීමේ පොතක්
  • "කුකුලන් පාළණය" - අතිපූජ්‍ය පැත්තා ඊනේ හිමි - කුකුළු පාළණය පිළිබඳ අත් පොතක්
  • "අල්ලා, ගනිල්ලා, ගෝනී බිල්ලා" - අන්වර් මනතුංග හජ්ජියාර්
  • "අපි නොදන්න බුද්ධාගම" - අන්වර් මනතුංග හජ්ජියාර්
  • "මෙගා වොට්, ගිගා වොට්" - රුවන්පුර පවිත්‍රා දේවී - විදුලි බලය පිළිබඳ ඔබ නොදත් බොහෝ දේ අඩංගු පොතකි
  • "නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව" - මාදුළුවාවේ සෝභිත හිමි - කෙටි රස කතාවක්
  • "රිසානා මරන්නේ නෑ" - ඩිලාන් පෙරේරා - රහස් පරීක්ෂක කතාවක්
  • "මගේ ප්‍රංශ චාරිකා" - පුත්තලම් අරුන්දික - සංචාරක සටහන්
  • "පුත්තලම් දනිස්සා" - ආනන්ද සරත් කුමාර - ගුරු උපහාර පොතක්
  • "වාටි ලිහිල්ල" - ජෝසප් ස්ටාලින් - ගුරු අත් පොතක්
  • "තේ වතු පාළනය" - නූරී වත්තේ අත කොටා සමඟ සපරගමුවේ හෙමීපාල මාරත්- තේ කර්මාන්තය පිළිබඳ විශ්වකොෂයකි
  • "මහා සැමරුම" - පුලතිසිපුර සිරිසේන - 20 වසරක සාපය පිළිබඳ විචාර ග්‍රන්ථයකි
  • "මගේ පුතා රත්තරන්" - පුලතිසිපුර සිරිසේන - ළමා පොතක්
  • "ප්‍රමිථි පුතුන්" - දඹුල්ලේ තෙන්නකෝන් - ළමා පොතක්
  • "මගේ පුතාට සනීපයි" - කැළණියේ සිල්වා - ළමා පොතක්
  • "කප්පම් හා මිනිස් ඝාතන" - D.I.G. වාස් සූරින් - අපරාධ සාර සංග්‍රහය
  • "රතු පස් වල ලේ" - කිරිඳිවැල ජනතා ප්‍රකාෂණයකි - කවි පොතක්
  • "තුන් වන පාර්ෂවය" - බදුල්ලේ හෙළු පාල - ප්‍රජාචන්ත්‍රවාදය පිළිබඳ අත් පොතක්
  • "බටහිර කුමන්ත්‍රණ" - මහාචාර්ය පංචායුධ - වීර කතාවක්
  • "13 හා මගේ මචං" - වාම වාසී මහින්ද දේව - බලය බෙදා හැරීම ගැන ලියැවුනු නිබන්ධනයක්
  • "පරිසරය හා බෝ ගස් කැපීම" - උදය ගොන්චූන් පිළ - පරිසර පොතක්
  • "පිල්ලේ එන්න, මල් පිපිදැයි බලන්න" - මාතර පොලොස් කොට්ටෝරුවා - ළමා කවි පොතක්
  • "කොටස් නිකුතුව හා ඉල්ලන් කෑම" - වික්ටර් අයිවන් - රාවය ප්‍රකාෂණයකි
  • "ළොව හොඳම ආර්ථිකය" - කුජීත කබරාල - මහ බැංකු ප්‍රකාශණයකි
  • "ෆුල් කචල් නොරොච්චෝල්" - චම්පක පාඨලී - බලශක්ති විජ්ජා පොතක්
  • "20% මදි" - බාසුල් යුව රජ - ආර්ථික විජ්ජා පොතක්
  • "සංචාරක ව්‍යාපාරය වර්ධණය කරන්නේ කෙසේද" - සම්පත් චන්ද්‍ර පුෂ්ප - තංගල්ල නඟර සභාවේ ප්‍රකාෂණයක් 
  • " DCD වහ නෙමෙයි" - ෆොන්ටෙරා සමාගම දිනපතා නොමිලේ බෙදා හරින ප්‍රකාෂණයක්
  • "අපේ කොළඹ වරාය" - චූ දා යාං - චීන චිත්‍රපට කතාවක්
  • "මං කැමතියි, ඔයා කැමතිනම්" - ආචාර්ට මර්වින් සිල්වා - ආදර කතාවක්
  • "පෝරුවේ බඳිමුද..? ගහේ බඳිමුද..?" - නවී පිල්ලේ - මානව හිමිකම් වාර්ථාවේ අතුරු වාර්ථාව
මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත
  • "මම එකාධිපතියෙක්ය හාන්දුරුවනේ..?"
  •  "ප්‍රජාචන්ත්‍රවාදයේ මහ ගෙදර නොහොත් බෙලරුසියාව"
  • "ළොව බලවත්ම රාජ්‍යය - ස්වාසීලන්තය"
  • "ආසියාවේ ආශ්චර්ය"
  •  "අලි මෙල්ල කිරීමේ මන්තර"
  •  "පෝ දින ධර්ම දේශණා"
  •  "දරුවන් වඩාගන්නේ කෙසේද"
  •  "රංඟනය හා මුහුණේ ඉරියව් වෙනස් කිරීම"
හා සෑම විෂයයක් යටතේම නිකුත් කර ඇති, "කොමිසන් වාර්ථා පොත්"  රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේම ලබා ගත හැක.

163 comments:

  1. උඹ ආපහු අපු එක ලොකු දෙයක්.. බලහන් කේස් ගොඩක් තියනවා ....පොත් ගැන නම් කියවන්න වැඩි බන් ඔච්චෙර

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් හරි කියවහන්.. බොහෝම වටින පොත්...

      Delete
  2. අතිශයින්ම නිර්මාණාත්මකයි ලොක්කා!
    කියන්න වචන නෑ!

                                         දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් නොකිය හිටහන්කෝ.. ඇඩ් දානවනම් ඇඩ් දාන්න, බයිලා වැඩක් නෑනෙ මල්ලි

      Delete
    2. මට කිසිවක් මතක නෑ! අංක දෙක
      මට දැන් සනීපයි - කොළොන්නාවගේ දුමින්ද - හිරු පොත් ප්‍රකාසකයෝ

      Delete
    3. මාතලං පප්පේ,
      “ දූලාගේ අඩවියේ බූලා™ “ ඒකත් මරු පොතක්. මාත් මේ බල බලා හිටියේ මූ කාටද පොත දාන්නේ කියලා.
      - කා(Ka)

      Delete
    4. එහෙනම් එච්චරයි....

      Delete
  3. අපෝ ....පොත් කන්දරාව. මෙයා අවුරුද්දක් තිස්සෙ සාහිත්‍ය මාසෙට පොත් ලිස්ට් එක හදලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මේක මතකෙට ආවේ කතාගේ කයිය දැකලා... ගොඩක් මිස් උනා.. සැරින් සැරේ එකතු කරපුවත් තියෙනවා.. කොමෙන්ට්ස් බලලා...

      Delete
  4. ෂා ..මරු පොත් ටික ...

    ReplyDelete
    Replies
    1. කෝ බං උබේ ඩමිය

      Delete
    2. ඌ එන්නේ සෙනසුරාදා දවස්වල හවසට විතරයි නේද ?

      මම ඌට මතුරපු පිල්ලියක් යැව්වා හි..හික්.. දැන් හරි.

      Delete
    3. කොහොම හරි කියවන්න වෙයිද දන්නේ නෑ. දැන් අළුත් පොත් ගොඩාක් ඒවී පිල්ලේ ගියයින් පස්සේ...

      Delete
  5. රෙදි නැහැ ඕයි... !!

    සාහිත්‍ය රසේ උතුරන පොත්..

    ReplyDelete
    Replies
    1. රෙදි නැත්නම් උබ උපන් ඇඳුමෙන්ද ඉන්නේ. සයිස් එක කීයද කියහං. මමවත් උබට මොනවාහරි එවන්නම්.
      -කා(Ka)

      Delete
    2. ෆොන්සේකාගේ පොත අමතක උනා..

      "ගිනි සිළුව හා මගෙ හෙළුව"

      Delete
  6. හරිම මහන්සියක් අරගෙන තියෙනවා වගේ පොත් ටික හොයා ගන්න.. :ඩී

    ReplyDelete
  7. "මම ගහන්නේ කොලිටි බඩු" "සමරමු, ළමා අපචාර" "Sexual Harassment" තමා වැඩිම අලෙවිය සහිත පොත් ටික :D

    ReplyDelete
  8. “ කිරි නැතිව හාමතේ “
    “පිල්ලියක් වූ පිල්ලේ“
    “බලු මඟුලක් හරියට කරන හැටි“
    “සිවුරු හොරාගේ වික්‍රමය“
    “ වරාය සහ ජනකාය අංක එක“
    “වතුර බිඳක් කරපු දෙයක් “

    කතෘවරු ලියන්න කම්මැලි...

    ReplyDelete
    Replies
    1. 1 & 2 මල් වීරවහන්ස

      3 ටිකිරි බන්ඩාර සංගිස්කුරුත

      4 හර්ෂ බලවර්ධන

      5. බන්ධු අප්‍රිය

      6. බ්‍රිගේඩියර් දේෂ අප්‍රිය

      Delete
    2. වැඩේ කම්ප්ලීට් නේ සොසි.. සිංහයා ඉතුරු වැඩේ කරලා තියෙන්නේ... පොත් ටිකත් මරු.. කතෘවරුත් මරු....

      Delete
  9. "මම දැන් බොන්නේ මගේම කිරි" - ෆොන්ටරෝසි සේනානායක - ස්වයං චරිතාපදානයක්

    ReplyDelete
    Replies
    1. දැන් එයාගේ කිරි බොන්නේ කවුද දන්නේ නෑ නේ...

      Delete
    2. එක්ස්ෆයර් වෙච්ච නාකි කිරි බීලා මැරෙයිද බං මිනිස්සු ඇන්කර් තියෙද්දි

      Delete
    3. කිරි ගැන කියුවාම තිසර මට මතක් උනේ.

      මාදුටු ඇමරිකන් ෆැන්ටැසිය - අර සොපිරෝ
      අක්කා වෙනුවෙන් මම පපුව දෙමි - උදිත@ඇමරිකා
      ෆොන්ටෙරා රැක ගැනුම - අක්කා මලෝ සමූහ ප්‍රකාශන.

      Delete
    4. ඔව් මචං ඇනෝ. එදා අක්කා හදිසියේ කෝල් එකක් දීලද දන්නේ නෑ අර අහවල් පෝස්ට් එකට සෙට් කළේ. ආයෙනම් කොහෙවත් දකින්න හම්බඋනේ නෑ. අපරාදේ, අර අපූරුවට හිටිය කොළු නාම්බව මේ අක්කා චාටර් කළා.
      පොත් ගාන වැඩි වෙන එකක් නෑ. ඒ නිසා මගෙනුත් පොතක් දාගනිංකෝ
      "බ්‍රැටිස්ටාගේ නීතිය සහ එකීය පුද්ගලයා"

      Delete
  10. මට නම් ඉතිං වැඩිහියන්ගෙ පොත්ම තමයි අල්ලල යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ, මාතලං පප්පා, වෙද පප්පා වාගේ අය දාන පොත් වෙන්න ඇතිනේ. කසමු කසමු.
      -කා(Ka)

      Delete
    2. නැතුව නැතුව කෙන්ජි වෙන මොන පොත් ද නේද?? පොතක් ඇනෝටත් දෙමු නෙහ්..

      Delete
    3. වෙද මහත්තයට කියන්න මේ -කා(Ka) කියන්නෙ,මගෙන් කාල මගෙන්ම ඉගෙනගත්ත කොල්ලෙක්.හරි හුරුබුහුටි එකා.

      Delete
    4. කා උබත් කෙන්ජිගෙන් කාලා තියෙනවද? ඇත්තද බං මේ කෙන්ජි මාමා කියන කතාව‍. ඒ නිසා වෙන්න ඇති උබ //කා// කියලා නම දාගත්තේ.
      හිහි... හිහි...

      Delete
    5. ඉරිසියා නැතුව හිටහං ඇනෝ. කාලෙකින් මගේ පිට කසවා ගන්න එකෙක් සෙට් උනේ. ඔන්න ඔය කසපුවාවේ. මම ගාඩ් පිට ඉන්නේ.
      -කා(Ka)

      Delete
    6. එහෙනම් ඉතින් "කාමසූත්‍රය" තමයි දෙන්න වෙන්නේ... මේකත් හොඳයි... "චෞර රැජිණ"... වික්ටර් අයිවන්ගේ...

      Delete
  11. මේ පොත් සෙට් එක ගන්න කොච්චර ගාණක් යයි ද, අෆ්‍ෆා? කොහොම හරි ගන්න එපෑ ය. මේකට තව එකතු කරන්න ඕනේ අර යුද්ධේ ගැන පොත! කාගෙ ද මන්දා වෝ එක, අර තනියම යුද්ධ කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. කියවන්නෙක් පමණිAugust 28, 2013 at 8:56 PM

      සල්ලි එපා අයියෝ‍‍‍‍‍.... පුංචි කතිරයක් ගහපුවාම අවුරැදු 6 කට නැත්නම් 4කට හරියන්න මේවා නොමිලේ බෙදාහරින්නේ

      Delete
    2. @ කියවන්නෙක් පමණි ++++++

      Delete
    3. මේ ළඟදි මම පොත් කඩේකට ගිය වෙලේක දැක්කා ඔය වෝ පොත Fiction කියන කැටගරියෙ තියෙනවා..

      Delete
    4. එයා විතරයි යුද්ධ කරලා තියෙන්නේ. අනික් උන් මදුරුවෝ මරලා... කැළේට වෙලා..

      Delete
  12. ම්.... ම්.... ම්...... හැබැයි අලුත් කියල කිව්වට මේ ඔක්කොම පෙරලපු පොත් වගේනේ......

    ReplyDelete
    Replies
    1. උඔ මැලේ ගියේ මොන පොත පෙරලලාද බං.
      -කා(Ka)

      Delete
    2. මේ තරම් පොත් කාරයෝ ඉන්න රටක් ළෝකේ කොහේවත් නැතුව ඇති....

      Delete
  13. පොත් ටික ගන්න දෙයක් නැහැනේ බං. අපිට නොමිලේම බේදලා දීලානේ තියේනේ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කියවන්න අමතක වෙච්චි අය වැඩියි වගේ බං

      Delete
  14. මේ පොත් ඇසුරෙන් කෙරුනු ටෙලි නාට්‍ය, මෙගා නාට්‍ය, චිත්‍රපටි ටික ඔක්කොම අපි බලලයි තියෙන්නේ.....ආයි ඔවා සල්ලී දීලා අරගෙන කියවන්න දෙයක් නෑ....

    මොනා උනත් වඩේ පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. මොකක්ද මායියෝ උඔ ලියලා තියෙන්නේ.

      //මොනා උනත් වඩේ පංකාදුයි...//

      මචං මේ වඩේ ගැනද කියන්නේ, නැත්නම් වැඩේ ගැනද කියන්නේ.

      Delete
    2. වඩේ කිව්වේ. මසල වඩේද... පරිප්පු වඩේද.. මේ ඔක්කොම හැබයි පරිප්පු වඩේ වගේ තමයි එකාතකින්...

      Delete
  15. මේවා සල්ලි දීලා ගන්න ඕනැයැ බං... අපිට නොමිලෙම “කියවනව” නේ.... හි හි...
    අපි නං බුක් ෆෙයාර් යන්‌ෙන් මැගී කන්න... හි හි... මතකනේ ගිය පාර...

    ReplyDelete
    Replies
    1. ඒවා ගැනත් මම ලිව්වා.. ඔහේට මතක නැතෙයි...

      Delete
  16. ඔය පොත් වලට විචාර ලියන්න එහෙම කට්ටිය ඉදිරිපත් වෙයි නේද පස්සෙ?

    ReplyDelete
    Replies
    1. මේ අවිචාරවත් සමයේ මොන විචාර සමයංද බං.
      -කා(Ka)

      Delete
    2. ඇයි බං අපි හැමදාම ලියන්නේ මේ මළ විකාර වලට ලියන විචාර නේන්නම්... වෙන මක්කෙයි...

      Delete
  17. මාතලන්ට වෙල්ගම එක්ක තියෙන කොක්ක මොකක්ද? අැයි බඩුවක් විකුණලා ගන්න බැහැ කිව්වාද? අනිති මරිසිපාල කර්තෘලාට වඩා නම් වෙල්ගම හොඳයි ගොය්යෝ, මේක ඇඩ් එකක් නෙමේ. මට පෙනෙන දේ කිව්වේ.

    ReplyDelete
    Replies
    1. බඩු ගහන උන්ට මම කොහොමත් මනාපයි.. හැබයි රේප් කේස් නෙමෙයි...

      Delete
  18. මේ ඉතාම ලඟදී නිකුත් වූ
    'මාලුවී(මාලුවගෙ ස්ත්‍රීලිංග පදය ) පියාඹා බෙලරුස් ගිය හැටි- ළමා පොතක්,
    පුස්තකාල මණ්ඩලයෙන් නම් අනුමැතිය ලැබී තිබේ.

    මන්දනාගෙ ගෙදර ගිය කිරිහාමිලා-ළමා පොතක්

    (මුං ඇට බැද අත්තම්මාගෙ කටට දැමුවා මෙන් රසවත් කතාවකි )

    ReplyDelete
    Replies
    1. මාළුවා ගේ ගෑණු සතා ගේ නම "මාළු කෑල්ල"

      කුළු හරකා ගේ ගෑණු සතා ගේ නම දන්නවාද?

      Delete
    2. එතකොට මචෝ උබලා හාවාගේ කැල්ලගේ නම දන්නවාද?
      -කා(Ka)

      Delete
    3. ඔවු...... ඔව්........ ඔබ මේ අවස්ථාවේ ජයග්‍රහනය කරනවා.
      ත්‍යාගය ලෙස ජපන් සවාරියක් හෝ රැකියාවක් ඔබට හිමිවන අතර, කෙන්ජි අන්කල් මෙහි සම්බන්ධීකරණ කටයුතු කරනු ලැබේ. ඕනෑම වාහනයක් විනාඩි කීහිපයකින් පළු කිරීමේ හැකියාව හෝ ජපන්ගත වීම සඳහා ඔබ සතු අනෙකුත් සුදුසුකම් කෙන්ජි වෙත නොපමාව දන්වා සිටින්න.
      -කා(Ka)

      Delete
    4. @-කා(Ka) ;
      මට තාම තෑගී වලට මෙහෙට එන්න වරම් දෙන්න බැහැ ලෙහෙසියෙන්.
      මගේ පියා කියල තියෙන්නෙ පොඩ්ඩක් ඉවසන් ඉදිං රනිල් ලොක්ක එන අවුරුද්දෙ ආපු ගමන් ඩිලාගෙ පෝස්ට් එකට උඹේ නම ලිස්ට් එකට දාල තියෙන්නෙ කියල.
      එතකොට බලමු.

      Delete
    5. //රනිල් ලොක්ක එන අවුරුද්දෙ ආපු ගමන් //

      අම්මපා කියහං අයියේ... :D

      Delete
    6. බොලාට ඉතිං රනිල් ලොක්කගෙ නම කියෙව්ව ගමන් ඇලජික් නොවැ මලේ?:)

      Delete
    7. @මාතලන්, උඹට ම. රා. පු. දෙ. මාරයා මැතිතුමා ලියපු මේ පොත් සෙට් එක මිස් වෙලා.

      1. වැලිවේරිය සිද්ධිය ගැන මගේ අව්‍යාජ විග්‍රහය (තවම මුද්‍රණයේ. කවදා පළ වෙයිද නිශ්චිත නැත.)
      2. "මොනවා වුණත් මට උඹමයි අයියේ" ටිකක් පරණ 'නව' කතාවකි.
      3. "මගේ රත්තරං අයියා" (ළමා කතාවකි.)
      4. "අසේවනාච රනිලානං මහින්දානංච සේවනා" (ධර්ම දේශනා එකතුවකි.)
      5. හිට්ස් නැති බ්ලොග් ලියන හැටි (උපදේශනාත්මක කෘතියකි.)

      මේ පොත් මිළදී ගන්නා හැම පාඨකයකුහටම කර්තෘ ම. රා. පු. දෙ. මාරයා මැතිතුමාගේ අත්සන සහිතව ටයි එකක් දාගෙන ගත් ෆෝටෝ එකක් හිමිවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    8. අනේ නැහැ කෙන්ජි අයියේ... මොන ඇලජික්ද..? දෙයියෝ බුදු වෙන්ඩ උන්නැහේ තව චිරාත් කාලයක් යහතින් වැජඹෙන්න ඕන.. ඕ යේෂ්... මං මේ බැළුවේ වැරදිලාවත් අවුරුද්දකින් විතර උන්නැහේට හරියනවනං මාත් සියඹලා කොටයක්වත් හොයා ගන්න කියලා ටිකක් ලොකුවට තියෙන...

      ඇනෝ රත්තරනේ තව කොච්චරනං තියෙනවද පුතේ ඔයකතු තුමාගේ පොත්... හෙට අනිද්දට තව බර ගානක් දාන්න හිතං ඉන්නේ මුද්‍රණද්වාරයෙන් එළියට... :D

      Delete
    9. අනේ හොඳයි බං. උඹ නව ද්වාරෙන් දිනපතා එළියට දාන ඒවා හැටියට ඕවා මුද්‍රණද්වාරෙන් එළියට දාන එකත් කජ්ජක්ද බං? ඒක නෙවෙයි හබරණ හෙම ගියේ නැතැයි ළඟකදි?

      Delete
    10. හිට්ස් නැති බ්ලොග් ගැන කියල දෙන එක නම් හොඳයි කට්ටියට. මූ මෙහේ ඉක පුරාගෙන ලියනවා හැබැයි කියවන කෙනෙක් නම් නෑ.

      Delete
    11. ඔක්කෝන්ගෙම පොත් ටික මරු..... මාරයාතින් රනිල් ඇලජික් ජික් ජුක් නේ..

      Delete
  19. ඇයි බං මාතලං පප්පේ,
    ආදර්ෂ ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර................
    පිටි කිරි සහ දිය කිරි,
    අභ්‍යවකාශය නොදුටු අපේ චන්ද්‍රකාව,
    සැඟවුනු කටුගේ සම්පත්,
    ළුණු බික්කේ සිට බාල බඩු
    ...................
    (ලංකාවේ පළමු තෙල් බැරලය කතා නාටක පෙත දිගහැරීම මීලඟ ජනාධිපතිවරනයට පෙර වේදිකාවේදී ගොඩ ගැනේ.)
    කා(Ka)

    ReplyDelete
    Replies
    1. සාමුහික ජනතා ප්‍රකාශන,
      මතක වස්ත්‍ර පූජාව
      අපේ ගොනා අපිට හොඳා
      බෝධි පූජා
      -කා(Ka)

      Delete
    2. ඔන්න පොත් ඇනෝගෙ පොත් ටිකත් මරු.

      Delete
    3. වෙද පප්පේ, උඹ ලියපු පොත් නැතෙයි?

      Delete
    4. තිබේ තිබේ. නොකෙරෙනා වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනලු.

      Delete
    5. සුපිරි පොත් ටිකක් පුතේ....

      Delete
  20. නවතම පොත්.....
    කවුද ඇද්දේ කොකා -කතෘ අඥාතයි
    හොරු සමග ජොකා පිටින් - වාසු දේව
    සිස්සත්තේ මට අකැපද - බන්දුල අගුනේ
    මට ගහන්න දීපියෝ -කළු ඔ බාමා

    ReplyDelete
    Replies
    1. අන්තිම පොත නම් දැක්කමත් දුකයි.. තනියෙන් ගහන්න වෙයි වගේ.. එක රටක් වත් නෑ අන්තිමට...

      Delete
  21. අප්පට උඩු අනික් අවුරුද්දෙ සැප්තැම්බර් වෙනකල් කියවන්න පොත් තොගයක් තියෙන්නෙ.ඇයි බං මේ පොත මිස් වුනාද,
    'මගේ දෙවෙනි විවාහය" -ආචාර්ය සිල්වා ශූරීන්

    ReplyDelete
    Replies
    1. තව එකක් තියෙනව
      'වර්ජන ගර්ජන' --මහින්ද කහඳගම,වර්ජකයන්ට අත්පොතකි(ස්වයං රැකියා නියුක්තිකයන්ගෙ සංගමයේ ප්‍රකාශනයක්)

      Delete
    2. ඔහෙත් ඉතා හොඳ අවධානයකින් ඉන්න බවයි පේන්නේ....

      Delete
  22. අපිට හොද වෑඩේ (පාපොච්චරනයක්)-පොදුජන ප්‍රකාශන
    මහාවශි ගුරුකම් (මන්ත්‍ර පොතක් ) - අරලිය නිවස ප්‍රකාශන

    ReplyDelete
  23. ඇයි බං මාතලං ගොයියෝ අර රනිලාණෝ විකුම් සිහයන්ගේ තුන් ඈඳුතු නවකතා...

    මගේ හීන කතන්දර..
    රජකම ලදොත්..
    අද නැති මුත් හෙටනං ෂුවර්...

    මතක ඇතිව ගන්ටලා.. ඒත් එක්කම නොමිලේ දෙන “හීන වියවස්ථාව“ කියන කොමික් පොත ඉල්ලන්න අමතක කරන්න එපා.. තුනම ගත්තොත් තිහක් නොමිලේ...
    :D

    ReplyDelete
    Replies
    1. රතුපස්වල කෙලිද්දි උඹ කුස්සියේ උය උයාද හිටියේ?

      Delete
    2. නෑ වස්තුවේ..මම බොලාලැයි දිහා හිටියේ... කෙල කෙල.. :P

      Delete
    3. හි.හි.හි.
      උන්ගෙ ගෙදර හැංගිලා ගෑණු පරාණයක් දිහා බලාගෙන *තේ කෙලින්න ඇති.
      රතුපස්වලට කෙලිද්දි මුගේ කටේ පිට්ටු.

      Delete
    4. බල්ලො පනිද්දි වැටිච්ච ඇටය තිනෙවා බලු කූඩුව උඩ, ඇවිල්ලා ආරන්පලයන් මගේ දෙයියෝ.

      Delete
    5. අනේ ඒක බොලාගේ මෑණියන්ට දීපන් කොල්ලෝ.. ලොව ලොව ඉන්න.. :P

      ආයෙම වංගියක් ආව දවසක බැරියෑ අරං යන්ට...

      Delete
    6. මාරයෝ අපි ඒක ජාතියේ මාතාව (ශිරාණි) ට ම දෙමු. එහෙම හොඳයි නේද.

      Delete
    7. @මාතලන්, උඹට ම. රා. පු. දෙ. මාරයා මැතිතුමා ලියපු මේ පොත් සෙට් එක මිස් වෙලා.

      1. වැලිවේරිය සිද්ධිය ගැන මගේ අව්‍යාජ විග්‍රහය (තවම මුද්‍රණයේ. කවදා පළ වෙයිද නිශ්චිත නැත.)
      2. "මොනවා වුණත් මට උඹමයි අයියේ" ටිකක් පරණ 'නව' කතාවකි.
      3. "මගේ රත්තරං අයියා" (ළමා කතාවකි.)
      4. "අසේවනාච රනිලානං මහින්දානංච සේවනා" (ධර්ම දේශනා එකතුවකි.)
      5. හිට්ස් නැති බ්ලොග් ලියන හැටි (උපදේශනාත්මක කෘතියකි.)

      මේ පොත් මිළදී ගන්නා හැම පාඨකයකුහටම කර්තෘ ම. රා. පු. දෙ. මාරයා මැතිතුමාගේ අත්සන සහිතව ටයි එකක් දාගෙන ගත් ෆෝටෝ එකක් හිමිවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    8. මෑණිවරුන්ට අපහස වන අන්දමින් ප්‍රතිචාර දැක්වීමෙන් වලකින ලෙස කරුණා පෙරිදැරිව මා ඉල්ලා සිටිනව.

      Delete
    9. ඒකට කෙන්ජි එක්ක එකඟයි. පුත්තු කරන ජඩ වැඩ වලට අම්මලා මොනවා කරන්නද?

      Delete
    10. ඒ වගේම ඉතින් රතුපස්වල මිනීමැරුම් සාධරණීකරණය කරන්න තරම් අමනුස්ස වෙන එවුන්ට අම්මලා හිටියාය කියලා හිතන්නත් බැහැ.

      Delete
    11. /අනේ ඒක බොලාගේ මෑණියන්ට දීපන් කොල්ලෝ.. ලොව ලොව ඉන්න.. /

      මේ වගේ ප්‍රකාශ කරන්නේ දවසක් හරි සිවුරේ හිටපු එකෙක් නේද කියලා හිතෙන කොට අපේ රටේ බුද්ධ ශාසනේ ගැන ඇත්තටම දැනෙන්නේ ලොකු දුකක්.

      Delete
    12. එත් කෙන්ජි අංකල් මෑණිවරුන් දැන ගන්න ඕන තමන්ට අනාගතේ බැනුම් අහන්නේ නැතිවෙන්න දරුවෝ හදන්න. තමන් රීලා, හාලා, චූ කරලා වැපිරූ ධන-ධාන්‍යවල අස්වැන්න තමන්ට.
      -කා(Ka)

      Delete
    13. අල්ලලා දාන්න කෙන්ජි අයියේ.. අම්මට නෙවෙයි කාට බැන්නත් මොකෑ..උන්දලගේ ඇගේ වදිනවා කියලෑ...

      අනේ ඔය සාසනේ ගැන හිතන ඇනෝ මල්ලියේ ඔයාලා වගේ පින්වත් දරුවෝ ඉන්නකල් සාසනේ ගැන බය වෙන්න දෙයක් නැහැ...

      Delete
    14. මාරයියේ උඹ සිවුරු ඇරලා ශාසනේට නම් කළේ ලොකු සෙතක්. ඔය නානසාරලාත් උඹ වගේ අවංක නම් කොච්චර දෙයක්ද බං?

      Delete
    15. @මාරයා
      //අනේ ඒක බොලාගේ මෑණියන්ට දීපන් කොල්ලෝ.. ලොව ලොව ඉන්න.. :P

      ආයෙම වංගියක් ආව දවසක බැරියෑ අරං යන්ට...//

      ෂ්ෂ්ෂ්.......... කට කට.. චලිනි නන්දිමා නෝන දැක්කොත් දීගෙට බඩු බනිස්..
      අනික කොහොමත් උඹ ගෙදරකට රිංගුවොත් ඉතින් ඒ ඇටයක් ලොවන්න තමයි. හැක.. හැක..

      Delete
    16. අනේ ඇනෝ උන්ගෙ දීගෙ ප්‍රශ්න උන්ට විසඳගන්න දීලා උඹ පැත්තකට වෙලා ඉඳින්. උඹට පාන්ද උන්ගේ දීගෙ තිබුණත් නැතත්.

      Delete
    17. ඇයි (ඇනෝ August 29, 2013 at 11:28 PM) උබට පාන්ද මැද්දට පැනල දෙන්නේ.

      Delete
    18. නෑ බං චලිනි නන්දිමා නෝන ගැන කියන කොට අපටත් රිදෙනවනෙ. මාරයා විතරක් නෙවෙයි අපිත් එයාව දන්නවනෙ.

      Delete
    19. ඒ උනාට ලඟදි පොඩි සත්තමක් දාලා තිබුනා නේද මාරේ...

      Delete
  24. මම මේ කල්පනා කරන්නෙ මෙතන අපේ මේ අවුරුද්දෙ ඔක්කොම පොත් තියනවනෙ. නැද්ද වෙන මුකුත්???????????මට නම් හොදම එක මැරවින් සහ පිල්ලේ විවාහය.

    ReplyDelete
    Replies
    1. ඕන් ඒක පොත් දෙකක් හැටියටම ඇතුලත් කලා..... හෙළුපාල ඒ කතාවට සමාව ගත්තැයි කියන්නේ...

      Delete
  25. මේ වගේ එකක් මට ගිය පාරත් ඊයකින් ආවා.
    කැමරා හොරු සහ තවත් කතා-සිල්වා ගේ වීර ක්‍රියා 1
    ඩෙන්ගු ගස් බැඳීම-සිල්වා ගේ වීර ක්‍රියා 2
    එළුවො පව්-සිල්වා ගේ වීර ක්‍රියා 3
    මට මතක නෑ-දුමින්ද සිල්වා....
    තව ගොඩක් තිබුණා.

    ReplyDelete
  26. මේ පාරත් පොත් ටිකක් තියෙනවා.. මගේ ගානෙත්...

    මාළිගාවේ රත්තරන්... : දැලංග නීල..

    මාමා නැත්නම් බෑනා ගස්සන දණ... : ආනන්ද සරත්

    තාම වැඩ පෙන්නුවේ නෑ මම : දයා ආසිරි..

    රගර් වලට පිටින් ලොවක් නැත : දෙවන රජපස්..

    හැබැයි ගිය සැරේ කමෙන්ට් ටික පට්ට මේ සැරේට වඩා....

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ අර "සල්ලි අරන් පණින හැටි" සහ "බ්ලොග් රචිකාවියන් උස්සන ක්‍රම" පොත්?

      Delete
    2. ලැජ්ජාව හා ලක්ෂ 02 තවත් එකක්. තව සුද්දීගේ රෝස පු.., බටර් ගාල ත.... ඉරීම.

      Delete
    3. රැකියා ප්‍රවර්ධන වැඩපිලිවෙල හා තවත් පොලු කතා...... කෙටිකථා සංග්‍රහය

      Delete
    4. වරෙන්තුපිට ජීවත් වීම සහ පඩ ෂෝ..... මැජික් කථාවකි

      Delete
    5. මෙන්න තවත් පොත්:

      1. "සහන් රන්වලට බෝලෙ බස්සන හැටි"
      2. "ලජ්ජා නහරය නැතිව ජීවත් වෙන හැටි"
      3. "ඔබා මාමා මෝඩයා - ණයට දීල පැරදුණා"
      4. "සෝරෝ, සඳරු සහ මම"

      Delete
    6. නියම පොත් ටික මචෝ...

      Delete
  27. මේ පොත් ටික උදේ හවා අපි දකින,කියවන ඒවානේ
    නම් ටිකයි,කතුවරයෝ ටිකයිනේ වෙනස් වෙලා තින්නේ...

    ReplyDelete
    Replies
    1. හැමදාම කියෙව්වට අමතකයිනේ.. අඩුගානේ රාක්කේ අහුරලා තියන කොට පේනවනේ... එතකොටවත්.....

      Delete
  28. මොකක්ද කියවන්න තෝරගන්නේ කියලා බැලුවේ

    ReplyDelete
    Replies
    1. එකක් කියවලා නම් තේරුමක් නෑ... අඩුගානේ දෙක තුනක්වත්....

      Delete
  29. ඇත්තෙන්ම අපි කකුලුවෝ වගේ නේද බන් . . .

    ත ටික කාලෙකින් (මේ යන විදිහට ගියොත් වැඩිම උනොත් අවුරුදු 10කින්) අපේ රටත් සිම්බාබ්වේ රට වගේ රටක් වෙනවා කියලා දැක් දැක කකුලුවා වතුර නටන කම් පීනනවා වගේ අපිත් ඔහේ ජොලියේ ඉන්නවා . .

    වෙන මොනවා කියලා කරන්නද නේද බන් . . .

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ.. බෙලරූස් වල ඔක්කෝම ව්‍යාපාරිකයෝ එනවා කියන්නේ මෙහේ ආයෝජනය කරන්න.. දවල්ටද දන්නේ නෑ එන්නේ...

      Delete
  30. නියමයි... හිනාවෙලා ලේ පිරිසිදු උණා... සල්ලි දීල ගන්න ඕනෙ නම් නෑ තමයි.. හැමදාම පෙරළෙන පොත් නේ...

    මාතලන් අයියගෙ හැකියාව නම් අති විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. මේ තරං විනාශයක් වෙලත් හිනාවෙලා ලේ පිරිසිදු උනාලු.

      Delete
    2. එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද.... හැම තිස්සෙම ලේ රත්වෙලා ඉන්න එකේ....

      Delete
  31. 1.Mage uddaya-G.R.Paksha-(Adventure)
    2.Mama asai hadata yanna-Roket Roitha -(Thril)
    3.Mamam game kollek-Dabadeniye Somee-(Story)
    4.Erandathee...-Kurunegala Johny -(Music)
    5

    ReplyDelete
    Replies
    1. ඇයි බං
      පින්න පිපෙන රෑ යාමේ - ජොනී.
      -කා(Ka)

      Delete
  32. මොනවද මාතලන් කරන වැඩ? වැඩත් පැත්තකට දාල විජහට ආව අලුත් පොත්වල නම් බලන්න.

    අර කාටූන් එක හරි ලස්සනයි. ඔයද ඇන්දෙ?

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරේ උඩ ක්ලික් කරන්න..

      Delete
  33. උඹේ පොත් ලිස්ට් එක ලීෆ්ලට් එකකට ගහලා ප්‍රදර්ශණේ ඉස්සරහ පිට බෙදුවනම් පොතක් කියවනවට වඩා දැණුමක් ලැබෙයි මිනිස්සුන්ට.හැම විෂයක්ම කවර් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වැඩි වෙලාවක් බෙදන්න හම්බ වෙන එකක් නෑ නේ බං...

      Delete
  34. "ලංකාවේ කුප්‍රකට ගූ කතා සහ චූ කතා" කතෘ කතන්දර කාරයා (සමරිසි ප්‍රකාශනයක්)

    ReplyDelete
  35. මෙන්න ලොක්කා තවත් පොත්

    සත් දිනක පැවිද්දා-මැතිනිගේ කුක්කා නම් ආරූඪ නමකින් පෙනී සිටින අයෙක් ලියයි

    බල්ලන්ට බඳින්න බෑ-ටී.බී ඒකා නායක-සත්ව පාලනයට අත්පොතක්

    වැඩක් බලාගන්න පුතා!-සාම විනිසුරු ලසිත් මාලිංග-පිරිස් කළමනාකරනය පිළිබඳ පොතක්

    ReplyDelete
  36. මාතලන් මේක උස්සලා දැම්මා බුකියේ කමක් නැ නොවැ. https://www.facebook.com/groups/hilariousstories/permalink/421069394681103/

    ReplyDelete
  37. “ස්වප්න චාරිකා“ - අමිත් අඹුක්වැල්ල (පිය-පුතු ප්‍රකාශනයකි) - ගුවන් චාරිකා ගැන ලියැවුණු අත්බූත කථාන්දර එකතුවකි.

    “සිරකොතට ගල් ගැසීම“ - සිරාල් සමඟ වෛරී අගුණරත්න - ත්‍රාසය පිරි කථා එකතුවකි

    “පැය දෙකේ වර්ජනය“ - ග.පජාතරත්න - ප්‍රහසනයකි

    “බම්බලපිටියේ ගෙවල් බිඳුම“ - ද.යා.රත්න - රහස්පරීක්ෂක කතාවකි

    “දෙදාස් පන්සීයකින් දින තිහක්“ - දුන්බල අගුණවර්ධන - සුරංගනා කථා එකතුවකි

    “ආම්ලික ඇල්වතුර“ - ම.බයදීර - විද්‍යා ප්‍රබන්ධයකි



    ReplyDelete
    Replies
    1. සුපර් හිට් පොත් පෙලක්... ආයේ දෙකක් නෑ...

      Delete
  38. නියම පොත් ටික මේව කියවලා ලංකාවේ මිනිස්සු කලගුන දක්වනවා ලියපු අයට කතිර දීලා

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි පොතක වටිනාකම කියන්නේ...

      Delete
  39. ඔය ගොඩක් පොත් නිකංම ගන්න පුලුවන් වෙන එක මොන තරම් භාග්‍යක්ද :3

    ReplyDelete
    Replies
    1. නිකං දෙන ඒවල වටිනාකමක් නැති නිසාද මන්දා මිනිස්සුන්ට මතක නැත්තේ...

      Delete
  40. හැබෑට අවුරුද්දකට කියවනන් තියෙන පොත් කන්දරාව... උඹ නං යකෙක් මාතලං මෙච්චර පොත් කියවන්න...

    ReplyDelete
    Replies
    1. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කව්ද එකෙක් කිව්වා කියන්නේ...

      Delete
    2. ෆ්‍රැන්සිස් බේකන් කියන පඬිවරයා තමයි එහෙම කිව්වේ.

      Delete
  41. යකෝ හොඳේ කියන්නේ වෙන රටාව සල්ලි දීලා පොත් අරං කියවන්නත් එපැයි. මෙහෙ එකට පොත ගහලා බෙදලා අපිට බලෙන්ම කියවලත් දෙනවා.

    ReplyDelete
    Replies
    1. මල් කුමාරයාගේ "මුල් පිටුව" වගේ..

      Delete
  42. ඕවා කියවලා ඔලුව කුරල්වල් කර ගන්න අපිට බෑ. හැබැයි ඔය ලිස්ට් එකට දාන්න තව පොත් කීපයක් තියෙනවා. මම එකක් කියන්න.

    නින්දෙන් ඇවිදීම හා චූ නොයෑම - ආචාර්ය යක්හෙල අඹරුක්වෙල

    ReplyDelete
    Replies
    1. ඇයි DOS වලින් ගේම් හැදීම. අපෙ ඒ කාලේ බොග යාළුවෙක් හිටියනොවැ DOS වලින් ගේම් හදන. නේද මචෝ.
      -කා(Ka)

      Delete
    2. ඒ උනාට මේ හැම පොතේම ගත යුත්තක් තියෙනවා...

      Delete
  43. නෙදකිං මං ආවා පොත් ලිස්ට් එකක් බලන්න.

    ReplyDelete
  44. නයි කයිද ඇපල් පයි කිව්වලු.....

    නියම පොත් සෙට් එක... මේකත් අර කලින් එක වගේම PDF කරගෙන යවනවා ලොකු මහත්තයෝ. කමක් නෑ නේ....

    ReplyDelete
    Replies
    1. කමන්නෑ. හැබැයි මාතලන් කියලා නම හැමතැනම දාහං. නැත්නම් ගොයියා අමනාප වෙයි.

      Delete
    2. අනේ මතක ඇතුව අර ඇනෝ කියලා තියෙන එක කරහන්.. බලහන් උන් මගේ ගැන කොච්චර දන්නවද කියලා...

      Delete
  45. මදෑ ...පොත් වල පිට කවරේ බලන්ඩ ආවා .. මූ මෙතන අපිට පොතක් පෙරලලා ..

    ReplyDelete
    Replies
    1. අභීතයා උඹට පෙරළපු පොත වගේද බං?

      Delete
    2. අනික් උන් පෙරලන එකේ අපිත් ඉඳ හෙට එකක් පෙරලුහම මක්කා වෙනවයි බං...

      Delete
  46. වණ උයනේ අලි හොරු (ළමා කතාවක්) : දැලංග නීල

    ReplyDelete
    Replies
    1. "අලි පොත" - විජිත් විජිත මුනි - "ලොකු පොතක්"

      Delete
  47. අපේ අම්මේ ,,බ්ලොග් එක පුරාම කියෙවුවා ,එත් මොන කියලා කොමෙන්ට් කරන්නද අප්පේ මන් ,, සම්භාව්‍යයි හොදටම ,, කොමෙන්ට් නොකෙටුවට මන් ඔබේ සුපිලි රසිකාවියක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න