.

.

Aug 5, 2013

වස විස පිරි "ෆොන්ටෙරා" කිරි - Fonterra Apologizes for Milk-Powder Scare



අපේ රටේ මාධ්‍යන්ට හෙළි කල නොහැකි සත්‍ය මෙතනින් කියවන්න.

මම ලියපු පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කිරිපිටි වල DCD (Disyandiamide)  තිබෙනවා නේද කියා මගෙන අහලා තිබුනේය. බ්ලොග් එකේ කොමෙන්ට් දමන්නේ නැති හිතවතෙක්ද, ඊ තැපෑලක් මගින් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා අසා තිබුනේය. අපිත් කිරිපිටි බොන නිසා, ටිකක් මේ ගැන හොයා බැලුවාම, දැන් ළෝකයේ ප්‍රධාන පෙලේ සෑම රූපවාහිනි නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්ති අතරේ වැජබෙන්නේ මේ කතන්දරයය.

මම නම් හිතන්නේ, මේ ගැන ගැඹුරින් ළිපියක් ලිවිය හැක්කේ "ඇල්කේමියාට" බවය. කෙසේ වෙතත් අරුණි ෂපිරෝ මේ ගැන ළිපියක් ලියා තිබෙන්නේය. ඒ ගැන අරුණිට ස්තූතිවන්ත වන අතරම, මේ ගැන මමත් යමක් ලියන්නේ. එය අපේ යුතුකමක් නිසාය. නැවතත් කීමට ඇත්තේ "ඇල්කේමියා" මේ පිළිබඳ ළිපියක් ලියන්නේ නම්, එයා යුතුකමක් බවයි.

"කිරි නැති හින්දා..... රට කිරි දීලා.... සිංහළ දරුවෝ මරන්ටා........." කියලා, මී ආච්චි කෙනෙක් ඒ කාළේ ඉඳන් කෑ ගැහුවත්, අපේ රට පාළණය කරපු කාළකන්නින්ට, ජනතාවට නැවුම් කිරි උගුරක් සපයා දීමට අදටත් නොහැකි වී ඇත. ලැජ්ජාව නිසාදෝ ඒ සින්දු අද අහන්නවත් නැතිය. නැත්නම් ඉගිල්ලෙන මාළුවෝ වගේ තහනම් කොරලාද දන්නේත් නැතිය.

ඉන්දියාවේ ඉතා පහසු මිලට නැවුම් කිරි ඕන තරම් ඇත. එපමණක් නොව, කිරි මඟින් නිශ්පාදනය කරන අනෙකුත් නිශ්පාදනද ඉතාමත් ලාභය. මෙහේ, කිරි දීම කෙසේ වෙතත් ළදරු කිරි පිටි එකෙනුත් වැඩිපුර බොන්නේ, රට කරවන කාළකන්නි දේෂපාළඥයන්ය. ඒ කප්පරක් බදු ගහලාය.
 
අනික කිරි ගොවියා නිශ්පාදනය ඉහළ දැම්මද, ඒවට නියම මිළක් ලබා දීමේ ක්‍රියාපටිපාටියක් නොමැතිව, කිරි ටික වතුරට හලන තත්වයක් උදා වෙලා තියෙනවාය. පොඩි උන්ට කිරි වීදුරුවක් දෙනවා කිව්වාට. නුවරඑළියේ පොඩි උන්ටවත්, එහෙම එකක් හම්බ වෙන්නේ නැතිය. ඒ,  ඒවාට සම්බන්ධ උන්ගේ කළමණාකරන නොහැකියාව නිසාය.


මා දන්නා තරමින්, අපේ රටේ එළකිරි වලින් නිශ්පාදිත, කිරිපිටි ඇත්තේ දෙවර්ගයක් පමණි, ඒ "හයිලන්ඩ්" හා "පැලවත්ත" පමණි. අනෙක් ඒවායෙන් වැඩු පුරම පැමිණෙන්නේ. ළෝකයේ සරුසාරවත්ම තන බිම් පිහිටි, ළෝකයේ හොඳම කිරි නිශ්පාදනය කරන නවසීලන්තයෙනි. අද නවසීලන්තයේ "ෆොන්ටෙරා" ආයතනයේ කිරිපිටිවල DCD ප්‍රතිශතිය ඉහල බැවින් හා ශරීරයට අහිතකර Clostridium Botulinum නම් බැක්ටීරියාවද අඩංගු හෙයින්, රටවල් කීපයකම ඒවා ආනයනය තහනම් කොරලාය. ගෙනාපුවත් යවනවාය. සමාගමේ උන් එම රටවල් වලින් සමාව ගන්නවාය.

මැලේසියාව, වියට්නාමය, තායිවානය, රුසියාව පමණක් නොව, ඔවුන්ගේ විශාලම වෙළද පොල වන, චීනයේ අද එය තහනම් කරලාය. තහනම් කිරීමෙන් නොනැවති ඒවාට ලයිසන් දුන් චින්නුන්ව, හිර ගෙවල් වලත් දමලාය. ඒවායේ එහෙම උනාට අපේ රට හරි අමුතු රටක්ය, "ළෝකයේ අනෙක් රටවල අයට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්ය."

පාර අහන එකාටත්, තැඹිලි ගෙඩියක් කපලා දෙනවාය. කොස් ගහ කපන්නේ නැතුව, වැට මගේ පැත්තෙන් ගහන්න කියනවාය. ඒ වගේම වසත් එක්ක කිරිත් පොවනවාය. ඒ වෙන කිසිවක් නිසා නොව කොමිස් කුට්ටි නිසාය. ළෝකේ අනෙක් රටවලට වස උනාට, අපේ සෞඛ්‍ය අමාත්‍යශයට ඒවා වස නෙමේය. අම්මට සිරි ලංකාවේ ඇස් ඇල් ඇස් (SLS) සහතික දෙන, ප්‍රමිති කාර්යංශයක්ද මොකක්ද තියෙනවාය. බොරැල්ලේ පරමාණු බෝම්බ උනත් චැක් කොරලා දෙන තැනක් තියෙනවාය. පේරාදෙනියෙත් එහෙම එකක් තියෙනවාය. හාබර් එකෙත් තියෙනවාය.

ඒ මදිවාට ජමිය තුල් උලමාගේ, "හලාල්" සැටිපිකට් ඉෂූ කරන ආයතනයකුත් තියෙනවාය. එහෙම ඕනා තරම් තිබුනාට, එයාලා ගිහින් ඒවා චෙක් කොරලා බලන්නේ නැතිය. පාරිභොගිකයෙක් ඒවා අරගෙන ගිහින් එයාලාට දෙන්න ඕනාය. එහෙම දුන්නත්, කොම්පැනියෙන් ගානක් දුන්නාම ඒවා වල මුකුත් නැතෙයි කියනවාය.

 ඩෙංගුවා මරන්න බැරුව, අවුරුදු දාස් ගනනක් තිස්සේ ලංකාවේ තියෙන හබරල ගස්, රම්පේ ගස් වනසන සවුක්ක අමාත්තියන්සයකුත් තියෙනවාය. එයාලා නම් කියන්නේ මේවා බීමට නම්බර් වන් කියාය. කරුමේ කියන්නේ වන් පස්  (1+), ත්‍රී පස් (3+), කිය කියා, පොඩි උන්ට වහ පොවනා එකය. අන්තීමට පොඩි එකාට වෙන්නේ මහරගම පිලිකා රෝහලේ හරි කොහේ හරි පව් ගෙවන්නය. නැත්නම් පස් යටට යන්නය. එහෙම උනාම අම්මා අප්පාට වෙන්නේ, පොළොවේ පස් කන්නය.


අපේ පාළකයන්ට ජනතාව වස විස කෑවාට අවුලක් නැතිය. වස තියෙන වතුර බොන්න බෑ කිව්වාම, පොඩි උන්ගේ ඔළු පලලා මරණවාය. අම්මලා පොළොවේ පස් කනවාය. ඒ නිසා කිරි වල වහ තියෙනවා කියා පාරට බැහැලා උද්ගෝෂන කොරන්න ගියෝතින් වෙන්නේ පොලොවේ පස් කන්නටය. ආන්ඩුවේ උන් කියන්නේ ජනතාවට වහ දෙන ෆැක්ටරි වහ දලා ආර්ථිකය විනාශ කරන්න කරන බටහිර කුමන්ත්‍රණ කියාය.

ඒ නිසා සද්දේ වහලා, වහ තියෙන ඒව්වා මොනවාද කියා දැනගෙන, ඒවා භාවිතා කරනවාද නොකරනවාද කියන එක අප තීරණය කළ යුතුය. හුදී ජන පහන් සංවේගය පිණිස, අම්මට සිරි ලංකාවේ "ෆොන්ටෙරා" කිරිපිටි ආශ්‍රිත නිශ්පාදන ලැයිස්තුවක් පහලින් දමනවාය. නැවත කියන්නේ මේවාවල DCD වැඩියෙන් තියෙනවාද, අඩුවෙන් තියනවාද කියන්න මම නම් දන්නෙ නැතිය කියාය.

රත්ති කිරිපිටි (Raththi)
සියළුම ඇන්කර් කිරිපිටි (All Anchor Milk Powder Products)
ඇන්ලීන් කිරිපිටි (Anlene )
නිව්ඩේල් නිශ්පාදන (Newdale)
ඇන්කර් පීඩියා ප්‍රෝ (Anchor Pedia Pro)

මීට අමතරව මේ දැන දැන ගනීමට ලැබුන පරිදි එංගලන්තයේ කව් ඇන්ඩ් ගේට් (Cow & Gate) සමාගමද, තම නිශ්පාදන වෙළඳ පොළෙන් ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇත. එයට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ, තම නිශ්පාදන සඳහා ඔවුන් යොදා ගන්නේ "ෆොන්ටෙරා" නිශ්පාදන බවයි..

එම නිසා ෆොන්ටෙරා ආයතනයේ, නිෂපාදන යොදා ගනිමින් කරනා, වෙනත් නිශ්පාදන ගැන දැණුවත් නම්, ඒ පිළිබඳව කොමෙන්ට්ස් මගින් දැණුවත් කරන්න. එමෙන්ම මෙය සාවද්‍ය නම්, සත්‍ය කුමක්දැයි ජනතාව දැණුවත් කිරීම පසෙකින් තබා, වෙනත් රටවල කලාක් මෙන්, තම නිශ්පාදන වෙළඳ පොලෙන් ඉවත් කර ගන්නේ නැතිව, ඒවායේ මිළ පහළ දමා, පාරිභෝගිකයින් මුලා කිරීම තරයේ හෙලා දකිමු.

186 comments:

  1. ඔව් අරුණිගේ ලිපිය බොහොම සාරවත් ලිපියක්.. ෆොන්ටෙරා ගැන ජාත්‍යන්තර මතය වෙනස් වීගෙන යනවා හැබෑම වේගෙකින්. වැඩි විස්තරයක් දෙන්න මම ඇත්තටම දන්නේ නෑ. උඹලගෙන් තමා මම මේ ගැන දැනගත්තේ...

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ටික කාළෙකට හරි නොබී ඉන්න එක ඇඟට ගුණයි. මම කිව්වේ අරක්කු නෙමෙයි. මේ කිරිපිටි. අපේ විමලේ කියයිද දන්නේ කිරිපිටි ත්‍රස්තවාදෙකුත් තියෙනවා කියලා..

      Delete
    2. ඇරුණිගේ ලිපිය සාරවත් කියන්නේ උඹට ඒක තේරිලා නෑ කියන එකයි. තේරුණා නම් ඒකට කවුරුත් සාරවත් කියන්නේ නෑ. අන්තිම පක්ෂග්‍රාහී, සැබෑතතු විකෘති කළ ලිපියක්. මං කියනවාට පිළි ගන්න එපා ආයෙ පරෙස්සමෙන් කියවලා බලන්න.

      Delete
    3. කියෙව්වා. කියවලා කියන්න ඕන දේවලුත් කොමෙන්ට් වලටත් දාලා ගොඩාක් වෙලා.

      Delete
    4. මාතලන්ට නෙවෙයි, දේශකයාට කිව්වේ.

      Delete
    5. සමහර අය පොරවල් හා පොරවල් බඩු ( පොරගේ ස්ත්‍රී ලිංගය) වගේ ලිව්වට ඒවායේ මුල තියෙන්නේ ගාඩියන් එකේ හරි ටයිම්ස් එකේ හරි....කොප්පක් ගහල පොරවල් වෙන්න හදනවා..හැබැයි පීචං සිංදු කිව්වයි කිය්ලා ඒකම කරපු ජෝතිපාලලගේ පංතියට කෙලිනවා..

      ගාඩියන් එකේ ලිපි ඒ ආකාරයෙන්ම කොපි ගහන කොට මාතලන් කියනවා වගේ මෙලෝ හසරක් තේරෙන්නේ නැති ලිපි තමයි ලියවෙන්නේ...මොනා උනත් මුකුත් නොලියා ඉන්නවට වැඩිය ඒක හොදයි....

      මේ තියෙන්න ගාඩියන් එකේ සීන් එක ගැන ලිය්පු ලිපි...

      Fonterra admits baby formula milk contaminated with toxic bacteria

      China: formula milk from New Zealand and Australia in bacteria fears


      දැන් හිතාගන්න පුළුවන්නේ අක්කිට හදිසියේ ෆොන්ටේරා මතක් උනේ ඇයි කියලා කොල්ලෙනේ.....(කොල්ලො කිව්ව ගමන් කෙන්ජියා දුවන් එන හින්දා අන්තිම වචනේ කිව්වේ නෑ කියලා හිතා ගනීල්ලා..)

      Delete
    6. ඇනෝ මම කිව්වේ අරුණිගේ මතය ගැන නෙමෙයි. ෆොන්ටෙරා කියන්න් මොකක්ද කියල නොදැන හිටි මම ඒකෙන් තමා දැනගත්තේ මේ විස්තර ටික. ඉතිං තොරතුරු ටික සාරවත් කියල කිව්වේ ඒකයි.. උත්තරේ මදි නං කියන්ටෝ...

      Delete
    7. කෙන්ජිය එන්නෙ නෑ..... ඌට බඩ යනවා....

      Delete
    8. @ Anonymous August 5, 2013 at 10:54 PM

      බොහෝම ස්තූතියි.... ලින්ක් එක සමග ලිපියට එකතු කලා...

      Delete
    9. දේශකයා, පැහැදිළියි. හැබැයි එයාගේ ඒ 'සාරවත්කම' ආවේ කොහෙන්ද කියලා ඔය උඩ ලින්ක් වලින් පේනවා නේද?

      අඩුම ගණනේ තමන් ගෙඩි පිටින් කොප්පෙ ගහන තැන වල මූලාශ්‍ර දෙන්නවත් සදාචාරයක් නැහැ.

      Delete
    10. ඔය අක්කිගේ ලින්ක් දාපු අනෝ මම...අනිත් ඇනෝ වෙන එකෙක් අවුලක් නෑ අපි ඔක්කොම ඇනෝ තමයි...නැද්ද ඇනෝ...

      ඇනෝලට ඉඩ තියන්න කියන්නේ ඕක තමයි....නිදහස් අදහස් නිදහසේ දාන්න පුළුවන් එතකොට....

      Delete
    11. තැන්ක්ස් ඇනෝ මිත්‍රයා

      Delete
    12. මුල් යුගයේ කිරිපිටිවලට අපේ ජනතාව හුරු වී නැහැ. මේ නිසා අදාල සමාගම් ප්‍රධාන නගර සහ වීදි වල නෝමිලයේ කිරි බෙදා හැර තිබෙනවා. (පැරණි පුවත්පතක-මුලාශ්‍ර දිය නොහැක) දැන් එය ජනතාවගේ එක් අවශ්‍යතාවයකි. කිරීබීම වරදක් නැහැ. නමුත්, ඇත්ත-නැත්ත පිළිබඳව දැනුවත්වීම ඊට වඩා වැදගත්.
      හයිලන්ඩ් සමාගමේ දියරකිරි බෙදා හැරීම වඩා කාර්යක්ෂම වෙනවානම් බියකින් තෝරව ජනතාවට අවශ්‍යතාවයන් සපුරාගත හැකි වේ යැයි සිතෙනවා. මට මතකයි පසුගිය කාල වකවානුවේ දේශීය කිරි ගොවියාට කිරි විකුණා ගැනීමට නොහැකිව ඊට විරෝධය පෑමක් ලෙස පාරේ කිරි හලා දැමුවා. එසේනම්, දේශීය කිරිගෝවියා අනාථ කර දේශීය කිරි නිශ්පාදනයන්ද නගා සිටුවනුයේ කෙසේ ද?

      Delete
    13. @ නිර්මලා

      ඒකම තමයි මමත් ළිපියේ විමසන්නේ. දේශීය දේ නගා සිටවනවාට වඩා. පිටරටින් එන කොමිස් කුට්ටිය ලොකුයි පාලකයන්ට.

      Delete
    14. ඕකට කියන්නෙ සහචර ධනවාදය කියලා. යම් කොම්පැණියකට පක්ෂව පාර්ලිමේන්තුවේ කතා කරන්න රවි කරුණානායක විපක්ෂ මන්ත්‍රී තුමා "මට මෙච්චර ගාණක් ඕනෑ" කියූ අවස්ථාවක් මා පෞද්ගලිකව දන්නවා. ආණ්ඩුවේ අයියලාත් ඒ වගේ තමයි. ෆොන්ටෙරා එක ගැන කටක් නාරින්නේ දෙපැත්තටම හොඳට සලකලා ඇති.

      Delete
    15. අරුණි ඕනෑ තරම් මූලාශ්‍ර ලිපියේ පල කර ඇත. බොහෝ අවස්ථා වල ඈ හා එකඟ වීමට නොහැකි වුනත් මෙහිදී ඇගේ අදහස මාතලන් හෝ අනෙකුත් අයගේ අදහස් වලට වඩා ස්ථාවර මට්ටමක පවතින බව අපගේ මතයයි.

      Delete
    16. ගෙඩි පිටින් කොපි (පරිවර්තනය) කරපු ලිපියේ මුලාශ්‍රය නැහැනෙ. අපිනෙ ඒක පෙන්නුවේ. ෆොන්ටෙරා ෂෙයාර්ස් තියෙන කෙනෙකුට නම් ඉතින් මාතලන් උන්නැහේගෙ පෝස්ට් එකෙන් රිදෙනවා තමයි.

      Delete
    17. අරුණි කියන්නේ කුණුහබ්බ බව බලා ගැනීමට අවශ්‍ය නම්. ඕනෑම ජාත්‍යන්තර ප්‍රවෘත්ති ජාලයක් නරඹා සත්‍ය වටහා ගන්න.

      Delete
    18. අහෝ ෆොන්ටෙරා ෂෙයාර්ස් ගත්තු අරුණිගේ වෙළඳපොල ක්‍රමය.
      සංසාරේ ....... සංසාරේ........

      Delete
  2. DCD විතරක් නෙවෙයි.... බැක්ටීරියා කේස් එකකුත් තියනවා.... ඒ දෙක දෙකක්.....

    ReplyDelete
    Replies
    1. මෙතනම ලියන්න. ජනතාව දැණුවත් කරණ එක පිනක්. හැකිනම් ලින්ක් එකක් එවන්න ඊට වඩා වටිනවා සිංහලෙන් ලියන් එක.

      Delete
    2. ඉන්ටර්නැශනල් කේස් එක යන්නෙ බැක්ටීරියා කේස් එකට මිසක් DCD වලට නෙවෙයි...

      තව දුරටත්.... හයිලන්ඩ්, ලක්ස්ප්‍රේ DCD කේස් එකෙන් පාස්.....

      Delete
    3. DCD කියන්නේ මොකක්ද, හාම්ෆුල් බැකිටීරීයාවේ නම මොකක්ද. මොකද වැරදි නිවැරදි කිරීම යුතුකමක්.

      Delete
    4. DCD කියන්නෙ dicyanadiamide
      //DCD is the active ingredient of Ravensdown’s eco-n and is applied as a fine particle suspension spray to grazed pastures to control nitrogen losses from cow urine patches. //

      මේකෙ හානිය ගැන හොයාගන්න විදිහක් නෑ....

      බැක්ටීරියා එක Clostridium Botulinum

      WHO වාර්ථාව කියවන්න මෙතනින්....
      http://www.who.int/csr/delibepidemics/clostridiumbotulism.pdf

      Delete
    5. බොහෝම ස්තූතියි ලින්ක් එක සමග ලිපියට එකතු කලා...

      Delete
  3. ෆොන්ටෙරා තියනවද ඒ කොච්චරද කියල අපිට මනින්න බෑනේ. ඒක කරන්න පුළුවන් පොල් බූරුවො අත් බැඳගෙන ඉන්නව

    ReplyDelete
    Replies
    1. ෆොන්ටෙරා කියන්නේ කොම්පැනියේ නම බං. අපි නොදන්න ෆොන්ටෙරා.. නිකං මොන්ටෙරෝ වගේම ඇති.

      Delete
  4. http://reargate.blogspot.com/2013/08/blog-post.html?showComment=1375569013170#c8269109669004668399

    කෙන්ජි කෑවා කෑමක්... ඇඩෙනවා.... කෝ රජ තුන්කට්ටුව.... එකට කෑවත් බොක්ක වෙනස්..

    පුන්සද සේම පායාලා රට මැද්දේ
    රන්කෙදි සේම පීරාලා පිට මැද්දේ
    මාර සෙනග වට කරගෙන බ්ලොග් මැද්දේ
    කෙන්ජි ජපන් අද තනියම යම යුද්දේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පෙන්නුවට, මගේ මතය මම එතන ලිව්වා...

      Delete
    2. කෝ අපේ වෙද මාමා එතනට ගිය වගක් පේන්න නෑ.... ඔයත් හොරා වගේ කෙන්ජියට වතුර එකක් අරන් දීලා ආවා නේද හෝදගෙන වරෙන් කියලා....

      Delete
    3. එතන ඔය කියන තරම් අවුලක් මට පෙන්නේ නෑ. කස්ටියගේ සංවාදයක් තියෙනවා. මාලන්ට කැමති නැති එකෙකුට පෙනෙයි මාලන් කාලා තියෙනවා කියලා. කෙන්ජියට අකමැති එකෙකුට පෙනෙයි කෙන්ජියා කාලා තියෙනවා කියලා. ඒක සාපෙක්ෂ කරුණක්. ඒ ඇර වැඩි දෙයක් මම එතන දකින්නේ නෑ. මම කලින් දැක්කත් ඔය දේම තමයි ලියන්නේ. ඕවා එදත් තිබුනා, අදත් තියෙනවා, හෙටත් තියෙයි. නමුත් එකම දේ සංවාදය වැදගත් කියන එකයි.

      Delete
    4. මොකද්ද ඔය කෙන්ජි-මාතලන්-වෙදනා තුන් බෑ හවුල? හැබැයි ඉතින් වයසක මිනිස්සුත් එකට සෙට් වෙන්න එපායැ. නැතුව වයසක මිනිස්සු කොල්ලො එක්ක සෙට් වෙන්නයැ?

      Delete
    5. වැඩේ තියෙන්නෙ පිට කසාගන්න විතරක් සෙට් වෙන එකනෙ....

      Delete
    6. පිට කහනවා කියලා අම්මට තාත්තට උනත් එකඟ වෙන්න බැරිදේට එකඟ වෙන්න බෑ. කෙන්ජියත් එහෙමයි, වෙදනත් එහෙමයි.

      Delete
    7. ඒක ඇත්ත.... ඒත් මාතෙ උඹ රියර්ගේට් එකේ දාපු කොමෙන්ට් එක නිකන් අහක බලන් පිට කැසුවා වගේ වැඩක්......

      Delete
    8. හා. හා. අපි ඕවට බාධා කරන්නෙ නෑ. ඔය ලොකු උන්නැහැලා තුන්දෙනා ඕනැ දෙයක් කර ගත්තාවෙ...

      Delete
    9. මට කෙන්ජියට වඩා මාලන්ව පේන්න බැහැ. ඒත් එතනනං කෙන්ජි කෑව කියලයි මට පේන්නේ. කෙන්ජිට මොකක් හරි මානසික අවුලක් තියෙනවා කියලයි හිතුනේ. නැත්තං මේ කොල්ලෝ එක්ක ඔහොම පිස්සුවෙන් විකාර දොඩවන්න යයිද?

      පවුලේ කාව හරි දන්නවනං මේ ගැන කියලා ප්‍රතිකාරවලට යොමු කරවන්න. ඕවා ඒ හැටි දේවල් නෙවෙයි.

      Delete
  5. කිරි තියෙන්නෙ හරකුන්ට පැටිය කාලෙදි බොන්න නේද? හරක් ලොකු උනහම කිරි බොන්නෑ නේද? එතකොට මිනිස්සු ජීවිතේ පුරාම එල කිරි බොන්නෙ ඇයි?
    කන්න බොන්න වෙන දේවල් නැද්ද?
    නැත්තම් අර සිගරට් , අරක්කු වගේ අපි ඒවට ඇබ්බැහි වෙලාද?

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ ඇබ්බැහියක්. අවුරුදු දෙකෙන් පස්සේ අපිට කිරි වලින් ලැබෙන කෙහෙම්මලක් නෑ.....

      Delete
    2. උඹලා ඔහොම කිව්වට පිටිකිරි බොන ජනතාවක් ඉන්නවනේ. කිරි බොන්නත් පින් කරන්න ඕන කියලා ඉස්සර මිනිස්සු කියන්නේ. අපි නම් ඉතින් හැම දේම බොනවා..

      Delete
  6. දැන් අරුණි සපීරෝ නෝනා කියන්නෙ ඇන්කර් වල DCD නෑය,ෆොන්ටේරා කියන්න මානව හිතවාදය දන්න ගුණ යහපත් වෙළෙන්දන්ගේ බහු ජාතික සමාගමක්ය කියලනෙ. අපි කාවද විශ්වාස කරන්න ඕනැ?

    ReplyDelete
    Replies
    1. එයා එහෙම එකක් කියලා නෑනේ. අනික එයා කියන එවා තෙරුම් ගන්න බොහොම අපහසුයි. ඔයා එයාගෙන් ඇහුවා නම් හොඳයි..

      Delete
    2. එහෙම කියලා නැත්තෙ මොකද? පැහැදිළිවම එහෙමනෙ කියලා තියෙන්නේ. නැවත කියවලා බලන්න.

      Delete
    3. එයා කොහොමත් එහෙම තමයි. එයා පතන ක්‍රමය මේ විශ්වයේ කෙදිනකවත් පහල නොවන දෙයක්. ඒකට මම මක් කරන්නද. මම නම් ඇයව ප්‍රශ්ණ කරණවා. මොකෝ අරුණි කියන්නේ ළෝක නීතිය නෙමෙයිනේ.

      Delete
    4. ඇත්ත. ඔබ නැවත විමසිල්ලෙන් ඇගේ පෝස්ට් එක බැලුවොත් පෙනේවි ඔබ කියන දේට 100% පටහැණි දේ ඇය කියන්නේ කියලා. චම්පික හෝ නලින් ද සිල්වා ගැන මගේ ගෞරවයක් නැහැ. නමුත් මොකා වුණත් කියන්නේ අපේ සෞඛ්‍යයට අදාළ කාරණයක් නම් අප ඊට ඇහුම්කන් දිය යුතුයි. මොකද වැරදුණොත් කෙළ වෙන්නේ අපටනේ. අරුණි ශපීරෝට නෙවෙයිනේ.

      Delete
  7. මම හිතන්නේ Highland කිරිත් සම්පූර්ණයෙන්ම ලංකාවේ කිරි. අනිත් දෙක තමයි අඹේවෙල සහ පැල්වත්ත. කොත්මලේ කිරි කාරයෝ පිටි පිටින් ගෙනල්ලා අපේ ගමක නමක් ගහගෙන විකුනන්නේ පාරිභෝගිකයා නොමග යවන්න.

    ReplyDelete
    Replies
    1. නෙස්ප්‍රේ ආයතනයත් ලංකාවෙ කිරි වලින් පිටි හදනව මං හිතන විදියට. ඒ ගොල්ල පාවිච්චි කරන්නෙ මොන රටේ කිරිද කියන එක NZ හෝ SL කියල පියනෙ ගහල තියෙනව.

      Delete
    2. නෙස්ලේ සමාගම පිළිබඳව අවුලක් මතුවෙලා නෑනේ..

      Delete
  8. Replies
    1. ස්තූතියි මචෝ දැණුවත් කිරීමට. ඒ කියන්නේ වැඩියි නේ.

      Delete
  9. අරුණි ශපීරෝ මේ ගැන අගනා ලිපියක් ලියා තිබෙන්නේය ඔබ කියන්නේ ඇයි? ඇගේ ලිපිය සැබෑ කරුණු යටපත් කොට ඇය හැමදාමත් කඩේ යන ඇමෙරිකානු ධනපතියන්ටම රෙදි ලිහාගෙන කඩේ යෑමක්ම බව ඔබට නොපෙනෙන්නේ ඇයි? මෙවැනි වැරදි තොරතුරු පැතිරීම් නිසා රෝගාබාධ වලට ලක්වන දරුවන්ට අරුණි ශපීරෝ හෝ ඇගේ ව්‍යාපාරික ස්වාමි පුරුෂයා වන්දි ගෙවනවාද? "මං සුදනා" කතාව හැම කොම්පැණි කාරයෙක්ම කියන්නකි. අර රතුපස්වල ජල දූෂණය කළ එකාත් කියන්නේ එහෙමය. ඒ වගේ උන්ට කඩේ යන (මුදලටද නොදනිමි) අරුණි ශපීරෝ වැන්නියකට ඔබ සුදු ඇඳුම් අන්දවන්නට ඔය තරම් මහන්සි ගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. "ඉතා අගනා" කෑල්ල ඉවත් කලා. එම ඡේදයත් පැහැදිලිවම වෙනස් කලා. මම කිව්වේ "ඇල්කේමියා" මේ පිළිබඳව අප දැණුවත් කරනවානම් හොඳයි කියා. අරුණි කියන දේ පිලිගන්න නොපිලිගන්න එක පුද්ගල කැමැත්ත අනුව තීරණය වන දෙයක්. මටත් ඇයගේ මතයන් ගැන ගැලළ්ය් තිබෙනවා. මම ඒවා ඇයත් සමඟ විසඳාගන්නවා. සමහර විට ඔබත් දැක ඇති. ඇමරිකාව කියන්නේ ළෝක නීතීය නොවෙයිනේ.

      Delete
    2. ස්තූතියි. ඔබ සමඟ එකඟයි. මේ ගැන අගනා ලිපියක් ලිවිය හැකි බ්ලොග්කරුවන් දෙදෙනකු ගැන පමණයි මා දන්නේ. එක් කෙනෙක් ඔබ කීවා වගේම ඇල්කෙමියා. අනෙක් කෙනා දොස්තර මිගාර වීරක්කොඩි. (ඔහුගේ දේශපාලනය මොනවා වුණත් විෂය කරුණු වලදී ඔහු අවංකයි.) ඒ හැරුණු විට තමන්ගේ දේශපාලන මතවාද උඩ දමමින් ඉන්නා අය මේ ගැන ලිවීමෙන් වන්නේ ප්‍රශ්නය තවත් දරුණු වීම පමණයි. මේ අය ලියන්නේ අමූලික බොරු. (මේ ලිව්වේ ඔබ ගැන නෙවෙයි. බ්ලොග් ලෝකයේ දේශපාලන අන්ත වල ඉන්නේ කවුද කියන එක රහසක් නෙවෙයිනේ.)

      Delete
  10. අපේ රටේ පරිසරය, සෞඛය වැනි දේ සම්භ්න්ධව මහජන හා පාරිබෝගික අයිතීන් ‍රැකීමට තිබෙන ආයතනයන් තමන්ගේ වගකීම පැහැර හැරලා...මේවායේ සිටින් නිළධාරින්ට ස්වාධීන තීරනයන් ගැනීමට තිබෙන නිදහස දේශපාලනය හා අල්ලස් වලින් අහුරලා..මුලු සමාජයම පරිහාණියකට ලක් වෙලා...රතුපස්සර සිද්ධිය මෙන්ම ෆොන්ටේර සිද්ධියද කියා පාන්නේ මුලු සමාජයේම් අ නීතිය මෙන්ම නීතිය ‍රැකීමට තිබෙන මහජන මුදලින් නඩත්තු වන ආයතන වල කඩා වැටීමයි

    ReplyDelete
    Replies
    1. 56 විප්ලවයේ පල විපාක තමයි. බූරූවන්ට ගිය රට.

      Delete
  11. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන නම් මට සත පහක විස්වාසයක් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේකට පොඩි පැහැදිලි කිරීමක් දෙන්න...

    ගර්භනී අම්මලාට බොන්න දෙන කිරි වර්ග දෙකක් තියෙනවා Enfamama (Mead Johnson) සහ baby&Me (Nestle) කියලා. මේක ගොඩක් VOGලා නිර්දේශ කරනවා. ඒවත් මේ අහිතකර කිරි පිටි ගණයට අයිතිද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔතන හොයා බලන්න වෙන්නේ. ඔය ආයතනත් අමුද්‍රව්‍ය මිලදී ගන්නේ "ෆොන්ටෙරා" ආයතනයෙන්ද කියන එක. මම දැණුවත්ව නම් නෙස්ලේ කියන්නේ වෙනම සමාගමක්.

      Delete
  12. හරක් පැටියට තියෙන කිරි හොරකම් කරලා හරක් පැටියා දෙස් තියෙනකොට තොපි මෙහේ රන්ඩු වෙනවා.

    ‍පොන්ටෙරා කියන්නේ කිරි හොරෙක්. මට වඩා හරක් පැටියා හොදට දන්නවා ඒ ගැන :D :D

    ReplyDelete
    Replies
    1. ඔයා පට්ටි ගොනාද?

      Delete
    2. හරක් පැටියෙක් කිරි ලීටර් 20 ක් විතර බොනවද ආයිබෝවන්ඩ..

      Delete
    3. ජිවිතේට එලිය දකින්නේ නැති කිරි වලට එළදෙනුන් ඇති කරන ෆැක්ටරි " වල පැටවුන් නැත .. ඉපදී මුල් පැය කීපයෙන් පසු උන් ඉවත් කෙරේ ( බොහෝ විට මරණයට ) හෝ ගැහැණු සතුන් කිරි සදහාත් පිරිමි සතුන් මස් සදහාත් වෙනම ඇති කෙරේ
      මේ එල දෙනුන්ගෙන් කිරි බොන්න පැටවුනට නො චාන්ස් .. එළදෙනුන්ගේ ( සියලු මව් වරුන්ගේ ) මුල් කිරි ( කොල්ස්ට්‍රම් ) කිසි ප්‍රයෝජනයක් ගත නොහැකි නිසා ( වාණිජ වටිනාකමක් නොමැත ) ඇතැම් විට දින 4 ක පමණ පැටවුන්ට මව සමග ඉන්නට පොට්ට චාන්ස් වැදීමට ඉඩ ඇත ... ( ලංකාවේ දී නම් එහෙමය , එහේ කොහොමද කියා දන්නේ නැත ) .

      Delete
    4. මමත් අහලා තියෙන්නේ නම් එහම තමා. උන්ට කිරි නැති උනාට, විටමින් හා වෙනත් කෑම බීම සියල්ල ලැබෙනවා.

      Delete
    5. මම ඇස් දෙකෙන් දැකලා තියනවා මාතලං ලංකාවේ එක ගොවිපලක මෙෂින් එකෙන් කිරි ගන්නකොට කිරි එකතුවෙන බාඡනයට අන්තිමට රතු පාටට හුරු ලා දුඹුරු පාට දියරක් එකතු වෙනවා . ඒ ගොවිපලේ සේවකයෙක් ඉක්මනට දුහගන ඇවිත් ඒ වැස්සි මෙෂින් එකෙන් ගැලෙව්වා , පොර කියුව විදිහට ඒ එන්නේ ''ලේ''

      Delete
    6. ඒ වගේ කිරි නිෂ්පාදනයට එකතු කර ගන්නේ නෑ කියලා තමයි කියන්නේ..

      Delete
    7. ලක්මාල් මෙතැන පෙන්නුවෙ මේ ගැටළුවෙ මානුෂික පැත්ත මට හිතෙන හැටියට. හැබැයි ඉතින් ඒ යථාර්ථයෙන් ගැළවීමකුත් නැහැ. සතුන්ට අනුකම්පාවෙන් කරන ආහාර නිෂ්පාදනයෙන් ආහාර මිළ ගණන් තවත් ඉහළ යනවා. එතකොට වෙන්නේ සතුන්ට වෙන හිංසාව මිනිසුන්ට වෙන එක.

      Delete
    8. සත්තු විතරක් නෙමෙයි ගස් කොලන් කන එකත් පව්. නොකා හිටියෝත් අපි පවු..

      Delete
  13. ඉතාමත් හොඳ සටහනක්. මේ ඒ ගැන පුවතක්

    නවසීලන්තයෙන් ගෙන්වන කිරිවලට රේගු තහනමක්
    මිනිස් සිරුරට අහිතකර බැක්ටීරියාවක් ඇති බවට සැක
    ආරක්ෂාකාරී පියවරක් ලෙස මේ තීන්දුව ගත් බව බලධාරීහු කියති
    චීනය-සිංගප්පූරුව හා රුසියාවත් නවසීලන්ත කිරි තහනම් කරලා

    සන්ධ්‍යා කරුණාරත්න
    නවසීලන්තයේ බහු ජාතික සමාගමක් මෙරටට ගෙන්වන කිරි පිටි ආහාර නිෂ්පාදනයන් වෙළඳපොළට නිකුත් කිරීම මේ වන විට රේගුවෙන් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එරට නිෂ්පාදිත ඇතැම් ආහාරවල "වේ ප්‍රෝටීන් කොන්සන්ට්‍රේට් (WPC80)" අඩංගු බවට වාර්තා වීමත් සමඟ මහජන ආරක්ෂාකාරි පියවරක් ලෙස මේ තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසුවේය.

    එළකිරිවලින් චීස් සෑදූ පසු ඉතිරි වන කොටස වේ ප්‍රෝටීන් කොන්සන්ට්‍රේට් නමින් හැඳින්වේ.

    බොඩ්යුලිනිසම් (Bodulinism) නම් වූ බැක්ටීරියාවක් වේ ප්‍රෝටීන් කොන්සන්ට්‍රේට්වල අඩංගු වීම මේ ගැටලුවට හේතු වී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවැසුවේය.

    මේ බැක්ටීරියාව මිනිස් සිරුරට අහිතකර වීම හේතුවෙන් එම නිෂ්පාදනයන් පූර්ණ පරීක්ෂාවකට ලක්කර වෙළඳපොළට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    නවසීලන්තයේ බහු ජාතික සමාගමක නිෂ්පාදන චීන රජයේ භාවිතා කිරිම තහනම් කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

    රුසියාව, සිංගප්පූරුව, මැද පෙරදිග යනාදී රටවලටද මේ නිෂ්පාදන නවසීලන්තයෙන් ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවට මේ ගැටලුකාරි තත්ත්වය සහිත වූ නිෂ්පාදන ආනයනය කර නොමැති බවට නවසීලන්ත රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    http://www.dinamina.lk/2013/08/06/_art.asp?fn=n1308061

    ReplyDelete
    Replies
    1. නොබොන කිරිත් බොන්න හිතෙන්නෙ ගූ දිණමින මෙහෙම ලිව්වාම....
      නවසීලන්ත රජය ශ්‍රි ලංකා රජයට දැනුම් දුන්නෙ පුකෙන්ද?

      පත්තර වල කුණු මෙතන ඔබන්න එපා...

      ඔබලාගේ පල් බොරු හෑලි ඔබලා ම කියවලා ස්වයන් වින්දනය කර ශුක්‍ර පිටකර ගන්න....

      Delete
    2. ඕකනේ කරුමේ.. එතකොට මේ නවසීලන්තේ හොඳම එක අපේ රටට දීලා. අනිත් රටවලට ජරාව දීලා. සාමාන්‍යයෙන් අපි නම් අහලා තියෙන්නේ. කොළඹට කිරි ගමට කැකිරි, ලංකාවට ටින්කිරි කියලයි.

      Delete
    3. ඇයි බන් ගොන් මාතලන් උඹ මේ ගූ පත්තරේ තියන එක එහෙම්ම පිලිගන්නේ.... මෙහෙම දෙයක් වෙලා නැතුව ෆොන්ටෙරා එකේ කුට්ටියකට මෙහෙම ලියන්නත් පුලුවන්නේ....

      Delete
    4. ඒක නෙන්නම් හකරෝ මම මේ කියලා තියෙන්නේ. මේ පට්ට පල් බොරු කියලා. ලංකාවට එන්නේ බාල බඩු. ඕනම එකක. නලියා පිලිගත්තට මම ඕවා පිලිගන්නේ නෑ. ව්‍යගයෙන් කියන් දේ තේරුම් ගන්න උත්සාහ කරපන්.

      Delete
    5. //ලංකාවට එන්නේ බාල බඩු. ඕනම එකක. //

      මං මේ කමෙන්ට් කියෝ ගෙන යන ගමන් මේක දැක්කෙ.. ආයිත් කියන්න දෙයක් නෑ... කිරිපිටි තියා තිරිඟු පිටිවත් ලංකාවට හොඳම කොලිටි එකේ ඒවා එන්නේ නෑ... ( අපේ තේ කොළ ටිකෙත් රොඩු ටික විතරනේ අපිට හම්බුවෙන්නෙ..)

      මට මතක විදියට ෆොන්ටෙරා වලින් ලංකාවට එන කිරිපිටිවලත් එක එක කොලිටි තියෙනවා... ඇන්කර් එක්ස්පෝට් කරන්නේ කොලිටි වැඩි එක.. මැදපෙරදිග පැත්තෙ ඉඳන් එන කෙනෙක්ට කියලා ඇන්කර් ටින් එකක් ගෙනත් බීලා බැලුවොත් තේරෙනව ඒකෙ රසත් වෙනස් කියලා...

      Delete
    6. උම්බෑ... උම්බෑ....
      උම්බෑ... උම්බෑ....
      උම්බෑ... උම්බෑ....
      උම්බෑ... උම්බෑ....
      උම්බෑ... උම්බෑ....

      Delete
    7. /නලියා පිලිගත්තට මම ඕවා පිලිගන්නේ නෑ./

      නලියාට අරුණි ශපීරෝලාට වෙනම ඇජෙන්ඩා තියෙනවා. මාතලන්ට එහෙම ඇජෙන්ඩා ඇති බවක් පේන්න නැහැ. ඒ හන්දා මාතලන් අන්දන එක අමාරුයි.

      Delete
    8. නචසීලන්තයේ අගමැති නම් කිරිපිටි දුෂ්‍ය වීම ගැන සමාගම කරුණු දැක්වීමට ප්‍රමාදවීම ගැන දොස් කියලා නම් තිබුනා....
      PM questions Fonterra's delay

      Delete
    9. මමත් කියෙව්වා..

      Delete
    10. අඩේ ලංකාවට එන්නේ බාල බඩු උනාට .. ලංකාවේ ඉන්නෙනම් සුපිරි බඩු (පොස්ටුවට අදාල නැත සොරි හොදේ.....)

      Delete
    11. මැලේ අච්ඡාරු
      අදත් ඡේදයක්වත් කියවලා නෑ

      Delete
  14. දැන් ලංකාවේ හරක් මරන්නෙ නැතිනිසා බොදු බල සෙනාවට පුලුවන්නෙ රටටම කිරි දෙන්න......අර මොකද්ද ජාතික පශු සම්පත් අමත්‍යන්ශයක් තියෙන්නෙ නමටද....

    ReplyDelete
    Replies
    1. තියෙනවා ඇමතියා නං මොකාද දන්නේ නෑ. උප ඇමතියා නම් ඔය ඉඳ හිට සංවාද වලට ඇවිත් උම්බෑ කියලා යන්නේ..

      Delete
  15. විෂ සහිත කිරි..
    විෂ සහිත වතුර...
    විෂ සහිත වාතය....
    විෂ සහිත එළවලු.....
    විෂ සහිත සහල්.......
    විෂ සහිත පොලිසි.......
    විෂ සහිත දේශපාලුවෝ.......

    ආශ්චර්යයි හසන්ත මහත්තයෝ මේකනම් ආශ්චර්යයයි ....

    ReplyDelete
    Replies
    1. විෂ සහිත මූනිස්සම්..
      විෂ දල සහිත පලාත් සභා...

      Delete
  16. අපි කන බොන මොන දේද විස නැත්තෙ කියල හිතමු.. එලවළු විසයි රසායන නිසා වතුර .. මාළු විසයි ෆෝමලින් නිස හාල් විසයි .. විසයි කිරි විසයි..විස නැත්තෙ හිලඟ විතරයි ඒකත් ටිකටික විස වේගෙන යනවා. මෙහේ නම් ඒකත් විසයි..

    ReplyDelete
  17. මම බොහොම කාලෙකට කලින් මේ ගැන කිව්වා මතක ඇති. නමුත් ඒ කාලේ මේක එතරම් අවදානයට ලක් වුනේ නැහැ. මම ඒ ගැන කතා කලේ අත්දැකීම් කිහිපයක් නිසා. මගේ මතය නම් කිරිපිටි කොහොමත් විෂ ඇති කරනවා. මාතලන් මෙහෙම ලිව්ව එක ඉතාම වටිනවා. ඇල්කෙමියට මේ දිනවල මේවා ලියන්න තරම් විවේකයක් නැහැ. ඒ වුනත් ඇල් මොනවා හරි යන්තම ලිපියක් ලියන්න. මේ ලිපිය වුනත් මම බොහොම කලබලෙන් බැලුවේ මටත් ටික දිනක් එන්න වෙන්නෙ නැහැ. ජාලෙට නිවාඩුවක් දෙන්න වෙනවා මාස කීපෙකට. ඒත් මේක අත් හරින්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි වෙද මහත්තයා.. මමත් පට්ට බිසි.. අද නම් පොඩි නිවාඩුවක් හම්බ උනා..

      Delete
    2. චිහ්... කෙන්ජි ගැන වචනයක් වත් කතා නොකර ඔහොම යන එක හරි මදී.... අඩුගානෙ කෙන්ජිගෙ බඩ යන එකට බෙහෙතක් වත් දීලා ගියානම්....

      Delete
    3. කිරි පිටි විතරක් නෙවෙයි, සම්ප්‍රදායික කෘෂිකාර්මික පරිසරයන්හි දීර්ඝ කාලයක් (අවුරුදු දහස් ගණනක්) ඉඳලා ඒවාට හැඩ ජාන ගැහිච්චි මිනිස්සුන්ට කිරිත් එක්තරා මට්ටමකට විෂයි. (ළමයින්ට හැරුණු විට) කිරි භාවිතය ඔබින්නේ දීර්ඝ කාලීන එඬේර සමාජ වලට, අරාබියෙ, යුරෝපයේ වාගෙ. ඔයාට ආයුර්වේදෙ ඒක කියලා දුන්නෙ නැද්ද?

      Delete
    4. ඇනෝ මගේ බොහොම කලින් ලිපිය කියවලා බැලුව නම් ඔබට මේ කමෙන්ට් එකට කාලය වැය කරන්න වෙන්නෙ නැහැ. ස්තුතියි. ටික දිනකට ආයුබෝවන්.

      Delete
    5. 'බොහොම කලින්' ලිපියට ලින්ක් එකක් දෙන්ඩකෝ යන්ඩ කලින්.

      Delete
    6. මමත් පට්ට වැඩවලට හිර වුනා.
      දරුවො දෙන්නගෙ නිවාඩු හින්ද තවත් බිසී.

      Delete
    7. හප්පේ මචෝ උඹ නැතුව ඇනෝලා මැරෙනවා තව ටිකෙන්..

      Delete
    8. මේ අර පස්ස ගේට්ටුව ලඟදි නාල රීල කිච උන කුණුහරුප කියන මහත්තයද ?

      Delete
  18. මහාචාර්ය මාතලන් තුමනි,
    ඔය මහ ලොකුවට කිරි ගවයන් නිදහස් කලාම අපේ එවුන් හිතන්නේ එව්වා ලංකාවේ කියාය.ඒත් මැලිබනුත් ඕස්ට්‍රේලියන් ඒවාය.මං දන්නා තරමින් ෆොන්ටෙරා ය.2008 මෙලමයින් කේස් එක මතක ඇතයි සිතමි.ඒ සැරේ මාට්ටු වුනේ එඩ්නා චොකලට්ය.ඇන්කර් වලත් මාට්ටු උනාට ඒක යට ගහන්නට බලධරයෝ සමත් වූහ.2008 න් පස්සේ ඇන්කර් පිටි වල ඝනකම අඩු වූ බව බීපු එවුන් දනිති.

    ලංකාවේ එකක් බිව්වානම් අවුලක් නැතිය.

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දේශීය දෙක ගැන ලිව්වේ. අනිත් ඒවා ගැන නොදැන් ලියන්න බෑනේ..

      Delete
    2. දුලාගේ අඩවියේ™ දුලා
      උඹේ නැට්ට හලන්න එපා යකෝ හැම තැනම.... ඔය රෙද්ද බලන්න එන්නෙ නෑ.... මළ අඩඇඩියාව....

      Delete
    3. @ Ano
      ඔබ නාවා කියා මට කිසිම පාඩුවක් නැත.ඔබට එන්නට කිව්වේද නැත.

      //උඹේ නැට්ට හලන්න එපා//
      ඊලඟ සැරේවත් අර්ථවත් ප්‍රස්ථාව පිරුළක් සටහන් කිරීමට මතක තබා ගන්න!

      මම දුලාගේ අඩවියේ™ දුලා

      Delete
  19. කරුණාකර මේ ලිපිය ඉවත් කර ගන්න.මාතලන්ට ඕන ගාණක් දෙන්නම්
    -පොන්නටෙරා සමාගම-

    ReplyDelete
    Replies
    1. ඉවත් කර ගන්න බැරිම නම් මේ ටිකවත් එකතු කරන්නකෝ අනේ.

      "ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි. ලෝකයේ කිරි ආහාර ආනයනයේ 30% ක වගකීම දරන මෙය නවසීලන්තයේ විශාලතම කොම්පැණිය වෙන අතර නවසීලන්ත ඩොලර් බිලියන 20 ක පමණ ආදායමක් (ලාබයක් නොවේ) සොයන්නකි. නවසීලන්තයේ කිරිපිටි සහ බටර් කර්මාන්තය එරටේ commodity exports විදේශ ආදායමෙන් 25% ක් උපයන්නකි. බොරු කියා ඒ ආදායම උපයන්නට නොහැකි බව වෙන කිසිවෙකුටත් වඩා හොඳින් දන්නේ නවසීලන්තයේ ආණ්ඩුව සහ එහි ව්‍යාපාරිකයන් වෙති."

      "මෙලාමින් හෝඩුවාවන් ඇති කිරිපිටි හැදුවේ චීන සමාගමක් විසින් යැයි ද එහි කොටස්කරුවෙකු වූ ෆොන්ටෙරා සමාගම ඒ ගැන ලෝකයාගේ අවධානය යොමු කළා යැයි ද දන්නේ කීයෙන් කී දෙනා ද? DCD ගැන පැතිර ගිය ආන්දෝලනය තරම් ප්‍රසිද්ධියක් DCD නැතැයි වාර්තාවට ද, ඒ ගැන ෆොන්ටෙරා සමාගම ක්‍රියා කළ ආකාරය ගැන පැසසුම් ලද බව කොතරම් වාර්තා වූවා ද?"

      "අවිනිශ්චිත ලෝකයක කිසිත් අවදානමක් නැතිව යමක් නිෂ්පාදනයට හැකි යැයි අයෙක් සිතන්නේ නම් ඔහු මුලා වූවෙකි. අපි කන බොන කිරි, මස් හා එළවළු යනාදී සියල්ල ලෝක ස්වභාවයෙන් ද මිනිස් ස්වභාවයෙන් ද අනතුරු උපදින හැකියාව සහමුලින් තුරන් කරන්නට සමත් වු ජගතෙක් ඉතිහාසේ ද වර්තමානයේ ද නොසිටියි."

      Delete
    2. ෆැක්ටරිය හා අගමැති පිලිගන්න දේ. සමහර අය පිලිගන්න කැමති නෑ..

      Delete
  20. මේ කිරිපිටිවල කිසිම අහිතකර තත්වයක් නැත කියා කී සැරයක් නම් රාජ්‍ය , පුද්ගලික නාලිකා වල බෙරිහන් දුන්නද?
    බුදුන් දවස - කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇටයක් සොයාගෙන එන ලෙස කිසාගෝතමියට පැවසුවේය.
    මිහින් දවස - ප්‍රමිතියකින් යුතු ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සොයාගෙන එන ලෙස ඔබට කීමට සිදුවේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නේ. ප්‍රමිත තෙන්නකෝන් පුතත් පිස්සු කෙලින කාළයක් නේ මේක. අබුද්දස්ස කාළේ ලබුත් තිත්තයිලු රාලේ...

      Delete
  21. යකෝ මම මේ රටේ නෙමේද හිටියේ මෙච්චර සින් එකක් වෙනකම්ම.
    කොහෙද මේ දාන,දාන හැම මගුලේම යන්නේ රතුපස්වල මානුෂිය මෙහෙයුමනේ.
    බොහෝම ස්තුතියි මාතලන් මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා. බොනවනම් අදම නවත්තන්න.

      Delete
  22. නපුරු දුදනන්ගෙ සියොලග හිම විසය කියල අපිත් ඔන්න ඔහෙ බොමු බන්.මුන් අපිට කොහොමත් වෑඩිකල් ඉන්න දෙන්නෙ නෑ නෙ

    ReplyDelete
    Replies
    1. මුන් අපිට ඉන්න දෙන්නේ නැති බව සැබෑය.ඒත් මොකටද බං දැන දැන වස බොන්නේ.ඔන්න ඔහේ පැලවත්ත බීගෙන ඉමු බං දෙය්යන්ගෙ පිහිටින්.

      Delete
    2. ඔව් ඉතින් බත් වලත් වහ තියෙන එකේ ඕක මොකක්ද...?

      Delete
  23. කොමෙන්ට් ටිකයි ලිපියයි කියෝලා ,,හොද දැනුමක් ගත්තා ඈ ,,සිද්දිය ගැන නිසි අවබෝධයක් නොතිබුණු මට ඔයාගේ ලිපිය වැදගත් වුණා ..තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ඔහේට මේ ගැන අවුලක් නෑනේ. ඔහේ පිටිකිරි හොයාගන්නත් නෑ.

      Delete
  24. කියවන්නෙක් පමණිAugust 6, 2013 at 2:35 AM

    මට මතකයි ටික කාලෙකට කලින් පොෂණවේදියෙක් කියනවා ලංකාවට එන හැම කිරි වර්ගයකම හොදම කොටස (යොදය) ඔවුන් අරගෙන ඉතුරැ වෙනටික පිටිකරලා කෘතිමව ප්‍රෝටීන් හා පොෂ්‍ය පදාර්ථ එක් කරනවා කියන එක වගේම ලංකාවේ තියෙන හොදම කිරිපිටි එක හයිලන්ඩ් කියන එක.
    හයිලන්ඩ් කැටිගැසීම වැලැක්වීමටවත් රසායනිකයන් යොදා නැති නිසා හදන්න ටිකක් අමාරැයි. ඒවගේම අනෙක් කිරිවලට සාපේක්ෂව රසයි ගුණයි.
    (ඇඩ් එක්ක නොවන පුද්ගලික අදහසකි)

    ReplyDelete
    Replies
    1. හයිලන්ඩ් දේශීය නිශ්පාදනයක් නෙවෙයිනේ..

      Delete
    2. ඔව් හයිලන්ඩ් හරිම රසයි ,,ලාබයි ,,ටිකක් නිමුණ උණුවතුර වලින් පිටි ටික කලවම් කරන් ඊට පස්සේ හොදට කහට දාලා ගත්තම පට්ට රහයි ඈ ,,

      @මාතලන් මාමේ ,, ඔව් මෙහෙ ආවට පස්සේ පිටිකිරි දැක්කෙවත් නැහැ

      Delete
  25. මේ ඔක්කොම කතන්දර අස්සේ බීවට වරදක් නැහැ කියන කිරි පිටි ටිකේ ගාන රොකට් වෙයිද දන්නේ නැහැ මාතලන්?

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ මචෝ. අනිත් රටවල් තහනම් කරපු නිසා ඕන් දැන් මෙහෙත් වරායෙන් පිටකිරීම තහනම් කරලලු. ඒත් මාකට් එකේ තියෙන එවා අඩුවට දෙනවා. අපේ උන් අඩුවට දෙනවනම් දෙමළ පත්තරෙත් ගන්න උන් නේ..

      Delete
  26. සී ලංකාවට බාල බඩු ගෙන්වන්න කප් ගහපු මන්ද අයියගෙ පාන්ඩුවෙ කිලිපිචි ගැන මොන කතා ද අනේ..!
    මියැදුන සිලි ලංකා පස්සෙ කිලුල හිමි කුමාරය ගෙ කලුපාට අවතාරෙ,මිලියන් ගනන් වියදං කොර කොර කේප්ප වැස්සියො ගෙන්නල එයා පට්ටි ගැහැව්වට, ඒ කිරි පිටි කරන්න බැරිව ඇත්තෙ එයාගේ සාන්ද්‍රනේ ඇල්කොහොල් සහ තව ලෙඩ නිසා DCD වැඩි හින්ද වෙන්න ඇති.
    අවුරුද්දකට විතර කලින් ලොක්ක සේෆ්ටි හෙල්මටුත් දාගෙන ගිහිල්ල ලංකාවට කැ/කි රි දෙන්න මගුලක් ඕපන් කොලා නේද?

    ReplyDelete
    Replies
    1. කේප්ප වැස්සියොත් ගේනවා, ෆැක්ටරිත් අරිනවා, කිරිත් නිපදනවා. ඒ උනාට ඒ වගේ නෙමෙයිනේ ෆොරින් කන්ට්‍රීස් වලින් එන කොමිසන් එක. ඉන්දියාවේ ප්‍රාන්තයක් උනා නම් මිනිස්සුන්ට මීට වඩා අඩු වියදමෙන් කන්න බොන්න වත් හම්බ වේවි..

      Delete
    2. මේ අර පස්ස ගේට්ටුව ලඟදි නාල රීල කිච උන කුණුහරුප කියන මහත්තයද ?

      Delete
    3. ඔව් එයා තමයි එක එතනින් ඉවර කරමු නේද...?

      Delete
    4. මේ බ්ලොග් අවකාශෙ තරුවක්නෙ....

      Delete
    5. @මාතලන්, ඉවර කරන්න පුළුවන් මේ රට ගිය අන්කල්ලා ඇන්ටිලා දැන්වත් යමක් ඉගෙන ගන්නවා නම්. මේ රටේ ඉන්න කෙප්ප වස්සෝ වැස්සියො හිතාගෙන ඉන්නෙ කටුනායකින් රට යන්න ප්ලේන් එකේ නැග්ග ගමන් තමන් මාර මොළකාරයො වෙන්වාය කියලා. නෑ, උන් අර මේ රටේ ඉන්න හිටපු කෙප්ප වස්සෝ වැස්සියෝම තමයි. අනේ අපේ රටේ නම් ඔහොම නෑ ලංකාවෙ තමයි ඔහොම කියලා ප්‍රදර්ශනය කරන්නෙ තමන්ගෙ හීන මානය.

      ලංකාව කියන්නෙ නොදියුණු ජනගහණයෙන් 90%ක් මෝඩ මිනිස්සු, හොර දේශපාලුවො ඉන්න රටක් තමයි. එහෙම රටක් එක රැයින් දියුණු රටක් වෙන්නෙ නැති බව ඕනැ ගොනෙකුට තේරෙන්න ඕනැ. ලෝකෙ හැම දියුණු රටක්ම එක කාලෙක ලංකාව වගේ හරි ඊටත් අන්තයි. ඒ මිනිස්සු මහන්සියෙන් දියුණු වුණේ. අපිත් හිමින් සැරේ හරි කවදා හරි එතැනට යයි. ඒ යනකල් ඔය සන්සන්දන පුස් පාට් දාන එකේ තේරුමක් නැහැ.

      Delete
  27. Mehema baluwama yako dan thiyana mona labbakwath kanna baane. Ekko CN, Hg, Melamine, DCD, Krushi rasaayana, Acid.... Ane manda.. Ethakota pasda kanna kiyanne? Aa pas kannath ba... Arsenic ne!
    Me mama labana sathiya iwara wenakota Sinhalen comment daannam honde? Dan me Nokia 6720c eke Sinhala na. (Ekata daanna widiyak dannawa nam kiyannako.)

    ReplyDelete
    Replies
    1. පස් කන්නත් බෑ, වතුර බොන්නත් බෑ.. අකුරු දාන හැටිනම් දන්නෙ නෑ පැටියෝ. දන්න එකෙක් ඉන්නවනම් මූට කියා දියෝ.. සහනුත් නෑනේ හුඟ කලකින්. ඌ නම් ඕවා දන්නවා..

      Delete
  28. ඔබට ඉතාමත්ම ස්තූතියි මේ ලිපියට.මේ දිනවල රූපවාහිනියේ යන දැන්වීමක් දැක හිත සැහැල්ලු කර ගත්තා. ඉන් කියවුනේ Fontera ආයතනයේ නිශ්පාදනවල අහිතකර දේ අඩංගු නැති බවයි.
    ඒ වගේ බොරු ප්‍රකශ කරනවාට නඩු දාන්න බැරිද? කුඩා දරුවන් බොන කිරි පිටි ගැනවත් නිසි ප්‍රමිතියකින් කටයුතු කරන්න රජයට උව්මනාවක් නැතිද?

    ReplyDelete
    Replies
    1. අමු පච කෙලින්නේ. අද හවස වන විට මුළු ළෝකෙම නවත්තලා. දන්න දන්න අයට පණිවිඩය දෙන්න.. අපේ රටේ උන්ට මිනිස්සු මැරුනට ගානක් නෑ. වෙඩි තියලත් මරලා දාන රටනේ.

      Delete
  29. මාතලන්, අර පිස්සු මළ හෝන්තුව එක්ක වාද නොකර උඹේ වැඩක් බ්ලාගෙන හිටපන්. ඔය පිස්සි එක්ක වාද කරලා දිනපු එකෙක් නැහැ. කුස්සි අම්මා විතරක් වුණාට ලෝකේ ඉහළම වෛද්‍ය විශේෂඥයින්ටත් වඩා එයා වෛද්‍ය විද්‍යාව දන්නවා. රසායන විද්‍යාඥයින්ටත් වඩා රසායන විද්‍යාව දන්නවා. භෞතික විද්‍යාඥයින්ටත් භෞතික විද්‍යාව කියලා දෙන්න පුළුවන්. මොකද එයානෙ ලෝකෙ ඔක්කෝම දේවල් දන්නෙ. උඹත් ඔය අනෙක් එවුන් වගේ "අක්කේ හරි චෝයි ලිපිය" කිය කියා හිටපන්. නැත්නම් උඹත් ළඟදිම මුග්ධයෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචෝ. මම නම් කියන එක, එයාට නෙමෙයි බුදුන්ට උනත් කියනවා. එයත් ආතල් එකේ උත්තර දෙනවා. අපි ඉතින් සාමයට බර පොරවල්නේ..

      Delete
  30. මෙන්න මාතලන් ඔය ගැන තියෙන තව ලිපියක්. මම මේක දැක්කේ ඔයාගේ සින්ඩියේම තිබිලා.

    නවසීලන්ත කිරිපිටි වල වස තිබෙනවද?
    http://www.lankaikman.com/2013/08/blog-post_9632.html

    -Dhanushka-

    ReplyDelete
  31. මුලින්ම අමුණා ඇති සබැඳියෙන් පිටුව කියවිය නොහැකියි. මෙන්න Wall Street Journal ලිපියේ සබැඳිය: http://online.wsj.com/article/SB10001424127887323968704578648960829707562.html
    එය කියවන්නෙකුට එහි ඇත්තේ ද, මාතලන් "වස විස පිරි "ෆොන්ටෙරා" කිරි" කියා සිංහලෙන් දැමුවත් ඉංග්‍රීසියෙන් දමා ඇත්තෙහි ද සිංහල පරිවර්තනය නම් "කිරිපිටි බියගැන්වීම ගැන ෆොන්ටෙරා සමාව අයදියි," කියා බව කියවන්නට හැකියි.

    "වස විස පිරි" සහ "කිරිපිටි බියගැන්වීමක්" අතර වෙනස කුමක් දැයි නොදන්නා අය ගැන ඇත්තේ අනුකම්පාවකි. ඔවුන් කරන තෝරාගැනීම් නිසා පත්වන රාජ්‍ය පාලකයන් යටතේ ජීවත්වෙන්නට සහ මිය යන්නට අන් අයට සිද්ධ වීම ඛේදවාචයකි.

    වතුරේ ආසනික් ඇතැයි ද, හඳුනා නොගත් වකුගඩු රෝගයක් පැතිර යනවා යැයි ඇහෙන රටක, පිටරටෙන් එන පිටිකිරි වලට වඩා උණුකර බොන වතුර හොඳ යැයි කියූ ඇල්කෙමියා මල්ලිට වතුරේ ආසනික් ප්‍රමාණය උණුකර නිවා බීමේ දී වැඩියෙන් ශරීරගත වන බව අතපසු වී තිබුණි. එහෙත් වතුරේ ආසනික් ඇතැයි කිව්වේ ඇල්කෙමියා මල්ලී හෝ මම නොවන නිසා එය ඒ ගැන සහතික කළ නාථ දෙයියන් වෙතින් ඇසිය යුත්තකි.

    මගේ සටහනට සබැඳියක් අමුණන මාතලන් මා ලියූ සටහන කියවා ඇත්දැයි සැකයි. එය කියෙව්වා නම් එහි විභාග කරන ලද්දේ දේශීය හෝ විදේශීය කියා හෝ එසේත් නැතිව සාමාන්‍යයෙන් කිරිපිටි වල ගුණ අගුණ ගැන නොව මේ ෆොන්ටෙරා අර්බුදයේ වාර්තාකරණය ගැන බව දකින්නට පුළුවන්.

    තමන් කරන ක්‍රියාවකින් ලැබෙන හොඳ සහ නරක ප්‍රතිඵල කෙසේ ලැබෙනවා ද යන්න වටහා ගත හැකියාව නැති, අධිකාරියක් කියන නිසා පිළිගන්නට හුරු වූ රූකඩයන්ට පීඩක ආණ්ඩුවක් තවත් රුදුරු වෙද්දී එය හදාගන්නේ හෝ වෙනස් ආණ්ඩුවක් ගෙනෙන්නේ කෙසේ කියා ද දැනුමක් නොලැබේ.

    කියන දෙයක් වටහා ගන්නට කිසියම් උත්සාහයක් නොගෙන්නේ නම් නිකම් ආතල් ගන්නට වාද කරන්නට ඔබට කාලයක් තිබුණාට මේ කෙටි ජීවිතයේ දී මට ඒ සඳහා නාස්ති කරන්නට කාලයක් නොමැති බව මාතලන්ට කියමි. සටන් වැදීම හා සාමයෙන් කල් ගෙවීම එක්ක කාලය නාස්ති කිරීම යන්න පටලවා ගන්න එපා!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට උරණ වීමට මා මෙහි කිසි දෙයක් කියා නැත. ඔබ සමච්චලයට ලක් කරන්නේ ඔබ හැදී වැඩි ඉගෙනගත් රටටයි. අප නොව ඔබද ජීවත් වන්නේ තෝරා ගත් නායකයන් යටතේයි. මුළු ළෝකයම ප්‍රතික්ෂේප කරනා ෆොන්ටෙරා කිරි පිටි හා කොම්පැනි ඔබට ලොකු වූවට අපට ලොකු නැත. ඔබ සිතන්නේ ඔබ සැමවිටම නිවැරදියයි කියාය. ඔබට වැරදුනු තැන් මම අනන්තවත් පෙන්වා දී ඇත. ඔබ කලබල වූවාට. අද අප රට තුලද එම කිරි පිටි තහන්ම් කර ඇත. අපට ඇති එකම ප්‍රශ්ණය තිබූ කිරිපිටි අඩු මිළ ගනන් යටතේ වෙළඳ පොලට නිකුත් කිරීම පමණි.

      ආතල් ගන්නේ මා නොව ඔබයි. ඔබ පතනා ක්‍රමය. මේ ළෝකේ තිබෙන්නේ කොහේදයි කියා දෙන්නේ නම් මැනවි.

      Delete
    2. මෙන්න මේ ශුද්ද හින්ගලෙන් තියෙන ලිපිය කියවන්න. සමාව අයදීම නම් කරන්නේ ඉන්ගිරිසියෙන්...

      http://www.lankaikman.com/2013/08/blog-post_9632.html

      Delete
    3. //කියන දෙයක් වටහා ගන්නට කිසියම් උත්සාහයක් නොගෙන්නේ// අම්මපා, මෙන්න මෙයා කියන දේ විතරක් පිළිගන්න. ඇමරිකාවේ ගිය නැති නිසා අපේ රටේ බොග දාන උන්ගේ ඔලු ගෙඩි ඇතුලේ මොළ ගෙඩි නෑ කියල මෙයා හිතාගෙන ඉන්නේ.

      Delete
    4. අනේ මේ කුස්සි අම්මානෙ ඔක්කෝම දන්නෙ. ඉංග්‍රීසි ලිපි ගෙඩි පිටින් පරිවර්තනය කරලා අඩු ගානෙ ලින්ක් වත් දාන්න සදාචාරයක් නැතුව එනවා මෙතැන බණ කියන්න. මේවා ලියනවාට ඔයාට ෆොන්ටේරා එකෙන් ගෙවනවාද නැත්නම් ඔයාට ඇත්තටම පිස්සුද? අර සුද්දා පව්.

      Delete
    5. මෙයාට මේ මළ පැනලා තියෙන්නෙ ඇල්කෙමියා උදේට කිරි පිටි නොබී ගෙදරම පලතුරු වීදුරුවක් හදා ගෙන බොනවා කියපු කතාවට. මං දැක්කා ඒකට ඇල්කෙමියාට 'ආත්මාර්ථකාමියා' කියලා බැනලා තිබුණා. මෙයාට අනුව නම් ඒක ආත්මාර්ථකාමීකමක් තමයි. මොකද ගෙදර පැපොල් ගෙඩියක්, කොමඩු ගෙඩියක් කඩාගෙන හදාගෙන බිව්වාම ෆොන්ටෙරා එකට ගාණක් යන්නෙ නෑනෙ. මට පෙන්නේ මෙයාට හරි හස්බන්ඩාට හරි ෆොන්ටෙරා ෂෙයාර්ස් ඇති. මෙච්චර රිදිල තියෙන්නේ ඒක තමයි. අනේ පව්. අදත් කොහෙන් හරි පරිවර්තනය කරලා දායි හෑල්ලක්.

      Delete
    6. ආ මේ කතා කරන්නේ NGO පදේට ද කොහේදෝ බොග ලියන, සුද්දෙක් බැදගෙන රට පැන්න ලොකු අක්කි ගැන නේද? සල්ලි නැතිනම් කාලය තත්පරයක්වත් වෙන් කරන්නේ නැති මෙයා අනේ අපිට නිකන්ලු බොග දාන්නේ. එයාගේ බොග කාමරේට එන අයටයි, වෙලාවකට එළියට පැනලා අනිත් අයගේ කාමරවල ඉන්න අයටයි වෙඩි තියන්නෙත් මෙයානේ. ඇමරිකා සගුස්කුරුතිය නොවැ.

      එච්චර පඬිනම් එන්කෝ අපි රියල් සංවාදයක් කොරමු.
      අක්කි දවසක් කීවානේ "බොදු බලු බල සේනා තහනම් කිරීම වැරැදියි" කියලා. බැරිනම් කිරිපිටි ගැන, රතු පස්වල ඇසිඩ් වගේ මාතෘකාත් හොදා. අක්කිත් කැමතිනම් දෙන්නකෝ මාතලං මහචාර්ය්‍යතුමෝ අපිට දිනයක් වේලාවක් වෙන් කොරලා. අක්කිටත් පරිවර්තන ඔක්කෝම ලෑස්ති කරගන්න පුළුවන් දවසක් අහගමු.
      (හැබෑටම බලු සේනා තහනම් කොරන්නේ කොහොමදැ, එකේ අණ දෙන නිලධාරී ගොඨා ඇමරිකන් කකුළක් නොවැ)

      Delete
    7. හපොයි එයාට එළියට බැහැලා වාද කරන්න බෑ. පරිවර්තන දදා ඉන්නවා මිසක. කවුරු හරි අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් කමෙන්ට් බ්ලොක් කරනවා.

      Delete
    8. ඇත්ත අදහස. එයාට එළියේ වාද බෑ. එන කෙනෙක්ව ගෙට දාගෙන තලනවා. එකත් හරියන්නේ නැත්නම්,
      “මේක මගේ වේදිකාව ඔයාට ඔන දේ ඔයාගේ වේදිකාවේ කියන්න“
      “මගේ කාලය ඔබට වඩා වටිනවා, මට නිශ්පල කතා වලට කාලය වෙන් කරන්න බෑ“
      “මම කරන්නේ මට ඕන දේ“
      “වැරැදි මත වාදවල ඉන්න අය හදන්න බෑ“
      :)
      :P
      :v
      O:)
      තව ගොඩයි............

      Delete
  32. නවසිලන්ත කිරි සමාගම් ලංකාවට ත් ලෝකයේ අනික් රටවලත් තාම ව්‍යාපාර දියුණු කර ගත්තේ චෙනොබිල් න්‍යෂ්ටික පිපිරීමට පින් සිද්ද වෙන්න ඊට කලින් අපි පිටි කිරි ගෙන්නුවේ යුරෝපෙන් .. න්‍යෂ්ටික විකිරණ වලාවන් යුරෝපයට ඉහලින් පතිරුනට පස්සේ යුරෝපා කිරි වෙළද පොළ බිද වැටුනා .. ඒ වෙනුවට න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලින් දුෂණය නොවූ තන බිම් ඇති නවසිලන්ත කිරි නිෂ්පාදන ප්‍රචලිත උනා ....
    මේ ගොල්ල ලංකාවේ ඩි විශාල ප්‍රචාරයක් ගෙන ගියා හයිලන්ඩ් සහ ලක්ස්ස්ප්‍රේ කිරි වල නයෂ්ටික විකිරණ අඩංගුයි කියලා .. ඒ වෙනකොට ලංකාවේ කිරි වෙළද පොලේ පතක යෝදයා උනේ ලක්ස්ස්ප්‍රේ කිරි සහ හයිලන්ඩ් . ඒ ප්‍රචාරයෙන් ලංකවේ හයිලන්ඩ් දුර්වල උනා ... එනිත් එක විශාල කට කතාවක් හැදුවා හයිලන්ඩ් බිවම සෙම වැඩිවෙනවා කියලා මිනිස්සු මේ ලනුවත් කැවා .
    ඒ දවස් වල තරුණයෝ වෙලා සිටි අද මැදිවියේ පරම්පරාව තවමත් ඕක විශ්වාස කරනවා ..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් හරිනේ. මෙහෙත් තහනම් කරලා තියෙන්නේ. පත්තර පුරා බොරු වැපිරුවට අද සත්‍ය ඔප්පු වෙලා හමාරයි. බොරුව සැමදා ජය ගන්නේ නැත.

      Delete
  33. එතකොට ඇංකර් බටර් සහ චීස්. මට වෙන මොකුත් මතක් වුනෙත් නෑ. එතකොට නවසීලන්තේ තියෙන එකම කිරි නිශ්පාදන සමාගම ෆොන්ටෙරා නෙවෙයි වෙන්න ඇතිනේ. එතකොට ඕස්ට්‍රේලියාව වගේ අනිත් රටවල් වල නිශ්පාදන ගැන කොහොමද දන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මේක මචෝ, ෆැක්ටරියේ පිරිසිඳු කම ගැන ප්‍රශ්නයක් කියලයි එයාලා කියන්නේ. නිසි ලෙස විෂබීජානුහරණය සිඳු නොවූ නිසා බැක්ටීරියාවක් ආ බවයි කියන්නේ මට ඒ ගැන ඒ තරම් දැණුමක් නෑ. කෙසේ වෙතත් නවසීලන්ත ආර්ථිකයට පවා මේක බලපාලා තියෙනවා. ඔවුන්ගේ අගමැති සමාව අයද සිටිනවා. ෆැක්ටරියේ සී ඊ ඕ චීනයටම ගිහින් සමාව අරගෙන තියෙනවා.

      Delete
  34. මමත් දවසකට සෑහෙන තේ බොනවා.. නමුත් මම ඇන්කර් බොන එක නතර කරනවා. ච්නෙන් අළුත් කිරි එකක් ලංකාවට ආවේ නැත්තම්...

    ReplyDelete
    Replies
    1. අන්න ආදර්ශමත් මිනිසුන්.. අය්යෝ මචෝ උබේ වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කරපන්කෝ. කොමෙන්ට් දාන්න එපා වෙනවා...

      Delete
  35. ඉතා සරල GMP වැඩසටහනකින් ආවරනය කරගන්න පුලුවං විදියේ මයික්‍රෝබියල් කන්ටැමිනේශන් එකක් ෆොන්ටේරා වැනි ආයතනයක සිදුවීම ඇත්තෙන්ම පුදුමයට කාරනයක්. මම එහෙම කියන්නෙ ෆොන්ටේරා ආයතනයේ (ලංකාවෙ ඈ) තත්ව සංරක්ෂන පිලිවෙත (කොලිටි ඇශුවරන්ස් පොලිසි) ගැන මම හොදින්ම දන්න නිසයි (මම වැඩකරන්නෙ ෆොන්ටේරා එකේ නොවුනත් ඒක මගෙ රැකියාව නිසා).

    ප.ලි.
    අඩෝ එතකොට අර ඇඩ් එකේ ඉන්න බුරුල්ල ලොකු කේප්ප වැස්සි කියන්නෙ පරීක්ශන 300කට වඩා කරනව කියල නිශ්පාදන ක්‍රියාවලියෙදි එහෙනං . . . . ???

    ReplyDelete
    Replies
    1. ඒක නිසා වෙන්න ඇති අගමැති තුමාම, මුළු ළෝකෙන්ම සමාව ඉල්ලන්නේ..

      Delete
    2. කොච්චර කිව්වත් ඔය කිසිම සිස්ටම් එකක් 100% fool-proof නැහැ. ඕවා ක්‍රියාත්මක කරන්නේ ඔබ අප මෙන් මිනිසුන් නිසා වැරදි සිදු වෙනවා. සමහරවිට ඒ වැරද්ද මිලියනයට එකක් වෙන්න පුළුවන්. Six sigma කියන්නෙත් මිලියනයට හයක් වනතුරු කියලනේ. එවැනි වරදක් වුණාම ඒක පැතිරෙන්න ඉඩ නොදී, නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ වළක්වා ගන්න කම්පැණිය දැන ගන්න ඕනෑ. නැත්නම් සොරි තමයි.

      Delete
    3. ඇනෝ
      ++++++++++++++++++++++++
      නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ වළක්වා ගන්න තමා ප්‍රී රික්විසිට් ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නෙ. මට පුදුම ෆොන්ටේරා වගේ පට්ට එස්ටැබ්ලිශ් වෙච්ච සිසිටම් එකක් තියන තැනක GMP වලිං ගොඩදාගන්න පුලුවං කේස් එකක් මෙච්චර දුරගියේ කොහොමද කියන එක.

      Delete
    4. ෆොන්ටේරා මොකක්ද බන් බුදුන්ටත් වරදින්නේ..

      Delete
  36. Bolaa maathalan boru kiyanne...aan paththara wala pol gedi size ekata...ape ewwaye owwaa nae..kiyanne..
    Anee kaale. .

    ReplyDelete
    Replies
    1. දැන් මචෝ ට්‍රයි එක දෙන්නේ , වෙළඳ පොළට දාපුවා ඉවත් කරන්න..

      Delete
  37. මාතලන් ගොයියෝ, වෙලා තියෙන වෙලාවක මේකත් බලලා දාහන්. අරුණි ශපීරෝ නෝනලා අපිව අන්දන ඇන්දිල්ල බලා ගත්තෑකි.

    http://www.youtube.com/watch?v=f69TUDbPdLs

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. සෑම දෙනාම බැලිය යුතු වීඩීයෝවක්.

      Delete
  38. http://www.hotandfastnews.com/2013/08/blog-post_7758.html
    http://asammathaya.wordpress.com/
    විලි ලැජ්ජ නැතුව විචාරකගෙන් කොපි කරලා....

    ReplyDelete
    Replies
    1. හෆොයි. අනාතයි. Hot and Fast News කාරයා අරුණි නෝනගේ නෑයෙක්ද කොහෙද.

      Delete
    2. මම විරෝධය පල කරලා කොමෙන්ට් එකක් දැම්මා. ඒක පබ්ලිෂ් කරන්නවත් කොන්දක් නෑ. කාළකන්නි..

      Delete
    3. තුන්දෙනාගේම (ඇනෝ ඩබල සහ මාතලං) අදහස් මසුරං. +++++++++++++

      Delete
  39. මේ අහ නම් දැන් සෑහෙන “කිරිහල්“ ඇත්තටම කියනව නම් උදේට චූන් පාන් වගේ මෝටර් බයිකෙක ඇවිත් කිරි බෝතල් විකුණනව.උදේට ගොඩක් කාර්යාල වලටත් අරන් එනවා. ග්‍රාමීයව එළදෙන්නු බෙදල දීලත් තියෙනවා. ගම්බදව ඇත්තටම දැන් නැවුම් එළකිරි බොනවා.

    ගෙවල් ගාව තියෙන ගමේ කඩේ ඇන්කර් කිරිපිටි තබා තියෙන්නේ ලස්සනට හදපු නැවක.මුදලාලිගෙන් ඇහුවම කීවේ කම්ෆැනියෙන්ම ආපු වාහනෙන් දීලා ගියා කියල.මම නම් පිටි නොබොන්නෙ කාලෙක ඉදල. උදේට පිටි බීවම දිවට දැනෙන අමුතු රසට අකැමැති නිසා.හැබැයි වෙන වෙලාවට නම් නොබී ඉන්නෙ නැහැ.කැන්ටිමෙන් තේ වෙලාවට හකුරුත් එක්ක එළකිරි වීදුරවක් නම් අමතක කරන්නෙත් නැහැ.ඒත් දැන් කැන්ටිමේ එළකිරි නැහැ.හේතුව තමයි පාසල් ළමයි උදේට ඒක බොන නිසා දවල්ට කැන්ටිමේ විකුණන්න ගේන ෆ්‍රයිඩ් රයිස් එක ඉතිරි වෙන එක. දන්නව ද ෆ්‍රයිඩ් රයිස් එක රුපියල්30යි කැන්ටිමේ....

    අනික ඉතින් ඔය කොයි දේත් ටික කාලයයි. මතකෙයි ,මාතලන්ට බිස්කට් වල ප්ලාස්ටික් වර්ගයක් තියේ කියල මැරෙන්න හැදුවා.දැන් ඔය යස අගේට කන්නේ.

    එතකොට ඇස්ට්‍රා ...වයස තුනට අඩු ළමයින්ට දෙන්නම හොද නෑ. කෝ ඒව යනව ද ඇඩ් එකේ පුංචි අකුරින් හරි.නෑ.....

    තව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු චක්‍රෙල්ඛ තියෙනව කෘතිම රසකාරය සහ වර්ණ ආදිය ගැන මේ චක්‍රෙල්ඛ ගහන්නේ කාටද මන්දා. මාත් දවසක් දැක්කේ අපේ නර්ස් නෝනා එයින් කොපියක් ගෙදර ගෙනත් තිබ්බම. මම ඇහුවා මේවා ඉතින් මිනිස්සුන්ට කියනව ද කියලා. දන්නෑ කීවේ. මම ඇහුව එහෙනම් ඇයි ගෙදර ගෙනාවේ කියලා. පොඩි එකාට දෙන කෑම වල ඕව තියෙද බලන්නෙයි කීවේ....

    අණබෙර ගහල වෙන වෙන දේවල් නම් ප්‍රසිද්ධ කරන මේ රටේ පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය දේවල් ගැන දැනුවත් නොකරන්නේ ඇයි ද මන්දා.

    අනිත් කාරණේ තමා පොඩි පොඩි බඩේ අමාරු වගේ දේවලදි දොස්තර මහත්තය නියම කරන්නේ තියෙන ලොකුම ඇන්ටිබයෝටික් එක. එතකොටබඩේ ඉන්න හැත්ත බුරුත්තම මැරිල යනවා. ඊට පස්සෙ කාලක උන් ඕවට හැඩ ගැහුනම ඔය ලොකු ලොකු බොටුලිනම්ල ආවම දෙන්න බේත් නැති වෙනවා.

    හැමදේම ලේසි පහසු සහ මුදල් මතම මැනෙන කාලෙක , මං නම් ජීවිතාසාව අතෑරලයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපේ මිනිස්සු වස විඅට ඔරොත්තු දෙනවා. උපන්දා ඉඳන් කන්නේ බොන්නේ වස විස නේ....

      Delete
  40. මාතලන් කිව්වා නේද සමබර අපක්ෂපාතී ප්‍රවෘත්ති තියෙන්නේ දෙරණේ විතරයි කියලා මෙන්න කේස් එක ‘දෙරණ FM’ මාධ්‍යවේදියා SMS පණිවිඩයෙන් දොට්ට

    ReplyDelete
    Replies
    1. ඒක නිසා නේන්නම් ඌව එලවලා දාලා තියෙන්නේ. එලෙව්වත් ඌ කියන්න ඕන එක කියලයි යන්නේ. ඒ තමයි නියම මාධ්‍යවේදියෝ...

      Delete
  41. කිරි වලත් විස , එලවලුත් විස , හාලුත් විස ..වතුරෙත් ඇසිඩ් ..වාතයේ දුම්

    අපට නොකා මැරෙන්න හරි බැරිය . ළමයි ???

    අම්මප ඔය බැඳපු නැති ළමයි නැති උන්ට ඉස්සර තමයි අනේ පව් කිවේ. දැන් උන්ට ඉරිසියා කරන්නයි වෙන්නේ .

    ReplyDelete
    Replies
    1. කාළකන්නි රටක් කියන්නේ. වෙනදටත් වඩා ඇඩ් දාගෙන. මිළත් අඩු කරලා විකුණගන්න ඉඩ දෙනවා මේ කාළකන්නි ආන්ඩුව. අනෙක් හැම රටේම වෙළඳ පොළෙන් ඉවත් කරගෙන අවසානයි.

      Delete
    2. මාතලන් මේ මේ ධර්මද්වීපයට කාලකන්ණි රට කියන්න එපා හරිද ? අනික මේ ජනතාවාදී ආණ්ඩුවට කාලකන්නි ආන්ඩුව කියලත් කියලා, ඔයා දේශ ද්‍රෝහියෙක්ද? නැත්තං ඩයස්පෝරාවේ කෙනෙක්ද? නැත්තං අධිරාජ්‍යවාදී ගැත්තෙක්ද? බටහිර කුමන්ත්රනවල හවුල් කාරයෙක්ද? මොනා නැතත් ජනාධිපති තුමා මේ රට බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන අද ඕනෑම කෙනෙකුට නිදහසේ වෙඩිකන්න....(අප්පට බොල වැරදුනා) ඇවිදින්න ජොගින් ට්‍රැක් හදලා තියෙන එකම මදිද?

      Delete
    3. සාටකෙන් ගෙල වැල දා ගත් අම්මට සිරි ලංකාව...............

      Delete
    4. ජනාධිපති තුමා මේ රට බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන අද ඕනෑම කෙනෙකුට නිදහසේ වෙඩිකන්න....(අප්පට බොල වැරදුනා)


      හිනා හිනා කියන්නෙ බොකොස් ගාල් පැන්න හිනා...

      Delete
    5. දැන් ඕන දේකට ඒ බේත තමයි මීට පස්සෙ දෙන්නේ..

      Delete
  42. මේ කුණු රටේ ඉන්නවට වඩා හොඳයි ෆොන්ටේරා කිරි බීලා මැරිලා යන එක.ඒකෙන් මළේ නැත්තං ගේනවා රතුපස්වලින් වතුර බෝතලයක්.

    ReplyDelete
    Replies
    1. අනේ පොඩ්ඩක් ඉඳහං ඊළඟ උද්ඝෝෂණේ එනකං. ආන්ඩුවෙන් මරණේ කර ගන්න පුළුවන්..

      Delete
  43. //මා දන්නා තරමින්, අපේ රටේ එළකිරි වලින් නිශ්පාදිත, කිරිපිටි ඇත්තේ දෙවර්ගයක් පමණි, ඒ "අඹේවල" හා "පැලවත්ත" පමණි. //
    මෙය මෙසේ නිවැරදි විය යුතුය..
    හයිලන්ඩ් හා පැලවත්ත වෙළඳ නාමයෙන් එන පිටිකිරි දේශීය නිශ්පාදන වේ. හයිලනඩ් විසිර වියලන පිටිකරි කර්මාන්ත ශාලාව අඹේවෙල පිහිටා ඇත. (Spray Dried Milk Factory)මෙම කම්හල වසර 40ක ආසන්න කාලයක් පැරණි තවමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන 100%ක් රජයේ ආයතනයකි.

    පැලවත්ත කිරිපිටි නිශ්පාදන කම්හල පැලවත්ත සීනි සමාගමන නුදුරින් පිහිටා ඇත (මොනරාගල බුත්තලට කිට්ටුව)මෙය ආරම්භ කෙරුනේ අවුරුදු 2කට ඉහතදීය.

    අඹේවෙල නම් වෙළඳ නාමයෙන් කිරි පිටි වර්ගයක් නොමැති වුවද ඔවුන් දියර කිරි හා යෝගට් බෙදා හරී. මෙම වෙළඳ නාමය අයිති වන්නේ ලංකා මිල්ක් ෆුඩ් (ලක්ස්ප්‍රේ කිරි ගෙන්වා බෙදාහරින) සමාගමටය. අඹේවෙල දියර කිරි නිෂ්පාදනය කරන කම්හල පිහිටා ඇත්තේ අඹේවෙලය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්ගේ සහ රූගේ පැහැදිලි කිරීමට.

      මම නම් මට කරන්න පුලුවන් දේ කලා - මගේ පේජ් එකේ ෂෙයා කරලා.

      මේ ලිපියේ තියෙන වටිනාකම තවත් වැඩිවෙන්න තිබුනා මීට මාස 7/8 කට කලින් දැම්මානම්, ඒ කාලේ වෙද්දිත් මේ ගැන කනින් කොනික් දැනුවත් වෙමිනුයි හිටියේ. ඒ කාලේ මේ වගේ ලිපියක් පල වුනානම් මේ වෙද්දි එකෙක් හරි මෙයින් මිදිලා ඉන්න තිබුනා. කොහොම වුනත් ස්තුතියි ලිපියට.

      Delete
  44. අරුණි ශපීරෝගේ බ්ලොග් එකේ පළ නොකළ පහත කමන්ට් එක මෙහි පළ කරමි.

    @ශපීරෝ,

    ඔබ දේශපාලන වශයෙන් අවංක හෝ අපක්ෂපාතී තැනැත්තියක් නොවේ. ඔබ ඔබේ රිපබ්ලිකන් පාක්ෂිකත්වය මින් පෙර ලිපි තුළින් ඔප්පු කොට ඇත. එසේම මෙහි නොයෙක් දෙනා පෙන්නා දී ඇති පරිදි ඔබේ දේශපාලන දර්ශනය වෙනුවෙන් පට්ටපල් බොරු කියා ඇති කෙනෙකි. වෙළඳ සමාගමකින් කිසිම වරදක් නොවන බවට හා සමාගම් 100% අවංක බවට එක්කෝ ඔබ මෝඩකම නිසා වැරදි අවබෝධයක සිටියි. මීට ඉඩ අඩුය. වඩා ඉඩ ඇත්තේ ඔබේ දේශපාලනය වෙනුවෙන් ඔබ පුරුදු ලෙස හා තක්කඩි ලෙස පට්ටපල් බොරු ගෙතීමෙහි හා කීමෙහිය.

    ෆොන්ටෙරා සමාගම විසින් නිෂ්පාදිත කිරිපිටි වල යම් ගැටළුවක් ඇති බව ඒ සමාගම පවා පිළිගෙන තිබේ. සමාගමකින් ඒකක මිලියනයක් නිෂ්පාදනය කොට ඉන් එකක වරදක් ඇති බව සොයා ගැණුනද, එය අනෙක්වාට බලපෑමෙහි සම්භාවිතාවක් ඇති නම් හා එය තීරණාත්මක වරදක් නම් නිෂ්පාදන සියල්ල නැවත කැඳවීම දියුණු රටවල සිරිතයි. මන්ද ඔබ වැනි රිපබ්ලිකන් පාක්ෂිකයින්ට වැදගත් නුවූවාට මිනිස් ජීවිත වල වටිනාකමක් ඇති හෙයිනි. හුදෙක් සමාගමක ලාභය වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදිය යුතුය කිව හැක්කේ ඔබ වැනි අන්ත අමානුෂික චරිතයකට පමණෙකි. දූෂණයට ලක් වූ කිරි භාවිතයෙන් රෝගී විය හැක්කේ ඔබේම දරුවා වැනි තවත් දරුවන් බව ඔබට කිසිම හැඟීමක් පවා නොමැතිය.

    මේ ගැන තව දුරටත් වාද කිරීම අනවශ්‍යය. ඔබේ දුෂ්ඨ චේතනාව පැහැදිළි හෙයිනි.

    ඔබ වැන්නන් වෙනුවෙන්ම යම රජතුමන් අපායේ වෙනම කොටසක් ගොඩ නඟා ඇතැයි සිතමි.

    ReplyDelete
  45. @විචාරක තුමෝ, ඔබටත් වෙන වැඩ නැද්ද මේ පිස්සියන් එක්ක (කටට ආවේ වෙන වචනයක්, ඒක ලියන්නෙ නැහැ) වාද කරන්න යන්නෙ? භෝපාල් මොන කජ්ජක්ද හිරෝෂිමා-නාගසාකි බෝම්බ දැමීම් කිසිම වරදක් නෑ කියලා සාධාරණීකරණය කළ කෙනෙකුට? මේ ගොල්ලන්ට වැදගත් ඩොලර් මිසක මනුස්ස ජීවිත නෙවෙයි.

    ReplyDelete
  46. මම වින්දිකා.මමත් අම්ම කෙනෙක්.මගෙ දරුවටත් මම විශ්වාසයෙන් දෙන්නෙ ඇන්කර් කිරිපිටි.(මෙය මුදල් නොගෙවා පල කල දැන්වීමකි )

    දන්නෙ නැති දේවල් ගැන කතා කරන්ඩ ගිහින් චාටර් වෙන්ඩ බෑ.හැබැයි ලංකාවේ දියර කිරි ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකය මට මතක හැටියට නම් ෆොන්ටේරා තමයි.අර භාතිය සන්තුශ් දෙන්නා සින්දු කියල ප්‍රමෝට් කෙරුවෙ..අනිත් එක මම පත්තරයක ලිපියක් ලියල තියෙනව දැක්ක (කිරි බී නැසෙමුද බත් කා රැකෙමුද )සමන් පාලිත ජයකොඩි කියල දොස්තර මහත්තයෙක්.ඒ මහත්තය කියන්නෙ ලංකාවේ එළකිරි බීපු අතීතයක් තිබුනේ නෑ කියල.පිටි කිරි වර්ග වලටනම් ඉතින් කිසිම සමාවක් දීල තිබුනෙ නෑ ඒ ලිපියෙ.අනිත් ප්‍රශ්නය තමයි අර පැල්වත්ත සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහත්තය නම්(මාස්ටර්ස් ඩයිවර්ස් සමාගමේ හිමිකරු,මව්බිම ලංකා පදනමේ සභාපති.මෙම හැදින්වීම මාගේ මතකයේ ඇති පමණින් කරන ලද්දකි. ) කියන්නේ ලාංකිකයන් අතීතයේ පටන් හොදින් එළකිරි බී පෝෂණය වූ ජාතියක් බවත් ලංකාව කිරිවලින් ස්වයංපෝෂණය කිරීමේ ඉලක්කය ලෙහෙසියෙන් ජය ගත හැකි බවත්ය.පහුගිය කාලේ කදුකරයේ පාරවල් දිගෙත් කිරි ගැලුවත් මතකයි.ඔය අදහස් දෙකම කියල තියෙන්නෙ මට වැඩිය උගත් වයසින් පරිණත පුද්ගලයො දෙන්නෙක් නෙ.මේ පාරවත් ඇත්ත නැත්ත එලි වුනොත් හොදයි.නැත්තන් ඉතින් දෙයියෙක් වැඩල හරි ඔප්පු කරයිනෙ.මේ ඔක්කොම ගොඩක් කල් ඉදන් අහපු කියවපු මගේ ඔළුවෙ තිබුන දේවල් ටිකක් ලියල දැම්මේ.අමාරුවෙන් ටයිප් කරපු කමටවත් පල කරන්ඩ.ඇනෝලට ඉඩ තියපු එකට ගොඩක් ස්තූතියි.මේ ලියපු මම නම් තියෙනවෙලාවට හොදට කිරිපිටි දාල කිරි කෝපි එකක් බොන නැති වෙලාවට ප්ලේන්ටියක් බොන බ්ලොග් කියවන්නෙක්.

    විහිළු වංශ මැතිතුමාගේ දේශප්‍රේමී පණිවිඩය.....

    ඇමරිකන් පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව නැගීසිටි වීරෝධාර ජනතාවෙනි,රතුපස්වල ඇසිඩ් ජලය බී පණ ලබා නවසීලන්ත කිරිපිටි ත්‍රස්තවාදයට එරෙහිව වීදි බසින්නට කාලයයි මේ.(සටන සදහා අවශ්‍යය වැලිපිරවූ බෝතල ,පෙට්‍රල් බෝම්බ ආදී සියළුම ආයුධ තෙවෙනි පාර්ශවය විසින් සපයනු ලැබේ)

    ReplyDelete
    Replies
    1. මට මේ ඇඩ්ස් දකින කොටම සැකයක් ඇති උනා. මේ හොට් ලයින් එකක් මොකටද කිරි පිටි විකුණන්න කියලා.. අතීතේ බිව්වද නැද්ද දන්නේ නෑ. පොඩි කාළේ ඉඳන් අපි නම් බොනවා. දුප්පත් එකත් බොන නිසා තම ෂැෂේ පැකට් වලත් තියෙන්නේ. මුන්ට හෙන ගහන්න එපාය.

      Delete
  47. ස්තුතියි මාතලන්ගේ සහ රූගේ පැහැදිලි කිරීමට.

    මම නම් මට කරන්න පුලුවන් දේ කලා - මගේ පේජ් එකේ ෂෙයා කරලා.

    මේ ලිපියේ තියෙන වටිනාකම තවත් වැඩිවෙන්න තිබුනා මීට මාස 7/8 කට කලින් දැම්මානම්, ඒ කාලේ වෙද්දිත් මේ ගැන කනින් කොනික් දැනුවත් වෙමිනුයි හිටියේ. ඒ කාලේ මේ වගේ ලිපියක් පල වුනානම් මේ වෙද්දි එකෙක් හරි මෙයින් මිදිලා ඉන්න තිබුනා. කොහොම වුනත් ස්තුතියි ලිපියට.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මේ අපගේ යුතුකම්..

      Delete
  48. වෙලාවට ගාන අඩු නිසා සහ බොන්න ඕන නිසා ගේන්නේ පැලවත්ත .

    ReplyDelete
  49. සමාවෙන්න... ලිපිය දැක්කෙ දැන්...
    මමත් මේ ගැන විස්තර හොයාගෙන යනවා...
    රතුපස්වල සිද්ධිය ගැනත් විස්තර හොයනවා...
    අළුත් රැකියාවත් එක්ක ඉස්සර වගේ ලියන්න කරන්න නිදහසක් නෑ,....
    හැකි විදියට ලියන්නම්....
    මා ගැන තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි

    ReplyDelete
  50. මාව සින්ඩියෙන් හලලා.. මගෙ විරෝදය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න