.

.

May 7, 2014

පොදු අපේක්ෂකයා කව්ද? - Common Candidate for Common People


මීළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂයෙක් හොයන එක, අර අවුරුදු උත්සවේ සැඟවුන අමුත්තා හොයනවා වගේ, හෙන ගේමක් වෙලා තියෙන්නේ. මේ ගැන පිට පිටම බ්ලොග් පෝස්ට් දෙකක් අපේ හිතවත් පැරකුම් සහෝදරයා ලියලා තිබුනා. පළවෙනි පෝස්ට් එකේදි එයා ටිකට් එකෙන් කීප දෙනෙකුටම තට්ටු කරනවා. ඒත් ජනප්‍රිය සෝභිත හාමුදුරුවෝ නම් කීයටවත් සැඟවුනු අමුත්තා වෙන්න බෑ කියලා තමයි පැරාගේ මතය.

අළුත්ම ළිපියෙන් පැරා යෝජනාවක් ගෙන එනවා. ඒ නිර්මාල් රංජිත් දේවසිරි, පොදු අපේක්ෂයා ලෙස ඉදිරියට ගනිමු කියලා. ඒ විතරක් නෙමෙයි පැරා අපේ අදහසුත්, නිර්මාල්ගේ අදහසුත් විමසනවා. ඒක ළොකු දෙයක්. ඒ නිසා, එතන කතිකාවක් ඇති වෙනවා. නිර්මාල් නම් කියන්නේ, එයා සහයෝගය දෙන්නේ සෝභිත හාමුදුරුවන්ටය කියලා. ඒ කියන්නේ නිර්මාලුත් රැල්ලටම එකතු වෙනවා කියන එක.

ඒත් මම කැමතියි, නිර්මාල්, දඹර අමිල සාධූ යෝජනා කලානම්. හැබයි එතනදි, නිර්මාල් මට වඩා ඉදිරියෙන් ඉන්නවා. මොකෝ සෝභිත හාමුදුරුවෝ දන්න පිරිස වැඩියි. අනික පැරාට නොතේරෙන දෙයක් නිර්මාල්ට තේරෙනවා. ඒ තමයි, මේ රටේ ජනතාවගේ ජන විඥ්ඥානය මොකක්ද කියන එක. කවුරු හරි හිතනවනම්, මේ රටේ වමේ බඩගෝස්තරවාදි දේශපාලඥ්ඥයොයි, එයාලගේ කාඩර්වලටයි, මේ රටේ සුළු ජාතීන්ටයි, මේ රටේ නායකයා තෝරගන්න පවර් එක තියෙනවා කියලා. ඒක අමුම අමු රැවටීමක්.

ඔය වමේ සෙට් එකේ බුන්වත් බව, අපිට කියලා දෙන සහෝදරයෙක් තමයි වික්‍රමභාහූ කරුණාරත්න සහෝදරයා. ඒ ගැන අපි එතුමාට පින් දෙනවා. අනික් අයටත්, තනියෙන් මනාප ගන්න ගියොත් අත්වෙන්නෙ ඔය ඉරණම මිස වෙන දෙයක් නෙමෙයි.

මේ රටේ පාළණ බලය ගන්න නම්, අනිවාර්යයෙන් සිංහල බෞද්ධයාගේ බොක්කට කතා කරන්න ඕන. එතනදි පන්තියක් බලපාන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ උපතින් බෞද්ධද, සිංහලද, කියන දේ විතරයි. ආන් ඒ සත්‍ය නිර්මාල් අවබෝධ කර ගෙන ඉන්නවා.

එතනදි අපි ඒ කාළේ ඉඳන් කියන ගොඩාක් දේවල්, දැන් දැන් අවබෝධ වෙන ගතියක් පේනවා. ඒ තමයි හොඳම කෙනා රනිල් කියන එක. මෙතන අපි කියලා කිව්වේ උදිතයි, මාතලනුයි. එතනදි මේ ගැන උනන්දු වෙන, බොහෝ දෙනෙක් දැනගත යුතු වැදගත් කරුණක්, "ප්‍රෝෆයිල් එකක් තියෙන ඇනෝ" මතු කරනවා. ඒ තමයි මහින්ද රාජපක්ෂත් 2005 දී පොරක් නොවෙයි කියන එක.

එතනදි ඔහු පෙන්වා දෙන දේ, අද නම් මහින්ද මහත්තයටත් මතක නැතිව ඇති. ඇත්තටම මහින්ද මහත්තයා ගෙන ගේමක් දීලා තමයි නොමිනේෂන් ගන්නේ. අන්තීමෙදි කපන්න බැරි අත ඉඹිනවා වගේ පෙන්නලා, සිරි ලංකා පාටියේ කට්ටියම මහින්ද මහත්තයට හෙන අංචියක් අඳිනවා. ඒ කාළේ උන්න හාල්පාරුවෝ ටිකක් තමයි මහින්ද මහත්තයා වටේ ඉතිරිවෙන්නේ. ඇත්තටම දෙවන පෙලවත් නොඉඳපු අය.

අද ඔය පොරවල් වෙලා ඉන්න රත්තරන්ලා. සියඹලාපිටියලා, සරණ ගුණවර්ධණ, ආචාර්ය මර්වින් සිල්වා වගේ කීප දෙනෙක් තමයි පස්සෙන් උන්නේ. වැඩි පිරිස වැඩ කලේ, චන්ද්‍රිකා මැඩම්ගේ ඇජෙන්ඩා එකට. මහින්ද මහත්තයට අන්තීමට පිහිටට ආවේ, සිහළ උරුමයයි, ජෙප්පොයි. ඒ වගේම සොලිඩ් කෝඩීනේටර් කෙනෙක් ඉම්පෝට් කරනවා ඇමරිකාවෙන්. බටහිර කුමන්ත්‍රණ කරුවෙක් නෙමෙයි. සාටකේ අඳින ගිරිවාපත්තුවේම පට්ට සිංහල බෞද්ධයෙක්. නම බැසිල් රාජපක්ෂ.

උතුරෙත් පොඩි ඩිල් එකක් දාගෙන ප්‍රභාකරන් ලවා ඡන්ද වර්ජනයක් දාගන්නවා. ඒක මහින්දගේ පොලිටිකල් කැරිස්මා එක. ඒක අපේ රටේ කාටවත් නෑ. එදත් එහෙමයි අදටත් එහෙමමයි. ප්‍රෙමදාස මහත්තයා තෙම්පරාදු නම්. මහින්ද මහත්තයා ඇවිල්ලා, ටෙම්පර්ඩ්, බේක්ඩ්, ඩෙවල්, ස්වීට් ඇන්ඩ් සවර් ඔක්කෝම. එයාට පුළුවන් ඕන කෙනෙකුට කැමති දේ දෙන්න. හැබයි දැන් නම් රෙසපි අප්සට්ද දන්නේ නෑ, කීප දෙනෙක්ගෙන් කම්ප්ලේන් එනවා කෑම හරි නෑ කියලා. ළොකුම කම්ප්ලේන් එක එන්නේ ජීනීවා හෝටලෙන්.

ගොඩාක් අයට කෑම හදන් කොට නම්බර් වන් චෙෆ්ලගෙ අතින් උනත් මිස්ටේක් වෙනවා. මොකෝ සප් එකට ඉන්නා ඇසිස්ටන්ට් කුක්ලා, සුප් එක වෙල් හොද්දක් කරනවා. හැබයි වැරද්ද චෙෆ්ගේ. චයිනීස් එහෙම හොඳට හැදුවට, බ්‍රිටිෂ් බ්‍රෙක්ෆස්ට් එකවත් හරියට හදාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක ඉතින් චෙෆ්ගේ කේස් එකක්ද ඇසිස්ටන්ට්ලගේ කේස් එකක්ද කියලා හරියටම දන්නේ කිචන් එකේ ඉන්න අයම තමයි.

ළිපිය දිග වැඩි වෙන නිසා, එදා ඉඳලා "අපි" කියන ඒවා මොනවද කියලා එකක් දෙකක් කියන්නම්. පළවෙනි දේ තමයි මහින්දට චැලේන්ජ් එකක් තියෙන්නේ රනිල්ගෙන් විතරක්ය කියන දේ. අනික තමයි අපි එදා ඉඳලා කියන මහින්ද තරම් හොඳ යූ ඇන් පී කාරයෙක් තවත් නෑ කියන එක. සම හරක් අයට මහින්ද යන්නේ "මහින්ද චින්තන මාවතේ" නොව රනිල් විකුම්සිහගේ පට්ට ධනවාදී රිගේනින් සිරි ලංකා මාවතේ කියලා තෙරුම් ගිහින් තියෙන්නේ දැන්.

අපි ඕවා කිව්වේ ඔයිට ගොඩාක් කලියෙන්. දැන් ඔය එක එක තැන්වල කොමෙන්ට් දාන ඇනෝ මහත්තුරු කියයි. අපි ලියන්නේ චම්පිකලා විමල්ලා ලියන දේය කියලා. මොකෝ එක මහත්තයෙක් මගේ පතුරු ඇරලා තිබුනා ජයන්ත ධනපාලගේ කතා, මම මගේ වගේ ලියනවය කියලා. අපි බ්ලොග් ලියන්න පටන් ගත්ත කාළේ ඉඳන් කියන එවා ජයන්ත ධනපාලලා අද කිව්වට අපි මක් කොරන්නද ආයිබෝවන්ඩ?

සංවාදය ඉදිරියට ගෙනියමු. මොකෝ, පොදු අපේක්ෂකයකුගෙන් අපි මොනවද ඉල්ලන්නේ කියන එක ගැන, මගේ තියෙන්නේ වෙනත් මතයක් නිසා. මට කාගෙන් නැතත්, උදිත මීගහතැන්නගෙන් කොමෙන්ට් එකක් ඕනමයි. ඒ කාළේ පටන් ගත්ත සංවාදේ මම නතර කලේ, උඹ බ්ලොග් ලියන එක නැවැත්තුව නිසා.

211 comments:

  1. පොදු අපේක්ෂකයෙක් විදියට ඉල්ලපු ජෙනරාල් මහත්තය වගේ කෙනෙකුත් හිරේ දැම්මා ඊළගට ඉල්ලන කෙනාටත් මොනාහරි පටලයි. (පොදු අපේක්ෂකයෙක් කියන වචනේ වැරදිද දන්නේ නැහැ )

    අනේ රනිල් මහත්තයත් ටිකක් සැරට හිටියනම්. මං කැමතිම දේශපාලකයා .

    ReplyDelete
    Replies
    1. >>අනේ රනිල් මහත්තයත් ටිකක් සැරට හිටියනම්. මං කැමතිම දේශපාලකයා .<<
      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. සැරට වඩා පොඩි ලමයි වඩා ගන්න ආච්චිලාව ඉබින්න පුළුවන්උ උනා නම් තවත් මරු ...මනුස්සයා අත වනනවා දැක්කාම අයේ ජන්දේ දෙන්න හිතෙනෙ නෑ ,එ.ජා.ප යට අලුත් නායකත්වයක් ඕන හැබැයි ඒ සජිත් නම් ?????

      Delete
    3. @ අපූර්වී
      ඔබේ සැමියා සැර එකෙක් ම වේවා!
      දාස බාරී වගේ ඉන්න ලැබේවා!!

      Delete
    4. අන්තීමෙදි රනිල් ඇර වෙන කිසිවෙක් නෑ. ඒත් රනිල් දැන්ම එන්නේ නෑ. මොකෝ මහින්ද මහත්තයා තාමත් වන් ඇන්ඩ් ඔන්ලි ලීඩර්.

      Delete
    5. ඒක නං මාත් කියනවා මාතේ,මහින්ද පරද්දන එක ලේසි නෑ.. රනිල්ට වඩා මහින්දගෙ පෞරුෂය සෑහෙන්න ඉහල මට්ටමක තියනව.. හැබැයි යහපාලනයක් ඇති කරන්න රනිල් හොඳයි ඔන්න ලිස්ට් ජනාධිපති වෙන ක්රමයක් තිබුනනං :D

      එහෙම නැත්තං D B විජේතුංග වගේ පොට්ට චෑන්ස් එකක් වැදුනොත්.. මෙතනට ඕනෙ ෂේප් එකයි පහරයි !! රනිල් මිනිස්සුත් එක්ක ගැටෙන තැනදි ඉන්නෙ සෑහේන්න පිටිපස්සෙන්.මහින්දගෙ ටැලන්ට් එකත් ඒකයි, ඒක හදාගන්නවනං රනිල් හොඳ මනුස්සයා !!

      Delete
    6. කාකා @ ඒවා පව් සිද්ධවෙන ප්‍රාර්ථනා හොදේ.

      Delete
    7. @ අපූර්වි ට කකාගේ අදහසේ යටි පෙල තේරුණේ නෑ..!

      Delete
    8. කකත් වෙලාවකට පියසීලි නෝන වගේ.

      Delete
    9. ඉන්දික උපශාන්ත..+++++++++++++++++++++++++++====

      Delete
    10. @පත්‍ර බ්‍රදර්......පළමුවෙන්ම මේ මහින්දව පරද්දන්න බැහැ කියන මානසිකත්වයෙන් එලියට එන්න ඕන බන්. ඕක ගිල්ලවලා තියෙන්නේ. කොහොමත් දිනනවා කියන එක දැන් වලංගු නැහැ මගේ හිතේ.

      Delete
    11. //පළමුවෙන්ම මේ මහින්දව පරද්දන්න බැහැ කියන මානසිකත්වයෙන් එලියට එන්න ඕන//
      හරියට හරි අරූයියා,බැහැ,බැහැ නොකියා ගේමට එනටර් වෙන්න ඕනේ.නැතිනම් මේ යන විදියට ගියොත් රටේ ගන්නම දෙයක් නැති වෙනවා.

      Delete
    12. බොක්කෙන්ම එකඟයි අරූ අයියා.. මහින්දව පරද්දන්න බෑ කියල හිතෙන්නෙ ප්‍රබල තරඟකරුවෙක් නැතුව තනි අස්සයගෙ ගේමක් යන නිසා කියල මට හිතෙනවා..මීඩියා යුනිට් එක්ව්ව් ගොබෙල්ස් ලා ටිකත් ලොකු බරක් අදිනවනේ..
      හොඳ විකල්පයක් බස්සන්න පුලුවන් නං මොරාල් අප් වෙන එක බඩේ බත් වගේ තමා..

      Delete
    13. //පළමුවෙන්ම මේ මහින්දව පරද්දන්න බැහැ කියන මානසිකත්වයෙන් එලියට එන්න ඕන//

      මේක මිනිස්සුන්ට සන්නිවේදනය කරවන්න විදියක් තිබ්බනම්, ,

      Delete
    14. ඒ වැඩේට මීට වඩා දක්ෂ ගොබෙල්ස්ලා ඕන. ඒත් කුලල් කා ගන්න. එකිනෙකාට නැති විපක්ෂයකින් එහෙම එකෙක් හොයා ගන්නවත් නෑ. අනුර කුමාර දිසානායක මැයි දිනේදී කාටද ගැහුවේ. රනිල් වික්‍රමසිංහට. ඇත්ත කතාව මහින්ද මහත්තයා නිසා හැමෝම රැකෙනවා. උන්ගේ පඩි වැඩි වෙනවා. දැන් සුපර් ලක්ෂරි කම්ප්ලෙක්ස් හදනවා. ඒ නිසා එකෙක්වත් ලොක්කට ගේම අදින්නේ නෑ. පොඩ්ඩක් හිරි වැටිලා ඉන්නේ පහලම මධ්‍යම පන්තිය. ඔය බඩු භාන්ඩ මිළ පොඩ්ඩක් අඩු කලා නම් ඒකත් හරි. කොටින්ම ලොක්කට හොඳ ටැක්ස් ඉස්පැසලිස්ට් කෙනෙක් හම්බ උනා නම් කිසි ගේමක් නෑ.

      Delete
    15. පුරවැසි මාධ්‍යකරණය හරහා යම් කොටසකට සන්නිවේදනය වෙනවා උනත් ප්‍රතිශතය විදියට බොහොම අඩුයි..ඒකෙත් විශ්වාසනීය බව ගැන බරපතල ගැටලු තියනව බං.. මාධ්‍ය ඉතිං සේරම ලොක්කටනේ වැඩ.. ෆේස්බුක් බ්ලොග් හරහා පොඩි බලපෑමක් සමාජයට කරන්න පුලුවන් .!! ඒත් නිදාගෙන ඉන්න උං ඇහැරවන්ඩ ලේසි නෑ.

      Delete
    16. අපේ රට කියන්නේ හරියට ෆිනෑන්ස් ඇරියස් තියෙන වාහනයක් වගේ. කොච්චර නයද අප්පා. අපේ අම්මා කියනවා ඉස්සර "අපිටත් බැරියැයි ඕනේ තරම් ලෝන් අරන් , පොලියට අරන් ,ඉඩම් උගස් තියලා අරන් කඩ දාන්න ගෙවල් හදන්න කියලා.".ඒ නිසා දැම්ම රනිල් මහත්තයා එන්න ඕනේ නැහැ.

      මහින්ද මහත්තයට උණත් ඔහොමම මැරෙනකල් ඉන්න පුළුවන් බදුටිකක් අඩුකරලා කෑම වල ගණන් ටිකක් අඩුකරානම්.

      Delete
  2. රටම දන්න කෙනෙක් ගෙනාවත් මහින්ද එක්ක ලේසි නැහැ. නමුත් මේ බහින කලාව නොවැ. ඒත් ඊලඟ එක දිනන්නේ එතුමාම වෙන්න තියන ඉඩ වැඩියි. හැබැයි මම හිතන්නේ රනිල්, මහින්ද, පොදු අපෙක්ෂකයා සහ ජෙප්පෙක් කියන අය ආවොත් දිනන්නේ ලොක්කමයි. නමුත් මම හිතන්නේ වෙන්නෙ මෙහෙමයි. රනිල් මේ සැරේත් දෙනවා පොදු අපේක්ෂකයට. එතකොට ඒ පිලට බර වැඩියි. හැබැයි ජෙප්පො තනිව ආවොත් රනිල් අමාරුවේ දිනන්නේ ලොක්ක. මෙහෙම වෙන්නත් ඉඩ තියනවා. මේ කාටවත් 50% ගන්න බැරි වෙන්න ඉඩක් තියනවා. එහෙම වුනොත් ජෙප්පට බර වැඩියි. මොකද දෙවනි මනාපෙට යන්න වෙන නිසා. උන් මේ ස-රේ දෙවනි මනාපෙ කැන්වස් කලොත් උන් ගොඩ.

    මාතලන් ලොක්ක දිනනවා මේ සැරෙත්. ඒ නිසා මොකා ආවත් වැඩක් නැහැ. හැබැයි ආණ්ඩුවෙන්ම පොද්ද ආවොත් නම් ලොක්කට බඩු බනිස්. ඒත් ඒ මොකාද?
    .............පාල කෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඔව් තව කාලයක් යනකල් බැන බැන උණත් මහින්ද මාමට අපේ ජහමනයා දෙනවා..

      Delete
    2. මේ සැරේ....රනිල් දෙන්නෙ කවුරුත් නොහිතන ගේමක් වෙදැදුර තුමණි ....

      Delete
    3. ඇත්ත, මේ සැරේ නම් ලොක්කා ගෙදර යවන්න බෑ කාටවත්. මොකෝ විපක්සේ පොල් බූරුවෝ එළු බිජ්ජ වැටෙනකම් උන්නට. ලොක්කා දැන්මම ගේමට බැහැලා ඉන්නේ. ම්ට හිතෙනවා ජනවාරී කිව්වට ඊටත් කලින් එයි කියලා ජනාධිපතිවරණය. මොකෝ දැන් විපක්ෂේ නිකන්, පිළුන් වෙච්ච අච්චාරූ හට්ටියක් වගේ නිසා.

      Delete
    4. මටත් හිතෙනව කෙන්ජි.හැමදා නියං එකදා වැහි වලාවේ කියල

      Delete
  3. හෙක්...හෙක් උදිත අක්කගෙන් අහල ලියයි...බං .... චැට් කරන්න බැලුවට නැහැ....ගොඩක් දවස් ඉදල....

    ReplyDelete
    Replies
    1. ඒත් මම දැක්කා පැරාගේ එකේ කොමෙන්ට් එකක් දාලා තිබුනා. ඉඳලා හිටලා ඊයක් හෙම විදිනව.

      Delete
  4. මහින්ද රාජපක්ෂ කියන්නේ අංක එකේ දේශපාලන සන්දර්ශනකාරයෙක්. ලිපියෙනත් කියලා තියෙන විදියට 2005 දී මහින්ද ජනාධිපති වෙන්නේ වැඩි ඡන්ද එක් ලක්ෂ අසූ දාහකින්. යාන්තම් ඡන්ද ලක්දිනපු මහින්ද රාජපක්ෂ තමයි අද වෙනකොට 2/3ක බලයක් හදාගෙන පාර්ලිමේන්තුවත් සාක්කුවේ දාගෙන දාගන්න තියෙන අනිත් ඔක්කෛාමත් සාක්කුවේ දාගෙන ඉන්නේ. දෑත් ශක්තිමත් කරන්න අරලිය ගහ මන්දිරේට යන පොළිම තාමත් ඉස්සර වගේ දිගයි. පුද්ගලිකව මම මහින්ද රාජපක්ෂට කැමති නැහැ, ඒත් මම විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ ලගකදි ගෙදර යන්නෙත් නැහැ කියලා මොන පොදු අපේකෂකයා ආවත්.

    ReplyDelete
    Replies
    1. ඔයාට අර පැත්තක ඉදං සිගරට් කන පැන්සොන් ගිය එළු රැවුලද කිව්වෙ මේ කමෙන්ට් එක දාන්න කියල...

      Delete
    2. මගේ මතයක් ඕකමයි.

      Delete
    3. නෑ එයා නෙවෙයි. මම හිතලමයි දැම්මේ :)

      Delete
    4. @ දිලිනි......2009 නොවැම්බර් මාසේදි ආණ්ඩුව ජනාධිපතිවරනයට යනවාය කියන වෙලාවේ තිබ්බ තත්වය නෙමෙයි දැන් තියෙන්නේ. රාජපක්ෂ දේශපාලනික ගරා වැටීමකට ලක්වෙමින් තියෙන්නේ. මහින්දව අධි තක්සේරුවක තියන එකත් , විරුද්ධ මතධාරීන්ට කරන අසාධාරනයක්. මේ ගොබල්ස් මතය ජනතාව අතරට ගෙනියන්නේ සමහර මාධ්‍ය.

      Delete
    5. ආන්න වචනේ අරූයියා "ගොබල්ස් න්‍යය" ලොක්කට ගේමක් නැහැ කිවත් ගේමක් තියෙනවා එකයිනේ මේ තරම් දගලන්නේ බලය රැකගන්න.

      Delete
  5. පෙන විදියට ලොක්කාට ආණ්ඩුව ඇතුලෙන්ම පොඩි ඝට්ටනයක් තියෙනවා දිගටම පුටුවේ ඉන්න හදන එකට ,එත් ජන්දයකින් එන්න තරම් පොදු අපේක්ෂකයෙක් තවමත් මතු නොවන එක නම් අවාසියක් ,මාතලන් කියන එක දෙයකට මං එකඟ වෙනවා මහින්ද ලොක්කා කරන්නෙ රනිල් ගේ කෙරුවාමය පොඩ්ඩක් පාට කරලා මිනිස්සුන්ට පෙන්න ...කොම උනත් රටට දැන් නම් වෙනසක් ඕන.....
    විමල් මේ නටන්නෙ බොරු නාඩගමක් කියලා මාතලන්ට හිතෙන්නෙ නැත්ද ???

    ReplyDelete
    Replies
    1. විමල් කරන්නේ ගරු රඟපෑමක්. විමල් විතරක් නෙමෙයි, චම්පිකයි, රතන හාන්දුරුවෝ කරන්නෙත් ඒකමයි. කැසිනෝ කළාපයක් අවුලක් නෑ කියපු උන්. කලාපේ ඇතුලේ දාන කැසිනෝ වලටත් විරුද්ධ වෙන්නේ ඒකයි. නමුත් ඒ නාට්ටියෙන් නම් ආන්ඩුවට පාඩුයි. අළුත් නාට්ටිය තාම නැගලා ගියේ නෑ. මම හිතන්නේ ඒක නැගලා යන එකකුත් නෑ.

      ආන්ඩුව ඇතුලේ ගැටුම් නම් මහින්ද මහත්තයට කජු කනවා වගේ වැඩ. හුප් කියපු ගමන් නැට්ට පුකේ ගහගන්නවා.

      Delete
    2. ඇත්තටම විමල් මහත්තයට බොරු නැටිල්ලක් තමා නටන්න වෙන්නෙ. මොකද අර කතාවෙ වගේ මිනිහා කුඩු කාලා ඉවරයි. වැඩිය කට ඇරියොත් පවුලේ සෞභාග්ය ලගා කරගත්තෙ කොහොමද කියලා පොලොසියෙන් හොයන්න ඉඩ තියෙනවා.

      Delete
  6. මගේ නං අදහස එදත් (2009), අදත් (2014) එකමයි.

    එයට එදා පැරා ද වක්‍රාකරාව එකඟවිය.

    ReplyDelete
    Replies
    1. එතන අවුලක් තියෙනවා. පළවෙනි එක එයා ක්‍රිස්මස්. එතනින්ම අවුට්.

      Delete
    2. එහෙනං ඉතිං රනිලුත් ක්‍රිස්මස් නේ උපතින්.

      හැබැයි පොර සුනිල් වගේ චර්ච් එකක් මාලෙක දාලා බෙල්ලේ එල්ලාගෙන නෑ!

      Delete
    3. ඒත් මම හිතන්නේ නෑ රනිල්ලා විජය කුමාරණතුංගලා කරපු දේ සුනිල් කරයි කියලා.

      Delete
    4. බෞද්ධ, ක්‍රිස්තියානි ගැන කතා කරනවානම්, මම දන්න පරිදි එකම බෞද්ධ නායකයා වුනේ, ප්‍රේමදාස මහතා විතරයි.

      Delete
  7. ඒත් මේ තත්වෙ දැන් වෙනස්වෙමින් පවතිනවා.මට හිතෙන විදියට ඕනම කෙනෙකුගෙ දුර්වලකම තමයි තමන් ගැන කරන අධිතක්සේරුව.ආණ්ඩුව හිතන්නෙ ජනතාව මෝඩයො කියල.ඒත් එහෙම කියල අතේ කයිතන් වන වැඩ කරනකොට ගොන්නුන්ගෙත් අං හැලෙනව.ජාතිකත්වය පිටුපස තිබෙන්නෙ වැඩවසම්වාදය කියන එකත් දේශප්‍රේමය පිටුපස තිබෙන්නෙ අවිචාර ප්‍රදේශවාදයක් කියන එකත් ජනතාව තේරුම් ගන්නව.ප්‍රාදේශීය මානසිකත්වයෙන් නොව ජාතික මට්ටමින් තීරණ ගන්න පුළුවන් පාලකයෙක් හිටියනම් හොදයි කියන තැනට මිනිස්සු එනව.
    රනිල් ඔය කියන තරම් දුර්වලයෙක් නොවෙයි.සිවුර්ක දාගත් මීහරකෙකුට වුනත් වදින ගතිය ඇත්ත.ඒත් වන්දෙක් නොවන රනිල්ට මම ගරු කරනව.මම 2005 දිත් 2010 දිත් මේ ආණ්ඩුවට චන්දෙ දීපු ෆෝන් එකේ මහරජානෙනි සින්දුව රිගින් ටෝන් එකට දාගෙන හිටපු කෙනෙක්.සල්ලි නාස්තිය දැක්කම මම හිතුව හැම දේකම දෙපැත්තක් තියනව කොටි විනාස කළානෙ කියල.මම දැන් කියන්නෙ කොටි ඉතුරුවෙලා මේ සල්ලි නාස්තිය සිද්ධ නොවුනනම් හොදයි කියල.ඒ කාලෙ අපට පාරෙ බැහැල යන්න බෑ ඔවෙලේ බෝම්බ පුපුරනවද දන්නෙ නෑ.ඒත් රටම ණැය කාරයො කරල මේ නාස්ති කරන සල්ලි ඉතුරුවුනානම් හොඳයි කියල මට හිතෙනව.

    ආපහු 2005 ට යන්න පුළුවන්නම් (විද්‍යා ප්‍රබන්ධ සංකල්පයක් වන කාල යන්ත්‍ර යකින් හෝ )මම ඡන්දෙ දෙන්නෙ රනිල්ට.ජාතිකත්වයෙන් ඔද වැඩිල මම ඒ කාලෙ මගෙ ප්‍රමාණයට හෝ කරපු දේශපාලනය ගැන මම අද පසුතැවෙනව.
    පොදු අපේක්ෂකයෙක් ගැන කියනවනම් විනේශ්වරන් හෝ සම්බන්ධන් වගෙ කෙනෙකුට වුනත් චන්දෙ දෙන මට්ටමට මිනිස්සු ඉන්නෙ.හැබැයි ඒ සංවර්ධන වැඩ බලන්න ට්‍රිප් එකක් හරි ගිය අය තමයි.

    ReplyDelete
    Replies
    1. 2005 ඡන්දයේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒක වටිනාකම්ක් සහිත ඡන්දයක්. නැතනම් මේ රටට වෙන දේ කවුරුත් දන්නවා. මහින්ද මහත්තයා එයාගේ උපන් හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඒක අපි අද හැම එකාම විඳිනවා. නමුත් ඒකම ආර්ථිකෙට යොදලා හරියන්නේ නෑ. ආර්ථිකය ගැන බැණුම් අහගෙන හරි උපදෙස් දෙන්න වැඩ කාරයෙක් එයා ළඟ ඇත්තෙත් නෑ.

      විග්නේස්වරන්ලට සම්බන්ධන්ලට අපේ එකෙක් ඡන්දේ දෙන්නේ නෑ සංසාරෙට. ඒවා නිකන් මලක් ගහනවා වගේ ආතල් කතා විතරයි.

      Delete
  8. මහින්දව ජාතික මට්ටමේ නායකයෙක් කලේ ජවිපෙයි කියන එකට මම විරුද්ධයි. 2004දි මහින්දට විරුද්ධ පැත්තෙ තමා ජවිපෙ සහ මංගල දෙන්නම හිටියෙ.

    මේ 2004 චන්දෙට අප්‍රේල් 11 දිවයිනේ දේශපාලන ලිපියෙ උපුටනයක්. මහින්ද ඒ වෙනකොට කොහොම ගේමක් ගහලද, මොන තරම් ජනප්‍රියද එකියන එක මතක් කරල දෙන්න පොඩි උත්සාහයක් විතරයි.

    (රනිල්ට බැරි ඇයි කියල මම පැරාගෙ එකේ කිව්ව. ඒ අතින් උඹලත් පැරටයි සුමණෙ ලොක්කටයි වඩ වෙනස් වෙන්නෙ නෑ.)

    //කෙසේ හෝ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම ශී්‍රලනිපයේ ප්‍රබලයකු වන මහින්ද රාජපකෂ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරන්නටද වූහ. එයට එක් හේතුවක් වූයේ ඔහූගේ බල ප්‍රදේශයවූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ “මහින්ද ප්‍රථම ස්ථානයට පත්ව සිටීමය.”

    හම්බන්තොටින් මාතරත් හැර අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලකින්ම පාහේ වැඩිම මනාප දිනාගෙන තිබූණේ ජවිපෙ අපේකෂකයෝය.

    මහින්ද හම්බන්තොට සිට කොළඹ පැමිණියේ අලුත් ප්‍රබෝධයකින් යූතුවය. මේ අතර මහින්ද අගමැති පදවියට පත්වන බවට දේශපාලන අංශවල ආරංචි පැතිර ගියේය. එහෙත් ඒ වන විට එබඳු තීන්දුවක් නොවීය.

    contd...

    ReplyDelete
    Replies
    1. “මහින්ද පිළිබඳව පොදු ජනතාවත් විශේෂයෙන් සංඝරත්නයත් දෑඩි බලාපොරොත්තුවකින් සිටි බවද නොරහසකි.”

      මහින්ද ජාතික නායකයතු ලෙස තහවූරු වෙමින් සිටීමත්, සංඝරත්නයේ ප්‍රසාදයට පත්ව සිටීමත් එයට හේතු විය.

      කෙසේ හෝ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වී අවසන් වීමත් සමගම ඊළඟ අගමැති පිළිබඳ මාතෘකාව එළියට ආවේය. එහිදී මහින්ද සමග තවත් නමක්ද එක්විය. ඒ හිටපූ විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ය. ලක්ෂ්මන් කදිරගාමර් අගමැති කළ යූතු යැයි කියන පිරිසක්ද වූහ. ජනාධිපතිනියගේ සමීප සගයකු වූ කදිරගාමර් වඩාත් ඇයට සමීප වූ අයෙක්ද විය. කදිරගාමර්ට අගමැති පදවිය ලබාදීමට හේතු රැසක් ඉදිරිපත් වූයේ ජාත්‍යන්තර වශයෙන් ඔහූට තිබෙන පිළිගැනීම හා සූළු ජාතිකයකු අගමැති ලෙස පත් කිරීම රජයේ ප්‍රතිරූපය ගොඩනැංවීමට හේතු වන බවය. ඇතැම් මාධ්‍යවලින් ප්‍රකාශ වූයේ මහින්ද හෝ කදිරගාමර් අගමැති විය හැකි බවය. ඇතැම් මාධ්‍ය කීවේ මහින්ද අගමැති බවය.

      මේ අගමැති තේරීම තරමක ප්‍රශ්නයක් ලෙස ජනාධිපතිනියටද වැටහූණි. ජනාධිපතිනිය දෙදෙනාම වෙන වෙනම කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද අමතක නොකළාය. ජනාධිපතිනිය වරක් මහින්දට කීවේ,

      "මහින්ද මේ අගමැතිකම වැඩිම වූවොත් මාස 4 ක් වගේ වෙයි. මොකද අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා. නරකද ඒක කදිරගාමර්ට දුන්නොත්."

      එහෙත් මහින්ද එයට එකඟ නොවූයේ ඒ වන විටත් දකුණේ ජනතාව තුළ තහවූරු වූ අදහස වෙනස් කිරීමට බැරි බව දත් නිසාය.

      "ඉතින් මැඩම් ඕක තියෙන්නේ මාස 4 නම් කොහොමටත් ප්‍රශ්නයක් නෑනේ.

      මේ අගමැති පොරයට ජවිපෙ මැදිහත් වූයේම නැත. ඔවූන් කියා සිටියේ එය ජනාධිපතිනිය විසඳා ගතයූතු බවය. එහෙත් ඒ වන විට කදිරගාමර් අගමැති කළයූතුය යන පකෂයටද පසූ නොබැස සටන් කිරීමේ වූවමනාව තිබූණි.

      "ජවිපෙ විදිහට අපි වඩාත් කදිරගාමර්ට කැමතියි. ඒත් මේ දෙදෙනාගෙන් කවූරු තෝරා ගත්තත් අපට කමක් නෑ."

      ජවිපෙ මේ සටන තුළ නොමැති බව මහින්දට ඒත්තු විය. එහෙත් වෙනත් පිරිසක් තමාට එරෙහිව ක්‍රියාත්මක වන බවද ඔහූට පසක් විය. මේ වන විට හම්බන්තොට හා මාතර ජනතාව කොළඹට පැමිණ උපවාසයක් කරන්නටද සූදානම් වෙමින් සිටියහ. මහින්දගේ හිතවත්තු එය වළක්වාලූහ. එහෙත් ඔව්හූ මේ පිළිබඳව ජනමතය සකස් කිරීමට අමතක නොකළහ. විශේෂයෙන් මහා සංඝරත්නය මහින්දට පකෂ බව පෙනූණි. ඒ සමගම සූළු ජන කොටස්වල නායකයන්ගේ අදහස වූයේද මහින්ද කදිරගාමර්ට වඩා සූදුසූ බවය. ශී්‍රලනිපය හැර නොගොස් දිගටම එහි සිටීමත් පකෂය වෙනූවෙන් දසක තුනකට අධිකව කැපවීමක් මහින්දට වැඩිපූර ලකුණූ වැටීමට හේතු විය. එසේම සිංහල බෞද්ධනායකයකු ලෙස ඔහූ ලබා සිටි ප්‍රසාදයද තවත් සූදුසූකමක් විය. මාධ්‍යවලින්ද ඒ අදහසත් පළ වෙද්දී ජනාධිපතිනියටද තීන්දුවක් ගැනීමට සිදුවිය. කදිරගාමර්ට පකෂව සිටි පිරිසද තත්ත්වය වටහා ගත්හ. කපන්ට බැරි අත ඉඹීම හැර වෙන කළ යූතු දෙයක් නොවීය. මේ අතර මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ හෙළ උරුමයද මහින්ද වෙනූවෙන් සටනට එන ලකුණූ පහළ විය. දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අසපූවට රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන්නටද වූහ. එජාපයට සම්බන්ධ අය මෙන්ම බෞද්ධ සංවිධානවල බලවත් අයද අසපූවට පැමිණ ප්‍රශ්නය සාකච්ඡා කළහ. බෞද්ධ නායකයකු ලෙස මහින්දට මෙය ලැබිය යූතු බවට සියලු දෙනාම තීරණය කළහ. මෙහිදී තවත් දෙයක් සිදුවිය. එනම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් මගින්ද මහින්දගේ සූදුසූකම් ගැන කතා කිරීමය.

      මේ සියලු දේ ජනාධිපතිනියටද වාර්තා විය. ඒ වන විට එය මහින්ද අගමැති කළ යූතු බව නිගමනය කර තිබූණි. එහෙත් ආණ්ඩූව හදන්නටත් පෙර එකම පිලේ සගයන් අතර ප්‍රශ්න මතුවීමේ අවදානමද ඇයට වැටහූණි. ඇය පකෂයේ ජ්‍යෙෂ්ඨයන් කැඳවා තම අදහස පළ කළාය.

      "මං හිතන්නේ අපිට මෙතන වාදයකට ඉඩක් නෑ. මහින්ද ගැන රටම බලා ඉන්නවා. මං මහින්දව පත් කරනවා."

      අනතුරුව ඇය කදිරගාමර්ටද එය දෑන් වූවාය.

      "නෑ මැඩම් මගේ කිසිම අමනාපයක් නෑ. මහින්ද තමා සූදුස්සා."

      මේ කතා බහ නිමවී ජනාධිපතිනිය යළිත් මහින්ද පණිවිඩයක් යැව්වාය. මහින්දට සිටියේද කොයි මොහොතක හෝ තමාට පණිවිඩයක් ලැබිය යූතුය යන දෑඩි විශ්වාසයකිනි. සිතූ ලෙසම එය සිදුවිය. මහින්දගේ දුරකථනය නාද විය.

      "සර් ඉක්මනට එන්න කියල මැඩම් කියනවා" මහින්දට ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් 5 දා රාත්‍රි දුරකථන පණිවූඩයක් දුන්නේය.

      කඩිමූඩියේ ලෑස්ති වූණ මහින්ද වහාම ජනාධිපති මන්දිරය වෙත ගියේය.

      මහින්ද දුටූ ජනාධිපතිනිය ඔහූ පිළිගනිමින් ආචාර කර මහින්ද ලෑස්තිවෙන්න අගමැතිකමේ දිවූරුම් දෙන්න" යැයි සිනා සෙමින් කීවාය.

      මහින්දගේ මූහූණට ආවේ කවදාවක්වත් නොආ සතුටකි. "බොහොම ස්තුතියි" මැඩම් කියූ මහින්ද ජනාධිපතිනියගේ දැතම අල්ලා සමාචාර දෑක්වීය.//

      Delete
    2. ඇත්ත මෙච්චර එකක් දාන්න ඕන නෑ. මහින්ද කවදත් දකුණේ ජනප්‍රියයි. ඒක ශ්‍රී ලංකාද, යූ ඇන් පීද, ජේ වී පී ද, වමද, දකුනද කියලා ගෙමක් නෑ. ඒ දකුණේ ගතිය. ඒත් අපි කතා කරන්නේ අගමැති කම ගැන නෙමෙයි. ජනාධිපති නොමිනේෂන් ගැන හා ඉන් පස්සේ රඟ දක්වපු දේ ගැනයි. රටේ අනිත් ජනතාව අතරට මහින්ද ගෙනිච්චේ ජෙප්පො තමයි. ජෙප්පන්ගෙත් තනි අලියා විමල් වීරවංශ. ඒ කළ ගුණ මහින්ද මහත්තයා ගාව අදටත් තියෙනවා. ත්ව දෙයක් කියන්න ඕන, විමල් ඒ වෙලාවේ මහින්දට සප් එක දුන්නේ වෙනත් බලාපොරොත්තුවකින්, නමුත් අනිත් ජෙප්පෝ ඒ වැඩේට කැමති උනේ නෑ. ඒත් විමල් කියාපු දේ කලානම්, අද ශ්‍රී ලංකා ඇනකොන්ඩා ඉන්නේ, ජේ වී පී කූඩැල්ලගේ බඩේ. විමල්ට තියෙන මොළේ අනික් උන්ට තිබුනේ නෑ. අන්තීමට උනේ, සිරි ලංකා නිදහස් පක්ෂේ පින්නවලටත් වඩා ලොකු අලි අනාථාගාරයක් උන එක.

      Delete
    3. මාතලන්....+++++++++++++++++++++++++++=

      Delete
    4. මාතලන්,

      ආයි හොඳට කියවල බලහන්. මහින්දව රටේ මිනිස්සු අතරට ගෙනියන්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ.

      මහින්ද කියන්නෙ අගමැති කමේ කේස් එකත් එක්ක රටපුරාම ජාතික නායකයෙක් වෙලා, ඉන්පස්සෙ දිගටම ඒක දියුණු කරගත්තු කෙනෙක්.

      ජෙප්පො කරේ මහින්දයට සපෝට් එක දීල, රනිල් අවොත් රට බෙදනව, මහින්දය රට ගලවගන්නව කියන මතවාදය මිනිස්සුන්ගෙ ඔළුවලට කවපු එක. ඒකට නැගල ගියෙ ඒ වෙනකොට කොටි හමුදාවෙ උන්ට පුක පෙන්නල යන තත්වයක් උතුරෙ තිබ්බ නිසා. සාමෙ නාමෙන් උනත් මිනිස්සු ඒකට කැමති උනේ නෑ.

      ඒත් ජෙප්පොන්ගෙ සපෝට් එකයි, මහින්දගෙ ජනප්‍රියත්වයයි රනිල් එක්ක හිටපු එළ කොල්ලො එක්ක හැප්පෙන්න මදි කියල මහින්ද දැනං උන්න. ඒකයි අන්තිම තුරුම්පුවත් ගහල තිබ්බෙ.

      පස්සෙ රනිල්ගෙන් ඒ රජ බඩු අයින් උනාම රනිල් නිකම්ම නිකන් ලොම් හැලුනු බල්ල උනා. මහින්දගෙ බලය තවත් ඒක කේන්දීයව වර්ධනය උනා.

      Delete
    5. ජෙප්පන් එක්ක සංධානෙකට යනවට අකමැතිම උන කෙනෙක් තමයි මහින්ද. මොකෝ විමල්ගේ හිත මහින්ද කලින්ම දැන ගෙන උන්නා. නමුත් අනික් උන් ඔක්කෝම ගුලිය කෑවා. මහින්ද මහත්තයා විමල් කියෙව්වද කියන්න මම දන්නේ නෑ. නමුත් එයාට හොඳ දේශපාළණ ඉවක් තියෙනවා. ඒක ජාත්‍යන්තරයට ගැලපෙන්නේ නැති එක වෙනම දෙයක්. එයා ඒ නිසා තමයි විමල් ජේ වී පී එකෙන් එලියට ඇද්දේ. එහෙම ඇදලා විමලුයි, ජෙප්පොයි දෙගොල්ලොම නැති කලා. විමල් අද තනියෙන් ඉල්ලුවත්, වික්‍රමභාහුට උන් දේමයි වෙන්නේ. ආයෙත් කියන්න තියෙන්නේ මහින්ද රටම්ම දිනාගෙන උන්නෙ නම් නෑ. නමුත් පොඩි මිනිහා දැක්කා තවත් ප්‍රේමදාස කෙනෙක්.

      Delete
    6. මාතලන් මහින්ද විමල්ව ඇද්ද ඇද්ද කියල නිතර කියන කතාව මම දන්න විදියට වැරදි නිසා ඕකෙ ඇත්ත ගැන වෙරිෆයි කරගන්න ඒ කාලෙ විමල්ගෙ ලඟම දේශාපලන හිතවතෙක්, මහින්දගෙ කැම්පේන් එකේ ප්‍රභල ක්‍රියාකාරියෙක් ඇමතුව. මනුස්සය කියන විදියටත් විමල්ව එලියට දාන්න කලින් මිනිහ පැන්න මිසක ඒකට ලොක්කගෙ සම්භන්ධයක් තිබිල නෑ. ඔය ලොක්ක මිනිහව ඇද්ද කියන කතාව ජෙප්පො තමන්ගෙ හය්ය අත්තක් බිඳුන එකෙන් පහල ගස් පොඩිවෙන එක නවත්තගන්න ගොතපු කතාවක්.

      අනික මේව කියවන jvp ලොක්කො ඉන්නවනම් කියාවි විමල්ද කුමාර්ලොක්කලද ඒ කාලෙ ජෙප්පො මෙහෙයුවෙ, සන්ධානෙට සපෝර්ට් කරන්න තීරණය කලේ කියල.

      Delete
    7. මචන් ඉන්දික ඕක ගැන මරාගන්න දෙයක් නෑ මමත් මුලින් මත් කිව්ව මහින්ද හෝම්වර්ක් ටික කරල තිබුනෙ කියල. වෙන එකක් තියා මහාමාර්ග ඇමති කාලෙම අත උස්සගෙන ඉන්න පෝස්ටර් හිටන් දකුනෙ ගහල තිබුන මොකක් හරි බොරු හේතුවක් අරන්.

      ඒ උනත් ජනාධිපති හැටියට මහින්දට එහෙම සෙල් කරන්න තිබුනෙ නෑ ටිකක් සිංහල කමකුයි හාමුදුරු ගොල්ල ගෙ සහයෝගයයි ඇර. කොටින්ම සරත් අමුනුගම මහින්ද අගමැති කාලෙම කිව්ව පන්සල් ගානෙ දිව්වට ජාතික නායකයෙක් වෙන්න බෑ කියල. මහින්ද ගෙ ජෙනරික් සිංහල කමට ආදරේ ගුඩ් ගයි කැරැක්ටර් එකට රට ජාතිය බේර ගන්න ආපු ලීඩර් කෙනෙක් කියල සෙල් කලේ ඔය ජාතික ව්‍යාපාරය කියන එක.

      මේ වෙනස පොඩි වෙනසක් නෙවෙයි. මහින්ද ලෝක අන්ඩපාලයෙක් තමයි එදත්. ඒත් පොරට කැම්පේන් එකක් දුවන්න තරම් මැටීරියල් වත් ගැම්මක් වත් තිබුනෙ නෑ.

      මොකෝ මහින්ද චින්තනේ මහින්ද බැසිල් එක්ක ලියපු එකක් ද? 2005 දි දින්නෙ මහින්ද ම නෙවෙයි මහින්ද පස්සෙ තිබුනු ඇජෙන්ඩා එකත්. 2010 දි දින්නෙ මහින්ද.

      දැන් වෙලා තියෙන්නෙ "මහින්ද එලවීම" කියන එක මිසක් මොකෙක්ට වත් ලොකු ඇජෙන්ඩා එකක් නෑ. 2010 දි උනු එකම ආයෙ වේවි මෙහෙම ගියොත්, මතකනෙ 2010 දි දෙමළ සන්දානෙත් ෆොන්සේක එක්ක ඉන්නව, ජෙප්පොත් ඉන්නව. දෙගොල්ලො විරුද්දයි, කතා කරල ශේප් කර ගන්න බැරි තරම්. ඉතින් දෙජාස ෆොන්සේකට සහයෝගෙ දෙන්නෙ මොන ප්‍රතිපත්ති උඩද ඇහුවම කියනව "එහෙම එකඟතාවක් නෑ අපිට ෆොන්සි විස්වාසයි" කියල. එහෙම බ්ලෑන්ක් චෙක් එකකට මිනිස්සු චන්දෙ දේවි ද?

      මුන් අදත් කරන්නෙ වාහනයක් නැතුව ඩ්‍රයිවර් ල ගෙ හොඳ නරක කතා කරනවා ඩ්‍රයිවර් ගෙ කොලිටි පෙන්නල ට්‍රිප් යන්න මිනිස්සු ගන්න බලන්.


      Delete
    8. //මචන් ඉන්දික ඕක ගැන මරාගන්න දෙයක් නෑ//

      පිස්සු කෙලින්න එපා බන්. මන් මේ මාතලන් එක්ක ගේමක් ඉල්ලුව විතරයි. උඹටත් කට පියන් ඉන්න බෑනෙ.


      මොකද මාතලන්

      //එතනදි ඔහු පෙන්වා දෙන දේ, අද නම් මහින්ද මහත්තයටත් මතක නැතිව ඇති. ඇත්තටම මහින්ද මහත්තයා ගෙන ගේමක් දීලා තමයි නොමිනේෂන් ගන්නේ.//

      කියල නැති කරුණු මවනව, පච හලනව මව්බිම පත්තරේ වගේ. එහෙම කොහෙද බන් අපිත් එක්ක. වේලි වේලි ඉන්න මූ පැරාගෙ පානෙන් පත්තු කරද්දි අපිත් පොඩ්ඩක් තලාගෙන අතල් එකක් ගන්න තිබ්බ චෑන්ස් එක යකෝ උඹ කන්නෙ.

      Delete
    9. කාලයක් ඉතා ලඟින් විමල් ඇසුරු කළ කෙනෙක් හැටියට මම දන්නවා විමල්ව ඇද්ද නෙමෙයි. විමල් කලේ පාවාදීමක්. ඒක ඉක්මන් වුනේ ජෙප්පො අයවැයට ඡන්දෙ නොදී ඉන්න ගත් තීරණය විමල් අතින් ලොක්කට ගිය එක නිසා. නමුත් ඒ වෙනකොට විමල් ගැන පක්ෂේ යම් බිඳීමක් ඇතිවෙලයි තිබ්බෙ. විමල් ඒක දන්නවා. අන්තිම වෙනකම්ම අල්ලන් හිටියනම් විමල් ගූ වෙනබව විමල් දන්නවා. ඒ නිසා මිනිහා වැට පැන්නා කෙහෙල් කැනට කලින්.

      Delete
    10. මම දන්න තරමින් වෙද මහත්තයා විමල් පොඩි කැපිල්ලකුත් තිබුනා. එහෙම එකක් එන්න හේතු උනේ. ලොක්කා ළන්න වැඩිපුර ගැවසීම. ඒක නම් ලොක්කගේ අමුම අමු ප්ලෑන් එකක්.

      Delete

    11. මම හිතන්නේ එදා මහින්ද මොන තරම් ප්‍රාදේශීය වශයෙන් පිම්බිලා හිටියත් ජවිපෙ තල්ලුව නොලැබෙන්න මහින්දව උඩට ගන්න බැහැ. මේ බලපන් 2005 ප්‍රතිඵල. එදා ජවිපෙ වෙන ස්තාවරයක හිටියා නම් මොකක්ද වෙන්නේ. මහින්ද ඒ බව දන්නවා. මහින්දගේ කකුලෙන් ඇදපු ඒ පක්ෂේ සමහරු පවා, මහින්දගේ කකුල අත හැරියේ ජෙප්පෝ ඉන්වෝල්ව් වෙච්ච නිසා.

      Mahinda Rajapaksa United People's Freedom Alliance 4,887,152 50.29%
      Ranil Wickremesinghe United National Party 4,706,366 48.43%

      Delete
    12. විමල් වීරවංශ ආණ්ඩුවෙන් ඉවත් වෙන බව පෙන්වන්නේ හුදෙක් රඟපෑමක් පමණක් සිතේ. නළුවා අභිනවයෙන් රඟ දක්වන විට ප්‍රේක්ෂකයා එය ඉස් මුදුනින් පිළිගනී. ඒ මඟින් තම ජන්ද පදනම යලි තහවුරු කරගෙන, එම ඡන්ද නැවත මහින්දටම පුජා කරාවි.

      Delete
  9. පොදු අපේක්ෂකයා ....? කව්රු උනත් ඉතින්..... අපි නේ චන්දෙ දෙන්නේ....ඊටත්...... ඉල්ලුවට පස්සේ අඩු ගානේ තානාධිපති කමක් වත් ලැබෙනවා නම් ...... ගොඩක් අය කැමතියි ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන වාතාවරණය යටතේ නම් අළුත් දෙයක් නැතිව මෙතේ බුදුන් වැඩියත් මම නම් දෙන්නේ ලොක්කට.

      Delete
    2. ලොක්කටනම් කොහොමත් දෙන්නෑ.

      Delete
    3. //ලොක්කටනම් කොහොමත් දෙන්නෑ.//

      ඔව් බං මමත් දෙන්නේ නැහැ ලොක්කාටනම් වැරදිලාවත්.

      Delete
  10. අනේ දේවසිරි දන්නා පුක. දෙවසිරිගේ විශ්ව විද්‍යාල සහ වාමාංශික න්‍යායාත්මක භාෂාව අපි වගේ හිංගලෙන් හිතන, හිංගලෙන් ආගම දර්මේ අදහන, ඉස්තෝප්පුවට වෙලා සරම දෙකට නවලා බැඳගෙන ලබ්බට හුළං වැදි වැදී අත උඩ තියාගෙන බත් කන උන්ට අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ දේවසිරිලාට මීට වඩා සරල වෙන්න පුලුවන්නම් විතරයි අපිට දේවසිරිලාව තේරුම් ගන්න පුළුවන්. මාදුළුවාවේ හාමුදුරුවන්ගේ සිංහ නාදය අපි වගේ එවුන්ගේ ලේ ධාවනය වර්ධනය කරලා ඔළුවයි පපුවයි දෙකම එකවර ක්‍රියාත්මක කරවනවා.

    ReplyDelete
    Replies
    1. දැන් කියන්නේ සෝභිත හාමුදුරුවෝ කිය්ලා. උඹලා හදන්නේ උන්නාන්සේ සෝභිත හාමු කරන්න. උඹ හිතනවද මේ සංසාරෙදි සෝභිත හාමුදුරුවෝ විධායක ජනපති කම අතහරිනවය කියලා.

      Delete
    2. ලේ ධාතුව වර්ධනය අනාට කමක් නැහැ මල්ලව නිදිකරවලා, අනේ පව් නැත්නම් ලේ මාලේත් නැවතිච්ච විචාරිකාව

      Delete
    3. ///උඹ හිතනවද මේ සංසාරෙදි සෝභිත හාමුදුරුවෝ විධායක ජනපති කම අතහරිනවය කියලා.//////

      මට හිතෙනවා ඔව් කියලා. ඒ සඳහා අනිකුත් දේශපාලන පක්ෂ විසින් පෙර ඉගෙනගත්ත පාඩම් මත සම්මුතියකට ආ යුතුයි.

      Delete
    4. අරූ... කවදාවත් සෝභිත හාමුදුරුවෝ ඕක අත අරින්නේ. මොකක්ද දන්නවද කියන්නේ. පින්වත්නී මම මේක කාට හරි දන් දුන්නොත් වෙස්සන්තර රජ්ජුරුවෝ දරු දෙන්නා දන් දුන්නා වගේ දෙයක් තමයි මම පින්වතුන්ට කරන්නේ. ඒ නිසා නිවන් දකිනකන් මේ ලබා ගත් බුදු බව කාටවත් දන් දෙන්නේ නම් නේ. ඒ මම පින්වතුන්ට ආදරේ කරන නිසා.

      Delete
  11. ඔය පොදු අපේක්ෂක ලිස්ට් එකට ශිරාණි බණ්ඩාරණ්නායකගෙ නමත් කියවෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පැරා එයා ගැනත් ලියලා තිබුනා. එතනදි නම් පැරාත් එක්ක මමත් එකඟයි. එයා හොඳයි අවුරුදු කුමාරි තරඟයට වගේ එකකට.

      Delete
  12. 2005 දි මහින්ද පොරක් නොවෙයි.ඒත් ඔහුට රට පුරාම අමුත් ජනහිතකාමී පෞර්ෂයක් තිබුන.එක අවස්ථාවක උද්ඝෝෂකයො පිරිසක් බෝඩ් අල්ලන් හිටිය ගරු ධීවර ඇමති තුමනි ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියල.1999 දි චන්ද්‍රිකාට විරුද්ධව පොදු අපේක්ෂකයෙක් හොයන කාලෙ මහින්ද පොරක් නොවෙයි.අනික මහින්ද බුද්ධිමතෙක්.ඔහුට සැලැස්මක් තිබුන.හැබැයි 1999 කියන්නෙ වෙලාව නොවෙයි.වාසු ඉස්සරහට පැන්නෙ එතනදි.
    2005 වෙනකොට මහින්ද ජාතිකත්වයේ එකම නියෝජිතය වෙලා හිටිය.පන්සල් වල බලය ඔහු දැනගෙන හිටිය.අගමැතිවෙලත් මල්වට්ටි අරන් ගිය එක කළා.රත්නසිරිත් ඒක කළාට මේක වෙනස්.අදටත් භික්ෂු බලවේග මහින්ද එක්ක.
    ඔය සේරටම වඩා මහින්දගෙ ලොකුම බලය ඔහු දැන සිටිය " පුද්ගලයා සතු බලය " .ඔහු පුද්ගලයන් හිතවත් කර ගත්තේ ඒකයි.වාමාංශිකයන් මීට ප්‍රතිවිරුද්ධව පුද්ගලයාට කිසිම තැනක් දෙන්නෙ නෑ නෑයාත්මකව.නමුත් භාවිතයෙදි ඔවුන්ගෙ පුද්ගල වන්දනාව සේරටම වැඩියි.
    පුද්ගලයන්ට වරදාන දී ඔවුන්ගෙ සහාය ගත්තහම ජනතාව අතරින් ඒ රික්තය පිරවීමක් සිදුවෙන්නෙ නෑ.කාලයත් එක්ක රික්තය පිරවෙනව,ඒත් එතකොට ඒ නායකයො ආයෙ ගන්නවනෙ.
    ල\කාවෙ පක්ෂය කියන්නෙ ආගමක් වගෙ එකක් නිසා මිස නැත්නම් අද ආන්ඩු විරෝධයක් සංගත ලෙස ගොඩනගන්න බරි වෙනව.ඒත් වාසනාවට හෝ අවාසනාවට ආන්ඩුවට යන යූ ඇන් පී කාරයො වෙනුවට වෙන පිරිසක් හෙමිහිට බිහි වෙනව.
    දැනට ඉතිරි වෙලා ඉන්නෙ හරින් ප්‍රනාන්දුල,හර්ෂද සිලවල වගෙ දෙතුන් දෙනෙක්.අද හරින් ආන්ඩුවට ආවොත් හෙට ඒ අඩුව පුරවන්න බදුල්ලට බැහැ. කුරුනෑගලට වෙලා තිබෙන එක බලන්න.

    හැබැයි ඔය සෙල්ලම කොච්චර සාර්ථක වුනත් ඒ කියන්නෙ දේශපාලන විද්යාත්මකව ඔය තියරිය වැඩ කළත් ආර්ථික කළමනාකරනය බින්දුව වුනොත් ආර්ථිකය කඩා වැටුනොත් දේශපාලන වෙනස්කම් විය හැකියි.


    කොහොමටත් සුළුජාතික ඡන්ද ආන්ඩුවට ලැබෙන්නෙ නෑ.සුළු ජාතික චන්ද තීරනාත්මක නෑ කියන එක 1999,2005,2010 ජනාධිපතිවරණ වලින් පෙන්වා තිබෙනව.

    ඊලඟ ජනාධිපතිවරණයේදී 2010 දි යුධ ජයග්‍රහනය වෙනුවෙන් අනික් ආර්ථික ප්‍රශ්න අමතක කරල දුන් කිසියම් ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම කතෝලික ක්‍රිස්තියානි ඡන්දත් ආන්ඩුවට නොලැබෙනව.ආන්ඩුවට ඊලඟ චන්ද අසීරු වෙනව.ආන්ඩුව පිරිහෙන ප්‍රමානය මතයි සියල්ල තීරණය වෙන්නෙ.දැන් යන විදියට ගියොත් පාරෙ යන මිනිහෙකුට වුනත් පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන් වෙයි.

    මහින්ද පොරක් වුනත් නොවුනත් ඔහු ලංකාවෙ ජනවිඥානයට හොඳටම ගැලපෙන නායකයෙක්.ඒත් 2005 ජයග්‍රහනය නම් අහම්බයක්.එතනින් එහා වාසි ඔක්කොම යුධ ජයග්‍රහනය නිසා.යුද්දෙ දිනුවට පස්සෙ තුනෙන් දෙක ගන්නව කියන එක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ටිකට ඇර අනික්වට එකඟයි.

      //ඒත් 2005 ජයග්‍රහනය නම් අහම්බයක්.//

      මහින්ද තමන්ගෙ තරම දැනගෙන හිටිය. අඩුගානෙ බැසිල්වත්. ඒකයි ශ්‍රීපතිල එක්ක ගිහින් ප්‍රභාට ගනක් දීල උතුරෙ චන්දෙ වලක්වන්නෙ. ඒක එහෙම නොවුනනම් රනිල් තමයි ජනාධිපති. ඉන් පස්සෙ මහින්දට වෙන්නෙ රටෙන් භාගෙක ජනපති වෙන්න. අන්න ඒ ගාන මිනිහගෙ ගෝලයො හරියටම හදල තිබ්බ.

      රනිල් ඒ වෙලාවෙ දින්නන්න ඔන්න මෙන්න තිබ්බෙ. අනික මහින්ද කොටි එක්ක සෙට්වෙලා ගේමක් දෙයි කියල කීයටවත් හිතන්න නැතුව ඇති. ඒ නිසා මිනිහගෙ පැරදීමයි සැබෑ අහම්භය වෙන්නෙ.

      Delete
    2. පොදු අපේක්ෂකයක් නැතුව දඟලන අතරේ පාරේ යන එකත් පොදු අපේක්ෂකයා කියන එක නම් පිලිගන්න අමාරුයි. මහින්ද මහත්තයා ෆුට්බෝඩ් එකෙන් පැනපු පැනිල්ල ඊළඟ හෝල්ට් එකත් අමාරුවක් නැතිව යනවා.

      Delete
  13. ආන්ඩුව දිනුවත් දිනන්නෙ මේ චන්දෙ විතරයි.ඕනම ආන්ඩුවක් දිගටම තියෙනකොට ඒකෙ ඉන්න හෙන්චයියො ආන්ඩුව අප්පිරිය කරනව.බුදු හාමුදුරුවො ජනාධිපතිකම ගත්තත් බිම් මට්ටමේ ඉන්න හෙන්චයියො බුදුහාමුදුරුවන්ටත් ඉන්දියාවට යන්න වැඩ සලස්සනව.අනික දිගටම ආන්ඩුව තියනකොට හැම එකාගෙම ඔළු ඉදිමෙනව.බලය පානව හොරා කනව .ආන්ඩු අප්පිරිය වෙනව.

    ආන්ඩුව කරන්න ඕන මෙහෙම දෙයක්.දැන් ජනාධිපතිවරනෙකට යන එක හොඳ මදි. ඉස්සරවෙලාම පාර්ලිමේන්තු චන්දෙ තියනව.ඒකෙදි දෙකට දෙවාරෙ ඉන්න එවුන්ට ගේම දීල සුවර් බැලයො ටිකක් හදාගන්නව.ඒ බැලයො පිරිවරාගෙන ජනාදිපති චන්දෙට යනව.මේක තමයි හොඳම ක්‍රමය ආන්ඩුවට ගැලවෙන්න.
    පොදු අපේක්ෂකය ලෙස සිරා පොරක් ආවොත් එහෙම.ජනාධිපති ක්‍රමය වෙනස් කරනව කියල බයිලෙකුත් ගහගෙන. ප්‍රසිද්ධ හාමුදුරුනමක් එහෙම ආවොත් නම් වැඩේ සිරාවටම සීරියස් වෙනව. මඩ ගහන්නත් බෑ හිරේ දාන්න්නත් බෑ. අනික් හාමුදුරුවරුත් හාමුදුරුකමට උදවු කරනව ,සිවුර දැක්කහම බිම පෙරලෙන උපාසකම්මල සාදු සාදු සා කිය කිය චන්දෙ දෙනව.

    අපි නම් ඉතින් වැඩ බැරි මී හරක්ය කියමුකො.ගඟෙන් එහා රාලල සූත්තරකාරයො තමයි.හැබැයි රාලෙ මේ ගමන මුහුදෙන් එතෙර රාලලත් ගේමට සෙට් වෙනව වගෙ. ගඟෙන් එහා එවුන් මෙහෙම නම් මූදෙන් එහා එවුන් කොහොම ඇද්ද .අනෙ අම්මෝ බයේ බෑ මං ලැප් එක වහල දාල මං යනව හේනට පැල් රකින්න.අලිත් එනව නොවැ.උනුත් දැන් ටික ටික ප්‍රමෝදයට පත් වෙලා ඉන්නෙ .මොකාට එනවද දන්නෙ නෑ. හෙනං උඹහෙල කොමෙන්ට් කියවපල්ල ඕන් ගියා ආයිබොවන්ඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් නම් ආන්ඩුව නානවා. මහින්ද මහත්තයට කැමති උනාට, ඔකේ ඉන්න ගොඩක් උන්ට මිනිස්සු කැමති නෑ. දැක්කනේ පලා බබාලා සෙට් එකකටම උන දේ. යනවනම් යන්න ඕන ජානාධීපතිවරණයකට. හාමුදුරු කෙනෙක් දැම්මොත්, රත්තරන්ලා හෙම හාන්දුරුකමුත් නැති කරලා තමයි නවතින්නේ.

      Delete
    2. ලොක්ක මෝඩයෙක් නොවෙයි මාතලන්.අපිට තේරෙන දේවල් පොරට නොතේරෙන්න කිසිම විදියක් නෑ.ජනාධිපතිවරණයක් එන්නෙ 2016 අග.දෙවැනි වාරෙ පටන් ගන්නෙ 2011 දි නිසා.ඒ අධිකරණ අර්ථනිරූපනයකින්. ඉතින් මේ අවුරුද්දෙ මහ චන්දෙයක් තියල දෙකට දෙවාරෙ උන්ට සම්බුව දීල බැලයො සෙට් එකත් එක්ක ඉස්සරහට යන්නෙ.මහ චන්දෙ මීටත් කලින් තිබ්බනම් තමයි හොඳ.අනික දෙකට දෙවාරෙ එවුන් මෙල්ල කරගන්නෙ නැතිව ජනාදිපති වරනෙකට ගිහින් තීරණාත්මක මොහොතක උන් අනික් පැත්ත ගැහුවොත් මොරාල් ඩවුන් වෙනව.

      Delete
    3. ඇත්ත එහෙම පැත්තකුත් තියෙනවා. කපන්න ඕන සෙට් එක ගෙදර යවන ලේසිම් වැඩේ ඒක.

      Delete
  14. රනිල් පොදු අපේක්ෂකය වෙනවටනම් මම හිතන්නේ මහින්ද මහත්තයයි ආණ්ඩුවයි කැමති වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. රනිල් පොදු අපේක්ෂකයා විතරක් වැඩක් නෑ. තව අපේක්ෂකයෙක් ඉන්නත් බෑ. එහෙම උනොත් නානවා. අනික ආන්ඩුවේ පොඩි හරි දෙදරීමක් නැත්නම් ඒත් වැඩක් නෑ.

      Delete
  15. ඊලඟට ලංකාවෙ තියන චන්ද වලට ලෝක දේශපාලනය ඉතා තදින් බලපානව.බටහිර බලවේගවල පසුබෑම ආන්ඩුවට වාසියක් වුනත් ලංකාවේ පිහිටීම අනුව ඉන්දියාවේ බලපෑම තීරණාතමක නිසා ඉන්දියාව හරහා බටහිර බලපෑම් එල්ල වෙනව.ඉන්දියාවෙ ඊලඟට බීජේපී ආන්ඩුවක් ආවොත් මේ බලපෑම වැඩිවෙයි.ඉන්දියාවෙ පක්ෂ මාරුවුනාට ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැහැ.ඒත් කොන්ග්‍රස් ආන්ඩුවට වඩා බීජේපී ආන්ඩුවක් උතුරෙ කටයුතුවලට මැදිහත් වෙයි.ලංකාව චීනය දෙසට යන එක වලක්වන්න ඉන්දියාවට මෙන්ම බටහිරටත් ඕන.චීනය රුසියාව වැටලීඑමි ඇමරිකන් න්‍යායපත්‍රයට ඒක අවශ්‍යම දෙයක්. ඔන්න ඔය කාරනා මත සියල්ල තීරනය වෙයි.
    ආන්ඩුවෙ ඊලඟ නාට්‍ය මොනව වෙයිද දන්නෙ නෑ. නානා සහ නානසාර නාට්‍ය ඉවරයි වගෙ. නැත්නම් අන්ළුවො පොඩි රෙස්ට් එකක් ගන්නව. රතු එළිය කියල නාට්‍යකුයි වෙද හාමුදුරුවෝ කියල නාට්යයකුයි එයි වගෙ. රතු එළිය නාට්‍යයෙ ප්‍රධාන නළුවො දෙන්නෙක් ඉන්නව.ඒක ත්‍රාසජනකයි.විමල් චම්පික දෙන්න දෙපැත්තෙන් එන්නෙ රැජිනිකාන්ත් හා කමලහසන් අව්ගෙ. මොනව වෙයිද කියල අපි වගෙ ගොබ්බයො බලන් ඉන්නව.ඇරූ මාතියා කියල හෝල් එකේ ඉදගෙන ඉස්සරහ පුටු වලට පයින් ගහනව.
    වෙද හාමුදුරුවො නාට්‍ය ඊට වෙනස්.එතනදි රතන ට ඉන්දියාවෙදි හම්බවෙනව සියළු රෝග සුව කරන වෙදෙක්. රතන ඌව මෙහෙ ගෙන්නල ලොකු ගිනි විජ්ජුම්බරයක් කරනව.දොස්තරලයි මිනීපෙට්ටි සාප්පුකාරයොයි බඩගින්න ඉවසන්න බැරිව පාරට බහිනව. අනේ මන්ද බන්.
    ඔය නාට්ය දෙක බොක්ස් වාර්තා බිද හෙලයි කියල කියන්න බෑ.බස්නාහිරින් ගම්මන්පිළ දෙවැනිය වුන නිසා මට හිතෙනව ඔය සෙල්ලම් වැඩ කරන එකක් නෑ කියල. කදුලු පිහ දදා නටන හොද බිකිනි නැටුමක් නැටුවනම් ඔයිට හොඳයි වගෙ.
    නානා සහ නානසාර නාට්‍යයෙ නම් පසුබිම් ගායනය කළේ පොලීසිය .මේවට පසුබිම් ගායනය කවුරු කරයිද දන්නෙ නෑ.අනේ මන්ද බන්.අපිත් හිනාවෙවී ඉන්නව.ලේවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඡන්ද වලට එහෙම බලපෑමක් ආවත්, තාමත් ජහ මනයා ඉන්නේ ලොක්කා එක්ක. කොටින්ම වෙනසක් නැතුව මොකා ආවත් මම දෙන්නෙත් මහින්ද මහත්තයට, මොකෝ මම හොඳ යූ ඇන් පී කාර්යෙක් නිසා. මම කිව්වා වගේ ඩ්‍රාමස් ටික නම් නැගලා යන එකක් නෑ.

      Delete
  16. පොදු අපේක්ෂක කමට ගලගොඩ අත්තේ ලොක්කව ගෙනාවොත් මොකද? මං කියන්නේ වෙනසකටත් එක්ක.පොරට ජනාධිපති කම හම්බ උනොත් එහෙම ආයේ ඉතිං ආසියාවෙම්ම මුස්ලිම් කට්ටිය එළවලා තමයි පස්ස බලන්නේ.එහෙම වෙච්ච දාට අපේ ශ්‍රේෂ්ඨ සිංහල ජාතිවාදීන්ට මහින්ද ලොක්කව අමතකම වෙලා යනවා ශුවර්.

    ReplyDelete
    Replies
    1. සවුදි අරාබිය වගේ තියෙයි.

      Delete
  17. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටට කරපු ලොකුම අපරාදේ වාණිජ ණය ගිනි පොලියට අරන් පොලිටිකල් සංදර්ශන තියන එකවත් මහජන මුදල් ගෙඩි පිටින් හොරා කන එකවත් නෙමෙයි.මේ රටේ නීතිය හා සාමය ගැන මහජනයා තුල අංශු මාත්‍රිකව හරි තිබුන විශ්වාසෙ නැත්තටම නැති කරල දාපු එකයි. විනයක් හික්මීමක් අධ්‍යාපනයක් පවුල් පසුබිමක් සහිතව බිහිවුණු එතෙක් හිටි බහුතරයක් වූ ප්‍රභූ පැලැන්තිය වෙනුවට ගං ගොඩවල් වල බෝක්කු ගානෙ ටැග් ගැහුනු මදාවියන්ව මේ රටේ බලය ධනය හිමි ප්‍රභූ පැලැන්තිය බවට පත් කිරීමේ ප්‍රතිවිපාකය පොලිටිකල් ,මාධ්‍ය සංදර්ශන සහ දේශප්‍රේමී සිහිනයක අතරමංව සිටින ජහමනයා ඉදිරි අනාගතයේදී හොඳින්ම අත්‍ විඳිනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවත් මම හැමදාම කියන එකක්. ඕකට මේ බ්ලොග් අවකාසේ ඔක්කෝම වගේ විරුද්ධයි. බොක්කෙ උන් පවා. ඒත් මම නම් කියන්නේ. මේ රට මේ තරම් කාළකන්නි රටක් කලේ බන්ඩාරණායක. එහෙම කෙනෙක් උන්නේ නැත්නම්. අපි සිංගප්පූරූවටත් එහා ගිහින්. මොකෝ අපේ රටේ ටැලන්ට්ස් වල අඩුවක් නෑ.

      Delete
    2. ////මේ රටේ නීතිය හා සාමය ගැන මහජනයා තුල අංශු මාත්‍රිකව හරි තිබුන විශ්වාසෙ නැත්තටම නැති කරල දාපු එකයි//////////
      @ ඇනෝ.....ඔය කොටසට එකඟයි. ප්‍රභූ පැලැන්තිය කෙසේ වෙතත්...හන්දි ගානේ මාල කඩපු එවුන්ට තීරන ගන්න පාර්ලිමේන්තු යවපු එක තමයි හෙණේ.

      Delete
  18. මාතලන් කියන්නෙ රනිල්ටත් එහා ගිය සින්හල විරොධී, උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් දෙන්න කෙල හලන එකෙක්. ඌගෙ පුන්චි ලොකෙ රනිල්ට වඩා පොරක් නැති එක පුදුමයක් නෙවෙ.

    ReplyDelete
    Replies
    1. අන්ධ පුදගලයකුගේ කොමෙන්ට් එකක්. බේල් ක්‍රමේට හරි කලින් ලියපුවත් පොඩ්ඩක් කියවන්න.

      Delete
  19. මාතේ.. මං දකින විදියට රනිල් හොරෙක් නෙවෙයි..උගතෙක්.වැදගත් මනුස්සයෙක්. නමුත් ඒක අපේ රටේ දේශපාලනයට අනුව සුදුසුකමක් නෙවෙයි.. ඒකට ඉහලින් තියනව මචං ඔහුගේ පෞරුෂය එක්ක ගැටලුවක්..මිනිස්සු බලන්නෙ පෙරහැරේ යන අලි දිහා මිසක් කස කාරයො දිහා නෙමෙයි...

    මං බෙලිඅත්තෙ එකා මචං.. ඇටබෝල ගහන කාලෙ ඉඳං දන්නව මහින්ද මහත්තය කව්ද කියන්න..අපේ තාත්තල ලොකුතාත්තල පවුලම මහින්ද එක්ක ඒ කාලෙ ඉඳල පාරට බැහැපු මිනිස්සු..මහින්ද කියන්නෙ නොම්මර එකේ
    මැරයා..ඒකට හරියන කට්ටියක් බෙලිඅත්ත වලස්මුල්ල සූරියවැව මිද්දෙනිය වීරකැටිය තංගල්ල දම්මුල්ල ඒරියා එකේ හිටියා.. ප්‍රාදේශීය ප්‍රභූවරයෙක් මිසක් පොරක් නෙමෙයි..

    ජේවීපී එකේ කොල්ලො අරං ගියාම අනන්ත බේරල ඇති..අම්මල අඬාගෙන දිව්වෙ එයා ළඟට..සරම කැහැපට ගහං යමං අක්කෙ කියලා කෑම්ප් එකට මිනිහා ගියා. කොල්ල හෙදර ආවා..
    එතනින් ආව ගමන මිනිහගෙ ටැලන්ට් එකයි කටයි මරිෂියයි සිංහල බුද්දාගම කමයි මිනිහ හරියට මාකට් කලා..රහස ඒකයි..හැබැයි ලොකු පෞරුෂයක් තිබුන වගේම තම්බන්න නං බෑ ලෝක ආඳා..
    අපේ දේශපාලනේට ඔයිට වඩා මොකද්ද බං.. 94 උයන්වත්තෙදි චන්ද්‍රිකා එක්ක ඇරගත්ත එක තමයි මහින්ද සැටලයිට්ගෙන් කැපෙන්න ප්‍රදාන සාධකය විදියට මං දකින්නෙ, හැබැයි පොර ගේම ගැහුවා..

    මහින්ද කියන් අයිකන් එකට ලං වෙන්න කෙනෙක් දැනට මං හිතන් නෑ මචං.. සජිත්ලා හුරතල්ලු මිනිහ එක්ක බලද්දි.නමුත් යම් පාලනයක් අවශ්‍යයි කියල තේරෙන මේ වෙලාවෙ සටනට දාන්න ඕන සිංහයට සිංහයෙක් මිසක් සිංහයට රිලවෙක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. එතනින් ආව ගමන මිනිහගෙ ටැලන්ට් එකයි කටයි මරිෂියයි සිංහල බුද්දාගම කමයි මිනිහ හරියට මාකට් කලා..රහස ඒකයි..හැබැයි ලොකු පෞරුෂයක් තිබුන වගේම තම්බන්න නං බෑ ලෝක ආඳා.. //
      කොමෙන්ට් එක එක්ක සම්පූර්නයෙන්ම එකඟයි.ඔය කියන විදියට මහින්දට කිට්ටුවෙන්න එකෙක් දැන් ලංකාවෙ නෑ. පොදු අපේක්ෂකය විදියට හොයාගන්න වෙන්නෙ නම් රිළවෙක්ම තමයි සිංහයො නැහැනෙ.ඊලඟ චන්දෙට රිළවෙක් එයි.රිළවෙක් වෙනුවට රිළා ගනයෙක් ආවොත් නම් සිංහයෙකුට උනත් ලේසි වෙන්නෙ නෑ.රිළවට වඩා රිළා ගනය බලවත්.රිළා ගනය එක්ක සිංහයෙකුට වුනත් ලේසි නෑ.මුගටිය ඇලි මුගටිය වගෙ තමයි.ගම්වල විස්වාසයක් තියෙනව නයා එක්ක ගේම ලේසි නැතිවුනහම මුගටිය යනවලු ඇලි මුගටිය එක්ක එන්න.ඇලි මුගටියව පිටේ තියාගෙනලු මුගටිය එන්නෙ.මෙතනත් එහෙම තමයි .රිළව බලනව නැටුම් නටල එහෙම සිංහය මෙල්ල කරන්න,එහෙට පයිනව මෙහෙට පයිනව. ඊට පස්සෙ බැරි බව තේරුනාම යනව රිළා ගනය එක්ක එන්න.සිංහයයි රිළා ගනයයි තමයි අංගම් පොරේ යන්නෙ.අපිත් ආසයි ඔය හටන් බලන් ඉන්න.

      Delete
    2. එකඟයි මචං .. සිංහයයි රිලා ගණයයි පයිට් එක යද්දි අපිට යන්න වෙන්නෙ හොම්බෙං මචෝ මේ යන විදියට ගියොත්.. :D
      ඒත් මට හිතෙනවා මචං රිලා ගණයක් ඇවිල්ල ගේම ගැහුවත් ඒක පවත්වගෙන යන්න ටැලන්ටඩ් රිලවෙක්වත් එපෑ.. අන්න එහෙම එකෙක් හොයාගන්න එක නෙවැ ගේම.. සම්පූර්ණ එකඟයි.. පොදු අපේක්ෂක කියන සංකල්පය මහින්ද පරද්දන්න පාවිච්චි කලත් එතනින් එහා පැවැත්ම ගැන මට තියෙන්නෙ අවිනිශ්චිත බවක්..මං වැරදි නං හදපං මචං.දේශපාලනයගැන මට උඹලා මාතලන්ලාට තරම් දැනුමක් අවංකව නෑ..

      Delete
    3. ඇත්තම කතාව කෙටියෙන්ම කියනවනම්, මහින්ද මහත්තයට ගහන්න කොතනකවත් එකෙක් නෑ. එහෙම හිටියනම් මෙහෙම සාඛඡ්චාවක් අති වෙන්නෙත් නෑ. විපක්ෂේ උන් එළු බිජ්ජ වැටෙනකන් බලාගෙන උන්නට. මේ පාරත් ලොක්කා එළුවා මරාගෙන කනවා. ඕන් හෙටම ගේමක් දෙන්න යන්නේ. අනික් උන් තාම පේන බලනවා.

      Delete
    4. පත්තර මල්ලි හරියටම හරි. මේක තමයි ඇත්ත.

      Delete
    5. මාතේ.. ඕ යේස් . සහතිකෙන් !!!

      ස්තූතියි මහ වෙදනා අයියෙ..

      Delete
  20. ඔය්ට වඩා යෝදයො වාගෙ හිටපු ගඩාෆිලටත් කුනු කානු අස්සෙ රිංගන්නවුන එකේ මිනිස්සු ඉස්සරහට අවොත් මහින්ද නිකම් නිකම් හාල් මැස්සෙක් විතරය්.කාලය හැම දේම වෙනස් කරනව.

    ReplyDelete
    Replies
    1. ගඩාපිල පොරවල් නොවෙයි ඇනෝ.ගඩාපි කියන චරිතය සමාජ ගොඩනැගීමක්.ඔහු කියන දේවල් උපුටගෙන මාධ්‍ය ඔහු මහා පොරක් කළා.මේ වගෙ රිළවුන්ට වුනත් සෝවියට් දේශය තියන කාලෙ පැවැත්මක් තිබුන.සිරියාව තරම් රුසියාවට ලිබියාව උපක්‍රමික ලෙස වැදගත් වුනා නම් අදත් ගඩාපි ලිබියාවෙ නායකය.රුසියාව අහක බලා ගත්තම නේටෝව ගඩාපිව කුජීතු කරල දැම්ම.ඇමරිකාව එක්ක ගේම ඉල්ලුවට හරි හමන් හමුදාවක්වත් තිබිල නෑ ගඩාපිට.
      ඊජිප්තුවෙ නසාර් කියල තියෙන දෙයක් දන්නවද? ගඩාපි කියන්නෙ සීයට සීයක්ම මානසික රෝගියෙක් කියල.ගඩාපි කරල තියෙන දේවල් දිහා බලපුවම ඒ ඇත්ත කියල හිතෙනව.නසාර් කියන්නෙ ඇමරිකන් විරෝධය මැදපෙරදිගට ගෙනා පළමුවැන්නා.
      ලිබියාව කියන්නෙ ගෝත්‍රික සමාජයක්.සමානකම් නැතිවාමත් නොවෙයි.

      Delete
    2. ප්‍රධාන දේ. අපේ රටේ ජනතාව අරාබියේ උන් වගේ මිලෙඡ්චයෝ නෙමෙයි. ඒකේ ගෞරවය අපි අපේ රටේ ජනතාවටයි සංස්කෘතියටයි පිරි නමන්න ඕන. එහෙම් මෙහෙන් කාළකන්නි නැතුවම නෙමෙයි.

      මම හිතන්නේ නෑ අවුරුදු 30 ක් වින්ද දුක් මිනිස්සුන්ට එච්චර ඉක්මනට අමතක වෙයි කියලා. මට තියෙන කරුමේ එකෙක්වත් මේ ක්‍රමය නැති කරන්න කතාකරන්නේ නෑ. පුද්ගලයා ගැන විතරයි කතාව. මතක තියාගන්න මේ කෙමය යටතෙම තව කෙනෙක් ආවොත් වෙන්නේ ලංකාවේ හිට්ලර් කෙනෙක් බිහි වන එක විතරයි.

      Delete
  21. මේක දැක්කද??? බැලුවම හිතෙයි ඇයි මෙයා ලංකාවේ ජනාධිපතිකමට පොඩ්ඩක් වත් සුදුසු නැත්තෙ කියලා.
    https://www.youtube.com/watch?v=oG3P_Yzd16k

    ReplyDelete
    Replies
    1. එකේ කාළය දැක්ක ගමන් එතනින් අයින් උනා. ඒ කතාව සාරාංශයක් විදියට දැම්මා නම් ඊට වටිනවා.

      Delete
    2. මෙහි ඉතා දීර්ග විස්තරයක් දකුණු ආසියාවේ දේසපාලනය ගැන සදහන් උවත් අපට අදාළ ඉතා වටිනා දෙයනම් චීනය අපට 6% පොලියට නය දෙනුලබන්නේ චීන සමාගම් එකතුවී කොන්තරාත් ලබාගැනීමටයි එයින් 50% පමණ වංචා කරන අතර ඉතිරියෙන් මහාමාර්ග වැනි ගොඩනැංවීම් කලත් ඔවුන් අප රටේ කර්මාන්ත දිවුනුවට කටයුතු නොකරන්නේ තමාට තරග කරුවකු ලංකාවේ නිපදවීමට චීනයට අවශ්‍ය නැතිබවින්.

      මොහුගේ විග්‍රහය ඉතාම වටිනා දෙයක් උවත් ස්රිලන්කිකයන් ගේ බුද්ධියට මෙය ගෝචර නොවේ.

      Delete
  22. Thanks for mention me මචං, ලියන එක නවත්වන්න තරම් කලකිරෙන හේතුව මං උඹට පුද්ගලිකව කිව්වා නේ.   දෙශපාලනය ගැන කතා කිරීමේ සින්නක්කර අයිතිය හිමි සෙට් එකට අනුව උඹ ටුවරිස්ට් ගයිඩ් මම ඇමරිකාවෙ වරායක මලකඩ කඩන එකෙන් ඉතින් අපිට මොන දේශපාලනයද? බුකියේ මාලන් , දමිත් කේතක,සුජීව අතර සංවාද වලට සක්කගල් අල්ලගෙන ඉන්න එක මේ දවස් වල ඇගට ගුණයි මචෝ.

    ReplyDelete
    Replies
    1. උදිත, අදහස මොකක් උනත් ඒක ලියන්න උඹට තීන අයිතිය වෙනුවෙන් උඹත් එක්ක ඉන්න ගොඩක් මේ බ්ලොග් ලියන කියවන අතරෙ ඉන්නව. ඒ නිසා ඔහොම ලේසියෙන් අතරින්න එපා. හොඳම උදාහරනෙ පැරා සහ මාතලන්. ඒ නිසා වැටෙන්නෙ නැතුව දිගටම ලියහන්.

      Delete
    2. උදිත: උඹත් අරුණි ෂපිරෝත් ඔය තීරණය අරගෙන තියනව කියල මට මුලදිම හිතුන (අරුණි ලිව්වත් බ්ලොග් කමෙන්ට් කරන්න නොඑන්න හේතුව ඒක වෙන්න ඇති). දේශපාලනය හරි වෙන මොකක්හරි මගුලක් හරි ලියනව නං එච්චර සීරියස් වෙන්නෙ නැතුව ලියපං. (මම කියන්නෙ ලිවිල්ල නෙවේ, අනිත් එවුන් කියන දේවල් වටල අවුල් යාම). උඹේ බ්ලොග් එක බොහොම කැමැත්තෙන් බලපු එකක්. කිහිප දෙනෙක් මොනව කිව්වත් මොකද වැඩි පිරිසක් කියවනව නං.

      Delete
    3. මචං උදිත මොන්ටිසෝරි යන කාලේ එකෙක් මට ගැහුවා. මම ඇඬුවා. ගෙදර ගිහින් තාත්තටත් කිව්වා. ඒ කාළේ මම දන්න එකම චන්ඩියා තාත්තා නිසා. තාත්තා මට එදා කිව්වේ, මොනම දේකටවත් කාටවත් ගහන්න එපා. ඒක මෝඩ වැඩක්. ඒත් පුතේ මීට පස්සේ කවදාවත් ගුටි කාලා අඬාගෙන ගෙදර එන්නත් එපා. ගැහුවොත් ඕන එකෙකුට ගහන්න කියලා. තව දෙයක් කිව්වා වෙන දවසක. ඒ තමයි ඔයා හරි කියලා කවදාවත් හිතන්න එපා. මේ ළෝකේ මිනිස්සු එකිනෙකාට බොහෝම වෙනස් කියලා.

      මචෝ අපි කාටවත් ණය නෑ. ඔය බයිලා ගහන උන් පැන්ෂන් එක බලාගෙන ජීවත් වෙන උන් මිසක්. කිසිම ඉදිරි දැක්මක් නැති උන්. උන් බලාගෙන ඉන්නවා විප්ලවයක් ගෙනත් ඔක්කෝම ඒ තත්වෙට පත් කරන්න. ඒ කියන්නේ ආන්ඩුවෙන් යැපෙන් හිඟන්නෝ කරන්න. අපිට මොකා ආවත් එකයි. අපි කාටවත් බරක් නෙමෙයි. අපි කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මට නම් ඕන ජොබ් එකක් ග්‍රේට්. මහන්සිවෙලා වැඩ කරනවනම්. අනික අපි ජොබ් කීයක් කරලා තියෙනවද බන්.

      උඹ ලියපන්. අඩු ගානේ අරුණි නෝනා වගේවත්. අපි කියවනවා. උඹ සෙන්සිටිව් නම් කොමෙන්ට්ස් මොඩරේට් කරපන්.

      Delete
    4. උදිත වහා ලියන්න. මේක ප්‍රවේණි භුක්තියට අයත් දෙයක් නෙමෙයි. ඔබේ අදහස් ඔබ ලියන්න. එච්චරම වැටෙන්නෙ අවශ්‍ය නැහැ. මම නොලියන්නේ අධික වැඩ නිසා වෙලාවක් නැතිකමින්. ඒත් ඉක්මනටම එනවා.

      Delete
    5. මාතලන් උඩ කියපු ටික නම් +++++++++++++++++++++++++++
      කවුරු මොනවා කිව්වත් තමන් ගැන විශ්වාසයෙන් ලියන එක තමා තියෙන්නෙ,

      රාජ්
      දේශපාලනය හරි වෙන මොකක්හරි මගුලක් හරි ලියනව නං එච්චර සීරියස් වෙන්නෙ නැතුව ලියපං++++++++++++++++++++++

      Delete
  23. ඔය කවුරු ආවත් ලොක්කා මේ ගමනත් දිනනවා.. ඇයි මතක නැද්ද අර පහේ පන්තියේ පොඩි එකා කිවුවේ.. :D

    ReplyDelete
    Replies
    1. මොකෑ අමතක රජ කතාව නේ...

      Delete
  24. බ්ලොග් ලියන මේ අයගෙන් කෙනෙක් ගත්තොත් කොහොමද?

    මාතලන්, කතන්දර, විචාරක...:D

    ReplyDelete
    Replies
    1. මාතලන් - කුණුහබ්බ ලියන, වැදගත් රැකියාවක් නොමැති, දේශපාළණය ගැන දැනීමක් නැත්තෙකි

      කතන්දර - උගත්, බුද්ධිමත්, කඩවසම් කෙනෙකි. ඕනෑ නම් හාමුදුරු නමක් ලෙසද ඉදිරිපත් කල හැක. කලක් මහණ දම් පුරා ඇත. එහෙත් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඔස්ට්‍රේලියාවේ උන් අපේ උන්ට පෙන්නන්න බැරිය. ඒ ජෙම්ස් පැකර් නිසාය. අනික කතන්දර යනු චූ, කක්කා හා පඩ කතා ලියන්නෙකි.

      විචාරක - විශ්‍රාමික හමුදා නිළධාරියෙකි, ජාතෛඉ හිතෛශීය, එහෙත් ගල් යුගයට රට ගෙනයාමට බොහෝ දුරට ඉඩ ඇත. මේ දවස්වල පරණ කාර් වර්ණනා කරමින් සිටි. කෙසේ වෙතත් යෝජනා කල අයගෙන්, වඩාත් සුදුසු විචාරකයාම වන්නේය. එහෙත් උඩු රැවුලක් නොමැත, කොන්ඩය ඩයි කර නොමැත. සාටකයක් නම් කොහෙන් හෝ සොයා දිය හැක.

      Delete
    2. හොදම එකා මං තමා..... ඉතිං ...

      Delete
    3. කෙන්ජි කොහොමටත් බෑ. අපේ දෙශපාළඥ්ඥයෝ වගේමයි. බොරු පොරොන්දු දෙනවා අප්පා...

      Delete
    4. මාව දාපල්ලකෝ ,, බ්ලොග් ලෝකෙට උනත් කොයිතරං සේවයක් කරන එක්ව්ක්ද මං !!

      Delete
  25. මම නම් පැරාගෙ ලිපිය දකින්නේ වෙනස් විදිහකට. මෙතන අපි කතාවෙන්නේ මහින්දව පාරාද කරන්න පුළුවන්ද බැරිද කියන එක මූලික කරගෙන. නමුත් මම කියන්නේ, පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම එච්චරම ෂොර්ට් ටර්ම් වැඩක් වෙන්න ඕනේ නැහැ. නමුත් ඒකට බිල්ඩ් අප් කිරීම කොහෙන් හෝ පටන් ගත යුතුයි. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තුවෙන වෙනස, ඒ අපේක්ෂකයාගෙන් ගම්‍ය විය යුතුයි. මහින්දව එලවීම මූලික අරමුණ කරගෙන, මහින්දට ගේම දෙන්න පුළුවන් කෙනෙක්ව ගේනවා කියන එක නෙමෙයි මූලික විය යුත්තේ. ඉතිහාසයේ පාඩම් බලන්න, ප්‍රේමදාසගේ දූෂණය භීෂණය නවත්වන්න චන්ද්‍රිකා ගෙනාවා, වැඩක් වුණාද?

    මගේ අදහස තමයි පුද්ගලයාව මුල් කරගන්නේ නැතුව, ක්‍රියාපටිපාටිය මුල්කරගෙන කටයුතු කල යුතුයි කියන එක. ඒ කියන්නේ නිර්මාල්ව පත් කරගත්තත්, නිර්මාල් විධායක ජනාධිපති තනතුරේ හරියට වැඩක් කරයි කියලා හිතනවට වඩා, විධායක ක්‍රමය වෙනස් කරලා, කවුරු පත් වුණත් හිතුමතේ වැඩ කරන්න බැරි විදිහට ක්‍රමවේදය සකස් කිරීම මූලික කරගෙනයි වැඩේ වෙන්න ඕනේ. ජනාධිපතිට වාර දෙකකට වැඩි ගණනක් පත්විය හැකි විදිහට ව්‍යවස්ථාව වෙනස් කිරීම, අපේ රටට මෑතකදී වෙච්ච ලොකුම වැරද්ද කියන එකයි මගේ අදහස. නමුත් දැන් තනතුරේ ඉන්නේ මහින්ද නිසා, මහින්දට මිනිස්සු කැමති නිසා කාටවත් අනතුර පේන්නෙ නෑ.

    පොදු අපේක්ෂකයෙක් හැටියට හාමුදුරු කෙනෙකුට වඩා, නිර්මාල් වගේ කෙනෙකුට මමත් කැමතියි. 6% වැඩේ නිර්මාල් ආණ්ඩුව හිතුවට වඩා බොහෝ දුර ඇදගෙන ගියා. හැබැ‍යි නිර්මාල්ලගෙ මම දකින ලොකුම දුර්වලතාවය තමයි, සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන විදිහට කතා කරන්න දන්නෙ නැති එක. ආණ්ඩුව ඒකෙන් ප්‍රයෝජන අරගෙන මිනිහා කියපුවා මාර විදිහට විකෘති කර කර පෙන්නුවා. නමුත් පොදු අපේක්ෂකයෙක් විදිහට යාන්ත්‍රණයක් හැදුනොත්, ඒ වගේ අතපසුවීම් වලක්වගන්න පුළුවන්.

    ඊට පස්සෙ තියන අවුල තමයි, නිර්මාල් පක්ෂ දේශපාලනයේ නොමැතිකම. එතන තියන ප්‍රශ්නය තමයි, නිර්මාල් එක සැරයක් ඉදිරිපත්වෙලා පරාදවෙලා, ආයෙ කවදාවත් කරලියට නෑවිත් හැංගිලා යන්න ඉඩ තියන එක. අපිට පේන්න තියන විදිහට මහින්දව එක සැරෙන් හලන්න ටිකක් අමාරුයි. ඒ නිසා මේ ඉදිරිපත්වෙන පුද්ගලයා, මේ ජනාධිපතිවරණෙන් පැරදුණත්, දිගින් දිගටම දේශපාලනයේ හිඳිමින් ප්‍රතිරූපයක් ගොඩනගාගත හැකි කෙනෙක් විය යුතුයි. නිර්මාල්වගේ කෙනෙක් වඩාත් ගැලපෙන්නේ, මුළු රටටම විකල්පයක් අවශ්‍ය වෙලා තියන මොහොතක, පවතින ආණ්ඩුවට එරෙහිව විශාල බලවේගයක් තියන මොහොතක, ඒක මෙහෙයවන්න සුදුසු නායකත්වයක් නැති තත්වයක් තියනවා නම් තමයි. නමුත් මම හිතන්නේ දැන් තියෙන්නේ දේශපාලනිකව දුර ගමනක් යන්න පුළුවන් නායකයෙක් මතු කරගැනීමයි. ඒ අතින් ගත්තම සරත් ෆොන්සේකා මීට වැඩිය සුදුසු තත්වයක ඉන්නවා. නමුත් සරත් ෆොන්සේකා ගැන අපි දැනට දෙපැත්තේ ඉඳන් වීරයෙක් හෝ ද්‍රෝහියෙක් කියනවට වඩා හොඳ විශ්ලේෂණයක් කලයුතුයි.

    ආයෙත් මතක් කරන්න ඕනේ, අපි මහින්දව එලවන්න හදන්නේ වෙනසක් අපේක්ෂාවෙන් නම්, මහින්ද අහක් කරලා වෙන නමක් එතැනට ගේන එකට වඩා, අපේ බලාපොරොත්තුවෙන වෙනස නියෝජනය කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව, මහින්දට ගේම දෙන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි මූලික විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ ඕකමයි. පුදගලයා වෙනස් කරලා වැඩක් නෑ. ක්‍රමයයි වෙනස් කරන්න ඕන. ඒ ගැන එකෙක් කතා කරන්නේ නෑ. මේ ක්‍රමය තුල පොදු අපේක්ෂකයා කියන්නේ මහින්ද රාජපක්ෂට එරෙහිව මහින්ද රාජපක්ෂ කෙනෙක් මිසක් වෙන කිසිවක් නොවේ.

      Delete
    2. මාත් කියන්නේ මේකම තමයි. ඩ්‍රයිවර් මාකට් කරල වැඩක් නෑ යන වාහනේ ගැන හිතන්නෙ නැතුව. මහින්ද එලවන්න ඕන ඇයි, එන අපේක්ෂකයා ඒ වෙනස කරන්නෙ කොහොමද කියලා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් නොහදා මූනු මාරු කරලා සක්කරයා දැම්මත් වැඩක් නෑ.

      මෙහෙම වැඩ පිලිවෙලක් හැදුව නම් මගේ බෙට් එක නම් රනිල් හෝ කරු. තිසර කිව්ව වගේ මේක ලෝං ටර්ම් යුද්දයක්, 2010 වුනා වගේ නිකන් මෝඩ චූන් එකක් නෙවෙයි.

      මම 2005 දී මහින්ද ට කඩේ ගිය, අදත් ඒ ගැන කිසිම දුකක් නැති කෙනෙක්. ඒත් මහින්ද ගෙ සීමාව දැන් ලඟා වෙමින් තියෙන්නෙ. ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් එකක මම චන්දෙ දෙන්න පුලුව තත්ත්වෙක හිටිය නම්, *මේ යන හැටියට ගියොත්* මම චන්දෙ කටු ගානවා, මාතලං වගේ මහින්ද මහත්තයට දෙන්නෙ නෑ.

      Delete
    3. පුද්ගලයා වෙනුවට වැඩ පිලිවෙලක් තමයි නිවැරදි ක්‍රමය. නමුත් අප ජීවත්වෙන සමාජය දිහා ආපහු ඇස් ඇරලා බලන්න ඕන. අපි ප්‍රතිරූප වන්දනාවෙන් ඉන්දියාවටත් එහා ගිහිල්ලා මේ වෙනකොට (ක්‍රිකට්,ෆිල්ම්ස් ඈඳා නොගෙන ඉන්න ට්‍රයි කරමු ). ඒනිසා තමයි මම හිතන්නේ වැඩ පිලිවෙලකට එකඟවෙන, සිවිල් සමාජය හා නිවැරදිව බද්ධවී ඉන්න, නමුත් ප්‍රතිරූපයක් සහිත පුද්ගලයෙක් තමයි අද දවසේ පොදු අපේක්ෂකයා විය යුතු කියලා. ඒ නිසා තමයි මම හිතන්නේ සෝභිත හිමි මේ කතාකරන මොහොතවනවිට හරිම පුද්ගලයා කියලා. මහින්ද පරාජය කිරීම තුලින් මම දකින්නේ මේ මජර, අසික්කිත, නීතිය බල්ලන්ට ලෙවකන්න දාපු,සමස්ථ සමාජයම ලෝකයා ඉදිරියේ කානුවට ඇදලා දාපු පජාත රෙජීමය පරාද කිරීම හැර අන් කිසි දෙයක් නොවේ. එය පරාජය කිරීම මුලින්ම සිදුකල යුතු බවයි මගේ වැටහීම. ඒ වෙනුවෙන්ම තමයි, නිශ්චිත වැඩ පිලිවෙලකට එකඟ වෙන සහ ඒ වෙනුවෙන් යටත් වෙන මෙන්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගත් පුද්ගලයකු උවමනා වෙන්නේ.

      Delete
    4. මේක නැතිකරනවා කියලා ආපු ඔක්කෝම උන් කරේ ඒක තමයි. ඒ නිසා මොකා ආවත් වැඩක් නෑ වෙනසක් නැතිව. අළුතෙන් එකෙක් ආවොත් ඌ මුල ඉඳලම පරම්පරාව ගොඩ දාන්න එපාය. අළුත් ජනාඪිපති උපදේශකලා, අළුත් ඩිරෙක්ටර්ලා. කී දෙනෙක් කියලද.. එතකොට රටේ ධනය තවත් නැති වෙනවා. ඊට වඩා හොඳයි අලින්ටත් වඩා හොඳ දන්න යකා.

      Delete
    5. තිසර තමයි වඩාත් විශ්ලේෂනාත්මක දේ මතු කරලා තියෙන්නේ. 94 චන්ද්‍රිකාගේ වැඩ පිළිවෙල වුනේ සාමය, 2004 දී මහින්දගේ වැඩ පිළිවෙල වුනේ යුද්ධය, එතකොට මේ ය හොයන්න ඕනේ වර්තමාන පාලකයා වැරැද්ද ගත්ත රටට බලපාන දෙයක්. අන්න එහෙම එකකට විරුද්ධව පෙළ ගැහෙන්න ඕනේ. අපි නිකමට හිතමු පවුල් වාදය කියලා. එතන ඉඳන් පටන් ගන්න ඕනේ.

      Delete
  26. අන්න ලොක්ක මන්ත්‍රී/ඇමතියල සේරම මන්දිරේට හෙට කැදවල මචෝ....

    ReplyDelete
    Replies
    1. මහ ඡන්දෙකට යන්න කියලයි ආරංචිය, මැයි දිනේදී ෆෝම් වෙලා කියන්නේ. හැබයි එහෙම කලොත් නම් අනාගන්නවා. ඒ මගේ මතය. මම කියන්නේ ඉස්සෙල්ලා යන්න ඕන ජනාධිපතිවරණයකට ඒක දැන්මම තිබ්බොත් ලොක්කා නිකන්ම දිනනවා. මොකෝ විපක්ෂෙන් පොදු අපේක්ෂකයෙක් එන්නේ නෑ. පොදු විපක්ෂයක් නෑ. තියෙන්නේ එකිනෙකාට මඩ ගහ ගන්න විපක්ෂයක්. සංගීත පුටු තරඟයක්.

      Delete
    2. ලොක්ක මෝඩයෙක් නොවෙයි මාතලන්.අපිට තේරෙන දේවල් පොරට නොතේරෙන්න කිසිම විදියක් නෑ.ජනාධිපතිවරණයක් එන්නෙ 2016 අග.දෙවැනි වාරෙ පටන් ගන්නෙ 2011 දි නිසා.ඒ අධිකරණ අර්ථනිරූපනයකින්. ඉතින් මේ අවුරුද්දෙ මහ චන්දෙයක් තියල දෙකට දෙවාරෙ උන්ට සම්බුව දීල බැලයො සෙට් එකත් එක්ක ඉස්සරහට යන්නෙ.මහ චන්දෙ මීටත් කලින් තිබ්බනම් තමයි හොඳ.අනික දෙකට දෙවාරෙ එවුන් මෙල්ල කරගන්නෙ නැතිව ජනාදිපති වරනෙකට ගිහින් තීරණාත්මක මොහොතක උන් අනික් පැත්ත ගැහුවොත් මොරාල් ඩවුන් වෙනව.

      Delete
    3. @ Anonymous May 7, 2014 at 9:19 PM

      ඇත්ත එහෙම පැත්තකුත් තියෙනවා. කපන්න ඕන සෙට් එක ගෙදර යවන ලේසිම් වැඩේ ඒක.

      Delete
    4. ලොක්ක මහඡන්දෙකට ගියොත් නම් නාගන්නවා කියන එක මගෙත් මතය. ඒ ගැන අපි ඉදිරියට කතා කරමු.

      Delete
    5. ලොක්කා නාගන්න වැඩනම් මේතාක් කරලා නැත .

      Delete
    6. //ලොක්කා නාගන්න වැඩනම් මේතාක් කරලා නැත .//

      දැන් කෙරෙන්න ඉඩ තීනව.

      https://www.princeton.edu/~achaney/tmve/wiki100k/docs/Peter_Principle.html

      Delete
    7. ඉන්දික උඹ හරි....

      Delete
    8. හපොයි ලොක්කා නාගන්න වැඩ ඕන තරම් කරලා තීයෙනවා. නිකන් නෙමෙයි ඇදගෙන නාන වැඩ. ඒත් ඹබරේ වැල්ලේ ගැහුවත් කැරකෙනවා.

      Delete
    9. ලොක්කා එක පාරට නෙවෙයි ග්‍රැජුවලි අනා ගන්න ඉඩ තියෙනවා. පුත්තු තුන් දෙනා එහෙම දැන් ටික ටික ඇසෙට් එකකින් ලයබිලිටි එකක් තත්ත්වෙට පත් වෙමින් නේද තියෙන්නෙ. lokka takes too much for granted. මැයි දින කතාවෙ ටෝන් එක එහෙම දැක්ක නෙ.

      සාමාන්‍යයෙන් ඔහොම චූටි චූටි නැග්ස් වලට රිටර්න් හම්බ වෙන දාට වෙන්නෙ ඇරියස් එක්ක. මතක නෙ කූල් එකේ ලියා ගෙන හිටපු දයාන් කනත්තෙදි හෙළුවෙන් ගියා.

      Delete
    10. Profile Ano...++++++++++++++++++++++=

      Delete
    11. ඇනෝ මචං ++++++++++++++++++++++++++

      Delete
  27. අතීසාරෙට අඹුඩ ගහනවා වගේ රෙන්ඩ බර උනාම පිටිය හොයනවා වගෙ වඳුරො වැස්ස කාලෙට නොතෙමි ඉන්න තැන් හොයනවා වගෙ තමයි විරුද්ද පස්සෙ කොමන් කැන්ඩිඩේට් හෙවිල්ල. ජෙප්පො ඉන්නෙ එක තැනක. ලොකුම පක්සෙ ඉන්නෙ තව තැනක දෙවනි තැන ඉන්න ජනරාල්ගෙ පක්සෙ ඉන්නෙ තව තැනක. ලාහට ගෙම්බො අහුලනවා වගෙ තුන්විදිහෙ කට්ටි එකට එකෙකුට වැඩ කරන්න නම් හයිය ඇති එකෙක් ඔක්කොම පාලනය කරන්න ඕනෙ. ජෙප්පො හැමදාම හෙවුවෙ එයාලට රිමෝට් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක්. හැම වෙලාවෙම හෙවුවෙ ශෝට් කට්. ඕක තමයි හෙණේ. මට පෙනෙන හැටියට මේ පාර කොමන්ලා තුනක් විතර ඉඳී. එක්කෙනෙක් ආණ්ඩුව ගානෙ. අනිත් අය විපස්සෙ.
    අර ආණ්ඩුවෙ කට්ටියක් එලියෙ විරෝදෙ කතා කරන එකය් චන්දෙ නොදාපුඑකයි බරපතල වෙනසක්ද ? පිස්සු.. ඔව්ව ඔක්කොම ස්ටේජ් මැනේජ් කරන්නෙ අපේ ලොක්කා. එයාලගෙ හෙළුවැල්ල වහගන්න ක්‍රමත් හදල දෙනවා. එතකොට විපස්සෙ අයියලා එළුවගෙ ලබ්බ වැටෙනකල් කෙල ගිලගිල පස්සෙන් යන ගමන් තමුන් සංවිධානෙ වීම මග අරිනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ලොක්කා. සාස්තර කියන්න පටන් ගත්තා නම් ගොඩේ ගොඩ.

      Delete
  28. මොකා පොදු අපේක්ෂකයට ආවත් මගේ ඡන්දය පොදු අපේක්ෂකයට හිමිවන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය තුල මමත් එසේමය. මට නම් ලොක්කා තරම් යූ ඇන් පී කාරයෙක් තවත් නෑ.

      Delete
  29. @ මාතලන් සහබ් & සර්ව සහබ්ස්

    මේ පාර පොදු අපේක්සකයා විය යුත්තේ ඔය එකෙවත් නෙමෙයි...........!!!

    අපේ "ඥානසාර හාමුදුරුවෝ"..........!!!!!!!!!!!!!!!!!

    නිකමට හිතලා බලමු මේ රටේ ආණ්ඩුව හැරුනුකොට ඊලඟට වැඩිම බලයක් තියෙන්නේ කාටද?????? රනිල් උත්තමයයාට ද???

    අර සජිත් ෆොන්සියා ඇතුලු නූල් සූස්තර නඩේට ද?????

    එහෙමත් නැට්ත්නම්, "කිං මේකර්" ටෝක්ස් දිදී හැම පාරම පුල්ලං ඉකේ ඇරගන්න රෙඩ් ලේබල් අනාතයෝ ටිකට ද?????

    ඔය කවුත්ම නෙවෙයි නම්, ජෙනරාල් උත්තමයාට ද?????

    අපේ "සෝඹ්හිත හාමුදුරුවෝ"වත් උන්වහන්සේට විරුද්ධව කටක් අරිනවා ද?????

    අගර්, මේරා චොයිස් ආප්කා වෙනරබල් "ඥානසාර තේරෝ" හේ............!!!!!!!!!!!!!!!!!!!

    හික්z!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සෝභිත හාමුදුරුවෝ කියන්නෙත්, නානසාර හාමුදුරුවොම තමයි, මොකෝ මහනායක හාමුදුරුවොත් ඒක ඔප්පු කලා. සිවුරු දාන් ඉන්න ඔක්කෝම නානසාරලා, අර ප්‍රාදේශිය වටේ ප්‍රාතිහාර්යය පාපු උන්නාන්සේ ඇර.

      වෙලක්ම් ලොක්කා කිව්වා.

      Delete
    2. පිල්ලි මුන්නෝ කේසේහෝ තුම් මුන්නා .ඔයා තාමත් එක්සාම්ද අනේ,, ඇයි අප්පා එන්නේ නැත්තේ . කෑවත් නැහැ ඔයත් නැහැ . පිස්සු පත්තරයයි මායි විතරයි ඉන්නේ දැන් :(

      Delete
    3. ඕ යේස් . තෝ අවාරෙට පොල් වැටෙනවා වගේ පෙනිලා යනවා.. වරකො !!

      Delete
  30. පොදු අපේක්ෂකයෙක් විදියට නියම විපක්ෂ කණ්ඩායම් එකතු වෙලා නියම ක්‍රමයක් ගොඩ නගල පඹයෙක් දාන්න. වැඩේ ගොඩ.. විධායක පඹයා..

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම එක්කාසු වෙන්න ඕන. ඒත් ඒ වෙනකොට කෝච්චිය ගිහිල්ලා, ඉස්ටේසන් මාස්ටරුත් ගෙදර ගිහිල්ලා, වැඩකටත් සෙට් වෙලා, කට කපලා නිදි.

      Delete
  31. ජනපති විදියට පඹයෙක් ආවත් ඌවත් විධායක බලතලේ ඉවත්කොරගන්නේ නැත... මොකද දන්න ඕන හාවෙක් දන්නවා ඒ මල අටමගලෙ නැත්තං ඔය සෙද්දෙ ජනාධිපතිකමෙනුත් වැඩක් නෑ..කියල.
    මේ පාර මොන පොදු අපේක්සකහොද මෙයා... ඒව නිකං හදේ හීන...
    මං කියන්නෙ උන්නත් නැති ගානයි... ලොකු අය්ය දිනනව මොකෝ බුවාගෙ මාකටින් තාම බැහැල නෑනෙ...
    මම දන්න කාලෙ ඉදල මහින්ද තරං ජනමාධ්‍ය පාවිච්චි කලේ නෑ කවුරුවත්... ඒ පිහිටෙන්ම මනුස්සය තමන්නෙ ප්‍රතිරූපෙ හදාගත්ත ආය ලොවෙත් නැතිවෙන්න...
    මේ තියෙන තත්තෙ හැටියට ඔබාම අංකල්ඇවිල් චන්දෙ ඉල්ලුවත් දිනනව බොලු එකෙන්ම

    ReplyDelete
    Replies
    1. උඹ එහෙනම් ප්‍රේමදාස උත්තමයා ගැන දන්නේ නැතිව ඇති. ජනමාධ්‍ය ගැන කියපු නිසා කිව්වේ.

      Delete
  32. ඔය මොකවත් වෙන්නෙ නෑ බන්.මගෙ මේ අනාගන්න වාක්‍ය සේව් කරල ප්‍රින් අවුට් එකක් අරන් බෙල්ලෙ එල්ල ගනිල්ල.වෙන්නෙ මේකයි.ජනාධිපතිවරණෙදි මහින්ද සංධානෙන් ඉල්ලනව.රනිල් එජාපයෙන් ඉල්ලනව.ෆොන්සේක එයාගෙ පක්ෂෙන් ඉල්ලනව.ජෙප්පොත් ඉල්ලනව.තව දෙමළ කෙනෙකුත් ඉල්ලයි.ඊට අමතරව තව පිස්සො හතර පස් දෙනෙකුත් ඉල්ලයි.මහින්ද දිනනව.සමහර විට 50% ඉක්මවන්න බැරි වෙන්නත් ඉඩ තියෙනව.ඔය සිද්ධිය ඇර වෙන මොනවත් වෙන්නෙ නෑ.ඔය පක්ෂ පොදු අපේක්ෂකයෙකු වටා එකතු කරගන්න බෑ.ජෙප්පො කොහොමටවත් කැමති නෑ.2010 දි ඕක අත්හදාබලල උන්ට එපා වෙලා.ඊලඟ ජනාධිපතිවරනෙ 1983 එක වගෙමයි.ජෙප්පො විශාල චන්ද ප්‍රමානයක් ( විජේවීර ගත්තට වඩා බොහොම වැඩි ගනනක් ) ගන්නව.

    ReplyDelete
    Replies
    1. ඕක තව එකෙක් කියලා තිබුනා 50% ඇවිත් ඊළඟට ජෙප්පෝ ගාවට යන්න වෙයි කියලා. ඒක ලොක්කා අපිට කලින් දැකපු නිසා වෙන්න ඕන විමල් උන්නැහෙ අළුත් ඩ්‍රාමා එකක් පටට්න් ගත්තේ. එතන පොයින්ට් එකක් තියෙනවා.

      Delete
  33. //මහින්ද තරම් හොඳ යූ ඇන් පී කාරයෙක් තවත් නෑ කියන එක. සම හරක් අයට මහින්ද ය// ඕකම තමා රනිල්ටත් තියෙන අභියෝගය

    ReplyDelete
    Replies
    1. මෙච්චර හොඳට රිගේනින් සිරි ලංකා කරන හදවතින්ම සිරි ලංකික පොරක් ඉඳිද්දි මක්කටෙයි බං පෙරහරේ ගෙනියන්නෙවත් නැති නාකි අලි.

      Delete
  34. දේශපාලන නායකයෙක් විදියට රනිල් මහින්දට වඩා ගොඩක් ඉදිරියෙන්. එත් රනිල් ආඩම්බර කාර තාත්තෙක් නොවෙන එකයි අව්ල

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ පී ආර් එක නිල්ම නිල්.

      Delete
  35. පොස්ටුව කියවා කොමෙන්ටු කියවූ පසු ලියන්නට දෙයක් ඉතිරිවී නැති බව පෙනේ .

    ඉස්සර රජු මියගොස් රට අරාජික් වූ පසු අනෙක් ප්‍රභූවරුන් මංගල හස්ති රාජයා පෙරටු කරගෙන ගමක් ගමක් ගානේ ඇවිදිමින් රජකමට සුදුස්සා හොයනවා , මංගල හස්තිරාජයා යම් පුද්ගලයෙකු ඉදිරියේ දනගැසුවොත් ඔහු රජු ලෙස අභිෂේක කල බව පැරණි ජනප්‍රවාද වල සඳහන් ,
    දැන් ඉතින් රජ කෙනෙක් ඉන්න නිසා පොදු අපේක්ෂකයා හැටියට කෙනෙක් හොයන්න් අපි එහෙම දෙයක් කරන්න වුනොත් තමයි , හැබැයි එහෙම කරොත් මේ රට යන විදිහටයි විපක්ෂේ කියලා ඉන්න එවුන්ගෙයි ක්‍රියාකාරකම බලලා මංගල හස්තියා බුද්ධිමත් නිසා සුදුස්සා හැටියට තෝරාගෙන දනගහන්නේ "වර්ග පූර්ණිකාව ලියපු "මීවනපලානේ ජයරත්න" " ළඟ තමයි ඕං

    ReplyDelete
    Replies
    1. ක්‍රොනිකල්ස් වලට අනුව නම් රට එක් සේසත් කල රජවරු මිය යන තෙක්ම රට පාළණය කරලා තියෙනවා. රාජා භවතු ධම්මිකෝ...

      Delete
  36. Gota මහත්තය පොදු අපෙක්සක තනතුරට ඉල්ලුවොත් මොකක් වෙවිද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙහෙ නිකන් ඉඳහන් සමාගම් බංකොලොත් නොකර.

      Delete
  37. මාත් ලියන්න හිටියෙ නමුත් දැං ලියන්න දෙයක් නෑ පොදු අපේක්ෂකයෙක් තේරීම සෑහෙන්න අභියෝගාත්මක වැඩක්. ජනප්‍රිය ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නත් ඕන. හොඳ කෙනෙක් වෙන්නත් ඕන. දේශපාලනයට සුදුසු කෙනෙක් වෙන්නත් ඕන. මේ කාරණා වලින් ජනප්‍රියතාවයෙන් ඉහල ප්‍රසිද්ධියෙන් ඉහල කෙනෙක් ඉන්නව නං අවුලක් ඇතිවෙන්නෙ නෑ. නමුත් හොඳ කෙනෙක් දානව කියල හිතාගෙන අඩු ජනප්‍රිය කෙනෙක් දැම්මට වැඩකුත් නෑ. සරත් ‍ෆොන්සේක වගේ තුරුම්පුවක් දැන් තිබුනනං වටිනාකම කියන්න බෑ. නමුත් එයා දැං කැපිච්ච ආසියෙක් නෙව.

    පැරාගෙ ලිපියට නිර්මාල් ඇවිල්ල අදහස් දක්වා තිබුන කියන්නෙ බ්ලොග් කාරයෙක් විදියට සතුටු වෙන්න පුළුවන් කාරණාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ආසියා කැපිලා ගියානේ. ගේම දන්නේ නැතිව කාඩ් ගහන්න ගියාම ඔහොම වෙනවා. එක නිකන් දුටුගැමුණුට, සුරනිමල අභියෝග කලා වගේනේ.

      නිර්මාල්ගේ කොමෙන්ට් එක ගැන මටත් මාර පැහැදීමක් ඇති උනා. එතන නිර්මාල්ගෙත් හිතට වදින්න ඇත්තේ, එකෙක් දාලා තිබුනා නිර්මාල් කතා කරන විදිය. හැබයි දඹර අමිල හිමි නම් බුලට් භාන්ඩේ ඈ.. මගේ ෆේවරිට් එකක්.

      Delete
    2. දඹර අමිල හාමුදුරුවො ගැන මගෙත් පැහැදීමක් තියනව. ඒ වගේම යූඇන්පී ජවිපෙ එස්එෆ් තුන්ගොල්ලටම එකඟ විය හැකි පොදු ලක්ෂයක් තමයි අමිල හාමුදුරුවො. මාදුළුවාවෙ සෝභිත හාමුදුරුවන්ටත් වැඩිය ශක්තිමත් අපේක්ෂකයෙක් බලමු.....

      Delete
    3. මොකද කියන්නේ රාජ්. පැරා නිර්මාල් ප්‍රමෝට් කරන්න හැදුවා වගේ අපි අපේ හාමුදුරුවෝ ප්‍රමෝට් කරමුද? හැබයි රාජ යෝගයක් තියෙනවද කියලා බලන්න ඕන ඉස්සරවෙලා.

      Delete
    4. අමිල හාමුදුරුවො ගැන කතාවක් මතක් උනා. උඹට මේල්ලුවක් එවන්නං

      Delete
    5. නිර්මාල් කොහොමත් ඩවුන් ටු අර්ත් ඩයල් එක. පොර ෆේස් බුක් එකේ ඇර ගන්නෙ පැරා ගෙ ලෙවල් උන් එක්ක නෙවෙයි අයිඩෙන්ටිටි එකක් වත් නැති ඉන්ඩිවිජුවල්ස් ලා එක්ක.

      තමන් දේසනා කරන දේ තමන් පිලිපැදීම අතින් නම් නිර්මාල් සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ ගොඩක් බ්ලොග් කාරයන්ටත් වඩා. ඊගෝ එකක් නැති ගානයි.

      දබර කරන අමිල හිමිට වඩා මට නම් අනේ සෝබිත කරුණානායක උන්නාන්සෙත් හොඳයි.

      කට්ටිය හිනා වෙයි, මට නම් හිතෙන්නෙ හදල ගන්නව නම් හොඳම ජොකියා කරුවල ජයසූරිය.


      Delete
    6. සක් කරුවල ජයසූරියට වඩා හොඳයි දයාසිරි ජයසේකර , හරි හමන් ඩීල් එකක් දැම්මොත් කැමති කරගන්න බැරිවෙන එකක් නෑ

      Delete
    7. // සක් කරුවල ජයසූරියට වඩා හොඳයි දයාසිරි ජයසේකර //

      ඇයි හොඳ?

      ජයසූරියට ලොකුවටම මඩ ගැහුවෙ යූඇන්පී එකෙන්, ලොකු පදනමක් ඇතුව නෙවෙයි. කෝප් එකෙන් බේරෙන්න ගියා නම් උනුත් හිටිය නෙ කෝප් එකේ. අනික දැන් උන් ඔය පක්ෂෙ නායකත්ව මණ්ඩලේටත් ගත්තෙ කෝප් එකෙන් බේරෙන්න ආණ්ඩුවත පැන්න හොරෙක් ද?

      ජයසූරියට සිංහල බවුද්ද ක්‍රෙඩෙන්ෂල්ස් නුත් තියනව. හාමුදුරුවොත් ශේප් ඒත් සුළු ජාතිකයන්ටත් අවිස්වාස නෑ. මැනේජ්මන්ට් රෙකෝඩ් තියනව. පුද්ගලික වත් සාර්තක මිනිහෙක් කෙලවුනු කොම්පැනි නග්ගල ගත්තු. දුන්නු අමාත්‍යාංශත් සෑහෙන්න හොඳට මැනේජ් කරා. වාසු රාජිත වගේ ආත්මෙ පාවා නොදී මහින්ද එක්ක ඩිෆරන්සස් හැදුනම අයින් වුනා. ඒත් මිනිස්සු තරහ කර ගන්නෙත් නෑ, අදටත් මහින්ද වත් මිනිහට ගහන්නෙ නෑ. මෝඩ වැඩ දෙක තුනක් කරා ප්‍රදාන එක සජිත් ගොන්සන්ට කඩේ යාම. (රනිල් කරුව ගෙනාවෙත් කරූට ආදරේට නෙවෙයි සජිත්ට කෙලවන්න)

      දයාසිරි: ජනප්‍රියයි, තවම කරල පෙන්නපු ලොකු වැඩක් නෑ. තරුණයි, ජනාදිපති කමකට නම් තරුණ වැඩිත් වගෙ. හොඳට සින්දු කියන්න පුලුවන්. උගත්.

      දයාසිරි දාන එකත් කරන්නෙ මොකක්ද කියල නොහිත දාන්නෙ කවුද කියල හිතනව වගේ දෙයක්.

      Delete
    8. මම හිතන්නේ දඹර අමිලගේ ආමන්ත්‍රනය , ඊට වඩා වෙනස් ආකාරයෙන් පොදු ජන මනසට ඇතුල්විය යුතුයි. ඔහුගේ රැඩිකල් ස්වරය ග්‍රාමිය ජන විඥ්ඥානයට ඇතුල් කරවන්න බැහැ . ග්‍රාමිය තරුණයා සහ ග්‍රාමීය වැඩිහිටියා පැහැදිලිවම වෙනස් චින්තනයන් දෙකක්. ඒ දෙපිරිසම ආමන්ත්‍රනය කරන්න පුළුවන් සෝභිත චරිතයට. මේ මට දැනෙන විදිහ.

      Delete
    9. ජයසූරියයි වසූරියයි අතර වෙනසක් මම දකින්නේ නෑ. ඊට හොඳයි සනත් ජයසූරිය. දයාසිරි කියන්නේ කවුද කියලා මැයි දිනේදි හැමෝටම ප්‍රසිද්ධියේ පෙන්නුවනේ. අපේ පොඩි එකා ගොඩක් පොඩි කාලෙත් ඔහොමමයි. පෙරහරවල් බලන කොට නටනවා. තව අපේ ගෙවල් ගාව ඇන්ටි කෙනෙක් හිටියා එයා බෙර සද්දයක් ඇහුනාම නටනවා. එහෙනම් ඒ ඇනිටිත් මරු අපේක්ෂකත්වයට සුජාතගේ සින්දු පන පිහිටුවා වගේ කියන්නත් පුළුවන්.

      Delete
    10. දඹර අමිල හිමි නැගලා යන්නේ ග්‍රාමියව තමයි, නගරේ නම් මාකට් කරන්න අමාරු වෙයි.

      Delete
    11. මම අදහස් කලේ කරු ජයසූරියයි දයාසිරි ජයසේකරයි අතර වෙනසක් නෑ කියන එකයි , එකම වෙනස දයාසිරි තරුණ එක විතරයි , කොහොමත් මේ හැම දෙයකින්ම පේනවනේ පැහැදිලිවම මහින්ද එක්ක තරඟ කරන්න තියා ඒ ගැන හිතන්නවත් පුළුවන් කෙනෙක් නෑ කියලා . ඒක නිසා අපි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලාට අවසානයේ පැහැදිලිව පේනවා , පොන්නයා , ගොබ්බයා කිව්වට අපි මේ තටම් තටම කියන හැම දේම රනිල් බොහොම කාලෙකට කලින් දැකලා වෙලාව එනකන් සද්ද නැතුව ඉන්න බව , සමහර විට රනිල් ඊට කලින් මැරෙන්නත් පුළුවන් . එත් පැහැදිලිවම මහින්දට එරෙහිව විකල්පයක් නෑ.

      අතීත සිද්ධි විශ්ලේෂණය කර කර මෙහෙම වෙයි අරෙහෙම වෙයි ,ඉස්සර මෙහෙම වෙච්ච වෙලාවට මෙහෙම වුනා , මේ විදිහට ගියොත් මෙහෙම වෙයි කියන තර්ක මහින්ද රාජපක්ෂ එක්ක වලංගු නෑ.

      මහින්ද රාජපක්ෂ කියන්න ඒ නූතන මකියාවෙල්ලි , මකියාවෙල්ලිටත් මහින්දගෙන් ඉගෙන ගන්න බොහොම දේ තියෙනවා

      Delete
    12. හරියට හරි ඉවාන්... ඇමරිකාවේ ලෙක්චර්ස් වලට ගෙන්නන්න ඕන රනිල් නෙමෙයි. මහින්ද මහත්තයව. ඒ පොලිටිකල් සයන්ස්, එකම පොතකවත් නෑ.

      Delete
    13. කරු ගැන අන්ඩ එස්ටිමේට් එකක් තියෙන එක තමයි යූ ඇන් පී එකට තීන ලොකුම හෙනේ.

      කරු තමයි නගරසභා චන්දෙ උඩු යටි කරපු කැම්පේන් එක කරේ. කරු තමයි කොළඹ හමුද බලයක් නැතිව පිරිසිදු කරේ. කරූ තමයි දින සීයෙන් ලයිට් කැපිල්ල නැවැත්තුවෙ.

      කරුගෙ තීන්නෙ එකම එක අවුලයි. ඒ මනුස්සය පොඩ්ඩල් වයසින් වැඩි එකයි. ඒ ඇර අනික් හැම අතින්ම රනිල් නැත්තන් අලි පාටියෙ කම එකා කරූ. කොටිම්ම ප්‍රභූ, සිංහල බෞද්ධ, සුළු ජාතික මේ සේරගෙම එක වගේ කැමැත්තක් ගන්න හොඳම මිනිහ.

      මහින්දට මේ වගේ නැගල යන්න චන්ද දීල උඩ අත්තෙම දිගට තිබ්බොත් කවද හරි ඉතිහාසෙ ලියවෙන්නෙ රටේ හිටපු දුර්දාන්තම, රට විනස කරල විදේශ අතපෙවීම් වලට ඉඩ තියාපු විනාසකාරීම පාළකය විදියටයි.

      පස්වෙනි මිහිඳුගෙන් පස්සෙ මේ රටේ සිංහල බලය වැටිල චෝලයන්ගෙන් වැනසුනා වගේ ඊලඟට මේ මිහිඳුගෙ නම තමයි ලියවෙන්නෙ රට නැසෙන තැනට වැඩේ කරා කියල.

      Delete
  38. "කුමේනිට පුළුවන් නම් සෝභිත හිමිට බැරි ඇයි...?" http://www.infosrilankanews.com/2014/05/blog-post_8.html?m=1

    ReplyDelete
    Replies
    1. බැරි කමක් නෑ. ඒත් අපි කැමති නෑ. එයාලා තෝරගෙන තියෙන්නේ නිවන් මග. එයාව යෝජනා කරන ගිහියෝ කරන්නේ බුද්ධාගමට අනුව විශාල පාපයක්.

      Delete
  39. මේ පිළිබඳව අපට තොරතුරු හෙළිකළ පුද්ගලයා අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් කීප දෙනෙකු යටතේ අරලියගහ මන්දිරයේ සේවය කරන අයෙක් වන අතර ඔහු පවසා සිටියේ ‘මේ වගේ මදාවි ජනාධිපතිවරයෙක් තමා ජීවිතේට දැක නැති බවයි'. තවදුරටත් ඔහු කියා සිටියේ ‘චන්ද්‍රිකා මැඩමුත් අන්තිම කාලෙ ඔය වගේ තමයි. එතුමී හදපු බැල්ලි විතරයි ළඟට ගියෙ. හැබැයි මිනිස්සුන්ට අතින් පයින් ගැහුවෙ නෑ. ඉංග්‍රීසියෙන් බැන්නා විතරයි. අන්තිම කාලෙ ආපුවහම් කව්රුත් ඔය වගේ තමයි' කියාය.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව තර්කානූකූලව පිලිගන්න අමාරුයි. මොකෝ ජේ ආර් පප්පා එහෙම වෙන්න බෑ. ප්‍රේමදාස මහත්තයා හිතාගෙන ඉන්නේ එයා තාම ජනාධිපති කියලා. (පුතත් එහෙමනේ හිතාගෙන ඉන්නේ. අර ලක්බිමේ කතෘට ගේම දුන්නේ.) ඩී බී නම් මෙළෝ රහක් නෑ නේ. චන්ද්‍රිකාගේ මුල් කාළෙයි අවසාන කාළෙයි කියලා වෙනසක් නෑ අපි දන්න තරමින් නම්. මදාවියෙක් නොවී කොහොමද මේ තරම් බූරුවෝ රොත්තක් එක්ක පාළණයක් ගෙනියන්නේ. එකෙකුට බෑ නේ තමන්ගේ අමාත්‍යංශයේ ප්‍රශ්ණයක් තනියෙන් විසඳගන්න. එතකොට මම හිටියත් මලේ හොඳම එක පනින එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

      Delete
  40. මචෝ උඩ ඉඳන් පල්ලෙහාට මගේ තෙල බෙදාගෙන ආවා. දැන් ටැන්කිය හිස් :D
    උඹගේ පෝස්ට් එකටත් පැරාගේ පෝස්ට් එකටත් මගේ ආචාරය!!

    ReplyDelete
  41. මෙහෙමයි මට හිතෙන්නේ දැන් රට තියෙන තත්වය උඩ මහින්දව පරාද කරන්න ඕනෙමයි කියන තැන තමයි මම ඉන්නේ.එක පහසු නොවුනත් කරන්න බැරි දෙයක් නෙමේ.මොකද මේ වෙලාවේ අපි හැමෝටම ඕනේ මේ පවතින ක්‍රමයේ වෙනසක්.නමුත් ලොක්කට අවශ්‍ය මේ තියෙන ක්‍රමයම තමයි.ඉතින් ලොක්කා නැවත බලය ගන්නවා කියන්නේ මේ ක්‍රමය දිගටම යනවා කියන එකයි.

    හැබැයි ඉදිරිපත් වේවි කියලා හිතන්න බැරි වුනත් මහින්දට හොදම චැලේන්ජ් එක දෙන්න පුළුවන් කෙනා රනිල්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ලොක්කට නෙමෙයි බන් එන්න හිතාගෙන ඉන්න බක්කන්ටත් ඕන මේ ක්‍රමේමයි. මොකෝ මේක පට්ට රහයි. වල්ලා පට්ටා වලටත් වඩා අගෙන් වැඩියි.

      Delete
  42. සුද්දෙක් වගේ වැඩ කරනවා කියන එකත් සුද්දො කියන විදියට වැඩකරනවා කියන එකත් දෙකක්
    රනිල් වැඩ කරන්නේ දෙවෙනි ක්‍රමයට

    ReplyDelete
    Replies
    1. නැෂනල් එක ගහගෙන උන්නට, මහින්ද මහත්තයා වැඩ කරන්නෙත්. රනිල්ට ඒ සුද්දෝ කියලා දීපූ ඇජෙන්ඩා එකටම තමා.

      Delete
  43. ලංකාවෙ ජනාධිපතිකමට ඉතින් සුදුසුකම් කියලනම් දෙයක් නෑ.චන්ද්‍රිකා රැස්වීම් වලට ආවෙ පැය ගනන් ප්‍රමාද වෙලා.හේතුව වැඩවල පිලිවෙලක් නැතිකම.වැඩ කලින් ඇරෙන්ජ් කර ගන්නෙ නැති එක.ඉතින් ඒ වගෙ කෙනෙකුත් අවුරුදු එකොලහක් මේ රට පාලනය කළා කියන්නෙ මේ රටට සුදුසුකම් සහිත පාලකයෙක් වුවමනා නැහැ.ඕනම එකෙකුට පුළුවන්.චන්ද්‍රිකාගෙ කාලෙ එක සංස්ථා සභාපති කෙනෙක්පත්කරන්න ගියාම ඒ සභාපති ඇහුවලු මොකද කරන්න තියෙන්නෙ කියල.මොකවත් නෑ ඔහෙ ඉන්න කිව්වලු..හැමෝම ඔහෙ ඉන්න එක තමයි කරන්නෙ. ඔහෙ නිකම් ඉන්න මොකටද සුදුසුකම්. හැබැයි මේකට වගකියන්න ඕන ජඩ මාධ්‍ය .උන් අරක්කු වීදුරුවට ප්‍රතිරූප හදනව.දැන් තාක්ෂනය දියුණු නිසා ජනතාව මතවාදීව සංවර්ධනය වෙයි.ෆොන්සේක සහ ජෙප්පො ගත්ත ඡන්ද වලින් ඒක පේනව.ඒ අය වැඩිපුරම කැම්පේන් කලේ ෆේස් බුක් වල.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකෙත් බුද්ධිමය සංවාදයක් නම් නෑ. ඒත් එතන යමක් වෙනවා.

      Delete
  44. හැබැයි ඇහුවොත් එකෙන්ම කැමති වෙන කෙනෙක් ඉන්නවා

    ~~~~ ලසිත් මාලිංග ~~~

    දිනුවොත් පස්සේ කියයි. SF ව ගත්තු වෙලාවේ මම හිතුවේ මට කථා කරයි කියලා. හරිනම් මට හම්බෙන්න ඕනේ එතනදී කියලා.

    ReplyDelete
    Replies
    1. මහින්දගෙයි මාලිංගගෙයි වෙනසක් නෑ. කොන්ඩෙ මලකඩ කාපු එක විතරයි වෙනස. ඒත් මාලිංග ක්‍රිකට් වලට අදාලව කියපු කතාව නම් 100% අනුමත කරනවා.

      Delete
  45. අද මරාගේ පත්තරෙනුත් පොදු අපේක්ෂකයා ගැන සොෂල් මීඩියා වල යන ඩිස්කෂන්ස් ගැන හෙඩ්ලය්න් වලම දාලා තිබුනා...මාතේ මාරාගේ පූස් පැටියාත් (අයිතිය විමලනාත් වීරරත්න-රාවය ) ඔබ තුමාගෙ බොග කියවනවා වගේ!
    මට තාම තියෙන කේස් එක තමයි, මේ විදියට තව යන්න පුල්වන් නේද කියන එක අපි කථා කරන්නේ නැත්තේ ඇයි කියන එක. පප්පාගේ කාලේ රෙසිග්නේෂන් ලෙටර් සයිග්න් කරගෙන 2/3 බලය කොන්ටිනියු කරගෙන මුලු සිස්ටම් එකම පොලිටිසයිස් කරගත්තේ අපේම චන්ද වලින් දුන්න අසීමිත බලය නිසා සිරිමාගෙන් වින්ද දුකෙන් මිදෙන්න....

    අපි ඩිංගකට හරි හිතනවානම් අපේම සමාජයෙන් අපිට එකෙක් හොයාගන්න පුලුවන් වෙයි කියලා අයිඩියල් ශ්‍රී ලාංකික නායකයා වෙන්න අපිට නට් ලූස්....ඉන්න එකාව හරි මගට ගන්න පුලුවන් ජෙප්පෝ සිරා පිට මරාට කඩේ නොයා ඉන්නවානම්...
    හිතපන්...අපි තාත්තා බොනවය, බඩු ගහනවය කියලා වෙන එකෙක් ගනිය කියලා අම්මට කියන්නේ නෑනේ...එක්කෝ ආදරෙන් කියලා නැත්තං තගක් දාලා හරි හදාගන්න බලනව මිසක්!

    ReplyDelete
    Replies
    1. අනිවා... මමත් කියන්නේ දන්න යකා නොදන්න යක්කුන්ට වඩා හොඳයි කියලා.. මිනිස්සුන්ගේ ජීවන බර අඩු කළා නම් ලොක්කා හොල්ලන්න බෑ එකෙකුට. මේ කන බොන දේවල් ඔක්කෝමත් නෙමෙයි, පොඩ්ඩක් බද්දෙන් නිදහස් කරන්න ඕන.

      1. පරිප්පු
      2. සීනී
      3. හාල්මැස්සෝ
      4. බී ළුණූ
      5. සැමන්
      6. අල
      7. ළදරු කිරි පිටි

      ඔය ටිකට ටැක්ස් නොගහ දුන්නා නම් ලොක්කා හොල්ලන්න බෑ සම්මජ්ජාතියේදී.

      Delete
    2. ඇත්ත මාතේ...පහුගිය මාස හයේ පිටකොටුවෙ තොග මිල ගැන මම පෞද්ගලිකව දන්න නිසා කියන්නේ...රුපියල් 46ට තිබුන අල ලූනු මිල 100න් එහාට ගියා දඹුල්ලේ ගොවියා රකින්නය කියලා...දඹුල්ලේ ගොවියො මචං හරියට ලූනු අස්වැන්න පැහෙනකන් ඉඳලා ගහේ කොල ඉතිරිවෙන්න තියන්නේ නැතුව කපලා හරියට අව්වේ දාලා වේලලා වෙළඳ පොලට එවනවානම් උන් රැකෙනවා. උන් වතුර බර තියෙන්න බාගෙට පැහෙනකොට ලූනු උගුල්ලා කඳත් එක්ක විකුනනවා වැඩි ලාභ ගන්න කියලා...ආණ්ඩුව කෙලිනවා ටැක්ස් එකෙන් පකිස්ථාන් ලූනු වලට...ඉතින් කොහොමද බන් මේ මගුල කරන්නේ..?
      පුලුපුලුවන් විදියට දන්න තැන්වලට කථාකලා ඔය ජහමනයාගෙ බඩගෝස්තරේ ගින්දර අඩුවෙන් රකිනහැටි ගැන...වැඩේ මචෝ ඔය දිවිනැගුම කේස් එක අර ගම් උදාව වගෙ දුර තියෙන චන්ද බලාගෙන යන ගමනක් වෙච්චී එක තමයි ලෙඩේ....

      Delete
  46. මාෆියා කරමෙට රට පාලනය කිරීම වැඩිකල් දුවන්න බැරි බව
    ලෝක ඉතිහාසයෙන්ම පෙනේ.
    ආණ්ඩුව හෙල්ලී ඇති බව විමල්ගේ හා චම්පිකගේ රැඟුමෙන් පෙනේ.
    රනිල් විරුද්ධ 18ටයි
    ජනපති ක්‍රමයට නොවේ
    සෝභිත හිමි ජනපති කරමෙට විරුද්දය
    සෝභිත ලංකාව පාලනය කර නැත.
    රනිල් පාලනය කර ඇත.
    අවංක සෙට් එකක් ඉන්නේ ජවිපෙයි,
    සංවිදානාත්මකයි.
    ජවිපෙ තුල ජාතිවාදී සෙට් එකක් සිටිති, දැනට කරබාගෙන සිටී.

    රටක් සංවර්ධනයට විශ්ව විද්‍යාලය, කම්කරු බලවේග, සියලු ජාතීන්, එකතු කරගෙන දිගු ගමනක් යා යුතුයි.
    71 jvp, 77unp, 87-89,jvp කුයික් ෆික්ස් කරන්නට ගොස් අපි තවම නාමින් සිටිමු.
    අපිට ඉන්දියානු ක්‍රමයෙන් ගොඩක් දුර යන්න දෙන්නෙ නෑ.
    එනිසා නව වම, ජවිපෙ සහය ලබන ---------ට මනාපය
    - - - හිමි හෝ වෙන යම් අයෙකු දමන්නේ දියාරු කර දමන්ටමයි.

    ජීවන බර අඩුකරන, දූශණය පිටුදකින හා රට නොරට දුක් විඳින උන් ගැන බලන ආන්ඩුවක් ඕනෑ කර ඇත.

    ReplyDelete
    Replies
    1. එකඟයි...නමුත් කතිකාවත, කොහොමද ඔය කියන අයිඩලිස්ටික් ආණ්ඩුව අපි පත් කරගන්නේ කියන එක නේද දයාල්බතී...ඩ්‍රයිවර් මාරු කර පමනින් දුර ගමනක් යන්න ඔක්කොම අඩුම කුඩුම ලෑස්ති කරගත් වාහනය හොඳට දුවයිද? මොකද අපි මොන මරගාත කලත් වෙන ආණ්ඩුවක ඉන්නෙත් ඔය හාදයොටිකම වෙයි නේද? හොඳම උදාහරනෙත් මරා මේ ආණ්ඩුව මෙතනට ගෙනා බිස්නස් මොඩල් එකමයි!

      Delete
    2. විමල් සහ චම්පක ඔය කරගෙන යන්නේ මරාගේ සුපුරුදු ගේම....ආණ්ඩුවේ තියෙන අඩුපාඩු ඉදිරියට ගෙනත් ඒවා ගැන කෑගසා...ඉදිරියෙන් එන මහා හෝ ජනපතිවරනයකදී තනි තනිව චන්දය ඉල්ලා, දැනට ආණ්ඩුවට ලැබිය හැකි, නමුත් ඉහත කචල් නිසා විසිවෙන ඡන්ද අහුලා, මැතිවරනයකින් පසු මරාට එම බලය නැවත පුද්කිරීමේ සුපුරුදු ගේම...
      තව ඉස්සරහට බලමු අධිකරන ඇමතිතුමාගෙ සෙල්ලම්....

      Delete
  47. නිර්මාල් රංජිත් නම් උඩින් පරදියි ආවොත්.

    ReplyDelete
  48. ඔය මහාප්‍රාණ දේශපාලන/ආර්තික න්‍යායන් නොතේරෙන හුදී ජනතාවගෙන් එකෙක් වෙච්ච මට තේරෙන්නෙ මෙහෙමයි.

    තාම මහින්දට ගේමක් දෙන්න එකෙක් ඔය කියන කවුරු අතරවත් නෑ. රනිල්ට ඕක බෑ කියලා එයත් දන්නවා. ඒක නිසා තමා එයත් ඔය පොදු අපෙක්ෂක මුට්ටිය දදා පස්සට වෙන්නෙ.

    මහින්දලාගේ ලොකුම ශක්තිය තමා ඒ ගොල්ලන්ගෙ සමඟිය. අනුර කරපු දේ බැසිල් කරයි කියලා හිතන්නවත් බෑ. කාට හරි මහින්දව පරද්දන්න ඕනනම් කරන්න ඕනා ඔන්න ඔය සමඟියට ඇටෑක් කරන් එක විතරයි.. මහින්දට අභියෝග කරන්න පුළුවන් ප්‍රතිවාදින් තුන්දෙනයි මටනම් පේන්නෙ. ඒ තමා ගෝඨා, බැසි සහ නාමල්. ඒ අර වෙන ඕනා කෙනෙක් දැම්මොත් එයා ජෙනරාල් 2ට අඳිනවා..

    ReplyDelete
  49. පොදු අපේක්ෂකයො ඉදිරිපත් වෙච්ච හැම වෙලාවෙම අනාගත්තා ඉතිහාසයේ...නමුත් මේ වලොවෙ මහින්ද මාමව ගෙදර යවන්න තනි කෙනෙක්ට කොහොමවත් බෑ...ඒ තරමට ශක්තිමත් පෞර්ෂයක් තවමත් දේශපාලන පිටියේ දකින්න නැති නිසා.

    ReplyDelete
  50. මාතලන් පැරාගෙ සින්ඩියට ගියෙ නැද්ද. ලස්සනට හදල.බ්ලොග් දර්ශකය කියල එකක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. කවුරු දැම්මත් දැන් ඉන්න කෙනාව පරද්දන්න බෑ.

    ReplyDelete
  53. පොදු අපේක්ෂකයෙක් අත්‍යාවශ්‍යයි. නමුත්, කවුද කියා තවම දන්නේ නැහැ. අවස්ථාවේ හැටියට අපි එකතු වෙමු. ඌව ඡන්දය අවසන් වන තෙක් පොදු අපේක්ෂයකා කවුද කියා නම් නොකරාවි කියා සිතේ. හේතුව ඌව ඡන්දයේදීත් එක් එක් පක්ෂ වෙන වෙනම තරඟ කරන බැවිනි.
    පොදු අපේක්ෂකයා දැන් නම්කර, ඌව ඡන්දයේදී වෙන වෙනම තරඟ කළෝත් ආණ්ඩුව එම පක්ෂ සහ පොදු අපේක්ෂකයා අතර ඝට්ඨනයක් නිර්මාණය කර බේද කරවන බව අපට සිතිය නොහැකිද?

    ReplyDelete
  54. Indeed රනිල් වික්‍රමසිංහ පමණය. සම්පුරණයෙන් එකගයි. alpha male මහින්ද හා තරඟ කිරීමට තරම් පිරිමිකම ඔහුතුල නැතිවීම හැර වෙන අවුලක් රනිල් තුල මා නොදකිමි. මිනිස් වානරයා එදා සිට තමන්ගේ නායකත්වය සඳහා alpha male කෙනෙකු සොයන්නේ මිනිස් මොලයේ පරිනාමයේදී අපගේ වානර හැගීම් සම්පුර්ණයෙන් ඉවත් නොවී ඒ පැරණි දේ මත උඩින් අලුත් දේ ඈති වූ සුවුශේෂී ක්‍රමය නිසාය. අපතුල තාමත් සැඟවී ඇති වානර ආශාව සොයන්නේ මහින්ද වැනි alpha male නායකයෙකි. මහින්දලා කතා කරන්නේ මේ සැගවුන ආශාවටයි. නමුත් මිනිස් වර්ගයා මේ ආශාව පසුකර බොහෝ දුර පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ නම් උඩු රැවුල නැති full shaved නූතන මිනිසා වෙනුවෙන් මම පෙනී සිටිමි. ඉහත සුනිත් කියා ඇති පරිදි අලියාගේ වලිගයේ එල්ලී සුර ලොව යාමට තාමත් කැමති රැලේ වදුරන්ට නම් හොඳම පොදු අපේක්ෂකයා වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂමය.

    ReplyDelete
  55. every one seems to have the same agenda which is sending mahinda home...and this drama has repeated twice in the recent history i remember, 94 the move was to send unp home.. 2001 send chandrika home, n now 2014 send mahinda home,,,its evident that who ever comes to power faces the same fate after few years.. from what i understand all what we have done is replacing heads, nothing else,,, when chandrika was sent home corruption was not send home. and power of law and order was riding low those days as well. waste of public money for the rulers extravagant and lavish ceremonies were common in the premada's era as well that's nothing new to Mahinda... i cant not see a positive outcome from these debates unless we try to find out a man or a woman who is willing to fight corruption who is willing to restore power of law and order and who is willing to be accountable for the public's money.

    ReplyDelete
  56. බැනුං අහන්න බලාගෙන උනත් අපිත් මෙව්වට මොනවත් නොකිව්වොත් නිකං ලුනු නැති හොද්ද වගේ නෙව... :D

    කවුරුත් දන්නා පරිදි යූ ඇන් පී විරෝධී එකෙක් වන මාගේ මනාපය තව දුරටත් මහින්ද අයියාටම හිමිවේ. චම්පික රණවක ජනාධිපති කරවීමට හැකියාවක් ලැබෙනා තාක් කල් මහින්ද අයියා ජනපති උනාවේ...

    හරි ඒ කතාව පැත්තක තිබියාවේ...

    පොදු අපේක්ෂකයෙක් ගැන කතාව කොතෙක් කරලියට ආවත් කෙලවෙන තැන් කිහිපයක් ඇත. රනිල් පොදු අපේක්ෂකයා වූවහොත් ජේවීපියට ඔහු වෙනුවෙන් කඩේ යාම මහින්දට කඩේ යාම මෙන් පහසු දෙයක් නොවේ... මහින්ද යනු කලබල කාලේ ජේවීපි කාරයින් බේරා ගැනීමට කටයුතු කල එකෙකු නිසා මහින්ද වෙනුවෙන් පහල මට්ටමේ ජේවීපි කාරයන් ගස් බඩ ගෑවීම.. පෝස්ටර් ඇලවීම.. බුලත් අතත් සමග ගෙයින් ගෙට යැවීම ඉතා පහසු කාරණාවක් වූවද.. බටලන්ද චෝදනා සමඟ මරණය දක්වාම කල් ගෙවීමට සිසුව ඇති රනිල් වෙනුවෙන් ජේවීපි කාරයා කඩේ යැවීමට තැත් කලහොත් එය අනුර කුමාරගේ ඇට දෙකත් නැතිව යන වැඩක් වනු ඇත.

    අනුර වැන්නකු පොදු අපේක්ෂක කර ඔහුට සහය දීමත් එකී කතාවේම අනිත් පැත්ත බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

    විග්නේෂ්වරන්.. අන්න දානවනං ටිකක් ප්‍රායෝගික බුලට් එකක්.. ජේවීපි හා යූ ඇන්පී වැඩි චන්ද ප්‍රමාණයක් හා සමස්ථ ද්‍රවිඩ ප්‍රජාවේම ඡන්ද ගත හැකි වනු ඇත.. නමුත් මුස්ලිම් ඡන්ද දෙකට කැඩීමත්.. පන ඇද ඇද හෝ ගෙවල්වල ඉන්න සිංහල ජාතිය ගැන වද වෙන නාකියා පවා කාගේ හෝ කර මතින් ගොස් හෝ මහින්දට දෙනු ඇත... නමුත් රනිල් හෝ අනුර ගේනවාට වඩා සාර්ථකය.

    සෝභිත හිමි... කතා කරන්න එපා.. සෝභිත හාමුදුරුවෝ ආවොත් දැනට ප්‍රංශයේ ඉන්න කාලයක් ලංකාවේ ප්‍රසිද්ධියට පත් හාමුදුරු කෙනෙක් ලංකාවට ගෙන්වන්න සහ ප්‍රවෘත්ති සාකච්ඡාවක් දෙන්න පමණයි මහින්දට තියෙන්නේ...(මහින්ද ඒ ආයුධයෙන් වැඩ නොගනීවි යැයි සිතිය නොහැක) ඇතැම් විට එකී හිමි නම කටුනායකින් බහින විටම සෝභිත හිමියන් සටනින් ඉවත් වීමට වැඩි ඉඩක් ඇත. රවී කරුණානායක් අත ඇති දේ එකී හිමියන් ලගත් ඇත. රවීට සෝභිත හිමියන් නැටවීමට ඇති හැකියාවම එකී හිමියන්ටත් ඇත. අසරණ සෝභිත හිමියන්ව වෙහෙස කරවීම සුදුසු නැත. කෙසේ වෙතත් සෝභිත හිමියන් යනු මා හොදින්ම දන්නා ආකාරයෙන් කිසිම ආකාරයකට බණකට සල්ලි නොගන්නා.. සංඝයා වහන්සේලාට බොහෝ හිතවත් හිමිනමකි. එහෙත් කිසිදා සෑදිය නොහැකි අවුලක් සාදා ගත්තෙකුට ඒ අවුල නිසා හැමදාම දුකට පත් වීමට සිදුව ඇති බව කිව යුතුය.

    චන්ද්‍රිකා... අපිත් ශ්‍රී ලංකා කාරයෝ සහ චන්ද්‍රිකාට බොහෝම හිතවත්ව හිටිය අය තමා.. හැබැයි අපිත් උන්දැට නැහැ.. මං දන්නේ නැහැ චන්ද්‍රිකා ආවම මහින්දගෙන් කඩා ගත හැකි ශ්‍රී ලංකා ඡන්ද මොනවද කියලා.. ඒ කියන චන්ද ටික එයිට වඩා රනිල්ට ගත හැකි... පිස්සු ඇත්තං චන්ද්‍රිකත් හොදා තරගෙට...

    සජිත්... මාතලංලා වැනි රනිල් පාක්ෂික යූ ඇන්පී සුළුතරය විරුද්ධ උනත් ගෙවල්වලට වෙලා ඉන්න සාම්ප්‍රධායික බහුතර යූ ඇන් පී කාරයින් ටික ඡන්ද පොලට ගෙන්නවන්න පුළුවන් බුලට් එකක් සජිත්.. ආයෙම සීයට හතලිහට වඩා වැඩි ගානකට යූ ඇන් පී ඡන්ද ප්‍රතිශතය ගෙනාවැකි.. මහින්දට ලගින් යන්න ගේමක් දෙන්න උනත් පුළුවන්කම තාමත් තියෙනවා.. හැබැයි මෑන් තරගෙට ආවොත් වෙන්නේ මහින්දට ඉල්ලන්න දීලා චන්ද්‍රිකා මහින්දගේ කකුලෙන් ඇද්ද එකේ අනික.. රනිල් ඇතුළු කොල්ලුපිටි සමාජයෙන්ම සජිත්ට පාර වදිනවා.. බොහෝ දුරට මාතලංලා.. අරූලා.. අපේ වෙදයියලා.. කෙන්ජි ලොක්කලා ඇතුළු එක රෑනේ කුරුල්ලෝ ටික එක අත්තක වහලා සජිත්ට පහර දෙනවා බලන්නත් අපිට වාසනාව තියෙන්න පුළුවන් එහෙම උනොත්.. :D

    කරූ... මහින්දට ඇති අපේ යම් කිසි විශ්වාසයක් ඇත්නම් එකී විශ්වාසය දෙවැනුවට තැබිය හැකි නාය‍කයෙක් කරූ... කොටින්ම කරූ ආවොත් අපිට උනත් වචනයක් කියන්න බැරිව යනවා... මෑන්ගේ පරිපාලනමය හැකියාව උපරිමයි.. වැඩ කරන්නත් දන්නවා.. කියන්න වරදක් ඇත්තේ නැහැ.. (පක්ෂේ කඩාගෙන ගිය එක අපිට අවුලක් නෙවෙයි සහ ඒ කඩාගෙන යාමට රනිලුත් එහෙං පිටින්ම වගකිව යුතුයි. ) අවුලකට ඇත්තේ මෑනුත් ටිකක් හිත හොඳින් කරන්න යන දේවල් වලින් අනා ගන්නවා.. නැත්තං සජිත්ගේ හා රනිල්ගේ ගැට වල මැදට තද වෙලා ඔච්චර විඳවිය යුතු මිනිහෙක් නෙවෙයි. හැබැයි ඉතිං හිත හොදකම හින්දා අමාරුවේ වැටුනා උනත් ඒ ගතිය පොදු මහ ජනතාවගේ පැත්තෙන් යහපත් දෙයක් වෙයි. සායි බබා පස්සේ වැටුනා උනත් හාමුදුරුවරුන්ට ඇති ගෞරවය් අඩුවක් නැති.. අනිකුත් ආගමිකයින්ට උනත් අහිතකර යමක් සිදු නොවන බවට විස්වාසයක් තැබිය හැකි මනුසයෙක්...

    හා තව කවුද ඉන්නේ ඉතිරි වෙලා..?
    දඹර අමිල..නිර්මාල්ලා ගැන විහිළු නොකර ඉමු.. එහෙම ඕනනං ඔය ඉන්නේ හිරුණිකා නංගිත්... දැන් උනත් ආයේ කතා කලොත් නංගි එයි පොදු අපේක්ෂිකාව වෙන්න.. අන්න ඉතිං දානවනං බුලට් එක.. :D

    ReplyDelete
    Replies
    1. හුටා අමතක උනා.. ෆොන්සේකා මහත්තයා...

      අනේ කාලකණ්නි ටිකක් එකතු වෙලා ඒ මිනිහට කරපු විපතක්.. මං හැම වෙලේම කියපු දෙයක් තමා මෑන්ට තිබුනේ යුද්ධේ දිනුවට පස්සේ නිකං පිස්සු නටන්නේ නැතිව ඔය තානාපතිකමක් වගේ දෙයක් ඉල්ලං ඇමරිකාවට හරි කොහාට හරි යන්න.. මොකද ඉල්ලන පරක්කුවෙන් ඒක හම්බ වෙනවා.. ඒ කරලා සද්ද නැතිව ඉඳලා මේ වෙද්දි ලංකාවට කඩා පාත් වෙලා "මම යුද්ධේ දිනවලා දීලා ගියා ඔක්කෝම ප්‍රශ්න ඉවරයි කියලා හිතලා.. ඒත් දැන් මට හිතෙනවා එහෙම වෙලා නැහැ කියලා.. ඒ හින්දා ඔන්න මං ආයේ ආවා මේකේ දෙවැනි කොටසත් ගොඩ දාන්න" කියලා කිව්වනං මේ වෙද්දි මාරම මාකට් එකක් මෑන්ට හැදෙනවා.. ආණ්ඩුවට උනත් අවුරුදු හය හතක් ගියාට පස්සේ අර ගනුදෙනු සීන් අදින්න වෙන්නේ නැහැ එදා වගේ.. අනික එහෙම උනානං ආණ්ඩු පාක්ෂිකයින්ටත් මෑන්ට කියන්න වරදවල් ඒ හැටි හිටින්නේ නැහැ.. කන්න දුන්න අත හපා කෑවා වගේ යුද්දේ දිනලා හැරෙන තැපෑලට මෑන් දෙන්න ගිය ගේම දිරෙවුවේ නැති බොහෝ දෙනෙක් එහෙම උනානං මෑන්ට මේ පාර අල්ල ගන්න තිබුනා.. ඒත් උනේ අඩු වයසින් ගෙඩි ගන්න ගිහින් පැලේ මරලා දැම්ම එකයි... ඒ දවස්වල මෑන්ව පිකප් කරවලා මෑන්ව උඩින් ගෙනිච්ච උන් අද බෙහෙතකටවත් නැති එකයි අවුල.. (හොදම රෙද්ද ගැලෙවුවේ ජෙවීපි බුවාලා) ඇත්තටම පව්..රජෙක් ව‍ගේ ඉන්න තිබුන මනුස්සයා ගොනෙක් කොරලා නැති නාස්තිම කොරලා දැම්මා...

      ඔය ඇති බං.. දැන් ඉතිං බයින උන්ට ඔය මදෑ.. :D

      මේ ඒක නෙවෙයි බං.. ඔය පොදු අපේක්ෂකයට මාව දා ගනිල්ලකෝ... ආයේ දෙකක් නැහැ බුකියේ තියෙන ඡන්දෙන් මං පරදිනවා... (මෙච්චර දවසක් වගා කරපුවෑ අස්වැන්න තමා ඉතිං..) බුකියේ දිනන එකා මහ පොළවේ තියෙන ඡන්දෙදි ඇපත් නැතිවෙන්න පරදිනවා වගේම බුකියේ කුජීත වෙන්න පරදින එකා මහ පොලොවේ ඡන්දෙදි අනිවා දිනනවා කියන න්‍යාය මත මං දිනනවා එකෙන්ම.. හා නැද්ද හා... පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ... :D

      Delete
    2. මාරේ.....මම හිතන්නේ නැහැ ඔය සෝභිතගේ චෝදනාව මොක වුනත් තව දුරටත් ඒක මාකට් කරන්න පුළුවන් කියලා. මම අනුමාන කරන චෝදනාව අවුට් ඔෆ් ඩේට් කියලා මට හිතෙන්නේ. ඒ මොනවා වුනත් මේ පොදු අපේක්ෂක්යා ගැන තීරනාත්මක හැසිරීම තියෙන්නේ ජප්පෝ අතේ. ඒ හිස් ගෙඩි අනුව වෙන දෙයක් නොවේ. ජනතාව ජවිපේ වර්තමාන හැසිරීම නිර්‍රීක්ෂනය කරනවා පෙරට වඩා. ඒ ජනතා ගෞරවය යුඇන්පී එකෙන් ගිලිහිලා ගිහින් ඉවරයි. ඒක වෙලා බොහෝ කල්.

      රනිල් කියන්නේ නැවත ගොඩ ගත හැකි නායකයෙක් නොවන බවයි මගේ හැඟීම. නායකයින්ව හදන්න බැහැ ...නායකත්ව පුහුණු තියා, කෝවක දාලා ගත්තත්. දේශපාලනයේ නායකත්වය කියන්නේ ඇඟෙන් එන එකක්. සෝමවංශ පස්සට යන්නේ ඒ නායකත්ව ඇම්ම ඇඟේ නැති නිසා. ඒ අතින් රනිල් ෆේල්. මොනවා වුනත් මම කියන්නේ ජෙප්පෝ ඉස්සරහට ගේන පොදු අප්පුවා තමයි ඉදිරියට ගන්න වෙන්නේ. මේ මට නිරීක්ෂනය වෙන දෙයක්.

      Delete
    3. මාරය, මහින්දට ගේම දෙන්න පුලුවන් චම්පිකව දාල උනාට චම්පික එක්ක ජම්මාන්තර වෛර තීන මුස්ලිම්, දෙමළ සහ ජවිපෙ චන්ද නැතුව උන්දැට රජ වෙන්න බෑ. රනිල්ට කඩේ ගියත් පරණ ජෙප්පො චම්පිකයට කඩේ යන්නෙ නැති හේතුව අපේ සහ ඉන් ඉහල පරපුරේ ජෙප්පොයො ජාතික චින්තකයොයි දෙගොල්ලොම දන්නව.

      අනික් පැත්තෙන් චම්පික කියන්නෙ මේ රටේ සිංහල ජාතික ව්‍යාපාරය තුලට වැදිල හිමීට ඒක දුර්වල කරන ඒජන්තයෙක් කියලත් කියවෙනව. මොකද චම්පික ප්‍රභලව මැදිහත් උනු ජනතා මිතුරෝ, ජාතික චින්තන කල්ලිය, ජාතික සංඝ සභාව, තස්ථ් විරෝධී ජාතික ව්‍යාපාරය, සිහළ උරුමය සහ අද වෙනකොට ජාතික හෙළ උරුමයට වෙලා තීන දේ ගැන බැලුවම ඒ කතාවෙ යම් ගත යුත්තක් තියෙන බව දැනෙනව!

      ඒ හින්ද, මුලිම්ම අර මහින්ද සමරස්ංහ, රාජිත, එස් බී වගේ "ලංකාවෙ" චන්ද වලදි කත කරන්න ( මේව චන්ද මැෂින් නොවේ, නමුත් ඔවුන්ගෙ කතා ජන මතය වෙනස් කරන්නට අවශ්‍යය ) පුලුවන් උන් ටිකක් ආයි මෙහෙට පන්නන්න ඕන. ඉන් පස්සෙ වික්ටර් අයිවන් වගේ විකල්ප කියාගන්න පත්තර මෙහෙයුමක් ගොසිප් සයිට් එක්ක එකතුවෙලා දෙන්න ඕන. අන්න ඉන් පස්සෙ කරුව දැම්මොත්, ගේම කරකවතෑකි පහසුවෙම්ම. ඒ නැතුව අනෙක් උන් මොකා දැම්මත් මහින්ද ගොඩ දා ගන්නව.

      ආ තව එක්කෙනෙක් ඉන්නව. මිනිහට සිංහල බැරි එක තමා අවුල. චන්‍රිකාගෙයි විජේගෙයි පුතා.ජේ ආර් වගේ කඩ්ඩෙන් ලියන් සිංහලෙන් අමතන්නවත් පුලුවන් උනානම්, මිනිහව උඩින් අතෑරල, අර මකර කටවල් ටිකක් ගලෝල අරන් ගේමක් දෙන්න බැරි නෑ.

      // අපිත් මෙව්වට මොනවත් නොකිව්වොත් නිකං ලුනු නැති හොද්ද වගේ නෙව... :D//

      යකෝ සේරමත් හරි, මූ ගිය උඩ!!!

      Delete
  57. මාරයා කියන කතාව හිතල බලන්න වටින කතාවක්.ඒත් සෝභිත හාමුදුරුවන්ට ඔය තියන චෝදනා නම් මාකට් කරන්න ප්‍රංශ හාමුදුරුවන්ට බෑ මාරයෝ.මොකද දන්නවද ඔය වගෙ අවුල් හදාගත්ත නැති හාමුදුරුවරු මේ රටේ නෑ.හාමුදුරුවරු ගැන මට වඩා මාරයා දන්නවනෙ.ඉතින් මේ රටේ මිනිස්සු ඒව ගනනකට ගන්න බවක් පේන්න නෑ නේද?
    හුඟක් නම ප්‍රසිද්ධ හාමුදුරුවරු අතර ප්‍රශ්න හදාගත්ත නැති කිසිම කෙනෙක් නෑ නේද?
    කරුණානායක උන්නැහැ ඔය හාමුදුරුවො නටවනව කියන එක රටම දන්න දෙයක්නෙ.ඒත් ලඟ පාතක ඉන්න දායකයෙකුටවත් බැරිද කියන්න අනේ හාමුදුරුවනේ ඕව මොනවද කියල.මේ හාමුදුරුවො අහිංසකය හින්ද ඕකට බයවෙලා ඇති.
    මහණ වෙනව කියන එක රස සාගරයක්නෙ.වැදුම් පිදුම් ගරු සැළකිලි සල්ලි බාගෙ ඇති පදන්.ස්ත්‍රී සම්පත්තිය වුනත් ගිහි යෙකුට පවුල් බරක් එක්ක එක ගෑනියයි.පැවිදි වුනොත් පවුල් බරකුත් නැතුව අනන්ත අප්‍රමාණයි.ඉතින් ඕකනෙ මේ රටේ සොබාවෙ.ආයෙ ඔය හාමුදුරුවො විතරක් මැටියෙන් හදලයැ.ඔවු මම එහෙම තමයි කිව්ව නම් ශ්‍රී ලංකා කාරයො දත්මිටිකයි.විපක්ෂෙ අය අත්පොලසන් දෙයි.තව කියයි මෙච්චර සිල්වත් හාමුදුරුවරුන්ට මඩ ගහන හැටියක් කියල.ඒක හින්ද ඔය හාමුදුරුවො ඕකට බය වෙනව කියන්නෙ මෝඩ කමක්.

    ReplyDelete
  58. මාරයගෙ දෙවැනි කොමෙන්ටුවට එකඟයි මාරයො.ඇත්තමයි ඕක නම් මටත් ඉස්සර හිතුන එකක්.මම ඕක ගැන එක එකා එක්ක කියන කොට උන් කිව්වෙ එතකොට මිනිස්සුන්ට යුද්දෙ අමතක වෙනව කියල.ඔය විදියට ෆොන්සේක කළා නම් මහින්දට ඇපත් නෑ.ෆොන්සේකගෙ හැකියාවන් එක්ක ලස්සන ගේමක් දෙන්න තිබුන.එහෙම වුනානම් ෆොන්සේක තව දුරටත් ආමිකාරයෙකුත් නොවන නිසා හමුදා පාලකයෙක් ගැන බය වෙන අයත් නෑ.මහින්දගෙන් කැඩෙන දේශප්‍රේමී චන්ද කොන්ටේනර් පිටින් බාගන්න ෆොන්සේකට තිබුන.යූ ඇන් පිය හරහා ලිබරල් චන්ද එහෙන් ,වාමාංශික චන්ද ජේවීපී එක හරහා එහෙන්.අපරාදයක් ඒ මනුස්සයට වුනේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න