.

.

May 31, 2014

මල පැනපු ඊ මේල් නෝනා, පොඩි කුමාරිහාමි හා ආදරය - Is there anything called TRUE LOVE


"රාජ්" කිව්වා වගේ, රෝහිණි අක්කගේ කතන්දරේ කියන්න ඉස්සෙල්ලා, වෙන කෙහෙල්මලක් ගැන තමයි ලියන්න වෙන්නේ. ඒකට හේතුව, ඒ ලිවිල්ල ගැන අගේ කරන අතරෙම, නෝනා කෙනෙක්ට පොඩි ප්‍රශ්ණයක් මතු වෙලා තිබුනා. මේ නෝනා මගේ රසිකයෙක්. ප්‍රසිද්ධ නෝනා කෙනෙක් උනාට, කොමෙන්ට්ස් දාන්නේ නෑ, අගේ අඩුවෙයි කියලා වෙන්න ඇති.

ඒත්.... ඉඳ හිට, ගූ ගල් ගොයියගේ තැපැල් පෙට්ටියට, ඊයක් විදිලා, පලු යන්න දෙනවා. එයාට දිරවන්නේ නැති දෙයක් ලිව්වම. ඒ වගේම අපේ පොකුත් (පොඩි කුමාරිහාමි) අහලා තිබුනා, ටිකිරිලා ගැන ලියපු කතාව, ලංකාවේ එකක්ද කියලා. මෙහෙමයි පොකු..., ඕක ලංකාවේ උනත්, මොන්ටිකාලෝ වල උනත්, එකම සිඳුවීමක්. පරිසරයේ හා භෞතික වස්තූන්වල වෙනසක් පමණයි ඔතන තියෙන්නේ.

අර ඊතල විදින නෝනට මල පැනලා තිබුනේ, ටිකිරි, මහ රෑට රෑට, වැට අයිනේ, මල්සරා ඊයක් විදිනකම් ඇවිදිනවයි කියපු එකට. එයා කියන්නේ, මල්සරා හී විඳින්නේ ප්‍රේමවන්තයන්ටලු. වනචරයෝන්ට ඊ තල විදින්නේ නෑලු. ඉතින් මම කිව්වා මේක ලොකු කේස් එකක් නිසා, මහාචාර්ය මාතලන්ගේ දර්ශණය තුල, මේ සඳහා තියෙන දැක්ම ගැන විස්ලේසොනයක්, බ්ලොග් පෝස්ට් එකක් විදියටම ලියලා දාන්නම් කියලා.

මාතලන්ගේ තියරියට අනුව, ප්‍රේමය කියලා දෙයක් නෑ. ප්‍රේමය කිව්වේ, ගෑණු පිරිමි හරි, ගෑණු ගෑණු හරි, පිරිමි පිරිමි හරි, දෙන්නෙක් අතර ඇතිවන බැඳිමට, ප්‍රේමයක් කියන්න බෑ කොහොමවත්. ඒ වගේම, දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය වගේ දේවල් තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. කොහොම හරි ප්‍රේමය කියන්නේ ඉස්තිර දෙයක් නම් නෙමෙයි. සාපේක්ෂ දෙයක්. මොකෝ, ප්‍රේමය නොමැති කේස් තමයි, අම්මට සිරි ලංකාවේ අද වැඩි වැඩියෙන් අහන්න ලැබෙන්න. මේකටම සමහර උන් ආදරය කියනවා. ඒත්, කලින් කිව්වා වගේ, අපි කතා කරන මාත්තුරුකාවට, ප්‍රේමයවත්, ආදරයවත් කියන්න බෑ කියන එකයි මගේ මතය.

හරි මොන කෙහෙල් මලක් නිසා හරි දෙදෙනෙක් අතර ඇතිවන බැඳීමට අපි ආදරය හෝ ප්‍රේමය කියලා කියනවා කියමුකෝ. එතකොට ටිකිරි හා ටිකිරි එක්ක පැනලා ගිය කොල්ලා අතර ඇති උනේ ආදරයක් නෙමෙයිද? ඒක ප්‍රේමයක් නෙමෙයිද? එතකොට එහෙම ආදරයෙන් වෙලිලා ඉන්න දෙන්නෙකුට වැලන්ටයින් තව ඊතලේකින් කෙලලා අරින්න බැරිද? කව්ද දන්නේ ටිකිරි, කලින් විදපු ඊතලේ ගලවලා විසි කරලා දැම්මද කියලා.

ඔය මම කලින් සඳහන් කරපු සම්බන්ධතාවලදි ඇති වෙන්නේ ආදරයක් වත්, ප්‍රේමයක්වත් නෙමෙයි. එතන ඇති වෙන්නේ තනිකර රාගය. ඔය බස් වල යන ජෝඩු වල විතරක් නෙමෙයි, ජැක් එකක් ගහගෙන යන එකාගෙ හෝ එකීගෙත්, ජැක් එකක් කාගෙන යන එකාගේ හෝ එකීගෙත් ඇස් වලින් ගලන්නේ ආදරය කියලා කවුරු හරි කියනවනම් ඒක විහිළුවක්. එතන තියෙන්නේ තනිකර රාගය. අඩුම ගානේ අතින් හරි අල්ලගෙන යන්නේ එතන පොඩි කරන්ට් එකක් තියෙන නිසා.

බස් එකේ, සීට් එකක් හම්බ උනාම හරි. ගෝල්පේස් එකේ සීට් එකක් හම්බ උනාම හරි. කට්ට අව්වේ හිටගෙන හරි කරන්නේ, ඒ කුඩ යට වෙන දේවල් දැක්කම ප්‍රේමණීය හැඟිම් පහළ වීම කෙසේ වෙතත්. අහුවෙන එකා පෙරලගෙන රේප් කොරන්න හිතෙන්නේ. කන්‍යාවියක් බඩ වෙන්න ඒ දිහා බැලුවනම් ඇති. එහෙම අප්සට් ගති දැනෙන නිසා වෙන්න ඇති සමහර වෙලාවට පොලෝසියේ උන් ඕවට කඩා පැනලා ශුක්‍රාණු හා ඩිම්බ මෝචනය නවත්තලා දාන්නේ. ඇයි යකෝ බලාගෙන ඉන්න ඕන නෑ. නිකන් දැක්කත්. ශුක්‍රාණු හා ඩිම්බ පහ වෙනවනේ.

ඒ කොරන්නේ, ආදරේ නෙමෙයි. හිතේ තියෙන, වලත්තකමට ඉඩ දෙන එක. මොකෝ මම දන්න එකම පෙම්වතුන් ජෝඩුවක්වත්, බණ භාවනාවට ආරාමෙකට, පල්ලියකට ගියා කියලා මම නම් අහලා නෑ. එහෙම ගිහින් මිය යන තෙක් බණ භාවනා කර ගෙන උන්නා කියලා අහලා නෑ. එහෙම ඉන්නේ කොහොමද? එහෙම නම් එකිනෙකා පේන්නේ නැතිව ඉන්න ඕන.

යන උනුත් ඇති, පැයකට දෙකකට, වැඩිම උනොත් සතියකට දෙකකට, මාසෙකට. ඔය චම්පිකලා ගොම්මන්පිලලා ගියා වගේ. එහෙම ගියාට එහෙම ඉන්න බෑ. භාවනා කරන කොටත් කම් සැප පේනවා. ඉතින් එහෙම යන එකා කරන්නේ පට්ට බොරුව. තනිකර සෝභන වැඩක් එතන කරන්නේ. තමන් තමන්වම රවට්ටගෙන සුවයන් වින්දනේ යෙදෙන එක.

එහෙම සසර කළකිරුන කෙනෙකුට, මෙහෙම රාගය ඇතිවන වැඩ කරන්න බෑ. එයාලට එක්වීමක් අවශ්‍යත් නෑ. එහෙම අයත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. මම නම් කියන්නේ ඒක මනුස්සයෙක් වශයෙන් ලබාපු සැපත් නොවිඳිමක් කියලා. ඒ ගැන තව කෙනෙකුට වෙනත් මතයක් තියෙන්නත් පුළුවන්.

ඔය නන්දා ආච්චි, ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ සුරම්‍යයි. පාරිසුද්දයි, අචින්තයි කිව්වට, කව්ද දන්නේ සුනිල් සීයත් එක්ක, නන්දා ආච්චි මක්කා කරනවද කියලා. මොකෝ.. ඒ ගැන සුනිල් සීයා සින්දුවක් ලියලත් නෑ. ආච්චි, වෙන එකෙක් ලියපු එකක් කියලත් නෑ. ඒ දෙන්නා එක්කහු වෙලා ඉන්නේ නිර්මාණ කොරන්නම විතරක් නම් ඒක ළොකු දෙයක්. හැබයි ඉතින් ඒ ගැන දන්නේ ඒ දෙන්නා විතරයි.

මාතලන් පිලි ගන්නේ නෑ ඒක ආදරයක් කියලා. එතන තියෙන්නේ ඇක්ට්‍රෑක්සොන් එකක්, එහෙම නැත්නම් පෙරේත කමක්, කොටින්ම, කායිකව එක්වෙන්නේ කොහොමද කියන සිතිවිල්ල. අනේ මට මේකිත් එක්ක හරි, මූත් එක්ක හරි, හැමිනෙන්න තියෙනවනම් කියන් දේ. එකේ කෙලවර රමණය. ඒක එක එක්කෙනාගේ චොයිස් එක අනුව, එක එක ආකාරයේ රමණයන් වෙන්න පුළුවන්.

එතකොට කෙනෙක් අහයි. එහෙනම් කොහොමද සමහර ලස්සන උන්, කෑතම කැත උන් එක්ක සෙට් වෙලා ඉන්නේ කියලා. එතන තියෙන්නෙත් ආදරය නෙමෙයි. චොයිස් එකේ කේස් එකක්. මිනිස්සුන්ගේ චොයිස් වෙනස්. ඒකට විද්‍යාතමක හේතූත් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඔය සමලිංගික බැඳිම් ඇතිවෙන්න සමහර විට ඒ හේතුත් බලපානවා. පරිසරයත් බලපානවා.

මේ ගැන කප්පරක් ලියන්න පුළුවන් උනත්, පොඩ්ඩක් අද කාලේ කතාවෙන දෙයක් ගැන කතා කරමුකෝ. අද බොහෝම ජනප්‍රිය ගීතයක් තමයි "අමරසිරි පීරිස්" ගොයියගේ, "මට මගේම නොවන..... මගේම ආදරයක් තිබුනා කියන ඒක. එතකොට අර ටිකිරි එක්ක පැනලා ගියපු කොල්ලටයි. ටිකිරිටයි තිබුනෙත් ආන් එහෙම ආදරයක්. ඉතින් නෝනේ එහෙම ප්‍රේමවන්තයෝ දෙන්නෙකුට මල්සරා ඊයක විදින එක වැරදිද?

එතකොට ඔය දෙදෙනෙක් අතර ඇතිවන බැඳීමට ආදරය හෝ ලව් එක කියනවා වෙනුවට.. "හැඟීම් දැනීම් ඇති අයගේ බැඳීම්" හරි, "පොරකෑමේ ආශාව" හරි, "ඇක්ට්‍රෑක්සොන්" හරි, එහෙම නැත්නම් ප්‍රෙමය වෙනුවට "ප්‍රේතය" කියලා ලස්සනට හරි යෙදුවනම් හොඳයි කියන එකයි, මහාචාරය මාතලන් මතය. වල් අලි, වන අලි කරපු රටේ මේවා මහ වැඩ නෙමෙයි නොව බොලල්ලා.

99 comments:

  1. Also there is no such a thing called love at first site. Its just you getting horny.( sorry for inconvenience no sinhala in this phone)

    ReplyDelete
    Replies
    1. හප්පට උඩු ගෙදර ඇවිත් බලද්දී ජිවිතේ පලවෙනි පාරට මං එක වෙලා රටක් රාජ්ජයක් පහලවුනා වගේ බං මාතෝ තොගේ බොගේ එක වීම

      Delete
    2. උඹේ කොමෙන්ට් එකකුත් මට ඒ වගේමයි.. උඹ නොලියන එක ගැන දුකයි..

      Delete
    3. අනේ මං නම් මෙච්චරකල් හිතාගෙන හිටියේ සුදු අප්පුහාමිට අරුණි අක්කා මුණ ගැහුණු දවසෙ (අර බණ්ඩාරනායක කටුගෙටද කොහෙද ගියාය කිව්වෙ) ඇති වූනේ love at first sight එකක් කියල. උදිත කිව්වම තමයි ඒක මොකද්ද කියලා හරියටම තේරුණේ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔයා මොනාද අනේ කලේ රෝහිණි ගැන නොලියා, ඔයා ආදරේ ගැන ලියපු දේ හරි,,

    හදවතින් ආදරේ කරනවා කියලත් කට්ටිය කියනවනේ ,,මට නම් මගේ මේ හිත දැනෙන්නේ මගේ ශරීරෙ පුරාම ,,,කොහොම නමුත් මට දැනෙන දේනම් "ආදරය කියන්නේ අළුත් පරම්පරාවක් ඇති කිරීමට නව ජනිතයෝ බිහි කරන පිණිස අහඹු ලෙස ගැහැණියක් හා පිරිමියෙක් ලවා ලිංගික ප්‍රජනන ක්‍රියාව කරවන පිණිස අඩිතාලම දමාගැනීමේ මුලික ක්‍රියාවට කියන නම යි " ඕක ආස හිතෙන දෙයක් නොවුනොත් ,,O/L , A/L වගේ කළයුතු ඒත් අප්පිරියාවෙන් කරන දෙයක් වගේ වුණොත් අපි නොකරන නිසා වෙන්න ඇති ආදරේ කරද්දී අමුතු මෙවුවා එකක් ,,කිති කැවෙන හැගීමක් ආසාවක් දැනෙන්නේ ඒක මේ සොබාදහම අපිව රවට්ටලා එයාගේ වැඩේ කරගන්න දෙන ටොපියක් වෙන්න ඇති ,,,

    ශිෂ්ඨාචාර වුණාට පස්සේ කසාදේ කියන ලයිසන් එක ගත්තාම ආදරේ කියන මුලික පදනම මත ඉතුරු අවශ්‍ය වැඩ ටික සිද්ධ වෙනවා ..අළුත් පරම්පරාව බිහි වෙනවා ,, ඒත් අනේ අර අම්මා තාත්තා උයලා දෙන එක කාලා පොඩි රස්සාවක් කරගෙන කුරුල්ලා වගේ නිදහසේ ඉන්න තිබ්බ පිරිමි වෙනම ගෙයක් අරන් ,බිරිදට දරුවන්ට කන්න බොන්න අදින්න දීගෙන ඇයි මේ වෙහෙසෙන්නේ ,, ඒත් ඒක බරක් විදියට කවදාවත් නොහිතෙන්නේ ..? දරුවන්ට බිරිදට ආදරේ කරන්නේ ,, මන් හිතන්නේ ඒකත් අර ලව් කරන කාලේ දුන්න ටොෆියට වඩා රසවත් ,සුන්දර රැවටීමක් සොබාදහම ,,මනුෂ්‍යයාට දෙන නිසා කියලා ,, ඒ තුලින් ශරීරයත් ,ආත්මයත් තෘප්තිමත් කරන නිසා කියලා SEX කියන වචනය එහෙම බලද්දී ආදරය වගේම සරලව කියන්න පුළුවන් වචනයක් මොකද හැම මනුෂ්‍යයටම පොදු නිසා ..

    ReplyDelete
    Replies
    1. මගේ පෝස්ට් එකක ලියපු කෑල්ලක් මේ කපලා දැම්මේ

      Delete
    2. මනුෂ්‍ය කියන්නේ මනස උසස් කියන එක. ඒ නිසා මිනිස් සතා භෞතිකව මෙන්ම මානසික වශෙයෙනුත් පරිණාමය වෙලා තියෙනවා. ඒ පරිණාමය දැන් බොහෝම වේගවත්. මානසික වශයෙන් වූ පරිනාමයේදී, මිනිස් සතා අනෙක් සත්තුන්ගෙන් වෙන් වෙලා අපි ඇත්තටම උඹලට වඩා වෙනස් ජාතියක් කියලා පෙන්වන්න යනවා. රෝදේ විප්ලවයත් එක්ක මිනිස් සතාගේ වැඩ කටයුතු පහසු වෙලාන් විවේකයක් ලැබෙනවා. එහෙම ලැබෙන කොට මොළෙන් ප්‍රයෝජන ගන්න හිතනවා. අනික් සතුන්ගේ හැසිරීම් වලින් වෙනස් වෙන්න උත්සාහ කරනවා. එතනදි හැදෙනවා මනුස්සකම් කියලා දෙයක්, මැනර්ස් කියලා දෙයක්. අන්න ඒ මැනර්ස් කියන දේ නිසා කස්ටිය දෙයක් කරන්න ඉස්සෙල්ලා මේ මාන විරෝධී නේද කියන ආකල්පය ඇති කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි. මේන් මේ විදියටයි මිනිස්සු ඉන ඕනකියලා නීතීත් ගේනවා. ආගම් තුලින් කරන්නෙත් ඕක. ඇත්තටම ඒ දේ හොඳයි. දැන් මානව හිමිකම් කියලා තියෙන නීතී රීතී ඔක්කෝම එහෙම පරිණම්මය වෙච්චි දේවල්. එහෙම මිසක්කා. මිනිසා තුල ඉන්න අර තිසිනා තාම ඌගේ ඇඟ ඇතුලේ ඉන්නවා. නමෞත් ලැජ්ජාව හා භය නිසා දෙසරයක් හිතනවා..

      Delete
  4. මාතලන් කියවලා තියනව ද ඉත්ථි බන්ධන සූත්‍රය. අංගුත්තර නිකාය 05, පිටුව 80 කියවල බලන්නකො කාන්තාව පුරුෂයෙක්ට ආලය කිරීමට හේතුත්, පුරුෂයා කාන්තාවට ආලය කිරීමට හේතුත් එතන තියනවා. ආලය කිව්වට ඒක ආලයම ද කියලා කියවලම බලන්න. පුරුෂ ස්ත්‍රී දෙන්නම එකට බැදෙන්නෙ මුලින්ම සිනාවෙන්, ඊලඟට කතාවෙන්, ගීතයෙන්, ඇඩුමෙන්, අඳින පළදින විධියෙන්, මේ හැම එකටම වඩා වැඩියි පහසින් බැඳීම බැඳුනම තමයි. මදෑ කොරගත්ත දේ කියවෙන්නේ පහස රළු වෙනකොටනෙ.

    ReplyDelete
    Replies
    1. මහණෙනි අට අයුරකින් මාගම පුරුෂයා බදියි.. කවර අටකින්ද යත්

      රූපයෙන් - අදනම් මේකප් වලින්
      හසිතයෙන් - සිනාවෙන්... සිනාව නෙමෙයි ඕක ඉනාව
      බිණුමෙන් - කතාවෙන්.. හැබයි බිනුමෙන් කියන එක නම් හරියට හරි ඕන නම් රවී ගෙන් අහන්න.
      ගීතයෙන් - මේක නම් කන් කෙඳිරිය වෙන්න ඕන
      රොදනයෙන් - නාහෙන් ඇඬිමෙන්
      වනභඪ්නයෙන් - තැගී භෝග හ රසමසවුලෙන් - අද නම් මේකේ අනිත් පැත්ත
      පහසින් - පහසින් - බැදෙන්න නේන්නම් ඔක්කෝම කරන්නේ..

      තෙ භික්ඛවේ සන්තා සුබද්ධා යේ ඒසෛසන බද්ධාති (මහනෙනි පහසින් බැඳුනොත් ආයෙත් නෑ හාකෝබෝන්ඩ් ගෑවා වාගෙ බැඳුනාම වන්නේය..)

      Delete
    2. නෑ! පහසෙන් බඳුනට එහෙමම වෙන්නෙ නැහැ.

      Delete
    3. දැන් ඔය කතාව අමූලික බොරු නේද? සිද්ධාර්ථ කුමාරයා යශෝධරා දේවිය එක්ක පහසෙන් බැඳුනට පස්සෙ කුණු මාළු කෑල්ලක් වගේ අත ඇරලා ගියා නේද?

      Delete
    4. සිද්ධාර්ථ කුමාරයා කව්ද බන්, අළුත් කඩේ උසාවියට වරෙන්කෝ, කන්තක අස්වයා පාර්ක් කරලා, ටයි කෝට් ඇඳපු චන්නත් එක්ක කී දෙනෙක් ඇවිත් ඉන්නවද කියලා, ඔය බැඳිල්ල නිසා ජීවීතේම කලකිරිලා ලිහාගන්න දුක් විඳින් උන් සෙට් එක බලන්න.

      මාළු කෑල්ල කිව්වාම මට මතක් උනේ වෙන දෙයක්..

      Delete
    5. විෂයමූලික නියතයක් ලෙසින් යථාර්ථය පවතී. කරුණු පිළිබඳව වූ සත්‍යය මනුෂ්‍යයාගේ හැඟීමි, ප්‍රාර්ථනා, බලාපොරොත්තු හෝ භය නිසා වෙනස් නොවෙයි. යථාර්ථය අවබෝධයට මනුෂ්‍යයාට පිහිට වන්නේ එකම ඥානයක් පමණි. එනම් තර්කානුකූල ක්‍රමවේද ඥානයයි. සියළු ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූල ක්‍රමවේදය උපයෝගී කරගෙන මනුෂ්‍යයා යථාර්ථය කුමක්දැයි හඳුනා ගනී. ඔහුගේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකයා වන්නේ මෙම ප්‍රත්‍යක්ෂ දැනුම වෙයි. එසේම මනුෂ්‍යයාගේ පැවැත්ම රඳා පවතින්නේ ද මෙම දැනුම මතයි.

      Delete
  5. හම්මෝ මම බයවෙච්ච තරමක්...:)

    ඔය මොනා කීවත් මම නම් හිතන්නේ ආදරයේ, 'රාගය' ඉක්මවා ගිය අවස්තා සහ ඒ වගේ ආදරය කරන මිනිස්සුත් ඉන්නවා...වැඩිහරිය ඔයා කීව වගේ අය. ඒත් අර වගේ අය නැත්තෙමත් නෑ...

    ReplyDelete
    Replies
    1. අර ඔයා කියන අය ඉන්නවා නේද පොකු. එතන මොකක් හෝ විශේෂ හෙතුවක් තියෙනවා.. අනිවාර්යයෙන්. බොහෝ විට ආර්ථික හේතූ. හා සමාජීය හේතු..

      Delete
    2. Podi Kumarihami සමග එකඟ වෙමි. //එතන මොකක් හෝ විශේෂ හෙතුවක් තියෙනවා.. අනිවාර්යයෙන්. බොහෝ විට ආර්ථික හේතූ. හා සමාජීය හේතු..// එකඟ නො වෙමි.

      Delete
    3. ඒ ඔයාගේ අදහස.. ඒත් කෙනෙක් කිව්වොත් ඇත්තටම එහෙම එකක් තියෙනවාය කියලා.. ඒක ආත්ම වංචාවක්.. රාගයෙන් තොර ප්‍රේමයක් නැත.

      Delete
  6. ආයෙත් ගු ගොඩක් දැම්ම නේද ගූතලන් ලොක්කා. ලොක්කගේ තියරිය ලොක්කට හරි ඇති හැබැයි අනිත් අයට නෙවේ. ලොක්කට නිකන් ලොක්කගේ දුව දැක්කත් "කායිකව එක්වෙන්නේ කොහොමද කියන සිතිවිල්ල. අනේ මට මේකිත් එක්ක හරි, මූත් එක්ක හරි, හැමිනෙන්න තියෙනවනම් කියන් දේ. එකේ කෙලවර රමණය" වෙන්න පුළුවන්. නමුත් අර උඩ "අනී" කියලා තියන එක තමා හරි.

    ReplyDelete
    Replies
    1. සම හරක් තමන්ගේ හැඟිම් හා හැදියාවන් අනුන්ගේ දේ මෙන් ඉදිරිපත් කිරිමේ දක්ෂයෝ වෙත්..

      Delete
  7. වැලන්ටයින් නොවෙයි ඊතල විදින්නේ ඊරෝස් හෙවත් කියුපිඩ් හෙවත් අනංගයා හෙවත් මින්දද..!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ වැලන්ටයිනුත් විද්ද ද කියලා...... නෑමයි කියන්න බෑනේ......... හැක්

      Delete
    2. ඊරෝස් හරි කියුපිඩ් හරි කිව්වනම් ඕක එකෙක්ටවත් වදින්නේ නෑ. ලව් වලට අපිට ඉන්ගිරිසියෙන් ඉන්නේ වැලන්ටයින්. ඒ නිසා මම මෙතනදි කියුපිඩ්ව වැලන්ටයින් කලා.. අනුන්ගේ දේ අපේ කර ගන්නේ එහෙමයි..

      ඇයි එතකොට මට ඊතල විදින නෝනා. එතකොට තව කොච්චර ඉන්නවද ඊ තල විදින අය.

      Delete
  8. මං මේ කියන්නේ ඔයා කියන අර නෝනගේ ඊය ගැන. මං ඒක දැක්කේ නැ. ඒත් අදහස ඔයා ලියල තියනවනේ, ඕනෑම post එකකට අදහස් දක්වන්න පුළුවන් නිදහසක් තියනවා. එකට පිලුතුරු ලියන්නත් ඔයාට නිදහස තියනවා. මේක කෙලින්ම ලිව්වේ ඔයා ඒ නොනටනේ.

    ඉතින් මෙන්න මේකයි වෙන්නේ තමන්ගේ හිතේ කොතැනක හරි සැගවිලා තිබුණු කොක්කක් තමයි ඒ එලියට පැනල තියෙන්නේ ,මට හිතෙනේ විදියට. ඒක ඔයාට අදාල නැති වෙන්න පුළුවන්. ඒත් කොහොම හරි ඒ හැගීම පිටකරල දැම්මා. එකත් ආදරය සමග බැදුණු කතාවක කොනක් වෙන්න පුළුවන්.....

    මේකෙන් ඔයාට ලොකු බලපෑමක් වෙලා තියනවා කියල නම් හිතෙනවා. ඒකයි මේ විදියට ආදරය විග්‍රහ වුනේ. සමහර අය උත්තර දෙන්නේ තමන්ගේ මතයේ ඉදන් එයාල පොදු මතකයට එන්න අකමැති, එක්කෝ සමාජීය අත්දැකීම් නොමැති කමින්. අපි සියල්ල දන්නව කියල හිතුනට අපි දන්නේ දන්නා දෙයින් දසමයක් විතරයි. ඒකයි ඕනෑම post එකක් හරහා ප්‍රති විරුද්ධ මත එන්නේ. ඒක වෙන්න ඕන දෙයක්, නිර්මාණය ඉදිරියට ගලාගෙන යන්න නම්, ගල් සහ මල් දෙකම අවශ්‍යයි. ඉතින් , ඒ නෝනටත් තව නිර්මාණශීලි අදහස් එයි, ඔයාගේ post ඒක හරහා.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම දෙයක් නෑ. අපි ඊ තල වල ඔතලා විඳින සංදේශ වලින් පට්ට වලි හා සංවාද යනවා. ඒත් මම හිතුවා මේක පෝස්ට් එකක් විදියටම දාන්න ඕන කියලා. මේ ප්‍රේමය ගැන පොඩි කාළේ ඉඳලා මගේ මතය. මේ කතා කියන්න ගිහින් මම කාපු බූට් ප්‍රමාණය අනන්තයි..

      Delete
  9. නන්දා ආච්චි සුනිල් සීයා එක්ක ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට ගිහින් කාලයක් හිටියා කියලා ගරු මම සීයා හොඳින්ම දන්නවා.

    ඇත්තටම මමත් ඔයාත් තාත්තලා වෙන්නේ ඔයාගේ නෝනා සහ මනේ නෝනා අම්මලා වෙන්නේ කාමය මුසු හැඟීමක් නිසාද නැත්නම් අර 'පාරෙ සුද්දයි, අතින් කයි' කියන පෙරේමය නිසාද?

    ReplyDelete
    Replies
    1. ඕක මේ ස්වභාවධර්මය කියන දේ පිට පොට පන්නපු කේස් එකක්. වැඩි අතීතයකට යන්න ඕන නෑ. අපි පොඩි කාලෙත් කොච්චර ලිංගික නිදහසක් තිබුනද? මේවා මේ වික්ටෝරියානු සමාජේ මෙහේ ඔබන්න ගිය නිසා වෙච්චි දේ නේ. අද එවා උන්ටම එපා වෙලා.. වර්ගය බෝ කර ගන්න බැරුව ඉමිග්‍රන්ට්ස්ලගෙන් ඒ අඩුව පුරවනවා. ඊට පස්සෙ කනවා පට්ට පරිප්පුවක්. ඒ කෑම අපේ ජීවීත කාලෙදිම බලා ගන්න පුළුවන් වෙයි..

      Delete
    2. /නන්දා ආච්චි සුනිල් සීයා එක්ක ජීවිතාරක්ෂාව පතා ඉන්දියාවට ගිහින් කාලයක් හිටියා කියලා ගරු මම සීයා හොඳින්ම දන්නවා./

      දැන් ඒකටත් උන් උඹට කියලා උඹෙන් අවසර අරගෙනද යන්න ඕනැ?

      Delete
    3. කවුද හරකෝ කිව්වේ මගෙන් අවසර අරන් ගියා කියලා. අනේ උඹේ නැට්ටෙත් එක්ක ගොම.

      Delete
    4. වයසක සෙට් එකම ගොම දාන්නේ නැට්ටෙත් එක්ක ගාගෙන. නොදකින් මෙහෙම ඒවාට වඩා හොඳයි ඇඩ්සෙන්ස් වලට හදපු බ්ලොගක් කියවනවා. තුක් ...නොදකින්. අම්පා කලින් කොල්ලෝ කෙල්ලෝ ටික බ්ලොග් ලියද්දි මෙහෙම ගූ ගොඩවල් තිබුනේ නැ. දැන් ඉතින් මුං එකෙක් ගියොත් උරුලවා ගිය මග වගේ තමා.

      Delete
    5. තෝත් උරුලෑ පැටියෙක් තමයි ගැඩවිලෝ

      Delete
    6. ඇර සෝලෝ අජින මොටෝ විචාරකෝ.. දීහන් ඇට්ටි හැලෙන්න. මක්කත් ලියා ගන්න බැරි ගොබ්බ සේනලාට.

      Delete
  10. //සමහර ලස්සන උන්, කෑතම කැත උන් එක්ක සෙට් වෙලා ඉන්නේ කියලා.//

    එහෙම ඒවා දැක්කම 'ඇපල් කන තරමක් කන්නෙම පණුවො'නෙ කියලා තමා කියවෙන්නෙ. හැක් :D

    ReplyDelete
    Replies
    1. ඔව් තැඹිලි ගෙඩි වල කපුටෝ වහලා වගේ....... චිප් කිව්වා කියලා වැඩක් නෑනේ...

      Delete
    2. එතන තියෙන්නේ චොයිස් කේස් එකක්. සමහර උන් ඇපල් කන්න ආසයි. සමහර උන් පැපොල් කන්න ආසයි. සමහර උන් ඔය දෙකම කන්න ආසයි.

      Delete
    3. ප්‍රියෝ , ඇපල් නං කන තරමක් කන්නෙ පණුවො තමා.. හැක්. මේ අපි බලපං . :D

      Delete
  11. //මල්සරා හී විඳින්නේ ප්‍රේමවන්තයන්ටලු. වනචරයෝන්ට ඊ තල විදින්නේ නෑලු.//
    දැන් ටිකිරි කොරාපු වනචොර වැඩෙ මක්කයි

    ReplyDelete
    Replies
    1. වැට ගාව මහ රෑ භාවනා කිරීම.... නිවන් දැකීම සඳහා...

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ....????????????????

      Delete
    2. උඹ වෙන කාගේ හරි ගූ ගොඩක් නේද මෙතන දැම්මේ...

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
  13. නුඹේ සිනා ළඟ
    නෙත නැවතුන දා
    නුඹේ සිනා ළඟ
    සිත නැවතුන දා

    අම්මට හුඩු මාතේ කෙලිය නේද තාප්පෙට.. ආතල් කුඩු සූදුරු !!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතන්දෙරේ කතා කොරන කොට එහෙම වෙනවා පත්තරේ...

      Delete
  14. මටනම් හිතෙන විදිහට අපි කවුරුවත් ආදරය එහෙමත් නැත්තම් ප්‍රේමයට අර්ථකතන දෙන්න හැකියාවක් තියෙන අය නෙවෙයි . මොකද හැම හැගීමක්ම වචන වලට පෙරලන්න බැරි නිසා . ආදරය ගැන එක එක්කෙනා කරන විග්‍රහ බැලුවම මට මතක් වෙන්නේ අන්ධයෝ අලියව විස්තර කරපු හැටි .
    මොකද අපි හැමෝම ආදරය කියන හැගීම අපිට අහුවෙච්ච කොනෙන් බලලා විග්‍රහ කරනවා මිසක් ඒ ගැන සර්ව සම්පූර්ණ විග්‍රහයක් දෙන්නේ නෑ. මට තේරෙන විදිහට එහෙම කරන්න සමතෙක් මේ ලෝකේ ඇත්තෙත් නෑ.
    එකනේ ඒවාට හැගීම් කියන්නේ , විස්තර කරන්න විග්‍රහ කරන්න බැරි නිසාවෙන්ම ඒ හැගීම් වල සුන්දරත්වය වැඩි වෙනවා , රාගය ඇති හෝ නැතිව ප්‍රේමය, ආදරය කියන්නේ මටනම් හරිම සුන්දර ආශ්වාදජනක මානුෂිය හැගීමක් ,
    අවස්ථානුකූලව ප්‍රේමයේ ස්වරූප වෙනස් වෙන්න පුළුවන් , කඩේකට ගිහින් සීනි නැති ප්ලේන්ටියක් ඉල්ලනවා වගේ රාගය නැති ආදරයක් හොයන්න් කාටවත් බෑ, ඒ වගේම වැඩි සීනි ප්ලේන්ටියක් ඉල්ලනවා වගේ රාගය පිරුණු ආදරයක් ඉල්ලන්නත් බෑ. ඒ සියල්ල තීරණය වෙන්නේ දෙදෙනාගේ බැඳීම මත සහ ඒ බැඳීමේ අවංකභාවය මත .
    අනික තමයි ආරදයකට කිසිම කොන්දේසියක් අදාළ නෑ. උගත් නූගත්, උස් මිටි, ජාති, කුලමල, ආගම්, භාෂා , දුප්පත් පෝසත්, විවාහක අවිවාහක , වයස් ..... තව නොකී හැම දේකින්ම ආදරය ස්වායත්තයි . ආශ්වාදජනක සුන්දර ඒ මානුෂීය හැගීම විඳින්න . ඒකේ මායිම් හොයන්න මහන්සිවෙන්න එපා ,අපරාදේ . ඒ කාලයත් ආදරය කරන්න ආදරය විඳින්න යොදාගන්න .

    නෙත් පියන්න නෙත් පියන්න සුසුම් නගන්න
    මිහිර විඳින්නට ආදරයේ
    අගුළු දැමූ හදේ පියන් පත් හැරදෙන්න
    මිහිර විඳින්නට ආදරයේ
    සීමා නැති මායිම් නැති සොඳුරු ආලයේ //

    සඳ එලියේ සීතල විඳගන්න
    හිරු එළියේ උණුහුම විඳගන්න
    කුරුළු නදින් දෙසවන් සනහන්න
    හද දොරගුළු හැරදෙන්න... මිහිර විඳින්න
    සීමා නැති මායිම් නැති සොඳුරු ආලයේ //

    නෙත් පියන්න..................

    සිහින දකින්න ..සුබ සිහින දකින්න
    දෙනෙත් හරින්න ...ඒත් සිහින දකින්න
    ආදරයේ සිහින ලොවෙන් එපා මිදෙන්න
    හද දොරගුළු හැරදෙන්න... මිහිර විඳින්න
    සීමා නැති මායිම් නැති සොඳුරු ආලයේ //

    නෙත් පියන්න..............

    ReplyDelete
    Replies
    1. නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
      ගතට සිසිල පවන හද ගැබින් හමාවී 
      සඳ ලතාවේ - හිරු සිනාවේ
      නොහිම් නිහඞ අරුත ආදරේ කියාවී !!!!!

      හෝයියා ඉවාන් මස්සිනා , මෙන්න මගෙන්..:D

      Delete
    2. උඹ කියන්නෙත් මම කියන දේම නේ. ඒත් මම පිලිනොගන්න එක දෙයක් කියනවා. ඒ කියන්නේ ආදරයට කිසිම කොන්දේසියක් නෑ කියලා. ආදරය කියන්නේ කොන්දේසියක් නෙමෙයි කොන්දේසි සමූහයක්.

      උදාහරනයකට ගමු දුප්පත් පොහොසත් බේදයක් නෑ කියන එක. එහෙම ඒවා මංගල දැන්වීම් වලත් තියෙනවා. ඒත් කවදාවත් දැකලා තියෙනවද පතිනියක් එහෙම කෙනෙක් හොයනවා. නෑ. පිරිමි නම් හොයනවා. ඒ හොයන්නේ ආදරය කරන්න නෙමෙයි. සර්වන්ට් කෙනෙක්, නීතියෙන්ම බැඳගෙන වහලියෙක් කර ගන්න. ඕන් ඔය වගේ අනෙක් හැම තැනම තියෙන්නේ පට්ට බොරුව.

      Delete
    3. මංගල දැන්වීම් දාල හොයන්නේ ආදරේ නෙවෙයි බඳින්න කෙනෙක්ව , බඳින්නේ ආදරය කරන කෙනාවම නෙවෙයි හැමෝම .
      මාතේ පිලිගන්න වෙනවා ආදරේට කොන්දේසි නෑ කියලා , කොන්දේසි දාලා කරන්නේ ආදරේ නෙවෙයි වෙන දෙයක් , ඒ සමහර විට මාතේ කියන දේ වෙන්න පුළුවන්

      Delete
    4. ආදරය කරන කෙනාවම නෙමෙයි බඳින්න හම්බ වෙන්නේ. හොඳ කතාවක්. ඔතන ආදරේ කියනවා වෙනුවට ආස කරන කෙනා කියලා එන්න ඕන. ඒ විදිට බැන්දනම්, මම මේ වෙනකොට ඩිවෝස් ගොඩාක් කරගෙන. කාළයක් මම මධුරිට ආශ කලා. ඊට පස්සේ කාජල්, ඊට පස්සෙ ප්‍රියංකා චොප්‍රා. දැන් දීපිකා. හැබයි ඉතින් උන් මට ආස වෙයිද කියන එකයි ප්‍රශ්ණේ. අපි. අපි කැමති නැති කෙනෙක් බලෙන් තියාගෙන, ඒකට තව ආදරේ කියලත් කියනවා. ඇයි බං මිනිස්සු මෙහෙම බොරු කියන්නේ.

      Delete
    5. ඒක හරි ... //"ඇයි බං මිනිස්සු මෙහෙම බොරු කියන්නේ"// ..ඒක තමයි බං මාත් අහන්නේ ? ආදරෙයි ආසාවයි කියන දෙක වෙන් කරගන්න දන්න කෙනෙක් නෑ ,

      දීපිකා කිව්වේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ද? :D

      Delete
    6. එයත් නරක නෑ... මම කිව්වේ දීපීකා පදුකෝන්...

      Delete
    7. දිපිකා ප්‍රියදර්සනි..!

      Delete
  15. නන්දා ආච්චි සුනිල් සීයා එක්ක කොරපුවා ගැන කතා කරල වැඩක් නැහැ මාතා..
    ඒක රහසක්.. ;)

    මම සරලව කියන්නේ ආදරය කියන්නේ රාගය මිශ්‍ර වෙච්ච අහවල් එකක්. නැත්තං බං දැක්ක හැටියේ කෙල්ලෙක්ට ආදරේ හිතෙන්නෙ ඇයි?? ඒකිගෙ සිතුම් පැතුම් වත් නොදැන??

    කාමයෙන් පටන් අරන්, ආදරෙන් වෙලෙන එක තමා වර්ථමාන සමාජයේ ආදරය...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් වෙලෙන්නේ නෑ බං. දැක්ක ගමන් රාග සිතිවිලි අවදි වෙනවා. ඊට පස්සේ ඇති වෙනවා තෘෂ්ණාව කියන දේ. ඒ කියන්නේ අර වස්තුව තමන්ගේම කර ගැනීමේ කෑදරකම. ඊට පස්සේ ඒ අරමුණ නීතිය තුලින්ම ලබා ගන්නවා. එහෙම ගත්තාම තමයි බැඳිම ඇති වෙන්නේ. ඊට පස්සේ පල්ලියෙන් ලියලා දුන්න තිර පිටපතක් රඟ දක්වනවා. ඒක තනිකර බොරුවෙන් හා සෝභනයෙන් පිරිච්ච අමු බොරුවක්. තම්න් තමන්වම රවටා ගැනීමක්.

      Delete
    2. තවත් සමන්ත බඩ්ඩෙක් .සාදු ..සාදු

      Delete
  16. ඕක හරියට අර තිත්ත බේත් පෙත්තක් වටේ සීනි ගාපු කතාව වගේ එකක්. සීනි තට්ටුව තමා ආදරය තිත්ත බේත තමා රාගය. බේත තිත්ත උනත් ලෙඩේ සනීප වෙනව නම් එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නේ පට්ට බොරුවක්. ඒ නිසා තමයි මම මගේ නෝනා පෙම්වතියක් කර ගන්නේ නැතිව හොඳම මිතුරියක් කර ගත්තේ. අපේ ජීවීතේ සතුටේ රහස එයයි.

      Delete
    2. අන්න ඒකට තමයි මාතේ ආදරේ කියන්නේ , මාතේ නොදැනුවත්වම නෝනට ආදරේ කරලා , ඒකයි නියම ආදරේ , ඒකයි මිතුරියක් කරගත්තේ . නැත්තම් වෙන්නේ ස්ර්වන්ට් කෙනෙක් හරි මොල රිලීස් කරගන්න ලයිසන් අරන් ගෑනියෙක් ගෙදර ගේනවා හරි වගේ වැඩක් .

      Delete
    3. ඒකට කියන්නේ ආදරේ නෙමෙයි. ෆ්‍රෙන්ඩ්ෂිප්. සහ එකිනෙකා ගැන අවබෝධයෙන් එක්ව ජීවත් වීම. ඒ කියලත් වලි නැත්තේ නෑ. හොඳම යාළුවොත් සමහර වෙලාවට මරා ගන්නේ. ආදරේ කියලා දෙයක් නෑ කියලා එයත් පිලිගන්නවා.

      Delete
    4. තමන්ගේ හිත රවටා ගැනීමත් මහ බොරුවක් මාතලන්..

      Delete
    5. සහතික ඇත්ත දේශකයෝ. එත කොට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අමාරුයි.

      Delete
  17. මම නම් ආදරය ගැන ඔය වගේ විනිශ්චයකට එලඹෙන්න හදිස්සි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මේ හදිසියේ ගත්ත තීරණයක් නෙමෙයි මචෝ. මේ ගැන ගියපු කොහ් කමෙන්ට්ස් වලදිත් මගේ මේ අදහස කීප තැනකම කියලා තියෙනවා කියලා ඒ ගැන ලියපු උන්ට සමහර විට මතක ඇති. මේ මචෝ මම අවුරුදු 14-15 කාළේ වගේ ඉඳලා මට තේරුණ දේ. ආගම ගැනත් එහෙමයි. ඒක අමු බොරුවක් කියලා තේරුණේ බොහොම පොඩි කාළේ. ගෙදරින් මගේ අදහස් වලට නිදහස තිබුනට. පාසලේදී, දහම් පාසලේදී මම ගුටි කෑවා. ඒත් මචං සාධුලා මගේ තර්ක පිලිගත්තා. ආදරය කියලා දෙයක් නෑ. ප්‍රේමය කියලා දෙයක් නෑ. ඔතන තියෙන්නේ අයිතිකර ගැනීමේ ආශාවක් හා කෑදර කමක් පමණයි.

      Delete
  18. ඉරිදා මව්බිමෙ රස්තියාදුකාරායාගෙ කොලමෙ මෙය ගැන ලිපියක් තියෙනවා.පරන ලිපිත් කිවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මව්බිම සල්ලි දීලා ගන්න මොළේ අමාරුවක් තියෙනවා කියලා හිතුවයි...?

      Delete
    2. මෙන්න ලිපිය http://www.mawbima.lk/56-59586-1-2014-06-02-archive-detail.html

      Delete
  19. ඔයා වැරදියි. ආදරය කියන්නේ බණ බාවනා කරන, අචින්ත දෙයක් නෙමෙයි.. ඒ තුල තමා හැමදේම තියෙන්නේ. මුළු ලෝකෙම පවතින්නේ ආදරේ නිසා කියන්නේ ඒකයි. ආදරයට පැතිකඩ බොහොමයි. ඒ තුල රාගය, වෛරය, ඉදිරිසියාව ආදි හැමදේම තියෙනවා.. ආදරය කියන්නේ අවර්ණ දෙයක්. අපියි ඒකට ඔය කියන පාට පාට දෙන්නේ.. ඒක නිසා ආදරය කියන්නේ නිර්වචනයක් හරියටම දෙන්න බැරි දෙයක්.. ඔය හැම එකම කරන්නේ වලත්ත කම නිසා කියන එකටත් මං කොහොමත් කැමති නැහැ. මොකද වලත්ත කම මතින් උනත් ආදරයක් ඉපිලෙන්න පුළුවන් නිසා..

    ReplyDelete
    Replies
    1. උඹගේ උත්තරේ තුලම උඹ කතා කරන බොරුව තියෙනවා. කරුමේ වෙලා තියෙන්නේ මිනිස්සු ඒක පිලිගන්න අකමැති එක. මෙනිනිස්සු හදාගෙන තුයෙනවා තියරි, එහෙම නැත්නම් පෙට්ටි කියලා කියමුකෝ. මිනිස්සු කැමති නෑ ඒ බෝතලෙනැමට් පිට හරි පෙට්ටියෙන් පිට හරි හිතන්න. ඕකටම තමයි කියන්නේ ළිං මැඩි මානසිකත්වය කියලා. ඒ තුල තමයි තියෙන්නේ ආගම විවේචනය කරන්න බෑ. ආදරයට නිර්වචන නෑ කියන ඇමරිකන් බයිලා. මිනිස්සු කැමති නෑ එයාලා වහ වැටිලා දොහොත් මුදුන් දීගෙන වැඳගෙන ඉන්න පෙට්ටි කැඩෙනවට. බෝතලේ බිඳෙනවට.

      Delete
    2. මු මේ කියවන්නෙ පිච්චමල් කේස් එක ගැනද කොහෙද

      Delete
  20. මට හිතෙන්නේ ඔය සත්ව පරීක්ශන (animal experiments) කරපු කට්ටිය හෙම දන්නවා හැම දේකම අරමුන තම වර්ගයා බෝ කිරීම බව...

    මිනිස්සු පමනක් එතනින් ටිකක් ඉදිරියට ගොහින් අහවල් එක සතුට සඳහා පාවිච්චි කරනවා (not only reproductive sex but recreational sex too)...

    ReplyDelete
    Replies
    1. ආදරේ කරලා අත පත ගගා හිටියට වර්ගයා බෝවෙන්නේ නෑ නේ. ඒකට හැමිනෙන්නම ඕනා. සමහරක් සුරතාන්තෙට පත් උනෙ නැතත්, හිතන්නේ පත් උනා කියලා. මොකෝ උන් සුරතාන්තේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. එයාලා දන්න දැනීමෙන් එයා හිතනවා මම ෆුල් සැටිස් කියලා. බටහිර රටවලත් සුරතාන්තය ගැන දැණීම අල්පයි. ඉතින් අපි ගැන කුමන කතාද. අපේ මිනිස්සු හරි පවු අප්පා..

      Delete
    2. සුරතාන්තය ගැන දැනන් හිටියනම් උඹේ ගැනි උඹ එක්ක ඉඳීද

      Delete
  21. මම ඉස්කෝලෙදී කියවපු ඉස්ලාම් සඟරාවක ආදරය ගැන හොඳ අවවාදයක් තිබුනා ඒ තමයි අන්තඃපුරේදී කලයුතුදේ පාරෙදි නොකල යුතුයි කියලා

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකට නම් ආදරේ කියන්නේ කිසි අවුලක් නෑ...

      Delete
  22. මට හිතෙන හැටියට නං කේස් එක මේකයි.

    නිකං වචන තිබුණු පලියට අපි ආදරේ රාගික ද, විරාගික ද, අරක ද, මේක ද කිය කිය විච්ඡේදනය කරන්න හදනවා. එහෙම කරලා ඒ තර්ක විතර්කවල පැටලිලා කාලෙ නාස්ති කර ගන්නවා.

    මං හිතන්නේ නං ආදරය කියන්නේ තනි වචනයක්. නිකං කසායක් වගේ එකක්.

    අරළුබුළුනෙල්ලිකටුකරෝසනතිප්පිලිවැලමීසූකිරිමීපැනිසේරමකලංඅටබැගින්ගෙනඑකටදාලාපතඅටඑකටහින්දපු.

    !!!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල අපි හිතුවා කකාගේ ආදරේ මී අඹ වනයේ මී වදයක් කියලා. දැන් බැලුවම තිත්ත කසායක්ය කියන්නේ.

      මේවා වචන හා කාළය නාස්ති කිරීමක් නම්, බ්ලොග් ලිවිල්ලත් එහෙම දෙයක්ද කකා. කකා ඉන්නෙත් මේවා ගැන සාම්ප්‍රදායික මතයෙම වගෙයි මට නම් පේන්නේ.

      Delete
    2. අන්න අන්න වැරදි පාරේ යන්න හදනවා.

      මා කියුවේ ආදරය කියන වචනය සඳහා මගේ ඩෙෆිනිෂන් එකයි. යුග දිවියක් ගත කිරීම කියන එක වෙනත් මානයක පවතින දෙයක්.

      මගේ උදාහරණය තවත් පැහැදිලි කරනවා නම්, අපි ආදරය කරලා බූට් එකක් ලැබුණාම ජීවිතේ තිත්ත වෙන්නේ කෂායේ ඇති අරළු නිසයි. ආදරයේ මිහිර දැනෙන්නේ සූකිරීි, මී පැණි නිසයි.

      මා කාලය නාස්ති කරිරීමක් ගැන කිව්වේ ඒ කාලයත් ලව් මේකින්වලට යෙදවිය හැකිය යන අරුතෙනුයි!

      Delete
    3. එහෙනම් ඉතින් අවුලක් නෑ... බලාගෙන ගියාම ඒ තකාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
    4. ඉංග්‍රීසි අරුත ගත්තොත් "Love Making" කියනෙකේම උත්තරය තියෙනව කියල මට හිතෙනවා.

      Delete
    5. ආන් එහෙම එන්න. ලව් මේකින්ග් වලට නම් මාත් මනාපයි..

      Delete
  23. ආදරය කියලා කියන්නෙ කොහොමත් ආත්මාර්ථකාමී සිතුවිල්ලක්...ඒ හින්දනෙ තමන්ගෙ ආදරී තවත් කෙනෙක් එක්ක කථා කලත් පෙම්බරාගෙ හිත රිදෙන්නෙ...ඊලගට කසාද එහෙම බැදලා ළමයි හැදිල්ල....ඒකත් අර වගේම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්...අපි වයසට ගියාම සලකන්න එකෙක් එපායැ කියලනෙ ඒ වැඩේ කරන්නෙ...එහෙම නැතුව රටට සමාජයට වැඩ දායක පුරවැසියකු දායාද කරන්න ඕනෙ කියලා උදාර හැගීමෙන් ළමයි හදපු කීයක් ඉන්නවද...

    ReplyDelete
    Replies
    1. සිරා සිරා කතාවක් කියලා ගොන් කතාවක් නෙව කීවේ. ඔහොම හිතන් ළමයි හදන උනුත් ඇති. ඉස්සරලා උඹ කසාදයක් කොරන් හිටහන්කෝ එතකොට තේරයි මොකටද ළමයි හදන්නේ කියල.

      Delete
    2. Anonymous 9+Profile 1=Comments10

      Delete
    3. ළමයි හදනවා කියන්නේ අපේ රටේදී ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක නේ දරුවෝ මරාගෙන කන්නේ..

      Delete
  24. Maathalan - Priyantha HewageMay 08, 2014
    ගාල්ලේ කොටුවේ ජපන් ජෝඩුවක් මේ වගේ ෆොටෝ ගත්තා. කොල්ලා කැෂුවල්. කෙල්ල වෙඩින් ඩ්‍රෙස් එකෙන්. ඒ තමයි නියම ආදරය. අපේ උන් කරන්නේ ගරු රඟපෑමක්.

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙක්ට දාපු කොමෙන්ට් එකක් මේක. එතනදි මේ ඔක්කෝම කතන්දර කියන්න බෑ. එතන කතා උනේ ආදරය ගැන නෙමෙයි, පොටෝ ගැහිල්ල ගැන. ආදරය ගැන පොකූ ලියපු එකකදිත් මම මෑතකදි කිව්වා දේත් මෙතන දාන්න.

      Delete
  25. ආදරය කියලා කියන්නේ යම් කිසි හැඟීමකට දීපු නමක් නේ. ඒකට වෙන වෙන නම් දෙන්නත් පුළුවන්. දැන් මාතලන් ෆ්‍රෙන්ඩ්ශිප් කියලා ඉහත කියලා තියෙන්නෙත් ආදරේටමයි කියලා කාට හරි කියන්න පුළුවන්.

    යමුනා මාලිනී ලියලා තියෙන්නේ "ප්‍රේමය ලොව සැමතැනම ඇතී" කියලා සිංදුවක්. ඒ වගේ අපිට මෙන්න අසවල් එක ආදරය, මේක ආදරය නෙමේ වගේ පහදලා දෙන්න අමාරුයි. කෙනෙක් එක්ක මුලින්ම බැඳීමේදී, බලපාන හේතු ආත්මාර්ථකාමී හෝ යම් යම් ප්‍රතිලාභ උදෙසා සිද්ධවන දේවල් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් එක්ක බොහෝ කාලයක් ජීවත් වීමෙන් එකිනෙකා ගැන අවබෝධයෙන් ඇතිවන තත්වයක් "ආදරයක්" කියලා හඳුවන්න මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. සමහර අය නම් ඒකට කියන්නේ කරුමය කියලා.. එහෙම ආදරයක් ඇති වෙන්නේ නෑ. කරන්න දයක් නැති කමට එහෙම ඉන්නවා. අපි හිතමු නීතීයෙන්ම තියෙනවා. එකට ඉන්න බෑ අවුරුද්දකට වඩා, වෙන කෙනෙක් ගාවට යන්න ඕන කියලා. මම නම් හිතන්නේ ඔය නීතීයට මේ ළෝකේ ඔක්කෝම කැමති වෙනවා. මෙන්න කැට.

      Delete
  26. මාතයි මායි බොහොම දේ ගැන එකඟ නූනත් මෙතනදි නං මං සහමුලින්ම එකඟයි.. ඇයි යකෝආදරේ ආදරේ ..අධ්‍යාත්මික ආදරේ..ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ සුරම්‍යයි. පාරිසුද්දයි, අචින්තයි කිය කිය ඉඳලා අවස්තාවක් අහු උන ගමන් රෙදිත් නැතුව ඇඳට පනින්නෙ ? හැබෑ ආදරයක් තියේ නම් ඒකට අයිතිකරගැනීමෙ ආසාව නොතිබියයුතුයි.. තණ්හාවයි උපාදානයයි.. දෙකම එකට යනකොට ඒකෙ කොහෙද ආදරයක්..?

    ReplyDelete
    Replies
    1. දැ ඔය එක දේකට හරි එකඟ වෙන්න පුළුවන් නිසා, අපි දෙන්නා අතර එහෙම එකක් ඇති වෙයිද මන්දා ආයිබෝවන්ඩ..

      Delete
  27. හරි මහාචාර්ය තුමනි, ඒක එහෙමයි කියමුකො. එතකොට ඔබතුමාගේ දැක්මට අනුව ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්? එහෙම එකක් නැත්ද? එතකොට ඒක භාශාව තුල බිහිවුන හිස් වචනයක් විතරද?

    ඔහොම කියනකොට ඔන්න ඉතින් මට මාතලන්වත් අර වනිතා වගේ පේන්න ගන්නවා.

    ReplyDelete
    Replies
    1. වැඩිහිටි දෙදෙනකු අතර ඇතිවන දේ ආදරය නෙමෙයි. ඒක රාගය. තෘෂ්නාව හා ආත්මාර්ථකාමීත්වය. එහෙම නැතිනම් වෙන කුමක් හෝ මූලික වෙනවා. ඒකට ආදරය කියලා කියන්නේ. අර රාගීක සිතුවිල්ලට වන්දනීය තත්වයක් ලබා දෙන්න මිසක් වෙන කෙහෙල්මලකට නෙමෙයි. ඔය කුඩ යටට වෙලා කරන්නේ ආදරයද එහෙම නැත්නම් වෙන දෙයක්ද?

      Delete
    2. සමාවෙන්න මැදින් පැන්නට, බොහොම රසවත් මාතෘකවක්, මට ඕකට උත්තරයක් දෙන්න පුළුවන් මේන්න මේක පැහැදිලි කලොත්,

      ආදරය කියල දෙයක් ඔබ පිළිගන්නවද ? ආදරය කියල කියන්නේ මෙන්න මේකය කියල පෙන්නන්න පුලුවන් පැහැදිළි ඩෙෆිනිෂන් එකක් තියනවද ඔබටම අනන්‍ය වෙච්ච ?

      ඔබට පැහැදිලි උත්තරයක් දෙන්න බැරිනම් කියන උපකල්පනයේ ඉඳල මේන්න මගේ උත්තරය.

      ආදරය කියල එකක් නෑ, එක හුදු සාහිත්‍ය වචනයෙක් විතරයි, මම ඒ මතය ගේන්නෙ මේ තර්කය මත

      "හැබෑවට පවතින දෙයක් නම් වටහාගන්න මෙච්චර අමාරු වෙන්නෙ ඇයි ?"

      තත්‍ය ලොකයේ නොපවතින යමක් හෑබෑවටම ඇතිය කියල විශ්වාස කරල ඒක මත්තේ මේ තරම් ගැටුම් ඇතිකරගන්න එකට වඩා හොඳ නැද්ද එහෙම එකක් නැතිය කියල, හැබෑවටම දැනෙන සංවේදනා හරහා ස්ත්‍රී, පුරුෂ සම්බන්ධය පැහැදිළි කරගෙන චූන් එකේ ඉන්න එක ??

      Delete
  28. මම එකඟයි මාතලං එක්ක. ආදරය කියල උලව්වක් නෑ, එක තනිකරම සෙක්ස් කැතයි කියල කියාපු ආගමික, සමාජීය මතයන් එක්ක මිනිස්සුන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න යම් දෙයක් විසින් ක්‍රමානුකූලව ගොඩනගාපු සංකල්පයක්. ඒ යම් දේ තමයි "ජාන"

    ආදරයක් කියල එකක් නෑ කියල තේරුම් ගත්තම, හිතට ඇඟවුමක් දුන්නම ගෑණියෙක්මිනිහෙක් අතරෙ ඇතිවන බැඳීම හරිම පැහැදිලියි, පැහැදිළි තැනක ගැටළු අවමයි, අනේ දැන් ඔයා මට ආදරෙ නෑ කියන කනු කුණුව නෑ. එකිනෙකා වෙනස් ජීවිත දෙකක්ය කියල ඇතිකරගන්න සම්මුතිය දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බොහොම උපකාරී වෙනව. හරියට විරුද්ධ ආරෝපන තියන කාන්දම් දෙකක් එකට ඇලවෙනවා වගේ, කොයිතරම් වලිකෑවත් එක සමාන අග්‍ර දෙකක් එකතුකරන්න බෑ වගේ.

    පරිසර සාධක, සමාජීය සාධක සහ පෞද්ගලික රුචිකත්වයන් මත ගොඩනැගෙන ස්ත්‍රී පුරුෂ සම්භන්ධය වෙන වෙන සාහිත්‍ය උලව්ව් දාල අච්චරු කරන්න ගියාම තමයි අවුල, නැත්නම් හරිම සරළ ගණුදෙණුවක්. එතනදි මිණීමරගන්න වෙන්නෙ නැති තරම්.

    ReplyDelete
    Replies
    1. අපේ උන් ගිරවු වගේ. උන් පට්ට බොරු දේව ඇදහිලි වගේ විශ්වාස කරණවා. කොටින්ම නියම රොබෝලා. උන් දන්නේ නෑ උන්ට මොළයක් තියෙනවාය කියලවත්. උන් හිතන්නේ ඒ මොළෙත් වෙන කාගේ හරි කියලා. නමුත් මගේ මොළේ මගේ. මම ඒකෙන් හිතනවා. මේ පට්ට පල් බොරු නේද කියලා. එහෙම තේරුම් ගත්තාම තේරෙනවා. අපි මාර සම්භාව්‍ය නළුවෝ නේද කියලා. ඒත් කරන්නේ තාත්වික රඟපෑමක් නම් නෙමෙයි. තනිකර අස්වාභාවික රඟපෑමක්. ඒ උනාට ඒ රඟපෑම මාරයි කියලා. අර රොබෝලා පට්ට චියර් එකක් දෙනවා. ජීවීතේ තේරුම් ගත්තාම ඒක මාර සරළයි. ඇත්තටම එතන නිවන කියන දේ තියෙනවා.

      Delete
    2. ඔයිටත් හපන් අර මේ "සංසාර ගත පතාගෙන පෙරුම්පුරගෙන ආපු ප්‍රේමයක්" ය කියල කරන නාඩගම,

      පෙරුම්පුවනවා කියන්නෙ බෞද්ධ සහිත්‍යත් එක්ක සබැඳිච්ච සංකල්පයක්. ඕක මේ ලෞකික දෙයක් වෙච්ච ගෑණු පිරිමි සම්බන්ධයකට පූට්ටු කරනකොටම එතන හෙන අවුලක්.

      Delete
  29. සිංහල බ්ලොග් වල වැඩියෙන්ම කතාවුන පොතක් වෙන නිරුවත් වානරයා පොතේ ඔය ආදරය ගැන කියන්නේ මෙ වගේ දෙයක්...(මට මතක හැටියට...)

    අපේ වානර මුතුන් මිත්තෝ ගස් උඩ ජීවත් වෙන කාලේ ඔහොම බැඳීමක් අවශ්‍යවෙලා නැහැ... අත දිග මානේ ඕනෙ තරම් කන්න තියෙනවා, රංචුවම එකට ඉන්නේ අහුවෙන කෙනෙක් එක්ක ලිංගිකව එක්වෙන්නයි තියෙන්නේ... ඒත් ගස්වලින් බැහැලා එළිමහනේ දඩයම් වානරයෙක්ගේ තත්වයව පරිණාමය වෙද්දී ආහාර සඳහා අනිත් මාංශ භක්ශකයොත් එක්ක තියෙන සටන වැඩිවෙනවා... කෑම හොයාගෙන රංචු වශයෙන් දඩයමේ යන්න වෙනවා... එතනදී ගුහාවේ නවතින ගැහැණු වානරයින්ට ආරක්ශාවක් අවශ්‍යයි... මේ ආරක්ශාව දැඩි කරන්න යුගල වශයෙන් බැඳීම් ඇතිවුනා කියලා ඒකේ තර්ක කරනවා... තව කරුණක් තමයි ඒ වෙනකොට ආයුධ නිපදවාගෙන තියෙන්නේ... ලිංගක අයිතිය වෙනුවෙන් මේ ආයුධ වලින් කරන සටන් භයානක නිසා ඒවා වලක්වන්න එක සහකාරියකගෙන් තෘප්තිමත් වෙන්න සිදුවෙනවා... ගඩා ගෙඩි කන කාලේ වගේ නෙමෙයි, දඩයම් ජීවිතයේදී ඉතා දුර්වල වානර පිරිමි සතාගේ වුනත් සහයෝගය අවශ්‍යය හින්දා ඔහුව සැටිස්ෆයි කරන්න නම් ඔහුටත් සහකාරියක් ළබාදීම අවශ්‍යයි... මේ වගේ හේතු හින්දා යුගල බැඳීම් වලට ගිහින් තියෙනවා... මට මතක විදියට තව කාරණයක් තමයි අපිව පරිණාමීයව දියුණු ජීවියෙක් බවට පත්කරන්න ගත්ත උපක්‍රමයක් විදියට ළදරු කාලය දීර්ඝ කිරීම... අනෙක් වානර පැටව් ඉක්මනින් වැඩිලා තමන්ගේ විමසිලිමත් ළදරු ජීවිතය අවසන් කරද්දී අපි දීර්ඝ ළමා කාලයක් ගතකරනවා... මෙතෙන්දී අපේ දීර්ඝ ළමාකාලයට සහයෝගය දෙන්න දෙමාපියන්ගේ යුගල බැදීම කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්... පොත තිබුණානම් මේක හරියටම විස්තර කරන්න තිබුණා ඒත් මගේ ගාව ඒ පොත මේ වෙලාවේ නැහැ...

    ඉතින් වලත්තකමින් එහාට ගිය දෙයක් මෙතන තියෙනවා නේද... ඇත්තටම ඒක අපිව මේ තත්වයට දියුණු කරන්න හේතුවුණු පරිණාමීය අවශ්‍යතාවයක්... එක සහකාරියකගෙන් තෘප්තිමත් නොවී අපි තව තවත් ලිංගික බැදීම් හොයාගෙන යන්නේ අපිට තවමත් අපේ මුතුන්මිත්තන්ගේ වානර සිරිත් අතාරින්න බැරිවුණ නිසා කියලයි ඒ පොතේ තර්ක කරන්නේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න