ඒ කාළේ රූපවාහින් චැනොල් එකේ, "නන්දන වින්දන" කියා වැඩ සටහනක් ගියේය. ඒක තියෙන්නේ මාසෙකට සැරයක්ය. ඒකට කිව්වේ, "නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගේ කියලාය. ඕක අම්බානක ජනප්‍රිය උනේය. මේ වැඩේ නිසා, කාන්තාවන්ගේ මාසික විවිධ ප්‍රසංගේ නම් කලේත්, නන්දන වින්දන කියලාය. ඕක මුළු ලංකාවම නරඹනවාමය.
එහෙම එව්වාට කියන්නේ, මන්ත්ලි ඉවෙන්ට් කියාය. ඒ වාගෙම ඇනුවල් ඉවෙන්ටුත් තියෙනවාය. සම හරක් කියන්න ඇනිමල් ෆෙස්ටිවොල් කියාය. හින්ගලෙන් කියන්නේ වාර්ෂික අහවල් එක කියාය. "වාර්ෂික මහා බත් දන් සැල" ඒ වගේ එකක්ය. ඒකෙත් හොඳම එක තියෙන්නේ, කොල්ලුපිටිය පැත්තේ බංගලාවකය, සම හරක් නම් කියන්නේ, ඔය දන්සැලෙන් කෑවෝත්, කෑවාම තමයි කියාය. ඒ නිසා ඒ දන්සැලේ කෝපී බොන්න ගිය තරුණ නායකත්වයන් එහෙම, දැන් ඒ පැත්ත පලාතේ යන්නේ නැතිය.
පොලිටික් කොරන අය වගේම්, ටෙරරිස්ට් කරන අයගේත් එහෙම උත්සව තියෙනවාය. වාර්ෂික ඉල් මහා සමරුව කියන්නේ, ඒ කාළේ ටැරොරිස්ම් කරලා, දැන් හතර පෝයටම සිල් ගන්නා සීල වියාපාරයක වැඩක්ය. නන්දිකඩාල් වලින් බෙල්ල කඩාල් කොර ගත්ත පිරිභාහරනුත්, ඒයාගේ බෝර්ත් ඩේ එක වාර්ෂිකව සැමරුවේය. ඒ හැබයි එහේ නෙමෙය. කොළඹය. එදාට ටී වී කාරයන්ට පට්ට ආතල්ය. මෙහේ උන්ට විතරක් නෙමේය, සී ඇන් ඇන්, බී බී සී, අල් ජසීරා ඔක්කෝටම පුල් ආතල්ය.
පොඩි කාලේ ඉඳන් පට්ට චරිතයක් තිබ්බ සුචරිත පෙම්දස් මැතිදුනුත්, ඔහොම ඇනිමල් ෆෙස්ටිවෝල් එකක් තිබ්බේය. ඒකට කිව්වේ ගං උදාව කියලාය. ගං උදා කෙසේ වෙතත්, ඒ පැත්තේ තියෙන ගස් කොලන් ටිකට නම් උදා උනේ, ඒ තරම් හොන්ද කාළයක් නම් නෙමේය. මේ ආන්ඩුවේ මහරජානෝත්, එහෙම අනිමල් ෆැස්ටිවෝල් එකක් තියනවාය. ඒකට කියන්නේ දැයට කිරුළ කියලාය. පඩත්තල වේස් කොල්ලෝ නම් කියන්නේ, ණයට කිරුළ කියලාය.
ඔය දැට කිරුළ අපේ ඔලුවේ දානවැයි මයේ දෙයියෝ කියා, මාතර පැත්තේ උන් පොළොවේ පස් කනවාය. ඔය අතරේ එතනට ආපු, පස් කමින් අවුට් කියන මාස්ටර් බාස්ටඩ්, කැම්පස් කොල්ලන්ගේ ඔළුවේ බලෙන් කිරුළ දාලා, පොල්ලෙන් පොඩ්ඩක් තට්ටු කරනවාය. එහෙම කරන්නේ හරියට ෆිට් වෙන්න මිසක්කා, වෙන මළ හත්තිලව්වකට නෙමේය.
යුද්දේ දිනලා තියෙන ඇනිමල් ෆැස්ටිවෝල් වගේම, බලෙන් දීලා ගිය නිදහසත්, ලැජ්ජා නැතිව ඇනිමලි මහා ඉහලින්ම සමරනවාය. එහෙම සුද්දා මේක බලෙන් දාලා ගිහිල්ලා දැන් අවුරුදු 66 ක්ද කොහෙද වෙනවාය. ඒත් අපේ උන්ට, අවුරුද්දකට සැරයක් තියෙන "ගමට ගඟුල" ෆැස්ටිවෝල් එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවාය.
ගමට ගඟුල කියන්නේ. කැළණි, කළු, ගිං, නිල්වලා යන සිව් මහා ගංඟාවෝ, අවුරුද්දකට සැරයක් ගම් නියම් ගම් යට කරමින් ගන්නා, ආතල් එකය. මේක අවුරුද්දකට සැරයක් හැමදාම එනවාය. ඒත් මේවාට විසඳුමක් අද වෙනකන් නැතිය.
මම හිතන හැටියට, මේවාට විසඳුම් අපේ උන් ළඟ නැතිය. ලෝකේ තියෙන මහා ගංඟාවෝ එක්ක බැලුවාම මේවා නිකං චූ පාරවල්ය. එහෙම නැත්නම් පොඩි ඇළ පාරවල්ය. මෙහේ එකෙක්වත් නැත්නම්, පිට රටින් හරි ගෙනල්ලා කොමිස් බැරිනම්, කොකිස් හරි කාළා මේකට විසඳුමක් දෙන්නම ඕනාය.
අපේ උන්ටත් මේක නිකන් අර හැමදාම දකින් කුකුළාගේ කරමලේ කේස් එක වගේ. ගං වතුර ගැලුවාම පට්ට ආතල් එකක් ගන්න බලාගෙන ඉන්න සීන් එකක් වෙලාය. හැම එකාගේම පුක චූන් වෙන්නේ, එක පාරටම, මිලි ලීටර් 200-300 මහා වර්ෂාපතන වැටුනායින් පස්සේය. කාළගුණේ පිස්සු හුටංලාට පෙර මෝසම් තත්වේ මතක් වෙනකොට පවුල් 10,000 විතර වතුරෙන් යට වෙලා අහවරය. 100,000 විතර අවතැන් වෙලා අහවරය. දේපළ විනෂය කෝටී ගනනින්ය.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර ඉන්නා ඇට්ටි හැලෙන්න දෙන, රත්තරන්ලාත්, පවිත්රි දේවීලාත්, නයනා කුමාරිලාත්, දත් දොස්තරලාත්, ජෝන් බාස්ලාත්, වාසුදේවලාත්, පොලොස් කොට්ටෝටෘවෝත්, කැසිනෝ ඒජන්තලාත් එකෙක්වත් බෙහතකටත් හොයා ගන්න නැතිය. දෙවන මහින්ද ගේමට බහින්නේ මේ කාළයේය. එයත් හම්බන්තොටමය, එයාට ගං වතුර මතක් වෙන්නේත් නාහෙනුත් ඉහලට ගැලුවායින් පස්සේය.
සමහර පැතිවල මිනිස්සුන්ට, වියලි ආහාර තියා, වතුර බෝතලයක් වත් හම්බ වෙලා නැතිය. උන් කියන්නේ ගිරාමයා දුන්නේ නෑ කියාය. සමහර වෙලාවට ගිරාමයාත් ඇත්තේ, වහලක් උඩට වෙලාය. එහෙමනම් ගිරාමයා රිපෝට් කරන එකා ඌ ගැන පොඩ්ඩක් හොයා බලන්න ඕනාය. අඩුගානේ එහෙම ජාලයක්වත් හදාගෙන තියෙන්න ඕනාය. සම හරක් නම්, ටී වී කාරයෝත් දාගෙන බත් පැකට් දෙසීයක් විහර දීලා ෆුල් මාක්ස් දාගන්නවාය.
මේවාට විසඳුම් සොයන්න ඕන, ගං වතුර කාළේ නෙමේය. ඒවා නැති කාළයේය. එතකොට විපතක් වූ සැනින්, සියල්ලන්ටම, අවම පහසුකම් වත් සලසා දිය හැකිය. තවත් ප්‍රශ්ණයක් වන්නේ, මෙහම වතුරට යට වන තැන්වල, ගෙවල් දොරවල් හදන්න දෙන්නේ ඇයිද කියනා ප්‍රශ්ණයය. නාය යන තැන් වල ගෙවල් දොරවල් හදන්න අවසර දෙන්නේ ඇයි කියන ප්‍රශ්ණයය. මම දන්නා තරමින්, ආන්ඩුවේ අවසරයක් නොමැතිව, කක්කුස්සියක් වත් හදන්නට බැරිය. තත්වය එසේනම්, මේ අන්තරායකාරි තැන්, මිනිස්සුන්ට පදිංචිය සඳහා නිර්දේශ කොරනා, අම්බරුවෝ කවුරුන්ද?
කැළණි ගඟේ කොළඹ ප්‍රදේශය ආසන්නයේ, බන්ට් ඉඳිකර ඇති නිසා, කොළබ නගරයත් වත්තල ප්‍රදේශයත්, ජලයෙන් යට වන්නේ නැති බව පැරැන්නෝ කියනවාය. මොකා හැදුවත්, ඒවා ඉතා හොඳ වැඩය. අනාගතය වෙනුවෙන් කරනා යහපත් ආයෝජනයන්ය. එහෙත් එම බන්ට්ස් වල තත්වයද, දැන් තරමක් අබලන් බවට වාර්ථා පලවිය. ඒවාට පිලියම් නොයොදා මහා විනාසයක් වෙනකන්ම, ඇස් පියා ගෙන, කන් වසාගෙන සිටීම, අපේ රටේ නිළධාරින්ගේ මෙන්ම හැම එකාගෙම සිරිතය.
වසරක් පාස සිඳුවන මේ ස්වාභාවික විපත නිසා විනාෂ වන දේපල ජීවීත හා ජාතික ධනය බොහෝය. රත්නපුර නගරයේ නව නගරයක් ඉඳි කලද. රජයේ කාර්යාල හා වැදගත් ස්ථාන සියල්ල ඇත්තේ පැරණි නගරයේමය. එක්කෝ එවන් වැඩ සටහනක් හෝ. වේලී ඉඳිකිරීම් හෝ සිඳු කර, මේ විපතෙන් රට මුදවා නොගන්නේ නම්, මේවාට වග කියනා උන්, සමහර විට ඔය මොසම් වැසි සමහ එන, අකුණු සැර වල ප්‍රහාරයන්ට ලක් වෙන්නටත් පුළුවන්ය.
ඒ වගත් මෙසේය....
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර ඉන්නා ඇට්ටි හැලෙන්න දෙන, රත්තරන්ලාත්, පවිත්රි දේවීලාත්, නයනා කුමාරිලාත්, දත් දොස්තරලාත්, ජෝන් බාස්ලාත්, වාසුදේවලාත්, පොලොස් කොට්ටෝටෘවෝත්, කැසිනෝ ඒජන්තලාත් එකෙක්වත් බෙහතකටත් හොයා ගන්න නැතිය. දෙවන මහින්ද ගේමට බහින්නේ මේ කාළයේය. එයත් හම්බන්තොටමය, එයාට ගං වතුර මතක් වෙන්නේත් නාහෙනුත් ඉහලට ගැලුවායින් පස්සේය.
සමහර පැතිවල මිනිස්සුන්ට, වියලි ආහාර තියා, වතුර බෝතලයක් වත් හම්බ වෙලා නැතිය. උන් කියන්නේ ගිරාමයා දුන්නේ නෑ කියාය. සමහර වෙලාවට ගිරාමයාත් ඇත්තේ, වහලක් උඩට වෙලාය. එහෙමනම් ගිරාමයා රිපෝට් කරන එකා ඌ ගැන පොඩ්ඩක් හොයා බලන්න ඕනාය. අඩුගානේ එහෙම ජාලයක්වත් හදාගෙන තියෙන්න ඕනාය. සම හරක් නම්, ටී වී කාරයෝත් දාගෙන බත් පැකට් දෙසීයක් විහර දීලා ෆුල් මාක්ස් දාගන්නවාය.
මේවාට විසඳුම් සොයන්න ඕන, ගං වතුර කාළේ නෙමේය. ඒවා නැති කාළයේය. එතකොට විපතක් වූ සැනින්, සියල්ලන්ටම, අවම පහසුකම් වත් සලසා දිය හැකිය. තවත් ප්‍රශ්ණයක් වන්නේ, මෙහම වතුරට යට වන තැන්වල, ගෙවල් දොරවල් හදන්න දෙන්නේ ඇයිද කියනා ප්‍රශ්ණයය. නාය යන තැන් වල ගෙවල් දොරවල් හදන්න අවසර දෙන්නේ ඇයි කියන ප්‍රශ්ණයය. මම දන්නා තරමින්, ආන්ඩුවේ අවසරයක් නොමැතිව, කක්කුස්සියක් වත් හදන්නට බැරිය. තත්වය එසේනම්, මේ අන්තරායකාරි තැන්, මිනිස්සුන්ට පදිංචිය සඳහා නිර්දේශ කොරනා, අම්බරුවෝ කවුරුන්ද?
කැළණි ගඟේ කොළඹ ප්‍රදේශය ආසන්නයේ, බන්ට් ඉඳිකර ඇති නිසා, කොළබ නගරයත් වත්තල ප්‍රදේශයත්, ජලයෙන් යට වන්නේ නැති බව පැරැන්නෝ කියනවාය. මොකා හැදුවත්, ඒවා ඉතා හොඳ වැඩය. අනාගතය වෙනුවෙන් කරනා යහපත් ආයෝජනයන්ය. එහෙත් එම බන්ට්ස් වල තත්වයද, දැන් තරමක් අබලන් බවට වාර්ථා පලවිය. ඒවාට පිලියම් නොයොදා මහා විනාසයක් වෙනකන්ම, ඇස් පියා ගෙන, කන් වසාගෙන සිටීම, අපේ රටේ නිළධාරින්ගේ මෙන්ම හැම එකාගෙම සිරිතය.
වසරක් පාස සිඳුවන මේ ස්වාභාවික විපත නිසා විනාෂ වන දේපල ජීවීත හා ජාතික ධනය බොහෝය. රත්නපුර නගරයේ නව නගරයක් ඉඳි කලද. රජයේ කාර්යාල හා වැදගත් ස්ථාන සියල්ල ඇත්තේ පැරණි නගරයේමය. එක්කෝ එවන් වැඩ සටහනක් හෝ. වේලී ඉඳිකිරීම් හෝ සිඳු කර, මේ විපතෙන් රට මුදවා නොගන්නේ නම්, මේවාට වග කියනා උන්, සමහර විට ඔය මොසම් වැසි සමහ එන, අකුණු සැර වල ප්‍රහාරයන්ට ලක් වෙන්නටත් පුළුවන්ය.
ඒ වගත් මෙසේය....
නන්දන වින්දන තිබුනෙ සිප්පි කටුවක් ඇතුලෙ වගේ සෙට් එකක නේද බං,මුල්ම නිෂ්පාදක අබේවර්ධන බාලසුරිය නේද.අම්මෝ අපි ඔය ප්‍රෝග්‍රෑම් එක බලන්න කන කට්ටක්.
ReplyDeleteහැබැයි ඒ කට්ට කෑවට පාඩු නෑ හොඳ වින්දනයක් වගේම හිතට නන්දනයක් ලැබුණා නේද හැලපෙ?
Deleteනන්දන වින්දන තිබුනේ සිකුරාදා හෝ ඉරිදා රෑ නමේට වගේ නේද? මාත් පොඩි කාලේ ආශාවෙන් බලපු සංගීත වැඩ සටහනක්. බැලුවෙත් කළු සුදු රූපාවාහිනියක වෙන්න ඕනේ මතක විදියට.
Delete1985 තමයි මේක පටන්ගත්තේ. එම්.ජේ.පෙරේරා තමයි රූපවාහිනි සභාපති ඒ කාලේ. රූපවාහිනියේ පළවෙනි සංගීත වැඩසටහන. අබේවර්ධන 1994 පස්සේ රූපවාහිනියෙන් ගියාට පස්සේ, ගීතයක් ගායනා කරන්නවත් ආරාධනා නොකරන්නට කාලකන්නි පාලකයෝ වග බලාගත්තා. ලැජ්ජයි.
Deleteඒ වගේම තමයි එදා අබේවර්ධන බාලසූරිය, ජෝතිපාලයන්ව නන්දන වින්දන වැඩසටහනට ගත්තේ නැහැ. පස්සේ නොගෙන ඉන්න බැරිවුනා මිනිස්සුගෙ ඉල්ලීමට. ඒත් ජෝති ගියේ නැහැ. කෙලින් මිනිස්සු.
නන්දන වින්දන පටන් ගත්තේ 1982 දී. තිබුණේ මාසයකට සැරයක් ඉරිදා රෑ 8:30 ට.
Deleteසමාවෙයන් ඇනෝ,,,මට මතක 1985 කියලා. මම වැරදිවෙන්න පුළුවන්. හැබැයි රූඅපවාහිනිය පටන්ගත්තෙත් 1982 මාර්තු වගේ.
Deleteඅර්නස්ට්ගේ සුපර් ඉස්ටාර් ගෲප් එක නන්දන වින්දන බදි අරන් තිබුනේ. සන්ෆ්ලවර්ස්ලා නැග ගෙන එන කොට අබේවර්ධන උන්ට කිට්ටු උනා අරුන් ඇමරිකාවේ මාරු උනා. නන්දන වින්ද නැවතුනා. ඔය ගෑණු යගේ නන්දන වින්දනත් මාස ගානකට නවත්තන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන්. ඒ වගෙම නන්දන වින්දන වලට උනා වගේම කාලෙකදි නැති වෙලාම යනවා.
Deleteඔය නන්දන වින්දන ඔකේස්ට්‍රා එකත් එක්ක අපි ඒ කාලේ සෙට්වෙනෙවා රන්දෝලි එකේ....
Deleteපස්සේ කාලෙක...1999 දිද කොහෙද මමත් මූලික වෙලා අමරදේව මාස්ටර් ගෙන්නුවා ඕමාන්වල ෂෝ එකකට..ඔකේස්ට්‍රා එකෙන් භාගයක් විතර හිටියේ නන්දන වින්දන සෙට් එක...ප්‍රයිවට් ජෑමින් සෙෂන්ස් ටිකක් කරා අපේ ගෙවල්වල...මාස්ටර් එක්ක ඉස් ඉස්සෙල්ලාම හෙනසි ගැහුවේ එහෙම සෙෂන් එක්කදි....
මාස්ටර්ලා ඇම් ඇස් ලා අපේ ආනන්ද ගනේගොඩ අන්කල් එක්ක එකට ගහන්නේ. මතකනේ සින්ග්ලංකා...
Deleteඅර මොකද්ද තරුණ සමුළුවෙයි චෝගම් එකෙයි ණය පියවන්න තිබෙන නිසා සේවක වැටුප් හැර වෙනත් ප්‍රතිපාදන කිසිවක් ලබා දිය නොහැකිය, ඉල්ලන්නත් එපා කියලා මහ බැංකුව වළඳන පුංචි බණ්ඩා කියලා එවලා තියනවලු ලිඛිතවම.
ReplyDeleteඉතින් තාත්තේ ඉහලින් ඉල්ලන වාර්තා හදලා යවන්න කොම්පියුටර් නැත්නම්, තියන කොම්පියුටර් කටු හදලා දෙන්නේ නැත්නම්, ප්‍රින්ටර් වලට, ෆොටෝ කොපි මැෂින් වලට ටෝනර් නැත්නම්, ෆොටෝකොපි කොළ නැත්නම්, මොන කෙහෙම්මලක්ද කරන්න කියන්නේ කියලා, රජයේ දෙපාර්තමේන්තුවක වැදගත් නිලයක් දරන අපේ ලොකු දුව අහනවා. මම කිව්වා බේරේ පච මෝලෙන් අහක යන කඩදාසි, තීන්ත ටිකක්, එවන්න කියලා මහයට ඊ මේල් එකක් යවන්න කියලා.
පුක තමයි ඕන් ජනපතිවරනෙට හැම එකාටම සල්ලි දෙනවලු පොරි හැලෙන්න දින් 100 යේ වැඩ සටහනකට. නත්තල් සීයා මේ සැරේ එන්නේ දෙසැම්බර් නෙමෙයිලු, නොවැම්බර් වලයි කියලා මට ඊ මේල් එකක් එවලා තිබුනා..
Deleteමටත් ප්‍රයිවට් ඉන්විටේෂන් එකක් එවලා තියනවා...දින සීයේ එකට...
Deleteඔය සොහොන ඔහොමම වතුරට යටවෙලාම පල :/
ReplyDelete///මේවාට විසඳුම් සොයන්න ඕන, ගං වතුර කාළේ නෙමේය. ඒවා නැති කාළයේය. එතකොට විපතක් වූ සැනින්, සියල්ලන්ටම, අවම පහසුකම් වත් සලසා දිය හැකිය. ///
ඔවුවා අපේ රටට වලංගු නැති කතා මහත්මයා.. ඔබතුමා රට කරවන්න දෙන ප්ලෑන්ස් ප්‍රැක්ටිකලි කලොත් ඔය හැම ප්‍රශ්නෙටම උත්තර හදලා අන්තිමට ඒ මිනිස්සුන්ට විකුණන් කන්න දෙයක් නැති වෙනවා.
ඒ උනාට ආන්ඩුවට ඕන් නම් පුළුවන්නේ බේකරි ඔක්කෝම වහන ගැසට් නිවේදනයක් නිකුත් කරලා, ආන්ඩුවෙන් පාන් හදන්න. පට්ට ආදයමක් හෙව්ව ඇහැකි. මොකෝ ප්‍රධාන ආහාරයනේ.
Deleteඅනේ මන්දා මාතලන් උඹලා හැම එකාම මේවා බ්ලොග් වල ෆේස් බුක් එක පුරා කියවනවා. ඒත් එකෙක්වත් ඡන්දේ දෙන්න ගියාම මේවා හිතන්නේ නෑනේ.
ReplyDeleteප්‍රේමදාස මහත්තයාගේ ගම් උදාවෙන් කොච්චර නාස්තියක් වුනත් නැති බැරි බොහෝ අයට ගෙවල් හැදුනා ඇඹිලිපිටියට පුත්තලමෙන් පිඩළි ගෙනාවත්. අද එහෙමවත් වෙනවද? හැම ප්‍රජෙක්ට් එකක් අස්සෙම තියෙන නාස්තිය කොයි තරම්ද? සිටි ප්ලෑන් කියන්නේ උඩින් ලස්සන විතරක්ම කියලා හිතන වෙන හරක් නම් නෑ හිටියේම නැද්ද කොහෙද මීට කලින්.
ප්‍රේමදාස මහත්තය දැං කිරුළට කරන තරං නාස්තියක්නං කළේ නෑ වගේම හදන එකත් ඔක්කොම පහසුකං එක්ක පිළිවෙලට හදල දුන්න. දැං කාපට් කරන පාරවල් වැස්සක් වැහැපු හැටිය හෝදගෙන ගිහිල්ල අර පරණ තිබුණ පාරවත් ඉතුරු වෙන්නෙ නෑ. ඒත් අර සූරියවැව අඩි 100 පාර තවමත් අවුලත් නැතුව තියෙනව.
Deleteඅඩිසීයෙ පාර හැදුවෙනං සැටලයිට් නෝනගෙ කාලෙ. ඕක ඕපන් කොලේ අර කකුල් තුනේ ජෙනරාල. මෙලෝ රහක් නැති වැඩක් උනත් හරියට කරල තිබ්බ. ඔය පාරවල් ගැන කියනවනං, ලංකාවෙ හිටපු නගර නිර්මාණය ගැන නියම දුර දැක්මක් තිබ්බ වටින මණුස්සයෙක් තමා කළුතර චම්ලි ගුණවර්ධන ලොක්ක. මනුස්සය හැත්තැගනන් වල කළුතර නගරෙ මැදින් ලේන් හතරක පාර හැදුවම මිනිස්සු කිව්වෙ එකට "චම්ලිගෙ මෝඩ පාර" කියල. ඒත් අද මෝඩ කවුද කියල කළුතර පහුකරන ඕන එකෙක්ට තේරෙරෙනව. ඒදා වාහන අඩු, කඩ සාප්පු අඩු පාළු කුඩා ටවුමක් වෙච්චි කළුතර අනාගතේ හරියට දැකල කරපු ඒ වැඩේ නොවුනනං අද වෙනකොට කළුතර පහුකරන එක තවත් කළු වැඩක් වෙනව.
Deleteඅපේ අය්යල එහෙව් මිනිහවත් ගෙදර යවල හැත්තැ හතේදි. ඉතින් කවුරුත් අනාගතේ ගැන හිතල වැඩ කරාවිද?
උදාගම් ගැන කියනවනං, මිහින්තලේ විස්සවිද්‍යාලෙ, කතරගම පාරවල්, කොහොඹ ගස්, ඇඹිලිපිටියෙ නව නගරෙ වගේ අදටත් පවතින මහ ගොඩක් දේ එක්ක මිහින්තලේ රෙල් පාර වගේ බාල දේත් උනා. ඒත් සමස්ථයක් විදියට ගත්තම උදාගම් සංකල්පෙ සහ ඒ වැඩපිළිවෙල දැයට කිරුළට වඩා ගොඩක් ඉස්සරහින් තිබ්බෙ.
මේක දැක්කාම හිනාගියා...කකුල් තුනේ ජෙනරල් කිව්වේ අනුරුද්ධ රත්වත්තේ නේද?
Deleteඔය චම්ලි ගුණවර්ධනගේ කළුතර පාර ගැන..අපේ තාත්තලා හරියට වර්ණනා කරා. ඒවෙනුවට අද ඒ පැතිවල ඉන්නේ මාල හොරු. 77දී චම්ලි සමසමාජෙන් ඡන්දේ ඉල්ලලා තුන්වෙනි තැනට ආවා. එදා සිරිමාවෝලා ඇන් ඇම්ලා එකට හිටියා නම් ,චම්ලිලා පරදින්නෙත් නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ එදා හිටියා වගේ මන්ත්‍රීලා ආපහු කවදාවත් ලැබෙන එකක් නැහැ.
ඇත්තටම හයිවෙ හදන්න කලින් කොලඹ යනකොට මොනවෙලාවකවත් කරදරයක් නැතුව පහුකරන්න පුලුවන් එකම ටවුන් එක කලුතර.එ ඔය පාර නිසා.එක නියම බුද්දිමත් වැඩක්
Deleteදැන් මෙතන කී දෙනෙකුට උත්තර බඳින්නද මළ වදේ
Delete@ ඉල් මොන්දෝ
මචෝ ප්‍රේමදාස කියන්නේ මහින්දට වඩා තද නායකයෙක්, නියම නායක ලක්ෂණ තිබුන. රටකට අවශ්‍ය ඒ වගේ නායකයෝ. මහින්ද මහත්තයා ඇවිල්ලා හොඳ මනුස්සයෙක්. එයාට වෙලා තියෙන්නේ ඒ වෙලාවකට කෑ ගහලා කුණුහබ්බ කියලා යකා කලාට. ඒ බැනුම් අහපු එකා එක්කම ඊට පස්සෙ එකට සෙට් වෙනවා කරේ අත දාගෙන, බඩට ඇනගෙන. ඉතින් කම්බ හොරු මේ මනුස්සය රවට්ටනව. මනුස්සයෙක් වශයෙන් ඒ ගති ගුණ හොඳයි. ඒත් රටක නායකයකුට, කොම්පැණියක නායකයකුට ඒ දේ හරියන්නේ නෑ. අද රට හොර ගුහාවක් වෙලා තියෙන්නේ ඒ නිසයි.
@ ප්‍රසන්න
ප්‍රේමේ කලත් මහින්ද කලත් ඕවා නෙමෙයි කරන්න ඕන. හෙන ගහනවද ඔය සල්ලි වලින් අළුත් කැම්පස් එකක් හැදුවනම්.
@ ප්‍රසන්න
ප්‍රේමේ කලත් මහින්ද කලත් ඕවා නෙමෙයි කරන්න ඕන. හෙන ගහනවද ඔය සල්ලි වලින් අළුත් කැම්පස් එකක් හැදුවනම්.
@ ඉන්දික
70-77 වෙනකන් ඒ පාර ගදපු එක විතරක් වෙන්න ඇති කලේ. ඒක හොන්ද කොන්සෙප්ට් එකක් නම් තමයි. ඒත් ඉතින් ඒ පාරේ දෙපැත්තේ තියෙන කුණු බක්කිවලින් කකා ඉන්නවට වඩා. හම්බ කරන දෙයින් මොනා හරි කාලා ජීවත් එක එක සැපයි කියලා මිනිස්සුන්ට තේරෙන්න ඇති.
@ අරූ
77 ඔක්කෝම ගෙදර ගියේ නැත්නම් මෙලහකට මේක සෝමාලියාවටත් එහා යනවා. ලංකාව දිහා දෙයියෝ බැලුවා...
@ දමිත
ඇත්ත මචෝ කවුරු කලත් අගය කළ යුතු හොඳ කොන්සෙප්ට් එකක්..
We need leaders who plan for the future
ReplyDeleteNot for the next election as karu as recently said
ඔය කිව්වට කරූ කියන්නෙත් නොම්මර එකේ හාල් පාරුවෙක් තමයි. මෙළෝ රහක් නැති.
Deleteමම දන්න තරමින්, ලයිට් බිල මේ තරම් ගනන් යන්න ප්‍රධාන හේතුව පෞද්ගලික ඩීසල් ජෙනරේටර්. කරු මනවද ඒකට කොලේ...
නිසි පිළියම් ඕවාට යොදන්න අපේ රටේ උගතුන් ලග ඕන තරම් සිම්පල් ප්ලෑන් තියෙනවාය.....
ReplyDeleteඒවා කොරන්ට ඉඩ දෙන්නෙ නැතිය.....
ඒවා නැවතුනොත් මැති/ඇමති/නිලධාරි/ආයතන හැත්තගේ බඩ වියත් වලට හෙන ගහනවාය....
විදෙස් ආධාර ලැබුනම ඒවා උන්ගේ ඒවා විදියට දෙන්න පවා බැරි වෙනවාය.....
තව තව කරුණු කාරනා ගොඩක්ය .......
උඹටත් මචං පික්ෂුය ....
ඔන්න මේ මගුල් ලියවිල්ල නවත්තල ....ගමේ බැදපු එකීලා හිටගෙන චූ කොරද්දි ....උඹ පදුරු අස්සෙ ඉදල බැල්මට් හෙලපු කතාවක් දෙකක් ලියපන් මචෝ.... හෙක්.....හෙක්...
අනිවාර්යයෙන් ලියනවා... ලියනවාමයි...
Deleteස්වභාවික විපත් කළමනාකරණයට පියවර මේ තාක් නොගැනීම නම් අපේ දේශපාලකයන්ගෙන් වුණු ලොකුම වරදක්. හැම වසරකම ඇතිවන මේ ගං වතුර තත්ත්වය පාලනය කරන්නට ස්ථිරසාර ක්‍රම වේදයකට යන්න ඇයි මේ අය උත්සාහ නොකරන්නේ. මේකට දේශපාලුවන් වගේම අපේ විද්වත් ඉංජිනේරු මහත්තුරුත් වගකිව යුතුයි. එසේ බැරිනම් විදෙස් රටකින් හෝ ඥාණය ලබාගන පියවර ගතයුතුමයි. අතිශය සරලව මෙය විසදාගන්න හැකි යැයි යන්න මගේ විශ්වාසයයි. මේ ගැන ඉතා හොද සටහනක් ලෙනාඩ් වුල්ෆ් ඒජන්ත කාලේ සටහන් කර තිබුණා. ඒ කදුකරයට වැටෙන වැසි දිය හම්බන් තොටට ගන්නා ක්‍රමයක් ගැන.
ReplyDelete////හොද සටහනක් ලෙනාඩ් වුල්ෆ් ඒජන්ත කාලේ සටහන් කර තිබුණා. ඒ කදුකරයට වැටෙන වැසි දිය හම්බන් තොටට ගන්නා ක්‍රමයක් ගැන.//////
Deleteනලීන්....ඔන්න ඕක පෙන්නපන් කකුල් මසාජ් කරන්න ගිය වෙලාවක :D
සාටකෙන් අමුඩේ ගහගෙන හරි වැඩේ කරයි.
වුල්ෆ් ගෙ වැඩේ අඩු වියදම් එකක් ද? එහෙනම් හරි යන්නෙ නැහැ මචං.ලොකු ගාණක ආශ්චර්යයක් තියෙන්න ඕනි.එහෙම බලන කොට හම්බන්තොට වතුර කදුකරයට යවන වැඩක් කරන්න ඉඩ තියෙනවා.
Deleteනලියෝ... මටත් කියන්න තියෙන්නේ නිස්මෑන් කියපු එකම තමයි. ඒක පට්ට කියමන.. මූ නාට්ටි කාරයෙක්නේ ඒකයි.
Delete//ඒ කාළේ රූපවාහින් චැනොල් එකේ, "නන්දන වින්දන" කියා වැඩ සටහනක් ගියේය. ඒක තියෙන්නේ මාසෙකට සැරයක්ය. ඒකට කිව්වේ, "නන්දන වින්දන - මාසික විවිධ ප්‍රසංගේ කියලාය. ඕක අම්බානක ජනප්‍රිය උනේය. //
ReplyDeleteඒ කාලෙ කරපු ටිකවත් මේ කාලෙ එවුන්ට කොරගන්න බෑනෙ බොලල්ලා....
ඔටුවත් ඒ් එකාෙල් ෙම්වට දායක වුනැයි
Deleteඒ උනාට තාමත් බලන්න පුළුවන් හොඳ වැඩ අටහන් රූපවාහිනියේ යනවා, මහින්දාගමනය ගැන යන අතරේ..
Deleteහෑ… බොලවු, පැලෑන් ගහලා අරවා කරලා මේවා කරලා ගමට ගඟුල නැවත්තුවා කියොමුකො. ඊට පස්සෙ එන ඡන්දෙදි බෙදන්න අත් පත්‍රිකාවට ගහ ගන්න ෆොටෝ එකක් වත් හොයා ගන්නෙ ඉතියෝපියාවෙන්ද?
ReplyDeleteසූ ගහලා සෙනඟ දහයක් විතර වටකරගෙන ආධාර බෙදන ගමන් ගත්ත ෆොටෝ එකක් දාලා ඊට යටින් 'ගං වතුරට නොසේදුනු මනුෂ්‍යත්වය' කියලා ප්‍රින්ට් කරලා මනාප දෙතුන් සීයක් කඩා ගන්න එකටනෙ මේ මාතලන් අයියා කෙළින්න යන්නෙ. චික් විතරක්.
අම්මපා හැබෑව තමයි. මට පේන්නේ මුන් ගෙවල් හදනවා ඇත්තෙම යට වෙන තැන් හොයලා. මොකෝ ගමට යන්න බැරුව හිටපු උන්, බෝට්ටුවේ හරි ගිහින් බත් පැකට් එකක් විසි කරලා එන්න ලැබිච්ච චෑන්ස් එක නේ
Deleteපෙම්දාස්ට කොච්චර බැන්නත් උගේ ගං උදාවෙන් ණයට කිරුළට වඩා වැඩක් වූ බව පිළිගත යුතුය.මාතලන් කියා ඇති රත්නපුර නව නගරයත් එහි කොටසකි.රත්නපුර පැරණි නගරයේ වැදගත් රජයේ කාර්යාලයක් ලෙස ඉතිරි වී ඇත්නම් ඒ තැපෑල පමණය.පොලිසිය සඳහාද ඉඩමක් වෙන් කර ඇත්තේය.නගර සභා හුජ්ජ කොල්ලන්ව වතුරට සේදී ගියාට අපිට කිසිදු අමාරුවක් නැත.බස් නැවතුම,පාසල් සියල්ල ,බැංකු සියල්ල ඉවත් කරන්නට යාම තේරුමක් නැති වැඩකි.එසේනම් නගරයම අතහැර දමා යා යුතුය.
ReplyDeleteඑහෙම කලත් මොකෑ බන්. හැමදාම යට වෙලා ඉන්නවට වඩා...
Deleteනන්දන වින්දන නම් අතිම අති විශිෂ්ඨය. ඒ ගැන විතර්ක නොමැත.
ReplyDeleteපෙම්දස් සහ මිහිඳු දෙදෙනා මටනම් නිකං පොටෝ කොපි දෙකක් වගේය.
ගං වතුර ඊළඟ වසරේ සිට පැමිණීමට පෙර ආණ්ඩුවට ප්‍රී-ඇලර්ට් එකක් දෙනවාලූය. එනිසා ඊළඟ වසරේ සිට අවුලක් නොමැතිලුය. ඒ හැබැයි මේ ආණ්ඩුව තව දුරටත් මේ රමණයෙහි නොයෙදී සිටියොත් පමණය.
තව දුරටත් ආන්ඩුව රමණයේ යෙදෙනවාය. මන්ද විපක්ෂයට පාන්ඩුව වැළඳි ඇති බැවිනි.
Deleteගංවතුරෙන්න් පොලිටික්කො ලබාගන්නෙත් එක්තරා වින්දනයක් තමා..
ReplyDeleteඕකෙන් හම්බ කරන කී දෙනෙක් ඉන්නවද කියලා උඹ දන්නවද? අපිටත් ඕවා කියන උන් ඉන්නවනේ...
Deleteඅනේද කියන්නේ?, ඔය ගැන කියන්නේ මෙන්න මෙහෙමයි, ම. චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙලේ ගංවතුර හා ආපදාකලමනාකරණය පිලිබඳ අථත්හදාබැලීම සඳහා කාලගුණ විජ්ජාවේ උපදෙස්මත අපදා කළමනාකරණ මද්යත්තානය කෘතීම ගංවතුර හා නායයාම් මේ දිනවල සිදුකරන අතර එම නිසා ඒ පිලිබඳ ජනතාව කිසිදු අපහසුතාවයකට පත් නොවූ බව එම ප්‍රදේශ වල ජනතාව අප සමග ප්‍රකාශ කර සිටියාය. දශක තුනක් පුරා පවතී යුද්දය ජයග්‍රහණය කරදුන ඇති ගරු මරා විසින් ජන යහපත උදෙසා මෙවන් අත්හදා බැලීම් සිදුකරනුයේ ඉදිරි අයවැයේදී ජනතාව සඳහා යුතුකම ඉටු කිරීමටය. බ්ලා බ්ලා බ්ලා.......... සටහන මහින්ද පුකේ සුන්දර.
ReplyDeleteමම ඔය නයි ටී එන් එක බලන්නේ නෑ. මේක මතක් කලාට උඹට පින්. ආයෙත් බලන්න ආස හිතුනා...
Delete// වාර්ෂික ඉල් මහා සමරුව කියන්නේ, ඒ කාළේ ටැරොරිස්ම් කරලා, දැන් හතර පෝයටම සිල් ගන්නා සීල වියාපාරයක වැඩක්ය. // Hikzzz
ReplyDeleteඕක මොකක්ද බන් පොලිස් බළකායක් වල පල්ලට යවපු එකා...මහ එකාගේ පක්ෂේ උප සභාපති වෙලා ඉන්නේ. උගේ වම් ඇටේ මිරිකපු එකා මහා ඇමතියෙක් වෙලා හිටියේ..අර පාරවල් නොහිටින්න කොටින්ගේ නැව් ගෙනිච්ච එකා ..මහ එවුන්ගේ ඇට සූප්පන්නේ... නඩුත් නැතිව නඩු බලවනවා කියන්නේ ඕවාට තමයි.
DeleteHikz.... :) :) :)
Deleteප්‍රශ්නේ වෙනකම්ම ඉන්නවානේ විසදුම් හොයන්න.විසදුම ක්‍රියාත්මක කරන්න හදන කොට ආයෙමත් පායනවා.ඉතින් එකත් එහෙම්ම යනවා.
ReplyDeleteඅනිත් දේ තවම ගෝඨාටත් බැරි වෙච්චි හැඩයි.අලුතින් නගර නිර්මණය කරනකොට,සංවර්ධන ව්‍යාපාති හදන කොට අනිවර්යෙන්ම මේ ගංවතුර බැස යෑමේ නිසි ක්‍රම වේද ඒවාට ඇතුලත් කරන්න ඕනේ.දැක්කනේ අධිවේගේ යට වෙලා තියෙන යටවිල්ල.
මෙහෙමයි මචෝ තනි පුද්ගලයකුට හැම දේම බලන්න බෑ. වැඩේ බාරගන්න උන් සක්කිලි වැඩ කරනවනම් ඒවාට පියවර ගත යුතුයි. මොකෝ මේවයින් නරක නාමේ එන්නේ ඒ අයටමයි. දාලා අවුරුද්දක් යන්න ඉස්සර ගැලවෙනවා නම් මොකක්ද ඒ සංවර්ධනේ...
Deleteඑක හරි මචං,එත් හැම හොඳ දෙකම Credit එක ගන්න හොඳයි නම් ,මේ වගේ දේවල් වල වගකීම භාර ගන්නත් වෙන්නේ එයාලාටම තමයි.
Deleteඇවිත් ගියා
ReplyDeleteස්තූතියි..
Delete////Urban planning (urban, merged urban regions, regional, city, and town planning) is a technical and political process concerned with the use of land and design of the urban environment, including air and water and infrastructure passing into and out of urban areas such as transportation and distribution networks. Urban planning guides and ensures the orderly development of settlements and satellite communities which commute into and out of urban areas or share resources with it. It concerns itself with research and analysis, strategic thinking, architecture, urban design, public consultation, policy recommendations, implementation and management.[1]////////
ReplyDeleteනගර සංවර්ධනය ගැන විකිපීඩියා එක කියන්නේ ඔන්න ඔහොමයි...
මොකෙක් හරි ඉඩමක් ඉල්ලුවාම ඒකට කොමිස් ගනන් හදලා, ඉන්න එවුන් තවත් වගුරුබිමකට දාලා., එතන බිල්ඩිමක් ගහන එක තමයි අපේ ටවුන් ප්ලෑනින්.
අපිට වෙලා තියෙන්නේ කිසිම දේකට ප්ලෑනින් නොමැති වීම..
Deleteමචංලා..ඇත්තටම එකපාරට නොපෙනුනාට 2017 වෙනකොට ඉවරවෙන වර්ල්ඩ්බෑන්ක් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් එකක් දුවනවා මේ දවස්වල හරි පිලිවෙලකට...ප්‍රොජෙක්ට් එකේ නම මොකක් උනත් ඒකෙන් කෙරෙන්නේ කොළඹ නගරයේ ගංවතුරින් වෙන හානිය නවතන එක.
Deleteඅපි සාමාන්‍යෙන් ඕනම දේකට කෑගහ ගහ බනිනවා ඇරෙන්න පොඩ්ඩක් හොයලා බලන්නේ නෑ නොව..
ප්‍රොජෙක්ට් එක පොලිටිකලි හෙන කේස් එකක් ආණ්ඩුවට මොකෝ චන්ද ගන්න ඉන්න ඈයොන්ට දුර පේන්නේ නැති නිසා...වැඩිය ලියන්න ඕනි නෑ උඹලා දන්නවා මොකක් ගැනද මම ලියන්නේ කියලා..
විස්තර ඕනි නම් මේලක් විදපන්...
චෙෆා කියන කතන්දරේ මම දැක්කා පත් බෝඩ් එකක ගහලා තියෙනවා. හැබයි ඔය කතන්දරේ ගහලා තියෙන්නේ පොඩි අකුරෙන් ඉන්ගිරිසියෙන් විතරයි.
Deleteඒකට හේතුව තමයි මම කිව්වේ..ඔහොම බයේ බෑ බං වැඩකරන්න....දැන් කොහොමත් බයවැඩිවෙලා....
Deleteඑස්.බී සතියක් තුළ පචවන දෙවැනි අවස්ථාව හෙට අනිද්දා ම උදා වන්නේය. ඒ සම සෞඛ්‍යයෙන් පචවුණ එස්.බී රුහුණු සරසවියෙන් ද පචවනු නිසැකය. රුහුණේ ඇමති රැළට ද නියමය... අපිට හරිම සතුටුය... අනුරාධපුරයේ ඔය කිරුළ කළ ද ඉන්පසු ව එහි වුණ දෙයක් නැත... එහි තිබූ සියල්ල ගලවාගෙන ගොස් එය හමාර කළේය.. ඉතින් නුවර ද පල්ලේ කැලේ වුණ දෙයක් නැත. කෝටි ගණන් වැයකොට ආතල් ගත්තා පමණි. ඉතින් රුහුණ විශ්ව විද්‍යාලය කෑමට ශිෂ්‍යයන්ට කිරුළක් අලුතෙන් ගෙන ඒමට අවශ්‍ය නැත. කිරුළ දාගත්තු මී හරකා නියමෙට නටන්නේ ය. එනිසා හෙට අනිද්දා ම ඔහු රුහුණට පමණක් නොව විශ්ව විද්‍යාල පද්ධතියට ම කිරුළ දමනවා නිසැකය....
ReplyDeleteළොක්කාගෙන් අම්බානක අසා ගත්තා කියා ආරන්චිය. මට පේන්නේ අජ්ජාපනේ බාර හැම එකාම උමතුසං වරුසාවට තෙමිලද කොහෙද?
Deleteහෙට අනිද්දා එලිපිටම බලාගන්න පුලුවන්වෙනවා කියා සිතෙනේය..
Deleteනන්දන වින්දන බලන්න ටොච් ගහගෙන ගෙවල්ගානේ ගියා පොඩිකාලෙ.ගන්වතුරනම් මොනවද මාතේ දවස් දෙකක් පායපුවම ඉවරයි.මැරුන එවුන්ට 25000 ගානෙ විතර වන්දි දුන්න වැඩෙ ඉවර කලෙ එච්චරනෙ හරි සිම්පල්
ReplyDeleteසමහර උන් බලාගෙන ඉන්නේ ගංවතුර එනකල්.. ඒකත් ඇත්ත...
Deleteඅම්මෝ ... නන්දන වින්දන තිබුනේ අපි චුටි කාලෙනේ...... එකෙන් තමයි අපි සජීවී සින්දුවක් ඇහුවේ, ගායකයාගේ මුන් බලා බලා . ඒක මතක් උනේ ඔබතුමාට ගංවතුරත් නන්දන වින්දන වගේ නිසාද....?
ReplyDeleteඔන්න මං දැක්ක දැන් කැලණිය පැත්තේ මෙවින් අන්කල් සැප දුක් හොයන්න ගිහින්. එච්චරනේ අපට ඉන්නේ.
අපේ ලොක්කා අපි ගැන හොයා බලනවා. සමහර පැති වල වතුර බහිනත් දඩි බිඩි ගාලා වැඩ කලා අපරාදේ කියන්නේ...
Deleteනැව ගිලුනත් ගැට්ටේ බජව්....
ReplyDeleteගැට්ට කිව්වේ අර ටයිටැනික් එකේ ජෝඩුව කුරුල්ලො යන තැනද?
Deleteදැයට කිරුල පිටිපස්සෙ ඉන්නෙ, මොංගල් පොරක් නේ.
ReplyDeleteඑහෙම වෙන්ට ඕනා.. නැත්නම් ඉතින් එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක් කොරයිය.
Deleteනන්දන වින්දනයෙන් පටන් ගෙන ගං වතුරෙන් ඉවර වුණේය.නන්දනලා නම් නම් ඇති අය ඉද හිට හෝ හමු වුවත් අද වන විට වින්දනයනම් තුට්ටුවට බැස ගොස් ය.මෙවැනි ලිපි පුවත් පත් වලට අරුචි වන තරමට පත්තර කලාව තිත්ත වී ඇති අතර අද පත්තර රසය නවතින්නේ නයි නළගනගේ රෙද්ද අස්සේය.ගං වතුරට රටම යට වුව ද ජනමාධ්‍ය නළගනගේ බබා ලැබුණු හැටි හොයන්නට යන්නෙ ඒ දරුවා දෙවියන් වහන්සේගෙන් ලැබුණු එකෙක් දැයි සොයන්නට මෙන්ය.මේවා දකින කොට නන්දන වින්දන කරපු අබේවර්ධන බාලසූරියට නම් සතුටු ඇත.ඒ මේවා සැබෑවට නොදකින්න මරුණු එක ගැනය
ReplyDeleteඅනිවා
Deleteමට මාර ආසාවක් තියෙනවා. බ්ලොග් එකක කියන්න බෑ. අහු උන වෙලාවක අහපන් මම උඹට කියන්නම්..
Delete++++++++++++++
Delete+++++++++++++
Deleteවහින කාලෙට වඳුරෝ හිතනවා ගෙවල් හදන්න ඕන කියලා , වැස්ස ඉවර වුනාම උන්ට ඒක මතක් නෑලු .
ReplyDeleteඅම්මට බොල... ඒ කියන්නේ තාම පරිණාමය වෙලා නෑ.. එතකොට... ඉඳගෙන..
Deleteගංවතුර ආධාර, නියං සහනාධාර කියන වචන අපේ ශබ්දකෝෂයට එකතුවෙලා දැන් සෑහෙන කාලයක්නේද? එක කාලයක් ඔය සහනාධාර වැඩේ කොච්චර අකාර්යක්ෂමද කිව්වොත් ගංවතුරේ වහලේ උඩ නැගගෙන ඉන්න උන්ට පහුගිය නියං සහනාධාරේ බෙදා දෙන සීන් තිබුණා.
ReplyDeleteඋඹ ඔය විස්තර කරන කැළණි ගඟේ ජලගැල්ම අපේ ජීවිතයෙම කොටසක්. අපි බියගම පාරේ යනකොට පෑලියගොඩ ඉඳලා කැළණියෙනුත් හුඟක් එහාට යනකල් බැඳපු බන්ඩ් එක පේනවා වරින් වර. බන්ඩ් එක නැති බියගම, මල්වාන, ගිරිදර පූගොඩ හැමදාම යටවෙනවා ඉස්සර. ඔය හයිලෙවල් එක හැදුවෙත්, ලෝ ලෙවල් එක ගංවතුරට යට වෙලා රත්නපුර පැත්තට යන්න බැරි වෙන නිසානේ. ඒ ඔය ගන්නේ අනිත් ඉවුර.
පස්සේ පස්සේ, ගංවතුර කියන එක ඒ තරම්ම නිතර දකින්න නොලැබෙන දෙයක් වුනා. එකක් වැස්සේ ප්‍රමාණය වෙන්න ඇති. අනික වැලි ගොඩ දැමීමට ගඟ හාරලා ගඟ ගැඹුරු වීම කියලා සමහරු කියනවා. අනික පාරවල් ටික ටික ඉස්සීම.
කොහොම හරි, ඔය කැළණි ගඟේ බන්ඩ් එකේ ගෙවල් හදාගැනීම ගැන නම් බලයේ හිටපු හැම ආණ්ඩුවෙම වැරැද්ද. ඕක අපි ඉස්සර ඉඳන්ම දකින දෙයක්. මිනිස්සු අනවසරයෙන් පදිංචි වෙනවා. නමුත් එයාලා සපෝර්ට් කරන ආණ්ඩුව ඒ මිනිස්සු එලවන්න උත්සාහ නොකර එතන මුල් බැහැගන්න දෙනවා. ඒ එක්කම එතන ඉන්න ඉඩ දීම චන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් වෙන අවස්තාත් තිබුනා. කොහොම හරි ඔය පාරේ නිතරම ගමක් කරන අපි දකිනවා මුලින්ම බිත්ති හැටියට ගෝණි ගහපු අට්ටාලයක් මතුවෙනවා. පස්සේ ලෑලි ගහලා ටිකක් ඒක ටිකක් එක විදියක් වෙනවා. ටික කාලෙකින් බ්ලොග් ගල් වලින් බැඳපු ස්ථිර බිත්ති මතුවෙනවා, ටකරං, ඇස්බැස්ටෝස් වහල එක්ක. ටික කාලෙකින් එතන අනවසර නිවාස සංකීර්ණයක්. හුඟක් තැන්වල කතාව ඕක නේද? නියපොත්තෙන් කඩන්න හැකි දේ...
හරියට හරි මචෝ... ඕක තමයි කරුමේ.. කිසිම සැලැස්මක් නැති සංවර්ධණය.. උඹලගේ පැති යට උනාට. අපේ පැති යට උනේම නෑ.. ඒත් අපේ ගෙදරට දෙසරයක් තුන් සැරයක් වතුර දැම්මා මේ මෑතකදි. හේතුව වගුරු බිම් පිරවීම සහ. කටුනායක අධි වේගේ. අපි ගේවල් විකුණලා දැම්මා අන්තීමෙදි.
Deleteදැක්කනේ වනාතමුල්ලේදි උනදේ ගෙවල් දෙන්න ගිහිල්ලා....සම හරක්ට තාම තේරෙන්නේ නෑ සංවර්ධනය කියන එක එක් රැයකින් ලබාගන්න අත්විදින්න බැහැය කියන එක..
Deleteටීවී එකේ බ්ලොග් ගලක් තනි අතින් උස්සගෙන ප්‍රමිතිය ගැන කථාකලා ජෙප්පෙක්..හැබැයි එකෙක්වත් කිව්වේ නෑ ඒවා ෆාස්ට්ට්‍රැක් කන්ස්ට්‍රක්ෂන් වලදි ජාත්‍යන්තරව පාවිච්චිකරන ලයිට් වෙයිට් බ්ලොක්ස් කියලා...අන්තිමට චන්දෙනුත් කෙල උනානේ...
වැඩිය ඕනෙ නෑ. හැමදාමත් යටවෙන...යට උනාම දුම්රිය සංඥා පද්ධතිය ඇණ හිටින, ඒක ඇණ හිටියාම කාර්යාලීය දුම්රිය ටික එක පෝලිමට මග රස්තියාදුවෙන, රාගම දුම්රිය පොලේ ගැටලුව විසදගන්න තමා බෑනෙ.
ReplyDeleteපොඩි විසඳුමක් තියෙන්නේ.. අර රේල් පර උඩින් පාර දැම්මා වගේ. රේල් පාර උස්සනවා ඒ පාලමෙන් උඩට.. සමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ ඒවා නිසා කිව්වේ...
Deleteමාතලං මල්ලි මේ මඟුලක් කතා කරනවා. හිඟන්නගෙ තුවාල හොඳ කරගත්තාම කොහොමද හිඟාකන්නෙ ? අහවල් එක පෙන්නලාද ?
ReplyDeleteඔය නන්දන වින්දන නම තමයි අපි අපේ බොසාගෙ මාසික රැස්වීමට තිබ්බෙ,. ඔක්කොම ප්‍රශ්න අහනවා සාකච්චා කරනවා.. වෙන මඟුලක් නෑ. ඊලඟ මාසෙත් එව්වාම සාකච්චා. මං බොසා උනාම නන්දන වින්දන නතර කලා. මං කලේ එක එක අංශ වෙනම අරන් උන් ඉන්න තැනට මං ගිහින් කතා කල එකයි..
එළකිරි මචෝ. ඉස්සර ලලිත් කොතලාවල එක්ක තියන මීටින් වලට මම කිව්වේ, මහිලා සමිතියේ රැස්වීම කියලා. පොඩි උන් වගේ අත්පොඩිත් ගහනවා. ඒකනේ කෙල වෙලාම ගියේ.
Delete