.

.

Jun 19, 2014

සප් එකක් දෙමු....! - Friends are Forever.....!


ඔව්.., මේ ගැන කලිනුත් ලිව්වා තමයි. ඒත් ඒ ලියපු එක ඩිලීට් කරලම දැම්මා. මම හිතන්නේ මම කරපු එකම වැරද්ද, නිශ්මෑන්ට පෙන්නන්නේ නැතිව ඒක පබ්ලිෂ් කල එක.

ඒ වැරද්ද මිසක් වෙන කිසිම වැරද්දක් ඒ ළිපියේ නෑ. මම මට හිතෙන අවංක හැඟිම ලිව්වා. ඒක අගය කරපු කීප දෙනෙකුත් උන්නට, වැඩි පිරිස ඒකට අකමැති උනා.

ඒත් සප් එකක් දෙන්න හිටපු කීප දෙනෙක්ම, මට පෞද්ගලිකව දොස් කිව්වා. විස්තර හොයාගන්න බැරි වීම ගැන. ඒ අස්සේ නිශ්මෑනුත් කියනවා පොඩී ගානක් ඇවිත් තියෙනවා, ඒ අයට ස්තූති කරන්න ඕන කියලා.

එළ බුවාලා සහ බුවීලා කීප දෙනෙක් නිශ්මෑන්ට උදව් කරන්න ලෑස්තියි..

කළින් ලිපිය නොකියවා. මේක කියවන එකෙක් හිතයි මොනවද මේ යකා ලියලා තියෙන්නේ කියලා..

නිශ්මෑන් කියන්නේ මම කියන නම. ඒත් උගෙ නම නිස්මං රණසිංහ. ජඩ මාද්දියවේදියෙක්.. නාට්ටි කාරයෙක්.. පත්තරේ ලියන්නේ ක්‍රීඩාව ගැන.. ඒත් ඌ නාට්ටිත් හදනවලු.. නාට්ටියේ නම "ගැලවිජ්ජාව"..

ඉතින් අපිට පාන්ද...? හ්ම් ඒකත් ඇත්ත.. එහෙම නෙමෙයි.. මූ මේ නාට්ටි කොරන්නේ බොහොම අමාරුවෙන්. නාට්ටියට වියදම් වෙන නිසා.., පෞද්ගලික ප්‍රශ්න කීපයකුත් තියෙනවලු..

මම මූට සප් එකක් දෙන්න හිතුවේ.. මූ බ්ලොග් කාරයෙක් නිසා..

බ්ලොග් එකේ නම "කෙනිත්තුන හා කෙනිත්තුව විට අවදි වුණු චින්තනය.." බොහොම අපූරු බ්ලොග් අඩවියක්..

අපේ උන්, අර "රාවය" ගොඩ ගන්නත් මිලියන් ගනනක් දුන්නේ. ඇයි එතකොට අපේ ගොම්මන්පිල මහත්තයටත් මිලියන තුන හතරක් දන් දුන්නේ..

අපේ කස්ටිය, දනට පිනට, උදව්වට උපකාරයට කැමති උදවිය නේ.., ඉතින් පුළුවන් විදියට අපි ඌට සප් එකක් දෙමු..

හැම වත්කමකටම වඩා ළොකුයි හිතවත් කම..

එහෙම හිතවත් කමක් ගොඩ නගාගෙන,වචනෙකින් හරි සප් එකක් දෙන්න.

මෝබයිල් -  0773 815 999
ඊ තැපෑල - nismansinghe@gmail.com

හැකිනම් කික් එකක් දෙන්න,මේන් එකවුන්ට් එකේ විස්තරේ

R.M.N.M රණසිංහ
ලංකා බැංකුව නිදහස් චතුරස්‍ර ශාඛාව
ගිණුම් අංකය 70991900

ආයෙත් මේක දාපන් කියපු හැමෝටමත්..., සප් එකක් දෙන්න ඉදිරිපත් උන් ඔක්කෝටමත්..., වැරද්ද පෙන්නපු බොක්කවල් වලටත්...ගානක් හම්බ උනා කියපු නිශ්මෑන්ටත්..., බොක්කෙන්ම ස්තූතියි..

තොරණේ විස්තරේ සම්පූර්ණයෙක් දැනගන්න, මේතනින් ගොඩවෙන්න.

(නිශ්මෝ... වැඩියෙන් ආවොත් කියහන්.. මම,මගේ එකවුන්ට් නම්බර් එක දෙන්නම්....)

වටරැකගේ ඇට දෙකට කෙල උන නිසා... මාතලන් ටික දිනකට වහන් වෙනවෝ...

34 comments:

  1. මේකට කොමෙන්ටුවක් දාන්න කලින් මට හරියටම සුවැර් කර ගන්න ඕනා මේකත් මකන්නේ නෑනේද කියලා ..... (මැකුවොත් හිරේ)

    ReplyDelete
    Replies
    1. ද ෂුවර් කරගෙනද ඔය දැම්මේ ?

      Delete
    2. මැකුවොත් හිරේ...

      Delete
    3. ඒඩ්ස් මාරාන්තියකි මැකුවොත් හිරේ..

      Delete
    4. දැන් සුවැර් නිසා දාපිය කොමෙන්ටුව. හැක්. :D

      Delete
    5. ඔන්න මාත් කොමන්ට් එකක් දාගත්තා :D

      Delete
    6. මටනම් තාම සුවර් නෑ ..... පල්ලෙහා තිබ්බ ඇනෝ කෙනෙක්ගේ බෙට්ටකට පයින් ගැහැව්වා විතරයි එකත් නෑ

      Delete
  2. යන්තං ඇති ඩිලීට් කරන්න කලින් කියවගත්තා :P

    ReplyDelete
    Replies
    1. මේකට එහෙම වෙන්නේ නෑ මචෝ.. ඔන් ඇපෲවල්...

      Delete
  3. යැව්වා.. මේ නමෙන් නම් හොයන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. නිස්මෑන් කිව්වා ගානක් ඇවිත් තියෙනවා කියලා.. තෑන්ක්ස් මචෝ...

      Delete
  4. Replies
    1. මේක නම් අරූගේ වැඩක් වෙන්න බෑ..

      Delete
  5. මතලියෝ ඔය මගුල් පිං පත්තර වලින් වැඩක් නෑ.
    බොගෙ අලුත්ගම නාට්ටිය විස්ලේසනය ලියාපිය ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. මේවත් වෙන්න එපාය බොලල්ලා...

      Delete
  6. අඩෝ මාතලන් මම ඊයෙ රෑ හීනෙන් උඹත් එක්ක බිව්වා , අර කැළණියෙ ගුවන් පාලම අයිනෙ තියෙන රෙස්ටුරන් එකේදි.
    අම්මප උඹ අල බෝලෙ වගේ ඉඳගෙන

    ReplyDelete
  7. ලබන සතියේ වැඞෙි කරන්නම්

    ReplyDelete
  8. දෙකම කියවීමට තරම් පින් කර තිබේ. :)

    ReplyDelete
  9. හම්මේ ටක් ගාල කියෝල සේව්කරගත්ත ඩිලීට් කොරන්න කලින්. :P

    ReplyDelete
    Replies
    1. මේක නම් ඩිලීට් වෙන්නේ නෑ පැත්තක එල්ලනවා නිස්මෑන් එපා කියනකන්..

      Delete
  10. හැකියමක් කරන්නට උත්සහ කරන්නෙමු............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කුරුටූ

      Delete
  11. ඒකනෙ කියන්නෙ, අපරාදෙනෙ කලින් එක ඩිලීට් කලේ. කොහොම උනත් කමක් නෑ මාතලන් අයියෙ, මේ ලියපු ටික කලින් එකට වඩා නිර්වුල්, පැහැදිලියි, වෙන්නෝනි දේ පැහැදිලියි. කලිං වතාවටත් වඩා දෙයක් මේ වතාවෙ කරන්න පුලුවන් වෙයි ඔහු වෙනුවෙන්.

    මහා පරිමාණෙන් නොවුනත් සුලුවෙන් හරි යමක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්

      Delete
  12. පේෂන් කියල එකක් තියේය. ඒක ඩිංගක් තියාගත්ත නං අගනේය..

    ReplyDelete
    Replies
    1. කෑනොගහ උදව් කරපිය මේ කොල්ලට. ගල් බෝතලේක ගාන එවපන් මචෝ ඒ ඇති.

      Delete
    2. ඉතින් දේශකයො ඔබතුමාගෙ පෙන්ෂන් එකෙන් ටිකක් හරවමුකො.

      Delete
    3. කොහෙද බං තියෙන්නේ.. කීයක් වෙනවයි...

      Delete
  13. මාතලන් ලියපු පරණ එක මම දැක්කෙත් නැහැ.උෘ ලිව්ව කිව්වා ඇරෙන්න විස්තර කිව්වෙත් නැහැ.කොහොම හරි මේ වගේ සටහන් නිසා මට මගේ නිර්මාණයෙ අයිතිකාරත්වය බෙදා දෙන්න සමත් වෙලා තියෙනවා තිහිප දෙනෙක් අතරේ.වගකීම වැඩියි.කලාකාරයාට ඒ වගකීම තියෙන්න ඕනි.මේ සටහන් නිසා හුග දෙනෙක් උදව් කරන්න ඉදිරිපත් වුණා වචණයකින් හරි.ඒ අයගෙ සෙනෙහසෙන් තමයි මේ දවස්වල පුහුණුවීම් වලදී අපේ නාට්‍ය කණ්ඩායමේම වෙහෙසට කහට උගුරු වලින් උගුරු තෙමුණෙ.ඉතිං ඒකට ස්තූතියි.අගෝස්තු 7 - 8 බස්නාහිර පළාත් සෞන්දර්්‍ය නිකේතනයෙ නාට්‍ය පැවත්වෙනවා.එහි සභාපති මධුමාධව කලාකාරයෙක් හැටියට වගේම මිත්‍ර සමාගමයෙන් ඇති වුණු බැදීමත් එක්ක 6 වෙනිද ආලෝක පුහුණුවටත් එක්කම හෝල් එක දවස් තුනට දෙන්න නියමිත ගාණ අඩු කරල දීල උදව්වක් කරන්න බලනවා කිව්වා.බලමු ඉදිරියෙදි නාට්‍යයෙ ප්‍රදර්ශන අවස්ථාව තීරණය කරන්න මේක හේතුවක් වෙයි.කොහොම හරි කරමු කියලා කියන දෙනාගෙ හයිය වචන වලින් වගේම ආර්ථික වශයෙනුත් මාව ශක්තිමත් කරනවා.ඒ විශ්වාසයත් මට ලොකු හයියක්.නොපෙණෙන අන්තර්ජාලය හරහා බැදි හාද කමේදී මිනිහෙක්ට උදව කරන්න හිතෙන විශ්වාසය දිනා ගන්න අමාරුයි.මම මාතලන් අරූ කතන්දරකාරයා වගේම මුහුණුපොතේ සහෘද කණ්ඩායමේ ඇතැම් සහෘදයන්ගේ මැදිහත් වීමත් එක්කත් ඒ විශ්වාසයට ආදරයට පාත්‍ර වෙලා තියෙනවා යම් තරමක.

    ලබන සතියෙ උඹලගෙත් දහදිය වැටුණු නාට්‍යයෙ ප්‍රදර්ශනයෙදි කොහොමද ප්‍රවේශ පත්‍රයක් ගන්නෙ කියන එක කියන්න මම එන්නම්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න