.

.

Jun 4, 2014

සචිත්‍ර සේනානායක, මාස්ටර් බාස්ටඩ් හා මහත්වරුන්ගේ ක්‍රීඩාව - Sachitra, Master Bastard & Cricket


ක්‍රිකට් ගැනම ලියාපු, ක්‍රිකටර්ස්ලාත්, ඉඳලා හිටලා ක්‍රිකට් ගැන ලියාපු, බුවාලත්, දැන් බ්ලොග් ලියන්නේ නැති නිසා, ඒ මළදානේ ගැන ලියන්න වෙලා තියෙන්නේත් මාතලන්ටමය. හිතවත් උන්, "ටිකිරා" ගැන ලියන්න කියන අතරේ, තව උන් ටිකක් කියන්නේ, රටේ ළෝකේ විස්තර ලියන්න කියලාය. ඇත්තටම එහෙම ක්‍රිකට් ගැන ලියන්න, කේස් එකක් මතු වෙලාය. එහෙම කියපු ගමන් ඔහේලා හිතන්නේ, රුහුණු කැම්පස් එක ඉස්සරහා ක්‍රිකට් ගේම් එක ගැන, කතා කරන්න යනවා කියලා වෙන්න ඇතිය. ඒක ගැන පස්සෙ කතා කරන්නපුළුවන්ය. අද කතා කොරන්න යන්නේ ක්‍රිකට් ඇවිල්ලා ජැන්ටල්මෑන්ලාගේ කේස් එක කියන සීන් එක ගැනය.

ඊයේ…, සචිත්‍ර සේනානායක බට්ලර් අවුට් කරපු විදිය ජැන්ට්ල්මන් ක්‍රමය නෙමෙයි කියා එංගලන්තේ පත්තර කාරයොයි, විස්තර විකාරකයොයි, බ්ලොග් කාරයොයි ඔක්කෝම, පතුරු යන්න දෙනවාය. එතකොට ඒ මහත්තුරුන්ගෙන් අහන්න තියෙන්නේ, හරි..., අපි කියමුකො ඒක ජැන්ටල්මන් ක්‍රොමේ නෙමෙයිය කියලා. එතකොට අර ඊට පස්සේ, සචිත්‍ර බෝල් කරන කොට ඉන්ගිරිසියෙන් "හූ" කියපු උන්, ජැන්ටල්මන් ඇන්ඩ් ලේඩිස්ලාද කියාය.

මෙන්න නීතිය, ඕකේ ලියලා නෑ මනුස්සකම් බලන්න ඕන, කැප්ටන්ගෙන් අහන්න ඕන කියලා. අම්පයර් නීතී දන්නෙ නැතිව ඇති.
බට්ලර් කාරයා බෝලේ දාන්නත ඉස්සෙල්ලා, යාර 2 ක් විතර ක්‍රීස් එකෙන් එලියට යනවාය. ඕක දැකපු සචිත්‍රයා බට්ලර්ට වෝනින් එකක් දුන්නේය. ඒත්..., ඌ ඒක සත පහකට මායිම් නොකලේය. ඊට පස්සෙ සචිත්‍රයා කරේ, ක්‍රිකට් නීතී පොතේ තියෙන වැඩේය. ඕන නම් සචිත්‍රයාට වෝනින් එක නොදිත් ඒ දේ කරන්න තිබුනේය. නමුත් අපේ එකා එහෙම වැඩක් කරේ නැතිය. අම්පයර් හිටපු එකා , ක්‍රිකට් නීතී දන්නේ නැති හරකෙක්ය. ඌ ගිහින් මැතිව්ස්ගෙන් නීතිය අහගෙන ඇවිත්, ඇඟිල්ල උස්සනවාය. එහෙම නීතී දන්නෙ නැති උන්, මැච් වල අම්පයර්ලා කරලා එව්වාට, කිසි කේස් එකක් නැතිය. ක්‍රිකට් නීතී රීතී අනුව බට්ලර් අවුට්ය.

මුන් කියන් විදියට, හදිසියේ හෙල්මට් එක විකට් එක උඩට වැටිලා අවුට් උනොත්, මනුස්ස කම සලකා ආයෙත් අරූට බැට් කරන්න දෙන්න ඕනාය. ඉස්සර අපි ක්‍රිකට් ගහන කාලේ නම්, පළවෙනි බෝලේන් අවොට් උනාම ආයේ ගහන්න දෙනවාය. දැන් මේ සුද්දෝ කියන්නේ, ප්‍රොෆෙනල් ක්‍රිකට් ගහන්නේ නැතිව, කඳුරු බෝල ක්‍රිකට් ගහමු කියලාය. ඔය ඔක්කෝම වෙලා තියෙන්නේ වෙන ඉටි ගෙඩියක් නිසා නෙමේය. සචිත්‍රයා විකට් ගන්නා නිසාය.

පළවෙනි මැච් එකේ රන්ස් 30 ට විකට්ස් 3 ක් ගත්තේය. (30/3) ඊළඟ එකේ රන්ස් 13 ට විකට්ස් 4 ක්ම ගත්තේය. (13/4) සුද්දන්ගේ පුක පත්තු උනේය. අම්මට බොල, මේ මූසල හැත්තට තව මුරලියෙක් සෙට් වෙලා නේද යකෝ කියා, ඇට බිමට වැටුනේය. ඊළඟ මැච් එක පොරි හැලෙන්න කාපු නිසා, අවුලක් උනේ නැතිය. ඒත්... ඊට පස්සෙ එක අපි දිණපු නිසා, මුන් ලෙඩේ ඇද්දේය. 

ඒ වෙනකොට සීරීස් එකේ හොඳම බෝලර් සචිත්‍රයාය. හොඳම ඉකොනොමි රේට් එක තිබුනේත් ඌගේය. පර සුද්දෝ කරේ අපිට ගේම අදින එකය. ඕක ඔය අම්පයර් වේසාවෝ දෙන්නාගේ වැඩක් විතරක් නෙමෙය. ඉන්ටර්නැසොනල් ගේම්ය. ඇත්ත වසයෙන්ම කියනවා නම් නියම බටහිර කුමන්ත්‍රණ කියන්නේ මේවාය. මොකෝ දකුණු කොරේ තිබුනත්, ඔට්ටේලියාවේ ඉන්නේත්, බටහිර උන් නිසාමය.

බලන්න, බට්ලර් කොච්චර දුරද ඉන්නේ කියලා... මොකක්ද මේකේ තියෙන, මහත්මාකම..

ඔය මැච් එකේ හිටපු අම්පයර් මහත්තුරු දෙන්නාම, මීට කලින් කොලේ ඉරාගත්ත උන් දෙන්නෙක්ය. "මොරිස් එරාස්මුස්" කියන එකා, අම්පයර් වැඩෙන් අයින් කොරන්න ඕන කිව්වේ අපි නෙමේය. බොදු ගොවි සුද්දෙක් වන, "ජෙෆරි බෝයිකොට්ය". ඔය යකා කීප සැරයක්ම හොර අවුට් දීලා, කාඩ් කුඩු කර ගත්ත එකෙක්ය. අනික් එකා "ඉයන් ගුල්", ඌ කියන විදියටම ඌ නියම සුද්දෙක්ය. නියම සුද්දාට කළු උන් පේන්න බැරිය. අනික නොම්මර එකේ හොර අවුට් දීලා නෝන්ඩි වෙලා ඉන්න එකෙක්ය. එතකොට මේකා ඉන්ටර්නැෂනල් මැච් 50ක් ගහනකන් හිටපු අම්පයර්ලා අන්ධයෝ වෙන්න ඕනාය.

මුන් බැලුවේ, අපේ උන්ගේ මොරාල් එක බින්දුවට බස්සා, අන්තීම මැච් එක දිනන්නය. නොම්මර එකේ පර සුද්දෙක් වන, "මයිකල් ඇතර්ටන්", "ඇන්ජෙලෝගෙන්" අහන්නේ, සචිත්‍රගේ කේස් එක, කණ්ඩායමට බලපානවාද කියලාය. (මගෙන් ඇහුවා නම් කියන්නේ බලපානවා නේන්නම් හුත්තෝ, ඕකත් අහන්න දෙයක්ද කියලාය.) කොහොම හරි, ඇන්ජලෝ අරූගේ කනටම ගසන්නේය. ඇන්ජලෝ කියන්නේ "සම හරක්" රටවලදි, අපිට මේ වගේ ඒවට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක් නිසා, අපි ඒවා ගනන් ගන්නේ නෑ කියාය. අරු පුක නැතිව, මාරු වෙලා යනවාය.

ක්‍රිකට් මහත්තුරුන්ගේ ගේමක්ය, ක්‍රිකට් උන්ගේ ගෙමක්ය කියන මහත්තයලාගේ, සක්කිලි වැඩ එහෙමය. ඔය පඩත්තලයන් මැද්දේ අපේ "ර්සල් මහත්තයා", ගානට අරුන්ගේ කන් ටික අත ගෑවේය. එහෙම කරන්න පුළුවන් සැබෑ මහත්වරුන්ට විතරමය. එහෙම නැතිව. "පස් කමින් අවුට්.." කියන ගොබ්බ විචාරකලාට, ඒ වගේ වැදගත් විදියට රිටන් එක දෙන්න බැරිය. රසල් ගැන වැඩිය ලියන්න යන්නේ නැත්තේ එකෙක් රසල් ගැන ඉතා හොඳ ළිපියක් ලියලා තිබුන නිසාය. ඒක ඕන එකෙක් ඉන්නවානම් මෙතනින්ගිහින් බලා ගත්තාට සුද්දන්ට වගේ මගේ මල පනින්නේ නැතිය.

ක්‍රිකට් මහත්වරුන්ගේ ගේමක් කිව්වට, ඔය මහ රටෙයි, ඔස්ට්‍රේලියාවෙයි ඉන්න පර සුද්දෝ වැඩි දෙනෙක්, පඩත්තල වේසිගේ පුතාලාය. (දුවලා ගැන කීමට, එයාලාගේ වැඩ හරියට දැකලා නැතිය.) උන් කරන සෙප්පඩ විජ්ජා, අපි හොඳට දැකලා තියෙනවාය. දැන් බලන්නේ පරීක්ෂණේ තියලා. සචිත්‍රයාට ලංකාවේවත් ක්‍රිකට් ගහන්න බැරි සයිස් එකට ගේම දෙන්නය.

ජැන්ටල්ස්මන්ලාගේ වැඩ කිඩ එසේය. ඕක ඉතින් ආයිබෝවන්ඩ මහත්තුරුන්ගේ ගේම කිව්වාට, ලංකාවේ නම් "මහත් හොරුන්ගේ" ක්‍රීඩාව වෙලා ගොඩා................ක් කල්ය. ක්‍රිකට් පාලක මණ්ඩලේට යන උන්, මේ ආතමයේම නිවන් දකිනවාය. එහෙම ඉල්ලමක්, රත්නපුරේ තියා, දියමන්ති මතු වන, අප්‍රිකාවේ වත් නැතිය. මෙහෙත්, ඔය ක්‍රීඩාවෙන් බිහි උනේ, අතේ අඟිලි ගනනටත් අඩු මහත්තුරු පිරිසක්ය. 

මඩුගල්ල, මහානාම, කුමා ධර්මසේන, ආර්නෝල්ඩ්, කුමා සංගක්කාර, ඒ වගේ කීප දෙනෙක්ය. අනික් උන් කම්බ හොරුය. නැත්නම් මේකෙම එල්ලිලා මේකෙන් කන උන්ය. සම හරක් මේ ගේම් එකේ අයිති කාරයෝය. සම හරකුට සහලවලා උනය. සම හරක් ක්‍රීඩාවෙන් සමු ගන්නේ, මෞලි මංගල්ලේ පවත්වලාය. උන් ක්‍රිකට් ගෙනලා තියෙන්නේ, උන්ගේ මුත්තාගේ කබඩ් එකේ තිබිලාය.

ඒ වගේ ජැලටමෑන්ස් කෙනෙක්, ඊයේ පෙරේදා, රුහුණු කැම්පස් එක ඉස්සරහා, මැච් එකක් ගහලාය. එයාට ආදරේ කරණ ප්‍රේක්ෂකයෝ, මැච් එක බලන්න වැහි වැහැලාය. ඒතරේ, පොලිසියේ තරු පෙනෙන උනුත් ඉන්නවාය. "මාස්ටර් බාස්ටඩ්ගේ" පාරවල් වල රහ වැටුන උන්, කැම්පස් කොල්ලන්ට ගේම දෙන්න එනවාය. හැබයි ඉතින් ක්‍රිකට් කියන ගේමේ, ඉයන් බොතම්ලා හිටන් අම්බානක කන වෙලාවලුත් තියෙනවා කියා, ඔය බාස්ටඩ්ලා සිහියට ගත්තොත්, ගාඩ් නැතිව උනත්, ගේම ගහන්න පුළුවන්ය. එහෙම නැත්නම්......, හැමදාම ගේම ගහන්න වෙන්නේ, ගාඩ් ඔක්කෝම දමාගෙනය.

161 comments:

  1. මේ ගැන ෆේස්බුක් එක පුරාම වීඩියෝ ක්ලිප් පෝස්ට්. ඒ එකක් බල බල ඉද්දි මේ පෝස්ට් එක දැක්කේ, ලිපිය තුල සියල්ල තියෙනවා. ස්තුති බ්ලොග් අවකාශේ සචිත්‍ර වෙනුවෙන් ලිපියක් පලකලාට සචිත්‍ර කලේ ක්‍රීඩාව තුල නිත්‍යානුකුල දෙයක්.

    ReplyDelete
    Replies
    1. මම හැම වෙලාවෙම බලන්නේ සාධාරනය ගැන කතා කරන්න. මෙතන සුද්දෝ කරපු වැඩේ කැතයි. එච්චරයි.

      Delete
  2. // ඊයේ…, සචිත්‍ර සේනානායක බට්ලර් අවුට් කරපු විදිය ජැන්ට්ල්මන් ක්‍රමය නෙමෙයි කියා එංගලන්තේ පත්තර කාරයොයි, විස්තර විකාරකයොයි, බ්ලොග් කාරයොයි ඔක්කෝම, පතුරු යන්න දෙනවාය //

    Whatever the journalists say, a great majority of commenters on the articles seem to be in Senanayake's side, most of them seemingly Brits.

    http://www.theguardian.com/sport/2014/jun/03/england-fury-sri-lanka-mankad-run-out-jos-buttler

    http://www.telegraph.co.uk/sport/cricket/international/england/10873665/England-v-Sri-Lanka-I-wouldnt-have-let-Sachithra-Senanayake-do-that-on-my-watch.html

    ReplyDelete
    Replies
    1. කොහෙත් හොඳ මිනිස්සු ඉන්නවා. සාධාරණ මිනිස්සු ඉන්නවා..

      Delete
  3. ඉන්ටර්නැෂනල් ගහනවා නම්, මාතලන් ඉන්ටර්නැෂනල් වෙන්න ඕනේ. හික් මි වැඩ හරියන්නේ නැහැ. මා අර්ජුන ගැන ලියුවේ මේ නිසාමයි.

    ReplyDelete
    Replies
    1. අර්ජුන කරපු දේ වැරදියි කියලා මම කවදාවත් කියලා නෑ. නමුත් වර්ල්ඩ් කප් එක දින්නයින් පස්සේ අර්ජුන කියන්නේ ගූ කන්දක්.

      Delete
    2. +++++++++++++++

      Delete
  4. අන්තිම මැච් එක නම් බලන්න වුන් නෑ..හැබැයි ඌ කීප සැරයක්ම වොර්නිං එක දීලත් ගණන් ගත්තේ නැත්තම් කරන්ඩ දෙයක් නෑ!
    මට මතක විදිහට වොල්ෂ්ත් පකිස්ථාන් ප්ලේයර්ට ඊ ළඟ සැරේ පැන්නොත් අවුට් කර ගන්නවා කියලා තමයි වොර්න් එක දුන්නේ!
    ඌ දුවන්න පනින හැම සැරේම නිකං හිටියොත් ,ඊ ලඟට බෝලර් බොලේ දාන්න දුවන් එද්දීම මු අනිත් එන්ඩ් එකට ගිහින් ඉඳීවී ..... බ්ට්ලර් මහත්මයෙක් විදිහට බොලේ දාලා ඉවර වෙනකම් පනින් නැතිව ඉන්ඩ ඕනේ..නැත්තම් එක සැරයක් වැ‍රැදිලා පැනුනානම් සමාව අරගෙන , ඒ වැරද්ද නොකර ඉන්ඩ ඕනේ....බොලේ දාන්ඩ කලින් පැනලා ලකුණක් ගන්ඩ යන තදියම කොහොම හරි දිනන්න තියෙන තදියමක් මිස මහත්වරයෙක් විදිහට සෙල්ලම් කිරීමක් නෙමේයි!

    ReplyDelete
    Replies
    1. බට්ලර් කියන්නේ අමුතු උන කාරයෙක්. ඔහොම සෙට් එකක්ම ඉන්නවා විශේෂයෙන් මහ රටේ සහ ඔට්ටේලියාවේ..

      Delete
  5. මට නම් අවංකවම මේ සචිත්‍ර කරපු දේ ගැන පැහැදීමක් නැහැ.එක නිත්‍යානුකුල දවා ගැනීමක් වුණත් අපිට කරන්න තිබ්බේ නැවතත් බට්ලර්ට බැට් කරන්න අවස්ථාවක් දෙන්න.මොකද ඒ වෙලාවේ එංගලන්තේ ලකුණු ලබා ගැනීමේ වේගය පවා තිබ්බේ පහට අඩුවෙන්.

    අනිත් කරුණ ක්‍රීඩාවක දිනන්නම කියලා සෙල්ලම් කරනවා නම් ඒ ක්‍රිඩාවෙන් වැඩකුත් නැහැ.මොකද ඊට පස්සේ දිනන්න ඕනෙම දෙයක් කරන්න ක්‍රීඩකයෝ පෙළබෙන නිසා.

    තවත් දෙයක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ගහන අනික් රටවල් වලට සාපේක්ෂා විදියට මහත්මා කණ්ඩායමක් විදියට නමක් තියාගෙන තියෙනවා.ඉතින් අනික් රටවල් අපිට බලු වැඩ කෙරුවා කියලා අපිත් ඒ මට්ටමට වැටෙන එක නම් හරි මදි.

    ReplyDelete
    Replies
    1. ඊට හොඳ නැද්ද මෙහෙම? ඔන්න එංගලන්ත එකෙක් කැච් එකක් දෙනව. නමුත් අපි රැකගන්නෙ නැතුව අත්හරිනව. එයාලගෙ ආරම්භක පිතිකරුවන්ට ඕවර පනහම ගහන්න දෙනව. හොඳයි නෙහ්! මහත්මාකම පෙන්නන්න තිබුන ඒ විදියට.

      Delete
    2. මේ සම්බන්ධයෙන් මමත් මනෝජ්ගේ මතයට එකඟයි.මම ලියන්න හිටපු දේ මනෝජ් ලියල.තරඟයකදී කවුරු තරඟ කළත් අවසානයේ ක්‍රීඩාව ජයග්‍රහණය කළ යුතුයි.මෙතැනදී ලංකාව දිනුවා ක්‍රීඩාව පැරදුනා.ලංකාවෙ ක්‍රිකට්වලට මේ ගෑවුණු කුණු පැල්ලම ක්‍රිකට් පවතිනතුරු තියේවි.මන්කාඩ්ලා එක්ක එක පෙළට සචිත්‍රගේ නමත් කියවේවි.මාතලන් කොච්චර කුණුහරුප ඇදබෑවත් මේ විළිලජ්ජාවෙන් ගැලවෙන්න බැරිවේවි.

      Delete
    3. ඔහේලා මැච් එක බැලුවේ නෑ නේ. සචිත්‍ර දෙසරයක්ම මූට කිව්වා ඉස්සරහට යන්න එපා කියලා. ඒ දෙසැරෙම අම්පයර්ටත් කිව්වා. ඌත් දැක්කා. අරු නෙමෙයි සත පහකට ගනන් ගත්තේ. ඔය ෆෝටෝ එක ඇස් අරලා බලපල්ලා යාර දෙක තුනකටත් වඩා ඉස්සරහට යනවා මූ. ඒ කියන්නේ රූල්ස් වලට ඔබේ කලේ නොකලේ බට්ලර් කියන එකා. අනික සචිත්‍ර ෆාස්ට් බෝලර් කෙනෙකුත් නෙමයි. අනික මේ ගැන පැහැදිලි නීතියක් තියෙනවා. ඕනම ගේම් එකක තියෙනවා. ඔබේ ද රූල්ස් කියලා එකක්. තව එකක් තියෙනවාඅ. ප්ලේ අකෝඩින්ග් ටූ ද රූල්ස් කියලා. සචිත්‍ර කරපු වැඩේ හරියට හරි. ඒක අනුමත කරන සිද්දොත් ඉන්නවා. අනික මුන් කරලා තියෙන ජඩ වැඩ ගැන මතක උන්ට මතක ඇති.

      ඔහේලට ආන්ඩුව එක්ක ප්‍රශ්ණ තිබුනා කියලා. හැම එකම ඒකට දාලා කතා කරන එක වැරදියි. ඔහේලා සාධාරණ මිනිස්සු නම් නීතී ගරුක මිනිස්සු නම් මෙහෙම කතා කරන්න බෑ. අනුක ඒක වැරදි දෙයක් නම් මුන් මෙලහකට අපිව ටෙස්ට් වලිනුත් අයින් කරලා. ඔය පහල අර මහත්තයෙන් ඉන්ගිරිසියෙන් කියලා තියෙනවා වගේ. මුන් අපිට ටෙස්ට් හම්බ වෙච්ච මුල කාලේ කල ජඩ වැඩ අද එකෙකුටවත් මතක නෑ.

      ක්‍රිකට් කියන්නේ වෙන දෙයක්. මානුෂික ප්‍රෂ්ණ වෙන දේවල්. කොයි දේ උනත් අපි ඉන්න ඕන නිවැරදි මොකක්ද කියන තැන. උඹලා උඹලගේ මතය ලිව්වා. මම මගේ මතය ලිව්වා..

      Delete
    4. මොකෝ බං මැච් එක බැලුවෙ නෑ කියන්නෙ,මම නං බැලුවා.ලංකාවෙ විකට් තුනක් යද්දී නිදාගත්තා.උඹ කියන්නෙ උඹගෙ ,මතය මම කියන්නෙ මගෙ මතය අපි දෙන්නම එක තැන ඉන්නට අවශ්‍ය නෑ.

      Delete
    5. මැච් එක දිගටම බලපු එකෙක් විදියට සචිත්‍රගෙ වැඩේට එකෙන්ම කැමතියි. මොන ක්‍රීඩාවෙ උනත් පනවල තියෙන සීමාවක් ඇතුලෙ..තමන්ගෙ කන්ඩායම දිනවන්න ක්‍රීඩකයෙකුට අයිතියක් තියෙනව. අනික හත්තිලව්වේ..මුං මේ දාඩිය මුගුරු දාගෙන අතපය කඩාගෙන මහන්සියේ ප්‍රථිපලය තියෙන්නෙ මැච් එකක් දින්නම විතරයි. පැරදුනානම් බලන්න තිබ්බ කට්ටිය කියන එව්ව.

      Delete
    6. ane ponna manojayo suddata pu*** denne nathuwa hitapanko.uba match eka baluwanam therewi une mokakda kiyala.Suddo ape coach ussapu eke idan Sachithra ta chuck karanawa kiyapu welawa wenakam karapu para wada thotha amathakada ? Gona.Maathalan kiyana eka hari.eka onama kenekuta penawa match eka baluwanam medihathwa.suddata pu**** nodee uba wage.thuk nodakin thopi wage kaalakanni.ape untama garahanawa para suddage paththa aran.

      Delete
    7. හැලපේ මැච් එකේ ඉතිරි ටිකත් බලන්න තිබ්බේ. සුද්දන්ගේ ජැන්ටල්කම් ඉතිරි ගලා ගියා, හරියට සිරිපාදේ ගංඟාවෝ ගලා යනවා වගේ. අපිට උනත් ආදර්සෙට ගන්න ගොඩාක් දේ තිබ්බා.

      අපේ තාත්තා පොඩි කාලේ කියපු දෙයක් මට මතක් වෙනවා. පුතේ උඹ කාටවත් ගහන්න යන්න එපා. ඒත් එක එකාගෙන් ගුටිකාලා ඇවිත් මට කියන්න එන්නත් එපා. ඒක එතනම විසඳගෙන වරෙන් කියලා.

      Delete
    8. හැලාපයියා,විතරක් නෙමේ මාතා මමත් මැච් එක බැලුවා.
      මේ දවා ගැනීම නිත්‍යානුකුල නොවේ කියලා මම කිවේ නැහැනේ.මම කිවේ එක ගැන මගේ මතය.ඒ මගේ මතය පිළිගන්න කියලා මම කියලා නැහැ.

      අනිත් දේ උඹ ටිකක් හිතපන් උන් කරන දේම අපිත් කරනවානම් අපෙත් උන්ගෙත් වෙනස මොකක්ද..?

      අනිත් දේ ඔය වගේ නීති කොයි තරම් තියෙනවාද බං සිවිල් නිතිය ඇතුලෙත් හරියට ක්‍රියාත්මක නොවන,ප්‍රයෝගික නැති.ඒ වගේ නීති සංශෝධනය වෙන්න ඕනේ අනිවාර්යෙන්ම.

      අනිත් එක බං අර පහළ තිසර කිවා වගේ මුළු ලෝකෙම කළු,සුදු වෙනස නැතිවී ගෙන යන කාලෙක අපේ උන්ම එක තියාගෙන උඩ දානවා.බලපං FB එකේ දැන් ශෙයා කරලා තියෙන දේවල්.

      Delete
    9. ඇෆ් බී එකේ මක්කා කිව්වම මට මොකද බං. මම කතා කලේ නීතීය හා මානුෂික කම දෙකම මෙතන තිබුනා කියන එක කියන්න. ඒ වගේම ඩිල්ෂාන් ෂෙවාග්ට සෙන්චරිය ගහන්න නොදි, සුරාජ් රන්දීව්ට කියලා නෝ බෝල් එක දාපු වෙලාවෙත් ඒක කක්කා වැඩක් කියන්න අපි අමතක කලේ නෑ. ජරා දේ ජරවයි කියන්නත්. හරි දේ හරියයි කියන්නත් බය වෙන්න ඕන නෑ.

      දැන් උඹලා කියන විදියට, මූව අවුට් නොකර. බෝලේ දාන්න කලින් සුද්දා පිච් එකේ එහා පැත්තටම ගිහින් හිටියත් අවුලක් නෑ.

      මෙතන නීතීයක් තියෙනවා. එහෙම නම් බෝල් උනයින් පස්සෙත් අවුලක් නෑ උඹ ඇවිත් ආපහු ගහපන් කිව්ව නම් හරි. ෆ්‍රෙන්ඩ්ලි මැච් වල වත් එහෙම සීන් නෑ බං.

      Delete
    10. @ Don Paul මහත්තයා,

      1) කොහොමද මහත්තයෝ ඔයා දන්නේ මම පොන්නයෙක්ද,නැතිද කියලා.?

      2) ඔයා කොහොමද මහත්තයෝ කියන්නේ මම මැච් එක බැලුවේ නැහැයි කියලා?

      3) පෝල් ෆාබ්‍රේස් හිටපු පුහුණුකරු ආයෙත් ගිය එක ගැන ඔබතුමා වගේ කළු
      සිංහලයෝ ප්‍රීති වෙන්න එපැයි.මොකද ඒ යකා සුද්දෙක් නේ.

      4) ඉතින් දොන් පොල් මහත්තයෝ සුද්දන්ගේ ක්‍රිකට් නොගහා ඇයි සිංහල අපිට බැරි ඔය එල්ලේ වගේ එකක් ගගහා ඉන්න?

      5) අනික මහත්තයෝ ඔබතුමාට ඔය වගේ පර සුද්දන්ගේ නමක් හරි යන්නේ නැහැ.නරකද ඔබතුමා දා ගත්තොත් "අනගාරික ධර්මපාල"එහෙමත් නැතිනම් "වීර මද්දුම බණ්ඩාර"වගේ නමක්.

      6) අනික ඔබතුමා වැනි දේශහිතේෂීයෙක් සිංහල ලියන්න දන්න නැති වුණාම හරි නැහැනේ.අන්න ඒ නිසා මෙන්න මේ ලින්කුව පාවිච්චි කරලා බලන්නකෝ.

      http://www.google.com/intl/si/inputtools/

      Delete
    11. අනේ මෙහෙමත් මිනිස්සු! කතා කරන්නෙ සාධාරණය ගැන!
      විකට් දෙක අතර දුර යාර විසි දෙකයි. කවුරුහරි ඉස්සරහට පැනල ඉන්නව කියන්නෙ ඒ දුර අඩුවීමක්. ඒ වාසිය යම් ක්‍රීඩකයෙක් ගන්නව නං අවදානමකුත් තිබීමේ අසාධාරණය මොකද්ද?
      මහේලගෙ කතාවෙදි එයා කියල තිබුන දෙයක් තමයි බට්ලර් සෙන්චරිය ගහපු අන්තිම තරගයේ අන්තිම ඕවර දොලහ ඇතුලත එයා සහ බොපාරා ලකුණු 2 ඒව 22ක් දුවල තිබුන කියල. ඒ වෙලාවෙ තමයි මේ ගැන හොයල තියෙන්නෙ. ඒ කියන්නෙ එයින් වැඩි ප්‍රමාණයක් හොර ලකුනු වෙන්න ඉඩ තිබුන.

      අනිත් කාරණය තමයි අශ්වින්-තිරිමාන්න සිද්ධිය. ඒ වෙලාවෙදි අශ්වින් මුලින් අවවාද කලා කියල සඳහනක් නං නෑ. දෝනි අයින් කරගත්ත කියල අපිත් අයින් කරන්න ඕනද? මේකත් අර අපේ ආණ්ඩු කරන උදවියගෙ කතාවල් වගේ. එයාල කල නිසා අපි කලාම මොකද!

      Delete
    12. රාජ් මම කොහේද කිවේ කියපන් මේ දවා ගැනීම නිත්‍යානුකුල නැහැ කියලා.
      ඒ වගේම බට්ලර් කරපු ඒ වැඩේ මම සාධාරණයි කීවෙත් නැහැ.මම කිවේ මට ඒ ගැන හිතෙන විදිය මිසක් ඒ නිතිය හෙලාදැකීමක් නොවේ.

      දේශපාලනේ ගැන මගේ මතයක් තියෙනවා.එක වෙනම දෙයක්.
      නමුත් මට හිතෙන දේ තමයි මම කිවේ.එකෙන් මම දරණ දේශපාලන මතවාදයට බලපෑමක් වෙන්නේ නැහැ.මොකද මම මේක අසාධාරණ දෙයක් කියලා කොහෙවත් නොකිව නිසා.

      අනිත් දේ නිතිය ඉස්සරහා මානුෂිය කරණා බලපාන්නේ නැති බව ඇත්ත.නමුත් මම කියන්නේ ක්‍රීඩාව වේවා,දේශපාලනය වේවා ඕනෙම දෙයක් තුල මානුෂිය බවක් තියෙන්න ඕනේ.

      Delete
    13. මම ඉහලින් කිව්ව වගේ මනුස්සකම සහ ක්‍රීඩාශීලීත්වය කියන දෙක වෙන් කරන රේඛාවක් තියනව. ඒ නිසා තමයි දෙවරක් අවවාද කලේ. මට තේරුම්ගන්න බැරි ඊට පස්සෙත් වැරැද්ද කලාට පස්සෙ නීතිය ක්‍රියාත්මක කලාම උඹල විරුද්ධ වෙන්නෙ ඇයි කියල.

      Delete
    14. @ මනෝජ්
      එහෙනම් අපරාදේ නේ මැරීගෙන මැච් ගහන්නේ. ටොස් එක දැම්මම කියනවා. මචෝ උඹලා දිණුම්. ඒ තමයි මනුෂ්‍යත්වය. අපි දෙගොල්ලම පට්ට හීතලේ පුක ඉරාගෙන නහින්නේ මක්කටද, උඹලා ජීනීවා වලටත් කියපන් අපි ඒ තරම් මාණුෂික පොරවල් කියලා. දැන් උඹලට තේරෙනවා නේ අපි වගේ මිනිස්සු කරපු යුද්ධයකුත් කොතරම් මානුෂීය වෙන්න ඇද්ද කියලා. වගේ දේවල්.

      උඹ කියන විදියට, එල් බී වලට, කැච් ඇල්ලුවට ඇපීල් කරන එකත් වැරදියි. අම්පයර්ලා බලෙන් දුන්නොත් මිසක්, ඔන්න ඔහේ නිකන් ඉන්නවා. පුක ඉරාගෙන දන ගහගෙන කෑ නොගහ. මොකෝ ගේමට වඩා මනුස්සකම වටිනවනේ.

      Delete
    15. මම විරුද්ධ වෙන්නේ නැහැ මචන්ලා.
      මම කියන්නේ එතනදී මට හිතිච්ච දේ මිසක් වෙන දෙයක් නෙමේ.

      නිතිය ගැන කියනවා නම් දැන් බලපං රුපියල් 100 දඩේ ගෙවා ගන්න බැරිව මිනිස්සු මාස ගණන් හිරේ ඉන්නේ.එතනත් ක්‍රියත්මක වෙන්නේ නිතියම තමයි.එක කොයි තරම් මානුෂියද.?

      Delete
    16. මානුෂිය වැඩක් නෑ.. දඩේ ගෙවන්න වෙන්නේ. වැරද්දක් කරපු නිසා නේ.. වෝනින් එක තමයි දඩේ. ඒක ගෙවන්න බැරි නම් නීතීය ක්‍රියාත්මක වෙනවා.

      මෙතනත් මානූෂීය අදාල නෑ නීතියක් තියෙන්වා. දඩ කොළ දෙකක්ම දුන්නා. පයිසෙකට මායිම් කලේ නෑ. ඒ කියන්නේ ඌ නීති ගරුක නෑ.. ඊට පස්සෙ අවුට් කලා. ඒ කියන්නේ හිරේ දැමීම. අවසාන දඬුවම.

      Delete
    17. මේක කැත වැඩක් වෙන්නෙ බැට්ස්මන් ඇත්තටම දුවන්න සෑහෙන දුරක් පැනල නැති සමාන්‍ය ස්ටාර්ට් එකක් ගන්න වෙලාවක අඩියක් විතර එලියෙ ඉන්නකොට කරන අවුට් එකක් වගේ උනොත්. නමුත් මෙතන වෙන්නෙ යාර දෙකක් පනින මිනිහව දෙපාරක් වෝන් කලත් ගනන්ගත්තෙ නැති පාර අවුට් කල එක.මේක අන්තිම සාධාරණයි. අනික යාර විසි දෙකක් දුවල ඇවිත් ක්‍රීස් එකට සෙන්ටිමීටර් පහක් පස්සෙන් බැට් එක තියල හැරිල දිව්වොත් ලකුණ අහිමිවෙන තත්වයක මෙහෙම යාරය්ක් දෙකක් පනින එක හෙන හොරකමක්. එහෙම හොරෙක්ට වෙන මොනා කරන්නද?

      මේව වැරදියි කියන්නෙ සුද්දොන්ට වඩා සුදු වෙන්න හදන ගොබ්බයන්ගෙ කතා.

      නීතියෙ සංකේතයෙ ඇස් වහල තීන්නෙ ඇති නැති එකාට එකට සලකන්න. හැකි හැම මොහොතෙම ඒක එහෙම කරගන්න අපි උත්සාහ ගන්න ඕන. නැතුව පවතින නීතියක් නම් ආයි එකේ මාණුෂික අමාණුෂික කියල දෙපැත්තක් ඇත්තෙ නෑ. නීතිය නීතිය, එච්චරයි.

      (දැන් මගෙ බැරි කම නිසා සෑහෙන්න අක්ෂර වින්‍යාස වැරදි ඔය කමෙන්ට් එකේ තීනව. හැලපෙ, කියහන් උඹ ඒක වැරැද්දක් විදියට දකින්නෙ නැද්ද )

      Delete
    18. 100% එකඟයි සිංහයා....

      Delete
    19. ඉන්දික.+++++++++++++++++++++++++=

      Delete
    20. ඉන්දික .. හෝදන්න දෙයක් නෑ ටොපේ ටොප් !!!!!

      Delete
    21. උදේ ඉඳන් කතාවක් ලිව්ව බංස්ල,මේ පැත්තෙවත් එන්න බැරිවුනා.බලපුවම වැඩේ දිග දුර ගිහිං.
      මම කියන්න ගියෙ මේකයි,ඔය දේම අපට උනා නං ඒ කියන්නෙ සචිත්‍රව ඔය විදියට අවුට් කලානං බට්ලර්ට බෑනෙ,කියමුකො ඇන්ඩර්සන් කියල,එතකොට අපි ලියන පෝස්ටුව මොන වාගේ තියේවිද?ඇන්ඩර්සන්ගෙ මවත් සමරලා ලියාවි.අපේ අය කරපු දේ නිසා තමන්නේ කමට තමන්ගෙ එකා බේරගන්න ලියනව මිසක වැඩේ හරිද වැරදිද කියල බලන්නෙ නෑනෙ.මෙතන මම කතාකරන්නෙ නීතිය ගැන නොවෙයි නිතිය අනුව අවුට් එක හරියටම හරි.මම කතාකරන්නෙ ක්‍රීඩාශීලිත්වය හා සදාචාරය ගැනයි.
      තව අතකින් යම් වරදකාරී මානසිකත්වයකුත් තියෙනව.කට්ටියම පුන පුනා කියන හැටියට මේක ඉතාම සාමාන්‍ය දුවද්දී දැවී යාමක්නං ඒ ගැන පෝස්ට් ලියන්නෙ එෆ් බී එකේ සිය දාස් ගණන් කතා ෂෙයාර් වෙන්නෙ ඇයි?අසාමාන්‍ය දෙයක් නිසාම නොවේද?මේක හරියට හෙළුවැල්ල අතින් වහගන්නවා වගේ දඟලනවා.නීතිය හරි නං වැඩේ සාධාරණයි නං කෑ ගගහ දඟලන්නෙ මොන මගුලකටද.කට වහගෙන ඉඳපල්ලකෝ.

      Delete
    22. ri Lankans cleared over Jos Buttler's controversial stumping by MCC chiefs
      Jun 04, 2014 18:26 By Dean Wilson
      Lord's spokesman insists tourists "have not transgressed the laws and it is not against the spirit of cricket to uphold a law of cricket"

      505 Shares
      Share
      Tweet
      +1
      Email
      Gareth CopleyBails up: The MCC have sided against England's Buttler after his divisive dismissal
      Sri Lanka have been cleared of going against the spirit of cricket by the law guardians at the MCC.

      While England players continue to moan about Jos Buttler's 'Mankad' run-out in the final and decisive one-dayer at Edgbaston on Tuesday night, the tourists can rest safe in the knowledge that they played the game fairly.

      The actions of Angelo Mathews in upholding the appeal has drawn criticism from around the game, but at cricket HQ at Lord's there is no question over how they went about things.

      An MCC spokesman said: "It is an emotive issue, but Jos Buttler transgressed a law of cricket and the club would not say the run out was against the spirit of cricket.

      "The bowler gave a very clear warning and as I understand it the issue was also raised during the previous game at Lord's. In this instance of 'Mankading', the Sri Lankans have not transgressed the laws and it is not against the spirit of cricket to uphold a law of cricket.

      "The law is pretty clear - It is an unfair advantage to be out of the crease."

      Scott HeaveyBIRMINGHAM, ENGLAND - JUNE 03: Sachithra Senanayake of Sri Lanka appeals to the umpire for a run out of Jos Buttler at the non strikers end during the 5th ODI: Royal London One Day International at Edgbaston on June 3, 2014 in Birmingham, England. (Photo by Scott Heavey/Getty Images)
      SPORTSDIRECT
      Donnay Foam Ckt
      Bat 12
      GO TO STORE
      That IS out! Buttler paid the price for leaving his crease at the non-striker's end
      England's players were still fuming over the decision 24 hours later, despite Buttler technically being in the wrong.

      Ravi Bopara, with whom Buttler batted at Lord's three days earlier in a partnership that drew Sri Lanka's attention to the issue of stealing ground, was left less than impressed.

      Bopara said: "It is definitely not within the sprit of the game. I wouldn't say Jos was stealing yards, he was just casually leaving the crease. It is just the done thing.

      "For this to happen is quite sad, but if that is the way Angelo Mathews and Sri Lanka want to play their cricket then that is up to them. Hopefully, we don't step to that level."



      http://www.mirror.co.uk/sport/cricket/sri-lankans-cleared-over-jos-3645430#ixzz33lD1a8Yb
      Follow us: @DailyMirror on Twitter | DailyMirror on Facebook

      Delete
    23. ආයේ ලිවුවද පච හෑල්ලක්. ඌරෙක්ගෙ බල්ලෙක්ගෙ ඇට අයින් කරන එකක්ද ,,කොච්චි මිරිස් ගාන එකක්ද ? ගොන් කමෙන්ට් දදා මෙතන

      Delete
    24. ආයෙත් අහලා හැලපයියා,එකෙන්ම එකගයි මම උඹේ කමෙන්ට් එකට.
      කිසිම තැනක අපි කිවේ නැහැනේ මේ දවා ගැනීම නිත්‍යානුකුල නැහැ කියලා.ඒ වගේම එක ප්‍රශ්න කෙරුවෙත් නැහැ.මම ලීවේ මේ සිදුවීම ගැන මට හිතුන විදිය.අපේ අයියලා තමයි මේක මේ කළු,සුදු ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ.

      Delete
    25. මේක ගැන ලිව්වේ. උන් නීතිය බල්ලට වත් ගනන් නොගන්න නිසා. මේ හැලපේ මහතාම මෙහෙම අවුට් කලේ විරාට් කෝලී නම්, මෙහෙම කතා කරන්නේ නෑ නොව. අනෙක් සිද්ධි අදාල නෑ. මේ සිද්ධිය විතරක් තනියෙන් ගත්තත්. මැච් එක බැලුවා කියනවා නම්. සචිත්‍රට ඊට පස්සෙ ප්‍රේක්ෂකයෝ සලකපු හැටි දැක්කා නම් ආයේ කතා කරන්නේ නෑ. මට ඔය එකෙක් වත් ළොකු නෑ. මොකෝ සචිත්‍රලා හෙට කාගේ ඔළුව පලයිද දන්නේ නෑ. මම් කතා කරන්නේ නීතිය ගැන විතරයි. හැලපෙගේ විග්‍රහය බලා ගන්න තිව්නා කෝලී විදියට අවුට් කලා නම් හෙම. මොකෝ අපි මීට කලින් දැකලා තියෙනවා. එයා ඉන්දියන් ක්‍රිකට් ටීම් එකටත් මේ සුද්දන්ට වගේම ආදරෙයි කියලා..

      Delete
    26. උඹ කියපුවට උත්තර දෙන්න කලින් උඹේ ස්වරය වෙනස් වුනේ ඇයි කියල මට කියපං.මචං මේ සුහදව රණ්ඩු වෙනව නං රණ්ඩු වෙමු.නැත්නං මගෙ කමෙන්ට් දෙක තුනත් මකල දාල මෙහෙම දෙයක් උනේ නෑ වගේ නිකං ඉන්නං.මොකෝ උඹ මීට කලින් මට මහතා කියලවත් එයා කියලවත් නෑනෙ.මම යාලු මිත්‍රකම් බොහොම ගරුකරන කෙනෙක්.මේ අහක යන දෙයක් නිසා හිතවත්කම් නැතිකරගන්න මට අවශ්‍ය නෑ.

      Delete
    27. හැලපේ .... උඹේ අදහස උඹ කිව්ව... බොරු වැල්වටාරම් කියවන්න එපා මචෝ....
      උඹට ලොකු ..... එක්කො ඕන නැහැ... හරිය....

      Delete
    28. අයියෝ බං හැලපයියේ උඹත් නිකං පොඩි එකා වගේනේ බං.මොකටද මේ නෝක්කාඩු?
      මතාගේ මතය මේ ගැන එකක් අපේ මතය තව එකක්.ඔච්චර අවුල් හිතන්න එපා බං අයියේ.
      කවුරු හරි කියන දෙයක් අපි එකහෙලාම පිළිගන්නවා නම් මේ විදියට සංවාද කරන්න ඕනේ නැහැනේ.අනිත් එක සංවාදේ අන්තිමේට හිත් නරක් කරගන්නවා නම් සංවාදෙන් ඇති වැඩකුත් නැහැ.

      Delete
    29. මමත් මේ මනෝ කියපු දේ තමයි කියන්න හැදුවේ. ඕවා ගනන් ගන්න එපා හැලපේ. අපි අපේ මතය ඉදිරිපත් කරා. උඹලා උඹලාගේ දේ කිව්වා. ටීම්ස් දෙකේ එවුන් ඊළඟ මැචස් වලට සෙට් වෙනවා. අපි වචන එක්ක හරඹ කරනවා. සිම්පල් මචෝ.

      Delete
    30. හැලප අංකල් ඕවර 6 ඉක්මවල වගෙ.

      Delete
    31. හැලපේ උඹ මගේ බොක්කක්. බොක්කක් කියන්නේ මරාගෙන උනත් එකට ඉන පුළුවන් උන්ට. හිතවත් කම කියන්නේ ඒකයි මචෝ. උඹ උඹේ දේ කිව්වා. මම උඹ ග්.අන මට හිතෙන දේ කිව්වා. වලියක් යන වෙලාවට මහත්තයෝ නොකියා, අනික් උන්ට මම කියන වචන උබ දැකලා ඇති නේ. මක්කටෙයි බන් පර සුද්දෙක් නීතී කඩපු එකට අපේ බොකු නැති කර ගන්නේ. ෆිට් එක කියන්නේ ඒකයි මචෝ. මම හංගලා ගහන එකෙක්වත් ඇනෝ ඇවිත් ගහන එකෙක් වත් නෙමෙයි. කියන්න තියෙන දේ මූනටම කියන එකෙක්. මෙතන උඹ ඉන්න මතය වැරදියි මචෝ. එච්චරයි මම කියන්නේ.

      Delete
    32. හරිය වැරදිය කියන එක මචං සාපේක්ෂයි,ඒ අවස්ථාව අනුව හරි වැරැද්ද අපි තීරණය කරනවා මිසක මේක හරිය මේක වැරදිය කියල නිරපේක්ෂ දේවල් නැහැ.හරියි කියල උඹ දකිනදේ මට වැරදියට පෙනෙන්න පුළුවනි,ඒක සාමාන්‍යයි.දැන් උඩ තියෙන දේට උත්තර.
      විරාට් කෝලි පැත්තකට දාමු ඌ මට කොහොමත් දිරවන්නෙ නෑ.සචිත්‍රට එවෙලෙ ඉඳන් ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මම හොඳට දැක්කා,සාමාන්‍යයෙන් ගෝෂා කරන්නෙ නැති ඉංග්‍රීසි ප්‍රේක්ෂකාගාරය එකම ගොෂාවක් වෙමින් සචිත්‍ර බෝල් කරද්දි විරෝධය පෑවා උඹ නොදකින්න විදියක් නෑ.කාලයක් ඉන්දියන් ටීම් එක එක්ක කෑව බීවට මට උන් ලොකු නෑ බං.ඉන්දියන් ටීම් එක මගේ ලයිස්තුවේ අන්තිමට ඉන්න ටීම් එක කියල උඹ දන්නෙ නෑනෙ.එකට හිටියෙ ලංකාව දෙකට වෙස්ට් ඉන්ඩීස් දිගටම මෙවැනි අප්‍රසන්න දේ කරන්න ගත්තොත් ලංකාව මගේ ලැයිස්තුවෙන් හැලිල යයි.අපේ උන් කියල කරන හැම වැරද්දකටම හරියි කියන අපේ උන් කියල වැරදි වහන සිරිතක් මගේ නෑ බං.වැරදියි කියල මං දකින දෙයක් අම්ම තාත්ත කලත් ඒක හරි වෙන්නෙ නෑ වැරදිම තමයි.ඒ නිසා මේ ගැනත් මගෙ මතය වෙනස් වෙන්නෙ නෑ.උඹ කියන දේ හරි කියල පිළිගන්න මම බොහොම කැමති වුනත් මොකද දන්නෙ නෑ මෙතනදී මට නම්‍යශීලී වෙන්න බෑ.අපි කාලයට ඉඩදීල බලා ඉම්මු.මම හිතන්නෙ කාලය නිවැරදි දේ පෙන්වා දෙවි.
      උඹගෙ බ්ලොගේ කමෙන්ටුවක් කොටන්න ත්‍රී වීල් එකකින් එන්න ඕනෑ බං ස්ක්‍රෝල් කරලා එපාවෙනවා.

      Delete
    33. මෙතැනදි මාතලන් කියන දේට එකඟයි....

      මේ ගැන පොස්ට් මැච් කන්ෆරන්ස් එකෙදී මහේල නියමෙට පැහැදිලි කරලා තිබ්බා...

      මීට කලින් මැච් එක ඇනලයිස් කරද්දි , බට්ලර්යි බොපාරයි එකේ එවා දෙක කරගෙන දුවලා තියෙන්නේ ඔය වගේ හොරට දුවලා...ඒනිසාම මේ පාර අපේ පොරවල් මේ ගැන අවධානයෙන් ඉදලා තියේනවා...

      අනිත් එක එක අවවාදයක් නෙවෙයි දෙකක්ම දීලා තිබුනා....අවාවාද කරලත් අඩි තුනක් ඉස්සහරට පනින එක්කෙනාගේ මහත්මා කම මොකක්ද?


      අඩි දෙකක් තුනක් ඉස්සාරට දිව්වම මොකද කියලා අහන අයට කියන්න තියෙන්නේ ඔය ස්ට්ම්ප් කරන වගේ එවාට අඩි දෙක තුන ගැන හිතන්නේ නැතුව මහත්මා විදිහට සෙල්ලම් කරන්න කියලා තමයි

      Delete
  6. ඇත්ත තමයි....

    අනිත් එවුන් ජෙන්ටල්මෑන් වෙන්නේ නැත්නම් අපි මොන මගුලටද එහෙම වෙලා ඉල්ලන් කන්නේ. ඊට පස්සේ උන් කියයිද අපි පැරදුනේ ජෙන්ටල්මන් වුන නිසා කියලා?

    එංගලන්තේ එවුන් early summer එකේ අපිට මැච් දීලා, පුළුවන් තරම් වට්ටලා දිනන්න හදන්නේ ජෙන්ටල්මන් නිසාද?
    සචිත්‍රට මැච් 50-60 ගහනකම් ඉඳලා දැන් චෝදනා කරන්නේ ජෙන්ටල්මන් නිසාද?
    අපේ කෝච් (පුහුණුකරු) ඉස්සුවේ ජෙන්ටල්මන් නිසාද?
    ඕස්ටේලියන් කාරයෝ වන් ඩේ සීරිස් එක පරදින්න යද්දි අන්තිම මැච් එක වැහැලා පැය එකහමාරකින් පස්සේ ගහන්න බෑ කියලා අතහැරලා දාලා සීරිස් එක ගොඩ දාගත්තේ ජෙන්ටල්මන් නිසාද?
    ගිලී කාරයා ග්ල්ව් එක අස්සේ ස්කොෂ් බෝලයක් හංගගෙන සීයක් ගහලා වර්ල්ඩ් කප් එක ගත්තේ ජෙන්ටල්මන් නිසාද?
    ඉන්දියන් කාරයෝ ගහන හැම මැච් එකකටම DRS සිස්ටම් එක එපා කියන්නේ ජෙන්ටල්මන් නිසාද?

    උන් එහෙම වෙද්දි ඇයි අපි විතරද ජෙන්ටල්මන් වෙන්න ඕනේ?

    ReplyDelete
    Replies
    1. අතීත සිද්දි නම් කප්පරක් කතා කරන්න බැරිය මචෝ. ඒත් මේක හුදකලා සිද්ධියක් ලෙස ගත්තත්. සුද්දා වැරදියි.. දෙසරයක් වෝනින් දීලත් ගනන් ගන්නේ නෑ කියන්නේ. අනික අම්පයර් නොම්මර එකේ ගොනෙක්.

      Delete
  7. සැක් ඉතරක්.. මේ වටිනා අවස්ථාව බලාගන්න බැරි උනානෙ.

    ReplyDelete
    Replies
    1. හැම තැනම තියෙනවා. ඒත් මැච් එකම බැලුවනම් තමා වටින්නේ.

      Delete
  8. මැච් එක ඉවරවුන වහාම මමත් කලේ අන්තර්ජාලයෙන්ම ක්‍රිකට් නීති පොත කියන්නේ කුමක්ද කියා සොයා බැලීමය. මාතලන් මේ දක්වා ඇති අදහස් වලට මමද එකඟ වෙමි. සුද්දාට උගේ හෙළුව වහගන්න ක්‍රිකට් නීති පොත සහ උගේ බොරු මහත්තැන් කම මදිවීම ඌට මේ ආත්මය පුරා විඳවන ලැජ්ජාවක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අමමගේ රෙද්දේ මහත්තුරු.. ඊට පස්සේ දැක්කා නේ උන්ගේ මනුස්සකම්. අතට අත දෙන එකත් බෑ කියපු මහත්තුරු.

      Delete
  9. සැබෑ ජෙන්ටල්මන් වැඩ නම් ජයසුරිය ගොයියා රුහුණේ විවි ශිෂ්‍යයින්ට පහර දෙන්නට ආ මැර කණ්ඩායමට නායකත්වය දීම වගේ වැඩය!

    http://www.lankadeepa.lk/index.php/articles/238792

    ReplyDelete
  10. ඕවා මොනවාද පුදුමයි අර බොදු ගොවි සුද්දෝ සචිත්‍ර දමල ගහනවයි කියලා නොකිව්වා, එතකොට ඔය මහත්තුරු ටික අර නවසීලන්ත මැච් එකක දුවද්දී ඇඟේ හැප්පිලා වැටිච්ච බැට්ස්මන් ව අවුට් කරලා යවන්නේ, එතකොට ඒවා මොනවාද දැන් නෑ, අර පැන පැන යන සත්තු ජාතියක් ඉන්න රටේ බොදු ගොවි මහත්තයෙක් ලෝක කුසලානේදී ස්කොච් බෝලයක් ග්ලවුස් එක අස්සේ හංගගෙන ගැහුවම ඒවා පොටේ හැටියටම ගහන නැති නේද? ඒ මැච් එකේම අර කළු සුඋදෙක් වෙච්ච වෙන රටක මහේලයා උන් පිච් එක මද දුවද්දී ඒක පෙන්නුවම අර බොදු ගොවි සුද්දෝ ටික එකම ඇහුව නේද? මොනවා උනත් අපේ එවුන් හදවතින්ම ශ්‍රී ලාංකිකයි, එකනේ කළුවා ග්ලවුස් එක අස්සේ බොලේ හන්ගන් ඉඳලා ස්ටම්ප් ගත්තේ, එතකොට අර තුවාන් මොහොමඩ් දිල්ශාන් ඉන්දියා මැච් එකේදී රන්දිව්වා පාවිච්චි කලේ උගේ කුප්ප කම පෙන්නන්න, එත් උ ඇතුලේ රන්දිව් එළියේ, අයි උගේ ගෑනි හෙන පොෂ් බඩුවක්නේ, ඌ අර මහත්තුරුන්ගේ ජීව ගුනේ රකිනවනේ ගෑනු ඌට පුළුවන් විදියට මාරු කරලා අරුන්ට තරම් බැරි උනත්, අයි ඉතින් කාලයක් උගෙත් එක්ක එකට බැට් කරපු එකානේ, ඉතින් ඌ ඇතුලේ, අරු එළියේ, අරුට ඉතින් එහෙම මහත්තයෙක් නෙවේනේ. ඕන ඔහොමයි සඳ ලංකාවේ කිරිකට්, එතකොට ඉන්දියාවත් එක්ක ගහපු ලෝක කුසලානේ පරදිනවත් එක්කම ලංකාවේ පොලීසිවලට මහින්ද්‍රා ජීප් වැහි වහින්නේ කොහොමද? අර අස්චරයමත් කොලම්බක් හදන්න යන බුකි කාරයා ක්‍රිකට් වලට අඬන්නේ ඇයි? ඒ තමා පට්ටම ක්‍රිකට් මැච්, ඒවා ගහන්න ගරවුන්ඩ් ඕන නෑ, මන් නම් කියන්නේ සචිත්‍ර කරපු දෙ හරි, ඕකුන්ට ඔහොම කරලා මදි. වරෙව්කෝ තොපි ලංකාවේ ගහන්න එංගලන්තේ නරිද ලංකාවේ නරිද සද්දෙට හූ කියන්නේ බලන්න.

    ReplyDelete
    Replies
    1. උන් හිතාගෙන ඉන්නේ අපි තාම උන්ගේ කොලොනියක ජනතාව කියලා. මම සුද්දන්ට පට්ට කැමතියි. හැබයි ඒ ගොන් චින්තනයට නම් කැමති නෑ. හැම දෙයක්ම උන් කලොත් හරි. අපි කලොත්, වැරදියි.

      Delete
  11. thnx ...මචෝ පෝස්ට් එකට...සනතාගේ අම්මට වයන ගාථාව ...රතන තෙරගෙන් එන්නං ,,,,මං ,,,හෙක්.... හෙක්.....

    ReplyDelete
    Replies
    1. සනාගේ අම්මාව වැනුවාට කමක් නැහැ. තාත්තාට මුකුත් කියන්න එපා. මිනිහා ග්‍රේබ්‍රියෙල් වෙනුවට වැඩ බලපු ‍ජුසේ කුමා වගේ පොර. දන්නෝ දනිති. සනාගේ අම්මාගේ මිනිහාට වත් උගේ අයියා කියන පොරටවත් තට්ටේ නැහැ.බොරු නම් මාතර දීවර කාර්යාලයට ගිහින් බලන්න.

      Delete
    2. එයා හිතන්නේ එයාට විතරයි කියලා පොල් අඩි ගහන්න පුළුවන්.

      Delete
  12. හපෝයි අද ක්‍රික් ඉන්ෆො එකේ කස්ටියගෙ කමෙන්ට් බැලුවම එපා වෙනව. ක්‍රිකට් උනත් ඕනම ක්‍රීඩාවක් උනත් මහත්මාකම තියාගන්න පුළුවන් නං හොඳයි. නමුත් මේ හරකුන් දන්නෙ නෑ තරගකාරීත්වය සහ මහත්මාකම කියන දෙකේ වෙනස. මහත්මාකම හින්ද තමයි ඉස්සෙල්ල අනතුරු හැඟවීමක් කලේ. ඊට පස්සෙත් පනිනව කියන්නෙ ඉතිං ඊට වැඩිය කරන්න දෙයක් නෑ කඩනව ඇරෙන්න.
    මගේ නං මතය තමයි අනතුරු හැඟවීමක් කිරීමත් අනවශ්‍ය බව. මේකත් සාමාන්‍ය දුවද්දී දැවීයාමක් හෝ ස්ටම්ප් කිරීමක් තමයි. ඒ අවස්ථා දෙකේදි චාන්ස් දෙන්නෙ නෑ වගේම මෙතනදිත් ඕන නෑ

    ReplyDelete
    Replies
    1. එහමනම් ඉතින් පුක ඉරාගෙන ඇපීල් කරන එකත් වැරදියි නේ. අර අම්පයර්ගේ තීරණෙ අභියෝගෙට ලක් කරන එකත් වැරදිනේ..

      Delete
  13. මේසැරේ අයිපීඑල් තරගයකත් මරු සීන් එකක් උනා. බැට් කලේ ෂේන් වොට්සන්. බෝල් කලේ ඇන්ඩ්‍රි රසල්. මෙන්න වීඩියෝව. මම නං මේක සජීවීව බැලුව. මේක සජීවී පන්දුවක් විදියට තීරණය කලා. අම්පයර් නයිජල් ලෝන්ග්. මෑන් නං අර වගේ හරකෙක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=FjOcixg7r70

      Delete
    2. මම ඕක බැලුවා.. මරු බෝල් එක ඒක. ඕකත් එක බෝල් එකක් කර ගන්නවා ඉස්සරහට. ඉස්සර ෆාස්ට් බෝලස්ලා බෝල හයම දැම්මේ එක ස්පීඩ් එකට. මට මතකයි බොබ් විලිස් දුවගෙන එනවා බවුන්ඩ්‍රී ලයින් එක ගාව ඉඳගෙන.

      Delete
  14. ජෙන්ටල්මෑං??? පුක තමයි!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බොලව්..

      Delete
  15. සචිත්‍රයා අවුරුදු දෙකක් ජාත්‍යන්තර ක්‍රිකට් ගහනකං එරාස්මුස් ලා ජිල් බෝල ගැහුවද හැබෑට...මම යූ බටෙන් දැක්කා කැතම කැත සිදුවීමක් එංගලන්තය අතින් නවසීලන්තයට වෙලා තියෙනවා...එහෙම උන් තමයි දැන් රෙදි උස්සන්න හදන්නෙ..එංගලන්තයෙ මාධ්‍යෙව්දියො අපේ අර පීසා බෙදපු කොලුවා මරා දාපු වෙලේ කිව්වෙ එංගලන්තය නම් ඇපල් ගෙඩියේ ඇතුල කුණු වී ඇත කියාය. දැන් ඒ කථාව නැවතත් සනාථ වී ඇත්තේය.

    https://www.youtube.com/watch?v=jX3QfZe0sZg

    ReplyDelete
    Replies
    1. මුන් එකසිය ගානට ට්‍රයි කරනේ සචිත්‍රයට ගේම අඳින්න. ඒ වගේම ඔතන පොලිටිකල් ගේමකුත් තියෙනවා. ලංකාවට රිද්දන්න. අද ක්‍රිකට් ඇන්ඩ් පොලිටික්ස් කියන්නේ දෙකක් නෙමෙයි එකක්.

      Delete
  16. Sorry to comment in English.
    Let me share another incident which I witnessed.
    Few years ago in a match in New Zealand, Murali was batting with Sanga for the last wicket. Sanga scored a century and Murali walked towards him from non-strikers end to congradulate him. New Zealand fielders removed bails at Murali's end, appealed for a run out which was upheld. When critics questioned the spirit of the game, Kiwi captain defended his team action saying Murali was not a school kid and should undersntad the rules of the game. Funny this was that Kiwis won most spirited team award twice before that.

    ReplyDelete
    Replies
    1. ඒකේ අවුලක් නෑ. කොමෙන්ට් එකයි වැදගත්.

      අපිට ටෙස්ට් තත්වය ලැබුන කාළේ, අපිට ගොඩාක් කෙනෙහිලි කම් කරපු ජාතියක් තමයි නවසීලන්තේ උන්. හැම එකාම සැලකුවේ බල්ලන්ට වගේ. එහෙම ටීම් එකක් අද ඉන්න තත්වේ පරණ උන්ට දරා ගන්න බෑ.

      Delete
  17. සැබෑ ගැටලුව වෙන මොකක්කත් නෙමේය. සචිත්‍රගේ හම කලු වීමය. ඕක ඔසී, නිව්සීලන්ඩ් එකෙක් කලානම් උන්ට ඔය අමාරු නැතිය.

    ReplyDelete
    Replies
    1. ඒකත් එකක්. ඊට වඩා දෙවලුත් තියෙනවා..

      Delete
  18. කිසි අවුලක් නෑ ..
    වෝනින් දෙකක් දුන්නනෙ අර ජෙන්ටල්මන් කමට .. මම නං දෙන්නෙ එකයි.. බබ්බුයෑ කිරිබොන !!!
    නීතිය දැනගෙනනේ ග්‍රවුන්ඩ් එකට ආවෙ.. ඕං අපි නං බෝලෙ පොල් ගහේ රැඳුනම ඒක ගන්නකං රන්ස් තිස් ගානක් දිව්වා.මැච් එක දිනුං .:D
    . මේ සුද්දො ඇවිල්ලා මහත්තුරු නෙවැ..අපි වාගෙ ගොබ්බයොයැ .. නැද්ද ඕං ..
    මහත්මා කමයි නීතියයි කියන්නෙ දෙකක්නේ .. නීතියට පිටිං ගියෙ නෑ නෙවැ.. එහෙම නං එහෙමයි .

    උං එහෙම කරලා දින්නම අපි දින්නෙ ක්‍රීස් පැනලය මෙන්න මහත්මා කමට කුසලානෙ තොපි ගනිව් කියනවෑ .. නෑනෙ .. චැහ්.
    මං නං බල්ලන්ට ගහන්නෙ ගල් වලින් .පොල්.බෑයෙන් නෙවේ . ඕ යේස් !!!

    ReplyDelete
    Replies
    1. අනිවා වෝර්නින් දීලත් එහෙම කලේ සුද්දගේ තියෙන උද්දච්ච කමටනේ. අපේ සෙල්ලම අපි කරන්නේ අපිට ඕනේ විදියට කියනවා වගේ, අපේ කළු සුද්දොත් ඉන්නවනේ බන් සචිත්‍ර කලේ වැරදි වැඩක් කියන්න.. එහෙනම් ක්‍රිකට් නීති වල ඔය සිද්දිය නොලියා ඉන්න තිබ්බනේ..

      Delete
    2. ඕ යේස් !!ක්‍රීස් එක පැනලා තව යාර දහයක් විතර එන්න කියලා බෝලෙ බිම දිගේ දැම්මනං ආන්න රෙස්පට් වැඩ .. එක්කො වන් බම්ප් ගැහුවනං අම්පයර්ල ඕන් නෑ හිටියත් ඉන්නෙ පඹයො වාගෙ උන්නෙ.. අපරාදෙ තඩ් අම්පයර් විතරක් දාල ක්‍රීස් විකට් අල්ලල විසික් කොරල වන් බම්ප් ගැහුවනං සල්ලිත් සෑහෙන ඉතුරුයි .. මොකෝ බොරුවට ක්‍රීස් අඳින්නෙ කහනවටෙයි බැට් කරන්නෙ එලියෙ ඉඳං නං මං අහන්නෙ බං..

      Delete
    3. ගස් කැච් ඔට්ටු නෑ ඕන්..

      අම්මගේ රෙද්ද මනුස්ස කං. උන්ට නීතීය කඩන්න හොඳයි..

      Delete
  19. චැහ් ඔය ලෙග් ස්පින් එහෙමත් තහනං කොරවල දාන්ඩ ඕනැ.. මොකෝ මහත්තුරු නං දාන බෝලෙ කෙලින් බැට් එකට දාන්ඩෝනැ.. මක්කෙයි අරෙහෙට බෝලෙ දාල විකට් එකට කරකවන්නෙ... ඒව බලු වැඩ. පුල්ටොස් විතරයි හරිනං තියෙන්ඩෝනැ.. මේ නීති රෙද්ද හරියන් නෑ .. හැක්

    ReplyDelete
    Replies
    1. සචිත්‍රයට යෝකර් දාන්ඩ කියලා, මාලින්ගයට දඟ පන්දු දාන්ඩ කියමු. එතකොට ඕවා හරි යයි. :D

      Delete
    2. මැච් එක ගහන්නම නරකයි. ටොස් එක දාපු ගමන් කියන්න ඕන. මචෝ උඹලා දිණුම් අපි පරාදයි කියලා.. කොහොමද මනුස්සකම... පට්ට නේ..

      Delete
  20. Kalu kollo sudu kollange redi galawa atha.

    ReplyDelete
    Replies
    1. ඒකට වඩා වෙලා තියෙන්නේ නීතිය රජ වීම.

      Delete
  21. >'මැන්කඩින් දවා ගැනීම' යනු පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා සීමා ඉර පැන දුවද්දී පන්දු යවන්නා පන්දුව නොයවා කඩුල්ල කඩා දමමින් පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දැවී යාමට ලක් කිරීමයි. එවිට එම පන්දුව පන්දු යවන්නාගේ ඕවරයට නියමිත පන්දුවක් ලෙස ගණන් නොගැනේ.

    මෙම දවා ගැනීමේ නීතිය පළමු වරට ආවේ 1947/48 කාලයේදී ඉන්දියාව සහ ඕස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරඟයකදී 'විනූ මන්කඩ්' නම් ඉන්දියානු පන්දු යවන්නා විසින් ඉහත ආකාරයෙන් පැනලා දුවද්දී පිතිකරුවෙකු දවා ගැනීමෙනි. ඒ ආකාරයට දවා ගත් පළමු පන්දු යවන්නා වූ 'මන්කඩ්' ගේ නමින් 'මැන්කඩින් දවා ගැනීම' ලෙස මෙය ඉන්පසුව හැඳින්වින. කෙසේ වෙතත් මේ ආකාරයට කී්‍රඩකයන් දවා ගැනීම ශිෂ්ඨ ක්‍රීඩාකාමී දවා ගැනීමක් ලෙස ලෝකයා නොපිලිගනී. නමුත් එය ක්‍රිකට් නීතියකි. එබැවින් බොහෝ විට සිදුකරන්නේ යම් පන්දු යවන්නෙක් මේ ආකාරයට පිතිකරුවෙක් දවා ගත්තද පන්දු යවන පිලේ නායකයා පිතිකරුවාට කතා කර යලි ක්‍රීඩා කිරීමට ඉඩ සලසා දීමයි. පන්දු යවන පිලේ නායකයා කැමති නම් වෙනත් ඕනෑම ආකාරයකින් දැවී ගිය ක්‍රීඩකයෙකුට වුවත් යලි පන්දුවට පහර දීමට ඉඩ සලසා දිය හැකිය.<<

    Lankaenews...... satahanakin uputaa gannaa ladi.....

    ReplyDelete
    Replies
    1. ඔය නීතී රීති ගොඩක් උන් දන්නේ නෑ. ලංකා ඊ නිව්ස් එකත් මරාත් එක්ක තියෙන ගේමට. කොල්ලො ටිකට මඩ ගහලා. ඒකත් චාරයක් නැති මළදානයක් තමයි.

      Delete
    2. නැ නැ ලංකා ඉනිවුස් එකත් එහෙ ඉදන් සුද්දගේ පුක ලේවකනවා නැතිනම් උටත් වන්වේ ටිකට් ටු ශ්‍රී ලංකා

      Delete
  22. මට නම් අප්පිරිය, මොකක් හරි සිද්ධියක් වෙච්ච ගමන්, ඒකට සුදු-කළු පාට ගාන්න කට්ටිය උත්සාහකරන එක ගැනයි. ඒකෙන් පේන්නේ ලෝකයම පාට අමතකරන්න හදන කාලෙක, අපි තාමත් ඔක්කොම වුණේ සුද්දගේ වරදින් කිය කිය ඉන්න එක තමයි. අයිසීසී එකෙන් අන්තිමට බෝලර් කෙනෙක්ව සස්පෙන්ඩ් කලේ ෂේන් ෂිලිංෆර්ඩ්ව (xx). ඒ ඉන්දියාවෙදි ගැහුව මැච් එකකදි අම්පයර්ලා රිපෝර්ට් කරපු නිසා.

    මීට අවුරුදු කීපයකට කලින් බ්‍රිස්බේන් වලදි රවිචන්ද්‍රන් අශ්වින් තිරිමාන්නව මේ විදිහට දවාගත්ත වෙලාවේ, ෂෙවාග් ඒ ඇපීල් එක ඉල්ලා අස්කරගත්තා. එදා මහේල ඒ වැඩේ විවේචනය කරමින් කිව්වා "මම නම් ඇපීල් කරනවා තියා, බේල් එක කඩන්නෙවත් නැහැ" කියලා. ඉස්පිරිට් එක දිනුව බවත් කිව්වා. එදා ෂෙවාග් ඒ ඇපීල් එක අස්කරගත්තේ නැත්නම් මෙතන කීදෙනෙක්, ඒක අනුමත කරයිද?

    මම දැක්කා උඩ තියනවා, බ්‍රෙන්ඩන් මැකලම් මුරලිව රනවුට් කරපු සිද්ධිය ගැන. එතකොට අපිට අමතකද බ්‍රෙන්ඩන් මැකලම් ගහපු පාර අකිල ධනංජයගේ මූණේ වැදුණු වෙලාවේ ලකුණක් නොදුවා අකිලට මොකද කියලා බලන්න ආපු එක. ඒ මැච් එක ලකුණු සම වෙලා, නවසීලන්තය හැලිච්ච බව?

    මුරලි දමලා ගහන බවට අම්පයර්ලා කෝල් කලේ ඕස්ට්‍රේලියාවෙදි, නමුත් වැඩියෙන්ම මුරලිට විරුද්ධව සද්දේ දැම්මේ බිෂන් බෙඩී වගේ අය. අයිසීසී එකෙන්, වැලමිට නමන්න දෙන ප්‍රමාණය අංශක 15 වැඩි කලේ මුරලි නිසා කියලා කී දෙනෙක් ඒක විවේචනය කරනවද. පහුගිය කාලේදි අයිසීසී එකේ වැඩි බලය තිබ්බේ කාටද?

    එංගලන්තේ එක්ක මැච් එක ගහලා දිනපු ගමන් අපේ කොල්ලෝ සුද්දන්ට දුවන්න ගැහුවා කියල අය, අපි පැරදුණාම, එංගලන්තය කිව්වොත් කල්ලන්ට අපි දුවන්න ගැහුවා කියලා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද?

    හරි... මේ සිද්ධිය ගත්තොත්, මට නම් මේක ස්පිරිට් එකට සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙම නම් ස්ටම්ප් එකකදි බැට්ස්මන් බැලන්ස් නැතුව වැටුනත් ස්ටම්ප් නොකර ඉන්න ඕනේ. ෆාස්ට් බෝල දානව වගේ දුවගෙන ඇවිත් ස්ලෝ බෝල නොදා ඉන්න ඕනේ. ඕෆ් ස්පින් වගේ පේන විදිහට ගුග්ලි නොදා ඉන්න ඕනේ. එහෙම රවට්ටලා විකට් ගන්න එක ස්පිරිට් එකට හරි නැහැනේ. බෝලර් ක්‍රීස් එකෙන් ඉස්සරහට ගිහින් බෝල් කරලා විකට් එකක් ගන්න එක ඔට්ටු නැත්නම්, බැට්ස්මන්ලා ක්‍රීස් එකෙන් ඉස්සරහට යන වෙලාවක අවුට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එදා ෂෙවාග් ඇපීල් එක අස්කරගත්ත එක වැරදියි. සචිත්‍ර කරපු දේ හරි. මේක ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක් වෙන්න ඕනේ. ක්‍රීඩාවේ මූලික නීති ආරක්ෂා කිරීමක් මේක.

    හැබැ‍යි මේක ස්පිරිට් එකට අදාලයි කියලා කවුරුහරි කියනවා නම්, අපි මෙතනදි වැරදියි කියලත් පිළිගන්න ඕනේ. කොච්චර වෝනිං දුන්නත් එහෙම අවුට් කරන එක වැරදියි එහෙමනම්. ස්පිරිට් එක වෝනිං දුන්නා කියලා අහෝසි වෙන්නේ නැහැ. ඒ වෝනිංස් බැට්ස්මන් ගණන් ගත්තේ නෑ කියන එක අපිට අදාල දෙයක් නෙමෙයි. ඒ වගේම නියම ස්පිරිට් එක තමයි, එහෙම අවුට් කරගන්න ඕනෙ තරම් ඉඩ තියෙද්දි එහෙම නොකර ඉඳිම.

    ReplyDelete
    Replies
    1. //ඒකට සුදු-කළු පාට ගාන්න කට්ටිය උත්සාහකරන එක ගැනයි. //

      තිසර හරියට හරි. හැම මගුලටම සුදු කලු, බටහිර, නැගෙනහිර ගාගන්න එක කරුණු විශ්ලේෂනය කරන්න තියන ලොකුම බාධාවක්.

      අපිට ටෙස්ට් තත්වය දෙන්න අකමැති වුන රටවල් දෙකක් තමයි ඉන්ගලන්තෙ සහ වෙස්ට් ඉන්ඩීස්, අපිට සපෝර්ට් කරපු රටවල් දෙකක් තමයි ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව.
      කලු සුදු වලට වඩා වැදගත් වන සහ බලපාන කරුණු ගොඩක් තියනව.

      ඈතර්ටන් කියපු එක මම පහල ලියල තියනව

      Delete
    2. තිසර,
      උඹ මතු කරන්නෙ වැදගත් කතාවක්. ඔය කළු සුදු බේදය ඇදගැනීම සාමාන්‍යයෙන් තියන දෙයක්. ඕක විතරක් නෙවේ, ඔය කැටගරිය සෑහෙන්න විශාලයි. යම් සිද්ධියක් දිහා බලන්න පුළුවන් මිණුම් දඬු අනන්ත ප්‍රමාණයක් මිනිස්සු හදාගෙන තියනව. එයින් එකක් විතරයි වර්ණ භේදය.
      දැං බලපං නවකතාවක් විචාරය කරද්දි ඒකට ක්‍රමයක් තියනවනෙ. නවකතා විචාරය කරන ඇතැමෙක් ඒක කරන්නෙ 'මාක්ස්වාදී' විදියට බලල. 'මාක්ස්වාදී විචාරය කියන්නෙ'. තවත් කෙනෛකුට අනුව බුදු දහමෙන් විචාරය කරන්න පුළුවන්. තවත් කෙනෙක් තවත් විදියකට..........

      The Animal (2001) කියන චිත්‍රපටියෙ ඉන්නව කල්ලෙක්. උගේ යාළු සුද්දෙක් වැරැද්දක් කලාම සුද්දව ගලවගන්න කල්ල කියනව 'ඒක කලේ මම' කියල. වටේ ඉන්න මිනිස්සු ඊට පස්සෙ ඒක අත්හැරල දානව 'මූ කල්ලනෙ' කියල. කළු සුදු භේදය කියන්නෙ අතීතයේ ඉඳල එන දෙයක්. නීතියක් විදියට නැතිවුනාට තාම ඉන්නව ඒ ගැන වදවෙන උදවිය. මේ සීන් එකත් ඒ වගේ දෙයක් තමයි. මේ දේවල් ශිෂ්ටාචාරය පවතිනතුරු නැති වෙයි කියල මම නං හිතන්නෙ නෑ.

      Delete
    3. මට නම් කළු සුදු බේදයක්වත්, රට රට වල බේදයක් වත් නෑ. කෙනෙක් කියයි එහෙනම් පර සුද්දෝ කියලා ලියලා තියෙන්නේ ඇයි කියලා. ඒ මම සුද්දෝ කියලා ලියන විදිය. තම්බින්ට තම්බි කියලා ලිව්වට. මම ජාති වාදියෙක්වත් නෙමෙයි. මම සුද්දන්ට පට්ට ආදරෙයි. මම හිතනවා අදත් මේ රටේ සුද්දා කිටියනම් මීට හොඳයි කියලා. නමුත් නීතිය කියන දේ කාටත් පොදු වෙන්න ඕන. ඒකට පාටවත්, බලවත් කමවත්, පොහොසත් කමවත්, කිසිම දෙයක් බලපාන්න බෑ.. මනුස්සකම ගැන කතා කරනවනම්. මනුස්සකම දෙසරයක්ම පෙන්නුවා.

      Delete
    4. Spirit of Cricket කියල එකක් තියේනං සචිත්‍ර කරපු වැඩේ ඇත්තටම වැරදියි. ඒකයි මං කිව්වේ මිනිහා පළමු පාර වොර්නිං එක දෙන්න ඕන බේල් අයින් කරාට පස්සේ කියල.. ඒකයි වෙන්න ඕන අන්න ඊට පස්සේ අවුට් කරොත් ස්පිරිට් ඔෆ් ක්‍රිකට් කතාවක් ඇදෙන්නෑ..

      තිසරගේ හුගක් අදහස් වලට එකගයි. ඒත් එක දිගටම අර වෝර්නිං දිදී රෙද්ද ආරස්සා කරනව කියන්නේ විහිළුවක්.. විකාරයක්...

      Delete
    5. මම ඌට කියන්නම් මීට පස්සෙ එල් බී වලට ඇපීල් කරන්නත් එපා කියලා.

      Delete
  23. //බොදු ගොවි සුද්දෙක් වන, "// :D:D

    ReplyDelete
    Replies
    1. ඔව් පොකු එහෙම සුද්දෝ ඉන්නවා. ඉස්සර අපේ ඔෆීස් එකක තම්බියෙක් හිටියා. මම ඌට කියන්නේ ගොයිගම තම්බියා කියලා. ඌ ඒ තරම් කොලිටි..

      Delete
  24. ඉටපු සුදු කිකට් අයිය කෙනෙක් මේම කිලා තිබ්බ බොලව්......
    >>එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඇලෙක් ස්ටුවර්ට් සිද්ධිය ගැන පසුව මෙසේ කීය. ''මේක ක්‍රිකට් නීතියක්. ශ්‍රී ලංකාවට විනිසුරුගෙන් ඉල්ලීමක් කරන්නට අයිතිය තියෙනවා. පන්දු යවන්නා දෙවතාවක්ම අවවාද කිරීමෙන් පසුවයි දැවීම ගැන ඉල්ලීම කෙළේ. මැතිව්ස්ට යලි ඔහුට ආරාධනා කරන්න ඉඩ තිබුනා. නමුත් ඔහු එසේ කෙළේ නෑ. කෙසේ වුවත් මෙවැනි දේ දකින්නට අපි කැමති නෑ. නමුත් භාවිතාවයට ගන්න බැරිනම් මෙවැනි නීතියක් තිබිලාත් වැඩක් නෑ. කෙසේ වෙතත් මේ නීතිය සංශෝධනය විය යුතු යැයි මා සිතනවා'' <<
    Lankaenews උපුටා ගැනීමකි......

    ReplyDelete
    Replies
    1. ඌ නියම සුද්දෙක් වෙන්න ඕන... මේ අපි වගේ...

      Delete
  25. කවුද යකෝ මේ මාතලන් කියන පකයා? මූ රෙනවා නෙවෙයි රිරී ඇවිදිනවා. තුඃ නොදකින්....

    ReplyDelete
    Replies
    1. මම රුන්නාම තොට තියෙන අමාරුව මොකක්ද පකෝ. තෝ ඇවිත් මම රෙන ඒවා කන එකෙක්නේ. අනුන්ගේ ගූ නොකා. කන්නම ඕන නම් උඹේම ගූ කාපිය. ගොන් වස්සා.

      Delete
    2. හෙක්.... හෙක්.... එල ලොක්කා......

      Delete
  26. දැන් ඕක නීතියක් හැටියට පිළිගන්න දෙයක් නම්, දෙපාරක්ම ඉවසලා බැරිම තැන නීතිය ක්‍රියාත්මක කරපු උන් වැරදියි. උන් මහත්වරුන්ගේ කිරිඩාවට හානි කොරලා.

    එතකොට දෙපාරක්ම වැරද්ද පෙන්නලා දීලත් තුන් වෙනි පාරත් ඒ වැරද්ද කරපු එකා හරි. ඌ මහත්වරුන්ගේ කිරිඩාව බ්ත්තරේ රකින්නා වගේ රැකලා.

    'සචිත්‍ර පළවෙනි පාරෙන්ම ඔය දේ කරානම් වැරදියි. ඒත් දෙපාරක්ම ඉවසීමම මිනිහගෙ මහත්මා ගුණය නොවේද'

    'බට්ලර්ගෙ අතින් එක වරක් ඔය දේ උනානම් ඒක උගේ අතපසු වීමක් විය හැකියි, නමුත් අවවාද දී තිබියදීත් තෙව‍රක්ම ඒ වරද කීරීම උගේ කාළකණ්නි කම නොවේද?'

    බලන් ගියාම 'විත්තිය නිදොස් පැමිණිල්ල ගස්'.

    ReplyDelete
    Replies
    1. නෑ අපේ පකයලම ආන්ඩුව ගහන්න ඕන උනාම. මේක හරි උඩ දදා ගහනවා. උන් දන්නේ නෑ නීතිය මොකක්ද කියලවත්.

      Delete
  27. මම කියන්නේ සචිත්‍ර කරපු වැඩේ වැරදියි. මොකද මිනිහට තිබ්බ පළවෙනි අවසථෘවම අවුට් කරල ඒක ඇපීල් නොකර වෝර්නිං එක දෙන්න. අන්න එහෙම උනා නං සුද්දෝ දෙවැනි පාර වෙච්චි වැඩේට හු තියා මිටි තියන්නවත් එන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. උඹ එච්චර සුද්දෝ ගැන දන්නේ නැති පාටයි.

      Delete
    2. //උඹ එච්චර සුද්දෝ ගැන දන්නේ නැති පාටයි.//

      බොලාගේ රෙද්දේ ලිබරල්වාදි අදහස් වල විවෘත බාවය පැහැදිලිව පේනවා මේකෙන්.. ඔව් ඉදගෙන

      Delete
    3. ආයෙත් ඒකමයි කියන්න තියෙන්නේ..

      Delete
  28. මේ දැවී යාම ගැන කියන කොට වොල්ෂ් ගැන කියා තිබිණ.ඒ වගේම වැඩක් අවුරුදු 17 න් ශ්‍රී ලංකා ඒ ටිම් එකට සෙල්ලම් කරපු අර්ෂාඩු ජුනයිඩ් ද කළේය.පිතිකරුවා වූයේ එංගලන්තයේ බෙන් හොලිඔක් හෝ ඇඩම් හොලිඔක්ය.ඔහු ඒ ගැනත් තරගයේ ජුනයිඩ් දැක් වූ දස්කම් ගැනත් මහ ඉහළින් කතා කළේය.නමුත් පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව කියමින් ඔහුව අවුරුදු 19 න් පශළ ක්‍රිකට් සංචිතයෙන් කපා දමා සිය ඥාති පුතෙකුට අවස්ථාව ලබා දුන් එවකට 19 න් පහළ පුහුණුකරු ඩීඑස් ද සිල්වා ජුනයිඩ්ගේ ක්‍රිකට් ජීවිතයට ඇණ ගසා දැමුවේය.

    සචිත්‍ර ගේ සිද්ධිය ගැන අපූරු විග්‍රහයක යෙ‍දුණු මහේල කියපු කාරණා ටිකය පට්ටය.ඒ ගැන තව දුරටත් කියනවානම් මහේල ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් එල්ල වූ තරගයේ අවසාන පන්දු ඕවර් 10 තුළ මෙසේ පිතිකරු සීමවෙන් එළියට පැමිණීමේ වාසිය හරහා එංගලන්තය 2 ලකුණු 22 ක් ලබන්නේය.

    පන්දු යවන්නා පන්දුව අතින් පිට කිරීමට පෙර පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා ආරම්භය ලබා ගැනීම නිවැරදි නොවන්නේ මන්ද යන්න සළකා බැලිය යුතුය.එය වංචනික වන්නේ ක්‍රිකට් පහරවල් බෙහෝ විට එල්ල වන්නේ පන්දු යවන්නාගේ විකට්ටුව දෙපසින් ලොන්ග් ඕන් සහ ලෝන් ඕෆ් කළාප කරාය.එවිට දුවද්දී දැවීමකට පන්දුව භාර දිය යුත්තෙ සහ පහසුව සහ ඉක්මණින් ලැබෙන්නේ පන්දු යවන්නාගේ විකට්ටුවටය.නමුත් ඔහු වැරදි වාසියක් ලබා ඉදිරියට පැමිණෙන්නේනම් පන්දුවට පහර දෙන පිතිකරුවාගේ පිත්තේ පන්දුව දැවටෙන විට පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරුවා වේගයෙන් දිවීමට අවශ්‍යය ශක්තිය උපයා ගෙන අවසන්ය.

    බට්ලර් මීට පෙර තරගයේදී දුවද්දී දැවී යන්නේද මේ වගෙගග්ම කේස් එකක් නිසාය.පන්දු රක්න්නා වන මාලංග පන්දුව රැක ගන්න විටත් පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරු පහර දෙන පිතිකරු ආසන්නයට ගොස් අවසන්ය.නීතිය කෙසේ වෙතත් මෙවැනි දේවල් කිරීම සදාචාරසම්පන්න නැත.පෞද්ගලිකව මන්කාඩ් ක්‍රමයට මගේ කැමැත්තක් නැති බව කිව යුතුය.නමුත් ඒ නීතියකි.එය භාවිතා කර නැවතිය හැකි ඉඩක් තිබියදී එංගලන්තය ක්‍රිකට් නීතියට පිටින් කඩුළු අතර දිවීමෙන් ලකුණු ලබා ගන්නේනම් එම නීතිය භාවිතා කර හෝ ඒ අවනීතියට එරෙහිව ක්‍රියා කළ යුතුය.

    කඩුලු දෙක අතර දුර මීටර් 22 ක් පමණි.මෙය වේගයෙන් දුවන විට තත්පර 4 ‍ට අඩුවෙන් දිවිය හැකිය.එහෙත් හොද ආරම්භයක් ලබා සිටියහොත් කාලය අඩු කර ගැනීමට හැකි අතර මෙහිදී පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරු ඒ වේගය ලබා ගැනීමට අමතරව දිවිය යුතු දුරද අඩු කර ගන්නේනම් එයින් පිතිකරණයේ යෙදෙන කණ්ඩායම අනීතික ලෙස ලබා ගන්නා වාසිය ගැන අමුතුවෙන් කිව යුතු නැත.මහේල කියන ලකුණු 44 ම එවැනි ලකුණු ය.

    ඊට සාපේක්ෂව ගත් කළ කල්ලන් සුද්දන් ලෙස හෝ ලංකාව ලෙස හෝ නොව සචිත්‍ර ජයග්‍රහණය වෙනුවෙන් ගත් තීරණය නිවැරදිය.ක්‍රිකට් හී ජීව ගුණය රැදී ඇත්තේ ඊඨ අදාළ සීමාවන් සහ නීතිමය තත්ත්වයන් යටත්ව දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම තුළය.ඒ නිසා අයිසීසී ය මේ ගැන පරීක්ෂනයක් පවත්වන්නේනම් මහේල ඉදිරිපත් කරන අනුව ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ කිරීම සම්බන්ධයෙන් දඩුවම් කළ යුත්තේ බට්ලර්ටමය.

    නැති ලකුණු 25 - 30 ක් බට්ලර්ලා එකතු කර දීමෙන් ලංකාවට පිළිතුරු ඉණිමේදී එල්ල වන පීඩනය සුළු නැත.එයට මුහුණ දීමට නොහැකිව පරාජය වූ විට එල්ල වෙන අවලාද සහ දොස් ද සුළු නැත.මේ අර්ථයෙන් ගත්තද දෙවරක්ම අවවාද කළ චූදිතයෙක් එම තත්ත්වය නොසළකා හරීනම් දඩුවම් කිරීම සදාචාරසම්පන්නය.දඩුවම් දුන්නේ සචිත්‍ර නොවේය.විනිසුරුය.සචිත්‍ර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පැමිණිල්ල කළ පුද්ගලයාය.

    ReplyDelete
    Replies
    1. ඔහොම විශ්ලේෂනයට නොයන්න හේතු කීපයක් තියෙනවා. නිකන් හිතපන් ඔතන උන්නේ විරාට් කෝලී කියලා. එහෙනම් අපේ උන් දාන ෆේස්බුක් ස්ටේටස් මේවා නෙමෙයි. සචිත්‍රට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමන්ට් එන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා පරගැති භාවය. තව තියෙනවා වැඩවසම් මානසිකත්වය. ඒ හැම එකෙක්ටම නීතියවත් මනුස්සකමවත් අදාල නෑ. ඔය හැම එකාම පිච්ච මල් පූජවලටන් බෝධිය නෑවීමේ පින්කම් වලට යන ගල් යුගයේ පොරවල්.

      Delete
  29. සචිත්‍රගේ ක්‍රියාව ගැන කදිම අදහසක් මහේල විසින් සුද්දන්ට දී තිබිණි. ඔහු කළ දේ හැම අතින්ම සාධාරරණ බව මහේල මනාව එහිදි පවසා තිබිණි.

    ReplyDelete
    Replies
    1. හැබැයි අශ්වින් ඕක අපිට කරපු වෙලාවෙ මහේල වෙන කතාවක් කිව්වේ...

      Delete
    2. ඕක අපේ හැටියක්.

      අපිට වෙනවානම් එක විදියක්.තව එකෙක්ට වෙනවා නම් තවත් විදියක්.

      Delete
    3. මහේල කියන්නෙත් මහහ්තයෙක් නෙමෙයි. ග්‍රවුන්ඩ් එකේ ජඩ වැඩ කප්පරක් කරපු එකෙක්. පිටියෙන් පිටත් එහෙමයි. මම කතා කරන්නේ මේ සිඳුවීම ගැන පමණයි.

      Delete
    4. මෙන්න ඒ කතතාව උපුටාගගැන්ම දිනමිණ ක්‍රීඩා පිටුව
      එංගලන්තය අන්දමන්ද කළ සචිත්‍ර‍ගේ ‘මන්කාඩිං’ මෙහෙයුම
      සචිත්‍ර සේනානායක නමැති ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන්නා අද එංගලන්තයේ කාගෙත් අවධානයට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව සිටී.

      Delete
    5. ඒ, කාරණා දෙකක් නිසාවෙනි. පළමුවැන්න නම් ඔහුගේ දඟ පන්දු යැවීම සැකසහිත බවට තීන්දු කර තිබීමයි. දෙවැන්න වනුයේ ඔහුගෙන් ප්‍රදර්ශනය වූ ‘මන්කාඩිං’ සිද්ධියයි.

      එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ලකුණු හතක තියුණු ජයක් වාර්තා කළ සිවුවැනි එක්දින තරගයේ සේනානායක යැවූ පන්දු කිහිපයක් සැකසහිත බවට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.

      අනතුරුව බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එංගලන්තය කඩුලු හයකින් පරදවමින් ශ්‍රී ලංකාව තරග 3–2කින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව ජය ගත් පස්වැනි තරගයේ සේනානායකගේ ‘මන්කාඩිං’ රංගනය නිසා ඔහු වඩාත්ම කතාබහට ලක්ව සිටින ක්‍රීඩකයා බවට පත්විය. ‘මන්කාඩිං’ යනු පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා පන්දුව යැවීමට පෙර සිය සීමාවෙන් පිටට පැමිණ සිටියදී කඩුල්ල බිඳ දමා ඔහු දවාලීමය.

      1947–48 වකවානුවේ ඉන්දියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දියා ක්‍රීඩක විනූ මන්කාඩ් විසින් බිල් බ්‍රවුන් පිතිකරුවා මේ අයුරින් දවාලීම නිසා මතභේදයක් උද්ගත විණි. පන්දු යැවීම සඳහා දිව එමින් සිටින අතරවාරයේ ඔහුගේ අන්තයේ සිටි පිතිකරුවා ඔහුගේ සීමාවෙන් ඉදිරියට පැමිණ සිටියදී මන්කාඩ් කඩුල්ල බිඳ දමමින් ඔහු දුවද්දී දැවී යාමකට ලක් කළේය.

      ඒ සංචාරයේ කළින්ද මන්කාඩ් මෙවැනි ක්‍රියාවක නිරත වූවද මාධ්‍යවේදීන්ගේ කෝපයට ඔහු ලක්වූයේ මේ දෙවැනි සිද්ධියෙනි. එතැන් පටන් මෙවැනි ආකාරයේ දවාලීමක් හඳුන්වනු ලැබුවේ ‘මන්කාඩිං’ යනුවෙනි.

      පෙරේදා පැවැති තීරණාත්මක තරගයේ එංගලන්ත ඉනිමේ 42 වැනි ඕවරයේදී දෙවතාවක්ම කඩුල්ල වෙත පැමිණ පන්දු යැවීම නතර කළ සේනානායක, පන්දුව යවන තෙක් සීමාවෙන් පිටතට නොයන ලෙසට එම අවස්ථාවේ කඩුල්ලේ සිටි ජොස් බට්ලර් හා ක්‍රිස් ජෝඩන් යන පිතිකරුවන් දෙදෙනාටම අවවාද කළේය.

      සේනානායක ඔහුගේ ඊළඟ ඕවරයේදී (ඉනිමේ 44 වැනි ඕවරය) වතාවක් බට්ලර් ට අවවාද කර දෙවැනි වතාවේදීද බට්ලර් සීමාවෙන් පිටව සිටියදී හෙමිහිට කඩුල්ල බිඳ දැමුවේය. ඒ වන විට බට්ලර් ඔහුගේ සීමාවේ සිට යාරයක් පමණ ඉදිරියට ගොස් සිටියේය.

      දැවී යාම ප්‍රකාශ කිරීමට පෙර තරග විනිසුරුවන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ඒ ගැන විමසූ විට මැතිව්ස්ද දැවී යාම ප්‍රකාශ කරන ලෙසට අනුමත කළේය. ඒ අනුව මෙවැනි දවාගැනීමක් 1992 වසරෙන් පසුව ප්‍රථම වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

      දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී කපිල් දේව් මේ අයුරින්ම පීටර් කර්ස්ටන්ගේ ඉනිම අවසන් කළේය.සචිත්‍ර සේනානායක කළ දේ හරි බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන කියා සිටියේය. ඔහු එසේ කියා සිටියේ එංගලන්ත නායක ඇලස්ටෙයාර් කුක් විසින් සේනානායකගේ ක්‍රියාව පහත් කොට සලකා කරන ලද ප්‍රකාශයට පිළිතුරක් ලෙසිණි.

      ජොස් බට්ලර් දුවද්දී දවා ගැනීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොතිබූ බව ජයවර්ධන කියා සිටියේය. ‘මන්කාඩිං’ සිද්ධියට පෙර ශ්‍රී ලංකාව දෙවතාවක්ම බට්ලර්ට අනතුරු ඇඟවූ බවත් ඔහු කළින්ම ඔහුගේ සීමාවෙන් පිටව ඉදිරියට ඒමෙන් අසාධාරණ වාසියක් ලබා ගන්නා බවට හැඟී ගිය බවත් ජයවර්ධන ප්‍රකාශ කළේය.

      “අපි ඔහුට සාධාරණ අවස්ථාවක් ලබා දුන්නා. දෙපාරක්ම. බට්ලර් වුවමනාවට වඩා වැඩියෙන් සීමාවෙන් ඉදිරියට යන බව පළමු අනතුරු ඇඟවීමට පෙර අපි තරග විනිසුරුවන්ට දන්වා සිටියා. ඊට පස්සෙත් අපි එයාට අවවාද කළා. අපට මෙසේ ඔහුව දවාගන්න සිදුවුණා. මොකද, ඔහු නැවත නැවතත් ඒ දෙය කළ නිසායි.”

      “ලෝඩ්ස් තරගයෙන් පසුව (සිවුවැනි තරගය) අපි අපේ ක්‍රීඩාව විශ්ලේෂනය කළා. අන්තිම ඕවර දොළහේදී ඔවුන් (එංගලන්තය) ලකුණු දෙකේ ඒවා විසි දෙකක් ලබා ගත්තා.

      රවි බොපාරා හා බට්ලර් කඩුලු අතර දිවුවේ පිස්සුවෙන් වගෙයි. ඒ බොහෝ අවස්ථාවල ඔවුන් දිවීම ආරම්භ කළේ නිත්‍යානුකූල නොවන විදියටයි. පෙරේදා තරගයේදී අපට සාධාරණ අවස්ථාවක් ලැබෙන බව සහතික කර ගන්න අපට ඕන වුනා. අපි ඔවුන්ටත් තරග විනිසුරුවන්ටත් අනතුරු ඇඟෙව්වා. නමුත් ඔවුන් අපට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා හරි පියවර ගන්න අපට සිදුවුණා.”

      “අපි හැම විටම උත්සාහ කරන්නේ නිවැරදි ජීවගුණයෙන් ක්‍රීඩා කිරීමටයි. නමුත් අනෙක් කණ්ඩායම ඒ විදියට නොකර නීතියට පටහැනිව ක්‍රීඩා කරද්දී, අවාසනාවකට, නීතිය අපේ අතට ගන්න අපට සිදුවෙනවා. බට්ලර්ට අවස්ථා කිහිපයක්ම ලබා දුන්නා. එය සාධාරණ ඇතියි කියලයි මම හිතන්නේ. අපි සියළු දෙනාම ක්‍රීඩා කළ යුත්තේ නීතියට යටත්වයි.” යනුවෙන් මහේල ජයවර්ධන ප්‍රශ්න කරයි.

      Delete
    6. විනූ මන්කාඩ්ගේ ක්‍රියාව අනුමත කළ සැලකියයුතු පුද්ගලයෙකුව සිටියේ ලොව ශ්‍රේෂ්ඨ පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් ය. බ්‍රැඩ්මන් ඔහුගේ ස්වයංචරිතාපදානයේ මෙසේ සටහන් කර තිබේ.

      “මන්කාඩ්ගේ ක්‍රීඩාශීලීභාවය ගැන ප්‍රශ්න කළේ ඇයිද කියා මට නම් හිතාගන්නම බැහැ. පන්දුව යවා අවසන් වන තෙක් පන්දුවට පහර නොදෙන පිතිකරු ඔහුගේ සීමාවේ සිටිය යුතු බවට ක්‍රිකට් නීතිවල ඉතාමත් පැහැදිළිව කියා තිබෙනවා. කළින්ම සීමාවෙන් පිටව ඉදිරියට පැමිණීමෙන් පන්දුවට පහර නොදෙන පිතිකරුවා පැහැදිළිවම අසාධාරණ වාසියක් අත්කර ගන්නවා.”

      - වර්නන් ගුණසේකර

      Delete
    7. ඒ උනාට නලීන්, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ටත් වඩා මහත්තුරු වෙන්න යනවා අපේ උන්.

      Delete
  30. සුද්දා මුල සිටම ගේම ගැහුවේ මේ තරඟාවලිය දිනන්නය , මුලින්ම අපේ කෝච් ව ඉස්සුවේය, එවෙලාවේ කවුරුවත් සදාචාරය ගැන කතා කලේ නැතිය, ප්රෝබේෂන් පීරියඩ් එකේ හිටි අපේ කෝච් එක්ක හොරෙන් ඩීල් දමා ,ඌව පන්නගෙන එංගලන්ත සංචාරය ගැන තිබබ් සලසුම් උස්සන්නට කරපු පජාත වැඩේ ගැන කවුරුවත් කතා කරන්නේ නැතිය .

    ඊට පස්සේ සීරීස් එක පරදියි කියා බයේ අන්තිම මැච් එකට කලින් ටීම් එකට මෙන්ටල් ඇටැක් එකක් කලේ සචිත්‍ර පන්දුව දමා ගසනවා කියාය.

    දැන් අන්තිමට ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලුණේය . කලින් කිව් දෙකම සුද්දා කරපු පජාත වැඩ නිසා ඒවා අනුමත කරනු ඇත. කවුරුවත් ඒ ගැන කතා නොකරන්නේ ඒ නිසාය. මෙතන තියෙන්නේ එංගලන්ත පරිපාලනය කල ප්‍රැන්සිස්කුකරණ ටයිප් වැඩේ කෙලවී තරඟාවලිය පැරදී සිදුවුණු ලෝක ලැජ්ජාව වහගන්න විදිහක් නැතිවීමය.

    ඊළඟට කොටි කොඩි රැගත් පිම්පියොන්ගේ ජිම්නාස්ටික් දැකගැනීමට හැකිවනු ඇත .

    ReplyDelete
    Replies
    1. මනුස්සකම ගැන කතා කරන්න ඕන මනුස්සකම තියෙන උන්. එහෙම නැති උන්ට මොකක්ද උන් ළඟ නැති දෙයක් ගැන කතා කරන්න තියෙන අයිතිය.

      කොටි ඩයස්පෝරා සිද්දීනුත් ඕවා යටින් තියෙනවා. කැමරන් කියන්නේ උග්‍ර කොටි හිතවාදියෙක්. උන්ගේ සල්ලි වලින් කාපු එකෙක්.

      Delete
  31. //පර සුද්දෙක් වන, "මයිකල් ඇතර්ටන්", "ඇන්ජෙලෝගෙන්" අහන්නේ, සචිත්‍රගේ කේස් එක, කණ්ඩායමට බලපානවාද කියලාය//

    අප්සෙට් ප්‍රශ්න අහන එක මීඩියා කාරයන් ගේ වැඩක් ය. ඇතර්ටන් කලේ එතන ඒ වැඩේය. ඒත් ඔහු පසුව රනවුට් එක ගෑන ලිව්වෙ මේක -

    And Mike Atherton, the former England captain, wrote in the Times: "The cat-calls, boos and whistles that accompanied Jos Buttler's return to the England dressing room yesterday, having been 'Mankaded' by Sachithra Senanayake, illustrate just how far the woolly notion of the spirit of cricket has confused things.

    "Sri Lanka were well within their rights to send Buttler on his way. You could even argue that they had been extra courteous by affording the batsman a warning."
    අපි පුරුද්දට සුද්දො බෑෂින් කලාට එහෙ හැම සුද්දම එකවිදිහටම හිතන්නෙ නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මැතිව්ස් ඌට කලිසමේ චූ යන්න උතර දුන්නම, උගෙත් ඇස් ඇරෙන්න ඇති.

      Delete
  32. සුද්දා තියා මොකා වුනත් සචිත්‍රගේ වැඩේ හරිය. ඒ දෙවරක්ම ඒ ගැන පෙන්වාදුන් නිසාය. ගහන්න ගහන්න වඳින සිරිතක් නැත. තුන්වැනි පාර අත උස්සා කණට ගැහුවේ ඒ නිසා විය යුතුය.ඇලෙක් ස්ටුවර්ට් කියනා සේ එසේ නැත්නම් මේ නීතිය ඉවත්කල යුතුය. මෙය සුදු-සුදු තරඟයක් වූවානම් මේ කතාබහ මෙතරම් දුරදිග යන්නෙත් නැත. කිසිම ක්‍රීඩාවක් මේ වනවිට මහත්තුරු අතර නැත. මහත්තුරු කරන එකම ක්‍රීඩාව රති ක්‍රීඩාව පමණය. අනිත් සියල්ලම මහත්තුරු දම්මලා කරන ක්‍රීඩාය.

    ReplyDelete
    Replies
    1. //සුදු-සුදු තරඟයක් වූවානම් මේ කතාබහ මෙතරම් දුරදිග යන්නෙත් නැත//
      ඇත්තටම හිතල බැලුවොත් අරූ, ඉන්ගලන්ත/ඔස්ට්‍රේලියා, ඉන්දියා/පකිස්තාන් හෝ නවසීලන්ත/ඔස්ට්‍රේලියා වුනානම් ඔයිට වඩා හුගක් දුර යනව. මතකද චැපල් ගේ අන්ඩර් ආම්? එහෙම නෑත්නම් ඈශෂ් කාලේ යාහූ ස්පෝර්ට්ස් UK වල කොමෙන්ට්ස් බලන්න. පාටට වඩා වැදගත් වෙන්නෙ rivalry එක

      Delete
    2. අපි තමයි තාමත් වර්ණභේදවාදී අවධියේ විදිහට හිතන්නේ, සම්පූර්ණ සුද්දොම ඉන්න ක්‍රිකට් ටීම් එකක් දැන් හොයාගන්නත් බැරිතරම්.

      Delete
    3. වර්ණභේදය ලෝකයට නොපෙන්නුවත් තාමත් ඒක සුද්දන්ගේ හිතේ තියෙනවා. බොහෝ පිටරැටියන් මේ රටවල්වල ජීවත්වෙන්න එන එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. එහෙම නැත්නම් එංගලන්තේ BRITISH NATIONAL PARTY වගේ ඒවා හැදෙන්න විදිහක් නැහැනේ.

      Delete
    4. මේ එකෙක්වත් නීතී ගරුක උන් නෙමෙයි. හැබයි මනුස්ස කමට මහින්ද මහත්තයා මිනීමරුවෝ එලියට දැම්මාම. නැට්ට උස්සගෙන උම්බෑ කියන්නෙත් මුන්ම තමයි. නීතියක් තියෙද්දී තව මොන කතාද?

      වර්ණබේදවාදයට කත් අදින් උන් යුරෝපා පාර්ලීමෙන්තුවට තේරී පත්වීම ගැන හෙන කතිකාවක් යනවා නේද යුරෝපේ..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. Thisara, Aru, Maathalan, හැම රටේම වගෙ ගොඩක් දෙනාට හිතේ prejudices , stereo- typing තියනව. ( අපිට කොයි තරම් තියනවද !! ) ඒත් මම පෞද්ගලිකව දැකපු එකක් තමයි. තමන් discriminate වෙයි කියල හිතාගෙන ඉන්න අයට හැමදේම ඒවගේ පේනව. පිටරටකදි සුද්දෙක් රැව්වත් ඒ අපි කලු කියල හිතෙනව. ඒ සුද්දම රුමේනියන් කාරයෙකුට බනින එක ගැන හිතෙන්නෙ නැහැ.මම පිටරට වල හිටපු අවස්තා කීපයේ ( එකවරකට සුමාන කීපයක් පමණයි රස්සා කරල නැහැ ) මට කවදාවත් discrimination දැනිල නැහැ මම එක පාරක් යාලුවෙක් එක්ක සුදු කියන රටක සුමාන දෙකක් හිටිය මට එක සැරයක් වත් වෙනස් කමක් දැනුනෙ නැහැ ඒත් සුද්දො ගැන පූර්ව නිගමන තිබුන යාලුවට සුද්දො පබ් එකක හිනාවෙනව ඇහුනත් හිතුනෙ එයාට හිනාවෙනව කියල.

      Racial discrimination තියනව. සුදු කලු බේදෙ තියනව. ඒත් ඒ සමහර අවස්තාවලදී, සමහර අයවිසින් සමහර අය සදහා පමණයි. අපි සමහරු වැරදියට හිතන්නෙ ඒක රූල් එකක් වගේ කියල

      Delete
    8. මෙහෙමයි ප්‍රා......සියළු සුද්දන්ම කළු විරෝධි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක එහෙම නැහැ. එහෙම හිතන අය ඉන්නවා නම් හරිම වැරදියි. නමුත් ඒ ඒ අවස්තාවන්හීදි තමන්ගේ ජාතියේ අය වෙනුවෙන් පෙනීසිටීම හොඳින් පෙනෙනවා රැකියා ස්ථානයන්හීදි. මේ මම විතරක් දකින එකක් නෙමේ. මෙහේ සුදු නොවන අනිත් අයගේ සාමාන්‍ය මතය. අපි ඉන්නේ සාමාන්‍ය මිනිස්සු එක්කනේ. වැඩකරන මිනිස්සු අතරින් ගත්තහැකිනේ සාමාන්‍ය උපකල්පනයක්.

      ඩිස්ක්‍රිමිනේශන් කියන්නේ නඩුයන්න පුළුවන් කේස් එකක්. නමුත් හැඟීම් වලට නඩු දාන්න බැහැනේ. ඒ නිසා එහෙම නොදැක්කා වගේ ඉන්නවා.

      Delete
  33. කෝම උනත් විඩියෝ එක නම් දැක්කා ,කියන්න තරම් ක්‍රිකට් ගැන දන්නෙ නෑ,ආසත් නෑ ;)))

    ReplyDelete
    Replies
    1. එල්ලේ මැච් එකක් ගැන ලියාපු වෙලාවක වරෙන්...

      Delete
  34. ආදි කාලේ ලන්කාව සහ සුද්දා රටෙ පලමු Test match එක වෙලේ Roy Dias ගේ helmet එක බිම වැටී wicket වැටුනේය. පොර hit wicket විය. ඒ වන විට 70 ගනනක් ලබා සිටි ඔහුට ආපහු BAT කරන්න English Captain කීවේ නැත! ඒදා අපි පැරදුනෙමු!

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවය බන් උන්ගේ මහත්මා කම්.. පඩත්තල වැඩ කීයක් නම් කරලා තියෙනවද? අපේ උනුත් එහෙමයි. මේවා ඉන්ටර්නැෂනල් ගේම්. වෙලේ ක්‍රිකට් නෙමෙයි.

      Delete
  35. mathalan noddan huttawal gana katha karnana epa banz.
    menna mehemai thama mahathwaru cricket gahanne

    https://www.youtube.com/watch?v=5tKrktTf0-Y#t=134

    ReplyDelete
    Replies
    1. මාර මහත්තුරු නේ බන්ස්...

      Delete
  36. මං දන්න ක්‍රිකටක් නෑ. අරූට දාපු නම නම් සුපිරි

    ReplyDelete
  37. The Marylebone Cricket Club (MCC) says Lankan squad did not go against the spirit of crocket nor violate law of cricket or club in Butler's run out

    අපි කියන දේවල් පිලි ගන්න බැරිනම් මේකවත් පිලි ගනිල්ලා ඔන්න සුද්දමයි කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය, මාත් දැම්මේ බං නීතිය.. එකේ නෑ වෝනින්ග් දෙන්න කියලවත්.

      Delete
    2. Croquet කියලාත් ගේම් එකක් තියෙනවා මෙහේ.

      Delete
  38. අපරාදෙ මාතෙ අපේ කලු සුද්දො කියන විදිහට එන්ගලන්ති උන් 99 ට අවුට් උන වෙලාවෙ ආපහු ගහන්න කියන්න තිබුනෙ.සුද්දන්ට එතකොට හැමදාම අපේ මහත්මා ගතිය ගැන කතා කර කර ඉන්න තිබුන.හරිනම් අපට සීරීස් එකට ආරාධනා කරනකොටම කියන්න තිබුන ඔයල දිනුම් කියල.

    ReplyDelete
    Replies
    1. අනිත් එක උන් හෙන මහත්තුරු නම් වැරැද්ද පිලි අරන් අවුට් එක පිලිගන්න තිබුනනෙ.මහත්මයෙක් විදිහට යන්න තිබුන බට්ලර්ට.එහෙම නොකරපු උන් දැන් ජීව ගුනය රකින්න කතාකරනව.

      Delete
    2. අනේ උන්ගේ මහත්මා කම්.. ඊට පස්සෙ කලෙත් මහත්තුරු කරණ වැඩ වෙන්න ඇති. තාමත් පත්තර පිටු පුරවන්නේ, මහත්මා කම නිසා වෙන්න ඇති.

      Delete
  39. ක්‍රිකට් නිති තියෙන්නේ දුමේ දාල තම්බන්ඩ යෑ අවශ්‍ය වෙලාවට ප්‍රයොජනයට ගන්ඩ නෙව අර කවුද කිව්වේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද කියල අම්මපා ඔය සුදු මහත් හොරුන්ට සිංහල තෙරෙන එකක් යෑ හික්ස්

    ReplyDelete
    Replies
    1. උනුයි අපිට කියන්නේ අපි නීතී කඩන රටක් කියලා. උන් කැඩුවට අවුලක් නෑ. ඉරාකෙට ගහන කොට ගෙනාවෙත් ඔය් තර්ක නේ.

      Delete
    2. මාතා.......උඹ දැන් ක්‍රිකටුයි,ජාත්‍යන්තර සම්බන්ධතායි පටලන්න යන්නේ. ක්‍රිකට් පොතේ නීති නොකැඩුවාට, අපි අනිත් නීතිනම් කඩලා තියෙනවා. උන් කැඩුවා කියලා අපිත් කඩනවා නම් එතන තමයි ලොකුම වැරැද්ද.

      Delete
  40. ඔතන සචියගේ කිසිම වරදක් නෑ.. ඔතන ඔය කේස් එක වෙන්නේ සචියා බෝල් කරන හැටි අවුල් කියලත් කේස් එකක් උන්ම ඇදන් එද්දී මේක වෙච්ච එකයි.. ශුවර් එකට ටෙස්ට් මැච් වලදී ආයි කේස් එකක් ඇදෙන්න ඉඩ තියෙනවා.. කෝම වුනත් එදා අන්තිමේ ඇන්ජී සචීගේ පැත්තට කතා කරපු විදිහ අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා.. එහෙන් උන් අපේ ටීම් එකට ගහද්දි. මෙහෙන් ක්‍රිකට් බෝඩ් එකෙනුත් ගහනවා. එතන ඉන්නෙත් නොම්මර එකේ මහත් හොරු නේ..

      Delete
  41. මාතෙ මගෙනම් අදහස සචිත්‍ර තමයි ක්‍රිකට්වල ජිවගුනය රැක්කෙ.කවුරුහරි ක්‍රිඩකයෙක් දිගින් දිගටම වැරැද්දක් කරනවනම්.අවවාද කරාම හදා ගන්නෙ නැත්තම් දඩුවමක් තියෙන්න ඔන නේ.වැරැහ්ද කරකන් බලන් ඉන්න එකද ජිවගුනේ කියන්නෙ.මුන්ගෙ අම්මගෙ රෙද්ද.වැරැද්ද කොරපු එකා මහත්තය නිතියට කොරපු එකා පාත්තය

    ReplyDelete
    Replies
    1. අපෙ හරකුනුත් කියන්නේ, එහෙම අවුට් කරන එක වැරදියි කියලමනේ. මීට පස්සේ එල් බී වලටත් ඇපීල් කරන්න නරකයි. මහත්තුරු ගිරිය කඩාගෙන කෑ ගහන එක හරි නෑ නේ.

      Delete
  42. මෙන්න නියම බලු වැඩ

    Zealand v England 4th ODI The Oval 2008

    ReplyDelete
    Replies
    1. මේවා දාන එක හොඳයි මහත්තුරුන්ට බලා ගන්න.

      Delete
  43. මට ඔක්කොටම වඩා තරහ යන්නේ අර අර්ජුන කියන යකාගේ පණ්ඩිත කතා ඇහෙනකොට. :@ :@
    එයා කතා කරන්නේ ලෝකේ ඉන්න හොදම gentleman එයා කියලා හිතාගෙනද කොහෙද.

    ReplyDelete
    Replies
    1. අර්ජුණ කියන්නේ ගූ කප්පරක්. මට ප්‍රශ්ණේ තියෙන්නේ අර්ජුණ එක්ක නෙමෙයි. මේ රටේ ඉන්න පත්තර කාර වේසිගේ පුතාලත් එක්ක. උන්ට මේ රටේ ඉන්න එකම ක්‍රිකටර් අර්ජුන. අනික් උන් ජිල් බෝල ගහපු උන්.

      Delete
  44. මේ පොස්ට් එකට හදවතින්ම එකඟයි. හැබැයි කොල්ලව හයිලයිට් කරන්න අටවපු උගුලක් කියලත් වෙලාවකට හිතෙනවා. අර මහත්වරුන්ගේ ලැයිස්තුවට කළුවා සහ මාවන් එකතු කල යුතුමයි. උන් හිතන්නේ උන්ව අවුට් කරන එවුන් එසේ කරන්නේ දමලා ගසා බවයි. කොහෙද මුන්ට සිංහල තේරුනා නම්, මේ වගේ පොස්ට් එකක් බැලුවත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේකම ඉන්ගිරිසියට පරිවර්ථනය කරලා දාපන්කෝ. අපි ඔය සුද්දෝ වගේ ඤං පචං ගාන්නේ නෑ.

      Delete
  45. තරංග රුක්ෂාන් ) 2014-06-05 17:21:20 Views - 2147
    5 වන එක්දින තරගයේදී එංගලන්ත පිතිකරු ජෝස් බට්ලර් දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා කණ්ඩායමට එල්ල වන චෝදනා නොකළ යුතු බව එංගලන්තයේ ප‍්‍රමුඛ පෙළේ කී‍්‍රඩා සමාජයක් වන මෙරිල්බෝන් කී‍්‍රඩා සමාජය පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීවගුණය රදා පවත්වා ගනිමින් නීත්‍යනුකූලව ශී‍්‍ර ලංකා කණ්ඩායම කටයුතු කළ බවයි. එහිදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් කටයුතු කළේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීතිවලට පටහැනිව නොවන බවටයි වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. ජෝස් බට්ලර්ට දෙවරක්ම අවවාද කිරීම තුළින් එය මනාව පැහැදිලි වන බවයි මෙරිල්බෝන් කී‍්‍රඩා සමාජය පෙන්වා දෙන්නේ.


    5 වන එක්දින තරගයේදී සචිත‍්‍ර සේනානායක පන්දු යවන අවස්ථාවේ එම අන්තයේ සීමා ඉරෙන් එපිට සිටි ජෝස් බට්ලර් දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වුණා.
    - See more at: http://nethfm.com/article/17106#sthash.VwYOiUfe.dpuf

    ReplyDelete

  46. Ethics in sport, Of morals and Mankading

    Jun 4th 2014, 17:13 by B.R. The Economist




    ReplyDelete
  47. ක්‍රීඩකයෙක් අහවල් දේ කල නිසා ක්‍රීඩාවේ ජීව ගුණය නැතිවුනා කියන එක ඒ තරම්ම වලංගු නැහැ මම නම් හිතන්නේ... පවතින නීතිරීති වලට අනුකූලව තමන්ගේ වාසියට මොනවා කලත් එතින්දී ඒ ක්‍රීඩකයා තමන්ගේ ප්‍රතිවාදීන්ට වඩා ස්මාර්ට් වුනා කියලා මම හිතන්නේ... ඉතින් මෙතෙන්දී සචිත්‍ර කළ දේ හරි... හරි නෙමේ, මටනම් දෙපාරක් වෝනින් දෙන එක ඕනෑවටත් වඩා වැඩී :D

    නමුත් මෙහෙම දෙයක් තියෙනවා ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවේ ජීව ගුණය නැති කරනවාට වඩා පහසුවෙන් කරන්න පුළුවන් ජීව ගුණය රකින්න කරන දේවල්... ඒවා තමයි වඩා වටින්නෙත් මම හිතන්නේ... උදාහරණයක් විදියට මෙතෙන්දී මැතිව්ස්ට තිබුණා බට්ලර්ට ආයේ බැට් කරන්න ආරාධනා කරන්න...(නීතියෙන් එහෙම පුළුවන්ද මම දන්නේ නෑ...) එහෙම පුළුවන්නම් ඒ අවස්ථාව මඟෑරිය එක අපරාදේ...

    මැතිව්ස්ට විතරක් නෙමේ අපි බොහෝ දෙනෙකුට මඟෑරෙන්නෙම මේ අවස්ථාව...

    ReplyDelete
    Replies
    1. ඔතනදි අම්පයර්ට ඊට වඩා වගකීමක් තිබුනා. කෙලින්ම අවුට් එක දෙන්න. මොකෝ අනික් අවුට් දෙන්නෙත් කැප්ටන්ගෙන් අහලා නෙමෙයිනේ.

      Delete
  48. ඇත්ත කතාව මාතලන් ගොයියෝ කොයිදේ උනත් සුද්දෝ කලොත් එය නීතිගරැකයි. මට අමතකවුනා ඔවුන් සචිත්‍ර පන්දු යවනවිට මහත්මා ගතියෙන් ඉංගිරිසි හූවෙන් කරපු සංග්‍රහය. අපි එය කළා නම් අපි ඒ ක්‍රීඩකයාගේ මානව අයිතිවාසිකම් විනාස කළා වෙනවා. උත්තර නැත්තේය.

    ReplyDelete
  49. ''ටොස් එක දැම්මම කියනවා. මචෝ උඹලා දිණුම්. ඒ තමයි මනුෂ්‍යත්වය. අපි දෙගොල්ලම පට්ට හීතලේ පුක ඉරාගෙන නහින්නේ මක්කටද, උඹලා ජීනීවා වලටත් කියපන් අපි ඒ තරම් මාණුෂික පොරවල් කියලා.'' හෙන හිනා මට ඒකට...!

    ReplyDelete
  50. Mathlan hari mathalan.Sachithra hari kawru hari eeadee kalauthuwama thbuna,Apith un wagema sama thathwaye inne.ihing methna deparakma worn karalane,nethnam un bat karana kota creas deka awalangu karala ,stamp kireemath nawathamu.mata nam match eka live balanna beriuna. mehe yamareta foot ball una.Ranjan düsseldorf.

    ReplyDelete
  51. https://www.youtube.com/watch?v=uwIy4dRbCo8 එතකොට මේක හෙන ජෙනුයින් වැඩේද කියලා අහපන් මචන්....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න