.

.

Aug 4, 2014

පොදු අපේක්ෂකයෙක් සොයනා ගල් වැද්දෝ... - Common Candidate for better tomorrow ?


අද ලංකාවේ සිවිල් පොරවල් කතා බහ කරන, "පොදු අපේක්ෂකයෙක්ද, පොදු වැඩපිලිවලක්ද" කියන මාතෘකාව ගැන මාතලන් ලිව්වේ මැයි මාසේ. (අවශ්‍ය නම් මෙතනින් බලන්න.) ඒ, පොදු අපේක්ෂකයා ලෙස, "නිර්මාල්" ගේමූ කියලා, "පැරා" බ්ලොග් පෝස්ට් එකක් ලිවීම නිසා ඇති උන කතා බහේදී. මම නම් මුල ඉඳලම මේ හාමුදුරු කෙනෙක් ගෙන එන වැඩේට අකමැතියි. ඒ වගේම මම ඉන්න මතය තමයි, පොදු අපේක්ෂකයා ලෙස ගෙන එන්න ඕන, රනිල් වික්‍රමසිංහය කියන එක.

රනිල් තනියෙන් ආවොත් පරදිනවා. ඒක වෙනම කතාවක්. ඒත් පොදු අපේක්ෂකයා ලෙස දැම්මොත් ළඟ ළඟ ගේමක් වත් දෙන්න පුළුවන්. දිනන්න පුළුවන් වෙන්නේ, මේ මේ සිස්ටම් එක ගැන කළකිරිලා සංසාරෙත් එපා වෙලා ඉන්න පිරිස, ඡන්ද පොලට ගේන්න පුළුවන් නම් විතරයි. ඒකට ඉතින් වෙනසක් නැතිව බෑ. ඒ අය හිතන්නේ මොකා හිටියත් එකයි කියලා. ඒක ඒ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය.

අද රනිල් වික්‍රමසිංහ ගෙන ආ යුතුයි කියන මතයට, සමහර සිවිල් පොරවල් ඇවිත් ඉන්නවා. ඒක ළොකු දෙයක්. ඇයි මම මෙතන කවුරුත් භාවිතා කරන බුද්ධිමතුන් කියන වචනේ යූස් කරන්නේ නැත්තේ? මට විශාල ගැටලුවක් තියෙනවා, එහෙම පිරිසක් මේ රටේ ඉන්නවද කියලා. කොහොම නමුත් රනිල් ගේන්න ඕන කියන පිරිස, අඩු ගානේ පොලිටික්ස් කියන්නේ මොකක්ද කියලා දන්න. අනාගතය ගැන ඉවක් තියෙන අය. ඒත්, සෝභිත හාමුදුරුවෝ ගේමූ කියලා කෑ ගහන අය නම්, මාතලන්ට අනුව නියම ගෝත්‍රිකයෝ. සාමාන්‍ය උනුත් නෙමෙයි ගල් යුගේ වැද්දෝ.

අපේ රටේ ඔය මහා ළොකුවට කතා කරණ ඉතිහාසය ඇතුලෙවත්, මෙහෙම දෙයක් සිඳු වෙලා නෑ. මේවා දැක්කාම පරණ රජවරු ඔක්කෝම හිනා වෙනවා ඇත්තේ පස්ස පැත්තෙන්. අනික් දේ තමයි, හාන්දුරුවන්ටත් තද ඉන්ෆුලවන්ස් එකක් තිබුනත්, එයාලා දෙසන විදියට නටන පඹයෙක් පත් කර ගත්ත අවස්ථා තිබුනත්, කවදාවත් එයාලා සිංහාසනාරූඪ වෙන්න ගියේ නෑ. ඒක මළම මල විකාරයක්. කොටින්ම හාන්දුරුවරු පාර්ලීමේන්තු ආපු එකමත්, මහා විකාරයක්. ඒකෙන් උනේ, සාසනේට තිබුන ගෞරවය නැති වෙලා, නිකන් ජෝකර්ලා සෙට් එකක් බිහි වෙච්චි එක. සමහර අය ගියේ ඇට දෙකත් අඹරගෙන.

සමිත හාමුදුරුවෝ ආවට එච්චර අවුලක් තිබුනේ නෑ. මොකෝ සමිත හාමුදුරුවෝ, වාසූ, තිස්ස, ඩීවූලට වඩා, අදටත් වමේ පොඩි ටච් එකක් තියෙන පොරක්. ඇත්තටම එතන හාන්දුරු කෙනෙක් ආවා කියන කොන්සෙප්ට් එකවත් තිබුනේ නෑ. එයා දෙමළා වෙනුවෙන් අදත් කතා කරන පොරක්. පොරක් කිව්වට අමනාප වෙන්න එපා. දේශපාළණයට ආවාම, එහෙම වෙනවා. දැන් ඉන්න දෙන්නා, පට්ට ජෝකර්ලා දෙන්නෙක්. එක්කෙනෙක් අවුරුදු 10 කට පස්සේ, "පිවිතුරු හෙටක්" හොයාගෙන, අළුත් ව්‍යවස්ථාවක් හදන්න යනවා.

කාත් එක්කද? මේ රට කාපු අග විනිසුරු හොරෙක් එක්ක. ඒ යකා තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න ගෙම්බන්ට හිතේ හැටියට බල්ටි ගහන්න ව්‍යවස්ථාවෙන් ඉඩ සලසලා දුන්නේ. මේවා හෙන ගහන්න ඕන වැඩ. ඇයි යකෝ ජනතා පරමාධිපත්‍ය කියන එක, පාරේ තියෙන බලු බෙට්ටකටත් වඩා, පහලට දාන වැඩක් නේ. අපි මූන්ව පාටියකින් සෙලෙක්ට් කරලා ඡන්දේ දීලා යැව්වාම. ඌ යනවා දැත් ශක්තිමත් කරන්නයි, මල් වට්ටිවලට අත ගහන්නයි, නහුතයක් වෙන වැඩවලට.

බලේ නැත්නම් නිකන් හිටහන්කෝ, බලේ එනකන්. එහෙම ඉන්න බෑ. එතකොට බිස්නස් පාඩුයි නේ. පවුලේ සෙට් එකම එකතුවෙලා කාපු ජරාව නැතිව ඉන්න බෑ. ඉතින් පනිනවා ආන්ඩු පක්ෂෙට. මේ තරම් විහිළුවක් තවත් තියෙනවද? ඉතින් එහෙම එකෙක් හදන ව්‍යවස්ථාව ගැන, අටුවා ටීකා ටිප්පනි ඕන නෑ නේ. අනික් එක්කෙනා ගැන කතා කල යුතුම නෑ. එයා බයිලා චක්‍රවර්ති.


අද ඉන්න හන්දුරුවරු මහින්ද මහත්තයට වඳින්නේ නැති එක විතරයි. අනික් ඔක්කෝම කරනවා. මේ තරම් සාසනය පිරිහුන යුගයක්, ලක් ඉතිහාසයේ තවත් නැතිව ඇති. ඔය හාන්දුරුවරු පාර්ලිමේන්තු නෑවිත්, බාල්දු නොවී හිටියනම්, කවදාවත් ඒ දේ වෙන්නේ නෑ. හැබයි එක හොඳකුත් උනා, ඔය දේශපාළණේ නිසා එලියට ආවයින්. එදා ඉඳලා වැඳුම් පිඳුම් කලේ, අපි වගේම පිස්සෝ සෙට් එකකට මිසක්. අපෙන් වෙන් උන කිසිම ගුණයක් තියෙන ක්‍රවුඩ් එකක් නොවේය කියන දේ, උපාසක උපාසිකාවන්ට ඒත්තු ගන්වපු එක.

උපසම්පදා භික්ෂූන් ඉන්නවා. ඒත් උපසම්පදාව තියෙනවද කියන එකයි ප්‍රශ්ණේ. අද අපි දකින්නේ භික්ෂුන් නෙමෙයි, චන්ඩි. එතකොට මේ සෝභිත හාමුදුරුවෝ ආවොත් කොහොමට තියෙයිද. ආයේ දෙකක් නෑ, රටටම අබ සරණම තමයි. මොකෝ සෝභිත හාන්දුරුවෝ යනවද, නානසාර හාන්දුරුවන්ට හරි ඉත්තෑපානේ සාධුට හරි වච්නයක් කියන්න. අන්තීමට වෙන්නේ හන්දියක් හන්දියක් ගානේ, කපුටු බෝධි යට අටවගෙන තියෙන අසපුවලින්, සිවුරු දාගත්ත චන්ඩි ටිකක් බිහිවෙන එක විතරයි.

වෙලේ සුදා, ආමී ජිනේ, නේවී ජගත්, වම්බොට්ටා, තෙල් බාලා, ජූලම්පිටියේ අමරෙලා වෙනුවට, අරෙහෙ බුද්ධරක්ඛිත, මෙහේ ධම්මරක්ඛිත, අර පලාතේ සට්ටිස්සර. මේ පැත්තේ විජිතලා බිහිවෙන එකයි. පොලීසියේ ඕ අයි සීට පුටුව දෙන්න වෙන්නේ, එහා හෙදරට දුවලා ගේන සුදු රෙද්ද එලලා. එහෙම නැත්නම්, වෙනම සුදු රෙද්දක් අරගෙන තියා ගන්න වෙනවා, නිතරම ප්‍රයෝජනයට ගන්න. බලේ නැතුවත් අමාත්‍යංශ වලට, නීතී විජ්ජාල වලට වඩින වැඩිල්ල පේනවනේ. ඊට පස්සේ දන ගහලා වඳින්නත් එපාය. උදේ වරුවෙනම් ගිලන්පසත් දෙන්න වෙනවා. පොලිසිය ඇතුලේ ඉන්න වෙන්නේ ෂුස් නැතුව. ඇයි ඉතින් හාන්දුරුවෝ වැඩලනේ. අන්තිමට යන්න වෙන්නේ ඉතින් කෝට් එකත් නැතිව. බොහෝ වෙලාවට ධර්මාධිකරන වගේ ඒවා බිහි වෙයි.


මොකක්ද එහෙම වෙන්නේ නෑ කියලා කියන්න තියෙන සාධක. ජන රංජන මන රංජන නම්බු නාමෙට මුවා වෙලා ඒකේ හයියෙන් මෙච්චර පිස්සු කෙලිනවා නම්, විධායකය සිවුරක් උනාම වෙන දේ, මේ බුද්ධිමතුන් යයි කියා ගන්නා, අමු ගෝත්‍රික රැලට හිතා ගන්න බැරිද? අනික කවුද මේ සිවුර රජ කරන්න හදන "බුද්ධිමතුන්" සෙට් එක. කතිකාවද මොකක්ද ගෙනියනවයි "විද්වතුන්" කියන සෙට් එක. 94 සැටලයිට් නෝනා ගෙනාපු සෙට් එකමයි. ඒ ගෙනාවෙත් විහාර මහා දේවී නේ. නිකං නෙමෙයි ආවේ ඇක්සෙකටිව් පවර්, මේ වගේම මාස හයෙන් අයින් කරනවය කියලා. ලිඛිත පොරොන්තු දීලා.

කොරාද අයින්? කොරේ අයින්! මාස හයේ ඒවා, විසි හතරක්ම ඉඳලා ගියේ. ඒ ගියෙත් අර අග විනිසුරු හොරාගේ ගුලි කාළා. ඔය කළුතර රත්තරන් මල්ලි අද කියන්නේ, යන්න නෙමේය හිටියේ, කොහොම හරි මැරෙනකන්ම ඉන්නය ගියේ. නමුත් ඒකවත් එයාට කර ගන්න බැරි උනාය කියලා. සහතික ඇත්ත කතාව. අවුරුදු 12 ක් තිස්සේ මොනවද කලේ? ඇමතිවරු මොනවද කලේ? එකෙකුටවත් මතකද, අඩු ගානේ ඇමති මණ්ඩලයවත්? මට නම් මතක ඇස් බී විතරයි. ඒත් අර සුසන්තිකා කෙල්ල නිසා. අන්තිමේදි, "විහාර මහා දේවී" කරේ තියාගෙන වඩම්මගෙන ආපු බුද්ධිමත්තු, විද්වත්තු, එයාව ගෙදර යැව්වේ, "චෞර රැජිණ" ටයිටල් එකෙන් බෞතීස්ම කරලා, බල්ලා මාක් එක කරේ එල්ලලා. ඕන් අපේ බුද්ධිමත්තු.

ඉතින් "සෝභිත" ආවත් ඔච්චරයි. ඔය ජයම්පති වික්‍රමරත්නලට, වික්ටර් අයිවන්ලට, නිර්මාල්ලට, පුකට පයින් ගහලා එලවන්නේ. සැටලයිට් කලා වගේ. සෝභිත හාමුදුරුවෝ නෙමෙයි, ඔතනට බුදු හාමුදුරුවෝ ගියත් වෙන්නේ ඒ ටික. ආයේ දෙකක් නෑ. ඔය නමට ජනපතිය කිව්වට. ඕක නියම නම රජ කම. ඒකනේ මහා ළොකු විමුක්තිකාමියෝ වෙච්චි වාසුලා හිටන්, කකුල් දෙක ගාව වැඳ වැටෙන්නේ. වයසින් වැඩි අගමැතිගේ කොන්ද නැමෙන්නේ. ඉතින් එහෙම වඳින්න පුදන්න, මේ බුද්ධිමතුන්ට ඕන හාන්දුරු කෙනෙක් නම්, ඔය දැන් ඉන්න කෙනාට වැන්දාම ඉවරනේ. හාන්දුරුවනේ කියලා


මොකෝ මේ සිස්ටම් එක යටතේ. 18 සන්සෝදනෙන් තවත් පවර් එක අරගෙන තියෙන වෙලාවේ. මහින්ද මහත්තයා ගෙදර ගියත්, සිවුරක් දාගෙන හරි, සාරියක් ඇඳගෙන හරි, ටයි කෝට් ගහලා හරි, නැෂනල් ගහලා හරි, ජෙනරාල් කිට් එකෙන් හරි, ආයෙත් සිංහාසනේ ඉඳගන්නේ, මහින්ද රාජපක්ෂමයි. ආයේ වෙන කෙනෙක් නෙමෙයි. මේ හොරු සෙට් එකම ආයෙත් රට කයි. ඕන නම් මහින්ද මහත්තයත් ඒ සෙට් එකේ සයිඩ් එකෙන් ඉඳියි. මොකෝ, මක්කා කලත් රට බේරාගත්ත දුටු ගැමුණු නේ. මහාවංශයේ එයාට ළොකු ඉඩක් තියෙනවා.

වෙන්න ඕන මේ අජරාමර, කුණු ගඳ ගහන පොලිටිකල් සිස්ටම් එකම වෙනස් කරන එක.

රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂක උනොත් කුමක් සිඳු වෙයිද?

අපි තව කතා කරමු.....,

129 comments:

  1. ඔය මොකා මොකී ආවත් කරන්නේ මුං සෙට් එක රට කාගෙන කාගෙන ගිහින් නතර කරන තැන ඉඳලා කාගෙන කාගෙන යන එක විතරයි!

    ReplyDelete
    Replies
    1. මගේ ගුරු කකාගෙන් මීට වැඩිය යමක් බලාපොරොත්තු වුණා.
      මීට
      මාතලන්.

      Delete
    2. ඒකම තමයි මමත් කියන්නේ.. අපි ඊළඟ එකෙන් බලමු ඉතිරි ටික.

      අඩෝ හැලපයා.......

      Delete
    3. oya haritatama hari. katandara. eunata mu elawamu. apayatata interval ona.

      Delete
    4. රනිල් ගෙනත් උගෙ කොන්දට මහින්ද තියල බඳිමු..?එතකොට ඒ හයිබ්‍රිඩ් වාහනය හොඳට දුවයි. අනේ මගෙ කට...!මහින්දට විකල්පයක් තව අවුරුදු 10කට ලොවෙත් නැහැ. ඔයාලා හැමෝගෙම සිඟිති ආතල් ලඟදි ඉවර වනවා.මේ යන විදියට මමත් කැමති නැහැ.ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහකි.ලූලා නැති වලට කනයා පණ්ඩිතයා.ඉන්න පොන්න රැල අතරින් පොන්න කම අඩුම කෙනා තෝරනවා වාගේ මහින්ද හැර වෙන කවුරුත් ඇත්තේ නැත.මේකට කියන්නේ හොබ්සන්ස් චොයිස් කියලා.පලමු හේතුව ඊශ්‍රායල් ජාතිකයන්ට වගේ ඉහල අයි කිව් එකක ලාංකිකයන්ට නැති වීම නිසා මුලු රටේම සමස්තයක් වශයෙන් ඉන්නෙ ගොබ්බයෝ.උදාහරණ; මේ බ්ලොග් ලියන කියවන සහ කමෙන්ට් කරන ගොබිලන් ගෙ බුද්ධි ප්‍රභාව පේනවානේද?අපි මහදැනමුත්තො කියල හිතාගෙන හිටියට අමු ගොබ්බ කම නොදැනුවත්වම ප්‍රදර්ශනය වෙනවානේ,ඒ වගේ තමයි. ඉතින් මේ ගොබ්බ රැල අතරින් රාජ්‍ය තාන්ත්‍රික ඥානය (මෙහේ නම්,දේශපාලනයේ වැඩිපුර රැඳී සිටීමේ හැකියාව ) වැඩියෙන් තියෙන්නේ මහින්දට.මහින්ද පරදින්නෙත් නැහැ. රනිල් එන්නෙත් නැහැ.අනික මිනිහෙක් ගෙ සාධනීය ලක්ශන වලට උඹලගෙ දෙන්නම් බැටේ විවේචන වල ඉඩක් නැහැ.මහින්දගෙ සාධනීය ලක්ශන නැත්තෙ නැහැනේ.බොලාගේ තියන කුහක කම නිසා ඒවා පේන්නෙ නැහැ.මෙහෙ කමෙන්ට් කරන බොලා සර්ව සම්පූර්ණද?

      Delete
  2. රනිල් ඇර වෙන කෙනෙක් නෑ මයෙ හිතේ.. සෝඩා බෝතල් න්‍යායෙන් රටක් කරන්න අමාරුයි
    මොනව උනත් අපිට වෙන්නේ උලා කන්න තමයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. එකම පිහිට රනිල් පමණි.. ඒ උනත්...

      Delete
    2. ඒ වුනත් රනිල්ට හරි හමන් පිහිටක් කාගෙන්වත් නැහැනේ..එකනේ මෙතන ප්‍රශ්නේ..

      Delete
    3. මට පේන්නෙ බොලාල ඔක්කොමල අමු කාලද කොහෙද.

      Delete
    4. manosh +++++++++++

      Delete
  3. Even Mr. Wickramadinghe come to this seat this bastered people will go with him. Then we have follow same pathway. Mr. Wickramasighe will accept all these ministers including hudson. I don't think he can win next presidentiol election. May be next to next one. Mathalan you think Mr. Ranil can change this corrupted pathway. I'm remembering hotel california song. "We haven't that spirit here since 1978".

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඊළඟ එකෙන් කතා කරන්නේ ඒ ගැන තමයි...

      Delete
  4. හරියට හරි මාතෙ. රනිල් ජනපති වෙනව. අගමැති කමට සාගලව දානව. ඉන් පස්සෙ මහින්ද සමරසිංහව විදේශ ඇමති කමටයි, කෙහෙලියව ආරක්ෂක ඇමති කමටයි, මුදල් ඇමති කම බන්දුලටයි අනෙක් හාල් ඇමති පට්ටං යූ ඇන් පී උන්ටයි දෙනව. රවියයි දයයි සජිතුයි මරා ගන්නව. කරූ විපක්ෂ නායක වෙනව. රට දියුණු වෙනව. ක්‍රමේ වෙනස් වෙනව.

    ReplyDelete
    Replies
    1. අදත් බයිලා මඩුවක්ද බොලව්????

      Delete
    2. ඉන්දිකගේ කමෙන්ටුවේ "දෙනවා" කියන වචනය දිගටම තියෙන නිසා බයිලාවක් හදන්න පුළුවනි වගේ!

      හැබැයි "දෙනවා" එක්ක තාලෙට එන්න මෙන්න මේ වචන සැට් එකත් ඕනෑ වෙයි.

      කනවා
      රෙනවා
      මොනවා
      කරනවා

      Delete
    3. මැලේයෝ :D +++++++++++++++++++++++

      Delete
    4. මාතලන්ගෙ ක්‍රමයෙන් අනිවාරෙන් මේ පවතින ක්‍රමය වෙනස් වෙනවා.
      (රනිල් කෝවෙ දාල ගත්තොත්)

      Delete
    5. ඕක බයිලවකට වඩා ගීත නාට්‍යක් වගේ කරන්න ලේසියි.

      පි/
      රනිල් ජනපති වෙනවා
      සාගල, අගමැති වෙනවා
      අයෙත් අරුංම එනවා
      මේකෙත් ඇමතිල වෙනවා

      ගැ/
      මොනව..එවුංම එනවා....

      පි/
      නැතුව, ආයෙ ගන්නවා
      අරං උස්සල දෙනවා

      ගැ/
      එතකොට මෙවුං ඉන්නවා..

      පි/
      එවුනුට මොකද නොදෙනවා
      ඇමති පැටව් ගහනවා....

      ගැ/
      සජිත් අගමැති නොවෙනා...?

      පි/
      නැතුව, ඇමතිම වෙනවා...
      නිකම්ම ඇමතිම වෙනවා
      රවිත් ඇමතිම වෙනවා
      නිකම්ම ඇමතිම වෙනවා

      ගැ/පි එකතුව
      කට්ටිය මරා ගන්නවා
      කරූ තරහා වෙනවා
      වෙලා යන්නට යනවා
      විපක්ෂෙ නායක වෙනවා

      ගැ/
      රට මරු කටටම යනවා....


      පි/
      ආයෙත් කොටියෝ එනවා
      තම්බිත් පොරවල් වෙනවා
      බොදුබල කෙලවී යනවා
      සාදුල ඔහේ ඉන්නවා

      ගැ/පි එකතුව
      බිස්නස් නැගලා යනවා
      මය්යා කූරු ගනිනවා
      ගෝටා කැලේ පනිනවා
      ජෙප්පගෙ බල්ලගෙ බුරනවා
      තවලම පෙරටම යනවා....


      බලන්න හොඳද කියල, මාතලන්වයි පොඩි කුමාරි නෝනවයි දාල ෂූට් එක සෙට් කරන්න.

      Delete
  5. අර කියන්නැහේ චන්දෙ දාන්නැති කස්ටියයි වැනෙන කස්ටියයි චන්ද පොලට ගෙන්න ගන්ට පුළුවන්නං දෙකින් එකක් බේරගන්ට පුළුවන්. නැත්නං මේ විධියම තමා.

    ReplyDelete
    Replies
    1. එහෙම ගේන්න නම් ඒ අයට අළුත්ම දෙයක් දෙන්න ඕන.. බොරුවට හරි..

      Delete
  6. දැන් තියෙන්නේ ඉස්සර රජකමටත් වඩා බලවත් මොකක්ද මගුලක්.

    එක එච්චරටම පවර්පුල්

    ReplyDelete
    Replies
    1. උන් මොන රජ්ජුරුවොද.. මෙන්න රජා..

      Delete
    2. මෙයා ඉස්සරහ දුටුගැමුණු ත් ( සිල්වා කාරය නෙවයි හරිය..) හරියට ඇබිත්තය වගේ..

      Delete
  7. තියෙන එක වෙනස් කරන්න හදනවට වඩා .. ඉන්න රජාගේ තියෙන අවුල් ටික හදන්න විදියක් නැද්ද? මොකද අලුතින් එන කෙනාගේ අවුල් ටික එලි බහිනකොට හදන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ..
    එහෙම නැත්නම්
    මට නම් හිතෙන්නේ ඔය අන්ටාර්ටිකාව වගේ ජාත්‍යන්තර බලපෑම් ඒ හැටි නැති රටකින් පොරක් ගෙනල්ල මෙහෙ පොදු අපේක්ෂකයා විදියට පත් කළා නම් හොඳයි කියල... එතකොට අපිට සැබෑ වෙනසක් දකින්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. අපි මොනවා ලිව්වත් වෙන්නේ ඒකයි.. නමුත් කතිකාවක උනත් ගෝත්‍රික දේවල් කථා වෙනකොට රටේ විදවතුන් ගැන පට්ට දුකක් ඇති වෙනවා.

      Delete
    2. Pathum....ඔය විමලයා පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන යන්නේ...මොණරාගලදී හොඳයි.....බදුල්ලෙදි නරකයි.

      Delete
  8. sangayek enawata math wiruddai . sangaya kiyannae megalithiv . mu elawanna ona wena deyak nisa newei. mulathiu wala merunu laksha gananak manushya jivitha wenuwen. ranil genawath wenasak mata penne nehe. mathakai neda mathalan 1986/1989 . e unata mu elawamu. apayata interval onaneda. interval ewara unama ranil weda patan ganiwi. ethakota comments liyanna mma hrai blog liyanna mathlan harai nehe. ranil api dennama iwara karala. e nisa hondama de thamai suiside wena eka. ethakota kendara balanna behe. praba hariyatama hari.

    ReplyDelete
    Replies
    1. හොල්මන්ද බේරේ පොල්කොල..

      Delete
    2. oyata hondatama vishwasaida ranil mahindata wada wenas deyak karavi kiyala.

      Delete
    3. නෑ .. ඒක මම පෝස්ට් එකේ කියලා තියෙනවා.. නමුත් නාමිකව හෝ වෙනසක් අවශ්‍යයි.. මිනිස්සු ෆෙඩප් දැන්..

      Delete
    4. ranil genawata passeth wenasak neth nam maragena merena eka withrai nede karanna puluwan. nethnm ayeth serayak mahinda hari gota hari genna post liyanawada.

      Delete
  9. JR anthima kaale RAWAYA interviw ekakadi kiyala thibuna 1995-96 withara (ethakota rawaya tabloyd size)oya putuwe kawruwadiwunath eetapasse oka wenas karanna kemathiwenne ne kiyala.(Ranjan)

    ReplyDelete
    Replies
    1. එකෙකුටවත් ඕන කමක් නෑ. මෙකේ රහ දන්නේ කන එකා.. ඒක නේ ජෙප්පොත් මේක ජෝක් එකකට අරගෙන තියෙන්නේ.. මම දැක්කා ළොක්කා කැමතිය කියනවා ට්‍රිම් කරන්න. ඕන් එතකොට ආයෙම ලොක්කා එනවා. ඇයි අරුන්ට විකල්පයක් නෑ නේ.

      Delete
  10. මන්න පොතලන්ව ජනාධිපති කරමු! සියල්ල දන්න එකා නිසා රටෙ ප්‍රශ්න ඔක්කොම විසදයි!

    ReplyDelete
    Replies
    1. When someone is going to make a point or statement share your comments within the lines or keep quit

      Delete
    2. නොවේ මෙවන් ගොනුන් ළොවේ...

      Delete
  11. Mathalan if you can make a post redarding hotel california song and it's valuability to our country presentday.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ එවාකීයක් නම් ලියලා තියෙනවද? හොඳ යෝජනාවක්..

      Delete
  12. කතා කරන්නවත් හිතෙන්නේ නෑ මාතයියා
    පට්ටේටම එපා වෙලා

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරි යන්නේ නෑ.. පවතින නිදහස යටතේ කතා කළ යුතුමයි..

      Delete
  13. "වෙන්න ඕන මේ අජරාමර, කුණු ගඳ ගහන පොලිටිකල් සිස්ටම් එකම වෙනස් කරන එක."
    Mathalan,
    yes, I agree with this. but HOW to do it????
    Have you written a post about it before?

    ReplyDelete
    Replies
    1. අපොයි ලිව්වා කීප සැරයක්ම ලිව්වා.. ව්‍යවස්ථාවත් හැදුවා..

      Delete
  14. ///කොහොම නමුත් රනිල් ගේන්න ඕන කියන පිරිස, අඩු ගානේ පොලිටික්ස් කියන්නේ මොකක්ද කියලා දන්න. අනාගතය ගැන ඉවක් තියෙන අය. ඒත්, සෝභිත හාමුදුරුවෝ ගේමූ කියලා කෑ ගහන අය නම්, මාතලන්ට අනුව නියම ගෝත්‍රිකයෝ. සාමාන්‍ය උනුත් නෙමෙයි ගල් යුගේ වැද්දෝ.////

    අපිත් එකගයි,,, රනිල් මහත්මයා එනවා නම් අපි කොච්චර කැමතිද,,, ඔයාට හොය හොයා හිටපු ෆොටෝ එක හම්බෙලා,, අදත් කොහිල කට්ලට් වගේ රසට ලියපු දේශපාලන ලිපියක්,, අපේ පිස්සු බාප්පට e මේල් එකක් යැවුවා කොපි කරලා බලමුකෝ උන්නැහේගේ ප්‍රතිචාරේ හෙට,,,, thanks මාතලන් බ්‍රදර්

    ReplyDelete
    Replies
    1. පොලිටික්ස් ආස නැති උනුත් කියවන එක ළොකු දෙයක් නේ..

      Delete
  15. මාතලන් ලොක්කා බොදු බල විරෝධියෙක් බව පේනවා.. ඒත් ඕකේ තව පැත්තක් මට නම් පේනවා. වැරදි තිබුණා උනත් බොදුබල සේනා වගේ සංවිධානත් යුගයේ අවශ්‍යතාවය හැටියට තියෙන්න ඕන නේද?.. කවුරැ මොනවා කිව්වත් අපේ රට අපිට නොදැනිම ඉස්ලාම්කරණය වෙමින් පවතිනවා.. මේවට මූණ දෙන්න වෙන්නේ උඹලට අපිට නෙවෙයි.. අපේ දරැ මුණුපුරන්ට.. උන්ගේ බෙලි තම්බි පොඩි පිහි වලින් අතුල්ලලා කපන කොට උන් අපිට වෛර කරයි..

    ReplyDelete
    Replies
    1. බොබසේටත් බොහොම කලින් මාතලන් ඕවා කතා කළේ හෙළයෝ.. ඕන් කොත්තු සින්ඩියේ වැඩිම පිරිසක් කියවලා තියෙන්නේ ඒවා. කැමති නම් හොයාගෙන කියවන්න.

      Delete
    2. කතා කරන්න කාට බැරිද? කතා කරපු අය කොයි තරම් ඉන්නවද?ගමේ සිරිපාලත් කතා කරන්නෙ?ක්‍රියා කලේ බො බ සේ විතරයි නේ.පිඟන් සෝදන මිනිහා අතින් නේ පිඟන් බිඳෙන්නේ.ඒ කඩේ අයිනේ පච හලන එකා අතින් නෙවෙයිනේ.පොර ටෝක් දෙන්න නම් ඕන තරම් පොරවල් ඉන්නවා, මේ ලංකාවෙ.සිංහල බ්ලොග් කාරයෝ විතර පොරවල් නැහැ.කොරන්න එක බල්ලෙක් නැහැ. මෙතන කමෙන්ට් කරන පොරවල් සියලු දෙන, රට හදන්න පෙර මෙන්න මේක මටකියන්න.ඔයාලා කීදෙනෙක් හරියට වෙලාවට රස්සාවට ගිහින් අවංකව රස්සාව කරනවද?කී දෙනෙක් හරියට තමාගේ ගෙදර එකතුවෙන කුනු කසල පරිසර හිතවාදී ලෙස බැහැර කරනවාද?පාරෙ වාහනය පදවන විට නීති ගරුකව එය කරනවාද?බස් එකක ගියොත් අන්‍යයන්ට හිරිහැරයක් නොවෙන පරිදි(ජැක් ගැසීම ආදී;- අදාල අයට පමනකි එම තොප්පිය )යනවාද? සතුටින්කතා කල හැකි සමාජ සේවයක යෙදෙනවාද?

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ඉස්ලාම් නොවන ඔබට හෙට දවසේ මෙසේ වනු අැත
    https://www.facebook.com/photo.php?v=830686996944578

    ReplyDelete
  18. අනික් රටවල වගේ ලංකාවේ පාවෙන ඡන්ද නැති කමයි තියෙන ප්‍රශේණ්.. ඉන්නේ කැපුවත් කොල, නිල්, රතු කියන අයනේ.. මාත් මේ පාරනම් කියන්නේ මහින්ද ලොක්කා ඇරෙන්න වෙන කට හරි දීලම බලන්න ඕනය කියලා..

    ReplyDelete
    Replies
    1. වෙනසක් අවශ්‍යයි.... නමුත් පුද්ගලයගෙ නෙමෙයි.. ක්‍රමයේ..

      Delete
  19. බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්දත් එකයි කිව්වලු! :D

    ReplyDelete
    Replies
    1. ගහල නොබැන්දොත්?

      Delete
    2. නෑ ළොකු වෙනසක් තියෙනවා..

      Delete
    3. බල තණ්හාව හැමෝටම පොදුයි මාතේ..'වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි" කියාගෙන තමයි හැමෝම එන්නේ..ඒත් ආව විදියටම ගෙදර ගිය අය හිටියද අඩුම ගාණේ පහුගිය දශක දෙකේ..? මම මේ කිව්වේ පගා දූෂණ ගැන විතරක්ම නෙවෙයි..ජනතා ප්‍රසාදය, හොඳ නම අරවා මෙව්වා සේරම...චන්ද්‍රිකා ඇන්ටිම බලන්නකෝ, එද්දි ආවේ සිනමා තාරකාව වගේ..යද්දි නැට්ටටම බලුවෙලා ගියේ..හැමදාම දකිනකොටත් කරමලේ සුදුවට පේනවා කියන්නේ..

      සෝභිත හාමුදුරුවෝ එනවට මගේ කිසිම කැමැත්තක් නෑ.අර කිව්වා වගේ එතකොට සඟ නමක් රූකඩයක් වෙනවාට වඩා වැඩි දෙයක් වෙන්නේ නෑ..
      රනිල් ලොක්කා ගැන මගේ මනාපයක් නෑ..ඔහු අවංක බව ඇත්ත..ඒත් කුහක ගතිය වැඩී..
      සජිත්? හපොයි කොහෙත්ම නෑ..සජිත් කියන්නේ ප්‍රේමදාස නෙවෙයි..එහෙම වුණානම් ඔය තත්වය එයා ඊටවඩා හොඳට හැන්ඩ්ල් කරන්නට තිබුණු බව මගේ මතයයි..
      ජවිපෙ ගැන ඍණ හෝ පැහැදීමක් නැත..
      ඇත්තම කිව්වොත් මට නම් ඊලඟ ජනාධිපතිවරණයක ඡන්දයක් දෙන්න අද පොලිටිකල් ලෝකේ බල්ලෙක්වත් නැත..අඳෝමයි!

      Delete
    4. තනී, මෙතන මම කතා කරන්නේ (ඉදිරියට.) ඔය කළකිරීම ගැනම තමයි.. ඔයා පසුව කියන කතාව හරියටම හරි. මිනිස්සු ඡන්ද පොලට නොයන්නේ ඒකයි. ඒත් මුලින් කියපු කතාව අනුව නම්. යාළු වෙලා කලත්, ප්‍රොපෝසල් එකකින් කළත්, දෙමාපිය ආශීර්වාදයත් එක්ක, චමෙට මගුලක් කාලා. බැන්දයින් පස්සේ ගහනවනම් රසයක් තියෙනවා. ආන් ඒ ගැන ඉස්සරයට කතා කරමු යාළු..

      Delete
    5. හා එහෙනම් ඊලඟ කොටස එනකං බලං ඉන්නව ඕං..:D

      Delete
  20. දේශපාලනේ නම් අනේ මන්දා...ඒත් රනිල් එපා....:D

    ReplyDelete
    Replies
    1. රනිල් එපා...... ඒ මොකෙයි නංගෝ.........???
      එයැයි ආවොත් අප්ෂට් ද..... :)

      Delete
    2. නුවර උදවිය නේ.. බන්ඩාරණායකලාද කවුද දන්නේ..

      Delete
  21. I totally agree with Mathalan, but Ranil should come to stage as wining candidate , if he contest for second place , then folks should wait for another 6 years to change the Sri Lanka's destiny. The paramount task of those called intellectuals should be persuading JVP to the noble common cause. Presently , venerable Sobitha Thera's role is very important to change the MR's current course and the agenda of the person who suppose to be common candidate. I am living outside the country for almost a decade, therefore my ideas and views may not be compatible with real ground conditions. However, SL need a regime change for the betterment of poor people.

    ReplyDelete
    Replies
    1. ඇනෝ පිරට උන්නට මෙහේ කෙනෙකුට වඩා දැනීමක් තියෙනවා.. මෙතන ප්‍රශ්ණ කීපයක් තියෙනවා.. රනිල්, ජේවීපී නැතිව ආවොත් ළොකු ලෙඩක්. මොකෝ මැතිවරණයෙදි, ජෙප්පෝ රනිල්ට ගහනවා. එතන ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. මේ රෙජිමය ගියත් මේ ක්‍රමය යටතේ එන්නේ තවත් රෙජිමයක්මයි.. සැටලයිගේ කාළේ වැඩිය දැනුනේ නැත්තේ මෙළෝ දෙයක් නොකරපු නිසා.. අඩු ගානේ හොරකම වත් කළේ නෑ නේ..

      Delete
    2. ///////However, SL need a regime change for the betterment of poor people.////////
      සෝභිත නෙමෙයි මොන යකෙක් එක්ක හරි එකතුවෙලා කරන්න ඕන ඔය වැඩේ තමයි.

      Delete
    3. එකඟ නෑ අරූ. ලිබියාවෙ, ඊජිප්තුවෙදි, හරි විකල්පයක් නැතුව රෙජීම් චෙන්ජ් කරපු එකෙන් වෙච්චි දේ දැක්කනෙ. ඒ නිසා ගේමක් දෙන්න පුලුවන් හරි විකල්පයක් නැතුව මේක වෙනස් කරනවට වඩා මුන්ගෙ වැරදි වලට එරෙහි එන ගමන් මේක තියාගන්න එක වඩා ආර්ක්ෂාකාරීයි.

      Delete
    4. @ ඉන්දික....මචං...මට පේන්නේ අරාබි වසන්තය ඇතුලේ බොහෝ තැන්වල තිබුනේ,,අන්තවාදී මුස්ලිම් කංඩායම්වල උවමනාවන් එලියට ගැනීමක්...අසරණ මිනිසුන්ගේ සාධරන ජනතා විරෝධතා හරහා. ඒ බව මම පිලිගන්නවා. නමුත් අපිට එහෙම උවමනාවක් තියෙන කංඩායමක් නැති නිසා...පොදු එකඟතාවයකින් රෙජිමය පලවා හැරීම සුදුසුයි කියා මට හිතෙනවා. එහෙම වුනොත් යම්දුරකට හෝ මේ විනාශකාරී දිශාවට යන ගමනේ වේගයවත් අවම කරගන්න පුළුවන් වෙයි. එවැනි තැනක සිට පාර්ලිමේන්තු මැතිවරනයක් හරහා ඉදිරි තීරන ගත හැකියි. රෙජීමය විසින් පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්ත්වුවහොත් , තත්වය කුමක් වේ දැයි සිතා බලන්නත් ඕන.

      මචං ඉන්දික.....ප්‍රොෆයිල් ඇනෝ එක්ක මම හුවමාරු කරගන්න උත්සාහ කරන අදහස් ටිකත් කියවපන්.

      Delete
  22. විය යුතු දේ රනිල්ව ගෙන ඒමයි......
    අම්මලට හැමිනෙන උන් රනිල් කොලු කාරය කියල කියනව හැරෙන්න ඔහුට කල හැකි දේ කියන්නෙ නැහැ.....
    එහෙම කියන එවුන් වැස්සියන්ගේ ....කිකිළියන් ගෙ පස්සෙ ඇරල නොනැවතී ගස් ලබු ගෙඩියේත් ඇස්ස කපල ඇරල සුදි ගන්න ඒකාල.....
    අර අනුර....කාල් ලාන්තල එස්සරහට ඇවිල්ල රනිල් එක්ක එකතුවිය යුතුයි......
    ජෙප්පො එකතු නොවන්නෙ ... ලොක්ක චීනෙට කියල උන්ට ලැබෙන ආධාර නවතයි කියල බයට...
    සෝභිතට මම මොකුත් කියන්නෙ නැහැ..... එයාගෙ බන වලට මං ආත නිසා.... හෙක්...හෙක්...

    ReplyDelete
    Replies
    1. ඉතින් මචෝ අම්මට හැමිනෙන උන් තියා දැන් උඹ කියලත් නෑනෙ රනිල්ට කළ හැකි දේ :-p


      Delete
    2. "අම්මලට හැමිනෙන උන් රනිල් කොලු කාරය කියල කියනව හැරෙන්න ඔහුට කල හැකි දේ කියන්නෙ නැහැ....."

      හා එහෙනම් ඔයා දන්නවනම් කියන්න බලන්න ....ඔට්ටුයි ඔයාට බෑ
      ඔයාට පුළුවන් නෝටි ළමයෙක් වගේ කුණුහරුප කියන්න විතරයි නේද ?
      නරක සමනළයා හරි නරකයි ඔයා ........

      Delete
    3. රනිල් තදට ඇරියම ඔයහොම දොඩවනවා..

      Delete
    4. රනිල් ජෙප්පෝ නැතිව එනවා නම් වැඩේ අවුල්..

      Delete

  23. (ලංකා ඊ නිව්ස් -2014.අගෝ.04, ප.ව.1.30) තම පක්ෂයට දීර්ඝ කාලීනව වාසි ගෙන දෙනු ඇතැයි උප කල්පනය කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය තව දුරටත් බලයේ තබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ස්ථීර වශයෙන්ම තීරණය කර ඇති බව ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර දිසානායක හදිසි අනතුරට ලක්වීමට පෙර දා මාධ්‍ය අයිතිකරුවෙකුට ස්ථීර වශයෙන්ම පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කර තිබේ. එළැඹෙන ජනාධිපතිවරණයකදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇතැයි දැනට නම් කියැවෙන රනිල් වික්‍රමසිංහ, සෝභිත හිමියන්, චන්ද්‍රිකා කුමාරතුංග, සරත් ෆොන්සේකා, ශිරාණි බණ්ඩාරනායක ආදී කිසිවෙකුට තම පක්ෂය සහාය නොදෙන බව ස්ථීර වශයෙන්ම පවසා තිබේ.

    මෙම තීරණය දැනුම් දුන් දින රාත්‍රියට පසුදා උදෑසන අනුර දිසානායක රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා තම ටොයෝටා කැබ්රථයෙන් ගමන් කරද්දී හදිසි අනතුරකට මුහුණ දුන්නේ ය.

    ඊයේ (03) ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දී ඇති ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තද අනුර දිසානායකගේ තීරණයට සමාන අදහස් ප්‍රසිද්ධ කර තිබේ. ඔහු එහිදී පවසා ඇත්තේ ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පවා නොතකන බවයි. අද පවතින්නේ විධායක ක්‍රමයක් නොවන බවත් පවතින්නේ අර්ථ විධායක ජනාධිපති ක්‍රමයක් බවත් පවසන ලාල්කාන්ත පවතින විධායක යක්ෂයා සාමාන්‍ය පිසාචයෙක් කර පෙන්වයි. පාර්ලිමේන්තුවට බලය පැවරීම පවා ලූහු කොට තකන ජවිපෙ නියෝජ්‍ය නායකයා වැනි ලාල්කාන්ත තම අඩු දැනුම ප්‍රදර්ශනය කරමින් පවසන්නේ පාර්ලිමේන්තුවට බලය පැවරීම යනු විධායක ජනාධිපති වෙනුවට විධායක පාර්ලිමේන්තුවක් ඇතිවීම බවයි. චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඇමැතිවරු පිරිසක් වෙන්ව විපක්ෂයට ගොස් ආණ්ඩුව කඩා වැටීමට යද්දී විපක්ෂයේ සිටි ජවිපෙ වහා ඉදිරිපත් වී ආණ්ඩුව බේරා ගනිමින් පරිවාස ගිවිසුමක් ගැසූ නමුත් අද ලාල්කාන්ත එය අමතක කරමින් පවසා ඇත්තේ අගමැති වෙන පක්ෂයකටත් ජනාධිපති තවත් පක්ෂයකටත් තිබූ කාලය පිස්සුවක් බවයි. නමුත් ස්වාධීන කොමිෂන් සභාවන්ට බලය පැවරෙන 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ එකළ බවත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වූ බවත් ඔහු අමතකර කරයි.

    ReplyDelete
  24. හාමුදුරුවො පාර්ලිමන්ට් ආපු තැන ඉදන් වුනේ සාසනයට කෙලවීම පමණක්ම තමා...

    ඒ අතර සිවුරට මුවා වෙලා කාලකන්නි ගිහි සැට් එකක් ඇතුලට ගියා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එයාලගේ ගමනක අවසානය ළඟ වෙලා තියෙන්නේ..

      Delete
    2. ඕකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්නේ. උඩුවේ, හික්කඩුවේ කරපු දේ බද්දේගම සමිත කරේ නැහැනේ.

      Delete
  25. Mathalan,oba hariyatama hari. Me wage rata kana gaman deshapremiyek kiyala
    minissunwa gonata andanna danna kayiratikayek kawadawath indala naha.E wagema siwura ho loguwa deshapalanayata emath ithama narakayi.Danatath Samitha hamuduruwanta Bodubala sena gana kisidu wiwechanayak naha!

    ReplyDelete
    Replies
    1. කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නෑ..

      Delete
  26. වර්තමාන දේසපාලනයේ මහින්ද ව පරාජය කල හැකි එකම අපේක්ශකයා ගෝටාභය පමනයි!

    එයා ඉදිරිපත් වෙයි ද නැත්ද අපි තුමා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. බොට පිස්සුද යකූ................................?

      Delete
    2. මම කියන්නේ කවුරු ඉදිරිපත් විය යුතුද කියා නොවේ. දනට ලංකා දෙශපාලනයේ සිටිනා උන්දැලාගෙන් තරඟයක් දී මහින්ද මාමාව පරාජය කල හැකි එකම පුද්ගලයා ගැනැයි...

      Delete
    3. ඉන්න යකා හොඳයි.

      Delete
    4. ස්මහර සිහින තියෙනවා සැබෑ නොවන..

      Delete
  27. මොන අපේස්සකයා දැම්මත් සිස්ටම් එක ජනතාවට වග කියන විදියට වෙනස් කරන හැටි පෙන්නුවනං දිනයි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි බොක්කා........

      Delete
    2. මම ඉන්නෙත් ඔය මතයේ.. මේක කුණු ගඳ ගහන මළ කුනක්..

      Delete
  28. //////අද රනිල් වික්‍රමසිංහ ගෙන ආ යුතුයි කියන මතයට, සමහර සිවිල් පොරවල් ඇවිත් ඉන්නවා. ඒක ළොකු දෙයක්. ඇයි මම මෙතන කවුරුත් භාවිතා කරන බුද්ධිමතුන් කියන වචනේ යූස් කරන්නේ නැත්තේ? මට විශාල ගැටලුවක් තියෙනවා, එහෙම පිරිසක් මේ රටේ ඉන්නවද කියලා. කොහොම නමුත් රනිල් ගේන්න ඕන කියන පිරිස, අඩු ගානේ පොලිටික්ස් කියන්නේ මොකක්ද කියලා දන්න. අනාගතය ගැන ඉවක් තියෙන අය. ඒත්, සෝභිත හාමුදුරුවෝ ගේමූ කියලා කෑ ගහන අය නම්, මාතලන්ට අනුව නියම ගෝත්‍රිකයෝ. සාමාන්‍ය උනුත් නෙමෙයි ගල් යුගේ වැද්දෝ.////

    සභාවේ සිනා!

    ReplyDelete
    Replies
    1. ඔය සිනහව වෙන කට්ටියම ඔය ඔතන මාතලන් කියන හැත්ත වෙන්න ඇති ඇත්තෙ ... රාජ් මල්ලිය ඔයා හැර........

      Delete
    2. නෑ නෑ මාත් ඇතුලත්ව කියල හිතාගන්නකෝ.... මාත් ලියන්න ඉන්නව ඔයගැන. බලමු!

      Delete
    3. එහෙමද.....සෝයි....... හෙක්....හෙක්....

      Delete
    4. ඔය සිනහව වෙන කට්ටියම ඔය ඔතන මාතලන් කියන හැත්ත වෙන්න ඇති ඇත්තෙ ... රාජ් මල්ලිය ඔයා හැර........

      රාජ්, මතයියා ලියන දේවල් ඔක්කොමටම එකගවෙලා කමෙන්ට් කරපන් .නැත්නම් අපේ කෙන්ජිට පුෂ්පය විකසිත වෙනවා ...හැක හැක හැක ...
      අනේ හුකේ නන්නානේ ........

      Delete
    5. සිනහවේ ප්‍රබේද තියෙනවා නේ.. සමහර වෙලාවට තමන් ගැනම සිනහා වෙනවා. මම හිතනවා එහෙම අවස්ථාවක් නොවේ කියා..

      Delete
  29. ඉඟුරු දීල මිරිස් ගන්න වගෙයි හදන්නෙ. කබලෙන් ලිප්ට වැටෙන්න අපිනම් එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සුඳු උනත් වෙන්නේ ඒකම තමයි.

      Delete
  30. ඔය ඔක්කොටම වඩා චන්ද ප්‍රතිපලයට බලපාන දෙයක් තියනවනේ. මං හිතන්නෙ ඉදිරියට මාතලන් ඒක සාකච්චා කරයි. පොදු අපේක්ශකයෙක් ආවත් නැතත් මොකා ආවත්. යුද අපරාද පරීක්ෂක එවුන් ලව්ව පොඩි ස්ටේට්මන්ට් එකක් ගත්ත ගමන් වැඩේ හරිනේ. ලෙමන් පෆ් රට වටේ යනවා දේශීය කුමණ්ත්‍රනකාර විපක්ශයට එරෙහිව. අනිත් හැම එකාම කියනව මොන ප්‍රශ්න තිබුනත් මේ වෙලාවේ ජාත්යන්තරයට පෙන්නන්න ඕන කියල. අපි චන්දෙ දෙනවා විදුලි පුටුවට එරෙහිව. සිම්පල්

    ReplyDelete
    Replies
    1. කතිකයන්ගේ හිඟයක් තියෙනවා අලි පාටියේ.. ඒක විශාල පාඩුවක්..

      Delete
  31. I agree with you Mathaa,even UNP alone can come as one force well in 1978,but there's another camp called Sajith clan.are they doing their job properly as R Premadasa did..let us see 'Uva "results.

    ReplyDelete
    Replies
    1. සජිත් ගේ අනාගතය, අනාගතය විසින් විසඳයි. ඒත් සජිත්ගේ ක්‍රමය නම් මේ රටට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ. කරන කතා වලින් බොහෝම පැහැදිලියි.

      Delete
  32. වෙදපප්පා @ GaulsAugust 5, 2014 at 12:52 AM

    මාතලන් කොලුවෝ, මහින්ද උන්නැහෙ පත්කොර ගත්තෙත් උඹල නොවැ.2005 දි බෙර ගහල කොල අස්සන් කොරලා එහෙම. දැන් මොකැ මේ පුක කැඩුන කඩිවගෙ ඇඹරෙන්නෙ. කියහල්ලා මට මේක තේරෙන බාසාවකින්.....ඇ...උඹලත් Victor i1 සින්ඩ්‍රොමය වැලදිලා වගෙ.

    ReplyDelete
    Replies
    1. මම 2005 මෙහේ උන්නේ නෑ. උන්නා නම් දෙන්නේ රනිල්ට. මහින්දට කැමති මහින්ද රනිල්ටත් වඩා යූ ඇන් පී නිසා..

      Delete
  33. රනිල් සම්බන්දයෙන් මමත් තරමක් මාතලන් එක්ක එකඟයි එක දෙයක් ගැන. දැන් ඔය ලිස්ට් එකේ ඉන්න ජොකියන් ගෙන් සාපේක්ෂව රනිල් තමා ටිකක් හරි හොඳ එකා, අඩු ගානෙ ආර්ථිකය සහ යහපාලනය සම්බන්ධයෙන්.

    ඒත් රනිල් ජනාධිපති වුනාම වැඩේ හරියට යාවි කියල හිතන එක නම් විහිළුවක්. රනිල් ඉඳපු ටිකේ වත් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රැක්ටිස් එකක් පෙන්නුවෙ නෑ අඩු ගානෙ පක්ෂෙ නාම යෝජනා තරමෙ දේකදි වත්. ඥාති සංග්‍රහ නැති වුනාට කොළු සංග්‍රහ තිබුන. අගමැති කාලෙත් කොටි ගිවිසුම ගැහුවෙ මොකෙක් එක්ක වත් කතා කරල නෙවෙයි. අනික රනිල් මොක වුනත් රනිල් යටතේ ඇමති කම් ගන්න බලන් ඉන්නෙ දැන් විපක්ෂෙ ඉඳල ඇති වෙලා රට කන්න බලාගෙන ඉන්න දැන් ඉන්න උන් වගෙම හොර තක්කඩි ටිකක්. ඒක නිසා රනිල් බලයට ගේනව නම් ගේන්න ඕනෙ බ්ලෑන්ක් චෙක් එකකට නෙවෙයි චන්දෙ දෙන මිනිස්සු දන්න ඇජෙන්ඩා එකකට. "අපි ආවම දූෂනය පිටු දකිමු, දුප්පත් කම නැති කරමු" කියලත් නෙවෙයි. රනිල්ගෙ අලුත් ආණ්ඩුවෙ ඉන්නෙත් කලින් හිටි උන් ම නේ?

    මේ වෙලාවෙ කතා කරන්න ඕන මම හිතන විදියට නම් පොදු අපේක්ෂකයාගෙ ඇජෙන්ඩා එක මිසක් අපේක්ෂකයා කවුද කියන එක නෙවෙයි. ප්‍රසිද්දියේ කියා ගන්න බැරි ඇජෙන්ඩා එකකින් උදව් කරනවා කියන්නෙ නිකන් අර ෆොන්සේකට දෙමළ සන්ධානෙ "කට වචනෙට" උදව් කළා වගෙ දෙයක්. කවුරුත් දන්නවා තම තමන්ගෙ පර්සනල් ඉන්ටරෙස්ට්ස් වලට හොඳ නිසා එකඟ වුනා මිසක් රටට වෙන හොඳකට එකඟ වුනා නෙවෙයි කියල. එහෙම එක හොර තක්කඩි රැලක් පන්නල වෙන හොර තක්කඩි රැලක් ගේන්න නම් අපි කඩේ යන එක බොරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි..

      Delete
    2. @ Ano Profile /////මම හිතන විදියට නම් පොදු අපේක්ෂකයාගෙ ඇජෙන්ඩා එක මිසක් අපේක්ෂකයා කවුද කියන එක නෙවෙයි///////////

      මේක තේරුම් ගන්න පුළුවන් එක කොටසකට විතරයි බං. ඒ ප්‍රායෝගික ගැටළුව තියෙනවා. උඹ නිකම් බලපන් චන්ද්‍රිකා-ශ්‍රීමා දිසානායක ජනාධිපතිවරන සටන. මිනිස්සු පර්සනලිටි එකත් බලනවා. උඹ කියනදේට මම එකඟයි. ඒත් අපේ රටේ මිනිස්සුන්ට ගලවන්න බැරි ඇඳුමක් අන්දවලා තියෙන්නේ. බලපන් ස්ටේජ් එකේ මේ හාල්පාරුවෝ මොනවාද කතාකරන්නේ කියලා. රනිල්ගේ මොනවා ගැනද කියන්නේ. ඊයේ කටහඬ පවා විහිළුවට ලක්කරා එකෙක්. ඒ වගේම තමයි ..යුඇන්පී එකම පවා රනිල්ව මාකට් කරන්න බැරිබව කියනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ රනිල් ගොඩ නැගුණු සමාජ පසුබිම නිසා. එදා ජේආර්ව ඔසවා ගෙන යන්නට ප්‍රේමදාස හිටියා. ඒත් අද රනිල්ට සජිත් නැහැ. ඒ සජිත්ගේ තියෙන කුහක මානසිකත්වය නිසා.
      සාමාන්‍ය ජනතාව කියන්නේ උඹයි, මමයි හිතන විදිහට වගේ හිතන අය නම් මේ රට අද මෙතන නෙමේ තියෙන්නේ.

      පොදු අපේක්ෂකයා කියන සංකල්පය පවා දැන් සති කිහිපයකට පෙර විහිළුවක් බවට පත්කරෙත් ...රජයේ උවමනාවකට කියලා මට හිතෙනවා. ඒ තත්වයට ගොඩක් අය වග කියන්න ඕන. සමහර බ්ලොග් ලියන්නන් පවා ඒකට සම්මාදම් වුනා. අද නැවතත් මාතෘකාව ඇවිල්ලා. කවුරුන් ආවත් පොදු සංවිධානයක් හරහා එන්න ඕන. එය සාර්ථක වෙන්න නම් ජවිපෙ උර දෙන්න ඕන. මේ අවස්ථාව ජවිපේ කර ඇරියොත්...ඒ උන් කරන දේශපාලන වැරදිවල මාරාන්තිකම වැරැද්ද වෙයි. ඒ බව මම මෙහෙම කියන්නේ රට ගැන හිතලා..නැතුව මහින්ද නැමති පෞද්ගලික චරිතය පැරදවීම කියන පටු තැන ඉඳලා නොවේ. මේ රෙජීමය තව කාලයක් ඉන්නවා කියන්නේ ...ජාතියක් හැටියට ශ්‍රීලාංකිකයන්ට අත්වෙන ඉරණම අන්ත ම්ලෙච්ඡ ගොඩට වැටෙන එකයි. ඒ තත්වයෙන් ගොඩ එන්න, මොකා නායක වුනත් බැරිවෙයි. ජවිපෙ ඒ ගැන සිතිය යුතුයි.

      Delete
  34. මහින්දට ගේමක් දෙන්න පුළුවන් කෙනා රනිල්ම තමයි.ජවිපෙ එකට අවංක වුවමනාවක් තියේ නම් මහින්ද පරදවන්න කලයුත්තේ රනිල්ට සහාය දීම තමයි.71 සිදුවීම් අමතක කරලා ශ්‍රී ලංකා එකට සපෝර්ට් කරන්න පුළුවන් වුන එකේ 88,89 ඒවා අමතක කරලා යුඑන්පි එක්ක එකතු වෙලා පොදු සතුරාට විරුද්ධව ක්‍රියා කිරීම මොකද කරන්න බැරි.?

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම එනවා නම් මොකක් හරි වෙයි.. නැත්නම් හුප්පෙ තමයි..

      Delete
  35. පොදු අපේක්ෂකයෝ සොයන්නේ ගල් වැද්දෝ නම්. පරසිද්ද බ්ලොග් එකකුත් තියාගෙන රටේ හැමදාම සිදුවෙන අසාධාරණ නීතිවිරෝධී දේවල් වලට කට පුක වහගෙන ඉන්න ඔබතුමාලා නපුංසකයෝ නොවෙයි ද මාතලන් මහත්මයා ? කෙන්ජි නුගතුන්ට අනුරලා වහ කදුරු වුනත්, අද ලංකාවේ වෙන විගඩම් වලට වචනෙකින්වත් විරුද්ද වෙන්න කව්ද ? මමත් ඉන්නේ ජපානේ හොකයිඩෝ, හිතට එකගව කියන කෙන්ජි, ජපානේ මොන දේශපාලඥයටද මෙහෙම නැටුම් නටන්න පුළුවන් කෙන්ජි ඔබ මේ ජ. වී. පෙ. කොල්ලොන්ට විරුද්ද ඔබේ ධනවත් පැලැන්තියට එරෙහිවුන නිසා නොවෙයි ද ? වෙලාවේ හැටිය කෙටියෙන් ලිව්වේ. සමාවෙන්න. අයේ ප්‍රතිචාර දක්වන්න එන්න පොරොන්දු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙමිහිට එන්න, කව්ද අනුරට දොස් කිව්වේ..

      සිද්ද වෙන හැම අසාධාරණේ ගැනම ලියලා ඇති, තියෙන නිදහසෙන්. මගේ ළිපි ඔබේ නායකයන් පවා කියවනවා.. ලින ඒවා පේන්නේ නැත්නම්, බෝතල් අඩි දෙකක් දාගෙන එන්න..

      Delete
    2. ස්තුතියි මාතලන්, ඔබතුමාට සැහෙන ඉවසීමක් සහ පරිනතබවක් ඇති බව සිතමි, මන්ද ඔබ මගේ පරතිචාරය භාරගත් ආකාරය නිසා.මම ජ.වී.පෙ, අනුගාමිකයෙක් නොවෙමි. එත් ජ.වී.පෙ. ගැන ලිවේ ඔවුන් සමාජ අසාධාරණේ ගැන පැහැදිලි යමක් නිතරම් නොබියව පවසන නිසා. මම දේශපාලනය ගැන වැඩි බරක් නොදක්වමි. මගේ සටන යොමු වන්නේ, විශේෂ දේශපාලන සිවිල් බලයක් නොමැති සාමාන්‍ය සමාජය වෙනුවෙන්. අහිංසක රෝගියෝ වෙළද බන්ද්යක් කරගන්න දොස්තරලා, ලෙඩ්ඩුන්ට සත්තුන වගේ සලකන හෙදියෝ, ලෙඩාගේ බරකරයාගෙන් අල්ලස් ගන්න සාත්තු සේවකයෝ, අධ්‍යාපනේ විකුණන පාසල් ගුරුවරු, යුක්තිය විකුණන නීතීඥය මහත්තුරු (පෙනී සිටීම නොවේ), මහජනයා පෙලන ලිපිකාර මහත්තුරු සහ තමුන්ගේ සේවාදායකය වෙන ජනතාව තලන ඔක්කොම මහත්තරු නෝනලා වෙතයි. මේ වෙනුවෙන් ජ.වී.පෙ. යමක් යමක් කියමින් සීටි. ඒ නිවහල් කොන්ද පන ඇති ම්නිසෙක් සැදීමයි. කොන්ද පන ඇති ම්නිසෙක් සාදා මේ සමාජ අසාධාරණයට එරෙහිව ලංකාවෙන් පියවරක් තබන්නට ඔබ සහය වේ යයි සිතමි. ස්තුති මාතලන්. මීට ගෙස්ට්.

      Delete
    3. ඔය කියනා වෙද , හෙද, ගුරු, නීතිඤ, ලිපිකරු බොහෝ දෙනෙක් "පැටිය" කාලේ විච්ච් විජ්ජාලේ, ගුරු විදුහලේ, නීති ඉස්කෝලේ, හෙද පුහුහුනුවේ ඉන්න කොට ජෙප්පෝ තමා.....

      පස්සේ එතුමන් ලා විමල් වීරවන්සකරනය වී සැපට ගිජු වී පරාජිකා වෙති...

      Delete
    4. උපාදිය හදාරන කාලේ.... වැඩේ කියන්නේ පැටියා කාලේ මම ජෙප්පෙක් නෙවෙයි (දැනුත් නෙවෙයි). එත් පස්චාත් කුපාඩි කාලේ පොඩි කාලෙකට ලංකාවට අපු ලංකික මහාචාර්ය තුමෙක්ගේ නිහතමානී අතිශය හැසිර්රීම දැකල තමයි මම :අපට යම්හැකියාවක් ලැබී ඇත්තේ එම හැකියාව නොමැති යට සේවය සඳහාය" කියන මේ ජීවිත දර්ශනය හදාගත්තේ.

      Delete
    5. @Sa rasa.. මම හිතන්නේ මෙතන එදා ජෙප්පා අද පප්පා කියන යල් පැන ගිය තර්කයෙන් එහාට ගිහින් ජේවීපිය ගැන හිතන්න ඕන කියලා. ඒ අයගේ සමාජවාදී සමාජය කියන එක මට වැදගත් නැහැ. නමුත් ඔවුන්ගේ මේ සාධරණ විරෝධතා නොවන්න..ඒ බලකිරීම් නොවන්න අද රටත් නැහැ...මහින්දත් නැහැ. අප විවේචනයේදි සාධාරන විය යුතුයි. දමලා ගැසීමේ ප්‍රතිපත්තිය නිසා තමයි...අද වෙනකොට කිසිම සංවාදයක් නිවැරදි ඉලක්කයක් කරා ගෙනියන්න බැරි..උදා...රූපවාහිනි චැනල්වල යන ඉබාගාත සංවාද....බෙල්ල හපලා තමයි ඉවරවෙන්නේ. සංවාදයක තිබිය යුතු සංවරයවත් සමහර දේශපාලකයින්ට තියා උන්ට වඩා සංවර අපටවත් නැහැ.

      Delete
  36. ජෙප්පොනම් එකට එකතුවෙන පාටක් නෙ වගෙ.එහෙම උනොත් ලොකු පර්ශ්නයක් වෙන්වා නෙඩ මතලන්.Presidential Election එකක බෙරි වෙල්වත් 2වෙනි මනපෙකට යන්න උනොත් එහෙම මොන වේ කියලඩ හිතන්නෙ?.......

    ReplyDelete
    Replies
    1. ජෙප්පෝ නැතුව ගේම ගෙනියන්න බෑ..

      Delete
  37. Matha, you are right,those voters who can think positively will never accept Sajith as their leader .but mentality of the majority superceeds the minority.most of the people like talks to the gallery like his father did.unfortunately there are speakers in the Govt.much better than Sajith.JVP will never come to an alliance with the UNP as long as Chinese are there as their bread winner.

    ReplyDelete
    Replies
    1. නිවැරදි දැක්මක්.. අපූරුයි..

      Delete
  38. යූ එන් පියේ බ්ලෑන්ක් චෙක් එකත් භයානකයි
    ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනයට කරන්නෙ නැත, බලා සිටින්නේ එලුවාගෙ බිජ්ජ වැටෙන කම් වගේ ආණ්ඩුවෙන් ඇමතිවරු වරු වැටෙනකම්
    ඒ පැත්තත් උලා කාලා වැටෙන උන්ගෙන් වැඩක් නැත.
    ප්‍රතිපත්ති, වැඩ පිලිවෙල
    යූ එන් පියෙන් හා පොදු විපක්ශයෙන් අපි බල කර ඉල්ලා සිටිය යුතු වෙමු
    බොදු බලේ (දකුනේ) වමට ගහන වැඩ පිලිවෙලේ මී ලඟ ඉලක්කය
    රාජිත සේනාරත්න ව්‍යපෘතියේ වැඩ අරඹයි;
    රනිල් තොල් ලෙව කනව ඇති...

    ReplyDelete
    Replies
    1. රනිල්ට තනියෙන් නම් බෑ..

      Delete
  39. mathalan apita gonata andawanna hadanwa wagei.
    Ranil kiyanne kisima deyak kara ganna bari kenek. DB gen passe UNP eke balayawath alla ganna bari una kenek.
    eyage 2001 government eka company walata tax holidays deepu hati mathakada katawth. paaribogika badu walta apen aya karapu baddath kelinma compnay walatama ganna dunna.

    MR lokka Ranilta wada siya dahaswarayak hondai. Ranil awa gaman ayeth LTTE eka oluwa ussanawa katha dekak na. mokada ranil western padayaata natana rookadayak.

    ReplyDelete
    Replies
    1. රනිලට මුකුත්ම බෑ කියන්නේ කොහොමද? නායකත්වයට ඔච්චර ගේම් අදිද්දි. ගෙම අදින උන්ට හොම්බෙන් යන්න දිලා එයා ඉන්න එකම මදිද. නායකයා වෙන්න ගිය කරු අද කකුල් දෙක ළඟ. රනිල්ට ඔක්කෝම බයයි. ඔයාගේ කොමෙන්ට් එක පටන් ගන්න වාක්‍යයෙන්ම ඒක පේනවා.

      Delete
  40. මාතා......උඩින් තැන් දෙක තුනකම මගේ අදහස් දැම්මා. කියවලා බලපන් වෙලා තියෙනවා නම්. මාත් ආසයි බං සංවාදයකට හවුල්වෙන්න. කෝ...ඒත් පහුගිය ටිකේම බිසිනේ බං. තාම එහෙමයි. ඒත් මොකුත් නොකියා යන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම කියවනවා.. ඒත් මේ ටිකේ මමත් පොඩ්ඩක් බිසි මචෝ...

      Delete
  41. RANIL OTHANA INNE UNP CONSTITUTE EKA NISA. ANITH EKA SAJITHTA AKAMATHI PIRISAKUTH INNAWA EKAI. NATHIWA MINIHAGE DAKSHA KAMA NISA NOWEI. EKA PARATA AHASIN WATUNA GAMINI DISSANAYAKETA PUTUWA DEELA GEDARA GIYE BARI KAMA NISA NOWEDA.
    KOHOMATH API HEENAYAKA DAKINNE RANILGE YATATHE HONDA WEWI KIYALA.
    KABALEN LIPATA WATENNA WENNE.

    ReplyDelete
  42. Ranil ha Hiwalayoo ...................ayeth wadata bahala wagei.. ohoma yann ohoma yan....Gamarala Divya loke giya hati mathak kara gatta nam hondai kastiya aliyage natte elilliala

    ReplyDelete
  43. මානව හිමිකම් නඩුවලට අසූව දශකයේ අවසාන භාගයේදී නොබියව පෙනී සිටි නීතිඥවරුන් වන නීතිඥ චරිත ලංකාපුර කොම්පඤ්ඤවීදියේ ග්ලැඞ්වින් ලේන්හිදී 1989 ජූලි 07 වැනිදා ද, නීතිඥ කාංචන අබේපාල නාරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසයේ දී 1989 අගෝස්තු 28 වැනිදා ද යක්කල කොස්ක`දවල පදිංචි ගම්පහ උසාවියේ නීතිඥ නිශ්ශංක ගම්පහ නගරයේදී ද තිරස්ථීන ලෙසින් එජාප ඝාතකයින් විසින් මරා දැමුවේ නායකතුමාගේ උපදෙස් පරිදිය. මේවා වෙනින් කවුරුත් කියන කතා නොවේ. සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් දිවුරුම් පෙත්සමකින්ම කියූ කතාය.

    රනිල් වික‍්‍රමසිංහ 1996 ජුනි 06 වැනිදා තමා සමඟ සාකච්ඡුා කළ බවද එහිදී දුන් උපදෙස් අනුව ටී.වී.කේ විමලසේන යන ව්‍යාජ ගුවන් ගමන් බලපත‍්‍රයකින් වසර 03ක් රටින් බැහැර වූ බවද ඩග්ලස් පීරිස් කියා සිටියේය. තමා ලංකාවට පැමිණීමෙන් පසු යළිත් වික්ටර් අමරසිංහ නම් ව්‍යාජ ගුවන් බලපත‍්‍රයක් මගින් බෝධි රණසිංහ සහ එජාප සංවිධායක මහරුෆ්ගේ සහාය ඇතිව යළි මදුරාසියාව හරහා ඩුබායි යැවීමට මුල් වූයේ නායකතුමා බවද ඔහුගේ දිවුරුම් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් විය.

    නීතිඥ විජේදාස ලියනාරච්චි මරා දැමීමේ චෝදනාව එල්ල වූයේ බටලන්ද පොලිස් ලොක්කා වන ඩග්ලස් පීරිස්ට සහ බටලන්ද දේශපාලන බලවතාටය. අද


    http://www.rivira.lk/online/breakingnews/72917-ඇමෙරිකානු-රාජ්‍ය-රහස්-ගැන-තවත්-‘හෙළිදරව්-කරන්නෙක්’.html

    ReplyDelete
  44. අම්බලන්ගොඩ පැත්තෙ රූකඩ නැ‍ටුමක් වගේ තමයි මේ නාට්ටිය.. අපි දකින ඔකොම රූකඩ ..පස්සෙන් ඉන්නෙ ලොක්කා..පිටපත තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔක්කොම එයාගෙ,.. කතා කරනවාටත් ණයයි..

    ReplyDelete
  45. eka thama mamath kiyanne Ranila kiyanneth kondak nathi pendek kiyala. apita mathaki kotiyage puka imba imba giya hati nedakin............thuk...................

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න