.

.

Sep 29, 2014

රත්නපුරේ පොලිස්, ජර්නිලිස්ට්ස් සහ ශෝෂල් නෙට් වර්ක්ස් (23+) - Indecent Police, Journalists & Social Media (13+)


රත්නපුරේ පොලිස් බල්ලා, සේවයෙන් පහ කර ඇත. බ්ලොග් අවකාශයේ කිසිවකුත් මේ ගැන හඬක් නොනැගූ මුත්, පැරාගේ වෙබ් අඩවියේ "මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?" යනුවෙන් ළිපියක් පලවිය. නමුත් මේ වීඩියෝව මුලින්ම එලියට එන්නේ, "ෆේස්බුක්" සමාජ ජාලය තුලිනි. අද එය අපේම දෙයක් වී ඇති අතර, කවුරුත් එය හඳුන්වන ජනප්‍රිය නාමය වී ඇත්තේ "බුකිය" යන සුරතල් නාමයයි. මේ, බුකිය තුලින් එලිදැක, මුළු ලංකාව පුරාම කතාබහට ලක්වූ දෙවන සිඳුවීමයි.

නවීන තාක්ෂණය සමාජයේ යහපතට යොදාගැනීමට හැක්කේ කෙසේද ?, එමෙන්ම පුරවැසි මාධ්‍යකරණය (Social Media) කෙතරම් බලවත්ද..? යන්න, ඉතා හොඳින් පෙන්නුම් කෙරු අවස්ථාවන් දෙකක් ලෙස මෙම සිඳුවීම හා වාරීයපොල සිඳුවීම යන අවස්ථාවන් දෙකම, හඳුන්වා දිය හැක. ඇත්තටම, මෙහි වටිනාකම ජනතාවට කියා දුන් "සිරස" මාධ්‍යජාලයට, කොතරම් විවේච්න තිබුනත්, මේ අවස්ථාවේ අප අපේ ගෞරවය පිරි නැමිය යුතුය. ඔවුන් එය ජනතාවට හඳුන්වා දුන්නේ "U Reporter" (යූ රිපොටර්) නම් සංකල්පය තුලිනි. ඒ, සියළුම පුරවැසියන් මාධ්‍යකරුවන් බවත්, නවීන තාක්ෂණය තුලින් සපයා දී ඇති අගනා අවස්ථාවන් සමාජයේ යහපත් සඳහා යොදා ගන්නේ කෙසේද යන්නත්, ලාංකීය ජනතාවට හඳුන්වා දීම තුලිනි.

මෙම තුඡ්ඡ ක්‍රියාව වීඩීයෝ ගත කොට මුලින්ම පලවු බුකියේ, ඉන් පසු සංවාදයක්ද ඇතිවෙයි. පිරිසක් පොලිස් කාරයා වෙනුවෙන් පෙනී සිටිනා අතර, පිරිසක් කාන්තාව වෙනුවෙන් පෙනී සිටී. එය ජනතාවගේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියයි. මේ පිළිබඳ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද යන්නත්, මුලින්ම එලියට එන්නේ බුකිය තුලිනි. එහෙත් ගොසිප් අඩවි තුලින් හා ජනප්‍රිය වෙබ් අඩවි තුලින් සිඳු වන්නේ කුමක්ද?

ඒවා තුලින් හා එවා තුල සිටින ජඩමාද්දියවේදිනෙගේ එලිබහින්නේ, කාන්තාවගේ පැටිකිරිය ගැන කුණු රසය ඉස්මතු කරනා, කෙලින්ම කාන්තාව පිට වරද පටවා, කාන්තාවට පහරදීම සාමාන්‍යකරණයකට ලක් කොට, ගොන් ආතල් ගැනීම පමණක්මය. සාමාන්‍ය ජනතාව මෙවන් දෑ පිළිබඳව එසේ අදහස් ප්‍රකාෂ කළද, පෙර කළ සිටී මාධ්‍යවේදීන් කාන්තාව දෙස හා ගණිකාව දෙස හෙලු, සානුකම්පිත බව වෙනුවට. කාන්තාවට හා ගණිකාවන්ට ගැරහීමයි. අද මේ කුප්ප, කුහක, ජඩමාද්දියවේදීන්ගේ බඩගෝතරවාදි මාධ්‍යකරණය, ගණිකා සේවයේ යොදවන්නේ එලෙසය. උනුත් මේ පොලිස් කාරයාත් අතර කිසිඳු වෙනසක්, මම නම් දකින්නේ නැත.

උන්ට අනුව වාරියපොල කාන්තාව මෙන්ම, රත්නපුරේ කාන්තාවද පට්ට වේසීයෝය. සමහර විට එසේ විය හැක. එහෙත් වේස කම් කිරීමට, පට්ට වේසියන් මෙන්ම, වේස බල්ලෝද සමාජයේ සිටිය යුතුමය. එතකොට මේ වේස බල්ලන් ගැන ප්‍රශ්ණ කරන්නේ කවුද? එසේ නොමැති නම් කළ යුතු හොඳම දේ වේස බල්ලන්ගේද පැටිකිරිය මෙමගින් එලිබහිනා බැවින්, මෙවන් සිද්දීන් කිසිවකුටත් හානියක් සිඳු නොවන අයුරින් වාර්ථා කිරීම නොවේද? එසේ සිඳුකිරීම යහපත් මාධ්‍යකරණය නොවේද? වගකිව යුතු මාධ්‍යවේදියකුගේ යුතුකම, ගවේශණශීලී මාධ්‍යකරණය මිස ඕපා දූප පළකිරීමද?

එලෙස සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, රිපෝටර් වැඩ කරන්න ගිය විට අන්තීමට සිඳු වන්නේ, ඇත්ත හෙලිවූ පසු බලු කුක්කන් වෙන්නය. (අද පොලිස් කාරයාත් වෙස බල්ලෙක් වී අවසානය ) අවසානයේ, මෙය බුකියෙන් සෝමවාහිනියටද, ඉන් පසු අනෙකුත් රූපවාහිනී නාලිකාවලද, ප්‍රවෘත්තියක් බවට පත් වන්නේය. මුලු රටම මේ පිළිබඳව දැන ගන්නේ, අන්තර්ජාලය පරිහරනය කළද, එයිනුත් කරන්නේ "සෙක්ස්" හොයනා එක මිස, වෙබ් අඩවි කියවීමක් හෝ සිඳු නොවනා හේතුව නිසාමය.

අපේ රටේ පරිඝණක සාක්සොරතාවය ගැන මහා ඉහලින් කතා කලද. ඇම් ඇස් වර්ඩ්වල (MS Word) වල ලියුමක් ගැසීමෙන් හා  ඊ මේල් එකවුන්ට් එකක් පවත්වාගෙන යාමෙන් එහා විසල් ළොවක් තියෙනා බව, බොහෝ උන් දන්නේ නැතිය. සෙක්ස් සෙවිල්ලට අමතරව තව පිරිසක් මෙය භාවිතා කරන්නේ, සින්දු ඩවුන් ලෝඩ් කර ගෙන, ඊට පස්සේ ඒක ෆෝන් එකේ දාමාගෙන, ඉයර් දෙකට වයර් එකක් ගසාගෙන යන්නේ, අපිත් පොරවල් කියලා පෙන්වන්න්ටය. පෝන් එක කනේ තිබුනාට, කන සම්බන්ධවි තිබෙනා ඔලු ගෙඩිය තුල, කිසිවක් ඇත්තේම නැතිය. ඒ නිසා මේවා දකින්නේ ටෙලි නාට්ටි බලන අතරේ හදිසියේ හෝ රූපවාහිනියේ නිව්ස් එකකින් දැක්කාමය.

මෙය රූපවාහිනී නාලිකා තුලින් විකාශය වීමෙන් අන්තුරව පොලිස් පෙත්තප්පු කීවේ කුමක්ද? මෙය අමානුෂික පහරදීමක් බව වීඩියෝවෙන් පේන්නේ නැති බවයි. ඊට අමතරව මෙය රූපවාහිනී නාලිකා තුලින් විකාශය කිරීමට තම අප්‍රසාදය පල කරමින් ලියුම් යැවීමයි. මේ අපේ පොලෝසියේ පැටිකිරියාවයි. මෙම සිඳුව්විම් දෙකේදීම පොලීසියේ හැසිරීම ඉතාම නින්දා සහගතය. කෙසේ හෝ කොහෙන් හෝ ලද බලපෑමකින් පොලිස් කාරයාට බඩු බනිස් උනායින් පසුව. පෙත්තප්පු ඇවිත් කීවේ වෙනත් කතාවක්ය. දැන් ඇත්ත කතාව කවුරුත් දන්නවාය.

ඇත්තටම සිඳුවී ඇත්තේ, පොලිස් කාරයා නොමිලේ කම් සැප විඳින්නට යාමය. මෙය, ලංකාවේ සෑම පොලිස් කාරයාගෙම මානසිකත්වයයි. අනුර කුමාර දිසානායක කියනවාක් මෙන්, පොඩි පොලිස් කාරයෝ පට්ට හිගන්නෝය. උන්ට යුනිෆෝම් වත් නැත. බෙල්ට් හම ගිහිල්ලාය. තොප්පි හඬු ගඳය. උන්ටත් බඩු ගහන්න ඕන උනාට. සල්ලිත් නැතිය. ඉතින් මස් කඩෙන් නිකන් මස් අරගෙන කනවා වාගේ, මස් අස්සේ මස් හැංගිල්ලත්, නොමිලේම බලාපොරොත්තු වෙනවාය. සම හරක් ගණිකාවෝ එසේ සේවය සැපයුවද, තමන්ගේ වටිනාකම වෙනුවෙන් පෙනි සිටී මේ කාන්තාවට, අපේ ගෞරවය හිමි විය යුතුය.

ගණිකා ව්‍යාපාරයට එරෙහිව මේ රටේ සුචරිතවාදීන් මොන බයිලා ගැහුවත්, මිනිසා මේ මහපොලොව මත වෙසෙන තාක් කල් එයද පවතිනවා ඇත. මේ ඇත්ත කතාව ගැන මාතලන් හැමදාම කතා කරනවාය. ඒ නිසා අදත් ඒ ගැන කතා කොරන්න යන්නේ නැතිය. මේ ගැන, මාතලන්ගේ මතය දැන ගන්න ඕනම කෙනෙක් ඉන්නවානම්, මෙතනින් බලා ගන්නට පුළුවන්ය.

මාතලන්ට, කොල්ලන්ට හා කෙල්ලන්ට කීමට ඇත්තේ, ඔය පෝන් කනේ ගහගෙන යනවා වාගෙම, මෙවන් සිද්දියක් දුටු සැනින් වහාම වීඩීයෝ ගත කර ගෙන, සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරනා ලෙසය. මන්ද, සාම්ප්‍රදායික මාධ්‍යකරණයට වඩා, අද ළෝකයේ පුරවැසි මාධ්‍යකරණය බෝහෝ ඉදිරියෙන් ඉන්නා නිසාය. හොං කොං වල කෙල්ලන්ගේ කොල්ලන්ගේ ප්‍රොටෙස්ට් දකිනා චීනයේ බල අධිකාරියට මෙන්ම, ජනාධිපති තුමාගේ රිලවාටද, ෆේස්බුක් කියනා නම දැක්කත්, කලිසමේ ගූ යන්නේ ඒ නිසාය.

133 comments:

  1. මම නං කියන්නෙ මේවා වීඩියෝ කරා කියල ලැබෙන දෙයක් නෑ කියලයි. අන්තිමේ අර ගෑනි කුනු බැනුම් අහනවා එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පොලිස් කාරයත් ගෙදර යනවා.. කොහොමත්, බුකියෙ උඹලා වගේ උන් නම් ඉඳලා වැඩක් නෑ.. ඤෑ... බෑ.... ගාන උන් කොහොමත් සමාජයකට වැඩක් නෑ..

      Delete
    2. එහෙනං ඉතිං මං යන්නං.. සින්දුවා මට සිංදුවක් කියහං.. !!

      Delete
    3. ගියාට කමක් නෑ ආයේ වරෙන්.. මරාගන්න හරි මේකේ ඉන්නේ උඹලා විතරයි..

      සින්දූර්, "ළඳුනේ" හොයනවා ඇති...

      Delete
    4. සුනිල් එදිරිසිංහ ගේ සින්දුවක්.

      මා ඉතිං යන්න යනවා
      මට යන්න අවසරයි
      මට අරන් යන්න ඇත්තේ
      ඔබෙ මතකය විතරයි

      Delete
    5. දේශකයාට ඔන්නං මේ වර්ෂන් එක ගන්න.

      මට හචිං යන්න එනවා
      මගෙ නහය හරි බරයි
      මට ලෙඩක් කියල ඇත්තේ
      මේ පීනස විතරයි!

      Delete
    6. දේශව හමගහන්න එපැයි යකෝ,

      Delete
    7. // මම නං කියන්නෙ මේවා වීඩියෝ කරා කියල ලැබෙන දෙයක් නෑ . අර ගෑනි කුනු බැනුම් අහනවා එච්චරයි.//

      ඒ ගෑනි ඒ බැනුම් ඕනතරම් අහල ඇති දේශක,
      අඩු ගනනෙ කැමරා කරන්න පුලුවන් ප්‍රසිද්දියෙ ගෑනු පිරිමි පොලීසියෙන් ගුටි කන එකවත් මෙයින් අඩුවෙයි කියල හිතෙන්නෙ නැද්ද?

      Delete
    8. දේශකයගේ මතයේ තමයි මේ සමාජයේ බහුතරය ඉන්නේ.. ඒකයි මේ රට කෙල වෙලා තියෙන්නේ..

      Delete
    9. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      >>දේශකයගේ මතයේ තමයි මේ සමාජයේ බහුතරය ඉන්නේ.. ඒකයි මේ රට කෙල වෙලා තියෙන්නේ.. <<

      Delete
    10. මම කියන්නේ ඔය චාර සදාචාර තියේනං අර හැඩි පොලිස්කාරයගේ තට්ටෙ පලල හරි ඔය ගැහිල්ල නතර කරන්න එපායැ.. වීඩියෝ කරන්න නං දැන් ඕන තරං ඉන්නවා ලේ ඩිංගක් පෙරෙන්න ගත්තම වීඩියෝ ටීම් එන්නේ. උදව්වට කව්රුවත් නෑ. ඇක්සිඩන්ට් එකෙන් ලෙඩා මලත් වීඩියෝ ටීම් එකට ගානක් නෑ. පිට රට නං මිනිස්සු ක්‍රයිම් හෝ ඇක්සිඩන්ට් වලදි අත තියන්නෑ. අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා..

      Delete
    11. මොන ක්‍රමයටහරි වීඩියෝ කරපු එකෙන් හානියකට වඩා හොඳක් වෙලා නැද්ද දේශක?
      යුරෝපීය වුනත් මොකද ? හොඳට හැදුවොත් ගල් පොල් වගේම විස්කි, වොඩ්කාත් ත් හොඳයිනෙ . චියර්ස් ! සැලූටේ !

      Delete
    12. ඔය වීඩියෝ කරන එකෙක්වත් ගෑනියෙකුට ගහන එක මොන විදියෙන් හරි වැරදියි කියල හිතන්නේ නැත්තේ ඇයි?

      Delete
    13. දේශක

      //එකෙක්වත්// //වැරදියි කියල හිතන්නේ නැත්තේ//

      ?????????

      Delete
    14. වැරදියි කියලා දන්නවා.. මෙතන සෙල්වාගේ කේස් එක වගේ නෙමෙයි. එතන නම් සිවිල් පුරවැසියෝ දෙන්නෙක් නිසා කාටහරි ඒක නවත්තන්න තිබුනා. මෙතන නවත්තන්න ගියා නම් වෙන්නේ. නවත්තපු එකා, ගෙවල් පෙන්නන්න එක්ක යන ගමන් රාලහාමිගේ වෙපන් එක කන්න ගිහින් මැරෙන එක. එහෙම නැත්නම් මාංචු පිටින් ගඟට පනින එක. පොලිස් කාරයන්ට ගහන්න තියෙන නියම ක්‍රමය තමයි මේක. කට උත්තරත් නෑ නේ දැන්.. තවත් මක්කටද ඇසින් දිටු සාක්කි. එතකොට CCTV කැමරා වලින් ගන්න ඒවත් ඇසින් දුටු සාක්කිද?

      Delete
    15. ඉතිං ප්‍රචන්ඩ ප්‍රහාරයක් වූ බවට සාස්සි නැතෙයි කියන්නේ.. අනේ මන්ද මේවා..මම තමිල්නාඩුවේ ඉන්නේ.. (නිට්ටඹුවේ නෙමෙයි)

      Delete
    16. ඒ ගහපු ගැහිල්ලම පෙත්තප්පුටත් ගැහුවා නම් මොකක්ද සයිස් එක බලා ගන්න තිබුනා.. ඇත්තටම ඉතින් ධර්‍මචක්කරේත් එක්ක බැලුවහම ඕවා නිකන් අත ගානවා වගේ තමයි..

      Delete
    17. අනේ සර්.. අපි මිතුරන් නේදෝ .....හැක්


      පනම් අටෙන් මට වැඩිකර දුන්න..
      හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න..
      මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ..
      අනේ සර් අනුකම්පා නොසිතේදෝ..

      අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
      නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
      අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
      එදා දවස උදා වේවිදෝ..
      එදා දවස උදා වේවිදෝ..

      මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි..
      අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
      මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න..
      අනේ සර් කරුණාවෙන් සලකන්න..

      අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
      නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
      අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
      එදා දවස උදා වේවිදෝ..

      අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ..
      නිම වෙන්නට.. කල් ගත වෙයිදෝ..
      අනේ සර්.. අපි මිතුරන් වෙයිදෝ..
      එදා දවස උදා වේවිදෝ..

      එදා දවස උදාවේවිදෝ....//


      ගායනය - නෙවිල් ප්‍රනාන්දු
      පද - කරුණාරත්න අබේසේකර
      තනු - නිමල් මෙන්ඩිස්

      Delete
    18. මම කැමතිම සිංහල සිංදුව...

      Delete
    19. මාතේ අපේ ලිමිට් එක මැන ගන්නේ ඔය සින්දුවෙන් ...
      ඔය සින්දුව කියන්න පටන්ගන්නවා කියන්නේ බඩුම තමයි ...

      Delete
    20. මටත් වැදුනම හයි පිච් කියන්න පුළුවන් ඕක විතරයි..

      Delete
    21. පිට රට නං මිනිස්සු ක්‍රයිම් හෝ ඇක්සිඩන්ට් වලදි අත තියන්නෑ. අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා..
      පිට රට වල වගකිවයුතු නිළදාරියෝ මේ වගේ පහත් විදියට හැසිරෙන්නේ නෑ. ඒත් කාන්තාවකට හිංසා කරන කොට කටයි පුකයි වහන් ඉන්න *මිනිස්සු* කොයි රටකවත් මේ වෙනකොට නෑ කියලයි හිතෙන්නේ.
      ඕනේ නම් පිට රටක ඇක්සිඩන්ට් වෙලා බලපල්ලකෝ. මිනිස්සු නැද්ද කියලා.

      Delete
    22. //අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා..//

      අරින්ඩ එපා

      කොඩිය සුද්දගේ උනත් කොඩිගහ අපගේ

      ආතල් නේ ඇයි අවුල්ද

      අන්දෝ සන්සා.................රේ

      Delete
  2. රත්නපුරේ පොලිස් බල්ලා සේවයෙන් පහකර ඇතැයි ඔබ කීවාට එසේ වී නැත.සිදුවී ඇත්තේ තාවකාලික වැඩ තහනමකට ලක් වීමයි.ඊනියා විනය පරීක්ෂණයකින් පසු නිදහස් වීමට ඉඩ ඇත.පෙත්තප්පු කී ලෙසින් ඇසින් දුටු සාක්ෂිද නැති නිසා
    කිසිවෙක් සාක්ෂි දෙන්නට නො එන බව දන්නා පෙත්තප්පුල මෙසේ කියයි.
    එහෙත් සුනාමි දිනයේ කාන්තාවක් අල්ලාගෙන මාලය කඩා ගෙන ඇයව මූදට දැමූ සිද්ධියේදී විත්තිකරුවන් වරදකරුවන් කළේ පත්තර කෑල්ලකිනි.මේ සදහා අධිකරණ පූර්වාදර්ශ ඇත.

    මේ පොලිස්කාරයාට දේශපාලන බලයක් ඇත.ඒ බව හොඳින් පැහැදිලි වන්නේ ලංකා සී නිව්ස් මේ සිද්ධිය වාර්තා කළා ආකාරයෙනි.
    පසුගියදා රත්නපුර බස්නැවතුම්පල ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු විසින් බිම පෙරලාගෙන පහර දෙන ලද කාන්තාවගේ තොරතුරු හෙළිව තිබේ.

    වැඩි වශයෙන් රත්නපුර බස්නැවතුම්පොලේ ගැවසෙන මෙම කාන්තාව ‘බට්ටි’ ලෙස බොහෝ දෙනා හඳුන්වයි.

    මෙම සිද්ධිය වූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී ගලකින් ගැසීමට උත්සාහ ගෙන ඇත.

    ඊට ප‍්‍රතිචාර ලෙස පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට ඇත."

    බලන්න මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබූ නිර්ලජ්ජිත විලාසය

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි ලින්ක් එකකුත් දැම්මේ.. රිලවගේ අඩවිය නේ.. ඌ කොහොමත් මේ සමාජ අඩවි වලට ගූ බයයි..

      Delete
  3. @mathalan
    +++++++++++++++++++++++++++++++++++++++++++

    //වර්ඩ් ප්‍රෙස් (WordPress) වල ලියුමක් ගැසීමෙන් // WordPress තියෙන්නේ බ්ලොග් ලියන්න Word තියෙන්නේ ලියුම් ගසන්න. මට පෙන විදියට මාතලන්ට වැරදිලා ප්‍රෙස් කියන එක වැටිලා.

    ReplyDelete
    Replies
    1. මම ලියන්නේ කොලොම්බු කැම්පස් එකේ සින්ග්ලීෂ් වලින්...

      Delete
    2. බොල මම කියන්නේ "වර්ඩ් ප්‍රෙස් (WordPress) වල ලියුමක් ගැසීමෙන්" යන්න "වර්ඩ් (Word) වල ලියුමක් ගැසීමෙන්" ලෙස නිවැරදි විය යුතු බවයි. මෙතනට යල් පැනපු කොලොම්බු කැම්පස් එකේ සින්ග්ලීෂ් අදාල නැහැ. WordPress කියන්නේ බ්ලොග් සේවාවක් blogger වැනි.

      Delete
    3. හි හි මකසි
      "මේ ලියන්නා ලියන දේ කියවන්නෝ අත්දැකීමෙන් කියවාගතයුතුය, පට්ට රසේ දැනෙන්නේ එවිටය."

      Delete
    4. හුටා දැනුයි ක්ලික් උනේ.. තැන්කූ මචෝ...

      Delete
    5. පරණ මිනිස්සුනෙ. උඹෙ ඔළුවෙ තිබ්බෙ වර්ඩ් පර්ෆෙක්ට් කියන ඉස්සර අපි ලියුම් ගහපු සොෆ්ට්වෙයා එක වෙන්නැති, ඒකයි වර්ඩ්ප්‍රෙස් උනේ සමහරවිට!

      Delete
    6. මටත් හිතුනේ වර්ඩ් ප්‍රොසෙසර් කියන එකහෝ වර්ඩ් පර්ෆෙක්ට් වෙනුවට වර්ඩ් ප්‍රෙස් වැරදිලා වැටෙන්න ඇති කියා.

      ඔය වර්ඩ් පර්ෆෙක්ට් ගැන 97 දී විතර මමත් ඉගෙන ගත්තා. නමුත් භාවිතා කරලා නැහැ

      Delete
    7. firefox addon එකක් තියෙනවා...සිංග්ලිශ් ගැහියැකි english වගේ.....මාත් මේ chrome එකෙන් ඇවිත් හින්දයි එකේ ඉන්නේ..අහ අහ....

      Delete
  4. Ko Badu gahana Kenji ge adahas ?

    ReplyDelete
    Replies
    1. Bduwak gahalama ewith daawi.. kalabala wenna epaa....

      Delete
    2. ඔව් ඉතිං අර අවනත ආටිගල කාටුන් එකේ තිබ්බා වගේ මාධ්‍ය නිදහස නැති රටේ සමාජ ජාල වත් ඒ තැන ගන්න එපැයි!

      Delete
    3. පොඩ්ඩක් ඉදිං ...ඇනෝ .....මේකිට මම කොටද්දී...මගෙ ලැප ඒකිකේ පපුව උඩ තියං ගේම් ප්ලේ කරනව .....
      උඹල කියනව වගේ ....මගෙ මල්ලිය බිම බලාගෙනද මන්ද........
      පොඩ්ඩක් ඉදිං බලන්න.....

      Delete
    4. Meki kiyanne samanmali noweyne?

      Delete
  5. පුරවැසි මාධ්‍යකරණය අද අන් කවරදාකටවත් වඩා බලවත් බවට පත්වෙමින් පවතී. එහි බලවත් කම හා විශ්වසනීයත්වය රැකගත යුත්තේත් පුරවැසි මාධ්‍යකරුවන්මය.

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා නලියෝ කියන දේ.. හැබයි ඉතින් පුරවැසි මාධ්‍යකරණය. සම්ප්‍රදායී එකට වඩා ගොඩාක් වෙනස්.. තවත් කෙනෙකුත් ඔය ගැන කතා කලා ඊයේ..

      Delete
    2. +++++++++++++++++++++++++++++++++
      >>මට තේරෙනවා නලියෝ කියන දේ.. හැබයි ඉතින් පුරවැසි මාධ්‍යකරණය. සම්ප්‍රදායී එකට වඩා ගොඩාක් වෙනස්.. තවත් කෙනෙකුත් ඔය ගැන කතා කලා ඊයේ.. >>

      Delete
    3. පුරවැසි මාධ්‍යකරණය අද අන් කවරදාකටවත් වඩා බලවත් බවට පත්වෙමින් පවතී. එහි බලවත් කම හා විශ්වසනීයත්වය රැකගත යුත්තේත් පුරවැසි මාධ්‍යකරුවන්මය.//

      අපේ පැත්තෙ මහ කකුලුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා...

      Delete
  6. කාලීන සිදුවීම් ගැන ලිපි ලියද්දි ඔයා ලියන මේ විදියට මං ගොඩක් ලයික්, උක්ත සිද්දීයේම එල්බගෙන යුක්ති අයුක්ති ගැන විතරක් කතා නොකර ඒ සිද්දිය සමග සමාජයට දෙන අදහස සහ ඔබේ අදහස සමබරව එකතු කර දාන එක සහ ෂෝයි වචන සෙට් එකකින් දමාගැසිම තරයේ අගය කරමි,,, තාම එළිවෙලා නැහැ,තව ටිකක් නිදාගන්න ඕනේ,, ඉදගෙන

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව ටිකක් දොයියගෙනම එන්නකෝ.. මේ දවස් වල ශීතලත් එක්ක නේ..

      Delete
    2. තාම ගොඩක් නැහැ....එහෙට මචෝ....

      Delete
  7. මෙවැනි දිවල් සුලභ ඉන්දියාව ,පාකිස්තානය වැනි රටවලයි.පාකිස්තානයේ හමුදා වන්දනය නිසා පොලිස් හෝ හමුදා නිළධාරියෙකුට කළ නොහැකි නොපනත්කමක් නැහැ.ඒ සමාජය එයට හුරු වෙලා.
    යුධ ජයග්‍රහණයෙන් පසු ලංකාවේත් මීට සමාන තත්වයක් එන්න ආව.නමුත් අගුලානෙ ඕ අයි සී කොල්ලො දෙන්නෙක් මැරුවට පස්සෙ සියළු මාධ්‍ය,සංවිධාන,විපක්ෂය පවා හඩ නැගූ නිසා එතනදි යම් මෙල්ල වීමක් වුනා.
    රතුපස්වලදි ජාත්‍යාන්තරය මැදිහත් වුන නිසා නාමමාත්‍ර පරීක්ෂණයක් හෝ කළා

    ලංකා සී නිව්ස් එකේ මේ සිද්ධිය හෙළා දැකල කොමෙන්ට් එකක් දාපුවම ඒකට රිප්ලයි එකක් එනව ඩොලර් කීයක් හම්බවෙනවද මේක දැම්මට කියල.මේක අතිභයානක ප්‍රවනතාවයක්.
    මම නම් කියන්නෙ ජාත්‍යාන්තරය කියන්නෙ හොඳ දෙයක්.ජාත්‍යාන්තරය නොතිබ්බනම් දේශපාලන හෙන්චයියො පොලිස්කාරයො ,ආමිකාරයො යකා නටයි.
    යූ ඇන්පී ආන්ඩුවෙ අවසාන කාලයෙ හැම ආයතනයක්ම පිරිහිලා තිබුනෙ .වවුල්කැලේ පොලි මිනීමැරුම් වලට මොකද වුනේ
    උඩුගම්පොල දිවුරුම් ප්‍රකාශයකින්ම නිදහස් වුනා.
    මම මෙතනදි තවත් පැත්තක් පෙන්වා දෙන්න කැමතියි.පොලිස් වධහිංසා නිසා සදාකාලික ආබාධිතයො වුන විශාල පිරිසක් සමාජයෙ ඉන්නව.
    බියගම කොටේජ් එකේ මිනීමැරුමට අහිංසක ත්‍රීවීල් කාරයෙක් අල්ලල වධ දීල තිබුන,මීරිගම දූෂනයටත් ගමේ කොල්ලො විශාල පිරිසක් අල්ලගෙන ගිහිල්ල වධ දුන්න.සමහරු අංශබාගෙ හැදුනලු.
    නිළ ඇදුම් දාගත්ත කිසිම කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ.නිළ ඇදුම් දාගත්ත කොස්තාපලුත් හිතන්නෙ තමන් ලයිසන් චන්ඩියෙක් බව මිස නීතිය රකින නිළධාරියෙක් ලෙස නොවෙයි.
    මේ හැම පීඩාවක්ම බැරි එකාට.
    ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්න බැරි වුන එකා,සල්ලි ටිකක් හොයාගන්න බැරිවුන එකා,පැවිදි වෙන්න බැරි වුන එකා හැම තිස්සෙම ඉන්නෙ ගුටිකාල මැරෙන අවදානම අතේ තියාගෙන.
    මේ අස්සෙ නානසාරල ජාතිවාදෙ අවුස්සල රටම මඤ්ඤං කරනව.
    අද අවශ්‍යම දේ නීතියෙ ආධිපත්‍ය තමිල්නාඩුවෙ වගේ.

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩුවේ නීතීය නම් වැඩක් නෑ.. ඒක තනිකර දේශපාළණ අවස්ථාවාදය.. මෙහේට ඕන සුද්දගේ නීතීය.. කාටත් එක සමානව ක්‍රියාත්මක් වන..

      Delete
  8. ඔව් ඉතිං අර අවනත ආටිගල කාටුන් එකේ තිබ්බා වගේ මාධ්‍ය නිදහස නැති රටේ සමාජ ජාල වත් ඒ තැන ගන්න එපැයි!

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් අවන්ත ආටිගලත් ඇඳලා තිබුනා ෆේස්බුක් එක ගෑණු ළමයෙක් එල්ලන කාටුන් එකක්..

      Delete
  9. රෙදි ගැලවෙන්ටම ලියලනෙ. සුචරිතවාදීන්ගේ සීතම්බර පට චකබ්ලාස්... (කොහොමත් එහෙම ඇඳුමක් නෑනෙ)

    ReplyDelete
    Replies
    1. පුරවැසි මාධ්‍යකරණය - ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය...!!!

      Delete
    2. පොලිස් කාරයා ගහපු විදියටම අපිත් ඌට ගහන්න එපාය..

      Delete
  10. දැනුයි දැනගත්තෙත් සිද්දිය

    ReplyDelete
    Replies
    1. ඒක මම ඔය පෝස්ට් එකෙත් කියලා තියෙන්නේ.. අවුලක් නෑ..

      එළද බ්‍රා...

      Delete
  11. ඔව් ඉතිං අර අවනත ආටිගල කාටුන් එකේ තිබ්බා වගේ මාධ්‍ය නිදහස නැති රටේ සමාජ ජාල වත් ඒ තැන ගන්න එපැයි! (2)

    ReplyDelete
    Replies
    1. දැනුයි ඒක දැක්කේ.. ඕන් පෝස්ට් එකේ ඇලෙව්වා..

      Delete
  12. ඉල ඇදුන අප්ප හිනා වෙල හිනා වෙල

    ReplyDelete
    Replies
    1. ඒකත් ළොකු දෙයක්නේ... අඬන්නේ නැතිව...

      Delete
  13. //අපේ රටේ පරිඝණක සාක්සොරතාවය ගැන මහා ඉහලින් කතා කලද. ඇම් ඇස් වර්ඩ්වල (MS Word) වල ලියුමක් ගැසීමෙන් හා ඊ මේල් එකවුන්ට් එකක් පවත්වාගෙන යාමෙන් එහා විසල් ළොවක් තියෙනා බව, බොහෝ උන් දන්නේ නැතිය.// ++++++++++++ එකෙන්ම එකඟයි!! අපේම සමහරක් ගොන් වස්සො ඉන්නවා කතා කලොත් කොම්පීතරයක් උඩ හම්බ වෙලා කීබෝඩ් එකක් උඩ තියලා මවුස් එකෙන් පෙකිණි වැල කපලා ඉන්ටනෙට් ලොග් වීගෙන ඉපදිලා ඉන්න උන් ගානයි. ඒත් නිකමට හරි බ්ලොග් ගැන දන්නවද කියලා ඇහුවත් අහෝ ඉ‍රකි දුකකි තිත් පේලියකි තමා. කොටින්ම fb එකේ කරන්නෙත් තමන්ගෙ ගොබ්බ වැඩ පෙන්වීමත් අනුන්ගේ ගොබ්බ වැඩ වලට හුරේ දැමීමත්ය.…

    සිදූවීම ගැන නම් කියන්න තියෙන්නෙ අර සක්කිළි බල්ලගෙ වැඩ තහනම් කල පළියට ඌගේ පව සේදෙන්නේ නම් නැත. ඒ කාළකණ්නියාට නිසි දඬුවම් ලැබිය යුතුමය.

    මේ සිද්ධිය මුල් කර ගෙන අර කාන්තාව පට්ට වේසියෙක් කර පතුරු ගහන පුහු මහත්ම මහත්මීන්ට කීමට ඇත්තේ "අනේ සාධු" කියා පමණි.

    ලිපිය ගැන නම් කීමට ඇත්තේ 200% ක්ම එකඟයි කියා පමණි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අවුලක් නෑ...

      Delete
  14. අපේ රටේ පරිඝණක සාක්සොරතාවය ගැන මහා ඉහලින් කතා කලද. ඇම් ඇස් වර්ඩ්වල (MS Wඔර්ඩ්) වල ලියුමක් ගැසීමෙන් හා ඊ මේල් එකවුන්ට් එකක් පවත්වාගෙන යාමෙන් එහා විසල් ළොවක් තියෙනා බව, බොහෝ උන් දන්නේ නැතිය. //

    සහතික ඇත්ත.ජනමනස පාලනය කරන්නෙ තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය වලින්.ඒව නිසා රට ආපහු වැඩවසම් යුගයට යන එකයි වෙන්නෙ

    මෙය රූපවාහිනී නාලිකා තුලින් විකාශය වීමෙන් අන්තුරව පොලිස් පෙත්තප්පු කීවේ කුමක්ද? මෙය අමානුෂික පහරදීමක් බව වීඩියෝවෙන් පේන්නේ නැති බවයි. ඊට අමතරව මෙය රූපවාහිනී නාලිකා තුලින් විකාශය කිරීමට තම අප්‍රසාදය පල කරමින් ලියුම් යැවීමයි. මේ අපේ පොලෝසියේ පැටිකිරියාවයි//

    පෙත්තප්පු අමානුෂිකබව සාපෙක්ෂවයි කියල තියෙන්නෙ.වෙඩි තබා මැරීම අවම බලය යෙදවීමක් නම් ඕක කොහොමටත් අමානුෂික නැහැන.

    ඇත්තටම සිඳුවී ඇත්තේ, පොලිස් කාරයා නොමිලේ කම් සැප විඳින්නට යාමය. මෙය, ලංකාවේ සෑම පොලිස් කාරයාගෙම මානසිකත්වයයි//

    මේ තමයි යතාර්ථය.මේව නීතිගත කළොත් මේ තත්වය නැති වෙයි.නීති විරෝධී වෙන තාක් කල් පොලිස්කාරයො ජරාව කනවමයි.ඔය වැඩෙත් නිකම් කරගන්න මුන්ට ලැජ්ජ නැද්ද

    බට්ටිලගෙ ජීවිත අනේ අපොයි කියල හිතෙනව.හැම එකාටම අල්ලනව.පොලිස්කාරයන්ට ටවුමෙ චන්ඩින්ට නිකම් අල්ලනව නැත්නම් උසාවි දානව,හැම අපචාරයටම සම්බන්ධ වෙනව,මැරිල යනව.මේ අය පුනරුත්ථාපනය කරන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බෑ..

      මේ මාර සගිස්කුරුත්තයක් තියෙනේ ධර්මද්වීපේ නේ..

      ශරීර කෘත්‍යෙට යන්නෙත් අති ශේෂ්ඨ සඟිස් කුරුත්තේ..

      දිස් ඉස් සිරි ලංකා මයි ඩාලින්...

      Delete
  15. පුරවැසි මාධ්‍යකරණය නිසා අයුක්තියේ අසාධාරණයේ යක්ෂයා නිරුවත්වී ඇත.මෙය සමාජය යහපත් දිශාවකට ගෙන යනු ඇත.එහෙම නම් සුන්දරය.පසුගිය භීෂණ සමයේ සමාජ ජාල හා ස්මාට් ෆෝන් තිබුනා නම් ජේවීපී කාරයන්ගේ අපරාධ මෙන්ම ආරක්ෂක අංශ වල අපරාධ මීට වඩා අඩුවනු ඇත.චැනල් ෆෝ ලාට ඕ ටී කරන්නට වෙන බව ඇත්තය.කාලයේ වැලිතලාවලින් වැසී යාමට නියමිතව තිබූ දේවල් කරළියට එයි.හඩන් නතිව ඔහේ පා වූ මිනිසුන්ගේ ලතෝනි සුසුම් නව ජවයකින් හඩ කැවී ඇත.
    අපේ රටේ වනචාරීන්ගේ ක්‍රියා වීඩියෝ ක්ලිප් ලෙස ප්‍රචාරය කරන්නට අවස්ථාව ලැබුනේ බටහිර බුද්ධිමත් ශිෂ්ට මිනිසුන්ගේ සොයාගැනීම් නිසාය.
    වනචාරීහු ඒ නිසා ස්වභාවයෙන්ම බටහිර විරෝධීය.

    ReplyDelete
    Replies
    1. "හඩක් නැතිව ඔහේ පා වූ මිනිසුන්ගේ ලතෝනි සුසුම් නව ජවයකින් හඩ කැවී ඇත."ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. සහතික කරණා ලද අමුම අමු ඇත්ත.. ඒත් උන්ගේ දරුවෝ ඉන්නේ ඒවල.. ඒත් මෙහෙට ආපු ගමන් ආයෙත් වනචාරී වෙනවා.. උපන්ගෙයි සිරිත එනවා..

      Delete
  16. සිදුවීම වෙනස් එකක් උනත් මේ සතියෙන් සතිය එලියට එන්නෙත් සදාචාරය, වගකීම, වගවීම කුනු බාල්දියට ඇද දැමූ සමාජයක නිරුවතයි. මාතලං ලාවට කඩේ යන රෙජිමය තුළින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වීම විහිලුවක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි අපි හැම දෙයක්ම රෙජිමයෙන්ම බලාපොරොත්තුවෙන්නේ..?ප්‍රජා යුතුකම් කියලා දෙයක් අහලාම නැද්ද අපි...ඇත්තටම...???

      Delete
    2. ඒ උනාට රෙජිමයෙන්ම නේද ඌගේ වැඩ තහනම් කරලා තියෙන්නේ..

      Delete
    3. Chef ප්‍රජා යුතුකම මෙතනදී ක්‍රියාත්මක වෙන්න ඕනෙ විදිහට වෙලා තියෙනවා , ඒත් ඒක වහලෙ හිල්වෙලා ගේ තෙමෙනකොට බාල්දි තියෙනවා වගේ වැඩක්.
      නායකයා ත්මන්ගේ බලය රැකගන්න තමන් වටේ ඉන්න කල්ලිය සතුටු කරන්න ඕනේ ප්‍රශ්ණේ පටන්ගන්නේ මෙතනින්. එතනින් පහලට දූෂණය ගලගෙන එන ආකාරය පැහැදිලි කරන්න ඕනේ නැහැනෙ ? එක මිනිහෙකුගේ බල තන්හාව ටිකෙන් ටික මේ රට විනාශයට ඇදගෙන යන්නේ ඒ විදිහට.
      පාදඩ කම් විවිධ ප්‍රමාණ වලින් සාමාන්‍ය පුරවැසියා ලඟ තියෙනවා ඒක ඉස්මතු නොවී තියාගන්න එක තමයි නායකයකුගෙ වගකීම වෙන්න ඕනෙ. නායකයා පාදඩයෙක් වුනාම මේ වගේ සිදුවීම් එදිනෙදා සාමාන්‍ය දේවල්.

      Delete
    4. @ gayanmm මචං රෙජිම වෙනස් කරාය, උනාය කියලා අපිට ලබලා තියෙන අපලේ වෙනස් වෙන්නේ නැහැ, මොකෝ ආයෙත් එන්නේ මේ මුස්පේත්තුවො ටිකම තමයි වෙන නමකින්. ඒ නිසයි මේක ඇතුලේම වෙනසක් අවශ්‍යවෙලා තියෙන්නේ...සෝෂල් මීඩියා නිසි අන්දමට අපි පාවිච්චිකරනවා නම් නායකයාට පනිවිඩයක් ලැබෙනවා නේද යන්නයි මමනම් තේරුම් ගත්තේ මාතේගේ වේගරිද්ම පෝස්ටුවෙන්...නැතුව කඩේ යාමක් නෙමෙයි ලාවටවත්....

      Delete
    5. //මචං රෙජිම වෙනස් කරාය, උනාය කියලා අපිට ලබලා තියෙන අපලේ වෙනස් වෙන්නේ නැහැ, මොකෝ ආයෙත් එන්නේ මේ මුස්පේත්තුවො ටිකම තමයි වෙන නමකින්. //

      ++++++++++

      Delete
  17. ඒක නෙවෙයි මාතෙ, අන්න අයින්ස්ටයින් හොයාගත්තු ආලොකෙ වේගෙ වැරදියිලු.
    මල කෙලියයි දැන් ලංකාවෙ ප්ලෑන් සේරම වෙනස් කොරන්න වෙනවා.
    කොටින්ම ට්‍රැෆික් කොස්සො ළඟ තියෙන ස්පීඩ් මීටරෙත් වැරදියි.

    ReplyDelete
    Replies
    1. කව්ද කියන්නේ.. නලීන් ද සිල්වා ද....?

      Delete
    2. හපොයි ඕක පරණ කේස් එකක්. මොකක්ද බං අර කැකුළු එකෙත් ගියා මාස ගානකට කලින්

      Delete
    3. //අයින්ස්ටයින් හොයාගත්තු ආලොකෙ වේගෙ// අදමයි ඇහුවේ අයින්ස්ටයින් ආලෝකේ වේගේ හොයාගත්තා කියලා. කොහෙවත් එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ

      Delete
    4. ඔය විද්වත්තු ටික කරුණාකරලා ඕක ගෙනිහින් වෙන කොහෙ හරි කතා කර ගන්නවද අපට මෙතැන කොස්සොයි වේසියොයි ගැන කතා කරන්න ඉඩ දීලා... පින් සිද්ද වෙයි.

      Delete
    5. //කොස්සොයි වේ------- //

      @මාතලන් නලින් සිල්වාට අනුව ඒ දෙකට දේශීය විදිහක් නැද්ද?

      Delete
  18. මේ වගේ කාලීන සිදුවීම් ගැන කතා කිරීම නම් පට්ටය. හැබැයි අපේ අයියලා ඒ ගුටිකන ගෑනිටම කුණුහරප දෙසන හැටි බුකියෙන් දැක්ක නිසා මම නම් කලේ ස්ටේටස් අප්ඩේට් එකක් පමණක් දමා නිහඬ වීමය. ඒ ගැන නොලියා පොලිස්කාරයා ගෑනිට ගහන හැටි බලමින් ආතල් ගන්න අයියලාව නොදැක්කා සේ හිඳීම ගැන මේක කියවූ පසු මටම මං ගැන ලැජ්ජා හිතුනේය.
    ^_^

    ReplyDelete
    Replies
    1. කවියකින් හරි දෙන්න.. මොකෝ දැන තියෙන බ්ලොග් වලින් හොඳම එක බස්සිගෙ එක.. අනික බස්සි හැම දේම ලියනවනේ.. ඒක බොහොම වටිනවා..

      Delete
    2. අනිවා......
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ඕං කවියක්...
      අලුත ඉපදුනු දැරිය කිරිකැටි නලල තිලකය තබාලා
      යන්ට ඇස්වහ දෝස කටවහ සියලු පිළිවෙත් කොරාලා
      දොරට වැඩිකල නසා බඹසර මදිව පෝලිං දමාලා
      මගට වැටිකල ඇදං කෙස්සෙන් නෙලයි පොල්ලෙන් තලාලා

      Delete
    4. වල්ලා පට්ට "V"

      ආන් අභියෝගයක් තියෙනවා හැලපෙගේ පෝස්ට් එකේ.. හොඳම කවියට හැලපෙකුයි ටීචර්ස් ලීටරේකුයි දෙනවලු..

      Delete
    5. මංනං යයි ඕකගෙ හැලපෙ කංඩ..හුහ්...
      ඈ...ඈ...ඈ... ටීචර්ස්? පොඩ්ඩක් හිටිං...කෝ මේ ඩිලීට් කී එක?

      Delete
  19. ලිපිය සමග එකඟ නැත.මාතලන් දැන් කෝ මේ ප්‍රවෘත්තියෙ පොලිස් කාරයගෙ පැත්ත?කාන්තාව කියාපු දේ හැබෑව කියල උපකල්පනය කරල ලිපිය ලියල තියෙනව.ලිපිය සමබරද?නෑනෙ බඩු ගහන්න ගිහිං බෑ කිව්වට හරි වෙන මොන කාරණයකට හරි පොලිස් කාරයටත් කියන්න කතාවක් ඇති නොවැ.ලිපිය සමබර වෙන්න නම් ඒ කතාවත් ලියන්න ඕනෑ.මේ කාන්තාව කියන දේ පරම සත්‍යයයි කියල නිගමනයකට එන්නෙ කොහොමද?පොලිස් කාරයත් එක්ක ඇරියස් එකක් පිරිමහගන්න හදනවද අපි දන්නෙ නෑ.ගහපු එක වැරදියි අමානුෂිකයි ඒ ගැන කිසිම වාදයක් නෑ.නමුත් ගහපු කාරණේ තවම හරියට පැහැදිලි වෙලා නෑ නේද?කාන්තාව කියන්නෙ ඇත්ත වෙන්නත් පුළුවනි බොරුවක් වෙන්නත් පුළුවනි.සම්භාවිතාව 50-50යි.ඒ නිසා මාතලන්ගේ ලිපියෙ වලංගුතාවත් 50-50යි.

    ReplyDelete
    Replies
    1. හැලපයියෙ, උඹත් පොලෝසියෙ වැඩ කොළාය කාලයක්...?

      Delete
    2. පොලිස් කාරයාගේ කථාව කුමක් උවත්, මහපාරක් මැද විශේෂයෙන්ම බස් නැවතුම්පොලක් වගේ ප්‍රසිද්ධ ස්ථානයක මෙලෙස අමානුෂික ලෙස ගැහැනියකට තියා සතෙකුටවත් වේවැලකින් තැලීම පිලිගන්නේ කොහොමද මචෝ...ලිපියනම් ලියලා තියෙන්නේ මාතේට හොඳටම මලපැනලා නිසා සමහර තැන්වල මායිම් එහෙම පිටින්ම පැනලා..ඉඩම් නඩුවක් දාන්න තරම්....50-50 තද වැඩිය මචෝ...

      Delete
    3. මොකක්ද බං පැත්ත.. මොන මළදානයක් හරි කියමු.. මූට මෙහෙම ගැණියෙකුට ගහන්න අයිතිය කොහේදි කවදා කවුද දීලා තියෙන්නේ. උඹගෙයි පොලිස් පෙත්තප්පු කියපු මුල් කතාවයි අතර කිසිම වෙනසක් නෑ. හරි නම් මූව ඇතුලේ දාන්න ඕන, කාන්තා හිංසනයට එරෙහිව වෙන මොනවත් ඕන නෑ.. උඹ මට වඩා නීතිය දන්නවා ඇති නේ..

      Delete
    4. හැලපෙ
      අදාල වන්නේ කාන්තාව කියූ දෙය (ඇත්ත, නැත්ත හෝ ------ කෙන්ජි නම් ලියයි ඒක :-D ) නොව වෙන අයෙක් වීඩියෝ කරපු දෙය (පහරදීම ) යි.

      Delete
    5. නෑ බං මම කියන්නෙ ගහන එක හරියි කියල නෙවෙයි.ගෑණි කියාපු කතාව ගැන.ඒ කතාව හරිද වැරදිද කියල කව්ද දන්නෙ.

      Delete
    6. ඇනෝ,
      උඹට කියන්න මාවත් පොලෝසියට මාරු කළා නොවැ.2007 විතර වෙන්න ඇති මයෙ හිතේ.බුදු අම්මෝ මම ගියේ නෑ.විස්තරේ මෙතන ලියන්න තරං දිග වැඩියි පෝස්ට් එකක්ම දාන්නං.

      Delete
    7. චෙපාකි,
      කාන්තාවට තලන එක මම අනුමත කරල නෑනෙ මචං.කොහෙත්ම අනුමත කරන්නත් බෑ.ආවේගශීලිව ලිපි ලියන්න එපා කියල මාතයට කියන්න ඕනෑ.

      Delete
    8. කතාව මටත් අදාල නෑ මචෝ.. පොලිස් කාරයා හතර පෝයටම සිල් ගන්න උපාසක කෙනෙක් වෙන්නත් ඇති.. ඒත් ඉතින් එහෙම නොහිතෙන එක තමයි කරුමේ..

      Delete
    9. @ මාතේ...පොලිස් කාරයා හතර පෝයට සිල ගත්ත එකෙක් නෙමෙයිලු. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ, බස් ස්ටෑන්ඩ් එකේ පඩි උඩ වාඩිවෙලා (මම ඔය ගැන්සිය දැකලා තියෙනවා ) අර ලොකු බෑග්පිටේ එල්ලගෙන නිවාඩු එන විරුවෝ වගේ තරුනයින්ට පොඩිගානකට ජොලියක් දෙන සෙට් එක ගැන කඩවල් වල අය කරපු කම්ප්ලේන් එකකට තමයි පොර ඇවිත් තියෙන්නේ විභාග කරන්න...මිනිහාට හොඳ වචනවලින් මුලින්ම පහර ලැබිලා...එයින් කිපුන එකට කොරපු තරම තමයි එඩිට් කරපු වීඩියෝ එකේ තියෙන්නේ..මුල ටික කපලා...ඒ කුනුහරුප ටික ඇහුවාම ඉතින් කාකි කෝට් එකේ උනුසුම දැනිලා තමයි නෙලලා තියෙන්නේ...ඉතින් මහරජා ඕකටත් බැනුම් අහන්න එපැයි...

      Delete
    10. අනික මචෝ පොලිස් කාරයා ගිලිටි නැත්නම් ඇයි ඌගේ වැඩ තහනම් කලේ. මූ පොලිසිය ඇතුලෙම ඔය වැඩේට ප්‍රසිද්ධ ඇති.. ඌත් ගල් ආඳෙක්.. කොහොමත් ඌ රිලීස් වෙයි.. මොකෝ ඌ තව කෑල්ලකට කියලා තමයි ගේම ඇදලා තියෙන්නේ.. මේක උසාවියේදි යන්නේ.. වලියක් බේරන්න ගියපු සීන් එකක් විදියට.. බට්ටි මෙයාට ගලකින් ගැහුවලු නේ.. මූ වේවැලකුත් අරගෙන එන්න ඇත්තේ ගල් පාරක් කන්න වෙයි කියලම වෙන්න ඇති..

      Delete
    11. තව දෙයක් මචෝ.. පොලීසියේ පැත්ත කතා කරන්න පොලිස් පෙත්තප්පු ඉන්නවා..

      අපි ඉන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන්න..

      Delete
    12. ප්‍රා,
      අදාළ වන්නේ කුමක් වුණත් මම එහෙම ලිව්වෙ මාතලන් ලියපු මෙන්න මේ වාක්‍යය නිසයි.
      //ඇත්තටම සිඳුවී ඇත්තේ, පොලිස් කාරයා නොමිලේ කම් සැප විඳින්නට යාමය. මෙය, ලංකාවේ සෑම පොලිස් කාරයාගෙම මානසිකත්වයයි.//
      මේ කතාව තහවුරු වෙච්ච දෙයක් නොවේ.හුදෙක් කාන්තාව කියූ දෙයක් පමණයි.මම කිව්වෙ ඒ ගැන.

      Delete
    13. පොලිස් කාරයටත් තියෙන්නේ මාධ්‍ය සාකඡ්චාවක් තියන්න නේ..

      Delete
  20. The 'People' get the 'Police' they deserve.

    On the other hand, the 'Police' is inherited form the 'Society'

    ReplyDelete
    Replies
    1. ඕක ඔය ප්‍රසිද්ධ තර්කයක් නේ.. මම ඕවා පිලිගන්න කෙනෙක් නෙමෙයි..

      Delete
    2. The people get the rulers they deserve
      The rulers get the Police they desire

      Delete
  21. >>
    මාතලන්ට, කොල්ලන්ට හා කෙල්ලන්ට කීමට ඇත්තේ, ඔය පෝන් කනේ ගහගෙන යනවා වාගෙම, මෙවන් සිද්දියක් දුටු සැනින් වහාම වීඩීයෝ ගත කර ගෙන, සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරනා ලෙසය. මන්ද, සාම්ප්‍රදායික මාධ්‍යකරණයට වඩා, අද ළෝකයේ පුරවැසි මාධ්‍යකරණය බෝහෝ ඉදිරියෙන් ඉන්නා නිසාය. හොං කොං වල කෙල්ලන්ගේ කොල්ලන්ගේ ප්‍රොටෙස්ට් දකිනා චීනයේ බල අධිකාරියට මෙන්ම, ජනාධිපති තුමාගේ රිලවාටද, ෆේස්බුක් කියනා නම දැක්කත්, කලිසමේ ගූ යන්නේ ඒ නිසාය. <<
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. කෙන්ජි පුතා කොපි ඇන්ඩ් පේස්ට් විතරනෙ අනි

      Delete
    2. Swadheena mathayak nathi in danne copy and paste witharay. Thawa kunuharupay Badu gahannay ganige padiyen pin bath gilinnay. Mathalan kamathi eyage okkotama, Ela kiyana plus daana ayata. Ehema aya protect karanna comment moderation unath danawa. Ani baandako buruda keela, mama me bada uda lap eka thiyagena masterbate karana gonekuta gahana gaman liyanne. Malli nidi nisa eki my space gihin

      Delete
  22. පුරවැසි මාධ්‍යකරණය හොඳයි. හැබැයි කරන අයගේ චේතනා අවංක වෙන්න ඕනේ. නැතිනම් අර මාධ්‍ය කාරයෝ ගොඩට අපිත් වැටෙනවා. පටු දේශපාලන වාසි වලට හෝ ඇරියස් වලට එය භාවිතා වුණොත්, මේ වගේ හොඳ දේවල් සිදු වෙන්නේ නෑ. දැනට මෙය හොඳ තත්වයේ තියෙන්නේ. අපේ රටේ මිනිස්සු වෙනස් හින්දා මේක සාම්ප්‍රදායික මාධ්‍ය වගේ තමන්ට ඕන දේට තැන දෙන තත්වයට වැටුනොත් ? එදාට අපිට තවත් විකල්පයක් හොයා ගන්න වෙනවා. මොනවා වුණත් ෆෝන් එකට කැමරාව හයි කරපු කෙනාට පින් සිදු වෙන්න තමයි මේවා මෙහෙම වෙන්නේ. ඒත් ඒකෙන් සෙල්ෆි ගහලා සමාජ ජාලා පුරවන අය තමයි බහුතරය.

    ReplyDelete
    Replies
    1. ඒ මෝඩ යක්කු අතරේ මෙහෙම උනුත් ඉන්න එක ළොකු දෙයක්..

      Delete
  23. පුරවැසි මාධ්යවේදියොන්ට තමන්ගෙ ආරක්ෂාව සලසා ගන්ටත් වෙයි මෙහෙම ගියාම.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නෑ හරි දේ හරි කියන්නත්, වැරදි දේ වැරදියි කියන්නත්. සීමාව දැන ගෙන කටයුතු කලාමත්..

      ඇත්තටම පුරවැසි මාධ්‍ය කාරයන්ට බලපෑම් තියෙන්නේ ආන්ඩුවෙන් නෙමෙයි.. මේකෙම ඉන්න වසවර්ථි මාරයොන්ගෙන්...

      Delete
  24. ඇත්ත මොකක් උනත් මේ විදිහට ප්‍රසිද්ධියේ ගෑණියෙකුට (තියා පිරිමියෙකුටවත්) ගහන්න කෝට් එකක් දා ගත්තු "මේ බල්ලාට" අයිතියක් කොයින්ද...

    ReplyDelete
    Replies
    1. අහන්න තියෙන ළොකුම ප්‍රශ්ණේ එක තමයි ලොකු පුතේ..

      Delete
    2. හා හා ලොකු පුතේ ..කට කට

      Delete
  25. Kiyewwa, elata liyalathiyenawa.HELAPA KADE september,30.2014.comment ekath waradak neneda? Sudeekakage kathawath.Apita Hithanna dewal thiyenawa, (Ranjan)Ara geni kiyalathiyenne "Nayata ++++nu Nolebekiyalada?

    ReplyDelete
    Replies
    1. ණයටත් නෙමෙයි නොමිලේ... මේක පොලීසිඅය ගැන දන්න කවුරුත් දන්න ප්‍රසිද්ද රහසක්.. උන් මේ දේ කරන්නේ මේක නීතී විරෝධි නිසා.. අනික උන්ට ඇක්සෙස් කරන්න ලේසී නිසා.. මොකෝ කවදාවත් තරු හෝටල්වලට යන අයට මේ පාට් දායිද...? එහෙම දැම්මොත් ඉතින් ජොබ්ලස් තමයි ඉන්න වෙන්නේ..

      Delete
  26. මෙවැනි සිදුවීමක් විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණයක් උනත් වරදකාරයා සහ උගේ නීතීඥයා කරන්න හදන්නෙ ගැහැණිය අනාචාරී බව කියන්නයි.. අපේ රට කොච්චර පසුගාමීද කියල වටහා ගන්න එක උදාහරණයක්.. ගැහැණියකට තබා පිරිමියෙකුටහෝ අපරාධකරුවෙකුට හෝ පහර දීමට පොලිසියට හෝ වෙනත් කෙනෙකුට(ආත්මාරක්ෂාව වෙනුවෙන් හැර) සදාචාරාත්මක අයිතියක් නැත..
    අනික තමයි ආයුද පෙන්නන්න යනකොට කන එක. බහුතරයක් අයියලා ඒකට සාදු කියනවා. අපි ඉන්නෙ මොනශතවර්ෂෙද ?

    ReplyDelete
    Replies
    1. මේ ළඟදිත් එකෙක්ට ගේම දුන්නා.. තව ටික කාලෙකින් මේ ආයුධ පෙන්වන්න ගෙනියන එකත් මානව හිමිකම් හරි මොහොකට හරි දෙන්න වෙයි වගේ..

      Delete
    2. /මෙවැනි සිදුවීමක් විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණයක් උනත් වරදකාරයා සහ උගේ නීතීඥයා කරන්න හදන්නෙ ගැහැණිය අනාචාරී බව කියන්නයි.../

      සම්පූර්ණ ඇත්ත. ඇයි දැන් මෙහෙම වෙන්නෙ? අපේ රටේ නඩු අහන වේසිගෙ පුතාලයි වේසියොයි බලාපොරොත්තු වෙනවා පැමිණිල්ල දූෂණය වුණාය කියලා 100% ක් ඔප්පු කරන කල්. ස්ත්‍රී දූෂණයක් කියන්නෙ එහෙම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕවා ඔන්න බලාගෙන ඉඳපල්ලා කියලා කරන දේවල් නෙවෙයිනෙ. නඩුව අහන්නාගෙ වගකීම වෙනත් සාක්ෂ්‍ය මත සාධාරණ තීන්දුවක් දීම. ඉතින් විත්තියට පුළුවන් ලෙහෙසියෙන්ම කේස් එක කඩන්න. ඒ වගේ වෙලාවක ආයුධ පෙන්නන්න ගෙනියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.

      Delete
  27. අයියා මම දෙමල මිනිහා මම මේක ලියන්නේ අපේ ජාතියට ඔයාලගෙන් වෙන හෙන අසාධාරණයක් ගැන කියන්න.
    අපේ ජෙයලලිතා මැතිනියට ඔයාලා ජයලලිතා කියලා කියනවා ඒක වැරදියි මේක සුලු දෙයක් නෙමෙයි මේකෙන් කියවෙන්නේ ඔයාලා දෙමල අපේ ජාතිකත්වය පිලිගන්නේ නෑ කියන එකයි
    සිංහල මිනිස්සු අපේ ජෙයලලිතට, ජයලලිතා කියනකොට අපේ පපුව පැලෙන්න එනවා.
    වාරියපොල ගෑනි අපේ කොල්ලට ගැහුවේ ඌ දෙමල නිසාද?
    සිංහල උඹලයි ඉන්දියාවේ හින්දි එවුනුයි අපේ ජාතිය වඳ කරන්න හදනවා. අපිටත් හැමදාම මේවා ඉවසන්නෙ නෑ ජයලලිකා ෂොරි ජෙයලලිතා වෙනුවෙන් අපේ 25ක් මලා අපිට මරාගෙන මැරෙන එක මහ වැඩක් නෙමේ
    දැන් මට කොටියා කියපියව්. පුලුවන්නම් 1983දී අපේ අය කෝටි 100ක් මැරුවා වාගේ මාත් මරපියව්.

    ReplyDelete
  28. මෙක ඉතාම හොද ප්‍රවනතාවයක්.අඩුමතරමෙ ඉලගට ඔහොම කරන එකාවත් පොඩ්ඩක් බලයි කවුරුහරි විඩියො කරනවද කියල.යමකිසි පාලනයක් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. සමාජය අවදියෙන් ඉන්නවා නම්, බොහෝමයක් උවදුරු අඩු කර ගන්න පුළුවන්.. අපි අපේ ජීවීතේ වලි කීයක් බේරලා ඇතිද....?

      Delete
  29. වෙන මොකුත් කියන්න දෙයක් නැත. ලංකාවේ කකුල් දෙකේ බල්ලො පොලිසියට ගිහින් ඇත. එනිසා පොලිසිය නිකම්ම බල්ලට ගිහින් ඇත. ටික දෙනෙක් හොඳ උන් හිටියත් වැඩි හරියක් ඉන්නේ පොලිස් බල්ලෝය ( මේ කියන්නේ හරියටම රාජකාරිය කරන පොලිස් නිල සුනඛ රැළ ගැන නෙවේය. උන් හරිම හොඳය කකුල් දෙකේ උන්ට වඩා ). ඉතිං මේ කකුල් දෙකේ බහුතර බලු රැළ හපාකන හින්දා හොඳ පොලිස් නිලධාරින්ද අසරණ වී ඇත. අද පොලිස්කාරයෝ ඉන්නේ ජනතාව වැරදි වලින් වලක්වන්න නොව ජනතාව වැරදි කරන ඒවා ගස් අස්සේ හරි වෙන අගුපිළක හැංගිලා ඉඳගෙන අල්ලාගෙන හොරාපොලිස් සෙල්ලම කරන්නය. ඉතිං කොහොමද සමාජයක් නීතියට අනුව යහමග යවන්නේ. මේ වැනි හේතු හින්දාම බොහොමයක් දෙනා පොලිසියත් එක්ක තියෙන්නේ ජම්මාන්තර තරහකි. එබැවින්ම පොලිසියට ජනතා සහයෝගයද නොලැබේ. ඇයි ඒ??? සහයෝගය දෙන්න ගිය එකාට මුලින්ම කෙළවන බැවිනි. ඔන්න ඕකයි අද ලංකාවේ කොන්දක් නැති, දේශපාලන ගැති, පොලිසියට වෙලා තියෙන්නේ. මෙවැනි සිද්ධි ඇතිවෙන්න හේතුවත් ඔවැනි පිස්සු බල්ලන් සිටින නිසාවෙනි.

    ReplyDelete
    Replies
    1. මේ ළඟදි අපේ ෆ්ලැට් එකේ පරිසර් පොලිස් මීටිමක් තිබුනා.. ඇස් ඇයි මහත්තයා කිව්වා, අපි දරුවෝ හදාගන්න ඕන, ඒ නිසා කුඩු විකුනන, කුඩු බොන අය ඉන්නවනම් එයාලට කියන්න, නැත්නම් කෙලින්ම ඕ අයි සීට කෝල් කරන්න කියලා. එතකොට එකෙක් කිව්ව අපේ ෆැලැට් එකේ නම් එහෙම උන් නෑ. ඒත්, එහා ෆ්ලැට් එකේ නම් කුඩු විකුණන එකෙක්ම ඉන්නවා. ඉඳලා හිටලා මිසින් යනවා, ආයෙත් එනවා, හැබයි පොලිසියේ උන් හැන්දෑවට එහේ පාටි දානවා නම් දැකලා තියෙනවා කියලා. මීටම එතනින් ඉවරයි..

      Delete
  30. Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මට call එකක් දෙන්න උපදෙසක් අවශ්‍යයි.
    0779751111

    ReplyDelete
  31. වීඩියෝ කරල ෆේස්බුක් දාන්නේ, යූ රිපෝටර්ස්ලා වෙන්න හදන්නෙ හැබෑම සමාජ වගකීමක් හිතේ දරාගෙනද කියන එකයි ප්‍රශ්නෙ. සැබෑම මෙහෙවරක් කරන්න අවශ්‍ය මිනිහට වීඩියෝ කිරිල්ලට එහා ගියපු දෙයක් තියෙන්නෝනි. දකින දකින හැම දේකටම තමන්ගෙ කැමරා ෆෝන් අටමගලෙ දික් කරන එක නෙවෙයි හපන්කම.

    ReplyDelete
    Replies
    1. සම්බාවිතාවේ සහ බාවිතාවේ වෞලක් තියෙන්න පුළුවන්.. ඒත් මේ වගේ දේ නිසා සමාජයත් යම් දෙයක් ඉගෙන ගන්නවා.. එක පාර නැගිටින්න බෑ නේ..

      Delete
  32. mea paara janadhipathiwaraneta vipakshen polpiththak dammath dinanawa....kochchara horek wunak eka digata awurudu 18k me rata eka digata kanna bae!!!

    ReplyDelete
  33. අඩෝ අපි වේසා ගෑනියෙක් දැක්කාම දනගහලා වඳින්න ඕනද
    (හරියට අර රංබන්ඩා සෙනෙවිරත්න වගේ)

    ReplyDelete
    Replies
    1. නෑ මරාගෙන කාපන්.. ඉතුරු නම් පන්සලටත් යවපන්..

      Delete
    2. මචං අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවනේ මොකක්හරි වැරැද්දක් දැක්ක ගමන් කෝ මේවට බොදුබල සේනාව මොකවත් කරල නෑ නේද කියන.
      මටත් දැන් ඒකම කියන්න හිතෙනවා.
      කෝ බොදුබල සේනාවෙ එවුන් මේ ගෑනිට ගැහුවේ නෑනේ.

      Delete
  34. මේ විඩීයෝ එක මුලින්ම දැක්කාම විලි ලැජ්ජාවේ බැරුව ගියා බං. මම බයේ හිටියේ ඉන්දියානුවෝ දකී කියලා. (මොකද මේ ලඟදී අර ගාල්ලෙදි අත පය කපලා දාපු වීඩියෝව ෂෙයා වෙවී තිබුන නිසා). උන් දන්නේ පොලීසියෙන් ඔය විදියට මිනිස්සුන්ට ගහන්නේ ඉන්දියාවේ විතරයි කියලයි. දැක්කද වීඩියෝවත් අරන් තියෙන්නේ හැංගිලා, ගුටි කන්න වෙයි කියලා බයේ.

    බලමු නීතිය කොයි ආකාරයට ක්‍රියාත්මක වෙයිද කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට කෙල්ල මරලා තමයි වැඩේ ඉවර වෙන්නේ යන විදියට...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න