.

.

Dec 13, 2014

මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් - Dr. Mahthir Mohomed, Mahinda Philosophy & Siraanomics

 

- මාතලන් -

අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.

මාතලන් ඉතා ප්‍රිය කරණා වීරයෙක්, ඊයේ පෙරේදා ලංකාවට ඇවිත් ගියේය. ඒ මැලේසියාව උඩු යටිකුරු කොට දිවියළෝකයක් කල දොස්තර මහතීර් මොහොමඩ් මහත්තයාය. ඔහුගේ ඩොක්ටර් කෑල්ල අපේ මර්වින්ගේ දොස්තර කෑල්ල මෙන් නොව, වෘතියෙන් මෙඩිකල් දොස්තර මහත්තයෙක් නිසා ලැබුන කෑල්ලක්ය. චේ ගුවේර දොස්තර මහත්තයාට සිහිණය සැබෑ කොර ගන්න බැරි උනාට. මහතීර් මොහොමඩ් මහත්තයා නම් තම සිහිණය පමණක් නොව, මැලේසියානුවන්ගේ සිහිණයද සැබෑ කල වීරයෙක් උනේය.

උන්නැහේ රට පාළණය කල අවුරුදු 22 කාළයේ මැලේසියාව ළෝකයේ බැබලෙන රටක් බවට පත් කලේය. අපේ රට බැබලෙන්නේ සින්දු වල විතරය. ළෝකෙන් උතුම් රට වන්නේත් සින්දුවලම විතරය. සැබෑව ඊට බොහෝ දුරය. මහතිර් මොහොමඩ් ගැන මාතලන් කියවීමට බොහෝ කැමතිය. ඒ නිසා එයාගේ සම්මුඛ සාකඡ්චා මෙන්ම දේශණයන්ද ඇස් ගැටුන ඕනෑම අවස්තාවක සේව් කොරගෙන, පස්සේ හෝ කියවනවාමය. ඒ රටේ දියුණුව ගැන කියන්න තියෙන හොඳම උදාහරනේ නම්, ඒ කාලේ ලක්සිරි ලයිෆ් සඳහා මෙහේ ආපු මැලේ උන් හිඟන්නෝ වෙලා ඉන්දැද්දි, දැන්, අපේ හින්ගලයෝද මැලේසියාවේ විධායක ශ්‍රේණියේ ජොබ් කොරන්න පවා ගිහින් ලක්සිරි ලයිෆ් විඳිනා එකය. ඒ අය ගෙන් සමහරක් මෙන්ම සම හරක්ද බ්ලොග් පවා ලියනවාය.

පුක උඩ දාගෙන මහතිර් මොහොමඩ් ගෙන්නුවාට, එතුමාගේ කතා බතා මොකුත් පෙන්නුවේ නැත්තේ, උන්නැහේ මහින්ද ෆිලෝසොපි එක උඩ දාගෙන වනන හැම එකාගේම කන රතු වෙන්නම දුන්න ඉස්පීච් එක හින්දාය. අපේ මහ බැංකුවේ කබරාල උන්නැහේද, ආන්ඩුවේ ක්‍රෙඩිට් කෝන්ට්‍රෝලර් තැන තැන්පත් පුංචි බන්ඩා ජයසුන්දර උන්නැහේද, රේඩියෝ සිලෝන් එකේ අසූචි ගිලින බව්වාද, වාද විවාද වලට එන වෙන්න ඇමතිලා සහ ඇමතිලාද මහා ඉහලින් කතා කොරන, අපේ ඒක පුද්ගල ආදායම (per capita) ගැන කන පැලෙන කතාවක් එතුමා කිව්වේය. ඔක්කෝම උන් ශුක්‍රාණු කෑ රිලව් වගේ කට ඇරගෙන බලාගෙන උන්නේ මූණු ටික රතු කරගෙන ඉහෙන් කනින් දාඩියත් දාගෙනය. BMICH එකේ AC කැඩුන නිසා, පුක රත් වෙලා දාඩිය දැම්මාද කියන්න හරියට දන්නේ නැත්තේ, මාතලන් එතන උන්නේ නැති නිසාය.

උන්නැහේ කිව්වේ ඒක පුදගල ආදයමෙන් රටක දියුණුව මනිනවා නම්, සෞදි ආරබියත් ළෝකයේ දියුණු රටක් කියලාය. උන්නැහේ කියන්නේ රටක දියුණුව බලන්න ඕනෑ ඒක පුදගල ආදායමෙන් නොව, ජහ මනයාගේ මිළදී ගැනීමේ හැකියාවෙන් කියලාය. රටේ බහුතරයෝ හිඟන්නෝ නම් ඒක පුද්ගල ආදායම ඩොලර 10,000 නෙමේ 15,000 ක් උනත් වැඩක් නැතිය.

අනික රටේ කිසිම නිශ්පාදන ආර්ථිකයක් නැතිව, සේවා ආර්ථිකයේ වර්ධණයක්, අපණයන වල වර්ධනයක් නොමැතිව, චීනයෙන් නොනවත්වා ගලාගෙන එන ණය මුදල්, ඩෝලර් බවට හරවා පෙන්වන සෙප්පඩ විජ්ජා බල බල ඉන්නා උන්ට කෙලවෙන්නේ, රත්තරන් බඩු ටික සින්න උන දාටය. දැනටත් ආන්ඩුව නටන්නේ චීනාගේ බීට් එකටය. බටහිර කුමන්ත්‍රණ කරුවා සමඟ ගේම ඉල්ලන අතරතුරේ, චීනා අපේ අධෝමාර්ගයේ සංසර්ගයේ යෙදිලාත් අහවරය.

එයාලාගේ ප්‍රතිපත්ති නිසා වැසී ගිය ඇඟළුම් කර්මාන්ත ශාලා ප්‍රමාණය 200 කට අධිකය, හෙට අනිද්දාට යුරෝපයට අපණයනය කරන මාළු ටිකටත් කෙලවෙනවාමය. ඒවා චීනෙට අරිනවා යකෝ කියා මොකෙක්ද හරකෙක් තප්පුලනවා මාතලන් දැක්කේය. උන්ට අපේ මාළු ඕනා නැතිය, උන් උන්ගේම නැව් දාලා, අපේ මාළු අල්ලන්නේ අදක ඊයේක සිට නෙමේය. මෙ ගොන් කතා කියනා උන්ට බල මාළු ඔළු ටිකක් කවන්න පුළුවන් නම් බොහොම අගේය.

ආන්ඩුවෙන් කරනා ඔක්කෝම කෝටී ප්‍රකෝටී ගනනින් පාඩුය. එයාර් ලංකා, මිහින් ලංකා, තෙල් සංස්ථාව වාගේ ආන්ඩුවේ හිඟන්නන්ට පින් පඩි දෙන ආයතන සියල්ල බංකොලොත්ය. ඒවා පවත්වගෙන යන්නේ, චීනාගෙන් මහා බාන්ඩාගාරෙට ගන්නා සල්ලි, වෙස්සන්තර අප්පුහාමිලා වගේ දන් දීලාය. කන බොන හැම මලදානෙටම බදු ගහලාය. මිනිස්සු කන බොන දේවල් වල ප්‍රෝටීන් වලට වඩා තියෙන්නේ මහරජාගේ හතර වරිගයේ සිට කප්පරක් උපදේශකවරු, පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මැති ඇමතිවරු, නිළධාරින් හා පින් පඩි කන ආන්ඩුවේ හෙන්චයියලා පෝෂණය කරනා කප්පරක් බදුය. එහෙම කිව්වේ රුපියල් 50,000 වඩා පඩි ගන්නේ මේ රටේ 800,000 පමණක්ම නිසාය.

දුන්න අනෙක් කනේ පාර නම්, කන පැලෙන්නම වදින්නට ඇතිය. ඒ කිව්වේ රාජ්‍ය සේවය හා පෞද්ගලීකරණය ගැනයි. මේ ළඟදි මිඩ්වයිෆ්ලාට දොලදන් දුන් උත්සවයේදිත් මහින්ද මහත්තයා උජාරුවෙන් කිව්වේ, ආන්ඩුවේ ඒවා පෞද්ගලීකරණය කිරීම එයාලාගේ මැතොඩ් එක නෙමේ කියලාය. එයාලාගේ මැතොඩ් එක ඇවිල්ලා ඔක්කෝම ආන්ඩුවට අරගෙන, ආන්ඩුවෙන් කරනා එකය.

මහතිර් කීවේ කුමක්ද, ආන්ඩුවේ සියළු දෙනාම ජීවත් වන්නේ පෞද්ගලික අංශයේ පිරිස උපයනා ආදයමෙන් බැවින්, සෑම විටම පෞද්ගලික අංශයට මූලිකත්වය දිය යුතු බවයි. හැකි සෑම ආයතනයක්ම පෞද්ගලික අංශයට ලබා දිය යුතු බවයි. රාජ්‍ය සේවය හැකිතාක් අවම කළ යුතු බවයි.

තවත් ඉතා වැදගත් කරුණක් ඔහු කීවේය. එනම් අධිවේගී මාර්ග සෑදීමට ප්‍රථම, මිනිසුන්ට රැකියා දිය යුතු බවයි. ඒ සඳහා මහා පරිමාණ විදේශ ආයෝජකයන්ට ඉඩ කඩ සැලසිය යුතු බවයි. යටි තල පහසුකම් සපුරාලිය යුතු වන්නේ එයින් පසුව බවයි. එයින් පසු තාක්ෂණවේදයටද, අධ්‍යාපනයටද මුල් තැන දිය හැකි බවයි. මාතලන් මේවා පවසන විට, කරුණු වටහා නොගත් මාහාචාර්යවරයකු මෙන්ම, මාතලන්ගේ හිතවතුන්ද මාතලන්ට සිනාසුනා හොඳට මතකය. සංචාරක ව්‍යාපාරය නංවන්නේ කෙසේද යන්නත් ඉතා පැහැදිලිව ඔහු විසින් පෙන්වා දෙන ලදි. අද සංචාරකයා බලා පොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන වැටහීමක් මාතලන්ට හැඟෙන පරිදි සංචාරක මණ්ඩලයේ එකෙකුටවත් ඇත්තේ නැත.

මෙසේ අප බක පන්ඩිතයන් සියළු දෙනාටම කටක් ඇර ගන්න බැරි වෙන්නම කන පැලෙන්නට දෙන්න ඇත්තේ, සමහර විට අපේ හරක් මෙන් පුර අඟනන් සමඟ නිදි වැදීමට රට රටවල සැරිසරනවා මෙන් නොව, රටකට යාමට පෙර ඒ රට ගැන, රටේ ආර්ථිකය ගැන, දර්ශනය ගැන මනා වැටහීමක් ඇතිව එන නිසා, එතුමා මේ සියල්ල කීවේ අපේ පන්ඩිතයන්ට ඉගෙන ගන්නටම වෙන්න පුළුවන්ය.

තෙවන වර නොව තව කල්පයක රට පාළණය කලද, මේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මගින් මේ රට දියුණු කිරීමට හිතන්නේ නම් එය තනිකරම මිරිඟුවක් පසු පස දිව යාමකි, ආශ්චර්යය කියන්නේ හිඟන්නන් පිරි, යටිතල පහසුකම් වලින් සපිරි රටක් නම්, මේ ක්‍රමය තරම් වෙනත් ක්‍රමයක්, ළොවෙත් ඇත්තේ නැතිය. 

හිඟන්නන්ගේ බදු මුදල් වලින් ආතල් ගන්නා උන් සුපිරි රථ වාහන වලින් බැස, බ්‍රෑන්ඩඩ් කිට් ගසාගෙන වෝකින් පාත් වල එක්සයිස් කලාට, මැද පන්තියේ උනුත් අමු හිඟන්නන් බවට පත්වන එකත්, රක්තහීනතාවයෙන් හා මන්දපෝෂනයෙන් පිරි ඇවිදින ඇටසැකිලි, ගම් නියම් ගම් වල සැරිසරන එකත් කිසි අවුලක් නැතිව බලා ගන්නට නම් ලැබෙනවාමය. අද පහළම මැද පන්තියේ ඉන්න එකාටත් තිබෙනා ප්‍රශ්ණය නම්, කොච්චර හම්බ කලත් කන්න මදියි කියනා ප්‍රශ්ණයය. මේ කනවා කියන්නේ, Pizza, KFC කන එක නෙමේය. වේලක් දෙකක් ලෙවකනවාටය. කොටින්ම කියනවානම් රටේ බහුතරයකට තියෙන්නේ ෂැෂේ ආර්ථිකයක්ය.

මාතලන්ට තියෙන විශාලම ප්‍රශ්ණය නම්, විපක්ෂයේ එකෙක්වත්, ආරථිකේ ගැන පොර ටෝක් දෙන පන්ඩිතයන්වත්, මාහා ආචාර්ය, ආචාර්ය උන්වත්, සිවිල් පොරවල් යැයි කියා ගන්නා එකෙක්වත්, මේ, "ආන්ඩුවේ රැකියා" මාෆියාවට විරුද්ධව කෙල බිඳුවක් බිම හෙලන්නෙ නැත්තේ ඇයි කියාය. කලටි පොල් කඩන උන් නම් උන්ගේ මනාපෙට කෙලවෙන නිසා කට පුක වසාගෙන උන්නත්, අනික් උන් එසේ ඉන්නේ මහරජාට බියේද, එහෙම නැත්නම් හිඟන මානසිකත්වයෙන් යුත් ගොන් හරක් මහජනයාට බියේද කියා, මාතලන්ට හිතා ගන්නට බැරිය. එහෙම නැත්නම් හැම එකාම ඉන්නේ ඒ මානසිකත්වයේද?

ආන්ඩුවේ තත්වය එසේ වෙද්දී, බලේට එන්න ඉන්න උන්නැහේ කියන්නේ මොකක්ද? එයා තාම කරන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතුව, එහෙන් එන උන් එනකන් ඇමරිකන් බයිලා ගහනවාය. ඒ අස්සේ මාතලන් දැක්කේ, එයා ආවොත් පෞද්ගලික අන්සේ උන්ටත් පැන්සොන් එකක් දෙනවා කියලාය. මට පේන්නේ එයා මහින්දටත් එහා ගිය පොරක් වාගේය. කටුනායක රොෂේන් චානුක වෙඩි කාලා මැරුණේ තොපේ පැන්ෂොන් සිස්ටම් අපිට එපා කියන සටනට ගිහිල්ලාය. 

රොෂේන්ට පින් සිද්ද වෙන්න පුදගලික අංශයේ උන්ගේ  ඊ ටී ඇෆ් ෆන්ඩ් වලට කෙලින්න ගිය එක යාන්තම් නවත්ත ගත්තේය. මේ ගොන් කතා කීමෙන් වෙන්නේ, පෞද්ගලික අංශයේ එකෙක්ගේවත් ඡන්දේ නොලැබෙන එකය. පුළුවන් නම් කල යුත්තේ ආන්ඩුවේ උන්ගෙත් පැන්සොන් එක නවත්වා, විශ්‍රාම ගියයින් පස්සේ අවුලක් නැතිව ජීවත් වෙන්න පුළුවන් සවුක්ක රක්සොන් ක්‍රමයක් හා, මාසික දීමනාවක් ලැබෙනා සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකය. එවන් වැඩ පිලිවලක්. අපේ උන් එකෙක්ටවත් නැති එක රටේ කරුමය මිස අපේ කරුමය නම් නෙමේය.

ඒ වගත් මෙසේය...

Kandyan විසින් ලබා දුන් ලින්ක් දෙක.. ස්තූතියි බොහෝමත්..

https://www.youtube.com/watch?v=aZ7T3QPZ7q8

https://www.ceylontoday.lk/22-79680-news-detail-per-capita-income-alone-is-not-development-dr-mahathir-mohamed.html

විශේෂ - මහතිර් මොහොමඩ් උන්නැහේගේ කතාව මාතලන් දැක්කේ මහාරාජාගේ ඇම් ටී වී ඉස්පෝර්ට් චැනල් එකේ ඉන්ගිරිස් නිව්ස් එකකින් පස්සේය. ඒ ගැන ආන්ඩුවේ ඒවා වල මක්කත් නොකීවේ. ආන්ඩුවේ උන්ගේ කලිසම් ගැලවෙන්නම උන්නැහේ දීපු නිසා වෙන්නට පුළුවන්ය. කවුරු හෝ එකෙක්, ඒ කාතාවේ වීඩියෝවක් හෝ පුවත් පත් වාර්ථාවකට ලින්න් එකක් දෙන්නේ නම් ඉතා අගනේය. 

ප: ලි:
ඊයේ සිරානොමික්ස් පොර කිව්වේ ගම් බට්ටන්ද ආන්ඩුවේ සේවකයන් බවට පත්කොට, පෙන්සොන් එකක් ලබා දෙන බවයි.. තුඃ නොදෝමකින්. හදිසියේ හෝ බලයට පත්වූ පසුව
ගොවියාත් රජයේ සේවකයකු කොට, ගොවියාටත් ආන්ඩුවේ පැසොන් එකක් ලබා දුන්නොත් එකෙක්වත් ඇස් ලොකු කරගන්නවා එහෙම නෙමේය.

100 comments:

  1. මහතීර් මොහොමඩ් එදා කියු දේවල් රනිල් වික්‍රමසිංහ 2001 දී කරලම පෙන්නුවා නේද? ඒ ගැන අපේ පක බණ්ඩිතයෝ කියපු කොරපු දේවල් අහල දැකලම මං ඒ කාලේ හිතුව රනිලුත් වැරදියි.. ඒ මාර්ගේ ගිය ලෝකෙ අනිත් නායකයිනුත් ඔක්කොම වැරදියි.. මුන් තමයි හරි කියල.. නෙදකින්..

    ReplyDelete
    Replies
    1. පිස්සුද දසයො, විදේශ ආයෝජන නැතුව අද ළෝකේ කිසිම රටකට ආර්ථික වශයෙන් දියුණු වෙන්න බෑ. චීනය දියුණු උනෙත් එහෙම. මෙයාලගේ විදේශ ප්‍රතිපත්තියත් එක්ක අපි බෙල්ලටම හිර උනයින් පස්සෙ චීනෙත් අපිට පුක පෙන්නනවා. මොකෝ චීනට අපිට වඩා ඇමරිකාව බොහෝම වටිනවා. රනිල් ෆයිට් එකක් දෙන්නවත් ආපු නැති එක ගැන මට නම් තියෙන්නේ පුදුම දුකක්.

      Delete
    2. අන්න සුද්ද .....උඹ පිට පනින්න හදන තැන........

      Delete
    3. මොකක්ද මචෝ තැන..

      Delete
    4. රනිල් වෙලාව ආවම එයි. තාම අපේ ගොන් ජනතාව රනිල්ට සූදානම් නැහැ.

      Delete
    5. අපේ උන් කැමති යටත් වැසියන් ලෙස ජීවත් වෙන්න..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මමනම් හිතන්නේ අපට විදේශ ආයෝජන අපනයනය මත විතරක් යැපෙන්න අවශ්‍ය නෑ කියලා. සේරටම කලින් අපට අපේ රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ. ඒ හැකියාව නැතුව රටේ සම්පත් විදේශ ආයෝජකයන්ට පවරලා රැකියා ටිකකුයිධි ආදායමෙන් සුළු කොටසකුයි ගන්න බලාගෙන ඉන්න එකත් සාර්ථක නෑ. පළමුවෙන් රටේ මිනිස්සුන්ගේ බුද්ධිය ශ්‍රමය යොදවලා රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනය ගන්න ගමන් විදේශ ආයෝජනයන් ආනයන අපනයන ගැන හිතන එක වඩා සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ පෙන්වන්නේ අපේ රටේ බහුතර ජනතාවගේ මතය. එහෙම කරන්න මොනවද මේ රටේ තියෙන සම්පත්. කරුණාකරලා කරලා කීපයක් සඳහන් කරනවද? එහෙම සම්පත් ප්‍රයෝජනයට අරගෙන කරලා තියෙන කර්මාණ්ත ටිකක් නම් කරන්න පුළුවන්ද? ළෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ගේ මතය තමයි මේ.

      Delete
    2. ලංකාවේ අද අතිරික්තව ඇති එකම සම්පත මිනිස් සම්පත පමණි. අද ජාතික ආදායමෙන් වැඩි කොටස සොයන්නේද ඒ හරහා ය.
      අධ්‍යාපනය මගින් වැලිව් ඇඩ් කර ප්‍රයෝජනය වැඩි කර ගත හැක.

      Delete
    3. @ රසික

      රණසිංහ ප්‍රේමදාස කලේ මේ දේ. ඒ කියන්නේ මිනිස් සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීම. ඒ දේ එතනින්ම නැති උනා. දැන් ඒ මිනිස්සු පිටරටවල කඹුරලා එවන කඳුළු වලින් මුන් රහමෙර බීලා ආතල් ගන්නවා. උන් උපන් රටේම තබා ගැන්මේ කිසිම වැඩ පිලිවලක් පේනතෙක් මානයක නෑ. ඔක්කෝටම ආන්ඩුවේ බකං නිලා ජොබ් දෙන්න තමයි ලෑස්තිය. ඉන්න කෙනත් එහෙමයි. එන්න ට්‍රයි කරන කෙනත් එහෙමයි.

      Delete
  4. මහතීර් මොහොමඩ් කියන දේවල් කිරීමට බුද්ධිමත් රටට ආදරයක් ඇති නායකත්වයක් සහ දේශපාලන ස්තාවරත්වයක් ද අවශ්‍යයි.... රටේ ජනතාවට මෙන්ම අද දේශපාලකයන්ටද ඇත්තෙ ෂැශේ ප්‍රතිපත්තියක් එනම් එදා වේල සරිකර ගැනීමේ ප්‍රතිපත්තියකි.... කවදා හැදේවිද.... මෙවැනි කතා සියයක් ඇහුවත්.....

    ReplyDelete
    Replies
    1. එදා වේල ටුවර්ස් ආන්ඩුවක් මේක. මේ ඇවිල්ලා ගෑණිත් උකස් තියලා සූදූ කෙලින ආන්ඩුවක්..

      Delete
  5. මහතිර් මොහම්මඩ් කියන බණේ 1980 ගනන් වල ඉඳලම කියනව. ඒත් අපේ දේශපාලුවෝ ඇතුළු රාජ්‍ය නිලධාරීන් (සමහර අය ) කලේ ඒකට පටහැනි දේවල්. 90 ගනන් වල අපිට පහලින් හිටපු රටවල් අද අපිව පහුකරගෙන ගිහින්. අපි ඒක පුද්ගල ආදායමක් ගැන කියව කියවා ඉන්නවා ඒ අතරේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහලට යනවා. ඒකයි තිත්ත ඇත්ත.

    1993 දී මගේ PG dissertation එකට ලිව්වෙත් foreign direct investment in industrialisation in Sri Lanka ගැන. ඒවා ලිව්වට අපිට වැඩකුත් නෑ අපෙන් රටට වැඩකුත් නෑ.

    මහතිර් මොහම්මඩ් ගේ කථාවේ සාරාන්ශයක් මෙතන තියෙනවා.
    https://www.ceylontoday.lk/22-79680-news-detail-per-capita-income-alone-is-not-development-dr-mahathir-mohamed.html

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා කැන්ඩියන්.. මේවටත් වටිනාකමක් එයි කවදා හෝ.. බලාපොරොත්තු සුන් කර ගන්න එපා... බොහෝම ස්තූතියි ලින්ක් දෙකට...

      Delete
  6. මෙතන තියෙනවා Sri Lanka Live ඉන්ටර්විව් එක.
    https://www.youtube.com/watch?v=aZ7T3QPZ7q8

    ReplyDelete
  7. මරා ඉන්නකම් මේව කොරන්න බෑ... කරන්න දෙන්නෙත් නෑ...

    මෛත්‍රී මහත්තය බලයට අවිත්, විදා-යකා ගෙ තටු කපල, පාර්ලිමේන්තුවට වගකියක අගමැති තනතුරක් හදල ඊටපස්සෙ තියෙන මහමතිවරනෙදි ඒ පුටුවට රනිල් ඇවිල්ල අවුරුදු 5 විතර රට කලොත් නම් මහතීර් මොහොමඩ් ගෙ දර්ශනයෙන් ටිකක් වත් කරයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අපි ඒ විදියේ සිහිණයක් වත් දකිමු.. සිහිණ දකින එක එකෙක්ටවත් නවත්තන්න බෑ නේ.

      Delete
  8. මාතලන් එක්ක මෙතනදිනම් එකග වෙන්න පුළුවන් සියයට සියයක්ම. ඩොක්ට මහතිර් මොහොමඩ් මේ කියපු දේ මමත් දැක්කා. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දේ ලංකාවට ආපු ලී ක්වයං යූ කිව්වෙතේ මීට සමාන අදහස්. ඒ නිසා කිසිම මීඩියා එකක එයා කියපු දේවල් දුන්නේ නැහැ. එතුමා කිව්වේ ලංකාවේ රාජ්‍ය සේවයේ උපරිම කැපැසිටි එක ලක්ෂ 3.5 ත් 4 අතර කියලා.ඒ වුනාට දැනටම මම හිතන්නේ ඉන්නවා දෙගුණයක්. ලොක්කා පාරම් බානවා තවත් දෙනවා කියලා. ආන්ඩුවක් තියෙන්නේ මිනිස්සුන්ට රජයේ රැකියා දෙන්න නෙවෙයි, හැමෝටම සමාන රැකියා අවස්ථා ඇති කරන්න.

    මේ ලගදි නවීන් දිසානායක කියන මැට්ටා කියලා තිබ්බා එයා විපක්ෂයට ගිය එක හේතුවක් එයාගේ ප්‍රෙද්ශයේ අයට රස්සා දෙන්න අවස්ථාවක් නොලැබීම කියලා. ඇමති හෝ මන්ත්‍රි කෙනෙකුගේ යුතුකම මේකද. එයා රැකියා දෙන්න ඕනේ නැහැ අවශ්‍ය රැකියා අවස්ථා ආන්ඩුව විසින් ඇති කලා නම් සුදුසුකම් අනුව ඉබේම රැකියා ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. නවීන් දිසානායක කියන්නේ, ගාමිණිගේ නමත් කාපු බබෙක්. රජයේ සේවකයෝ දෙගුණයක් නෙමෙයි තුන් ගුණයටත් වඩා ඉන්නවා. ඒ හැම තැනම රිංගවලා ඉන්න තාවකාලික ලක්ෂ ගානට අමතරව. උනුත් පර්මනන්ට් කරන්නයි ලෑස්තිය.

      Delete
  9. ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාව නමින් රංජිත් ගුණරත්න විසින් පරිවර්ථනය කරන ලද පොත සඳහා ලී ක්වාන් යූ විසින්ම ලියූ හැඳින්වීම

    අප රටේ අවස්ථාවාදී හා ජාතිවාදී දේශපාලන චරිත වලටත් ඔවුන්ට ඡන්දය දී පත් කරන අන්ධ භක්තික ජනතාවටත් කෙතරම් වැදගත් වූ පනිවුඩයක් මෙහි අන්තර්ගතදැයි බලන්න..............

    මගේ ස්වයං චරිතාපදානය වූ “සිංගප්පූරු කථාව” තුළින් වඩාත් සැපවත් පරිසරයක හැදී වැඩුණු තරුණ සිංගප්පූරු ජාතිකයන් හට මතක් කර දෙන්නේ පැරණි පුරුදු වෙනස් කර ගැනීමට සහ අප දැනුවත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් සහ කැපවීමක් අවශ්‍ය බව යි. සිංගප්පූරුව සාර්ථකත්වයේ මාවතට අවතීර්ණ වන්නට මත්තෙන් විවිධ ජාති. ආගම් සහ භාෂාවලට අයත් අපේ ජනතාව බෙදා වෙන් කරන ප්‍රතිවිරෝධී ආකල්ප වෙනස් කළ යුතු වූවා මෙන් ම වෘත්තිය සමිති සහ හාම්පුතුන් අතර වූ තරඟය ද අවම කළ යුතු විය.

    ශ්‍රී ලාංකිකයන් හට මෙම සිංහල පරිවර්ථනය පැහැදිළි කර දෙන කාරණයක් වන්නේ, විශේෂයෙන් ම, දේශපාලන නායකයින් ඡන්ද දිනා ගැනීමේ අරමුණින් ජාති, භාෂා, සංස්කෘතික සහ ආගමික බලවේගයන් නොඇමතීම හේතු කරගෙන අප යටපත් කර ගැනීමට පාදක විය හැකිව තිබූ බොහෝ අනවශ්‍ය වේදනාත්මක අත්දැකීම්වලින් බැහැර වීමට සිංගප්පූරුවට හැකි වූ ආකාරය යි. යම් අවස්ථාවක උද්වේගකාරී හැඟීම් ඉස්මතු වූයේ නම් තර්ක ඥානය සහ පොදු හැඟීම් කවුළුවෙන් පිටතට ඇදී යනු නියතයි. මගේ පරම්පරාවේ සිංගප්පූරු ජනතාව වටහා ගත්තේ මෙම සත්‍යතාවයි.

    ReplyDelete
    Replies
    1. KAS මේ කොමෙන්ට් එක මාර වටිනවා. ඇත්ත දේශපාළණ වශයෙන් ස්තිර රටක් තියෙන්න ඕන. අපි යුද්ධය දිණලා ඒ තත්වයට පත් වුනා. ඒත් අපි දෙමළ මිනිස්සු ඔක්කෝම ත්‍රස්තවාදි කියලා හිතන්නේ. අපේ පරම හතුරෝ කියලා හිතන්නේ. දෙමලත් එහෙමයි. ඒක නැති උනාම මුස්ලිම් උන් හතුරෝ කර ගත්තා. කව්ද මේ දේ කරන්නේ, මිනිස්සුද? නෑ.. කාළකන්නි දේශපාලුවෝ.. ඒකට ජාති බේදයක් නෑ. සාමය කියන්නේ සුළු ජාතිකයා වහලෙක් ලෙස සැලකීම නෙමෙයි. මේ රටේ මුලින්ම කරන්න අවශ්‍ය දේ තමයි ජාතිවාදි, ආගම්වාදි සංවිධාන හා පක්ෂ තහනම් කරන එක. ඒවගේම ආන්ඩුව නිරාගමික, ජාතිවාදි නොවන ආන්ඩුවක් වෙන්න ඕන. එහෙම නැතුව ඩයස්පෝරා ගැනයි ත්‍රස්තවාදී ගැනයි හැමදාම වෝනින් දෙන එකෙන් කරන්නේ රට පස්සට ඇදගෙන යාම මිසක්, ඉස්සරහට යාමක් නෙමෙයි. සිංගප්පූරුව හා මැලේසියාවේ දියුණුවට විශාල දායකත්වයක් දක්වපු පිරිසක් තමයි ලංකාවෙන් පැන ගිය බුද්ධිමත් දෙමළ ජනතාව. අද ඔවුන් ඒ රටවල පුරවැසියන් මිස, සුළු ජාතින් නෙමෙයි.

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි මචෝ.. කැන්ඩියනුත් එවලා තිබුනා.. ඒත් අර කතාව හොයා ගන්න නෑ..

      Delete
  11. මාතලන් මම මේ ගැන බොහොම කලින් ලියා තිබෙනවා. ඒ කොහොම වුනත් ඇත්ත මෙයයි. රජයේ රැකියා දීමෙන් වන්නේ රට තවත් බංකොලොත් වීමයි. අනික තාක්ෂණයේ දියුණුව ඉකමනින් ලංකාවට කැඳවගන්න ඕනෙ නම් ඒ කළ හැක්කේ පුද්ගලික අංශයට පමණයි. මේ ගැන ලංකාවෙ එකෙක්ට, රනිල් තරම් දැනුමක් නැහැ. ඒ නිසා මේ පාරවත් බලමු........

    ReplyDelete
    Replies
    1. ඒක හරි වෙද මහත්තයා.. අපි බලාගෙන සිටිමු... වෙන කුමක් කරන්නද...?

      Delete
    2. සහතික ඇත්ත කතාව.

      Delete
  12. /* අපේ හින්ගලයෝද මැලේසියාවේ විධායක ශ්‍රේණියේ ජොබ් කොරන්න පවා ගිහින් ලක්සිරි ලයිෆ් විඳිනා එකය. ඒ අය ගෙන් සමහරක් මෙන්ම සම හරක්ද බ්ලොග් පවා ලියනවාය.
    */

    පරණ කෝන්තර නව වසරේ අතහැර දාන්න.

    කොහොමටත් 2015 මාතලන්ට වැදගත් අවුරුද්දක් නේ!

    ReplyDelete
    Replies
    1. මිනීමරු ත්‍රස්තවාදියකුට සමාව දෙන එක සාධාරණ වුවත්, මිතුරන් ලෙස පෙනි සිටින කාළකන්නි සතුරන්ට නම් මාතලන්ගෙන් කිසි දින සමාවක් හිමි වන්නේ නම් නැත.

      Delete
    2. කව්රු ගැනද බන් මේ කියන්නේ ???

      Delete
    3. මහතීර් මොහොමඩ් ගැන...

      Delete
  13. ""දොස්තර මහතීර් මොහොමඩ් මහත්තයාගේ ඩොක්ටර් කෑල්ල අපේ මර්වින්ගේ දොස්තර කෑල්ල මෙන් නොව, වෘතියෙන් මෙඩිකල් දොස්තර මහත්තයෙක් නිසා ලැබුන කෑල්ලක්ය. චේ ගුවේර දොස්තර මහත්තයාට සිහිණය සැබෑ කොර ගන්න බැරි උනාට. මහතීර් මොහොමඩ් මහත්තයා නම් තම සිහිණය පමණක් නොව, මැලේසියානුවන්ගේ සිහිණයද සැබෑ කල වීරයෙක් උනේය."

    අපෙත් දොස්තර සිහිනය සැබෑ කරගන්න බැරිවුණු විජේවීර වෙන්ඩ හිටපු දොස්තර මහත්තයා රටේ තරුණයන්ගේ සිහින කාලාම දැම්මේය, අවසානයේ චේගුවේරා දොස්තර කම අහිමි කරගත්තේ සාර්ථක විප්ලවයක් වෙනුවෙනි, නමුත් අපේ දොස්තර මහත්තයා රටම පස්සට ඇද දමා තමනුත් වැලලුනේය.
    ඊට පසේ දත් දොස්තර මහත්තයා යුරෝපයට මාළු අපනයනය කරන එකටත් කෙලවා වැඩේ කේස් වීගෙන එද්දී යහපාලනය කොරන්න පොද්දා සමග එලියට පැමිණි බෙරිහන් දෙයි , අපේ දොස්තරලා එහෙමය.

    මොනවා වුනත් අද ලංකාව දුවන්නේ " මිහිනොමික්ස්'" සිස්ටම් එකටය . එකට අනුව රාජ්‍ය සේවය ලොකු වුනාට කමක් නැත. ඒ "මිහිනොමික්ස්" සිස්ටම් එක යටතේ හැමදේටම එකම උත්තරයක් ඇත. "Miracal of Asia "

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර තව පිස්සු දොස්තර කෙනෙක් ඉන්නේ.. ඇම් ඇම් සහෝදරයගෙ බෑනා... ඌව අමතක උනාද..? ඔක්කෝම ආන්ඩුවට අරගෙන හැම එකටම බදු ගහලා ආන්ඩුවෙන් ඔක්කෝම කලා නම් හරි රජ කාළේ වගේ. ඒකට නම් තව පොඩ්ඩයි යන්න තියෙන්නේ. ඊළඟ පාර පත් උනොත් බඩු ෂුවර්...

      Delete
  14. අපි හැමෝටම මොලය තිබුනාට එකෙන්උපරිම වැඩ ගන්නේ ඉතාමත් ස්වල්ප මිනිසුන් ප්‍රමාණයකි .... ඒ ස්වල්පයේ ඉහලින්ම සිටිනා කෙනෙකි මේ Dr මහතීර් මොහොමඩ් මහතා ....
    එක්තරා කාලයක රැකියා විරහිත තම පුරවැසියෙක් පුද්ගලික සාදයකදී මහතීර් මොහොමඩ්ට මැලේසියාවේ ගුවන් යානා දෙකකින් පටන්ගත හැකි බජට් ගුවන් සේවයක ව්‍යාපෘතියක් පෙන්වන ලදී .. විනාඩි දහයක පමණ එම සැලසුමට සවන් දුන් Dr එලන්ගදින සැලසුමේ අයිතිකරුව තම නිල මැදුරට ගෙන්වා අවශ්‍ය උඅපදෙස් හා මුලය පහසුකම් සිලල්ල ඔහුට ලබා දුන්නේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමටය .... අද එම ව්‍යාපෘතිය ආසියාවේ හොඳම හා ධනවත්ම බජට් ගුවන් සේවයයි සැලසුම් කරු මැලේසියාවේ පළමු ධනවත් දස දෙනාගෙන් කෙනෙකි.....

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඔය වගේ ඉන්වෙන්ටර්ස්ලා ඕන තරම් ඉන්නවා. උන්ට මෙළෝ බැකප් එකක් නෑ. අනික මෙහේ කැම්පස් වල තවම උගන්වන්නේ සුද්දා දීලා ගිය සිලබස්. සුද්දා ඒවා මියුසියම් වල දාලා ගොඩක් කල්. අපේ උන් තාම ඒවට වඳිනවා..

      මෙහෙත් තියෙනවා බජට් එයා ලයින් එකක්. ඒකට බජට් එයා ලයින් කියන්නේ, හැම අවුරුද්දෙම බජට් එක පදාසයක්ම ඒකට දන් දෙන නිසා...

      Delete
    2. //අනික මෙහේ කැම්පස් වල තවම උගන්වන්නේ සුද්දා දීලා ගිය සිලබස්. සුද්දා ඒවා මියුසියම් වල දාලා ගොඩක් කල්. //

      මාතලන් ඔය කතාව කියනවා නම් කැම්පස් වල සියලු විෂය ධාරාවල සිලබස් බලා තිබිය යුතුය. එසේ බලා ඔය ප්‍රකාශයේ හරි වැරදි බව තීරණය කරන්න. තම හිතේ ඇති දේ නොව ලෝකයේ තව බොහෝ පවතී.

      කැම්පස් එකකට වැස්සකට වත් ගොඩ නොවුණු හරකෙක් බව පෙන්වන්න එපා

      Delete
    3. නැත්නම් මකසි මේ වගේ ගල් යුගයේ උපාධීදාරින් බිහි වන්නේ කෙසේදැයි පහදා දෙනවාද...

      දේශපාළණය ගැන කතා කිරීමට, පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය නැත. ඔබත් උපාධිදාරියකු නම් මට කීමට ඇත්තේ, මෙවන් ප්‍රකාෂයක් කිරීමෙන්ම ඔබේ උපාධියේ හෙළුව මනාව පෙනෙනා බවයි. උපාධිකරුවෝ මහා මොළකාරයෝ යැයි සිතා සිටිනා මී හරකුන්ට මෙයින් බොහෝ සෙයින් රිදෙනවා වන්නට හැක. එහත් නියම උගතුන් මා මතුකරනා කාරනය සෑම තැනකම පිලිගෙන ඇත.

      Delete
    4. මැලේ. උඹ නිකම්වත් කිව්වේ නෑනේ උඹට බජට් එයාලයින් එකක් තියෙනවා කියලා .

      Delete
    5. //නැත්නම් මකසි මේ වගේ ගල් යුගයේ උපාධීදාරින් බිහි වන්නේ කෙසේදැයි පහදා දෙනවාද... //
      ගල් යුගයේ උපාධීදාරින් ලෙස ඔබ අදහස් කාලේ කුමන පිරිසක්දැයි මම නොදනිමි. ගල් යුගයේ උපාධීදාරින් ලෙස සැලකිය හැකි දෙපිරිසක් මට අනුව සිටී. ඉන් පළමු පිරිස වන්නේ කිසිම ප්‍රයෝගික හෝ මුල්‍යමය කිසිදු වැදගත් කමක් නැති පාඨමාලා සඳහා බිහිවන උපාධීදාරින් පිරිසයි. ඔවුන් ට ගැලපෙන රැකියා නැතිනිසා රටටම බරක් වේ එසේම එම පිරිසට උසස්වීම පිණිස වැඩකට නැති උපාධි ගන්නා රජයේ සේවකයන්ද අදාල වේ. වැඩක් නැති දෙයකට උපදී අරන් පඩිය වැඩිකර ගන්නා ඔවුන්ද රටට බරකි. ඔබගේ ඉහත ප්‍රකාශය අදාල වන්නේ ඔවුන්ට පමණි.

      නමුත් වසරකදී බිහිවන සමස්ත උපදිධරීන්ගෙන් 1/3 වඩා මෙම කොටසට අයත් නොවන පිරිසක් සිටී. දොස්තර ලා, ඉංජිනේරුවෝ මෙන්ම තොරතුරු තාක්ෂණ, මිනුම්දෝරු, විද්‍යා, වාස්තුවිද්‍යා. නීති, ගණකාධිකාරී, කළමනාකරණ, මානව සම්පත්, ඇතුළු විශාල උපාධිදාරීන් පිරිසක් යාවත්කාලීන දැනුම සහිතව රජයේ විශ්වවියයාල මෙන්ම පුද්ගලික ආයතන වලින්ද පිටත් වේ.

      මෙසේ විහාල පිරිසක් සිටියදී සියලුදෙනා එකම රාමුවකට දමා. //අනික මෙහේ කැම්පස් වල තවම උගන්වන්නේ සුද්දා දීලා ගිය සිලබස්. සුද්දා ඒවා මියුසියම් වල දාලා ගොඩක් කල්. //
      මෙසේ ප්‍රකාශ කිරීම මගින් ගම්‍ය වන්නේ උපදිධරීන්ට ඔබේ ඇති ඉරිසියාවයි.


      ගල් යුගයේ උපාධීදාරින් ලෙස තව පිරිසක් මමද දකී. ඒ නම් ගල් යුගයේ අදහස් දරණ පිරිසයි. කොතරම් විද්‍යා අද්යාපනයක් ගත්තාද කේන්දර, දේවාල, කොඩිවින ශාන්තිකර්ම පසුපස දුවන මහාචාර්ය දොස්තරලා මෙන්ම ඉංජිනේරුවෝ ඇතුළු ලොකු ලොකු විද්‍යා පොරවල් සිටී. වත්මන් ලාංකීය සමාජයේ බහුතරයක් ටැබ් ලැප්ටොප් ස්මාට් ෆෝන් භාවිතා කලද ගල්යුගයේ අදහස් දරණ එකේ ඉහත උපාදි දාරීන්ද එසේ වීම පුදුමයක් නැත. ඉන්දියාවේ මේ තත්වය අපිට වඩා තිබේ. ඇමරිකාවේ හඳට ගිය උන් පවා දෙවියන් වහන්සේ පසුපස යයි. අපේ චන්ද්‍රා වික්‍රමසිංහ නොන්ඩි වන්නේ ද බයිබල් කරුණු ඔප්පු වන විද්යමත සාදනයට බොරු සාක්ෂි හොයන නිසාය.

      Delete
    6. උපාධීදාරින් කෙරේ මගේ ඇති ඉරිසියාව ගැන මාගේ සහෝදරයින් වැනි උගත් බුද්ධිමත් උපාධීදාරී මිතුරන්ද, මාගේ එක කුස උපන් සහෝදරයා හා සහෝදරියද ශාක්ෂී දරනවා ඇත. ඉන් එහා කීමට මට කිසිවක් නැත. දෙයක් කියූ පමණින් එය සමස්ත ප්‍රජාවටම අයත් යැයි සලකන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ බුද්ධි මට්ටම ගැන විශාල ගැටලුවක් ඇත.

      Delete
    7. //අනික මෙහේ කැම්පස් වල තවම උගන්වන්නේ සුද්දා දීලා ගිය සිලබස්. සුද්දා ඒවා මියුසියම් වල දාලා ගොඩක් කල්. //
      ඔබ මෙසේ ලියා ඇත්තේ සමස්තය සඳහාය. අඩුගනනේ සිංහලවත් හරියට ඉගෙන ගන්න. ඔබ කැම්පස් යන්නට සමහරක් කැම්පස් හෝ කැම්පස්වල සමහරක් පාඨමාලා ලෙස ලියුවා නම් ඔබ නිවැරදිය.

      ඔබ ලියපු දෙය බලා අප තේරුම් ගන්නේ ඔබ ලියපු දේ මිස ඔබගේ හිතේ ඇති දේ නොවේ.

      Delete
    8. මා සඳහන් කොට ඇත්තේ විශව විද්‍යාලවල උගන්වන දෑ පිළිබඳ පමණි. උපාධීදාරින් පිළිබඳ අදහසක් එහි ඇත්තේම නැත. නමුත් එක දෙයක් කියව යුතුව ඇත. මෙටර වෛද්‍ය උපාධිය පිළිබඳවද සඳහන් කිරීමට ඇත්තේ. කරුණාකර, කැනඩාවේ, එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ ස්තිර පදිංචිය සඳහා පිටව ගිය වෛද්‍යවරයකුගෙන් කරුණු විමසා දැන ගන්නා ලෙසයි. උපාධිදාරින් පිළිබඳව සඳහන් නොවූ කාරණයකට, නැට්ට පාගාගෙන දඟලන්නේ මා නොව ඔබයි. එයට හේතුව මකසී නමින්ම හඳුනවා ගන්නා ඔබ වැනි මී හරක් උපාධිදාරින්ගේ වරදක් මිස. සමස්ත උපාධිදාරින්ගේ වරදක් නොවන බවයි.

      Delete
    9. උපාධිදාරීන් පිළිබඳව මෙන්න මෙහෙම එකක් මම දැකල තිබෙනවා. මේක හුඟක්ම තියෙන්නේ පේරා, කොළඹ එකොන්/කලා ඒවාවල ඉගෙන ගත්ත උපාධිදාරීන් තමන් අනිත් අයට වැඩිය හුඟක් දන්නා සර්වඥ පොරවල්ය කියන හැඟීමක් තිබෙනවා. මට මෙහෙදී හමුවෙච්ච පේරා දෙතුන් දෙනෙක් එක්ක කතා කරන්න ගිහිල්ල මට එපාවුණා. කියවපු මාර්ක්ස්වාදී පොතකුත් නැහැ. ඒවා ඔක්කොම දන්නවා. කියවපු විද්‍යා පොතක් ගැන මතකයක් නැහැ. හැබැයි ඒකෙනුත් අගතැන්පත්. ආර්ථික විද්‍යාව ඇමෙරිකාවේ ඉන්න ආර්ථික විද්‍යාඥයන්ට වඩා දන්නවා. අන්තිමට මම කතාව නතර කරලා දැම්ම. හැබැයි ඔය කට්ටියේම යන්තන් ජවිපෙ කරපු හා දැන් වෙන පක්ෂවල ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ල හැමෝටම වැඩිය හැමදේම දන්නා ඉතාම නිවැරදි ස්ථානයක ඉන්න අය. හැබැයි මේ හැමෝම නෙමේ.

      Delete
    10. මාතලන් කියපු දේ ගැන මම නම් 100% එකඟයි. මේවා වෙනස් කරන්න සෑහෙන උත්සාහ කරලා තියනවා. ඒවට එක්කො රාජ සභාව කැමති නැහැ. එක්කො ශිෂ්‍ය සභා කැමති නැහැ. එක්කො ලොක්කො බක්කො ඔක්කොම කැමති නැහැ. ඒ නිසා කවදාවත් මේක කෙරෙන්නෙ නැහැ. මාතලන් දන්නවනේ මම මේක කියන්නෙ ඇයි කියලා? වගේම කොහොම ද කියලා?

      Delete
    11. @මාතලන්
      මේ කතාව කියුවේ එහෙම නම් මමද
      //නැත්නම් මකසි මේ වගේ ගල් යුගයේ උපාධීදාරින් බිහි වන්නේ කෙසේදැයි පහදා දෙනවාද... //
      Straw man argument වලින් දිනන්න එන්න එපා.

      @Rohana Ranasinghe
      ඔබකරපු පාඨමාලා වල තත්වය නොවෙයි හැම එකේම තියෙන්නේ යාවත්කාලීන වෙන පාඨමාලා ගොඩක් තියෙනවා. ඔබ දැක ඇත්තේ මාතලන් සඳහන් කල ගල් යුගයේ උපාධීදාරින් බිහිකරන පාඨමාලා වල තත්වය සියල්ලටම පොදු නොවන නිසා මාතලන් කියන දෙය 100% වලංගු නොවේ.

      @Ajith Dharma හරියට හරි ඔබ කියන ජාතියේ පොරක් තමයි ඔබේ සහ මගේ කමෙන්ට් දෙක අතර ඉන්නේ.

      Delete
    12. උපාධිදාරින් අතරත් මි හරකුන් නැත්තේ නොවේ. අජ්ජාපනය හා උසස් අජ්ජාපනය උලා කන මී හරකුන් දෙදෙනා අතරට බ්ලොග් ලෝකයේද සමාජිකයකු එකවීම පිළිබඳව අතිශයින් සතුටට පත් වෙමි. නගපු ප්‍රශ්ණවලට උත්තර නැත.

      Delete
    13. මීහරකා කවුද කියා නැවත නැවත කීමට හෝ පෙන්වීමට අවශ්‍ය නොවේ මෙම කමෙන්ට් පෙළ කියවන ඕනෑම මීහරකෙක් නොවන කෙනෙකුට මීහරකා ලේසියෙන් හඳුනාගත හැක.

      මෙතැන මොහු විසින් පවසන ලද //අනික මෙහේ කැම්පස් වල තවම උගන්වන්නේ සුද්දා දීලා ගිය සිලබස්. සුද්දා ඒවා මියුසියම් වල දාලා ගොඩක් කල්. // යන්න සෑම පාඨමාලාවකටම වලංගු නොවන බව පෙන්වීමට් මම ලියන ලද //මාතලන් ඔය කතාව කියනවා නම් කැම්පස් වල සියලු විෂය ධාරාවල සිලබස් බලා තිබිය යුතුය. එසේ බලා ඔය ප්‍රකාශයේ හරි වැරදි බව තීරණය කරන්න. තම හිතේ ඇති දේ නොව ලෝකයේ තව බොහෝ පවතී.// යන ප්‍රකාශය ට වාද කිරීමෙන්ම හරකා කවුද කකියා සනාථ වනවා පමණක් නොව කැම්පස් සිලබස් විවේචනය කරන මැට්ටා ගේ අද්යාපන මට්ටමද සනාථ විය.

      තමන් උපදී කාරයන්ට හා උපදී අපේක්ෂකයන්ට ඉගැන්වුවා කියා සියුම් මානසික තෘප්තියක් ගැනීම පිණිස කැම්පස් සිසුවන්ට ඊමේල් ලිපිනයක් බ්ලොග් අඩවියක් පටන්ගන්න තරම්වත් දැනුමක් නැතැයි උපකල්පනයෙන් ඒවා කරන හැටි පෙන්වීමට ලිපි ලියන ලද පොරගේ දැනුම ගැන තවත් කුමන කතාද?

      එසේම
      ආයුර්වේද උපාදිය නවීක්කරණයට බටහිට බෙහෙත් දීමේ අවසරය ආයුර්වේද වෙදුන්ට නොලැබීම ගැන දුකෙන් පෙලෙන එවැනි දේ රජයෙන් ඉල්ලන්නට ගොස් නොලැබුණු වෙදෙකුගේ අන්දොනාව මෙම කමෙන්ට් වලින් පැහැදිලිව පෙනේ.

      Delete
    14. සුද්ද....නිහඩ වෙයං ......
      උඹ සමග 100% එකගයි ..... ගොඩක් උකන්නල ....
      බුරන උන්ට බුරන්න දියං ...මචෝ..................

      Delete
    15. මූ නම් විස්ස විජ්ජාල උපාධිදාරියෙක් වෙන්න බෑ. විස්ස විජ්ජාලේ උන්ට ඔක්කෝම පුළුවන් කියලා හිතාගෙන ඉන්න අමුම අමු ගොන් මැට්ටෙක්. උදාහරණ ඕන නෑ.. ගොන්කම් ආරුඩ නමේම තියෙනවා. උඹ වගේ මී හරක් තමයි ඕකෙන් වැඩිපුර එලියට එන්නේ. අනේ හුකේ නන්නානේ..

      Delete
    16. කවද විස්ස විජ්ජාලේ උන්ට ඔක්කෝම පුළුවන් කියලා කියලා තියෙන්නේ? ලියපු දේවත් තේරුම් ගන්න බැරි තෝ අමුම අමු ගොන් මැට්ටෙක්. උදාහරණ ඕන නෑ.. ගොන්කම් ආරුඩ නමේම තියෙනවා. උබ ට විස්ස විජ්ජාලේ යන්න බැරිවුණ එකට එහෙ ගිය උන් පලි නැහැ. උබ වගේ ගොන් මැට්ටෝ ත් එහෙ ගිහින් අවුට් වෙනවා තමයි. උබේ යාලු වෙදා වගේ උනුත් යන්තම් පාස් නිසා නේ අයුර්වෙදේ කලේ නැත්නම් ඌ වත් ඒවා කරනවාද? ඌ වගේ උන් නම් විස්ස විජ්ජලෙන් එන මැටි කරත්ත වලට උදාහරණ තමයි. උන් හැරුනාම හොඳ දක්ෂයොත් අවුට් වෙන බවත් දැනගනින්. උබ විස්සවිජ්ජාලේ ගියේ නැති වුනාට එහෙ ගියපු උන්ට ඉරිසියා නොකර ඉඳපන්.
      ඔන්න තොට තේරෙන බාසාවෙන්ම ලියුවා බාසා වෙල්ලෝ.

      Delete
    17. මචන්ලා, මහත්වරුනි, සහෝදරවරියනි, සහෝදරවරුනි, සමහරවෙලාවට අපට අනිත් අයගේ අදහස් ඉවසීම අමරුවෙන අවස්ථා ඇති වෙනවා. නමුත් අපි ඉතින් ඒ නිසා සත්තුන්ට අගෞරව කරන එකේ තේරුමක් නැහැ. මිහරකෙක් ගොනෙක් එහෙම හිටියනම් ඒ අහිංසක සතුන්ට කොච්චර තරහක් යයිද? :) මෙය කාටවත් එල්ල කර ලියන දෙයක් නොවේ. සමහරවිට පේරා කොළඹ උපාධිදාරීන් ගැන කතා කර මම වුනත් වැරැද්දක් කළා වෙන්න පුළුවන්. සරච්චන්ද්‍ර හිටියේ පේරා වල. දැන් ලියනගේ අමරකීර්ති වගේ විද්වතුන් සංවාද වලට එනව නිරහංකාරව. මොරටු විශ්ව විද්‍යාලයේ සිසුන් කීප වතාවක්ම අන්තර් ජාතික තරඟවලින් දිනුවා. නමුත් ලංකාවේ සමහර ඉගැන්වීම් ක්‍රම හා සිලබස් දැන් තිබෙනවාට වඩා වෙනස් කල යුතුය කියන එක බොහෝ දෙනා පිළිගත් දෙයක්. ඉගෙනීම ලබන්න ලබන්න නිහතමානී වෙනවා වෙනුවට අනිත් මිනිසුන් දිහා පහත් කර බලනවා නම් වැරදියි ඒකත්.
      හැමෝම පියවරක් පස්සට අරගෙන පොඩි ෂොට් එකක් දාගන්නවනම් ඒකත් කර ගෙන සැහැල්ලුවෙන් නැවත බ්ලොග් සංවාදයකට එක්වෙමු. ජයවේවා මහත්වරුනි.

      Delete
    18. පට්ට උපාධිදාරියා. නැට්ට පාගෙගන දඟලන මී හරකා. උඹ වගේ මී හරක්ට උපාධි දෙන එකම තමයි ඔය සිස්ටම් එකේ වැරැද්ද..

      Delete
    19. මහත්වරුනි, මෙය දැන් දුරදිග ගියා වැඩියි. නවත්තගමු. අජිත් කිව්වා වගේ නවලා ෂොට් එකක් දාගමු...චියර්ස් කිව්වා ඔන්න...

      Delete
    20. මහත්වරුනි, මෙය දැන් දුරදිග ගියා වැඩියි. නවත්තගමු. අජිත් කිව්වා වගේ නවලා ෂොට් එකක් දාගමු...චියර්ස් කිව්වා ඔන්න...

      Delete
    21. මෙලොව දෙයක් දන්නේ නැති නාමුත් හැමදේම දන්නා මෙන් කතා කරන. තර්කයට තර්කයෙන් පිළිතුරු දීමට නොදත්. ගල්යුගයේ අදහස් දරන බාසා වෙල්ලන් සමග තවත් කතාකර වැඩක් නැත.

      නැට්ට පගාගත්තේ කවුද කියා මෙය කියවන අයට මානව පෙනේ. තමා දඟලන්නේ තම නැට්ට පෑගීම නිසා බව මීහරකාට පසුව වැටහෙනු ඇත.

      Delete
    22. තම පෝස්ටු කමෙන්ටු සහ තර්කයන් තුලම ඇති විසංවාදයන් මාතලන්ට නොපෙනේ, තම මතය ස්තීර කිරීමට වෙරදරන පොඩි එකෙකුගේ හැසිරීමක් පෙන්නුම් කරයි.

      මාතලන් ඔබට බුදු සරණයි !

      Delete
    23. මහින්ද හොඳ නෑ කියන විට ඔහුගේ සියල්ලම හොඳ නෑ කියනවා නම් ඔහු මී හරකෙකි. මේ රටේ යුද්ධය නැවත් වූයේ ඔහුයි. මොකා පටන් ගත්තා කීවත්. අද අපට ඉතා පහසු අධිවේග හැදුවේ ඔහුය. ඒ හේතු උඩ මහින්ද හොඳයි කියා වැඩි පිරිසක් කියන්නේ නැත. එහෙත් මහින්ද කල හොඳත් ඇත. නමුත් කියන්නේ මහින්ද හොඳ නෑ කියාය. විස්ස විජ්ජාල වල සිලබස් කතාවත් එවන්නකි. එහිදි උපාධිදාරින්ට අපහාසයක්සිඳු වන්නේ නැත. එහෙත් හීනමානයෙන් පෙලෙන. උපාධිය සියල්ලමයි සිතන මී හරකෙකුට එයින් අදහස් කලේ සියළුම උපාධිදාරින්ට පහරක් එල්ල කිරීම කියා සිතන්නේ ඒ මී හරකාගේ චින්තන ශක්තියේ පටු බව නිසාමය. අප පොදුවේ පෞද්ගලික චැනල් සේවාව හෙලා දකිමු. එය මාෆියාවෙක් ලෙසද සඳහන් කරන්නෙමු. එසේ කියා දෙවිවරුන් වන් විශේෂඥ වෛද්‍යවරුද ඒ අතර නැත්තේ නොවේ. සම හර සිලබස් වෙනස්ව ඇත. එහෙත් බහුතරය එසේ නැත. කෙසේ හෝ එදා උපාධිදාරියකුට වඩා අද උපාධිදාරියා සෑම අතින්ම පහළ තත්වයක ඇති බව පොදු පිලි ගැනීමයි. අනෙක් කරුණ නම් අපේ උපාධිදාරියාට ළෝකයේ දියුණු රටවල ඇති තත්වයයි. එතරම් අවශ්‍ය නැත. අපේ රටේම ඉන්ගිරිසියෙන් වැඩ කරන ආයතන තුල උපාධිදාරියාට ඇති සැලකීම එහි සේවය කළ උපාධිදාරියකු දන්නවා ඇත. ඒ ඔවුන්ගේ වරදක් නොවේ. අධ්‍යාපන ක්‍රමයේ වරදයි. මේවා තේරුම් ගත් නොහැකිව පෞද්ගලික පහරදීම් වලට යන උපාධිදාරියා, උපාධිදාරියකු නොව. සක්කිලියකු බව පමණක් කියා නවතිමි.

      Delete
    24. දැන් පෝස්ට් එක එක්ස්පයරි ඩේට් පැනලත් වගේ. ඒත් නෝටිෆිකශන් එන නිසා කියන්නෙ.

      මට පේන්නෙ පොඩි ( හෝ ලොකු ) මිස් අන්ඩර්ස්ටැන්ඩින් එකක් තියනව වගේ දෙපැත්තෙම. කියන දේවල්වල හරයෙ ලොකු වෙනසක් නෑ. මුහුනට මුහුන කතාකලානම් සම්පූර්න එකඟතාවයකට එන ජාතියෙ වාදයක්. ඒත් මේ කමෙන්ට්වලින් වාද කරනකොට එන්නෙ එකඟවෙන වැඩි දේ නෙමෙයි එකඟනොවෙන ඉතා සුලු දේ

      හෙහ්. මාත් ඉතින් පිදුරු නොදා කැකුන නැතුව හොටක් දැම්මමයිද මංද මේ :-D)

      Delete
    25. මම කලින් කීවා මෙන් ලියන දේ තර්කානුකුලව ලිවිය යුතුය. ඔබගේ හිතේ ඇති අදහස ලිවීමෙන් පිට නොවුනිසා ගැටලුව ඇතිවී ඈත.

      //සම හර සිලබස් වෙනස්ව ඇත.// ඕක කලින්ම පිළිගත්තානම් ඉවර නේ. අවංක නොවීම නේ ඔක්කොටම මුල. සමහර නොවේ බහුතර සිලබස් වෙනස්ව ඇත.

      // කෙසේ හෝ එදා උපාධිදාරියකුට වඩා අද උපාධිදාරියා සෑම අතින්ම පහළ තත්වයක ඇති බව පොදු පිලි ගැනීමයි.// ඕක සත්‍යට වඩා ජන මතය. බොහෝ අයට අද දේට වඩා ඉස්සර සුපිරි. අද කෙල්ලෙක් කොට්ට අන්දම ආච්චිලා කියන්නේ අනේ අපේ කාලේ ඔහොම නැහැ කියලා ඒ වුනාට ඒ ආච්චිලාම 70 දශකයේ ඇන්දේ පුක පෙන්න.

      //අපේ රටේම ඉන්ගිරිසියෙන් වැඩ කරන ආයතන තුල උපාධිදාරියාට ඇති සැලකීම එහි සේවය කළ උපාධිදාරියකු දන්නවා ඇත. // සමහරක් උපදී වල ප්‍රයෝගික කමක් නැති නිසා සහ ඉංග්‍රීසි සහ IT දැනුම හීන වීම එසේ වේ, එයට අමතරව උපදී නැති හීනමානයෙන් පෙලන පිරිස් නිසාද එසේ වේ එසේම සමහරක් උපාදි දාරීන් සතුව පාඩම් කල දනුම මිස නුවන නැති නිසාද එසේ වේ. ඔබ කියන ගැටලුවට එකම හේතුව උපාදි විෂය නිර්දේශය යල්පැන යාම නොවේ.

      තර්කයෙන් පැහැදිලිව පවසන දේ තේරුම් ගත් නොහැකිව හැසිරෙන්නා ගේ බුද්දිය සැමටම පෙනේ. මි හරකා බුද්දිය හීන සතෙකුට උදාහරණයක් වේ. මීහරක් බුද්දියක් ඇති මිනිසෙකුට රෙදි සේදීම, බඩු කර ගැසීම මෙන්ම කක්කුස්සි සීදේමද වාර්තියක් ලෙස තෝරාගත හැක.

      Delete
    26. @Pra Jay
      //මට පේන්නෙ පොඩි ( හෝ ලොකු ) මිස් අන්ඩර්ස්ටැන්ඩින් එකක් තියනව වගේ දෙපැත්තෙම. කියන දේවල්වල හරයෙ ලොකු වෙනසක් නෑ. මුහුනට මුහුන කතාකලානම් සම්පූර්න එකඟතාවයකට එන ජාතියෙ වාදයක්. //

      මම කියන දේ හරය ඔහුගේ කමෙන්ට් වලත් තියෙනවා. යමෙක් අනුන් කියන හරි දේ පිළිගන්න ඕන. සත්‍ය පෙනී පෙනී.සත්‍ය පෙන්වාට අපාහාස කරන්නේ academic disciplines පිළිඹදව තියා සාමාන්‍ය disciplines නොදන්නා කම. disciplines වලින් තොරව හැසිරෙන සතෙක් තමයි බල්ලා.

      දැන් කියනවා පෞද්ගලික පහරදීම් වලට ආවා කියා. හරකා, මීහරකා සහ බල්ලා කියුවා තමයි.ඔය තොප්පිය හරිගිය නිසානේ දාගෙන නටන්නේ.

      Delete
  15. මෙහේ අපේ මිනිහෙක්ටවත් විදේශිකයෙක්ටවත් අලුතින් කර්මාන්තයක් පටන්ගන්න ගිහාම තියෙන ලොකුම ප්‍රශ්නෙ සමානයි නියමිත මුදලින් හතරෙන් එකකින් පාරවල්/පාලම්/බෝක්කු සෑදීමට. ව්‍යාපෘති පිරිවැයක contingency expenses තමා දාන්න වෙන්නෙ. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අපේ යටිතල පහසුකම් ගැන ඔය කියන්නේ පැනපු උනුයි, ජෙප්පොයි මදි නොකියන්න...

      Delete
  16. ඇති යන්තම් පරණ පුරුදු මාතලන් ඉන්නවා ....දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ අපි හිතුවේ උඹත් දෑ ත් ශක්තිමත් කරන්න ගියා කියල. තාම ජනතාව රනිල්ට සුදානම් නැහැ දැන් ඇවිත් දැන් පරාද උනොත් රනිල්ට යන්නම වෙනවා.,,,මෙහෙම හොඳයි

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම මාතලන් තමයි ඉන්නේ. මේ ටිකේ මරු මරු වැඩ ටිකක් උනා.. ආයෙත් සෙට් වෙච්චි දවසක කතා කරමු..

      Delete
  17. මාතා..................................

    මහතීර් මොහොමඩ් කියන්නේ අපිත් ඉහළින් ම ගරු කරන කෙනෙක්......... ඒ දොස්තර කම ගැන කියලා තියෙන කතාවට පිං.................

    මේ කියන කතාව අැත්ත මාතා.. . අපේ අාර්ථික ලොක්කෝ කියන කට්ටිය පොර ටෝක් දෙන්නේ උද්දමනය, ඒක පුද්ගල අාදායම ගැන මහා කතා කිය කිය.. ඉතින් ඔච්චර ඒක වැඩි වෙලා නම් අැයි මිනිස්සුන්ට දැනෙන්නැත්තේ........... මොකද ඒක බෙදිලා ගිහිල්ලා නැහැ.. මිනිස්සු ඒදා හිටපු තැනමයි තාමත්.....

    හැබැයි මාතා මේ ප්‍රශ්ණය තියෙන්නේ අාණ්ඩුව අැතුලේ විතරක් නෙමෙයි. ඒ කියන්නේ කබ්රාල් සහ ජයසුන්දර අතර විතරක් නෙමෙයි.. විපක්ෂයත් තාමත් ඉලක්කම් වලින් විවේචනය කරමින් තමයි ඉන්නේ............... මහා ලොකු අාර්ථික විශ්ලේෂක හර්ෂත් තාමත් ඒතනමයි ඉන්නේ..... මේ මෝඩ කෝණයෙන් ඒළියට ගිහිං හිතන්න පුළුවන් ක්‍රමයක් තාමත් අපිට නැහැ.. ඒ කියන්නේ වාමාංශික කතාව ඒහෙම නෙමෙයි.... ඒක විකාරයක්.. අපේම ක්‍රමයක් ගැන හිතන්න අපේ කවුරුත් ලැහැස්ති නැහැ මාතා.................... අපි හැමදාම අනුන් කරපුවා කරන ජාතියක් නේ.............

    ReplyDelete
    Replies
    1. හර්ෂලා කතා කරන්නේ රට දියුණු කරන හැටි නෙමෙයි. දියුණු රටක තියෙන ඒවා ගැන. එකෙකුටවත් නිවැරදි දැක්මක් නෑ. රනිල් විතරයි රිගෙනින් ශ්‍රී ලංකා කියලා සැලස්මක් වත් පටන් ගත්තේ. මේ ආන්ඩුව කරන සමහර ඒවල ඒකේ ඒවත් තියෙනවා. ඒත් මේ රජය හැම දේටම මුල් වෙන එකෙන් පෙන්වන්නේ, රට දියුණු වෙන එක නම් නෙමෙයි. රට වැඩවසම් යුගයකට ගමන් කිරීම.

      Delete
  18. තව ටික කාලෙකින් තේරේවි චීනා ගේ තරම හැමටම.

    ReplyDelete
    Replies
    1. තව මොකටද කල්.. දැනටම තේ රීලා නාගෙන හත් පොලේ ගාගෙන ඉන්නේ..

      Delete
    2. තවම නියම ගු ගඳ දැනුනේ නැහැ. හුලන් වැදිලා මැස්සෝ වහලා නරක්වෙගෙන එනකොට තමයි නියම ගඳ එන්නේ.

      Delete
  19. මාතලන්,

    ඔබේ දේසපාලන විග්‍රහ බොහෝවිට කියවුවත් අදහස් ඉදිප්රිපත් නොකෙරුවෙමි.
    මේ අවස්ථාවේ පුරවැසියන් වන අපි උත්සහ කල යුත්තේ මෛත්‍රීපාල මහතා හෝ මහින්ද මහතා පත්කරගැනීමට වඩා දීසපලන්න්යයන් යොදා ගෙන පහත ප්‍රතිකර්ම යොදගංඊමයි යොදාගැනීමයි.

    ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්කරන්නේ කුමන දිසාවට දැයි අප දැනුවත් වියයුතුයි.

    http://www.economist.com/content/global_debt_clock

    කරුණා කර ඉහත ලින්කුවට යන්න. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
    2003 public debt for person $993.51 එනම් නිදහස ලබුදිනයේ සිට ඇත්තේ නමුත්
    2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
    අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
    වැඩිවී ඇත.

    මෙම රජයට හොදකියන පුද්ගලයකු කියනුයී 2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරීනම් සත්යලෙසම දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.

    ප්‍රශ්නය නම් ඉදිරි අවුරුදු වල දී ශ්‍රී ලංකික පුරවැසියාට කිසිවිටක සිතා ගත නොහැකි ජීවන වියදමක් දැරීමට සිදුවේවි!
    අප තීරුම්ගත යුතු කටුක යථාර්තයනම් කුමන දේසපාලන පක්ෂය ජයගත්තත් පහත සදහන් පියවර වලින් තොරව ඉදිරියක් නොමැති බවයි.

    01. තොරතුරු දැනගැනීමේ නිදහස සහ ස්ව්වදීන කොමිසන් සබා මගින් දුශන අවම කිරීම.
    02. රාජ්‍ය රැකියා බදවා ගැනීම් නතර කිරීම.
    03. රාජ්‍ය සේවකයනට නිසි සැලසුමකට වැඩකිරීමට සැලැස්වීම (මෙහිදී සියල්ල පරිගණක ගත කොට පුද්ගල කාර්යක්ෂම බව මැනීමට ක්‍රම යෙදීම )
    04. කෘනිම සහන ලබාදීම අවම කිරීම (රජය මුදල් ලබාගන්නේ ජනතාවගේ අහාර සහ ඔවුන්ගේ මිලදීගැනීම් මත බදු අයකිරීමෙන් බැවින් රජයට සහන දීමට හැකියාවක් නැත.

    බොහෝදෙනා සිදුවී ඇති දෙයට එකගවුවද ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව අවංකව එඅකග නොවේ ප්‍රශ්නය ඇත්තේ එතනයි !

    තිලින

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන බොහොම ස්තූතියි.. 100 එකඟයි.. මා සැමදාම සිටිනුයේ ඉහත අදහස් හා සමගයි..

      Delete
  20. උඹේ එක විග්‍රහයකට නං හිනාවෙලා පණ ගියා බං.ලංකාවෙ බජට් එයාලයින් කියන්නෙ බජට් එකෙන් පදාසයක්ම දන් දෙන එයාලයින් වලටද?

    ReplyDelete
    Replies
    1. මෙහේ බජට් එයාලයින් කියන්නේ ඒකට වෙන්න ඇති බං.. නැත්නම් අහවල් එකක්ද...?

      Delete
  21. රජයේ රැකියා දීමට විරුද්ධවීම ගැන මාතලන් හා එකඟය. ආන්ඩුවක් යනු රැකියා නියෝජිතායතනයක් හෝ අනාතාධාර බෙදන ස්වේච්ඡා සංවිධායක නොවේ.

    නමුත් ලිපියෙහි මාතලන්ට පැටලුනු

    මාතලන්ගෙ ප්‍රශ්ණෙ,

    //මාතලන්ට තියෙන විශාලම ප්‍රශ්ණය නම්, විපක්ෂයේ එකෙක්වත්, ආරථිකේ ගැන පොර ටෝක් දෙන පන්ඩිතයන්වත්, මාහා ආචාර්ය, ආචාර්ය උන්වත්, සිවිල් පොරවල් යැයි කියා ගන්නා එකෙක්වත්, මේ, "ආන්ඩුවේ රැකියා" මාෆියාවට විරුද්ධව කෙල බිඳුවක් බිම හෙලන්නෙ නැත්තේ ඇයි කියාය.//

    මාතලන්ගෙම උත්තරේ,

    //රනිල් අදටත් කන්නේ, චානුකත් කිව්වා වගේ, ආන්ඩුවේ රස්සාවල් නොදීපු එකට. ඒත්, ඒක හොඳ දෙයක් කියලා චානුකත් පිලිගන්නවා, මාතලනුත් පිලිගන්නවා. ඉතින් ඕවා කිව්වොත් හෙම, ගමේ ඉන්න යූ ඇන් පී කාරයටත් ගොම ගහනවා. ඒවා කියන්න බෑ. ඒවා ආවම කරන්න ඕන වැඩ.//


    මාතලන්ගේ ප්‍රශ්ණය,
    //ඒ අස්සේ මාතලන් දැක්කේ, එයා ආවොත් පෞද්ගලික අන්සේ උන්ටත් පැන්සොන් එකක් දෙනවා කියලාය. මට පේන්නේ එයා මහින්දටත් එහා ගිය පොරක් වාගේය. කටුනායක රොෂේන් චානුක වෙඩි කාලා මැරුණේ තොපේ පැන්ෂොන් සිස්ටම් අපිට එපා කියන සටනට ගිහිල්ලාය. //

    මාතලන්ගේම උත්තරය,
    //පුළුවන් නම් කල යුත්තේ ආන්ඩුවේ උන්ගෙත් පැන්සොන් එක නවත්වා, විශ්‍රාම ගියයින් පස්සේ අවුලක් නැතිව ජීවත් වෙන්න පුළුවන් සවුක්ක රක්සොන් ක්‍රමයක් හා, මාසික දීමනාවක් ලැබෙනා සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකය.//

    මෙතනනම් පොඩි පරස්පරයක් තිබේ. මුලින් මාතලන් පැන්ෂන් එක නැති කරන්නැයි කියයි. පසුව විශ්‍රාම ගියාට පසු අවුලක් නැතිව ජීවත් වෙන්නට දීමනාවක් දෙන්නැයි නැවත කියයි! දැන් විශාරම ගිය පසු ජීවත් වන්න දෙන දීමනාව පැන්ෂන් නැතුව අහවල් එකද? මාතලන් කියන්නෙ ඒක දැන් වගේ පඩියෙන් නොකාප කෙලිම්ම ආන්ඩුවෙ සල්ලි වලින් විතරක් දෙන්න කියලද?

    ( අර බජට් එයාර්ලයින් ගැන කියාපු පට්ට කතාවට බජට් එකෙන් මාතලන්ට සැලකිය යුතුමය )

    ReplyDelete
    Replies
    1. මාගෙ ප්‍රියතම කොකු සහෝදරයානනි.. අවුරුදු දහයක් තිස්සේ පිටරටක වැඩ කරන උඹ වැනි උගත් බුද්ධිමත් විචක්ෂණශීලී, ගවේශනාත්මක පොරක් ඉන්ෂුවරන්ස් කොම්පැනිවල විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන ඉතා හොඳින් දන්නේ යැයි මේ අහිංසක වැද්දා විසින් අනුමාන කරණු ලැබේ.... :)

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
  22. ඩොක්ටර් මහතීර් ගැන මාතලන් නොකී කතා තිබෙනවා නේද. ඔය කියන ආර්ථික දියුණුව ගත්තේ වැඩි හරියක් ඇමෙරික එක්සත් ජනපදයට බැන බැන නමුත් ඇමෙරිකාවට රටේ ආයෝජනය කරන්න යටින් ඉඩ දීල. රනිල් ආවානම් ඒවගේ දෙයක් කරන්න ඉඩ තිබෙන නිසා එහනදී උදිත සහ මතලන්ගේ මතයට එකඟ වෙන්න පුළුවන්. ආයෝජන අමෙරිකාවෙන් ගෙන්න ගන්න එක තමා හොඳම විධිහ එහෙම බැලුවොත්.
    මහතීර් අවට පස්සේ භූමිපුත්‍ර කියල අන්ත ජාතිවාදි ක්‍රමයක් ක්‍රියාත්මක කලා. ඒක ගැන ලිව්ව්වේ නැත්තේ ඇයි? මැලේ උන්ට විතරක් ඉඩම් අයිති, උන්ට විතරක් බිසිනස් කරන්න පුළුවන් නීති. සිංගප්පුරුව එලෙව්ව මතකද? ලි කවන් යු එක්ක ඇරගෙන එහෙ ඉන්න චීන උන්ගේ ප්‍රශ්නෙකට. එතකොට ජේ ආර් වගේ හෝ ඊට වඩා දරුණු ලෙස රට පාලනය කලා. ත්‍රස්තවාදී විරෝධී පනත වගේ අභ්‍යන්තර ආරක්ෂක පනත කියල එකක් ගෙනල්ල් ඔක්කොම විරුද්ධ වාදීන් ඇතුලට දැම්ම. වැඩේ කියන්නේ එහෙම නැතුව රටක් දියුණු කරන්න අමාරුයි. යම් ප්‍රමාණයකට ඒකාධිපති ගති ගුණ තියෙන්න ඕනේ කියන අදහස තම පොර ගාවත් තිබුනේ. ඇත්තටම මැලේසියාව දියුණු කරේ පොරට වැඩ අන්වර් ඉබ්‍රහිම්. එතකොට හිටිය මුදල් ඇමති. මු ඊට පස්සේ බොරු සමලිංගික චෝදනාවක් දාල අන්වරව හිරේ දැම්මා 1998. 1998 පස්සේ එකොනොමි එක වැටුන. මු පස්සේ අන්වර්ව එලියට දාල ඒ හිටපු ආර්ථිකය මෙහෙයවපු නිලධාරීන් ආයි ගත්ත.
    කලින් හිටිය කට්ටිය අරන් ගිය new economic policy කියන එකම තම මහතීර් අරන් ගියෙත්. නමුත් මිනිහ රටේ හැම දෙයක්ම පෞද්ගලික අංශයට භාර දුන්න. එතැනින් හරි ගගියා . මොකද මැලේසියාවේ ඉන්න එවුන් ලංකාවේ වගේ හොරට ව්‍යාපාර කරන්නේ නැති නිසා. ඒ වගේම චීන නය වලින් ලොකු ජල විදුලි බලාගාරයක් හදන්න ගියා . එකට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව පොරගේ හිතවතෙකුට දුන්නේ. පස්සේ පරිසර හිතවාදීන් හා මිනිහාගේම පක්ෂේ මිනිස්සු විරුද්ධ වෙලා එක නැවැත්තුව.යකා මාතලන් කියන තරම්ම සුදු නැහැ.
    නමුත් මන් මිනිහගේ එක දේකට කැමතියි. ආර්ථිකය වැටෙන කාලේ මිනිහා IMF එක කියන දේ ඇහුවේ නැහැ. තමන්ගේ රටේ මිනිස්සුන්ව විශ්වාස කරලා වැඩ කලා. ඒකෙන් ගොඩ ආව.
    නමුත් මාතලන් කියූ අනිත් ඒවා හරි. ඒ රටේ ආර්ථික දියුණුව මේ ලෝක බැංකු වාර්තාවේ තිබෙනව්චා.
    http://www.worldbank.org/en/country/malaysia/overview

    ReplyDelete
    Replies
    1. අජිත් මෙතන බොරු කියන්න අවශ්‍ය නෑ. මම ඇත්තටම විධායක ජනාධිපති ධූරයටත් කැමතියි. ඒවගේම වාර දෙකකට සීමා කිරීමටත් මම විරුද්ධයි. ඒ වගේම 13 වන ආක්‍රමනකාරී සංශෝධනයටත් විරුද්ධයි. ඇත්තටම මම මහින්ද මහත්තයට පට්ට මනාපයි. ඒ එකාධිපතිත්වයටත් කැමතියි. අජිත් දන්නවා ඇතිනේ අපි ප්‍රයිවට් ෆර්ම් එකක වැඩ කරන කොටත් ප්‍රධානම පුදගලයා පට්ට ඒකාධිපතියෙක්. ඩිරෙක්ටර් බෝඩ් එකක් උන්නත්. විශේෂයෙන් සමූහ සමාගම් ඇරුනාම. නමුත් මේ ආන්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් නෑ. අනික ඉහවහා යන දූෂණය හා වංචා.

      මේ ළෝකේ කිසිම පුදගලයෙක් මෙන්ම, විශේෂයෙන් කිසිම පාලකයෙක් තනිකර කළිත් නෑ සුදුත් නෑ. ඒ කොන්සෙප්ට් එක මහතීර්ටත් අදාලයි. මැලේසියාව විතරක් නෙමෙයි චීනය දියුණු උනෙත් ඇමරිකන් ඉන්වෙස්ටර්ස්ලා නිසා. අද මියන්මාර්වලටත් බැහැලා ඉන්නේ ඇමරිකාව. මහතීර්ගේ විශේෂත්වය ඇමරිකන් කාරයට උනත් යටත් නොවි, ඔවුන් අන්දගෙන තමන්ගේ සටන ජයග්‍රහණය කිරීම. ඒක ඇමරිකන් කාරයාටත් වඩා සට කපට ක්‍රියාවක්. අනෙක දෙයක් කරණ එනෙකුට විවේචන බොහෝම වැඩියි. රටක් දියුණු වෙන්න නම් බලවත් නායකයෙක් අවශ්‍යමයි. දියුණු උනයින් පස්සේ පුළුවන්. යහ පාළණය ඇති කරන්න.

      Delete
    2. \\\ අජිත් දන්නවා ඇතිනේ අපි ප්‍රයිවට් ෆර්ම් එකක වැඩ කරන කොටත් ප්‍රධානම පුදගලයා පට්ට ඒකාධිපතියෙක්.////

      අඩෝ..!!!!!!

      Delete
    3. දියුණු වෙන්න බලවත් නායකයෙක් අවශ්‍යයි කියන එකේ පැති කීපයක් තියෙනව මාතලන්? සෝවිය දේශයේ උගත් නායකයෝ ඔක්කොම මරපු ස්ටාලින් මුලින් රට විනාශ කලත්, පස්සේ රට හැදුව. පොර යටතේ තමා මහා මාර්ග අධිවේගී මාර්ග පද්ධතිය හැදුනේ. මොස්කව් වල දැනුත් තියෙන ලස්සනම ගෘහ නිර්මාණ ශිල්පය අතින් විශිෂ්ට ඒවා හැදුනේ උගේ කාලේ . නමුත් රුස්සෝම මිලියන් කියක් මැරුවද? අන්තිමට සෝවියට් දේශය කඩා වැටෙන්නත් හේතු වුනේ පොරමයි. ඊළඟට හිට්ලර් බලපන්. මුළු ජර්මනියේම අධිවේගී මාර්ග පද්ධතිය හැදුවේ පොර. ජර්මනිය 1930 ආර්ථික අවපාතයෙන් මුදවල රස්සාවල් දීල හැදුවේ ඌ. නමුත් ඌ වගේ බල්ලෙක් වෙන ඉන්නවද මිනිස්සු මරපු.
      දැන් පුටින් බැලුවොත් මිනිහත් සෑහෙන්න රට උස්සල තියෙන්නේ. හැබැයි ටිකක් වෙන්න ඒකාධිපතියෙක්. කාටවත් කෑ ගහන්න විරුද්ධව කතා කරන්න දෙන්නේ නැහැ. සිම්බාබ්වේ බලපන්. මොකද්ද මිනිසුන්ට තියෙන සෙත.
      අපේ කොම්පැනියේ වැඩ කරනවා මැලේ පොරක්. පොර කියන්නේ මහතීර් ලොකු බැංකු වලට දුෂණ කරන්න ඉඩ දුන්නේ නැහැ කියල. ටිටෝ යුගෝස්ලාවියාවේ සමජවාදය යටතේ හොඳ රටක් හැදුව. නමුත් IMF එක කියන දේ අහන්න ගියා . මම මහතිර්ට ගරු කරන්නේ මිනිහ IMF එක ගණන් ගත්තේ නැති නිසා.
      දියුණු වුනාට පස්සේ යහ පාලනය ඇතිකරනවාට වඩා යහපාලනයෙන් තමා දියුණුව ඇතිවෙන්නේ.
      හොඳම උදාහරණය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය හා ජපානය නැගුන හැටි, ඒකාධිපතියෝ හිටියද? නැහැ. රටට ආදරේ කරන දේශපාලකයෝ ටිකක් හා රටට ආදරය කරන ජනතාවක් හිටිය. එච්චරයි.

      Delete
    4. එකඟයි. එක එක ක්‍රම යටතේ රටාල් දියුණු වෙලා තියෙනවා. යුද්ධයෙන් පස්සේ දූෂණය ඉහ වහා ගියත්, යම් කිසි නිදහසක් මේ පාළණය යටතේත් තියෙනවා. එකම දේ පොඩි මිනිහට කිසිම සහනයක් නැති එක. අනික මැද පන්තියත් දිලින්දන් බවට පත් වීම.

      Delete
  23. Replies
    1. මාතලන්ට ඉතින් හැමදාම නත්තල් නේ.. අවුලක් නෑ මචෝ..

      Delete
  24. මම දන්නෙ නෑ මැලේසියාව කොහොම රටක්ද කියලා. අහල තිබුනට ප්‍රායෝගිකව විඳල නෑ නොවෑ. ඒ කෙසේ වුවත් කිනම් රටක වුවද ආර්ථිකයේ සුක්කානම පුද්ගලික අංශය තට ගැනීමෙන් රටට දිගුකාලීන යහපතක්නම් වෙන්නෙ නෑ. මොකද පුද්ගලික අංශය යනු යම් කණ්ඩායමක් පමණි. රටක, රටක ආර්ථිකය පුද්ගලික සමාගමක පුද්ගලයෙකුට හෝ පිරිසකට මෙහෙවිය හැකිනම් ඒ රට අවධානමක් දරාගෙන ඉදිරියට යන රටක් වෙනවා. එහි අනතුරුදායක බව වැඩිවන්නේ ඒ අදාල පුද්ගලික සමාගම් විදේශ ආයෝජනයන් හෝ ඒවායේ හිමිකරුවන් විදේශිකයන්නම්. දේශීය කර්මාන්ත කරුවන් මේ තත්වයට පත්වනවා නම් අපිට කුඩා හෝ විස්වාසයක් පැවතිය හැකිමුත් නොරටුන්ගෙන් අපේ රටට සෙතක් බලාපොරොත්තුවිය නොහැක.එනෙක් කාරණාවනම්, පුද්ගලික සමාගම් යනු පරිසමාප්ත අර්ථයෙන්ම එක් පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙකු වටා ඒකරාශි වූ බූදලයකි. එනිසාම ඒ කිහිපදෙනා තම්න්ගේ පුද්ගල දියුණුව පතනවා විනා තම රටේ හෝ, යටත් සේවක පිරිසගේ දියුණුව පතන්නේ නැත. කර්මාන්ත වල මේ තත්වය සුලබවම දැකිය හැකිය. කෙනෙකු නගන තර්කයනම් රාජ්‍ය අංශයට වඩා පුද්ගලික අංශයේ වැටුප් ඉහල බවයි. නමුත් සිහිතබා ගතයුතු කරුණ නම් ඒ ඉහල වැටුප් ලැබෙනුයේ විධායක ශ්‍රේණියෙන් ඉහලට බවය. එනම් සුලු සේවකයන් ලබනුයේ ඉතාම සොච්චම් පඩියකි. එනිසා සමාජ සාධාරණ්ත්වය හෝ, ආර්ථික දියුණුව පුද්ගලික අංශයෙන් කිසීඅත්ම බලාපොරොත්තු වීමට නොහැකිය. එය එක්තරා වහල් සේවයක් පමණි.නමුත් මන්දගාමි රාජ්‍යසේවයට වඩා පුද්ගලික අංශය වඩා "ස්මාර්ට්" වන අතරම දිනෙන් දින සීග්‍රයෙන් දියුණුව කරා ලඟාවෙයි. නමුත් එහි ලාබය රටට නොව එහි අයිතිකරුවන් වන සීමිත පිරිසකට පමණි. මට ඇති ගැටලුවනම්, තනි පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුගේ නායකත්වයෙන් එවන් සීග්‍ර දියුණුවක් අත්කරගන්නේනම් ආණ්ඩුවක මෙහෙය වීමෙන්, රජයක මෙහෙයවීමෙන්, රටක මෙහෙයවීමෙන් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන දිනෙන් දින පිරිහෙන්නේ ඇයිද කියන කාරණයයි. පැහැදිලි පිළිතුරක් ඇත. පුදගලික දේ තමන්ගෙ දේයි, එහි පාඩුව තමන්ටයි, එනිසා ඔවුහු උපරිම කැපවීමෙන් වැඩාරයි. නමුදු රජ්‍ය සේවයේ ඇත්තේ තනිකරම දූෂණයයි, වංචාවයි. එනිසාම රාජ්‍ය ආයතන වල කිසිදා දියුණුවක් නැත. නමුත් ඊට විසඳුම පුද්ගලිකකරණය නොවෙයි. එය අතීසාරයට අමුඩය ගැසීමකි. හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීමකඉ. කල යුත්තේ රට ගොඩ ගැනීමයි, රජය ශක්තිමත් කිරීමයි. ඊට අඩිතාලම විය යුත්තේ වංචාව, දූෂණය සහ නාස්තිය නැති කිරීමයි. ඊට මෙය මගේ කියන හැඟීම රටට ඇතිවිය යුතුයි. මං මගේ ගෙදර හොරකම් කරන්නේ නැත. එනිසා රටට ආකල්පමය වෙන්සක් අවශ්‍යයි. එය පටන්ගත යුත්තේ ගමේ කුඩා පවුලෙන් නොව, රට කරවන තැනින්ය. පළමුව හොරකම වංචාව දූෂණය නැති රාජ්‍ය නායකයෙක් අවශ්‍යයි. ඒට ඔහුට හොරුන්ගෙන් තොර අමාත්‍ය මණ්ඩලයක සාදාගැනීමට හැකිය. එලෙසින් පහලට සියලු ස්ථර වල හොරකම දූෂණය නැතිකල හැකිය. අවශ්‍ය වන්නේ රට කරවන "සෙට්" එක හොරකමින් තොර වීමයි. එවිට කිසිදු අපහසුවකින් තොරව එතනින් පහල ස්ථර වල දූෂණය නැතිකල හැකිය. ඒ නිසා විසඳුම වන්නේ මේ ඉන්න දෙසිය විසිහතර ඉතාම සුපිරිසිදු කණ්ඩායමක් බවට පත්කිරීමයි. අවශ්‍යතාවක් ඇත්නම් එය එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. දෙසිය විසි හතරක් යනු ඉතා සුලු පිරිසකි. ආර්ථික, දේශපාලන දැනුමින් සන්නද්ධ හොරකමින් දූෂණයෙන් තොර මේ තනතුරු සඳහාඅ සුදුසු මිනිසුන් මේ රටේ දෙසිය විසි හතරක් නොව දහස් ගනනඉන් සිටිති. විසඳුම පුද්ගලිකකරණය නොව මෙවැනි පිරිසක් රට කරවන තැනට යැවීමයි. රාජ්‍ය අංශය ශක්තිමත් කොට, සියලු අංශ රජයට නතුකරගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනසතු රටක්, ජනසතු ආණ්ඩුවක්, ජනරජයක් බවට සිරි ලංකාව පත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මනෝ, උඹ මනෝ ලෝකෙක ඉන්නා බව පේනෝ. අනේ මගෙ ගොනෝ ඕව කරන්නට කවදාවත් බැරිවෙනෝ කියල මෙන්න අපි යනෝ.

      Delete
    2. වඩා නිවැරදි මං ඉන්න මනෝ ලෝකයද නැත්නම් ඔබ පතන අතීසාර අමුඩ ලෝකයද කිය්ල ටිකක් නිස්කලංකෙ හිතල බලන්න. රෝග ලක්ෂණ වලට නොව බෙහෙත් කල යුත්තේ. රෝග මූලයටයි.

      ගල් යුගයේ මිනිස්සු හඳට යෑමත් කවදාවත් කරන්න බැරි වැඩක් කියල තමයි හිතුවේ.

      Delete
    3. ඔහොම ගොබ්බ ආන්ඩුවක් 70-77 කාළෙත් තිබුනා. උන් තමයි මේ රටේ පෞද්ගලික අංශය විනාශ කලේ. ඒ ගැන උඹලා දන්නේ නැති නිසාත්. මැලේසියාව හා ළෝකයේ අනෙකුත් දියුණු රටවල් ගැන නොදන්නා නිසත්. ළොව සුපතල පෞද්ගලික ආයතනයක් තුල රැකියාව කලත්, මනස පිරී පවතිනුයේ විප්ලවකාරින්ගේ ළෝකයම ප්‍රතික්ෂේප කල පෙත්තප්පු පාඩම් තුල නිසාත්, අනෙකුත් අදහස් හා දැක්මන්ද ගල් යුගයටත් පෙර වානර යුගය දක්වා විහිදෙන නිසාත්, මේ කොමෙන්ටුව සර්ව සාධාරණ කොමෙන්ටුවක් ලෙස අගය කරමි.

      ඉන්දිකට දී ඇති පිළිතුරු කොමෙටුව වෙනුවට මට කීමට ඇත්තේ. ඔඹේ අදහස එය නම්. ඔබත් ඔබේ අදහස් ඇති පුද්ගලයන්ද කිසි අවුලක් ඇති කර ගන්නේ නැතිව ජනවාරි 8 වනදා උදේ, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඔබේ චන්දය භාවිතා කරන්න.

      Delete
    4. එසේම විශේෂයෙන් සඳහන් කළ යුත්තේ 70-77 යුගයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත තුලින්. එතෙක් ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්ව තිබු, වැවිලි සමාගම් සුනු විසුනු කළ පාපය, අන් කවරදාටත් වඩා විඳවන්නේ වසර කීපයක ඇවෑමෙන් වත්මන් යුගයේයි.

      Delete
    5. \\දෙසිය විසි හතරක් යනු ඉතා සුලු පිරිසකි. ආර්ථික, දේශපාලන දැනුමින් සන්නද්ධ හොරකමින් දූෂණයෙන් තොර මේ තනතුරු සඳහාඅ සුදුසු මිනිසුන් මේ රටේ දෙසිය විසි හතරක් නොව දහස් ගනනඉන් සිටිති. විසඳුම පුද්ගලිකකරණය නොව මෙවැනි පිරිසක් රට කරවන තැනට යැවීමයි. රාජ්‍ය අංශය ශක්තිමත් කොට, සියලු අංශ රජයට නතුකරගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනසතු රටක්, ජනසතු ආණ්ඩුවක්, ජනරජයක් බවට සිරි ලංකාව පත් කිරීමයි.//

      Delete
    6. \\ළොව සුපතල පෞද්ගලික ආයතනයක් තුල රැකියාව කලත්,//

      ඒ කරන නිසා තමයි දන්නේ. අතේ ඇඟිලි ගානකටත් අඩු පිරිසක් අතට යන මහා දනස්කන්දය ගැන හොඳටම දන්න නිසා හැම තත්පරේම හිතෙන්නෙ මේ මහා දනස්කන්දය රටේ භාණ්ඩාගාරයට යනවනම් කියලයි. ඒකයි කියන්නෙ පුද්ගලික අංශය නඩත්තු කරන්නෙ රට නෙවෙයි පුද්ගලයන් කිහිපදෙනෙක් කියලා.

      Delete
    7. \\මං මගේ ගෙදර හොරකම් කරන්නේ නැත. \\\

      හප්පා...ඒ කියන්නේ අල්ලපු ගෙදර බිඳිනවා කියලද..???

      Delete
    8. මනොෂ් ඔය වගේ සියල්ල රාජ්‍යය සතු රාජ්‍ය ධනවාදයක් තමා සෝවියට් දේශයේ තිබුනේ. එය වැඩ කරන්නේ යුද තත්වයක පමණයි. නිදහස් රජයක එසේ තිබිය යුතු නැහැ.
      රාජ්‍ය ධනවාදය එක්තරා අවදියකදී කඩා වැටෙනවා මොකද එහි භාණ්ඩ නිෂ්පාදන ක්‍රමය දියුණු වෙන්නේ නැති නිසා.

      Delete
  25. අපේ උද්දමනය අඩුවීමේ ෆිගර්ස් මහතීර් මොහමඩ් දැක්කෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොටෙල් එකේ උන් කිව්වා.. නෙවාඩ් කබ්‍රාල් අතට අත දෙකොට. මහතීර්ට පඩ ගියා කියලා. ඒ අපේ ෆිගර්ස් නිසා වෙන්ඩෑ..

      Delete
  26. අපරාදේ එන්න කිව්වේ කියල හිතෙන්න ඇති නේ. පාප් වහන්සේටත් වෙන්නෙ ඔය ටික තමයි චන්ද මගඩි ගැන එහෙම කතාකරන්න අවොත්.

    ReplyDelete
    Replies
    1. පාප් වහන්සේ ඇවිත් ඊලාම් කතාවක් පවත්වයිද දන්නෙ නෑ

      Delete
    2. බලහන් පාප් වහන්සේත් කොටියෙක් වෙලා නෙමේද කියලා ආයෙත් වතිකානුවට යන්නේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න