..
බියව ඇත,
දැහැමින් සෙමෙන්,
පාළණය,
ගෙන යන,
රජකු,
මැති ඇමතිවරු,
වන්දිභට,
සට්ටැඹි,
නැකත්කරු...
යාවි යැයි,
තැතිගෙන.
හේග් සහ ජිනීවා,
නිරය වෙත.
කිසිවකුට
බිය නැති,
වීරයෝ..!!!
කෑ ගසති,
වියරුවෙන්...
දෙසති,
"කුමන්ත්‍රණ"
"සම්මන්ත්‍රණ"
"සකච්ඡා"
"ඩයස්පෝරා",
සමඟ...
අඬති වැලපෙති,
වියරුවෙන්...
දෙසති,
"කුමන්ත්‍රණ"
"සම්මන්ත්‍රණ"
"සකච්ඡා"
"ඩයස්පෝරා",
සමඟ...
අඬති වැලපෙති,
හොටු පෙරාගන...
සිහිනෙන් පෙනී...
කටු ඉඹුල,
ළෝ දියර,
විදුලි පුටු....
අත්වේ යයි,
විපත්...!!!
ගාඩාපිට,
ගාඩාපිට,
හිට්ලර්ට,
සදාම්ට,
මුබාරක්ට,
අත්වූ......
අත්වූ......
කිම්ද,
බිය වන්න,
කාරණ...?
ඔවුන්,
"එකාධිපතියෝය"
මොවුන්,
මොවුන්,
පින්වත්,
සුසිල්වත්,
ජහ මන හිතකාමී,
අප මහ රජාණෝය...!!!
දැයේ දරුවන්ගේ,
ආදරණිය පියානෝය...!!!
දැයේ දරුවන්ගේ,
ආදරණිය පියානෝය...!!!
සහ පිරිවර,
හා
කටු කන
බල්ලෝය.
-v-
සහතික ඇත්ත.....
ReplyDeleteකාටත් පේන දේ...
Deleteහුම්
ReplyDeleteහා....
Deleteඕ යේස්… !!
ReplyDeleteවට් ඒ පීලින්ග්ස්..
Deleteඔක්කොටම පිස්සු මාතලං අයියේ.මටත් දැං නිකං පිස්සු වගේ
ReplyDeleteඒක තව හොඳා.. මට මඤ්ඤං..
Delete"අපි බය නෑ අපි බය නෑ. මෛත්‍රී කවුද යකෝ අපිට"
ReplyDeleteඔහොමයි කතාව. ඇයි ඉතිං මේ සටේජ් පුච්චන්නෙ? කනත්ත ලඟින් යද්දි කුනුහබ්බ කියන්නෙ යක්කුන්ට වැඩිපුරම බය එවුන්.
+++++++++++++++++++++++++++++++++++++
Delete++++++++++++++
Deleteම් ඒකේ තව පැත්තක් සිතන්න තියනවා.
Deleteකනත්ත ලඟින් යනකොට ඉතිපිසෝ ගාථාව කියන අයත් සිටිනවා නේද?
මරු කොමෙන්ට් එක බං... දැන් දපනේ වැටිලා හිටපු යක්කු "හූ" තියනවා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආයුබෝවේවා මහ රජාණෙනි.. කවුරු හරි අල්ලන්න ආවොත් දනගහල 'මවුබිමට' වැන්දනම් ආයේ ලොවෙත් නෑ.. බඩු ශේප්.. ජය ශ්‍රී!
ReplyDeleteසිරාටත් තියෙන්නේ මත්තල හරි ගිහින් දනගහලා පොළොව බදා ගන්න...
Deleteහ්ම්ම් හ්ම්ම්ම්...... කටු කන බල්ලෝ තමයි වැඩිපුරම බයවෙලා ඉන්නේ...
ReplyDeleteහැබැයි උඩ දාල තියෙන පින්තුරේ විස්තරේ තමයි මට වැඩිපුරම හිතට ඇල්ලුවේ....
කට්ටෙ සොමිය නැති වෙනවනේ... අරක මරු කියමන නේ...
Deleteපින්තුරේ නම් හරියටම හැරී තමයි.
Deleteමෙච්චර බයනම් ඇයි අප්පා ඡන්දයක් ගෙනාවෙ. කවුද ඉල්ලුවේ, ජනයාද, යූ එන් පීයද, ජවිපෙද, වෙන කවුරුහරිද. මෙහෙම විදෙස් කුමන්ත්‍රණ කන්දක් තියේනම් ඇයි මේ රට අවධානමක දාන ජනපතිවරණයක් ගෙනාවෙ. අගේට තව අවුරුදු දෙකක් තියෙද්දි.
ReplyDeleteකේන්දරේ අනුව සුදුසු කාලෙට නේ ලොක්කා චන්දෙ තියන්නේ.අනෙක් ඒවා සලකලා බලන්නේ නැහැ. my3 තියා රනිල් ආවත් තීරණ ගන්නේ ඕක අනුව තමා.
Deleteමං අහන්නෙනං නෑ රත්තරනේ
Deleteහිත හදාගත්තෙ කොහොමද කියලා
මට දුරින් උන්නු කාලෙදි දැනුනා
මං මට විතරක් අයිති නෑ කියා
උඹට පිස්සු බං.. එහෙම තමයි ප්‍රජාචන්ච්‍රවාදි රටවල්... එවරි ඩේ ඉලෙක්සොන්..
Deleteමොන පක්ෂේ ආවත් කටු කන බල්ලෝ ටික හොඳ මස් බලාපොරොත්තු වෙන නිසා තමයි රටට කෙල වෙන්නේ.
ReplyDeleteඋන්ට කොහෙද බං මස්.. කට්ටට ඔච්චර කෑ ගහනවනම්.. මස් දුන්නා නම් කොහොම තියෙයිද...?
Deleteඅපි කාටද බය
ReplyDeleteඅපිට කවුදෑ බය........
එකතු කළත් උත්තරේට
එන්නෙ අපිට බිංදු
කොයිකවුරුත් පණ යන තුරු
කියන්නෙ ඔය සින්දු
කොයි කාගෙත් ඉතිහාසේ
හැටි නැතුව ද අපි දන්නේ
ඇලපිල්ලක් වැඩි හින්දත්
කෙස් ගහ කොස් ගහ වෙන්නේ
ගමෙන් ඇවිත් සිදාදියේ
නැංගූරම් දැම්මේ
බොරු චන්ඩියො අපි දැක්කම
දුවන්නෙ එක පිම්මේ..
උඩ කරණම් බිම කරණම්
කජු කන ගානයි මල්ලී
පය ලිස්සා බිම වැටුණත්
අපෙ කොන්ඳ කෙලින් මල්ලී
මහපාරේ යන අටපට්ටම්
කැරකෙන කූඩු
හිනාවුණත් රැව්වත් උන්
අපිට නොවෙයි පාඩු
ඔය ආලේ ගල් මාලේ
කවුදෝ දැම්මේ බෙල්ලේ
හොඳ කාලේ ආ වේලේ
බඹරෙත් කැරකේ වැල්ලේ....
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා
අම්ම ගායි... මෙහෙම එකක් මම අහල නෑනේ
Deleteමෙන්න අහපන් මචෝ
Deleteවන් ඇන්ඩ් ඕන්ලි සින්දූර් වෙතින්ම පමණයි...
Deleteමාතෙ, කෝ බං ලොක්කගෙ ප්‍රතිපත්ති ප්‍රකාෂනේ මේ පාර? මොන උලව්වක්වත් නෑ, හේග් හේග්...!
ReplyDeleteලොක්කා මොන කියල කියන්නද මේ පාර.ලොක්කට කියන්න තියෙන එකම දේ මම යුද්දේ දින්නා,ඔහෙලාට යන්න පාරවල් හැදුවා. තමුසෙලා මට කළගුණ සලකනවා කියලා තමයි.
Deleteමක්කටෙයි බං ප්‍රොතිපත්ති ප්‍රොකාසොන.. රාජාන්ඩුවක් ගැන පරණ පොතකින් බලා ගනින්. ඕන් බුදු සිරා නම් එයාගේ එක දාලා...
Deleteරනිල් ගේ අන්ඩකෝශය කඩා වැටෙන තෙක් ඔහු පස්සෙන් ගිය උදවිය දැන් My3 පස්සෙන් යන්නේ රනිල් හට එවැන්නක් නැති බව අවබෝද වෙලාය....
ReplyDeleteමහින්දයා අන්ඩපාලයෙකි... අහල පහල හැමෝටම කටු විසිකරමින් ඉදිරියටම යයි.....
යහපාලනයට කප් ගැසූ මහත්වරු අවසානයේ නතර වන්නේ සූර චෞරයා වන ම රා ගේ ඔඩොක්කු කුක්කන් වෙලාය...
වැඩේ ලේසි වෙන එකක් නෑ වගේ පේන්නේ...
Deleteහැබැයි ඇත්තටම විදේශීය කුමන්ත්‍රණයක් උන දවසට තමා මුන්ට තේරෙන්නේ.
ReplyDelete.
අනික් අතර ඉතිං සුද්දෝ අපේ රට අල්ලගන්න හදනවනම් නය ටිකත් ගෙවල ගන්න කියන්න තියෙන්නේ.
මේකට විදෙස් කුමන්ත්‍රණ කරන්න එයි පිස්සෝ.. අහවල් මළදානයක් ගන්නද බං මේකේ...
Deleteඑල ද බ්‍රා නිර්මාන හැකියාව
ReplyDeleteඒ පාර හැමදාම ඒ කොමෙන්ටුව.. කලින් එළද බ්‍රා...
Deleteතව මසක් ඇවෑමෙන්
ReplyDeleteසියල්ලම අමතකය
යලිත් තුන් මසක් කල්
අධිශීතකරණයේ
එතැන් සිට යලිත් ගෙන
මිදුන් ලේ හිම කැටිති
ලෙව කකා හඬනගයි
රිලවුන් සමග බල්ලන්
කොර...
Deleteමට මේ ඔලුවට ආපු අදහසක් ගැන අහන්නයි ලියන්නේ
ReplyDeleteයම් රටක ඒකාධිපතියෙක් බලය අල්ලන් ඉන්නවා කියා හිතන්න
ඒ රටේ මිනිස්සු ඒකාධිපතිවාදයට විරුද්ධයි එම නිසා ඒකාධි පතියා ඒකාධිපතියෙක් නිසාම අපරාධ කාරයෙක් හැටියට සලකා ඹහු හොඳක් කරත් නරකක් කලත් ඔහුව විවේචනය කරනවා මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒකාධිපතියා වඩ වඩා නපුරු වෙනවා එවිට ජනතාව ඔහුව වඩ වඩාත් දරුණු අපරාධ කාරයෙක් ලෙස හංවඩු ගහනවා. මෙම විශම චක්‍රය අවසානයේ බිහිසුනු ලේවැගිරීමක් වී ඒකාධිපතියා පරරාජය ලබනා
තව සැරයක් බලයට ආවොත් ඒක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා...
Deleteසීරියස්ලි ,...ඔය විදුලි පුටු කතාව ආවෙ කොහොමද? හේග් තියන යුරෝපා සංගමයේ මරණ දඬුවම නෑ. ඇමරිකාවෙ ප්‍රාන්ත කිහිපයක තමයි විදුලි පුටුව තියෙන්නෙ. ඇයි අපිට පුරුදු එල්ලුම් ගහ වගේ එකක් නැතුව විදුලි පුටුව ගැනම කියන්නෙ? ඇමරිකාවිරෝධී සටන් පාඨයක්ද ?
ReplyDeleteහිරේ දානවා කිව්වම කිසි ගතියක් නැනේ. ඒ වගේද විදුලි පුටුවේ ඉන්දනවා කිව්වම ඇඟේ මයිල් කෙලින් වෙනවනේ.
Delete@මම දසයා.......හෙහ්....හෙහ්......සුපිරි කියමන....
Deleteඔය දසයා දීලා තියෙන්නේ උත්තරේ...
Delete8 වෙනිද පැරදුනොත් විදුලි පුටුව කෙසේවෙතත් ලොක්ක සුමනදාස ගොයියව මරල හිරේට යයිද දන්නෙ නෑ.
ReplyDeleteජෝතිෂ්‍ය ෙබාරුකළ දෙෙවඥයා.
Delete++++++++++++++++++++++++++++++++++++++++
Deleteපට්ට කතාව ඕයි...!
Deleteඒක නම් අනිවාර්යයි...
Deleteලොක්කයි මල්ලියි දෙන්න කතා කරද්දී හඩින් & මුහුණෙන් පේනව වෙනස......
ReplyDeleteසිරා කියන සමහර ගොන් කතා අහද්දී .....අර SF අවසාන කාලයෙ කියපු ගොන් කතාද කියල ......
පුළුවන් තරම් කියවෙන්න ඕන ජනතාවට ලැබෙන වෙනස..........එයා ට බලය ලැබුන විට...
සිරාට සප් එක මදි මචෝ..
Deleteසිරා ට සැහෙන චැලේන්ජ් එකක් දෙන්න පුළුවන්. නමුත් අන්තිමට .................
Deleteසිරා කතාව..
ReplyDeleteසිරා කියන ඒවා තමයි රූපේ..
Deleteඅපි සැට් එකම පෝලිං කරල 12 බැරල් එකක් ඇරං බස බස ගාල තියාගෙන යංද
ReplyDeleteඉවරයක්නෙව ඔක්කම
පිස්සුද මචෝ.. ඕවා උඩ ඉන්න අය බලනවා...
Deleteඔන්න අද මෙෙත්‍රීපාල මහත්තයෙ ප්‍රතිපත්‍ය ඒළිදක්වනවිට විහාරමහාදේවි උද්‍යානයේ ලයිට් කපලා.
ReplyDeleteනිදහස් සාමකාමි මැතිවරණය.. මෙහෙම ගියොත් මෛත්‍රීට මීටීන් තියන්න වෙන්නේ ඡන්ද කොමසාරිස්ගේ කාර්යාලේ ඇතුලේ..
Deleteකාරණේ කෙටියෙන් කියලා...
ReplyDeleteඉතා කෙටියෙන්...
Deleteකටු කන බල්ලන්ට දඩාවතේ යන්න ඉඩ දීලා තියෙන්නේ කටු කන බල්ලන්ට කලගුණ සැලකීමක් විදියට වෙන්න පුළුවන්.
ReplyDeleteනැතිව බල්ලෝ ඇති කරන්නේ පූට්ටූ දාන්නය බං...
Deleteකොහොමත් මං ජනාධිපති වෙනකං මේ රට මෙහෙමමයි , ඕ යේස්
ReplyDeleteබ්ලොග් ජාතික පෙරමුණෙන් ඉල්ලලද?
Deleteමං ඊට කලිං පත් වෙලා විධායක මලහත්ඉලව්ව අහෝසි කරලා යහපාලනේ ගොඩ නගලා ,භෞමික මොකද්දෝ එකත් හදලා.. ද ජා නි,සු ජා නි, ද දේ නි,සේරටමත් මෙව්වා කරලා:D ,අදිකරනය ස්වාධින කරලා දෙන්නං ඉෂ්ම යන්ඩ.. තව ඩිංගක් ඉවසහං..
Deleteඅනේ මටත් ජනාධිපති උපසේන කමක් හරි දියන් අමතක නොකර, පවුලෙ උන්ට සැලකුවයින් පස්සේ
Delete