.

.

Dec 4, 2014

මෛත්‍රී පැරදුනොත්....? - Plan B



සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ අගමැති කම් බලාපොරොත්තු වෙන එකේ වරදකුත් නෑ.

මේ වගේ ශ්‍රේෂ්ඨ ජනාධිපති කෙනෙක් ළොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ හිටං, කියලා තමයි ඒ කාළේ නම් කිව්වේ. ඕන් අර මංගලලා, විජේදාසලා, අඩුගානේ හේමකුමාරයා පැන්න කාළෙවත් පැන්නා නම්, මේ බෲටස් කතා, පවාදීම් කතා, ආප්ප කාපු කතා, අනම් මනම් අහන්න වෙන්නෙත් නෑ. හරි ඒවා අමතක කරමුකෝ. උන්නැහේ දැන් ලංකාවේ මහ රජ්ජුරුවොත් එක්ක ගේමක් ඉල්ලලා තියෙන්නේ. දොරටුපාලලා රජ උන රටේ, අංග ආරාක්ෂා කමට හිටපු එකා, මහ ඇමති උන රටේ, ත්‍රී වීල් පොරක් මහ කොළඹ නගරාධිපති උන රටේ, එහෙම නොවෙන්න බැරි කමකුත් නෑ.

හදිසියේ හරි පැරදුනොත් මොකෑ වෙන්නේ. ඒ කියන්නේ ප්ලෑන් "බී". ඒක තමයි කඳුරුවෙල බස් ඉස්ටෑන්ඩ් එකේ විරිඳු කියන එක. පොළොන්නරුව කියලා කිව්වට, පොළොන්නරුවේ බස් ඉස්ටෑන්ඩ් එක තියෙන්නේ කඳුරුවෙල. හරියට "ස්ලේව් අයිලන්ඩ්" තියෙන්නේ අයිලන්ඩ් එකක නොවෙයි වගේ.  ඉතින්, එහෙම කියන්න, විරිඳු සුරල් ටිකක් ලියලා දෙන්න ඕන කියලා, මාතලන් හිතුවා. කලින් ලියපු සැට් එකකුත් තියෙනවා, ඒක ඕන නම්, මෙතනින් බලන්න පුළුවන්.

- oOo -

මෙතේ බුදුන් නොවේ ඔන්න, වැන්දා සිදුහත් බුදුන්ට
පුතා දහම් නොවේ බොලන්, අප මුනිදුගේ සද්ධර්මෙට
වැඳ අවසර ගෙන නමදිමි, මා සුන් කල හොර සඟුන්ට
කියනවා මම විරිඳු සුරල්, කීයක් හරි පිනට දෙන්ට

වැඩි වැඩියෙන් ලැබෙයි ඔන්ට ... //

කරපු කිසිම ලබ්බක් නෑ, විසි අවුරුදු පාලනේම
මොරගහකන්දත් ගත්තා, පටන් ගත්ත පහුව දාම
අපි නොදන්න චැස් කිව්වලු, සවුක්ක නම් මලදානම
කට්ටක් නම් කාලා නෑ, ඒ වගේ මුලු ජීවිතේම

අම්මපා මුලු සං සාරෙම ... //

බේත් නැතේ රෝහල්වල, ලෙඩ්ඩු යන්නෙ ෆාමසියට
දුම් අස්සෙන් ඇවිත් විදී, ඩෙංගු මදුරුවා පස්සට
සිකරට් බොන එක හොඳ නෑ, කැන්සර් හැදෙනවා ඔන්ට
අවුසද පනතක් ගෙනාපී, ඒක දමපි කුණු කූඩෙට

කොපිවත් නෑ හොයා ගන්ට ... //

නින්ද යන්නේ නැතේ පුතේ, හීනත් නෑ රෑ ජාමෙට
මොකද තාත්තේ කරන්නේ, අපි ටික දැන් මේ කරුමෙට
බම්බු ගහන්නයි වෙන්නේ, මෙහෙම ගියොත් නම් ටක්කෙට
අගමැති කම වත් ගත්තොත්, අපටත් හොඳ කලක් යන්ට

පොළොන්නරුවේ රේස් යන්ට ... //

එහෙම හිතං හිටං උන්නා, කට ඇරගෙන ඒ පුටුවට
බැහලා යන පාටක් නෑ, කෙල පෙර පෙර ලේන්සුවට
නාකි යකා මැරෙන්නේ නෑ, බලපන් බං අපෙ කරුමෙට
පුරුදු උනා දෙන දේ කා, වෙන දේ ගැන බලන් ඉන්ට

බකං නිලා ගෙනම ඉන්ට ... //

ඔහොම ඉන්න අතරෙ රතනෙ, පිවිතුරු හොඳ හෙටක් අරන්
යනවා හැම තැන බෙදමින්, ගෙනාපි මා ළඟට හිටං
සිගනල් එනවා දැන් දැන්, දිරාපු චන් ද්‍රිකා වලින්
පුකක් කියලා මම, බහිනවා මේ මළ කරුමෙන්

ඉඩී අමින් පාළනයෙන් ... //

කාලා රජතුමා එක්ක, එතුමා දෙන රස ආප්පේ
පැන්නා බං සරම කරේ, අරලිය ගහ උස තාප්පේ
වහන්න ඕනා සාටක, ගාලා උඩින් අපෙ පාප්පේ
ඩඩ්ලි එක්ක වරෙන් අපේ, කුඹුරු කොටන ලොකු බාප්පේ

නැතිනම් තොපිලටත් හුප්පෙ ... //

ගෙම්බෝ ඇහිඳුවා ලාහෙට, හිතපු තරම් ලේසි නැතේ
සැටලයිට් මැද්දට පැනලා, ගම කෑවා හතර අතේ
ඩොලර් නැතේ පවුම් නැතේ, බැනරුත් කට වුට්ද නැතේ
එහෙම කරලා ගේම දෙන්නේ, කොහොමෙයි මට කියන් පුතේ

වැනුනා මම හතර අතේ ... //
 
එනවා කිව්වට ටොයියෝ, පන හක් රජ මාලියගෙන්
කබ්බෝ ටිකක් නම් පැන්නා, ඒකත් හරි අමාරුවෙන්
මැලේ පිකල් හොඳයි මලේ, පිස්සු හැදෙන සං ධානෙන්
රනිල් කියයි මම අගමැති, නැත්නම් නෑ ෂපොට් ඉතින්

පිස්සු ඩබල් බම්ප් ඉතින් ... //

විවාදෙකට ගියත් අනේ, කතා දෙකක් මුන් කිව්වා
ආන්ඩුවෙන් කින්ඩි දාලා, උන් ටික කෙරුවනෙ බව්වා
ආඬි හත හොඳයි උන් තව, අත මිට මෙලවා පොව්වා
කාටත් හොඳ පාඩම් බොල, ඉගෙන ගනිව් තොපි මෙව්වා

සිලබස් වල නෑ මෙව්වා ... //

ෆොන්සේකා කාපු කට්ට, කන්න උනා නේද මටත්
අවේ හිර ගෙදර ඉඳලා, වසර දෙයි මාස හතත්
ඉල්ලන් කන ගේම්  වලට, යන්න එපා ඔහේ හෙටත්
තියෙනවා නම් දීලා යන්න, කීයක් හරි අතේ ඇතොත්

නොවන් මෙහෙම කරුම තවත් ... //

-x-

97 comments:

  1. හ්ම්ම්ම්.. සම්පූර්ණ ඇත්ත... ඒත් ඉතින් මෛත්‍රී කියල වෙන මොනව කරන්නද....?

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට විරිඳු කියන්නවත් පුළුවන් උනේ...

      Delete
    2. මේ යනවිදිහට සුද්දොත් එන එක නවති , එහෙම උනහම උඹට නං කෙලවෙන්නේ නැ , විරුදුවක් කියල කීයක්හරි හොයාගත්ත හැකි

      Delete
    3. ඔය මක්කා හරි කොරන්න බැරිය බං..

      Delete
  2. පට්ට ලොක්කා.

    හැබැයි ඔන්න අද කෙන්ජි ජීටයි අරූ මූටයි කේන්ති ගිහින් මාතලං ජීගේ ඇට තලන්න හදයි.
    රාජ් අහයි ඇයි මෙහෙම කරන්නේ කියලත්

    ReplyDelete
    Replies
    1. රාජ් නම් ඊයෙත් ඌගේ එකේ දාපු කොමෙන්ට් එකට කලබල වෙලා තිබුනා..

      Delete
    2. ////////අරූ මූටයි කේන්ති ගිහින්/////////
      පිස්සුද ඇනෝ.....කේන්ති නෙමේ අපි මෛත්‍රී කරන්නේ.

      Delete
  3. ඔය මයිති වගේ කන්න දුන්න අත හපා කන එවුන්ට පුලුවන්ද ජනාධිපතිතුමා පරද්දන්න? ගිය පාර පොන්සේකාට උන දේ තමයි මෙදා පොටේ මයිත්‍රියට වෙන්නේ.

    අතිගරු ජනාධිපතිතුමා මේ විදියට අධිවේගී මාර්ග,ගුවන්තොටුපල, වරාය හදමින් යෝධ සංවර්ධනයක් ඉටුකරමින් යන මොහොතේ කොටි ඒජන්තයන්ට චන්දෙ දීලා දිනාගත්තු ජයග්‍රහණ ආපස්සට ගෙනියන්න අපි ඉඩ තියන්නේ නෑ.

    මේ පාර මයිත්‍රීට වඩා ජන්ද ලක්ෂ 10 කටටත් වඩා අරන් තමයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් ජයග්‍රහණය විජයක්ග්‍රහණයක් වෙන්නේ. කොටින්ම කිවොත් පොළොන්නරුවවත් මයිත්‍රී පරදිනවා.

    අපි සැමදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ නෑ පොළොන්නරුව නම් දිනයි කියලා. ඩඩ්ලිලා නිසා. හදිසියේ වත් දින්නොත් නම් කියන්න තියෙන්නේ එහේ ඉන්නේ බත් කන හරක් කියලා.

      හැබයි කව්ද බං ඔය කොටි ඒජන්තයලා. නම් වශයෙන් කියන්න බැරිද?

      Delete
    2. පාකියසූර්ති සරවනමුත්තු, JC වැලිඅමුණ, සුනන්ද දෙශප්‍රිය, සන්දරුවන් සෙනාධීර. කොටි එජන්තයො කෙසෙ වෙතත් මෙ කට්ටිය බෙදුම්වාදී ඒජන්තයො. රතන හාමුදුරුවොලා ෆොම් වෙලා නැටුවට මයිත්‍රී දිනලා චන්ද්‍රිකා, රනිල් ආයෙත් බලයට ආවොත් බල්ටි ගහන්නෙ ඔය බෙදුම්වාදී ඒජන්තයො. ඒකවත් නොතෙරෙන තරමට චම්පික බොලදයි කියලා හිතෙද්දී හරි පුදුමයි.

      Delete
    3. එයාල කොටි නෙමෙයි, එයාලට කියන්නේ මානව හිමිකම් ක්‍රියාකාරින් කියලා. ඉස්සර ලොක්කගෙ හොඳම යාළුවෝ. ලොක්කා මානව හිමිකම් යන කාළේ. අනික ඉතින් කොටි නම් අල්ලලා හිරේ දාන්න ඕන. නැත්නම් ළඟට අරන් කිරි පොවන්න ඕන. ඕවට කියන්නේ ඇමරිකන් බයිලා කියලා.

      Delete
    4. ලිබරල්....ඔය කියන එවුන් කොටි. කේපී සහ නඩය මානව හිමිකම් ක්‍රියාකාරීන්. කාලෙන් කාලෙට තාලෙන් තාලෙට කියන්නේ මේවාට තමයි. හෙට නාමල් බේබි මෛත්‍රී කරන්න ගත්තොත් අම්මපා මුන් ඒ අතදරුවටත් කොටි පැටියා කියනවා. ශිරන්ති නෝනා කොටි ධේනුව වෙනවා.

      Delete
  4. මරු බං.. අර ප්‍රරස්න කතා කරපු වෙලාවේ ලොක්කගේ මල් ආරාමේ උපන්දින දානේ කරඩුව ගෙනිච්ච එක නැති එකත් හරි අඩුවක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ අපේ හාමිනේටත් මල මෛත්‍රී එක්ක. කලින් දවසේ ආප්ප කාලා ගියා කියලා.

      Delete
  5. බය හිතෙන කතා කියන්න එපා අප්පා.

    ReplyDelete
    Replies
    1. ඕන දේක ප්ලෑන් බී එකක් තියෙන්නම ඕනා..

      Delete
    2. මම විහිලුවට කීවෙ. සහතික ඇත්ත. නැතිනම් ෆොන්සේකා දෙවන කොටස දැන් පෙන්වනවා කියල තමා කියන්න වෙන්නෙ.

      Delete
  6. රජෙකු වුණත් ගිලන් වෙලා 
    එක්තැන් වුණ දා.....
    කියනවාට සැකයක් නෑ 
    නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා 

    ඉසුරු සමඟ හාද වෙලා 
    නොසතුට ආ දා.....
    දැනෙනවාට සැකයක් නෑ 
    සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා 

    බැරිවුණදා නෑදෑයන් 
    අතහැර ගිය දා....
    හිතෙනවාට සැකයක් නෑ 
    විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා 

    ගී පද - මහින්ද චන්ද්‍රසේකර 
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. විශ්වාසය පරම ධනය වේ කියලා කතාවක් තියෙනවා නේද...?

      Delete
  7. මහින්ද මාමට 60% .... හිකිස්

    ReplyDelete
  8. මෛත්‍රී නම් කදුරුවෙල බස්ටෑන් එකේ විරිඳුවත් කියලා හරි ජීවත් වෙයි....
    ඕකේ අනිත් පැත්ත කොහොමට හිටීවිද මාතේ...!
    හිතනකොටත් නිකන් .....අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. //ඕකේ අනිත් පැත්ත කොහොමට හිටීවිද මාතේ//

      ඇත්තට මොනා වේවිද?

      Delete
    2. නිකන් ඉන්ගිරිස් හොරර් මූවී එකක් වගේ වෙයි. බලන්නත් බයයි අප්පා..

      Delete
    3. //ඕකේ අනිත් පැත්ත කොහොමට හිටීවිද මාතේ//

      හමුදාව පාරට බැහැලා 'ඔපරේෂන් අපේ රජා' කියලා එකක් පටන් ගනියි :D

      Delete
  9. 18 වෙනි සංශෝධනය ගෙනාවෙ නැත්නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට 3 සැරයක් ඉල්ලන්න පුලුවන් කමක් නොතිබුනානම් සංධානෙන් කවුරු එයි කියල ද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. බැසිල් රාජපක්ෂ, ප්ලෑන් බී, නාමල් රාජපක්ෂ

      Delete
    2. මෛත්‍රීපාල දිනුවත් පැරදුනත් දොරටුපාලයෙක්ට නැති අයිතියක් නම් මෛත්‍රීපාලට තියෙනව කියල තමයි මටනම් හිතෙන්නේ. සරත් ෆොන්සේක එදා දේශපාලනේට ආවේ අහසින් පාත් වෙලා වගේ. එත් අවුරුදු 47 ක් පක්ෂෙත් එක්ක ඉදල තමන්ට ලැබෙන්න ඕන අපේක්ෂකත්වය ආයිත් කවදාවත් ලැබෙන්නේ නෑ කියල තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සය පැත්ත මාරු කරල හරි එන්න කල්පනා කරන්න ඇති. නිකම් හිටියනම් මොකවත්ම නැතුව ඉදල දේශපාලනෙන් යනවට වඩා පොඩි ට්රයි එකක් දීල බලන්න හිතන්න ඇති.

      Delete
    3. මොනව වුනත් විරිඳුව නම් නියමයි කියල කියන්නම වෙනවා :D

      Delete
  10. රාජිතය නැවු ගිලලා අතුරුපසට ගත්තෙ මාව...
    අහු උනොතින් මාගෙන් නැහැ දත් දොස්තරයට සමාව...

    PRRA එක හීනෙන් පෙනේය
    රෑටත් යයි බඩේ එලිය...//

    ReplyDelete
  11. විරිදු ටික නං පට්ටය
    මොනා වෙයිද දන්නේ නං නැත
    හැබැයි චන්දෙ නෑවොත් නං මයි ති අංකල්ට වෙන්නේ පොන් සෝ කා අය්යාට වුණ දේට එහා දෙයක් යැයි හිතෙයි
    අහෝ අහිංසක මයිතී

    ReplyDelete
    Replies
    1. හපොයි හිතා ගන්නත් අමාරු ඛේදවාචකයක්... ලොක්කා මලේ හොඳම එකෙන් ඉන්නේ.. බෝලේ අතේ, මල ඔළුවේ....

      Delete
  12. රජා දින්නොත් මයිත්‍රීට කෙසේ වෙතත් රටට නං සෙතක් වෙන්නේ නෑ.මහින්ද පරද්දන්ඩ බෑ කියන මතය තහවුරු උනොත් මහින්දයා පිස්සු නටන්ඩ ගනියි දැනටත් වඩා.එහෙම උනොත් අපිට නිදහසේ විරිඳුවක්වත් කියන්ඩ තැනක් ඉතුරු වෙන එකක් නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය නිදහස කියන එක නැත්තටම නැති වෙයි, රට හැදෙයි, හැබයි ආර්ථිකය බල්ලට යයි, ජීවන් වියදම උහුලන්න බැරි වෙයි. එයාලගේ ආර්ථික දැක්ම අන්තිමයි.

      Delete
  13. කවදා පායද්ද අප දිනිසුරාණෝ
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ
    සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණ්Oඑ

    කවදා පායත්ද අප පුන් සඳාණෝ
    පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ
    නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
    මුසා බසින් අප නොපෙළන රජාණෝ....

    කවදා එත්ද අපගේ එක් වෙතාණෝ
    ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ
    අප සමබිමක රඳවන සොහොයුරාණෝ..
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රසිද්ධ ගීයක් නේද?

      Delete
  14. ඡන්දෙ වගේ දේකදි ප්ලෑන් බී එකක් තිබ්බට කමක් නෑ.අපේ බ්ලොග්වලත් බැකප් එකක් තියාගන්නවා නං වඩා හොඳයි අපි තියාගත්තෙ නැතුවට.දන්නෙම නැතුව ඔක්කොම ටික හෝස් ගාල ගියදාක හුප්පෙ තමයි.ඇඬුවට වැඩක් වේවියැ.
    සුපිරි විරිදු සැට් එක මචෝ.කෙළ පෙර පෙරා කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ගන්න වෙනවා. කමින් කලර් ඉස් නොට් ගුඩ් ඇට් ඕල්...

      Delete
  15. ලොක්කා විරිදු සුරල් නම් ඉස්තරම්.

    මම හිතන් ඉන්නේ ගිහින් ඔය අරලිය ගහ මන්දිරේ ඉස්සරහ හිටන් ඉන්න නේවි කාරයට කියන්න ."මල්ලි ප්ලෙන් ආප්ප විස්සයි බිත්තර ආප්ප තුනයි ටක් ගාලා දෙන්න ටේක් අ වේ.. ලුනුමිරිස් දෙනවනේ...?" කියලා..ඌට හෙල්ලෙන්න තහනම් නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ආප්පයක් පින්තූරෙක දැක්කත් ලොක්කට මල ලූ... මන්දිරේ ආප්ප බාස් එලවලා..

      Delete
    2. මාතලන් දැන් අප්ප බාස් වෙනුවට කොත්තු බාස් කෙනක් හොයනවා
      සමන්

      Delete
    3. ජැකලින්ට කඩේ වහන්න වෙයිද මාතා....

      Delete
    4. මහින්ද සමරසිංහ කිව්වේ, ලොක්කා කිව්වය කියලා, ආයේ ආප්ප නම් ඉල්ලන්න එපාය කියලා...

      Delete
  16. Replies
    1. ඒකට ප්‍රශ්ණ පත්තරයක් හදනවා මේ දවස් වල. දැන්මම දාන්න කල් වැඩියි..

      Delete
  17. අම්මප කටේ මසුරන් දාන්න වටින විරිදුව. ඔය ලාහට එකතුකරපු ගෙම්බෝ ටික හරි විදිහකට එක කතාවක් කියන්න හදාගත්තෙ නැත්නම් මෙත්‍රීට විරිදු කෙසේවෙතත් හිර බතේ රහබලන්න පුළුවන්. ඊයේ රතන හාමුදුරුවොයි විජේදාසයි බලයට ඇවිල්ල කිව්වෙම එකකට එකක් ගැලපෙන්නෙ නැති කතා. අන්න දැන් නයිටීඑන් එකේ ප්‍රවෘත්ති වල පරස්පර කතා කියල සේග්මන්ට් එකකුත් යනවා.

    ReplyDelete
    Replies
    1. //නයිටීඑන් එකේ ප්‍රවෘත්ති බලන ජන්ද ගැන නම් බලාපොරොත්තු තියා ගන්න ඕනේ නැහැ.
      දැන් ගොඩක් අය හොයන්නේ මේ එකතුවෙලා ඉන්න කට්ටියගේ ගැලපෙන්නේ නැති මතවාද.ඒ ගැන නම් එච්චර කලබල වෙන්න ඕනේ නැහැ.මොකද එහෙනම් සන්ධානේ ඇතුලේ ඔය ඔක්කොම අය එකට අවුරුදු ගාණක් පවුල් කෑවේ.මේ මැතිවරණයේ මුලික අරමුණ වෙන්න ඕනේ මහින්දගේ ඒකාධිපතිත්වය පරදවා රටේ යහපාලනය ස්ථාපිත කිරීම නම් මේ දේවල් ඒ තරම් ගණන් නොගත යුතු දේවල් කියලායි මගේ හැඟීම.

      Delete
    2. මනෝජ් ප්‍රශ්නේ තියෙන්නේ මේ කට්ටිය එකතුවෙලා ඉන්න ප්‍රධානම කාරනාව වන විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ගැනත් කට්ටිය විවිධාකාර කතානෙ කියන්නෙ. ඇතුලෙ මොන වෙනස්කම් තිබුනත් එලියට කියන්න කට්ටිය එක දෙයක් හදාගන්න ඕන. ආණ්ඩුවේ ග්‍රහයෝ ටික ඔක්කොම කැරකෙන්නේ රාජපක්ෂ තාරකාව වටෙනේ. ඒ නිසා කොච්චර වෙනස් මතවාද තිබුනත් ආණ්ඩුවේ මතේ රාජපක්ෂගේ මතේ කියල මිනිස්සු දන්නවා.

      Delete
    3. මනොජ් වගෙ පැල් බැදගෙන කඩෙ යන මිනිස්සුන්ගෙ චන්දෙන් විතරක් ආණ්ඩු හදන්න බෑ. මෙ රටෙ පා වෙන චන්ද දායකයොන්ට ඔනෙ මහින්ද පුලුවන් විදියකට එලවලා ඊට පස්සෙ වෙන දෙ ඒ වෙලාවට බලාගන්න නෙවෙ. මහින්ද එලවනවනම් ඊට වඩා හොද වැඩපිලිවලක් තියෙන ආණ්ඩුවක් ගෙන්න. දැනටනම් පෙනෙන්නෙ පොදු විපක්ශෙ කියන්නෙ පොදු සතුරට මුහුන දෙන්න හදාගත්තු කිසි වැඩපිලිවලක් නැති භායනක එකතුමුතුවක් විතරයි කියලයි.

      Delete
    4. ඊයේ ඒ සංවාදේ බලලා තමයි මේක ලිව්වේ. ලිව්වේ නෑ ලිය උනා. නීතිය ගැන ඩබල් ආචාර්ය පට්ටම් තිබුනට, කෙහෙළිය ගාව විජේදාස රාජපක්ෂ බල්ලා උනා. කට උත්තර නැති උනා. කෙහෙලිය ලෝයර් කෙනෙක් වෙන්න තිබුනේ. රෙජිනෝල්ඩ් නම් බයිලා ගැහුවේ.

      Delete
    5. මාතෙ මම හිතන්නෙ විජේදාස ඕනෑවට වැඩ ඩීසන්ට් කියල පෙන්නන්න හැදුවද කොහෙද. කෙහෙළිය ගහගෙන ගහගෙන යද්දි තප්පර ඉල්ලන්නේ නැතුව කියන්න කියන දේ කෑගහල හරි කියන්න තිබුනෙ. ඔහොම පුළුවන්ද දේශපාලනේ කරන්න. අනික මුන් ටිකට එකට සෙට් වෙලා එක කතාවක් හදාගන්න බැරිද. පස්සේ ක්‍රියාත්මක කරද්දි බැරියැ කරන දෙයක් කරන්න. රෙජිනෝල්ඩ් නම් කතාකරේ පනින්න ඕනෙනම් පනින්න ඉඩ තියාගෙන.

      Delete
    6. දසයෝ.....මම මෑතකදි දැකපු හොඳ දේශපාලන සංවාදයක් තමයි ඊයේ බලය වැඩ සටහන. ගිරි පුප්පගෙන, වාචාල කතා කියාගෙන, ප්‍රතිවාදියාට ඉඩක් නොදී පවිත්‍රාවක් වෙන එක නම් දේශපාලනය කියන්නේ...දසයාගේ කතාව හරි. අපි විරුද්ධ වෙන්න ඕන කෙහෙලියටවත්, විජේදාසටවත් නෙමේ ,මේ දේශපාලන සංස්කෘතියටයි. මේ කතා අහලා චූන් වෙනවාට වඩා මැණ ගන්න පුළුවන්, ඒ ඒ අයගේ හැදියාව. මේ හැදියාව නැති තැන, වෙන මොනවා තිබුනත් වැඩක් තියෙයිද. අපි අඩියක් ගහගෙන දොඩවනවා වගේ නෙමේනේ ප්‍රසිද්ධ සංවාද.

      Delete
    7. විවිධ කොටස් එක අරමුණක් ඇතුලේ එකට එකතු වුණාම වුනත් විවිධ මතවාද තියෙනවා,එත් ඒවා එලියට දානකොට එකක් විදියට දාන එක තමයි හොඳ කියන එක ගැන විවාදයක් නැහැ.පාවෙන ජන්ද දායකයින්ට තමයි මැතිවරණයේ ලොකුම බලපෑම කරන්න පුළුවන්.ඒ පාවෙන ජන්දදායකයින් බහුතරය විපක්ෂය වෙත දිනාගතහොත් මැතිවරණයේ ජය විපක්‍ෂයටයි.

      Delete
  18. ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමිගේ ජුන්ඩා කපපු හෝ කපා ගත්ත සාපය තමයි මේ රටට පඩිසන් දෙන්න යන්නේ. ගැලවුමක් නැත !

    ReplyDelete
    Replies
    1. මොකා කලත් ඒවා සහගහන අපරාධ. මේ රටේ විරුද්ධ මතයකටත් ඉඩ තියෙන්න ඕන. අන්තීමට ඇතුලටත් දැම්මා නේ..

      Delete
  19. හැම දේකදිම ප්ලෑන් බී එකක් ගැන හිතන එක ඇඟට ගුණයි.
    ෆොන්සේකා නොකලෙත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. කෝකටත් හයි ඉස්පීඩ් බෝට්ටුවල ඉඳගෙන ප්‍රතිඵල අහන එක හොඳයි දෙන්නටම...

      Delete
  20. මට හිතෙන්නේ උඹ කවි සින්දු ලියනවට වඩා විරිඳු ලියන පැත්තට වඩා දක්ෂ බවයි...
    මේ යන විදිහට බොහෝ දුරට සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ මේ වගේම සිද්ධියක් තමයි... හැක්

    ලොක්ක ගෙදර ගියොත් මොකද වෙන්නේ කියන එක ගැනත් විරිඳු ටිකක් ලියමුද...

    ReplyDelete
    Replies
    1. මාතලන් වුනත් ජීවිතේට බයය්. ලොක්ක අනිවා දිනනවා කියල ඌ දන්නවා. උඹ හදන්නේ ඉදල හිටලා ඇවිල්ලා යන බ්ලෝග් එකත් නැති කරන්නද ?

      Delete
    2. මාතලන් නාකියෝ, උබෙත් සමජවදේ රෙද්ද පල්ලෙන් බෙරුනට හොර්න්වත් කඩේ යන වැඩක් නොකලොත් නින්ද යන්නේ නෑ නේද ? නොදකින් පෙරතය. තොත් අර කෙළතොළු අජුත පැරාට වැඩිය ලොකු වෙනසක් නෑ.

      Delete
    3. මම තාමත් ආසයි ෂොට් එකක් දාලා, ගෝලිප් එකක් ගහලා, බත් ඩිංගක් කාලා පවුලේ උන් එක්ක ආතල් එකේ ඉන්න.

      මාතලන් සමාජවාදේ කියපු එකා මාතලන් කියවන්නේ අද වෙන්න ඇති.

      Delete
    4. ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකෝෂයෙන් වත් කියවල බලපන් දේශපාලනික වාද ගැන. පෙන්ෂන් යන වයසට අවම නාකින්ට ඔහොම වෙනවා. අර මල් ගහලා මාමට සින්දු ලියන දෙනවා වගේ.

      Delete
    5. ඒක කියවන්න මම ඉන්ගිරිස් දන්න එකක්ය බං

      Delete
  21. මාතලන් අයියෙ උඹ විරිදුම ලියපන්.... මේක පට්ට පට පට....

    හැබැයි පුතෝ මෙච්චර දවසක් උඹව උඩ දාපු උන් පැල් බැඳගෙන බනින්න නම් ඉඩ තියෙනව.....

    -සාතන් (එකවුන්ට් එකට ලොග් වෙන්න කම්මැලී බන් අයියෙ... -

    ReplyDelete
    Replies
    1. කලක් බ්ලොග් පවා ලියූ මොහු බුකිය තුල සිය දිවි නසා ගත්තේය.

      Delete
    2. බුකිය නිසා නෙමෙයි බන් අයියෙ... ලියන්න දේවල් ඔලුවට ආවට පස්සෙ හිතෙනව ඊට වඩා ඒ වෙලාව ටිකක් නිදහසේ ඉන්න එක වටිනව කියල...

      Delete
  22. ඒ වගේ දෙයක් සිද්ධවුනොත් හිටන්....විපක්සෙම හුටං...අපිත් මේ ව‍ගේ සින්දුවක් කියමු හිටන්........... මෙතේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ ....පද වැල්-අනිල්ල පරාක්‍රමසිංහ තනුව-හෙන්ද්‍රිකා හමාරණතුංග ගායනය-විපක්ස ඡන්ද දායකයින්

    ReplyDelete
    Replies
    1. හොඳයි, හැබයි එක ගොඩේ ලියලා.. කවි, සින්දු ලියන්නේ මෙහෙම නෙමෙයි..

      Delete
  23. මාතා කවි ටික නම් අපුරුයි. හැබැයි මේ ස්ලේව් අයිලන්ඩ් එක අයිලන්ඩ් එකක් නෙමේ කියන කතාවට මල පැන්නා. අපිත් ස්ලේව් අයිලන්ඩ් එකේ හිටිය කොල්ලෝ හරිද? හරියට හොයල බලපන්. වටවෙලා තමයි තියෙන්නේ බේරේ වැවෙන් ඒක අයිලන්ඩ් එකක්. යකෝ අවුරුදු 9ක් ජිවත් වෙලා හිටි තැන. පුරුතුගිසි ලන්දේසි පොරවල් ස්ලේව් කස්ටිය තියා ගෙන හිටි තැන. CEB එක ගාව එක පාලමක් ඊට පස්සේ වටේ ගිහින් අනිත් පැත්තෙන් හුණුපිටිය ගංගාරාමය පැත්තේ අනිත් ලේක් එකට සෙට් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මම අහල තියෙනවා. කාපිරි සෝල්ජර්ස්ලාලු වැඩි පුර දාලා උන්නේ.. නලියා දාලා තිබුනේ රීගල් එක ගාව අලියෙක් හිටපු කතාවක්..

      Delete
  24. සකල සිරින් පිරි සිරි ලංකාවේ.. පොළොන්නරුව පැත්තම හොලවා
    සුදු අරලිය මල් හෝටලයට වැද.............. අරලිය හාලේ දන් වළඳා
    සවුක්කියට හා නිදහස් පක්සෙට........... කටින් බතල වැල් දී හිටවා
    පැරදුනොතින් නම් මයි තුන පාලට.... අනේ ඉතින් 'අබ සරණ' තමා

    ReplyDelete
  25. //ඉල්ලන් කන ගේම් වලට, යන්න එපා ඔහේ හෙටත්//

    මෙන්න මේ කතාව නම් මේ ළඟදී ෆොන්සේකා ලොක්ක කිව්වා නේද?
    --------------

    විරිදු ටික ට නම් ඇඩෙනවා බොස්...මල කෙලියයි වෙන්නේ plan B ඇප්ලයි කරන්න වුනොත්.

    අවුරුද්දක් දෙකක් යනකන් අපිට අලුත්කඩේ අර බිල්ඩිම පෙනී පෙනී තියෙයි හැමදාම රෑට නිවුස් වලට..

    මතකනේ කාලයක් ෆොන්සේකා ලොක්කත් එහෙ බඩගෑව...

    එක නෙමයි..

    මරා පැරදුනොත් එයාටත් ජීවිතේ ගැටගහගන්න පාවිච්චි කරන්න පුළුවන් විරිඳු ටිකක් ලිව්වනම් තමයි වටිනාකම...

    ReplyDelete
    Replies
    1. මරා මක්කටෙයි විරිඳු කියන්නේ. පරම්පරා 1000 කට හම්බ කරලා ඉවරයි මගෙ හිතේ..

      Delete
    2. හැබැයි බොස් කෙලවුනොත් ඔය දාහම එක මාසෙන් කම්බස්....

      ------

      එත් ඉතින් සමහර විට එහෙම නොවී මරා ත් මෙත් වඩන්න සැට් වුනොත් ඉතින් අපේ පරම්පරා දාහක්ම කම්බස්...

      Delete
    3. එව්වා කියන්න බෑ... එකෙක්වත් ෂුවර් නෑ...

      Delete
  26. MATHALAN BALA INNE MY3 PARADILA, HIRE YANAKAMDA?

    ReplyDelete
    Replies
    1. මාතෘකාව කියවන්න...

      Delete
    2. මචන් ඇනෝ..

      උඹ එහෙම බලන් හිටියට අපිට කරන්න දෙයක් නැහැ.

      ටයිටල් එක බලල , පොස්ට් එක හරියට කියෝලා වරෙන් කුප්ප කොමෙන්ට් කරන්න දඟලන්නේ නැතිව.

      Delete
  27. හොර රජාට බයයි නේ. කාලකන්නි නාකියා. බය නම් බොරු ලොරි ටෝක් නොදී හැන්ගියන් කකුස්සියේ. නැතිනම් බයේම කක්ක යාවි උබේ කලිසමේ.

    ReplyDelete
    Replies
    1. හා මචං... කොන්දක් කියලා එකක් තියෙනවා නම් නම ගම දාපියකෝ.. පොන්නයෝ වෙලා බෙරිහන් දෙන්නේ.

      Delete
    2. හොරු කොහෙද යකෝ රජාට බය. ඔක්කොම හොරු, කුඩ්ඩො , ගණිකාවෝ, මල් කාරයෝ රජා ගාවනේ.

      හීන දකින්නේ නැතිව ඇහැරිලා බලපන්. කොහෙවත් යන්න කලින් ඔය ගූ , චූ ටික හෝද ගනින්. නැත්නම් අපිටත් මේ පළාතේ වසන්න බැරි වෙනවා.

      වෙලාවක් තිබ්බොත් ඔය මොළෙත් පොඩ්ඩක් පාවිච්චි කොරහන්.

      ඕක වැඩිය පුස් කන්න හොඳ නැහැ.


      Delete
    3. හා මචං... මොළේ නම් හැම තිස්සෙම හෝදනවා පුකේ නේ තියෙන්නේ..

      Delete
  28. බලේ බලේ එතනෝල් දෙයියන්ගේ බලේ

    බොලේ බොලේ මී හරකෙක් ඇඬුවා බොලේ

    චන්දේ ඉල්ලුවොත් ගස් බැඳ ගහන මොලේ

    මොලේ මොලේ පුකටම බැහැලාය මොලේ

    මාතේ උඹේ මීහරක් මොලේ ගැනම ලියල තියෙන අපුරුව බලපන් නාකි බල්ලෝ.

    ReplyDelete
    Replies
    1. @ AnonymousDecember 5, 2014 at 7:35 AM

      පුක ටත් නැති ඉහටත් නැති උඹේ මොලේ..

      ඇහැක් වගේ රැකපන් උඹේ @#$% මොලේ.

      Delete
    2. මගේ මොළේ පුකේ ඇතත් නිති බැබලේ
      පුකේවත් තියෙනවද බලපන් උඹේ මොළේ

      Delete
  29. උඹේ ප්ලෑන් එක නම් බොහෝ දෙනෙකුට ඇප්ලයි කර ගන්න වෙනවා රජා දිනුවොත්. රජා පැරදුනොත් සීෂෙල්ස්වල පදිංචි වෙන්න යනවා කියලා, හඳහන් කාරයෝ කියනවලු. මොකා දිනුවත් ජනතාවට විරුදු ගගහා යමක් හොයාගන්න නොවෙන කාලයක් එනවානම් තමයි වැඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. මම බලාගෙන ඉන්නේ චන්ද්‍රිකා පතුරු ගහන උන්, ලොක්කව පතුරු ගහන්නේ කොහොමද කියලා. විකටර් අයිවන්ගේ අලි බබා සහ හොරු 106 පොත ලියන්නේ කවද්ද කියලා.

      Delete
  30. විරිඳුවක් ලෙසම කියවීගෙන ගියේය.. පට්ටය..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ... තෑන්ක්ස් වෙව්වා....

      Delete
  31. බැරිවෙලා හරි මහින්ද අංකල් පැරදුනොත් මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. පරදිනවා නෙමේ පැරදවිය යුතුයි!!එතනින් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ පළමු පියවරයන් සඳහා හෝ, උකුස්සන් ලෙස පෙළ ගැසිය යුතුයි.

      Delete
  32. දැනට ස්වාධීන සමීක්ෂණයක් අනුව.
    සිංහල බෞද්ධ ඡන්ද 60% සහ අනෙක් ජන ආගමික සහ ජාතිකත්ව පදනම මත 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් මහින්දට හිමිය.
    මේ අනුව සමස්තය ගතහොත් මෛත්‍රී දිනන්න අවස්තාව වැඩිය.
    ලොක්කාගේ වර්තමාන ඉලක්කය වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්ද 65% ක් ගැනීමටයි.
    එසේ උවහොත් මහින්දට දිනිමේ ඉඩ වැඩිය.
    නමුත් එය අසීරු ඉලක්කයකි.
    බලමු, අවසාන අවස්තාවේදී ගසන තුරුම්පු මොනවාද කියා.
    ටික කලකට හෝ හිත හදාගන්න නොවේ මේ කියුවේ. දන්නා තත්ත්වයයි. අපි උත්සාහ කරමු මහින්දව පන්නන්න?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න