.

.

Jan 25, 2015

නිර්මාල්ගේ චුයිං ගම් එක සහ බුලත් විඩ - Fear of Capitalism


මේ ආන්ඩුවට මධ්‍ය ලක්ෂයක් නොමැති බවත්, නමුත්, ලක්ෂ තුනක් වටා කැරකෙන බවත්, ඒ ලක්ෂ තුන කැරකෙන්නේ එකම විදියකට නොවන බවත්, ඒ හේතුවෙන් මේ ආන්ඩුවට වැඩිදුර යා නොහැකි බවත්, තත්වය අති දරුණු බවත්, ජාතික ආන්ඩු ගැන අපේක්ෂාව සිහිනයක් බවත්, ආන්ඩුවේ මධු සමය ඉක්මනින් අවසන් වන බවත්, දින සියයේ වැඩ සටහන චුයිං ගම් එකක් බවත්, එය හපා හපා ඉන්නට නම් හොඳ බවත්, ආන්ඩු පෙරලියකට මූලිකත්වය ගෙන ක්‍රියා කල නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.

මෙය, එජාපය මූලීකත්වයෙන් ගෙන යන තාවකාලික ආන්ඩුව කෙරෙහි, හේතුවක් නොමැතිව, වෛරයකින් පසුවන ජාතිවාදී නඩයේත්, වාමවාදි ප්‍රගතිශීලීන් යැයි කියන සුළුතරයේත්, අමානන්දයට හේතු වී ඇත. නිර්මාල්ට මෙන්ම මෙම පිරිසටද, දින සියයක් වැනි ඉතා සුළු කාළය වත් ඉවසීමෙන් බලා ගෙන සිටීම, බොහෝ වේදනාකාරි, මානසික පීඩාවක් බවට පත්ව ඇත. ඔවුනගේ එකම බලාපොරොත්තුව, දින සියයක් ගතවීමටත් පෙරම, නැවතත් මේ රට, මදාවී පාතාල මංකොල්ලකරුවන් අතට පත්වීමය.

නිර්මාල් මෙසේ පැවසීම අපට නම් පුදුම උපදවන කරුණක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහා ඉහළින් හර බර දෙසුම් පවත්වන නිර්මාල්ලා බලාපොරොත්තු වූයේ නියම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. පැහැදිලිවම පෙනෙන කරුණ නම්, ඔවුන් පෙල ගැසී සිට ඇත්තේ, තනිකරම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පත් කර ගැනීමට මිස, පොදු ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් නොවනා බවයි. ඔවුන් පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් පෙනී සිටියේ මූලික පරමාර්ථයන් දෙකක් වෙනුවෙනි.

පළමු කරුණ නම්, අධ්‍යාපනය වෙනුවෙන් 6% ඉදිරියට දමා, ගෙන ගිය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුනගේ පඩි නඩී හා දීමණා වැඩි කරනා ලෙස ඉල්ලා කරන ලද සටන, බැසිල් රාජපක්ෂයන් විසින් දෙන ලද සීනී බෝල පොරොන්දු තුල දියවී යාමේ ඉඡ්චා භංගත්වයට, පිලිසරණක් පැතීමයි. දෙවන කාරණය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම එලවා දැමීම හා තමුන්ට ප්‍රිය නොවනා නිළධාරින් සියල්ල, එලවා දැමීමයි. මේ ඉල්ලීම් දෙකම අතිශය පෞද්ගලික කරුණු බව බැලු බැල්මට පෙනේ.

නමුත් සිඳු වූයේ ඔවුන් සිහිනයකදීවත් ප්‍රාර්ථනා කළ දෙයක් නොවේ. තාවකාලික ආන්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති ලෙස පත්වීම ලබා ඇත්තේ ලිබරල් පක්ෂයේ නායකයාය. එම පත්වීමම ප්‍රථමයෙන් ඔවුන්ගේ විවේචනයට ලක් විය. ඔවුන් බලාපොරොත්තු වූයේ එස් බී දිසානායක වෙනුවට, තවත් එස් බී දිසානායකම වැනි උන්මත්තකයෙකි. එවන් කෙනුකුන් පත්වී, ක්ෂණිකා හිරිඹුරේගම එලවා දමා, තමන් කැමති කෙනෙකුන් පත්කර ගැනීමට මවනා ලද සිහිනය, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනා, ලිබරල්වාදි මහත්මයකුගෙන් කිසි දින ඉටු වන්නේ නැත. ඔවුන් ක්‍රියා කරණුයේ නීතී රීතී හා ආයතන ක්‍රියා පටිපාටීන්ට අනූකූලවයි.

අනෙක් කරුණ නම්, රජිව විජේසිංහ යනු, අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනි සිටිනා පුද්ගලයකු වීමයි. ඉදින් නව ආන්ඩුව කෙරේ තමන්ගේ බලා පොරොත්තු සියල්ලම සුනු විසුණු වූ කළ, අද ඔවුනට සිඳු වී ඇත්තේ පැවති පාදඩ ක්‍රමය තුලම, තම අභිමතාර්තයන් ඉටු කර ගැනීම හැර, වෙන කිසිවක් නොවේ. 

චුයිං ගම් කතාව තුල ගැබ්ව ඇත්තේ, සියුම්ව එජාපය වෙත එල්ල කරනා විවේච්නයකි. ඒ වරක් රනිල් වික්‍රමසිංහයන් විසින් තරුණ පරම්පරාවට දෙන ලද පොරොන්දුවකි. අද ඔහු සමච්චලයට ලක් කරනුයේ එම කතාවයි. ආන්ඩුවේ මධුසමය නිමවීමට හේතු ලෙස ඔහු දකිනුයේ, ලක්ෂ තුන, එනම්, රනිල් ලක්ෂය, චම්පික ලක්ෂය හා මෛත්‍රී - චන්ද්‍රිකා ලක්ෂය එකිනෙක නොපැහීමයි. ඔවුනගේ දැක්මන් හා අපේක්ෂාවන් එකිනෙකට වෙනස් බව නිර්මාල් පවසයි. මතුපිටින් පෙනනා සරළ කරුණ මෙසේ වූවද, මා නම් දකිනුයේ මේ සියල්ලන්ගේම අපේක්ෂාවන් එකම එකක් බවයි.

ඔවුන්ගෙ පළමු අපේක්ෂාව වූ බලය ලබා ගැනීම අද ඉටු වී ඇත. (මෙයින්, මෛත්‍රිපාල හා චම්පික පැවති රජයේ සාමජිකයින් වූවද, එකාධිපති පාළනය තූල ඔවුනට කිසිඳු බලයක් තිබුනේ නැත.) දෙක, රාජපක්ෂවරුන් දේශපාළණයෙන් අතුගා දැමීමයි. එම කරුණද ඉටුව ඇත. නිර්මාල්ට නොපෙනන අනෙක් ප්‍රධානම කරුණ නම්, තම විශ්‍රාම වැටුපට සුදුසුකම් සපුරනා තෙක්, පාර්ලිමේන්තුවේ සියල්ලෝම මේ ආන්ඩුව පවත්වාගෙන යන බවයි. එතනදි නිර්මාල්ගේ ලක්ෂයන් තුනට අමතරව, සියළුම ලක්ෂයන්, එකම ස්ථානයක ස්ථාවරව පවති.

එයින් පසු එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි සිඳුවන්නේ කුමක්දැයි කීමට, මධුසමය ගතකර එළියට පැමිණෙන තෙක්, අපට නම් අනාවැකි පළ කළ නොහැක. මන්ද, රෙදි නැන්දාගේ අවස්ථාව එලඹෙනුයේ මධුසමය නිමවි දෙවනි ගමන පැමිනීමෙන් පසුව වීමයි. පවිත්‍රද, අපවිත්‍රද කියා දැන ගත හැකි වනුයේ, රෙදි නැන්දාගේ කොමිසම් වාර්ථාව අනුවය.

එබැවින්, සුමනදාස හා නිර්මාල් රංජිත් දේවසිරි මෙන් අනාවැකි පැවසීමට, මාතලන් නම් කළබල වන්නේ නැත. එහෙත් එකම එක අනාවැකියක් වැනි යමක් සඳහන් කර තැබීමට කැමැත්තෙමි. එනම්, චුයිං ගම් ඇලජික් නිර්මාල්ලා, "බුලත් විට මීට වඩා ෂෝක් අනේ..." කියමින්, ප්‍රගතිශීලින් සමග එක පෙලට සිට ගතහොත්, පුදුමයට පත් නොවනා මෙන්ය. මන්ද, කලසම් කමීස දරා මහතුන් මෙන් උන්නද, ඒ තුල සිටිනුයේ, රෙදි බැනියම් අඳින, බුලත් හපයෝම වන බැවිනි.

85 comments:

  1. මේ ආණ්ඩුවෙන් දින සීයකදි නිම කිරීමට පොරොන්දුවී ඇති වැඩ ප්‍රමානය සියල්ලම රාජ්‍ය අංශයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අනුව ලඟාකර ගත නොහැකි ඉලක්කයක්.
    මං බලන්නෙ මෙහෙමයි. හොර නඩය එලියෙ.. මං හැපි. ආණ්ඩුක්‍රමය වෙනස් කරලා මිනිස්සුන්ගෙ නිදහස විතරක් ලබල දුන්නත් මං හැපි.. හිර ගෙදර ඉඳන් එළියට එන මිනිහාට එන හැඟීම එහෙමයි.. රට පරිවර්තනය කිරීම දිගු ගමනකින් කළයුතුයි.. ඒකට අච්චාරුවක් වගෙ නැති බහුතරයක් සහිත පාඅර්ලිමේන්තුවක් දිගු කාලෙකට ඕනෙ.. හැබැයි හොරුන්ට තක්කඩින්ට ආපහු එන්න බැරි විදිහට පාර දින සීයෙදි වහන්න පුළුවං ...නොවැහුවොත් මං අන්හැපි.. ඕං කිව්වා.

    ReplyDelete
    Replies
    1. මා දුටු විදියට දින 100 වැඩසටහන යනු සමාජ දේශපාලන වෙනසකට පදනමක් දැමීමයි.

      එයින් කල්පවතින වෙනස්කම් බලාපොරොත්තු විය හැක්කේ සමහර විට පරම්පරාවකින් පසුව විය හැකිය. අඳුරෙහිම ගැලී ජිවීත කාලයක් සිටි මිනිස්සුන් ගේ මොළ සේදීම ලේසි නැත.

      Delete
    2. සරා හා රසික සමඟ එකඟයි. මට නම් ජනාධිපති කම් නැති කරන එකවත්, ව්‍යවස්ථා වෙනස් කරන එකවත් නෙමෙයි අපේක්ෂාව උනේ. පළවෙනි එක රජ ගහේ නාඩගම අවසන් කිරීම. දෙක සාමාන්‍ය ජනතාවට වේලක් දෙකක් හොඳට කන්න ලැබෙන එක. එක නම් හරි. දෙක, 29 වනදා ලැබෙයි කියා ප්‍රාර්ථනා කරනවා. අනෙක් සියළුම දේ මට නම් බෝනස්.

      Delete
    3. කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නැතුව හිටපු එකදිපතියගේ නිවාස පරික්ෂා කිරීමට අපි බය නැත.
      ආරක්ෂක ලේකම් යටතේ තිබු ගිණුම ගෝටගේ පුද්ගලික ගිණුමක් කියා ප්‍රසිද්ද මද්යවල කීමට අපි බය නැත.

      වෙලේ සුදා ශාක්ෂි දෙත්දිත් සුමින්ද දිල්වගේ නමවත් කියන්න අපි බයයි. පැමිණිලි තිබුනත් වජීන් සාස් ගේ නිවාස පරික්ෂ කිරීමට අපි බයායි.
      JVP , UNP හෙලකරුමය, දැන් නිදහස් මාද්‍ය, බුද්ධිමතුන් ඇතුළු යහපාලන නඩය.

      Delete
    4. මාතලන්,
      AnonymousJanuary 25, 2015 at 8:01 PM
      Comment එක මම පැරගේ බ්ලොග් එකට දැම්ම. ඌ ඒක කපල. කඩේ යාම පැහැදිලියි.

      දුමින්ද සිල්වා ගේ නම කියන්නවත් බයනම් මේ ආණ්ඩුවට තවත් කඩේ යෑමෙන් ඇති වැඩේ මකක්ද?

      Delete
    5. යකො පැරත් දැන් කමෙන්ට් අයින් කරනවද

      Delete
  2. කෑම බීම කෙසේ වෙතත් මේ රටේ නීතිය, සාදාරණත්වය පිළිබද පදනම සහතිකවම හදන්න ඕන.. ඕං ඕකට මුල පුරයි කියලයි මම නං දුන්නේ..

    ReplyDelete
    Replies
    1. මට නම් ඒවා බෝනස් නෙමෙයි... ස්වීප්... අපේ තාත්තා නම් කියන්නේ ජිම්කානා කියලා.. වෙලේ සුදා ඔක්කෝම කියද්දි, එකෙක් අත් අඩංගුවට පත් වෙන්නේ නෑ. ඇයි දන්නවද.. ඔය කුඩු වලට සම්බන්ධ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනා සංධාන තරුණ මන්ත්‍රී නව ආන්ඩුවටත් අත දිග ඇරලා වියදම් කරලා තියෙනවා. ඒ ඇරුනම එක එකාට වෙනම සලකලත් තියෙනවා.

      අපේ ගෙවල් ගාව කුඩු බීලා මාට්ටු වෙච්ච එකෙක් ඊයේ පෙරේදත් කුඩු කලා පොලීසියෙන්. අරුන් තාම එලියේ. ඒ මදිවට කයියත් ගහනවලු.

      Delete
    2. ඇයි බං ඒ තරුණ මන්ත්‍රිෙගේ අයියල බාප්පල තමා රනිල්ලට චන්දෙට වියදං කරන්නෙත්..

      Delete
  3. කිසිම පැමිණිල්ලක් හෝ සාක්ෂියක් නැතුව හිටපු එකදිපතියගේ නිවාස පරික්ෂා කිරීමට අපි බය නැත.
    ආරක්ෂක ලේකම් යටතේ තිබු ගිණුම ගෝටගේ පුද්ගලික ගිණුමක් කියා ප්‍රසිද්ද මද්යවල කීමට අපි බය නැත.

    වෙලේ සුදා ශාක්ෂි දෙත්දිත් සුමින්ද දිල්වගේ නමවත් කියන්න අපි බයයි. පැමිණිලි තිබුනත් වජීන් සාස් ගේ නිවාස පරික්ෂ කිරීමට අපි බයායි.
    JVP , UNP හෙලකරුමය, දැන් නිදහස් මාද්‍ය, බුද්ධිමතුන් ඇතුළු යහපාලන නඩය.

    ReplyDelete
    Replies
    1. නිවස පරීක්ෂා කොට නැත. පැමිනිල්ලකට අනුව පරික්ෂා කොට ඇත්තේ වීරවිල පිහිටි කාල්ටන් වත්ත නම් වත්තකි. කොටි කොඩි දාලා කියා කෙප්ප කෙලින් මහ රජාට ඔය වගේ කෙප්පයක් කෙලීම සුළු දෙයකි.

      පෞදගලික ගිණිමක් යැයි කීවේ නැත. කෙසේ හෝ එවැනි ගිණුමක් පවත්වාගෙන යාම නීතී විරෝධි ක්‍රියාවකි.

      සජින් වාස්ට විරුද්දව ලැබුන පැමිණිල්ලා අනුව පරීක්ෂා කළේය. දැන් සජින් වාස් රජයේ සාක්ෂි කරුවකු වීමට කැමැත්ත ප්‍රකාෂ කොට ඇත.

      දුමින්ද සිල්වා කියා නම කියා නැත. එවන් ඉඟියක් දී ඇත. එය ප්‍රමාද වීම පිළිබඳව අපටත් ප්‍රශ්ණයක් ඇත.

      පැවති පාළණයට වඩා ජනතාව හා මාද්‍යවේදින් නිදහ්සෙ හුස්ම ගන්නා වාතාවරනයක් දැනෙන්නටම ඇත. මේ වගේ කොමෙන්ට්ස් දමන්නෙත් ඒ නිසාය.

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්.

      රජයේ සක්කිකාරයෙක් කරන්න යන්නේ සජින් වාස් ද? plane 5 ක්‍ ගත්ත, කෝටි 1000 කට වඩා හොරාකාපු බව ඔප්පුකරන්න පුළුවන් ගිය ආණ්ඩුවේ හිටපු පාදඩම බල්ලව රජයේ සාක්ෂිකරු? ක්‍රිස් නොනිස්ට මේ ආණ්ඩුවෙනුත් කර්ණ සම්බාහනයක් නොමිලේ ලැබෙනු ඇත.

      Delete
    3. මහාචාර්ය මාතර සුනිල්.

      මොනවා උනත් ඔබට comment එක පලකරන්නත් එකට උත්තරයක් දෙන්නත් කොන්දක් තියනවා. ඔබ වගේ විරුද්ද මත වලට කීපදෙනෙක් හෝ සිටීම යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තුවකි.

      Delete
    4. ඔව් ඔව්.. ඒවා එයාගෙද වෙන කාගෙද කියලා පරික්ෂන තිබ්බොත් ඔප්පු වෙයි.

      Delete
  4. සියල්ලටම පෙර නිර්මාල් ලා ඔවුන් බලාපොරොත්තු වන වෙනස රටට පැහැදිලි කල යුතුයි. ඉන්පසු මේ රජය එයින් වන අපගමනය හා එහි අහිතකර බව පෙන්නා දිය යුතුයි. වගකිවයුතු උගතුන්ගේ කාර්‍යභාරය එයයි. එහෙම නැතුව තවත් දේශපාලකයින් කොටසක් ගමේ රැස්වීමකදී ජනතාව සන්තෝශ කරන්න විහිළු තහළු කරනවා වගේ කතා මාධ්‍ය හමුවලදී පැවැත්වීමෙන් ඵලක් වෙන්නේ නෑ.

    මගේ පෞද්ගලික විශ්වාසයනම් මේ ලක්ශයන් තුනම වටා ගොනුවීම මේ ආණ්ඩුවේ සාධනීය ලක්ශණයක්. මොකද රටේ ජනතාවගේ උවමනාවන් හා බලාපොරොත්තු විවිධයි. ප්‍රධාන වශයෙන් ඉහත ලක්ශ තුන වටාම ජනතාව කැරකෙනවා. ඒකමතිකත්වයකට (ඒකාධිපතිත්වයකට ) වඩා එය හොඳයි. නිර්මාල්ලා අවබෝද කොටගතයුතු සත්‍යය නම් මේ රටේ හැමෝම උගත්තුවත්, මධ්‍යම පාන්තිකයින්වත්, වි.වි. කතිකාචාර්ය වරුන්වත්, පිනට කන්න හම්බෙන හාමුදුරුවරුන්වත් නොවෙයි යනවග..

    ReplyDelete
    Replies
    1. පිනට කන්න හම්බෙන.. චී චී බෝම කැතයි.. ගිලල අපිට ඒකට පිං දෙන උන්නාන්සේලාට කියන කතා වලට..

      Delete
    2. නිර්මාල්ලා සභාග ආන්ඩු කියන දේවල් දැකලා නෑ. එහෙම ආන්ඩු තමයි රටක දියුණුවට බලපාන්නේ. මොකද එතන විවිධ අදහස් ගැටෙනවා. තීරණ ගැනිමෙදි මත ගැටෙනවා. ඊට පස්සේ සාකඡ්චා තුලින් බොහෝ විට ඉදිරියට එන්නේ සියල්ලන්ටම පිලිගන්න පුළුවන් තීරණ වලට. ඒ තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැතිව එස් බී දිසානායක වගේ, ගාල කඩා ගත්ත හරකෙක් වගේ තනි තීරණයට වැඩ කරන, වලං කඩේම කුඩු කරන මී හරක් නෙමෙයි. නිරමාල්ලා ඉල්ලන්නේ ඒ වගේ අය.

      Delete
    3. එකම මධ්‍ය ලක්ෂ්‍යයක කැරකෙන්නෙ නැති එක සාධනීය දෙයක්.බලය ඒකරාශී නොවිය යුතුයි.බලය බෙදී යන සංදර්භයක තමයි ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නෙ

      Delete
    4. @ දේශා.. පින් විතරක්නම් මදැයි.. අපෙන්ම කාල අපිටම බන කියන එක ගැන තමයි මට වැඩියෙන්ම තරහා.. ආවනම් කාල දෙන දෙයක් අරං යන් නැතුව.. හැක් හැක්.. වඩම්මල, කන්ඩ බොන්ඩ දීල, ගමන් ගාස්තු පිරිකර එහෙමත් දීල, පන්ඩිත කතා කියනකනුත් අහං ඉඳල, තව වැඳල, ආපහු ගිහින් දාන්නත් ඕනි. බුදු හාමුදුරුවෝ තමයි මේවට වග කියන්න ඕනි.

      දැන් අර කාඩ්බෝඩ් සිංහල බෞද්ධයෝ මගේ පතුරු යවයිද දන්නෙ නෑ. නැව ගැන කියපු එකටත් මළෙන්නේ ඉන්නේ. හැක් හැක්..

      Delete
  5. ජනතාව තුල විශ්වාසනීයත්වයක් ඇතිකිරීමට කාල සටහනක් ලබා දුන්නත් හරියටම ඒ වෙලාවට මේ ඔක්කොම කරන්න කියල නියමයක් නැහැ.අනික මේ සියල්ල දින සියයකින් කරන්නත් බැරි වෙන්න පුළුවන්.උපරිම මාස හයක් අරන් කළත් ලොකු අවුලක් නැහැ.
    දින සියයේ තාවකාලික ආණ්ඩුවේ සැබෑ ඡන්ද පදනමක් ඇති අයගේ මෙන්ම පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වයත් වැදගත්.ඒ නිසා එකම මධ්‍ය ලක්ෂ්‍යයක් වටා කැරකෙන්නේ නැහැ.මේ නිසාත් ප්‍රමාද සිදුවිය හැකියි.දින සියයෙන් පසු මෙම පුද්ගලයන් කුමන හෝපාර්ශ්වයකට හේත්තු වීම හැර විකල්පයක් නැහැ.මැතිවරණයෙන් පසු බිහිවන ආන්ඩුවේ ප්‍රධාන පක්ෂ පමණක් සිටින නිසා වැඩ මීට වඩා පහසු වේවි.
    මේ අයගේ ඉලක්කය වුනේ පොදු සතුරා පලවා හැරීමයි.දැන් එය සාර්ථක වී ඇති නිසා එළඹ ඇත්තේ එකිනෙකා හපා කන හෝරාවයි.දින සියයෙ වැඩ ගැන ඉස්සර තිබුන උනන්දුව දැන් නැතිවත් ඇති.
    මේ සියළුකාරනා ප්‍රමාදයට බලපානවා වෙන්න පුළුවන්.
    කොහොමටත් විනිශ්චයක් දෙන්න කාලෙ මදි.
    අනාවැකියක් කියනවානම් ඔය ජාතික ආණ්ඩු හැදෙනවාට වඩා 2001 දි වුනා වගේ ශ්‍රී ලංකා ජනපතිකෙනෙක් යටතේ යූඇන්පී ආණ්ඩුවක් එන්න ඉඩ වැඩියි.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රාර්ථනාව එයම පමණයි. නැත්නම් ඉතින් මේ රටේ ජනතාවට කිසිම සුගතියක් අත් වෙන්නෙ නම් නෑ. අවුරුදු විස්සක් තුල එකම එක දෙයයි කළේ. කොටි මරපු එක විතරයි. ඒත් දැන් එයාලම කියන කතා අනුව ඒකත් පට්ට පල් බොරුවක්.

      Delete
  6. නිර්මාල්ලාගේ අදහස් ගැන හිතන දේවල් ගැන කියන්න අපිට නං බෑ.
    නාමල් බේබිගේ ලියුමක් දැක්ක ගමන් ක්ෂණික සුරතාත්තයට පත්වන ක්ෂණිකා වගේ අය නං යන්න ඕන. ඒක නිර්මාල් විතරක් නෙවේ හැමෝම බලාපොරොත්තු වන දෙයක්.

    ReplyDelete
    Replies
    1. කැම්පස් යන්න බැරි කෙල්ලෙක් නෙමෙයි නේ එතන ලියුමක් දීලා සලකලා බලන්න කියලා ඉල්ලලා තියෙන්නේ. ඒ කෙල්ල කැම්පස් සිලෙක්ට් වෙලා පෞදගලික හේතු මත අවුරුදු දෙකක් යන්න බැරි වෙලා. මානුෂිය හේතුවක්. ඔන්න නාමල් විභාගේ පාස් උන එක ගැන නම් මටත් අවුලක් තියෙනවා. ඒත් මේක මානුෂිය ප්‍රශ්නයක්. අනික ඔහොම ලියුම් දෙන්නේ නාමල් විතරක් නෙමෙයිනේ. උඹලම නේද කියන්නේ. ආන්ඩුවේ උන්ට මහ උන්ට ඉහලින් යන්න බෑ, එහෙම ගියොත් විනාශයි කියලා. ඉතින් ඇයි ක්ෂණිකා ගැන එහෙම හිතන්න බැරි. රජීව් කියන්නේ ඒ කතාව.

      Delete
    2. ඔයවගේ ඊනියා 'මානුෂික' ප්‍රශ්න තියන කී දාහක් ඉන්නවද රටේ?

      පොලිස්කාරයෙකුට යම් බලපෑමකට යටත් වීමට සිදුවීම එකක්. මේ වගේ ඉහල ඉන්න එවුන් කරන වැරදි කියන්නෙ තවත් එකක්. ඔය දේකේ වෙනස හරියට තේරුම් ගනිං. මේව බලපෑම් වලට කරන දේවල් නෙවේ. ගජමිතුරු පාලනය කියන්නෙ මේව තමයි.

      Delete
    3. තර්කය කියන දේ තම තමන්ගේ වාසියට හදා ගත්තම ඔහොම තමයි. මම හිතන්නේ ක්ෂණිකාට තියෙන එකම චෝදනාව ඕක නම්. එයා කොහොමත් අස් වෙන්න ඕන නෑ. මොකෝ නාමල් කියන්නේ කව්ද කියලා, නිර්මාල්ලා අපිට වඩා දන්න නිසා.

      Delete
    4. එකම චෝදනාව ඒක නෙවේ. ඕකත් බරපතල චෝදනාවක්. ලංකා ඉතිහාසයේ මෙතෙක් අපි අහල නැති ආකාරයේ බලපෑමක්. තනතුරෙන් අස් වෙන්න ඕකත් ඇති.
      නලින්ද සිල්වා වගේ අය නං විශ්ව විද්‍යාලයේ තනතුරෙනුත් ඉවත් වුනා. මේ ගොල්ලත් අයින් වෙලා පුළුවන් අයට ඉඩ දෙනව නං හොඳයි. මේ වගේ තනතුරු දරන අය එහෙම වෙන්න ඕන. මොකද මේව දේශපාලනය එක්ක කෙලින්ම බැඳුුනු කාරණා.

      Delete
    5. මෙහෙම මේ පොලිටික්කන්ගේ ලියුම් වලට රාජ්‍ය නිළධාරින් ඉවත් වෙන්න ඕන් නම්, ඒක බරපතල වැරද්දක් නම්. රාජ්‍ය සේවයේ ඉන්න ඔක්කොම ලොක්කො ලොක්කියෝ ගෙදර යන්න එපාය. එහෙම රස්සාවල් ගත්ත උනුත් යන්න එපාය. එතකොට සමස්ථ රාජ්‍ය සේවයටම ගෙදර යන්න වෙනවා.

      Delete
    6. නොදන්න බම්බු කතා කරන්න එපා මාතලං.... නාමල් නෙවෙයි එස්බී ඔතන කර දේත් වැරදි නැහැ.... උන් කරේ "මේ කරුන සලකා බලා හැකි සහනයක් දෙන්න" කියල රෙකමන්ඩ් කරපු එක.... ඒක දැක්කම ජංගිය තෙත් වෙලා ප්‍රොටෝකෝල් එකට පිටින් බකස් ගාල ලමය ගත්තෙ යූජීසී එක. උනුයි වැරදි. අනික එස්බී මොන නරක තිබුනත් ඔහොම හාල් කේස් වලට බලපෑම් කරේ නෑ.....

      Delete
    7. කව්ද කිව්වේ ඇස් බී වැරදියි කියලා. අසාධාරණයකට ලක් උන දරුවකට සාධාරණයක් කරන්න බැරි නම් අහවල් එකටද ඒ ඇමතිකම. මම එස් බීන් ගේ විවේචනය කරන්නෙ වෙන දේවල්.

      Delete
    8. ඇනෝ,
      "මේ කරුන සලකා බලා හැකි සහනයක් දෙන්න" කියල තමයි අර කුඩු කන්ටේනරය නිදහස් කරගන්න කියල අගමැතියගෙ ලේකම් ලියුම ගැහුවෙත්.

      මාතලන්,
      පොලිටික්කන්ගෙ ලියුම් වලට නිලධාරීන් ඉවත් වෙන්න ඕන නෑ එයාල නිවැරදි තීරණයක හිටියා නම්. ඇනෝ කිව්ව වගේ ජංගිය තෙත් කරගන්න එකයි අවුල.

      අනෙක ‍ඒ තීරණය සාධාරණීකරණය කරන්න අවශ්‍ය නෑ. විශ්ව විද්‍යාල ප්‍රවේශය සම්බන්ධ දැඩි නීතිරීති තියනව. එහෙම නොවී බෑ. මොකද කෙනෙක් පිස්සු කෙලියොත් තවත් කෙනෙකුගෙ අවස්ථාව අහිමි වෙන නිසා. ඒ ගැන දැනුවත් නැත්තං හොයල බලන්න කරුණාකරල. එතකොට "අසාධාරණයට ලක්වුන දරුවන්" වගේ කතා කියන්න සිදුවෙන්නෙ නෑ.

      අනිත් මූලික කාරණාව, කෙලින්ම දේශපාලන පත්වීම් ලැබූ නිලධාරීන් ආණ්ඩු මාරුවක් වෙද්දි සිය කැමැත්තෙන් යනව නං තමයි ශිෂ්ඨසම්පන්න. මොකද පහල ඉන්න එවුන් වගේ නෙවේ ඉහල ඉන්න එවුන් මහජන අපේක්ෂාවන් ඉටු කරන්න තීරණ ගන්න උදවිය. තමන්ට ඉහලින් නියෝග නිකුත් කරන මහජන නියෝජිතයන්ට පහසුවක් තමන්ගේ අරමුණු හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් පිරිසක් පත්කරගැනීම.
      ඒකට කැමති නැත්තං කරන්න තියෙන්නෙ දේශපාලන පත්වීම් මුළුමනින්ම නවත්වා ස්වයංක්‍රීයව ලොක්කන් පත් කරන ක්‍රමයක් සෑදීම

      Delete
    9. ඒ ළමයා සිලෙක්ට් වෙච්ච ළමයෙක්

      Delete
    10. Mathalan,mama mee kathwedi Raj kiyana deta 100% agree wenwa.mokada oya campus ekata lamai selct karaganawa kiyana eka nikan senibola karanyak nemei.eka mulu jewithetama balapana prshnayk.mageth ekan ekata padam karapu eka 3 weni para result eddi camps eke register wela physical science walata.eth uge 3 weni para result eka A-3.eda uta kalin reg wela htya kiyala eka cancel karala aluth result ekata apply karanna dun ne.u thamath e gena awulen innawa.mama nam dakinne wenna one eka thami,mokda camps ekata register wenwa kiyanne ita pahala inna ekekta yanna tyna chance eka nety wena ekai.e nisa manushika nemei mona labba tybath giye nethan eka ekage liyum walata mokewath campus ganna one neeee..

      Delete
    11. ඔයාලා රාජ්ගේ මතයේ ඉන්නේ වෙන දේකට නෙමෙයි ක්ෂණිකා වැරදියි කියන්න. මම කියන්නේ ක්ෂණිකා වැරදියි නම්. රාජ් මහත්තයත් වැරදියි.. මොකෝ රාජ් මාත් එක්ක ළොකු ආගිව්මන්ට් එකක් ගියා. ඉහලින් එන නියෝග පිලිගන්න ඕනය, කොඳු තිබුනට වැඩක් නැතිය. කොන්දක් නැති උන් වගේ තමයි ආන්ඩුවේ ඔක්කෝම වැඩ කරන්න ඕන කියලා. එයාගේ පෝස්ට් එකකදි. නමුත් එයාම ගොඩ නගාපු ඒ තර්කය එයා මේ ප්‍රශ්ණයේදි බිඳිනවා. එහෙම වෙන්න බෑ නේ. එක මතයක් ඉන්න ඕන.

      අනික නාමල් ඔය ලියුම දුන්න එකට වඩා වැරදියි. නාම්ල් නීතී විභාගේ ලියපු විදිය. ඒවා ගැන නෝ කතා.

      අනික මම කියන්නේ නෑ හිරිඹුරේගම හරි කියලත්. මම කතා කරන්නේ රාජ්ගේ තර්කය ගැන. ඒක මෙතනදි 100% හරි වෙන්නත් තව තැනක මේ නගන තර්කයේ සම්පූර්ණ විරුද්ධ පැත්ත වෙන්නත් විදියක් නෑ නේ.

      Delete
    12. රාජ් අයිඩියලි වෙන්න ඕනෙ නාමල් ගාවට ලමය ගියහම "ඒ වැඩ ඒ විදියට කෙරෙයි මම දේශපාලකයෙක් මට ඕකෙ අත ගහන්න දෙයක් නැහැ" කියන එක තමයි. මම කිව්වෙ..... මෙතන එහෙම නොකෙරුනත්, නිකන් වදෙන් බේරෙන්න බැරි කමට වගේ දාපු පොඩි නෝට් ඒකක් ඇරුනම අඩු ගානෙ වෙනම ලියුමක් වත් එස්බී ගහල තිබුනෙ නෑ..... එස්බී කියන්නෙ මට පේන්න බැරි එකෙක් ඒක වෙනම හේතු තීනව ..... ඒක ගහපු එකත් වැරදි තමා....

      මාතලං ප්‍රස්නෙ තියෙන්නෙ ඒ ලමය සිලෙක්ට් වෙච්ච එක නෙවෙයි ඒ ලමය කඩන් ගිය පෝලිමේ හිටියෙත් එයාට වැඩි සුදුසුකම් තිබුන අය වීම ... අඩු ගානෙ ෆස්ට් කම් ෆස්ට් සව් බේසිස් එකෙන් හරි ..... නැතුව වෙච්ච අසාදාරනයක් නෑ. ඔහොම ඇප්ලිකේෂන් නොදා ඉඳල පස්සෙ පුක ගිනි ගත්තම ලෝකෙ පෙරලුනු කතා කියාගෙන එන ලමයි හැම අවුරුද්දකම ඉන්ටේක් වල ඉන්නවා..... මම දන්න ලමයෙක් ඉන්නවා කරාපිටියෙ යන්න වෙයි කියලා බයට කොලඹ/පේරාදෙනිය විතරක් සිලෙක්ෂන් දාලා අන්තිමට මෙඩිසින් යන්නම බැරි වෙන්න ගිහින් යන්තමින් බේරුනු ලමේක්....

      Delete
    13. >>>>> මොකෝ රාජ් මාත් එක්ක ළොකු ආගිව්මන්ට් එකක් ගියා. ඉහලින් එන නියෝග පිලිගන්න ඕනය, කොඳු තිබුනට වැඩක් නැතිය. කොන්දක් නැති උන් වගේ තමයි ආන්ඩුවේ ඔක්කෝම වැඩ කරන්න ඕන කියලා. <<<<<

      මාතලං සහෝදරය රාජ් මොනව කිව්වත් එක එක ඇමතිල බලපෑම් කරන්නෙ එක එක තැන් වලදි එක එක විදියට..... එස් බී ඔය ඉන්ටේක් වගේ හාල් වැඩ වලට ඔහොම බලපෑම් කරේ නෑ.... කරත් මෙතන එහෙම කරා කියල සාක්කි නැහැ..... තිබුනත් යූජීසී එක වැඩ කරේ ආන්ඩුවෙ ඔෆිස් එකක් වගෙ නෙවෙයි.... එහෙම කරා නම් මෙලහකට මෙඩිසින් එන්ජිනියරිං කොච්චර යන්න තිබුනද..... (ඇඩ්මිෂන් 100%ක්ම සාධාරනයි කියනව නෙවෙයි ක්ලාක් ලට පගාව දීලත් කර ගන්න පුලුවන් පොඩි දේවල් තීනව)

      දන්න දෙයක් කතා කරන්න මාතලං. නැත්තං ඔය කටේ සැරෙන් ලොක්කො වෙලා ඉන්න බට්ටියන්ගෙ ගානට වැටෙනෝ ඔයත්....

      >>>>> අනික නාමල් ඔය ලියුම දුන්න එකට වඩා වැරදියි. නාම්ල් නීතී විභාගේ ලියපු විදිය. ඒවා ගැන නෝ කතා. <<<<<

      මේවට කියන්නෙ ගෙදර තියන මුවහමට තඩිබානව කියල. Strawman Argument කියලත් ඉංග්‍රීසියෙන් කියනව.....

      Delete
    14. දන්න දේ තමයි කතා කරන්නේ නොදන්න දේ කතා කරන්නේ නෑ. ඔක්කෝටම හෙනේ වෙලා තියෙන කාරනාවට, මම නගන තර්කය එකෙකුට බිඳින්න බෑ. ඔය තරම් සාධාරණ නම්, රජ්‍ය සේවයේ එකෙකුට වත් ඉන්නත් බෑ ඇඳුමක් ඇඳගෙන.

      අපි නොදන්න රාජ්‍ය සේවය පිණිසයි සහ කැම්පස්...

      Delete
    15. රාජ්‍ය සේවයේ කොයි තැන කොහොම දූෂිත උනත් විශ්ව විද්‍යාල පද්දතිය නිකැලල්ව තිබුනා. (බඳවා ගැනීම් සම්බන්ධව ). නමුත් මෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රියෙක්ගෙ ලියුම් කෑල්ලකටත් සියලු නීති රීති කඩල දාල බඳවා ගන්නවානම් ඒක බොහොම බරපතලයි. මේ ළමයට ඒක සාධාරණයක්, නමුත් ඒ අසාධාරණේ උනේ ඒ ළමයට විතරක් නෙවෙයි. කොහොම උනත් මේ පද්දති තුලට කිනම් හේතුවකට හෝ මෙවන් දේශපාලිනකින අත පෙවීම් සිදු කිරීම අනාගතයට දෙන බොහෝම වැරදි පූර්වාදර්ශයක්. මෙහෙම ගියොත් ඉස්සරහට එක ලියුම් කෑල්ලකට සුදුසුකම් ලැබූ අයෙක් කැපිලා නුසුදුස්සෙක් තේරෙයි.

      Delete
    16. එහෙම දෙයක් එතන වෙලා නෑ මනෝෂ්.. පාරේ යන කෙනෙක් කැම්පස් දාලා නෑ..

      අනික කැම්පස් වලට බඳවා ගැනීම් නිකලැල්ව තිබුනා කිව්වම මට පුකෙන් හිනා ගියා. ඒක අර ගණිකාවකගේ නිකලැල් බව වගේ. ඔය අමාත්‍යංශවල උන්ගේ කැම්පස් වල උන්ගේ දරුවෝ දාගන්න. විරුද්ධවාදින්ගේ දරුවෝ ඉවත් කරන්න පාස් මාක් එහෙට මෙහෙට කරන හැටි ගැන ඔය ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න. අනික කැම්පස් වල කෙරුවාව ගැන දැන ගන්න. අර පහළ "KAS" දාලා තියෙන ලින්ක් එක දිගේ ගිහින් දැණුවත් වෙන්න.

      Delete
    17. මාතලන් මහතා,
      මෙහනදී මම ඔබ සමග එකඟයි. රාජ් රජයේ සේවකයෙකු ලෙස හිටියත් එයාට විශ්ව විද්‍යාල පෙනෙන්නේ තවත් රජයේ ආයතයක් ලෙස විතරයි.(මට නම් හිතෙන්නේ රාජ් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලත් අයෙක් හැටියටයි.) විශ්ව විද්යාල කියන්නේ ස්වාධින ආයතන තමන් ඇතුලත් කර ගත යුත්තේ කුමන ආකාරයේ ශිෂ්‍යයෙක්ද කියලා තීරණය කරන්න ඒ අයට නිදහසක් තියෙනවා. රාහුල හාමුදුරුවෝ විද්‍යොදයේ උපකුලපති තුමා කාලයේදී ප්‍රංශ ජාතිකයන් එහි ඉගෙන ගත්තේ අපේ රටේ උසස් පෙළ සමත් වෙලා නෙමෙයි.මහාචාර්ය ධර්මසේන සිල්වා මහතාගේ කාලයේදී ව්‍යාපාර පරිපාලන සහ රාජ්‍ය පරිපාලන විෂය ධාරාවට උසස් පෙළ සමත්වූ සිසුන්ට අමතරව මහරගම ගුරු විද්‍යාලයේ පුහුණු ගුරුවරු ඇතුලත් උනේ උසස් පෙළ සමත්වෙලා නෙමෙයි.යම් යම් ඉල්විම් මත ඒ කටයුතු කෙරුනා.(එසේ පැමිණි එක් ගුරුවරෙක් විශ්‍රාම ගත්තේ විභාග කොමසාරිස් වරයෙක් ලෙස කීර්තිමත් සේවයක් කිරීමෙන් පසුවය) එමෙන්ම උසස් පෙළ යාන්තමට සමත්ව (විශ්ව විද්‍යාලයට ඇතුලත් නොකර ගත්) නමුත් බාහිර උපාධිය හදාරා ප්‍රථම පරික්ෂණයන් පසු එහි ප්‍රහිපල මත දෙවැනි අව්රුද්දේ පටන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ සිසුන් මා දන්නවා.(මේ අයට එකල විරුද්ධ උනා නම් ඉන් එක අයෙක් අද අපට ප්‍රධාන මහාචාර්‍ය වරයෙක් ලෙසින් කරන සේවාව අහිමි වෙනවා).ඒක වැරදියි කියලා අද වනතුරු කව්රුත් කියලා නැහැ. එම නිදහස අද නිදහස බුක්ති විඳින්නේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාදන කොමිෂන් සභාව විසින්ය.එම නිදහසට කවුරු හෝ ඇඟිලි ගැසීම වැරදියි.
      සමරසේකර

      Delete
  7. නිර්මාල් 6% සටන පටන් අරන් කැම්පස් ළමයින්වත් පාරට දාල අන්තිමට සීනිබෝල දැක්ක ගමන් මීක් නැතුව අකුලගෙන අයින් වුන මනුස්සයනෙ. හැබැයි මං හිතුවෙ මේ පාරවත් මනුස්සය චාටර් නොවී ඉඳීවි කියල. බලාගෙන ගියාම මක්කරලවත් ආරේ ගති අරින්න බැරි මිනිස්සුත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. පොරත් ඉතින් වමනේ කාරයෙක් නේ. එයාලා කියන විදියට ප්‍රගතිශීලී පොරවල්. එහෙම අයට තියෙන එකම පිහිට ඉතින් ගොන් බන්ඩලගේ සිරි ලංකා එකම තමයි.. ඒ නිසා ඊළඟ ඡන්දෙදි.. ඒකට අත්සනක් එහෙම දැම්මොත්, පුදුම වෙන්න එපා..

      Delete
  8. ක්ශනිකා ට ගහන්න යන්නේ නොබෙල් ජයසූරිය සමග තරහ වූ කස්ටියය. දන්නෝ දනිති ...දන්නෙ නැත්නම් ජපුර උප කුලපති ගෙන් අසා දැනගන්න

    කෙසේ වෙතත් සීයට හයේ පික්සු හුටං ලා ගැන ඇත්ත කීම ගැන අපගේ මෙවුව එක..

    මුන් ට සීයට හයක් නොව දිය යුත්තේ සීයට දසම බින්දුවයි හයකි. හැකි නම් ඔය විස්ව විද්යාලෙන් ඉවත් වී දැන් උපයන ආදායම උපයා පෙන්වන්නයැයි අපි නිර්මාල් ප්‍රමුක සීයට හයෙ පඩයන් ගෙන් ඉල්ලා සිටිමු...

    ReplyDelete
  9. මේ දවස් ගාන ගැන කතා කරනවා හැර 'දින සීයේ' වැඩ සටහනින් යෝජනා වෙලා තියෙන පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් ටික ගැන ප්‍රමාණවත් තරමින් සාකච්චා වුනේ නෑ. මේක අපේ රටට කොයි තරම් කාලයක් තිස්සේ වුවමනා වෙලා තිබුනාද? මීට මාස දෙකකට විතර කලින් ඒ ගැන තිබ්බේ හීනයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්ණය ඒකයි. මේ මුද්ධිමතුන් කියන අය පෙල ගැසී ඉඳලා තියෙන්නේ සීල්ලර කාරනා වලට. ඒකයි කනගාටුව.

      Delete
  10. මම දෙන්නගෙන් කාටවත්ම චන්දෙ දැන්මේ නැති නිසා කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත (ලිපිය බාගෙට කියවා කොමෙන්ටු ටික සම්පුර්ණයෙන්ම කියෙව්වෙමි )

    ReplyDelete
  11. නිර්මාල් ලාගේ ක්‍රියාකලාප ගැන කියන්නා දන්නැති උනත් ,පහුගිය චන්දෙන් පස්සේ රටම පරිවර්තනයකට ලක් වුනා කියන එක පිලිගන්න වෙනවා. ඉස්සර මලබද්ධය හැදුනු මිනිහත් පශ්චාත් භාගය වතුර බේසමක ඔබාගෙන බෙරිහන් දෙන්නේ "අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, මගේ බෙට්ට මෙලෙක් කරවල දෙන්න" කියලයි. එ කියන්නේ ඉස්සර ආණ්ඩුව කියන්නේ මහින්ද. දැන් එහෙම එකක් නෑ. චන්දෙට කලින් චන්ද්‍රිකා දැන් සන්ධානේ එවුන්ට අයෙත් මැඩම්. චන්දෙට කලින් සිරිසේන , සන්ධානේ එවුන්ට දැන් අපේ අතිගරු ජනාධිපති තුමා. මහින්දට චන්දෙ දුන්නු එවුන්ට දැන් සිරිසේන මහත්තයත් උන්ගේ. කො තොපේ යහපාලානේ කියන්න ඕන එකෙකුට පුළුවන් දැන් බය නැතුව. පරිවර්තනයක් වෙලා කියන්නම ඔය නිදසුන් ටික ඇතිනේ. සිස්ටම් එක වෙනස් වෙලා. මිනිස්සු බයෙන් හිටපු එක වෙනස් වෙලා. එළිපිට මිනිස්සුන්ට කතාකරන්න පුළුවන්. දින 100 ගැනිල්ල පැත්තක තියලා කලින්ට වඩා හොඳ දෙයක් වෙනවා නම් එක අනුමත කරල වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ. කෝ තොපේ දින 100 කියල ඇහුවට ඒ දින සීය අපි ඔකොමන්ලගේ. එක අවුල් යනවනම් බලපාන්නේ ඔක්කොටම. කොහොම කිව්වත් මේ ක්‍රමයේ අඩුපාඩු තිබුනත් මේ යන විදිය මහින්දගේ ක්‍රමේට වඩා හොඳා ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සම හරක් ඉල්ලනෙම අරක..

      Delete
  12. ඔන්න අද වාස් ගුනවර්ධගේ නෝනාත් අල්ලස් කොමිසමට ගිහින්. බලනකො මේ ගෑණි කරලා තියන අපරාදේ. අල්ලස් කොමිසමට කියලනේ අර අහිංසක ශිරන්ති මැඩම්, හමුදාව LTTE ඒකෙන් අල්ලපු රත්තරන් හොරකං කළා කියලා.

    ReplyDelete
    Replies
    1. මාත් ඕක අහගෙන හිටිය .දැන් මෙතන ප්‍රශ්නයක් එනව.වැරද්ද ක්‍රියාත්මක කරපු එකා රජයේ සාක්ෂිකාරයෙක් වෙලා නිදහස් වෙලා අණ දුන්න එකා විතරක් දඩුවම් විදින එක සාධාරණද කියල.මර්වින්ල ,වාස් ල උපාසක භූමිකාව රඟන එක වැරදියි.අණ දීපු එකා වාගෙම අණ ක්‍රියාත්මක කරපු අමනයන්ටත් දඩුවම් දෙන්න ඕන
      ඊ නිව්ස් එකෙන් ඔය වාස් කියන පොලිස්කාරය ගැනත් අපූරු චරිත සහතික දීල තිබුන.ඒව කියවන කොටත් අපුලයි.ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොහින් බැංකු එකවුන්ට් වල සල්ලි ඔක්කොම අරන් පස්සෙ මරපුව එහෙම.

      Delete
    2. එතකොට වාස්ගේ කොල්ලට ගැහුවා කියලා. තව කොල්ලෙක් මරන්න ගිහින් නූලෙන් බේර ගත්තේ. ඒත් රාජපක්ෂලා කියලද දන්නේ නෑ. දෙගොල්ලන්ටම දඬුවම් දෙන්න ඕන. මට නම් නම් ගම් ඇහුනේ නෑ.. බිප්.. බීප්.. බී...........ප් ගානවා ඇහුනේ..

      Delete
    3. ඔය ගෑනු අර තමන්ගේ දරුව වාගේ දරැවව බිමදාල ඔලුව පාගල බරද කියලත් ඇහුවලු නේද ,

      Delete
  13. යකඩ සුදා උනත් ගෙදර යවන්න ඕනේ නෑ. News කිය කිය ඉද්දි, වරෙන්තු පෙන්නලා උස්සන් යන්න ඕනේ.
    නිර්මාල් bf එකේ කියල තිබුන ඉරුදිනට කියපු එක වැරදියට දල තියෙන්නේ කියල. මට පොරව හෝදන්න ඕනේ කමක් නෑ, නමුත් cnews කියන ඒවා පිළිගන්න නම් බෑ නෙ.
    රජිව් කියනවා වගේ fact වලට වැඩ කරන එක තමයි දැනට හොඳ. ක්ෂණික එක්ක බැරිම නම් ඕකත් ඇති ගෙදර යවන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම වැරදි දේවල් කියලා තියෙනවා නම් පත්තරේට කියන්න එපාය ඒක නිවැරදි කරන්න කියලා.. එයාලා පත්තර වලට බොරු කියන්න. උන්ට ඕන ඒවා ලියන්න ඉන්ටවීව් දෙන්න බබ්බුද...?

      Delete
  14. නිර්මාල් වැන්නවුන් පිළිබඳව ඔබේ තක්සේරුව නිවැරදියි . මම කලින් හිතන් හිටියේ මාතලන් නිර්මාල් ලට කඩේ යනවා වද්ද කියලා

    ReplyDelete
    Replies
    1. මාතලන්, මාතලන්ට හිතෙන විදියට ඕනම එකෙක්ගේ හරි දේ හරිය කියනවා. වැරදි දේ වැරදියි කියනවා.

      Delete
  15. අන්තවාදීන් මෙන්ම සමහර රැඩිකල් අයගේද පැවැත්ම හා වර්ධනය සඳහා රැඩිකල් සතුරන් සිටීම වාසිදායකයි. ලිබරල් අය සිටීම ඔවුන්ට වාසි ගෙන නොදේ

    ReplyDelete
    Replies
    1. හිටියෙත් ගල් යුගයේ ලිබරල් පොරක් නේ... එතන හැබයි මික්ස් කොත්තු වගේ ගතියකුත් තිබුනා...

      Delete
  16. මම මේ කතාව මේ විදිහටම කිව්වා ගොඩක් කලින්.. බලන්න ලින්ක් එක. http://kaushgossip.blogspot.com/2012/10/futa.html
    කීප දෙනෙක් මට බැනලා තිබ්බා වැස්සකටවත් කැම්පස් ගිහින් නැති හෝ නැත්නම් ආචාර්්‍යවරුන් එක්ක පෞද්ගලක තරහක් තියෙන කෙනෙක් කියලා. ඒත් දැන් වෙලා තියෙන්නේ මම කියපු දේම තමයි.

    අනිත් එක මේ ආන්ඩුව හැම ජාතියේම ජනතාව නියෝජනය වෙන විදිහට හැදිලා තියෙන එක මම නම් කැමතියි. එකම අරමුණකට යන අය එකතුවෙලා ආන්ඩු හදපුවාම ඒවා ප්‍රශ්න කිරීම් වලින් තොරයි. ඒකාධිපති බව වැඩී. ඒත් මෙහෙම වුනාම හැමෝගෙම මතය එලියට එනවා, ප්‍රජාතන්ත්‍රවාදී බව වැඩී.

    අනිත් එක නිර්මාල්ට නොපෙනුනාට මට නම් බඩු මිල අඩු කලාටත් වඩා සාධනීය දේවල් පේනවා. එක නිවුස් එකක මම දැක්කා බෞද්ධ ආගමට ව්‍යවස්ථාවෙන් දීපු ප්‍රමුඛත්වය නැති කරන්න යනවා කියලා. එහෙම කරලා ව්‍යවස්ථාව ආගමෙන් වෙන් කරනවනම් ඒ තරම් සාධනීය දෙයක් තවත් නැහැ. තවත් තැනක දැක්කා රූපවාහිනියේ ජෝතිශය වැඩසටහන් නවත්තනවා කියලා. මරේ මරු.

    ReplyDelete
    Replies
    1. මේ රටේ අවංක මිනිස්සු හරි අඩුයි කැස්. මම ඒක කියෙව්වා. ඒ කරුණු එක්ක 100% එකඟයි. මෙයාලා ඒකාධිපතිවාදයකට විරුද්ධව කෑ ගැහුවට, එතන තියෙන්නේ තනිකර ත්‍රස්ථවාදී පාළණයක්. නිකං නෙමෙයි නේ එතන ඉන්න දරුවෝ හිටං පිස්සු කෙලින්නේ. ඒවා පිටුපස ඉන්නෙත් ආචාර්යවරුම තමයි.

      Delete
    2. නෑ නෑ... මම කිව්වේ අන්තරේ උන් ගැන හිටං.. උඹලා වගේ බුද්ධිමත් උන් ගැන නෙමෙයි හිටං..

      Delete
  17. ආචාරය නිර්මාල්ට මේ සිතුවිල්ල එන්න ඇත්තේ මීට කාලෙකට කලින්, නිර්මාල් බලාපොරොතු වුනේ නෑ මහින්දගේ පරාජය, නිර්මාල් විතරක් නෙවෙයි ජ.වී.පෙ පවා බලාපොරොත්තු වුනේ නෑ මහින්දගේ පරාජය. මොකද මේ පුද්ගලයන්ට සහ සංවිධානයන්ට ජනතාවාදී රජයක් යටතේ පැවැත්මක් නෑ. ඉතින් මේ දින සියය අසාර්ථක වීම තුලම ඔවුන් ලබනවා කාලකන්නි සතුටක්. මොකද ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රයෝගික තලයට වඩා සටන් පාඨ තුල නිසා .නිර්මාල් කලින්ම පොදු අපේක්ෂකයාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වෙන්නේ ඒ නිසා .
    තමන්ම හවුල් වෙලා හදපු පරිවාස ආණ්ඩුව තුල ජ.වී.පෙ දැක්කා ප්‍රායෝගික තලයේ අසීරුතාවය , අභියෝගය සහ තමන්ගේ අසාර්ථක භාවය. ඉතින් සුනාමී සහන මණ්ඩලයට පිං සිද්ධ වෙන්න ඔවුන්ට එතනින් එලියට එන්න පුළුවන් වුනා.
    නිර්මාල්ලගේ සටනත් ඒ වගේ තමයි . ජනතාවාදී දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින හැමෝම වඩාත්ම බිය වන කාරණය තමයි නමට හෝ ජනතාවාදී රජයක් පත්වීම .

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... පැරාට තියෙන්නෙත් ඔය ලෙඩේ..

      Delete
  18. Eyata thawa,thawa, leda thiyenawa,

    ReplyDelete
    Replies
    1. මට එයාගේ ඩොක්ටර් කන්ටැක්ට් කර ගන්න බැරි උනා...

      Delete
  19. යහපාලන දින 100 හිතන තරම් ලේසි එකෙක් නෙමෙයි වගෙයි පේන්නේ.. කොහොම නමුත් අර කිවුව ව්‍යවස්ථා සංශෝධන වත් උනොත් නම් ලොකු දෙයක්.. ඒකත් ඉතින් අළුත් ලොක්කා බහුතරය නැතුව අඩියක්වත් ඉස්සරහට යන්න බෑ කිවුව එකෙන්ම ඒ වැඩ ටික ගැනත් සැකයක් එනවා.. දින 100 යනකන්ම බහුතරේ හොයයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ දින 100 කිසි අවුලක් නැතුව යනවා.. ඒත් මේ හොරු අල්ලන ඒවා ඒකේ තිබුනේ නෑ නේ.. දැන් ප්‍රයෝ රොටි දෙන්න වෙලා තියෙන්නේ ඒවට. මිනිස්සුන්ට දැන් අර දින 100 තිබුන ඒවා මතක නෑ. මොකෝ ඒවට වඩා මේවා නැගලා යනවා. ඒ අස්සේ මදාවි ගෝත්‍රිකයෝ ටික මහත්මා දේශපාලුවෝ එලවන්න යනවා.

      Delete
  20. කඩප්පුලියාJanuary 26, 2015 at 9:29 AM

    නිර්මාල්ට ඉස්සර 'මර්ජ්' එක වගේ එකක් දාලාදිලා දීප්තව ආයේ යාළු කරලා දුන්න නං ඒ ගේමත් ක්ලෝස්.හවසට හවසට ඉරයි හඳයි අතට අරං ඒවා ගැන දීප්ත කියන දේ කට ඇරං බලං ඉඳලා ඊට පහුවෙනිදා එවා දෙසාබාලා කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහ පොරවෙලා............අනේ නිර්මාල් නොදු‍ටු මොක් පුර........





















    නිර්මාල්ට ඉස්සර 'මර්ජ්' එක වගේ එකක් දාලාදිලා දීප්තව ආයේ යාළු කරලා දුන්න නං ඒ ගේමත් ක්ලෝස්.හවසට හවසට ඉරයි හඳයි අතට අරං ඒවා ගැන දීප්ත කියන දේ කට ඇරං බලං ඉඳලා ඊට පහුවෙනිදා එවා දෙසාබාලා කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහ පොරවෙලා............අනේ නිර්මාල් නොදු‍ටු මොක් පුර.

    ReplyDelete
  21. හංස රැල්ලේ ඉන්න ගොඩක් අයට තියෙන්නේ රාජපක්ෂ භීතිකාව. ඒ රෝගි තත්වය නිසා කිසිම දෙයක් හරියට පෙනෙන්නේ නැහැ. වතුර බේසමක් ගත්තත් ඒකේ ආවුද නැවක් හරි ලැම්බෝගිනි එකක් හරි වෙන මොකක් හරි පෙනෙනවා.ඔක්කෝම කුණු රාජපක්ෂට බැරකරන්න දරණ උත්සාහය නිසා සැබෑ හොරුන්ට තක්කඩින්ට සෑහෙන කාලයක් ලැබෙනවා හැංගිලා ඉන්න ගමන් ආරක්ෂා වෙන්න. දින සියයෙන් පස්සේ උදාවෙන මැතිවරණ සටනේදි මේවා හොද සටන් පාඨ බවට පත් වේවි. ඒත් ඉදිරියේදි පත් වන නව ආණ්ඩුවට මේ දවස් වල සිදු කෙරෙන හොරා පොලිස් සෙල්ලම අමතක වෙනවා. එදාට පත් වන අගමැති කවුද? කැබිනට් මණ්ඩලය කවුරුන්ද? එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවාද?..............................................?

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂ භීතිකාවක් තියෙන්නේ හංසයොන්ට නෙමෙයි. එයා ඉවරයි. එයා කුඩු. දැන් භීතිකාව තියෙන්නේ සිංහ වෙස් අරගෙන උන්න කම්බ හොරුන්ට. උන් දැන් හංසයට ගූ බයයි. එයා එනවලු සිරි ලංකා ගෝත්‍රික පාටි කියලා එකකින්. ඒ තමයි එයාගේ සහ ඒ සියළුම දෙනාගේ දේශපාළණ මළගම. පවු ලංකික ගෝත්‍රිකයෝ ටික. වැද්දෝ ගැන නම් ඉන්ටර්නැෂනල් සංවිධාන හිටන් බලනවා. එත මේ ගෝත්‍රිකයන්ට යන කළ දවස් අදැක්කම දුක හිතෙනව හිටං..

      Delete
    2. මාතේ මේ අර යාලුවෙක්ද

      Delete
  22. http://www.lankagossipgirlnews.com/ලී ඉරපු මල්ලී විසින් තහනම් කොට ඇත.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකෝ ටැමිල් නෙට් බලාපංකො.

      Delete
  23. මුන්ට ලිපෙ තියපු බත ඉදෙනකන් ඉන්න බැ නේ

    ReplyDelete
    Replies
    1. කෙලවෙනකන් බලා ගෙන ඉන්නේ කෙල පෙර පෙර...

      Delete
  24. මාතලන් , රාජ් , ඉවාන් පව්ලූශා , පැරකුම් and අනිත් ඒ වගේ බත් බැලයන්, වැරදුනා, පොශ් බැලයන් think that they are very very posh! Others are idiots from rural areas. Inferiority complex.

    ReplyDelete
    Replies
    1. අපි පොෂ් බැලයෝ. තොපි හිඟන බත් බැලයෝ..

      Delete
    2. @ mathalan. ඔයා බැගරි ජැලයා හෙවත් බර්කරා ශැලයා.

      Delete
  25. පොටෝ එකට මක්කැයි සත්තරන් පුතේ උනේ? රෙද්ද පල්ලෙන් බේරෙන කොට ඉක්මනට පොල් මුඩ්ඩක් ගහ ගත්තැයි?

    ReplyDelete
    Replies
    1. මොන පොටෝ එකටෙයි ලොක්කෝ...

      Delete
  26. නිර්මාතෘවරුන්ටම තමා දෝස වැඩිපුර පේන්නෙ.

    ReplyDelete
  27. ජේ වීපී කාරයෝ කල හොඳ වැඩක් තමයි කේ පී ට විරුද්ධව පැමිණිලි කිරීම ඇත්තටම හරිනම් වාසුගේ මස්සිනා වගේ කෙනෙක් ප්‍රසිද්ධියේ කියන හැම වාක්‍යයකටම ජාති වාදය අවුස්සනවා කියා නඩු දැමීමේ වැඩ පිලිවෙලක් අවශ්‍යයි එහෙම යහ පාලනයක් ඇතිවෙනවා නම් මමත් කැමතියි
    හැබැයි දැන් වෙන්න යන්නේ සිංහල නායකයන්ට විතරක් බලපාන වර්ගවාදී යහපාලනයක්ද මන්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න