.

.

Nov 2, 2015

අවම බලය, යහ පාලනය හා ගව පාලනය - Yahapaalanaya, Cowboys & Minimum Force


යහ පාලනේට අවුරුද්දක් යන්නත් කලින්, සිසු උද්ගෝසනේකට පොරි හැලෙන්නම දුන්නේය. ඒ අතින් නම් මේ ආන්ඩුව පට්ට ග්‍රේට්ය. දැන් ඉතින් ඊළඟට එන එකාට කන්න වෙන්නේ, රීප්ප පටි වලින් බැටන් පොලු වලින් නොව, මීගමුවේ ඇන්ටනී කාපූ, කටුනායක රොෂේන් චානක කාපු, රතුපස්වල රවිශාන් හා අකිලලා කාපූ ඒවා වලින්ය. ඒවායෙන් කෑවාම, ඇක්සිඩන්ට් වෝඩ් ගිහින් කෑ ගගහා අම්මලාට කතා කොරන්න ඕනා නැතිය. කෙලින්ම මෝචරියට ගිහින්, ආන්ඩුවෙන්ම දෙන පෙට්ටියක සැතපිලා, නිවනේ සැනසෙන්න පුළුවන්ය.

එයිට අමතරව, නිවන් ගියපු ඒ වීර දරුවන් බිහි කරපු දෙමාපියන්ට, සිරිසේන මහත්තයාගෙන් හරි, රනිල් ලොක්කාගෙන් හරි, කීයක් හෝ බෑන්ක් එකවුන්ට එකටත් දාගන්නත් පුළුවන්ය. ටී වී එකේ හා පත්තරවල මුල් පිටුවේ සිටිමේ වාසනාවත් හිමි වෙනවාමය. ඒ දෙන්නාම දුන්නේ නැති උනත්, මේ වගේ උග්ගෝසොන ඔලට කිරි බෙදා දුන් ජාතියේ අප්පුච්චා වන මහින්ද මහත්තයාගේ, පරම්පරාවෙන් එන බූදලයෙන්, පොඩි ගානක් කොහොමත් හම්බ වෙන්න පුළුවන්ය.

මොකෝ..., මේ, අද වෙන දේ ගැන එතුමා ඉන්නේ බොහෝම හිතේ අමාරුවෙන්ය. එතුමා කිරි දී ඇති දැඩි කල පොඩි උන්ට, වෙන උන් රීප්ප වලින් කෙලිනා කොට ඉවසාගෙන ඉන්න පුළුවන් මොන අප්පච්චිටදෝ කියා, දරු දුකා දන්න ඕනා හරකෙකුට තේරෙනවාය..

දැන් මේ කේස් එක සාධාරණය කොරනා උන් මෙන්ම, හෙලා දකිනා උන්ද බොහෝ ඉන්නවාය. මාතලන්ට නම් කියන්න තියෙන්නේ පොලීසිය මෙන්ම සිස්සයෝද, පිස්සෝය කියලා ඉතරය. ඉස්සෙල්ලාම සිස්සයෝ ගැන කතා කොරනා එක හොඳය.

මී හරක්

රනිල්ලාගෙ ගේම් අහලාවත් නැති සිස්සයෝ හෙවත්, මේ වගේ උග්ගෝසන වලට එන මී හරකුන්ට හා මී දෙනුන්ට කියන්න තියෙන්නේ, අලි ගැන අම්මලාගෙන් අප්පලාගෙන් පොඩ්ඩක් අහලා මේ වගේ ගොන් පාට් වලට එනවා නම් බොහෝම හොඳය කියලාය. මොකෝ..., ඔය අලි මද කිපිලා කෙලපු පිස්සු දන්නේ. ඒ ගොල්ලෝ නිසාය. තොපි වාගේම මී හරකුන් හා මී දෙනුන් 65000 ක්ට ඉතර, ඔය වල් අලි ගේම දීලා හුරු පුරුදු නිසාය.

මාතලන් තොපිට මී හරක් කියලා කියන්නේ. උන් ජැක් පීටර් මැක් (ජක් පිට මක්) කිව්වාම ලේසියෙන්ම දක්කන්න පුළුවන් නොම්මර එකේ හරක්ම නිසාය. මෙහෙම එන ගොඩක් උන් කැම්පස් ආපු ෆ්‍රෙෂාලාය. ඉස්සර උන්ව දක්කන්නේ ජෙප්පෝය. දැන් නම් ආරංචි වෙන්නේ, පෙරටුගාමි හෙවත් අන්ත පසුගාමි ගොන් වස්සන්ගේ වැඩක් කියලාය.

මේ රටේ ආන්ඩු පෙරලන්න තොපිට තියා, මුළු ළෝකෙන්ම සප් එක හම්බ වෙච්චි පිරබාහරන්ටත් බැරු උන එකේ. තොපේ ඉල්ලීම කවදාවත් ඔය ක්‍රමේට නම් මේ අම්මට සිරි ලංකාවේ ගන්නවා කියන එක නම් බොරුය. තොපි දන්නේ නැති උනාට, තොපි වගේ හරක්, අපි දන්නා කාලයේ ඉඳන් ඔය විදියටම කනවාය. දිවිය ළෝකේ යනවාය. ලැබෙන ලබ්බකුත් නැතිය. හම්බ උනත් මේ රටට වැඩක් ඇති දේවල්වත්, ජාතික වැදගත් කමක් ඇති දේවල් නෙමේය.

ඩිප්ලොමා, උපාධි කොරන්න තොපි ඇවිත් පාරේ ඉඳගත්තා කියා, එක පෑන් පහරෙන් කරන්න කියන්න පුළුවන් දේවල් නෙමේය. තොපි මේ දේශපාලන වැඩ වලට එනවා නම්, අඩු ගානේ ඒවා කරන්නේ කව්ද, කරන්නේ කෙසේද කියාවත් දැන ගෙන එනවා නම් හොඳය. එහෙම දන්නවා නම් මේ වගේ ගොන් වැඩ වලට එන්නේත් නැතිය. උඹලා කැම්පස් ආවාට කලටිපොල් ගැන අබ මල් රේණුවක දෙයක් සමාජය ගැන දන්නේ නැතිය. එහෙම බැලුවාම උඹලාට ගිරවුන් කියා කියන එකේ කිසිම වරදක් නැතිය.

ලේසියන් දක්කන්න පුළුවන් එකම සතා, හරකා සහ බූරූවාටත් වඩා මී හරකාය.

බල්ලෝ

අම්මපා මේ ගැන නම් කතා කොරනා එකත් අපරාධයක්ය. ජේ ආර් අප්පා ධර්‍ම චක්කරයක් මුන්ගේ අතේ ගැහුවේය. උන්නැහේට වැරදුනේ ගහපු තැනය. ඕක ගහන්න තිබුනේ මුන්ගේ පුකේය. උන් අවම බලය කියන්නේ උපරිම බලයටය. මුන් මේ අවම බලය යොදන්නේ කිසිවක් නැති කෙල්ලන්ටය.

මුන්ගේ කලිසම් ගලවා ජුන්ඩා තියෙනවාද කියා හොයන්න වෙනම කොමිසමක් දමනවා නම් හොඳය. එහෙම ඒවා නැත්නම් මුන්ට ඒ වගේ ඒවා ටිකක් සැක්ස් ෂොප් එකකින් අරගෙන හෝ හයි කොරහන් කියා රාජ්ජා ආ රාක්ෂ ඇමති, නියෝජ්ජ ඇමති, රාජ්ජ ඇමති, අර ඇමති මේ ඇමති ඔක්කෝටම යෝජනා කොරනවාය.

අළුතෙන් පත්කල පොලිස් කොමිසම මුන්ට මැන්ටල් ඩිසෝඩර් හරි වෙන මක්කා හරි තියෙනවාද කියා බලනා එක බොහෝම හොඳය. මුන් කරන්නේ කොහොමත් ගූ ගොඩක් වන පොලීසිය, අමුම අමු ගූ කන්දක් කොරනා එකය.

මුන් දැන් පිස්සු කෙලිනවාට අමතරව පට්ට ආතලුත් දෙන්නේය. ඉස්සර උන්නේ එක මාද්දිය ප්‍රොකාසකයාය. දැන් ඉන්න එකා බොරු කියන්න දන්නේ නැති නිසාදෝ, ජෝකර්ලා හතර දෙනෙක්ම මාද්දිය සාකඡ්චාවක් කියා පට්ට කොමඩි සෝ එකක් පෙන්නුවේය.

හැබයි උන්ගෙන් එකෙක් පට්ට කතාවක් නම් කීවේය. ඒක කිව්වේත් ජඩමාද්දියවේදින්ට නිසා තවත් පට්ටය. ඒ කතාව නම්, "ඔහේලා එහෙම නම්, අපිත් එහෙමයි..." කියාය. මීළඟට, ජඩමාද්දියවෙදින් ඔය කෑමම කනවා බලන්න අපිට වාසනාව හිමි වෙනවාය. ඒක නම් මහඟු පිනක්ය. මේ රට විනාශ කරපු ඕකුන්ට නෙලනවාට නම්, අපේ හිතේ කිසිම කහටක් නම් ඇත්තේම නැතිය.

කාට හෝ ගහනා එක වැරදිය. ඒත් මුන්ට නම් ගැහුවාට හිතේ කිසිම දුකක් නැතිය. මොකෝ මේ රට විනාශ කොලේ වෙනින් එකෙක්වත් නොව, තනිකරම මුන් නිසාය. විෂ නැසිය යුත්තේ විෂෙන්ම මිස වෙනින් බෙහෙත් හේත් වලින් නොවේය.

බල්ලෝ හදන්නේ ආරක්ෂාවටය. ඉතින්, "උසි බල්ලා උසි උසි..." කිව්වාම උන් අහුවෙන අහුවෙන එකා හපා කනවාය. සුවාමියා බේරනවාය. සමහර් වේසා බල්ලෝ එහෙම කොමාන්ඩ් එක එන්නත් කලින් පැන පැන හපනවාය. ඒ බල්ලන්ට නම් අපි කියන්නේ දෙක පුන බල්ලෝ කියලාය.

බල්ලන්ගෙන් වෙන ගන්නට දෙයක් නැතිය. ඕනම නම් ඔය ඩෝග් සෝ එකකට ගෙනියන්න පුළුවන්ය. මේ බල්ලෝත් එහෙම සෝ වල යනවා ඔහේලාත් සමහර විට දැකලා ඇතිය. එයාලා ගාව, කකුල් හතරේ බල්ලෝ වගයකුත් ඉන්නවාය. එයාලා නම් මෙයාලාට වඩා සේවයක් කොරනවාය. එයාලාට කියන්නේ K9 කියලාය.

ආන්ඩුව කළ යුත්තේ කුමක්ද...?

දැන් මේ කේස් එකෙන්, මේ ආන්ඩුවත් මාරම විදියට මානව හිමිකම් සුරකිනවා කියා ඔප්පු වෙලා හමාරය. අපේ රටේ ආන්ඩු මෙතුවක් කල් ප්‍රශ්ණ විසඳුවේත්, ඉදිරියට විසඳන්නේත් මෙහෙමය. අළුතෙන් ආපු මන්තිරිලාට වෙපන් ට්‍රේනින් දෙන්නේ හොඳකට නෙමේය. ඉදිරි තත්තේ, බොහෝම භයානක විය හැකිය. නියරේ මෙහෙම නම් කුඹුරේ කොහොම වෙයිද කියා හිතා ගන්නට පුළුවන්ය. මෙ වැඩෙන් යහ පාලනේ ජහ පාලනේ වෙනවාය.

කොළඹ පාරවල් වල මෙහෙම කඳුළු ගෑස් ගහනා කොට, ඉන්වේස්ටර් තියා, සිල්වෙස්ටර් ඉස්ටැලෝන් වත් මේ පැත්ත පලාතේ එන්නේ නැතිය. එක්කෝ මක්කුන් හෝ වෙසිගේ පුතාලා සෙට් එකක් කොටුව ඉස්ටේසොන් එක ඉස්සරහා උග්ගෝසනය. ඒ පාර ටික වෙලාවකින් ජනාධිපතිට සන්දේසේ දෙන්න යනවාය. හරියටම යන්නේ, දවස පුර මහන්සි වී (රජයේ සේවකයන් මීට අදාල නැත.) කට්ට කාගෙන වැඩ කරපු උන් ගෙවල් වල යන වෙලාවටමය.

මේ අස්සේ බඩ දරු අම්මලාත් සිටිනවාය. ලේඩ්ඩුත් ඉන්නවාය. අබ්බගාතයෝ මෙන්ම අන්ධ මිනිස්සුත් ඉන්නවාය. ඉතින් අර ගොන් හරකුන්ට කෙලිනා විට මේ මිනිස්සුත් නොමිලේම කනවාය. අර කොටුව ඉට්ටේසමේ ගෙදර යන කම බැටන් පොලු පාරක් කාගෙන ඉස්පිටිතාලේ ගියේ එහෙම එකෙක්ය.

ආන්ඩුවට තියෙන්නේ එක්කෝ උග්ගෝසන තහනම් කොරනා එකය. එහෙම කරාම හියුමන් රයිට් කේස් එනවා නම්, කල යුත්තේ, අඩුම තරමේ කොළඹ නගරය ප්‍රමුඛ සියළුම නගරවල උග්ගෝසන කිරීම නීතියෙන් තහනම් කිරීමය. මුළු අවුරුද්දටම් කරන්නේ එකක් දෙකක් නම් අවුලක් නැතිය. හැමදාම එක එක වේසිගේ පුතාලාගේ උග්ගෝසනය. පරිප්පු කන්නේ සමාන්නිය අහිංසක ජහ මනයාය.

ඒ නිසා වහාම කළ යුත්තේ උග්ගෝසන පැවැත්වීම සඳහා වෙනම ඉස්තානයක් වෙන රටවල මෙන් වහාම ලබා දීමය. එය ජනාකීර්න ප්‍රදේශයක් නොවිය යුතුය. උග්ගෝසන කරන උන්ට කරන්න තියෙන්නේ, ජඩමාද්දිය දැණුවත් කොට, කරනා බඩ කඩුත්තුවක් එතන කොර ගන්න එකය. එතකොට පත්තරේ ටී වී එකෙත් යනවාය. එහෙම නැතුව මේ උදේ ඉඳන් මැරි මැරි වැඩ කරලා ගෙදර යන් උන්ටවත්, ලේඩ්ඩු බලන්න එන අහිංසක මිනිස්සුන්ටවත් තොපෙ දුක කියලා වැඩක් නැතිය.

අර මම කිව්ව් විසේස ඉස්තානේ, කනත්තක් නම් වඩාත් ලේසිය. හැබයි ඉතින් ඉග්ගෝසන කොරනා කස්ටිය කලින් වේලවක් වෙන් කර ගත යුතුය. මොකෝ නැහ්නන් පෙට්ටියේ නිවන් යන්න එන එකාට නිවි හැනහිල්ලේ ඒ ගමන යන්න බැරි වෙන නිසාය. එතකොට පොලීසියේ රාජකාරියත් ඉතා පහසු වෙනවාය. කළ යුතු එකම දේ නම් පොලීසියේ මාද්දිය පොරකාසොක වාගේම. පොලිස් කොර්නල් රාළහාමි කෙනෙක් පත් කර ගැනීම පමණමය. මේ පිලිබඳ විසේසග්නයෝ, සී අයි ඩීය, කොටදෙනියාව මෙන්ම ,අනෙකුත් පොලිස් ඉස්තානවලත් ඕනා තරම් ඉන්නවාය.

ඒ වගත් මෙසේය.....

විශේෂ -  

මෙම ළිපිය ලියුවේ මීට දින කිහිපයකට පෙරය. අද දින දැන ගන්න ලැබුනේ පොඩි උන්ගේ පන යවන්න හදපු කේස් එක ගැන මාර පන මහත්තයා හෙට දින පාර්ලිමෙන්තුවේ විසේස ප්‍රකාසොනයක් කරනා බවය. එයිට අමතරව රනිල් ලොක්කාත් කොම්සමක් පත් කොරලාය. (ඒ කොමිසමේ වාර්ථාව කියවීමට මාතලන්ට මාර දොල දුකක් ඇත.)

පොඩි හෝ අක්සොන් එකක් ගැනීම ගැන යහපාලන ටොයියෝ විදියට අපි තන්තෝස වෙනවාය. ඒ වාගෙම මේවාත් ඇවන්ගාඩි, මැරියට්, වීරවංශලාගේ පාස්පෝට් වාගේ එවා නොවේවා කියාත් ප්‍රාර්ථනා කොරනවාය. 

එමෙන්ම අළුතෙන් පත් කොරනා ලද පොලොස් කොමිසමද මේ ගැන සුවාදීන පරීක්සොනයක් පත් කොරනා බවක්ද දැන ගන්නට ලැබින. ඒක සුවාදීන රූපවාහිනිය වාගේ නොවේවායි මාතලන් හදවතින්ම පතනවාය.

මේ පිළිබඳ ලියැවුනු සයිබර් ගද්‍ය පද්‍ය නිර්මාණ අතුරින්, පහත නිර්මාණය මාතලන්ගේ සිත් ගත්තේය. එය ගෙඩිය පිටින්ම මෙතන දමනවාය..

80 comments:

  1. Replies
    1. කරඬුවත් ඉක්මනම වඩියි වගේ...

      Delete
    2. කසකාරයො ,කොඩිකාරයො අන්තිමට තම ගිනිබෝලකාරයො එන්නෙ . පෙරහැරේ ඒ හරිය බලන්න ලස්සනයි. තවම අලිය නැට්ට හෙලෙව්ව විතරයි.

      ගියපාර මෙච්චර ඉක්මනට පෙරහැර ආවෙ නෑ . මේ පාර වේලාසනින්ම එනව වගෙ .අල්ගමයල (වැරදුනා රයිගම )උඩු ගම්පොලයල ( වැරදුන ගම්පොලයල ) එහෙම වෙස් නැටුම් වලට උඩ කරනම් , බිම කරනම් වලට ඇදුම් අදිනවද දන්නෙ නෑ නැටුම් කාමරවල .

      මේ පාර පෙරහැර වේලාසන වැඩිද මන්ද හබැයි කලින් එකට වඩා ලස්සනට තියෙයි වගෙ. ජෝකර්ලත් ඉන්නව. කලින් ජෝකර්ල හිටියෙ නෑනෙ.

      Delete
  2. ඊයේ රෑ සදු පොඩි මෙන්ඩාට ගෙනියන්න අර උද්ගෝෂන වලට ගෙනියන විදිහේ බෝඩ් එකක් හදලා ඒකේ ලියලා “පුංචි අපි රෑක ගනිමු“ කියලා..අද උදේ ඒ බෝඩ් එක්ක ටිචර්ලා ළමයි ටික පාර අයිනට එක්කරගෙන ගිහින් උද්ගෝෂනයක පෙරහුරැවක් කෙරෙව්වලු..
    මටනම් ඒකේ අමුත්තක් දැනෙනවා..
    විභිෂණ අඩවියට දාපු කමෙන්ට් එකම මෙතනට දානවා..
    මේකට යන්න කියන්නද එපා කියන්නද කියලා අපි දෙන්නා හෙන අසරන වුනා..

    මේ දැන් ගෙදරින් ලැබුන බ්‍රෙකින් නිවුස් එකක්
    අර ඉස්කෝලේට අරගෙන ගිය බෝඩ් එක ගෙදර ගෙනත් ඒක උස්සගෙන කෑ ගහනවලු
    “අම්මා කූක්කූ දෙන්න“
    “අම්මා කූක්කූ දෙන්න“

    ReplyDelete
    Replies
    1. Thaththata kukku.. Apita diyabath.. kiyala udgoshane karanawa kiyalayi thathu dath ayanam kiyanne.. 😆

      Delete
    2. ඇයි බං මදිද ඌ අවුරැදු පහක්ම බිව්වා...අපිත් කන බොන මිනිස්සුනේ

      Delete
    3. මේ පොඩි එකාගෙ කොමෙන්ට් එක නැගලා යයි වගේ..

      Delete
  3. මේව්වා මචං යහපාලනය නොපිට පෙරලන්න මහින්දවාදින් කරන කුමන්ත්‍රණ.. අපි ඒවා පරාජය කරන්න ඕන හිටං..

    ඔන්න ඕක තමා බං කියන්නේ මොකාගේ මුණ වෙනස් උනත් වැඩක් නෑ සිස්ටොං එක වෙනස් නොවී.. මෙතනදී මදාවි ඩීඅයිජී දිපු ඕඩර් එකක් මේ...

    ReplyDelete
    Replies
    1. මොකා ඕඩර් දුන්නත්, මොකා වැඩේ කොලත්.. ආන්ඩුව හත් පොලේ ගාගත්ත කේස් එකක් මේ..

      Delete
  4. මේ ගුටි කාපු උන් 1989 න් පස්සෙ උපන් එවුන්. අපේ ළමා කාලය ගෙවුනෙ යහපාලන ආන්ඩුවක් යටතෙ . ඒක යහපාලනයට එහා ගිය ධර්මිෂ්ට ආන්ඩුවක්.

    ඩිප්ලෝමා උපාධි කරන්න කියල මහපාරෙ කෑගහන එක නම් මාරම සාජ්ජයක් තමා.ඔය විදිඅයට විශ්ව විද්‍යාලවලට නොගිය අයටත් මහපාරෙ වාඩිවෙලා උපාධි කෙලින්ම ඉල්ලන්න පුළුවන්ද මන්ද. පෙරටුගාමී කෙනෙකුගෙන් අහල බලන්න ඕන. මුන්ව ඕනම අතකට දක්කන්න පුළුවන් නිසයි 16 ට වඩි උන්ට ඡන්ද බලය ඉල්ලල ප්‍රතිපත්ති ප්‍රකාශනවලම දාන්නෙ.

    ලියල තියනව පොරි හැලෙන්ඩම .හෙහ් හෙහ් ඇත්තට ජුන්ඩ තියනවද කියල බලන්ඩ කොමිසමක් පත් කළානම් හරි තමා.

    ඔහේලා එහෙම නම්, අපිත් එහෙමයි...// කියල දාපු පොලිස් පාට් එක මාත් අහන් හිටිය. මුන්ට සාමයෙන් වචනයක්වත් කතා කරන්න බැරි හැටි. කරුණු පැහදිලි කරන්න ගිහින්නම් වෙන්නෙ ජෝකර්ල වෙන එක. ඒ වගේම භයානක බලතල ගැන අපි දැනුවත් වෙනව.

    දවස පුර මහන්සි වී (රජයේ සේවකයන් මීට අදාල නැත.) කට්ට කාගෙන වැඩ කරපු උන් ගෙවල් වල යන වෙලාවටමය.// කට්ට කාගෙන බ්ලොග් ලියන රජයේ සේවකයන්ටත් බෙදල හොඳයි හොඳයි.


    එහෙම නැතුව මේ උදේ ඉඳන් මැරි මැරි වැඩ කරලා ගෙදර යන් උන්ටවත්, ලේඩ්ඩු බලන්න එන අහිංසක මිනිස්සුන්ටවත් තොපෙ දුක කියලා වැඩක් නැතිය.// ඇත්ත ඇත්ත

    මේ අස්සේ බඩ දරු අම්මලාත් සිටිනවාය. ලේඩ්ඩුත් ඉන්නවාය. අබ්බගාතයෝ මෙන්ම අන්ධ මිනිස්සුත් ඉන්නවාය. ඉතින් අර ගොන් හරකුන්ට කෙලිනා විට මේ මිනිස්සුත් නොමිලේම කනවාය. අර කොටුව ඉට්ටේසමේ ගෙදර යන කම බැටන් පොලු පාරක් කාගෙන ඉස්පිටිතාලේ ගියේ එහෙම එකෙක්ය.//

    අපිත් කියන්නෙ මෙන්න මේ නිසාය. මුන් දෙබරවලට ගල් ගහන්න පෙර අපට කියනවානම් කල් ඇතුව දුව ගන්නවත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවට ගාවට එන එක නතර කරලා.. ඒක නම් හොඳ දෙයක්... මොකෝ මී හරක් ටික බූරුවෝ වෙනවනේ...

      Delete
  5. මාතලන්, අපේ අම්මල බෝතලේ මුල් පදිංචි කාරයෝ

    ReplyDelete
    Replies
    1. අපේ අප්පච්චි නම් බෙලිඅත්තේ. අත්ත කඩාගෙන වැටිලා.. මලහත්තිලව්වක් වෙලා තියෙන්නේ..

      එයැයි දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කොටපු XXXX නෑ කිය කියා අඬ අඬා ඉන්නේ...

      Delete
    2. මමත් මේ මතක් වෙලා දුවගෙන ආවේ ඇනෝට උත්තරයක් දෙන්න..අපේ නම් තාත්තා තමයි බෝතලේ පංදිචි වුනේ..
      අම්මට කියහන් ඇනෝ බෝතලේ පංදිචිය සරිර සෞඛයට හොද නෑ කියලා..

      Delete
  6. ///තොපි වගේ හරක්, අපි දන්නා කාලයේ ඉඳන් ඔය විදියටම කනවාය. දිවිය ළෝකේ යනවාය. ලැබෙන ලබ්බකුත් නැතිය. හම්බ උනත් මේ රටට වැඩක් ඇති දේවල්වත්, ජාතික වැදගත් කමක් ඇති දේවල් නෙමේය.////


    දේසපාලන පක්සයක් හෝ ව්‍යාපාරයක් පිටිපස්සෙන් හිටිය සටන් උද්ගෝසන කවද්ද මාතලන් රටට වැඩක් ඇති ජාතික වැදගත්කමක් ඇතිව සිරි ලංකාවෙ වුනේ.

    එක්කො යූඑන්පී හෝ ශ්‍රී ලංකා වගේ පක්සයකට ඊලඟ චන්දයකදී බලය ගැනීමේ වාරුවක් වශයෙන්, එහෙම නැත්නම් පෙරටුගාමී වගේ අනාත වමේ පක්සයක් හෝ නැගී එන හෝ බැසී යන ජාතිවාදී ආගම්වාදී නඩයක් හෝ වීරවන්සලා වගේ කෙලවුන ගැන්ග් එකක් ජනතාවට තමන් ඉන්නවයි කියල පෙන්නන්නනෙ ඕවා කරන්නෙ.

    මේ රටේ අති බහුතර දේ වගේ සටනුත් ප්‍රොමෝෂනල් ෂෝ එකක් විතරයි. ඉස්සරහින් යන මී ගවයන් පොලීසියෙන් ගුටි කෑවොත් පිටිපස්සෙ ඉන්න හිවලුන්ගේ රේටින් තවත් වැඩිවෙනව.

    සමහරවෙලාවට ලඟදිම ඇඩවර්ටයිසිං හා ඉවෙන්ට් මැනේජින් කට්ටිය ඔය උද්ගෝසන සංවිදානය කරදෙයි. පොලීසියට ගාණක් දුන්නහම කැමරා එක ඉස්සරහ ගස්සවන්න පුලුවන්. ගුටිකන්න සටන් ජවනිකා නලුවන් නිලියන් හදාගන්න පුලුවන්. බැරිවෙලාවත් එකෙක් මැරුනොත් බෝනස්.
    ඕගනයිස් කරපු දේසපාලුවන්ට පුලුවන් මැක්සිමම් සිම්පති එක ගන්න.
    ආණ්ඩුවෙ දේසපාලුවන්ට පුලුවන් පොලීසියට බැනල තමන්ගෙ පෞද්ගලික ජනප්‍රියතාවය නග්ගගන්න. තැඹිලි පොවන්න පුලුවන්, වන්දි දෙන්න පුලුවන් , මල ගෙවල්වල කතා කරන්න, සපථකරන්න, අඬන්න. හොඳ ඉන්ඩස්ට්‍රි එකක්
    ස්කයි ඉස් ද ලිමිට් !!

    (අපිට පුලුවන් පාරෙ පැයගාණක් බ්ලොක් වෙලා ඉඳල ගෙදර ගිහින් ටීවී නිවුස් ෂෝ එක බලන්න)

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ සීරියස් පොරක් කිරීමේ ගෞරවය කාටද ඉතිං

      Delete
    2. අර ඉවෙන්ට් මැනේජ්මන්ට් වැඩේ නම් පට්ට යෝජනාවක්..

      Delete


  7. අරකත් වැරදි
    මෙහෙම කරල ඇට තලා ගන්න වෙනව
    අරම කරහම පාරේ යන මිනිස්සු රස්තියාදු වෙනව

    ළමයිත් වැරදිය
    පොලිසියත් වැරදිය
    ආණ්ඩුවත් වැරදිය
    පෙරටුගාමිනුත් වැරදිය
    මාධ්‍යත් වැරදිය
    මහින්දත් වැරදිය

    නිවරදි කුමක්ද???????

    දැන් කොහෝමද මේවා විසද ගන්න පුලුවන් කියලත් ලියල ගියානම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාව අවුරුදු විස්සකට තිහකට විතර බදු දෙන්න තියෙන්න කාට හරි කොරන්න පුලුවන් රටකට.

      Delete
    2. අර ඇනෝ ලියලා තියෙන යෝජනාවට මාතලනුත් එකඟයි...

      Delete
  8. ගූ හැලියක් රස කර කර කකා හිටපු පණුවෙක්ම ටික කාලෙකින් එළියට ඇවිත් 'මම ගූ හැලිය සුද්ද කරමි' කිව්වම හැමදාම අපි කළේ ඒ වගේ පණුවන්ට රැවටෙන එක...අතීත පාලන ගැනත්, යහපාලනේ ගැනත්, ඉදිරියට එන පාලන ගැනත් මගේ හිතේ තියෙන්නේ ඒ වගේ හැඟීමක් විතරයි...මේකට විසඳුමක් විදිහට මටනම් හිතෙන්නේ දැන් තියන සිස්ටම් සියල්ල සුන්නත්දූලි කරල දාලා...සියළු සිරි ලාංකිකයන්ගේ ඔළු මකවලා අරන් අළුතෙන් ආණ්ඩු කරවන එක...මේ මම දකින හීනයක් හොඳේ...ඇත්තට වෙනවනම් ෂෝක්...( අසංක )

    ReplyDelete
    Replies
    1. මේ සැරේ නම් මිනිස්සු රැවටුනා කියන එක මම පිලිගන්නේ නෑ අසංක.. මිනිස්සු දන්නවා ක්‍රමයේ වෙනසක් වෙන්නේ නෑ කියලා.. ඒ උනාට මිනිස්සු පුද්ගලයා හෝ වෙනස් කරනවා..

      මිනිස්සූන්ට ඕන උනේ පොල් පිත්තක් හරි රජා කරන්න. මිනිස්සු ඒ දේ කලා.. උඹ බලලා තියෙනවද රාජකපුරු නාට්ටිය...

      Delete
  9. උඹලා කැම්පස් ආවාට කලටිපොල් ගැන අබ මල් රේණුවක දෙයක් සමාජය ගැන දන්නේ නැතිය. එහෙම බැලුවාම උඹලාට ගිරවුන් කියා කියන එකේ කිසිම වරදක් නැතිය. ++++++++++++++++

    ReplyDelete
  10. පසුගිය දසක ගණනාවකට සිස්ය සටන්වලින් සිස්ය අයිතීන්වත් ආන්ඩුවෙන් කියා බදුගෙවන්ගේ අයිතීන්වත් ආරස්සා කර නොමැත.අපේ විශව විද්‍යාලවල තත්වය ලෝකයේ විශව විද්‍යාල අතුරෙන් පහලටම වැටී ඇත. කැන්ටීවල තේ බොන්නේ තවම අඬු කැඩුණු කෝප්පවලය. හිඟන කෑමය.
    දැන් පාසල්වල එනම් ප්‍රාථමික හා ද්වියිතීක අධ්‍යාපනයේ තිබෙන්නේ 75% පුද්ගලිකකරණය වූ තත්වයකි.
    ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙනගන්නා සංඛ්යාවට වැඩි ප්‍රමාණයක් විදේශවල ඉගෙනුම ලබයි.
    කථිකාචාර්‍යවරු ෆුල් ටයිම් බුකියේ කොමෙන්ට් දමති. කරන පර්යේෂණයක් නැත. පිටරට ගොස් ඉගෙන ගෙන ආවොත් ඌ ඉවරටෙම ඉවරකර දමයි. අමානුෂික නවක වදය එන්න එන්ටම දරුණු වෙයි?
    ඊට වැඩියෙ මොනව වෙන්නද?

    ReplyDelete
    Replies
    1. මට මේ මී හරක්ගෙන් හා මී ගවයන්ගෙන් එකම එක ප්‍රශ්ණයක් අහන්න තියෙනවා..

      ඒ තමයි ඒ ලෙවල් ටියුෂන් නොගිය එකෙක් හෝ මුන් අතරේ ඉන්නවද කියලා....

      Delete
  11. Replies
    1. එහෙමයි... එහෙමයි... අපේ මහත්තයා...

      Delete
  12. මාතා,

    මේ සියලුදෙනා තේරුම් ගතයුත්තේ අප රටට සිදුවෙමෙන් පවතින දෙයයි. අද රටේ ආර්ථිකය මුළු මනින් රදාපවතින්නේ මැදපෙරදිග දුක්විදින ගෑනු ටික නිසයි.
    අපි සියලුම දේ පිටරටින් ආනයනය කරන අතර කිසිදු පලදායි නිමවුමක් නිෂ්පාදනය නොකරයි (ප්‍රේමෙගේ ඇගලුම් කම්හල් වලින් රැකියා නිර්මාණය උනත් ආනයන යෙදවුම් "නුල්" පිටරිටින් ගෙන්වීම නිසා අපට ලැබෙන ශුද්ධ ආදායම ඉතා අඩුයි )

    මේ අතර ආණ්ඩුවේ රැකියා ඉල්ලා සිටින උපාධිදාරීන් පිරිසක්, ඩිප්ලෝමා ව උපාධි කරන්න කියල ඉල්ලන තව පිරිසක්, මොවුන්ගේ ඊලග උද්ගෝෂණය කෝ රැකියා යන්නයි
    පලදායි අද්යාපනයක් නොලබන මොවුන්ට අන්තර්ජාතිකව විකිණිය හැකි කිසිදු භාණ්ඩයක් හෝ සේවයක් නිපදවිය නොහැකියි.

    මේවිදියට ඉදිරියට අවුරුඋදු 20ට ආසන්න කාලයක් අපි පැමිණි ඇත. අද රටේ සිටින බොහෝ ධනය ඇති උදවිය කරන්නේ විවිද ගේම් ගසා රටේ ඇති විදේශ විනිමය තමා සතු කරගැනීමයි.

    මම උදාහරණයක් කියන්නම් හිතන්න ඔබ ඉහල දේසපාලන සම්බන්දතා ඇති පුද්ගලයකුයි කියා ඔබ කරන මුල්ම දෙයනම් විශාල බැංකු ණයක් ලබාගැනීමයි ඉන්පසු විදේශවල සිට කුමක් හෝ ආනයනය කිරීමට ණයවර ලිපියක් යෝදාගෙන භාණ්ඩ ආනයනය කිරීමයි, ඔබ මගෙන් අසයි ඇයි භාණ්ඩ ආනයනය කරන්නේ කියල? ඊට හේතුව අපරටේ ක්‍රමවේද වලින් රිංගා ගියත් විදේශවල එසේ රින්ගායමට නොහැකි වීමයි, මොවුන් නිතියනුකුල ලෙස විදේශ වල තම ආයතන පටන්ගෙන ශ්‍රී ලංකාවෙන් විශාල ධනයක් රටින් බැහැරකර නොවටිනා භාණ්ඩ ලංකාවට රැගෙන එනු ලබයි.

    මෙම ක්‍රියාවලිය නිසා පුද්ගලික අංශය අපනයන ප්‍රවර්දනය කරනවාට වැඩිය ආනයන අංශයේ කටුයතු වල නිරත වෙයි.
    අපනයන මගින් හොයන මුදලට වාඩා වැඩි මුදලක් මොවුන් මේ ගේම් ගසා හොයයි.

    ඉහත කියපු විදියට වැඩ කිරීම නිසා අපට ඇතිවී ඇති ප්‍රශ්නය නම් නව රැකියා ඇතිකිරීමට නොහැකි වීමයි. මෙය ඉතා අසාද්‍ය තන්වයට මහින්ද රජය කාලයෙම පැමිණියා, මෙනිසා තමයි ඔහු අවුරුදු 2ට කලින් මැතිවරණ පවත් වුයේ.

    මා මේගැන ඔබට කියන්නේ දැනට අපනයන වැඩවලට මා සම්බන්ද නිසයි. මම දන්නවා කොපමණ බාදක තියෙනවාද අවංකව අපනයනය කිරීමට උත්සාහකරන ආයතනයකට කියල, ඔබ පුදුම වෙයි මේ බාදක ඇතිකරන්නේ රාජ්‍ය අංශය විසින්ම කියල කිව්වොත්.

    මහින්දගේ කාලයේ විශාල ලෙස බදවා ගන්නාලද උපාධිදාරීන් හට, තමා කරන කටයුත්ත ගැන නිසි අවබෝදයක් හෝ නිසි ක්‍රමවේදයක් නෑ
    මට පෙන විදියට එවැනි ක්‍රමවේදයක් දෙසපල්කයන් ගෙන් බලාපොරොත්තු විය නොහැකියි.

    මහජනයා ලෙස අප කලයුත්තේ ආයතන ක්‍රමයේ දුර්වලතා සහ ප්‍රමාදයට හේතුවන කරුණු ගැන කතිකාවක් ඇති කිරීමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම... උඹේ කොමෙන්ට්ස් බොහෝම වටිනවා...

      Delete
  13. ඔය ළමයි ඔක්කොටම එකෙකුට ලක්ෂ 10 ක වත් වන්දියක් ලැබෙනවා.

    ඊට පසේ උන්ගේ ඩිප්ලෝමාව උපාධියක් කරලා කෙලින්ම උපාධි සහතිගේ දෙනවා ඩිප්ලෝමා විභාගෙට ලිව්වත්.

    අර පොලිස්කාරයෝ ඔක්කොම ගොල්පීස් එකට ගෙනල්ලා මුතුහෙට්ටිගම වගේ ඇමති කෙනෙක් දාලා, තනිස් කොරනවා/ගල් මුරුංගා කොරනවා/දහ අට මාසෙකට මහ උළුගෙදරට යවනවා/උන්ගේ ළමයින්ව පෙළපාලි යවනවා.......

    නොදකින් මේ මාතයාගේ කටේ සද්දෙට, බල බලා හිටිය හීනෙත් මගදී කැඩිලා, නින්දෙන් ඇහැරුණා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඊළඟ සමූළ ඝාතනයටත් පාර හැදෙයි වගේ...

      Delete
  14. පෙරටු ගාමියෝ ඉන්න උසි ගන්නවන්න
    කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ ගුටිකන්න
    කුළු පොලු පොලිස් කණ්ඩායම ඉන්නේ ගුටිදෙන්න
    මිඩියා එක ඉන්නේ ගිනි අවුලවන්න
    දේශ පාලකයෝ ඉන්නේ බෝල පාස් කරන්න

    ඉතින් මේ එකක් වත් නැතිනම් මාතලන් නුඹ මොනවද ලියන්නේ

    හත්වලාමේ මක් ලියන්නද ?

    ඇනෝ ඉන්නේ මේ ඔක්කොටොම හැමිනෙන්න

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් මට ලියා ගන්න බැරිව ඉන්න රොකට් රෝහිණී ලියනවා.. නැත්නම් මඩොල්දූව වගේ එකක් ලියනවා...

      Delete
  15. අනේ පව්...මේ ලමයි ටෙක්නිකල් වල දේශන වලට සවන් දෙමින් ඉන්න විට පොලීසියේ කාලකන්නි ඇවිත් සිසුන්ට පහර දීලා. වැඩේ නම් අන්තිම කැතයි.
    අනේ යකෝ.....පොලීසියෙන් ගැහුවද? ඉල්ලන් කෑවද? අපි නොදන්න කැම්පස්, අපි නොදන්න ශිෂ්‍ය ව්‍යාපාර.......අද වනවිට ඒ. එල්. පාස් කරලා කැම්පස් යන උන්ට ටියුෂන් ගුරාගේ නෝට් එකෙන් එහා දැනුමක් නැහැ. "හිස් මනසක්" තියන ගිරව් රැලක් කීවාට වරදක් නැහැ. ඉතින් මේවගේ හිස් මනසක් තියන එකෙකුට මාක්ස්වාදී දර්ශනය ගිල්ලවාපුවාම ඌ ඒක ගෙඩිය පිටින්ම ගිලිනවා. ඉතින් ජෙප්පොයි, කුරුටු ගාමියොයි බලාගෙන ඉන්නවා මුං එනකල් බයිට් එකට ගන්න. සමහර උන් කැමැත්තෙන්න්ම පක්ෂවලට බැදෙනවා. හුගක් දෙනෙක් බලකිරීම නිසා හෝ ගුටිකන්න බයේ බැදෙනවා. සමහර දෙනෙක් උන් මවා පෙන්වන ධනපතියන් නැති, කුල භේදයක් නැති, සුරංගනා ලෝකයට රැවටී අන්ධයන් සේ පස්සෙන් යනවා.
    ජෙප්පොයි, කුරුටුගාමියොයි කියන්නේ අනාථ වෙච්ච පක්ෂ දෙකක්. උන්ට ටිකක් හෝ බලයක් තියෙන්නේ කැම්පස් වල විතරයි. උන්ට ඕනෑ මොකක් හරි කලබලයක් ඇති කරලා "අපි තමයි ජනතාවගේ සැබෑ ගැලවුම්කාරයෝ" කියලා පෙන්නන්න. එහෙම නැත්නම් පවතින ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න.
    මේක කියවන "ගිරා සහෝදරයෝ" මෙහෙම හිතයි "මූ නම් ධනවාදී අදහස් තියන ජරා පප්පෙක්` කියලා.
    එහෙම හිතුවට කමක් නැහැ ලමයිනේ. ඔය ජෙප්පෝ 71 සහ 89 දස දහස් ගනන් තරුන තරුනියන් මිනී වලවල් වලට දැක්කුවා. ඒ ලමයි ජීවිතය පූජා කලේ මිහිපිට යුතෝපියාවක් ගොඩනගන්න.
    ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම මිනිස්සු පරමාදර්ශී සමාජයක් ගැන සිහින මැව්වා. බුද්ධාගම, කිතු දහම, කොන්පියුශස් දහම, මාක්ස්වාදය....ඔය වගේ නොයෙකුත් දර්ශන හා ආගම් වලින් "සාධාරන සමාජයක්" බිහිකරන්න පුලුවන් කියලා හිතපු අය හිටියා. හැබැයි තවමත් ඔය සාධාරන සමාජය මේ ලෝකයේ බිහිවෙලා නැහැ. මාක්ස්වාදය රටවල් ගනනාවකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලා. ඒත් ශාර්ථක උනේ නැහැ. ඔය ජෙප්පන්ට හරි කුරුටුගාමියන්ට හරි ඇත්තටම පරමාදර්ශී සමාජයක් බිහි කරන්න උවමනාවක් නැහැ. උන්ට ඕනෑ උන් කැමති විදිහේ ආන්ඩුවක් බිහිකරගෙන රජ සැප විදින්න. අනිත් අය අද වගේම දුක් විදිමින් ඉදීවි.
    හැබැයි ඉතින් ලිං මැඩියෝ වගේ හිටියාට "මාක්ස්වාදීන්ගේ මුලාව" දැනගන්න බැහැ. ලිදෙන් එලියට එන්න. රුසියාවේ, චීනයේ, කාම්බෝජයේ උනේ මොනවාද කියලා හොයලා බලන්න. අද මේ රටේ තියන කාලකන්නි පාලන ක්‍රමය හොදයි කියලා මම කිසි සේත්ම කියන්නේ නැහැ. හැබැයි ඉතින් පවතින ක්‍රමය වෙනස් කරන ගිහින් කබලෙන් ලිපට වැටෙන්න වෙයි.
    ඔය ලමයි කියයි "ඔහේ කියන්නේ බොරු. ජ.වි.පෙ. සැබෑ ලෙසම ජනතා ප්‍රස්න වෙනුවෙන් පෙනී සිටිනවා" කියලා. කථාව ඇත්ත. මසට කුකුල්ලු හදන මිනිහත් කුකුලන්ට හරිම ආදරෙයි. වෙලාවට කෑම දෙනවා. බෙහෙත් දෙනවා. හබැයි නියම වෙලාවට මස් කඩයට යවනවා.
    මේ ගඳ ගහන සමාජය වෙනස් කල යුතු බව පැහැදිලියි. හැබැයි ඒක හිතන් තරම් ලේසි නැහැ.

    ReplyDelete
    Replies
    1. හොඳම කොමෙන්ට් එක කිව්වොත් නොවැරදියි.. ඉතාම සරළව කිව යුතු දේ සියල්ලම කියලා තියෙනවා.. බොහෝම ඉස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
    2. මාතා,

      ඇනොගේ නියම කොමෙන්ටුව. අපි ලෝකය දිහා බැලුවොත් සමස්තයක් ලෙස මිනිසුන් ගේ ජිවන තත්වය දියුණු වී ඇත්තේ දනවාදයෙන් පමණයි.
      නිකන් හිතන්න අද මේ කුරුටුගාමින් සහ වාමන්ශිකයන් මීට දශක කීපයකට පෙරසිට උද්ගොෂණ කළා, නමුත් කෝ ඔවුන් අද ? වයසට යාමත් සමග
      ඔවුන් තේරුම් ගන්නවා මේ වමන්ශිකයන් ගේ සුරංගනා ලෝකය පිලිබදව.

      ඇත්ත ලෙස ආරම්බයේ අඩු වැටුපට වැඩකිරීම සහ සේවක අයිතිවාසිකම් අවම කිරීම නිසා සිදුවන්නේ රටට ආයෝජකයන් පැමිණීමයි, මෙනිසා රැකියා බිහිවෙනවා. රැකියා ප්‍රමාණය ඉල්ලුමට වැඩිය සැපයුම වැඩිවුණ විට සේවකයන් තම ආයතනයේ තබාගැනීමට ආයෝජකයන්ට සිදුවෙනවා ඉහල වැටුප් ගෙවීමට
      මෙනිසා මිනිසුන්ගේ ජිවන තත්වය උසස් වීමයි සිදුවන්නේ.

      ඇනෝ කිව්වා වගේ වාමාංශික පොප්ලොට් කාම්බෝජයේ සිදුකල දෙය බලන්න වටිනවා https://www.youtube.com/watch?v=1-SI8RF6wDE
      ලංකාවේ විජේවීර රජය ගත්තනම් මෙයයි සිදුවන්නේ.

      මිට හේතුව මෙම වාමන්ශිකයන්ට ලෝකය සමග ගනුදෙනු කිරීමට නොහැකි කමයි.

      Delete
  16. ඇත්තටම ගෑනු අයට පහර දෙන්න පිරිමි පොලිස් කාරයන්ට බැරිද? වෙනරටවල නම් එහෙම නීතියක් නෑ. ඇති තරම් ගෑනුන්ට ගුටි කන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං නැත්තන් පොලිස්කාරයොන්ට තමන්ගේ ගෑනිටවත් ගහන්න බැරිවෙනවා. වෙන එවුන්ට තමා ගහන්න වෙන්නේ.

      Delete
    2. කව්ද අනේ එපා කිව්වේ.. ඔයිට එහා ගැහිලිත් ගහනවා.. ඔය පාරේ ඉන්න අම්බපාලියකුගෙන් ඇහුවා නම් නියමෙටම කියයි...

      Delete
  17. මම මුකුත් කියන්නෙ ම නෑමයි.......
    හිත රිදෙන කතන්දර බෝමයි............

    එච්චරයි......... ආ තව දෙයක් අමතක උණා...... සුපිරියි............

    ReplyDelete
    Replies
    1. මාත් මේ නොකියා ඉන්න බැරිම තැන ලිව්වේ...

      Delete
  18. වෝඩ් ප්ලේස් එකේ තියෙන විස්ස විජ්ජාල කොමිසම කඩුවෙල දිහාට ගෙනිච්චානම් ඔය ගුටි කෙලි මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. කඩුවෙල බෑ නේ... ඊයේ තහනම් නියෝගයක් අරගෙන තිබුනේ.. ඒ පොලීසියෙන්.. අඩු ගානේ ඒකේ ඕ අයි සීට මොළේ කියලා එකක් හරි තියෙනවා...

      Delete
  19. විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට , පිකටින් , පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.


    සෝමවංස අමරසිංහ – 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන , නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    කුමාර් ගුණරත්නම් – 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. This is the best comment.

      Delete
    2. ඔයි කොයි විප්ලවකාරයත් හැමිනෙන්නේ ඔය ටිකට තමයි...

      ඇන් ඇම්ගේ ගෙදර විමලෙලා ගොන්මන්පිලලා රැස්වෙන්නේ ඒකනේ...

      Delete
    3. //විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට , පිකටින් , පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.//


      විමල් ලා ගත් ඵ් ආතල් අනුර කුමාරලාගේ මසුරන් වටින කටවල් විසින් අහවරකොර දමන ලදි.
      ෆොරින් ටුවර් කෙසේවෙතත් වීරවoශ යා යුතුව තිබුනේ හිරගෙදරටය.
      නමුත් නීතියේ පාලනය ගෑන මොරදෙන රනිල් වික්‍රමසිහ ඩිමොක්‍රටික් ජෙන්ට්ල්මන් ඔහුව හිරගෙදරින් මුදවා රජ ගෙදරට ගෙනාවේය.
      ඵය ලoකාවේ පොන්න දනපති පක්ශවල පොන්න කමය.
      රටේ චන්දදයාක පොන්නයෝද ඵ පොන්න කමට අත්පොලසන් දෙති.......ඉතින් අප කුමක් කරන්නද?

      ජවිපේ විමල් වීරවoශලා සම්බන්දව තමුන්ගේ කාර්යය කර තිබේ....දෑන් විමල් නම් දූශිතයා පිළිබදව දනපති පාලකයන් ගේ වෙලාවය............

      බුදුන් වහන්සේට ගල් පෙරලු දේවදත්තයාද ජේසුතුමාව පාවාදුන්නේ ජුදාස්ය.

      බුදුන්වහන්සේ ලග දේවදත්තයා මහනවී සිටි පමනින්ද,
      ජේසුතුමාලග ජුදාස් ගෝලයකුව සිටි පමනින්ද,
      ශ්‍රී සම්බුද්දසාසනයටවත්,ක්‍රිස්තියානිය වත්වෑඩක් නෑතෑයි කියන්නට අපි මෝඩයන් නොවෙමු.
      අලිබෙටි කන්නන්ට හා බුලත් කෙල බොන්නන්ට බුදුරජානන්වහන්සේට වෑඩිය දේවදත්තයා වටින බව අපි දනිමු.ඵ් උන්ගේ උදත්කමේ තරමය.....චින්තනයේ දිග පලලය....අපි කුමක් කරම්ද?

      Delete
  20. විජේවීර මළේය. සන්නද්ධප්‍රේමී අනෙකුත් නායකයෝද මළෝය. නව ජවිපෙ නායකයෝ සන්නද්ධ මාවත අතහැරියහ. ඒ අනුව 90න් පසු දශකයක හමාරක පමණ කාලය තුල අන්තරයද ප්‍රචණ්ඩකාරීත්වය පෙන්නුම් කෙළේ සීමාවක් තුල හිඳගෙනය. මන්ද ඒ වන විටත් අන්තරය ජවිපෙ අතකොළුවක් වූ නිසාම ය. ජවිපෙ ලඟ ලඟම දෙවතාවකදී බිඳී ගියේය. පළමු බිඳීම වූ වීරවංශගේ බිඳීමේදී වීරවංශට ජවිපෙ ශිෂ්‍ය අංශයට කළ හැකි බලපෑමක් නොවීය. නමුත් දෙවන බිඳීම වූ කුමාර ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයාගේ බිඳීම ඊට සහමුලින්ම වෙනස් විය. කුමාර ගුණරත්නම් ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම තමා සතු කරගත්තේය. එනම් අන්තරය සහ මුලින්ම කුමාර ගුණරත්නම් තැනූ පෙරටුගාමී පක්ෂයේ අතකොලුවක් බවට පත්විය.

    කුමාර මහත්තයා කණ්ඩායමක් සමග ජවිපෙන් කැඩෙන බව මේ ලියුම්කරු වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාට කීවේ ඔවුන් වෙන් වීමට මාස 4 කට පමණ පෙරය. ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයා වූ හෙන්දාවිතාරණ විසින් ජවිපෙ කෑල්ලක් කඩන බවට වහසි බස් දෙඩුවේ කුමාර මහත්තයා ඉවත් වීමට මාස 4 කට පෙර ය. ඒ බව වාර්තා වූ මෙම ලියුම්කරු ඒ බව අනුර දිසානායකට දැනුම් දුන්නේය. කුමාර මහත්තයා හෙවත් කුමාර ගුණරත්නම් ජවිපෙන් කඩාගෙන ගියේ කිසිදු වාස්තවික හේතුවක් මත නොව හුදු ගෝඨාභය රාජපක්ෂලාගේ ජවිපෙ කෑලි වලට කැඩීමේ ප්ලෑන අනුවය. ඊට හොඳම උදාහරණය කුමාර හැදූ පෙරටුගාමී පක්ෂයේ මූලික තර්කය වූයේ ජවිපෙ ජාතිවාදී යන්නය. ඒ එසේ නම් ජවිපෙ යුද්දයට සහාය දුන් කාලයේදී කැඩී නොගොසින් ජවිපෙ රාජපක්ෂ රෙජීමයෙන් මතවාදී වශයෙන්ම වෙන් වී රාජපක්ෂ විරෝධීන් වූ පසු කැඩුනේ ඇයි? ජවිපෙ ජාතිවාදී නම් ඒ ජාතිවාදී කාලයේ උපරිමය වූ ජවිපෙ - රාජපක්ෂ ගජ මිතුරු කාලයේදී වෙන්විය යුතුය. එකලද ජවිපෙ අභ්‍යන්තර නායකයා වූයේ කුමාරම නොවේද? ඔහුට එකල ඒ ගැන වගකීමක් නොතිබුනා ද? ඒ සියළු කතා බොරුය. කුමාර ගුණරත්නම් ජවිපෙන් කැඩුනේ ගෝඨාභයලා හෙන්දාවිතාරණලාගේ ප්ලෑන මතය. (වෙනත් හේතුද නොතිබුනා නොවේ)

    http://lankaenews.com/news/2981/si

    ReplyDelete
    Replies
    1. රන් මසුරන් ළිපියක්...

      Delete
  21. අන්තරයට ජය වේවා. අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. That's the reality.

      Delete
    2. බල්ලෝ සදට බුරති.
      සද හෑරිලාවත් බලයිද?

      උඹලා වගේ මෝඩයන්ට උත්තර් දෙන්න අන්තරේට වෙලාවක් තියනවද?
      අන්තරේ උන් කුහකයි කියමුකෝ?
      කෝ මේ පහුගිය අවුරුදු දහය දොලහේදී පයිවට් ඩිග්‍රි ගත්ත මහලොකු උගත් දක්ශ සුපර්මෑන් පයිවට් ඩිග්‍රිකාරයො ටික?
      වරෙල්ලකෝ....උබලගේ පයිවට් ඩිග්‍රිවල මහානුබාවයෙන් ලoකාව දියුනුකරලා පෙන්නපල්ලාකෝ උබලගේ මොලෙන්.
      අපිත් දෙනවා පුල් සපෝට් ඵක.

      Delete
  22. අපිත් ඔහොම ගිය හැටි මතකයි
    ගුටි කෑ හැටි මතකයි .
    මට හොඳ හැටි මතකයි .

    ජීවිතේ සමහර දේවල් වැටහෙන්න කාලයක් යනවා ,ඒ වෙනකොට අර නිෂ්පල ලෙස දකින බොහෝ දේවල් වලට සහභාගී වෙලා ඉවරයි , කාලය වටින්නේ ගිලිහුනාම

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඉවාන් අයියේ.... කදුළු ගැස් සැර තාම දැනෙනවා...

      Delete
    2. ඒවයෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් කිසි අවුලක් නෑ..

      Delete
  23. කමිටු පත් කලා කිවුවට තමන්ගෙම වැරදි ගැන හොයන්න පත් කරන කමිටු වල වාර්ථා එවීම කෙසේ වෙතත්, කමිටුවට ඊට පස්සේ මොකද උනේ කියලවත් හොයා ගන්න බැරි වෙයිද දන්නේ නෑ.. ඉස්සර වගේම..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන පට්ට්ම කොමඩියක් තමයි...

      Delete
  24. කලින් ආන්ඩුව කාලෙ අන්තරේ මල්ලිලට නෙලද්දි හුරේ දාපු අයියල අද මල්ලිලට නෙලද්දි කිබුල් කදුලු හෙලනව. ඒ කාලෙ මල්ලිලාට පන දෙන්න හදපු අයියලා තොපිලට ඔහොම වෙලා මදි කියනව.... විශ්ව විද්යාල මල්ලිල නංගිලා ඔලු පලාගෙන හිටන් පැත්තක ඉන්න අන්තරේ අයියලාට ජනමාද්ය වල වේදිකාවක් හදල දෙන සාම්ප්‍රදායික විදිහෙ විරොධතා ක්‍රමවලින් බැහැර වෙන්නත් පොලිස් මාමලට දියුනු මට්ටමෙ පිරිස් පාලන ක්‍රම හොයාගන්නත් කාලෙ හරි..

    ReplyDelete
    Replies
    1. ඒවා කෙසේ වෙතත්... ආයෙත් විප්ලවයක් ඇති වෙයිද කියලයි මට බය.. ආන්ඩුව ඒ තරමටම චොර...

      Delete
  25. දුකම කතාව -

    ඕකුන්ට දෙන්න ඕනෙ පොරි හැලෙන්න. උන් තමා යහපාලනේට කඩේ ගියේ..

    -බුකියේ හිතවත් බයියෙක්

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
  26. ඔය උඩ පින්තූරෙ හැටියට තමා ලංකාවෙ පොලිසියෙ වගේම බොහෝ දෙනෙකුගෙ ඇත්ත කතාව. තමන්ට වඩා දුබලයෙක් දැක්ක තැන වට කරගෙන ගහනවා. එහෙමත් කරල සදාචාර සම්පන්න මිනිස්සු විදියට පෙනී සිටිනවා.
    ඒත් ප්‍රබලයෙක් අතින් වරදක් වුන තැනදි ඒ දේ නොදැක්ක වගේ ඉන්නෙත් මේ මිනිස්සුම තමා.

    ඔය දේ වෙනස් කරන්න නම් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ. අඩුමගානෙ අලුත් පරම්පරාව හරි මේ යන රැල්ලට නොයන විදියට පාසල් ව්‍යුහය තුල යහපත් ආකලප ඇති කරන්න කටයුතු කරනව නම් අපේ රටේ අනාගතය සුරක්ශිත කරගන්න පුලුවන් වෙයි. එහෙම නැති වුනොත් හෙට දවසෙ සමාජගත වන තරුණ තරුණියො උගත් අමනුස්ස මෝඩයො වේවි

    ReplyDelete
    Replies
    1. "උගත්"......

      හිකෑස් පුහ්.... ලංකාවේ කොහෙද උගත් බුද්ධිමත් උන්... නොම්මර එකේ ගිරව් ටිකක් නම් ඉන්නවා.. මෙළෝ රහක් නැති..

      Delete
  27. Elama supirima post eka. Mun hithanne me news balanne appatasiri lankawe samaharak witharai kiyala. Hambawei Geneva walin kana pelenna. Police, SF, Army ape ewunta mehema selakuwanam hithaganta puluwan demalunta gahapu gehilla.. Ussi Geneva ussi.. MR , MS okkoma widuliputuwata yawala ballo wage maranna on. Police pathi madya prakashakage dtadeka kapanna oni polla police..!!! Hitan..!!

    ReplyDelete
    Replies
    1. මේකට ඇමරිකාව මොකද දන්නෙ නෑ කියන්නේ...

      Delete
  28. ආයේ අපරාදේ කියන්න බැහැ වෙනස වෙනස කිව්වාත් කිරිමාමා ගිය පාරේම යන්න වගේ යහපාලන සෙට් එක හදන්නෙත්.හැබැයි කිරිමාමා දාපු සෙල්ලම් නම් යහපාලකයන්ට දාන්ට දෙන්ට හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ගෙන පස්සෙ තත්වය එන්න එන්නම දරුණු වෙනවා මිසක්.. ඉදිරි දැක්මක් නම් නෑ වගේ...

      Delete
  29. රෝහණ විජේවීර කියන අවජාතකයා ගෙන් ඔළු කුරුවල් කරගත්තු හැත්ත ඛාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්.. එක ඛාණ්ඩයක් අර කිව්ව වගේ මී හරක් රැලක් වගේ ඕන ඕන විදියට දක්කන්න පුළුවන් සහ විප්ලව සහ වික්‍රම වල නාමෙන් ළිං වලට හරි පනින්න සූදානම්... එහෙම වෙච්ච එව්වෝ වැඩි ප්‍රමාණයක් විප්ලව කොරන්න ගිහිං කූරිය ගැහුවා.. ඉතුරු වෙච්ච එවුං තාමත් පෝස්ටර් ගහනව , පෙළපාලි යනව. අනිත් ඛාණ්ඩය විප්ලව වික්‍රම අතෑරලා ජොබක් කාරිය කරගෙන පාඩුවේ ඉන්නවා, එක්කො තැනකට ඇවිත් අර මීහරක් ටික විප්ලව වික්‍රම වලට දක්කනවා. තවත් සමහරු (විමල් වීරවංසල වගේ එවුන්) ඔක්කොම අතෑරලා දාල පුල් මාවලස් විදියට ඉන්නව...

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ.. එහෙම පුල් මාවලස් එකේ ඉඳගෙනත්.. තාමත් ගව පාලනය අත අරින්නේ නැති වීම... අම්මපා මේ වේස කොල්ලන්ට කෙල්ලන්ට මොළේ කියලා එකක් නැද්ද..

      ඊයේ බුකියෙදි එකෙක් මාත් එක්ක හෙන ආගිව්මන්ට් එකක්.. පස්සෙ මට දුක හිතුනා.. හරක්ට මොළේ දෙන්න බෑ නේ බං..

      අන්තීමට ම්ම උන්ගේ සටනට ජයවේවා කිව්වා..

      Delete
    2. @ සජ්ජා

      රෝහන විජේවීර කෙසේවෙතත් තමුන්නෑහේ නම් සුජාතක නොවන බව පෙන්නලා ඉවරයි ආයිබෝවන්ඩ.
      තමුන්නෑහේට විප්ලව කිව්වම චූ යන්නේ තමුන්නෑහේගෙ ගේ පොඩ්ඩ වාහන පොඩ්ඩ ඵහෙම ඵහෙම රජයට පවරගනී කියන මෝඩ බීතිකාවෙන් පෙලෙන හින්දා වෙන්ඩ ඈති.
      උබලා වගේ මෝඩයන්ට පොඩි බිල්ලෙක් මවලා පෙන්නපුහාම ඔන ගූ ගොඩක් ඈදගන්න පුලුවන් උබලගේ කරපිටින්ම.අවුරුදු 65ක් පාලකයො කලේ ඵ්ක තමයි !
      අනේ උඹල වගේ පොත පතක් පත්තරයක් නොකියවන මෝඩයෝ.................

      විජේවීර ජවිපෙ නොහදන්ඩ ලoකාව කොන්ගෝවක් නයිජීරියාවක් වෙලා ගොඩක් කල්.

      දර්මිශ්ඨ උන්නෑහේ,පුශ්පකුමාර,සාමවතී,චුයින්ගම්,පොල් රෑවුලා,පබ සේන.....ඵකී මෙකී නොකී ලoකාව පාලනයකරපු ජෝකර්ල ඵක්ක ගත්තහම විජ්වවීර කියන්නේ ලෝකයක් වටින මිනිහෙක්.
      වෑඩේ කියන්නේ උබලා වගේ කලදුටුකල වල ඉහගන්න ඵදාවේල ටුවර්ස් බිසිනොස් කාරයන්ට ඔක තේරුම්ගන්න මොලයක් නෑති ඵක.හෑමදේටම වෑඩිය උහක කම ලොකුයි නෙ බන් !නේද?

      Delete
  30. ඔය කොමිසමේ වාර්තාවත් තාජුදින් වෙන එක නම් සුවර්. අපි නොදන්න රනිල්.

    ReplyDelete
    Replies
    1. තාජූඩින්ගේ වලෙන් එනවලු පත හිනාවක්...

      චෙක් කරලා බැලුවාම.. ඌ පුකෙන් හිනා වෙන්වලු...

      Delete
  31. “කාලය සේරම පුරස්න විසඳාවි“ ඔන්න පාලක උත්තමයො හැමදාම හිතපු විදිහ. කල් මරන්න කමිටු දාල රස්නෙ යනකං ඉන්නව. මාධ්‍ය කාරයොත් ලෙවකන්න අලුත් මස්කට්ටක් හම්බ වෙනකං කෑ ගහවි එච්චරයි හැම දාම උනේ ඒච්චරයි

    ReplyDelete
    Replies
    1. ඔය ගොනානේ නේ කිව්වේ යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියලා.. මුන්ට යුද්දෙ දුන්නා නම් හෙම අම්මට හැමනිලාම තියෙයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න