.

.

Feb 22, 2016

මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ - Tribute to Anton Jones

 
 
මාතලන්ට මතක ළමා කාලයේ ආරම්බය ගෙවෙන්නේ බයියන් රජකල යුගයකය. එකල රට පාලනය කලේ බයියන් පමණක් නොව මෙළෝ රහක් නැති සමාජවාදි කාරයෝය. මහින්ද යුගයේ වගේම සට්ටැඹි කලාකාරයෝ පිරිසක් අම්මට සිරි ලංකාවේ තිබුනු එකම හුලං විදුලි සේවය උන්ගේ බූදලයක් කරගෙන සිටියේය. උන් ප්‍රචාරය කලේ ජාතිකාභිමානී ගීත පමණි. උන් කැමති දේ අපිට බලෙන් දුන් අතර, අපට කැමති දෙයක් කිරීමේ නිදහස සම්පූර්ණයෙන් අහුරා තිබිනි. කොටින්ම බත් කෑම පවා තහනම් කර තිබිනි.
 
ලංකාවේ ජනප්‍රියම ගායකයා වන ජෝතිපාලගේ කිසිම ගීතයක් උන් ප්‍රචාරය කළේ නැත. කන්ඩායම් ගීත වලට හා බයිලාවලට කිසිඳු තැනක් තිබුනේ නැත. කන්ඩායම් ගීතයට ඉන්ගිරිසි සේවය විජය කොරයා අවස්තාවක් ලබා දීමෙන් පසු. විනාඩි 15 ක් වෙන කර ගත්තේ බොහෝම අමාරුවෙන්ය. බයිලා වලට තිබුනේ මුලු සතියටම විනාඩි 15ක් පමණි. ඒ ඉරිදා දවල් 12:30 සිට 12:45 දක්වා පමණි. ඉන් පසු ප්‍රචාරය වූයේ දිවා ප්‍රවෘතිය.
 
කෙසේ හෝ ඉරිදා දිනයේ වෙළඳ සේවය ඔස්සේ ප්‍රචාරය උන වැඩ සටහන් කීපයකම තේමා වාදනය ලෙස ප්‍රචාරය වූයේ මේ පහත් තිබෙන ගීතයේ වාදනයයි. මාතලන් මේ තේමා වාදනයට බොහෝ ප්‍රිය කල අතර  එය ගීතයක් බවත් එය ගායනා කරන්නේ ඇන්ටන් ජෝන්ස් නම් ගායකයකු බවත් ගීතයේ නම "සීගිරි ගිරි සිකරය" බවත් දැන ගැනිම කෙලවර වන්නේ, ඒ ගීතය ඇසීම සඳහාම ටේප් රැකෝඩරයක් ගෙදරට ගෙන ඒමය.
 

 
ඒ කාළේ ඇන්ටන් ජෝන්ස් ගායන කර තිබූ "ගල්කිස්සේ මූදූ වෙරලේ" (ෆ්‍රෙඩී සිල්වා සමඟ) මෙන්ම, "අඳින්න මිනි ගවුම අඳින්න",  "කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන", "හාරලක්ෂෙ", "ඔමල පපා කොමල පපා අපේ ලඟට එන්නකෝ" වගේම "කන්දේ හැපුන මහ වනන්තරේ" මාතලන්ගේ ෆේවරිට් සින්දු වන්නේ, තාත්තා ගෙනත් දුන් මේ පිලිප්ස් රැකෝඩරයට පින් සිද්ද වන්නටය.
 
එසේ ආසා කරපු ඇන්ටන් ජෝන්ස්ගේ ෆොටෝ එකක් දැක ගන්න හම්බ වෙන්නේ ජේ ආර් පප්පාගේ ඕපන් ඉකොනමි නිසා ආපු කැසට් පටි නිසාය. දැන් තිබුන ආසාව උනේ කොහොම හරි ඇන්ටන් ජෝන්ස් ඇත්තටම බලා කියා ගන්නා එකය. ඒ වාසනාව හිමි වන්නේ රැලට වැටුන කාලයේය. අපේ පවුල් වල උන් සංගීත කියන්නේ මොනවාද කියා දැනගෙනවත් උන්නේ නැති කාළෙක, සංගීත ඉතරක් නොව වාද බයිලා පවා බලන්න යන්නේත්, සමාජය හා රට තොට ඉගෙන ගන්නේත් මේ රැලේ වැටීමට පින් සිඳු වන්නටය.
 
මාතලන් ඇන්ටන් ජෝන්ස් ඉස්සෙල්ලාම දැක්කේ ආමර් වීදියේ මියුසිකල් ෂෝ එකකදීය. ඔහු ඉතා කඩවසම් පුද්ගලයෙකි. . ඇඳුම පැලඳුම ඉතා පිලිවෙලය. කොන්ඩය ක්‍රීම් ගා මනා ලෙස පීරා ඇත. බොහෝ නිහතමානිය. කලබලයක් නැත. මා දන්නා තරමින් කිසිඳු සංදර්ශනයක අනෙක් ගායක ගායිකාවන් හා ප්‍රශ්ණ ඇති කරගෙන නැත. සංවිධාකයින්ට කිසිඳු ප්‍රශ්ණයක් ඇති කර නැත්තේය.
 
ඉන් පස්සේ අපේ හන්දියේ උන්ද සම්බන්ද කරගෙන පවත්වන පට්ටිය හන්දීයේ සංගීතයට, ඇන්ටන් ජෝන්ස් ගෙන්නුවේ අපේ නෑවෙන එකෙක්ය. කියන්න ඕන සින්දු ටික සිලෙක්ට් කිරීමේ වාසනාව හිමි වූයේ මටය. අර යකා සල්ලි කාරයා නිසා, ඇන්ටන් ජෝන්ස් සහ ඔහු එක්ක එන සෙට් එක ඉස්සෙල්ලාම ආවේ අරූගේ ගෙදරටය. අපි පොඩි උන් නිසා අපිව පයිසෙකට ගනන් නොගත්තත් ,මම මේ අපූරූ මිනිසාට වශීවී සියෙමි.
 
ඒ ඔහුගේ හඬට හා රුවටය. ඇන්ටන් ජෝන්ස්ට හිටිවන බයිලා ගැයීමේ හැකියාව තියේ කියා දැනගත්තේ දැණුම් තේරුම් ඇති කාලයේ අර යකාගේ ගෙදර පැවති උත්සවයකදීය. එදා ඔහු අපේ යකා වර්ණනා කරමින් අපූරු ගීතයක් ගායනා කල අතර මගේ ප්‍රියතම ගීතය වන, "කන්ද උඩරට සිරි දළදා මැදුර"ද ගයා මගේ ඉල්ලිමද ඉටු කලේය.
 
ඇන්ටන් ජෝන්ස්ට අනෙක් ගායක ගායිකාවන්ට නැති වාසනා ගුනයක්ද විය. ඒ බොහෝ සංගීත සංදර්ශන වලදි සංවිධායකගෙන් ලැබෙන මුදලට අමතරව එම ප්‍රදේශයේ අයියාගෙන් ඉස්ටේජ් එක උඩ ලැබෙනා මොණර කොල මල් මාලයයි. ගමේ අයියලා මෙන්ම පාතලේ නායකයෝ පවා මේක ට්‍රෙන්ඩ් එකක් කරගෙන තිබූ අතර, අපේ හන්දියේ සෝ එකේ මේ වරම හිමිව තිබුනේ පොඩ්ඩේ අයියාටය.


 
පොඩ්ඩෙ අයියාලාගේ කල්චර් එකට ඇන්ටන් අල්ලලා යන්න ඇත්තේ, "නිර්භීත මරු සිරා", "පොලොන්නරුවෙ පොඩි විජේ" වගේ එයාලාගේ සෙට් එකේ බයිලා නිසා වෙන්න ඇතිය. දෙශප්‍රේමි බයියලා අතරේ ජනප්‍රිය වන්න ඇත්තේ, "හසලක ගාමිණි" සහ "සේපාල ඒකනායක" නිසා වෙන්න ඇතිය. ටොයියන් අතරේ ජනප්‍රිය වෙන්නේ "මිනි ගවුම" හා "කන්තෝරුව" නිසා වෙන්න ඇතිය. "කන්දේ හැපුන මහ වනන්තරේ", "සුළි සුළං හමාලා" සහ මාතර නිල්වලා ගඟේ ඛේදවාචකය වන, "ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි" හේතුවෙන සාමාන්නිය ජනතාව ඔහුට කැමති වෙන්නට ඇතිය.
 
ඔහු ගායනා කලේ ලංකාවේ මෙන්ම ළෝකයේ කතා බහට පත් වූ කාරනාවන්ය. එක අතකින් බලන කල ඔහුගේ ගීත තුල එම සිද්දීන් වල ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම අඩංගු වන්නේය. සම හරක් මෙය විවේචනයටද ලක් කල නමුත්. මාතලන්, "ප්‍රේමවති මනම්පේරි"යගේ ඥාතීන් හමුවී කතා කල අවස්ථාවක දැන ගත්තේ ඔවුන්ගේ කිසි විරෝධයක් නැති බවත්. ඇන්ටන් ජෝන්ස් නිසා අද සමාජයත් ප්‍රේමවති මනම්පේරී කියන්නේ කව්ද කියා දැන ගන්නා බවත්ය. කෙසේ හෝ පසු කලෙක ඔහු මෙම ගීතය හා මතුගම "සමන් කුමාර "සිද්දියේ ගීතය ගායනා කිරීම විවේචන නිසාම නවතා දැම්මේය.
 
 
 
බයිලා ගීත ප්‍රිය නොකරන උන් පවා ඇන්ටන් ජෝන්ස් ප්‍රිය කලේ ඔහු ගැයූ ගීත වල අඩංගු වූ ප්‍රස්තුත කාරනාවන්ම නිසාම වෙන්නට පුළුවන්ය. අනික් හේතුව ලෙස මාතලන් දකින්නේ ඔහු වැදගත් යයි සම්මත ආයතනයක රැකියාවක් කිරීමයි. එමෙන්ම ඔහුගේ වැදගත් පෙනුමද ඊට ඉවහල් වන්නට ඇතිය.
 
මාතලන් ඒ කාළේ සංගීත වලට ගියේ ප්‍රියතම ගායකයින් කීප දෙනෙක් දැක ගන්නටය. ඒ ජෝතිපාල, මිල්ටන් පෙරේර, මිල්ටන් මල්ලවආරච්චි. MS හා ඇන්ටන් ජෝන්ස් දැක ගැනීමටය. පස්සෙ කාලේ ගියේ විශේෂයෙන් චන්ද්‍රලේඛා හා ඇන්ටන් ජෝන්ස්ගේ ගීත විඳීමටය. මාතලන් ගායිකාවන්ගෙන් කැමතිම චන්ද්‍රලේඛාටය. බයිලා ගායකයින්ගෙන කැමතිම ඇන්ටන් ජෝන්ස්ය.
 
ඇන්ටන් ජෝන්ස් මියගිය බව දැනගත්තේ චන්ද්‍රලේඛාගේ "හිරු ටී වී අන්ප්ලග්" නැවත් නරඹමින් සිටිද්දී වීමත් පුදුම සහගතය. චන්ද්‍රලේඛා කවදා හෝ දැක ගන්න ලැබුනත් ආයේ කිසි දිනෙක් ඇන්ටන් ජෝන්ස් දැක ගැනීමට ලැබෙන්නේ නැත. ඇනටන් ජෝන්ස් කිව්වා වාගෙම අවසාන වශයෙන් මාතලන්ට කීමට ඇත්තේද මෙයමය.
 
මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ, කාගෙද මට වරද නොතේරේ....

කළාකරුවන්ට මහත් සේ ආදරය කරන හා උදව් උපකාර කරන චන්දන  ගුණසෙකරගේ ළිපිය << මෙතනින් කියවන්න >>..
 

86 comments:

  1. මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ !

    ReplyDelete
    Replies
    1. කාගෙද මට වරද නොතේරේ...

      Delete
    2. කල්ලතෝනි...
      මෙන්න මෙහෙමයි එදා එට්කා ආවේ..
      https://www.youtube.com/watch?v=Baql6tgMKcQ

      Delete
  2. ඇගෙ පතිවත බින්දා...
    සාන්ත අන්තෝනිමුනිතුමා.....
    ඔබෙගුන ගයමි අද මෙමා....
    මරලාද එල්ලුවෙ එල්ලලාද මැරුවෙ...
    කලුතර ගං කොමලි නිල්වලා......
    ගල්කිස්සේ මූදුවෙරලේ..
    ඉරිදට ගිහින් බලන්න....
    බැරිනං සඳුදට යන්න.....

    ReplyDelete
    Replies
    1. පතිවත කෙලසලා ඇගේ
      මැරුවේ තිරිසනෙක් වගේ
      සාන්ත අන්තෝනී මුනිතුමා

      Delete
  3. සමාදානයේ සැතපේවා

    ReplyDelete
  4. අතීතයට එක්‌වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක්‌ අපේ සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ශිල්පියෙකු වේ ද ඒ "ඇන්ටන් ජෝන්ස්‌"ය. ඔහු "මරු තුරුලට අරං ගියා -මුළු සිරිලක දුකෙහි ගිල්වලා"
    සුභ ගමන් !!!

    "කන්දේ හැපුන මහ වනන්තරේ dc 8 අහස් යන්තරේ
    සයුර බලා බඳ ලෙලවා ඉවුරු තලා ගලා ගියා මාතර ගං කෝමලි නිල්වලා
    පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ
    ගන්ටා නාදේ අවට ඇසෙන්නේ හස්ති රජෙක් පිට කරඬුව අරගෙන යන්නේ
    ගල්කිස්සේ මූදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න ඉරිදට නාල බලන්න
    මඩකලපුව අම්පාරේ පොලොන්නරුව සමන්තුරේ මේ හැම නගර දියෙන් යටවුණේ
    ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිණිය
    බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකා දීපය දහම් සඳුන් සෙවනෙ දරුවො සැදුනු දේශය
    පංතියේ පළවෙනිය උනේ සමන් කුමාර මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර
    සල්ලි දීල ගවුම මහුවේ ඇඳගෙන යන්න අල්ලි දෙකක්වත් දුර බෑ ඇවිදන් යන්න
    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන
    සීගිරි ගිරිසිකරේ කෂප රජුගෙ බලකොටුවයි සුකුමල සිපිරි ළඳුන් කාගෙත් නෙත් සිත් පිනවයි"

    ReplyDelete
    Replies
    1. පදික වේදිකාවේ මම ඇවිදල බැලුවේ.
      තැඹිලිය පොල කියන නම, කුසුමලතා මැනිකෙ නම
      එක පන සේ සැමිය සමග වසනවා ලිය.
      උයල පිහල දරුවො බලා ගන්නෙ කවුරුද?
      විදූලි ආලෝකෙන් ආලෝක කෙරෙව්වා
      රෑන බිඝුන්නේ ගී සින්දු උපන්නේ
      ගිය මැතිවරනේ මෝඩකමට පැරදුනේ
      විල්පත්තු මහ වනන්තරේ, සිදුවුනු මේ කේදවාචකේ.
      මතක පොතේ තව පිටුවක් පෙරලමින්,
      යාර ගනන් රෙදි ඉල්ලපු කාලෙ නැති වුනා.
      මට කම් නෑ සුදු ඔබ මොනව කීවත්
      අතන මෙතන කොතන ගියත් ඇහැට පෙනෙන රත්තරන්
      මට ඇඬෙනවා දොරේ
      කාසි ඇති නැති අය කිය හැකි මට දුර තියන්
      පඩිය අරං මඩිය දමං කඩිය වගේ පාරෙ ගිහින්
      කටුසට රන් මාලේ පැලඳූ විටදි ගෙලේ
      සාලිස් වසක් ගීත ගැයූ කෝකිල දේවී.
      උත්සහවන්තය ජය ගන්නා බව දනී දනා.
      අනුවන රට තරුනා දැවැද්දට පුරුදු වුනා.
      අල්ලගන්න පැනල එනව කල්ලතෝනිලා.
      රත්තරන් කතාවක් මම පවසන්නෙ පුතාටයි.



      අම්මෝ තව කීයක්නම් තියෙයි ද?

      Delete
    2. මට අමතක උන තවත් ජනප්‍රිය තේමා වාද්නයක් තමයි..

      "රත්තරන්" ගීතය...

      Delete
  5. ඇන්ටන් ජෝන්ස් ට වඩා හොඳින් රනිල් දැන් බයිලා කියනවා....

    කවුරු මොනා කීවත් පයිසෙකට ගනන් නොගෙන තමන් ට හොඳයි කියා හිතෙන දේ කරගෙනයෑමේ රනිල් ගේ ගේ එම තාදි ගුනය ස ර ස තුමා අගය කර සිටිමි.

    රජයේ සේවකයන් ගේ සේවය වසර තුනේ කොන්ට්‍රැක්ට් කිරීම වැනි ක්‍රියා වලට මද කිපී රනිල් ට විරුද්දව කොමෙන්ටු කොටන්නේ වෙන්ඩ පොශ් ටොයියන් ලෙස පෙනී සිටින අටවාගත් බයියන් වන බව කරුනාවෙන් මතක් කරමි!

    ටොයියන් ලෙස පෙනීසිටි හදවතින් ම බයි බොග් අවකාසේ විරුවනි, ඇනෝ තුමනි.... දැන් ස ර ස තුමාට පහර දෙන්න

    ReplyDelete
    Replies
    1. හිටපු රජක තුමා වගේ බයිලා කියනකොට රනිලා පපුවට ගහගන්නේ නැති නිසා සාරසයට ඩ්‍රම් බීට් එක එන්නේ නෑ වගේ!!

      Delete
    2. කවුද මුට සරසා "තුමා" කියන්නේ ? උබම "තුමා" කියාගන්නවා මිසක්. නොදකින් මුස්පේන්තු හිපාටුව.

      Delete
    3. //AnonymousFebruary 22, 2016 at 10:15 PM //
      // AnonymousFebruary 22, 2016 at 10:17 PM //


      ඇනෝගත දෙබයියෙකු විසින් කාරියාලීය බයිට්ටු වියදම් කොට ඉහත කොමෙන්ටු කොටන ලදී...

      මීට ස ර ස තුමා

      Delete
    4. සා රස,

      මෙම පෝස්ටුව අපෙන් සමුගත් ඇන්ටන් ජෝන්ස් නම්වූ සොඳුරු ගායකයා පිලිබඳවයි. ඉතින් ඔහු ගැන කීවානම් වඩා සුදුසුයි නේද? අවම වශයෙන් හුදෙක්ම දේශපාලනයම නොදොඩා ඔහු ගැන යමක් පවසා අගට ඕනෙම නම් ඔවැනි (//ඇන්ටන් ජෝන්ස් ට වඩා හොඳින් රනිල් දැන් බයිලා කියනවා//) දේශපාලන ටෝකක් එක් කළා නම් වඩා හොඳයි නේද?

      Delete
    5. සරස,
      ඇනෝ අන්තිමට කියලා තියන කතාවේ ඇත්තක් තියනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? කොම්මෙන්ටු එකම රිද්මයක උනහම කම්මැලි වගේ

      Delete
    6. මාතේ විසින් අවදි කල මගේ කවිසිතට පැන නැගුනු මුස්පේන්තු චොර අජුත ස රසා ගැන ගැන කවි සිතුවිල්ල මෙසේයි!!!
      බෝක්කු කට කකුස්සි කට කමින් ගසා
      වික්ටෝරියා කෙලෙසන විට කුරාම් නසා
      නොදැක්ක සේ "පර්සි" ගේ බෙටි කෑ "ස රසා"-
      -වගේ උන්දැලට දැන් ඉන්නට බෑ ඉවසා :D

      ඇන්ටන් මහත්තයත් බ්ලොග් බැලුව නම්, මිනී ගවුමක් ගෙනාපු ගොන්කම වගේම සා රසා වගේ චොර පොරවල් ගේ ගොන්කම් ගැනත් බයිලයක් නොකිය ඉන්න එකක් නැහැ.

      Delete
    7. හොඳම බයිලේ තමයි බයිලා චක්‍රවර්ති මැදමුලන මහින්දගේ "අපේ කාලේ මෙහෙම උනේ නෑ..." බයිලේ..

      පුකෙන් හිනා යන්නේ...

      Delete
  6. ඔහු ගේ ගීත පසු කලෙක නිකං මරණ දැන්වීම් වගේ වුනා කියායි මට හිතුනේ. ඒවායින් පිට මිනිගවුම වගේ ගීයක් කියුවේම නෑ.

    මේ ලෙඩේ හැදුණු හැටි ඇහැව්වම නෑනෙ උත්තර කියන සින්දුවෙන් ඒඩ්ස් ගැනත් රොක් හඩ්සන් ගැනත් මිනිස්සු දැනගත්තා.

    සියලු ගීත වාගේ හොඳයි. මා අකමැති එකම ගීතය නම් ගෑනු ජොබ් කරන්න ගියාම පිරිමින්ට මොකද වෙන්නේ යන අරුත තියෙන එකයි.

    ReplyDelete
    Replies
    1. රාසික් භයියා සමග එකඟයි. මමත් අකමැතිම සින්දුව ඔය ගැහැනු වැඩ කතාව (නෝනවරුනි එපා වෙන්න විරුද්ධ). ඉස්ලාම් නොවන ගැහැනුන් වැඩ කිරීම ගැන අපගේ විරුද්ධත්වයක් නැහැ. ඔවු ඇන්ටන් ජෝන්ස් මැතිතුමාගේ ගී ඔක්කොම වගේ හොඳයි.

      ඒවායින් පිට මිනිගවුම වගේ ගීයක් කියුවේම නෑ??

      මම බොහොම බය උනා../ කොමල පපා මුකුලු පපා.. ටිකක් වෙනස් විදිහේ නේද?

      Delete
    2. මම උඩ දාල තියෙන සින්දු ටිකෙන් පුලුවන් තරමක් හොයාගෙන අහන්න.

      Delete
    3. කොමල පපා ඉතා පරණ සින්දුවක්. මම බොහොම බයවුණා කියන්නේ මැක්ස්වෙල් වගේ නමක් තිේ‍රන අයෙකු නේද?

      මා කිව්වේ, පසු කාලයේ ආසයි-බබයි, කන්දේ හැපුණ, මරු සිරා, මනම්පේරි, සමන්කුමාර, සුලි සුළං වගේ මරණ දැන්වීම් ගීත හැර ඔහු කොමල පපා, කන්තෝරුව වැනි ගීතයක් කියුවේ නැති බවයි!

      Delete
    4. මම බොහොම බය උනා, රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා, මැක්සෙල් මෙන්ඩිස් ගේ.

      Delete
    5. මාතේ විසින් අවදි කල මගේ කවිසිතට පැන නැගුනු මුස්පේන්තු චොර අජුත ස රසා ගැන ගැන කවි සිතුවිල්ල මෙසේයි!!!
      බෝක්කු කට කකුස්සි කට කමින් ගසා
      වික්ටෝරියා කෙලෙසන විට කුරාම් නසා
      නොදැක්ක සේ "පර්සි" ගේ බෙටි කෑ "ස රසා"-
      -වගේ උන්දැලට දැන් ඉන්නට බෑ ඉවසා :D

      ඇන්ටන් මහත්තයත් බ්ලොග් බැලුව නම්, මිනී ගවුමක් ගෙනාපු ගොන්කම වගේම සා රසා වගේ චොර පොරවල් ගේ ගොන්කම් ගැනත් බයිලයක් නොකිය ඉන්න එකක් නැහැ.

      Delete
    6. කොහොම හරි ඇගයිමක් නොලද ගායකයෙක්..

      Delete
  7. ආසාවෙන් අහපු සිංදු කීපයක්...
    ඔහුට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  8. සත්‍ය සිදුවීමක් ගීතයෙන් නැවත පිලිබිබු කිරීම අති විසිස්ටයි.

    ReplyDelete
  9. නගරේ හයි ෆයි කෙල්ලෙකුයි ගමේ කොල්ලෙකුයි යාළුවෙලා
    කෙල්ල-- ඔයා ආසම ගායකයා කවුද ?
    කොල්ලා- (පච වෙන්නත් බැහැ....) (මෙයාගෙන්ම උත්තරය අරගෙන මෙයටම කියන්න ඕනේ)..ඉස්සර වෙලා ඔයා ආසම ගායකයා කවුද කියන්නකෝ ...
    කෙල්ල- මම ආසම එල්ටන් ජෝන්ට
    කොල්ලා- මමත් ආසම ඇන්ටන් ජෝන්ට තමයි

    ReplyDelete
    Replies
    1. Wow ! Such a cute guy !!! Pretty lovely & smart ! Sweet Aneee ! Thanks dear !

      Delete
  10. මරු ආ කළ මිතුරේ, බේරෙන්න බෑ සසරේ...සමාදානයේ සැතපේවා !!!

    ReplyDelete
  11. "මාතලන්ට මතක ළමා කාලයේ ආරම්බය ගෙවෙන්නේ බයියන් රජකල යුගයකය... මහින්ද යුගයේ වගේම සට්ටැඹි කලාකාරයෝ පිරිසක් අම්මට සිරි ලංකාවේ තිබුනු එකම හුලං විදුලි සේවය උන්ගේ බූදලයක් කරගෙන සිටියේය. උන් ප්‍රචාරය කලේ ජාතිකාභිමානී ගීත පමණි ( menna pusaa panna eliyata ). උන් කැමති දේ අපිට බලෙන් දුන් අතර, අපට කැමති දෙයක් කිරීමේ නිදහස සම්පූර්ණයෙන් අහුරා තිබිනි ( hik hik hik). "


    අනේ ගොන් තකතීරුවෝ උඹත් කරන්නෙ උඹ කැමති දේ අනුන්ට දෙන්න හදන එකම තමයි.. හික් හික්.. අඩුම තරමෙ දෙන්නෙ හොද දෙයක් නන් කමක් නෑ කියමු.. ඒත් සංකර ගතිය බෝ කරගෙන සුද්දට පුක දීගෙන ( අඩු තරමෙ පුක දීල හම්බ කරන්වනන් කමක් නෑ කියමු ) නිකන් බොරුවට පුස් කලා කාරයෙක් බව පිටට පෙන්නන්න තනන හිතේ කුණු කම පිරුණු ඔළුව හංග ගත්ත පැස්බරෙක් බන් උඹ.. hikis මරු ආ කළ ගොන් තකතීරුවෝ, බේරෙන්න බෑ සසරේ...සමාදානයේ සැතපේවා !!!

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට තවත් මල පනියි...

      Delete
  12. ඉස්කෝලෙ තිබ්බ කොන්සට් එකකටත් අපේ පංතියේ උන් ටික ඇන්ටන් ජෝන්ස්ගෙ සින්දුවක් කිව්වා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. නිර්භීත මරු සිරා වෙන්න ඇති...

      Delete
  13. ස්තූතියි මාතලන්!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා ලොක්කා...

      Delete
  14. විජය කොරයාට මොකද වුනේ හැබෑට ?

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දෙත් සුපර් ගෝල්ඩන් චයිම්ස්ලාගේ reunion එකක නිවේදන කටයුතු කලා මගේ හිතේ. Aru.

      Delete
    2. මම ආසම නිවේදකයෙක් තමයි . ඉස්තුති ඔබට :)

      Delete
    3. තාමත් ඉන්නවා... අර ඔපෙර ගායිකාව නිවැරදිව හඳුන්වා දුන්නෙත් ඔහු තමා... හින්ගල එකාට ඒ දේ කරන්න බැරි උනා...

      Delete
  15. ජනප්‍රිය නොවුනු ගීත විශාල ප්‍රමානයක හිමිකරුවෙක්. අන්තිම කාලේ මේ ගායකයගෙ ගීත නො ඇහුනු තරම්. නනමුත් අප අතර සදා රැඳෙන නමක්.

    මරු ආ නිසා බේරෙන්නට නොහැකි වූ දයාබර කලා කරුවානනි! ඔබට සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. මිනිසුන් අතර හැමදා ඉන්න චරිතයක්...

      Delete
  16. සුන්දර මිනිසෙක්....අඩුව පුරවන්න අමාරුයි.Aru

    ReplyDelete
    Replies
    1. ඌම තමයි. Aru

      Delete
    2. ඉතිං උඹ හැංගිමුත්තන් කෙළින්නේ මොකෝ බං, අවුල් වෙලාද?

      Delete
    3. අරූ මූ වෙලා .....හැක්

      Delete
    4. අරූගේ අඩවිය දැන් ලියවෙන්නේ නැති එක අපරාදේ !

      Delete
    5. අතරින් පතරින් ...

      Delete
    6. අනිවා මචෝ... යුග පුරුෂයෙක්...

      Delete
  17. ඇන්ටන් ජෝන්ස් ගේ සිංදු හොඳයි අහන්න...හැබැයි..මියුසිකල් ෂෝ වලදි කන්දේ හැපුනා මහ වනන්තරේ...ගයනකොට දෙකක් දාගත්ත අය තාලේට නටන කොට නම් මාර කචල් මචෝ....
    මෑන්ස්ගේ ගොඩාක් සිංදුවල මොනා හරි සිදුවීමක් පසුබිමේ තිබුනා...හරි‍යට කන්ට්‍රි සෝන්ග්ස් වල වගේ.....
    කෙසේ වෙතත්..මරුවා ආ කල මිතුරේ..බේරෙන්න බෑ සසරේ....!!

    ReplyDelete
    Replies
    1. ඕක මොකක්ද මචෝ... බුද්ධං සරණං ගඡ්චාමී කියන කොටත් නටන්නේ...

      Delete
  18. ආදරනීය ගායකයාට නිවන් සුව පතමු !!!

    ReplyDelete
  19. ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු වලින් කරලා තියෙන්නේ දැන් බැලුවහම බ්ලොග් එකකින් කරනවා වගේ දෙයක්. කාලීන පුවත්, විවාදාත්මක මාතෘකා...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඔහු බයිලාවෙන් බොහෝ දේ කළ කෙනෙක්.. ඒති කිසි ඇගයිමක් නොලද ගායකයෙක්...

      Delete
  20. Etca ganath liyapan ban.

    ReplyDelete
    Replies
    1. තාම හදලත් නැති එකක් ගැන මොනා ලියන්නද බං

      Delete
  21. අපිට බයිලා ලැබුනේ පෘතුග්‍රීසීන්ගෙන් ඒක අපේම දෙයක් වුනා.
    අපිට බූරුවා ගැසීම පුරුදු වුනේ බෝවර් වරුන්ගෙන් ඒකත් අපේම දෙයක් වුනා.
    අපිට ඔපෙරා ලැබුනේ බ්‍රිතාන්‍යයෙන් ඒක අපේ දෙයක් වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. එක පාරට වෙන්නේ නෑ... කොහොමත් අපේ උන් ජරාවට කැමතියි...

      Delete
  22. වෙනස් ම ආරක සුන්දර ගී කියූ ගායකයා...... ඔහුට නිවන් සුව පතමු....

    ReplyDelete
  23. මෙන්න මේ වගේ ගායකයන්ට තමයි නියම සුපර්ස්ටාර්ස් කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවා මිනිස්සු අතර ඉන්න එක තමයි කලාකාරයෙකුට තියෙන එකම සතුට...

      Delete
  24. ජීවත්ව ඉන්න තුරු පට්ට ගහල දැන් ගුණ ගයාපල්ලා.................

    ReplyDelete
    Replies
    1. කව්ද මාතලන්... කිසි දිනෙක නැත...

      Delete
  25. දැන් කාලෙ කලාකාරයන්ගේ හමු කියලා ඒවා තැන් තැන්වල තියෙනවා..ඒත් ඇත්තටම උන්ගෙන් බාගයක් මොනවද කරල තියෙන නිර්මාණ කියල අපි ගොඩ දෙනෙක්ට මතකත් නෑ..
    ඇන්ටන් මලාම හොද කියනවා නෙමෙි..සම්මාන ගව්රව හෝ මහ ලොකු සමාජ කීර්ථි නාමයක් රැකගන්න හැදුවෙ නැති වුනාට දක්ෂයෙක්.. එතුමා ගීත රැසක් අපිට උරුම කලා නෙව..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හදවතේ ඉන්න උන් තමයි නියම කලාකාරයෝ...

      Delete
  26. සින්දු ඇනෝ දාන්න කලින් චන්දන්යි මාතලනුයි ඉස්සර වෙලා. ඒ කියන්නේ මාතලන් සින්දුත් තෝරලා දීල තිබෙනවා. මේ වගේම මම කැමති අනිත් ගායකයා නිහාල් නෙල්සන්.

    ReplyDelete
    Replies
    1. අජිත් අය්යේ මම මෙතුමා ජීවත්ව සිටියදී පොඩ් පොස්ට් එකක් දැම්මා ....

      http://sinduano.blogspot.com/2015/06/blog-post_92.html

      Delete
    2. නිහාල්ලා ඇන්ටන්ලා සුනිල්ලා කවදත් ඉන්නේ ජනතාව එක්ක... එහෙම උන් සම හරක්ට දිරවන්නේ නෑ...

      Delete
  27. ඇන්ටයිය ගේ පුතා ලංකාවේ ජනප්‍රිය ද?
    මං මේ ඔහු ගැන ඇහුවාමයි!
    http://www.ausnewslanka.com/feature/event-news/item/2139-j-2016-concert-dinner-dance

    ReplyDelete
    Replies
    1. රසික.....රොශාන් ඉන්නේ ඔය රටේම නේද? මම ඔහුගේ පරණ මිතුරෙක්. ඉස්සර සෙට් වුනාම නැගලා යනවා. ඔහු රහට බයිලා කියනවා. වාද බයිලා කියන්නත් දක්ශයි. වාද බයිලා නිසා පොලිසියෙන් ගුටි කාලාත් තියෙනවා රොශාන්ලා අපි. ජර්මන් ටෙක් එකෙන් බිහිවුනු තවත් එක් දක්ෂයෙක්.Aru

      Delete
    2. .රොශාන් ඉන්නේ ප්‍රන්සේ බන් උඹ කොහෙද මචන් දැන් ඉන්නේ මොකක්ද හතරැස් කර නොම්බරේ

      Delete
    3. සුද්දගේ රටේම තමයි තාම ඉන්නේ. මම හිතන් හිටියේ රොශාන් ඉන්නේ ඔස්ට්‍රෙලියා කියලා. උඹ කවුද මචෝ....

      Delete
    4. රොෂාන්ගේ වලේ එකෙක් ගින්දර වගේ පොරක්

      Delete
    5. මාත් අදයි ඇහුවේ....

      Delete
  28. අපි ඉස්කෝලේ යන කාලේ සිංදු කීවා.
    මං පළමු පෙළේ ගායකයෙක්.
    ඉතින් සිංදු වේදිකාවට උපරිම ආතල් එක සැපයීම සඳහා මං දවසක් ඇන්ටයියාගේ සිංදු සෑහෙන ප්‍රමාණයක් අහමින් ඒවායේ දෙබස් ලියාගෙන කටපාඩම් කළා.
    ඕලෙවල් වලට කවි පාඩම් කරනවා වගේ

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් මටත් බොහෝ සින්දු කට පාඩම්... සෙට් උනාම පොරගෙ සින්දු කිව්වේ මාතලන් තමයි...

      Delete
  29. මුල් කාලේ එච්චර ආසා කරපු ගායකයෙක් නෙවෙයි. (ඒ වගේ තවත් මම මුලින් ආස නොවී ඉඳල පස්සේ ආසා වුනු ගායකයෙක් තමයි ක්ලැරන්ස් කියන්නේ) පස්සේ පස්සේ හැම සින්දුවකටම වගේ කැමති හිතුන.. මිය ගිය බව දැන ගත්තම කණගාටුයි.. සුභ ගමන් මහත්මයාණෙනි!

    ReplyDelete
    Replies
    1. ක්ලැරන්ස් කියන්නේ යුග පුරුෂයෙක්...

      Delete
  30. ඇන්ටන් ජෝන්ස් ලඟ එක පුරුද්දක් තිබුනා. ඕනම සංගීත සංදර්ශනයක එයාගේ සින්දු ටික කියලා ඉවරවුනාම, වාද බයිලා හැඩයෙන් බෑන්ඩ් මෙම්බර්ස්ලා ඔක්කොම නමින් හඳුන්වලා දෙනවා. ඒකට බෑන්ඩ් එක වගේම ඕඩියන්ස් එකත් ඇළුම් කලා. ගානට බිව්ව (ඒ යුගයේ හිටිය අනිත් අයට සාපේක්ෂව ), රෙස්පෙක්ට් එක තියාගෙන හිටිය බුවෙක්. Aru

    ReplyDelete
    Replies
    1. ඇයි ඉස්පොන්සර්ලා ගැනත් කියනවා... ඒක නේ මොණර මාලේ දාන්නේ.... උඹගේ මහත්මයා කෑල්ල බොහෝම වටිනවා... ඇත්තටම ඔහු නියම මහත්මයෙක්...

      Delete
  31. බයිලා කියුවත් ඇගට නැටුම් තෙල් වැටුන වගේ පුල් පිට් එකක් එන්නේ. ලින්කු වලට රොම්බ තෑන්ක්ස් අඩෝ මිස්ටර් මාතලන්.

    ප.ලි. > දැක්කද? පිස්සු බල්ල ආයෙ ලිහල. ඔහුගෙන් ජාති වාදී "ගොනෝරියා" හදා ගැනීමෙන් වලකින්න.

    ReplyDelete
  32. සමාදානයේ සැතපේවා RIP

    ReplyDelete
  33. සුභ ගමන්.
    ජයවේවා..!!

    ReplyDelete
  34. https://www.youtube.com/watch?v=Baql6tgMKcQ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න