.

.

Mar 24, 2016

ECTA - ගැහුවොත් ගැහුවාමද...?

 

මාතලන් "එක්ටා" ගැන මක්කත් නොලියන්නේ මන්දැයි කියා ඊයේ පෙරේද හම්බ උන බොක්කේ ඩොකෙක්ද ඇහුවේය. මම ඌගෙන් ඇහුවේ ලියන්න මොනවද ඒ ගැන දන්නේ කියාය. එතකොට ඌ කිව්වේ උන්ගේ වෙබ් සයිට් එක බලන්නෙයි කියලාය. ආන්ඩුව කියන්නේ ගිවිසුම ඒක නෙවෙයි කියලාය. ඇත්ත කියන්නේ මොකාද කියන්න මාතලන් දන්නේ නැතිය. ඒ නිසා මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්නවත්, අන්ධයෝ සෙට් එක අලියා අත ගාලා දුන් උත්තර වගේ ඒවා ලියා චොර වෙන්නවත් මාතලන් නම් කැමති නැතිය.

ඒත් ඊයේ හයිඩ් පාක් ආපු සැට් එක කෙලපු පච කන්දරාව අහගෙන උන්නාම, මක්කත් නොලියා ඉන්නට නම් නොහැකිම විය. පට්ටම සීන් එක කියන්නේ පාදෙනියලා එක්ක නිර්මාල්ලා ඉඳගෙන ඉන්න එකය. එහෙම ඉඳගෙන උන්නාට අපිට අවුලක් නැත්තේය. ඒත් හිතට අමාරු, මයික් එකට බය නැතුව කෙප්ප කෙලිනා එකය. නිර්මාල් කියන්නේ, ගහන්න යන්නේ සර්විස් ඇග්‍රිමන්ට් එකක්ය. එය ගැහුවොත් ගැහුවාමයි කියාය.

ට්‍රේඩ් ඇග්‍රිමන්ට් වේවා, සර්විස් ඇග්‍රිමන්ට් එකක් වේවා. ඕනෑම ඇග්‍රිමන්ට් එකක් සයින් කොරනා විට ඒක කෙලවෙලා යන හැටිත් ඒ ඇග්‍රීමන්ට් එකේම තියෙනවාය. ඔය කියනවා වාගේ සමහර විට ඉන්දියාව හංගලා ගහන ඒවත් මේකේ එන්නට පුළුවන්ය. එහෙම ආවොත් ඇග්‍රිමන්ට් එක උල්ලඃගනය කිරීමේ අයිතිය අපිට තියෙනවාය. එහෙම නැතත් ඕනම වෙලාවක ඇග්‍රිමන්ට් එක අහෝසි කිරීමේ බලයත් අපට තියෙනවාය. එසේ අවංකව ක්‍රියා නොකිරීම නිසා මෙන්ම. ආන්ඩු වෙනස් වීම් නිසාද අහෝසි කරන ලද හා වෙනස් කිරීම් වලට භාජනය කරනා ලද ට්‍රේඩ් ඇග්‍රිමන්ට් ඕනා තරම් ළෝකයේ තිබෙනා බව, අන්තර්ජාලයේ ඇති තොරතුරු බැලුවාම පේනවාය. (පෝට් සිටි ගිවිසුම මුලින් අහෝසි කොට, සංශෝධනවලට යටත්ව නැවත ක්‍රියාත්මක වීම එක උදාහරණයක් පමණී) එය වෙළඳ ගිවිසුමක් හෝ සේවා ගිවිසුමක් නොවේ.)
 

එසේ තිබියදි මේවට බිය වන්නේ මක්කුන්ද..? ඇත්තටම මේවාට බිය වන්නේ උගත් වූවත් ළෝකයා ගැන නොදන්නා ළිං මැඩියෝ මිසක් වෙන කිසිවකු නොවේ. දේශපාලකයන් පමණක් නොව ඔය උගත් යැයි කියනා උන්ගෙන් අති බහුතරයද සාමාන්‍ය ජනතාව මෙන්ම විවිධ ෆෝබියා මෙන්ම, පට්ට ගෝත්‍රික ගති ගුණ, එක පයින් අදහන, ඕන එකෙක් කියනා දෙයක් එක පයින් පිලිගන්නා කිසිම ස්වාධීන චින්තනයක් නැති පිරිසක් වීමය. එසේ නොමැති නම් ඉන්ෂුවරන්ස් එකට අමතරව කතරගමට හා බෙල්ලන්විලට බාර හාර වෙන්න යන්නේ නැතිය.

ඕපන් ඉකොනමි ලංකාවට එනකොට හිතුවෙත් එසේමය. අන්තීමට උනේ ප්‍රගතිශීලී කියනා උන්ද ප්‍රතිගාමි උන්ටත් එහා යමින් මේ රට කාබාසීනියා කර දැමීමය. ඔය කෑ ගහනා උන්ගෙන් අති බහුතරය මේ ප්‍රගතිශීලී යැයි කියා ගන්නා කම්බා හොරුන්ය. මේ සමාජය ජපන් කාර් ලංකාවට එනකොට මුලින්ම සිතුවේත් මෙසේමය. හයිබ්‍රිඩ් වාහන එන විට හිතුවේත් මෙසේමය. එපමනක් නොව 88 - 89 කාළයේ මෙවන්ම ඉන්දීය විරෝධයක් පාමින් මේ ගොන් හැත්ත රට ගිනි තබා, මිනී මරා, කොල්ලන් කෙල්ලන් බිලි දී පට්ට ආතල් එකක් ගත්තේය.

ඒත් අද... බොම්බයි ළුුණෑ දමා තෙම්පරාදු කරන ලද මයිසූර් පරිප්පු හොද්දක් නැත්නම් පාන් කෑල්ලක් කන්නවත් බැරිය. දොස්තරලා මෙන්ම, මා දන්නා පරිදි නිර්මාල්ටද ඇත්තේ ඉන්දියාවේ හදන සුසුකී ඇල්ටෝ රථය. පාර පුරවා ඇත්තේ ඒවාය. ජපන් මෝටර් සයිකල් පේන්නවත් නැතිය. ඔක්කෝම ඉන්දියාවේ බඩුය. එතකොට නිර්මාල්ලා ඒවා ගන්නේ ඇයි? අනෙක් ඒවාට වඩා ඒවා ලාබ නිසා නොවේද? ඕවා ගත්තොත් රටට කෙලෙවෙනවා කියා බර කරත්තයක යන්නේ නෑ නේද? එයාලාට අත්වන වාසිය සාමාන්‍ය ජනතාවට හෝ ව්‍යවසායකයකුට හෝ රටට ලැබෙනවාට විරුද්ධ වන්නේ ඇයි?

මේවාට විරුද්ධ වන හේතුව බොහෝ පැහැදිලිය. මෙවන් ගිවිසුම් මගින් සිඳුවන්නේ ඔය මහත්වරුන්ගේ ගුරුකුලයන්ට කෙලවෙලා යාමය. මාෆියාවන් කුඩු වෙලා යාමය. (කිරිඇල්ලගේ ලියුමට ගෝරනාඩු කලාට ඇතුලේ වෙන ලිංගික අල්ලස් ගැනීම් ගැන හා හූවක් ඇත්තේ නැතිය). ලැජ්ජාවක් නැතුව ජනතාව බිල්ලට තබා රජයෙන් ලබා ගන්නා අනේක වූ දොල පිදේනිවලට කෙල වෙලා යාමය. මුන් කෑ ගසන්නේ කිසිසේත්ම මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් නම් නොවේ. ජනතාවට ආදරේ නම් අනෙක් රජයේ සේවකයන්ට නොමැති වරප්‍රසාදයන්ද බුක්ති විඳින අතරේ, රජයෙන් සියල්ල ඉල්ලා ජනතාව බිල්ලට ගන්නේ නැතිය.

අනෙක් ප්‍රධාන කරුන මේ අයට පිරටකට පැන ගැනීමට නොහැකි පිරිසක් වීමය. කඩ්ඩ වනා ගන්න බැරි වීමය. එසේ නොමැති නම් අති හීනමානයය. ළෝකයම එකම ගම්මානයක් කියා මේ උත්තමයන් දන්නේ නැතිය. ඒවා දන්නෝ දනිති. අනෙක මෙහේ මහා පොරවල් වූවාට. ළෝකයේ කිසිඳු රටක් අපේ විස්ස විජ්ජාල උපාධි පිලිගන්නේ නැති වීමය. අපේ විස්ස විජ්ජාලට ඇති තත්වය අන්තර්ජාලය බැලුවාම හොයා ගන්න පුළුවන්ය.

ඇත්තටම මේ ප්‍රජාව කල යුතු වන්නේ මේවා නොවේ. මේ ගිවිසුම හොද නැත්නම් රට වැටි ඇති ආගාධයෙන් ගොඩ ගන්නේ කෙසේද කියා යෝජනා ගෙන ඒමය. ඒ පිළිබඳව සාකඡ්චාක්, කතා බහක් ආරම්බ කිරීමය. එහෙත් එවන් වූ යෝජන මොවුන් ළඟ නැත. මන්ද මොවුන් කාගේ හෝ උසිගැන්වීමට වලට බුරා ගෙන පනිනා. පෙලපාලි යන උග්ගෝසන කොරනා ට්‍රේන් කරනා ලද පෙත්තප්පුලා සැට් එකක් වීමය. බ්‍රේන් වොෂ් කර මෝහනය කර ඇති අන්ධ භක්තිකයන් පිරිසක් වීමය. 

ඉදින් මොවුන් නටපං කියනකොට නටන්නේය, කෑ ගහපන් කීවාම කෑ ගහන්නේය. හයිඩ් පාක් එකේ අඩව්වක් අල්ලපන් කිව්වාම අල්ලන්නේය.


219 comments:

  1. ආණ්ඩුව ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න යන එක්ටා ගිවිසුම අපි හැමෝටමත් අපේ අනාගත පරපුරටත් බලපානවා. ඒ නිසා මේක අත්සන් කිරිම නරේන්ද්‍ර මෝඩිගේ හෝ රනිල්ගේ හෝ රනිල්ගේ යාළුවා මලික්ගේ හෝ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ හෝ ආචාර්ය රොහාන් සමරජීවගේ හෝ එවැනි සුළු පිරිසකගේ තනි කැමැත්තට වෙන්න ඉඩ තියන්න බෑ. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒක ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ කරලා ඒ සම්බන්ධයෙන් විවෘත සංවාදයක් හරහා බහුතර කැමැත්ත ලබාගෙන කරන්න කියලා ආණ්ඩුවට බල කරන්න අපි හැමෝටම යුතුකමක්, වගකීමක් සහ අයිතියක් තියෙනවා. පේන හැටියට දැන් ඔවුන් කරන්නේ එයයි. රනිල් ඉතාම ඒකාධිපති ස්වරයෙන් කරන වියරු රංගනය නිසා මොවුන් වඩා දැඩි ස්ථාවරයක් පෙන්වන බවක් පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොඳ නැද්ද... මේ ගිවිසුම විසි කරලා දාලා... ගොඩ එන්න පුළුවන් විදියක් කියනවා නම්... හැබයි මේ සමාජවාද බයිලා නෙමෙයි... ප්‍රායෝගික දෙයක්... කෙටි කාලීන දෙයක්...

      Delete
    2. i think this so call mahalan is a UNp guy, maybe a boy from mangala. he is the one who this dirty propanganda.

      sinhalyoanta okkomma amathaka wenwa.....no respect..to others...only selfish mind

      new Gov , is begging for cash from whole world.......usa, germany, uk help ????????? no

      china want help, now ranil going to china soon ........to beg and say sorry............about the project

      china is the only country help us with more than a billions of $.......and these ......carzy.....GOv..did try to , show there coulours and now in blackout.............

      A Man must have principals................

      Delete
    3. // A Man must have principals................ //

      // Maathalan - Priyantha HewageMarch 25, 2016 at 1:41 AM
      Principals of Gon Bayaas...? //

      Principal කියන්නේ පිනාචාර්ය තුමාට ය!

      පොරොතිපත්ති වලට කියන්නේ Principle ය!

      තොපි දෙන්නාම සිරි ලන්කා උපාදිදාරීන් බව සතුටින් දන්වමු!

      Delete
    4. පෝස්ට් එක සිරාය. පහලට කමෙන්ට් බලන්නට ගියොත් පෝස්ට් එක කියෙව්වාට වැඩිය කාලයක් ගත වන්නේය. උඩින්ම බයි කමෙන්ටුවක් දුටු කළ එතැනින් නැවතුනේනට වුණේය.

      “සෝඩා් බෝතලය කැඩූ විට බුබුලු නැගි සෙනිකව බිදීයන්නේය.“

      එක්ටා සෝඩා් බෝතලයක්ය. තාම අතටවත් අරගෙන නැත. එය තවමත් කඩේ ෂෝකේස් එකේය. බයියා එය අතට ගෙන කඩා දමා බුබුලද පිට කර අවසන්ය.

      වැඩේ වෙද්දී කවුරුත් සද්ද නැතිය. වුණාට පස්සේ මරු යැයි කියවනු දැකීමද පුදුමයට කරුණක් නොවන්නේය.

      ස්තුතීය !

      Delete
    5. sAm (සෑම්)

      උඩ කමෙන්ට් එක බයි කමෙන්ට් එකක් වෙන්නෙ කොහොමද කියල කියපන්. එකම දේ ඌ එජාපයට රෙදි නැතිව කඩේ යන එකෙක් නොවෙයි. කියපු කතාවත් ඇත්ත. බොලා වගේ රනිල් හාමුට කොන්දේසි විරහිතව පුක දී නසින රනිල් හාමුගෙ ලොල්ලොයි මරාගෙ කාලකණ්ණි වහල් බයි හැතිකරේයි දෙකම එකයි.

      Delete
    6. ඔය හැමදේටම විරුද්ධ වෙන උන් තමයි ඒවා වැඩියෙන් විඳින්නේ..... බයි නායකයා රජ කරන්න දඟලන්නේ විධායකේ වනයක් කියපු උන්... අනේ මෙහෙව් කාලකන්නි...

      Delete
    7. ඇනෝ ඇවිත් පට්ට ටෝක් දෙන්නේ නැතුව ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ලියාපල්ලකෝ..

      Delete
  2. කොරහේ කිඹුල්ලුත් ඉන්නවලු...

    ReplyDelete
    Replies
    1. කොරහෙ නෙමෙයි බං... මුන් කියන විදියට කන් හැන්ද උනත් ෂුවර් නෑ....

      Delete
  3. // ළෝකයේ කිසිඳු රටක් අපේ විස්ස විජ්ජාල උපාධි පිලිගන්නේ නැති වීමය. අපේ විස්ස විජ්ජාලට ඇති තත්වය අන්තර්ජාලය බැලුවාම හොයා ගන්න පුළුවන්ය.
    //

    කැලණිය විජ්ජාලන්කාරෙන් පාස් අවුට් කියා කියනා කුරුට්ටන් ගැන සැලකුවාම... මේ කතාව ඇත්ත බව පෙනේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉංජිනේරු උපාධිය පිලිගන්නා රටවල් මෙන්න .Australia, Canada, Chinese Taipei, Hong Kong, Ireland, Japan, Korea, Malaysia, New Zealand, Singapore, South Africa, Turkey, the United Kingdom, and the United States.

      Delete
    2. ලෝකයේ ඕනෑම රටක අපේ රටේ අවුරුදු 4 උපාධිය 'තවමත්' පිළිගන්නවා. ඔබ ඔය කියලා තියෙන්නේ වඩාත් ඉදිරියෙන් සිටින රටවල් පමණයි.

      Delete
    3. ඉංජිනේරු උපාධිය ගැන නෙමෙයි මම මෙතන කතා කලේ පොදුවේ සියළු උපාධීන් ගැන... ඉංජිනේරු උපාධියට රට යන්න ඕනත් නෑ... මෙහේම හොඳ ගානක ජොබ් එකක් අවුට් වෙන කොටම ගන්න පුළුවන්... ඒත් සම හරක් ඉංජිනේරුවෝ මේ සටනේ ඉන්න්වා දැක්කාම ලැජ්ජා හිතෙනවා... ඒ අර ඉංජෙක් උනත් මාතලන් කියපු පොදු සාධකයට අයිති උන්.... ආන්ඩුවෙන් නිකන් කන උන්... හොරා කන උන්...

      Delete
    4. මාතලන්ට තියෙන කල්ලි වාදය මෙතනට එකතු වෙච්ච මිනිස්සුන්ට නැති එකද ප්‍රශ්නෙ.? ඉන්ජිනේරුවට මෙ තියෙන තත්වෙත් නැති වෙන තැනට වැඩ කරද්දි උන් කට වහන් ඉන්න ඔනද.? නැතනම් කෙල උනාට පස්සෙ කෑගහන්න ඕනද.??

      Delete
    5. සා රස ට කුරුට්ටන් සම්බන්ධයෙන් පුද්ගලික කොන්තරයක් නම් ඇති බව පෙනේ... ඇත්ත කියන්න විස්ස විජ්ජාල උපාධි කාරයොම වෙන්න ඕනෙත් නෑනෙ නේද... ඉතින් ඒව ඇනිල රිදුනම මෙහෙමවත් කියල දාමු සා රසෝ...

      Delete
    6. ඔය උපාධිදාරින් කොටස් දෙකක් ඉන්නවා... (පොස්ට් එක මල පන්න ගන්නෙ නැතිව කියවන්න. එතකොට ගොඩක් දේ වැටහෙනවා.)

      එකක් උගත් උපාධිදාරින්
      අනික බුද්ධිමත් උපාධිදාරින්..

      ඔය කෑ ගහන්නේ උගත් උන්... බුද්ධිමත් උන් මෙහේ නෑ... උන් කොහේ ගියත් ගොඩ...

      Delete
    7. Maathalan

      ඔබ කොහොමද මොන සාක්ෂි උඩද කියන්නේ ඉංජිනේරුවෝ ආන්ඩුවෙන් නිකන් කන උන් බවක් සහ හොරා කන උන් බවක්? ඔබම විකාරකාර මනස්ගාත උපකල්පන ගොඩ නගාගෙන ඔබම තීරණ දෙනවා. මෙවැනි අභූත චෝදනා නගන්න ඔබ ලජ්ජා වියයුතුයි. ඔබ කර තිබෙන්නේ බලවත් අපහාසයක්, මානව හිමිකම් කැඩීමක්.

      මෙරට ඉංජිනේරුවරු බහුතරයක් පුද්ගලික අංශයේ සේවය කරන සහ ව්‍යවසායකයින් ලෙස රටට විදේශ විනිමය ගෙන දෙන අයයි. මෙරට බොහෝ අපනයන කර්මාන්ත වලට ලාංකික ඉංජිනේරුවෝ විශාල දායකත්වයක් දක්වන අතර බෙබඳු පිරිසකට මෙතරම් අශ්ලීල ලෙස අපහාස කිරීම අතිශය පිළිකුල් සහගතයි.

      ඔවුන්ගේ මතය විවේචනය කිරීම ගැටලුවක් නැහැ නමුත් හොරුන් තක්කඩියන් පින් බතාලා කිවහැකි කාලකණ්ණි දේශපාලකයින් කෙසේ වෙතත් වෙහෙස මහන්සි වී මෙහෙම හරි රට ඇදගෙන යන වෘත්තිකයින්ට, ව්‍යවසායකයින්ට අපහාස නොකරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.

      ස්තූතියි !

      Delete
    8. @ Anonymous March 25, 2016 at 12:37 AM

      කරුණාකර සියල්ල කියවා කොමෙන්ට් කරන්න... ලංකාවේ ගොඩක් අයට වරදින්නේ ඔතනයි... මම කියලා තියෙනවා හොරකම් කරන්නෙ මක්කුද කියලා... ඒ වගේම ලංකාවේ මෙන්ම පිටරටත් ඉංජිනේරු උපාධියට හිමි තැන ගැනත් ලියලා තියෙනවා... ඒ කිසිවක් කියවන්නේ නැතිව මෙහෙම අඬන්නේ... ඔබලාගේ නොදැනුවකම ප්‍රදර්ශණය කිරීමටද... මම නැවත් කියනවා.. ලංකාවේ උපාධීදාරින් දෙකොඨ්ඨාශයක් ඉන්නවා.. පිරිසක් උගත්, පිරිසක් බුද්ධිමත්.. මේ බුද්ධිමත් පිරිසගෙන් රටටත් ළෝකයටත් සෙතක් මිස ලෙඩක් නෑ.. අනික් උන් නම් අමු ලෙඩ්ඩු...

      Delete
    9. /// ඇත්ත කියන්න විස්ස විජ්ජාල උපාධි කාරයොම වෙන්න ඕනෙත් නෑනෙ නේද.. ///

      මාතලන් ලොක්කා ඇටෑක් කොරන්නේ ඉන්ජිනේරු උපාදි නොවනා සිරි ලන්කා උපාදි වලටය කියා එතුමා ම පවසයි...

      ඒ කියන්නේ උඹලා ලබාගත් උපාදි බලු නොවටී කියනා එකයි කුරුට්ටනි!

      Delete
    10. ඒකට මක්ක වෙනවද සා රස තුමෝ...අපි කවුරුත් මේ ගත්තු උපාධියෙන් සියල්ල කෙරුමට හැකියි කියලා උදම් අන අනා නිකම් ඉන්න පිරිසක් නෙවෙයි...උපාධියෙන් බැරිනම් වෙන කොහෙන් හරි දැනුම හොයාගෙන හරි වැඩක් කරන්න උත්සාහ කරන පිරිසක්...වඩා වැදගත් වෙන්නේ අපිට තියන සම්පත් වල හැටියට මදි පාඩු ඇත්නම් සම්පූර්ණ කරගෙන් ඉදිරියට යෑමයි....

      Delete
    11. // උපාධියෙන් බැරිනම් වෙන කොහෙන් හරි දැනුම හොයාගෙන හරි වැඩක් කරන්න උත්සාහ කරන පිරිසක් //

      දීපන් උපාදිය ලමයෙකුට කිවුවලු! :D

      Delete
    12. සා රස උතුමාණන්ට කොමෙන්ට් කොපි කොරනවාට වඩා වැඩි යමක් ලියා ගැනීමට ශක්තියක් නැති බව පෙනේ...ඇයි ඉතින් වැඩිය ලිව්වොත් ගොංකම එළියට එනවනේ...හැහ්...හැහ්...

      සා රස මේ උලව් උපාධියක් පස්සෙම එළෙව්වට අපිටනම් උපාධිය කියන්නේ ලංකාවෙ විදිහට උගත්කමට ගත්තු සහතිකයක් විතරයි...විශ්ව විද්‍යාලෙන් යමක් ඉගෙන ගත්තු එකේ අගය අපිට තියනවා...ඒකට නියමිත වටිනාකමකුත් තියනවා...ඒ වුනත් ඒකෙම එල්ලීගෙන සියල්ල බලාපොරොත්තු නොවීමට තරම් ශක්තියකුත් අපිට තියනවා...ඉතින් අපි කැමතියි අපේ උපාධි උඹ වගේ පඹයෙකුට දෙන්න ඉඳා ගනින් කියලා ( ළමයෙකුට දුන්නොත් උඹට දෙයක් නැති වෙනවනේ )

      Delete
    13. //අපිටනම් උපාධිය කියන්නේ ලංකාවෙ විදිහට උගත්කමට ගත්තු සහතිකයක් විතරයි... //

      විජ්ජාලන්කාරෙන්?
      මාතලන් ලොක්කා කියන විදියට මොරටුවෙන් නෙවෙයි නම් වැඩක් නැත...

      විස්ස විජ්ජාල අගේ තුට්ටු දෙක ය...

      ඇයි ලෝකේ පලමු විශ්වවිද්යාල සීයෙ විජ්ජාලන්කාරෙ තියෙනවැයි?

      // ඒ වුනත් ඒකෙම එල්ලීගෙන සියල්ල බලාපොරොත්තු නොවීමට තරම් ශක්තියකුත් අපිට තියනවා..//
      සන්වර්දන නිලදාරී සහ ටියුශන් නිලදාරී?
      හැක් හැක්

      Delete
    14. උගත් උපාධිධාරීන් සහ බුද්ධිමත් උපාධිධාරින්...

      සා රසට මෙතන අපේ රැකියා ගැන කියන්න හේතුවක් නෑ...අපි කරන රැකියා ගැන ඇහුවම උඹ ඉරිසියාවෙ පුපුරයි...ඇයි ඉතින් උඹ උගත් උපාධිධාරියෙක් විතරනෙ...මොන විස්ස විජ්ජාලෙන් ගත්තත් ඒකෙන් වැඩක් ගන්නනම් බුද්ධිමත් වෙන්නත් ඕන...එහෙම නැත්තම් ඉතින් කේම්බ්‍රිජ් එකෙන් ගත්තත් වැඩක් නැහැ...මම දන්න රුසියාවෙ ලුමුම්බා උපාධිධාරියෙක් ඉන්නවා...ඒ වුණත් ඌ පව්...මෙහෙ ඇවිත් සුදුසුකමට ගොඩක් අඩු රැකියාවක් කරනවා...ඒ අර උපාධියට අමතරව එකතු කරගත්තු බුද්ධිය නැතිකම...ඒකත් ඉතින් හැකියාව තමයි බං...

      දුක් වෙන්න එපා සා රස...මෙතන මාතලන් හරි වෙන කවුරු හරි එකෙක් කිව්ව හරි කියල නොහිතා උපාධියෙන් පිටට ඇවිත් ඇත්ත තේරුම් ගනින්...ඊට පස්සෙ උපාධියත් එක සුදුසුකමක් විදිහට සලකල බුද්ධිමත් වෙයන්...ඊට පස්සෙ මෙහෙම කෑ ගහන්න ඕන වෙන්නෙ නෑ...

      Delete
    15. //අපි කරන රැකියා ගැන ඇහුවම උඹ ඉරිසියාවෙ පුපුරයි... //

      ඇයි උඹලා ඩයිනමයිට් ගිලින රස්සාවක් ද කොරන්නේ?

      Delete
    16. // දුක් වෙන්න එපා සා රස...මෙතන මාතලන් හරි වෙන කවුරු හරි එකෙක් කිව්ව හරි කියල නොහිතා උපාධියෙන් පිටට ඇවිත් ඇත්ත තේරුම් ගනින්... //

      මාතලන් මොරටු විස්සවිජ්ජාලෙට ග්‍රීන් ලයිට් දුන්නේය...

      කලා තෙකලා කොරනා විජ්ජාලන්කාරෙට සුම්මා ය!

      උපාදියෙන් පිටට ඇවිත් ඇත්ත තේරුම් ගත්තාම කුරුට්ටන් වනාහී තුට්ටු දෙකේ විස්සවිජාල වල තුට්ටු තුනේ උපාදි ගත් හාදයෝ බව මාතලන් කියා දෙති...

      Delete
  4. මෝරු තල්මස්සු අස්සේ කන්නත් පිට රටට අත පාන අපි ඒත් එක්කම එන සියළු කොන්දේසි වලට එකඟ වෙනවාද? ඉන් වෙන හොඳ හෝ නරක ප්‍රථිපල ගැන මැදහත් සිතින් පැහැදිලිව යමක් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒ ඉන්න අය ඒ ගැන කතා කරනවද?

    ReplyDelete
    Replies
    1. // යමක් කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒ ඉන්න අය ඒ ගැන කතා කරනවද? //

      ඇයි ඔය මාතලන් ඉන්නේ කතා කොරන්න

      එයාට කතා කොරන්න පුලුවන්...

      Delete
    2. හැම එකාම කරන්නේ නූපන් දරුවෙකුට හඳහන් හදන එක... ඌ මෙහෙම වෙයි එහෙම වෙයි කියන එක... එකෙක්වත් දන්නේ උපදින්න ඉන්න දරුවා සුදුද කළුද කියලවත්....

      Delete
  5. ගිවිසුමක් ගැහුවාම එය නිමාකරන හැටි ගැන වගන්තියක් හෝ කොටසක් තියෙනවා. එතැනදී ගිවිසුම උල්ලංඝනය කලාම 'නිකම්ම' අහෝසි වෙන්නේ නැහැ. එතැනදී පෙනල්ටියක් වදිනවා. එක්කෝ ගෙවීමක්, නැත්තම් වෙනත් දෙයකින් අගතියට පත්වෙන පාර්ශවයට 'සලකන්න' ඕනේ. ( මෙය ඕනෑම සාමාන්‍ය ගිවිසුමක තියෙන දෙයක්) ඒ වගන්ති 'මම' නම් දන්නේ නැහැ. එහෙම දන්නා කෙනෙක් ගැන මම දන්නෙත් නැහැ. දන්නවා නම් කියනවා නම් වටිනවා. නොදැන කෑගහන එක විහිළුවක්. ( දෙපැත්තම) ගිවිසුම් ගහන උන් කියන්නෙත් නැහැ. අනිත් උන් කියවලා දැනගන්නෙත් නැහැ. ඉතින් මොකද්ද අවසන් ප්‍රතිඵලේ?

    පක්ෂයක් මගුලක් වැඩක් නැහැ, මේක රටක ප්‍රතිපත්තියක් ගැන කාරණාවක්. ඊටත් මමත් ඔය ගිවිසුම යටතේ ඉන්නා එකෙක් හින්දා දැනගන්න උනන්දුයි.

    කඩ්ඩ වනාගන්න බැරුව මෙහෙ හිර වෙලා ඉන්නවා කියන එකට මම තදින්ම විරුද්ධයි. එහෙම 'හිර වෙලා' ඉන්න උන් කොහොමත් මෙහෙ ඉන්නේ නැහැ. අඩුම තරමේ ඩුබායි හරි පනිනවා. රට පැන්නම ඔක්කොම හරි කියන උන් නම් යන එකමයි හොඳ, උන්ගෙන් කොහොමත් රටක් විදියට වැඩක් නැහැ. මම මගේ වෘතිය ගැන 'අධිමානයක්' නැහැ. මම වගේම මේ රටේ කම්කරුවාත් එක වගේ වෙහෙස වෙනවා රටක් විදියට හිතද්දී. ඒ හින්දා මට දොස්තරත්, කොන්දොස්තරත් අතර ඇත්තේ බ්‍රහ්ම, අළුගෝසු වෙනසක් නෙවෙයි.

    මේ ගිවිසුම මොකද්ද කියලා කිව්වා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්න අලුත් මුහුණුවරක් ගන්නවා කියන එකයි :-) වෙන නම් විශේෂයක් වෙන එකක් නැහැ මේ ලංකාවේ.

    ReplyDelete
    Replies
    1. අහෝසි කල වෙළඳ ගිවිසුම් ගැන විස්තර ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන කියවන්න..

      කඩ්ඩ වනා ගන්න බැරුව ඩුබායි වල නෙමෙයි, ඉන්දියාවෙවත් ජොබ් හම්බ වෙන්නේ නෑ.. ඔය හැම තැනම ප්‍රොෆෙසොනල් ජොබ් වලට ගන්න කොට වෙනම එක්සෑම් තියලා ගන්නේ. මෙතන කරලා තියෙන්නේ මැද පෙරදික සේවය කරන ප්‍රොෆෙසොනල් පොරවල් අවතක්සේරු කිරීමක්. අස්සන් කරන ඔක්කෝම ගිවිසුම් ජනතාවට පෙන්න පෙන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි...

      මේකට විරුද්ධ නම් කරන්න තියෙන හොඳම දේ ඒකට විකල්ප කියන එක මිසක්... ඉපදුනේ නැති ළමයින්ට මරණ සහතික ලියන එක නෙමෙයි...

      Delete
    2. ඩුබායි කියලා කිව්වේ උදාහරණයක් පමණයි. කඩ්ඩ නැතුව IT වල රැඳෙන්න බැරිකමක් නැහැ. කඩ්ඩ අවුල් උනත් වෙනත් රටවල්වල 'ඉහ ගහලා' ඉන්න උන් මට නම් හම්බෙලා තියෙනවා. IT වල කෝඩ් ගහන්න කඩ්ඩ වැදගත් නැහැ. නමුත් ඉහල තනතුරු වලදී කඩ්ඩ ඕනේ කරනවා. කොටිම්ම කඩ්ඩ සවුත්තු ඉන්දියන් කාරයොත් මම දැකල තියෙනවා කිසි අවුලක් නැතුව ඉන්නවා.

      අපේ රටේ වැඩිපුරම මැදපෙරදිග සේවය කරන්නේ ඔබ කියන ප්‍රොෆෙෂනල් පොරවල් නෙවෙයි. වැඩියෙන්ම ඉන්නේ ගාර්මන්ට් සහ ගෘහ සේවිකාවෝ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ගිහින් ඉන්න ප්‍රොෆෙෂනල් පොරවල් 'තාම' නම තියාගෙන ඉන්නවා. විශේෂයෙන් බැංකු, තොරතුරු තාක්ෂණ, සිවිල් ඉංජිනේරු , ගෘහනිර්මාණ ශිල්පය වගේ. ඩුබායි කතාව අතුරු කතාවක්නේ.. ඒ ගැන තව කියෝන එකේ තේරුමක් නැහැ.

      යම් ජනතාවක් යම් ගිවිදුමක් ගැන සක කරනවා නම් එය වඩා අවාසිසහගතයි. මොකද එයට ජනතාව සහයෝගය නොදුන්නොත් නියම වාසි ගන්න වෙන්නේ නැති නිසා. ඒ නිසා ඒ ගැන උනන්දු නම් ඒ තොරතුරු දැනගන්න විදි සලස්වන්න පුළුවන් නේද? අන්තර්ජාලය හරහා. ඒක වඩාත් ප්‍රායෝගිකයි මේ ගිවිසුම සම්බන්ධයෙන්, මොකද මේකට ඇතුලත්වන අය කොහොමත් අන්තර්ජාලයේ දිනපතා ගතකරන උදවිය නිසා.

      ඉපදෙන්න කලින් ඉතින් ස්කෑන් එහෙම කරන බලනවනේ ආබාධයක් තියෙනවද කියල නේද? එහෙම බලන්නෙම නැතුව 'දෙය්යෝ දෙන දෙයක් ' බාර ගන්නේ මොකද මෙතරම් තාක්ශනේ දියුණු කාලෙක?

      Delete
    3. අපි මෙතන කතා කරන්නෙ ස්කිල් ලේබර්ස්ලා ගැන නෙමෙයි නේද...ප්‍රොෆෙසොන්ල පොරවල් ගැන නේද...?

      ඕන දෙයක් සාපේක්ෂයි.... හැබයි මම දන්න තරමින් ශුක්‍රාණුවක් ඩිම්බයක් ස්කෑන් කරන්න පුළුවත් තත්වයක් තාම නෑ නේ...

      Delete
    4. ඒකනම් 'හරියටම' මමත් දන්නේ නැහැ. ඒ උනාට එහෙම සංසේචනයක් වෙන්න පුළුවන් පරිසරයේ ( ගර්භාෂයේ) සියලු දේවල් කලින්ම්ම නිරීක්ෂණයකින් අදාළ සංසේචනය සාර්ථක වීමේ සම්භාව්‍යතාවය ගැන පවා කියන්නට තරම් තාක්ෂනය දියුණුයි නේද? එහෙම නැත්තම් ඒ සංසේචනය වළක්වාගන්න උපදෙස් ලැබෙනවා නේද? අන්න ඒ ගැනයි මම කියන්නේ. පසුබිම අවුල් උනොත් ඉපදෙන්න හිටියේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා උනත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවා..

      මගේ පුංචි මොලේට වැටහෙන තරමට කිව්වේ

      Delete
    5. උපේක්ෂා පෞද්ගලික දෙයක් අහන්නම් මට ඔයාගේ කොමෙන්ට් එකෙන් තේරුන විදියට. කැමති නම් විතරක් උත්තර දෙන්න.. ඒ උත්තරය අනුවා මම මගේ ඊළඟ කොමෙන්ට් එක දාන්නම්....

      ඔයා ආන්ඩුවේ සේවකයෙක් නේද...?

      Delete
    6. හික් හික්.... අම්මෝ නැහැ... මම පුද්ගලික අංශයේ...

      කවදාවත්, කිසිම විදියකින්, කිසිම හේතුවකට ආණ්ඩුවේ සේවය කරන්නේද නැත. නමුත් එහෙම සේවය කරන උන් එක්ක මගේ ආරෝවක් ඇත්තේද නැත. මට ආණ්ඩුවේ සේවය අල්ලනේ නැත. අර්ධ රාජ්‍ය ආයතනයක හෝ සේවයට මගේ කිසිදු කැමැත්තක් නැත.

      ඒක මගේ තේරීමයි. ඒ හින්දා ආණ්ඩුවේ සේවය කරන්න 'කැමති' එකා මට හොරෙක් හෝ කුම්මැහියෙක් වෙන්නේ නැත.

      ඔබේ උපකල්පනය සම්පුර්ණයෙන් වැරදිය!

      Delete
    7. එසේනම් උපේක්ෂා මට ඔබට කීමට ඇත්තේ මේ දෙස උපේක්ෂාවෙන් මෙන්ම අපේක්ෂාවෙන්ද බලා සිටින ලෙසයි.... මම දන්න තරමින් පෞදගලික අංශයේ එකෙකුටවත් මේ ගැන බියක් නෑ... බිය විය යුතුත් නෑ... එකම පෞද්ගලික ව්‍යවසාකයෙක්වත් මේ වන තෙක් මේකට එරෙහි වෙලා නෑ. එරෙහි වෙන්නේ නිකං කන උන්... මොකෝ බිස්නස් කාරයෝ කියන්නේ ඕන දේකට රෙඩි උන්... උන ගාමන්ට් ෆැක්ටරි මෙහේ වැහුවා කියලා වහ බීලා මලේ නෑ නේ.. එක්කෝ බංගලාදේශ් ගියා... නැහ්නන් වෙන කොහේ හරි ගියා...

      Delete
    8. // අපි මෙතන කතා කරන්නෙ ස්කිල් ලේබර්ස්ලා ගැන නෙමෙයි නේද. //


      කඩ්ඩ බැරි මයිත්‍රීපාල සිරිසේන ස්කිල්ඩ් ලේබරර් කෙනෙක් ද?

      Delete
    9. මෛත්‍රිගෙ කඩ්ඩෙයි මහින්දගෙ කඩ්ඩෙයි මහ ළොකු වෙනසක් නෑ... හැබයි එක වෙනසක් තියෙනවා මෛත්‍රී ටෙලිප්‍රොම්ටරයක් දාගෙන කඩ්ඩ දන්න එකෙක් කියලා පෙන්නන්න නම් යන්නේ නෑ... අනික ලංකාව පාලනය කරන්න කඩුව ඕන නෑ නේ... කඩුව ඕන වෙන්නේ පිටරට එක්ක ගණුදෙනු වලදි.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මම ආණ්ඩුවේ වැඩ කරන සේවකයෙක්. හැබැයි ඔය ඕන රෙද්දකට මමනම් බය නැහැ. අර අබ්දුල් කලාම් කියල තියෙනවනේ If you salute your duty, you no need to salute anybody, but if you pollute your duty, you have to salute everybody.

      Delete
  6. ආදායම් බදු නොගෙවන සැට් එකක් තමයි ඔය පෙරමුණේ ඉන්නේ කියල මට හිතෙනව, පරණ ආණ්ඩුවම ගෙන්වගන්න. නිර්මාල් ඉන්නේ මේ ගිවිසුම් සාකච්ඡාවට දාගන්න බලකරන්න වගේ. බලමු??

    තවම ලේඛන ගතවෙලා නැතුව කොහොමෙයි හොඳ නරක සාකච්ඡා කොරන්නේ. රනිල් පොඩි සෙල්ලම් බඩුවක් විසිකරල ළමයින්ට සෙල්ලම් කරන්න.

    ReplyDelete
    Replies
    1. මුන් හැමදේටම බයයි... ඔක්කෝටම වඩා තමන්ගේ හෙළුව පෙනෙයි කියලා බයයි...

      Delete
  7. මාතලන් සහ පැරා රනිල්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් කොන්දේසි විරහිතව(?) පෙනීසිටිනා බව දැන් නම් සක්සුදක්සේ පැහැදිලිය

    ReplyDelete
    Replies
    1. මහින්දගෙන් තොර ලොවක් නැති බයියෙකුට එසේ පෙනීමේ වරදක් නැත....

      Delete
    2. වඩා යහපත් දේ තෝරා ගැනීම, එකෙකුගේ ජීරන පද්ධතියට යහපත් දේ තවකෙකුගේ ජීරණ පද්ධතියට අයහපත් විය හැකිය.

      Delete
    3. මාතලන් ගෙ උත්තරෙන් කාරනාව තවත් පැහැදිලි වෙනව.

      Delete
    4. කෙටියෙන් ලියමි. මා මහිංදට විරුද්ධව මෛත්‍රීපාල දිනවීමට මෛත්‍රී පැරදුනොත් මාගේ රෑකියා අවදානමද නොතකා ආයතනයේ වෘත්තිකයන් පෙලඹවු අයෙකි. මා පෙනීසිටින්නේ රටේ වැඩිදෙනාගේ යහපත වෙනුවෙනි. මන්ද එය මගේ දූ දරුවන්ගේද යහපත බැවිනි.

      Delete
    5. // කෙටියෙන් ලියමි. මා මහිංදට විරුද්ධව මෛත්‍රීපාල දිනවීමට මෛත්‍රී පැරදුනොත් මාගේ රෑකියා අවදානමද නොතකා ආයතනයේ වෘත්තිකයන් පෙලඹවු අයෙකි. //

      // මේ අයට පිරටකට පැන ගැනීමට නොහැකි පිරිසක් වීමය. කඩ්ඩ වනා ගන්න බැරි වීමය. එසේ නොමැති නම් අති හීනමානයය. //

      හිකිස්

      Delete
    6. මාතලන් සිටින්නේද එතනමය....

      Delete
    7. ඔව් ලංකාවේ මිනිස්සුනට හීනමානය තියෙනවා ඔබ කියන පරිදි "කඩ්ඩ වැනීමට බැරීවීම", අඩු කුලේ වීම , උසස් යයි සම්මත පාසලකට නොයෑම. .ඔයා ඒකනේමේ පාවිචි කෙරන්නේ . අපි ETCA එකට පක්‍ෂයි ඔව් අපිත් හොඳ කඩු කාරයෝ තමයි. ඉවරනේ !.

      Delete
    8. @ serendipity

      පෝස්ට් එක නැවත් සැරයක් කියවලා එන්න... ලංකාවේ අය ගැනද පිරිසක් ගැනද ලියා තියෙන්නේ කියලා.... තොප්පි හරි නම් දාගත්තට මගේ අමනාපයක් නෑ...

      Delete
  8. ECTA ගැන ඇත්තටම අපි (සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව) දන්නේ මොනවාද? මේකේ හතර කොණ දන්නේ නැතුව විවේචනය කිරීම හෝ පැසසීම මෝඩ කමක්. ගිවිසුම් කඩවීම ගැන උඩින් උපේක්ෂා කියන දේ හරි. ඕනෑම ගිවිසුමක් උල්ලංඝනය වීමේදී දඩයක් (penalty) තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම දඩ නොගෙවා අවසන් කරපු ඒවත් ඕන තරම් තියෙනවා....

      Delete
  9. මාතලන් අතිශය පැදිලිව ඒක පාර්ශවික වී ඇත. ගිවිසුමට විරුද්ද වන්නන් කව්ද.? 'කඩ්ඩ වනාගන්න බැරුව මෙහෙ හිර වෙලා ඉන්න සෙට්‍ එකක්.??????' මිනිස්සුන්ට ගරහන්න තරම් මාතලන්ගෙ හීනමානය කොයි තරමද.?
    මාතලන් මෙතනදි එක්ටා එකට විරුද්ද වෙන පාර්ශවයෙ එක තර්කයක් වත් විග්‍රහ කරල නැහැ. කාටද කඩෙ ගිහින් විතරයි...

    ReplyDelete
    Replies
    1. තවත් ගොඩක් දේ කිව්වා... එක දෙයක් අල්ලගන්නේ... ඇත්තටම ඒ කතාව ඇත්ත හන්දා...

      Delete
    2. ඇත්තෙන්ම මාතලන් ගිවිසුමට විරුද්ධ වෙන්නන් කවුද කියා කරන සරල පොදු හැදින්වීමට මමත් එකඟ නෑ. ගිවිසුමට විරුදධ වන්නන්ට ඊට වඩා පොදු ගති ලක්ෂණ කීපයක්ම තියෙනවා; ගෝලීය කරණයට විරුද්ධ වීම, කොම්පැණි විරෝධය, ඉන්දියන් විරෝධය, ඇමරිකන් විරෝධය, ..., ඔවුන් බුදු හාමුදුරුවෝ ඕකට සරලව කියලා තියෙන්නේ ඊර්ෂ්‍යාව කියලා, ඇනෝ කෙනෙත් ( ? සා රස ද මන්දා) කියා තුබුනා කොමියුනිස්ට් හැදියාව කියලා, මම කියන්නේ ඇතුලේ ජෙප්පෙක් ඉන්නා අය කියා.

      Delete
  10. //ළෝකයේ කිසිඳු රටක් අපේ විස්ස විජ්ජාල උපාධි පිලිගන්නේ නැති වීමය. අපේ විස්ස විජ්ජාලට ඇති තත්වය අන්තර්ජාලය බැලුවාම හොයා ගන්න පුළුවන්ය.// වැරදි තර්කයක් මාතලන්. අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ඕන නෑ... ඇත්ත කතාව ඒක... මෙහේ උඩ දාගෙන වඳින එක ඇම් බී බී ඇස් එකනේ... ඕකට කෙලින්ම ජොබ් දෙන රටක් මට කියන්න... හැබයි දෙන ඒව කීපයක් තියෙනවා...

      Delete
    2. MBBS නම් මම දන්නේ නෑ. මොරටුවෙන් ලබාගත්ත මගේ තොරතුරු තාක්ෂණ උපාධියට නම් ලෝකයේ බොහෝ රටවල මීට වඩා ඉතාම ඉහල ජීවන තත්වයක් හිමි රැකියාවක් ලබා ගන්න පුලුවන්.

      Delete
    3. එකනේ කලින් මම උඩදිත් කිව්වේ... මොරටුවේ උපාධි ගැන කිසි අවුලක් නෑ... මම මෙතන කතා කරන්නේ අපෙන් නිකං කන ආන්ඩුවේ උපාධිදාරින් ගැන...

      Delete
    4. මම කියුවේ පොදුවේ හැම උපාධියක් ගැනම නොවේ. වෛද්‍ය, ඉංජිනේරු, ආර්ථික විද්‍යා විශේෂ වැනි ඇතැම් උපාධි වලට අදටත් බටහිර රටවල ස්ථාවර තැනක් තියෙනවා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මටත් තියෙන්නේ මොරටුවේ උපාධියක්.

      නමුත් මට වැටහෙන්නේ නැත්තේ ඒක ඔතරම් 'උඩින්' තියෙන්නේ ඇයි කියන එකයි???? කොළඹ, පේරාදෙණියේ වගේ අනෙකුත් කැම්පස් වලිනුත් හොඳ එවුන් එනවනේ. ඊටත් මොරටුවේ උන් ඔක්කොම පුද්ගලික අංශයේ කියන්නේ කොහොමද? බලන්නකෝ ඔය TRC, Telecom එකේ ඉන්න උඩම පුටු කොහෙන්ද කියල.

      මෙතන තියෙන්නේ උපාධිය කොහෙන්ද කියන එක නෙවෙයි. අනිත් එක තර්ජනේ තියෙන්නේ IT කියල IT උන් විතරක් බයවෙන්න ඕනෙද? ඒ කියන්නේ තමන්ගේ බඩට වදිනකොට විතරයි දැනෙන්නේ. ඇයි අපිට රටක් විදියට හිතන්න බැරි?

      Delete
    7. කවද්ද අනේ එහෙම හිතුවේ... එහෙම හිතුවා නම් මේ රටට මෙහෙම වෙයිද?

      ඔය මොරටුවේ කේස් එක ඇවිල්ලා, රෝයල් කොලේජ් වගේ කේස් එකක් මෙයා... ඒවා නැති කරන්න බෑ මෙයා කාලයක් යනකන්... පේරාදෙනිය ගුරුකුලය කියලා එකකුත් තිබුනනේ කාලයක්...

      Delete
    8. //නමුත් මට වැටහෙන්නේ නැත්තේ ඒක ඔතරම් 'උඩින්' තියෙන්නේ ඇයි කියන එකයි// මේ කියන්නේ මොරටුවේ ඉංජිනේරුවන් ගැන නම් ඔතන මම දන්නා හේතුව තමයි උ/පෙළ ගණිත අංශයෙන් උපරිම ලකුණු ගන්න සෙට් එක මොරටුව සරසවියට තොරාගැනීම. ඉතින් සමාජයේ මුල් බැස ගත් අදහසක් තිබෙනවා මොරටුවේ ඉංජිනේරුවන් තමයි හොඳම දක්ෂයෝ කියන එක. නමුත් ප්‍රයෝගිකව එය එසේම නොවන බව මම නම් බොහොම පැහැදිලිව දැක ඇති දෙයක්. මම හිතන්නේ ඔය අදහසම තියෙනවා කොළඹ වෛද්‍ය පීඨය සහ ජ'පුර කළමනාකරණ පීඨය ගැනත්.

      //මටත් තියෙන්නේ මොරටුවේ උපාධියක්.// ඒ කියන්නේ උපේක්ෂත් පොරක් :) (පොරට ස්ත්‍රී ලිංග පදයක් තියෙනවද?)

      Delete
    9. මම පොරක්ද නැද්ද කියන එක මෙතනද අදාළ නැහැ නේද මිත්‍රයා ?
      :-)

      ඔය කේස් එක තියෙන බව දන්නවා. නමුත් මම එයින් බැහැරව හිතන කෙනෙක්. උසස්පෙළින් ඉහලම ලකුණු ගැනීමෙන්ම තමන් උසස්යැයි සිතන එක වැරදියි. එයින් ලොකු විනාසයක් වෙනවා. එය අපේ රටේ සිද්දවෙන දේවල් බැලුවම හොඳට තේරෙනවා.

      අනුන්ගේ ගුරුකුල මම දන්නේ නැහැ. නමුත් මම එය මම ඉන්න ස්ථානයේ, මගේ ටීම් එකේ පවත්වන්නේ නැහැ. ඊට උඩගෙඩි දෙන්නේද නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. අනිත් උන් වෙනස් කරන්න දතකන්නේ නැහැ.

      මාතෘකාවට අදාල නැති නිසා මෙයින් එහාට මේ ගැන උත්තර නොබඳිමි.

      Delete
    10. මම පේරාදේණියේ. මේ ලිපිය දැක්කම දන්නේ, මට කඩ්ඩ බෑ, රට යන්න බෑ, තව පහු ගිය ටිකේ මහින්දයට කඩෙත් ගිහින් කියලා....

      ලංකාවේ කලා සහ වාණිජ හැරුනු කොට සියලුම උපාධීන්ට දේශීය හෝ විදේශීය පිලි ගැනීම උපරිමයෙන් තියෙනවා. ඒක ගැන් සැකයක් තියෙනවා නම් අනික විශ්ව විදයාල වල වසරකට ආචාර්ය උපාදි වලට කීදෙනෙක් යනවද බලන්න. ලංකාවේ උපාධි පිලිගන් නෑ, සහ මොරටුව විතරයි පිලිගන්නේ කියන කතාවත්, මේ ලිපියේ තියෙන අනෙක් තර්ක වගේම කවුරු හරි කියනවා, ඒක අහල තමන් හොයා ගත්තා වගේ රට වටේ කිය කිය යන තර්ක විතරයි. කලා සහ වාණිජ යන අංශ වලටත් ලංකාව තුල පිලිගැනීමක් අඩු වීමට හේතුව, වසරකට එම උපාධි සහිතව පිටවන සිසුන් ප්‍රමාණය ඉතා අධික වීම.

      Delete
    11. // ලංකාවේ කලා සහ වාණිජ හැරුනු කොට සියලුම උපාධීන්ට දේශීය හෝ විදේශීය පිලි ගැනීම උපරිමයෙන් තියෙනවා. //

      ශ්ශ්
      කුරුටු සැට් එකට තද වෙයි!

      Delete
  11. මෙතනදි ඉන්දියාවේ "චේතනාව" (Intention) දැනගන්න වැදගත් වෙන උපමාවක් තියනවා අයිටී ෆීල්ඩ් එකේම. ඒ කියන්නේ දැං ප්‍රධාන පෙළේ සමාගම් කරන වැඩක් තමයි තමන්ට Competition එකක් දෙන්ඩ පුළුහන් කුඩා සමාගමක් නැගගෙන එද්දි ඒක සල්ලිවලට ගන්නවා. ඊට පස්සේ එක්කෝ ඒ කුඩා සමාගමේ Products and Services තමන්ගේ ඒවා කරගන්නවා. නැත්තං කරන්නේ කුඩා සමාගම නිකං අල කරලා ලොස් කරලා දානවා. එහෙම තමයි ලොකු සමාගම් තමන්ගේ Monopoly එක තියාගන්නේ. Microsoft සමාගම මේ වැඩේ නිතරම කරනවා. ඉන්දියාවයි ලංකාවයි බැලුවත් මේ දෙක ආදේශක (Complimentary) ආර්ථික නොවේ තියෙන්නේ. අපි දෙගොල්ලම හදන්නේ එකම දේවල්. දෙගොල්ලන්ම දෙන්නේ එකම සේවා. තේ, ඇගලුම් වගේ භාණ්ඩ බැලුවත් අයිටී, වෛද්‍ය වගේ සේවා බැලුවත් එහෙමයි. ඉන්දියාව නොදෙන අපි දෙන එකම සේවය මැදපෙරදිග වහල් සේවය විතරයි මගේ හිතේ. ඉන්දියාවෙ ඒක තහනම් මං දන්න විදියට. ඉතිං එහෙම බැලුවම ඉන්දියාවට ලංකාව Competitor කෙනෙක්. ඉන්දියාව 1998 තමන්ගේ FTA එක හරහා භාණ්ඩ නිෂ්පාදන ක්ෂේතයේ ලංකාව අල කරලා දැම්ම. ඒ මදිවට ලංකාවත් තමන්ගේම වෙළදපොලක් කර ගත්තා. දැං ඉන්දියාව හදන්නේ ලංකාවේ සේවා ආර්ථිකයෙන් තමන්ට එන Competition එකත් නැති කරලා ඒ මදිවට ලංකාවත් තමන්ගේ සේවාදායකගෙක් කරගන්න. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න. ඔය වගේ ගිවිසුම් ටිකක් හෝ සාර්ථක වෙලා තියෙන්නේ Complimentary ආර්ථික තියෙන රටවල. ඒ කියන්නේ එක රටක නිෂ්පාදනයක් තව රටක අමුද්‍රව්‍යයක් වෙන විට. ඒක දෙපැත්තටම යම් ප්‍රමාණයකට හෝ සමමිතිකව වෙන්නත් ඕනේ. අසසමිතික දෙන්නෙක් එක්කහු කරොත් වෙන්නේ පොඩි එකා ලොකු එකා විසින් ගිලගන්න එක. දැං යුරෝපා හවුලේ සාපේක්ෂව කුඩා ආර්ථික ඇති ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවලට වඩා බලවත් ආර්ථිකය ඇති ජර්මනිය විසින් කරලා තියනේනේත් ඒකනේ. ඒ රටවල් අද වෙන විට ජර්මනියේ නිල නොවන යටත් විජිත වෙලා. පත්වෙන ආණඩු මොනවාද කියලා තීරණය කරන්න තරම් ජර්මනිය බලවත් වෙලා. යුරෝපා ආර්ථික හවුල තනිකර අසාර්ථක ව්‍යාපෘතියක් විතරයි ඒකෙන් උනේ යුරෝපයේ සාපේක්ෂව දුර්වල ආර්ථික නැතිභංගස්ථාන වෙලා සාපේක්ෂව ශක්තිමත් ආර්ථිකය වන ජර්මනිය ආර්ථික අධිරාජ්‍යයක් උන එකයි කියලා අද වෙනකොට ලෝකෙම මිනිස්සු පිළිගත්ත කාරණයක්. ආර්ථිකය අල්ලගත්තා කියන්නේ රටම අල්ලගත්තා වගේ. ඇත්තටම යුරෝපා සංගමයේ වෙච්ච දේම ප්‍රමාණවත් මේ වගේ ඊනියා විස්තීරණ ‘සහයෝගිතා‘ ගිවිසුම් වල සැගව ඇති ආර්ථික සහ දේශපාලන/සංස්කෘතික අධිරාජ්‍යවාදය තේරුම්ගන්න.

    ඇත්තටම පුද්ගලයෙක්ගේ වගේම එතනදී රාජ්‍යයක හෝ සමාගමක හැසිරීම තීරණය වෙන්නේ ඔවුන්ගේ "සංස්කෘතිය" මතය. ඉන්දියාව කියන්නේ අපිටත් වඩා සංස්කෘතික අනාථභාවට පත් වෙච්ච රටක්. කට්ටියක් පාරේ මළ පහකරනකොට අපද්‍රව්‍ය කාණුවල කිමිදෙනකොට තවත් කට්ටියක් සුරසැප විදින්නේ ඒ නිසා. ඉන්දියාව කියන්නේ අපිට බුදුදහම දුන්න දඹදිව හෝ ඊට පස්සේ තිබ්බ භාරතය නොවේ. ඉංගිරිසීන් විසින් 1947 අටවපු නූතන රටක්. වත්මන් ඉන්දියානුවන්ගේ ආකල්පවල බටහිර සුද්දන් අනුකරණය කිරීමයි පැරණි බමුණු අධිපතිවාදී සංස්කෘතියයි අපූරුවට එක්කහු වෙලා මහා චාටර් අධිපතිවාදී, දැඩි ආත්මාර්ථකාමී, පුහු මානය, බක පණ්ඩිතකම සහ show-off එක පිරිච්ච හිස් සදාචාර විරහිත ගතියක් පිහටලා තියෙනවා. ඉන්දියානුවන්නේ සදාචාරය සහ සාරධර්ම ගැන පොදුවේ ලෝකෙම මිනිස්සු කළකිරිලා ඉන්න සංස්කෘතික අනාථභාවට හේතුව මේ සංස්කෘතික අනාථභාවයයි.

    ඉන්දියාවේ මේ චාටර්ගතිය එන්නෙ රාජ්‍යයෙන්මයි. එහි සංස්කෘතියෙන්මයි. කිරිකැට් මැච් වල හොර කරලා දිනනවා කියන එක එන්නේ ඒ සිස්ටම් එකෙන්මයි. සුද්දෝ උනත් එහෙම හොර කරන්ඩ ලැජ්ජයිනේ. නමුත් ඉන්දියානුවාට එහෙම හොර කරලා දිනනවා කියන එක ලැජ්ජාවක් නෑ. ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලය හොර කරන එක අමාරු වෙන UDRS (Umpire Decision Review System) නැති කරන්නේත් ඉන්දියන් ගහන පදේට නටන අම්පෑර්ලාම අන්තර්ජාතික තරගවලට දාන්නෙත් Systematicallyම හොර කරන්නනේ. ඒක ඉන්දියානු රාජ්‍ය ආයතනයක් වන ඉන්දියානු කිරිකැට් පාලක මණ්ඩලයෙන්ම කරන වැඩක්. ඒක අම්පැර්ලාගේ පුද්ගලික වැරැද්දක් නොව ඒ රාජ්‍යයේ හැටියක්. ඒ සංස්කෘතියේම ඉන්න මිනිස්සුත් ඒවා අනුමත කරනවා වගේ පේන්නේ. ලංකාවෙන් ඔහොම කරානං අපේ මිනිස්සුම ඕවාට විරුද්ධ වෙනවා ඒක අපේ සංස්කෘතියට පටහැනි නිසා. කිරිකැට් මැච් එකක සිස්ටමැටිකලි හොර කරන රටක් මේ වගේ අතිශය තීරණාත්මක ආර්ථිකය විවර කරන ගිවිසුමකදි පට්ට සාධාරණ සහ සදාචාර විරෝධි නොවන ලෙස කටයුතු කරයිද?

    ReplyDelete
    Replies
    1. මාතා,

      හරි සරලයි නේ රනිල් ගොය්යට තියෙන්නේ මේ ගිවිසුම නිසා අපට ඇතිකලහැකි රැකියා පිළිබද ලැයිස්තුවක් ඉදිරිපත් කරන එක සහ ශ්‍රී ලංකාවට ලැබිය හැකි වාසි ගැන පැහැදිලි පුරෝකථන ඉදිරිපත් කරන එකයි.

      තවම හරියට සැලැස්මවත් ඉදිරිපත් කරන්න බෑනේ, යකෝ හිගන්නෙක් උනත් මාකටින් පාර හරියට කියනවනේ මිනිස්සු වැඩියෙන් සිටින තැන " අනේ මහතුනේ මගේ දුක බලලා ..." කියල ඔය හිගන්නෝ කියන්නේ.

      රනිල් ට ඕකවත් කරගන්න බැරිද?

      //ට්‍රේඩ් ඇග්‍රිමන්ට් වේවා, සර්විස් ඇග්‍රිමන්ට් එකක් වේවා. ඕනෑම ඇග්‍රිමන්ට් එකක් සයින් කොරනා විට ඒක කෙලවෙලා යන හැටිත් ඒ ඇග්‍රීමන්ට් එකේම තියෙනවාය.//

      සහතික ඇත්ත, උබ හිතපන් මිට කෙලවිමට දඩය අපට දරාගන්න පුළුවන් මුදලක් තියනව කියල, නමුත් ප්‍රායෝගික තත්වයේදී සිදුවන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලබාදී ඇති "currency swap loan" පැය 24 න් ඉවත් කිරීමයි.

      එතකොට රනිල් කොක්කට බඩගාගෙන මොදිලගට යන්න වෙයි. එතකොට ප්‍රායෝගික තත්වය තමයි මෙය අත්සන්කළ විට කිසිම විදියකින් අහෝසි කල නොහැකි වීම.

      ඔච්චර දුර යන්න ඕනේ නෑ චිනේ පොර්ට් සිටිය ගැන මොකද තත්වය මහලොකුවට රනිල් ගොය්ය කිව්වා නේද මෙය නතර කරන බව, අද වන විට දඩත් එක්ක නැවත පටන්ගන්නවා.

      මේ ගිවිසුමත් එක්ක බැලුවහම පොර්ට් සිටිය ඉන්කන් හාල් ඇටයක්.

      උබ කෑගහන්න ඕනේ මේක කරන්න හෝ මේක නතර කරන්න නෙමේ මේ ගිවිසුම මහජනයාට ඉදිරිපත් කිරීමටයි.

      එතකොට ඉපදින්න යන ළමය අන්ගවිකලද නැද්ද කියල කියන්න පුළුවන්.

      දැන් වනවිට ඉතා සරල දෙයක් වත් හරියට කරන්න බැරුව නිකන් රොකට් යවන්න ඕනේ නෑනේ.

      එක වෙලාවක බදු දානවා තව වෙලාවක බදු ඉවත් කරනවා. අලුතින් දැම්ම "capital gains tax" එකත් ඉවත් කළා නේද ?

      ගිය මාසේ 15ත් 17ත් රනිල හොද පාඩම් ඉගන ගෙන ඉන්නේ ඔය කියන ඒවා කිසි විදියකින් කරන්න බෑ කළහැකි දේ රටේ නිතිය ක්‍රියාත්මකවීම වේගවත් කිරීමත් තොරතුරු තක්ෂණය මගින් වංචා අවම කිරීමත් පමණයි.

      ඔය ගිවිසුම නිකන් හීනයක් පමණයි

      Delete
    2. උපේක්ෂා

      මේක හරියට අල්ලපු කඩේ මුදලාලිට මිනිහගේ බඩු විකුණ ගන්ඩ තමන්ගේ කඩේ ඉඩ දෙනවා වගේ වැඩක්. අන්තිමට අල්ලපු කඩේ මුදලාලිගෙ නම යනවා. මිනිහගේ ආදායමත් වැඩි වෙනවා. අපේ හම යනවා. තිබ්බ ආදායමත් නැති වෙනවා. ඒ දෙන්නෙත් නිකං. ඊට වඩා හොඳයි කඩේ කෙලින්ම විකුණලා දැම්මනං.

      ඇත්තටම ලංකාවට ලාභ ශ්‍රමය අතින් ඉන්දියාවත් එක්ක තරග කරන්න බැහැ. ලංකාවට IT ක්ෂේත්‍රෙය් තරගයක් දෙන්න වෙන්නේ යම් යම් ක්ෂේත්‍රවල Specialize වීමෙන්. Niche Markets අල්ලා ගැනීමෙන්. ඇගලුම් සමාගම් මේක සාර්ථකව කරා. ඉන්දියාවෙන් චීනෙන් බංගලිදේශයෙන් ආපු ලාභ ශ්‍රමය එක්ක තරග කරන්න ලංකාවේ ඇගලුම් සමාගම් කරේ යටඇදුම්, ක්‍රීඩා ඇදුම්, මංගල ඇදුම් වගේ සාපේක්ෂව ඉහළ තාක්ෂණයක් ඕනේ ක්ෂේත්‍රවල Specialize උන එක. එතකොට ඉන්දියාවට හෝ බංගලිදේශයට ලාභ ශ්‍රමයෙන් පමණක් ලංකාව එක්ක තරග කරන්න අමාරුයි. ලංකාවට එන සේවාදායකයා එන්නේ අපේ තියෙන විශේෂඥ දැනුම නිසා මිස ලාභ ශ්‍රමය නිසා නොවේ. එයින් ලංකාවෙන් කෙරෙන Value Addition එකත් වැඩියි. අඩු මිනිස් සම්පතකින් වැඩි විදේශ විනිමයක් උපයන්නත් පුළුවන්. අනෙක දිගටම එහෙම කස්ටමර්ස්ලා අපිට එනකොට අපිට ඒ පැත්තේ තව තවත් විශේෂඥ දැනුම වැඩි වෙනවා. මේක චක්‍රයක් වගේ යනවා.

      IT ක්ෂේත්‍රෙයත් මේක කරන්න පුළුවන්. සමහර සමාගම් යම් ප්‍රමාණයකට මේක කරලා තියෙනවා. ආචාර්ය සංජීව වීරවර්ණ වරක් කතාවකදී මේ ගැන කිව්වා. එනම් ලංකාවේ අයිටී වලට "සන්නාමයක්" (Brand-name) හදන්න ඕනෙ කියලා. ඒ කියන්නේ අයිටී වල යම් Niche Area එකක හෝ කීපයක විශේෂඥ දැනුමක් ලංකාවෙ ඉන්න අයිටී කට්ටියට ලබා ගන්න ඕන කියලා. ඔහුගේ WSO2 සමාගමේ සම්බන්ධ එවැනි විශේෂඥ දැනුමක් තියෙනවා Web Services Middle-Ware සම්බන්ධව. එතකොට ඒ සමාගමට කවුරුහරි එන්නේ ලාභ ශ්‍රමය නිසාා නොව ඒ දැනුම වෙන තැනකින් ගන්ඩ බැරි නිසා. එතකොට එක Developer කෙනෙක් අතින් වෙන Value Addition එක සාපේක්ෂව ගොඩක් වැඩියි. මේකම කරලා තියෙනවා අයර්ලනතය සහ ඊශ්‍රායලය වගේ රටවල්. ඊශ්‍රාලයට Computer Security, Computational Mathematics වගේ පැතිවල විශේෂඥ දැනුමක් තියෙනවා. එතකොට ගොඩක් ඒ පැත්තට යන සමාගම් ඊශ්‍රායලයේ ආයෝජනය කරනවා. ඒකෙත් තවත් ඒ විශේෂඥ දැනුම ඔවුන්ට වැඩි වෙනවා. සමහර විට ඒ Specialization එක හැදෙන්නෙ අර වගේ Technological Domain එකක නොවේ Financial Markets, Healthcare වගේ Service Domain එකක වෙන්ඩත් පුළුවන්. මෙතන චක්‍රයක් තියෙන්නේ. අපිත් එහෙම චක්‍ර ටිකක් හදාගන්ඩ ඕනේ. ඊශ්‍රායලය වගේ රටක තනි ඩිවොලොපර් කෙනෙක් තමන්ගේ විශේෂඥ දැනුම භාවිත කරලා ඉන්දියාව වගෙ රටක හුදෙක් ලාබ ශ්‍රමය මාකට් කරන ඩිවෙලොපර් කෙනෙක් වගේ හතර පස් ගුණයක Value Addition එකක් කරනවා. හතර පස් ගුණයක විදේශ විනිමය උපයනවා.

      නමුත් දැන් මේගොල්ල කරන්න යන වැඩෙන් වෙන්නේ ඉන්දියානු සමාගම් ලංකාවෙ දැනට තියෙන සන්නාමයත් (Sri Lankan Brand) භාවිත කරලා (උදා ලෙස ස්කැන්ඩිනේවියානු රටවල සමාගම් ඉන්දියාවට යනවාට වඩා ලංකාවට එන්න කැමති. සමහර විට ඉන්දියන්කාරයන්ගේ unprofessional services ඔවුන්ට නොදිරවන නිසා වෙන්න ඇති) ලංකාවෙ මාකට් එක infiltrate කරන්ඩ අවස්ථාව ලැලබෙන එකයි. මේකෙන් ලංකාවට අයිටී පැත්තේ තමන්ගේම සන්නාමයක් හදාගන්ඩ තියෙන අවස්ථාව නැති වෙනවා. ලංකාවේ අයිටී ඉන්ඩස්ට්‍රියත් ඉන්දියන් අයිටී ඉන්ඩස්ට්‍රිෙය්ම extension එකක් වෙනවා. කොටින්ම "ලංකාවෙ අයිටී ඉන්ඩිස්ට්‍රියක්" කියලා එකක් තියෙනවානං හෝ හැදෙන්ඩ ඉඩ තියෙනවානං ඒ සියලු උත්සාහයක් තිඹිරි ගෙදරදීම මිය යන තතත්වයක් උදා වෙනවා.

      Delete
    3. පෝට් සිටිය දඩත් එක්ක පටන් ගන්නේ නෑ බං.... දෙන්න තිබ්බ ඒවා නැති කරලා 99 අවුරුදු බද්දකට දෙනවා... උඹත් දැන් නිර්මාල්ලා වගේ පච කෙලිනවනේ....

      ගිවිසුම හීනයක් පමණයි... සම හරක්ට...

      Delete
    4. Lankika Sithuwili

      ආණ්ඩුව මේ ETCA එක ගැන ජනමත විචාරණයක් තැබිය යුතුයි නේද? ගිය අවුරුද්දේ තියපු ජනාධිපතිවරණයේ හෝ මහා මැතිවරණයේ මේ ගැන හාංකවිසියක්වත් කීවේ නෑ. ඒ කීවේ නැත්තේ මේකට මිනිස්සු විරුද්ධ බවත් මේක ගැන කිව්වානං ඡන්දෙ නොලැබෙන බවත් දන්න නිසානේ. ඒ නිසා ආණ්ඩුවට මේ වගේ බරපතල ගිවිසුමක් ගහන්න කිසිම ජනවරමක් නෑ. අනෙක මේක රනිල් හෝ මලික් හෝ හර්ෂ හෝ රොහාන් සමරජීව වගේ කීප දෙනෙක්ගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. රටේ සමස්ත ජනතාවගේ සහ අනාගත පරපරේ අනාගතය ගැන ප්‍රශ්නයක්. ඒ නිසා අපි හැමෝටම මේක අත්සන් කරනවාද නැත්ද යන්න තීරණයට දායක වෙන්ඩ අයිතියක් යුතුකමක් හා වගකීමක් තියෙනවා. මේ වගේ ගිවිසුම්වලින් වෙන විනාශය ගැන අපිට බොහොම සමීප අත්දැකීම් තියෙනවා.

      1977-94 ආණ්ඩුවෙන් රජයට අයත් වේයන්ගොඩ වේටෙක්ස් එක කුණු කොල්ලෙට වික්කා ආණ්ඩුවෙ හිතවතෙකුට. ඇත්තටම ආරංචි විදියට ඔහු ඒක අරන් තිබ්බේත් මහජන බැංකුවෙන් ණයක් දාලා. ඒ කියනේනේ මහජන ධනයෙන්. ඔන්න ඕකයි තත්වේ. නමුත් කොහොම හරි මේක ඇදගෙන ගියා. චන්ද්‍රිකා ආවා. ගැහුවා ඉන්දියාවත් එක්ක FTA එක. ආයෙ මොකක්ද එක අස්සනයිනේ. තීරු බදු මොකුත් නැතුව ලංකාවට ආපු රෙදි එක්ක තරග කරන්ඩ බැරුව වේටෙක්ස් එක වැහුනා ඒකත් එක්තම. සිය ගාණක් white-collar jobs කරපු මිනිස්සු හිගමනට වැටුනා. සමහරු කඩවල්වල අත්උදව්වට ගියා ජීවත් වෙන්ඩ. සමහරු කුලී වැඩ කරන්ඩ ගියා. ඒ නිසා මේවා අස්සන් කරන අයට මේවා සතපහක ගානක් නැති උනාට මේ තීරණ නිසා මිනිස්සු විනාශ වෙනවා. අද ලිබරල්වාදය ගැන බණ දෙසන ඉන්දියාව තමන්ගේ රථ වාහන ඉන්ඩස්ට්‍රිය පටන් ගත්තා කාලේ දැඩි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරේ නැද්ද? දැං ඔවුන් යම් තත්වයක ඉන්න නිසා රථ වාහන ආනයනය කරන්ඩ යම් limited නිදහසක් දීලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ආරක්ෂණවාදී පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්ත රැක ගන්න. ජාතික ආර්ථිකය රැකගන්න සහ වර්ධනය කරන්න.

      ඉතින් මේ ගිවිසුම ගහන්න ඕනෙ මුළු රටේම විද්වතුන් කැඳවා පුළුල් සාකච්ඡාවකින් පසු මනාව කරුණු විග්‍රහ කරගෙනයි.

      Delete
    5. මොනව කියනවද මාතෙ. ඉන්දියාවේ ආර්ථිකේ ප්‍රමාණයක් එක්ක උන් ලංකාවේ හැම සමාගමක්ම මිලදී ගත්තත් එච්චර වෙනසක් නැහැ. අද තියෙන තාක්ෂණික දැනීම ඇති අයගේ සන්ඛ්‍යාව, ඉහල තාක්ෂණය, අයෝජකයන්ගේ ධාරිතාව වගේ මොන පැත්තෙන්වත් ඉන්දියාව අහලකින්වත් අපිට ඉන්න බැහැ. එමනිසා මෙවන් ගිවිසුමකින් වෙන්නේ ලංකාවට වාසියක්. ඕනෑම අයෝජකයෙකුට ලංකාවේ අයෝජනය කර අව්ශ්‍ය අමුද්‍රව්‍ය, තාක්ශණික මිනිස් ශ්‍රමය, විකිණීමට වෙලඳපොල ආදිය ලංකාවෙන් සහ ලංකාවේ නැති ප්‍රමාණය ඉන්දියාවෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ඔවුන්ට ඉන්දියාවේ ආයෝජනය කලත් ලංකාවේ ආයෝජනය කලත් ඒ අතින් වෙනසක් නැහැ. අද පවතින තත්ත්වය අනුව ලංකාවට සියළුම තාක්ෂණික අංශවල ශ්‍රමය සපයන්න බැහැ, බොහොමයක් අමුද්‍රව්‍ය ලංකාවේ නැහැ, එම අමුද්‍රව්‍ය සපයන ප්‍රාථමික කර්මාන්තත් නැහැ. විශාල නිශ්පාදන අයතන වලට දේශීය වෙලඳ පොලක් නැහැ. එනමුත් නීති පැත්තෙන් සහ අනුමත් කිරීම් පැත්තෙන් ලංකාව ඉදිරියෙන්. මෙවන් ගිවිසුම් නැතිතාක් අපිට විශාල පරිමාණයේ කර්මාන්තශාලා, ඉහල තාක්ශණික අයෝජන ලබා ගන්න බැහැ.

      Delete
    6. ඉයන් හිතනවද මුන් මේ දේවල් නොදන්නවා කියලා... නෑ හොඳටම දන්නවා... එකයි මුන් බය... ඒකම තමයි මම පෝස්ට් එකේ මතු කලේ.... ලංකාව කියන්නේ මොන මළදානයකද කියලා බලාගන්න අඩු ගානේ ඉන්දියාවේ චෙන්නායි වලට වත් මුන්ව එක්කගෙන යන්න ඕන...

      Delete
    7. ඔය උඩ ලියල තියෙන පුද්ගලයා මොන වැල්වටාරම් ලිව්වත් ලංකාවේ කිසිම සමාගමකට ඉන්දියාවේ ශ්‍රමය, නිෂ්පාදන ධාරිතාව, තාක්ශණික දැනීම, දේශීය නිශ්පාදන හැකියාව, වෙලඳපොල, මිලදී ගැනීමේ හැකියාව කියන කිසිම දේකින් තරඟයක් දෙන්න බැහැ. ලංකාවට ලැබෙන්නේ ප්‍රමාණය අතින් කුඩා නිස ඉන්දියාවේ සමාගම් නොසලකා හරින ඇණවුම් පමණයි.

      Delete
    8. උඩ ලියලා තියෙන මහත්තුරු දෙන්නම අමු හීනමානයෙන් පෙලෙන පුද්ගලයින් දෙන්නෙක්....

      Delete
    9. ඉයන්:
      ඔබ මේ කියන ඇනෝ කියන්නේ පිස්සුය කියලද හිතන්නේ? ඔබ දන්නවද ඔහු සඳහන් කරන සංජීව විරවර්ණ කියන්නේ කවුද කියා??? කනගාටුයි කියන්න අපේ මිනිස්සු හරියට දකුණු අත කරන දේ වම අත දන්නේ නැහැ වගේ.

      ලංකාවේ IT පොරක් සහ ඉන්දියාවේ IT පොරක් වෙන මොනවත් නැතුව එකම පේළියක හිටවලා යුරෝපියෙක්ගෙන් ඇහුවොත් කාවද උඹ වැඩට ගන්නේ කියල, ඔබ හිතන්නේ කවුරු තේරේවිද? අත්දැකීමෙන් කියන්නේ ඉයන්, උන් ගන්නේ ලංකාවේ එකාව. ඒ මොකද කියලා එක වාක්‍යයෙන් කියන්නම්. ඒ තමයි 'කොලිටිය'. මේක පොර ටෝක් එකක් නෙවෙයි. ඉන්දියාවේ උන් එක්ක වැඩකරන්න වෙන කිසි එකෙක් කැමති නැත්තේ ඇයි කියල ඕනෙම ක්ෂේත්‍රයක වෙන ජාතියක ( රටක) එකෙක්ගෙන් අහල දැනගන්න. උන්ගේ ඇටිටියුඩ් එතරම්ම අවුල්. මගේ පුද්ගලික තරහක් නැහැ. නමුත් ඇත්ත ඒකයි. සමහරවිට ටෙක්නිකලි සවුන්ඩ් උනත් උන් එක්ක වැඩකරන්න අමාරුයි. තාක්ශනේ ලංකාවේ නැහැය කියල කියන්නේ ඇත්තටම තත්වේ දන්නේ නැති උන්. අද ලංකාවේ IT වල තියෙන සමහර දේවල් එක්ක ඉන්දියාවට හැරෙන්නවත් බැරි අවස්ථා තියෙනවා. කොටිම්ම යුරෝපයෙන් ඉන්දියාවට කලින් බලන්නේ ලංකාවේ ඒ වැඩේ කරගන්න එකෙක් ඉන්නවද කියලයි. මේ කියන්නේ හිතලුවක් නෙවෙයි. සහතික ඇත්ත. මම නම් කියන්න කැමති නැහැ. ලංකාවේ ඉන්නවා ඔළුගෙඩි වලින් ලොකු නොවුනත් (සංක්යාවෙන් ) ඉදිරියෙන් ඉන්න මෘදුකාංග කම්පැනි. කොටිම්ම වෙනත් රටක මෘදුකාංග කම්පැනි කෝල් සෙන්ටර් අරින්නේ ඉන්දියාවේ උනත් development centers අරින්නේ ලංකාවේ.

      අල්ලපු වත්තේ තණකොළ වඩාත් කොලපාටයි හිතීම එතරම්ම සත්‍ය නොවේ. ඔවුන් හොඳයි, නමුත් හැඳිවත අස්සේ දාගෙන 'කනෝ කනෝ' කියන්න වෙන්න ඉඩ තියෙන නිසයි බය.

      මම පුද්ගලිකව මෙයට විරුද්ධ නැහැ. නමුත් ප්‍රශ්න තිබන බව පැහැදිලියි. ඒවා අඩු වන විදියට වැඩකිරීම කාටත් සුබයි නේද?

      Delete
    10. //ලංකාවට ලැබෙන්නේ ප්‍රමාණය අතින් කුඩා නිස ඉන්දියාවේ සමාගම් නොසලකා හරින ඇණවුම් පමණයි.

      වැරදියි. IT වලදී නම් මේ වාක්‍ය වැරදියි ඉයන්. අනිත්වා ගැන මම දන්නේ නැහැ.

      Delete
    11. //උඹත් දැන් නිර්මාල්ලා වගේ පච කෙලිනවනේ....//
      https://www.youtube.com/watch?v=mG-BLweUrcY

      දැනට තීරණයක් නෑ තමයි නමුත් අවසානයේ මේවා ගෙවන්න වෙනවා

      ඇනෝ,

      //ඒ නිසා ආණ්ඩුවට මේ වගේ බරපතල ගිවිසුමක් ගහන්න කිසිම ජනවරමක් නෑ.//
      මේ ආණ්ඩුව නෙමෙයි මේ ගිවිසුම ගහල තියෙන්නේ ගිය ආණ්ඩුවයි, රජයක් ගිවිසුමක් ගහවුවම ක්‍රියාත්මක කිරීමට ඊලග ආණ්ඩුවට සිදුවෙනව.

      //මේ ගිවිසුම ගහන්න ඕනෙ මුළු රටේම විද්වතුන් කැඳවා පුළුල් සාකච්ඡාවකින් පසු//

      මුලින්ම ගිවිසුම ජනතාවට හෙළි කල යුතුයි ඊට පස්සේ තමයි එයට කැමති හෝ අකමැති විය යුත්තේ, මට ඇති ප්‍රශ්නය මාතා උනත් කියන්නේ නෑ මේ ගිවිසුම ප්‍රසිද්ධ කරන්න කියල.

      නමුත් ඉක්මන් වෙනවා මෙයින් වෙන සංවර්දනය ගැන කියන්න. ඉස්සල්ල ගිවිසුඅ ගැන කියමු

      Delete
    12. //ඉන්දියාවේ උන් එක්ක වැඩකරන්න වෙන කිසි එකෙක් කැමති නැත්තේ ඇයි කියල ඕනෙම ක්ෂේත්‍රයක වෙන ජාතියක ( රටක) එකෙක්ගෙන් අහල දැනගන්න//

      අහන්න දෙයක් නෑ හිටියනං රස්සාව තිත්ත වෙලා රිසයින් වෙන්න හිතෙනවා.අමුතුම ලෝකෙක ඉන්න ඩයල් ටිකක්..සහතිකම ඇත්ත.!!!!!

      Delete
    13. උපේක්ෂා,

      මා මිට කලින් පොස්ට් එකකින් ඉන්දියන් කාරයෙක් මගේ ඇමරිකාවේ ගනුදෙනු කරුවකු බංකොලොත් කල බව මම පොස්ට් එකකින් කිව්වා.

      ඉන්දියන් කාරයෝ කියන්නේ අමුතුම සන්කෘතියක් තියන පිරිසක් ඔවුන් තමන්ට බැරි වෙලාවේ හිගන්නෝ වගේ නැමෙන අතර යම් විදියක් දැක්කොත් තමාට උපරිම වාසි ලබාගැනීමට ඔබ කොතෙක් උදව්කර තිබුනත් ඔබව විනාශ කිරීමට ඔවුන් පසුබට වෙන්නේ නෑ, හැමෝම එහෙම නැතිව ඇති නමුත් බහුතරය එහෙමයි.

      අද ශ්‍රී ලංකාවේ සමහර IT අංශවල දක්ෂයන් සොයාගැනීම අපහසුයි.

      පසුගිය දාක රුපියල් 100000 මාසික පඩියට php මෘදුකාංග ලියන්නෙක් හොයාදෙන ලෙස මගේ ගනුදෙනු කරුවෙක් ඉල්ලා සිටියා.

      දැනට සතිකිපයකට පෙර මගේ මිත්‍රයෙක් තම පරිගණක ජාලයේ ප්‍රශ්නයක් නිවැරදි කිරීමට කෙනෙක් ඉල්ලා සිටිය අවසානයේ මම කිසිවිටක වුර්තිය ලෙස ජාල ප්‍රශ්න විසදීම බාර නොගත්තත් මිතුරාට උදව්වක් ලෙස ගොස් එය නිවැරදි කිරීමට මට සිදුවුනා.

      මේ නිසා සමහර අංශ වල උග්‍ර IT සේවක හිගයක් පවතිනවා, මෙනිසා රජය කල යුත්තේ වැඩිවැඩියෙන් මෙම වුර්තිකයන් ශ්‍රී ලංකාව තුලින් බිහිකරන වැඩපිළිවලක් ඇති කිරීමයි.

      ඉන්දියාව සමග ගිවිසුම නරක එකක් නෙමෙයි එහි වාසි විශාලයි නමුත් ඇති සරල ප්‍රශ්න නොවිසදන මේ රජයට ඇති සංකීර්ණ ප්‍රශ්න විසදන්නේ කෙසේද යන්න පැහැදිලි නෑ

      Delete
    14. උපේක්ශා, මම මුම්බායි හි රිලයන්ස් සමාගමේ ඩේටා සෙන්ටර්ස්, ඩිවෙලොප්මන්ට් සෙන්ටර්ස්, අවුට් සෝසින් සෙන්ටර්ස් හැබැහින් දැක තියෙනවා.ලංකාවේ කීපෙකුත් දැක තිබෙනවා. ඉන්දියාවේ සෙන්ටර්ස් වල ආදායම, විශාලත්වය, ආයෝජනය පැත්තෙන් අපිට අලගු තියන්නවත් බැහැ.

      මම මෙගාපොලිස් ව්‍යාපෘතිය සම්බන්ධ රැස්වීම් කිහිපයකට සහභාගී වීමේදී තොරතුරු තාක්ෂණ ව්‍යවසායකින් සහභාගී වූ රැස්වීමෙත් හිටියා . ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණයක් වුනේ පුහුණු ශ්‍රමය සහ ඔවුන් රඳවා ගැනීමේ අපහසුව සහ ඒඅනුව 2020 බිලියන් 5 ටාර්ගට් එක ගැනීමි අපහසුව. ලංකාවේ තොරතුරු තාක්ශණයෙන් ආදායම අද ඩොලර් බිලියනයක්වත් නැහැ. බිලියන 5 ක් ටාර්ගට් කරන්නේ 2020 දී. දේශීය ආදායම ඩොලර් මිලියන 100 වත් නැහැ. ඉන්දියාවේ 2015 දී තොරතුරු තාක්ශණයේ අපනයන ආදායම ඩොලර් බිලියන 99 යි දේශීය අදායම ඩොලර් බිලියන් 48. අද සම්පූර්ණයෙන් ඩොලර් බිලියන් 1 පමණ වන ආදායම ඩොලර් මිලියන 147 ක ආදායම ටියෙන ඉන්දියාවට කජ්ජක්ද? එක වෙලඳපොලක් වුවහොත් ශ්‍රමිකයින් මදි නම් ආනයනය කල හැකිනම් පමණයි විශාල අයෝඉජන එන්නේ. එක පැත්තකින් පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත නොකිරීම නිසා තාක්ශණ හැකියාවන් ඇති අය අඩුයි. අනික මදි පාඩුව පිටින් ගේන්නත් බැහැ. ඉතින් මොන මෝඩයාද ආයෙඔජනය කරන්නේ. අනික් අතින් ඉන්දියාවේ ආයෝජනය නොකරපු එක විශාල තොරතුරු තාක්ශන සමාගමක් තිබෙනවාද? මදි ශ්‍රමය ඉන්දියාවෙන් ගන්න පුලුවන්නම් එම අයෝජන ලංකාවට ආවොත් තව ක්ශේත්‍ර කීයකින් රටට වාසි වෙනවද?

      Delete
    15. කොහොම හරි උපේක්ෂා පාදෙනියලගේ ගුලි සහ පාරම්පරිකව ලංකාවේ ගිල්ලන මෙන්ටල් ගුලි කාලා තියෙන බව නම් අපූරුවට පේනවා...

      මේ කියන විදියට ලංකාව කියන්නේ සොෆ්ට්වෙයාර්ලන්තය වෙන්න ඕන.. එහෙම නැත්නම් සිලිකන් අයිලන්ඩ් වෙන්න ඕන... ඒත් ලංකාවේ සිලිකන් ඒරියා එකක් තියා සිලිකන් ස්ට්‍රීට් එකක්වත් නෑ.. අඩුම ගානේ සිලිකන් හන්දියක් වත් නෑ... ඕක අපේ උන්ට එකසිය ගානට තියෙන මානසික ලෙඩක්... අපිට ගහන්න එකෙක් වත් නෑ කියලා හිතාගෙන ඉන්නේ... ඒත් වෙන රටකට ගියාම රට තියෙන්නේ කොහේද කියලා කියන්න වෙන්නෙත් ඉන්දියාවට පහලින් තියෙන්නේ කියලයි...

      Delete
    16. උපේක්ශා...

      මාතලන් මෙතන තර්කානුකූල නැහැ. ඔහු කරන්නේ "කොහොම හරි උපේක්ෂා පාදෙනියලගේ ගුලි සහ පාරම්පරිකව ලංකාවේ ගිල්ලන මෙන්ටල් ගුලි කාලා තියෙන බව නම් අපූරුවට පේනවා... " වගේ බන්කොලොත් තර්ක ඉදිරිපත් කිරේමයි. අපි ඉන්ඩස්ට්‍ර් එකේ අපේ තත්වය මේකයි කිය්ල පැහදිලිව පෙන්නද්දි ඒක රැක ගන්න හදන්න ඉදිරිපත් වෙන්න කරුනු සොයල බල්න එක නෙවෙයි. මුදලට කහින මේ වගෙ මිනිස්සුයි දේශපාලන බල්ලොයි රටේ දියුනු කලහැකි සමප්ත් කන්න බලන් ඉන්නව විතරයි. පුලුවන්නම් ඔය ගොන් වැඩ වලින් මේකත් කාල දාප්ල්ල.
      මාතලන් ගෙ විදියට අහනවනම් මටත් අහන්න වෙන්නෙ පාදෙනියලත් එක්ක ගත්තම මාතලන් මොකෙද්ද කියල තමයි.

      Delete
    17. මල පැනලා තියෙන්නේ උපේක්ෂටත් වඩා තොප්පිය ගැලපෙන නිසාය...

      ඕක තමයි අන්තීමට ගේන්න තියෙන ගොන් තර්කය...

      ඔව් අපි නම් වකුගඩු ජාවරම් වලටවත් මහින්දත් එක්ක හොරකමේ ගිහිල්ලවත්, ඖෂධ කොම්පැණි එක්ක බිස්නස් කරලවත් නම් නෑ....

      Delete
    18. // මාතලන් ගෙ විදියට අහනවනම් මටත් අහන්න වෙන්නෙ පාදෙනියලත් එක්ක ගත්තම මාතලන් මොකෙද්ද කියල තමයි. //

      :D

      Delete
    19. මල පැනල තියෙන්නෙ ඒක පාර්ශවික වෙලා බන්කොලොත් තර්ක ඩෙන නිසයි. උදාහරනයක් විදියට දැන් මහින්දයි, වකුගඩුයි, මෙතනෙට සම්බන්ද වෙන්නෙ කොහොමද.? ඔබ මාව මහින්ද වාදියෙක් කියලද කියන්නෙ.? කුමන පදනමකින්ද.? දැන් මමත් මේ රජයෙ කුනු ඇදල ගන්න ඔනද.?
      රජයත් වුර්තිකයන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් ඔබ ඔයි පෙන්නන බන්කොලොත්බාවයෙන්‍ සහ තර්ජනයෙන් වෙද්දි මල පනිනව තමයි.

      Delete
    20. //වකුගඩුයි, මෙතනෙට සම්බන්ද වෙන්නෙ කොහොමද.? //

      ඒක නම් සිම්පල් හේතුවක්...

      වකුගඩු කේස් එකට සෞක්ය අමාත්යන්සෙන් පවත්වපු නිල පරීකසේ ප්‍රතිපල වාර්තාව රජයට බාරදීල මාසෙකට වැඩී

      එම වාර්තාවෙ සඳහන් වෙන ජාවාරමට මුල් වෙලා ඉන්නා ජොස්තොරලා මන් කොලොත් යහපාලන් ආන්ඩුවට විස්සල ප්‍රස්න වලට මූන දෙන්න සිජ්ජ වෙන නිසා එම වාර්තාව සැඟවීමට සිදු විය!

      Delete
    21. ඔහේ කියන විදියට අපි එකෙක්ගෙ මුදලට කහිනවා නම්.... ඔහේ කහින්නේ කාගේ මුදලටද.... අන්න ඒ මුදල් දෙන කෙනා ගැන තමයි කිව්වේ... පාදෙනිය කියන්නෙත් එයින් එකෙක්... ඔහේට් ඌ ළොකු උනාට අපිට ඌ තවත් මිනිහෙක් විතරයි....

      Delete
  12. රජය මේ ගිවිසුම හෙලි නොකරනවා නම් හස අන්තනෝමතික වෙනවා නම් මීට වඩා විරෝධතාවලට මුහුණ දෙන්න වෙයි වගේම රනිල්ගේ පාලන කාලයත් කෙටි වෙයි.

    ReplyDelete
    Replies
    1. නොවෙන්න බැරිත් නෑ.... මොකෝ බහුතරය අමු හරක් නේ....

      Delete
    2. හරියට හරි මාතලන්, බහුතරය අමු හරක් (මම කිව්වෙ ලක්ෂ 62 ගැන....බහුතරයනෙ!!! )

      Delete
  13. පිස්සු කෙලින්න එපා මාතලන්.
    ඉන්දියාව වැනි බලවත් රටක් එක්ක ගහන ගිවිසුමක් ඒකපාර්ශවිකව අවලංගු කරන්න ලංකාව වැනි කුඩා රටකට පුළුවන්ද?
    ගිවිසුමේ මොනවා තිබුණත් ප්‍රායෝගිකව ඒක කරන්න බැහැ.
    පුළුවන් නම් ඊනිය ඉන්දු-ලංකා ගිවිසුම අහෝසි කරනවානේ.
    මේක පසුගිය ආණ්ඩුව පෙරලීම සදහා උදව් කිරීම වෙනුවෙන් ඉන්දියාවට දෙන කප්පමක් කියලා කවුරුත් දන්නවා.
    ඒ බව හොදින්ම දැන දැන බොරු කිය කියා ජනතාව නොමග අරින්න එපා.
    ආණ්ඩුවෙන් වාසි ගත්තාට කමක් නැහැ. ආණ්ඩුවේ බත් බැලයෙක් වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මහින්ද ගියාට ඔයාට දුකයිද මෙයා?

      අපි දන්න විදියට නම් ඕනම රටක් හැම පක්ෂෙටම සල්ලි දෙනවා මැතිවරණයක් තියෙන කොට.

      ඒත් ආන්ඩුව ගෙදර යැව්වේ චීනෙවත් ඉන්දියාවවත් ඇමරිකාවවත් නෙමෙයි. මේ රටේ ජනතාව.

      Delete
    2. බොරැ කියන්න එපා මාතලන්. උඹ දැක්කද හැම පක්ශෙකටම සල්ලි දෙනවා. රනිල් ගොයියා වගේ ගජ බින්න ඇද බාන්න එපා. ලැජ්ජයි.

      Delete
    3. දැන් එතකොට් උඹ දැක්කද ඉන්දියාවෙන් අලි පාටියට සප් එක දෙනවා... නිකං පලයන් බං යන්න...

      Delete
  14. මෙච්චර කල් ඔවු මාතලන්, ඇත්ත මාතලන්, අනේද කියන්නේ මාතලන්, ඔයා රිදෙන්නම ලිවුවා මාතලන් කියමින් මාතලන් ව අප් කරන්න උත්සාහ කල කස්ටිය තමන් ගේ උපාදිය ගත්තු තැනට මාතලන් කෙලිනා විට, තමන් ගේ රස්සාව අනතුරේ තියෙනා විට එය කඩ්ඩ බැරි කමක් ලෙස මාතලන් අර්ත දක්වන විට මාතලන් සමග ගේම ඉල්ලීම දැකීම සින්හල බොග් අවකාසේ මනරම් දසුනකි!

    එම මනරම් දසුන දකිනා විට මාතලන් ලොක්කා සිරි ලන්කා උපාදි ගැන කී දෑ සහතික ඇත්ත බව පෙනී යයි!

    වැල් ඩන් මාතලන් ලොක්කෝ!

    ReplyDelete
    Replies
    1. සරසා තුමෝ, ඔහෙලගෙ රජ්ජුරුවෝ ගත්තු ණය ගෙවන්න බැරුව තමයි අද රිනිල් ලොක්කට ගිවිසුමකින් ඉන්දියාවට ලියල දෙන්න වෙලා තියෙන්නේ.

      කරන්න පුළුවන් ගොන්කම් ඔක්කොම කරලා රට නිදහස ලැබුන දවසේ සිට යුද්දය අවසාන කරන මොහොත වන 2009 වනවිට අරගෙන තිබුන ණය වගේ කිපගුනයක් 2009 සිට 2014 වනවිට ලබාගෙන තියන බව කරුණාවෙන් තේරුම් ගන්න

      Delete
    2. // සරසා තුමෝ, ඔහෙලගෙ රජ්ජුරුවෝ ගත්තු ණය ගෙවන්න බැරුව තමයි අද රිනිල් ලොක්කට ගිවිසුමකින් ඉන්දියාවට ලියල දෙන්න වෙලා තියෙන්නේ //

      ඉතින් මට පාන් ද මහත්මයා?

      මාතලන් තුමා පවසන පරිදි ඔහෙලා පිට රටක රස්සාවක් සොයා ගන්න බැරි මරිමෝඩ කඩ්ඩ ටැපලෙන සිරි ලන්කා උපාදිදාරීන්ද මහත්මයා?

      Delete
  15. RANILA TA WADA HARKEK THAWA KOHEDA AMARUWEN GATHTHA BALAYA RAKA GANNA BARIWA .....aparade mage chande...

    Ranil wishwasha karanna puluwan ayek noweyi..

    ReplyDelete
  16. පහුගිය දවසක අගමැති කියලා තිබුනා තවම ඔය කියන ගිවිසුමේ කෙටුම්පත සකස් කරලා අවසන් කර නැති බවත්. ඉතිං ඔය ගිවිසුම ඇස්දෙකිං නොදැක ඒකට විරුද්ධ වෙන්නවත් එකඟ වෙන්නවත් පුලුවංද?

    අනික ඔය ගිවිසුම්වල තියෙන සමහර දේවල් තේරුම් ගන්න අපේ දැණුම මදි.

    තමුන්ගෙ මතය වෙනස් නොකරන ගොං තඩියෙක ් වන අපේ එකෙක් ඉන්නවා. ඌ තරම් පොත් පත්තර කියවන එකෙක් තවත් නෑ. වොක්ස්වැගන් කාර් එකේ චැසිය පදම් කරන හැටිත් ඌ අපිට කියලා දෙනවා. හැබැයි ඌත් උගෙ මතේමයි. රුපියල් තිස්දහකට විතර හොඳට තියෙන ඉන්දියානු බයිසිකල් එකක් ගන්න පුලුවන්කම තියෙද්දි මිනිහා පොතත් නැති පරණ තැපැල් නයින්ටියක් අරං දැං දවස් තුනක් තිස්සේ ඒකට කෑලි හොයනවා . ඌ කියන්නේ "ජපං බයිසිකලේ කෑල්ලක් උනත් ඉන්දියන් බයිසිකලේට වඩා වටිනවා " කියලයි. ඔන්න ඔය වගේ එවුන්ට රටට වෙන්න යන විපත්ති හීනෙං පේනවලුනෙ.

    ReplyDelete
    Replies
    1. අපි වඳවෙලා යන ජාතියක් නේ... අනික ළෝකේ එක්ක ගත්තම අපි ගනන් ගන්නෙවත් නැති ජාතියක්... අපේ ළොකුකම් පෙන්නන්න තියෙන්නේ මේක විතරයි... ඒකයි මේ නහින්නේ... නම්බුව රැක ගන්න... අපි හරි භය ජාතියක්....

      Delete
    2. මාතා,

      ඉන්දියානු බයිසිකලයයි ජපන් බයිසිකලයයි ආතර වෙනස පැදලා බලනන ඕනේ.
      මගේ ජපන් බයිසිකලය (Honda cruiser motorcycle) තවම ගෙදර උදවිය බනිද්දි තියාගෙන ඉන්නේ වෙනස දන්නා නිසා

      Delete
    3. ඔයි කොම්පැරිසොන් එකම තමයි මචෝ... ඉස්සර අපේ තාත්තලා ඉන්ගිරිස් බඩුවලටයි ජපන් බඩු වලටයි කොලෙත්...

      ළෝකය පෙරලෙයි යයි කාලේ ගෙවී යයි මරුවා ලඟා වෙනවා
      සිතු දේ නිම වෙයි නොසුතු දෙයම වෙයි ළෝ දම් කැරකෙනවා...

      Delete
    4. සුරංගයො සමහර විට ඌ කරන දේ හරි වෙන්න පුලුවන්..පොඩි කට්ටක් කාලා හොඳට හදාගත්තොත් තැපල එක්ක කඳු අදින්න බර අදින්න හපනෙක් නෑ මං දන්න තරමින්.අනික බරට බ්‍රේක් අහනවා.බැලන්ස් කරගන්න ලේසියි.සෙකන්ඩ් එකට දාල ඇල්ලුවම පොල් ගහක් දිගේ හරි යනවා..ඉන්දියන් බයික් එක තෙල් කරනවා උනත් බයික් එකක් කියන්නෙ බයික් එකක්..අඩු වියදමින් දුවන්න ඕන්නං ඒක වෙනම කතාවක්.

      Delete
    5. තැපැල් 90යෙන් ඔෆිස් එන්නේ ආන්ඩුවේ රස්සාව පාර්ට් ටයිම් එකක් විදිහට කරන අය.

      Delete
    6. ජපන් වාහන ටොප් ක්ලාස්, ගැරෙජ් කාරයින්ට.

      ඇත්තෙන්ම රට තුල රැකියා අවශ්තා වැඩි කිරීමක්, උදැල්ලෙන් පස් කපල වැව් බඳිනවා වගේ.

      Delete
    7. ඇණේ මචං.. වෙන්න ඇති..ඒක ඉතිං පාට් ටයිම් එකට ආණ්ඩුවෙ ජොබ් කරන එකාගෙ වැරැද්දක් මිස බයිසිකලේ වැරැද්දක් නෙවෙයි නෙවැ.ඌ තැපලක් ගත්තෙ ඊට අඩුවෙන් මේට් එකක් සුපර්කබ් එකක් හරියන් නැතින්නිසා වෙන්නැති .// තැපල එක්ක කඳු අදින්න බර අදින්න හපනෙක් නෑ මං දන්න තරමින්.// පොඩි බිස්නස් එකක් කරන මනුස්සයෙකුට ,ගෙදර වාහනයක් නැති ගමක මනුස්සයෙකුට ලොකු ලගේජ් තැපල කියන්නෙ මල්ටිපර්පස් භාණ්ඩයක්..
      තෙල්.වතුර බලාගෙන ෆිල්ටර් මාරුකරගෙන දුවනවනං එහෙම වෙන්නෙ නෑ බොසා.මයේකත් දුවන්නෙ බබා වාගෙ ආසාවකට ලෙඩක් දෙන්නෙ නෑ.හැබැයි ඒකටත් සලකන්න ඕනැ අපේ ගමන ගිහිං ආවට විතරක් මදි..ආරක්ෂාව සුවපහසුවත් ඉතිං එපෑ අපි දුප්පත් උනාට.නැද්ද

      Delete
    8. හැමෝගෙම හොඳට කියන්නේ, ඉන්දියන් බයික් පදින්න එපා. විශේෂයෙන්ම ස්කූටි පෙප් (TVS Scooty Pept) සහ ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් සමග පසුපස ඩ්‍රම් බ්‍රේක් තියන බයික් (Bajaj Discovery, Bajaj Pulsar, Hero Hunk, Hero Glamour, TVS Victor etc.).
      මෝටර් බයික් එකක සමබරතාවය රදා පවතින්නේ එහි බඳෙහි බර සහ එහි රෝදවල බර සහ පළල මත. රෝදවල බර වැඩි නම් කැරකෙන විට ඇතිවන කෝණික ගම්‍යතාවය (Angular Momentum) වැඩි වෙනවා. එමගින් බයිසිකලයේ ගතික සමතුලිතතාවය (Dynamic Stability) ඇති වෙනවා. බයිසිකලයේ රෝද පළල වන විට පාර සමහ ඇති වන සම්බන්ධය (Grip) වැඩිවී එමගින් මනා සමබරතාවයක් ලබා දෙනවා.

      එමෙන්ම බයිසිකලයේ බඳෙහි (Chassis) බර වැඩිවීමද සමබරතාවයට උදව් වෙනවා. නමුත් බයිසිකලයේ බඳෙහි බර මැනවින් රෝද යා කරන රේඛාව මැදටත් සිරස් අතට හැකිතරම් අඩු උසකිනුත් පිහිටන්න ඕනේ (Center of Mass and Center of Gravity).

      මෑත කාලයක් වනතුරු ලංකාවේ ජනප්‍රියව තිබූ Honda; Jade, Hornet, CD, Roadmaster, CB, CBR, Volty, DT, XR; Yamaha; TZR, XJ, TW, WR, SR; Kawasaki යනාදී ජපන් මෝටර් බයික් මෙම ගුණාංග හැම එකකින්ම පොහොසත්ව තිබුනා. නමුත් ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වූ ඉන්දියන් මෝටර්බයික් මේ කිසිම ගුණාංගයක් දරන්නේ නෑ. ඔබ පොඩ්ඩක් කල්පනා කරානම් ඉස්සර මේ තරම් මෝටර්බයික් අනතුරු සිද්ධ උනේ නෑ නේද කියල කල්පනා වේවි. මෝටර්බයික් අනතුරු ඉතාමත් වැඩි වශයෙන් වාර්තා වෙන්න ගත්තේ ඉන්දියන් ඒවා වැඩි වෙන්න ගත්තට පස්සේ. කාටහරි තර්ක කරන්න පුලුවන් දැන් පාරවල්වල වාහන වැඩී නේද කියලා. ඒක ඇත්ත. මොනවද වැඩි වෙලා තියන වාහන? ඉන්දියන් මෝටර්සයිකල්, ත්‍රීවීල්, මරුටි එහෙම නේද.

      ඉන්දියානු වාහන නිශ්පාදන සමාගම් බොහෝසෙයින් උත්සාහ කරන්නේ පෙට්‍රල් ලීටරයකට ධාවනව වන දුර (Mileage) වැඩි කරගන්න. කොහොමද මෝටර්බයික් වලින් ඒක ලඟාකරගන්නේ? ඉහත කිව්ව ලක්ශන හැම එකකින්ම වෙන්නේ Mileage එක අඩු වෙන එක. රෝදවල බර, පළල, බදේ බර වැඩි වෙන තරමට පෙට්‍රල් දහනය වීම වැඩී. ඒ හින්දා ඉන්දියන් බයික් හැම එකකම වගේ මේ Mileage එක ලගාකරගන්න බයිසිකලයේ ඉහත ලක්ශන හැම එකක්ම අඩු කරලා තියනවා. සංසන්දනය කරලා බලන්න ජපන් බයික් එකක පසුපස රෝදයේ පළල සහ එවැනිම ඉන්දියන් බයික් එකක පසුපස රෝදයේ පළල. මේ ආකාරයෙන් ඉන්දියන් බයික් එකක mileage එක වැඩි කරගන්න කරලා තියන හැම එකකින්ම බයිසිකලයේ සමබරතාවය රැකගන්න උදව් කරන සාධක එකින් එක අඩු වෙලා තියනවා.

      අනෙක් කාරණය තමයි ඉන්දියන් බයික් වල බ්‍රේක්. බොහෝ වෙලාවට ඉන්දියන් බයික් වල එන්නේ ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් සහ පසුපස ඩ්‍රම් බ්‍රේක්. බොහෝ ජපන් බයික් වලත් මේ විදිහටම බ්‍රේක් සිස්ටම් එක එනවා ඒත් එහෙම එන්නේ Cruiser type බයික් වල විතරයි. මෝටර්බයික් සම්බන්ධ සිද්ධාන්ත වල කියන්නේ බ්‍රේක් කරනවිට ඉදිරිපස රෝදයට 60% ක පමණ ප්‍රමාණයකුත් පසුපස රෝදයට 40%ක පමණ ප්‍රමාණයකුත් ලැබෙන්න ඕනේ කියලයි. නමුත් ඉන්දියානු මෝටර්බයික් නිශ්පාදන සමාගම් මෙය වැරදියට තේරුම් අරන් වගේ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඔවුන් Domestic සහ Sport බයික් හැම එකටම මේ විදිහට බ්‍රේක් සැලසුම් කරලා තියනවා. කොහොමද මේකෙන් අනතුරක් ඇතිවීමට ඇති අවදානම වැඩි කරන්නේ. බයික් එකක් වේගයෙන් ගිහින් බ්‍රේක් ගහලා නවත්තන්න හදනකොට නිරායසයෙන්ම සිද්ධ වෙන්නේ ඉදිරිපස Disk brake මගින් රෝදය නැවත්වීමට ලැබෙන බලය වැඩි වීමත් පසුපස Drum brake මගින් රෝදය නැවත්වීමට ලැබෙන බලය අඩු වීමත්. බොහෝවිට ඉන්දියන් මෝටර්බයික් වල පසුපස රෝදය ඉතා හීනි නිසා මෙමගින් බයිසිකලය පෙරලීමකට ලක් වෙනවා.

      Delete
    9. වඩාත්ම අවදානම පවතින්නේ වැස්ස තියන වෙලාවක මේ වගේ බයික් එකක ගිහින් බ්‍රේක් ගහනවිට. වැසි සහිත අවස්ථාවල අනිවාර්යයෙන්ම තෙතමනයේ බලපෑම නිසා ඉදිරිපස Disk brake එකෙහි රෝදය හිරවීමකට ලක්වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.

      ඊලඟට ගත්තොත් Scooty Pept බයික්. ඉතාමත්ම අවදානම් සමබරතාවයෙන් ඉතාමත්ම අඩු මෝටර්බයික් ජාතියක්. ඉහත කිව්වා වගේ මෝටර්බයික් එකක සමබරතාවය ලබාගැනීමට ඇති කිසිම ගුණාංගයක් මේ බයික් වල නෑ. බොහෝ විට මේවා පදවන්නේ ගැහැණු උදවිය. ඒ බයිසිකලයේ බර ඉතාමත්ම අඩුවීමත් ඉඳගෙන යාමට ඇති පහසුවත් නිසා. නමුත් ඔවුන් දන්නේ නෑ මෙහි සමබරතාවය ඉතා අඩු නිසා අනතුරක් හෝ අවදානමක් දුටු විගස ඇතිවන තැතිගැන්ම මත මේ බයික් ඉතාම ලේසියෙන් පෙරළීයාහැකි බව. ලගදී අපට අහන්න ලැබුන ඉතාමත්ම ශෝචනීය අනතුර සිදුවුනෙත් මේ බයික් එකකින්.

      ඉතාමත්ම වැදගත් කාරණය තමයි දැනට මෝටර්බයික් පදින පිරිස අතර පවතින හදිස්සිය නොසැලකිලිමත්කම සහ අනෙක් වාහන කෙරෙහි දක්වන ගණන් නොගැනීමේ ගතිය. බොහෝ කච්චේරිවලින් වාහන බලපත්‍ර ලබාදීමේදී බලපත්‍රය ලබාගන්නා තැනැත්තාගේ ධාවනයට ඇති හැකියාවට වඩා ලැබෙන්නාවූ අතයට මුදලට වඩා සලකන නිසා මෙවැනි නොසැලකිලිමත් සහ නාහෙට නාහන රියදුරන් පිරිසක් බිහිවී තිබෙනවා. එයනම් සියලු වාහන රියදුරන්ට අදාලයි.
      මේ කරුණු සමබරව ඔබට තේරුනානම් ඔබට හිතෙනවා ඇති මෝටර්බයික් එකකින්, විශේෂයෙන්ම ඉන්දියන් එකකින් තමන්ගේ යන ගමනක් යනවාට වඩා හැකි වෙනත් ආකාරයකින් යන්න පුලුවන්නම් එය වඩා වටින බව. විශේෂයෙන්ම තම්න්ගේ ජීවිතය තමන්ට වටින නිසා.

      Delete
    10. ඇනෝ මචං.. බොහෝම ස්තුතියි අග මුල එක්ක ලිව්වාට.. සරළයි පැහැදිලියි !!!

      Delete
    11. බොම්බයි ළුෑණූ වලටත් මෙහෙමම කතා ඒ කාලේ අය කිව්වා....

      දැන් මේක දැක්කාම හෙට ඉඳලා ඉන්දියන් බයික් ගන්න එකක් නෑ මිනිස්සු...

      ඉන්දියාවේ බයික් හදන්නේ ජපන් කොලබෙරෝසන් එකකුත් එක්ක.... ජපනා තමයි ඔය ෆැක්ටරි එහේ පටන් ගත්තේ.... මේඩ් ඉන් ජැපෑන් ගන්න තියෙනවා නම් හොඳයි...

      ෆයිෆ් ඉස්ටාර් හෝටල් වලින් හැමදාම කන්න තියෙනවා නම් හොඳයි... ඒත් එහෙම කන්න බෑ කියලා නොකා ඉඳලා හරියන්නේ නෑ නේ... පාන් කාලයි ප්ලේන්ටියක් හරි ගහන්න ඕනා...

      Delete
    12. ඇනෝ ස්තුතියි දැනුවත් කිරීමට.

      ඇණය මචෝ, //ජපන් වාහන ටොප් ක්ලාස්, ගැරෙජ් කාරයින්ට. //
      මේ කතාවනම් වැරදි මොකද ලෙඩක් දෙන්නේ කලාතුරකින්, නමුත් ඉන්දියන් එකට වගේ නෙමෙයි වියදම ටිකක් සැරයි, මගේ බයික් එකට උවමනා චෙන් එක ඕස්ට්‍රේලියාවේ මිත්‍රයකු මාර්ගයෙන් ගෙන්වන්න උනා, මෙහෙ අමතර කොටස් සයන්නත් අමාරුයි, ඉන්දන කාර්යක්ෂමතාවය ඉන්දියන් එකකට වඩා ගොඩක් අඩුයි නමුත් මෙතන කතාව ඉන්දියන් එකයි ජපන් එකයි ආතර ශරීරයට ඇති පහසුවයි වාහනයේ බලයි දෙකම පදලම තේරුම් ගන්න ඕනේ.
      ඉන්දියන් එක පහසුව පැත්තෙන් නම ජපන් එක කිට්ටුවෙන් වත් තියන්න බෑ

      Delete
    13. ඉන්දියන් කාර් ගැන නොදනිමි, බයික් නම් ජපන් සහ ඉන්දියන් එවා අවුරුදු 10ක්ම පට්ට ගසා ඇත්තෙමි, ඉන්දියන් බයික් බජාජ් එව්වා ඩේව්ඩ් පීරිස් පුහුණු අය ලවා කිමි 2500 සර්විස් කරන්නේ නම් කිසිම පීඩාවක් නැතිව අවුරුදු 5ක් පට්ටගැසිය හැක, ටියුබ්ලස් පළල ටයර් දමා හුලං අඩුවෙන් ගැහුවාම ජපන් කොම්ෆෝර්ට් ඒවායින්ද ලැබේ.

      Delete
    14. කොම්පෑනි කාරයන්ගේ ලනු කන්නේ නෑතුව ඉන්දියන් බයික් එකක් හොදින් පාවිච්චි කරන්නේ මෙහෙමයි. ඩේවිඩ් පීරිස් (බජාජ්), ටීවීඑස් ලංකා (ටීවීඑස්), අබාන්ස් හීරෝ (හීරෝ) එවුන් කියන බයිල ඇහුවොත් අතේ තියෙන සල්ලි ටිකට කෙළවෙන එක විතරක් නෙවෙයි ඉන්දියන් ලඩ ස්පෙයා පාට්ස් වලින් බයික් එකත් සවුත්තු වෙනව.

      සමහර උන්ගේ ඉන්දියන් බයික් පරණ උනත් ශේප් තත්වයක තියෙනවා. ඒත් සමහර උන්ගේ ඒවා ප්ලාස්ටික් කෑලි සුදු වෙලා පාට පිච්චිලා පැකින් වලින් ඔයිල් පෙරාගෙන ලදරන් වෙලා තියෙනවා.

      ඉන්දියන් බයික් ජපන් වගේ නෙමෙයි , හොනට්ටුවක් කෑලණි ගගේ දාලා තිබ්බත් ගොඩට අරන් සුද්ද කරාම වෑඩ. ඒත් ඉන්දියන් ඒවා බබා වගේ තියා ගන්න ඕනේ. එහෙම කලොත් ශේප් තත්වයක තියෙනවා. පහත තියෙන්නෙ පොදුවේ පිලිගත් ඉන්දියන් බයික් මේන්ටෙනන්ස් ටිප්ස් ටිකක් කෙටියෙන් දාල තියෙනවා.

      1. ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් ප්ලග් එක හෝ දෙක (DTS-i) ගලෝලා විසිකරලා NGK ඔරිජිනල් ජපන් ප්ලග් දෙකක් දාන්න. මේක තමයි පළමු එක.

      2. එක එක කොම්පෑනි කාරයන් කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පෑනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20,000ක් වත් දුවන්න.

      3. මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා එකට බේතක් තියෙනවා. බයිසිකලේ සේදුවම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නෑති ප්ලාස්ටික් වල ගාන්න.

      4. 99 වගේ වෑක්ස් එකක් පාවිච්චි කරන්න මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. නැත්නම් ටිකදොහකින් පාට ගිහින් චොර වෙනවා. නිතරම වැක්ස් කරල තියාගන්න 99වගේ හොඳ ජපන්/ ජර්මන් බ්‍රෑන්ඩ් එකක වැක්ස් එකකින්.

      5. පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නෑතුව බයික් එක ගෙදර හෝදන්න. හයි-ප්‍රෙෂර් ගෑහුවම පේන්ට් එක නරක් වෙනවා. ගන්න කොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගන්න. රතු පාර ඉන්දියන් බයික් පාට පිච්චෙනවා.

      6. වෑල්වො ලයිනුයි අයිඕසී අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පෑනි කාරයො අපිට වෑඩේ දෙන්න. සිපෙට්කෝ එකේ ලංකා ඔයිල්ම දාන්න. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලන්න.

      7. හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහන්න. එතකොට හොදට තෙල් කරනවා. ගහලා ටෑංකියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාන්න - පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාන්න. ෆුල් ටෑන්ක් ගෑහුවහම රුපියල් 10ක දාන්න. ඒ කිව්වේ පෑට්ට්‍රෝල් ලීටර් 18ක් ගෑහුවහම 2T මිලි ලීටර් 50ක් විතර දාන්න කියලා. හෑමදාම දාන්නවත්, එක ලීටරයක් ගහලා 2T දාන්නවත් යන්න එපා.

      8. බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරන්න. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හෑම වෙලේම තනියෙන් පාවිච්චි කරන්න. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නෑතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා.

      9. මාසෙකට සෑරයක් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2T ඔයිල් ”ටිකක්” පොගවලා ආපහු දාන්න.

      10. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරන්න. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න.

      11. ජීවිතෙට එකතෑන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා

      12. කොච්චර වෑස්සේ ගියත් කමක් නෑ. තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වෑස්සට වඩා තඩ අව්ව හානියක් කරනවා.

      13. ස්විම් ආම් බුෂ් ගෙවුනහම එඑක එක කොම්පෑනි කාරයන්ගේ ස්විම් ආම් බුෂ් දාන්න එපා. ඔරිජිනල් ඒව මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න.

      14. හෑම වෙලේම ඈක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න. පෑට්‍රල් ටිකකින් ගොට්ටක් ආදාරයෙන් ඈතුලෙන් යවලා හෝදලා 2T පොඩ්ඩක් දාගන්න හෑමෝටම පුලුව්න්නේ. ඩීලර්ස්ලා නම් කියන්නේ ඈක්සිලේටරය පොඩි ප්ලේ එකක් තියන්න කියලා. මමනම් කියන්නේ උපරිමේටම ඈජස් කරන්න කියලා. හදිස්සියකට බල්ලෙක් වලක් බේරන්න උනත් ගස්සලා ගන්න ලේසියි එතකොට

      15. කවදාවත් මෑගින්ටෝ කියලා බෑට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා

      16. ඔරිජිනල් හෙඩ් ලයිට් බල්බ් එකනම් පුච්චගන්න එපා, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් (Halonix) එකක්ම දාන්න.

      Delete
    15. (Cont'd...)

      Bike එක ස්ටාර්ට් නොවුනත් කමක් නෑ බ්‍රේක් ගෑන හොදට සෑලකිලි මත් වෙන්න. මොකද ඔය ඉන්දියන් ලබ්බවල් ලේසියකට නවත්තගන්න බෑ. ඉතින් තියෙන බ්‍රේක් ටිකත් නෑත්නම් ඈට තලාගන්න වෙන්නේ. බයික් එකක් ගද්දි පුලුවන් තරම් ඉස්සරගා ඩිස්ක් බ්‍රේක් තියෙන එකක් ගන්න බලන්න

      හෑම වෙලේම කෑලිබර් ගෑන අවදානෙන් ඉන්න. ඩිස්ක් එක එක තෑනක් කෑපෙනවද? හිරද? පිස්ටන් දෙකම වෑඩද , ඔයිල් මට්ටම ඈතිද යන කාරනා ගෑන. කවදාවත් කෑලිබර් කට්ටෙටම ගෙවෙනකම් දුවන්න එපා. යට පිස්ටන් වල හුලන් අරින්න ඔනේනම් හෑම වෙලේම ඔයිල් නොසල් එකට දිග රබරි බට කෑල්ලක් ගහලා වෑඩේ පටන් ගන්න. නෑත්නම් පෑඩ් වලට බ්‍රේක් ඔයි හෑලුනහම බ්‍රෙක් අහන්නේ නෑතුව යනවා.

      පිටිපස්සේ හුගක් වෙලාවට එන්නේ ඩ්‍රම් බ්‍රෙක් නේ. පිටිපස්සේ බ්‍රේක් ඈජස් කරද්දි විශේශ කාරනාවක් තියෙනවා. කවදාවත් අන්තිම දශමෙට ඈජස් කරන්න එපා. ඒ මොකද ඉන්දියන් බයිසිකල් වල පස්සට එකෙක් නෑග්ගහම බ්‍රේක් හිරවෙන්න බලනවා. ඒ නිසා වට දෙක තුනක් බුරුලෙන් තියන්න. තවත් දෙයක් ටික කාලයක් යද්දි සමහර බයික් වල බ්‍රෙක් කෑ ගහනවා, හුගක් වෙලාවට මේක වෙන්නේ කෑපිච්ච කුඩු වලට ඩ්‍රම් එක ඈතුලෙන් ලයිනර් පොලිශ් උනාම. ඒ වෙලාවට ලයිනර් දෙක ගලවලා කියත් තලයක් පෑත්ත දාලා හුරන්න පුලුවන්. සල්ලි තියන උන් එහෙම නොකර ඕකට ගහන්න ස්ප්‍රේ එකක් තියෙනවා ඒක අරන් ගහන්න, හීරුවහම ගෙවෙනවා, ඒත් එහෙම කලත් ලොකු අව්ලක් නෑ.

      අනතුරකදී කවදාවත් මෑරෙන්න ගියත් එකපාර රෝද හිරවෙන ගානට බ්‍රේක් අල්ලන්න එපා. රෝද නොලිස්සා කෑරකෙන ගානට අල්ලන්න. ඒ ගමන්ම තමන් ඉන්න ගියර් එකෙන් පහලට එන්න. ඒ කිව්වේ පලමු ගියරයට එන්න. ඒත් බෑ වගේ තත්වයක් නම් එකතෑන හිරවෙන්න ගහන්න ඔනේ නම් පස්ස විතරක් තදින් ගහලා ඉස්සරහා හිරවෙන්න නොගහා ඒ ගමන්න වමට ඈල කරලා පස්ස මදක් ඉස්සරහට යොමු කරන්න, එතකොට විසිවීම ටිකක් අඩු වෙනවා.

      ආරක්ශාව ගෑන හිතත්දි චේන් ස්පොකට් ගෑනත් හොද අවදානෙන් ඉන්න. චේන් එක සති දෙකකට වතාවක් පරීක්ශා කරලා ඈජස් කරන්න. ඒ වගේම තමයි ස්පොකට් ඒකේ රබර් කොට්ට සෙට් එක. පිකප් කරද්දි, ගියර් එකට දාද්දි දඩස් ගාලා ශබ්දයක් එනවනම් රබර් කොට්ට සෙට් එක මාරකරන්න වෙනවා.

      මාසෙකට සෑරයක්වත් මේන් ස්ටෑන්ඩ් එක ගහලා රෝද දෙක හොල්ලලා රේසර් ගිහිල්ලද කියලා බලන්න. පොඩි දෙයක් උනාට රේසර් ලුස්නම් අනතුරක් අතලඟ. ඒක නිසා හෙල්ලෙනවනම් වහාම රේසර් මාරකරන්න වෙනවා.

      මේ විදිහට පාවිච්චි කළොත් ඉන්දියන් බයික් එකක් කි.මී. 35000+ (හෝ අවු 4 1/2 වඩා) පාවිච්චි කරත හැකි. ඉස්සරම ආපු හීරෝ-හොන්ඩා බයික් නම් අවු 7-10 විතර අමාරුවෙන් පට්ට ගහපුව තියෙනවා. අන්තිම වශයෙන් කියන්න තියෙන ඉතාම වැදගත්ම දේ නම් අඩුම ගානේ බයික් එකක බ්‍රෙක් වත් හදාගන්න බෑරි දෑනුමක් නෑති උන් ඉන්දියන් බයික් එකක් පදිනවනම් කරුනාකරලා බස් එකේ පලයල්ලා අනුන්ට වද නොදී.

      Delete
    16. AnonymousMarch 25, 2016 at 2:00 PM,

      නියම උපදෙස් ටික අනෝ, මට කියන්න බැරිවුණ බොහෝදෙ කියල තියනවා.
      මම තියන ජපන් බයික් එකක් ගර්ජ්වල කියන කියන දේ කරන්නේ නෑ ඔයිල් නම් Mobil පාවිච්චි කරනවා.

      ඔය කියන විශාල වියදමක් නම් මම නඩත්තුවට කරලා නෑ

      Delete
  17. අද මේ හෙන දේශප්‍රේමෙන් කතා කරන ලිං මැඩියෝ වගේම රැලක් 78 දී ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙන්කොටත් විරුද්ධ වුනේ ය.

    ඒ දා උන්ට බයවෙලා ජේ ආර් කකුල පස්සට ගත්තා නම් තාමත් අපි කන්නේ පෝලිමේ ඉඳලා අරන් ආපු පාන් ගෙඩියක් ය. ලයිසන් අරගෙන අදාළ දිනවලදී පමණක් ගෙදර ගෙනාපු හාල් ය. අඳින්නේ මුද්දරේට හම්බවෙන රෙදි ය.

    මගේ මතය නම් CEPA , ETCA බැරිනම් වෙන මොන ක්‍රමේකින් හරි මේ රට තව ලෝකෙට විවෘත කරන්න ඕනා කියන එකය. රටක් දියුණු වෙන්නේ එක කොච්චර ලෝකෙට විවෘත වෙනවාද කොච්චර වේගයෙන් ලෝකෙත් එක්ක එකම ගමනක යෙදෙනවාද කියන කාරනා මතය. උදේටයි දවල්ටයි රෑටයි පවුලේ නාලිකාව බලලා "ආයුබෝවේවා රජාණෙනි" කියලා නින්දට ගිය එවුන්ට ඔව්වා වැදගත් නැත.
    ඕක හැමෝටම තේරනෙවා ය. අපිටත් වඩා හොඳට තේරෙන්නේ ළිං මැඩියන්ගේ ලීඩර් ලාටය.

    ලිං ගෙම්බෝ රජ වෙන්නේ පාලුවට ගිය ලිං වලය. ගමකට වතුර දෙන ගමම දන්නා ලිඳක ලින් ගෙම්බන්ට වසන්න බැරිය. ඒ ගමටම තියෙන ලිඳ ගමම එකතු වෙලා නඩත්තු කරලා හොඳට බලා කියා ගන්නා බැවින් ය. ඉතින් ඒ වගේ තැනක ලිං මැඩි නායකයින්ට පැවැත්මක් අධිකාරි බලයක් නැත. උන්ගේ කීමට අවනත වෙන්න ගෙම්බන් ද නැත.

    අද මේ දඟලන්නේ තවදුරටත් ලිඳ ලෝකෙන් වහන් කරගෙන පාලුවට තියාගෙන තමුන්ගේ ලිං මැඩි නායක කම් ටික රැක ගැනීමේ උත්සාහයක්ය.

    කට්ටිය ඉන්දියාවට බය වෙලා තියෙන්නේ බොරුවට පුම්බන් හිටියාට තමුන් පොරවල් නොවන වගත් තමුන්ට වඩා පොරවල් ඉන්දියාවේ ඉන්නා බව හොඳටම දන්නා නිසාත් ය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සවුක්ක ඇමතිලා මහා නායක සුවාමින් වහන්සෙලා පිරට වඩින්නේ අපේ උන් ෂුවර් නැති නිසානේ.... හාට් ඔපරේෂන් කියලා කිඩ්නිය කපලා කීයකට හරි විකුණලා දායි... කිඩ්නිය නැතිව කොහොමෙයි පාලනේ කරන්නේ අම්මේ....

      Delete
    2. විබීශණ
      +++++++++++++++++++++++++++

      Delete
    3. ​කදිමයි කදිමයි!​

      Delete
    4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
  18. මාතලන් නිර්වචනය කල පරිදි කඩ්ඩ බැරි නිසා ලන්කාවේ වෙසෙනා යන එන මන් නැති සිරි ලාන්කික උපාදිදාරීනි:

    බොමුද සීතල වතුර වීදුරුවක්?

    ReplyDelete
  19. Just wandering, would the agreement allow indians to walk into Sri Lanks and look for a job? I doubt. There will/must be a process and criteria.

    ReplyDelete
  20. දැමීමට කමෙන්ට් දෙකක් ඇත..එකක් මෙයයි..!

    1. මොනාද යක්ෂයෝ මේ ලියන්නේ..හෙට බොන්න තියෙනවා නේද..? අපි වගේ නිකන් අය නෙවී ඔය හුපාධි කාරයෝ..ඕකුන් බිව්වාම හරි පෝරිසාදයෝ...තොට නෙලාවි..එතකොට අපිටත් හවුලේ ගුටිකන්නැහැකි...!
    අනික මෙයයි;
    2.රනිල් ගේ වචනෙ පිලිගත්තොත් ඉපදෙන්න ඉන්න ලමයාගේ කේන්දරේ බලා වැඩක් නැත..ඒත් මේ ලමයා අවජාතකද කියා සෙවීම ස්වාමියාට අවශ්‍ය නතිනම් නෑ සනුහරේ ඈයෝ අතන මෙතන ඕපාදූප කියන නිසා, අඩුම ගානේ සහෝදර සහොදරියන්වත් සෙවිය යුතුය.....
    මම දන්නා තරමින්, වෘතිකයින් මෙවන් ගිවිසුමකට විරුද්ධ නැත...විරෝධය පාන්නේ බඩ දෙපසට අත් දෙක තියාගෙන කැරකි කැරකි දාන චන්ඩි පාට් එක ඇයි කියාය...දැන් කෙටුම්පත් ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එක ඉන්දියාවට යවා ඇති නිසා, එය මහජනතාවටත් ඉදිරිපත් කල හැක..එසේ නොකරන්නේ මන්ද ගැනයි විරෝධය...
    මාතලන් වැනි මිලියන් හිට්ස් ගානක් ඇති, කවුරුත් කියවන බ්ලොග් එකක සාක්ච්ඡා විය යුත්තේ අන්න ඒ ඇත්තයි..මාතලනුත් දන්න අන්න ඒ ඇත්තයි....

    ඒවා කෙසේ වෙතත් හෙට මූදේදී නම් මේවා කථා කරන්න එපාය...!ප්ලීස්...සොමි කැඩෙන්න ඉඩ තියෙනවාය...!

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් තවමත් කෙටුම් පත් කරලාවත් නොමැත.

      ආන්ඩුව පත් වී තිබෙනා තත්වය අනුව හොර රහසේ කොර ගත්තත් මක්කා වත් කියන්නට බැරිය... ප්‍රජාචන්ච්‍රවාදයත් ඕනාවට වඩා ඕනා නැතෙයි කියා මහින්ද මහත්තයා කියන්නේ මේ නිසාය...

      හෙට කව්ද අනේ මේවා කතා කොරන්නේ....? ඔය සින්දුවක් කියලා බයිලයක් කියලා දෙකක් දාගෙන ආතල් එකක් ගන්නවා මිසක්....

      Delete
    2. තව පොඩ්ඩක් විපරම් කරලා බලපන්...එතකොට හොයාගත්තෑකි.....!!
      හොයාගත්තාය කියා හැමදේම හෙලිකරන්න ඕනාත් නැතිය...!

      හෙට වෙනකොට ඕවා මතක තියේනං අපි මොනා නොකරයිද...!

      Delete
    3. හුපාධි කාරයෝ..ඕකුන් බිව්වාම හරි පෝරිසාදයෝ..පිස්සුද ඕයි.!!!!....ඕකුන් ගු බයයි බින්කුන්ඩෝ බෝල බින්කුන්ඩෝ තෝ නටාපිය කිව්වහම යසට නටන එවුන් උන්

      Delete
    4. මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.

      මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.

      ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.

      Delete
  21. සාත්තර සුමනෙයි , තොටවත්ත කොලුවයි මේ ගිවිසුම ගැන මොනවාද කියන්නේ? [මේක කිසි කෙනෙක් දැකලා නැති නිසා] අපි අහන්නේ උන් කියන එක! එක යි හරි !! වෙන අනම් මනම් බයිලා අපිට එපා එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඒ බයි සෙට් එක නේ... මෛත්‍රී නම් පාලනේ කොරන්නේ මධ්‍යම පලාතේ අග්‍රාන්ඩුකාරි කියන විදිය්ටෙයි කියලයි කියන්නේ හිටං

      Delete
    2. නෑ........ මධ්‍යම පලාතේ අග්‍රාන්ඩුකාරි කොහොමද කියන්නේ රතු මොට්ටුව තියලා මොනර පිල් තටු ඔලුවට තියලා ආවේස වෙලාද .....එපොයින්මන්ට් ගන්න ඕනෙද ඔක්කොම ටික අහගන්න

      Delete
    3. AnonymousMarch 25, 2016 at 3:25 AM
      මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.

      මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.

      ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.

      Delete
  22. අපේ ගුවන් සීමාව උල්ලන්ගනය කරමින් පරිප්පු දැම්මේ ඉන්දියාවය.......
    ඉන්දු ලංකා ගිවිසුමක් බලෙන් ගසා තම හමුදාව අපේ රටට එව්වේ ඉන්දියාවය......
    මෙලෝ වැඩකට නැති පලාත් සභා බලෙන් අපේ ඇඟේ ගැසුවේ ඉන්දියාවය....
    අපේ රටේ ප්‍රශ්න වලට බලහත්කාරයෙන් අත පෙව්ව ඩික්සිත් ලොක්කා ආවේ ඉන්දියාවෙන්ය...
    (ප්‍රභාකරන්, රජීව් ලොක්කාට වැඩේ නොදෙන්නට මේ ලැයිස්තුව තව බොහේ දිගු වන්නට ඉඩ තිබිනි...)
    සියළු ජාත්‍යන්තර නීතිරීත නොතකමින් තමන්ගේ ධීවරයින්ට, අපේ ධීවරසම්පත කොල්ල කන්නට ඉඩහැර ඇත්තේ ඉන්දියාවය....
    ගිවිසුම් මාර්ගයෙන් නේපාලය, භූතානය වැනි රටවල් තමන්ට රිසි පරිදි හසුරුවන්නේ ඉන්දියාවය...

    අපට සැක හිතෙන්නේ...ඉන්දියාවේ ගිවිසුම් පැටිකිරිය මේ තරම් හොඳ හින්දාය

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම වැනි ආගමක් සමඟ සියළු කර්මාන්තයන් එවා දඩයම් යුගය නිමා කලේද ඉන්දියාවය...

      සිංහ ලේ සහිත ජනතාවක් මෙරටට එව්වේද ඉන්දියාවය...

      Delete
    2. අසංග මල්ලියා, හිතහන්කෝ ඔතන ඉන්දියාව නැතුව චීනේ හරි රුසියාව හරි තිබ්බ කියල, ...

      Delete
    3. ඒත් එච්චරය. පෙර ආණ්ඩුව චීනය සමග ගිවිසුම් ගසන විට කට්ටිය බොහෝ සැක සංකා මතු කලේ ඒ නිසාය. මා කියන්නේ ගිවිසුම් එපා කියා නොවේ. දඩිබිඩියේ ගහන ගිවිසුම් සැක සහිත බවයි.

      Delete
    4. හරි මාතලන් අපිට හොඳ නරක දෙකම එන්නේ ඉන්දියාවෙන්ය.....
      අපිට ගිවිසුම් අවශ්‍ය වෙන්නේත් ඒවා නියාමනය කිරීමටය. අවුල තියෙන්නේ මෙච්චර කල් ඇතිකරගත්ත ගිවිසුම් වලින් අපට අවශ්‍ය දෙවල් වලට වඩා අනවශ්‍ය දෙවල් පැමිණ තිබීමය. කාටවත් නොපෙන්නා 87 කලා වගේ දී වගේ ගිවිසුමක් අත්සන් කරන්න යන්නේ කාගේ ඕනෑකමට ද කියන එකයි ගැටළුව.

      Delete
    5. ඉති ඇයි 87 එක යින් නොකරන්නේ... අමු කුණුහබ්බ නේ... ඒකයි මම පෝස්ට් එකෙත් කිව්වේ එවයෙන් වැඩියෙන්ම කන්නෙ ඒවට් විරුද්ධ වෙච්ච උන්... කාලකන්නි නොකං කොල්ලෝ කෙල්ලෝ මරලා දැම්මා... මේ කරන්න හදන්නෙත් ඒකමයි...

      Delete
    6. මාතලන් සිංහලේ ජනතාව ආවේ කොහේ ඉදන්ද, ඒ ආපු අයගෙන් ඉන්දියාවේ ඉකුරැ වෙලා ඉන්න කොට්ටාසය පදිංචි වෙලා ඉන්නෙ මොන හරියෙද කියල පැහැදිලි කරලා දෙන්න බලන්න.

      Delete
  23. කොහෙද අප්පා ඔය ගිවිසුම තියෙන්නේ. රනිල්ලම කියනවා තවම ගිවිසුම හදල ඉවර නැහැ කියල. රනිල් ආයේ කියනවා මොකා විරුද්ධ උනත් අත්සන් කරනවා කියල.කට්ටියක් තවම දකින්නවත් නැති ගිවිසුමකට විරුද්ධව උද්ගෝෂණ.තව කට්ටියක් ඒකට පක්ෂව උද්ගෝෂණ සහ කඩේ යෑම් . ඕක කළුද සුදුද කියල හරි මිනිස්සුන්ට දකින්න එලියට නොදා හංගගෙන කරන සෙල්ලම මොකක්ද? ඔය ගිවිසුම් ගහන්නේ රටේ දියුණුවට රටවැසියාගේ යහපතට නම් රටවැසියාට ගිවිසුම ගැන දැනගන්න අයිතියක් නැද්ද? අහවල් එක හංගගෙන මොකක්ද එකෙන් කොරන වැඩේ වගේ. හංගගෙන ගහපු හෙජින් ගිවිසුමෙන් කෙලවගත්ත ඒවාට අපි තාම ගෙවනවා. ලෝකේ තෙල් මිල තුට්ටු දෙකට බැහැලත්.ඕව අත්සන් කරන පරයෝ කෝටිපතියෝ, බහුතරයක් දුප්පත් මිනිස්සු ඒ වන්දි ගෙවන්නෙ. විරුද්ධ වෙන්න හෝ කඩේ යන්න කලින් පොදු ජනයා උද්ගෝෂණ කලයුත්තේ ඔය පුකේ ගහගෙන හංගන් ඉන්න ගිවිසුම එලියට දාන්න කියලයි.

    ".. ඒ අර ඉංජෙක් උනත් මාතලන් කියපු පොදු සාධකයට අයිති උන්.... ආන්ඩුවෙන් නිකන් කන උන්... හොරා කන උන්..." මේ ගැන කියනවනම්,
    මේ රටේ තියෙන්නේ තනිකර මොංගල් සිස්ටම් එකක්. රජයේ සේවකයින්ගෙන් බහුතරය පැය අට ගත කරලා පඩිය ගන්න කාලකන්නි. උන් අහවල් අහවල් විස්සවිජ්ජලේ අහවල් අහවල් උපාදි කාරයෝ කියල කැටගරි කරන්න,චෝදනා කරන්න බැහැ.රජයේ සේවකයින්ගෙන් බහුතරය උපාදි කාරයෝත් නොවෙයි.නමුත්පරිපාලනයේ ඉහල තැන් වල ඉන්න බොහෝ දෙනෙක් උපාදි කාරයෝ.උන් විස්සවිජ්ජලේ යනකම් ඉගෙනිල්ල බල්ලට දාල ගිරිය කඩාගෙන ඔලු පලාගෙන පාරවල්ගානේ උද්ගෝෂණ කලේ පීඩිත පන්තියේ සාධාරණ ඉල්ලීම් ඉස්සරහට දාගෙන.නමුත් උන් ලොක්කෝ වෙලා ඉන්න රජයේ ආයතනයට පීඩිත පන්තියේ මිනිහෙක් රාජකාරියක් කරගන්න ආවහම කරන අසාධාරණ මැඩවීම,රස්තියාදුව,සහ පගාව ගැනීම පිළිකුල් සහගතයි. රට හදන්න නම් පළමුව ආකල්පමය වෙනසක් පරිපාලනයේ ඉහලම තැන සිට පහලට ඇති කලයුතුයි.හැම එකාගෙම daily/monthly productivity එක මොනිටර් කරන ක්‍රමයක් හදන්න ඕනි . නැතුව මේ මොංගල් මානසිකත්වයෙන් කවදාවත් රටක් ඉදිරියට යන්නේ නැහැ. තව අවුරුදු සීයකටවත් මේ දේවල් ලංකාවේ සිද්ධවෙයි කියල හිතන්නත් බැහැ .

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයන්ගේ ආකල්ප වෙනස් කරන්න, පිස්සුද ඇනෝ ඔව්ව කරන්න බෑ, ඉතුරු වෙලා තියන එකම විසඳුම රජය කියන ලෙඩා ඔපරේට් කරල චුට්ක් තියාගෙන ඉතුරුවා කපල අවශේෂ කරල දාන එක, හැබැයි මෛත්‍රී කියන්නෙත් රුසියාවෙ පාර්ට් ස්කූල් එකේ ඉගෙනගත්තු මහින්දගේ ආණ්ඩුවෙන් වැරදිලා එළියට විසිවෙච්ච රියල් බය්යෙක්.

      Delete
    2. ඕවා නිකංම හරියනවා ආන්ඩුව බිස්නස් කරන එක නැවත්තුවම.... මහින්ද කලේ බිස්නස් ටිකත් ආන්ඩුවට ගන්න එක...

      Delete
  24. මෙවන් ගිවිසුමකින් ලංකාව සහ ඉන්දියාව අතර (අමුද්‍රව්‍ය සහ නිමි ) භාණ්ඩ හා ශ්‍රමය එහා මෙහා යා හැකිනම්, ඉන්දියාව අවුට්පුට් ඒකක 100 ක නිශ්පාදන හෝ සේවා අයෝජනයක් ලබා ගන්නා විට ලංකාව අවුට්පුට් ඒකක 1 ක ධාරිතාවක් ඇති ආයෝජන ලබා ගත්තත් ලංකාවේ රැකියා ප්‍රශ්ණය සම්පූර්ණයෙන් විසඳෙනවා. ඊට අමතරව දේවල් ප්‍රමාණය කුඩා වුවත් ලංකාවේ අමුද්‍රව්‍ය වලට ලංකාවේම නිශ්පාදන වෙලඳ පොලක් ඇතිවනවා. අනිකුත් යතිතල පහසුකම් (ප්‍රවාහණ, වරාය, මහා මාර්ග, දුම්‍රිය, විදුලිය, ආදීයා ට සම්භන්ධ අයෝජන, රැකියා ඇතිවීම සහ එම පහසුකම් වල උපයෝගීතාවය වැඩිවීම විශාල් වාසි ගෙනේවි. මෙලෝ හසරක් නොතේරෙන ගෙම්බන්ට පේන්නේ උන්ගේ රැකියා ගැන විතරයි. උන්ට වඩා දක්ෂ එහෙත් රැකියා නැති හෝ හැකියාවට වඩා අඩු රැකියා කරන අය ගැන පෙනෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේක ලියපු කෙනා ඉස්කෝලෙට වැස්සකටවත් ගිය කෙනෙක්ද?

      Delete
    2. මේ ගොල්ලන්ට මේ වගේ ව්‍යාපෘති ගණනාවක් මේ දවස් වල ලැබිලා තියෙනවා.

      එට්කා එකට සහාය දෙන්න.
      අයවැයට ප්‍රශංසා කරන්න.
      විදුලි අර්බුද ලංවිම නිළධාරීන්ට පටවා ආණ්ඩුව ගලවා ගන්න.
      බුද්ධි අංශ නිළධාරීන් හිරේ දානඑක සාධාරණීකරණය කරන්න
      වත්මන් රජයේ අසාර්ථකත්වය/ නොහැකියාව පසුගිය රජයේ කාලකණ්ණි මරා කල්ලියේ වැරදි නිසා වූවා යැයි අතේ පැලවෙන පට්ටපල් කෙබර ලිවීම

      වගේ වැඩ ගොඩාක් මේ ගොල්ලන්ට කරන්න බාරදීලා තියෙනවා. නමුත් විශ්ලේෂණ හැකියාව, න්‍යායික දැනුම, නිර්මාණශීලීත්වය, ආදිය අතින් දුප්පත් නිසා සමාජයට බලපෑමක් කරන්න අපොහොසත්. ඊයෙ දවසේ මෙයා What are the benefits from ETCA කියන එක Google වල search කරලා Google server එකක් කැඩිලයි කියලා ආරංචියි. දැන් දැන් ජවිපෙටද ලාවට මඩ ගැසීම අරඹින් තිබේ (රනිල්ලා සිරිසේනලා මෙලෝ වැඩක් බැරුව ඔහේ බලි ඇර ඇර සිටිද්දී වසර ගණනාවකට පෙර මරා කල්ලිය එලවීමට සටන ඇරඹුවේ ජවිපෙයයි).

      Delete
    3. මේ ගොන් හැත්ත විවෘත ආර්ථිකේට විරුද්ධ උනෙත් මෙහෙමනේ... ජේ ආර් මරමු කියලා ලිව්ව උන් අද ජේ ආර් ඉඹිනවා... ලැජ්ජාවක් නැතිව තවම විධයකේ සැප විඳිනවා... මක්කා කොලත් මහින්ද යුද්ධය දිනපු එක ඇර.. මේ රටට යමක් කලේ එජාපය පමණයි...

      Delete
  25. මේ ගිවිසුම යටතේ අති සාර්තක ඉන්දීය වියාපාර වන තිරුපති දේවාලේ සහ ගුරුවායර් දේවාලේ වැනි ආයතන වල ශාකා සිරි ලන්කාවේ පටන්ගත හැකිද මෙයා?

    ReplyDelete
    Replies
    1. ශාඛා පටන් ගන්න එක ඉන්දියාවට පාඩුයි. ඒ වෙනුවට ට්‍රැවල් ඒජන්සි හරහා ඉන්දියාවට නඩ වශයෙන් කට්ටිය යවයි වෙන්ගඩේස්වර කෝවිල් තිරුමාල තිරුපති, ස්‍රී ක්‍රිස්න කෝවිල්, ගුරුවෛයූර් වගේ තැන්වලට. මෙහේ ඇපොයින්මන්ට් දාන්න බුකින් සෙන්ටර් හදාවි ඉන්දියන් ස්ටාෆ් එකක් දාල.

      Delete
  26. ඇයි ස රස තිරුපති දේවාලේ සහ ගුරුවායර් දේවාලේ වැනි ආයතන වල ශාකා පුසාරි කම දුන්නොත් බාර ගන්න කැමතිද ?

    ReplyDelete
    Replies
    1. //ඇයි ස රස තිරුපති දේවාලේ සහ ගුරුවායර් දේවාලේ වැනි ආයතන වල ශාකා පුසාරි කම දුන්නොත් බාර ගන්න කැමතිද ? //


      නිකන් දෙනවා නම් මීතොටමුල්ලේ කුනු කන්ද වුවත් බාර ගැනීමට ස ර ස තුමා කැමති ය.

      Delete
  27. මතලන්, ඔය ලිපියට commnet ලියන්න කලින් IND vs SL වෙලද ගිවිසුම කියවල බලන්න.
    තවත්,
    1.හෙජින්
    2.Voice Of America

    "වෙනස් කිරීම් වලට භාජනය කරනා ලද ට්‍රේඩ් ඇග්‍රිමන්ට් ඕනා තරම් ළෝකයේ තිබෙනා බව..."->ඔව් එහම තියනව නමුත් ඩෙගොල්ලොම කමතිනම් පමනක්

    පුලුවන් නම් INV vs SL වෙලද ගිවිසුම බෙරන්න විඩියක් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි මම ලියන්නේ... ඔයා ලියන්න...

      Delete
    2. කියවලා බලලා ලියන ඒවා මෙහේ නෑ, රෑට හීනෙන් පෙනුනු ඒවා විතරයි.

      Delete
  28. @උපෙක්ශාගේ කතාව සහ Anonymous අදහස් සමඟ එකඟයි..
    ප්‍රායෝගිකව ඉන්දියානු IT සමාගම් කිහිපයක් සමඟ directly ගනුදෙනු කරන නිසා අත්දැකීමෙන්ම උන්ගේ හැටි දන්නවා. (BUSY, TALLY) අන්තර්ජාතික වෙළඳපොලේ ඉන්දියානුවන්ට තියෙන තැනත්, ලාංකික ඉංජිනේරුවන්ට තියෙන තැනත් ඒ වගේම දන්නවා.
    කෙනෙක් කියපු මවාපාපු කතා නෙවෙයි සියල්ල අත්දැකීම්..

    පොස්ට් එක ගැන කියනවා නම් එක් පුද්ගලයෙකුගේ පෞද්ගලික මතයක් නිසා සංවාදයකට යෑම අනවශ්‍යයි. UNP Official facebook page එකෙත් මේ ලිපිය මහා ඉහලින් ප්‍රමෝට් කරනවා දාගෙන..
    කතෘ ලිපි වලින් තමාගේ පුද්ගලික අදහස ප්‍රකාශ කරාට ඊට ප්‍රතිවිරුද්ධ අදහස් කොමෙන්ට් විදියට පල උනාට කතෘ කවදාවත් තමා වැරදියි කියා ප්‍රසිද්ධියේ තමාගේ මතය වෙනස් කරගන්නේ නැහැ. ඒ නිසා සංවාද කිරිමෙන් කිසිදු පලක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒවායින් රජයට හෝ ඉංජිනේරුවන් පිරිසට කිසිදු බලපෑමක් කරන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් අයි ටී කාරයොත් එක්ක මම වැඩ කලේ 1990 ගනන්වල... ඒ ඇර මැද පෙරදිගත් වැඩ කරලා තියෙනවා... ඉතින් ඒ අය ගැන මාත් දන්නවා...

      කොහොම හරි ඔබ යම් බුද්ධියක් තියෙන කෙනෙක් බව පේනවා.... මෙතන මම කතා කරන්නේ නැති දයක් ගැන හොඳ නරක කතා කරන්නේ කොහොමද කියන එකයි මූලිකව...

      Delete
  29. ETCA වට විරෝධය පාන එකට විරුද්ධව ආපහු UNP රැළි නැතෙයි ???

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ... අර ආච්චිගෙන් තමයි අහන්න වෙන්නේ....

      Delete
  30. Artery signing the ETCA the following benifts will be enjoyed by the masses.
    specialists medical consultation for less than SLR 500.00
    Skilled Labour SLR 300.00 or less per day
    indian prostitute SLR 100.00 or less for a night
    domestic worker SLR 100.00 per day
    go a head with the agreement and show those so called blood succing professionals that their time is over.

    ReplyDelete
    Replies
    1. කන්හැන්දේ කිඹුලෙක්....

      Delete
  31. තොරතුරු තාක්ෂ්ණ ක්ෂේත්‍රය ETCA ගිවිසුම සඳහා මුලින්ම තෝරා ගැනීම පිටිපස ප්‍රබල හේතුවක් තිබෙනවා. එය අපගේ යුරෝපීය, ඔස්ට්‍රලේසියානු සහ ඇමරිකානු, වෙළඳපොළ ඉන්දියානුවන් විසින් ඩැහැ ගැනිමට සූක්ෂ්මව කල කපටි සැලැස්මක් බැවින් ලඝු කොට නොතැකිය යුතුයි. මෙරට සිටිනා මෙම ගිවිසුමට සහය පළ කරන අසාර්ථක ආර්ථික උපදේශකයනට එම කූඨෝපාය ගැන අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නට නෑ. ඔවුන් වෙළඳ ගිවිසුම් ගැන දන්න අය වෙන්න පුළුවන්, නමුත් ඔවුන් මේ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රය ගැන තියෙන අවබෝධය ඉතා අඩු බව පේනවා.

    ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ වත්මන් තත්වය ගැන අවබෝධයක් අප මුලින්ම ලබා ගත යුතුයි. ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පසුවන්නේ සීග්‍රයෙන් වර්ධනය වන තත්වයක. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාලව සැළකුවහොත්;

    2007 දී අපනයන ආදායම ඇ. ඩො. මිලියන 200යි. 2103 වෙනකොට එය ඇ. ඩො. මිලියන 700 ඉක්මවා තිබෙනවා. වසර 6ක් ඇතුලත තුන්ගුණයකට වඩා අපනයන ආදායම වැඩි වී තිබෙනවා. 2007 දී මෙම ක්ෂේත්‍ර්යේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් විතර. 2013 වසර වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා යනවා. වසර 6ක් තුළ තුන් ගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා. 2007 දී මෙම ක්ෂේත්‍ර්යේ රැකියා 33,000 ක් පමණ වුනා. 2013 වන විට රැකියා අවස්තා 75,000 ඉක්මවනවා. වසර 6ක් ඇතුලත රැකියා ප්‍රමණය දෙගුණයකට වඩා වර්ධනය වී තිබෙනවා.

    ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

    2013 වසරේදී එක්සත් රාජධානියේ National Outsourcing Association විසින් Outsourcing Destination of the Year ලෙස ලංකාව හඳුනා ගත්තා.

    අප විසින් ලංකාවේ නිපදවන ම්රුදුකාංග ලෝකයේ දැවැන්ත සමාගම් විසින් භාවිතා කරනවා. ඒ අතර ලන්ඩන් කොටස් වෙළදපල, මයික්‍රොසොෆ්ට්, එමිරේට්ස්, කටාර් එයාවේස්, ජේපී මෝගන් සහ ගූගල් වැනි ලෝ පතළ සමාගම් තිබෙනවා.

    ඒ නිසා මේ කරුණු ස්වල්පය සලකා බැලුවත් පේන්න ඕනා ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉතා දිගු ගමනක් යා හැකි තවමත් වර්ධනය වෙමින් පවතින ඉතාම ඉහළ විභවයක් ඇති ක්ෂේත්‍රයක් බව.

    SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා මෙම ක්ෂේත්‍ර්යේ පාර්ශව කරුවන්, රජය සහ අධ්‍යාපනඥයින් එක්ව යා යුතු ගමනක පැහැදිලි ඉලක්ක තුනක් ගැන.

    01. 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක්. 2013 වනකොට තිබ්බේ මිලියන 700ක්. ඒක බිලියන 5 දක්වා යන්න තමයි ඉලක්කය.

    02. සෘජු රැකියා ලක්ෂ 2 ක්

    03. අළුතෙන් ආයතන 1000 ක් ආරම්භ කරන්න.

    ඒකෙන් පේනවා මේ ක්ෂේත්‍රයේ තියෙන විභවය. මේ රටේ ව්‍යවසාකයන්ට සහ අනාගත රැකියා ලබා ගන්න ඉන්නත තරුණ තරුණියන්ට තිබෙන සුවිශාල අවස්ථා ප්‍රමාණය.

    · SLASSCOM සංවිධානය සිය වාර්තාවකින් 2014 දි කියනවා 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් දක්වා ඉලක්කගත කළ යුතුයි කියලා

    · ඒ වගේම අන්තර්ජාතික සමීක්ෂණ වාර්තාවලට අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය සදහා සුදුසුම ස්ථාන 25 තුළට ලංකාව ඇතුලත් වෙලා තියෙනවා.

    වර්ධනයට හේතුව

    පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. එහෙම වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ නව ආයෝජනයන් සිද්ධ වෙන නිසා. විශාල ඉන්දියාව ආසන්නයේ තමයි මේ පුංචි අපේ ලංකාව පිහිටලා තිබෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර්යේ ආයෝජනය කරන ආයෝජකයෙක් අර විශාල ඉන්දියාවට නොගොස් මේ පුංචි ලංකාවට එන්නේ ඇයි කියලා. එහෙම එනවා දැන්. හේතුව තමයි ලංකාවේ උසස් කුසලතාව සහ සාපේක්ෂව අඩු පිරිවැය. දැන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් වැටුප්. එතකොට අපට පේනවා දැන් ඔහුගේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ කෙරෙන්වා. ඉහළ කුසලතාවය සහ අඩු පිරිවැය. වැටුප කියන සාධකය නිෂ්පාදන පිරිවැයට සහ මේ ක්ෂේත්‍රය තුල ඉහළ කුසලතාවයක් රදවා ගන්නවා. දැන් මේ වැටුප හරියට සමතුලිත වෙලා තියෙන්නේ. ආයොජකයා කියනවා නිෂ්පාදන පිරිවැය අඩුයි කියලා. ලංකාවේ තරුණ තරුණියන්ව ක්ෂේත්‍ර්යට ආකර්ෂණය කරන්නත් මේ වැටුපටම පුලුවන් වෙලා තියෙනවා. එතකොට ආයෝජකයෙකු ඉන්දියාවට නොගොස් ලංකාවට එන්න හේතුව තමයි පිරිවැය සහ කුසලතාවය අතර සමතුලිතතාවක් ඇති කරන්න මේ වැටුප සමත් වෙලා තියෙනවා.

    ගිවිසුමෙන් පසුව ඇතිවන තත්වය.

    මේ ගිවිසුමෙන් පසු අර පිරිවැය සහ කුසලතාව අතර සම්තුලිතතාවය බෙදෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ විග්‍රහයක්... ඒත් ඔය එක සමාගමක් වත් මේ දේවල්වලට විරුද්ධ නෑ... සමාගම් වලට ලාංකීයද, ඉන්දියාවද කියලා ප්‍රශ්ණයක නෑ..

      ඔබේ තර්කය සාධාරණ නොවන්නේ අදටත් ලංකාවේ අයට වඩා ඉන්දියාවේ ය ගන්න පඩිය වැඩියි හැම ක්ෂේස්ත්‍රයකම.... ඉදින් ඔවුන් පෝලිමේ මෙහේ එනවාය කියන එක අමු බොරුවක්... අනෙක ආන්ඩුව කියලා තියෙනවා ගේන්නේ ලෙක්චරර්ස්ලා කියලා.. අදටත් ඉන්දියාවේ අයත්, වෙනත් රටවල අයත් මෙහේ රැකියා කරනවා... එහෙමෙයි කියලා අපේ උන්ට රැකියා නැති වෙලා නෑ නේ... මම හිතන්නේ ඔය ආන්ඩුවේ රස්සාවල් හිඟන උපාධිකාරයෝ ඇරුනාම නිපුනතාවයක් තියෙන එකෙක්වත් ජොබ් නැතුව නම් ඉන්නේ නෑ මෙහේ...

      Delete
    2. IT ගැන කිව්වහම සියලුම විශාල යටිතල පහසුකම් සදහා කරන ලද ආයෝජන කරලා ඉවරයි.
      ඔබ අපේ අගනගරය ග්ත්තොත් එකසත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාව වැනි ඉතා දියුණු රටවල සමහර ප්‍රාන්ත වල නොමැති දියුණු අන්තර්ජාල පහසුකමක් පවතිනවා අද ශ්‍රී ලංකාව කොච්චර IT අතින් දිඋනුද කියල මේ අංශ වල ඉන්න අයවත් දැනුවත් වෙලා නෑ

      අපට දැනට කරන්න බැරිවෙලා තියෙන්නේ විශාල පරිමාණයෙන් සේවය ලබාදෙන්න, මේක කරන්න ඉන්දියාව ඕනේ නෑ මගේ අඩවියත් මාතගේ අඩවිය තුලත් මම අදහස් ඉදිරිපත් කරලා තියනවා. මේ සරල දේවල් තාම සිදුකිරීමට මේ රජය අපොහොසත් වෙලා තියනවනේ මාත ඕකනේ ඇත්ත.

      Delete
    3. ලංකාවේ තොරතුරු තාක්ශණයෙන් ආදායම අද ඩොලර් බිලියනයක්වත් නැහැ. බිලියන 5 ක් ටාර්ගට් කරන්නේ 2020 දී. දේශීය ආදායම ඩොලර් මිලියන 100 වත් නැහැ. ඉන්දියාවේ 2015 දී තොරතුරු තාක්ශණයේ අපනයන ආදායම ඩොලර් බිලියන 99 යි දේශීය අදායම ඩොලර් බිලියන් 48. අද සම්පූර්ණයෙන් ඩොලර් බිලියන් 1 පමණ වන ආදායම ඩොලර් මිලියන 147 ක ආදායම ටියෙන ඉන්දියාවට කජ්ජක්ද? එක වෙලඳපොලක් වුවහොත් ශ්‍රමිකයින් මදි නම් ආනයනය කල හැකිනම් පමණයි විශාල අයෝඉජන එන්නේ. එක පැත්තකින් පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාප්ත නොකිරීම නිසා තාක්ශණ හැකියාවන් ඇති අය අඩුයි. අනික මදි පාඩුව පිටින් ගේන්නත් බැහැ. ඉතින් මොන මෝඩයාද ආයෙඔජනය කරන්නේ. අනික් අතින් ඉන්දියාවේ ආයෝජනය නොකරපු එක විශාල තොරතුරු තාක්ශන සමාගමක් තිබෙනවාද? මදි ශ්‍රමය ඉන්දියාවෙන් ගන්න පුලුවන්නම් එම අයෝජන ලංකාවට ආවොත් තව ක්ශේත්‍ර කීයකින් රටට වාසි වෙනවද?

      Delete
    4. ඉයන්,

      ඔබ දන්නවද ඇයි දේශීය ආදායම ඩොලර් මිලියන 100 ට සීමාවී ඇත්තේ කියල ?
      මිට මුලික හේතුව "merchant account with payment gateway" මිල අදික වීම සහ තිබෙන "payment gateway" එකක් උනත් ගනුදෙනුවකදී මුදල් ආපසු ලබාදීමේ පහසුකම නොතිබීමයි.

      මෙය සරලව පැහැදිලි කලොත් අද ශ්‍රී ලංකාවේ සිටින මෘදුකාංග ලියන්නන්කුට අමරිකාවේ මෘදුකාංග උවමනා ආයතනයකට සේවාව සපයනවා යයි සිතමු. ගනුදෙනුවක් සිදුවීමේ දී අදාළ ආයතනය කිසියම් හේතුවක් නිසා ඔබට මුදල් ගෙවා ඇති ගනුදෙනුවකදී ඔබට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමට උවමනායි සිතමු මෙහිදී කිසිදු පිරිවැයක් නොමැතිව අදාළ මුදල එම ආයතනයට ලබාදීමට පහසුකමක් නොමැත.

      මිට අමතරව payment gateway පහසුකමක් සදහා සම්පත් බැංකුව වැනි බැංකුවක් වාර්ෂිකව රුපියල් 60000ක් පමණ අයකරනවා.

      මෙවැනි ආයෝජනයක් කිසිමට සුළුවෙන් පටන්ගන්න අයෙක් පෙලබෙන්නේ නෑ.
      අනෙක් අතට ශ්‍රී ලංකාවේ payment gateway එකක් තුල තම ණයපත් ඇතුලත්කිරීමට විදේශිකයන් කැමති නෑ.

      මෙනිසා ගනුදෙනු සිදුවීම සිමා වී තියනවා. යම් විදියකින් මේ සදහා රජය ක්‍රියාමාර්ග ගත්තොතේ මේ ප්‍රශ්නය විසදෙනවා.

      මෙනිසයි මම PAYPAL ගැන මම මෙපමණ කියන්න මහන්සි උනේ.

      ඔබ චිනේ ALIBABAA ආයතනය පටන්ගත් JACK MAA ගේ සම්මුක සාකච්චාවක් බලන්න ඔහු පැහැදිලි කරනවා escrow පහසුකම ලබාදීමෙන් ලෝකය සමග ගනුදෙනුව වේගවත් වීමට ගෙතු වූ හැටි.

      escrow සේවාවක් කියන්නේ ගනුදෙනු කරුවෙක් සහ විකුණුම් කරුවකු සිටින තැනක කිසියම් ගනුදෙනුවක් සිදුකිරීමේදී escrow පහසුකම සපයන ආයතනය අතරමැදියකු සේ ක්‍රියාකරනවා මෙහිදී ගැනුම්කරු සහ විකුණුම් කරු ආතර ගනුදෙනුවේ දී ගැනුම් කරු විසින් escrow සේවය ලබාදෙන ආයතනයට මුලු මුදල් ගෙවන ආතර එසේ මුදල් ලැබුන විට විකුණුම් කරු භාණ්ඩය ගැනුම්කරුට යවන ලෙස escrow සේවය ලබාදෙන ආයතනය විකුණුම් කරුට උපදෙස් දෙනවා දැන් ගැනුම්කරු සෑහීමට පත්වෙනවා නම් අදාළ මුදල් කොමෙස් මුදලක් අඩුකර විකුණුම් කරුට ලබාදෙනවා.

      මෙය තමයි සේවාවලදිත් වෙන්නේ.

      මෙවැනි පහසුකම් ලබාදීමට හැක්කේ රජයට පමණයි නමුත් මෙය නොකිරීම නිසා අධික පිරිවැයක් සහිතව පුද්ගලික සමාගම් කීපයකට පමණක් මේ වෙළදාම සිමා වී තියනවා.

      යම් විදියකින් මෙය විවුර්ත කල විට අතිවිශාල ලෙස විදේශ විනිමය උපයාගැනීමට හැකියි.

      ඉන්දියාව මේ පහසුකම තම පුරවැසියන් හට ලබාදී අටියනවා
      ඔබ බලන්න https://ict4dblog.wordpress.com/2015/04/28/indian-itsoftware-sector-statistics-1980-2015-time-series-data/

      මේ විශාල වර්දනය සිදුවුනේ 1990 දශකයේ අග භාගයේ එයට හේතුව මේ පහසුකම් ඉන්දියානු බැංකු හරහා ලබාදීමයි.

      ඔබට පේනවා ඇති වසර 5 ක් වැනි සුළු කාලයකින් මේ අංශය ඉන්දියාවේ වර්දනය වී ඇති ආකාරය මිට හේතුව සුලුපරිමාන මිනිසුන්ට ලෝකය සමග ගනුදෙනු කිරීම පහසු කිරීමයි.
      මෙනිසා වේගවත් දියුණුවකට ඉන්දියාව ගියා.

      Delete
    5. එහෙනම් ඉන්දියන් කාරයෝ ආවම ලංකා සිතිවිලිට පේ පැල් ලැබෙයිනේ..... ඒකෙන්ම පේනවනේ උන් අපිට වඩා ළෝකය ගැන දන්නවා කියලා... ඕන්න ඉයන්වත් මාතලන්වත් නෙමෙයි කිව්වේ මේවට විරුද්ධ ලංකා සිතුවිලිමයි....

      Delete
    6. මාතා,

      මෙන්න මම දකින හොදම ප්‍රශ්නය, මේක කියවන අය මේ පිටිව BOOK MARK කරගනි කියල හිතනවා.

      මේ වෙනකොට ඉන්දියාවට PAYPAL ඇතුළු ලොව පිළිගත් Payment Gateways තියනවා, බැරි වෙලාවත් ඉන්දියාව ආවොත් මුලින්ම කරන දෙය තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ආයතන වලට මේ පහසුකම ලබාදීම.

      දැන් සිදුවෙන්නේ කුමක්දැයි බලමු දැන් හිතන්න ඉන්දියාවේ wipro සමාගම ශ්‍රී ලංකාවේ ආයතනයක් පිහිටවනවා, දැන් ඔවුන්ට ශ්‍රී ලංකාවේ ශාකාවක් තියනවා ඇමරිකාවෙන් ඔවුන්ට කිසියම් ඇනවුමක් ලැබෙනවා කියමුකෝ සිදුවන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශාකාවට අදාළ වැඩේ කිරීමට පවරනවා. දැන් මිට අදාළ මුදල ඇමරිකානුව PAYPAL හෝ ඉන්දියානු Payment GATEWAY එකක් තුලින් කෙලින්ම ඉන්දියාවට සම්ප්‍රේෂණය කරනවා.

      සිදුවෙන්නේ කුමක්ද අඩුගානේ එක ඩොලරයක් වත් ශ්‍රී ලංකාවට නොපමිනිමයි, එච්චර විතරක් නෙමෙයි, ඔවුන්ට මේ ක්‍රමය මහින් හැකිවෙනවා ශ්‍රී ලංකාවේ ආයතනය පාඩුවට කරන බව පෙන්වා බදු වලින් ගැලවීමට හැකි වෙනවා .

      මචෝ ඉන්දියාවේ ජනාධිපතිය මොධි කිව්වහම අපේ ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ උන්දා මෝඩයි කියල.
      චීනය PAYPAL වලින් ඔබ්බට ගිහිල්ල https://global.alipay.com/ospay/home.htm ALIPAY නමැති PEYPAL වැනිම ආයතනයක් පිහිටවනවා

      හේතුව paypal ගනුදෙනුවකදී ඇමරිකාවට යන ඩොලර් 2 ක හෝමිස් මුදල බේරාගැනීමට.
      ශ්‍රී ලංකාවට මේ පහසුකම් ඔක්කොම තියනවා මුළු ආසියාවේම HSBC බැංකුවේ clearing house එක තියෙන්නේ රාජගිරියේ.

      මෙවැනි දෙයක් පවත්වන්න ශ්‍රී ලංකාව තුල තක්ෂණය තියනවා නැත්තේ දේශපාලන්යයන්ගේ සහයෝගය විතරයි.

      රටේ දෙසපාලන්යයන් ම්ට පෙලබෙන්නේ නෑ ඔවුන් බලන්නේ වැඩිම කොමිස් කුට්ටිය කදාගනිමට ක්‍රමයක් සෙවීමයි, උබලා වගේ අයත් මේ ගැන දැනුවත් නෑ මෙනිසා රජයට පීඩනය යොදන්න දන්නේ නෑ.

      මෙන්න බලපන් https://www.youtube.com/watch?v=ocLjjZkr32E
      විනාඩියයි යන්නේ

      Delete
    7. ඉන්දියාව කරන්න යන මොඩල් එක ගැන කුමාරතංග මුනිදාස මහතා උබ ඉපදෙන්නත් කලින් ලියල තියනවා හොයාගෙන කියවපන් "හතරරියන් සහ දෙරියන්"

      Delete
    8. උඹ හිතුවද රට කරන්නේ, ගිවිසුම් ගහන්නේ හරක් කියලා....

      Delete
  32. /* ළෝකයේ කිසිඳු රටක් අපේ විස්ස විජ්ජාල උපාධි පිලිගන්නේ නැති වීමය. */

    මෙය අමු බොරුවක් නේද?
    ලංකාවේ කොපමණ උපාධිධාරීන් පිරිසක් ලංකාවෙන් පිට සේවය කරනවාද?

    ReplyDelete
    Replies
    1. උපාධි නැති පිරිසයි වැඩි... උපාධි තියෙන අය කරන්නෙත් අර අනික් අය කරන ජොබ්ම තමයි... ඉතා සුළු පිරිසක් අදාල ක්ෂේස්ත්‍රයේ රැකියාවල නිරතවනවා... එහෙම නැත්නම් වෙනත් රටක ගත්ත උපාධියකින් රස්සාව කරනවා... අඩු ගානේ ඒ මිනිස්සු අප්ඩේට් වෙනවා.. ඒත් මෙහේ අය...

      Delete
    2. // උපාධි නැති පිරිසයි වැඩි... උපාධි තියෙන අය කරන්නෙත් අර අනික් අය කරන ජොබ්ම තමයි.. //

      හැබෑට?

      Delete
  33. බලන්න
    http://jathikachinthanaya.blogspot.com/2016/03/blog-post.html

    මට තියෙන ගැටලුව මොකද ඉන්දියාව එක්ක විතරක්ම ඔය ගිවිසුම් ගහන්නේ කියන එක. ගහනවනම් ඔයිට සර්වසම ගිවිසුමක් චීනය සමඟත් ගැසිය හැකියි. පෙර රජදවස පවා අපි චෝල, කේරල, පාන්ඩ්‍ය ආදී එකිනෙකට සතුරු රාජ්‍ය කීපයක් සමඟම සබඳකම් පැවැත්තුවා.

    ReplyDelete
    Replies
    1. අර බ්ලොග් එකේ නම දැක්කාම බලන්න හිතෙන්නේ නෑ...

      Delete
  34. ඉන්දියාව එක්ක ගිවිසුම් ගහල ලංකාව දියුණු කරන්න පුළුවන් කියල හිතන් ඉන්නවනම් ඒක රනිල්ට වෙච්චි ලොකු වැරදීමක් මාතලන්..
    මම එහෙම කියන්නේ ඔය කියන ඉන්දියන් වුර්තිකයින් එක්ක මම ඉන්දියාවේම වැඩකරලා තියෙන නිසා.. මම ඉන්දියාවේ වැඩකරපු කාලේ මම වැඩ කරපු කොම්පැනියට අලුතෙන් හයර් කරන ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ලා ඉස්සෙල්ලම දාන්නේ ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට් වල පින් හූරන්න..ඒ ගන්න ඉන්ජිනියර්ලා දහයක් ගත්තොත් අටදෙනෙක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව මාස ගණන් පින් හූර හූරම ඉන්නවා. එතනින් දෙන්නෙක් විතර තමයි වුර්තීය දක්‍ෂතාවය පෙන්නලා ඉහලට යාම හෝ වෙනත් ඉහල රැකියාවක් සොයාගෙන යන්නේ. උන්ගෙ වුර්තිකයින් උන්වත් තුට්ටුවකට මායිම් කරන්නේ නැති රටක් එක්ක ගිවිසුම් ගහල අපේ රටට දියුණුවක් වෙන්න පුළුවන් වෙයි කියල හිතනවානම් ඒක හීනයක්.. ඔය වැඩෙන් වෙන්නේ ලංකාවේ වුර්තිකයින්ට අන්තර්ජාතිකව තියන පිළිගැනීමත් නැතිවෙන එක විතරයි.. ඊටත් වඩා ඉන්දියන් වුර්තිකයින් ගැන කියනවනම් කයිය සහ බොරුව අයින් කරයින් පස්සේ ඉන්දියන් කාරයින් දන්නේ කඩේ ගිහින් තැනකට එන්න විතරයි..

    වුර්තීයමය දක්‍ෂතාවය සහ දැනුම එක්ක බැලුවාම අපේ වුර්තිකයින් ඉන්නේ ඉන්දියාවට වඩා හුඟක් ඉහලින්..

    (මටනම් මොනම හේතුවක් නිසාවත් ආයේ මහින්ද පාලනයක් ඕන නැහැ.. ඒත් එහෙම කියල රනිල් කරන්න හදන සියලුම ගොන් වැඩ අනුමත කරන්නත් බැහැ..)

    උගත් බුද්ධිමත් උපාධිධාරීන් සහ උගත් උපාධිධාරීන්ගේ වෙනස ගැන මාතලන් කියපු කතාවට මම එකෙන්ම එකඟයි.. උපාධිය අරගෙන රස්සාවල් දියව් කියාගෙන පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ තමුන්ගේ අනාගතය අවුවේ වේලන උපාධිධාරීන්ට කවදා කලක් යාවිද???
    බැටරි කෑල්ලක + - නොදන්නා Electronics special degree ගතපු උදවිය මට හමුවෙලා තියෙනව කැම්පස් එකේදී.. තමුන් ඉගෙනගත්තු දේ ප්‍රායෝගිකව ඇප්ලයි කරගන්න බැරි උගත්කමෙන් හෝ උපාධියෙන් කාටවත් වැඩක් වෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ ගිවිසුම හොඳයි කියලා මේ පෝස්ට් එකේ කොතනක හරි කියලා තියෙනවද මචෝ.... හඳ පෙන්නුවාම ඇඟිල්ල ගැන කතා කරන අය නේ මේ රටේ බොහෝමයක් ඉන්නේ...

      Delete
  35. //ඒ නිසා මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්නවත්, අන්ධයෝ සෙට් එක අලියා අත ගාලා දුන් උත්තර වගේ ඒවා ලියා චොර වෙන්නවත් මාතලන් නම් කැමති නැතිය//

    කැමති නැති උනත් සිදුවී හමාරය

    ReplyDelete
    Replies
    1. සම හරක්ට එසේ සිතීමේ අවුලක් නැත...

      Delete
  36. එකට කෑවත් බොක්ක වෙනස් ය...

    උපාදියක් නැති එකා උපාදියක් ඇති එකාට ඊරිසියා කොරති

    උපාදියක් ඇති එකා තමා ගිය විස්සවිජ්ජාලෙට වඩා හොඳ විස්සවිජ්ජාලෙකට ගිය එකාට ඊරිස්යා කොරති...

    සමහරු චොර විස්ස විජ්ජාල වල ගොන් උපාදි කොර තමන් ගේ බුද්දිය හොඳ නිසා අනුන් ඊරිරියාවේ පුපුරන ජොබ් ලැබුනා කියා හිතේ දුකට පැල් කවි කියති....

    මාතලන් ලොකා මෙම ස්ටින්ක් බෝම්බය අත හැරීමට පෙර හැමෝම හිතන් හිටියේ කස්ටියම ටොයියන් බව ය...

    නමුත් මාතලන් කියා දෙන්නේ ටොයියන් අතර පොරක් වීමට නම් පරසිඳු විදෙස් විස්සවිජ්ජාලවල උපාදි ලබාගත යුතු බවය...

    දුකයි ටොයියනි!

    ReplyDelete
    Replies
    1. මා දන්නා තරමින් කටුබැද්ද විශ්වවිද්‍යාලයට ලෝකයේ ඇත්තේ ඉහල ඉල්ලුමක් මේක කොතරම් වැඩිද කියනවනම් මෙහි සිටින සිසුන්ගෙන් වැඩි පිරිස සාමාන්‍ය උපාධියට පසු සාස්රපති උපාදිය සදහා ලොව විවිද විස්වවිද්යාල වලින් ශිස්සත්ව පිරිනමනවා.

      නමුත් කණගාටුවට කරුණ තමයි මේවායේ පරිපාලනය සදහා තක්ෂණය ඉතා දුර්වල වීම, මගේ මිතුරකුගේ සහතිකය ගැනීමට මම ගියවිට මට ඇතිවුනේ මහ කම්පාවක්.

      එහෙම උනත් මේ වයේ සිටින සිසුන් සහ ආචර්ය මණ්ඩලය අද්යන කටයුතු ඉහලම මට්ටමින් සිදුකරනවා.

      Delete
    2. අපි මෙතනදී පිලිගන්නේ මහචාර්ය මතලන් ගේ විග්‍රහයයි...
      එතුමා ගේ සොයාගැනීම් වලට අනුව සිරි ලන්කාවේ වැඩක් ඇති උපාදියක් තියෙන්නේ මොරටුවෙන් උපාදි ගත් කඩ්ඩ පොලිශ් කස්ටියට පමන ය. එතුමන්ලා විදේසවල සේවය කොරති. මොරටු පාස් අවුට් වෙච්චි අනෙක් කස්ටිය කඩ්ඩේ අස්පැට් නිසා ලන්කාවේ සේවය කරති.

      මොරටු නොගිය ඔයි විජ්ජාලන්කාර විජ්ජෝජය පේරාදෙනිය වැනි කඩ වලින් උපාදි ගත් අය ගේ උපාදි බලු නොවටී.

      ස ර ස තුමා එම සොයාගැනීම් කර එම දැනුම ජාතිය සමග බෙදාගත් මාතලන් තුමාට සදා නය ගැති ය!

      Delete
  37. එට්කා මොනවද මාතලන්..ජේ ආර්ට බලෙන් ඔබපු ඉන්දු ලංකා ගිවිසුම, කොච්චර මරාගත්තද ඒකට. රජීව් ගාන්ධි ගුටිත් කෑවා. තාම ඔය අපූරුවට තියෙන්නෙ.

    ඩිග්රි යුනිවර්සිටි ..අනේ මන්ද...තමන්ට රටට ලෝකෙට වැඩක් කරන්න ඔය දෙකම නැතුව බැරිද? මේක බැලුවනම් https://en.wikipedia.org/wiki/List_of_autodidacts

    ReplyDelete
    Replies
    1. Kandyan,
      එක තමයි කියන්නේ ඔය ගිවිසුම් ගැහුවා වගේ නෙමෙයි අපට ඕනේ විදියට අහෝසි කරන්න බෑ,
      පළාත් සභා අද සුදු අලියෙක් වෙලා තියෙන්නේ ජනතාවට බදු ගෙවන්න උනා විතරයි.
      පළාත් සභා වලින් සිදුවුණ දියුණුව කිව්වනම්.

      බොහෝවිට කුණුහරුප කියමින් දම දීමනා ගැනීම පමණයි සිදුවෙන්නේ. කොපමණ නරක උනත් මේ නරක ක්‍රමය තියාගන්න සිදුවෙලා තියනවා

      Delete
    2. කියලා වැඩක් නෑ කැන්ඩියන්...

      පලා බබා අහෝසි නොකරන්නේ අපේ උන්ට ඒක ඕන නිසා මිසක්... ඉන්දියාවේ බලපෑමක් නිසා නෙමෙයි...

      Delete
    3. මාත,

      //පලා බබා අහෝසි නොකරන්නේ අපේ උන්ට ඒක ඕන නිසා මිසක්//

      පැහැදිලි මදි අපේ උන් කිව්වේ රටේ චන්දදායකයෝද? නැත්නම් චන්දෙ අරන් දේසපාලනය කරන දෙසපලන්යයෝද ?

      Delete
  38. ලමාතන් උඹට මොකක්ද තියන පුකේ අමාරුව ECTA ද මොකක්ද එක ගැන ලියන්න [අපිට නම් පුකේ අමාරුවක් තියනවා උඹ ලියන එව්වා කියවන්න ]එක හොඳ වෙන්න මොකද කරන්න ඕනේ එක්කෝ උම්බ් නොලියා හිටං

    ReplyDelete
  39. [කියනවා වාගේ සමහර විට ඉන්දියාව හංගලා ගහන ඒවත් මේකේ එන්නට පුළුවන්ය. එහෙම ආවොත් ඇග්‍රිමන්ට් එක උල්ලඃගනය කිරීමේ අයිතිය අපිට තියෙනවාය. එහෙම නැතත් ඕනම වෙලාවක ඇග්‍රිමන්ට් එක අහෝසි කිරීමේ බලයත් අපට තියෙනවාය]

    භූතානේ එක්ක ගහපු එකේ නම් එහෙම නෑය. භූතානේට කෙළවී ඇත්තේ ඒ හින්දාය. ඒ නිසා මාතලන් කියන දේ ඇත්තම වෙන්ට ඕනෑ නැත.

    [දොස්තරලා මෙන්ම, මා දන්නා පරිදි නිර්මාල්ටද ඇත්තේ ඉන්දියාවේ හදන සුසුකී ඇල්ටෝ රථය. පාර පුරවා ඇත්තේ ඒවාය. ජපන් මෝටර් සයිකල් පේන්නවත් නැතිය. ඔක්කෝම ඉන්දියාවේ බඩුය]

    මාතලං ඉන්තේරුවෙංම කියන්නේ ඇත්තය. හැබැයි ලංකාවේ වාහන අනතුරු ඝාතීය විදියට වැඩෙන්න ගත්තෙත් ඔය ඉන්දියන් වාහන ආපු කාලේ ඉඳන්මය. අද රටේ මාරක අන් අතුරු වලින් 80%ම, එක්කෝ ඉන්දියන් වාහනයක් ගැටී සිදු වෙයි. නැත්නම් ඉන්දියන් ලඩලමකට ඉස්සර කොරන්ට යාමෙන් සිදුවෙයි. මාතලං සෝයි. හැබැයි කියන්නේ නැති චුට්ටකුත් තියෙනව.

    [ලැජ්ජාවක් නැතුව ජනතාව බිල්ලට තබා රජයෙන් ලබා ගන්නා අනේක වූ දොල පිදේනිවලට කෙල වෙලා යාමය]

    අපි දන්න විදියට ඉන්දියන් උන්දලා එන්නේ පුද්ගලික අංශ වලටය. පුද්ගලික අංශ වලට උන් ආවාට රජයේ කන්තෝරුවේ වැඩ ටික උන් කොරලා දෙන්නේ නැතිය. නිකම් ඇරියස් අල්ලන ගතියක් මේ කතාවේ පේන්ට තිබේ.

    වෘත්තීකයන් එක්කම ඉන්දියන් ටුවරිස්ට් ගයිඩ්ලාත් ලංකාවට පත බෑවෙන්නට පුළුවන්ය. එදාට ගුරුකුල්, බමුණු කුල, නමුණු කුල ගැන තවුසන් පවුන්ඩ් ටෝක් දෙන මාතලං මොනවා කියයිද කියලා බලන්ට කැමතිය. තුන්සීයට කොණ්ඩේ කපන රංජි මල්ලිගේ රස්සාවට, ඉන්දියාවෙන් විත් පණහට කපන කුමාර්ජී විසින් තට්ටු කරන රූප රාමුවත් එයිට පසු එනවාය. හැබැයි ඒ වෙනකොට අස්සයා ඉස්තාලෙන් ගවු ගාණක් පැණලාය.

    ReplyDelete
    Replies
    1. දැනටත් රටවල් කීපයකම ටුවර් ගයිඩ්ලා මෙහේ සිටිනවාය.. එමෙන්ම ඉදිරියේදො හෝටල් සේවයටද පිලිපීනයෙන් බොහෝ අය පැමිනීමට ඉඩ තිබෙනවාය.... ඒවා ආන්ඩුවල වරදවල් මිස වෙන කාගේවත් වරදවල්ද නොවේ... එහෙත් ඔවුන් ආවා කියා අපේ කාටවත් කෙලවෙලා නම් නැත...

      Delete
  40. පොස්ට් එකට වඩා කොමෙන්ට් වලින් හුගක් කරුණු අහුල ගත්තා ...මගේ කොමෙන්ට් එකනම් අහන්න එපා .
    නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ මොකටද
    රුපියල් අස්සේ අලුක් කාල් ගහන්න ඕනේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. උඹ ඊයේ ආවේ නැති උනාට... බ්‍රා එකක් නම් ඉස්ටේජ් එක උඩට ආවා....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න