.

.

Aug 15, 2016

නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !



ආන්ඩුව පත් කිරීමට ක්‍රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්‍යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.

පෙර මෙන් නොව, ආන්ඩුව කෙරේ ඇති කලකිරීම ප්‍රසිද්දියේ කියා සිටිනවාක් මෙන්ම, මහින්ද නැවත බලයට පත් වුවහොත් මේ රටේ සිඳුවන මහා විනාශයද මිනිසුන් කතා කරමිනි සිටී. මහින්ද හා පිරිස සිතාගෙන උන්නේ, චන්ද්‍රිකා 1994 බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූ හොරුන් ගෝල්ෆේස් ගෙනත් පට්ට ගැසීම අමතකව ගියාක් මෙන්, අවුල් ආන්ඩුවද තමන්ගේ කාලයේ සිඳු වූ ඉන්ටර්නැෂනල් ගේම් අමතක කර දමාවි යැයි කියාය. ඇත්තටම මේ ආන්ඩුව ක්‍රියා කිරීමට ගියේද එසේය. එහෙත් අවුල් ආන්ඩුවට තම සිතැඟියාවන් ඉටු කර ගැනීමට නොහැකි වූයේ, මේ ආන්ඩුව මෛත්‍රිගේවත් රනිල්ගේ එකක්වත් නොව, ජනතාවගේ ආන්ඩුවක් වීමය.

සමාන්‍යයෙන් ඕනෑම රටක ආන්ඩු පෙරලීමට මහඟු කාර්යයක් කොරන්නේ ජනමාධ්‍ය හා මාද්දියවේදීන්ය. ඒ බව හොඳින්ම දන්නා කවදත් මාද්දියවේදීන් හා ෂෙප් එකේ උන් මහින්ද මහත්තයා, තම පාලන කාලය තුල සිඳු කලේ ජනමාද්දියවේදීන් අරලිය ගහ මන්දිරයට කැඳවා, ඔවුන්ගේ කොඳු නාරටියන් ගලවා, ඒ වෙනුවට මැදමුලන පොල්වත්තේ පොල් පිති  හයි කිරීමය. එය කෙතරම් සාර්ථක ක්‍රියාන්විතයක්ද කියතොත්, ආන්ඩුව පෙරලීමට ඔවුන්ගේ කිසිඳු සහයෝගයක් නොලැබුනා පමණක් නොව, අදටත් ඔවුන් මහින්දගේ කක්කා බෙට්ටටත් ප්‍රශස්ති ගයමින් සිටින්නේය.

එහෙත් සාම්ප්‍රදායික මාද්දියවේදින්ගේ රැස්පට් අහවර බවත්, ඊට වඩා බලවත් මාද්දියවේදින් පිරිසක් අන්තර්ජාලයේ ඉන්නා බවත් සියල්ලටම අමතකව ගියේය. සියල්ල දත් රජ ගෙදර රිලවා ගිරිය පුප්පා සෑම තැනකම කියමින් ගියේ අරාබි වසන්ත මෙහේ ගෙන ඒමට බැරිය කියාය. එය එසේ වූ හෙයින්, මේ යහපාලනය කියා නම් කල ආන්ඩුව ගෙන ආවේ ඒ සාම්ප්‍රදායික ගොබ්බ මාද්ඩියවේදියෝ නොව සයිබරෙයේ පිස්සු කෙලිමින් සිටි බයියන් හා ටොයියන්මය. බයියන්ගේ ප්‍රචාරණයෙන් වූයේද ටොයියන්ගේ ප්‍රචාරයට පිටිවහලක් මිස එකෙට එක කිරීමක් නොවේය.

සෝභිත, නිර්මාල්, සරත් විජේසූරිය, දඹර අමිල ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීන්ගේ සටනට මනා පිටිවහලක් ගෙන ආවේ මේ කබ්බන්ය. ඉඳින් මේ පිරිසගෙන අවුල් ආන්ඩුවට අදටත් ගැලවුමක් නොමැත්තේය. සිවිල් ක්‍රියාකාරිකයින්ද, ෆේස්බුක් එකේ ෆන් පොරවල්ද, අපද කරමින් සිටින්නේ, අවුල් ආන්ඩුවට අමතක වන යහපාලනේ ඕක නෙමෙයි යකෝ කියා පෙන්වා පිස්සු කෙලින යහපාලනේ කනෙන් අල්ලා නියම ට්‍රැක් එකේ දැමීමය.

කිසිදා සැබෑවන හීනයක් නොවනා නමුදු, කරුමයකට හෝ මහින්ද මහත්තයා බලයට පැමිනියහොත් සිඳු වන දෑ ඔවුන් දැනටමත් ප්‍රකාෂ කොට හමාරය. පැත්තකට වී ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් හුන් මහින්ද මහත්තයා ආයෙත් ඉදිරියට දමාගත් කම්බා හොරුන් කලේ පරීක්ෂණ පවත්වන නිළධාරින් භීතියට පත් කිරීමය. ආන්ඩුවද කරන්නේ නිළධාරින්ට ඔවුන්ගේ කාර්යය නීතීයානූකූලව කරගෙන යාමට ඉඩ නොදි, එය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් කිරීමය. නිලධාරින් නිසි ලෙස ඉතා වේගයෙන් ක්‍රියාත්මක වූවද, ඒම ක්‍රියාවලිය නවතා දැමුයේ ජනාධිපතිවරයායි. ඉන් පසු අගමැතිවරයායි. මේවා යහපාලන ක්‍රියා නොවේ.

වියවස්තාව අනුව මහින්ද මහත්තයාට ගේම් ඇදීම නීතියෙන් ගැටළු තිබුනද, ශිරන්ති නෝනා ඇතුලට දාන්නේ නෑ කියන්න මෛත්‍රිපාල සිරිසේනට ඇති අයිතිය කුමක්ද? එය විධායක බලයද? සංචාරක අමාත්‍යංශයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම නවතා දැමුයේ කුමන නීතියක් යටතේද? එසේ කලේ කව් ද? මෙයින් උද්දාමයට පත් වන්නේ කවුද? මෙවන් කාළකන්නි නිළධාරින් පිරිසක් යටතේ යහපාලනයක් ඇති කරන්නේ කෙසේද? ආන්ඩුවේ මෙම ළදරු, දියාරු, නෝන්ජල් ක්‍රියා හේතුවෙන් සිඳු වූයේ කුමක්ද? නීතීය නිසි ලෙස ක්‍රියා කරමින් සිටී නිළධාරින් ඒ ගැන දෙසරයක් සිතන්නට පෙලඹීමයි.

එපමණක්ද? එයින් උද්දාමයට පත් මහින්ද මහත්තයාගේ අයියලා කිව්වේ, ඔවුන් බලයට පත් වූ විගස FCID යේ නිළධාරින් සියල්ලම ගල් ගසා මරා දමන බවයි. මෙය බොරුවක් නොවේ. ඇත්තටම ඔවුන් බලයට පත් වුවහොත් සිඳුවන්නේ මෙයයි. මේ ඔවුන්ගේ පෞදගලික රැස්වීම් වලදි කතා බහා කරනා දේ මිස ප්‍රකාශය කරපු එකාගේ අදහසක්ම නොවේ. ඊළඟට මහින්ද මහත්තයාම හයිඩ් පාක් කෝනර් එකේදි FCID යේ උන්ට වෝනින් එකක් දුන් අතර, පාද යාත්‍රාවේද කීප දෙනෙකුම කීවේ, ඔවුන් බලයට පත් වූවාම වෙන දේ බලා ගන්නෙයි කියලාය.

එපමණක්ද, ඊයේ FCID යේ ප්‍රශ්ණ කිරීම වලට පැමිනි නාමල් කොලුවා ඇතුලට යන්න කලින් කීවේ කුමක්ද? ඔහු කෙලින්ම අභියෝග කළේ පොලිස්පතිටය. පොලිස්පතිගේ ක්‍රියා අප කිසීසේතම අනුමත නොකරනා නමුත්, සාමාන්‍ය එකෙක් පොලීසිය ඇතුලේ ඔය පාට් දැම්මා නම් අත් වන ඉරනම කුමක්ද? මේ තත්වයට පොලීසිය හා එම ආයතන පත් කළේ කව්ද? ජනපතිවරයාම නොවේද?

ඇත්තටම ජනපතිවරයා කරන කතා සමහර විට ඔහුට තරම් ඇති ඒවා නොවේ. ලැබි ඇති ප්‍රජාතන්ත්‍රවාදය යටතේ, අපට මෙන්ම ඔහුටත් තමන් කැමති දේ කීමට නිදහස ඇති මුත්, එවන් ප්‍රකාෂ කිරීමට පේර දෙවතාවක් සිතා බලන්නේ නම් ඉතා හොඳය. රක්ෂිත බන්ධනාගාරගත වන සිරකරුවන්ට මර්චන්ට් වෝඩ් හදනවා කියා ජනතාවට ආතල් දෙනවාට වඩා, ඔහු කල යුත්තේ, රක්ෂිත බන්ධනාගාරගත වූ විගසම, මර්චන්ට් වාට්ටුවට යන්නේ කෙසේද කියා සොයා බැලීමයි.

එහිදි හීන් නූලෙන් එක එකාගේ කන අත ගානවාට වඩා කළ යුත්තේ, පිස්සු කෙලිනා උන් කනෙන් අල්ලා එලවා දැමීමය. එහිදි ජනාධිපති තුමා අධිකරණ, බන්ධනාගාර පමණක් නොව, රාජිත සේන්නාරත්නගේ සවුක්ක අමාත්‍යන්ශයෙත් කන අත ගෑම කෙනෙකුට සතුට දනවන කාරනයක් විය හැකි නමුදු, සිඳු විය යුත්තේ එය නම් නොවේ.

අධිකරණය තිබෙන්නේ ඇවන්ගාඩ් සිද්ධියේදි ඩීල් කාරයකු බවට ප්‍රසිද්ධියේම ඔප්පු වූ ඇමතියකු යටතේය. නීතීපති දෙපාර්තමේන්තුවේ පමාවීම තිබෙන්නේ ඔහු හේතුවෙන් බවටද කට කතා තිබෙන්නේය. ඇත්ත වශයෙන්ම මහා ප්‍රාඥ්ඥයකු නම් කළ යුත්තේ තිලක් මාරපන මෙන් ඉල්ලා අස්වීම මිස, තව දුරටත් තනතුරේ සිටිමින් බණ කීම නොවේ. එමෙන්ම ජනපති මෙන්ම අගමැතිගේ යුතුකම විය යුත්තේ, ආන්ඩුවේ නිළධාරින් ප්‍රශ්න කරන්න එපා කියා නීතී විරෝධී ක්‍රියා වල නිරත වනවාට වඩා, තමන්ට කිරීමට බලය ඇති, ඇමතිවරයා තනතුරෙන් පහ කොට, ඒ වෙනුවට වෙනත් ඇමතියකු පත් කිරීමයි.

ආන්ඩුව දැන් දැන් ආර්ථික වශයෙන්ද නියම ට්‍රැක් එකට ඇති බවක් පෙනේ. ආවුල් ආන්ඩුවේ නොම්මර එකේ ගොන්කම වූ තරහා කර ගත් චීනා, නැවතත් මෙහි ආයෝජනවලට පැමිණිම ඉතා යහපත් දෙයකි. අනෙක් රටවල උන් මෙහි පැමිනෙන්නේද චීනය ආයෝජනය කරනවා නම් පමණි. එහෙත් ජනාධිපති තුමා කොතෙක් පැහැදිලි කලද, කාළකන්නි එකාබද්ධ මලබද්ධය රට අස්ථාවර කොට නැවත ගිනි තැබීමට, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්තාපිත කිරීම, ආශිර්වාදයක් කරගෙන ඇත. එය වහාම නවතා දැමීය යුතුය. ඒ ගැන මීළඟ පල් හෑල්ලෙන් බලාපොරොත්තු වන්න.

58 comments:

  1. "ආර්ථිකය නිවැරදි මඟට වැටී ඇති බව පෙනේ" යන අදහස සාධාරණයි,ඒ වගේම තර්කාණුකූලයි..

    ගැටලුව පවතින්නේ ආර්ථික ගමන ශක්තිමත්ව කරගෙන යාමට ජාතික රජයේ නිදහස් පක්ෂ පාර්ශවය ඇවසි,නිසි සහයෝගය ලබා නොදීමයි. ඔවුන් ගෙනෙන යෝජනා වලට විරැද්ධ වනවා පමණයි. රටට අහිමි වන බදු ආදායම සපයා ගන්නේ කෙළෙසද යන්නට උත්තර සපයන්නේ නැහැ.. නිදහස් පක්ෂය මීට වඩා විචාරශිලි සහයෝගයක් දක්වනවානම් එය රජයේ ඉදිරිගමනට ශක්තියක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වට ඉතින් මහා ළොකුවට කෑ ගහන මහින්ද අමරවීරගේ ධීවර සංස්ථාවත් කොරියානු සමාගමකට දෙන්න යන්නේ.. එයාලා මෛත්‍රි එක්ක උන්නට හිත තියෙන්නේ මහින්ද ගාව.. දුමින්ද ඇර අනික් ඔක්කෝම දෙබිඩ්ඩෝ...

      Delete
    2. ධීවර සංස්ථාව කියන්නෙ පාඩු ලබන්න කිසිම ඉඩක් නැති ආයතනයක්.. හොරා කෑම නවත්තගන්න කොන්දක් නැතුවම විකුණන්න බලනවා.ආයෙ හඳෙන් එන මිනිස්සු නෙමෙයි නෙ ඔව්ව ලාභ ලබන ආයතන බවට පත් කරන්නෙ.කොමිස් කුට්ටියට කරන වැඩ.

      Delete
    3. මම දන්න තරමින් ලංකාවේ ලාබ ලබන කිසිම ආයතනයක් නෑ ආන්ඩුවට අයත්... හේතුව මහින්දගේ කාළේ රාජ්‍ය සේවය ඩබල් කිරීම සහ හොරා කෑම.

      Delete
  2. "ආර්ථිකය නිවැරදි මඟට වැටී ඇති බව පෙනේ" යන අදහස සාධාරණයි,ඒ වගේම තර්කාණුකූලයි..

    ගැටලුව පවතින්නේ ආර්ථික ගමන ශක්තිමත්ව කරගෙන යාමට ජාතික රජයේ නිදහස් පක්ෂ පාර්ශවය ඇවසි,නිසි සහයෝගය ලබා නොදීමයි. ඔවුන් ගෙනෙන යෝජනා වලට විරැද්ධ වනවා පමණයි. රටට අහිමි වන බදු ආදායම සපයා ගන්නේ කෙළෙසද යන්නට උත්තර සපයන්නේ නැහැ.. නිදහස් පක්ෂය මීට වඩා විචාරශිලි සහයෝගයක් දක්වනවානම් එය රජයේ ඉදිරිගමනට ශක්තියක් වේවි.

    ReplyDelete
  3. කලින් පැරාගේ පෝස්ට් එකක් දැම්ම විදිහට 'යහපාලනය' කියන්නේ අද ලංකාවේ පවතින ආණ්ඩුවේ නම නොවේ. එය ඕනෑම රටක බලයට පත්වන ඕනැම රජයක් අනුගමනය කළ යුතු ක්‍රියා මාලාවකි. 1972 න් සහ 1977 න් පසුව යහපාලනය ලංකාවේ රාජ්‍ය පාලනයෙන් ක්‍රමයෙන් අඩුවුණත් වනචර දශකයේදී එය බිම දමා පාගා දැමුණා. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයනුත් මේ රජය බලයට පත්කල අනිකුත් පාක්ෂිකයනුත් ඊටත් වඩා නිර්පාක්ෂික මහජනයාත් මෙම රජයෙන් බලාපොරොත්තු වන්නේ යහපාලනය කිසිම අඩුවක් නැතුව ක්‍රියාත්මක වනු දැකීමටයි.

    එසේ නොවන අවස්ථා කිහිපයක්ම සිදුවූ විට යහපාලනවාදීන් ඊට විරුද්ධ වීම පුදුමයක් නොවන අතර එය ඉතාම හොඳ ප්‍රවණතාවයක් බවද කිව යුතුයි. ආණ්ඩුවේ සහ සමහර ඇමතීන්ගේ යහපාලන ප්‍රතිපත්ති වලට විරුද්ධ ක්‍රියා වලදී හඬනගන්නේ මෙම රජය පෙරළා කලින් රජය ගෙන ඒමට නොවන බව බොහෝ මරා වාදීන්ට නොතේරීම නම් පුදුමයක් නෙවෙයි.

    මෙම රජය සදාකල් පවතිනවා යැයි මෙයින් අදහස් වන්නෙ නැහැ. මෙම කණ්ඩායමට වඩා හොඳින් පාලනයක් ගෙනයාහැකි පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කණ්ඩායමක් සිටිනවා යැයි මහජනයාට හැඟුණු දවසක මොවුනුත් විසිවෙනවා. එය තේරුම් නොගෙන ක්‍රියා කරන ආණ්ඩුවත්, එය තේරුම් නොගෙන විකල්පය ලෙස ඉදිරිපත්වන රත්තරන්, අළුත්ගමගේ, ගම්මන්පිල, නාමල්, වීරවංශ සමඟ එන මහින්ද නඩයත් දෙකම අනාථ මඩමට යන එකනම් විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. සියල්ල අනිත්‍යයයි කියනවනේ.. ඒත් ඉතින් ඉයන් කියනවා වගේ මෛත්‍රි ආයෙත් 2020 දිත් ජනපති කියන එක නම් නිත්‍යයි.... කව්ද අනේ ඔය කිව්වට රජ සැප දාලා යන්නේ..

      Delete
  4. ඔව් ඉතින් මුනුත් පිස්සු කෙලිනව කියල අනිත් ඔප්ෂන් එකනම් මහින්ද මාමි ගේන එකනම් නෙමෙයි. අම්මටසිරි හිතපන් මාතෙ උන් අවොත් පහුගිය අවුරුදු දෙකේ අරියසුත් කවර් කරල යහපාලනේ හතර පස් දෙනෙකුත් දිවියලෝකේ යවල අප්පට හිකිල තියෙයි හිටං 🙃, යකෝ එතකොටනෙ අරාබි වසන්තය. කොහොමත් බන් fcid එකට මුන් ගන්න එකනම් පාඩුයි බන්. ගියත් වැඩි හරියක් බන්දනාගාර ඉස්පිරිතාලේ නිසාත් සතියකින් exit පේපර් එක ලබෙනනිසත් මුන් ඇතුලට දානවට වඩා හොඳයි එලියෙම ඉන්න එක. හැබැයි අර නිදහස් පක්ෂෙ මහ ලේකම් තුමාගේ හැමදාම තියන විනයපරික්ෂණ නිසා උගේ ගෙම්බර් වගේම මයිත්‍රිපාල මහත්තයාගේ පර්සනිලයටත් කෙල්ල යනව අද හෙට එකෙක්ගේ දෙන්නෙක්ගේ ගොන් පාර්ට් නැති කලේ නැතිනම්.

    ReplyDelete
    Replies
    1. යහපාලනේ හතර පහ... හතර පහ නෙමෙයි 88/89 වගේ මිනී කඳු තියෙයි හැම තැනම.. මහින්දවාදින් පිස්සු වැටිලා ඉන්නේ හොරා කන්න නැතිව..

      Delete
  5. ///සංචාරක අමාත්‍යංශයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම නවතා දැමුයේ කුමන නීතියක් යටතේද? එසේ කලේ කව් ද? ///

    කරුමේ කියන්නේ සංචාරක මණ්ඩලයේ හිටපු ලොක්කා දැන් ඉන්නේ කා යටතේදැයි ලැජ්ජාවක් ඇතිව කියන්නට බැරිවීමය.

    ReplyDelete
    Replies
    1. කියලා තියෙන දේ තේරෙන්නේ නැතිව ඇති..

      Delete
  6. // අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය. //

    - Maathalan (16 August, 2016)

    // මාතලන් උනත් වෙනත් විකල්පයක් නැත්නම්, මේ පච යහපාලනයට එරෙහිව, ආයේ මහින්දට දෙන්න දෙසරයක් හිතන්නේ නෑ. එහෙම දීලා කෙලවුනත් අවුලක් නෑ කියලා හිතෙන්නේ, මේ රටට සදා උරුම කෙලවීමම මිස, ගොඩ ඒමක් නම් නොවනා නිසාය කියන එකත් අවසාන වසයෙන් කියා, මේ පල් හැල්ල මෙතනින් නවතා දමනවාය. //

    Maathalan (23 June, 2016)

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වට දෙන්නේ නෑ.. බය වෙන්න එපා.. මාතලන් ලියන්නේ සමාජයේ තියෙන මතය..

      මාතලන් නෙමෙයි මෛත්‍රිට දීපු එකෙක්වත් ආයේ මහින්දට දෙන්නේ නෑ..

      ඔහොම ලිව්වම ගොන් බයි වහළුන්ට පොඩි ආතල් එකක් එනවා.. මහින්දලත් හිතනවා අනේ මෛත්‍රිලා මිනිස්සුන්ට එපා වෙලා අපිට ආයේ එන්න පුළුවන් කියලා.. එයාට ආයෙත් බලය හම්බ වෙන්නේ කනත්තෙදි තමයි.

      Delete
    2. // මාතලන් උනත් [...] මහින්දට දෙන්න දෙසරයක් හිතන්නේ නෑ. //
      (Two months ago)

      // ඒ කිව්වට දෙන්නේ නෑ.. බය වෙන්න එපා.. //
      (Today)

      // දෙන්නෙ නෑ කිව්වට දෙනවා.. //
      (In two more months?)

      Delete
  7. ලංකාවේ දේශපාලකයෝ මෙන්ම චන්දදායකයෝද අන්තිම මොහොතේ පැනීම් කරති. 2020දී බලමු.

    ReplyDelete
    Replies
    1. බා, බා, බා කියා පොරි විසි කර ළඟට ගෙන්වා ගත හැකි පිරිසකි.

      Delete
    2. එහෙම පිරිසකුත් ඉන්නවා... ඒ වගේම, බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන පාවෙන ඡන්ද ගොඩකුත් තියෙනවා...

      ඒ කියන්නේ අර ප්‍රා කියනවා වගේ හොරකම අඩු එකා තෝරනවා වගේ...

      Delete
  8. //අවුල් ආන්ඩුවට අමතක වන යහපාලනේ ඕක නෙමෙයි යකෝ කියා පෙන්වා පිස්සු කෙලින යහපාලනේ කනෙන් අල්ලා නියම ට්‍රැක් එකේ දැමීමය.// අනිවා......

    ReplyDelete
    Replies
    1. අන්න ඊයේ අත්සන් කරලා චීන්නුත් එක්ක ට්‍රැක් එක බෙලිඅත්තේ ඉඳන් හම්බන්තොටටම දික් කොරන්න...මම කිව්වේ රෙල්ල් ට්‍රැක් එක හොඳේ...!
      අපි මෙහේ ට්‍රැක් මාරු කොරන්න හදනකොට අවුල් සෙට්ටෙක කොරලා ඉවරයි....හපොයි...!

      Delete
    2. බය වෙන්න එපා... චීනා ආවා කියන්නේ බඩුම තමයි...

      අනික පෝට් සිටිය හවුසින් කම්ප්ලෙක්ස් එකක් නොවී ෆයිනෑන්ෂල් සිටි එකක් වීමෙන් රටට ලැබෙන ප්‍රථිලාබ ඉතා ඉහළයි... අපේ ජීවීත කාළය තුලම ඩුබායි, සිංගප්පූරුව වගේ රටක් දකින්න ලැබෙයි...

      Delete
    3. Finanacial City එකක් කියන්නේ මොකද්ද බන්

      Delete
  9. වන්ද්‍රිකාට පිස්සු තදවෙලා මෙනවද කියවන්නේ මාතේ !

    ReplyDelete
    Replies
    1. කාපූ බීපූ වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
      රාළහාමිලා වගේ අය...
      ගනන් ගන්නේ ඇයිද සුළු දෙය....

      Delete
  10. //කිසිදා සැබෑවන හීනයක් නොවනා නමුදු, කරුමයකට හෝ මහින්ද මහත්තයා බලයට පැමිනියහොත් සිඳු වන දෑ ඔවුන් දැනටමත් ප්‍රකාෂ කොට හමාරය. පැත්තකට වී ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් හුන් මහින්ද මහත්තයා ආයෙත් ඉදිරියට දමාගත් කම්බා හොරුන් කලේ පරීක්ෂණ පවත්වන නිළධාරින් භීතියට පත් කිරීමය. ආන්ඩුවද කරන්නේ නිළධාරින්ට ඔවුන්ගේ කාර්යය නීතීයානූකූලව කරගෙන යාමට ඉඩ නොදි, එය දේශපාලන ක්‍රියාවලියක් බවට පත් කිරීමය. නිලධාරින් නිසි ලෙස ඉතා වේගයෙන් ක්‍රියාත්මක වූවද, ඒම ක්‍රියාවලිය නවතා දැමුයේ ජනාධිපතිවරයායි. ඉන් පසු අගමැතිවරයායි. මේවා යහපාලන ක්‍රියා නොවේ.// ඇත්ත කතාව.. නිලධාරීන් හොයලා දීලා ඉවරයි . මෙයාලා එකේ දේශපාලනෙන් යට ගහනවා. ඕක අපි ඉන්න තැනක කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි සිද්ධිය හරියටම දන්නා විපක්ෂ මන්ත්‍රී කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.. අපූරුවට වේගයෙන් ඉදිරියට ගිය දේ මෙයාල පොලිටිකල් ගේමක් කර ගත්තා...

      Delete
  11. මාතලන් ටත් වැරදුනේ එතන,මෛත්‍රී ට චන්දෙ දුන්න පිරිසට ඒ මිනිහව එපා උනාට මහින්දට චන්දෙ දුන්න එක මිනිහෙකුටවත් මේ පාර ඔහුව එපා වෙන්න හේතුවක් අවේ නැ ,එක නිසා මෛත්‍රී ට චන්දෙ හම්බ වෙන්නේ න කියන්නේ මහින්ද නිකන්ම දිනුම් කියන එකයි,මොකද ගිය පාර මහින්දට උනෙත් ඔය දේම තමා

    ReplyDelete
    Replies
    1. මහින්ද දිනයි ඉදිරියට ආසනයක්... ඊට එහා එයාට මොනවත් කරන්න වෙන්නේ නෑ.. මොකෝ ඡන්ද ක්‍රමයත් වෙනස් වෙනවා නේ... ඔය කාලකන්නි හොරු ටික දැන් මිනිස්සුන්ට කලින්ටත් වඩා එපා වෙලා තියෙන්නේ.. කාළකන්නි අමු ජාතිවාදි බෞද්ධ මිලේඡ්චයන් සුළු පිරිසක් පමණක් මේ ලේ මාපිල්ලු එක්ක ඉන්නවා.

      Delete
  12. ඇත්තෙන්ම මහින්දට විරුද්ධව පෙලගැහුනු බොහෝ දෙනෙක්ගේ මූලික පරමාර්ථයක් තමයි අධිකරණය ට ස්වාධීනව පැවතෙන්න මහින්ද රජයෙන් ඉඩ නොදීම.

    මැදි මතධාරීන් පතනා ආකාරයටම නැතත් ලංකා මාතාව ව්‍යවස්ථාව - විධායකය - අධිකරණය කියන එකකට එකක් ස්වාධීන නමුත් දෙකකින් හෝ එකකින් අනෙක් එකේ වැඩකටයුතු අධීක්ෂණය හෝ වැරදි දෙයක් කරද්දෙ වැලක්වීමේ බලතල සහිත බලකනු තුන උඩ රැඳවෙන විදිහට තමයි සකස් වෙලා තිබුනේ.

    මහින්ද මහත්තයා විධායක බලතලත් අවුරුදු 40ක දේශපාලනයේ තෙම්පරාදු උනු කෛරාටික මොලෙත් පාවිච්චි කරලා 225ක මන්ත්‍රීන් සහිත ව්‍යවස්ථාව කියන බල කනුව බිඳලා දැම්මා.

    පස්සේ ඒ දෙකම අත්දෙකේ තියාගෙන තුට්ටු දෙකේ මන්ත්‍රී වරු ලව්වා නඩු අස්සෝලා අගවිනිසුරුවරියව බැල්ලියක්ට අන්ත විදිහට එලෙව්වා.

    අර බල කනු තුනක් උඩ තිබුනු ලංකා මාතාව තනි ඇඟිල්ල උඩ තියාගෙන සර්කස් පෙන්නුවා.

    රටට වෙන්න යන්න වින්නැහිය තේරුම් ගන්න ඇහැක් උනු උන් එකතු වෙලා මහින්ද ගෙදර යැව්වා.

    දැන් මේ කෙරෙමින් පවතින්නේ ආයේ අර බල කනු තුන උඩ පරිස්සමින් තියාගෙන යන සන්ක්‍රාන්ති සමය.

    අධිකරණයෙන් අපි සාමාන්‍ය මිනිස්සු පාර්තනා කරන ආකාරයට දූෂිතයන්ට දඬුවම් නොලැබෙන කොට හිතෙනවා තමයි තාමත් ඉස්සර වගේමද කියලා.

    ඒත් හෙට එච්චර කලුවර නෑ කියලා බලන් ඉන්න අතරේ අපි අපිට පුලු පුලුවන් විදිහට සහයෝගය හෝ විරෝධය දක්වන එකන් පොඩි හරි දෙයක් කරනන් බැරි වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම දුකා.... මේ කරමින් සිටින්නේ ඒ යුතුකම තමයි....

      Delete
  13. අද තියෙන තාක්ෂනය් එක්ක හැම එකාම තමාගේ ප්‍රකාශකයා (his own publisher) බවට පත් වෙලා ඉවරයි. ඕනෑම කෙනෙකුට තමාගේ මතය ඉදිරිපත් කරන්න අවම වශයෙන් 150 ස් දෙනෙක් වත් ඉන්නවා. නිතරම අන්තර්ජාලයේ කරක් ගහන අයගේ ප්‍රේක්ෂකාගාරය ලක්ෂ ගණනක්.
    නමුත් මතක තබාගත යුතු වැදගත්ම කාරනාව මේ සන්ධර්භයේ නිතරම ජය ගන්නේ ජනප්‍රිය මතය මිස සාධාරණ හෝ නිවැරදි මතය නොවන බවය. අභීතලා නුවන්ලා කොයි තරම් පොස්ට් දැම්මත් ඔවුන්ගේ මතය දැනට ජනප්‍රිය මතය නෙවෙයි. ඒ යට තම මතය ජනප්‍රිය කරන්න බැරි අතේ පලවෙන බොරු බේගල් සමාජගත කරන්න ගිහින් සහ දැන දැන හොරුන්ගේ සුදු හුණු ගාන්න ගිහිං චාටර් වෙලා ඉන්න නිසා. නමුත් ආණ්ඩුව පිස්සු කෙලියොත් වෙනත් ජනප්‍රිය මතයක් ගොඩ නැගෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //අභීතලා නුවන්ලා කොයි තරම් පොස්ට් දැම්මත් ඔවුන්ගේ මතය දැනට ජනප්‍රිය මතය නෙවෙයි//
      මේ අභීත කියන්නේ අභීත එදිරිසින්හද?
      නුවන් කියන්නේ කවුද?

      Delete
    2. එයා තමා.
      අනෙකා ගුටියාත්‍රා

      Delete
    3. ඒ නිසා තමයි අපි ආන්ඩුව විවේචනය කරන්නේ කොන්දේසී විරහිතව... මොකෝ මේ වෙනස රැක ගත යුතු සහ වර්ධනය කර ගත යුත්තක් නිසා...

      Delete
  14. තාමත් අපෙ වුන් දෙන ඕන රෙද්දක් කපලා මහලා ඇඳගන්නව.ජනමාධ්‍ය වලට ලොකු වගකීමක් තියනව.
    කොච්චර කරුණාව මෛත්‍රිය පෙන්නුවත් ජහමනය කොන්ද පණ නැති පාලනයකට කැමති නැහැ.කටපත් අදින ප්‍රාදේශීය හරක් කීපදෙනෙක් එලවලා පෙන්නුවෙ නැත්තං වණය උඩු දුවනව

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගහන කොට කොහොමත් ඉල්ලගෙන කයි ළඟදීම... ඒ අතින් සිරිසේන මෛත්‍රිපාල සිරිසේන කියන චරිතය සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.. ජනමාධ්‍යවලට නම් කරන්න පුළුවන් රෙද්දක් නෑ කියලා ඔප්පු කරලා අවසානයි..

      Delete
  15. ලිපියත් කොමෙන්ටුත් කියවද්දි සිහිවුන කියමනක් "පුරාණ රාජයුගය අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට තව කල් තිබේ"
    -ආනන්ද කුමාරස්වාමි - මධ්‍යකාලීන සිංහල කලා - (සියවසකට ඉහත දී)

    ReplyDelete
    Replies
    1. නමුත්, සැබෑ වෙනසකුත් තියෙනවා...

      Delete
  16. "මේ ආණ්ඩුව මෛත්‍රීගේවත් රනිල්ගෙවත් නොව ජනතාවගේ ආණ්ඩුවක් වීමය" හුහ් හූ!උඹට සයිකොද මාතෙ? ජනතාවගෙ ආංඩු තියෙන්නෙ කොයි ලෝකෙද?

    ReplyDelete
    Replies
    1. මේක තාමත් ජනතාවගේ ආන්ඩුවක්... ඒ ගැන බය වෙන්න එපා... පැරණි කාළකන්නි ලක්ෂණ කීපයක් තියෙනවා තාමත්... හැබයි ඒ දේ ලැබෙන්නේ රනිල් නිසා නම් නෙමෙයි... මෛත්‍රීපාල මහත්තයා නිසා...

      Delete
    2. ඒ දේ කිව්වෙ? කාලකන්නි ලක්ෂණද?හොඳ ලක්ෂණද?

      Delete
  17. //මාතලන් නෙමෙයි මෛත්‍රිට දීපු එකෙක්වත් ආයේ මහින්දට දෙන්නේ නෑ.. //

    යූඇන්පී ලක්ස 35 විතර චන්ද ටික යූඇන්පී කාරයකුට විතරයි දෙන්නෙ.... එතකොට ලක්ස 10 වෙන සුලු චන්ද ලැබෙන්නෙත් යූඇන්පී එකාට. ඉතුරැ ලක්ස 17 විතර චන්ද ටික එතකොට කාටද බන් චන්දෙ දාන්නෙ? මහින්දගේ 58 එහෙන්ම ත‍ියෙනවා තාම.....

    ReplyDelete
    Replies
    1. එජාපයට තියෙන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 25 ක විතර ස්ථාවර ඡන්ද ප්‍රමාණයක්

      මහින්දගේ ලක්ෂ 52, 42 ට බැස්සා.. එයා වෙනම ඉල්ලුවොත් ඕකෙනුත් භාගයක් හම්බ වෙයි.. එහෙම ලැබෙන්නත් එයා ඉල්ලන්න එපාය.. ඡන්ද කිරීම කෙසේ වෙතත් හැමදාම උසාවි යන්න තමයි එයාට වෙන්නේ.. ෂේප් වෙන්න නම් දේශපාලනයෙන් ඉවත් වෙන්න වෙයි.... නැත අන් සරණා... දැන් ටී වී වලට ආතල් දෙන්නෙත් නෑ...

      Delete
    2. මහින්දගෙ 58 කොහෙද බං එහෙමම? මහ චන්දෙදි හම්බුනාද එහෙම? ශේප් වෙන්න නං දේසපාලනෙන් අයින් වෙලා බෑ. මහින්දය හදන්නෙ වැටිච්ච ලිං කටින්ම ගොඩ එන්න.

      Delete
  18. මහින්ද මහත්තයා, තම පාලන කාලය තුල සිඳු කලේ ජනමාද්දියවේදීන් අරලිය ගහ මන්දිරයට කැඳවා, ඔවුන්ගේ කොඳු නාරටියන් ගලවා, ඒ වෙනුවට මැදමුලන පොල්වත්තේ පොල් පිති හයි කිරීමය.//////////////// ඒක නම් මරා නියමෙට කරා

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් උන්නා නම් බුලත් විඩ කඩ ටිකත් ගන්නවා...

      Delete
  19. මහින්දට තව අවුරුදු 2-3කට වඩා දුවන්න බෑ, ඔය තරබාරු ශරීරකූඩුවල උපරිමේ 75-80 වගේ, ඊට පස්සේ හබක්, පරඩැල් තමා ගලේ ගහලවත් එලොව යවන්න බැරි. බය වෙන්නෝන මෛත්තිරී ගැනයි, තව අවුරුදු 2-3කින්ම ජාතික මැන්ටලයක් වෙලා මහින්ද නැති දාට රනිල් එක්ක ගේමට සෙට් වෙයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන්නේ කටුගෙයි තියෙන සිංහාසනේ වගේ... සිංහාසනයක් තමයි.. ඒත් සත පහක වැඩක් නෑ... අතීතයක් පමණයි..

      Delete
  20. නීතියට, ඇඟිල්ල විතරයි ගහන්න දැන් ඉතුරු වෙලා තියෙන්නේ...ඉතුරු සේරම ටික අප්පොච්චයි, බාප්පොච්ච්යි, මොලකාරයයි ගහලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව දැන් ටික ටික සෙටල් වේගෙන එනවා කියලා තේරෙනවා. ප්‍රතිපල කොහොම වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.

      Delete
    2. නීතියක් කියලා එකක් දැන් නෑ... තියෙන්නේ එකම විකාරයක්...

      Delete
  21. අලුත් ව්‍යවස්ථාවට අනුව විසුරුවන්න වෙන්නේ අවුරුදු හතරකට පස්සේ නිසා වෙනසක් කරන්න කාලයක තියෙයි කියලා බලාගෙන ඉමු. කොහොමත් මටනම් ඉස්සර ඉඳන්ම වැටහෙන දේ තමා පුද්ගල හෝ සමාජයීය වෙනස නොබලා නීතිය kriyaaත්මක කරන්න පවතින ඕනෑම ආණ්ඩුවක් කටයුතු කරනකන් මේ ප්‍රශ්න එහෙමම තමා

    ReplyDelete
    Replies
    1. කරුමේ වෙලා තියෙන්නේ අධිකරණ පද්දතිය පිරිසිඳුද කියන එක... ඒක නරා වලක්...

      Delete
  22. Mr Rajapaksa won power in 2005 and went on to become South Asia's longest-serving leader. He sought an unprecedented third stint in office in January 2015, having defeated his last challenger - former army chief Sarath Fonseka - to win re-election to a second term in January 2010.

    - Mahinda Rajapaksa's BBC Profile (http://www.bbc.com/news/world-asia-24918281)

    You need no better examples on lies and propaganda against Mahinda and Sri Lanka. When you know that TWO former presidents of Sri Lanka alone has served longer than Mahinda.

    ReplyDelete
  23. He has built a reputation as a fearless and ruthless fighter, dedicated to the struggle for an independent Tamil homeland in the country's north and east.

    Operating from his secret jungle base, he turned the Tamil Tigers into a highly disciplined, motivated and feared guerrilla force.

    Despite the conflicting views surrounding Mr Prabhakaran, there is one point that both the Sinhala and Tamil communities agree on.

    He is the domineering force in the rebel movement, and without his consent peace in Sri Lanka will never be attainable.

    - Prabhakaran's BBC Profile, which is basically a love letter. (http://news.bbc.co.uk/2/hi/south_asia/1919419.stm)

    That's what.

    ReplyDelete
  24. මට හිතෙන්නේ ආණ්ඩුව ගෙනියන්නේ FCID එක කියල. ඒකෙන් කෙරෙන වැඩ ටික නැත්නම් මිනිසුන්ට ආණ්ඩුවක් තියනවා කියල තේරෙන්නේ නැහැ කියල කවුද කිව.

    ReplyDelete
  25. මහිනදගේ කාලයේ චීන ආයෝජන රනිල්ට වහ කදුරුය. අද රනිල් ජාත්‍යන්තරයයයි කියන්නේ චීනයටය. මහා උගතාට අනුව පෝර්ට් සිටිය ලංකාවට මාර ව්‍යසනයකි එහි ඉඩම් චීනයට දීමට විපක්ෂයේ රනිල් විරුද්ධය. ඊටත් වඩා අක්කර 90 ගණනක් චීනයට දී නම වෙනස් කර කරනාවට අගමැති රනිල් කැමතිය. රනිල් හොඳයි කී නිසා මීගමුවේ පියතුමන්ලාටද දැන් පෝර්ට් සිටිය හොදය. ඒ කාලයේ හම්බන්තොට වරායේ මහා ගලකි. නැව් එන්නෙද නැත. රනිල්ට ඒ ගල කපන්නට කවුරුන් හෝ හොර රහසේම උදවු කර ඇත. මත්තලද දැන් ඒ කාලයේ වගේ නොවේ සුපිරි වැඩකි. ලෝකයේම අවදානය යොමුවිය යුත්තකි. කුරුඳුවත්තේ මොළේ අමාරු කාරයා මේවා මාකට් කරන්නේද චීනයටමය. මහින්ද පල් හොරෙකි...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න