.

.

Dec 30, 2016

දෙදහස් දාහතේ (2017) වත් රට ගොඩ ඒවා - Happy 2017



හාමුදුරුවනේ ණය ගන්නේ කන්න         නෙමෙයි
කියමින් කෙලපු ණය දැක්කම තරුද        පෙනෙයි
ඒ ණය ගෙවන්නට මුන් තව ණයට         ගෙනෙයි
ගිලෙනා නැවේ සිට මැතිවරු පිස්සු            කෙලියි


හැරිසන් සිරිසේන හාලට කෙලින                   කළ
පානුත් කියා ගන්නට බැරි ජනම්                    කැළ
බල බල සිටි පෝලිමෙ වී එයිට් (V8)             පෙල
හෙන පුපුරපන් දියවන්නා මැදුර                      තුල

කන බොන හැමදේට වැට් මෑනයා            කෙලියා
සිකැරට් අරක්කුත් දැන් අල්ලන් නට           බැරියා
වාහනයක යන්නට බලමින්                        සිටියා
පුකත් නැතිව දැන් හොම්බෙන් යන            සැටියා

බීඩි එක්ක හවසට කසියා                            ගහමු
හෙටවත් මිහිඳු ඒදැයි බලමින්                      සිටිමු
විස්සෙදි අනුරයා රජ පුටුවේ                        තියමු
ටිල්වින් ලොක්කාට අපි ගේකුත්                   හදමු

යහපාලනය තුල ඇත දැන් යම                   යුද්දේ
පිං ඇමතිලා ගේමම ඉල්ලයි                       සද්දේ
විසිකර නයින් දාගත් අස්සේ                     රෙද්දේ
ආන්ඩුවේ ඇතුලේ කරපන්                         සුද්දේ

අනේ තොපේ මව් රෙද්දේ                       සංහිදියා
රවිරජ මරපු උන් සොමියේ ගෙදර                  ගියා
උතුටර මුකුත් තාමත් ඇත්තේ                   නැතියා
මිදි වැල වටේ යනවා සංහිදි                         නරියා

සිරිසේනගේ ග්‍රහ අපලය දුරු                   වන්නයි
මහින්දගේ හොරු ටික හට කෙල               වන්නයි
බැඳුම්කරේ ආයෙත් එලියට                       එන්නයි
දෙදහස් දහ හතේ වත් රට ගොඩ                එන්නයි

- Maathalan -

51 comments:

  1. මහින්ද මාමි 2017 රටට කොරවනකම් කොරවී අපි බලා සිටිමු.

    උන්ට සීනි ගම දෙයියන්ගේ පිහිටයි.

    අළුත් වසරට මාතලන් තුමාටත් සුභ වසරක්. ඇන්ඩ් හැපි බර්ත් ඩේ 👊🍻

    ReplyDelete
    Replies
    1. ආතල් ටිලාන් තුමාටත් එසේම වේවා.....!!!!

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සිරිකොත රනිලාය හිටියොත් පුක නැහැ ය
    ලිඳේ හුටමාය නහුතෙට පඩ ශෝ ය
    උතුරෙන් විගා දඟලනවා වැඩි වේය
    මෙහෙම ගියොත් සිරි ලන්කා සොරි වේය!

    ReplyDelete
    Replies
    1. බුදුන් ජේසූ ආවත් මේ කුමේ තුල
      නිවනෙට සුවර්ගෙට ඇත වටිනාකමක් මිල
      බ්ලොග් ලෝකයට ගෙන ආ කැළ වනන හෙළ
      ඉවසන් ඉඳින් ස රසෝ තව බොහෝ කළ

      Delete
  4. මදහස් මවා ගන්නට හිත දිරිය ගමී
    නිදහස් රටක් ගැන හීනය යළි දකිමී
    අදහස් ටිකට ගරුවෙන් මම එකඟ වෙමී
    දෙදහස් දහහතට මාතේ සුභ පතමී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කයියෙන් නිරතුරුව රස පද ගෙන ආවා
      දුමියෝ උඹට සිරි සුබ වසරක් වේවා

      Delete
  5. හාල් කිලෝ එක සීයත් පැනලාය
    පොල් ගෙඩියක් හැත්තෑවට ගනු බෑය
    කනවා නොවේ දැන් අපි ලෙව කනවාය
    මුන් හිටියොත් මුලු රටටම කෙලවේය

    හොරකම දුෂනේ වංචා රජවීය
    සංවර්ධනේ බින්දුවටම බැසයාය
    යහපාලනේ තවදුරටත් නොමවේය
    දැන් මිහිඳු ගෝඨා එනවා නම් මනාපය

    මාතලන් ගුරුතුමාට සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. මිහිඳුලාට දැන්මම නම් එන්න බැරි
      එහෙව හීන දකිනවා නම් වෙරිම සොරි
      ආන්ඩුවේ ඉන්නේ බලු කපුටු නරී
      31 රෑට අඩියක් ගහ වෙමුකො වෙරි

      උඹටත් එසේම වේවා....!!!

      Delete
  6. 2020 වෙනකන් ඉන්නට බැරියෝ
    ආප්පයක් කන්නවත් අතමිට නැතියෝ
    දැල් කඩේ බෝතල දුර වැඩියෝ
    මලක් ඔතන් අද රෑ සෙට් වෙයි ටොයියෝ

    2017 වත් මාතාගේ ඇස් දෙක ඇරියන්
    හරි දැක්මෙන් හොඳ අදහස් ලියවීයන්....!

    2017 මලින් පිරි 365ක් වේවා....!

    ReplyDelete
    Replies
    1. තබනා තබන පියවර තා මන්දිර ඉඳිවේවා
      චෙෆ් ආකිටත් තව තව ක්න්ට්‍රැක්ට් ඒවා
      අන්තර්ජාලේ කෙදිනක හෝ බුදු වේවා
      ගල් මල් දෙකම අගසව් වී වැජඹේවා

      Delete
  7. එසේම වේවා!
    ජයින් ජයිම වීවා!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...!!!

      සොසී හම්බ උනයින් පස්සේ බ්ලොග් මතක් වෙලා වගේ...

      Delete
  8. සින්හල බ්ලොග් ලොවේ පොර වී මල් කැඩුව
    ඉදිමුනු ඔලු පලා රුපු නහමින් ඔද වැඩුව
    වැජඹෙන සින්හ සෙයියාවෙන් නැත අඩුව
    සැරදේ මාතලන් ගොයියගේ කවි මඩුව!

    ReplyDelete
    Replies
    1. මහතුන් ලෙසින් එන පල් හොරු කුඩු කෙරුව
      ස රස තුමන් වැජඹේ වී බ්ලොග් තරුව
      එනමුත් පොඩි දුකක් ඇත මෙතනදි කිව යුතුව
      පැරකුම් සමඟ එක්වෙමු දොළහෙන් පසුව

      Delete
  9. සුබ නව වසරක් වේවා...!

    එහෙම වෙන්න නම් බොරු යහ පාලනය භංග වේවා...!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා....!!!

      ටිකක් කල් යයි....

      Delete
  10. තබන තබන පය ඉදිරියටම යේවා
    බලන බලන අත ජයකොඩි ලෙල දේවා
    රටට විනකරන උන් සැම නිරයට යේවා
    ඔබ සැම දෙනා හට සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ උනත් කයියක් ඇත පඳ බැඳලා
      කොහොමෙයි යන්නේ උත්තරයක් නොම දීලා
      යන එන ගමන දිව යානා ලැබ දීලා
      සියළුම ඇනෝ රැකදෙනු අප දෙස බලලා

      Delete
  11. පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා
    සීනි මිළ අඩුයි තේ පැණි රස වේවා
    ගෙවතු වගාවට ගත සිත යොමු වේවා
    පොලිසියෙ දෑස වෙන අතකට යොමු වේවා

    යකඩ කූරු වැලි වල මිල අඩු වේවා
    ජොබ් නැති එවුන් කිරි ඇල්ලෙන් නැහැවේවා
    මිල වැඩි බෙහෙත් කළු කඩයේ ඉතිරේවා
    තාජුඩීන් ඇටකටු යලි ගොඩ ඒවා

    මක්කා උනත් කක්කා දාගන්න බන්ඩිය පිරෙන සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උස සිකුරුටිය මිටි නම් කම්කරු දෙනවා
      අළුතින් නිවෙස් හැම ගමකම ඉඳිවෙනවා
      හම්බන්තොටට ගෙට දින චීනුන් එනවා
      ෆෝක්ස් වැගන් කුලියාපිටියෙන් දෙනවා

      Delete
    2. ///පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා//////////

      එසේම වේවා!!!

      Delete
  12. කොයි බන් අර සන්නස්ගල හිටපු පෝස්ටුව?

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2016/12/blog-post_28.html

      Delete
  13. මහබැන්කුවෙන් මහජනයාට අරිමින්නේ
    රනිල් ලොක්ක බොරුවෙන් රාජ්‍ කරමින්නේ
    මහින්ද රජා කිබුල්කදුලු හෙලමින්නේ
    සැමවිට ජනතාවටමයි කෙලවෙන්නේ

    කවදාවත් කවි නොලියපු මටත් කවියක් ලියවුනා මාතගේ කවිය දැක්කම
    සුබ 2017 ක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ ක්‍රමයට රට හරවන්න
      ලංකා සිතිවිලිත් කවියෙහි රස දන්න
      හම්බන්තොටින් චීනුන් බැස්සම ඔන්න
      සිංගා වගේ වෙයි මාගේ කැට මෙන්න

      Happy New Year...!!!

      Delete
  14. මාතර ගඟේ සිටිනා කිඹුලිගෙ පැටියා
    බෙල්ල සුදුයි තල්ලේ ගෝමර කැටියා
    යන එන පාරු නවතාගෙන මේ Xරියා
    රොකට් රෝහිණීගේ තතු විමසා සිටියා
    2017 සුබ වේවා

    ReplyDelete
    Replies
    1. බොහෝ කතා ලියනට නම් හිතේ ඇතී
      එනමුත් කරුමය නම් නෝ ටයිම් වෙතී
      වෙලාවක් ලදොත් රෝහිණි එනවා ඇතී
      ඔබහට සුපිරි අවුරුද්දක් වෙයන් ගතී

      Delete
  15. දාහත නම් දාසය මෙන් නොම වේවා
    මාතලන්ට සොමි බර වසරක් වේවා
    තිස් එක රෑට හොඳ පදමට වෙරි වේවා
    පළවෙනිදාට සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. කීවත් වගේ 31 රෑ වෙරි වූවා
      මක්කා නැතත් හැම වසරෙම වෙයි ඒවා
      බෝතලෙ ගාන පොඩ්ඩක් හෝ අඩුවේවා
      මන්පිටියටත් සිරි සුබ වසරක් වේවා

      Delete
  16. ගල් පොල් මිල තව හොඳහැටි අඩුවීයන්
    මල්වල කොලිටියත් ටිකටික වැඩිවීයන්
    තව තව රහට රසවත් කවි ලියවීයන්
    දෙදහස් දාහතෙත් බ්ලොග්ලොව වැජඹීයන්

    ReplyDelete
    Replies
    1. කටට රහට ලුණු ඇඹුලද සමඟ දෙන
      හැලපෙගේ බොගේ රස පවති සියළු දින
      හැලපිද හැල පැට්ටාද සමඟින් සියළු දන
      සියළු කලේ රැක දෙවා තුන් සරණ

      Delete
  17. පහළොවෙ තිබුන හොරකම් එලෙසම යනවා
    පහළොවෙ නොතිබූ උද්ගෝෂණ රජවෙනවා
    පහළොවෙ ගල් කාල හා සිකරට් සිහිවෙනවා
    ඒවා නැතුව දාසයෙ ආතල් නැතුවා

    දාසයෙ හිටපු හොර රැල මකබෑ වේවා
    දාසයෙ තිබුන උද්ගෝෂණ දුරු වේවා
    දාසයෙ ණය බරින් රට නිදහස් වේවා
    දාහත සැමට ආතල් වසරක් වේවා

    මාතො උඹට සුභ නව වසරක් වේවා!

    (මේක තනි පේලියෙ කයියකි )

    ReplyDelete
    Replies
    1. හොරකම නොනවතී එය සැම කල් පවතී
      දූෂණ අක්කරමිකතාවන් එලෙස වෙති
      සුන්දර වර්ණ මේ ලෙස කවියෙන් වනතී
      නොදැක්කා වගේ උන්නොත් වෙයි සුගතී

      උඹටත් එසේම වේවා...!!!

      Delete
  18. බ්ලොග් ලෝකයේ ඇති කරදර දුරු වෙන්නයි
    අපේ ලෝකයේ ඇති සොමි ටික වැඩි වෙන්නයි
    බදු බර ටිකින් ටික හෙමිහිට අඩු වෙන්නයි
    අපේ මාතලන් හට හොඳ අවුරුද්දක් වෙන්නයි

    2017 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බර බර නැත්තේ කොයි ලෝකෙද අජිත් පුතා
      බ්ලොග් ලොව කියා ඒකේ වෙනසක්ද නැතා
      එකම එක දෙයක් ගත්තොත් හොඳයි හිතා
      ඤරු ඤුරු නැතිව මේ වරත් ආවොතින් හොඳා

      හැප්පි හැප්පි නිව් ඉයර් එකක් වේවා..

      Delete
  19. අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
    මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
    තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
    ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

    උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
    මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
    මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

    පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න

    ReplyDelete
    Replies
    1. සුබ අළුත් අවුරුද්දක් වේවා තිස්ස ගොයියෝ....!!!!

      Delete

  20. මාතලන්ට නව වසර වඩාත් සතුටු වන වසරක් වෙන බව විස්වාසයි.

    ReplyDelete
    Replies
    1. unp anduwa thiyenakal thaka pamaa ayya.

      Delete
    2. ඉයන් ලොක්කො පොඩ්ඩක් මට වෙන්න සොරී
      තිස් එක ගහලා තාමත් මට හොඳට වෙරී
      මේ වසරෙවත් ගොඩ නාවොත් වෙරිම සොරී
      දෙන්නා එක්ක යමු වෙන කඩයකට හැරී

      Delete
  21. වසර පුරාවටම මාතලන් ලිපි ඊට ලැබෙන කොමන්ටුද කියවමින් ඇතුලතින් හඬමින් හිනාවට මගක් සැලසුනා. ස්තුතියි කියමින් නව වසර වාසනාවන්ත වේවායි සුබපතන්නෙමි

    ReplyDelete
    Replies
    1. සැමදා උත්ප්‍රසායෙන් අප පිනවන ජේ පීටත් ආතල්ම වසරක් වේවා...

      Delete
  22. Wish you and your family a very happy new year
    Keep up the good work

    ReplyDelete
  23. උඹටත් පවුලේ අයටත් කරදර අඩු නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. උඹටත් පවුලේ සැමටත් එසේම වේවා....!!!

      Delete
  24. බදු බර ටික ටික උහුලන්ට බැරි ගානට වැඩිවුවා
    ගල් පොල් දැන් අපිට අල්ලන්ටත් බැරුවා
    රජවුනු කසියා අල්ලන්නට පොලීසියට බැරිවේවා
    නව වසරේ ජය වෙන්නට ගල් පොල් විස්කි අඩුවේවා

    මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. නීතීය නමනවා අඬ අඬ පොලිස් පතී
      ජනපති අගමැතිත් කිසි වෙනසක්ම නැතී
      චීනා ආවේ නැත්නම් හොම්බෙන්ම යතී
      නැත්තෝ හඬති ඇත්තෝ කති බොති සුකතී

      සුබ නව වසරක්ම වේවා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න