.

.

Feb 15, 2018

රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?



සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.

නිර්මාල්ලා, සෝභිත සාධුලා, දඹර අමිල හිමිලා ,කොහොමත් උන්නේ තරඟ දිනලාය. ඕන කරලා තිබ්බේ කප් එක අරගන්න පුළුවන් එකෙක්ය. රනිල් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් උනේ නැතිය. මොකෝ එයා කප් එක ගත්තා නම් අඩු ගානේ පොටෝ එකකටවත් ඉන්නේ නැතිව යනවාය. ඒක හරියටම හරි ක්‍රමේ උනත්, අම්මට සිරි ලංකාවට ඒක ගැලපෙන්නේ නැතිය. ඒ වෙනුවට ඕන කරලා තිබුනේ, කප් එක අතට අරගෙන, ජනතාවට පෙන්නා, ආතල් එකක් ගන්නා පොරක්ය. කලින් ගේන්න හිටියේ නිමල් නිදිපාල උන්නැහේය. චන්ද්‍රිකා එයැයිට කෝල් එකක් ගත්තාම, එයා උන්නේ නිදාගෙනය. ඒ නිසා ඊ ගාවට ගත්තේ රනිල්ගේ නෝනාටය, නමුත් කෝල් එක ගියේ අනිත් මෛත්‍රිටය. ඒ නිසා පොර ගොඩ ගියේය. රටට හැමිනිලාම ගියේය.

එහෙව් පුද්ගලයා අද රනිල්ට අස්වෙන්න කියන්නේ රෙද්ද ඇඳගෙනද කියා සාමාන්නිය ජනතාව වශයෙන් අපිට අහන්නට වෙනවාය. එයා ඉටු කලේ යහපාලනයෙන් බලාපොරොත්තු උන දේ නෙමේය. එයා කළේ, මහින්ද කළ හොඳ නරක යන දෙකෙන්, හොඳ පැත්ත පසෙක තබා, නරකම නරක පැත්ත තෝරා ගන්නා එකය. ආපු ගමන් මල්ලි ටෙලිකොම් එකට දැම්මේය. ඩඩ්ලි බැසිල්ගේ රෝල් එකට සෙට් විය. චතුරිකා යෝෂිතලා වගේ බිස්නස් පටන් ගත්තේය. දහම්, මහින්දගේ පුතාලටත් එහා යමින්, මර්වින් සිල්වාගේ එකාගේ රෝල් එකත් පටන් ගත්තේය.

බලයෙන් පිස්සු වැටි, මානයෙන් උදම් වී, මෝහයෙන් මුලාවි රඟපු රැඟුම් වලට, මේ ඡන්දයෙන් ජනතාව නියම උත්තරේ දුන්නේය. රටේ ජනතාවගෙන් සිරිසේනට කැමති උන් ඉන්නේ ජෙප්පන්ගේ ප්‍රමාණයටත් අඩු වෙනන්ය. ජෙප්පෝ ඡන්ද 693,875 ගන්නා විට, සිරිසේනගේ අතට ගහන්නේ 491,835 ක් ඉතරය. මේ උපන් ගෙයි මෝඩයන් පිරිසක්ම විය යුතුය. එය පෙකාශිත ඡන්ද ගනනෙන් 4.44% ය. ඇපත් නැත. අද හැට දෙක නොව ඇට දෙකත් නැතිය.

සිරිසේන නිසා සැටලයිට් නෝනාත් ඉල්ලාගෙනම කෑවේය. අද සිරි ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ හොරගොල්ල්ලේ නොව මැදමුලනේය. මැදමුලනට කෙලින්න පුලතිසිපුරෙන් ගෙනා ගමරාල අවසානයේ සිරි ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදර වන හොරගොල්ල, මහ පොලොවට සමතලා කර දැම්මේය. මහින්දට කරන්න බැරි වූ දේ, සිරිසේන ඕනාවටත් වඩා ඉහලින් කෙරුවේය.

 මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හැර එක සිරි ලංකා කාරයෙක්කත් මේ රටට කරපු දෙයක් ඇත්තේ නැතිය. මහ බන්ඩා, සිරිමාවෝ හා චන්දිරිකා නෝනා මේ රට ගාදයටම ඇදගෙන ගියේය. රටේ ආර්ථිකය කාබාසීනියා කර දැම්මේය. සිරිසේන කියන්නේ මිය ගිය බන්ඩාරනායකගේ පුනරුප්පතියය. ඉදිරි අවුරුදු දෙකේ හෝ හවුල් ආන්ඩු බැරිනම් මොන ආන්ඩු පත් කළද සිරිසේනගේ නායකත්වය යටතේ මේ රටේ ආර්ථික සංවර්ධනයක් වේයැයි කියා සිතනා එකා එක්කෝ අමු පිස්සෙක් විය යුතුය. එහෙම නැත්නම් අමු මන්ද බුද්ධිකයකු විය යුතුය.

ඒවා එසේ තිබියදි එජාපයේ ස්ථිර ඡන්දවලටත් වඩා වැඩියෙන් ගත් රනිල් වික්‍රමසිංහට (ඡන්ද 3,612,259, ප්‍රතිශතය 32.63%) ඉල්ලා අස්වෙන්න කියන්න සිරිසේනට හෝ සිරි ලංකා නිදහස් පක්ෂයේ පිංගුත්තර කාළකන්නින්ට කිසිම අයිතියක් නැත්තේමය.

එකාබද්ධේ උන් මොන සෙල්ලම් දැම්මත් රනිල් අයින් කරන්න බෑ කියා ඒ හාල්පරුවන් මෙන්ම,  සිරිසේනගේ රෙද්ද අස්සෙ දාගත් ඩෙට් එක්ස්පයර් කාලකන්නි පිංගුත්තර සිරි ලංකා කාරයන් මෙන්ම පිංගුත්තර ජනාධිපතිත් දන්නේ නැතිය. ඒ තබා ඇත්ත හෝ නැත්ත වේවා චීන තානාපතිටත් එයැයිට ඕන ඒවා මෙහේ කොරන්න හම්බ වෙන්නේ නැතිය. අලුත් ව්‍යවස්ථාව අනුවද අගමැති පත් කිරීමේ බලය ජනාධිපතිට තිබුනද, අගමැති ඉවත් කිරීමේ බලයක් එයැයිට ඇත්තේ නැතිය.

කාළකන්නි පොලිටික්කන්ගේ කුණු කතා නිව්ස් වලට පෙන්නනවා මිසක්කා, ඊයේ සැන්ට්‍රල් බැකුවේ ගවනර් කී දේ, එකෙක්ටවත් නිව්ස් එකක් උනේ නැතිය. එක්කෝ කුමාරස්සාමි මහත්තයා ඉන්ගිරිසියෙන් කියන එවා, ඒ ජඩමාද්දියවේදින්ට තේරෙන්නේ නැතිවා වෙන්නට පුළුවන්ය. උන්නැහේ කිව්වේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම්, "පොලිටිකල් ඉස්ටැබිලිටි" එක හා "රූල් ඔප් ලෝ" එළකිරි එකට තියෙන්නට ඕනා කියලාය.

දෙපැත්තට වැනෙනා පඹයෙක් එක්ක, පොලිටිකල් ඉස්ටැබිලිටි හෙවත් දේශපාලන ඉස්තාවරත්වයක් බලාපොරොත්තු වෙනවාට වඩා, බල්ලෙක්ගේ නගුට උණපුරුකේ දමා කෙලින් කොරනා එක, ඊට වඩා ලේසිය. විදුහල්පතිනියක් දන ගැස්සු මහ ඇමතියා ආරක්ෂා කරනා, තමන්ගේ හොරු ආරක්ෂා කර ගැනීමට දිලෘක්ෂි ඩයස් ගෙදර එලවනා සුදනෙක් එක්ක, රූල් ඔප් ලෝ හෙවත් නීතියේ ආදිපත්‍ය සොයනවාට වඩා හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා සමඟ කන්‍යාවියක් වාහනයකට දමා, දියවන්නාවේ නවත්වා, විනාඩි දහයකට පසු ඒ කෙල්ලගේ කන්‍යාභාවය ගැන ගැරන්ටියක් දෙන එක එයිට වඩා ලේසිය.

රනිලුත් ආන්ඩු කෙරුවාව පැත්තක තිබියදි කරන්නට ගියේ, සිරිසේනගෙම අනිත් පාට් එකය. ඒ, 2020 ඉඳන් රට කන්නේ කොහොමෙයි කියා ප්ලෑන ගහනා එකය. ඒවාට නියම පිළිතුර දැන් ජනතාව දී අවසානය. මේ අවුරුදු දෙකවත්, ජේ ආර්ලා, ප්‍රේමදාසලා, ගාමිනි දිසානායකලා, ඇතුලත්මුදලිලා කරා වාගේ රටට මක්කා හෝ දෙයක් කොරනා එක උන්නැහේට බාරය. ඒවාට ඇපෘවල් සිරිසේනගෙන් තා දුරටත් බලාපොරොත්ටු වෙනවා තරම් හරක් වැඩක් තවත් නැත්තේය.

දැන් ෂේප් කරගන්න ඕනා, සිරිසේන හෝ එයාගේ පිස්සන් රැළ නෙමේය. ඇමරිකන් , ඉන්දියන් හා චීන තානාපතිලා සෙට් එකය. මහින්ද, මේ දේ අපූරුවට කළේය. ඇමරිකන් ඉන්දියන් නැතත්, චීන රුසියානු තානාපතිලා මහින්දගේ ෆැමලි ෆ්‍රෙන්ඩ්ලා උනේය. එනයින් රනිල්ගේ උගත් මොලේට වඩා මහින්දගේ කපටි මොලේ ගව් ගානක් ඉදිරියෙන්ය. ඩිප්ලොමැට් කියන්නේ ඒවාටය. ඒවා කරන්න, මහන්තත්තේ ඔළුවේ තියා ගෙන නම් බැරිය. එයා ඩොන්ල්ඩ් ට්‍රම්ප් නොව, අම්මට සිරි ලංකාව නම් අමු ගෝත්‍රිකයන් පිරිසක් වසනා, හිඟන දූපතක අගමැති බව, එයා වටහා ගත යුතුය.

මේ කියනා ක්‍රමයට ඉතිරි අවුරුදු දෙක කරන්න බැරි නම්. ඉතිරි අවුරුදු දෙකත් බය නැති අගමැති ලෙස උන්නාට, පක්ෂ නායකත්වය සජිත්ට දීලා, දිනන්නට හෝ පරදින්නට, 2020 ඝෝඨා සමඟ සටනට, "සජිත්" ලක ලෑස්ති කරනා එක බොහෝම හොඳය. රනිල්ට බෑ කියා අසනවාට වඩා, ඌ මාර පොරක් කියා ජනතාවගෙන් අසා ගෙන, යන ගමනක් යන එක, අවිචී මහා නරකාදියට ගියත් ප්ලස් මාක් එකක් මිස මයිනස් මාක් එකක් නම් වෙන්නේ නැතිය.

ඒ වගත් මෙසේය...

80 comments:

  1. Replies
    1. මාතලං වගෙ යහපාලනේට කඩේ ගිය උන්දෙලා හේතු දක්වනකොට අමූතු මෙවුවා එකක් තියනව ඕයි..

      Delete
  2. you are dreaming ....?
    wake up man.. Wake up.....

    ReplyDelete

  3. AFTER LONG TIME I READ YOUR PATTA LETTER MATHALAN BRO.

    ReplyDelete
  4. ඔන්න තොපි කරගනිල්ල කියල ....විපක්ෂ ට ගිහිල්ල ජනාධිපති වරනෙදි ගේම ගැහැව්වනම් හරි....සිරා රනිල් ට කරන්න දෙන්නැ

    ReplyDelete
    Replies
    1. 2020 දි කස්ටියටම අතේ තමයි ගහන්න වෙන්නේ

      Delete
    2. මාතේ උඹට පිස්සුද ?
      මේ චන්දෙන් රනිල් දිනුම්, මෛත්‍රී පරාදයි. මහින්දට ඇපත් නැහැ. රනිල් මේ අවුරුදු 3 කරපු දේවල් දිගටම කර ගෙන ගියොත් 2020 දිනන එක කජු කනව වගේ.
      මීට

      ලෝටස් අජ්ජ

      Delete
  5. ඔන්න තොපි කරගනිල්ල කියල ....විපක්ෂ ට ගිහිල්ල ජනාධිපති වරනෙදි ගේම ගැහැව්වනම් හරි....සිරා රනිල් ට කරන්න දෙන්නැ

    ReplyDelete
  6. anunta gothrika kiyana ubath ranil wage uge jathiye gothrikayek

    ReplyDelete
  7. //දැන් ෂේප් කරගන්න ඕනා, සිරිසේන හෝ එයාගේ පිස්සන් රැළ නෙමේය. ඇමරිකන් , ඉන්දියන් හා චීන තානාපතිලා සෙට් එකය.// දැන් විතරක් නෙවෙයි මොකා ආවත් මුලින්ම කරන්න ඕනි මේ ටික නෙවෙයිද? :)

    ReplyDelete
  8. හරි යන්නේ නෑ. දැන් කරන්න තියෙන එකම දේ තමයි සිරිසේන මහත්තයයි, රනිල් ලොක්කයි ගිහින් චතුර සේනාරත්න මුන ගැසිලා එක්ස්පර්ට් පොලිටිකල් ඔපීනියන් එකක් ගන්න එක. හැබෑට දැන් කෝ මේ චතුර මහත්තයා?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටින්... එයා එන්නේ අන්තීමට

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. විදුලි බල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම එහි පාලකයින් විසින් හිමි කර ගැනීමට විරුද්ධව FCID එකට කරන ලද පැමිණිල්ල යට ගහගෙන ඉන්නේ රනිලා හා සාගල. සාග්ලයාගේ පාඩු ලබන තේ කර්මාන්ත ශාලාව වැඩි මුදලට වික්කේ එල්. ටී. එල් එකට.මී වගේ වැඩ කරන රනිලා මහත්තයෙක්ද ? රනිලත් පල හොරෙක්. රනිල්ට ඕනි ටයි කොටේ දාගෙන හොරකම් කරන්න.
    මක බෑ වෙන්න ඕනා ඕකුන්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම්මම වෙන්න ඕන

      Delete
  11. ranil ayin karanne nathuwa karanne mona reddakda yako

    ReplyDelete
  12. AYIN KARANNA BAA YAKKOOO EKAWA

    ReplyDelete
  13. කරන්න තියෙන්නේ එක දෙයයි
    සිංහාසනයක් හදලා එක උඩින් ගහන්න ඕන ලංකාවේ එකම රජු කියලා
    ඒ පුටුවේ රනිල් වාදී කරවන්න ඕනා
    එතකොට එකාගේ ආසාව ඉටු වෙනවා.
    එතකොට ප්‍රශ්න ඉවරයි.

    ReplyDelete
  14. සරළ තුමාටත් තාම මොළේ පෑදිලා නැහැ.
    ජම්පරේ ඇඳගෙන ඇතුලේ ගිහින්, තනියම නෙවෙයි දූ සිඟිත්තත් එක්කම , ඩබ්ලි මලයාගේ වී මෝලෙන් 'කාල්ටන් සහල්' ලොරි පිටවෙන කොට පෙරහැර ගිහිල්ල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. පට්ට ප්‍රෙඩික්සොන් එකක්

      Delete
  15. මහින්ද හොරා

    ReplyDelete
    Replies
    1. ඔප්පු කර නොමැත. එම නිසා ඔහු හොරෙක් නොවේ...

      Delete
  16. ඔය ඔක්කොටම ඔහොම ඉන්න කියල ජනතාව ඉල්ලලා අස්වෙන්න ඕනේ!

    ReplyDelete
  17. මාතා,

    මුලින්ම කියන්න ඕනේ රනිල් කවුද කියල සහ ඔහුගේ හැකියාවන් මොනවද කියල, රනිල් කියන්නේ තනිකරම කළු හමක් තියන සුද්දෙක්, ඔහු සිතනුයේ බටහිර රටවල් ඔහුගේ හැකියාවට නම්මවාගන්න පුළුවන් බවයි, ඔහුට යම් තරමකට එසේ කිරීමට හැකියාවක් නොතිබෙනවා නෙමෙයි, නමුත් තම චන්දදායකය්න් ගැන කිසිම අදහසක් නැතුව මෙය මෙම පොලවේ පැල කල නොහැකියි.

    රනිල්ට තිබෙන දක්ෂකම නම් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තුලයි අද වන විට රාජ්‍ය අංශයේ පරිගණක ගතකිරීම මෙපමනවත් සිදුවී ඇත්තේ රනිල් නිසා බව බොහෝදෙනා නොදනී, රනිල් ට යම් අමත්ය්යන්ෂයක නිලදාරියකුගේ කාර්යබාරය අදාළ ආයතනය අරමුදල් සම්පාදනය කරන අයුරු අදාළ ආයතනය විගණනය වන අයුරු ගැන දැනුවත් දැනට සිටින එකම දෙසපාලකයා කිව්වොත් වරදක් නෑ, රණසිංහ ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන විශිෂ්ට චරිත හැරුණු විට මෙම ක්‍රියාවලිය ගැන දැනුවත් එකම පුද්ගලයා රනිල් වියහැකියි.

    සාමන්යෙන් රජයේ අමත්යන්ෂයක නිලදාරීන් රැකියාවෙන් ඉවත් කිරීම ඇමතිවරයකුට උනත් පහසු කාර්යක් නෙමෙයි, මහජනයා නොදන්නා ආයතන සංග්‍රහය නීති සම්පාදනය වී ඇත්තේ සාමාන්යෙන් වැඩක් නොකර සිටීමට හැකි වන විදියටයි, මේ නීති වෙනස් කිරීමට විරුද්ධ මේ නිලදාරීන් පමණක් නෙමෙයි සියලුම අමත්යන්ශවල සිටිනවා අදාළ අමතයංශය මෙහෙයවන කර්මාන්ත අංශයේ විවිද කර්මාන්ත කරුවන් ඔවුන් මේ නීති නව කර්මාන්තකරුවන් ඇතිවීම වලක්වන අතර තමාට වෙළදාම පහසු කිරීමට උවමනා නීති දේසපාලුවන් මගින් ක්‍රියාත්මක කරවාගනු ලබයි.

    මෙවැනි සංකීර්ණ තත්වයක සිරිසේන ගේ රජය මෙහෙමවත් යන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති මතයි, මෙහෙම රනිල් සුදු චරිතයක් නෙමෙයි ඔහු මහා බැංකු වංචාවට කෙලින්ම සම්බන්ද පුද්ගලයයි, ඔහු මේ වංචාවට සහබාගි නොවෙන්න සෑහෙන ප්‍රතිපත්ති තීරණ ප්‍රමාණයක් ඔහු ගනු ලබනවා, අවාසනාවට මේ සියල්ල සිරිසේන පාර්ශවය කණපිට හරවනවා මේ ටික මේ මිනිසුන් තේරුම් ගන්නේ නෑ.

    මම නම් දකින්නේ ඉදිරියේ ආර්ථිකය තුල විශාල කඩාවැටීමක් වීමට නියමිත බව කල්පනාවෙන් බැලීමේ දී පෙනෙනවා, සරලව කිව්වොත් ලෝක බැංකුවෙන් සහ අන්තර්ජාතික මුල්‍ය අරමුදල ලබාදුන් ණය මේ වනවිට නවතා තිබෙනවා, ඔවුන් කියන්නේ ස්ථාවර රජයක් උවමනා බවයි මේ බවයි ඉන්ද්‍රජිත් මහතා ඔය කියන්නේ. මේ තත්වය ඉදිරි සති 2 දී නිරාකරණය නොවුනොත් දැනට පවතින විනිමය අනුපාතය තව රුපියල් 2 කින් පිරිහෙන්න පුළුවන් මේ අගය ඉදිරි ආනයන අඩුවී විශාල භාණ්ඩ හිගයක් වෙලදපොලේ ඇතිවීමට නියමිතයි.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      අද බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නය මහින්ද පාර්ශවය ජනාදිපතිවරණයකදී 50% දිනන්නේ කෙසේද යන්නයි.

      ජ වී පෙ , ඒ ජා පා , නි ප මේ ඔක්කොම ජනදිපතිවරණයකදී එක පැත්තක්. මේ යන විදිහට ජනාදිපතිවරනයක් දිනීමට නම් පොහොට්ටු පක්ෂය තුල විශාල වෙනස්කම් ප්‍රමාණයක් කල යුතුව ඇත.

      රාජපක්ෂවරුන් ඉවත් කිරීම මේ අතරින් ප්‍රදාන වේ නෙපොටිස්ම් වලට ජනතා විරෝදය ඊට හේතුවයි. රාජපක්ෂ සහෝදරවරුනි/ දරුවනි දැන්වත් ජනමතයට හිස නමා දේශපාලනයෙන් ඉවත් වෙන්න කියන්න.

      Delete
    2. ආර්ථිකේ නෙමෙයි ඇට දෙකත් කඩාගෙන වැටෙනවා මොකා අගැති උනත් මේ යකා ජනාධිපති වෙලා උන්නොත්...

      Delete
  18. යකෝ මුන් අළුත් හොරු කියමු, ඒත් අවුරුදු 3ක් යද්දි පරණ හොරා හොඳ වුනේ කොහොමද?

    දැන් ප්‍රාදේශීය සභාව දිනපු මහින්දය අගමැති වෙන්න හීන දකිනවා, ඇයි අපිට කරන්නද? නෑ තමන්ටයි, පවුලටයි, හෙන්චයියන්යි කරන්න (කරපු හොරකම් වහ ගන්න සහ ඇරියස් කවර් කරන්න)

    මේ හිගන දුපතේ ඉන්න කාලකන්ණි ගෝත්‍රිකයන්ගේ දේශපාලන දැනුමේ තරම නිසා මුන්ට කෙසේ වෙතත් ජනතාවට ඉල්ලා අස්වෙන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම මුල බෝනික්කා
      කියලා බනිනව ලොකු අක්කා

      සිරිසේන කියන්නෙ, මහින්දව එලවන්න ඕන වුන නිසා ගෙනාපු හාල් කෑල්ලක්. දැන් එතකොට මේ ඔක්කොම උනේ උන්දෑ නිසා ද?

      රනිල් කරපු එක ටැන්ජිබල් වැඩක් කියනවද?

      ලංකාවෙ දේශපාලනය බුරුව කුට්ටමක් නං, රනිල් තමා ජෝකර්. රනිල් එජාපයත්, රටත් දෙකම නැතිකරනවා. ලංකාවෙ දූෂණය, භීෂණය නව මානයකට ගෙනිච්ච අර නීලකාස හොරා තව හොඳයි කියන්න තරම් අපි අවාසනාවන්ත වුනේ ඇයි කියලද හිතන්නෙ?

      මේ බයිල කිය, කිය කටින් බතල හිටවමින් හිටිය වගේ, ඉස්සරහටත් මුකුත් වෙන්නෙ නෑ. ඕන්නං චන්දෙ කිට්‍ටු කරල, චන්ද ගුංඩුවක් අරීවි. එච්චරයි.

      Delete
    2. //ඒත් අවුරුදු 3ක් යද්දි පරණ හොරා හොඳ වුනේ කොහොමද?//

      මේ ආණ්ඩුවට බැරිවුනේ හොරු අල්ලන්න විතරද? පෝර ටික වෙලාවට දෙන්න බැහැ, පෙට්‍රල් ටික වලාවට ගෙන්න බැහැ, කෝටි දෙකක් මිනිස්සු එකතුකරලා දීලත් පෙට් ස්කන් එක ගෙන්න අවුරුදු 2ක් ගියා. ඉතින් මුන්ට මොකට චන්දෙ දෙනවද?

      //මේ හිගන දුපතේ ඉන්න කාලකන්ණි ගෝත්‍රිකයන්ගේ දේශපාලන දැනුමේ තරම නිසා මුන්ට කෙසේ වෙතත් ජනතාවට ඉල්ලා අස්වෙන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි//

      මා හට 2015ට පෙර නම් මෙයට එකඟ විය හැකිව තිබිනි....

      නමුත් පසුගිය අවුරුදු තුන ඇතුලත මේ එජාප අම්බරුවන් රැස කල වැඩ මෙන්ම ගත් තීරණ, රාජ්‍ය මූල්‍ය ආයතනයක සේවය කරමින් (මහබැංකුවේ නොවේ) පෞද්ගලිකවම අත්දැකි බැවින්, දැන්නම් මෙයට කිසිසේත් එකඟ නොවෙමි.

      Delete
  19. " 2020 ඝෝඨා සමඟ සටනට, "සජිත්" ලක ලෑස්ති කරනා එක බොහෝම හොඳය. "
    තවමත් මහන මැසින් බෙදන සජිත් ව ලක ලෑස්ති කරන්නෙ... ඇයි 2015දී රජතුමා පරද්දපු රනිල් ට බය ද ?

    ReplyDelete
  20. මම දැනගන්න අහන්නේ,
    ජනාධිපතිට අගමැති අස්කරන්න බලය නෑ.
    නමුත් නව අගමැති වරයෙක් පත්කරන්න බලය තියෙනවා.
    එතකොට කලින් අගමැති නිකම්ම බල රහිත වෙනවා.
    2015 දී වුනේ මේක.

    ReplyDelete
    Replies
    1. ඒතර කාළය තුල වියවස්තාව වෙනස් උනා මේයා..

      ඔයා නිදාගෙන ඉන්න ඇති...

      Delete
  21. 100% true mathaa...sira wage kelehiguna danne nathi ekek thamai lankawe deshapalanayata hariyatama galapenne.bt mahinda kelinna gaththama sira jeewathun athara wath idida sure na.eth eka sirata therenne nadda?nattan balayen math wela mahinda lan karan goda yanna hithanawada?kiyala denna mathaa

    ReplyDelete
  22. ane pakoo dan kiyanne janadhipathikama aragena dunna nisa ranilta and unge yahaluwanta rata mankollanna denna ona kiyalaada ? ekada kelehiguna kiyanne

    ReplyDelete
    Replies
    1. ඔව්... මොකෝ අනික් උන් ආවත් කොල්ලකන එකමනේ කරන්නේ..

      Delete
    2. ඇයි තෝ කියන්නේ මහින්දට විතරයි කොල්ලකන්න පුළුවන්? යුන්පි අපි කොල්ලකෑවොත් කැවෙන්නේ නැද්ද? යුන්පි අපිට මොකටද යකෝ රටක්.... අපේ පක්ෂේ කොහොමත් රටක් ගැන හිතපු නැති එකේ දැන් මොකටද... ඒ වගේද අවුරුදු ගානක් චාටර් කාලා අපි කියක් හරි හොයාගන්න හැදුවම උඹලට මාර අමාරුයි.... පලයන් යකෝ! අපි මේ රට කොල්ලා කනවා ආයේ තොපිට නැතිවෙන්න.

      Delete
  23. "මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හැර එක සිරි ලංකා කාරයෙක්කත් මේ රටට කරපු දෙයක් ඇත්තේ නැතිය."

    වැඩිය වචන නාස්ති කරන්න ඕන නැහැ මාතලන්, කෙටියෙන් කියනවනම්, උඹ මහ ගොනෙක් !

    ReplyDelete
  24. නියමයි

    ReplyDelete
  25. යූඇන් පියට මේ මොහොතේ රනිල් හැර වෙන විකල්පයක් නැත. දෙවැනි පෙළක් ජේ ආර් ගේ කාලයේ හැර අන් කවර කලක වත් තිබුනේ ද නැත .මේ මොහොතේ රනිල් වෙනුවට සිටිනා සජිත් කරූ වැනි විකල්ප වලට මහින්දට තබා නාමල්ටවත් අභියෝගයක් වන්නට නොහැකි .ඔවුන් ජය ගන්නට නම් සිරා දිනූ පොල් ලෙල්ලක් දැම්මත් දිනන ජාතියේ රැල්ලක් නිර්මාණය විය යුතුය. නමුත් දැන් රැල්ල මහින්දගේ ඉවුරට ගහන තත්වයක් තුල ඒ නම් හීනයකි.එක්කෝ යූඇන් පිය උද්දච්ච මුරණ්ඩු රනිල්ව ආම්බාම් කර ගනිමින් මහින්දට බැටන් එක නොදී සිරාව බැලන්ස් කිරීමේ ගේම ගැසිය යුතුය. නැත්නම් රනිල්ව පන්නා අලුත් තරුණ නායකයෙකු ( එවැන්නකු වේදැයි සැකයකි ) සමග ලෝන්ග් ටර්ම් ගමනකට මුල පිරිය යුතුය.රාජපක්ෂලාට බැටන් එක ගිය පසු නැවත ලබා ගැනීමට නම් කොහොමත් සෑහෙන කාලයක් බලා සිටිය යුතුය. මේ මොන නෙයියාඩ ගම උනත් ලංකාවේ ජහමනයා තේරුම් ගත යුතු එකම දේ නම් ලංකාවේ වර්තමාන දේශපාලනය යනු බලය ලබා ගැනීම සඳහා සහ එය පවත්වා ගැනීම සඳහා ඕනෑම දහජුරාවක් කරන අසික්කිත ගේම් එකක් පමණක් බවයි. මේ එකෙකුටවත් රට ගැන ජනතාව ගැන ඇල් පෙනෙත්තක කැක්කුමක් නැති බව තේරුම් ගැනීමට චන්දයෙන් පසු ගතවූ පසුගිය සතිය හොඳටෝම ඇතිය.රාජපක්ෂට ජනතාව ගැන කැක්කුම නම් අගමැති කම ගෙන ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කරන්න පුළුවනි නොවේදැයි අසන්නට පොහොට්ටුවට චන්දය දුන් ජහමනයා කල්පනා කල යුතුය.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවක් නැත්නම් අව්ලක් නෑ...අප්පිරියයි.

      කොහොම වැරදි හදාගන්නද...? ලොකුම වරද රට පාවලා දෙන එකනෙ....මුන්ට පුළුවන්ද ඒ වරද ජීවිතෙට හදාගන්න...

      සඳමාල් - මිලානෝ

      Delete
    2. මෙහෙමවත් යන්නේ රනිල් නිසා කියන කතාව ඇත්ත...

      ඒත් ඉතින් මෙහෙම ගියෝත් එයාට ගෙදර නවතින්න වෙන දිනේ වැඩි ඈතක නෑ...

      Delete
  26. ///රනිල් අස්වෙන්නේ රෙද්දටද...? ///

    එජාපයේ පවට ලැබුනු නායකයා එහෙමත් යයිද? පක්ෂයත් කාලා, රටත් කාලා තව මදිපාඩුවට අපිවත් මරාගෙන කාලම පල ! හෙණ ගහල මදි තොපිට....

    ReplyDelete
  27. මමනම් හිතන්නෑ මාතේ හිටං රනිල්ව අයින් කරයි කියලා. හිටං දැන් හදන්නෙ දුමියාවයි තව ඇමති 5-6 ක් හරහා නිදහස් පක්ෂයට බලය ලැබෙන එක නවත්වන්න.

    හිටංගෙයි රනිල්ගෙයි තියෙන්නෙ සංකීරණ දේශපාලන බැදීමක්..!

    ReplyDelete
    Replies
    1. හිටන්ට අයින් කරන්න ඕන හිටන්... ඒත් ඌට ඒක කරන්න බෑ... සිරි ලංකා නිදහස් පක්ෂයෙත් මනුස්සකම් දන්න කීප දෙනෙක් ඉන්න නිසා... ඌට ඕන දේ කර ගන්න බැරි වෙයි...

      මෙතන තියෙන්නේ දේශපාලනය පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි... මිනිසත් කම පිළිබඳ ප්‍රශ්ණයක්...

      Delete
  28. මාතලං

    ඔබ මෙතන නියම ප්‍රශ්නය කතාකරලා නෑ...

    01. අද වනවිට ශ්‍රීලංකාවට ලෝක බැංකු වෙනුත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලිනුත් ණය ලබාදී ඇති වැඩසටහන් නතරකර ඇති බව ඔබ දන්නවද?

    02. ශ්‍රී ලංකාව ආයෝජනයට භයානක රටක් ලෙස වර්ග වී ඇතිබව ඔබ දන්නවද?

    03. පසුගිය චන්දයෙන් පසු විනිමය අනුපාතිකය වේගයෙන් පිරිහෙන බව ඔබ දන්නවද?

    04. තව ඔබ දන්නවද විදේශ ආයෝජකයෝ ඔවුන්ගේ මුදල් ඉවත්කරගන්න බව, ඔබ දන්නවද තව ඩොලරය පිරිහුනාම ආනයනකරුවන් බහුතරය ආනයනය නවත්වන බව (ඔවුන්ට අදාළ භාණ්ඩය මෙරට ගෙන්වා විකුණා ලාබලබිමට බැරිවන නිසා )

    මේ ප්‍රශ්න තිබියදී රනිල් මොකද්ද මේ කරන නැටුම ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ අංක 1,2,4 නම් ඔව්

      අංක 3 ගැන කියන්න තියෙන්නේ කබරාල ඩොලර් එක පාවෙන්න ඇරලා 130 ගනන්වලට ආවට පස්සේ පාවෙන්නේ දෙන්නේ නැතිව බලෙන් තියාගෙන උන්නේ.. ඒක නිසා තමයි මහින්දට ගෙදර යන්න උනෙත්.. දැන් තියෙන්නේ ඩොලරයේ නියම වටිනාකම.. ඒක තමා ඇත්ත තත්වය.. ඒක කෙටි කාලිනව අවුලක් වෙයි... නමුත් දීර්ඝ කාලිනව හොඳ දෙයක්...

      රනිල් ඔය අවුරුදු 2 නටලා ගෙදර යයි.. සදාකාලිකව... ආර්ථිකය හදයි කියලා හිතුවට.. ආර්ථිකය කෑවා... ඒ ගැන කිසි මත ගැටුමක් නෑ...

      Delete
    2. "පාවෙන්න ඇරලා 130 ගනන්වලට ආවට පස්සේ පාවෙන්නේ දෙන්නේ නැතිව බලෙන් තියාගෙන උන්නේ.."

      ඔය කියන දේ උනා නම් කොහොමද 2015 දි රනිල්ට ඩොලර් බිලියන 8 කට වඩා විදේශ සංචිත බාර දුන්නෙ ? ඔය ඉලක්කම නිවැරදියි කියල ගෙදර කුලිය ගෙවන්නේ කවුද දන්නෙ නැති මුදල් ඇමති රවී පවා පිලිගත්තා. සාමාන්‍යයෙන් ඔය දෙකම එක වර කරන්ඩ බැහැ. රනිල්ගෙ අවුරුද්දක් යන කොට ඩොලර් එක 150 ට ගිහින් විදෙස් සංචිත බිලියන 6 කට බැස්ස. ඉන්දියාවෙන් currency swap එක කලෙ නැත්තන් බි. 5 ක් දක්වා වැටෙනව

      මහින්ද ආර්තික විද්‍යාව දන්නෙ නැති බව මහින්ද දැනන් හිටියා. ඒ නිසා එම දැනුම තියෙන පීබී සහ කබ්‍රාල් දෙන්නට වැඩේ බාර දුන්නා. වරෙක හර්ශ සිලවත් කිවා " We must respect their professionalism " කියල

      පොතක් පතක් කියවල ආර්තික විද්‍යාවේ වචනයක් 2 ක් ගලපල කතා කරන්ඩ පුලුවන් වුනාට රනිල් දන්න කෙහෙල්මල් ආර්තික විද්යාවක් නැහැ. නමුත් මිනිහ වටේ ඉන්න හෙන්චය්යො ටිකයි මිනිහගේ මස්සිනාගේ පත්තර සෙට් එකයි මිනිහගේ දැනුම ගැන කියල උඩින් තියල පිම්බුව. මේ මෝඩයත් එකසිය ගානට ඇඳ ගෙන රටේ ආර්තිකය මෙහෙයවන්ඩ ගත්තා. මුලු රටේම ආර්තිකය හොම්බෙන් ලෑන්ඩ් උනා.

      Delete
  29. රනිල් අස්වෙන්නේ මොන ප*ටද? මිනිහා තමයි රටේ ආර්ථිකේ හදන්න ඉන්න නියම මොළකාරයා. සල්ලි වැඩි හින්දා මහා බැංකුවට මුකුත්ම කලේ නැහැ. ඒ වගේද කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ වහලා මෙහෙ දැම්මේ. තව රටේ පරිසරය වනසන ඉලෙක්ට්‍රික් කාර් වලට දුන්න බැටේ. හැබැයි කොල්ලා 89-90 කාලේ කරපු ජනගහනය අඩු කරපු මෙහෙයුමත් එක්ක මහින්ද මොකෙක්ද? මිනිහා ගාව සැහෙන්න ආර්ථික සැලසුම් තියෙනවා. ඒවා එලියට දාන්න බැහැ එකපාරටම. අගයක් නැහැනේ. එක හින්දා රට නගාසිටුවන්න අනුර කුමාරටත් රනිල්ටත් තව අවුරුදු 100ක් දෙන්න ඕනේ කියලා මගේ අදහස. උන්දෙන්නා මේ රට නැගිට්ටවනවා කොහොමද දන්නවද.... මහින්දගේ උන්ට රෙද්දේ රෙවෙන්න...

    ReplyDelete
  30. https://nihalw.wordpress.com/2018/02/17/පළා-බබා-4/

    ReplyDelete
  31. මාතලන් බොස්. ලංකාවේ දේශපාලනයනම් දැන් හරියටම බොග පැකට් එකක් වෙලා. කොහොමත් මේ බොග වල සුද්ද කරන්නනං රනිල් ව රිප්ලේස් කරන එක බොහොම නරක දෙයක්. අනික රනිල් රිප්ලේස් කොරල අර බතල කොට කිරා පාල අගමැති කරනවට වැඩිය හොඳයි අගමැති කමත් මයිත්‍රී ම තියාගන්න එක.

    අනික....., යකෝ පැරදුනේ මයිත්‍රී ගෙ පක්ෂය. එත් රනිල් එළවන්නේ, තනියම ආණ්ඩු හදන්න ට්‍රයි කරන්නෙත් මයිත්‍රී.. මේක නං ලොක්ක පට්ට හිලේරියස් ජෝක්ස් එකක්.

    හනේ මන්දන්නේ නෑ බං මේ එක එක පඟරනැට්ටෝ වොයිස් කට් දි දී කියනව හරිම ආඩම්බරයෙන් දේශපාලනික සහ ආර්ථිකමය අතින් රට අස්තාවරයි කියල. මටනං ඒක තේරෙන්නෙ, මිනිහ කියනව උගේම ගෑනි උගේම වරද නිසා පිට යනව වගේ කියල.

    මුන්ගෙ තියරිය හැටියට රට අස්ථාවර වෙන එකත් උන්ට හෙන ගැම්මක්. නොදකින් නොදෝමකින් මුන්.

    තු........හ් නොදකින් මේ දේශපාලනය....

    😡

    ReplyDelete
    Replies
    1. කලිනුත් කිව්වා වගේ රාජපක්ෂ සෙට් එක හැර... සිරි ලංකා එකෙක් රට කරපු හැම වෙලාවෙම රට කෑවා...

      Delete
    2. මාතලන් සිරි ලංකා නිදහස් පක්සය කියන්නෙ බන්ඩාරනායක මැතිතුමාගෙ ලෙයින් සහ මැතිනියගෙ කඳුලින් පෝශනය උන පක්සෙ හරිය

      Delete
  32. අඩෝ මාතලන් උඹට හදහන් බලන්න පුළුවන් නෙ මාමණ්ඩි ගෙන් දෑවැද්දට ලැබුන සාස්තරෙන් , බාගෙට ඉගෙනගත්තා උනත් කියහන්කෝ බොට මොනාද එකෙන් රටේ වෙන්නේ කියලා පවුල යවපන් අංජනම් දෙවී වගේ රට වටේ විස්තර හොයාගන්න එක්ක

    ReplyDelete
    Replies
    1. හා කියන්නේ කරලා පෙන්වපන් ,බයිලා කියනවනම් ඒවාට නටලත් පෙන්වපන් මොලන් පාර්ක් දාගෙන හරි අපිට සතුටු දැන් !!!!!!

      Delete
  33. dala yayi kiyala thamayi baya..
    UNP eke democracy gana podi ewunta dana ganna niyama awasthawa...

    ReplyDelete
  34. 2020 පයිට් එකට ගොඨා ට වඩා හොඳ ට්‍රම්ප් කාඩ් එකක් මහින්දට තියෙනවා. ඒ රාජපක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් දැනට ඉන්නේ ගොඨා. ගොඨා ට ගොඩක් අය කැමති වුනාට ලකුණු කැපෙන පැති තියෙනවා. ඒ නිසා මහින්දගේ මේ ප්ලෑන් බී එක එළියට දාන්න අවස්ථාව වැඩියි. බලාගෙන ඉන්න ඒ කව්ද කියලා.


    හැබැයි UNP එකට නම් දාන්න කෙනෙක් නෑ... සජිත් හරියන්නේ නෑ... සජිත්ගේ පර්සනැලිටි එක කොහොමත් මදි. ඉන්නේ කරු... හැබැයි පහුගිය කාලේ රනිල්ම කරුට කපපු නිසා ඒකත් ෂුවර් නෑ... ඒ නිසා හරි නැති වුනත් සජිත්ව තමයි ගේන්න වෙන්නේ. සජිත්ව ගේනවානම් මහින්දගේ අපේක්ෂකයාට ගේමක් දෙන්න ලේසි නෑ. ඒකට ආර් ප්‍රේමදාසගේ ගුණ ගායණා කරලා පටන් ගන්න වෙනවා. අනිත් එක සජිත්ට ටිකක් වැදගත් විදිහට කතා කරන්න කියලා දෙන්න වෙනවා. ගමේ ගෑණුන්ට මැෂින් බෙදලා දෙන එකයි, කරෝලිස් ආතාට පෙට්ටි කඩයක් දාගන්න සල්ලි දෙන එකයි නෙවෙයි දේශපාලනේ කියන්නේ කියලා පොරට කියලා දෙන්න වෙනවා. ප්‍රේමදාස 100 නම් සජිත් තාම 10 යි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න