.

.

Feb 27, 2018

වඳ පෙත්ත හා ගොන් හැත්ත - Pills for bulls




ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අරමුණයි 
- මංගල සමරවීර -

මේ කතාව කියලා එක දවසයි ගියේ. වඳ පෙත්තක් කෑමට දැම්මා කියලා බෞද්ධ මී හරක් අම්පාර ගිනි තියලා. පට්ට සීන් එක කියන්නේ, සංහිඳියාවද මොකක්ද රෙද්දක් ගේනවා කිව්ව ආන්ඩුවක් යටතේ මේවා වෙන එක. සිරිසේනට අනුව, මේ තමයි නියම සිරි ලංකිකයෝ, රණවිරුවෝ, වීරයෝ, යෝධයෝ.. ඉතින් උනුත් කිසි අවුලක් නැතිව ගේම් දෙනවා. ගේම් දීපු එකෙක්ටවත් අද් වෙනකන් කිසිම දඬුවමක් දීලා නෑ.. ඒකෙන් ව්‍යාඝ්‍රා ගැහුවා වගේ කිසිම බයක් නැතිව ෆෝම් වෙන සැදැහැවත් බෞද්ධයො, යම මහා පෙලහර පානවා. 

මේ කාළකන්නි රජයට උවමනාවක් තියෙනවා නම්, මේ වීඩියෝ එක රෙකෝඩ් කල එකා හොයන්න යන්නේ සුළු වෙලාවයි. උන්ට ලංකා ඊ නිව්ස් තහනම් කරන්න පුළුවන්. මේවා තහනම් කරන්නත් බෑ.. අර්ජුන් ඇලෝසියස් කෝල ගත්ත උන් හොයාගෙන ලිවේරලාත් එක්ක තප්පුලන්න පුළුවන්. මෙව්වා බෑ. බුද්ධි අංශෙට අංශ භාගේ.. පොලීසිය භාවනා කොරනවා.. පන්සල රට ගිනි තියනවා.. හොයා ගන්නත් බෑ.. හොයා ගන්න උවමනවකුත් නෑ.. මුන්ගේ බැරි බැරියාව කවර් කර ගන්නේ මේ වගේ කාළකන්නි ආතල් වලින්..

අඩු ගානේ රටේ ආර්ථික සංවර්ධනයක් කරන්න බැරි නම්.. ඇති කරනවයි කියාපු සංහිදියාව වත් ඇති කරපල්ලා.. ඇත්තම්යි තොපිට මුකුත්ම බෑ.. තොපි ඇවිල්ලා වඳ වෙච්චි දේසපාලුවෝ පිරිසක්.. 

මේ වඳ පෙත්ත ගැන මාතලන් බුකියේ තැබූ සටහන් කීපයක්..


----------------------------------

නොබෙල් තෑග්ග ලංකාවට

වයිජ්ජ විජ්ජාව පිළිඹද මෙවර නොබෙල් සම්මාණය. 
වද පෙත්ත සොයාගත්
 අංපාර සිගිති බෝසත් ලමා සමාජය වෙත පිරිනමා ඇති බව.

මේ දැන් රොයිටර් මට කීවෙමු.
ඔබ සැමට බුදු සරණයි..
හදවතින්ම සිරි ලාකිකයි ඩෝ
සිංහ ලේ මදුරුවොන්ට ඉතරයි දෙන්නෙ ඩෝ

ටෞකන්ඩ දාලා

----------------------------------

ගස් වලට ගල් වලට බබ්බු දෙන්න පුළුවන්නම්

පෙත්තකට බැයිද ඒවා නවත්තන්න


- සිරි මහ බෝධිය අසල සිට වඳ පෙති දෙකක් බොමින් -

-----------------------------------

මටත් මී හරක් දහයක් පාලහක් ඉතර වීඩියෝව එව්වා

මම කිව්වා අනේ මචං අද ෆනී වීඩියෝස් බලලා ඇති වෙලා ඉන්නේ කියලා


හරක් උනත් යාලුවෝනේ බං

----------------------------------

ඒ කාළේ මට බඩුවක් සෙට් වෙලා උන්නා 
නිදා ගන්න එන්නෙම නෑ බබාලා හම්බ වෙයි කියලා බයේ
මම කිව්වා අපෝ ඕවට බය වෙන්න එපා බබා
අපේ අල්ලපු ගෙදර තම්බියා ගාව වඳ පෙති තියෙනවා 
ඒකෙන් දෙකක් ගත්තාම කිසි අවුලක් නැතෙයි කියලා

ඔය අස්සේ පලාත් පාලන චන්දේ ආවා
මම ඇහුවා බබා ඔයා කටද ඡන්දේ දෙන්නේ කියලා
ගත් කටටම ආඩම්බරෙන් කිව්වේ නැතෑ 

පොහොට්ටුවටෙයි කියලා

-----------------------------------

වඳ පෙති දෙන්න ඕන උන්
රටේ නායකයෝ උනාම

ඔහොම් සීන් වෙනවා මෙයා.

-----------------------------------

මේ වගේ හරක්ට වඳ පෙති නෙමේ දෙන්න ඕන..
ලාදුරු පෙති
ජුන්ඩා හැලෙන්න..

නෙද්දකින් ගොන් හරක්..

-----------------------------------

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤා.....යි
උඹට අං පාරෙන් වඳ පෙත්තක් ගෙනල්ලා දෙඤ්ඤා.......යි
කොළඹ දුවඤ්ඤා.......යි. අං පාරේ දුවාඤ්ඤා....යි
බයක් නැතිව හැමිනෙන්නට වඳ පෙති ගන්ඤ්ඤා.....යි


දිවුල් ගහෙන් බිමට බැස වඳ පෙත්තක් බොමින්

---------------.oOo.-----------------

40 comments:

  1. //ගෝත්‍රික මත පරදා නවීන ලොව ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම// ඉන් දිස් සිරි ලංකා. සෑෑෑහෙන කාලයක් යයි.

    ReplyDelete
    Replies
    1. අනේ මාටලං තෝ දන්න වද පෙති.

      තොගෙ මංගලයයි රනිලුයි රෝයල් කොලීජි යනකාලෙ තම්බියෙක්ගෙන් වද පෙතිදාපු බොම්බයි මොටයි කාල ටමයි වදවෙලා තියෙන්නෙ.

      Delete
    2. මේක කවදාවත් හැදෙන රටක් නෙමෙයි ප්‍රසන්නයෝ

      Delete
  2. මම මේකෙන් පොඩි කෑල්ලක් මූණූ පොතට උස්සනවා... කමක් නැද්ද?

    ReplyDelete
  3. අනේ අපි කාවදාක ගොඩ යයිද හිතාගන්නට නම් බෑ

    ReplyDelete
    Replies
    1. මේක කවදාවත් හැදෙන රටක් නෙමෙයි

      Delete
  4. මාතා,

    මෙතන වද පෙත්ත ගැනනම් වචන දෙකක් නෑ මුන් ගේ ගොන් කම්

    හැබැයි // අර්ජුන් ඇලෝසියස් කෝල ගත්ත උන් හොයාගෙන ලිවේරලාත් එක්ක තප්පුලන්න පුළුවන්. //

    මේ කතාවනම් ඇත්ත නේද ලොක්ක? අද අර්ජුන් මහේන්ද්‍රන් ගැන වග කියනවයි කිව්ව අගමැති කියනවා දැන් වගකියන්නේ නෑලු
    රට යනකොට කිව්වා ඒ යන්නේ මගුලකටයි කියල ගිහින් එයි කිව්වා, දැන් උන්දැව හොයාගන්න බෑ.

    අද වෙනකොට මේවගේ මිනිහෙක් නිතිය සහ සාමය ඇමති වෙලා. යකෝ එක මරි වැඩකින් තව මරි වැඩක් හිලව් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් මම දැක්කා අර සත් ගුණවත් ඩලස් කියනවා

      බැංකු හොරා ගේන්න කියලා අගමැතිටයි, ජනපතිටයි බ්ල කරනවය හියලා..

      ඌට් අපොඩ්ඩක් කියහන්කෝ ඊට වඩා ගේමක් වෙන

      මිග් ගේම් එකේ උදයංග ගෙනත් දෙන්නෙයි කියලා..

      Delete
    2. ගම්මන්පිලගේ කේස් එකේ පැමිනිලිකාර සුද්දගෙන් පැමිනිල්ල ලියා ගන්ඩ ලංකාවේ පොලීසිය ඔස්ට්‍රලියාවට ගියා. එහෙම එකේ ඔය සාක්කි ගන්ඩ ඉන්න කොස්සො සෙට් එකම පටවල කිවි වලට යැව්ව නම් එහෙ ලංකාවේ එම්බසි එකට ඇවිත් සාක්කි දෙන්ඩ පුළුවන් කියල උදයංග ලිකිතව උසාව්යට දන්වල තිබ්බා.ඒ වගෙම එහෙ මෑන් ඉන්න ලිපිනයත් එරටේ පවතින නීති අනුව පිලිගැනෙන ආකාරයට තහවුරු වෙන ලේකන උසාවියට ඉදිරිපත් කලා

      ආන්ඩුවට ඕනේ මිනිහා ගෙනල්ල රිමාන්ඩ් එකට දාලා පොඩි ස්ංදර්ශනයක් කරලා, 2015 කියපු දූශන කතා පිලිඅරන් චන්දෙ දීපු මාතේ වගේ ගෝත්‍රික බුවාලට පොඩි ආතල් එකක් දෙන්ඩ විතරයි. ඒ විදිහට සාකි අරන් ගිහාන් පිලපිටිය වගෙ බුවෙක් ඉන්න උසාවියකට නඩුව දලා මිනිහ නැතුව නඩු අහල වැරදිකාරයෙක් කරා නම් ඉන්ට්‍රපෝල් එකෙන් රතු නිවේදනය්ක් යවන එක බොහොම ලේසියි

      උතුරෙ අතුරුදන් වෙච්චි අයගෙ නඩුත් ස්කයිප් එකෙන් අහන්ඩ පුලුවන් විදිහට නීති හදපු එකේ මේවා සුළු දේවල්!!!
      නමුත් හිටපු හූඇන්පී මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් ගාව වත් නඩු අහල ඔප්පු කරන්ඩ බැරි බොරුවක් නිසා තමයි මේ වංගු ගහ ගහ ඉන්නේ

      Delete
  5. මාතලන් ඔය කොම්පියුටර් අයි පි එකෙන් ඇනොලා හොයපු උඹලා වගේ බ්ලොග් ලියලා ඇනො අල්ලපු ගොන් හැත්තට පුළුවන් නෙ බන් ඔය වැඩේ කරන්න වීඩියෝ ක්ලිප් එක දාපු එකා හොයාගන්න CID එවුන් මොකටද උන් පස්සේ යන්නේ. උඹ එක හොයලා කරලා ප්‍රසිද්ද කරලා මන් බ්ලොග් ලොවේ CID , GIG කියලා , " හා " කියලා කරලම පෙන්වපන් උඹ ප "කින්" පොරනේ ලක් දෙරණේ !!!

    ReplyDelete
    Replies
    1. ඒ පොන්නයෝ ටික අල්ලලා හෙලි කරලා කරන්න ඕන ඔක්කොම කරා නේ

      ඉතින් ඒකට උඹේ පුකේ ඉත්තෑවෝ ඔබා ගන්න එපා..

      Delete
    2. හා : ඉත්තෑවෝ නැතිව වෙන මොනවාහරි ඔබා ගන්නම් ! උඹ කියපන්කො ඒ පොන්නයෝ ටික හෙළි කර ගත්තනම් උන්ට ඉත්තෑවෝ කුරිය කරන්න උඹටත් එකක් එයි DHL කුරියර් එකෙන්
      ලන්ඩන්වල ඉන්න ලෝටස් අජිත්ටත් එකක් යවන්නද

      Delete
  6. ආපහු මතක් වෙන්නේ අර කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න තිබ්බ තහංචිය ඉවත් කළා කිව්වම ඒක කාන්තාවන්ට පොවන්න හදනවා කියලා අර්ථ දක්වාගෙන රට ගිනි තිබ්බ කතාව.
    ආපහු අපේ මිනිස්සු මූලිකත්වය දිය යුතු කාරණය අමතක කළා . ඒ කෑම එකේ පෙත්තක් (වඳ හරි, මත් හරි ආතල් හරි ) තිබ්බනං ඒක ඒ ආපන ශාලාවේ ආහාර වල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් . හරියාකාරව ආහාර පිළියෙළ නොකරන බවට සාක්ෂි . මේකට යෝග්‍යතා සහතිකයක් දීලා ඇතිනේ PHI මහත්තයා , මෙය A ශ්‍රේණියේ හරි B ශ්‍රේණියේ හරි මොකක් හරි ආපන ශාලාවකි කියලා . ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන .
    මේ ගැන විධිමත් පැමිණිල්ලක් කරලා ඔය ආපන ශාලාවට සීල් තොඉයන්න ඕන , අපිරිසිදු ආහාර අලෙවි කරපු වරදට , පෙත්ත වඳ ද කියලා බොරුවට නටලා දැන් මූලික ප්‍රශ්නේ යටගියා , ඕකෙන් වෙන්නේ අනික් හෝටල් කාරයෝ ටික ඕන ජරාවක් කවයි මිනිස්සුන්ට අපේ වඳ පෙති නෑ කියලා

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපෙ උන් අල්ලගන්නෙම වලිගෙන් නේ මචෝ

      ඉතින් නානවා.. යුද්දේ ඉවර උනාට, ඒ මානසිකත්වය ඉවර වෙලා නෑ තාම..

      Delete
    2. ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන . ...

      .මෙන්න නුතන කින් කැකිල්ලේ ඉවාන් පවුලූශා

      උඹට උපාධියක් ලබා තියනාවා නේද ඉවාන් පවුලූශා? කොහෙන්ද එක ගත්තේ පෙට්ටි කඩේකින් නේද
      මරු මරු නෙලුම් යායේ පොරවල්!!! කෙරුමෝ ද කරුමොයෝද ගන් වතුරකට් එහෙම යටවෙන්න එපා උඹේ ඔය දැනුම පෙන්ගිලා දියව්ලා යයි බ්ලොග් ලොවටම පාඩුයි

      Delete
    3. PHI ට PHI තනතුර දීපු එකාගේ වැඩ තහනම් කරන්ඩ ඕනේ. මිනිහට රසසාව දීල තියෙන්නේ 2005-2015 කාලෙද කියල හොයල බලන්ඩ ඕනේ. ඒ වගේම ඔය PHI කාරයා ගෝඨා 2008 දි අම්පාරේ යනකොට පාරේ අයිනෙ හරි ඉඳල තියෙනව. ඒ නිසා ගොඨා මේ සිද්දිය පිටුපස ඉඳල තියෙන බවක් පේනව. ගොඨා හිරේ දාන්ඩ ඕනෙ.
      කමෝන් පවු-ලූ-සා

      Delete
  7. වෙලේ සුදා නිදහස්
    (මනෝප්‍රිය ගුණසේකර)

    හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.

    විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

    ඔබට සතුටුයිද දැන් මාතලන්

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

      ඒ, ඔහු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.

      ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම තහනම් නියෝගය ක්‍රියාත්මකයි.

      හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මීට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලූනේ ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි.

      ඔබට අසතුටුයිද දැන් මාතලන්

      Delete
    2. රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලීසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්ථමාන රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳව රට තුල පමනක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන එමට හේතුවන බවය.

      නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිලිතුරු දෙනු ඇත.

      ගෝඨාබය රාජපක්ෂ
      හිටපු ආරක්ෂක ලේකම්

      ඔබට ගුල්පිට්ද දැන් මාතලන්

      Delete
    3. ඔහේලට ගොඩා................................................................................................ක් කලින් මම 2020 ඝෝඨා කියලා කියන්නේ.

      Delete
    4. හා:
      බලාගෙන බාගෙන ඉදින් 2020 ඝෝඨා එනකම් !!!!
      මහින්ද ඉන්නකම් උ එයිද කියලා මග බලාගෙනම ඉඳපන් ඕකා යැංකි පුරවැසි කම අතහරින්නේ නෑ
      මාතලන් මාමන්ඩිගෙන් බාගෙට ඉගෙනගත්ත කේන්දර බැලිල්ලෙන් ප්‍රයෝජනයක් ගත්තද කියලා බලාගන්නත් පුලුවන්

      Delete
  8. අඩෝ...!!! මොන %#€* ද ඩෝ අපේ සිංහල ජාතියට ආගමට ලොල් ටෝක්ස් දෙන්නෙ ආ? තොපි ගිනි තියනව ඩෝ ..!! 😂😂😂

    මීට
    බුඩිස්ට් පංක් ටික්කා
    එක්ස්ටසි පෙත්තක් ගසා පන්සිල් ගනිමින් ෆීලින් ඕසං
    🙈

    ReplyDelete
  9. කෝප්ප පිඟන්වලට අමතරව ප්ලාස්ටික්වලින් සහල්ද සාදනා බවට විශ්වාස කල රටකි මේ.

    ReplyDelete
    Replies
    1. මී හරකුන්ට බාස්ම්ති දුන්නාම ඔහොම වෙනවා

      Delete
  10. ලංකාවේ තියෙන්නේ ජාති , ආගම් වාදී ප්‍රශ්නයක් නෙවෙයි ! මිනිසුන්ට ජිවත් වෙන්නේ අමාරු "අසරණකමේ" ප්‍රශ්නයක් මට හිතෙන විදියට .

    ඉතින් මේ අපේ මිනිසුන්ගේ අසරණකම දේශපාලකයා විසින් ජාති , ආගම් වාදී ප්‍රශ්න කියන තීන්ත වලින් පිරියම් කරලා තියනවා .

    උන් දන්න්නව මේක බලයේ ඉන්න තියන පහසුම මග කියන එක . අපේ උන්ට තේරෙන්නේ නෑ අපි අපිවම රවට්ටගත්ත කියන එක .
    මගේ ලෝකය - Wednesday, June 21, 2017
    http://magelokaya01.blogspot.com/2017/06/blog-post.html

    ReplyDelete
  11. ජාතිවාදේ අවුලන්නේ නැතුව ලංකාවේ දේශපාලකයන්ට පැවැත්මක් නෑ. ඒ වෙනුවෙන් ආයෙත් යුද්දයකට යන්න උනත් මුන් පැකිලෙන්නෙ නෑ මාතලන් සහෝදරයා. මුන්ට ඕනෙ ලේ. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද වැඩක් නෑ. කාගන් හරි කමක්නෑ ලේ හැලෙනවනන්

    ReplyDelete
  12. මාතලන්,

    අම්මට සිරි ලංකාවේ ඡන්දයක් ලංවෙනකොට තාජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග තමුන්ගේ වලෙන් නැගිටිනවා වගේම තමයි.

    අප්‍රේල් / දෙසැම්බර් අවරුදු උත්සව සාමය වනවිට මෙය (වඳ බෙහෙත්) මතුවීමද සාමාන්‍ය සිදුවීමකි, කාටද මේ ඥානකතා???

    අපේ කපටි රනිල් ලොක්ක මිනිසුන්ගේ කල්පනාව වෙන අතකට යොමු කරන්න කරපු වැඩක්. කවදත් UNP චීෆ් රනිල් ලොක්කා...!

    අද අපිනම් මෙන්න මේ ගැන උනන්දුයි
    http://www.defence.lk/new.asp?fname=Modi_flags_off_Talaimannar_train_service_20150315_01

    ReplyDelete
  13. මාතා,

    මෙම අම්පාරේ ඇතිවුනා යැයි කියන සැළසුම්සහගත සිද්ධිය ආරම්භ වන්නේ පෙබරවාරි 10 වනදින පැවති මැතිවරණයෙන් මරාගේ පොහොට්ටු කල්ලිය ජයග්‍රහණය කළ පසුබිමකය.

    මැතිවරණය පැවති පෙබරවාරි 10 වනදායින් දින දෙකකට පසු එනම් පෙබරවාරි 12 වනදා ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයෙක් වන ”අමීන්” නමැත්තකු විසින් මුස්ලිම් මාධ්‍ය සංවිධානයක ලිපි ශීර්ෂයක් යටතේ ලංකාවේ ඇති සියලු මුස්ලිම් තානාපති කාර්යාල වලට ලිපියක් යවා ඇත. එම ලිපියේ සදහන් කොට ඇත්තේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරා ජයග්‍රහණය කළ පොහොට්ටු පක්ෂය විසින් මුස්ලිම් ජනතාවට පහරදෙනවා යන්නයි. එම ලිපිය සමග ජායාරූප කිහිපයකුත් අමුණා සියලු තානාපති කාර්යාල වලට යවා ඇති අතර එම ජායාරූප ඉතා පැරණි ජායාරූපයි. එම ජායාරූප අතර යුධ සමයේ නැගෙනහිර පළාතේ ජයාරූපත්, ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලි වල ජායාරූපත් බොහොමයක් තිබී ඇත.

    මෙම ලිපිය සහ ජායාරූප මුස්ලිම් තානාපති කාර්යාල වලට ලැබීමත් සමග ඔවුන් විසින් ඒ පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත් කොට ඇති අතර එම අවස්ථාවේ පොදුජන පෙරමුණ කියා ඇත්තේ ඒවා පොලිසියට භාර දෙන ලෙසය.

    එවිට තානාපති කාර්යාල පවසා ඇත්තේ ඒවා තානාපති කාර්යාල වලට ලැබුණු ඒවා නිසා පොලිසිය දැනුවත් කළද ඊට මැදිහත්වීමට පොලිසිය අකමැති බවයි.

    එවන් පසුබිමක මුස්ලිම් රටවල තානාපති කාර්යාල හරහා පොහොට්ටුවේ ජයග්‍රහණය මුස්ලිම් ජනතාවට විරුද්ධව යොදාගන්න බවට ලෝකයට කීමට නොහැකිවීම නිසා එම අන්තවාදී සංවිධාන ඔවුන්ගේ දෙවන සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. අම්පාරේ වද පෙති නාට්‍යය හරහා දිගහැරෙන්නේ ඒ දෙවන සැළසුමයි.

    Continue...

    ReplyDelete
    Replies
    1. Cont'd ...

      කුපිත වන බහුතර සිංහලයින් ලවා මුස්ලිම් ජනතාවට සහ පල්ලි වලට පහර දීගෙන ඒ හරහා ඔවුන්ගේ දෙවන සැලසුම සාර්ථක කරගැනීමේ උත්සහය මේ වනවිට සිදුකෙරෙමින් තිබේ.

      ඒ සදහා පූර්ණ අනුග්‍රහය UNP ආණ්ඩුවෙන් ලැබේ. Feb 10 මැතිවරණ පරාජයෙන් පසු UNP ආණ්ඩුවේ අස්ථාවරභාවය, අගමැති තනතුරේ ඇති ගැටුම, UNP-UPFA හවුල් ආණ්ඩුවේ ගැටුම, ජාතික ආර්ථිකය කඩාවැටීම, මෙන්ම මහින්ද රාජපක්ෂට සහ මිළට ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට පහරදීමට මෙම අම්පාරේ සිද්ධිය දඩමීමා කර ගැනීම UNP ආණ්ඩුවේ මේ මොහොතේ සුදානමයි, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය සහ Social Media (including bloggers) කණ්ඩායමක් යොදා ගනිමින් සිටියි.

      ආණ්ඩුවේ UNP ඇමතිවරයෙක් විසින් කොල්ලුපිටියේ එක්තරා තැනකට රැස්කරන ලද ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය (facebook) ක්‍රියාකාරීන් පිරිසකටද දැනුම්දී ඇත්තේ එම ගැටුම ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් කරන ලෙසයි. අදාළ ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ අම්පාරේ අදාළ වීඩියෝව සිංහල ජනයාටත් සිද්ධියෙන් පසු ගිණි තැබීම වලදී ලබාගත් ජායාරූප මුස්ලිම් ජනයාටත් වැඩි වැඩියෙන් සන්නිවේදනය කරන ලෙසයි.

      මේ මොහොතේ මේ සිද්ධිය හරහා ආණ්ඩුව උත්සහා කරමින් සිටින්නේ රටේ ජනතාවගෙන් UNP ආණ්ඩුවට ඇති විරෝධාකල්පය මැඩ පැවැත්වීම සහ මේ දිනවල දැනෙමින් තිබෙන ජාතික මැතිවරණයක ඉගි වටහාගෙන ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නට සුදානම් වන අපේක්ෂකයාට විරුද්ධව මතවාදයක් ගොඩ නැංවීමයි. එවන් පසුබිම මේ සැළසුම් සහගත Process වටහා නොගන්නා බොහෝ දෙනා විසින් දක්වන ප්‍රතිචාර ග්‍රහණය කරගන්නට බලා සිටිනා අන්තවාදී සංවිධාන වලටත්, UNP ආණ්ඩුවේ බලධාරින්ටත් ඔක්සිජන් ලබා නොදීමට වග බලා ගෙන මේ මොහොතේ ඉතා කල්පනාකාරිව කටයුතු කිරීමට සමස්ත රටවැසි ජනතාවම කටයුතු කළ යුතුය !

      – දසුන් වානගුරු

      Delete
  14. වඳ පෙති ගැන කියවල ඇතිවෙලා හේ හේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න