.

.

Oct 3, 2018

ඩීමන්ස් ඉන් පැරඩයිස් හා පයිරට්ස් ඔෆ් කැරිබියන්



මිනිසා යනු තවත් සත්වයෙක්ය. සමහර රටවල මිනිස්සු ශිෂ්ඨත්වයට පත්ව ඇති අතර තවත් සමහරක් රටවල උන් තවමත් වෙසෙන්නේ සතුන්ටත් අන්ත ලෙසය. ලෝකෙන් උතුම් රට යැයි කියනා අම්මට සිරි ලංකාවද් අයත් වන්නේ දෙවන කොටසටය. එය කෙතරම් තිරිසන් රටක්ද යත් අමු අමුවේ වෙඩි තබා ඝාතනය කිරීම්, ප්‍රවෘත්ති විකාශයන්හි රිපීට් කර කර පෙන්වනවාය. රටේ හතරවන බල කඳවුරේ තත්වය එසේ වන අතර, විධායකය ව්‍යවස්ථාධායකය හා අධිකරණය මෙහෙවන්නේ මාකඳුරේ මධුෂ් හා නාමල් කුමාරය.


මහ උන් හා පාතාලය අතර සහ සම්බන්ධය පත්තර කඩමලු වලට් සීමා වී තිබුනද, දැන් ඒවාද ලංකාවෙ මේන් හෙඩ් ලයින්ය. යහපාලනය කියා ගෙනා විගඩමක් තුල, පාතාලය හා සංවාසයේ යෙදන විගඩම් පාලකයින් පිරිසක් හා "පයිපයිරට්ස් ඔෆ් කැරිබියන්" පන්නයේ අමුතුම ලෝකයක අපි දැන් ජීවත් වෙනවාය.

මේ පාන්ඩුව ආන්ඩුකරණයට ආවේ "ප්‍රජාචන්ච්‍රවාදය" වෙනුවට රියල් ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා කියාගෙනය. අපි නම් කිව්වේ මේ වගේ සක්කිලියන් ඉන්නා රටකට, ප්‍රජාතන්ත්‍රවාදය කියා එකක් ඔනැන්නේ නැතයිම් කියාය. අද එය මොනවාට ඔප්පු වෙමින් තිබෙනවාය. අම්මට සිරි ලංකාවේ තරම් සක්කිලි මාධ්‍යකරණයක් මේ විශ්වයේ කොහේ හෝ ඇතැයි කියා සිතීමට අපහසුය. ආන්ඩුවටද එය දරා ගන්නට බැරි වී, දැන් හදන්නේ අමු පිස්සු කෙලිනා ප්‍රධාන මාධ්‍යයන්ට එරෙහිව පියවර ගැනීම පසෙක තබා, සමාජ මාජ්ජයන්ට කෙලලා අරින්නටය.

ඒවාට ඇරියා කියා ජාලයේ කටකතා ප්‍රචාරය වීම ආන්ඩුවට නවත්තන්නට බැරිය. එසේනම් කල යුතු වන්නේ, අන්තර්ජාල පහසුකම් වලට කෙලලා අරිනා එකය. කොහොමත් ගල් යුගයට ගමන් කරමින් සිටිනා කාළයක, ආන්ඩුව එවන් තීරණයක් ගත්තත් අප කලබල විය යුතු නැත්තේමය.

පිස්සු කෙලිනා දේශප්‍රේමී පාදඩයින්ට අමතරව සංහිදියාව හා මින්ස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි ඉන්නා උන්ටද මේ නිදහස දරාගැනීමට අමාරු බව ඈතක සිඳු වූ සිඳුවීම් කීපයකින් ගම්‍ය වනවාය. බුදුන්ගේ රස්තියාදුව එයි ප්‍රාරම්බය වනාතර, එක පුලියේ කේස් එක ආසන්න්තම සිඳුවීමයි. 

මිනිසෙකුට හෙලුවෙන් සිටීමේ නිදහස ඕනා තරම් ඇති අතර, ප්‍රසිද්ධ ස්ථානවල එසේ සිටීමේ අයිතියක් ලොව කිසිඳු රටක මා දන්නා තරමින් ඇත්තේ නැතිය. සුද්දෙක් හෝ සුද්දියක් එසේ උන්නා කියා ලොව වෙනත් රටවල ඇති ලෝක උරුමයන් ඉදිරියේ හෝ එසේ සිටීම, කෙසේවත් සංවර දෙයක්වත් මානුෂික දෙයක්වත් වන්නේ නැතිය. 

උන්ට ලබා දුන් දඬුවම මාතලන් කිසි සේත්ම අනුමත නොකරනාතර, අවවාද කොට නිදහස් කිරීමේ අවස්ථාවක් ඔනා තරම් තිබුනිය කියනා එක මාතලන්ගේ මතයය. මහා ලිබරල් නායකයන්ද මෙය සිරියස් කේස් එකක් කර ගැනීමෙන් පෙනෙන්නේ, කොල්ලො දෙන්නාගේ පුක් සැට් තුලින් යහපාලනයේ හෙළුව වසා ගැනීම මිස වෙන ලබ්බක් නම් නෙමේය. 

දැන් අලුත්ම කේස් එක ඇවිල්ලා "ජූඩ් රත්නම්ගේ", "ඩීමන්ස් ඉන් පැරඩයිස්" නම් වාර්ථා චිත්තරපටයය. චිත්තරපටය යාපනය විස්ස විජ්ජාලේ පැවැත්වෙන සිනමා උළෙලේ ප්‍රදර්ශණය කරනවාට විරෝධයක් මතුව ඇත. දැන් කශ්ටිය මේකට එරෙහිව හෙන ටෝක් ඉෂූ කරනවාය. ලංකාවේ ඉන්නා ගොත්‍රික සමාජයේ මුදුන් මල් කඩ විස්ස විජ්ජාලයමය. එය යාපනයේද, පේරාදෙනියේ,ද රුහුණේද කියා කිසිම වෙනසක් නැතිය. ස්වාධීන චින්තන වලින් බිහිවනා නව අදහස් හා නව දැණුමෙන් සොයාගැනීම් තුලින් රට කනපිට පෙරලනා උන් බිහිවිය යුත්තේ මේවායෙන් වුවද, තත්වය අතිශයින්ම කනගාටුදායක බව නැවතත් ඔප්පු කොට තිබෙනවාය. 

බහුතරයේ මතය කුමක් වූවද, අපේ රටේ සුළුතරයේ මතයට කිසිඳු ඉඩක් නොමැති බව අප නැවතත් ලෝකයට පෙන්වා දෙමින් සිටිනවාය. රටේ සංහිදියා නායකයා, රණවිරුවන් නාමයෙන් නමින් පෙනී සිටිනා කප්පම්කාර මිනීමරුවන් ආරක්ෂා කරනාතරේ, උතුරේ උන් අදත් පෙනි සිටින්නේ ත්‍රස්තවාදය වෙනුවෙන්ම බව ඉතා හොඳින් පෙනෙනවාය. මහ තැන් වලින් තමන්ගේ ප්‍රශ්ණ වලට විසඳුමක් නොමැති කල, උන් එසේ හැසිරීමේ කිසිඳු වරදක් මා නම් දකින්නේ නැතිය. මේ චිත්තරපටි පෙන්නිල්ලත් තවත් සංහිදියා ප්‍රෝඩාවක් බව උන් කියන්නේ නම්, එය උන්ගේ පැත්තෙන් යුක්ති සහගතමය.  

දකුණේ සංහිදියාකරුවන්ද දැන් කළ යුත්තේ වලං කඩේට පැනපු හරකා මෙන්, නානසාර ගංගොඩවිල උසාවියට පැන පිස්සු කෙලියා මෙන්, කෙසේ හෝ චිත්තරපටිය ප්‍රදර්ශණය කිරීම හා අනෙක් චිත්තරපටි ප්‍රදර්ශණයද වාරණය කිරීම නොව, මෙතෙක් ඉතා සාර්ථකව පවත්වාගෙන ආ එම උත්සවය ත්ව දුරටත් පවත්වාගෙන යාම හා ඇත්ත තත්වය ගැන ප්‍රසිද්ධියේ සංවාද කිරීමය.

අපේ රටේ දේශප්‍රේමින්ට, සංහිදියාකාරයන්ට ඉතරක් නොව, ළොකු පොඩි, උගත් නූගත්, බුද්ධිමත් මෝඩ හැම එකාටම සිඳු වූයේ ලැබූ න්දහස උපරීමයෙන් බුක්ති විදින්නට යාමෙන් රට තිබුනාටත් වඩා අගාදයකට ගමන් කිරීමම පමණය. දැන් ජාතින් අතර වෛරයන් කෙසේ වතුද, මහ ජාතිය අතර වෛරය හා ක්‍රෝදය ඉහ වහා ගොස් අවසානය. අප කළ යුත්තේ මේවාට පැස්ටෝල් දැමීම නොව, වහ වහාම මේ ගිනි නිවා දැමීමට කටයුතු කිරීමය.

ඉල්ලං පරිප්පු කෑමට බුදු හාමුදුරුවන්ගේ පිලිමයක් උදාහරණය්ට නොගෙන, වීනස් ප්‍රතිමාවෙන් මීට උදාහරණයක් සැපයිය හැකිය. ලොව ඕනා තරම් වීනස් ප්‍රතිමා තිබුනද, ඔරොජිනල් වීනස් ප්‍රතිමාවේ වටිනාකම ඇත්තේ එය නෙලීම ඉතා අපහසු, කාළයක් වැයවූ, හික්මීමකින් කළ, කළා නිර්මාණයක් වූ නිසාය. ගෙවල් වල ඇත්තේ අච්චුවේ දමා හෝල් සේල් විකිනීමට හැදූ නිර්මාණයන්ය. ඒවාටද වටිනාකම්ක් ඇති මුත්, එය ඔරිජිනල් එකේ වටිනාකම වන්නේ නැතිය.

අපේ රටේ මිනිසාද මනුෂ්‍යකු කළ යුත්තේ එසේය. එය ඉතා පහසු කටයුත්තකි. අප විසින් සාදාගත් අච්චුවක දමා හෝල් සේල් මිනිසුන් බිහිකිරීමෙන් ඇති වැඩක් නැතිය. මෙය ඇති කළ හැක්කේ, එක්කෝ අජ්ජාපන ක්‍රමය තුලින් ප්ලේ ඉස්කූල් එකේ සිටය. එසේ නොමැති නම් තද බල නීතී රීතී තුලින්ය.


36 comments:

  1. //අප විසින් සාදාගත් අච්චුවක දමා හෝල් සේල් මිනිසුන් බිහිකිරීමෙන් ඇති වැඩක් නැතිය.//

    +++++++++++++++++ ප්‍රතිමා උදාහරනෙ නම් නියමෙට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. Dear Ian,

      If I knew how to speak the truth, I wouldn't have gone into politics.

      (Quoted from Anthony T. Hincks)

      Delete
  2. චිත්තරපටය යාපනය විස්ස විජ්ජාලේ පැවැත්වෙන සිනමා උළෙලේ ප්‍රදර්ශණය කරනවාට විරෝධයක් මතුව ඇත.....

    ඉතින් එකට උබේ පුකේ ඉත්තෑවෝ දුවනවද නැත්නම් නැදුන්ගමුවේ දල පුට්ටුවා උබේ පුකේ දලෙන් හානවද



    ReplyDelete
    Replies
    1. නෑ මෙයා... අර්ෂස් වල්ට පුක කහනවා

      Delete
  3. https://kolambagamaya.blogspot.com/2018/10/blog-post.html?showComment=1538625710207#c2828414225097900923

    ReplyDelete
  4. කලකට පස්සේ වේලකට බැස්සේ වගේ සන්තෝෂයක් හිතට දැනුනේ අගෝස්තු 11 දාට පස්සේ මාතලන් තුමාට නැවත ලියන්නට හිතක් පහල වී හෝ වෙලාව පොඩ්ඩක් ලැබී හෝ තිබෙනු දුටු විටය. ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ගැන නම් කියන්නට දෙයක් ඇත්තෙම නැත. මිස්ට ක්ලීන් සහ සමාගම කියාගෙන ආ හැත්තත් පරණ හොරුන්ටත් වඩා හොඳින් හොරකම කරනවා හැර වෙන යමක් කරන්නේ නැත. හිරේට නියමවූ ජම්පරය ඇඳගෙන සිටිය යුතු හිරකාරයා ප්‍රතිකාර ගැනීම සඳහා 'ජයවර්ධන පුර රෝහලට වැඩම කළ සේක' කියා පත්තර වල දමන්නේද මේ හොල්මන් දේශයේය. පොලීසියේ හොඳම ඔත්තුකාරයා ලෙස පෙනී සිට ඇත්තේ අපුරුවට දෙපැත්ත කන්නට දන්නා පල් හොරෙකි. මේකා කොයි තරම් කපටියෙක්ද කියතොත් ජනාධිපති උත්තමයාගේ කාර්යාලයෙන් වැටුප් ලබන තනතුරකුත් හොබවනවාලු. ජනාධිපතියා ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කළා කියූ එකා නිදහසේ ඉන්නේ ප්‍රවෘත්ති සාකච්චාද පවත්වමිනි. පොලිස් ලොක්කෙක් පමණක් ඒ පව් වලට කර ගසා ගෙදර යැවුවාලු.

    මේ යන විදියට ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කවදාවත් හැදෙන්නෙම නැත. මේ රටේ ඉන්නා වැඩි දෙනෙකුට අවශ්‍ය බොරු සෝබන දමන්නට දක්ෂ, මොනවා හෝ දෙයක් නිකම් දී මිනිස්සු ගොනාට අන්දවා ගන්නට සමත් මෝඩ නායකයන්ය. තමන්ට කීයක් හෝ ලැබෙනවා නම් රටටත් අන් අයටත් හෙන ගැහුවත් උන්ට කාරියක් නැත. ගම ඉල්ලා හොම්බෙන් ගිය සහෝදරවරු දැන් රට ඉල්ලා යකා නටන්නට පටන් ගෙන තිබුණද චන්දය දෙන්නන් අඩු නිසා ආණ්ඩු පිහිටුවීමක් ගැන නම් හිතා ගන්නටත් බැරිය.

    සිංහල අන්තවාදීන්ගේ පහත් වැඩ නිසා පීඩාවට පත්වන ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට හිස ඔසවන්නට නම් උතුර සහ නැගෙනහිර සිංහල පාලනයෙන් මුදා වෙනම රාජ්‍යයක් කරගන්නට ඉඩ ඇරීම කල යුතුම වන්නේය. එසේ කළදාට කාන්තාරයෙන් මතුවූ ඊශ්‍රායල් දේශය මෙන් සශ්‍රීක දේශයක් ඒ පළාත්වලින් බිහි වන්නට පුළුවන. දැන් ඉතින් දොස්තරලා පමණක් නොව නඩුකාරයන් පවා සිතන්නේ වරාය කම්කරු ආකල්පයෙන් බැවින් වැදගත් කියා කෙනෙක් හොයා ගන්නටවත් බැරි සමාජයක් අපට ඉතුරුව ඇත. පාර්ලිමේන්තුවට ගොස් මහජන මුදලින් සියලු වරප්‍රසාද ලබමින් කුණුහරුප කියමින් ඉන්නා උන්ද, විශ්ව විද්‍යාල සිසුන්ගේ අනාගතය අඳුරු කර දමන, පන්තිවල සිටිය යුතු උන් පාරවල් පුරා දක්වන රජයටත් වඩා බලවත් බවක් පෙන්නුම් කරන පෙරටුගාමීන් කියා ගත් උන්ද රජවෙන මේ සමාජයට අවශ්‍ය රට හදනා කෙනෙක් නොව "හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා " ජාතියේ පිස්සු නායකයෙකි.

    සමාජයේ තමන් දකින අඩුපාඩුවක් ගැන වචනයක් දෙකක් ලියූ පමණින් ලියූ කෙනාට දහසකුත් එකක් අපහාස කරන සිය සැබෑ නමින් කිසිදු දෙයක් ලියන්නට ධෛර්යයක් හෝ ආත්ම ශක්තියක් නොමැති නිවට මඩ ගසන්නන්ගෙන් පිරුණු රටකට මොන යහපත් අනාගතයක්ද?

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද තිත්ත ඇත්ත

      Delete
  5. "පිදුරංගල පුක" ගැන තරම්වත් සංවාදයක් "Demons in Paradise" විරෝධය ගැන ගොඩ නොනැගෙන්නේ ඇයි ?
    1 යාපනේ සීන් දකුණට අදාලම නෑ.
    2. දමිල අන්තවාදයක් ගැන කතා කරන්නේ බයියො.
    3. ඕක කතා කරන්න ගියොත් සංහිඳියාවට බාධාවක්.
    4. දමිල අන්තවාදය ? විකාරද ? එහෙම එකක් කොහෙද තියෙන්නේ ? පිස්සෙක් හදපු ෆිල්ම් එකක්.
    5. ඇහුන්නෑ...දැක්කෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව නම් සහජීවනේ කියන බොරුව මිනිස්සුන්ට අවශ්‍ය නෑ.. හේතුව මිනිස්සු ඉන්නෙ සහජීවනයෙන්.. එහෙම එකක් නැතෙයි කියන්නේ කාළකන්නි දේශපාලුවෝ

      Delete
  6. මට දුක තරිඳු උඩුවරගෙදර ගැන.
    ඌ දැන් සුපර් ග්ලූ වස්ති කරලා ජාපාල කල්කයක් කෑවා වගේ ඉන්නවා ඇති.
    දැන් ඔය සිද්ධිය යුක්ති සහගත කරලා, එයා ලියන ලිපිය කියවන්න මම පෙරුම් පුරනවා.

    හැබැයි තව ටිකක් කල් යනකොට උඩුවට දෙමෙල්ලු එපා වෙයි. ඊට පස්සේ එයා ඉස්ලාමය වැළඳගනියි.

    අපි ඔට්ටුවක් අල්ලමු ඉදිරි වසර 15 තුල උඩුවා මුස්ලිම් වුනොත් මම ඔයාට ලක්ෂයක් දෙනවා.
    නැත්නම් ඔයා මට ලක්ෂ දෙකක් දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපි බලමු තව සෑහෙන කලක් තියෙනවා නේ

      Delete
  7. මාතලන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේදී US ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 ක් බවත් ඩොලර් බිලියන 1 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිතය.

    චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන ගැටලුව ඉදිරි වසර ‍2-3 කොහොමද හසුරවාගන්නේ කියන කාරණය, පේන විදිහට අපි ඉන්නේ ලෝක ආර්ථික අර්බුදයක් ආරම්භයේ, අපිට තාම ඒකේ අවසානයක් පේන්න නැහැ.

    ඉරානයට එරෙහිව මීළඟ මාසයේ සම්බාධක පැනවුවාම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද මාතලන්?

    විනිමය අනුපාතයන් වෙනස් වන සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක ජීවත් වන සෑම කෙනෙක්ටම සිදුවනවා ඔබ ලබාගන්න බෙහෙත් වගේම ආහාර ද්‍රව්‍ය සඳහා වැඩිපුර ගෙවන්න. කොච්චර කාලයක් මේ තත්ත්වය බලපායිද මාතලන්? සමහරු කියනවා මාස කිහිපයක් වෙයි කියලා, සමහරු අනුමාන කරනවා 2020 වෙනකම් මේ තත්ත්වය පවති කියලා. කොහොම වුණත් ආර්ථිකය ආරක්ෂා කරගන්න රනිල් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නවා.

    පළවෙනි තීරණය කෙටි කාලීන පියවර ගන්නවා විදේශ විනිමය රටෙන් පිටතට යාම වළක්වන්න. නමුත් අපනයන ආර්ථිකය වැඩි කරන්න සිදුවෙනවා. අපනයන ආර්ථිකය කිව්වම අපනයන භා‍ණ්ඩ පමණක් නෙමෙයි සේවාවන් පවා ඊට ඇතුළත්.

    රනිල් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහටම ආර්ථිකය පවත්වාගෙන යන ගමන් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වියදම් සිදුකරමින් ඒවාත් අඛණ්ඩව පවත්වාගෙන යන්න මාතලන්.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ අපි 70-77 වගේ අදුරු යුගයකට ගමන් කරයි... පාන් ගෙඩියත් ලක්සිරි කෑමක් වන

      Delete
  8. මාත මුන් හදන්නේ ජනතාව බඩගින්නේ ටික දවසක් තියලා ඊට පස්සේ කන්න ඕන නම් අලුත් වියවස්තව සම්මත කරන්න ඕන කියල බටහිර බැංකුවක් මගින් දැනුම් දීලා මිනිසුන්ගේ චන්දය අලුත් වියවස්තාවට පක්ෂව ලබා ගන්න.

    රටට මෙච්චර හෙන ගහද්දි මළබද්ද ඒකබද්දේ එවුන් බම්බු ගහනවද? යකෝ වෙන රටක මෙහෙම වුනා නම් මෙලාට ආන්ඩුව පෙරලලා, මුන් හැමෝම මේකෙ ඩීල් දාගෙන එකට ඉන්නෙ, මළ බද්ද ඇතුලු ඔක්කොම බදු අපිට තමා.

    මේ ආන්ඩුව කීයටවත් උන්ට දුන්න න්‍යාය පත්‍රය ඉවර කරනකන් ඡන්ද තියලා ගෙදර යන්නේ නෑ. ඡන්දෙකින් බලය ගන්න හිතා ඉන්නවා නං ඒක මිරිඟුවක්. ආන්ඩුව මොන ක්‍රමෙන් හරි පෙරලලා ඊට පස්සේ ඡන්දෙ තිය යුත්තේය. නැත්තං අපිට ජීවත් වෙන්න රටක් ඉතිරි වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පට බොල එහෙම කේස් එකක්ද

      Delete
    2. කාට කඩේයන ලිපියක්ද මේ කියලා කිව්වනම්

      Delete
  9. මාතලන්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා 4% ටත් වඩා 2018 වසරේදී පහළ බැසිය හැකි බව පවසයි.

    මේ බව සඳහන් කර ශ්‍රී ලංකා රජයේ බදු ආදායම අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවී ඇති බැවින් මීළඟ අයවැය තුළින් බදු ආදායම ඉහළ නැංවීමට අවධානය යොමු කරන ලෙස ද මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ පරිදි ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීම පැසසුමට ලක් කරන
    මූල්‍ය අරමුදල විදුලි සැපයුම සඳහා ද කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි රජයෙන් ඉල්ලා සිටී.

    ReplyDelete
    Replies
    1. ගල් යුගය කරා වේගයෙන්

      Delete
  10. අම්මට සිරි ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් මාතලන්. ඒ නිසා අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කරන්නට බැහැ. රුපියල කඩා වැටෙන්නේ අපේ රටේ ආනයන වැඩි වුණු නිසා නොවෙයි අපේ රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට ආයෝජකයින් කටයුතු කරන නිසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආනයන සීමා කිරීමේ අරමුණින් වාහන ආනයනය සහ ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමේ විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේම මහ බැංකු වාර්තාව පෙරළා බැලුවනම් තේරුම් ගනීවි මෙයින් කිසිදු ඵලදායි දෙයක් සිදු නොවන බව, මම තීරු බද්ද නිදහස් වාහන පිළිබඳව කතාකරන්න යන්නේ නැහැ මොකද 2017 වසරේ ඩොලර් බිලියන දහනමයක් වෙච්ච සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කරලා තියෙන්නේ 4.4% වගේ මුදලක්. ඒ නිසා වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සීයට 4.4% පමණයි. මේක අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

    විදේශ ආයෝජන අපේ වෙළෙඳ පොළේ තුන් තැනක පැවතුනා, පළමු තැන මුල්‍ය වෙළඳපොලයි. මහබැංකු බැඳුම්කර වංචාවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වූ නිසා ඩොලර් බිලියන ගණනින් 2015 සිට ඔවුන් අඛණ්ඩව රටින් පිටතට රැගෙන ගියා.

    දෙවැන්න තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය. 2015 ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරපු ඉතාම අතාර්කික විනාශකාරී අයවැය දැක්කයින් පස්සෙ රටේ ආර්ථිකය කඩා වැටෙන බව විදේශ ආයෝජකයන් කලින්ම දැකපු නිසා කොටස් වෙළෙඳ පොළේ තිබෙන ආයෝජනයන් අරගෙන යන්න ඔවුන් කටයුතු කළා.

    තුන්වැනි එක තමයි සෘජු ආයෝජන කියන්නේ ව්‍යාපාර විදිහට මෙරට ආයෝජනය කර ඇති මුදල්. ලෝකයේ දැවැන්තම විදේශ ආයෝජකයා වන චීනයේ ජනාධිපතිවරයා මුල්ගල තබා ආරම්භ කරන ලද කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ඒකපාර්ශිකව නතර කරහම පුංචි ආයෝජකයෝ සිතුවා ලෝකයේ සිටින ලොකුම ආයෝජකයාට මේ රජය මෙහෙම කනට ගහනවනම් පුංචි අපට කොහොම කරයිද කියලා. ඒ නිසා ආයෝජකයන්ගේ සෘජු විදේශ ආයෝජන මෙරටින් අරගෙන යන්න ඔවුන් පටන් ගත්තා.

    මෙන්න මේ විදේශ ආයෝජන රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රුපියල කඩාගෙන වැටෙන්නේ. චීනය අද කිසිම අලුත් ව්‍යාපෘතියක් ලංකාවේ පටන් අරගෙන නැහැ, රාජපක්ෂ යුගේ පටන් ගත් ව්‍යාපෘති කරගෙන යනවා පමණයි.

    ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර ගිහින් රට කළ හැකි JVP අයට මේ රට බාර දීම මාතලන්.

    ReplyDelete
  11. hello!,I love your writing so much! share we keep up a correspondence extra approximately
    your article on AOL? I need a specialist in this area to unravel my problem.
    Maybe that is you! Taking a look forward to peer you.

    ReplyDelete
  12. If you are going for best contents like myself, only
    visit this web page daily for the reason that it offers quality contents, thanks

    ReplyDelete
  13. Excellent beat ! I would like to apprentice while you
    amend your web site, how could i subscribe for a weblog site?
    The account helped me a appropriate deal. I had been tiny
    bit acquainted of this your broadcast offered bright transparent idea

    ReplyDelete
  14. Hi, I desire to subscribe for this weblog to take most recent updates, thus where can i do it please
    assist.

    ReplyDelete
  15. ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් -ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

    "රටේ ඩොලර් සංචිත තවත් ඉතිරිව ඇත්තේ ඉදිරි මාස දෙකක ආනයනයට පමණක් බවත්, ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ ඊයේ (03දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනිල් ජයන්ත එසේ පැවැසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

    "ශීඝ්‍රයෙන් සිදුවන රුපියල අවප්‍රමාණය වීම නවතාලීම සඳහා අපේ රටේ විදේශීය මුදල් සංචිත ඩොලර් මිලියන එකසිය අසූහතරක් මුදාහැරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

    මේක අතීසාරයට අමුඩය ගැසීම වැනි දෙයක්. විදේශීය සංචිත ඩොලර් තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක භාණ්ඩ ආනයනයට පමණයි. ආහාර, ඉන්ධන, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීම අඩු කිරීමට සිදු වුණොත් අප මුහුණ දෙන තත්ත්වය ගැන සිතීමට පවා අපහසුයි."

    "රුපියල අවප්‍රමාණය වන්නේ ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාම නොවෙයි. අපේ රටේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසායි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වැඩි කරලා. අපනයනය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා. කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමේ ආදීනව අපි දැන් අත්විඳිමින් සිටිනවා."

    "පසුගිය වසර තුනක කාලය ඇතුළත රුපියල සියයට විසි තුනකින් කඩා වැටිලා. ආණ්ඩුව සියයට නවයක් කියලා පෙන්වන්නේ වාර්ෂික කඩා වැටීම පමණයි. තායිලන්තය, වියට්නාමය, මැලේසියාව ඇතුළු බොහොමයක් රටවල මුදල් ඒකක කඩා වැටිලා නැහැ. හේතුව ඒ අයගේ අපනයන ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑමයි."

    "අපේ රටේ ආනයන වියදම අපනයනයට වඩා ඩොලර් මිලියන නව දහස් හයසීයකින් වැඩියි. කියන්න ලැජ්ජයි අපි මෙහෙම හරි බේරිලා ඉන්නේ දුප්පත් මිනිසුන් මැදපෙරදිග ගිහින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව එවන ඩොලර් මිලියන හය දහසකට අධික වූ මුදල් ප්‍රමාණය නිසයි. රට මේ වගේ තත්ත්වයක තිබියදීත් ඉතාම සුළු පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මහා පරිමාණ මූල්‍ය වංචාවන් බහුලව සිදු වෙනවා.

    පසුගිය දිනවල සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා නිසා රුපියලේ කඩා වැටීම වේගවත් වුණා."

    "අපි ඉල්ලීමක් කරනවා දේශපාලන භේදයකින් තොරව සියලුම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න එන්න කියලා."

    ආර්ථික විද්‍යාඥ තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ හා ආචාර්ය චන්දන ජයලත් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ."

    සපුමල් ජයසේන
    By mawbima
    2018-10-04

    ReplyDelete
  16. මන්ත්‍රීවරුන්ට දෙන වාහන පර්මිට් නිකුත් කරලා ඒවාට වාහන ගෙනල්ලත් ඉවරයි. දැන් සුඛෝපභෝගී වාහන පර්මිට් නතර කරන්න යනවලු. මෙන්න මේ වගේ උප්පරවැටි තව දෙක තුනක් හොයා ගත්තොත් ආර්ථික අගාධයට යන රට බේරගන්න එක කජු කනවා වගේ වැඩක්.

    ReplyDelete
  17. මාතලන් ලොක්කා කාලෙකින්!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ.... පොඩ්ඩක් එහෙ මෙහෙ උනා

      Delete
    2. Dear Mathe

      You need not to publish this. Please don’t.
      I really was worried for not seeing the blogs from you for some time. I felt it like years, not days or weeks.
      Sorry, I am not flattering you but first thing I do when I hooked to net is to see whether you have add something. I was so passionate with your thoughts, style of writhing and straightforwardness. I guess I am not the only one said this to you but probably thousands. Right?
      I don’t live in Sri Lanka but coming to Colombo for a very short visit tomorrow.
      Is there any way I can say hi to you?
      If you don’t live in Sri Lanka, do tell me where in which country you are living. I travel to many countries and often, so probably could meet up one day.
      Wish you all the best! I mean health, courage and clear mind to carry on for many more years to come.!
      My email address is pinto@eeanltd.com
      Look forward to hearing from you.

      Shan

      Oh – whats going on with your newspaper. Found fantastic in the beginning but now??????

      Delete
  18. M! Where were you all this time? I was worried what went wrong with you!! Are you ok??

    ReplyDelete
  19. මාතලන් ලොක්කා,

    වැලිකඩ බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය එහි යෑමට විරෝධය පා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෝ 2012 වසරේදී කැරැල්ලක් ගැසූහ.

    අවසානයේ සිරමැදිරි කඩාගෙන එළියට ආ සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩාව කඩා ගිනි අවි අතට ගෙන එස්ටීඑෆ් නිලධාරීන්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. එයට පිළිතුරු ලෙස එස්ටීඑෆ් නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

    සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩා ගිනි අවි අතට ගෙන රජයේ ආරක්ෂක අංශ සමඟ යුද වදින්නට වූහ. පසුව මෙම කැරැල්ල මර්දනය කිරීමට යුද හමුදාව බන්ධනාගාරය වෙත ළඟා වූහ. එදා යුද හමුදා ඛණ්ඩ දෙකක් එහි පැමිණ තිබිණි. එස්ටීඑෆ් නිලධාරීන් ඉවත් කෙරිණි. සියල්ල යුද හමුදාවට භාර විය. අවසානයේ සිරකරුවන් යුද්ධ කළේ යුද හමුදාව සමඟය.

    මේ අනුව අවසානයේ සියල්ල නිමා වූයේ සිරකරුවන් විසිහත් දෙනකුට මරණය ළඟා කර දෙමිනි. යුද්ධයකදී මරණය සිල්ලරය, එහි කතා දෙකක් නැත. එහිදීත් මිය ගොස් තිබුණේ සමාජයට සදාකාලික පිළිලයන් වූ දරුණු අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවෝය. වැලිකඩ කැරැල්ලේදී එදා සිදු වූ කතාව සරලව කිවහොත් එසේය. මෙකී සිද්ධිය අරබයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අත්අඩංගුවට ගෙන තිබේ.

    රංගජීව වැලිකඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුමන පදනමක් යටතේද? සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේදී සිරගතව සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුගේ සාක්ෂි පදනම් කරගෙනය.

    ලාංකික සමස්ත කුඩු ජාවාරම්කාරයන්ට රංගජීව යනු විෂබීජයකි. ඔවුන් එදා බන්ධනාගාරගතව සිටියේ කුඩු ජාවාරම නිසාය. ඒ ඔහුගෙන් කිසිවිටකත් ගැලවීමක් නැති නිසාය. එකී කුඩු ජාලයට සම්බන්ධ වූවන් කිහිප දෙනකු අද කියන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේ පොලිස් පරීක්ෂක රංගජීව පැමිණ සිරකරුවන් තෝර තෝරා මරා දැමූ බවය.

    වැලිකඩ කැරැල්ල මර්දනය කළේ යුද හමුදාව, රංගජීව වැඩ කරන්නේ පොලිසියේ, එසේ නම් රංගජීවට යුද හමුදාව අතරට කඩා වැදී මෙවැන්නක් කිරීමට හැකිවේද? ප‍්‍රශ්නය එසේ තිබියදී, රංගජීව අත්අඩංගුවට ගත් පසු ඔහුට ලක්වූ ඉරණම කෙබඳු වනු ඇද්ද?

    ලාංකික කුඩු ජාවාරමට එරෙහිව ඔහු සිදු කළ වැටලීම් අනුව දැනට මහාධිකරණ හමුවේ පවරා ඇති 200 ක් පමණ වන නඩු අරාජික විය හැකිය. ඉන් වාසි සැලසෙන්නේ කුඩු ජාවාරමුන්ටය. ඒ අතරේ මේ රටට කිලෝ ගණනින් කුඩු පොම්ප කළ ප‍්‍රධාන පෙළේ ජාවාරම්මු ද සිටිති. කුඩු ජාවාරම්කරුවෝ එක්ව රංගජීවව මරන්නට හැදුවේ පිළියන්දලදීය. එය වැළකී ගියේ, රංගජීව බරපතළ තුවාල ලබා රෝහල් ගතවීමෙනි. එසේ තර්ජන මැද සිටින රංගජීව මාස පහක් හිර බත් කා දැන් හෝ ඇප ලබා සිටීම යම් තරමේ සතුට දනවන කාරණයකි.

    ReplyDelete
  20. මාත,

    රනිල් වික්‍රමසිංහ ලොක්කා ආර්ථික කළමනාකරණය කියල හැමදාම වගේ කළේ හිර වෙනකොට කොහෙන් හරි ණයක් අරන් රෝල ගහන එකනේ.

    රනිල් ලොක්කා මේ පාරත් අලුතින් මහා පරිමාණ ණය අරගෙන වෙළඳපොළට මිලියන එකසිය ගණනින් ඩොලර් දමලා රුපියල අව-ප්‍රමාණය වෙන එක පාලනය කර ගනියි. ඊට පස්සේ ඒ ණය එකසිය ගණනින් ගෙවන්න වෙනකොට නැවතත් ඒ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ රුපියල කඩා වැටෙනවා කියල දැන් කෑගහන (ඒකා බද්දේ බයියො) අයට වෙන්නත් පුළුවන්. ආර්ථික විශේෂඥයන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න, අපනයන ආර්ථිකය වැඩි කරන්න සිදුවෙනවා.

    ReplyDelete
  21. මාතේ

    රනිල් බලාපොරොත්තු වෙන්නේ ඩොලරයේ අගය වැඩිවීම ලංකාවේ නිෂ්පාදන අංශයට (විශේෂයෙන් තේ, රබර් වැනි අපනයන නිෂ්පාදන) සම්බන්ධ ජනතාවට වාසි දායකයි කියල. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තහම ඒ කථාව එතරම් ප්‍රයෝගික නෑ කියලයි මට හිතෙන්නෙ.

    උදාහරණ කිහිපයක් ගත්තොත් 2015 දුම්ගැසූ රබර් ශීට් එකකට රුපියල් 297 ක් ලැබෙනකොට 2018 ලැබෙන්නෙ 265 ක්. ඒ වගේම පසුගිය කාලය පුරාම තේ සඳහා ගෙවන මිලත් සීග්‍ර ලෙස පහල ගිහින් තියනව (2018 ජනවාරි සිට අගෝස්තු දක්වා $4.16 සිට $3.34) මෙලෙස මිස උච්චාවචනය වෙන්න වෙනත් සාධක ගණනාවක් බලපානව. මේ හේතු නිසා බොහෝ දුරට අර නිෂ්පාදන වලට සම්බන්ධවෙන පිරිසට නියම වාසිය ලැබෙන්නෙ නෑ.

    පසුගිය 2017-18 වසර තුල ඩොලරයට සාපේක්ෂව රුපියල 24.5% කින් අවප්‍රමාණය උනත් වතු ක්ෂේත්‍රයේ කම්කරුවකුගේ වැටුප ඊට අනුරූපව වැඩිවෙලා නෑ. ඒ වගේම අමු තේ දළු කිලෝවක් සඳහා ලැබෙන මිලද වැඩිවීමක් (25% කින් කෙසේවෙතත් සැලකියයුතු මට්ටමකින්, 5% කින් හෝ) පෙන්නන්නෙ නෑ. එහෙම බැලුවොත් ඇත්තටම රුපියල අවප්‍රමාණ වීමේ වාසිය ලැබිය යුත්තන්ට ලැබිල නෑ.

    අනිත් කාරනාව ලංකාවේ සිල්ලර වෙළඳාම මෙහෙයවන්නේ මධ්‍යම පාන්තිකයන්. ඔවුනට රුපියල අව-ප්‍රමාණ වීම දැඩිව දැනෙන නිසා ඔවුන් භාණ්ඩ හා සේවා මිල අවප්‍රමානයේ ප්‍රමාණයට අනුරූපව ඉහල දමනවා. මෙයිනුත් තැලෙන්නේ ඉහත සඳහන් කල පිරිසමයි.

    අනෙක් කරුණ ලාංකික රජයන්ගේ අදුරදර්ශී වැඩපිළිවෙල නිසා ලංකාවේ නිෂ්පාදනය කල හැකි දේවල් පවා ආනයනය කිරීම සිදු කරනව.

    රජය විසින් නාස්ති කරන මුදල් යොදවා පාඩු ලබන රජයට අයත් සංස්ථා නවීකරණය කර ලාභ ලබන තත්වයට පත්කළ හැකියි. සීනි කම්හල වහල සීනි රටින් ගෙන්වන, කඩදාසි කම්හල බංකොලොත් කරල කඩදාසි රටින් ගෙන්වන, කොටින්ම කිව්වොත් කොහු ලණුත් චීනෙන් ගෙන්වන ආර්ථික ක්‍රමයක් යටතේ ලංකාව ගොඩගන්න හරිම අමාරුයි.

    තව එක දෛවෝපගත සිද්ධියක් කියන්න ඕන, එදා සිරිමාවොගේ "පොළු" ක්‍රමය නැතිකරල ආර්ථිකය විවෘත කරපු ජේ ආර් ගෙ බෑනට අද ආයෙත් "පොළු" දාන්න සිද්ධවෙලා තියනව.

    -Adeesha Jayanath

    ReplyDelete
  22. //අපේ රටේ මිනිසාද මනුෂ්‍යකු කළ යුත්තේ එසේය. එය ඉතා පහසු කටයුත්තකි. අප විසින් සාදාගත් අච්චුවක දමා හෝල් සේල් මිනිසුන් බිහිකිරීමෙන් ඇති වැඩක් නැතිය. මෙය ඇති කළ හැක්කේ, එක්කෝ අජ්ජාපන ක්‍රමය තුලින් ප්ලේ ඉස්කූල් එකේ සිටය. එසේ නොමැති නම් තද බල නීතී රීතී තුලින්ය.//

    මාතලන් මහතා තුල ඇති මනුෂ්‍යත්වය කුමක්ද? තනිකර මුදලට ලියන්නේ, දැක්කනේ නෙලුම්යායක් කරලා නටපු නාඩගම්??? යාම් ඊම් ගුවන්ගමන් ඔක්කොම එක්ක ගත්ත ආතල් එක???

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න