.

.

Apr 25, 2019

ඉල්ලාගෙනම කා බයෙන් ජීවත් වීම



බොහෝ උන්ගේ බුකි පෝස්ට් කියවන විට, බොහෝ දුක හිතෙනවාය.

මුන් බොහෝ පිරිසක් 2009 මැයි මාසයට පෙර රටේ ජන ජීවිතය, විශේෂයෙන් කොළඹ ජන ජීවිතය අමතක වූ උන් හෝ නොදන්නා උන් ය.

සති දෙකකින් සියල්ල අමතක වන උන් දැන් ජීවත් වෙන්නේ ප්‍රාණ බයෙකින්‍ ය.

මේ උන්මත්තකයින් දෙදෙනා බලයට පොරකන අතරේ, රට සෑම අතින්ම අගාදයටම යන බව අප කියද්දි උන් අපට කින්ඩිය දැමුවෝය.

ඇති එකම සොලියුෂන් එක චන්දයක් මගින් පත් කර ගැනීමට අප යෝජනා කළ විට, අප මිනීමරුවන් නැවත  පත් කිරීමට දගලනා තිරිසනුන් කළේය.

ඔවුන්ගේ අත්වලද ලේ තිබෙනා බව ලෝකයාම දන්නේ වුව, මේ උන්මත්තකයින්ට වඩා දෙයක් උන් මේ රටට කළේය.

වෙනත් විකල්පයන් පේන තෙක් මානයක නොමැති කල, නොදන්නා මළ පෙරේතයන් සැට්ටෙකකට වඩා දන්නා යක්කු එකම සොලියුසොන් එකය.

එහෙත්, සමනලුන්ට ඩිමොක්‍රසි ඊට වඩා ලොකු විය. ප්‍රකාශණයේ නිදහස ප්‍රධාන ආහාරය විය. උන් බුදුන් රස්තියාදුවේ ඇර, රාහුලගේ DNA වාර්ථාව සමාජයට දුන්නේය. කන්න නැතත් සල්ලි නැතත් නිදහස මාරයි කීවේය.

බයක් නැතිව ජීවත් වනවා යැයි කීවෙය.

එසේ බයක් නැතිව ජීවත් වීමට ඉඩ සැලැස්සූ උන් අමු මිනීමරුවෝ යැයි කීවේය.

යෝජනා කළ එකාට මිනීමැරුම් චෝදනා 10 - 20 පමණ තියෙනවා යැයි කීවේය.

පසු ගිය 22 වන ඉරිදා, යහපාලන උපාසක මහතුන් දෙදෙනා දැනට 350 ක් පමණ බ්‍රොයිලර් කුකුලන් සේ අමු අමුවේ මරා දමා ප්‍රෙස් කොන්පරන්ස් තබා ඉන්ගිරියෙන්ද අපට හිනා උනේය.

තවත් පන අදිනා උන් ඉස්පිරිතාලවල වැහි වැහලාය.

ඩිමොක්‍රසි දෙන එක කන පැලෙන්නම නොව මරාගෙන මැරෙන්නම දුන්නේය.

සහජීවනයෙන් ඔද වැඩුනු මුස්ලිම් සහෝදරවරු, අපේ ජනතාවට  පමණක් නොව විදෙස් ජනතාවටද, බැක් පැක් වල දමාගෙන ආ සහජීවන ටොපි ආදරයෙන් බෙදා දුන්නේය.

දැන් ඒ සහජීවන ඩිමොක්‍රසි සමනල්ලු එලි බහින්න බයේ තාම ඇදන් අස්සේ රිංගූ ගමන්‍ ය.

රෙද්දේ රෙවුනත් තාම එහෙම්මමය. කොළඹට එන්න බයය. කොළඹ පාලු නිසා එන්න බෑ කියනවාය.

අපි නම් සදුදා සිටම කොළඹ එන්නේය. රස්සාව කරන්නේය. සත පහක බයක් නැත්තේය. මන්ද අප පුල පුලා කීවේ 2009 මැයි වලට පෙර තිබූ දේවල් තොපට අමතක වෙලා තොපි මැරිලා ඉපදිලා කියලාය.

දැන්වත් ඒ තත්වය තොපිට දැනෙන්නට සැලැස්සු, ඒ මුස්ලිම් සහෝදරත්වයට අපි අපේ ගෞරවය පිරි නැමිය යුතුය.

ඒ මන්ද, මුන් ලොව සිටිනා නිර්භීතම ජාතිය නොව, ලොව සිටිනා බියගුලුම ජාතිය උන් බව උන්ම පිලිගන්නා නිසාය.

හතර විලි ලැජ්ජයි යකෝ..

42 comments:

  1. නෝ කොමෙන්ට් බ්‍රෝ...

    ReplyDelete
    Replies
    1. අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සැබෑ දේව පුත්‍ර‍යකි.උන්වහන්සේ ශ්‍රි ලංකාව සතර මහ අපායක් වීම වැලැක්විය. මෙම උතුම් ඥානාන්විත දුරදක්නා හැසීරීම ලංකාවේ අනෙක් කිසිදු ආගමික නායකත්වයකින් අපට බලාපොරොත්තු විය නොහැක. ඔබට පින් !

      Delete
  2. අතිගරු වේසිගෙපුතාට සහ ගරු බැල්ලිගෙ පුතාට තව්-(හිල්) ජමාද් පිහිටයි

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර හාජ්ජියර්ටත් තව්-(හිල්) ජමාද් පිහිටයි

      Delete
  3. 2015 ජනවාරි 08, මාතලන් ඇතුලු 6200,000 කට අදික ටොයියන් විසින් විසාල පුකේ අමාරුවකින් පත් කරගත් "මං දන්නෑ - මං හිතුවෙ නෑ"ආන්ඩුව රට කෑවා. අපේ උන්ගෙ ජීවිත විනාශ කලා ,තොපිට.......

    ReplyDelete
  4. මාතලන් ISIS සංවිධානයට සම්බන්ධ වී ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණි ලාංකිකයින් ගැන දැන සිටි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

    එය දැන සිටියද විදෙස් රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වීම නීතිය ක‍්‍රියාත්මක හේතුවක් නොවූ බවද විදෙස් සේවයක් වෙත සදහන් කර ඇත.

    ස්කයි නිවුස් වාර්තාව පහතින් දැක්වෙයි.


    Sky News Breaking

    @SkyNewsBreak· 2h
    Replying to @SkyNewsBreak

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News that there was a breakdown in government communications before the bombings on Easter Sunday which killed at least 359 people


    Sky News Breaking

    @SkyNewsBreak

    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    ReplyDelete
  5. අපිට නම් බෑග් එකක් අරං රෙදි කඩේකටවත් යන්න ඒවායේ සික්කො සික්කියෝ ඉඩ දෙන්නෑ,
    මේ ත්‍රස්තයෝ තඩි බෑග් පිටේ බැඳගෙන රටේ ප්‍රදානම ස්ථානවල සැරිසරන්නේ ගමේ යනවාටත් වඩා පහසුවෙන්. අනේ කාලේ ;;;;;;; වනේ වාසේ ;;;;,,,,,,,

    ReplyDelete
  6. මාත කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදී අත්අඩංගුවට ගන්නා ලද ජවිපෙ යාවජීව සාමාජිකයෙක් වන ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ එම ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට කිසිසේත්ම සම්බන්ධ යයි ජවිපෙ විශ්වාස නොකරන බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මේ අතර ‘යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම්’ නම් ප්‍රබල ජවිපෙ සාමාජිකයා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණයට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු වීම සම්බන්ධයෙන් එම පක්‍ෂය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

    ඔවුන් විසින් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ට අවස්ථාව දීමේ පදනමින් ඔහු ජාතික ලයිස්තුවට එක් කල බවයි.

    දශක ගණනාවක් පුරා ජවිපෙ ජයග්‍රහණය කරවීම සඳහා ජවිපෙ වෙනුවෙන් අතිවිශාල ලෙස මිලියන සිය දහස් ගණන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ව්‍යාපාරික අයටද හිමිවන 2015 ජනතා විමුක්ති පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට මෙම යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් එක්වෙන්නේ ‘ව්‍යාපාරික’ ලෙසයි.

    ReplyDelete
    Replies
    1. තවද ‘මහින්ද රාජපස්ස’ ‘පොදුජන පෙරමුණේ’ නොහොත් පොහොට්ටුවේ වත්තල නගරසබාවේ ගරු සබාපති ‘නව්ෂාඩ්’ මැතිතුමාගේ එක කුස උපන් සහෝදරයා පුපුරුන ද්රව්ය සහ සන්නිවේදන උපකරණ තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව මතක් කර සිටිමු.

      මේ වන විට පොහොට්ටු සබාපති දේසපේමි නවුෂාඩ් මැතිතුමා සැගවී පලාගොස් ඇත.

      මැලේ මුස්ලිම් ජාන සහිතව උපත ලැබූ මහින්ද රාජපස්ස තුමා අරාබි රටවල් මාගේ යාළුවන් යයි කියා ජිහාඩ් දේසපේමින් හැම එකාටම වීසා දී මේක අස්සේ ඔබාගත් අතර................

      මහින්ද නානාට බෝම්බ ඇටක්කුව ගැන තොරතුරු ලැබී තිබුනද එලි නොකළේ බටහිර ක්රිකස්තියානි අන්තවාදීන්ගෙන් මවුබිම සහ ජිහාඩ් ජනතාව රැකගැනීම උදෙසා බවත් සිරාන්ති සහ ට්ට්යානා ලී එසේ නොවන බවත් දන්වා සිටිමු..............

      මුස්ලිම් බෝම්බකරුවන්ගේ පැට්ටරිය වන පලස්තීනයෙ මහින්ද රාජපස්ස නානා නමින් පාරක් පවා නම්කරමින් ජිහාඩ්-පොහොට්ටු මිතුදම පිලිබදව උපහාර ලබා තිබීම අපේ රටට ආඩම්බරයකි.

      එසේම 2005 කාලයේ නන්නත්තාර වී සිටි මුස්ලිම් අන්තවාදී පුරෝගාමී හකීම් මැතිතුමා දේසපෙමියෙකු බව සොයාගත්තේ මෙතුමාගේ රජය විසිනි....................

      ඒ අනුව ඊලග මැතිවරණයේදී පොහොට්ටුවට චන්දය දී වැඩි වැඩියෙන් ගරු නවුෂාඩ් මැතිතුමා වැනි දේසපේමී - ජිහාඩ් පේමි පොහොට්ටු සබාපතිවරුන් වැඩි වැඩියෙන් බිහිකර ගැනීමට ඔබගේ මනාපය දෙන මෙන් ඉල්ලා සිටිමු...................

      ගෝටා-බය මැතිතුමාද නවුෂාඩ් සමග අතුරුදහන් වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.........................

      Delete
  7. මාතලන් බොස් ඉරිදා ලංකාවේ සිදුවූ ප්‍රහාරයෙන් පසු මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලෙස ඊයේ වනතුරු වාර්තාවූ 359 අගය වැරදි බවත් එය 253 ලෙස නිවැරදි විය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බ්‍රහස්පතින්දා (අප්රේල් 25) සවස නිකුත් කළ නිවේදනයකින් දන්වා ඇත.

    මෙම මරණ සංඛ්‍යාව 359 ක් ලෙස බීබීසී, සීඒන්ඒන්, නිව්යොර්ක් ටයිම්ස් ඇතුළු ලෝකයේ ප්‍රධාන මාධ්‍ය වාර්තා වල පවා ප්‍රසිද්ධ කළ අතර එය දැන් ඔවුනටද නිවැරදි කරන්න යයි මෙම නිවේදනයෙන් ඉල්ලා ඇත.

    ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ මෙම වරද කළේ ජඩ මාධ්‍ය බවය. සෞඛ්‍ය අංශ වාර්තා අනුව 290 ආසන්න අගය පමණක් දන්වා ‍තිබුණ බවත් එම සංඛ්‍යාව ආසන්න අගයක් පමණක් වූ බවත් පවසන අධ්‍යක්ෂවරයා ඇතැම් මළ සිරුරු කොටස් වලින් වැරදි ලෙස පුද්ගලයින් එක අයෙකු දෙදෙනෙකු ලෙස සටහන් තැබීමෙන් වූ දෝෂය නිවැරදි කිරීමේදී 290-253 දක්වා අඩුවූ බව දන්වා ඇත.

    ලංකාවේ කලු ජඩ මාධ්‍ය මගින් වාර්තා කල මරන 359 අගයක් කිසිදු ලෙසක සෞඛ්‍ය අංශ මගින් දන්වා නැති බවත් ජඩ මාධ්‍ය මගින් ඒම අගය දක්වා තිබූ බවත් ඒම නිවේදනයේ සටහන්වේ.

    කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කර තිබුනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වන අතර 24 දා උදේ 8.15 ට අවසන් වරට මියගිය ගණන 359 ලෙස ලිඛිතවද දන්වා තිබුණි.

    ලෝකයේම අවධානය යොමුවූ ත්‍රස්ත ප්‍රහාරයක මරණ සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීමට නොහැකි වීම මෙම සිදුවීමට පෙර බුද්ධි අංශ පණිවිඩයට හරියාකාරව ක්‍රියා නොකිරීමේ අසමත්කම හා සමාන සිද්ධියක් බව බීබීසී දකුණු ආසියානු සංස්කාරිකා Jill McGivering උපහාසයෙන් යුතුව සටහන් තබා ඇත.

    හේතුව මොකක් වුනත් 100 ක වෙනසක් විය හෑකිද?

    ගොන් හේමසිරියා එක පාරක් ජාත්‍යන්තරේ හිනෑස්සුවා...

    අනේ මන්ද බන් ... සූඩානෙ, ඉතියෝපියාවෙ එවුනුත් ඈවිල්ල අපිට කෙලල යයි.. ඒ තරම් කුජීතයි රට !

    .... කාලය මෑවූ "වෙනසක" අරුමේ......

    ReplyDelete
  8. This weak govt is result of Sinhala disunity and unity of Tamil/Muslims. Govt knows about it, so this is still better for the govt than upsetting Muslims.

    Most of us ignored Monk Ganasara's concern as cheap propaganda. So many bloggers said that there is no Muslim radicalization. Its govt's job to investigate to find the fact. Only thing MS+Ranil wanted is more ministers and chance in 2020 election.
    Wijebahu

    ReplyDelete
  9. අයිසෙ මාතලන්
    අයි ටෝටලි ඇග්‍රි විත් යූ.

    ReplyDelete
  10. බෝම්බ ප්‍රහාරය​, ත්‍රස්තවාදය හා කුඩු මාෆියාව අතර සබදකම් තිබිය හැක.

    කොලඹ මහා කුළුබඩු, සෙල්ලම් බඩු, විසිතුරු බඩු ව්‍යාපාරිකයින් සේ පෙනීසිටින කෝටිපතියන් ගේ සත්‍ය බිස්නස් එක මත්කුඩු විමට බොහෝ ඉඩ තිබේ.

    ReplyDelete
  11. අවලාද කියනකොට මතක් වුනේ, එදා රාජපක්ෂ ආන්ඩුව පෙරලන්න ඕන කියලා රතු කොල අලි පැටව් ⁣ඒ දවස් වල කිව්වේ ප්‍රදාන හේතුවක් වන්නේ භීෂණය, මිනිස්සු බයෙන් ඒ කාලේ ජීවත් වුනේ කියලා.

    ඒ ආන්ඩුව පෙරලුවාට පස්සේ කිව්වේ දැං නම් මිනිස්සුන්ට බයක් නැතුව නිදහසේ හුස්ම ගන්න පුළුවන් කියලානෙ. "හුස්ම ගත්ත අවුරුදු 4 ක්" මේවා අවලාද නෙවෙයිද?

    සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවොත් ඒ කාලේ එයා බයෙන් හිටියද, එයාගෙ ඥාතියෙක් බයෙන් හිටියද, දන්න කෙනෙක් බයෙන් හිටියද කියලා මනුස්සයා කියන්නේ නෑ කියලා. මොකද පොදු ජනතාවට බයක් වෙන්න දෙයක් 2009-14 කාලෙ තිබුනේ නෑ මේ රටේ....

    ඔන්න දැං නම් භීෂණය කියන්නේ මොකද්ද කියලා රටේ මිනිස්සුන්ට තේරෙන්න ඕන..... භීෂණයට එරෙහිව රාජපක්ෂට විරුද්ධව ඡන්දෙ දීපු අයට “දැං සැපද?” කියලා මට නම් අහන්න පුළුවන්.

    ReplyDelete
  12. 'මේක තමයි අපේ රට- ජාතිය- ආගම බේරාගන්න ලැබෙන අන්තිම අවස්ථාව' කී වතාවක් නම් ඒ තැටිය අහලා තිබ්බත් අපේ බහුතරයක් ඒක විශ්වාස කරනවා. ඒ අතීතය හරිම ඉක්මනින් අමතක වෙන නිසා. ඒ ඒ වෙලාවට එක-එක පාට කන්නාඩි දමාගෙන මිසක් පියවි ඇහින් හැබෑව දකින්න සූදානම් නැති නිසා.
    මට හිතෙන්නේ ජාතියක් විදියටම අපි බිල්ලන්ට ආසයි. එතකොට අපට පුළුවන් වෙන ඕනෙම දේකදි බිල්ලාට(අනුන්ට/තව කාට හරි) ඇඟිල්ල උරුක් කරන්න; අපේ අතේ කසිම වැරද්දක් නැති බව කියන්න.
    අපිට බැරිද කාගෙ-කාගෙ අතිනුත් වෙලා තියෙන වැරදි විමසිල්ලෙන් මෙනෙහි කරන්න, ඉවසීමෙන්.
    පොඩිම උදාහරණයක් කියන්නම්. 2015 ජාතික ලැයිස්තුවට අන්තවාදියෙකුගේ තාත්තාව දාගත්ත එක ගැන මට හිතෙන විදියයි මේ. අවුරුදු හතරක් තිස්සේ මිනිහෙකුට වෙනස් වෙන්න බැරිද? තාත්තලා පුතාලා සේරම එකම අදහස් දරන්න ඕනෙද? එකම පවුලේ සහෝදර සහෝදරියන්, පිය-පුතුන්, මාමලා-බෑනලා, ලේලිලා-මාමලා, මස්සිනාලා වගේ කොච්චරක් නෑදෑයන් සහමුලින්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරමින් ඉන්නවාද?
    ජවිපෙ හිටි විමල් වීරවංශ මහත්තයා එහෙම පිටින්ම ඊට වෙනස් දේශපාලනයකට අනුගත වුණේ?
    ඔය කොච්චරවත් අය (සල්ලිවලට නං වෙන්න බැහැ) හිටි ගමන් එහාට-මෙහාට-අයෙත් එහාට කරණම් ගහන්නේ?
    ජාතික ලයිස්තුවේ හිටි කෙනෙකුගේ පුතෙකුට අවුරුදු හතරකදී හරි ඊට ඉස්සෙල්ලා ඉඳන් හරි තස්ත්රයෙක් වෙන්න බැරිද?
    මං ජේවීපී කෙනෙක් නෙවෙයි. කිසිම පක්ෂයකින් වරදාන ලබා ඇති කෙනෙකුත් නෙවෙයි.සර්ව නිර්දෝෂී- සර්වතෝභද්‍ර කෙනෙකුත් නෙවෙයි. ඒ ඒ අවස්ථාවේදී වඩා හොඳ යයි මට හැඟුණු විදියට යුඇන්පී, ශ්‍රීලංකා, ජේවීපී, ස්වාධීන පතිවලටයි මගේ ඡන්දය දාලා තියෙන්නේ. හැබැයි ඒ ඒ පක්ෂවලින් දමන අපේක්ෂකයන් තෝරන්නට ඡන්දදායක අපට කිසිම බලයක් නැති එක ගැනත් තරහකින් යුතුවයි, ඒ. ps කරන, මුට්ටිය අල්ලන, සල්ලියි- බලයයි තියන පාදඩයන් - නූගතුන්ම නේද වැඩියෙන්ම ලැයිස්තුවල ඉන්නේ?
    ඊළඟට ඔය මොන පක්ෂය ඇතුළෙද විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් තියෙන්නේ? වරදවා වටහාගන්න එපා, එහෙම එකක් තිබ්බොත් ඉක්මනින්ම එක කඩන් වැටෙයි කියලයි මං හිතන්නේ. හැබැයි යම් තරමක හරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මොන පක්ෂයේ ඇතුළෙද?
    හම්පඩ නාකි ගැත්තොයි, ඉත්තොයි, එහෙයියොයි, සට්ටඹියෝයි, ප්‍රශස්ති කියන්නොයි මරි-මෝඩ-අවස්ථාවාදීයෝයි අතරින් නේද අපට තෝරාගන්න වෙන්නේ?
    මාත් ඇතුළු මේ තත්වය යම් තරමකට හරි තේරුම් ගත්තු උදවිය ගත යුතු කාගෙ පැත්තද? රටේ අනාගතය තීරණය කරන ඡන්දදායකයෝ සේරම දේශපාලන වශයෙන් සබුද්ධිකද? සර්වජන ඡන්දය- මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය හරිද?
    වැරදි කරන- යුතුකම් ඉටු නොකරන දේශපාලකයන්ට පොදු ජතාව එරෙහිවෙන්නේ කවද්ද? උන්ව පන්නන බලයක් අපට තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අයියෝ.. මට බැරියෝ...කියල කට ගන්න තියල නැහැනෙ මාතෙ. බලපන්කො දීලා තියෙන මානවවාදී විදග්ඪ ටෝක් ටික... තේරුම් අරන් ලු ඉන්නෙ ඒත් කරන්න තියෙන දේ දන්නෙ නැහැලු.
      මට නම් ඉතින් ටක්කෙටම කියන්න පුලුවන් මේ වාහෙලා ඊලග පාරත් ප්‍රජාතන්ත්‍රවාදය, ඉදිරිගාමී නූතන සමාජයක් වෙනුවෙන් වටිනා මනාපය පල කරන හැටි... ඒ විදියටම අලුත්ගම, දිගන වගේ වුනා නම් අදහස් දාන විදිහ. " මතකනෙ පපුවට අත තියලා කියන්නෙ"......
      අනිත් එක දේශපාලුවෙක් ඔය නරා වලට බහින්නෙ 'බලය' කියන කාරනයට කියල දැනගන්න ඉතින් මැකියවෙලි කියවන්නම ඔනෙද? ඒකට ඇවිත් උන් කරන දෙවල් "වෙන්න පුලුවන්නෙ, ඔක්කොම එකයි" තියරි වලින් ඇනලයිස් කරද්දි ඉතින් හරි ශෝක් අනා....
      මේව දකිද්දි මතක් වෙන්නෙ ඒරිඅන් ශැරෝන් ලව... නෙතන්යාහු ලව.. ඔය තරම් නන්න පෝල් වෙන්න හොරා කියලා අහගත්ත නෙතන්යාහු අයෙත් අගමැති උනෙ මම හිතන්නෙ යුදෙව්වො - jewish lobby එක අපි වගේ නොවන පට්ට පසුගාමී කාන්තාර ඔටුවො හින්දා වෙන්න ඇති.. (මාතෙගෙන් පොඩ්ඩක් අහගන්නකො නගේ... පොරට ඔය ගොබ්බ හැත්ත තිත්ත වෙලා ඉදලා තියෙන්නෙ එහෙ හිටිය ටිකේ)
      මට නම් මාර ආතල් බන් මුන්ගෙ මේ කතා අහල.. පොලොවෙ පය ගහල, වටේට වෙන්නෙ මොනවද කියල මෙලෝ මලදානයක් නොදන්න එවුන් කියන ඒවට.. මට එකපාරක් මතකයි අලුත් පරපුරේ එකෙක්ද කොහෙද කියනවා මහින්දගෙ නම් දේශපාලනයක් කියල කියන්න දෙයක් නම් ඇත්තෙම නැ මොකද ඒක පාදඩ,අමන, මැර ක්‍රමයක් නිසා කියල... ඡින්තනද කොහෙද... දැන් රනිල් දෙන ෆන් වලින් ඌ දේශපාලනය දකිනව ඇති.
      තව මතක් වෙනව කුස්සි අම්ම කියපු උන්ද 71 උන්ට පුපට දුන්න හැටි... මව් කරුණාව නෙතුව අරූ ලේ පෙරාගෙන ආපු වෙලේ ශොට් එක දෙන්න කිවන්නම් ඇරෙන්න වෙන කිසිම පරහක් නැති වෙන්න වැඩේ කලා.. ඒකට දැන් ඉන්න ඩබල..
      මේ රටේ වැරදි අඩුපාඩු දාහක් අතරින් හරි අන්තිමට ඉතුරු වෙන දෙයක් කලේ ඔය බුලට් බඩු ටික විතරයි.. සිරිමා, ජූලියස්, ප්‍රේමෙ, මරා......ඒකට දැන් ඉන්න ඩබල..
      හරි මිනිහා හරි තැනට දාන එකවත් මුන්ට කරගන්න බැහැනෙ.. වටෙටම ඉන්න උන් එපා කියද්දි 2005 හමුදාපති පත් කරපු විදිය මතකනෙ.. (මිනිහා දැන් වැඩේට සුදුසුයි කියනව නෙමේ) UDA එකට උනත් city planners la set කරගෙන වැඩ කරපු විදිය එහෙම බලපුවහම මිනිහ අවුරුදු 5 ක් හිටියොත් මොනව හරි ඉතුරු කරල යයිනෙ... නැද්ද ..ඒකට දැන් ඉන්න ඩබල.. ආර්තිකේ ඇනිබල් අක්කා තියපු රෙකෝඩ්ස් ටිකත් මේ අවුරුද්දෙ අන්තිමට කඩයි මේ යන විදියට..
      එ වුනාට ඉතින් මේව මොන ගොබ්බ කතාද.... නගාලා හොදට හිතල බලලා තේරුම් අරන් සුපිරි ගේමක් දෙන්නකො... නැ මේ කිව්වෙ... සුන්දර මිනිසත් අනාගතයකට පියවර නගන්නකො.... !!!

      Delete
  13. අයිසෙ මාතලන් කලින් කැට හොල්ල හොල්ල බස් ගානෙ ගිය ජවිපෙ දැන් ලංකාවෙ පොහොසත්ම පක්ශය වෙලා. 2014 කන්න හාල් පොල් හොයාගන්නෙ අමාරුවෙන් කියපු ලාල්කාන්තල අනුර කුමාරලගෙ ළමයි අද Prestigious Foreign Accredited Private Universities වල ඉගෙන ගන්නෙ. මන්ත්‍රී වැටුපත් පක්ශෙට දෙන මෙයාලට කොහොමද ඔහොම සල්ලියක්..???

    නිතර රට සවාරි. ඒවත් business class. ජවිපෙට මේ සල්ලි එන්නෙ ඇමරිකාවෙන් කොන්‍ත්‍රාත් වලට කියල හිතාගෙන ඉදියෙ. ඒත් දැන් ඒ විතරක් නෙමෙයි වගේ.

    ජවිපෙ 2015 ජාතික ලයිස්තුවෙ ඉදපු Al Haj Mohammed Ibrahim කියන ත්‍රස්තවාදීයා ජවිපෙන් හදුන්වන්නෙ ව්‍යාපාරිකයෙක් හැටියට. ඔහු බතියුදීන්ගේ සහායෙන් හොරෙන් බාල ගම්මිරිස් ලාබෙට රටින් ගෙන්වා ශ්‍රී ලන්කන් ඔරිගිනල් නැචුරල් ගම්මිරිස් ලෙස බැජ් ගසා රට පටවමින් සහ තවත් නොයෙක් හොර ජාවාරම් වලින් ලංකාවෙ කුළුබඩු වෙළදාමෙ 3 වෙනි තැනට ඉන්නෙ. මේ ත්‍රස්තවාදීන් ජවිපෙට මුදල් පරිත්‍යාග කරලම නැද්ද?? අනිත් අයට හොරු හොරු කියල චෝදනා කරන ජවිපෙට මේ ගැන තියෙන පැහැදිලි කිරීම මොකද්ද? ජවිපෙට කඩේ යන අම්බරුවො ටික මේ ගැන මොකද කියන්නෙ???

    ReplyDelete
    Replies
    1. Anonymous April 25, 2019 at 11:33 PM

      //ජවිපෙ 2015 ජාතික ලයිස්තුවෙ ඉදපු Al Haj Mohammed Ibrahim කියන ත්‍රස්තවාදීයා ජවිපෙන් හදුන්වන්නෙ ව්‍යාපාරිකයෙක් හැටියට. ඔහු බතියුදීන්ගේ සහායෙන් හොරෙන් බාල ගම්මිරිස් ලාබෙට රටින් ගෙන්වා ශ්‍රී ලන්කන් ඔරිගිනල් නැචුරල් ගම්මිරිස් ලෙස බැජ් ගසා රට පටවමින් සහ තවත් නොයෙක් හොර ජාවාරම් වලින් ලංකාවෙ කුළුබඩු වෙළදාමෙ 3 වෙනි තැනට ඉන්නෙ. //

      බදියුදීන් අනපේක්ෂිත ලෙස ගම්මිරිස් වල ආනයන බදු අඩුකරපු ගමන් 1,000 ට තිබුණු ගම්මිරිස් කිලෝව 250 ට බැස්ස , මුගේ යටතේ තමයි ගම්මිරිස් අපනයන අධිකාරිය තිබුනේ, උන් කරේ ගමේ අහිංසක මිනිහගෙන් ගම්මිරිස් අඩුවට අරගෙන වැඩි මිලට අපනයන කළා. මෙහින් කඳ හරහා වැදුනේ ගමේ ගොඩේ අහිංසක ගම්මිරිස් වගා කරුවන් ට.

      මුන් ආදායම් ලබාගත්ත හැටි, බදියුදීන්ගේ බදු ඉවත්කිරීමෙන් මුන්ට ලැබුණු අධික ලාභ ගැන සොයා බැලිය යුතුයි, අන්තිමට ඒවායින් බෝම්බ හදල අපිට ම කෙලියා !!

      Delete
    2. තවද ‘මහින්ද රාජපස්ස’ ‘පොදුජන පෙරමුණේ’ නොහොත් පොහොට්ටුවේ වත්තල නගරසබාවේ ගරු සබාපති ‘නව්ෂාඩ්’ මැතිතුමාගේ එක කුස උපන් සහෝදරයා පුපුරුන ද්රව්ය සහ සන්නිවේදන උපකරණ තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව මතක් කර සිටිමු.

      මේ වන විට පොහොට්ටු සබාපති දේසපේමි නවුෂාඩ් මැතිතුමා සැගවී පලාගොස් ඇත.

      ගෝටා-බය මැතිතුමාද නවුෂාඩ් සමග අතුරුදහන් වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.........................

      Delete
    3. Anonymous April 26, 2019 at 1:17 AM

      පිස්සුද හැටිද... පිස්සන් කොටුවේ එකෙක් ෆෝන් එකක් තියන් කොටනවද කොහෙද.. නැත්නම් මූ රටේ උන දේවල් දන්නේ නැතී පිටසක්වල ජීවියෙක් ද කොහෙද...

      Delete
  14. තමුන් ත්‍රස්තවාදයට විරුද්ධයි කියලා කියන, facebookවල දාන මුස්ලිම් කෙනෙක් දැක්කොත් මෙහෙම කරන්න.

    කුරානයේ සහ හදීත්වල ත්‍රස්තවාදයට අනුබලදෙන එක වාක්‍යයක්වත් නැතිබව අල්ලාගේ නාමයෙන් දිවුරන්න කියන්න. දිවුරන්න බැරිනම් ආගම අතහරින්න කියන්න.
    ඒත් බැරිනම් ඔහු ඔබේ සතුරෙක්.
    මේ පනිවිඩය හැමෝටම බෙදා හරින්න.

    ReplyDelete
  15. මාතේ රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මෙවර TV දෙරන - Talk with Chatura වැඩසටහන සමඟ එක්විය. පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය සිවිල් යුධ සමයේ දී තමන්ගේ අත්දැකීම් ගණනාවක් ද මෙහිදී අනාවරණය කර සිටියේය.

    ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද අදහස් පළකරමින්, පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනයේ පෙරළියක් ඇතිවුණු අයුරු ව්‍යාකූලත්ව න්‍යාය ඇසුරෙන් ඔහු මෙසේ පැහැදිලි කර සිටියේය.

    “මෙතන දී මම පදනම විදියට යොදා ගත්තේ ව්‍යාකූලත්ව න්‍යාය. යුද්දෙන් පස්සේ රටේ අවුරුදු 30 කින් නොතිබුණු ස්ථාවර තත්ත්වයක් ඇතිවුණා. අවිධිමත්භාවයක සිට විධිමත්භාවයකට පැමිණි කල, එය රැකගන්න බලවත් උත්සාහයක් දරන්න ඕනේ. වතුර ටිකක් ෆ්‍රීසර් එකට දැම්මොත් ඒක අයිස් වෙනවා. අපිට අයිස්, අසිය් විදියට තියාගන්න නම්, එය අයිස් බඳුනක තැන්පත් කරන්න ඕනේ.“

    “2009 අපි ඇත කළ ස්ථායීත්වය අපි ආරක්ෂා කළේ නැහැ. ස්ථාවරත්වයක් ඇති කරලා එය නොසලකා හැරියොත් එය අස්ථාවරභාවයකට යනවා. ලැබුණු ජයග්‍රහණයෙන් වුවමනාවට වඩා උද්ධාමයට පත්වෙලා, ඇති කරපු ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් නොකර, ඒක අවිධිමත්භාවයට යන්න අවශ්‍ය දේවල් කළේ.“

    “2011-2015 වෙනකම් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා මට පේන හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි කියලා. ඕනම දෙයක් අවිධිමත්භාවයට යන කොට ඒක විධිමත් කරන්න අවශ්‍ය බලවේගය ඉබේ මතුවෙනවා, නැතිනම් ස්වභාවධර්මයා විසින් මතු කරලා දෙනවා. මම දැනගත්තා ප්‍රතිවිරෝධනය මතුවෙන්නේ අභ්‍යන්තරයෙන්ම බව. මම කිව්වා මගේ මතය අනුව මීළඟ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. ඒ 2013 අගෝස්තු 06 වෙනිදා. ඒ මතය හරියට හරිගියා.“

    “2020 දි මම දකින්නේ ප්‍රතිවිරෝධී, ප්‍රතිගාමී බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි, සියලු පක්ෂවලට එරෙහිව. දැනට ඉන්න පක්ෂ අතරෙන් කෙනෙක් හොයලා අපි රට භාරදෙනවාද. එහෙම නැත්නම් අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාර දෙනවාද කියනා එක තමයි ඊළඟ 2020 ජනාධිපතිවරණයේ දී නිර්ණායකය වෙන්නේ. මෙය ලෝකයේ බොහෝ රටවල වෙලා තියෙනවා. මේ දේ ප්‍රවණතාවයක් විදියට ලෝකයේ මේ වෙන කොට වෙලා තියෙනවා.“

    “අවශ්‍ය කරන බලවේගය ස්වභාවධර්මයා විසින් මතුකරලා දේවි.“

    ReplyDelete
  16. අජිත් රෝහණ කොලොන්නේ විතරක් නොවෙයි හැමෝම ලකුණු දාගන්න බලනවා.
    "මවිසින් දියත්කල මත ද්‍රව්‍ය වලට එරෙහි ව්‍යාපාරය මෙම ප්‍රහාරයට හේතු විය හැකියි" -ජනාධිපති
    මට පේන විධියට මොළේ ඇති වැඩක් කරලා දිවි දුන්නේ මඩකලපුවේ බෝම්බකරුට පල්ලිය ඇතුලට යාම අවහිර කල රමේෂ් රාජා.

    ReplyDelete
  17. බෝම්බ බියක් ‌මෙරට තිබු බව අමතක කර සමනලුන්ට කනේ පාරක්

    ReplyDelete
  18. මාතලන්, මේ අවස්ථාවේ දී රජය හැකි පමන ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා ඉදිරියට දමා ඔහුට ජනතාවගෙන් ලකුණු ලබා ගැනීමට අවස්ථාව දිය යුතුයි.

    එජාප + ජවිපෙ + ටීඑන් ඒ සහ මුස්ලිම් පක්ෂ ප්‍රමුඛ සියලුම ලිබරල්වාදී කණ්ඩායම් එක්සත් ලෙස ෆීල්ඩ් මාශල් ෆොන්සේකා බලවත් කිරීමටත් ඒ හරහා මරාගේ අශ්වයා වන ගෝඨාභය රැල්ල දුර්වල කර මරාවාදීන්ගේ කැම්පේන් එක විනාශ කල යුතුයි.

    හැකිපමණ මැතිවරණ කල්දමා ව්ත්මන් පාර්ලිමේන්තුව එලෙසින්ම තබාගත යුතු අතර පඹසේනව එලවා තනිකර එජාප රජයක් පිහිටුවීමට නම් ඉක්මණින් ජනපතිවරනය පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

    කරු ජයසූරිය ජනාධිපති ධුරයට පත් වන, සරත් ෆොන්සේකා අගමැති වන ශ‍්‍රී ලංකාවක් යනු හිටපු ලක්ෂ 62 ජන සන්නිපාත්යට යම් බලාපොරොත්තු සහගත තත්වයක් ලෙස යෝජනා කළ හැකි ය.

    මෙසේ ෆොන්සේකා අගමැති කරන බවත් ඊට කරු ජනපති කළ යුතු බවත් කියා ෆොනී ඉස්සරහට දමා කැම්පේන් කළ යුතුයි. කෙසේ හෝ ෆොන්සේකා මහතා මාකට් කර ඒ හරහා කෙසේ හෝ කරූ ජයසූරිය ජනපති කිරීම කළ හැකි නම් අගනේය. ඉන් පසුව රනිල්ගේ රූකඩයක් වන කරූ ජයසූරිය හරහා රනිල්ව අගමැති කර වත්මන් එජාප පාලනය වඩාත් ශක්තිමත් ලෙස ගෙන යා හැකිය. මෙය මේ අවස්ථාවේ එජාපයට ඇති හොඳම විසඳුමයි.

    ReplyDelete
  19. මාතලන් අයියා මේ පාර අපේ ගමේ මහා බත් ද්න්සැලට එන්නෙ නැතෙයි.

    ReplyDelete
  20. මුස්ලිම් පක්ෂ සහ UNP + TNA + JVP ජවිපෙ වහලුන්ට අනුව මේ සුළු සිද්දි වලට සම්බන්ධ සියලු දෙනාට සමාව දී වහාම ම.රා. බැ.රා. ගෝ.රා. හිරේ දැමිය යුතුයි. එතකොට රටේ ෂන්හිඳියාව ශක්තිමත් වේ ල. මාතලං අයියත් එහෙම හිතනවද?

    ReplyDelete
  21. මේපාර වෙසක් එකට සිරිසඟබෝ කතාව තියෙන තොරණක් හදනවා. ඔයත් ඇවිත් ඒකෙ කොටසක් වෙන්න.

    ReplyDelete
  22. පොසොං එක වෙනකොට,

    විදග්ධ, උගත්, බුද්ධිමත් සෙට් එක මේක කපල කොටලා ඇනලයිස් කරල ගානට ඔප්පු කරයි, මේක පැල කලේ සෝම හාමුදුරුවන්ය, මේකට පෝර දැම්මේ මහින්දය, වතුර දැම්මේ සිංහල බෞද්දයින්ය, දැන් පල නෙලන්නේ ගෝධාභය කියල.....

    කොලඹ හතේ සෙට් එක සහෝදරත්වයේ නාමයෙන් කාත්තන්කූඩියේ පොසොන් දන්සැලක් දායි....

    අර නළුනිලි සෙට් එක බුර්කා ඇඳගෙන කොටුව ස්ටේෂන් එක ඉස්සරහා පිකටි කරයි බුර්කාව කාන්තා අයිතියකි කියලා....

    අන්තවාද මැඩලන්න කරපු මෙහෙය වෙනුවෙන් බදුර්දීන්ට, මුජිබර්ට, අසාද් සාලිට දේශප්‍රේමී, ජාතිමාමක සම්මාන ලැබෙයි....

    ජෙප්පො පොදු අපේක්ෂකයෙක් හොය හොය පාරවල්ගානේ යයි...
    ත්‍රස්තවාදය නිම කල අගමැති සදා සැරදේ කියල රට වටේ පෝස්ටර් ගහලා තියෙයි....

    මොරගහකන්දේ වතුර කාත්තන්කූඩියට හරවන්න මම උපදෙස් දුන්නා කියලා ජනාධිපති ප්‍රකාශ කරයි...

    ******...................

    ***************..................

    ................................................................................................................................................

    ReplyDelete
  23. අසංග පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුණු ජීවිත වල වගකීම ත්‍රස්තවාදින් වගේම ආණ්ඩුව සහ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවත් භාර ගත යුතුයි. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක යටිතල පහසුකම් කඩා බිඳ දැම්මේ යුද්ධය ජයග්‍රහණය කළ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා ප්‍රධානින් උසාවි ගෙනෙවිත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනතාවට කිව්වේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කළ නිසා.

    ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදින්ට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා. ත්‍රස්තවාදින් එහි නායකයන් සිහි කිරීමට උත්සව පැවැත්වීම නීත්‍යානුකූල කළා. රණවිරුවන් හිරේ දාන ගමන් කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා. ආණ්ඩුව ජනතාවට දුන්නු පණිවිඩය තමයි ඔබේ දරුවා රණවිරුවෙකු නොව ත්‍රස්තවාදියෙකු කරන්න” කියන එක. අපි දන්නව මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන් හා මුස්ලිම්වරුන් අතර ඇති ප්‍රශ්නයක් නිසා නොවෙයි. ජාත්‍යන්තර අයිඑස් අයිඑස් සංවිධානයේ අවශ්‍යතාවයටයි. අයිඑස්අයිඑස් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව තෝරා ගත්තේ එකම හේතුවක් නිසයි. ඒ තමයි ලංකාවේ බුද්ධි අංශ විනාශ කරලා හමුදාව මානසිකව වට්ටවලා ත්‍රස්තවාදයේ තෝතැන්නක් වී තිබුණු නිසා. ආණ්ඩුව මේ සියල්ල කලේ මානව හිමිකම් සභාවේ සම්මත වුණු යෝජනා අනුවයි. ඕවා කරන්න කියලා අපේ ආණ්ඩුවට බලපෑම් ආවාම අපි නම් බෑ කිව්වා. කොන්ද පණ නැති මේ ආණ්ඩුව නොරටුන් කියන කියන පදයට නැටුවා. ආණ්ඩුව වසර හතරක් පුරා වැපිර‍ෑ බීජ වල අස්වැන්න තමයි ඔය නෙලලා තිබෙන්නේ. ආණ්ඩුව එතැනට තල්ලු කළ අද බොරුවට කිඹුල් කදුලු හෙලන බටහිර රටවල් ප්‍රමුඛ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව මේ විනාශ වුණු සෑම ජීවිතයකම වගකීම ගන්න ඕන.

    ක්ෂණිකව ෆේස්බුක් තහනම්. ඒත් තව්හිත් ජමාත් තහනම් කලේ නෑති ලංකාව අපූරු රටක්. ත්‍රස්තවාදි ක්‍රියාව කළ ජාතික තව්හිත් ජමාත් තහනම් නොකර හුරතල් කරා, ඒත් ෆේස්බුක් තහනම්. ත්‍රස්තවාදි ක්‍රියාව මෙහෙයවූ අයිඑස්අයිඑස් තහනම් නෑ. නමුත් යූටියුබ් තහනම්.

    රටේ ප්‍රශ්නයක් වුණු ගමන් සමාජ ජාලා තහනම් කරන ලොව එකම රට ලංකාවයි. තාක්ෂණය දියුණු ලෝකයේ සමාජ ජාලා තහනම විහිළුවක්. අද කවුරුත් වරචුවල් ප්‍රයිවට් නෙට්ර්වක් හෙවත් වීපිඑන් භාවිතා කර සමාජ ජාලා වලට ගොඩ වෙනවා. ඒක කමක් නෑ කියමුකො. තහනම තිබිය දී ජනාධිපති අගමැති සමාජ ජාලා වලට පණිවිඩ එකතු කරනවා. ඒ නිසා ලෝකය ඉදිරියේ තවදුරටත් විහිළුවක් නොවී මේ තහනම් ඉවත් කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

    සමාජ ජාලා තහනම් කරලා තිබෙන්නේ වෛරි ප්‍රකාශ පැතිරීමේ අවදානම නිසාලු. අපි නම් සමාජජාලා හරහා වෛරි ප්‍රකාශ පතුරනවා දැක්කේ නෑ. ඒ වෙනුවට දැක්කේ සැක කටයුතු වාහන පිළිබඳ තොරතුරු ලේ බැංකුවට අවශ්‍ය ලේ පිළිබඳ තොරතුරු පතුරන්න සමාජ ජාලා භාවිතා කරනවායි. ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳේ නිදා ගෙන ඉන්න කොට. දැන් ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද? ඊ ළඟට වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ වාහන වල ගමන් කරන අතරේ. දැන් වාහනවල ගමන් කිරීමත් තහනම් කරනවා ද? ඒ නිසා ජාතිය අඬන මොහොතක ජාතියට විහිළු සැපයීම නවත්වලා සමාජජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලමු.

    ReplyDelete
    Replies
    1. ජනාධිපති ආරක්ෂක ලේකම්ටත් පොලිස්පතිටත් ඉවත් වෙන්න නියෝග කරලා දැන් දවස් දෙකකටත් වැඩියි. ආරක්ෂක ලේකම් ඉවත් වුණා. නමුත් පොලිස්පති ඉවත් වුණේ නෑ. ආරක්ෂක ලේකම් නම් ඉවත් නොවුණොත් ජනාධිපතිට ඉවත් කරන්න පුළුවන්. නමුත් පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බෑ. 2002 අංක 5 දරණ නිලධාරින් ඉවත් කිරීමේ (කාරිය පටිපාටි) පනත අනුව පාරලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 113ක් සහය දෙන යෝජනාවක් සම්මත වුණොත් පමණයි පොලිස්පති ඉවත් කළ හැක්කේ. පාරලිමේන්තු බහුතරය තිබෙන්නේ අගමැතිගේ එජාපයටයි ජවිපෙ සහ TNAට. පසුගිය වසර තුන පුරාවට පොලිස්පති කෙතරම් පිස්සු නැටුවත් මේ විනාශය වන තුරු ඔහුට තනතුර බේරා ගන්න පුළුවන් වුණේ අගමැතිගේ ආශිරවාදය තිබුණු නිසා. මේ මහා විනාශයට ඔහු විසින් පාර කපන තුරුම ඔහුට මේ තනතුරේ වැජබෙන්න පුළුවන් වුනේ එජාපය ඔහුව රකින ප්‍රථිපත්තියක සිටි නිසයි. ජනපති අස් වෙන්න කිව්වත් පූජිත අස් නොවෙන්නේ පොලිස්පතිව අස් කිරීමට අවශ්‍ය පාරලිමේන්තු බහුතර බලය තිබෙන අගමැති විසින් අස් නොවන ලෙස උපදෙස් දී තිබෙන නිසා ද කියන සාධාරණ සැකය අපට දැන් මතු වෙනවා.

      ආණ්ඩුව අපට ඇත්ත කියන්නේ කවදාද?

      ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන කිව්වේ 359ක් විධියට, හදිසියේම කියනවා. 359 වැරදියි. ඇත්ත ගණන 253යි කියලා. වෙන රටවල නම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මිය ගිය ගණන එන්න එන්න වැඩි වෙනවා. අපේ රටේ ඒක එන්න එන්න අඩු වෙනවා. මළමිනී ගණන් කර ගන්න බැරි මොන්ටිසෝරි ආණ්ඩුවක් ද අපට තිබෙන්නේ? මුළු ලෝකයම අපට හිනා වෙනවා.

      මේ ආණ්ඩුව කිව්ව එකම බොරුව නොවෙයි. ආරක්ෂක රාජ්‍ය ඇමති පාරලිමේන්තුවට කිව්වේ නවසීලන්තයේ ක්‍රයිස්ට්ර්චච් පල්ලි ප්‍රහාරයට පිලිතුරක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු කළා කියලා. නමුත් හැරෙන තැපෑලෙන් පිලිතුරු දුන්නු නවසීලන්ත අගමැතිතුමිය මෙම ප්‍රහාර දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිම තොරතුරක් නෑ කියලා කිව්වා. එහෙම කිව්වාම අපේ ඇමතිතුමා වහාම තමන් ඒ ප්‍රකාශය කරපු පදනම කියන්න එපායැ. ඒ වෙනුවට වලිගේ කකුල් දෙක අස්සේ ගහගෙන නිහඬ වුණා.

      ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අපට ලැබුණේ ඇමෙරිකාවෙන් කියලා එක ඇමතිවරයෙකු කිව්වා. ඒක කියලා කට ගන්න ලැබුණේ නෑ අනේ අපි නම් එවැනි තොරතුරක් දුන්නේ නෑ කියලා ඇමෙරිකානු තානාපතිතුමිය කියනවා. ආණ්ඩුව මෙහෙම ගල් පැලෙන බොරු කියන කොට ජනතාව ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? ජනතාව කටකතා විශ්වාස කරන්නේ ආණ්ඩුව විශ්වාස නැති නිසා. දැන්වත් ජනතාවට ඇත්ත කියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

      මේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ඇමතිවරු මේ ආණ්ඩුව තුළ ඉන්නවා. සර්වපාක්ෂික සමුළුවේදී විවෘතවම මේ පිළිබඳව කතා කළා.මේ ඇමතිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබෙනවා නම් මේ ත්‍රස්තවාදය පාලනය කිරීම මර්දනය කිරීම හරිම ලේසියි. උදාහරණයක් ලෙසින් ගත්තොත් බෝම්බ සඳහා අවශ්‍ය ලෝහ ලබාගෙන තියෙන්නේ කොහොමද. ඊබ්රහීම්ට වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. යුද හමුදාවේ පතුරොම් කාර්මික සංවර්ධණ මණ්ඩලයට ලබා දෙනවා. සුළු කර්මාන්තකරුවන්ට සහන මිලට ලබා දෙන්න. ඔවුන්ට ලබා දෙන්නට තියෙන මේ පතුරොම් රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාගේ බලපෑමට අර ඊබ්රහීම් ගේ කර්මාන්ත ශාලාවට තොග පිටින් ලබා දී තියෙනවා. කාර්මික සංවර්ධණ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන්ගේ විරෝධය තිබියදීයි ඇමතිවරයාගේ නියෝගයක් මත එසේ ලබා දෙන්නේ. ඉවත ලන පතුරම් ද බෝම්බ බවට පත්වෙලා හෝටල් කරා එන්නෙ? ඒ නිසා මේ ආණ්ඩුව තම ආණ්ඩුව තුළ සිටින මේ ප්‍රභලයන්ගේ සම්බන්ධය පිළිඅරගෙන ඔවුන්ට නීතිය ක්‍රියාතමක කරන තුරු ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ.

      Delete
  24. @ Jagath Pathirana,

    මුහම්මද් නබි මුලින් විවාහ වුනේ ඛදීජා කියලා නෙනෙක් එක්ක, එයාලා ක්‍රිස්තියානි. වරඛා ඉබ්න් නොව්ෆල් කියලා ඛදීජාගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා. එයා ක්‍රිස්තියානි පූජකයෙක්. මුහම්මද් වුනත් මුලින් හිටියේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ, එයා මුලදී ඉස්ලාම් ආගම කියලා දේශනාකලේ බයිබල් කොටස් - පරණ තෙස්තමේන්තුවේ අදහස් වලට අනුව ඉස්ලාම් ආගම නිපදවා ඇති අතර එය බිහිවෙලා අවුරුදු 10කට පසු ඛදීජා මැරෙනවා. ඉන්පසු බහුල වශයෙන් විවාහ කර ගැනීම සමග මුහම්මද් තමන්ට කැමති විදියට අන්තවාදී අදහස් දේශනා කරනවා.

    ඔබ මුස්ලිම් බැතිමතුන්ගෙන් ආගම ගැන ඇහුවොත් ඔහු ඔබට කියලා දෙන්නේ ඛදීජා ජීවත් වෙලා ඉන්න කාලේ මුහම්මද් කියපු දේව වාක්‍ය කියන දේවල්. නමුත් ISIS හැසිරෙන්නේ මුහම්මද් අන්තිම කාලේ කියපු දේව වාක්‍ය අනුව.

    ඉස්ලාම් ආගමට අනුව වඩාක් වැදගත් දේව වාක්‍ය වන්නේ අන්තිම කාලේ කියපුවා. ඒවා කරන්න බැරිවිට පමණක් මුල් කාලයේ දේව වාක්‍ය පිලිපැදිය යුතුයි.

    එම නිසා මුස්ලිම් අය ප්‍රවේසම් සහිතව ආශ්‍රය කරන අතරම කිසිම මුස්ලිම් මිනිහෙක් 100% විශ්වාස කරන්න එපා. හොඳ මුස්ලිම් කියන්නේ හිටපු ex-muslim අය නැත්නම් අඩුම තරමේ non-practicing මුස්ලිම් අය විතරයි.

    ReplyDelete
  25. මල්ලි.. මල්ලි..
    ආ... මොකෝ මේ මහ රෑ..?
    මේ තියනවනම් රුපියල් 500ක් විතර දියන්කො. ගෙදර හාල් ඇටයක් නෑ බං...
    ඉදහං මං බලන්නම්...

    ආ මෙන්න.. මොකෝ මේ හදිස්සියෙ..?
    මාර වැඩක්නෙ මල්ලි උනේ.. මේ ජරමර අස්සෙ නිවුස් එකක් ආවනෙ අපේ ගෙවල් ලගත් බෝම්බයක් තියල කියල..
    නෑ...
    ඔවු බං.. මට දෙයියො සිහි උනා.. ඇයි බං අපිනේ මේ ලබ්බෙ යහපාලනේට දර දිය ඇද්දෙ..සංහිදියාවයි අරකයි මේකයි ගගා ලේ රහ වෙනකං කෑගැහුව.. ඉතින් මුන් මේ අපිටම කෙලින්න හදනවනෙ.. මට යස්ස කේන්තියක් බං ආවෙ... ඒ ෂොක් එකෙන්ම මම ස්ටේටස් එකක් දැම්ම ගෝඨ ආවොත් මම චන්දෙ දෙන්නෙ උට කියල... විනාඩි පහක්වත් තිබ්බෙ නෑ මම අයින් කලා, මම හිතුවෙ නෑ කවුරුවත් දැක්කයි කියලත්..
    ඉතින්..
    මට ඕක මතක තිබ්බෙත් නෑ බං.. මම අද බලනකොට බැංකුවට මේ සතියෙ සල්ලි වැටිල නෑ.. ඉතින් මම ලොක්කට කතා කලා ඕක අහන්නත් එක්ක... අම්මා.. මට බැන්න බං... ජීවිතේට අහල නෑ එහෙම කුනුහරුප.. කනෙන් එකයි... මොකෙක් හරි බල්ලෙක් ලොක්කට කේලම කියල බං.. වැලේ වැල් නැතුව ඉන්නෙ දැන්..

    ReplyDelete
  26. මේ අය ඉල්ලන් කෑමක් තියෙන්නේ. මැට්ටන්ට තේරෙන්නේ නැද්ද මන්දා 30 years යුද්දය 3 yrs වලින් ඉවර කරේ. සිංහයාගේ චරිත ස්වභාවය තමයි කම්මැලිව, තමන්ගේ පාඩුවේ ලැග නිදහසේ සිටීම. නමුත් කවරෙකු හෝ විසින් අවුස්සා නැගිට්ටවා ගතහොත් අනෙකුත් සතාට හිමිවන්නේ භයානක ඉරණමක්. සිංහලයන් සිංහයාට සමාන කරන්නේ ඔය හේතුව නිසාය.

    අපේ එවුන් කම්මැලියි, එකමුතු නෑ. හැබැයි බිත්තියට හේත්තු කලොත් Return එක Sure. මේකෙන් වෙන්නේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් නිකන් කරදරේ වැටෙන එකයි.

    ReplyDelete
  27. අද ප්‍රංශයේද මුස්ලිම් පල්ලි පවා තහන්ම් කොරන්න යන්නේ උන්ගේ හදවතටම කෙලලා ගියායින් පස්සේය. එම නිසා මෙළෝ වැඩක් නැතිව ඉන්නා බුද්ධි අංශ යොදා, වහාම මේ ගැන සොයා බැලිය යුතුමය. ජෙනරල් ෆොන්සේකා මෙන්ම ඝෝඨාභයලා උනත් මේ ගේමට එකතු කර ගන්නවාට කිසි අවුලක් නැත්තේය. මොකෝ මානව හිමිකම් හා අගමික නිදහස් රකින්න කියා ගෝනී බිල්ලෝ පාරේ යනකොට අවසානයේදි නැතිවෙන්න අපේ පුක නිසාය.
    Mathalange Thunkal Dakeema...... Salute Sir.....

    ReplyDelete
  28. යකෝ මාතලං ගිය ඉරිදා ඉදන් මේ වෙද්දී hotel බූකින් ඔක්කොම කැන්සල් වෙලා. Leasing, bank loan, other loans ගෙවාගන්න බෑ දැන්, පාර්ලිමේන්තු කට්ටියට, ISIS කට්ටියට රට අවුරුදු ගානක් මෙහෙම සංචාරක කර්මාන්තෙ වැටුණත් අවුලක් නෑ. උන්ට පරම්පරා ගානකට කළු සල්ලි තියෙනවා. අපි දහදුක් විදලා බැංකු ලෝන් දාල හෝටල් හදලා, දැන් වහ ගහන්න වෙලා තියෙන්නේ. පක්ෂ බේදේ නවත්තලා සිංහල කියලා පක්ෂයක් හදාගෙන ඔක්කොම එකතු වෙලා මේ කාලකන්නි මිනීමරුවෝ පරදවපල්ලා බං

    ReplyDelete
  29. 2015 mathalana UNO ekata kade yanakota mewa hithune nathayei

    ReplyDelete
  30. Dear Mr Mathalan, I have a question ,
    If you think that GR should be our next president , what is your view on
    weerawans
    gammanpila
    althugamage
    Mr silva who is in jail ..
    Lanza

    I have seen how your articles before 2015.. and do you think that the people I have mentioned above is changed now ,, or do you agree with their views as well .. ??


    ReplyDelete
  31. 2020 ජනාධිපතිවරණයට අනිවා ගොඨා එනවා. ගෝඨා එන එක පිටිපස්සෙ ඉන්නේ වියත් මගවත්, මහින්ද රාජපස්ෂවත් නෙවෙයි, ඇමරිකාව ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ. මෙච්චර කාලයක් ගෝඨාට ඉදිරිපත් වෙන්න බැරි වෙලා තිබුණ ප්‍රශ්ණේ ඇමරිකන් සිටිසන් කතාව. ඇමරිකාව ඒක එකපාරටම ලිහිල් කරලා ගෝඨාව රිලීස් කළා. ඒක වුනේ ඇමරිකාවෙ සහ රනිල්ගෙ උවමනාවට. රනිල්ට ඕනේ මහින්ද හෝ ඒ සම්බන්ධ කෙනෙක් එන එක නවත්තන්න සහ පෙරමුණේ ඡන්ද කඩන්න. ගොඨා එන එකෙන් ඒක නියමෙට වෙනවා. ඒත් ගෝඨාට දිනන්න බෑ. සිංහල ඡන්ද යම් පමණක් ලැබුණත් දෙමළ මුස්ලිම් ඡන්ද ගෝඨට ලැබෙන්නේ නෑ.

    ඊට පස්සේ දේශපාලනයට කිසිම සම්භන්ධයක් නැති ඒත් සමාජයේ පිළිගත්ත තවත් කෙනෙක් එනවා... ඒකත් වෙන්නේ රනිල්ගෙ අනුදැනුම ඇතිව... ඒත් ජනතාවට ඒ බව පෙන්වන්නේ නෑ. ඒ එන කෙනා සමාජයේ විතරක් නෙවෙයි මුළු් ලෝකෙයේම ගොඩක් රටවල පිළිගත්ත කෙනෙක්. (නාගානන්ද හෝ රොහාන් පල්ලෙවත්ත කියල මෝල්ලු දෙන්නා නෙවෙයෙි) ඒ එන කෙනාට මේක දිනන්න පුළුවන්.... ඊට පස්සේ ආයෙත් අගමැති රනිල්... මේ පොලිටිකල් ගේම් එක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් 2020 ජනාධිපතිවරණය දිහා බලාගෙන ඉන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න