.

.

Jul 2, 2019

පාතිමා හා පූජිත....



පූජිත යනු පොලිස්පතිකමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ....

ඔහුට හිමි දෑ සහ නිසි තැන .... දැන් ඔහු භුක්ති විදිමින් සිටී....

අම්මට සිරි ලංකාවේ දූෂිතම ආයතනයක් වන පොලීසිය ඔහු කෝලම් මඩුවක් කළේය....

පොලීසිය තිබුන තැනින්ද පහළට ඇද දැමුවේය...

පාතිමාගේ කතාව එලියට එන්නේද පොලිස්පති අත් අඩංගුවට පත් වූ දිනයේම වීම දෛවයේ අපූරූ සිදුවීමකි....

පාතිමා සිංහළ බෞද්ධ පුරුෂයකු හා විවාහ වීම නිසා (මේ කතාව දැන් බොහෝ අය දන්නවාය...) තම දරුවන් දෙදෙනා ඉදිරියේ ඇදුම් ඉරා ගල් හාමුගුරු වලින් පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගොස් පොලීසියට බාර දෙන්නේ... සහරාන්ලාම පමණක් නොවේ....

බන්ඩාරගම පොලීසියේ ධර්ම චක්කරේ අතේ ගසාගත් සහරාන්ලාගේද අධීක්ෂණය හා රැකවරණය යටතේය..... එක්කෝ පල්ලියෙන් මුන්ගේ කොන කපා තිබෙන්නට ඇතිය.... නැතහොත් මුන්ගේ සාක්කු පුරවන්නට ඇතිය....

මෙය සිදුවූයේ අරාබි රටක නම් අපට කිසි අවුලක් නැත්තේය....

මේ කාන්තාවන් මුස්ලිම් වූවද ශ්‍රී ලංකා මවගේ දියණියන්‍ වේ..... ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම..., රජයේ මෙන්ම පොලිස් කාන්තා කාර්‍යංශයේ යුතුකම හා වගකීමය....

එහෙත් පිස්සෙක් පොලිස් මහ පුටුවේ සිටියදී, අනෙක් උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වීමද එකම විකාරයකි....

බන්ඩාරගම පොලීසිය මේ කාන්තාවට විශාල වන්දියක් ලබා දිය යුතු අතර....,

එම වන්දිය පල්ලියෙන් ඉල්ලා ගත්තාට අපට අවුලක් ඇත්තේම නැතිය.....

8 comments:

  1. මාතේ, මේ කියනා විදිහට ඔය ගෑනු කෙනා සිංහල මනුස්සයෙක් එක්ක විවාහ වෙන්නේ කාලෙකට කලින්. එතකොට ඇයි මේ දැන් ඕකට ඇවිස්සෙන්නේ? දැන් හම්බයො මීක් නැතුව ඉන්නේ. උන්ගේ ලොක්කො පාට් දැම්මට. එතකොට කාලෙකට කලින් වෙච්ච සිද්ධියකට දැන් මේ ලෙඩක් වැටිලා ඉන්න වෙලාවක ගමේ එවුන් නිකන්ම අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගනී කියලා හිතනවද?අනික ඔච්චර සෙට් එකක් බැස්සා නම් ලොකු විනාශයක් කරලා තමයි බලන්නේ. 119න් ආවෙත් නෑ කියන්නේ මෙතන වෙන ගේමක් පිටිපස්සෙන් යන බව උඹ වගේ ඇලට් එකේ ඉන්න එකෙකුට පේන්නේ නැති වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. තැටි රත් උනාම තමා රොටි පුච්චන්නේ

      Delete
  2. එක නිතියක් නම් රටවල් දෙකකි. නිති දෙකක්නම් එක රටකි
    -වික්‍රමබාහු කර්ණාරත්න.

    ReplyDelete
  3. තිස් පස් දිනක්
    එක දිගටම
    පුද පූජාකලෙන්
    අත නෑරම
    හිමිට දළදා

    ලබා ගත්මැයි
    පොලිස්පතිකම
    කියපි පූජිත

    ලගින්නට කූඩුවේ
    කාටද පූජා කලේ
    පූජිත!

    ReplyDelete
  4. Not only Pujitha whole MS+UNP+JVP govt is unfit for anything useful. In a way Pujitha is a escape-goat for the sins of Ranil+MS and MS is a escape-goat for the since of JVP+Ranil.

    For UNP+JVP everything is Mr Sirisena's fault and they only MS is responsible for the mess we are in. Easter Sunday helped UNP to forget about economic mess they made, this blame game circus will go on till next election.

    UNP is so forgetful about the current mess (economic and national security) they are even talking about a next President from UNP.

    This time UNP is nominating former Colombo Mayor and 3 wheeler driver Uvais Mohomed Imitiyas, he will win the presidency, resign and hand over to Sajith Premadasa. Like he won the Mayor-ship and handed over to Sirisena Cooray.

    ReplyDelete
  5. Mr Mathalan මහතා,
    ඔබතුමා හිතන විදියට ගෝටා දිනයිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න