.

.

Mar 7, 2020

බැටල් ඔෆ් ද ගූස්.... හෙවත්... මහා කක්කා සටන



මේ සැරේ ඉලෙක්සොන් එක පට්ට ආතල් එකක් ගන්නට හැකි එකක්ය...

මෙතෙක් කල් ජනතාව හැම පක්ෂයේම උන් හොරුය කීවාට... පාක්ෂිකයා හා දේශපාලුවාට තමන්ගේ එකා පිරිසිදු නල්ල මලේ එකා විය.....

මට මතක විදියට පක්ෂවලට හෙන ගහන්න පටන් ගත්තේ ලොකු ප්‍රේමේ හෙවත් රණසිංහ ප්‍රේමදාසට ගෙනා දෝෂාබියෝගයේ සිටය...

සිරි ලංකා එකේ උන් එකා දෙන්නා කඩාගෙන ගොස් පක්ෂ පිහිට වූවද...  ඒවා ජනතාවට හෝ රටට හෝ මැතිවරණවලට හෝ විශාල බලපෑම් එල්ල කල ඒවා නොවීය....

එහෙත්, ලලිත් ගාමිණී රාජාලියාගෙන් පැමිණීම.... එජාපයේ විශාල පිපිරීමක් ඇති කලේය... දෝෂාභියෝගයේදී මොන තරම් චෝදනා දෙපැත්තට එල්ල කර ගත්තද... දෙපැත්තම කම්බා හොරුන් වූ නිසාමදෝ... එම චෝදනාව දෙපැත්තෙන් එකෙකුටවත් එල්ල නොවූයෙන්... අදටත් ඒ අය වැජඹෙන්නෝ මාරම සැට්ටෙකක් ලෙසය...

එහෙත් උන් දෙගොල්ලාගේම කෙරුවාවන් දන්නෝ දන්නවාය...

මහින්ද මහත්තයා මොන සෙල්ලම් දැම්මද... විමල් උස්සා ජේවීපීය කුඩු කලද.... එජාපය කුඩු කිරීම්ට උන්නැහේට පුලුවන් වූයේ නැත... කරූ උස්සා සෙල්ලමක් දැම්මද.... කරූට සිඳුවූයේ බල්ලා වගේ නැවත පැමින රනිල් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්නටය....

එහෙත් කිලී මහරාජා විසින්... එජාපයද, ශ්‍රීලනිපයද, සිරිසේන නම් නරුම දේශපාලුවා හරහා කුඩු කර දැමීමට ගතවූයේ ඉතා සුළු කාලයකි.....

ශ්‍රීලනිපය කුඩු වී එහි බහුතරය පොහොට්ටුවට ගියද... රනිල්ගේ දක්ෂතාවය හා සජිත්ගේ අදක්ෂතාවය නිසා.... සිරාගේ පාලන කාළය තුලම සිරිසේන ලවා සජිත් අගමැති කොට එජාපය කුඩු කර දැමීමේ වෑයම.... සිරිසේනට කෙලවෙන තෙක්ම කර ගැනීමට කිලී මහරාජාට හැකිවූයේ නැත...

නමුත් කිලීගේ මාධ්‍ය ජාලයෙන් රනිල් කම්බා හොරෙකු කල අතර... රනිල් පාර්ෂවය කීවේ නිවාස අධිකාරියේ හා මධ්‍යම සංස්ක්‍ෘතික අරමුදලේ මුදල් වලට සජියා කෙලපු බවය....

මේ අනුව එකිනෙකා හොරා කියන්නේ ප්‍රතිපාක්ෂිකයින් නොව එකපතේ කෑ එක පක්ෂයේම උන්ටමය..

ඒ අනුව සජිත් කියන්නේ රනිල්ලා හොරු කියලාය... රනිල් කියන්නේ සජිත්ලා හොරු කියලායා.... සිරිසේන කියන්නේ රාජපක්ෂලා කම්බා හොරු කියලාය... රාජපක්ෂලා කියන්නේ සිරිසේනට ගහන්න හොරෙක් එතෙක් මෙතෙක් බිහි උනේ නැතෙයි කියලාය....

ඒ අනුව බැටල් ඔෆ් ද ගූස් හෙවත්...  එකිනෙකාට ගූ ගසා ගැනීමේ මහා සටන දැන් ඇරඹිලා තියෙනවාය....

ඉදින් දැන් ජනතාව තීරණය කල යුත්තේ... මේ රටේ සම්පත් උලා කෑ කම්බා හොරුන් තව දුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවට යවා.... එය තව දුරටත් ගව ගාලක් කොරනවාද...

එසේ නොමැතිනම් චෝදනා කිසිත් නොමැති උන් පාර්ලිමේන්තුවට යවනවාද කියාය....

6 comments:

  1. සවුබාග්ගියේ,පුකේ දැක්ම..මාතලන්රෙද්දෙ රෙවුන ගෝටාගේ බත් බැලයෙක්..අමු ගං කබරයෙක්

    ReplyDelete
  2. Replies
    1. ඇන්තනි, මේකේ බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් නැතෙයි?

      Delete
  3. 'චෝදනා කිසිත් නොමැති උන් පාර්ලිමේන්තුවට යවනවාද කියාය'

    රටේ ජනාධිපති බයගෝතාටම කප්පරක් චෝදනා තියෙන එකේ අනික් උන් ගැන කවර කතාද.

    ReplyDelete
  4. රටක වෙසෙන මිනිසුන්ට ගැළපෙන පාලකයන් ලැබෙනු ඇති!

    ReplyDelete
  5. “ඉන්ධන මිල අඩු කලොත් ජනතාව රස්තියාදුවේ යන්න පුරුදු වෙයි” – ගොම්මංපිල

    ගොම්මංපිල විසින් ඉදිරියට කියන්නට නියමිත මසුරං කියමන්:

    - ආහාර මිල අඩු කළොත් මිනිස්සු පමණට වැඩියෙ කාලා බඩ පලා ගනියි

    - බෙහෙත් මිල අඩු කළොත් කැමැත්තෙන් ලෙඩ හදා ගනියි.

    - කොරොනාවට බෙහෙත් හොයා ගත්තොත් මිනිස්සු චීනයට යන්න පොර කයි

    - කොන්ඩම් මිල අඩු කළොත් මිනිස්සු හු k l ම නැහෙයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න