.

.

Mar 4, 2020

උපාධිදාරී රැකියා ලබා දිය යුතුය...




මැකෝ එම රැකියා ලබා දීමට කොක්ක ඇදීම මාතලන් නම් දකින්නේ අනුවන ක්‍රියාවක් ලෙසය...

මෙම රැකියා ලබා දීම හදිසියේ කළ දෙයක් නොවේ...

එය දේශපාලනයෙන් තොර අවංක වැඩපිලිවලක් බව මුල සිටම දිස්විය....

70000 ක් පමණ ඉල්ලීම් කලද.... ඇප්ලිකේසොන් එක නියමාකාරයෙන් පුරවා ගන්න බැරි උන් මුලින්ම හැලුනි....

ඉන් පසු සම්මුඛ පරීක්ෂණවලදී තව පිරිසක් හැලිනි....

සම්මුඛ පරීක්ෂණද සිදුවූයේ මෙතෙක් කලක් පැවති මජර සාම්ප්‍රදායෙන් සම්පූර්ණයෙන් බැහැරවය....

ඔවුන්ගේ පත්වීම් ලිපි ලබාදුන්නේ පාර්ලිමේන්‍තුව විසිරීමට පෙරය....

සියල්ල විනිවිදබාවයෙන් සිඳුවූයේ කිසිඳු දේශපාලන විවේචනවලින් තොරවය....

තේරී පත්වූවන් අතර ... ආන්ඩුවේ රැකියාවක් නිසා... මෙතෙක් කළ රැකියාවෙන් ඉවත් වූ අයද සිටිය හැක....

දැන් රැකියා ලැබුනාට වඩා නොලැබුනහොත්...., ඔවුන්ගේ පවුල් පිටින් ආන්ඩුවට චන්දය ලබා දෙනු ඇත....

රැකියාවක වටිනාකම දන්නේ රැකියාවක් නැති එකා හා... එක් දිනක් හෝ රැකියාව නොමැතිව උන් අය පමණි....

ආන්ඩුවේ රැකියා ලබා දීම් වලට පෞද්ගලිකව විරුද්ධ වුවද....

මෙහි කිසිම දේශපාලන අරමුනක් නොවූ බව මුල සිටම පෙනිනි...

මැකෝද.... අපද පතනා..... පොදු අරමුනක් කෙරේ වත්මන් ජනපති ගමන් කරනා බව පැහැදිලිව පෙනේ.....

එවන් අවංක පුද්ගලයකු, අවංක චේතනාවෙන් කල සද්කාර්‍යයකට, තම බලතල යොදා ගනිමින් හරස් වීම....

මැකෝ වැනි මානුෂිකත්වයට ගරු කරනා මිනිසකුගෙන් අප කිසිසේත් බලාපොරොත්තු නොවේ.....

රැකියාවක් යනූ මූලික මිනිස් අයිතිවාසිකමකි....

කෙහෙල්මල් චන්දයක් නිසා මිනිසකුගේ ආදායම් මාර්ගයක් මාස දෙකකට නවතා දමන්නේ නම්....

එය සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි යන්න මා නම් දන්නේ නැත...

මැකෝ සටන් කල යුත්තේ ජනපතිවරණයේදී, ගෙවිය යුතු මුදල් මෙතෙක් නොලැබුන උන් වෙනුවෙනි.....

5 comments:

  1. Replies
    1. .කොහේදෝ යන ආතක් පාතක් නැති ඔටු ලබ්බෙක්එංගලන්තය නම් රටක එකෙක් කියල ආතල් දෙනවා..ගෙයි ගෙම්බෝ කියන ජාතියත් ඔහොමයි පයින් ගහල එළියට විසි කරත් වැටෙන්නෙ ගේ දිහා බලාගෙන, මුනුත් එහෙමයි. ඉන්නේ රට කන්නෙ බොන්නේ බදු ගෙවන්නේ ඒ ඒ රට වලට. ඒ ඉඳගෙන සිංහලෙන් පොත් ලියනවා, බ්ලොග් ලියනවා, උපදෙස් දෙනවා, විග්‍රහ කරනවා, දාලගිය මව් රටේ ඉන්න උන්ට ඉගෙනගන්න බදු ගෙවපු දුප්පත් පෝසත් හැම එකාටම පොදුවේ පරිභව සහ අපහාස කරනවා...
      අනේ අපිව හදන්න නේ මෙච්චර මහන්සි වෙන්නෙ කියල හිතෙනකොට වාවන්නේ නැහැ දෙයියනේ...

      Delete
    2. උනන්දු කරනවට බොහොම ස්තුතියි

      Delete
  2. කියන විදිහටම කෙරෙනවා නම් වඩා සුදුසුයි.

    ReplyDelete
  3. "දැන් රැකියා ලැබුනාට වඩා නොලැබුනහොත්...., ඔවුන්ගේ පවුල් පිටින් ආන්ඩුවට චන්දය ලබා දෙනු ඇත...."

    මල්ලියා ඉතින් උඹම මේකේ හේතුව සැඟවුණු අමුත්තා වගේ ලියල තියෙන්නේ.
    උඹ ඔව්ව නොතේරුනාට මැකෝල මහින්ද මහත්තයල ගෝටාබය මහත්තයල ඔව්ව දැනගෙන බොහොම කල් බං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න