.

.

Oct 2, 2020

නොදැන කතරගං ගොස් අතරමං වී පීචං වීම

 


දැනගෙන ගියොත් කතරගං යා හැකි බවත් නොදැන ගියොත් ගියොත් අතරමං කියා අපූරු කියමනක් අපේ ජනවහරේ තියෙනවාය. අපේ නිහතමානි චමල් රාජපක්ෂ මතිතුමාට හා කමල් ගුණරත්න මහත්තයාටත් උනේ ඒ වාගේ වැඩක්ය.  ඒ විතරක්ද? කිසිසේත් නැත... 

ඇට නම ලක්ෂයක් බයියෝද අන්ත සරණ වී අතරමං වී පුක මූට්ටු වී සිටී. 

සාමාන්‍ය බයියෝ එසේ ඇදගෙන නෑවද, අනෙක් දෙන්නාද ඇදගෙනම නෑවේ, බෙරෙන්නට බයිලා ගසන්න ගොස්ය. එක්කෝ දෙන්නාටම තිබුනේ සද්දේ වහලා ඉන්නය. මේවා මේ දේශපාලනය නොදන්නා අයගේ පටු අදහස් කියා කීවානම් හොඳටෝම ඇතිය. ඇත්තටම චමල් මහත්තයා එසේ කියුවේය. 

සමාන්නියෙන් ඔය VIP පොරවල් කිසියම් තැනකට යාමට මත්තෙන් ෆුල් චෙකප් එකක් දෙනවාය. මම හිතන්නේ චමල්ටත් වඩා කමල් ගුණරත්නට ආරක්ෂාවක් ඇතයි කියලාය. 

ඒ නිසා යම් තැනකට යාමට පෙර එන්නේ මොකාද එන්නේ නැත්තේ මොකාද කියා සොයා බැලිම්මක් කරනවා ඇතයි කියා අප සිතන්නේය. එහෙම නොකරන්නේ නම් ඉදිරියට්වත් එහෙම කරනවා නම් මේ වාගේ පීචං වෙන්න ඕනා නැතිය. 

එහෙම එකෙක් ඇවිල්ලා ඉන්නවා නම් කරන්න තියෙන්නේ.. අර මර්වින් සිල්වා කලා වාගේ සංවිධාකයින්ගේ අම්මා අමතා... හොඳ හූවක් තබා හැරිලා ගෙදර එන එකය...

සමාන්නියෙන් මෙහෙම ප්‍රකාෂ වෙනදාට එන්නේ නැති උනත්, මේ වර ආවේ බයියන් කුලප්පු වූ නිසාය. රිෂාඩ් නොව ජීවත්ව උන්නේ නම් සහරාන් උනත් බලු කුක්කෝ කර තමන් ළඟට ගන්නා එක රාජපක්ෂලාට ඉතා පහසු වැඩය. 

එහෙම ගත් දරුණු ඝණයේ ත්‍රස්තවාදියෝ අද චිචීගේ බල්ලන්ටත් වඩා කීකරුව රාජප්ක්ෂලා ළඟ ඉන්නවාය. 

දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් කිරීමටද, ජාතිකවාදීන් සහජීවනයින් කිරීමටද, වාමවාදීන් පට්ට ලබරල්වාදීන් කිරීමටද, ලිබරල් වාදින් අමු බයියන් කිරීමටද රාජපක්ෂලා තරම් සමත් පිරිසක් මේ මිහිපිට ඇතයි කියා මාතලන් නම් විශ්වාස කරන්නේ නැතිය. 

ටොයියෝ යැයි කියා අපි හිතපු පට්ට ලිබරල් පොරවල් තැරි දාර පුනක්කු ගැසට් රිවස් පොල් ටේප් බයියෝ බවට පත්කලෝ රාජපක්ෂලාම මිස වෙනින් කවුරුත් නොවේය.

කොටින්ම මහානායක හාමුදුරුවද රාජපක්ෂලාට එහෙයි හාමුදුරුවනේ කියා කියනවාය. ඒවා ලේසියෙන් ලැබෙන්නේ නැති දේවල්ය. සමාර විට බුද්ධාගමට අනුව නම් ඒ පෙර පින්ය.

තත්වය එසේ යැයි කියා එයාලාට බලය දුන් අයගේ සිතුවිලිවලට හානී කිරීම අනතුරුදායකය. 

කලින් එහෙම කරලා හොඳවයින්ම පරිප්පුවක් එයාලා කාලා තියෙනවාය. සමාර අය නැවතුනේ ජනෙල් පොලුවලය. සමාර අය ඇමරිකාවේය. සමාර අය වැලිකඩය. 

බලය ලැබුනාම පිස්සු කෙලින්නේ නැතිව, මේවාත් මතක තබාගෙන වැඩ කිරීම අනාගතයට හොඳය. 

චමල් මහත්තයාට "පටු අදහස්" කතාව පැත්තකට දමා ප්‍රකාශයක් නිකුත් කරන්න වෙන්නේ ඒ අනුවය. 

එය ඇදගෙන නාමින් සිටී බයියන්ට ලැබුන තුවායක් හෙවත් ටවල් එකකි. දැන් ඇඟපත පිසදාගෙන ලැජ්ජාවක් නැතිව පාරේ බැහලා යන්න පුළුවන්ය. 

20 ට සහාය දීමට...., රිෂාඩ් ආන්ඩුවට සහාය දේද නොදේද කියා අප දන්නේ නැතිය. 

සජිත් නම් කියන්නේ අම්මා කෙනෙක් ගෙන් ජනිත වූ අයට එහෙම රාජපක්ෂලා ගාවට යන්න බැරියෙයි කියලාය. 

මද්දුම බංඩාර පුතා නම් කියන්නේ... ආන්ඩුවේ උන් එයාලා එක්ක 20 ට විරුද්ධව චන්දේ දෙන්න ඉන්නවා කියලාය.

එතකොට උන් අම්මාලාගෙන ජනිත වූ උන් නොවේදෝ කියා අම්මලා ගැන සදාචාරාත්මක ප්‍රශ්ණයක් අපට එනවාය.

මොන සෙල්ලම් දැම්මත් ජනතාව විසින් විරුද්ධ පිලේ උන්ගේ අම්මලාට පින් අනුමෝදම් කිරීම අනිවාර්යයෙන් වෙනවාමය.  

ඒවා එසේ වූවද,  අපට නම් කීමට ඇත්තේ.... 

බයියන් විසින් දන්දිනා හාමිනේගේ ගුණ ගායනා කරනා වැඩ නොකර ඉන්නවා නම් බොහෝම හොඳයි කියලාය. 

මන්ද මෙවර බලය ලබාගැනීම සඳහා... ගමේ හංදියේ රිෂාඩ්ලාට චන්දය දී ගමට එන්න එපා කියා  බැනර් දාපු උන්.... ඒ දේ නොකර සිටින්නේ නැතයි කියා... අපට වඩා හොඳින් මහින්ද මහත්තයා දන්නා නිසාමය...

පල්හෑල්ල අවසාන කිරීමට පෙර බුකියේ වූ නිර්මාණශීලී පෝස්ට් එකක් ගැනද කිව යුතුමය. 

කව්දෝ වෙසා කොල්ලෙක් කමල් ගුණරත්නගේ පෝස්ට් එකක් විදියට දලා තිබුනේ..

අර පිටිපස්සේ කළු කන්නාඩි දෙකක් දාගේන ඉන්නේ මම.... යැයි කියාය..


ඒ වගත් මේසේය....



17 comments:

  1. ඇත්ත මාතා මම හිතන්නේ රජයේ සමහරක් 20 පිටින් දාලා තමන්ගෙ වල තමන්ම කපාගන්න සැරසෙන සෙයාවක් පෙනෙන්නෙ. පසුගිය දා පැවති ඔය වව්නියාවෙදි හමුවිමත් අහබුවක් කියලා කියනවා සමහරු එතරමටම වහලුන් වෙලා. මමද වර්තමාන ගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට සමාජ මාධ්‍ය හරහා සහා මැතිවරණයෙදි සහාය දැක්වූ අතර ඒ රට වෙනුවෙන් මිස දේශපාලන වහාලෙකු වශයෙන් නෙමෙයි එමනිසා වැරදි විවෙචනය කිරීමටද පසුබට නොවේමි. නමුත් තවදුරටත් බලාසිටිනවා වෙනත් පැහැදිලි විකල්පයක් නොපෙනෙන නිසාවෙන්. මේ කතාව නම් ඇත්ත තමයි ඉතින්.

    ReplyDelete
  2. පාර්ලිමේන්තු මැතිවරණයෙදි හමිබන්තොට දිස්ත්‍රික්කයෙන්

    නාමල් රාජපක්ෂ 1
    මහින්ද අමරවීර 2
    චමල් රාජපක්ෂ 3

    ජනාධිපති සහ අගමැතිගෙ වැඩිමහල් සහෝදරයවෙලත්, දීර්ඝකාලයක් ඇමතිකමි දරලත් හමිබන්තොට මිනිස්සු මෙතුමා පහලට දාන්න හේතුව මොකක්ද මාතෝ....?

    ReplyDelete
  3. අර ජනතාව අතර තරමක විශ්වාසයක් දිනං ආව ආරක්ෂක ලේකම් ලව්ව මුට්ටිය දාල බැලෙව්ව, ඒක තමයි රාජපක්ෂලාගේ පරිනත භාවය, ඒක නේද ඇත්ත කතාව?

    අපි ජේවීපී සහ එජාපයේ වහල් මීහරක් රැලගෙන් අමු තිත්ත කුණුහරුප අහගෙන කැත විදිහට නොන්ඩි වෙවී බැටකාලා ගොඩනගපු ආණ්ඩුවම මෙච්චර ඉක්කමනට අපිටම ඊට එරෙහිව නැගිටින්න සලස්වයි කියල හිතුන්නෑ මාත අයියේ... මම දන්නේ මාතලන් අයියා කියන්නේ කෙලින් වැඩකරන වැරැද්ද වැරදියි කියල බය නැතුව කියන කෙනෙක්. රිෂාඩ්ගෙ මල්ලි නිදොස්කොට නිදහස් වීම සහ මේ සිද්ධි දාමය පිලිවෙලට පෙලගස්වලා බැලුවම රටේ ජනතාව ගොන්නු කියල රජපක්ෂල හිතනවනම් ඒකත් මුලාවක් අයියේ... මේවා ඉතින් කාට කාටත් හොඳ පාඩම් :(

    ReplyDelete
  4. මේක ගැන හිතන්නේ මොකක්ද මාත https://youtu.be/0YCPh2fv0HQ

    ReplyDelete
  5. හොඳ හොඳ සෙල්ලං! එළි වෙන ජාමෙටත් කලින්......

    ReplyDelete
  6. ඕක මේ සීතාම්බරකුඩේ කේස්එක යටගහන්න ගෙනා බටහිර NGO කුමන්ත්‍රණයක්. මාතලනුත් බෝලෙට අහුඋන එකනේ වැඩේ.
    ඒක නෙවෙයි මාතෙ ට්‍රම්ප් මැතිඳුට හා මෙලානියා මැතිනියට ඉක්මන් සුව පතා බෝධි පුජා මාලාවක් සංවිධානය කලොත් නරකද

    ReplyDelete
  7. මාතලං මේක ගැන මොකද හිතන්නේ ? මේ කතාව ඇත්තද දන්නේ නැහැ. Binary blockchain cryptocurrency එක එක මගුල් මේවා සාර්ථකව මාකටින් කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මාත් බැලුවේ මේ වගේ එකක් වත් පටන් අරගෙන දුප්පත් කම නැති කරගන්න

    https://youtu.be/AA9kq6uFRug

    ReplyDelete
  8. "පටු අදහස්" නම්
    වර්ග වාදයෙන්
    රට කැබලි වලට කඩමින්

    ද්වේශය වපුරා
    ජාතිය බිඳලා
    චන්දය මහ ඉහලින් දිනලා

    පර සතුරන්
    යළි හොඳ මිතුරන් වී
    ඇමති කමින් පුදලා

    ජන මතයට පුක පෙන්නා
    අප යන ගමනට
    ආසිරි දෙනු මැන
    පියාණනේ .....

    ReplyDelete
  9. https://www.youtube.com/channel/UCwgfkmwTcJuvVgzHIIDOkLw

    මේ යූ ටියුබ් චැනල් එක කරන එකා කවුද?
    තරිඳු උඩුවරගෙදර කියන මැන්ටලේ නේද?

    බලපං පිස්සංකොටු යවන්න ඕනෙ වුන් ජනමාධ්‍ය වේදියෝ වුනාම තියෙන කරදරේ.

    ReplyDelete
    Replies
    1. ඇන්තනී මේක ඇත්තක් ද?

      https://www.facebook.com/1571808443/posts/10209685754331924/

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න