.

.

Oct 12, 2020

මහින්ද කෑ ළණු ඝෝඨාභයත් කෑ යුතු නැත.

 


20 ගැන ආන්ඩු පක්ෂයේ උන් දැනුම්වත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවති රැස්වීමේදී ජනාධිපති තුමා ගත් තීරණය අප අගය කළ යුතුය.

රටේ ජනතාව ඝෝඨාභය ජනාධිපති ලෙස පත්කර ගත්තේ..., විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, විදුර වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන හෝ මහින්ද රාජපක්ෂගෙන්වත් පාලනය වන්නට නෙමේය.

විරුද්ධ පාක්ෂිකයින් හිට්ලර් ලෙස හැඳින්වූ, දරදඬු පාලකයකු ලෙස පෙන්වූ පුද්ගලයකු තම පාලකයා ලෙස පත් කර ගත්තේ සිරිසේන වන් පඹයකුගෙන් පාලනය වීමට නොවේ.

එමෙන්ම මහින්ද සමඟ උන් චන්ඩින්ගෙන් හා කොමිසම් වලට පත්වූ පැන්ෂන් ගිය ආන්ඩුවේ අයිස් ගැසූ කාලකන්නින්ගෙන් පාලනය වීමටද නොවේ. එමෙන්ම රාජ්‍ය නිළධාරීන්ගෙන් පාලනය වීමටද නොවේ.

මේ රට සුළුවෙන් හෝ ඉදිරියට ගිය සෑම අවස්ථාවක්ම හොඳින් නිරීක්ෂණය කල විට පෙනෙන පැහැදිලි කරුණ නම්, ඒ සෑම අවස්ථාවකම රටේ උන්නේ හිතුවක්කාරි ඒකාධිපති පාලකයකු වන බවය.

නායකත්ව මන්ඩල හෙවත් කැඳ හැලි ලංකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති පාලන ක්‍රමයන් බව මොනවට ඔප්පු කලේ පසුගිය පාලන සමයය.

සියල්ලන්ම හිතා ගෙන ඉඳලා තියෙන්නේ තමන් රජ්ජුරුවෝ කියලාය. නැවතත් සජිත්ට චන්දය දුන් සාමාන්‍ය ජනතාව (ලිබරල්) පවා හිතාගෙන ඉඳලා තියෙන්නේ එසේය.

ඒ ආන්ඩුවට ගුලි කැවූ මාධ්‍ය මාෆියා කාරයෝ හා අර කලින් සඳහන් කල ලිබරල් පොරවල් රට පාලනය විය යුත්තේ මෙසේය කියා පල් හෑලී ලියන්නේ තවමත් එම මානසිකත්වයේම සිටිනා නිසාය.

සජිත් ප්‍රේමදාස පෑඩ් මෑන්ලා කල එංගලන්තයේ සිටිනා උපදේශකයින් මෙන්ම විකල්ප පුවත් පත් වල තීරූ ලිපි ලියනා බයිලා චැම්පියන්ලා අට කොන බයිලා ගයමින් සිටින්නේත් ඒ නිසාය.

එයාලාගේ උපදෙස් අනුව රටට උන දේ පසුගිය පස් වසර තුල අප ඇති තරම් දුටුවේය.

ජනාධිපති උගේ වගකීම් දන්නේ නැතිය. 19 ගෙනත් සිරිසේනට අරින්න ගිය රනිල් කිසිවක්ම කරලා නැතිය.

පොලිස්පති තනතුරේ ඉඳලා තියෙන්නේ කළකිරීමෙන්ය. ආරක්ෂක ලේඛමා උගේ ජොබ් එක මොකක්ද කියාවත් දන්නේ නැතිය.

කොටින්ම විශේෂ කාර්ය බලකායේ ලොක්කාද තමන්ගේ ඩියුටිය හරියට කරලා නැතිය.

දැන් හැම එකාම නිදහසට එක එක ජාතියේ පච කියනවාය. එක පචයක් වහන්න තව පච දාහක් ලෝයර්ලා ගොතා දෙනවාය.

අවසානයේ එන නිගමනය නම්. මුන් සියල්ලෝම එකතු වී කිසිවක්ම නොකර, රාජ්‍ය ණය දෙගුණයකින් වැඩි කර, ආර්ථිකයයි, ආරක්ෂාවයි, ජන ජීවිතයයි... සියල්ලම කෑවා කියන එක පමණමය.

ඔය රැස්වීමේදි අපේ මහින්ද මහත්තයා කියලා තියෙන්නේ පක්ෂ නායකයන්ට පොඩ්ඩක් කතා කොරන්න දෙන්නෙයි කියලාය. ඒ එයාගේ හොඳහිත නිසාය. ඒත් ඔය පක්ෂ නායකයෝ හා එයාගේම රස්තියාදුකාරයෝ සෙට්ටෙක සමඟ බබා හුකුං කරන්නට ගොස්, 2015 දි තමන්ට ඇරිය බව එයාම පිලිගත්තේය.

මහින්දට මුලින්ම කෙලෙව්වේ විමල් වීරවංශය. ඒ මහින්දට හෝ බැසිල්ට ගහලා නෙමේය. පුංචිම පුංචි බන්ඩා ජයසුන්දරට ආර්ථික ඝාතකයා කියා ගහලාය. ඒ එදත් මේ වගේම කරුණු 12 ක් (කේවල් කිරීම්) ඇතුලත් පෙම් හසුනක් මහින්දට දීලාය.

හේතුව උනේ..., එයාට ඕන ඕනා ජවුසොන් නටන්නට මහා භාන්ඩාගාරයෙන් මුදල් දුන්නේ නැති එකය.

එහෙත් ඒ ගැහුවේ මහින්දට කියා.. මහින්දට තේරුනේ, මැදමුලනේ ජනේලයේ එල්ලුනායින් පස්සේය.

ඒත්, එහෙම කෙලලාත්, රාජපක්ෂලාට කෙලින්න බැරි බව දැනගත් විමල් වීරවංශ නම් තක්කඩියා කලේ නැවතත් එයාලාටම සෙට් වෙන එකය.

මෙවරත් 20 ට එරෙහිව ආන්ඩුව ඇතුලේම සිට ගේම මෙහෙය වන්නේ විමල් බව මනාවට ඔප්පු වූයේ නිමල් සිරිපාලට තක්කඩියා කියා කීමෙන්ය. ඒ කියන්නේ 20 විරුද්ධව නිමල් හා මොහු කතා කරලා තියෙනා බවය.

1994 ඉඳන් සුපිරි රාජ්‍ය යෝගයක් උදාවී මේ වනතෙක් සෑම කැබින්නටුවකම ඉන්නා නිමල් සිරිපාලල වාගේ ගල් ආඳන්ට අරින්න විමල් වාගේ හයි ඉස්පීඩ් විල්බැරෝවලට බැරි බව දැන්වත් පිලිගන්නට ඕනෑය.

කිච උනේ නිමල් නොව විමල්ය… ගලවුනේ විමල්ගේ කලිසමය…

මෙවන් දේශපාලන අපතයන් හා එක පතේ කන එක ඉතා භයානකය. මේ හදන්නේ නැවතත් රාජපක්ෂලා බ්ලැක් මේල් කිරීමටය.

20 පාස් කරන්න බැරිනම් 20 ඕනෑම නෑ කියා ජනාධිපති තුමා ඉන්නා තීරණය අප අගය කල යුත්තේ මේ නිසාමය.

ජනතාව 18 තියෙන්නේ මොනවාද? 19 තියෙන්නේ මොනවාද? 20 තියෙන්නේ මොනවාද? කියා දන්නේ නැතිය.

හැබයි එක දෙයක් දන්නවාය.

ඔය එකකින්වත් රට හැදුනේ නැති බවය.

ඊට ප්‍රධානම හේතුව වූයේ හවුල් ආන්ඩුය.

ජනතාව වෙනුවෙන් හෝ රටේ සුබ සිද්ධිය සඳහා ගන්නා තීරණවලට අකුල් හෙලන්නේ තමන්ගේ ආන්ඩුවේම ඉන්නා සුළු පක්ෂවල හාල්පාරුවෝය.

එහෙත් රාජපක්ෂලා දැන ගත යුතු දේ නම්..... මේ සියල්ලන්ම විකුණාගෙන කන්නේ රාජපක්ෂලාමයි කියනා එකය.

එනයින් බැලූ කල රාජපක්ෂලා ඉන්නේ තමන් ගැන අව තක්සේරුවකය.

රාජපක්ෂලාට 2/3 ක බලයක් ලැබුන මේ මොහොතේ… ඝෝඨාභය රාජපක්ෂ හෝ එම මානසිකත්වයෙන් එලියට විත් ජනතාව සමඟ සිට ගත යුතුය...

අප අපේ යුතුකම ඉටු කලෙමු…. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න…

ස්තූධී…. නන්ඩ්‍රෙයි….. ටෑන්ක්ස් හොඳේ….. !!!!

17 comments:

  1. ඔන්න කුරුටු ගෑවා.... තරහ නැහැනෙ!

    ReplyDelete
  2. හරියටම හරි මාතලන්, විරුද්ධ පාක්ෂිකයින් හිට්ලර් ලෙස හැඳින්වූ, දරදඬු පාලකයකු ලෙස පෙන්වූ පුද්ගලයකු තම පාලකයා ලෙස පත් කර ගත්තේ ධනවත් වියත් නෝනලට රජයේ මුදලින් කුඩ අරන් දීමටත් නොවේ.

    ReplyDelete
  3. Even Mathaln doesn't know what is in 20A , he is saying none of those ammendments deliver any good to country. Having said that the same, he is expecting prosperity from 20A.

    ReplyDelete
  4. හිට්ලර් නං ආව තමයි.හැබැයි ඉතිං අපි ගොබෙල්ස් කියල විමලයට රැවටිලා වගේ.

    ReplyDelete
  5. හයවැනි මිහිඳු රජුට නම් ලෝකය පුරා වැටුප් ලබන උපදේශකයන් 135 ක් (කියලයි ආරංචිය ) හිටියලු. එච්චර උපදේශකයන් අවශ්‍ය වන්නේ කිසිම දැනුමක් නැති කෙනෙකුටයි.
    මල්ලි නම් හිටු කියල ඇද ගෙන නානවා.. අපිට දෙයියන්ගේම පිහිටයි
    වැඩිදුරටත් ලියනවා නම් ඉස්සර රජවරු කලා වාගේ වෙස්වලාගෙන රෑට පිළිකණු ගානේ රිංගන එකත් ළඟදීම කරයි.

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනය සඳහා ලිංගික සබදතා අවශ්‍යම නැත

      Delete
  6. විමල් වීරවංශ වගේ දේශපාලන ඉවක් තියෙන අය පැත්තකට කරලා බැසිල් වගේ බිස්නස් මයින්ඩ් ලං කරගත්ත නිසා තමයි මහින්දට කෙලවුනේ කියල දැන්වත් තේරුම් ගන්න. බැසිල් ල රට පැනල හැංගිලා ඉන්නකොට විපක්ෂයෙන් එන විරෝධය කාගෙන ගෝඨාභය ජනාධිපකි කරවන පලවෙනි ස්ටෙප් එක ගත්තෙ විමල්. දැන් වුනත් විමල් කරන දේ නිසා ගෝඨාභය අවුල් වෙනව කියල හිතනවනම් අබ සරණයි. විමල් වගේ කෙනෙක් අයින් කරල බලන්න සිරිපාලලට කරන්න පුලුවන් මොනවද කියලා. එයා බදුල්ලෙන් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යයි. එච්චරයි. යහපාලන කැබිනම් එකේ ඇමති කෙනෙක් වෙලා ඉන්න අතර පොහොට්ටුවේ ඔ්පනින් එකට ගිහින් ඒක දිනවමු කියපු එකානේ. විමල් ගැන කියවීම නම් පට්ට අවුල් මාතලන්

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් විමල්ට කියන්න තනියම ඉල්ලන්න කියලා...

      පාඨලී කියන්නේ කාළයක විමල්ටත් වඩා බලවත් චරිතයක්

      Delete
  7. විදේශ සේවා කාර්යාං­ශයේ සුපිරි ගැහිලි

    විදේශ රැකියා ප්‍රව­ර්ධන හා වෙළ­ඳ­පොළ විවි­ධාං­ගි­ක­රණ රාජ්‍ය අමාත්‍ය පියං­කර ජය­ර­ත්නට කමි­ටුවේ වාර්තාව ලබා දුන් අව­ස්ථාව.
    විදේශ රැකියා ප්‍රව­ර්ධන හා වෙළ­ඳ­පොළ විවි­ධාං­ගි­ක­රණ රාජ්‍ය අමාත්‍ය පියං­කර ජය­ර­ත්නට කමි­ටුවේ වාර්තාව ලබා දුන් අව­ස්ථාව.
    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු ‘එතෙර වෙළඳපොළ සඳහා නිපුණතාවයෙන් පිරි මිනිස් සම්පත සැපයීමේ ලොව හොඳම තේරීම බවට ශ්‍රී ලංකාව පත්වීම‘ යන දැක්මෙන් යුතුව කටයුතු කරන සේවා ආයතනයකි. එහි මෙහෙවර ප්‍රකාශය වන්නේ ‘දේශීය ආර්ථිකයට දායක වෙමින් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපත සුරක්ෂිත කරමින්, ජනතාවට තම කුසලතාවයන්ගෙන් එතෙර රැකියා වෙළඳපොළෙහි යහපත් ප්‍රතිලාභ ලැබිය හැකි කාර්යක්ෂම හා සමානත්වයෙන් යුතු මාර්ගයන් බිහි කිරීම‘ යන්නයි.



    එවන් පරමාර්ථයන්ගෙන් යුතුව විදේශ විනිමය මෙරටට ගෙන ඒම පිණිස ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය ‘යහපාලන‘ සමයේ කෙරුවාවල් දෙස බැලූ විට සිහිවන්නේ අපේ පැරැන්නන් කියනා ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව‘ යන වදන් පෙළයි. 2015 වසරේ සිට වසර 4ක් පුරා සිදු කරන ලද මහා පරිමාණ දූෂණ රැසක් හෙළිව තිබේ. මේ කරුණු හෙළි වූයේ දිනේෂ් ගුණවර්ධන කාර්යාංශය බාර ඇමැතිවරයාව සිටි කෙටි කාලයේදීය.

    විදේශ විනිමය ගෙනවිත් මෙරට ආර්ථික අතින් ශක්තිමත් කරන්නට ස්ථාපිත වූ කාර්යාංශයේ නිලධාරීන් හා ආයතනය හරහා දේශපාලන අධිකාරිය විසින් මෙරට ආර්ථිකයට කරන ලද හානිය සුළු පටු නොවේ. කාර්යාංශයේ සිදු කර ඇති මේ අතිවිශාල දූෂණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා දුෂ්මන්ත තොටවත්ත (වරලත් ගණකාධිකාරී), රඛිත අබේගුණවර්ධන (ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ) ටී.එස්. සූරියආරච්චි (ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ) යන කණ්ඩායම පත් කරන ලදී.

    එම කමිටුව විසින් කරන ලද විමර්ශනයේදී කාර්යාංශයේ සිදු කරන ලද බරපතළ වංචා හා දූෂණ අටක් හෙළිව ඇත.

    කෝටි 2කට අධික මිල­කට හිටපු සභා­ප­ති­ව­රයා විසින් මිලදී ගත් සුපිරි ජගු­වර් මෝට­ර්ර­ථය
    ඒ දූෂණ හා වංචා අතර,

    1. රන් පියාපත් නමින් ක්‍රියාත්මක කළ මාධ්‍ය වැඩසටහන (රු.මිලියන 85)

    2. සම්මත ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් කැබ් රථ 05 මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ මිලට ගැනීම - (රු.මිලියන 21.780)

    3. කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මැස්ඩා මෝටර් 15ක් මිලට ගැනීම- (රු.මිලියන 140.250)

    4. කැබ් රථ 09ක් මිලදී ගැනීම - (රු.මිලියන 85.500)

    5. ටෙන්ඩර් පටිපාටියෙන් බාහිරව ජගුවර් වර්ගයේ කාර් රථයක් මිලදී ගැනීම-

    (රු.මිලියන 21.9)

    6. නිලඇඳුම් ටෙන්ඩරයේ අක්‍රමිකතා

    - (රු.මිලියන 29.252)

    7. දේශපාලන කටයුතු සඳහා කාර්යාංශයේ නිලධාරීන් 05 දෙනකු යොදවා ගැනීම හා ස්ථාන මාරු කිරීම.

    8. හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් කාර්යාංශයේ ගාල්ල ශාඛාව දේශපාලන කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාම. යන කරුණු අඩංගු වේ.

    මේ බරපතළ වංචා හා දූෂණ නිසා කාර්යාංශයට සිදුව ඇති පාඩුව මිලියන 138ක් බව මේ වන විට කරන ලද විමර්ශනයන්ගෙන් හෙළිව ඇත. එහිදී කාර්යාංශයේ සභාපතිවරයාගේ පෞද්ගලික පරිහරණය පිණිස රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් ඇති (රු.21,900,000/-) අතිසුඛෝපභෝගී ජගුවර් මෝටර්රථයක් මිලට ගෙන ඇත්තේ නිසි ටෙන්ඩර් පටිපාටියෙන් තොරවය. ටෙන්ඩර් අංක - PR/02/14-3(III) යටතේ එස්.එම්.එල්. ෆ්‍රොන්ටෙයර් ඔටෝමොටිව් පුද්ගලික සමාගමෙන් අදාළ මෝටර් රථය මිලට ගෙන ඇත.

    ප්‍රසම්පාදන කමිටුව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එයින් එක් සාමාජිකයෙකු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හෝ සමාන නිලධාරියෙකු විය යුතුය. එහෙත් කමිටුව සමන්විතව ඇත්තේ කාර්යාංශයේ සභාපති, සාමාන්‍යාධිකාරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා අමාත්‍යාංශ නියෝජිතවරයෙකුගෙනි. ඒ අනුව ප්‍රසම්පාදන උපදෙස් උල්ලංඝනය වී ඇත.

    Bidding Data Sheet (BDS) යටතේ සුදුසුකම්ලත් ලංසුකරුවෙකු වීමට බලයලත් නියෝජිත (Authorized Agent) විය යුතුය. නමුත් SML Frontier Automotive (pvt)Ltd ආයතනයේ ලිපිගොනුව අනුව බලයලත් නියෝජිත තහවුරු කිරීමට සහතිකයක් නොමැති අතර Land Rower සිංගප්පූරු ආයතනය සමඟ මිලදීගැනීම් ගිවිසුමක් ඇතිබව හැඟවෙන ලිපියක් 2017.04.04 දින ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම ආයතනය ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුකම්ලත් ආයතනයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ‘රන් පියාපත්‘ නමින් දීප ව්‍යාප්ත මාධ්‍ය ආවරණ වැඩසටහනක් පවත්වා ඇති අතර එහි වටිනාකම මිලියන 58කි.

      2018.08.03 දිනැති කළමනාකරු(ප්‍රචාරණ) විසින් මාධ්‍ය වැඩසටහනක් මඟින් ජනතාව දැනුවත් කිරීමට යෝජනා කර සභාපතිවරයාට ඉදිරිපත් කර ඇත. ඊට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද ලැබී ඇත.

      අදාළ කාර්යය වෙනුවෙන් Media Mind (pvt)Ltd ආයතනය ලංසුපත් ඉදිරිපත් කර නොමැති අතර ඒ සඳහා එම ආයතනය පෙන්වා ඇත්තේ Air Supply Production (Pvt)Ltd ආයතනයේ සම්පත් සහ අනෙකුත් පහසුකම්ය‍. තවද, Air Supply Production (Pvt)Ltd ආයතනය Media Mind ආයතනයේ මව් සමාගම බවට සඳහන් කර ඇතත් එයද සාවද්‍ය බව ලේඛන අනුව පැහැදිලිවී තිබේ. එසේ වුවත්, Air Supply Production (Pvt)Ltd සහ Media Mind (pvt)Ltd ආයතන වෙනම ආයතන 2ක් වන අතර Media Mind ආයතනයට ලංසුපත් ඉදිරිපත් කිරීමේදී වෙනත් සමාගමක තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත.

      මෙම ලිපි ඉදිරිපත්කර ඇත්තේ ලංසු විවෘත කළ දිනට පසුදින වීම තවත් ගැටලු මතු කරවන්නකි. ලංසුකරුවකු ලංසු ඇගයීම සඳහා සුදුසුකම් ලැබීමට ටෙන්ඩර්කරුවන්ගේ උපදෙස් අංක 2.1 යටතේ කරුණු7ක් සපුරාලිය යුතු වුවත් එහි සඳහන් 2,3,6 සහ 7 Media Mind (Pvt)Ltd ආයතනය විසින් සපුරා නොමැත. එහෙත් එම ආයතනයට මෙම ටෙන්ඩරය ලබා දීම විශාල දූෂණයකි.

      2020 වසර සඳහා රුපියල් මිලියන 29.25ක වටිනාකමින් යුත් නිල ඇඳුම් කොන්ත්‍රාත්තුවද නිසි ලෙසින් ක්‍රියාත්මක කර නොමැත. 2019.02.08 දින නිල ඇඳුම් මිලදී ගැනීම සඳහා 6 දෙනකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර ඇත.

      නිල ඇඳුම් මිලදී ගැනීමට ප්‍රථම ඒ සඳහා වැයවන මුදල ඇස්තමේන්තු කළ යුතු වුවත් එවැන්නක් සිදුකර නොමැත. මේ හේතුව නිසා අදාළ ටෙන්ඩර් මිලගණන් තීරණය කිරීමටත්, අයවැය ප්‍රතිපාදනවල ප්‍රමාණවත්බව පිළිබඳව සෑහීමකට පත්වීමටත් හැකියාව ලැබී නොමැත.

      2020 වසර සඳහා කාර්යාංශ නිලධාරීන්ට ලබාදෙනු ලබන නිලඇඳුම් වලට අමතරව ටී-ෂර්ට් 02ක් ලබාදීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන හා මානව සම්පත්) 2019.02.26 දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) වෙත දන්වා ඇත.

      අදාළ මිලගණන් අනුව ඉහළම මිලගණන් ඉදිරිපත් කර ඇති S.L.R.Holdings ආයතනයට සෑම වර්ගයකම සාම්පල් 1 වර්ගයේ සාරියක් රු.5425/- බැගින් රු.18,88,150/-ක වටිනාකමකට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. නමුත් මෙම මිලගණන් කාර්යාංශය ඉදිරිපත් කළ මිලගණන්වලට වඩා අධික වන අතර සෙසු ආයතන ලංසු ලේඛන වල සඳහන් පිරිවිතර වලට එකඟ නොවන බව පවසා ඉවත්කර ඇත.

      එම ආයතන ඉදිරිපත් කර ඇති මිලගණන් වනුයේ සාරියක් රු.4000/- ක් ලෙසිනි. ඒ අනුව කාර්යාංශයට රු.4,956,150/- ක මූල්‍යමය පාඩුවක් සිදුකොට ඇත.

      Delete
    2. ඒ වගේම ශාඛා කාර්යාල දේශපාලන කාර්යාල බවට පත් කරගෙන එහි දේශපාලන කටයුතු සිදු කර ඇති අතර එම කාර්යාලයට අදාළ ගෙවීම් සිදු කළ ආකාරයද ඉතා අපැහැදිලිය. එමෙන්ම නීති විරෝධීය.

      2016.01.01 දින සිට 2016.08.01 දින දක්වා බදුකරු සමඟ එකඟ වී ඇති බදු ගිවිසුමක් ගැන ලිපිගොනුවේ සඳහන් නොවේ.

      නමුත් ගෙවීම් සිදු කර ඇත. 2016 වසරේ මසකට ලක්ෂ 4ක් හා 2017 ලක්ෂ 5ක් 2018 ලක්ෂ 6ක් 2019 ලක්ෂ 7ක් (පසුව ගෙවීම නවතා ඇත)

      සම්මත ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ලබාගෙන ඇති කැබ්රථ 5ක් සඳහා ගිවිසුම්ගත වීමද තවත් වංචාවකි.

      අමාත්‍යාංශය විසින් මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ Pasan rent a car & tours ආයතනයෙන් කැබ්රථ 5ක් 2017.02.13 දින සිට මාස 60 කට ලබාගෙන ඇත. මේ සඳහා අමාත්‍යාංශය සහ එම ආයතනය අතර ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ අනුව WPPH 5766, WPPH 6144 , SPPH 7225, SPPH 8040, හා WPPI 6006 යන Toyota Hilux වර්ගයේ කැබ් රථ ලබා ගෙන ඇත.

      ගිවිසුම අනුව මාසිකව රු.825,000 ක මුදලක් සියලුම වාහන සඳහා ධාවනය කරන කි.මි. 3000 සීමාව තුළ මාසිකව ගෙවීමටත් කි.මි. 3000 ඉක්මවන වාහනයක් සඳහා අතිරේක කි.මි. 1ක් සඳහා රු.55.00 බැගින් වැට් රහිත මිලක් ගෙවීමටත් එකඟ වී ඇත.

      රුපියල් මිලියන 85.5ක් වටිනා ඩබල් කැබ් රථ 09ක් මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීම හා මිලියන 140.25 මැස්ඩා මෝටර් රථ 15ක් මූල්‍ය කල්බදු ක්‍රමයට මිලට ගැනීම නිසි ලෙසින් සිදුව නොමැති නිසාද කාර්යාංශයට විශාල පාඩුවක් සිදුව ඇත.

      මෝටර් රථ මිලදී ගැනීමේදීද ආයතන 6ක් ලංසු ඉදිරිපත් කර ඇතත් එයින් 4ක් ප්‍රතික්ෂේප කර ඇත්තේ පිරිවිතරවල අඩුපාඩු පෙන්වමිනි.

      තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් Colonial Motors Cey Ltd ආයතනය මෝටර් රථ මිලට ගැනීම සඳහා තෝරාගෙන ඇති අතර ඒ සඳහා මැස්ඩා වර්ගයේ මෝටර්රථයක් රු.9,350,000/- ක මුදලකට මිලට ගෙන ඇත.

      එමෙන්ම ප්‍රචාරණ හා මහජන සම්බන්ධතා අංශයේ සිදුකරන ලද ස්ථාන මාරුවීම් හුදෙක් දේශපාලන හා පළිගැනීම් උදෙසා කරන ලද මාරුකිරීම් බවද මේ වන විට අනාවරණය වී තිබේ. මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ මැතිවරණ කාලසීමාවකය.

      මේ සියලු වංචා මෙන්ම තවත් වංචා රැසක් ඇතුළත් වාර්තාව පසුගිය සැප්තැම්බර් 23 දින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

      මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ කරුණු විමර්ශනය කෙරෙන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධීක්ෂණය කිරීමෙන් පසුව අදාළ වාර්තාව ඉදිරි කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි.

      මහජන මුදල් විනාශ කරන්නට දේශපාලකයන්ට හෝ නිලධාරීන්ට බලය ලබා දී නොමැති බවත් එවැනි කටයුතු කරන්නන්ට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

      තාරක වික්‍ර­ම­සේ­කර

      Delete
  8. කොලේ වහලා පෙන්නලානේ තියෙන්නේ ඔය. ඔය ආයතනයේ ගැහිලි නැද්ද දන්නෙ නෑ, ඒ වුනාට බලන්න මේකම කියලා තියෙන දේවලින් වංචාව කියන එක බි‍ඳෙනවා. ජගුවර් එකක් ගත්ත එකේදි අර දීලා තීයෙන ලියුම TEC එක පිළිගන්නවා නම් ඒක ප්‍රසම්පාදන කමි‍ටුව පිළිගන්නවා නම් කරන්න දෙයක් නෑ. අනෙක සමාන නිලධාරියෙකු කියන්නේ අමාත්‍යංශ නිලධාරියා නොවේ කියලා කියන්නෙ කොහොමද
    අනෙක සමාගමක මවු සමාගමේ නමින්ම නොවේ දේශීය නියෝජිතයා ලංසු ඉදිරිපත් කරන්නේ. එතකොට දීලා තියෙන ලේඛන වැරදියි කියන්න කලින් එහෙම නම් සමාගම් රෙජිස්ට්‍රාර් ගෙන් තහවුරු කරගන්න වෙනවා. ඒක මෙතනදි කරලා තියෙනවද ඒකයි බලන්න ඕන.
    නිල ඇඳුම් කතාවෙදි අඩුම ඒවා ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ පිරිවිතර ප්‍රශ්න කියලා ලියුම්කරුම පිළිගෙන ආයි කියනවා පාඩු වෙලාලු. එතකොට පිරිවිතර අනුව ගත්තේ නැති ප්‍රශ්නයක් උඩින් තියෙන ඒවයේ කියනවා, එතකොට ලියුම්කරු කියන්නේ අඩුම එකෙන් ගන්න කියලද නැත්නම් පිරිවිතර අනුව ගන්න කියලද
    ගිවිසුම නැත්නම් ගෙවීම් කරපු අංශය නීති අංශය විමසන්න ඕන, ඇයි ගිවිසුම නැත්තෙ කියලා. මොකද ගෙවීම් කරන්නේ ඒක මත පදනම්ව. එතනදි ලියුම්කරුට point එකක් තියෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න