.

.

Oct 28, 2020

ගුඩ් බායි පොම්පියෝ....!!!



පොම්පියෝ ඇවිත් ගියේය.. පිම්පියෝ සියල්ලම නෝන්ඩි උනේය… චීනාට තිබූ පිලිගැනීම උන්නැහේට තිබුනේ නැතිය.. මහින්ද මහත්තයා කාමරේට දාලා නෙලයි කියනා බයට, උන්නැහේ හම්බ වෙන්න ගියෙත් නැතිය.. කොහොමත් මහින්ද මහත්තයාට ඇමරිකාව ගූ බයය…

මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඇමරිකාව සෑහෙන වැඩ කොටසක් කලේය… ඒ සටනේ ජෙප්පන්ද උන්නේය.. ජෙප්පන්ට සල්ලි දුන්නා කියා ජෝන් කෙරී කෙලින්ම කීවේය… එයාලා 2010 දීත් ෆෝන්සේකාට අත දිගහැර වියදම් කලේය… ඒ රාජපක්ෂලා නාහෙට අහන්නේ නැති උන් නිසාය…

පිම්පියෝ සෙට්ටෙක බලාගෙන උන්නේ ඇමරිකන් ෆෝසස් ලංකාවට එනකන්ය.. ඒ ඇවිල්ලා හම්බන්තොට වරායේ ඉන්නා චීන්නුන්ට කෙලිනකන්ය.. ඒත් මේ මොහොත වන විටත් අඩු ගානේ සිල්වෙස්ටර් ඉස්ටැලෝන් හෝ ආර්නෝල්ඩ් සුභසිංහ හෝ සුපර්මෑන් හෝ කැට් වුමන් වත් ඇවිල්ලා නැතිය…

සම හරක් කියන්නේ ඕන බලහන් එහේට ගිහින් එහේ ඉඳන් මිසයිලයක් එවන්න ඉඩ තියෙනවා කියලාය…. මානසිකව ඇද වැටී සිටිනා සිහිණ ටොයියන් හා 3% ජෙප්පන්ගේ සුන්දර සිහිණයන් එසේය….…

MCC අස්සන් කොලේත් නැතිය.. අඩු ගානේ ද්වීපාර්ෂවික ගිවිසුමක් අස්සන් කල බවක්කත් නැතිය… හරියට ගෙදර යන ගමන් සීනී පන්සීයක් ගන්න සතොසට ගොඩ උනා වාගේය…

ඔතන ඔය සියල්ලටම වඩා වටිනා දෙයක් තිබෙන්නේය… ඒ වෙනද එන හැම වාහේම හම්බ වෙන්න යන සම්බන්ධන් හෝ විපක්ෂ නායකයා හමු වෙන්නට නොයාමය…

මුන්ගෙන් සත පහක වැඩක් නැති බවත්…, ඉන්නේ රාජපක්ෂලාම ඉතරක් බවත් දැන් මුළු ලෝකයම දන්නවාය.

ජෙප්පන්ගේ උද්ඝෝෂණයත් ඇමරිකාවෙම වැඩක් බව කනින් කොනින් ආරංචිය එන්නේය. ලැබුනේ ලොකු කුට්ටියක් බවත් ඒ නිසා නායක මට්ටමේ උන් පමණක්ම ඊට සහභාගී වී හොඳ හිත පෙන්වූ බවත් කනින් කොනින් වාර්ථා වුවත් ඇත්තටම සිද්ද උනෙත් ඒ දේය.

අපේ මී හරක් හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ පොම්පියෝ ඔක්කෝම වැඩ නවත්තලා ලංකාවටම ආවා කියලාය… එයා මෙහේ එන්න කලින් ඉන්දුනීසියාවට හා ඉන්දියාවට ගියේය… මෙහෙන් ගියේ මාලදිවයිනටය..

මේ එන්නේ චීනා බය කරන්නටය… චීනා උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය… ඒ පිළිබඳ හොඳම උදාහරනය ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිවේදනයය..

චීනයේ ණය උගුලක් ගැන කතා කලාට ලෝකයේ ලොකුම ණය කාරයා ඇමරිකාවය.. ඒ ණය ගෙවන්න තියෙන්නේ වෙන කාටත් නොව චීනයටමය.. ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.7 කි.. ලංකාවේ මුදලින් බලන්න නම් ඕක 185 න් වඩි කලාම කාටත් ඇමරිකාවේ හෙළුව බලාගන්නට පුළුවන්ය..

ඇමරිකාව ලෝකේ වටේ තග දමාගෙන ගියාට දැන් කවුරුත් ගනන් ගන්නේ නැතිය. ඉදිරි ලෝක බලවතා, චීනය වී හමාරය. අපේ මී හරක් හිතන්නේ චීනා ආයෝජනය කරන්නේ ලංකාවේ විතරක් කියලාය. එහෙත් මේ වන විට චීනා මුලු ලෝකයම ආක්‍රමණය කරලා අවසන්ය.

පොම්පියෝ මෙහේ එන්නට කලින් දාපු සද්ද එකක්කත් මෙහේ ඇවිල්ලා දැම්මේ නැතිය. ශවේන්ද්‍රගේ එක නීතිමය කටයුත්තක් නිසා ඒ ගැන නැවත සලකා බලන බව කීවේය. MCC අස්සන කරනවාද නැද්ද කියන එක තියෙන්නේ ඔහේලාගේ අතේය කියා කීවේය. අපි චීනා වගේ ඔයාලාව ණය උගුල්වල දාන්නේ නැතයි කියා කීවේය. රාජපක්ෂලා දුන් පොරොන්දු ඉටු කරනු ඇතයි කියා බලාපොරොතුවෙන බවත් කීවේය.

එ කෙසේ වෙතත් මේ ආන්ඩුව ගැන මුලු ලෝකයම විශ්වාසය තබා ඇති බව මේ ගමනේ දුටු වඩාත්ම සිත්ගන්නා සුළු සිඳුවීමය.

මොකෝ යහපාලන පිම්පියො ඉන්නා කාලේ ට්‍රම්පට් මහත්තයා ඉන්දියාවට ඇවිත් ගියත් ලංකාවට ආවේ නැතිය. ඒ මෙහේ උන්නේ ඇමරිකන් පපට්ලා සෙට් එකක් වුවත් උන් මෙලෝ රහක් නැති හාල්පාරුවන් සෙට් එකක් බව උන් දැනගෙන උන් නිසාය.

ආන්ඩුව ඒ තත්වය සුභවාදි ලෙස ගත යුතුය. මේ වෙලාවේ අපිට සප් එක දෙන ඕන එකෙක් ඉඹලාම පිලිගත යුතුය. මන්ද අපි ඉතරක් නොව ලෝකයම දුවන්නේ රිම් එකෙන් නිසාය…


ඒ වගත් මෙසේය…


17 comments:

  1. අනේ මාතේ.... කඩේ යන එක චුට්ටක් විතර අඩු කරපන්කෝ. උඹ පහුගිය හැම ආණ්ඩුවකටම කඩේ ගිය නිසා මේ ආණ්ඩුවේ උන් උඹ කියන බයිලා ගණන් ගන්නේ නැතිය.
    ඒ වගත් මෙසේය......

    ReplyDelete
  2. fuck u mathalan. u know anything on BECA

    ReplyDelete
  3. දැන් මහින්ද මහත්තයට ඉස්සර වගේ හයිය නෑ මාතලන්.
    දැන් කැටගොඩයල වගේ කොල්ලෝ දාල ගස්සන්නේ.

    ReplyDelete
  4. කූගන්ගෙ කොඩිය

    "උඹ ඔසී බං අයියෙ! උඹ ශ්‍රී ලාංකික නෙමෙයි" ඒ වචනෙ මගෙ පපුවට පිහියෙන් ඇන්නා වගේ රිදුනා. මම ඒ පාටියෙන් එලියට බැස්සෙ මහා කලකිරීමකින්. ඔව් මම කැමති නැහැ කොඩියක් ලෙයින් තෙත්වෙනවට. දෙමල සිංහල කියන්නේ පැහැදිලිවම භාශා දෙකක් පමනයි . අපි මේ එක ජාතියක්!! ඒත් මම ශ්‍රී ලාංකිකයි . මම යනවා ගෙදර.

    මගෙ නම ප්‍රියන්, ප්‍රියන් ද සිල්වා. එදා කාර් එකේ ගෙදර එනගමං මට මීට වසර හයකට පමන පෙර සිදුවෙච්චි සිද්ධියක් මතක්වුනා. දෙමළගෙ හම්බයගෙ දුක මට දැනෙනවා කියන්නේ ජාතික ගීය ඇහැද්දි හිරිගඩු පිපෙන්නෙ නැහැ කියන එකට නෙවෙයි . ඒ දවස් වල ඉන්දියානුවො truck එලවන්න පටන් ගත්තු කාලේ. අඩු පඩියට වැඩ කරන නිසා සුද්දො පුදුම වෛරයක් තිබුනෙ උන් එක්ක. මම තනියම කාලාන්තරයක් B double එලෙව්වට මාවත් දැන් සුද්දගෙ ඇහැට වැටුනෙ තවත් එක ටවල්හෙඩ් කලුවෙක් විදියට. ඒ පහත් කිරීම බොහොම දරුණුවට මට වැදුනා.

    මම ඒකාලෙ වැඩ කලේ වික්ටෝරියාවෙ, ඈත ගම් පලාත්වල මහා තිරිගු යායවල්වලින් තිරිගු ගෙනත් ටැස්මේනියා යවන නැවට කන්ටේනර් දාන කොම්පැනියක . ඒ කොම්පැනියෙ සුද්දො ගොඩක් truck එලෙව්වට මම විතරයි ට්‍රක් එලවන එකම එක කලු එකා. මේ සුද්දො මට සැලකුවේ මම පහත ජාතියක මිනිහෙක් විදියට. මම තත්වයෙන් පහත කෙනෙක් විදියට ඉන්නතුරු උං කැමතියි. මේ කාලෙ තමයි ඒ ⁣දෙමල කොල්ලො තුන්දෙනා කන්ටේනර් වල බඩු බාන්න අපේ යාඩ් එකට ආවෙ. හරි අහිංසක කොල්ලො. එයාල බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ආවෙ කියල පසුකාලෙක මට කිව්වා. මේ රැකියාව කරද්දි සුද්දොත් එක්ක හැමදාම වගේ මම හැප්පුනා. එක දවසක් සුද්දෙක් මේ දෙමළ ලමයිට පොඩි ජාතියක් දානවා පැලට් එකක් වැරදි තැනක තියලයි කියමින්. ඇත්තටම ඌට එතන්ට රිවස් කරගන්න බැරිවීමයි ප්‍රශ්නය .

    "කලු නිසා නේද මේ ප්‍රශ්නය ? මේකට කියන්නේ ජාතිවාදය" මම බැහැල ගිහිං අපේ උං වෙනුවෙන් හිටගත්ත. සුද්දා පුපුර පුපුර ගිහින් උගෙ ට්‍රක් එකට නැග්ග. මම ට්‍රක් එක ගෙනල්ල සුද්දට බැරි තැනට රිවස් කරද්දි දෙමල
    කොල්ලො තුන්දෙනා හරි ආඩම්බරයෙන් සිනාසුනුහැටි මම දැක්කා. දවසක් මම ගිහින් එයාලට දෙමලෙන්ම කතා කලා.

    "එප්පුඩි ඉරෙක්කනිංගල්?"

    එයාල පුදුම වුනා . එතන වැඩිපුර කතාකරේ කූගන් කියන මල්ලි. අපි ගොඩක් දේවල් කතා කලා. එයා මට කිව්වෙ "පිරියන් අන්නා"කියල . කවුරුත් දාපු නීතියක් නිසා නෙමෙයි ඒත් අපි පොඩි විවේකයක් ලැබුනම කෝපි ටිකක් බොන්න සිගරැට් එකක් අදින්න ඉදල හිටල මලක් ගහන්න අඩි හතලිහෙ කන්ටේනර්යක් පස්සට සෙට්වුනේ සුද්දො එක්ක ගෑවුනාට නොදැනෙන සුපුරුදු බවක් නිසයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතය හැමෝටම සාධාරණ නැහැ. කූගන් ලංකාවෙ ඉද්දි මැරතන් දුවපු කෙනෙක්. ක්‍රිඩාවට හරි ආසයි. සංගා මෙයාට දෙවියො වගේ . සංග එන හැමවතාවකම කූගන් MKS එකෙන් ගත්තු සිංහ කොඩියත් අරං MCG එකේ පිස්සු කෙලියා. ඒත් මැරතන් දුවන්න කොච්චර ඕනකම තිබුනත් එයාට එයාගෙ සිහිනය දකින්න බැරි වෙලා. ඒ අතින් මම වාසනාවකට සිංහල වෙලා ඉපදිලා. මම ලංකාවෙ බයිසිකල් රේස් පැද්දා. මට මතකයි ඒ තෘප්තිය ! පොලිස් මෝටබයිසිකලේ සයිරන් දාගෙන යද්දි පාරෙ වාහන අයින් වෙලා අපිට ඉඩදුන්නා. පාරදෙපැත්තෙ පොදිගැහුනු ලමයි " ප්‍රියන් අයියේ පැදින්ඩෝ" කියල කෑගහද්දි ඇඟේ ඉතිරි වෙලා තිබුනු හයිය අවුන්සෙත් එලියට එනවා. අවුරුදු උත්සවේ බයිසිකල් රේස් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි ජාතික ගීය කියල කොඩිය ඉස්සුවා. මම හැමදාම ජාතික ගීය යද්දි සීරුවෙන් හිටියා. අපි වෙනුවෙන්නේද මේ ජාතික ගීය වාදනය කරන්නෙ කියල හිතද්දි හැමදාම මගෙ මවිල් කෙලින් වුනා.

      දැන් කූගනුයි මායි දෙන්නම කම්කරුවො. ඒකයි අපේ ජීවිත වල සත්‍යය. කූගන් හුගාක් සුදු ඩ්‍රැයිවර්ලගෙන් බැනුම් අහනවා. මොකද එයාට එච්චර ඉංග්‍රීසි තේරෙන්නෙ නැහැ. මට මූණට බැන්නෙ නැති වුනාට අහුවුනු තැන කපනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට පොලිස් සයිරන් නැහැ. ජාතික ගීය ගැයුනෙ නැහැ. ආයෙ අනාගතේ කවදාවත් අපිව මිනිස්සු අගය කරන්නේද නැහැ. ඒත් කූගන්ටයි මටයි එක දෙයක් මේ වැඩපලේ තිබුනා. ඒ අපි අපේ කියන හැගීමක්.

      ඒ වෙද්දි පෑවිල්ල නිසා ටැස්මේනියාවේ කිරි හරක් ගොවියන්ට තිරිගු අරං නිමකරගන්න බැරි තරම්. පෑවිල්ලෙදි කිරි එලදෙනුන්ට කන්න දෙන්නෙ තිරිගු ඇට. අපිට ටොන් හයසීයක ඕඩරයක් ආවා.
      මේක පුරවන්න උදේ හවා වැඩකරන්න පුලුවන් ද කියල ඉහලින් ඇහුවා. සුද්දො කැමති වුනා. ඒත් මාව හිස් කන්ටේනර් ගෙන්න දානවා කිව්වා. උං මාව පහත් කලා. මට මේක කරන්න බැහැ කියල අවතක්සේරුවට ලක්කලා. මම ලෝඩ් ප්ලෑනගෙන් ඇහුවා ඇයි මාව හිස්පෙට්ට ගේන්න දැම්මෙ කියලා. මිනිහා මාව ගනං නොගෙන වෙන සුද්දෙකුට කතා කරන්න යද්දි මට තරහක් ආවා . ඒ සුද්ද තමයි කූගන්නට බනින ඩ්‍රැයිවර්. මම ආයෙ ඇහුවා ඒ දෙන්නගෙන්ම මට ලෝඩ් දෙකක් ගහන්න බැහැ කියල කියන්න හේතුව මොකක්ද කියල

      "උඹල ඩ්‍රයිවර්ලද?" සුද්දා ඇහුවා.

      දවසට ලෝඩ් දෙක ගහන්න නීතියෙන් තහනම් උනත් මට මේක අවශ්‍යයි. මම ලොකු බොස්ගාවට ගිහින් මේ ගැන කිව්වා. මේ කිසිම ඩ්‍රයිවර් කෙනෙකුට ඉස්සෙල්ලා මම වරායට ලෝඩ් දෙක දාල ට්‍රක් එක ගෙනත් මේ යාඩ් එකේ නතර කරනවා කියල කිව්වා. ටිකක් වැඩියෙන් ශබ්දය නගා කියවුනේ මගේ හිතට දැනිච්ච ආවේගයටයි.

      "අද ඩීසල් ගහගන්න. හෙට පාන්දර 3 ට මෙහෙන් යන්න " ලොකු බොස් මට වැඩේ බාර දුන්නා.

      මම පාන්දර 3ට එද්දි සුද්දාගෙ ට්‍රක් එක ගේට්ටුවෙන් එලියට යනවා. මගෙ ට්‍රක් එක ඉස්සරහා චීනෙන් ගෙනා ජනෙල් තියෙන පැලට් වගයක් බාල. ට්‍රක් එක ගන්න බැරි නිසා වට පිට බලද්දි තමයි දැක්කෙ කූගන් පිටි පස්සේ යාඩ් එකේ fork lift එකේ නැගල ඇරගෙන එනවා මම ඉන්න තැනට .

      "යාඩ් එකේ කතාව ලොකුවටම ගියා. අරූ තමයි මික්ට කියල ඔතනට මේ පැලට් ටික දැම්මෙ. මම ආවෙ අන්නට මේව අයින් කරල දෙන්න. " කූගන් ඒ ලස්සන හිනාවෙන් මුව සරසාගෙන කිව්වා.

      මම ට්‍රක් එක එලියට ගද්දි කූගන් මාව නැවැත්තුවා .

      "පිරියන් අන්නා!! අරෑව පරද්දන්න!!." කූගන් මට කිව්වා.

      පැයේ පඩියට වැඩ කරන ලොරිකාරයෙක් වුනු මට ඒ ආයාචනාව පුදුමාකාර පන්නරයක් දුන්නා. මට හරියට දැනුනෙ සිංහල අවුරුදු උත්සවයේ බයිසිකල් රේස් එක පටං ගන්න ඔන්න මෙන්න වගේ. ඒ හැගීම මට වචනයට දාන්න බැරි තරම් එකක්.

      Delete
    2. අපි තිරිගු ගත්තේ Boort කියන ප්‍රදෙශයේ ගොවි එකතුවකින්. යන්න පැය දෙකක් යනවා. එදා උදේ මම Boort වලට ගිහින්මයි නැවතුනේ. කන්ටේනරයේ වහලේ හිලක් කපල ධාන්‍ය පැටවීම සදහාම නිර්මාණය කරපු අඩි විස්සෙ කන්ටේනර් පෙට්ටි දෙකක් තමයි මේකට යොදාගන්නෙ. එකකට ටොන් විසි දෙක ගානෙ ගහන්නේ. ඩ්‍රයිවර් තමයි කියන්න ඕන හරියටම බර එද්දි නවත්තන්න කියල. තරාදියට දාල හුගාක් අඩු හෝ හුගාක් වැඩි නම් ආයෙ ලෝඩ් කරන තැනට ගිහින් බාන්න ඕනා. මම යද්දි සුද්දා ලෝඩ් කරං කිරන්න තරාදිපාලම ලගට යනවා. පටවන්න එච්චර වෙලා යන්නෙ නැහැ. මට පුලුවන් ටොන් බාගෙට නිවැරැදිව කියන්න තරාදිපාලමට දාන්න පෙර. සුද්දා ගාන වරද්ද ගෙන ආයෙ එද්දි මම පෙට්ටි දෙකම පටවගෙන තරාදියට ගියා. මගෙ බර ටක්කෙට හරි. කොල ටික ගත්තා එකම ඇරිල්ලයි වරායට. අද මට කරන්න වැදගත් දෙයක් තියෙනවා. අද මට ඔප්පුකරල පෙන්නන්න දෙයක් තියෙනවා .

      මුලින් වරායට ආවට වරායෙ පෝලිමේ හිර වුනා. සුද්දා වරායට එද්දි මම තාම වරායෙ මගෙ ටර්න් එක එනකං ඉන්නව. මගෙ එක පෙට්ටියක් බාල, බාන lift එකේ කෙනා වෙන එකෙක්ගෙ පෙට්ටියක් බාන්න ගියා. එතිනින් මම ගත්තු ලීඩ් එක අපරාදෙ නැති වුනා.

      ආයේ Boort බලා එලෙව්වා. මග යද්දි ට්‍රක් රේඩියෝ එකේ අපේ අනික් ඩ්‍රයිවර්ල කතාවෙනවා ඇහෙනවා මේ කලුසුදු තරගය ගැන. Boort වල ලෝඩ් කරන අය ලන්ච් එකට ගිහින්. සුද්දා එක සයිලෝ එකක් ලග, මම අනික් සයිලො ්එක ලග. මූණ බලන්නෙ නැහැ. ලෝඩ් එක ගැහුවා පලවෙනි පෙට්ටිය මට ඕන ගානටම ඒත් දෙවෙනි පෙට්ටිය ගහද්දි මම නවත්තන්න කියපු තැනින් ලොඩ් කරන කෙනාට නවත්තගන්න බැරි වුනා. ටොන් එකක් විතර වැඩි වෙනවා දැං . පිටිපස්සේ දොර ඇරිය ගමං ටොන් තුනක් වත් වැටෙනවා. ඉතින් ටොන් තුන බිම දාලා ආයෙ ටොන් දෙකහමාරක් පැටවීමට තීරණය කලා. සුද්දා ගිහින්. මම තරාදියට දාල බලද්දි බර චුට්ටයි වැඩි . කොල ටික ගත්තා එලෙව්වා. දන්න උපක්‍රම සේරම දාල තමයි එදා එලෙව්වේ. බෙන්ඩිගෝ කිට්ටු කරල තියෙන කදු පල්ලං වලට සුද්දා බය වෙලා. ඈත තියාම දැක්කා එයා බඩ ගානව. සුද්දා නාකි සීයෙකුයි ආච්චියෙකුයි යන කැරවෑන් එකක්පිටිපස්සෙ හිරවෙලා. සීය කැරවෑන් එක අසූවට වඩා ගන්නෙ නැහැ. එයාට ඉස්සරහා පරණ පැජරෝ එකක් . සුද්දෙක් කිසිම දාක නොකරන එකක් තමයි ලේන් දෙකේ පාරක ප්‍රතිවිරුද්ධ පැත්තට දාල oncoming traffic එකේ වාහනයක් ඉස්සර කරන එක. ඒ වැඩේට උං හරි බයයි! අපි ලාංකිකයි මල්ලි! අපි පිට රට ගියත් ඒක කරනවා අවශ්‍ය වුනොත්. කෙලින් පාර අහුවුනා. කව්රුත් එනව පේන්න නැහැ. මේ තමයි මගේ චාන්ස් එක . මම අනික්පැත්තට දාල උපරිමේ දුන්නා. එතකොට තමයි මට රේඩියෝ එකේ ඇහුනේ මේක දැකපු පිටිපස්සෙන් එන ට්‍රක් එකේ ඩ්‍රයිවර් කෑගහල කියනවා " Look at thaaaatt..... The airodome goes!!!!" (අන්න බලාපල්ලා එයඩෝම් එකේ යෑම) ඒ මගෙ Freightliner airodome ට්‍රක් එක ගැන කෑගහල කිව්වෙ. ඒ මොහොතේ මම මගෙ අතීතයට ගියා. මම අනික් අය පහුකරං ඉස්සරහට යද්දි මිනිස්සු නම කියල කෑ ගහපු ඒ කාලෙට ගියා. අශ්වබල 550 හෙ ඉන්ජිම මොර දාගෙන ඉදිරියට යද්දි තමයි මම දැක්කෙ ඒ පැජරෝ එකෙන් එලියට දාපු මේ ලෝකෙ ලස්සනම කොඩිය. මේ වෙන කවුරුත් නෙමෙයි එදා මම සුද්දාගෙ බැනුමෙන් බේරගත්තු කූගන්. මට කළගූණ සලකන්න කූගන්ල ඇවිත්. පෙජරෝ එකේ දොරෙන් එලියට බැහැගෙන කෑගහන කූගන්ව දැකල මගේ හැගීම් කදුලු කැට වෙලා කම්මුල් දෙකේ පෙරෙන්න ගත්තා. මගෙ කොල්ලො ඇවිත් මාව එක්ක යන්න. ඒ මොහොතේ මගෙ ආත්මය මුමුනන්න ගත්තේ අපේ ජාතික ගීය. වචන හිරවුනා. "ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා... ඒ සුන්දරම ගීතය ටික ටික මුවින් පිටවුනා. සුද්දව ඉස්සර කරල මම නොපෙනී ඈතට ඇදෙද්දි මගේ ජාතික ගීය මම කෑ ගහ ගහ කිව්වා... ඇස් වලින් කදුලු කැට වැටුනෙ මොන හේතුවකටද මට තාමත් පැහැදිලි නැහැ. ඒත් එදා අර සිංහ කොඩිය ලෙල දෙද්දි මට දැනුනා මම ඇත්තටම කොයි රටේ මිනිහෙක්ද කියල.

      වරායට එනකං කූගන්ලා මට ඉස්සරහින් ආවා. ඒ ලෝඩ් එක වරායට දාල යාඩ් එකට ගිහින් B double එක රිවස් කරල ගහද්දි රෑ නවයට විතර. ඒතමයි මගෙ ට්‍රක් ජීවිතයේ ලස්සනම දවස. මම ට්‍රක් එකෙන් බහිද්දි එතනට වෙලා මම එනකං හිටියෙ කූගනනුයි අර දෙමල කොල්ලො දෙන්නයි අපේ ⁣රටේ ජාතික කොඩියත් තියාගෙන.

      "පිරියන් අන්නා ! තෝසෙ කන්න ආසයි නේද?" කූගන් කෑම පෙට්ටිය අරින ගමන් ඇහුවා
      .

      Delete
    3. සත්තයි, ඇඬුණා
      -සමඟිය දැනුණා
      -හැමෝම මේ වගෙ
      -වේවා හිතුණා

      Delete
    4. සත්තයි, ඇඬුණා
      -සමඟිය දැනුණා
      -හැමෝම මේ වගෙ
      -වේවා හිතුණා (2)

      Delete
  5. මාතේ කරුණාකර ලංකාවෙ බන්ධනාගාරයක් තුළ කොටුවී "අනේ.. මගේ ජීවිතය බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න..." - මරණ බිය දැනී ඥාතීන් ඉදිරියේ කුඩා දරුවකු ලෙස හඬා වැටෙන කංජිපානි ඉම්රාන් කියන අසරණයා බේරාගැනීම පිණිස අපට කළහැකි දේවල් ගැන උපදෙස් ලබා දෙමින් පෝස්ට් එකක් දාන්න අවශ්‍යයි නේද?

    ReplyDelete
  6. අයිසේ මාතලං "අනුර ඩීල් දානවා විතරයි පක්ෂයට, පක්ෂ සාමාජිකයන් ට කිසිම වැඩක් කරන්නේ නැ. එහෙම නායකයෙක් අපිට වැඩක් නැ."

    ජවිපේ පක්ෂය ඇතුලත නායකයන් අතර අර්බුදයක්....ලාල් කාන්ත අනුරගෙන් ගේම ඉල්ලයි.

    ඇත්තටම ජවිපේ මීළග නායකයා ලාල්කාන්තද මාතලන්..?

    ReplyDelete
  7. පහු ගිය රාජ පස්ස පප්පල වනචර දශකයක පමණ කාලයක් තිස්සේ කරපු දේවල් මේවා විතරයිද?

    ☑️ අවුරුදු 30ක් පරද්දගන්න බැරුව හිටපු කොටි පැරැද්දුවා සරත් ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් - මිග් යනා ආයුධ වලින් කොමිස් රාජ පස්සට

    ☑️ 1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවා. කොමිස් ගහන්න රාජ පස්ස

    ☑️ අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවා.. චීන කොමිස් වලට

    ☑️ අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවා..චීන කොමිස් වලට

    ☑️ සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවා..චීන කොමිස් වලට

    ☑️ මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවා.. ඉන්දීය කොමිස් වලට

    ☑️ ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවා.. කොමිස් ගහන්න

    ☑️ ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවා.. කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවා.. චීන සමාගමක් විසින් කොමිස් ගහන්න

    ☑️ වසර ගණනක මොරටු ඉදිරි ආරක්ෂක වලලු අවසන් කරලා NDT ඈයොන්ට සුපිරි තාක්ෂණ ආයතනයක් හදලා දුන්නා.. කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කරා.. ඉරානයේ කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවා.. කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තා.. කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වා.. කොමිස් මුදලක් ඉන්දියාවේන්

    ☑️ අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවා.. හම්බන්තොට කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් තැනුවා.. කොමිස් ගහන්න

    ☑️ වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවා.. කොමිස් ගහන්න

    ☑️ ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනා..කොමිස් ගහන්න

    ☑️ අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග මාර්ග හැදුවා කොමිස් ගහන්න .. තවත් උතුරු මධ්‍යම/ හම්බන්තොට අධිවේගී මාර්ග ආරම්භ කර කොමිස් මුදලක් අය කළා

    ☑️ වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය යථාර්තයක් කලා.. කොමිස් ගහන්න

    මේ ටිකක් විතරයි මේ වගේ කොයිතරම් කොමිස් මුදලක් ලබා ගන්න ඇතිද?

    ReplyDelete
  8. මාතෝ ජවිpay දැවැන්ත උද්ඝෝෂණයට බිය වූ පොම්පියෝ MCC එපා කියා ඇමරිකාවට පළා ගොස් ඇතිබව සත්‍ය සිදුවීම නේද?
    ��⌚��

    ReplyDelete
  9. මුළු ලෝකෙම කොහොම උනත්
    අපි නම් දැන් කලක හිටං
    රිම් එකෙන්ම ගමනේ යනවා

    සීත නෝනා සහ විමලේ
    කොරිඩෝ හැදෙනා තාලේ
    රස කර කර කියාපු හැටි
    නිකමට වාගේ නිකමට සිහියට එනවා

    එව්ව මෙව්ව දැන් මොකටද
    ඇරත් කාටවත් මතකද
    අපිට පුරුදු ලෙස හෙමිහිට
    රිම් එකෙන්ම ගමනේ යනවා
    අපි, රිම් එකෙන්ම ගමනේ යනවා

    ReplyDelete
    Replies
    1. රීම් එකෙන්ම යන්න ගිහින්
      විස්ස පර වෙලා හනිකෙන්
      රිස්ස ගිහින් තියෙයි වගේ
      කියල හිතෙනවා!

      Delete
  10. aney Mathalan pimpiya, ubatath cheenen keeyak hari dunnada? thopi wage bath kana harakta hedenna ona corona double

    ReplyDelete
  11. අම්මප දැන්නේ මීටර් උනේ. කැලණිය නයා ඇවිල්ල අවුරුද්දයි. දැන් ආයේ එන්නත් කාලේ හරි.
    එකටම පොම්පියො එන්න ඇත්තේ නයා ගෙනියන්න තමයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න