.

.

Dec 1, 2020

සුළි සුළං හමාලා හා මහර යුද්ධය....

 


සුළි සුළඟින් විය හැකි හානිය තාම තක්සේරු කරලා නැතිය. හැම මළහත්තිලව්ව්ම ඝෝඨාට කරන්න පුළුවන් නම් මේ රටේ රාජ්ජ සේවයක්කත් රාජ්ජ ආයතනවත් ඕනෑ නැතිය....

කෙසේ හෝ හෙන පරිප්පුවක් කන්නට වෙන බව නම් සහතිකය.... 

කොහොම හරි සුළි සුළං හමාලා මහ මුහුද ගොඩ ගලා මේ මුළු දෙරණ වැනසුවා... ගීතයේ අලුත් වොර්සන් එකක් ගායනා කිරීමේ අවස්ථාව අප සැමට අත් වී තිබෙන්නේය... ඒ සඳහා කව් ගී නිසදැස් හා කෙටිකතා මාතලන් වෙත එවන මෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ආදරයෙන් ඉල්ලා සිටීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි....

------------------------------------------------

මහර බන්ධනාගාරය හරහා සුළි සුළඟක් හැමුවේ ඊයේ පෙරේදාය.. 9 ක් මැරිලාය... 100 ගානක් ඉන්ජරීස්ය... එක අම්මා කෙනෙක් එළියේ ඉඳන් ඇඬුවේ එයාහේ මහත්තයා හා දරුවෝ තුන් දෙනාම ඇතුලේ කියලාය... අප ඒ මහත්වරුන්ගේ ප්‍රජා අයිතිය මාරම විදියට රැකිය යුතුමය... 

එවන් අම්මාවරුන් ජාතියේ අම්මාවරුන් ලෙස අප් දොහොත් මුදුන් දී නමස්කාර කළ යුතුය... අද පටන් අපේ අම්මාට නමස්කාර කිරීම නවත්වා දමා ඒ අම්මාට නමස්කාර කිරීමට පටන් ගත් බවත් මේ මොහොතේ ජාතී ආලයෙන් යුතුව ප්‍රකාෂ කිරීම මාගේ ජාතික වගකීමය...

මහර බන්ධනාගාරය හා රාගම හොස්පිටැල් එක ඉස්සරහා පොලොවේ පස් කා පොලෝසියේ රාළහාමිලාට වැන්ද අම්මාවරුන් පියවරුන්  බිරින්දෑවරින් ශෝදර සහෝදරියන් ගැන අපගේ බොකු වල ඵන් සංවේගය හා අපත් එක් විය යුතුය....

මා නම් කියන්නේ.... චොකා මල්ලි හා දුමින්ද සිල්වා පමණක් ඇතුලේ තබා අනෙක් සිරකරුවන් සියල්ලෝම තම නිවෙන්ස් කරා හා කුටුම්බයන් කරා පිටත් කර ඇරිය යුතුය....

ශානී අබේසෙකර වන් අප නිවෙස්වල වළං පවා හෝදන්නට කැප වී වී සිටිනා යා පාලන නිළධාරින් සියල්ලෝම නිවෙස් වලට නැතිනම් ජිනීවා හෝ යැවිය යුතුය....

සියළුම කුඩු කාරයන්... මිණී මරුවන්... පාතාල නායකයින්... ස්ත්‍රී දූෂකයින් මෙන්ම.... මෑතක ජපානයේ සීතාවන් පැහැරගෙන ආ.... රාවණාගේ ලොකු තාත්තාත්... නිදොස් කොට නිදහස් කර එලියට දැමිය යුතුමය...

බැසිල් ලොක්කා සියළුම නඩු හබ වලින් නිදොස් කොට නිදහස් කල එකේ ඔය සියල්ලෝම නිදහස් කරන එක.......  එක දවසෙන කරන්න පුළුවන් නියෝගය...

ලංකාවේ කුඩු කාරයන් ඉන්නේ එක්කෙනෙක් පමණි.... ඒ දුමින්ද සිල්වාය...

මිනීමරුවන් දෙදෙනෙක් වෙති... ඒ දුමින්ද සිල්වා හා චොකා මල්ලීය....

ඒ දෙදෙනා පමනක් එල්ලා මරා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්... 

අපේ අධිකරණ ඇමතිතුමාට මෙන්ම...,

ලොහාන් රත්වත්තේ මැතිතුමාටත් නොබෙල් තැග්ගට පව හිකිකම් කියන්න ලැබෙනවාය...

අපිට තියෙන්නේ අපේ ගෙවල් වල මංකොල්ලයක්... ස්ත්‍රී දූෂණයක්... ළමා අපචාරයක්... මිනීමැරුමක් සිඳු වූවත්.

ඒ සියල්ලට මානුෂික මුහුණවර ලබා දී.....

අපේ මිනිස්කම.... අපේ සඟිස්කුරුතිය... අපේ සබ්බත්තය.... අපේ බව් බව් මික් අන්ඩවාතතය... අපේ හෙළ හැදියාව... අපේ අම්මගේ රෙද්ද යනාදී සියළු දෙයම ලෝකයා හමුවා පෙන්වා සිටිය යුතු බවය....

ඒ කාළ කන්නින්ට ඒත් පෙන්නේ නැත්නම්... සරම උඩට උස්ස මව් මිබ වෙත මුහුණ එල්ල කර අපේ විරෝධය ඒ මූසල හැත්තට පෙන්විය යුතුමය....


ස්ධූතී... නැන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ... !!!!


අති විශේෂ -

බුකියේ සියළුම එකවුන්ට්ස් වාරණයට ලක්ව ඇති හෙයින්... මොකෙක් හෝ මාතලන් ටැග් කොට මෙය බුකියේ එල්ලිය හැකි නම්.... ඌ තරම් පොරක් ලොවෙත් නැත...


36 comments:

  1. අයියෝ..... මාතේ.

    ReplyDelete
  2. දෙයියන්ගේ දුම් මුට්ටි, පවිත්‍රාගේ හුජ්ජ හට්ටි, චන්නගේ පැණි බෝතල් මෙන්න ආතල්!
    දැන් පෙන්වනවා ඇවිදින 'රිවස්' පෙති.
    අපි නොදන්නා චෙස් මාතලන්.

    ReplyDelete
    Replies
    1. එයා ටැබ්ලට් ගැන දන්නවා ඇති...

      Delete
  3. හිතාගන්න බෑ - තෝරගන්න බෑ - මොනවා කියන්නද කියලා - වටහගන්න බෑ!

    ReplyDelete
  4. සුළි සුළඟ ඇවිදින්
    නැගෙනහිර පීරාගෙන
    පලයන් හිස්බුල්ලාගේ
    ෂරියා සරසවියෙ
    වහළයද ගලවගෙන

    ReplyDelete
  5. කතාව ඇත්ත මාතේ ඇත්තටම බුකියේ මාතව බ්ලොක් කරලා තියෙන්නේ කවුද? මැදමුලන ගංකබර මරාගේ බයි වහල්ලු ද? නැත්නම් සජබ ටෙලිෆෝන් කබ්බ වහල්ලු සහ එජාප උප සමාගමක් වූ ජවිපෙ ලප වහල්ලු වානර රැලද? මේ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් සහයක් අපි බුකියේ දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්න සුපිරිම සහ බුකියේ ඉන්න ඕගනයිස්ම වහල් මීහරක් රැල. ඇත්තටම මාතේ ගෝඨට ඡන්දය දීලා කට පුක වහගෙන සයිලන්ස් එකේ ඉන්න මරාවාදී වහලුන් ගෝඨවාදීන් සියළු දෙනා ඒකාබද්ධව සංවිධානය කරල ගත්තොත් ඔය බුකියේ ඉතා සුළුතර සීට් තුනේ කාලකන්නි ජවිපෙ වහල් මීහරක් රැලට පුක නැතිවෙන ගේමක් දෙන්න පුළුවන් ලේසියෙන්ම. ඔය උඹ වගේ බ්ලොක් වෙච්ච එවුන් ටිකක් සෙට් උනත් ඇති. උන්ට දෙන්න ඕන උන්ගේ භාෂාවෙන්ම උන්ට තේරෙන විදියට. මම උඹලාගේ දේශපාලන කඳවුරේ නොවුනත් භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කරන්න උඹලා සමග එකතු වෙන්න කැමතියි. යකෝ විරුද්ධ අදහසක් දරාගන්න බැරි තරම් මීහරක් මොකට සමාජ ජාල වලට රිංගලා මොන #ත්තක් ද මේ කරන්නේ?

      Delete
  6. හහ් හහ් හහ් හා ලෝහාන් යෝදයා දස්සයා අර සුප්‍රකට උඩුතලවින්න කේස් එකේ එක්ස්පිරියන්ස් එකත් එක්ක සුපිරි ගේමක් ගහන්න පුළුවන් ඕයි. මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදහස් පන්සියයක් පමණ පිරිස අතරින් 189 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වෙලා කියලා කියන්නේ. දැන් නම් බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමීලු ඒත් බන්ධනාගාරය තුළ පහසුකම් වැඩි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් කියනවා.

    එතකොට බන් මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග තුනකට අයත් පෙති විසි එක් දහසක් පමණ තිබුණු බවත් මත්ද්රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණා කියලා කරන විමර්ශනය වල තත්ත්වය සහ ඒ ගැන ඔබගේ අදහස් සටහන් කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇයිද දන්නේ නෑ ඒක ලොහන්ටම දුන්නේ.
      ප්‍රේමලාල් ජයසේකරට දුන්න නං හොඳයි. එයා වඩා සුදුසුයි.
      මාතලන් මක්කයි හිතන්නෙ

      Delete
    2. අර කිව්වා වගේ චොකා මල්ලිට දුන්නා නම් හරි...

      පොර එතනම නේ ඉන්නේ

      Delete
    3. අර කිව්වා වගේ චොකා මල්ලිට දුන්නා නම් හරි...

      පොර එතනම නේ ඉන්නේ

      Delete
    4. Supuri talks eka bro

      Delete
  7. එල් පී එල් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථාන් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි හදිසියේම පකිස්ථානය බලා යාමට තීරණය කර ඇති අතර ඔහු සඳහන් කරන්නේ පෞද්ගලික කාරණාවක් මත තමන්ට නිවස බලා යාමට සිදුව ඇති බවයි.

    කොහොම හරි මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්ම අහිමි වනු ඇත.

    කෙසේ නමුත් මෙම තත්ත්වය කලමණාකරණය කර ගත් පසු තමන් නැවතත් කණ්ඩායමට එකතු වන බවද ඔහු සඳහන් කර තිබේ.

    අෆ‍්‍රිඩි ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායමේ නායකත්වය දරන බව කවුරුත් දන්න ප්‍රසිද්ධ දෙයක් හින්දා මේක ගැන මාතා දරන අදහස මොකක් ද කියලා කියන්න.

    ReplyDelete
    Replies
    1. මුලු ඇල් පී ඇල් එකම මෙලෝ රහක් නෑ...

      අපේ ටීම් වල ඉන්න උන්ගේ රැවුල් කොන්ඩ ටික දැක්කම බලන්න අප්පිරියයි

      Delete
  8. අඩෝ මාතෝ බුරවී සුළි කුණාටුව ගැන ගහපු අනාවැකි බයිලාව වැරදි නේන්නම්.. මදෑ ගෙදරට බර වෙලා තිබ්බ පොල් ගහක් සහ නෙල්ලි ගහත් කැපුවා. අති විසාල දැවැන්ත හුලඟට කඩන් වැටෙයි කියලා. ��

    මෙන්න මු දැන් මේ පැත්තෙන් එන්නෑල්ලු ටෞකණ්ඩ... අපි මොක්කු කියලා හිතන් ඉන්නවද දන්නෑ. හූනෙක් චූ දැම්මා වගෙ සුට්ට සුට්ට වහිනවා ��

    සාමාන්‍යයෙන් මේක දිවයිනෙන් පිටව යන අවස්ථාවෙ බස්නාහිර, වයඹ, මධ්‍යම පළාත් වලට බලපෑම් තියෙනවා කියලා කිව්වෙ, සුනාමියත් මුහුද පස්සට ගිහින් ඉස්සරහට ආවෙ. කොරෝනත් පලවෙනි රැල්ල සද්ද නැතුව ගිහින් දෙවෙනි රැල්ල දුන්නෙ දුවන්නම. මේ බුරවීත් ඒ වගේ බුරාවිද දන්නෙ නෑ... සද්ද නැතිව චුට්ට චුට්ට වැහැලා දෙයිද දන්නෙ නෑ රෙද්දේ රෙවෙන්න
    ..��������

    මාතා මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. බුරවිත් ස වගේ කියලා වේසා කොල්ලෝ කියන්නේ

      Delete
    2. බුරවිත් ස වගේ කියලා වේසා කොල්ලෝ කියන්නේ

      Delete
  9. බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවා.

    එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

    අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැබ් රථයේ නැගී නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිත පුද්ගලයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර “උඹලටත් කොරෝනා හදන්න ඕනේ” යැයි කෑගසා පවසමින් කැබ් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

    එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවා.

    "මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා."

    ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවා.

    https://m.facebook.com/Liveat8.lk/videos/410637986789807/

    ReplyDelete
  10. මාතා මම සෞදි ඉන්නකොට මගේ සෞදි මිතුරෙක් හිටියා ඌ නිරාගමිකයි කියලා මට දැනෙන්නෙ වසරක් ආශ්‍රය කලාට පස්සෙ. ඉතාම බිහිසුණු ලෙස ඔවුන්ව එම සමාජයෙන් කොන්කරලා තිබුනා ඔහුගේ පවුලෙන් වයිෆ් ඔහු එක්කයි. ඔවුන් හදාගත් ඉතාම රහසිගත කණ්ඩායමක් ලෙසයි ක්‍රියාත්මක උනේ. ලෝක පරිණාමය මිනිස් සම්භවය වගේ මාතෘකා විවෘතව කතාකරන්න පුළුවන් වුණ එකම සෞදි මනුස්සය. හැබැයි පස්සේ බය නිසාම සංක්‍රමණය කලා ඕස්ට්‍රේලියාවට. දැන් මේ ඔසී වල ඉන්නවා නිදහස් අදහස් දරමින්.

    ReplyDelete
    Replies
    1. එහෙම බුවාලා ඕන සමාජයක ඉන්නවා..

      බුද්ධිමත් උන් ආගම් අදහන්නෙ නෑ

      Delete
  11. අනේ මන්දා උඹලා හෙන ආතල් ඒකේ ඉන්නවා නේද. මම නම් හරිම දුකින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දුකත් ආතල් එකක් කරගනිමින්...

      Delete
  12. මචං මාතලං දැන් මේ ඇමරිකන් එක්සත් ජනපදයේ කොරෝනාවලින් පසු ඇමරිකානුවන් විශාල වශයෙන් පොල් කර්නෙල් එක ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කිරීමට පටන් ගෙන තිබෙන නිසා ලංකාවේ පොල්වල විශාල ඉල්ලුමක් ඇති වී තියෙනවා කියලා දන්නවා ඇතිනේ. පේන විදියට නම් ලංකාවේ පොල් වල හොඳම රසය ඇති නිසා මෙතරම් ඉල්ලුමක් ඇති වී තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන් මම ඉන්න වර්ජිනියා ටැක් සරසවියේ කෘෂි විද්‍යා අංශයෙන් මේ ගැන සෑහෙන පර්යේෂණ සිදුකරන බව පේනවා. මම කෘෂි විද්‍යා විෂය ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ ඒත් මම හිතන්නේ ලංකාවේ ලබන අවුරුද්ද වෙනකොට පොල් ගෙඩියක් සිල්ලර රුපියල් එකසිය අසූවක් විතර වෙන්න පුළුවන් මේ වත්මන් සැපයුම විතරක් තියෙනවා නම්. ලංකාවේ පොල් වගාව දියුණු කිරීම සම්බන්ධව රජය දැනුවත් කරලා තියෙන්නේ අපි. ඔබට පුළුවන් මේ ගැන මහජනයා සමාජ ජාල හරහා දැනුවත් කිරීම් කරන්න. ඒ වගේම ලංකාවේ දේශීය පොල් පරිභෝජනය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. මම ලංකාවේ පොල් වත්තක් මිලදී ගෙන දැන් නඩත්තු කටයුතු කරගෙන යනවා. ප්‍රශ්නයක් තමයි drip irrigation system එකක් දාන්න බැරි වෙලා තියෙන්නේ තණකොළ කපන කොට ස්ලෑෂර් එකට බට කැපෙන අවදානම නිසා. වියළි පොල් ලෙල්ලෙන් අපට හැඩයට කපපු ඩිෂ් වොෂර් ස්ක්‍රබ් පෑඩ් (natural fiber) හදලා සෑහෙන ගානකට දෙන්න පුළුවන්. ලංකාවේ අතරමැදි හාල්පාරුවන්ට නොදී කෙලින්ම ඇමරිකන් ගැනුම්කරුවන්ට දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. අලුත් ඩිසයින් වලට හදපු පොල් කටු හැඳි සහ කටු වලින් හදන ඇක්ටිව් කාබන් වලටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ දැන් තියෙන ආණ්ඩුව විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු වලට සහන සේවා සපයන එකක් හැබැයි ගොඩක් මිනිස්සු දන්නේ නැහැ ඒ බව. හැමෝම දේශපාලුවන්ට බැන බැන ඉන්නවා මිසක් ඇඟ හොල්ලා වැඩක් කරන්නෙ සුළු පිරිසක්. මේ වගේ වාණිජ වගාවක් සඳහා යොමු වෙන්න පුළුවන් නම් හොඳයි උඹටත්. �� මොකද හිතන්නේ ඒ ගැන? අපේ තාක්ෂණික දැනුම යොදාගනිමින් සරල යන්ත්‍ර හදාගෙන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. කෘෂි විද්‍යාව ගැන දක්ෂ විශේෂඥ Consultants ලාගේ උපදෙස් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ පොල් ගස් ප්‍රමාණයට වඩා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොරවල් ඉන්නවා

      Delete
  13. කෑගල්ලේ මේසන් බාස් කෙනෙක් අපේ ඇමරිකාවෙත් හිටපු ලොකු මහත්තයත් ඇන්දුව නං (චන්න ජයසුමනල කොහොමටත් හුළඟටත් ඇන්දෙන පොරවල්නේ) මාතලන් අපේ අහිම්සකම අහිම්සක බෛ ජනතාව ගැන මක්ක කියන්නද

    ReplyDelete
  14. ah me mase padiya wetila wage!

    ReplyDelete
  15. එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී දකුණු අප්‍රිකානු ජාතික යස්මින් සුකා විසින් ලංකාවේ මහජන ආරක්ෂක ඇමති සරත් විරසේකරව ලංකාවේ 60 වැනි යුද අපරාධකරු ලෙස නම් කිරීමට උත්සාහ කර තිබේ.

    ඇය එමගින් චෝදනා කර ඇත්තේ;

    01. සිවිල් ආරක්ෂක බලකාය නමින් ජන ඝාතක අතුරු හමුදාවක් ස්ථාපිත කරමින් ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.

    02. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ලංකාවේ උතුරේ දමිළ ජනයා වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සංවිධාන වලට තර්ජනය කිරීම සහ

    03. ලංකාවේ දෙමල සන්ධානය තහනම් කළ යුතු යැයි පැවසීම යන කාරණාය.

    මෙම වාර්තාව කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ එල් ටී ටී ඊ සංවිධානයේ දේදුන්න නම් පුවත් පත මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිදරව් වී තිබේ.

    සරත් වීරසේකරව විදේශ රටවලට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඔවුන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ. මේ ගැන මාතලන් පවසන්නේ කුමක් ද?

    ReplyDelete
    Replies
    1. රෙදි නැතුවම කඩේ යන්න ගිහිල්ල සරත් වීරසේකර ඇදගෙනම ගූ නෑවා. ඔය වේශිගේ පුතා ජිනීවා ගිහිල්ලත් රට කන්න ඇත්තේ ඔහොමම තමා. පකේ රියර් අද්මිරාල්. ගැලවීමේ හමුදාවෙනුත් දොට්ට දායි මේ වගේ උන්.

      Delete
  16. ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය සහිත ඇතැම් පිරිස් විසින් මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් බිය ගැන්වීමට සහ ඔවුන්ගෙන් පලි ගැනීමට කළ සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබේ.

    ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත විශේෂ වාර්තාවක් යොමු කරමින් මහ ලේකම්වරයා මෙම චෝදනාව එල්ල කර ඇත.

    මීට පෙර පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ලාංකික සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙෙනකුද මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි. මේ අය උතුරේ ජනතාවගේ ජනවාර්ගික ප්‍රශ්න වලට සහ උතුරේ සිදුවූ බරපතල යුධ අපරාධ පරීක්ෂණ සම්බන්ධයෙන් වඩාත් සංවේදීව ජනතාවාදී ලෙස කටයුතු කළ අය බවයි පැවසෙන්නේ.

    මේ ආකාරයෙන් සිදු කරන බලපෑම වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

    ReplyDelete
  17. මාතලං ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙසත් මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් අවධාරණය කරමින් ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයකු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විශේෂ ඉල්ලීමක් ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ.

    මේ වන විටත් ලංකාව රාජ්‍යයක්‍ වශයෙන් 2006-2009 කාලයේ ඉතා බරපතල යුද අපරාධ කළ බවට සැලකිය යුතු ප්‍රමාණයක් සාක්ෂි ඇති බවත් එම යුද අපරාධ කළ අය වර්තමානයේදී ඉහළ ධූර වලට පත්කර ඇති බවත් ඔහු අවධාරණය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

    ලංකාවේ අහිංසක දමිළ ජනතාවට තම මියගිය ඥාතීන් සහ හිතමිතුරන් සැමරීමට වත්මන් රජය කිසිම අයුරකින් ඉඩ දී නැතැයි ද ජාත්‍යන්තර ආයතන වලට පැමිණිලි කරන ඔහු ජිනීවා වලදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නිලධාරීන් එකඟ වී අත්සන් තබා ඇති යුධ අපරාධකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන යෝජනා ඉටු කිරීමට දැන් රජය ක්‍රියා කර නැතැයිද එම ආයතන වලට ලිඛිතව දැනුම් දී තිබේ.

    ඒ වගේම වත්මන් ශ්‍රී ලංකා රජයද යුද හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන වැරදි අදහසක් අනුව කටයුතු කරන බවද එමගින් උතුරේ සමූහ වශයෙන් ඝාතනය කරන ලද අහිංසක දමිළ ජනයාට බරපතල අසාධාරණයක් සිදු වන බවද ඔහු දැඩි ලෙස අවධාරණය කරයි. මේ ගැන සිංහල සමාජයේ අප ද හඬ අවදි කළ යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න