.

.

Feb 28, 2021

පාස්කු ප්‍රහාරයෙන් ආන්ඩුවට ගැලවීමක් නැත.

 


මේ ආන්ඩුව බලයට පත්වන්නේ පසුගිය පස් වසරේ පැවති මෙලෝ රහක් නැති ආන්ඩුව නිසාය. එම ආන්ඩුවේ අසාර්ථකත්වය වඩ වඩාත් ඉස්මතු වූයේ, වෝනින් 96 ක් පැමිනිලාත් වලක්වා ගැනීමට තිබූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමට ක්‍රියා නොකිරීම නිසාය. මෙවන් ප්‍රහාරයක් එල්ල වන බව, පක්ෂ විපක්ෂ සියල්ලෝම දැන් සිටියහ. එහෙත් ඇත්ත කිව්වේ ආරක්ෂක ලේකම් ලෙස උන් හේමසිරි ප්‍රනාන්දූ පමණි.

ඒ යකා කිව්වේ… අපි මෙහම ප්‍රහාරයක් වෙන බව දැනගෙන උන්නා. ඒත් මේ වගේ ගහයි කියලා හිතුවේ නෑ කියලාය. යහපාලනේ හත් පොලේ ගාගත්තේ මේ මී හරකාගේ මේ ප්‍රකාෂයත් එක්කය.

අගමැති කෙසේ වෙතත් සිරිසේනත් මේ බව දැනගෙන උන් බව පාස්කු කොමිසමේ අසන ලද හරස් ප්‍රශ්ණ වලදි එලි උනේය. පොර රටින් මාරූ වූයේ ඒ නිසාය. එයිටාමතරව දහම් සිරිසේනගේ මඟුලට පවුල් පිටින් ෂොපින් යාම ප්‍රධානම අරමුණ විය. මේක කොමිසමේදි කියන්නට එකෙකුට හෝ කොන්දක් තිබ්බත් නැතිය.

කෙසේ හෝ එවන් කාළකන්නි ආන්ඩුවක් පරාජය කිරීමට බොරු පොරොන්දු දෙන්නට ඕනා උනේ නැතිය. ඒ අවස්ථාවේ තිබුන තත්වය අනුව ඝෝඨාභය උන්නැහේ නොව ටට්යානා නෝනා චන්දයට දැම්මත් රාජපක්ෂලා මේ ලද 69 ලක්ෂේ කොහොමත් ලැබෙනවාමය. එහෙත් දැන් මේ ආන්ඩුවට ගැලවීමක් නැත්තේ.., ඒ චන්දය වෙලාවේ ජාතීවාදින් විසින් දඩයම කරේ නොව ඔළුවේම තබාගෙන ගිය නිසාය.

අද සිද්ධවෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්තය. දැන් දඬයම කරපු උන්ම කිසිම බයක් නැතිව දඩයම ඔළුවේ තබාගෙන යන්නේ පෙරහරේය. කොමසම එකම විගඩමක් වී අවසානය. කොමිසම දාපු සිරිසේනවත් ඌගේ පිලේ උන්වත්, ආන්ඩුවේ උන්වත්, විපක්ෂේ උන්වත්, ප්‍රහාරයේ වින්දිතයන්වත්, වින්දිතයන්ගේ ආගමික නායකත්වයත්, ඒ ප්‍රජාවවත්, කොමිසම් ගහන බයිලා පිලිගන්නේ නැතිය.

ඇත්තය.., පඩත්තල සිරිසේනට මෙයින් කිසිදා ගැලවිය නොහැකිය. පොර රටේ එවකට උන් නායකයාය. රාජ්‍ය ආරක්ෂාව බාර එකාය. එහෙත් උන් කරේ රට පාලනය කරනා එක නෙමේය. බලය ආරක්ෂා කර ගැනීම හා පන පිටින් දිවිය ලෝකේ ගිය ආතල් එක ගන්නා එක පමණය. පැජට් පාරේ මාලිගාව ඊට හොඳම උදාහරණයයි. අවසානයේ පොර නැවතත් රාජපක්ෂලාට කෙලින්න, එතනටම රිංගා ගැනීමටත් සමත්, මහින්දටත් එහා ගල් ආඳෙක් උනේය.

මේ ආන්ඩුවට මේ මොහොතේ නිරාකරණය කර ගත යුතු කරුණු 3 ක් ඇත.

1. පාස්කු ප්‍රහාරය සිඳුකල කණ්ඩායම හෙලි කර ගැනීම

2. වැක්සීන්කරණය නිසි ක්‍රියාදාමයක් යටතේ ක්‍රියාත්මක කිරීම.

3. ජනතාවට සාධාරණ මිළට ලබා දෙනවා කියූ සහල් හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල ලබා දීම.

එයින් ප්‍රධානම කරුණ වන පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් එලි කිරීම ආන්ඩුවේ ප්‍රමුඛතම කරුණ වන්නේය.

කාදිනල් හිමිපානන් විසින් ලබන ඉරිදා කළු ඉරිදාවක් බවට පත් කර අවසානය. සිරිසේනගේ පිල වක්‍රාකාරයෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ මෙම ප්‍රහාරය පසු පස සිටිනා බවය. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ නාමල් කුමාර නම් වට පඩත්තලයා ලබා දුන් කට උත්තරයය. එනම් සිරිසේන හා ඝෝඨාභය යන දෙදෙනාම මරා දැමීමට සැලසුම් කර තිබූ බවයි.

මෙය බැසිල්ට පමණක් නොව මුලු රාජපක්ෂ පවුලටම එල්ල වන කළු පැල්ලමකි. මේවාට කට පුක වසාගෙන සිටීම ආන්ඩුවේ පරිහානියටම හේතු වන්නේ, දැන් ආන්ඩුව ඇතුලෙන්ම බැසිල් රාජපක්ෂ එල්ල කරගනිමින් යන කුමන්ත්‍රණය හේතුවෙන්මය.

කොමිසම කළේ, ඒ කාළේ කෝපී කඩේ, ගමේ බෝක්කුවේ, ළිඳ ළඟ සංගමයේ කරනා වැඩක්ය. එක එකා ගෙනත් එක එකාගේ කේලම් අහනා එකය. ආපු හැම එකාම කිව්වේ අනේ මඤ්ඤෑ අරූගෙන් අහන්න එයා ඤමයි ඤන්නේ කියලාය. මුන් ඔක්කෝම ආන්ඩුවේ පින් පඩි කෑ කාළකන්නින්ය.

ප්‍රහාරයට වග කිව යුත්තෙක් හොයන්න කොමිසම කිසිම ඉන්වෙස්ටිගේසොන් එකක් කළේ නැතිය. ඒ වෙනුවට මේ රටේ කිසි කාළයක කළ නොහැකි නිර්දේශ වගයක් පත හෑලී සේ ලියලා තියෙනවාය. ඕවාට කෝටි ගනන් වියදම් කරලා කොමිසම් තියන්න ඕනා නැතිය. ඉස්කෝලේ යන පොඩි උනුත් ඔය කතන්දර විවාද්වලදි කියනවාය.

මද්‍රාසා පාසල් ටික වහගන්න බැරි, කළු ගෝනී පඩංගු ටික ගලවා විසි කරන්න බැරි මේ ආන්ඩුව, ඕවා කරයි කියලා හිතනවා නම්, ඒවා පට්ට විහිළුය. මහින්ද මහත්තයා ඊයේත් පන්සල් ආතල් එකක් ගන්න ගමන් පන්සලේ ඉඳන් කිව්වේ, දහම් පාසල් අජ්ජාපනයේ මහා කුසල කර්මය. දැන් උන්දෑ සාමනේර හිමිවරුන්ගේ දෙමව්පියන්ට ගේකුත් හදලා දෙනවාය. ඒක මහා පුන්නකරුමයක් කියලා නායක හාන්දුරුවරු අනුසාසනා දෙසනවාය.

කොමිසම් වාර්තාවේ තවත් වෙළුම් තිබුනාට ඒ ඔක්කොම අර ළිඳ සංගමේ බයිලා බව ඉතා පැහැදිලිය. මන්ද, එලිදැක්වූ කොටසේ නිර්දේශ තුල ප්‍රහාරයට සම්බන්ධ උන් ගැන කිසිම හෝඩුවාවක් හෝ නැති නිසාය. උන් ගේම දෙන්න හදන්නේ බෞද්ධයන්ට පමණය. රනිල් වික්‍රමසිංහද මේ බව සඳහන් කොට තිබිනි. උන්නැහේ කීවේත් කොමිසම හදන්නේ බෞද්ධාගම රටෙන් නැති කරන්නටය කියලාය.

කොමිසමත් තෙල් සල්ලි වලට යටත් උනාද කියා අපට සැකයක් එන්න, චෝදනා එල්ල වූ උන්ගේ නමක් ගමක් වත් මේකේ නැති නිසාය. සියල්ල ශුද්ධවන්තයන් කර අවසානය.

දැන් විමල් වීරවංශටත් පැරදුන ආන්ඩුවේ වාචාලයින් දාලා බොරුවට විපක්ෂයේ උන් දඩයම කරේ තියාගෙන යන බයිලා ගහලා ආන්ඩුවට බේරෙන්න බැරිය. මෙය රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය පිළිබඳ අභියෝගයකි. කතෝලික ආගමේ චන්ද සියල්ලම අහෝසී වී යමකි.

මෙහිදි සජිත් ප්‍රේමදාස ළකුණු දමාගෙන අවසානය. ප්‍රහාරයේ චෝදනා එල්ල වූ සියල්ලන්ම ළඟ තබාගෙන ඔහු ඔහු කියන්නේ. තමා බලයට පැමිණි විගස පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියල්ලන්ම තරාතිරම නොබලා මරා දමනා බවය. වැඩේ ලේසී වෙන්නේ නැතිය. රාජපක්ෂලා හිරේ දමාපු උන්, අකුදිලා ශානිලා වගේ සෙට්ටෙකක් දමා ඒ වැඩේ නොකරාවි යැයි කියලාත් කියන්නට බැරිය.

ඔහු එසේ ඇඟිල්ල දිඟු කරන්නේද ආන්ඩුවටය. සජිත්ගේ කසිප්පු කාරයාද කෙලින්ම චෝදනා කරන්නේ ආන්ඩුවටය. දයාසිරි වටෙන් ගොඩින් කියන්නේ බැසිල් ගැනය. දැන් සිරි ලංකා නිදහස් පක්ෂයම ඊට එකතු වී ඇත. උන් කියන්නේ උන්ගේ පක්ෂය නැති කරන්න කොමිසම උපයෝගි කර ගන්න යනවා කියලාය.

අපි දන්නා තරමින් මේ ආන්ඩුව පත් වීමෙන් පසුව හෝ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් සෙවීමට ආරක්ෂක අංශ විසින් කිසිඳු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. ඒ බව කොමිසමේදීද ඔප්පු විය. නමුත් විය යුත්තේ එයයි. වහාම ආර්ක්ෂක අංශ හා බුද්ධි අංශ මේ පිළිබඳව වගකියව යුත්තන් ලෝකයාට හෙලි කල යුතුය. උන් ආන්ඩුවේද විපක්ෂයේද් කියනා එක රටේ සාමය අපේක්ෂා කරනා උන්ට අදාල නැතිය.


ඒ වගත් මෙසේය..


17 comments:

  1. අයිසෙ මාතලන්..සුපිරියටම ලියලා තියනවා.තමුසෙ සිරිසේනට රනිල්ට කිව්වා මේ වගේම කල යුත්ත.උන් තමුසෙ කියපු දේවල් ටික විතරක් කලා නම් අදත් ආන්ඩුව උන්ගේ.මුන්ටත් එහෙම තමයි.තමුසෙගෙ පෝස්ට් බලලා ඒවා විතරක් කලා නම් ඇති.ඒත් මුන් කරන්නෙත් නෑ අයිසෙ.කොහොම උනත් තමුසෙට මගෙන් මල් මිටක් අයිසෙ

    ReplyDelete
  2. පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නෙ ඉන්දියාව, ඒ නිසා තමයි උන්ගෙ (මන්ද) බුද්ධි අංශ මේ පිළිබඳව දන්නෙ. දැන් රජීව් ගාන්ධි ඝාතනය කළා ඉන්දියාවෙදි, ඉන්දිරා ගාන්ධි ඝාතනය වුණේ අගමැති වෙලා ඉන්නකොට තමන්ගෙම සීක් ජාතික ආරක්ෂකයෙක් අතින්, උන්ගෙ (මන්ද) බුද්ධි අංශ මොනවද ඒ ගැන දැනගෙන උන්නෙ ? මුකුත් නෑ. 80 දශකයෙත් ඉන්දියාවෙ (මන්ද) බුද්ධි අංශය කළේ මේ ටිකමයි. දෙමළ තරුණයො ගණනාවකට, යුධ පුහුණුව, ආයුධ සහ මුදල් දීල ලංකාවට එව්වා. ඊට පස්සෙ ලංකාවෙදි උන් විවිධ සංවිධාන 20ක් විතර හදා ගත්තා, ඊරොස්, ප්ලොට්, ටෙලෝ EPRLF, LTTE වගේ. අන්තිමට උන් උන් මරා ගන්න අතරෙ හමුදාවට පහර දුන්නා. ඊට පස්සෙ අවුරුදු 30ක් යුද්ධෙ. මේ විධියටම නොවුණත්, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නෙත් ඉන්දියාවම තමයි. ඉන්දියාවට ඕනෙ යුද්ධ කරන ශ්‍රී ලංකාවක් මිසක් සාමය තියෙන රටක් නෙවෙයි. හැබැයි, 80 දශකයෙ තිබ්බ සෙරමෝනියල් හමුදාව නෙවෙයි 2019 හිටියෙ, මල්ටි බැරල් ගහපු බලගතු හමුදාවක්, ඒ නිසා තමයි ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයො සෙට් එක දවස් කීපයකින් අල්ල ගන්නෙ. නමුත් පිටුපස බලවේග හොයන එක අමාරු වැඩක්. මේක වෙන බව හිටපු ආණ්ඩුවෙ ප්‍රබලයො වගේම, වර්තමාන ආණ්ඩුවෙ ප්‍රබලයොත් දැනගෙන හිටියා. මේක තමන්ට බලයට එන්න ආශිර්වාදයක් නිසා ඒ ගැන මුකුත් කළේ නෑ. බෝම්බ ටික පත්තු වෙච්ච ගමන් නන්දසේන එළියට ඇවිත් රට භාර ගන්න සූදානම් වුණා. මෙව්වා ගැන මීට වඩා යමක් වෙන එකක් නෑ, මැරිච්ච මිනිස්සුන්ට පහනක් පත්තු කරන එක තමයි අපිට කරන්න තියෙන්නෙ.

    ReplyDelete
  3. මෙහෙම දෙයක් තියෙනවා මාතේ, ඔය පාස්කු ප්‍රහාරය සිදුවුනේ යහපාලන කාලයේදී. ඒ නිසා එහි වගකීම වෙන කාටවත් පවරන්න බැහැ. ආරක්ෂක කටයුතු නිසියාකාරව සිදු නොකිරීම, බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් කිරීම, දේශපාලන පලිගැනීම් නිසා ආරක්ෂාව සෑහෙන පහළටම වැටුනා. ඒ නිසා තමයි මොකාට උනත් ඔය වගේ දරුණු ලෙස පාස්කු ප්‍රහාරයක් සිදුවුනේ.

    දෙවනි කාරණය පාස්කු ප්‍රහාරය පිළිබද සෙවීමට මෙම කොමිෂන් එක පත් කළේ ඒ කාලේ හිටපු යහපාලන ආණ්ඩුව. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මූලික වෙලා, මේ කොමිෂන් එකත් ඒ ආණ්ඩුව කාලේ පත්කරපු එකක් නිසා එහි වගකීමත් අපි භාර ගන්නේ නැහැ කියලා මේ ආණ්ඩුවේ ගෝත රැළ පැහැදිලිව කියන්න ඕනේ. මොකද සමහර තීන්දූ තීරණ ගැන සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා.

    සේරටම කලින් විශේෂයෙන් කියන්න ඕන මේ කොමිසන් වාර්තාව නිසා මේ රටේ කිසියම් සිංහල බෞද්ධ සංවිධානයකට සිත් රිදවීමක් වෙලා තියෙනවනම් කතෝලික අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම කියන්න ඕනේ කොයිම වෙලාවකවත් සිංහල බෞද්ධ සංවිධාන ගැන හොයන්න කියලා කතෝලික ජනතාව විදියට අපි හෝ කතෝලික සභාව කීවේ නැහැ. මේක මේ වෙනත් කාරණයක් කරලා තියෙන්නේ එම පාර්ලිමේන්තු කමිටුවේ හිටපු යහපාලන මන්ත්‍රී කණ්ඩායම විසින්.

    ඒ නිසා මේ වාර්තා වල හැටියට යම් නිර්දෝෂී පුද්ගලයකුට හෝ යම් නිර්දෝෂී පාර්ශවයකට ප්‍රශ්නයක් වෙලා තියෙනවනම් ඒක අපි හෝ කතෝලික සභාව කරපු කාර්යභාරයක් නෙමේ. මේ කොමිෂන් සභාව විසින් කරපු බහුබූත කාර්යයක්. ඒ වාර්තාව පදනම් කර ගෙන මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හා කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීම සඳහා තමයි කවුරු හරි උත්සාහ කරලා තියෙන්නේ කියල මට හිතෙන්නේ.

    ඒ වගේම මම තදින්ම විස්වාස කරනවා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම කතෝලික ජනතාවට විශාල සහයෝගයක් දුන්නේ ගරුතර ස්වාමීන් වහන්සේලා, බෞද්ධ නායකයෝ, බෞද්ධ ජනතාව කියලා. මේ රට සිංහල බෞද්ධ රටක්. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. බෞද්ධ සංස්කෘතිය අනුව, ඒ ආගමික නායකයෝ දෙන අනුශාසනා අපි සහෝදර ජන කොටසක් හැටියට කතෝලික සභාවේ ඉගැන්වීම් අනුගමනය කරන එක වගේම ගරුත්වයෙන් යුතුව පිලිගන්නවා.

    ලංකාවේ කතෝලික ජන ප්‍රජාවක් විදියට අපි කියන්නේ පාස්කු ප්‍රහාරය වාර්තාව නිසා යම් කිසි සිත්තැවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලපු ඒ කමිටුවට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා. ඒ කටයුත්ත කිරීම පිළිබඳව.

    අපි ඉතාමත් පැහැදිලිව සහ දැඩි ලෙස කියන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙමෙයි. ගරුතර ස්වාමීන් වහන්සේලා නෙමෙයි. මේ ප්‍රහාරය එල්ල කළේ අමන ආත්මාර්ථකාමී දුෂ්ට ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන්ට උදව් කළේ කවුද? අනුබල දුන්නේ කවුද කියන එක අපි බලාගෙන හිටියේ. ඒක මෙම කොමිසම් වාර්තාවේ නැහැ. ඒ නිසා මෙම කොමිසම් වාර්තාව පිළිබඳව අපට අප්‍රසාදයක් තියෙනවා කියලා කියන්න ඕන. ඒ ගැන පැහැදිලිව විනිවිදභාවයකින් යුතුව නැවත විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්.

    ReplyDelete
  4. කව්රුහරි පාලකයෙක් කීවොත් සල්ලි අච්චු ගහන්නේ රට සංවර්ධනය කරන්න කියලා, මේ මොහෝතේ අධාර සහනාධාර දෙන්න කීවත් මිනිස්සු ඒක පිලිගනී. ඒකට හේතුව හැමෝටම මේ පිලිබදව අවබෝධයක් නොමැතිවීම ප්‍රධාන විය හැකිය.අනෙක් කාරනය සුපුරැදු කොන්දේසි විරහිත පක්ශපාතීබව හා තමා සිතන සියල්ල හරි ලෙස සිතන මානසිකත්වයයි.

    රජයක් පධාන වශයෙන් ආදායම් උපයාගන්නේ මහජනතාවගෙන් එකතුකරන බදු හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලිනි. රජයකට රාජ්‍ය වියදම් පියවා ගත නොහැකි විට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට බදු අනුපාත ඉහල දමයි, දේශිය හෝ විදේශිය ණය ලබාගනී, අවසාන වශයෙන් මුදල් අච්චුගැසීම සිදු කරනු ලබයි.

    මුදලට අගයන් දෙකක් ඇත. ඒ මූල්ය අගය හා මූර්ත අගයවේ. මෙහි මූල්‍ය අගය ලෙස සලකන්නේ මුදල් නෝට්ටුවේ හෝ කාසියේ මුහුනතේ සදහන් වන අගය වන අතර මූර්ත අගය ලෙස සලකන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි.

    රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වන්නේය. එනම් අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබු බඩු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ගැනීමට සිදුවේ. මුදලේ අගය මෙලෙස කඩා වැටෙනවිට වඩා වැඩි වටිනාකමක් සහිත මුදල් හදුන්වාදීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එයට හේතුව ඉතා වැඩි වටිනාකමකින් යුක්ත මුදල් ගණුදෙනු පහසුකිරීමටය.

    අප රටට මෑත ඉතිහාසයේ රැ 2,000 හා රැ 5,000 නෝට්ටු මුදණය වූයේ ඒ නිසාවෙනි.

    තවත් එක් දෙයක්නම් පහල මට්ටමේ මුදල් ඒකකයන් භාවිතයට එකතුවීම අඩුවන්නේය. අප සතේ කාසි රැපියලේ කාසි වැඩිපුර භාවිතා නොකරන්නේ ඒ නිසාවෙනි. අප කුඩා කල බිම වැටී තිබෙද්දි දුටු විගස ඇහිලු කාසි දැන් ඇහිදින් නැත්තේ ඒ නිසාවෙනි.

    මේ හේතුව නිසාමයි ගොඩක් ඉස්සර රු 1,000.00කට ගත්ත බඩු තොගය උස්සගෙන යන්න බැරිව ත්‍රීවීල් එකේ දාගෙන ගිය මිනිස්සුම දැන් රැ 2,000.00කට ගත්ත බඩු ටිකක් බෑග් එකේ දාගෙන මාරැකරපු රු. 2,000.00 කොලේ වියදම් උනේ කොහොමද කියලා කල්පනාකර කර බස් එකේ එල්ලිලා ගෙදර යන්නේ.

    මුදල් මුද්‍රණය කර මුදාහැරීමෙන් නිරායාසයෙන්ම වෙන දෙයක් තමයි ඔය අධි උද්ධමනයක් කියන එක ඇතිවීම. එහෙම නැත්නම් විශාල වශයෙන් දිගින් දිගමට බඩු මිල වැඩිවීම කියන එක. බඩු මිල වැඩි උනාම නිකන්ම මේ කියන මුදලේ මූර්ත අගය අඩුවෙනවා. මුදල් අසීමිතව අච්චු ගහපුවම දේශීය වියදම් සහ දේශීය ණය සීග්‍රයෙන් වැඩිවෙනවා. ණය බරෙන් පෙලෙන අපිට ඒක ඉතාම අවාසි සහගතයි.

    ඒ වගේම ව්‍යාජ මුදල් මුද්‍රනය කිරීමේ හා ව්‍යාජ මුදල් මූල්‍ය පද්දතියට එකතුවීමේ අවදානමක්ද ඇතිවෙනවා.

    ඒක වෙන්නේ මෙහෙම. මේ මුදල් භාවිතයට එකතු උනාම මිනිස්සු අතර මුදල් ගැවසෙනවා. මිනිස්සු බඩු වැඩිපුර ගන්න ඉල්ලනවා. ඒ ඉල්ලුමට ප්‍රමාණවත් වෙන්න රටේ නිශ්පාදන නැත්නම්, ඒ මිනිස්සු ඉල්ලන ප්‍රමාණය දෙන්න බැරිනම් බඩු ඉක්මනට ඉවරවෙනවා ඒකෙන් බඩු හිගයක් ඇතිවෙනවා. බඩු හිගයක් තියෙන වෙලාවක නිරායාසයෙන්ම මිල වැඩිවෙනවා. මොකද ඉලලුම වැඩි වෙනකොට වෙලෙන්දෝ බඩු මිල ඉහල දානවා. මිනිස්සු ඒ වැඩි මිලට හරි එතකොට බඩු ගන්නවා. ඒකට කියන්නේ කලුකඩ මිල කියලා.

    මේකේ අවසාන ප්‍රතිපලය වෙන්නේ රටේ භාණ්ඩ වල මිල ගණන් වැඩිවෙලා රටේ සල්ලි වලට වටිනාකමක් නැතිවෙන එක. මුදලේ අගය බිද වැටීම තුල සමස්ත ආර්‍රතිකයට වෙන බලපෑම ඉතාමත් බැරෑරැම් තත්වයක් ලෙස දක්වන්න පුලුවන්.

    ආපේ රටේ නිශ්පාදන ආර්තිකයක් නොමැතිවීම මෙම ගැටලුව තව තවත් වැඩි කරනවා. මොකද අපි නිශ්පාදනය කරලා පිට රටවල් වලට යවලා සල්ලි උපයනවට වඩා අපි සල්ලි දීලා පිටරටවල් වලින් බඩු ගේනවා.එහෙම බඩු ගේන්න අපි ඩොලර් වලින් ගෙවන්න ඕන. අද වෙනකොට අපි එක ඇමරිකානු ඩොලර් එකක් වෙනුවෙන් රැපියල් 193ක් වගේ ගෙවන්න ඕන.

    අපි රට අරගෙන යන්න ඕන නිශ්පාදන ආර්තිකයකට. අපි වෙන රටවල් වලින් ගෙන්නලා කන ප්‍රමාණය, භාන්ඩ ගෙන්නලා පාවිච්චි කරන ප්‍රමාණය අඩු කරලා අපි වගා කරලා භාණ්ඩ හදලා අතිරික්ත ඇති කරලා එහෙම නැත්නම් රට යවන්නම බලාගෙන කරන නිශ්පාදන වැඩි කරලා අපේ රටේ ආදායම වැඩි කරගන්න ඕන.

    ඒ වගේම අපේ වියදම් නාස්තිය අවම කරන්න ඕන. දැනට තියෙන සම්පත් හරියට කලමනාකරණය කරලා අපි නිශ්පාදන වැඩිකරන්න ඕන. අලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර ගොඩගන්න මහන්සිවෙන්න ඕන. මේ සරලව අපිට කරන්න පුලුවන් දේවල් ටිකක්. මේවා කරන්න බැරි වැඩ නෙවෙයි අපේ පාලකයෝ නොකරන වැඩ.

    රජයට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක් තමයි පැහැර හරින ලද බදු එකතු කිරීම.

    මුදල් අච්චු ගැසුවා කියා මේ ප්‍රස්න විසදීමක් සිදු නොවන බවත් තව තවත් ගැටලු මතු කරන බවත් අපි වටහා ගත යුතුබව පෙන්වා දෙමි. පහුගිය යහපාලන රජයේ කාලයේ මුදල් මුද්‍රණය කර විශාල ප්‍රමාණයක් නිකුත් කළ එකේ කරුමය තවමත් ගෙවන අප දැන්වත් මුදල් මුද්‍රණය කර නිකුත් කරන එක පාලනය කරන්න අවශ්‍යයි.

    ReplyDelete
  5. ඔය සිද්ධිය ගැන ඒ කාලයේම කරපු සෝදිසි වලින් අහුවුණා විවිධ තැන්වල ආයුධ, පුපුරන ද්‍රව්‍ය. කඩු පිහි විශාල ප්‍රමාණයක් තණකොළ කපන ඒවා කියලා ගෙනත් තිබ්බ. ඒවා කිසිවක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එදා කෙරුණෙත් නෑ. අදත් මොකවත් නෑ නේද? මේ වාර්තාව තුළ ඒ කිසිවක් හරියට ඉදිරිපත් කරලත් නෑ. ඒ වගේම මේ අන්තවාදීන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ඒ ඇති වුණ පසුබිම මේකේ කොහේවත් කථා වෙන්නේ නෑනේ. මේකට සම්බන්ධ සී ලංකන් ආගමික දේශපාලන නායකයන්, ආගමික අන්තවාදයේ මූලධර්මවාදී පදනම මත කටයුතු කළ උම්මත්තක ආගමික කණ්ඩායම් (බොබසේ හැරෙන්න) ගැන, එස් එල් ටීජේ උන් කරපු ජඩ වැඩ, ඒ වගේම මේක මෙරට සැලසුම් කරපු එකක් ද නැත්නම් පිටරටක සැලසුම් කරපු එකක් ද ? එහෙම නම් ඒකේ ඍජු වගකිව යුත්තා කවුද කියලා මේකේ පැහැදිලි කරලා නෑ. එහෙම නැතුව එදා හිටපු ජනාධිපතිවරයයි පොලිස්පතිවරයයි, හමුදා පති ඇතුළු පිරිස, ඒ රජයේ යම් අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. එතකොට හිටපු ආමි ලොක්කා (නල්ලතම්බි) වගේ උන් කෙළපු අම්බානක පිස්සු ගැන මොකවත් නෑ. ඒ වගේම පැහැදිලිව ම මේ වාර්තාවේ තියෙන නිගමනයන් ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ තනිකර බොරුවක් කරල තියෙන්නෙ වගේ නේද පේන්නේ?

    ReplyDelete
  6. අඩෝ මාතා, දැන් බලාපන් ලංකාවේ අවුරුදු 40කට විතර ඉස්සර වැද්දෝ ලෙඩ උනාද ? උන්ට ඔය ලෙඩ තිබුනද? මී මුරේ ලංකා ගම ගිහින් අහපන් ඒ මිනිස්සු ලෙඩ උනාද කියල. හැදෙන ලෙඩවල වලට ප්‍රදේශයේ තිබුන වෙදකම් ප්‍රමාණවත්... මීමුරේ වගේ පැති වල කියන්නේ එයාලට ලෝකල් වෙදකම ප්‍රමනාවත් කියල... ඒවා නිකන් අර බල්ලෝ බළල්ලු කුප්ප්වෙනියා, තණකොළ කනවා වගේ ඒවා...


    දැන් මෙහෙම ගනින් කැලේ සත්තු ඉස්සර ලෙඩ උනාද ? දැන් ලෙඩ වෙනවා... ඒ මිනිස්සු කරන වැඩ නිසා... උන් උන්ගේ ආයුෂ ඉඳල මැරෙනවා... එක්කෝ විලොපීයෙකුට ගොදුරු වෙනවා...

    ගෙදර හදන වල් බල්ලට ටිකක් ලෙඩ හැදෙනවා... උන්ට හැදෙන හමේ රෝග නම් මිනිස්සු නාවන නිසාම තමයි හැදෙන්නේ...

    දැන් ගනින් බුල්මස්ටිෆ් වගේ බල්ලෙක්... ඒ වගේ බල්ලෝ මුකුන්ද ? කන්නත් බැහැ, රෙන්නත් බැහැ, උන්ට #කන්නත් බැහැ...

    ඒ වගේ බල්ලෙක් ඇවිද්දෙව්වේ දිවෙව්වේ ( ඌ ඉබේ දුවන්නේ නැහැ ) නැත්තම් අවුරුදු දෙකක්වත් ඉන්නේ නැහැ පපුවේ අමාරු හැදිලා මැරෙනවා... කන්න දෙන්න ඕන පරිස්සමින්, රෙන්න බැරි උනාම පශු වෛද්‍යවරයා ගාවට ගෙනියන්න ඕන, පොඩි ළමයින්ට වගේ injection course එක දෙන්න ඕන. විටමින් දෙන්න ඕන. බැල්ලියෙක් ගෙනත් දුන්නත් sexual intercourse බැහැ... අතින් අල්ලලා penis එක බැල්ලිගෙ vagina එකට තියල කරවන්න ඕන...

    මොකක්ද මේ වෙලා තියෙන්නේ බුල්මස්ටිෆ් වගේ බල්ලෙක් කියන්නේ "සත්තාව" අහිම් උන සතෙක්.

    මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ ඒක... ඒ ගැන මුලින්ම කෙනෙක් දැක්ක... එක්දහස් අටසිය ගණන් වල... ඒ කෙනා කිව්වා කල යුතු වන්නේ "human species-being" එක, ඒ කියන්නේ මිනිස් වාර්ගික සත්තාව නැවත අත්කර ගැනීම තමයි විමුක්තිය කියල.. .නමුත් ඕක තේරුම් නොගන්න තකතීරු වම්මුයි ගොං මෝඩ වම්මුයි දෙගොල්ලොම කලේ ඒක කරන්න අවශ්‍ය කරපු ඒ කාලෙට අදාළ විශ්ලේෂණය දේශපාලනය කරගැනීම...

    ReplyDelete
  7. පුරඟන වෙලා සිටියදි නීතියේ කත
    කොහොම හෙළිදරව් වේවිද වැඩක් කැත
    නීතිය නවන උන් පචවෙන දිනක් නැත
    බීරන් ඉදිරිපිට වයලා පලක් නැත

    ReplyDelete
    Replies
    1. වී විකුණන්න මා ගිය කල මණ්ඩලෙට
      මැනලා වී කිලොව ගත්තා පණහකට
      විකුණමි නොවිකුණමි කියලා හිතුනි මට
      මැනලද #කෝ ඡන්දය දුන්නේ තොපිට

      Delete
  8. මාතා මේ කතාව ඇත්ත ද?

    https://m.facebook.com/headlinenewslk/videos/161450249009377/?refsrc=https%3A%2F%2Fm.facebook.com%2Fplugins%2Fvideo.php&_rdr

    පේන විදියට නම් ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන මොහු සතුව සියලු තොරතුරු තියෙනවා කියලා කියන්නේ සියලුම සාක්ෂි සහිතව ඔප්පු කල හැකි නම් ඇයි අත් අඩංගුවට නොගන්නා හේතුව?

    ReplyDelete
  9. ගෝටයිම්බර පාස්කු ප්‍රහාරය උනාම කිව්වේ මම රට බේරගන්න එනවා කියල,
    ප්‍රහාරයට සම්බන්ද මිනිසුන්ට කලින් බලයේ හිටපු ආණ්ඩුවෙන් පඩි ගෙවල තියෙනවා කියල පත්තරවල තිබුනා. මේක මුන්ම ගහපු ගේමක්....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න