.

.

May 18, 2021

යුධ ජය කර තබාගෙන නොව කරඬුවක තබා හිසින් රැගෙන යා යුතුය.

 


අපේ රටේ හිඟන මානසිකත්වයක් ඇති කාලකන්නි ජෙප්පෝ හා උන්ගෙන් කැඩි බිඳී ගොස් ගොබ්බ වහලුන් හරි හම්බ කරනා දෙයකින් කොටසක් කඩා ගෙන ජීවත්වන කාල් මාක්ස් පැටවුන් මෙන්ම වාමවාදී ගොබ්බ මහාචාර්‍යවරුන් හා ආචාර්‍යවරුන්ද නිතර අසනා ප්‍රශ්ණයක් නම්, නිදහස ලබා වසර 70 ගනනක් ගෙවී ගියද රට කරපු උන් කරලා තියෙන්නේ මොනවාද කියලාය. මුන්ට අමතක හෝ අමතක කරනා කාරනය නම්, එයින් වසර තිහක්ම අති දරුණු ත්‍රස්තවාදයකට රට මුහුණ දුන් බවය.

ඒ මදිවාට ප්‍රභාකරන් නම් නරුම මිලේච්ඡ ත්‍රස්තවාදියා නන්දිකඩාල් කලපුවෙන් ස්වර්ගයට අපායට හෝ මෝක්ෂයට යවා වසර 12 ගතවූ විජයග්‍රාහී දිනයේ උන් ලියා තිබුනේ වසර 12 ගත වෙලාත් තාම යුද්ධය කරේ තබාගෙන යනවා ඕයි කියලාය. 2005 දී ප්‍රභාකරන් රනිල් වෙනුවට මහින්ද තෝරා ගෙන ඉල්ලාගෙනම කෑ එක ගැන පුදුම දුකකින් තබපු සටහනුත් දුටුවාය.

ඒ අස්සෙ දුටු පට්ටම ආතල් එක නම් පිස්සු වහන්සේ නමක් කියු වැදි බණක් උස්සාගෙන ගොබ්බ වම්මු බුදු සරණ ගොස් තිබීමය. උන්නාන්සේ පසුගිය වසර 40 පමණ දීර්ඝ නින්දකට ගොස් නැවතත් බුදුන්ගේ කාළයේ ඉපදී ගහන බයිලා දැක්කාම මාතලන්ට සසර කළකිරි පස්සෙන් වාත වැලක්ම බිහි විය. සමහර විට මුන්නාන්සේ අර දිඹුලාගල හාන්දුරුවන්ගේ නිකායේ වහන්සේ කෙනෙක් නම් වෙන්නට බැරිය. අරන්තලාවේ කුරීරූ ලෙස ඝාතනය කරනා ලද සාමනේර වහන්සේලාගේ නිකායේ වෙන්නත් බැරිය. සමහර විට ඇන් ජී ඕ නිකායක කෙනෙක් වෙන්න ඇතිය.

මේ එක කාලකන්නියෙක්වත් ඊයේ පාර්ලිමේන්තුවේ ඉන්නා ත්‍රස්තවාදීන් විසින් ඉටි පහන් දල්වා ප්‍රභාගේ ධජයත් පසෙකින් තබාගෙන ප්‍රභාකරන් සමරන එක ගැන වචනයක් හෝ ලියන්නේ නැත. උන් ඒවා වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, ඒවා උන්ගේ මානුෂික අයිතිවාසිකම් කියා පුක පොලොවේ ගහන් නහිනවාය.

කරුමය කියන්නේ ත්‍රස්තවාදීන්ට ඇති අයිතිය රටේ සාමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි කියනා එකය. මුන් අදත් නිරුපද්‍රිතව ඉන්නේ උන්ට එදාත් ත්‍රස්තවාදීන් හා තිබූ සම්බන්ධතාවයන් නිසාය. එපමණක් නොව අදත් උන්ගේ ගිණුම් පිරී යන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් වලින් නිසාය. ඒ නිසා ඇත්තටම අපි උන්ට අනුකම්පා කළ යුතුය. මුන් රටට ආදරේ නැති බව කෙලින්ම කියා ඇත. උන් කියන්නේ මේ රට කාළකන්නි රටක් කියාය. අපි නම් කියන්නේ තොපි වාගේ කාළකන්නි නිසා මේ රටට එහෙම වෙලා තියෙනවා කියලාය.

ඇත්තටම අද ඉන්නා තරුණ පරම්පරාව වසර තිහක් තිස්සේ මේ රටේම මිනිස්සු විඳි වේදනා හා කාපු පරිප්පුව දන්නේ නැතිය. අද නිදහසේ රට පුරාම යන්න නිදහස ඇතත් එදා කොළඹට ඒමටවත් නිදහසක් තිබුනේ නැතිය. චෙක් පොයින්ට් හන්දියක් හන්දියක් ගානේය. සිංහළද දෙමළද මුස්ලිම්ද අදාල නැතිව හැම එකාම පරීක්ෂාවට ලක්විය. වාහන පරීක්ෂාවට ලක් වීය. ඇත්තටම ඒවා දේශසීමා චෙක්පොයින්ට් වලටත් වඩා දරුණු ඝනයේ ඒවා විය. මොරටුවේ සිට රත්මලානට එන විට අදටත් දකින්නට තිබෙන්නේ එයින් එකක් පමණි.

උතුරට යාමට ප්‍රභාගෙන කිලිනොච්චියේදී වීසා ලබා ගන්නට උනේය. ඒවාට වරු ගනන් පෝලිම් වල ඉන්නට විය. උතුරේ වෙනම පොලීසියකි, හමුදාවකි. මායිම් ගම්මාන වල මිනිස්සු කපා කොටා මරා දැම්මේය. දකුණේ හිතෙන හිතෙන තැන බෝම්බ තබා මින්සුන් සිය ගනනින් මරා දැම්මේය. හමුදා කඳවරු වලට පමණක් නොව මහ බැංකුවටත් කුඩු වෙන්නම ගැහුවේය. මරාගෙන මැරෙනා උන් එවා කොළඹම කුඩු කලේය. පාසල් වල ගාඩ් කලේ දෙමව්පියන්‍ය. අම්මා තාත්තා එකට වැඩට ගියේ නැතිය. එකට ගමන් බිමන් ගියේ නැතිය. කොයි බස් එක කොයි කෝච්චිය පුපුරනවා දැයි අන්ෂුවර්ය. අවසානේ කුරුම්බැට්ටි මැෂින් උඩිනුත් ඇවිත් කොළඹටම කෙලින්නත් පටන් ගත්තේය.

මේවා මෙසේ වෙද්දී අපේ නපුංසකයින් සුදු නෙළුම් පුදා මිස්ටර් ප්‍රභාකරන් වැන්දේය. සටන් විරාම ගිවිසුම් ගසා රජයේ හමුදා හා පොලීසී, බල්ලන් කූඩූ කරන්නා සේ කඳවුරු තුලට කොටු කර, උන්ට නිදහසේ ඇවිත් බුද්ධි අංශවල සොලිඩ්ම බඩු මරා දමා යාමේ පහසුකම් සලසා දුන්නා පමණක් නොව, 2015 කළාක් මෙන්ම හමුදාවේ බුද්ධි අංශ හා රහසිගත් කඳවුරු හා හමුදා අනුකංඩ සියල්ල පිළිබඳ තොරතුරු උන්ට ලබා දුන්නේය.

එවන් කාළකන්නි යුගයක් නිමා කළේ රාජපක්ෂලා මිස වෙන එකෙක්වත් නොවේ. ඒක මේ කාළකන්නින් හොදින්ම දන්නවාය. ඒ නපුංසකයන් රට කා බංකොලොත් කළ වසර පහේ යුධ ජය සමරනා විට කිසිඳු අර්ශෂ් අමාරුවක් නොතිබූ මේ කාළකන්නින්ට පුක කහන්න පටන් අරගෙන තියෙන්නේ නියම යුධ වීරයින් බලයට පැමිණ ඒවා සමරන නිසාය.

ෆොන්සේකා යනු හමුදාපති පමණි. දින 12 පෙන්ෂන් යන්න උන් පොර හමුදාපති කළේ ඝෝඨාය. උතුරට කෙලියේ ෆොන්සේකාගේ ප්ලෑන් එකකට නොව තොප්පිගල ජයගත් චාගී ගාල්ලගේ ගේ ප්ලෑන් එකකට අනුවය. අවාසනාවකට චාගී හදවත් සැත්කමකට භාජනය වූ නිසා එතැන් සිට ශවේන්ද්‍ර සිල්වාට වැඩි බරක් කරට ගන්නට විය. ශවේන්ද්‍රගේ හෙවනැල්ල මෙන් උන්නේ සුව වී ඉස්පිරිතාලයෙන් එලියට ආ දිනයේ සිට යුධ බිමට ගිය චාගී ගාල්ලගේය. මේවා හමුදාවේ උන් දන්නවාය. මේ නියම රණවිරුවෝය. අදටත් චාගීලාට ශවේන්ද්‍රලාට කේස් ඇද්දාට, රට හා හමුදාව පාවා දුන් ෆොන්සේකාට කිසි ගේමක් නැත්තේ ඒ නිසාය.

රට මේ තත්වයට ගෙන ඒමට මියගිය රණවිරුවන් ප්‍රමාණය අති විශාලය. අදටත් අත් ඇස් පා අහිමිව ජීවත්වන විරුවන් ප්‍රමාණය අති විශාලය. ඒ අතර සදාකාලිකව යහන් මත ගත කරනා අයද වෙති. ඒ අය අතර අපේ කල්‍යාන මිතුරන් මෙන්ම ඥාතීන්ද ඒ අතරවේ. එමෙන්ම බෝම්බ ප්‍රහාරයන්ට ලක් වී මියගිය හිතවතුන්ද වේ. ඒ ඇර මහ බැංකු ප්‍රහාරය අත්දැකීමෙන්ම විඳ ඇත. ඒ ඇර කොළම සිඳුවූ ප්‍රහාරයන් දෑසින්ම දැකලා තියෙනවාය. ඒ නිසා ඒ ත්‍රස්තවදයේ කුරිරු බව මූසල බව හා කාළකන්නිකම ගැන හොදින්ම දන්නවාය.

එවන් කාළකන්නි යුගයක් නිමා කිරීම මේ රට පවතිනා තෙක් සැමදා සැමරිය යුතුය. ඇත්තටම අපේ නිදහස් දිනය පෙබරවාරි හතර වෙනිදා නොවේ. එකඳු ලේ බිදක් හෝ නොසලා ඉන්දියාවට දුන් නිසා අපිට බලෙන් දුන් නිදහසකි. එහෙත් මැයි 18 වෙනිදා මේ රටේ ලබාගත් නිදහස් මුලු රටම ලෙයින් තෙත් කොට ලබාගත් නිදහසකි. එය වසර 12 ක් ගත වී නොව මේ කල්පය පවතිනා තුරා සැමරිය යුතු නිදහසකි. එදිනේ මහින්ද රාජපක්ෂ නම් ඒ නිදහසේ පියා අමතක කරන්නේ නම්. එතරම් කුහක කමක් ශ්‍රී ලාංකිකයකුට තවත් කළ නොහැක.


ඒ වගත් මෙසේය…..

31 comments:

  1. මේ අවුරුදු එකාහමාරට සර් පෙන්නුවේ යුද්දෙ කලේ එයානම් නෙමෙය් කියල..ඒක මෙහෙම කලානම් ඉතින් බුදු සන්තෝ...

    ReplyDelete
    Replies
    1. යුද්ධය අවසන් කරන්න කියලා කවුරුවත් කරපු මගුලක් නෑ ඕයි ඕනම සිවිල් යුද්ධයක් ටිකක් කල් යද්දී ඉබේටම අවසන් වෙනවා. ලංකාවේ අවුරුදු තිහක් විතර තිබුණා ඔහොම යද්දි ඉබේම ඒක ඉවර වුණා. කරුමෙට එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හමුදාවේ ලොක්ක වුණේ කලවැදි ෆන්සේකා. ගෝ.රා. එතකොට රටේ ආ.ලේ. වෙලා හිටියේ පෙර පිනකට, එච්චරයි.

      -සාදර අනුග්‍රහය : පච අකුදි

      Delete
  2. මේක "ගෝටාස් වෝ" අය්සෙ... අපිට කිව්වෙ "තඩි ප්‍රියන්ත" සර් එක්ක ඉන්න උස්සවේකදි

    ReplyDelete
  3. ළමාතං,

    "යුද්ධයක ජයග්‍රාහකයෝ නැත... ඇත්තේ අවසානයක් පමණි."

    ▪️සාදර අනුග්‍රහය

    ��සේන ගුත්තික

    ��කාලිංග මාඝ

    ��එළාර

    ��ආර්ය චක්‍රවර්තී

    ��පරරාජසේකරම්

    ��පිරබාහරන් වේළුපිළ්ළෛ

    ��අලුත් පරපුර සමග ජවිපෙ ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂ වලට බුකියේ පුක් දී නහින පොල් බූරු මීහරක් වහල් හැත්ත...

    කතාව ඇත්ත නේද බං?

    ReplyDelete
  4. අයිසේ මාතලන්,

    මේ දවස්වල ආණ්ඩුවට බැනලා තියෙන හැම පෝස්ට් එකකම සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියලා වෙරිෆයිඩ් අකවුන්ට් එකකින් කමෙන්ට් එකක් දාලා තියෙනවා.

    මිනිහගේ වෙනම මුදල් ගෙවා නඩත්තු කරනු ලබන පෑන් බේස් එකක් ඉන්න නිසා පෑන්ලත් අනේ ඔව් අයියේ, ඇත්ත කතාව අයියේ කිය කියා රිප්ලයි කරලා තියෙනවා පේනවා..

    මේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ගම් වල අහිංසක කෙල්ලො රස්සා දෙන්නම් කියලා කොළඹ ගෙනල්ලා, ගණිකාවො කරපු, ලංකාවේ නයිට් ලයිෆ් කල්චර් එක විනාශ කරපු දෙකයි පනහේ ඩිස්කො ක්ලබ් හදපු කාලකන්නි කල්බ් වසන්ත..

    මේ ක්ලබ් වල සිදුවෙන කුඩු වෙළඳාම වහාම නතර කරන්න, නැත්නම් පසුතැවෙන්න වෙයි කියලා ආණ්ඩුවෙන් රතු නිවේදන ආපු නිසා කුඩු බිස්නස් නවත්තපු ක්ලබ් වසන්ත..

    දැන් ඒ ඇරියස් ෆේස්බුක් එකට ගෙනල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳගන්න හදනවා..

    මේ අයියා කවුද කියලා නොදන්න මිනිස්සු හුරේ දානවා..

    අනේ ඉතින්!

    මහින්ද ජනාධිපති කාලේ වසන්ත ප්‍රබල ඇමතිවරැ කීපදෙනෙකුම ඉතාම සමීපව හිටියේ. ගෝඨා ජනාදිපති උනාමත් මිනිහා ට්‍රයි එකක් දුන්නා ගෝඨට ලංවෙන්න.
    පසුකාලෙක මිනිහගේ කොමෙන්ට්ස් වැටෙන්න ගත්තා ගෝඨා බොරැ කේලම් අහන්නේ නැතිනම් දුර ගමනක් යයි කියලා.

    වසන්ත මෑතකාලයේ බලාපොරොත්තුවෙන් හිටියේ පෝට්සිටියේ ආයෝජනය කරන්න.

    ඒකත් බැරිවෙන්න ඇති මයේ හිතේ මොකද මේ ගැන විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි ද?

    ReplyDelete
  5. මාතා මම හිතන්නේ අවුරුදු තිහකට කලින්
    1988-89 කාලයේ මිනිමරපු ජවිපේ නායකයන්ව සමරන්න ඉල් මහ විරු සමරුව සහ උතුරේ දමිළ විමුක්ති අරගලය වෙනුවෙන් දිවිදුන් දමිළ සටන්කාමීන් සිහි කරමින් මහාවිරැ දින සමරන්න පුළුවන් ජවිපෙට, 30 අවුරැදු යුද්ධය අවසන් කළ ලංකාවේ රජයේ හමුදා පොලිස් නිලධාරීන් වෙනුවෙන් වචනයක් කතාකරන්න බැහැ. අඩුම වශයෙන් හමුදා පොලිස් නිලධාරීන් වී යුද්ධයෙන් ආබාධිත කට්ටිය වෙනුවෙන් ආණ්ඩුවෙන් කරන්න ඕනේ දේවත් කතාකරන්න තිබුණා. හැමදාම ෆේස්බුක් ලයිවු එන අනුර කුමාර දිසානායකට, යුද්ධය අවසන් කිරිම ගැන කතාකිරිම වෙනුවෙන් ඉතාමත් කුඩා ෆේස්බුක් ලයිවු එකක් දාන්න තිබුණා. ඔවුන්ගේ හැසිරීමනම් ඉතාම කණගාටුයි!

    ප.ලි: යුද්ධය අවසන් කර අවුරැදු 12ක් වෙන දවසේ එක්කෝ නිකම්ම ඉන්න තිබුණා. සමහර වෙලාවට අසනීප වෙලා හිටියා කියලා හිතන්න තිබුණා. ඒත් එදාම ෆේස්බුක් ලයිවු ඇවිත්, යුද්ධය අවසාන කරපු හමුදා පොලිස් නිලධාරීන් ගැන වචනයක් නොකියා වරාය නගර මගුලක් ගැන කතාකරනකොට අනුර ගැන මට දැනුනේ පුදුම තරහවක් මොකද ලංකාවේ ජනතාව වෙනුවෙන් නොව ලංකාවේ චීන ව්‍යාපෘති කරන එකට දැඩිව විරුද්ධ අසල්වැසි රටේ අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් පෙනී සිටින නිසා.

    ReplyDelete
  6. මෙහෙමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් පුළුල් මහජන කැමැත්ත ලබාගැනීමට අවශ්‍ය වන අතර මහජන ඡන්දයෙන් පත් වන දේශපාලන පක්ෂ අනුව රටේ පාලන බලතල හිමිකර ගත යුතුයි. නමුත් කිසිම ආකාරයක අවි ආයුධ වලින් සන්නද්ධ අරගල වලින් සීමිත පිරිසක් බහුතරය යටපත් කරගෙන බලය අත්පත් කරගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත ක්‍රියාවක්. ඒ නිසා ලංකාවේත් අපරාධ කරපු කිසිම කෙනෙක්ගෙ ඒ ක්‍රියාව වීරත්වයට නංවල සමරන්න දෙන්න හොද නෑ. ප්‍රභාකරන් වුනත් විජේවීර වුණත් දෙකම එකයි. (මේක කුඩා පරිමාණයෙන් චොකා මල්ලි, දුමින්ද සිල්වා, භාරත ලක්ෂ්මන්, මධුෂ්, තාරක, සොත්ති උපාලි වගේ අයටත් අදාලයි.

    අනෙක් පැත්තෙන් ලංකාවේ ආණ්ඩුව සියලුම ආකාරයේ රජයේ හමුදා වල ජයග්‍රහණ සියල්ල එකම දිනයක, නිදහස් දිනය වූ පෙබරවාරි මාසයේ හතර සමරනවානම් හොඳයි. සියලුම ආකාරයේ ලංකාවේ විමුක්ති සටන් සහ ජාතික ජයග්‍රහණ 1818, 1848, 1915, 1948, 1971, 1989 සහ 2009 මේ සියල්ල එකම දිනයක. තව 2009 කේස් එක වෙනම සමරන එක දැනට ඉතාමත් බරපතල විදිහට දුර්වල වෙමින් පවතින උතුරේ දමිළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාර වලට පණ පිඹීමට හොඳ අවස්ථාවක්. ඒ නිසා ඒක අවශ්‍ය නැහැ නේද? පෙබරවාරි හතරම මේකත් සමරන එක හොඳයි.

    කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂණයන් විදියට 2009 උතුරේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ම යුධ ජයග්‍රහණය ගැන ජේවීපි එක කතා නොකරන්න හේතු 02ක් මම දකිනවා.

    01. ජවිපෙ 2005 ජනපතිවරණයේදී මහින්ද දිනවල රට යුද්ධයකට සුදානම් කරත් යුද්ධයේ අමාරුම අවස්තාවේදි (2008)දී අයවැය පරද්දන්න ඡන්දය දීපු තකතීරු දේශපාලන තීරණය උඩට මතුවීමේ අවදානම.
    (කිරිමුට්ටියට වඩා දාපු ගොම ගැන කතාකරන එක වඩා බලවත් නිසා සහ අනෙක් අතට ඒකෙන් ජවිපෙන් කැඩුන එවකට ජවිපෙ තුල සිටිමින්ම සිංහල ජාතිවාදී දමිළ ජාතිකවාදීන් මර්දනය වෙනුවෙන් නග්නව පෙනී සිටි විමල් වීරවංශට දේශපාලන වාසියක් යයි කියන භය.)

    2 යුධ ජයග්‍රහණයේ කීර්තිය මහින්ද ඉතා මැනවින් සහ නීත්‍යානුකූලවම රාජපක්ෂගේ නමින් තියෙන නිසා.

    (ඒක එහෙම නෙවෙයි කියල සරත් ෆොනසේකා දෙන්න හැදුවත් ඒකෙන් සජබට මිසක් ජවිපෙට කිසිම දේශපාලන වාසියක් නැති නිසා.)

    මේ නිසා යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති බව, හෝ කොහොමත් ඕක ඉවර වෙනවා, ඒ ඉවර වෙන වෙලාවක හිටපු කෙනා ඒක තමන්ගේ නමට ලියාගන්නවා වගේ කතා කියන එක දේශපාලන වශයෙන් කළ හැකි නමුත් මේ මතය ජනතාව අතර සක්‍රීය සංවාදයක් සමග බලවත් ලෙස ජනගත කරන එක හරිම අමාරුයි.

    ජවිපෙ අවුරුදු 73 ක් ගැන කතා කලත් ඉන් වසර පණස් හතරක් විතර ඒ අයත් දේශපාලනය කරලා තියෙනවා. අනෙක ඔවුන් 1971 / 1987-90, පසුව 1994 සහ 2000, 2004, 2005 - 08, 2010, 2015-19 කියන කාලවල ඉතාමත් බරපතල සහ බලසම්පන්න විදියට රටේ සමාජ ආර්ථික දේශපාලනික කාරණා වලට මැදිහත් වී දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා ඒ නිසා ඔවුන්ට තමන් විපක්ෂයේ හිටපු කතා කියලා ෂේප් වෙන්න පුළුවන් කමක් නැහැ නේද?

    ReplyDelete
  7. කොවිඩ් නිසා අනාගත්ත විතරක් නෙමේ හෑව දුන්න පොර ටෝක් ඔක්කොම නෝන්ඩි උනා හෙළ ගුලි කාබනික ගුලි ආපිට ඇඹරෙන සීන් එකක් තියෙන්නෙ මුලින් වාහන ගේන්න සල්ලි නැති උනා දැන් පෝර ටික තෙල් ටික ගේන එකත් කරන්න බෑ.බඩගින්නෙ ආදායමක් නැතුව ඉන්න බයියව තවත් ආම්බාම් කරන්න බැරි සයිස් එකක් තියෙන්නෙ.පන්දාහෙ කොළ ටොපි කොළ ගානට අච්චු ගැහුව තව ගහල බෙදන්න බෑ.ඕන් ඇඹරුව අන්තිම තුරුම්පුව ජාත්‍යාන්තර කුමන්ත්‍රණ අපිව විදුලි පිටුවෙ තියෙනෝ බයියනි ආයූ රෙඩි ලේ රත් කරන් තව වටයක ඇන්දීමකට

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මෝඩ බයියෝ මැදමුලනේ රෙදි හෝදනකොට ජවිපෙට රෙදි නැතුව කඩේ යන මීහරක් රැල හිතාගෙන ඉන්නෙ අනුර කුමාරලා තරම් බෝධිසත්වයෝ නෑ කියලා�� ජවිපෙට කඩේ යන උන් කියන්නෙම අනිත් 97%ම වහල්ලු කියලා. උන් අයින්ස්ටයින්ගෙන් පැවතගෙන උන් කියලා හිතාගෙන ඉන්නෙ ��

      Delete
  8. 83 කළු ජූලිය නොතිබුනානම් මේ රටේ කොච්චර වෙනස්කම් වෙන්න තිබුනද?

    එහෙනම් කළු අගෝස්තුවක්, කළු සැප්තැම්බරයක් සිද්දවෙන්න තිබුනා.
    ඒත් නැත්නම් 84-85 කළු ජූලියක් වෙන්න තිබුනා.
    බලන්න 83 කළු ජූලිය නිසා වෙච්ච විපත.

    ReplyDelete
  9. උඹලා වගේ ජාතිවාදියෝ නිසා තමයි අවුරුදු30ක් යුද්ධ කරන්න වුනේ.

    මම වගේ අය හිටියනම් දවස් 30න් පරදිනවා. එතකොට යුද්දේ ඉවරයි.

    ReplyDelete
  10. මට ප්‍රභාකරන් මලා කිව්වාම ආපු සතුටට වඩා සතුටක් ඇතිවුනා, කටුවාපිටිය පල්ලියේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ මලා කියලා ඇහුවාම.

    මොකද උන් අතර දෙමළ ජාතිවාදයට පුක දීගෙනම ඉන්න 10ක් වත් හිටිය බව ශුවර්.

    ReplyDelete
  11. @ ජගත් පතිරණ,

    ඔය ජාතිවාදීන් ගැන කතා කරන කොට මේදිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය ගැන ලොකුවටම කතාව යන හින්ද මේක දාන්න හිතුන. පුලුවන් තරම් කෙටියෙන් මේ කතාව ලියන්න උත්සාහ කරන්නම්. මොකද මේ කතාව අපිට අතිශයින්ම වැදගත්. මුලින්ම මම කියන්න ඕන මම ඊශ්‍රායලයට කඩේ යන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඒ වගේම ඊශ්‍රායලය කියන්නෙ කොච්චර දියුණු රටක්ද කියන කාරණය ඔබට මම කියන්න ඕන නෑ. ලංකාවෙන් 1/3 පමණ භූමි ප්‍රදේශයකට හිමිකම් කියන ඊශ්‍රායලය නවතම එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා දත්තයන්ට අනුව ලෝකයේ මානව සංවර්ධන දර්ශකයේ 22 වන ස්ථානයේ ඉන්න රට, ඒ කියන්නෙ අතිශය සංවර්ධනය වෙච්ච රටක්. ඊශ්‍රායලය ගැන බොහෝ කරුණු ඔබ දන්නවා ඇතිනේ මම ඊශ්‍රායල් ගුණ වයන්න නම් යන්නෙ නෑ.

    නමුත් ඉතිහාසය සොයා යන විට හීබෘ බයිබල් ඉතිහාසය තරම් දුරකට යුදෙව්වන්ගේ ඉතිහාසය ගමන් කරත් මෑතකදී ඊශ්‍රායල රට බිහිවීම ගැන කිව්වොත් 19 වන ශත වර්ශයේ අග භාගය වනවිටත් අරාබි පලස්තීනය (නූතන ඊශ්‍රායලය) පාලනය කරේ ඔටෝමාන් අධිරාජ්‍යය යටතේ. තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයේ දත්ත වලට අනුව 1878 ඔටෝමන් සංගණනයේදී අරාබි පලස්තීනයේ ජනගහණ ප්‍රතිශතය මුස්ලිම් -88% ,ක්‍රිස්තියානි -9%, යුදෙව් - 03% ලෙස සටහන් වුණත් පූජා නගරය වුනු ජෙරුසෙලමේ ජනගහනය මුස්ලිම්, ක්‍රිස්තියානි සහ යුදෙව් ජාතිකයන් සමාන ප්‍රතිශතයන්ගෙන් ජීවත් වුනු බව සඳහන්. ජෙරුසෙලමේ ඔටෝමාන් ජනතාව ගතකල සාමකාමී ජීවිතයට උදාහරණයක් වශයෙන් 20 වන ශතවර්ෂයේ පලමු දශක කිහිපයේ එහි හැදී වැඩුණු ප්‍රකට ක්‍රිස්තියානි සංගීතඥයකු වන වසිෆ්ජව්හර්ර්‍යෙන් (Wasif Jawhariyyen) වගේ ප්‍රවීණයන් බිහිවීම තුලින්ම ඔබට පැහැදිලි වෙනව ඇති.
    පාසලේදී කුරාණය ඉගෙන ගත්තට පාස්කු උත්සවය, ඊද් උත්සව බොහොම සාමකාමී අසල්වැසියන් ලෙස ඔවුන් සැමරුම් කරා.

    ඔටෝමාන් පලස්තීනය කියන්නෙ විවිධ ආගම් ඇදහූ ජාතීන් ඉතා සමාදානයෙන් ජීවත් වූ ලෝකයේ එක් බිම්කඩක්.

    19 වන ශතවර්ෂය කියන්නෙ යුරෝපයට ජාතිකත්වය ඉස්මතු ස්වර්ණමය යුගයක් ලෙස ඔවුන් හඳුන්වනවා. මේ ශතවර්ෂයේදී තමයි හබ්ස්බර්ග් අධිරාජ්‍යය (Hubsburg monarchy) කඩාගෙන වැටිල ඔස්ට්‍රියා /හංගේරියා/බොහේමියා/ ස්ලෝවැකියා/ ස්ලෝවේනියා/රොමේනියා/ ක්‍රොඒෂියා (පෝලන්තයේ විශාල කොටසක්) සහ ඉතාලියට කොටසක් ලෙස වෙනම රටවල් වලට බෙදීම සිදුවුණේ.
    ඒ වගේම ඔස්ට්‍රො-හංගේරියානු (Austro- hungarian) අධිරාජ්‍යය කඩාගෙන චෙකොස්ලොවැකියා/ යුගෝස්ලෝවියා /ගැලිසීමියාව (පෝල්න්තයට ඇතුලත් වුන)/ ට්‍රාන්සිල්වේනියා (රොමේනියාවට ඇතුලත්) යන රටවල් බිහිවුනේත් ඔය ශත වර්ශය තුලදීමයි.
    මෙන්න මේ ඔස්ට්‍රො-හංගේරියානු අධිරාජ්‍යයේ හිටපු යුදෙව් මාධ්‍යවේදියෙක්, දේශපාලන විචාරකයෙක් සහ ලේඛකයකු වෙච්ච තියොඩොර් හර්ස්ශල් (Theodor Herzl) මේ කාලෙ හිතුව යුදෙව්වන් යුරෝපය තුලට ඇතුලු කිරීම සිදුකරල යුරෝපය ඇතුලේ ශක්තිමත් වෙන්න අවශ්‍යයි කියල. නමුත් ඔහු මේ රටවල් හැදෙන දිහා බලල ඔහුගේ අදහස වෙනස් කරල හිතන්න පටන් ගත්ත යුදෙව්වන් යුරෝපය ඇතෑරල වෙනම ඔවුන්ටම වෙන්වූ දේශයක් සාදාගත යුතුයි කියන කාරණය.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වෙනම දේශයක් කියන ජාතිකත්ව හැඟීම තුලින් ඇතිවුණු සංකල්පය තමයි යුදෙව් වාදය(Zionism) කියන්නෙ. තියොඩොර් හර්ස්ශල් කියන්නෙ නූතන යුදෙව් වාදයේ පියා. ඔහු තමයි Zionist Organization (යුදෙව්වාදී සංවිධානය) නිර්මාණය කරල යුදෙව්වන් පලස්තීනයට සංක්‍රමණය වී වෙනම දේශයක් නිර්මාණය කල යුතුයි කියන අදහසේ නිර්මාතෘ., එතැන තමයි මුල්ම බීජය ඊශ්‍රායලය බිහිවීමට තුඩු දුන්.

      හැබැයි මතක තබාගත යුතු කාරණාවක් තමයි බොහෝ යුදෙව් වාදීන් අනාගමික යුදෙව්වන් (Secular jews). ඔවුන් යුදෙව් දේශය (jewish state) කියන දේට වඩා යුදෙව්වන් සඳහා දේශයක් (State for Jews) කියන මතයේ තමයි තමන්ට දේශයක් උපකල්පනය කරේ.

      1917 බ්‍රිතාන්‍ය රජය තීරණය කරා යුදෙව්වන්ට උදව් කරන්න. (එයාල නිකම් උදව් කරන්නෙ නෑ), බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ආතර් බැල්ෆෝර් (Arthur Balfour) විසින් 1917 නොවැම්බර් 02 වෙනිදා බ්‍රිතාන්‍ය යුදෙව් සංවිධානයේ නායක වෝල්ටර් රොක්ස්චයිල්ඩ් ස්වාමිවරයාට (Lord Wolter Rokschild) පොරොන්දු ප්‍රකාශයක් (Balfour declaration promisary quote )ලබා දුන්න. "A National home for the jewish people in Palestine, යුදෙව්වන්ට පලස්තීනයේ ජාතික නිවහනක්."

      මීට අවුරුදු 103 කට පෙර ලබාදුන්න මෙන්න මේ ප්‍රෝඩාකාරී ලිපිය නිසා අදටත් නිජ බිම් උරුම පලස්තීනුවන් සරණාගතයන් වගේ දිනෙන් දින මැරෙමින් ජීවිතේ ගත කරන්නෙ.

      මේ ලිපිය දෙන අවස්ථාව වන විටත් පලමු ලෝක යුද්ධය අවසන් වෙලා නෑ.ඒ වගේම ඒ වෙනකොටත් පලස්තීනය තිබුනෙ ඔටෝමාන් පාලනය යටතේ.

      හැබැයි බැල්ෆෝර් පොරොන්දුව දෙන්න වසරකට කලින් බ්‍රිතාන්‍යයන් රහසේම ප්‍රංශයට පොරොදුවක් දීල තිබුන. ඒ තමයි ඔවුන් අරාබි දේශය දෙකඩ කරන බව හා පලස්තීනය බ්‍රිතාන්‍යයන් යටතේ තබාගන්නා බව.
      ඊටත් අමතරව 1915 වර්ශයේදී බ්‍රිතාන්‍යයේ තවත් රාජකීයයන් පිරිසක් මැකා රාජ්‍යයේ (Macca) ශෙරිෆ් වරයා වන හුසේන් බින් අලි (Hussein bin Ali Al-Hashimi was an Arab leader from the Banu Hashim clan who was the Sharif and Emir of Mecca from 1908 and, after proclaiming the Great Arab Revolt against the Ottoman Empire, King of the Hejaz from 1916 to 1924. At the end of his reign he also briefly laid claim to the office of Caliph)ට පොරොදුවක් ලබා දී තිබුනා ඔටෝමාන් අධිරාජ්‍යය බිඳ දැමීමෙන් පසු සම්පූර්ණ අරාබි දේශයම ඔහුට පාලනය සඳහා ලබාදෙන බවට. (ශරීෆ් හුසේන් ඔටෝමාන් පාලනට විරුද්ධව කැරැල්ලක් දියත්කර එය බිද වට්ටවා දැමුවා).

      Delete
    2. ඉතින් සරලවම බ්‍රිතාන්‍යයන් යුදෙව්වන්ට පලස්තීනය ලබාදීමටත් ,මැකා වරුන්ට පලස්තීනය ලබාදීමටත් කියන පොරොන්දු දෙකක් එකම භූමියට ලබා දීල නේද?)

      ඔන්න ඉතින් වැඩේ හැටි. යුද්ධයෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනය තමන්ගෙ යටත් විජිතයක් වශයෙන් තියාගත්ත පලස්තීනුවන්ට තමන්ගෙම පාලනයක් කරගන්න පුලුවන් කාලයක් එනකම් කියල.

      ඒක හරියටම පලස්තීනුවන් "මේ විදිහත් නරකම නෑ වගේ" කියද්දී බ්‍රිතාන්‍යයන් "අනිවා තවම පටන් ගත්තෙ නෑ" කියනව වගේ ක්‍රමයක්.

      මොකද මේ කාලෙ බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනයේ වෙන වෙනම ආයතන පිහිටුවීමට ක්‍රියා කලා මුස්ලිම් අය සඳහා, ක්‍රිස්තියානි අය සඳහා වශයෙන් .මේ වැඩෙන් පලස්තීන මුස්ලිම් හා ක්‍රිස්තියානි වරුන් අතර සහයෝගය තබාගැනීමට අපහසු උනා.මේ සංවර්ධන ක්‍රියාකාරකම් තුලින් බ්‍රිතාන්‍යයන් බෙදාවෙන්කර (කොටවා පාලනය කිරීම) පාලනය කිරීම, මිල ගණන් උච්චාවචනයන් කිරීම වගේ පාලනයට පහසු ක්‍රමවේදයන් භාවිතා කරා.

      කොහොමද ඒක?

      මේ අතරතුරේදී බ්‍රිතාන්‍යයන් යුදෙව්වන්ට ලබාදුන් පොරොන්දුව ඉශ්ඨ කරන්න කටයුතු සූදානම් කරා. "සුදුසු තත්වයන් යටතේ යුදෙව්වන් සංක්‍රමණය සඳහා පහසුකම් ලබාදීම - Facilitate jewish immigration under suitable conditions"

      1920 සහ 1939 අතර කාලය තුල පලස්තීනයේ යුදෙව් ජාතිකයන් ප්‍රමාණය 320,000 දක්වා ඉහල ගියා. ඇත්තෙන්ම 1938 පලස්තීනයේ සමස්ථ ජනගහනයෙන් 30% ප්‍රතිශතයක් දක්වා යුදෙව් ජාතිකයන් ප්‍රමාණය ඉහල ගියා.

      වැඩිවන යුදෙව් ජනතාව අතරේ යුදෙව්වන් පලස්තීනයේ ඉඩම් ලබාගැනීම සඳහා තමන්ගේ අවධානය යොමු කරා. ඔවුන් ඉඩම් මිලදී ගැනීම, අයිතිකරුවන් නොමැති ඉඩම් අත්පත්කර ගැනීම, වගා නොකරන ඉඩම් බලහත්කාරයෙන් ලබාගැනීම, ගොවියන් එළවා ඉඩම් පවරා ගැනීම යන ක්‍රියාදාමයන් තුලින් පලස්තීනයේ ඉඩම් තමන් සතු කර ගැනීම සිදුකරා.

      මේ ආකාරයෙන් ඉඩම් ප්‍රමාණය වැඩිවීම සහ කම්කරුවන් වශයෙන් පලස්තීනුවන් පාලනය කිරීමට හැකිවීම යන කාරණා හේතුවෙන් පලස්තීනය තුල යුදෙව්වන්ට ස්වාධීනත්වයක් සහ ආරක්ශාවක් ලබාගන්න හැකියාවක් ලැබුනට පලස්තීනුවන් හා යුදෙව්වන් අතර උනුසුම් තත්ත්වය 1920 සහ 1939 කාලය පුරාවටම පැවතුනා.

      මේ අතරෙ පලස්තීනුවන් තමන්ගේ අනන්‍යතාවයක් ගැන ජාතිකත්වයක් ගැන හිතන්න පටන් ගත්ත. මේ ජාතිකත්ව සිතුවිල්ල පෙරදැරි කරගෙන ඔවුන් 1936 වර්ශයේදී බ්‍රිතාන්‍යයන් ට විරුද්ධව කැරැල්ලක් දියත් කරා.

      යුදෙව් යුද භටයන්ගේ සහයෝගය ඇතුව බ්‍රිතාන්‍යයන් එම කැරැල්ල සාර්ථකව නිම කරත් ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරා (White paper).

      යුදෙව් සංක්‍රමණය සීමා කිරීමටත්, තවත් වසර දහයකින් පසු යුදෙව්වන්ට සහ පලස්තීනුවන්ට ඒකාබද්ධ රාජ්‍යයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවටත් එම ප්‍රකාශයෙන් සඳහන් කරා.

      මේ ප්‍රකාශයෙන් යුදෙව්වන් හෝ පලස්තීනුවන් සතුටු වූයේ නෑ. යුදෙව් වාදීන් බ්‍රිතාන්‍යයන් පිලිඹද කෝපයට පත්වූයේ යුරෝපයෙන් යුදෙව්වන් සංක්‍රමණය වෙමින් සිටින අවස්ථාවේ සංක්‍රමණික සීමා පැනවීම පිලිඹදව සහ පලස්තීනුවන් තමන්ටම වූ රාජ්‍යයක් සඳහා තවත් වසර දහයක් බලාසිටීමට සිදුවීම පිළිබද කෝපයට පත්වූවා.

      මේ අතර ලෝකය දෙවන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් අතර පලස්තීනයට එය සාමකාමී කාල පරිච්ඡේදයක් උනා.

      Delete
    3. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව නැවතත් පලස්තීනුවන් සහ යුදෙව්වන් අතර උනුසුම් තත්වයට මුහුණ දීමට බ්‍රිතාන්‍යයන් ට සිදුවූ අතර පලස්තීනය වැනි අර්බුධ සහිත භූමියක් යටත් විජිතයක් වශයෙන් තබා ගැනීම වාසියකට වඩා අවාසියක් බව සිතූ ඔවුන් (මේ වනවිට ලෝකයේ රටවල් බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වීම ආරම්භ වී තිබුන) දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව නවතමයෙන් බිහිවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UN) ඔවුන්ගේ පලමු ප්‍රශ්නය ලෙස පලස්තීනය පිළිබඳ තීන්දුවක් ගැනීමට භාරදී අත පිහදා ගත්ත .

      1947 නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය පලස්තීනුවන් සඳහා කොටසක් ලෙසත් යුදෙව්වන් සඳහා කොටසක් ලෙසත් බෙදීමට ඡන්දයක් පැවැත්වූවා.

      මෙහිදී එයට පක්ශව රටවල් 33ක් චන්දය භාවිතා කරා.
      විරුද්ධව රටවල් 13
      ඡන්දයට සහභාගි නොවූ රටවල් 10
      ලෙස චන්දය භාවිතා වී තිබුනා.

      එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය සහ ඊශ්‍රායලය වශයෙන් භූමිය වෙන්කොට ලබාදුන්නා.ජෙරුසලම එක්සත් ජාතීන්ගේ යටතේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුනා.

      රටවල් දෙකටම සමාන භූමි ප්‍රමාණයක් ලැබුණත් එහි හැඩය ජික්සෝ ප්‍රහේලිකාව ( jigsaw puzzle) වගේ ඉතා සංකීර්ණ හැඩයක්.

      1948 මැයි 14 වෙනිදා සවස 4ට ඩේවිඩ් බෙන් ගුරිසන් ගේ නායකත්වයෙන් ඊශ්‍රායලය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

      ඊශ්‍රායලය පිහිටුවා පසුදින ඊජීප්තුව, ජෝර්දානය, සිරියාව, ලෙබනනය සහ ඉරාකය යන රටවල් පහ විසින් ඊශ්‍රායලය වට කරනු ලැබුවා. එම සටනින් ඊශ්‍රායලය පසු බැසීමට ආසන්න අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව සති හතරක සටන් විරාමයක් ලබාදෙන ලදි. මෙම සති හතර ඊශ්‍රායල් ඉතිහාසය සහ මැදපෙරදිග ඉතිහාසය වෙනස් කිරීමට සමත් විය. ඊශ්‍රායලය ඇමෙරිකානු සහයෝගය මත චෙකොස්ලොවැකියාවෙන් බර අවි ගෙන්වන ලදි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් වලට පටහැනිව ගෙන්වූ මෙම අවි ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සඳහා වෙන්කොට තිබූ නගර දෙකක සවිකරේ එහි සිටි 7,000කට අධික නගර වැසියන් පලවා හරිමිනි. මෙම සටනින් ඊශ්‍රායලයට සමස්ථ භූමි ප්‍රමාණයෙන් 78% ක ප්‍රමාණයක් හිමි විය.

      ඊජීප්තුවට ගාසා තීරය ලබාදෙන ලදි.
      ජෝර්දානයට බටහිර ඉවුර (West Bank) ත්‍යාගයක් මෙන් ලබාදෙන ලදි.
      75,000ක් වූ පලස්තීනුවන්ට සරණාගතයන් මෙන් ආසන්න රටවලට පැන යාමට සිදුවිය.

      පලස්තීනුවන් NAKBA ලෙස හඳුන්වන මෙම ඛේදවාචකය මහා විනාශය (Catastrophe ) හේතුවෙන් ගාසා තීරයට - 200,000
      බටහිර ඉවුර - 280,000
      ජෝර්දානය - 70,000
      සිරියාව - 75000
      ඉරාකය - 4000
      ලෙබනනය - 97000
      වශයෙන් අවතැන් වූවන් වශයෙන් රැකවරණය පතා පලා යන ලදි.

      මෙම කතාව මා මෙතනින් අවසන් කරමි. ඉතුරු කතා සියල්ල ඔබ හොඳින් දන්නා කරුණු ය. PLO, හමාස් සහ හිස්බුල්ලා පිලිඹදව වත් මීට වඩා කරුණු පලකිරීම කමෙන්ටු දිග් ගැස්සීමට හේතු විය හැක.
      පසුකාලීනව පලස්තීනුවන්ට වෙස්ට් බෑන්ක් ලබාදෙන ලදුව වර්තමානය වනවිට ඊශ්‍රායලය අතිශය නීති විරෝධී ලෙස එය තුලට සංක්‍රමණයවී ඇත.

      Delete
    4. වසර දෙදහසකටත් වඩා පැරණි අතීතයක් පිලිඹදව කියමින් භූමියෙන් පන්නා දැමූ පලස්තීනුවන් පිලිඹදව කණගාටු විය යුතුය. එය ඇත්තෙන්ම මීට වසර දෙදහසකට පෙර සිටි ජාතියක් ලංකාවට පැමිණ "මේක අපි හිටපු භූමිය ඉස්සර මේක අපිට දීල පලයව්" වැනි කතාවකි. කාලිංග මාඝගේ පරපුර නැවත පැමිණ ලංකාව ඉල්ලනවාටත් වඩා පැරණි ඉතිහාසයකි.

      පලස්තීනයට දුන්නේ බ්‍රිතාන්‍යයන් අනෙක් රටවලට සිදුකලාක් මෙන් ගේම් එකකි.

      බ්‍රිතාන්‍යයන් සෑම රටකටම ගේම් එක දී පිටත්ව ගිය අතර "නිශ්පාදන ආර්ථිකයක් තුලින් ශක්තිමත් සංස්කෘතියක් බිහිකල ශක්තිමත් කොඳු නාරටි සහිත රටවල් පමණක් සුද්දාගේ උප්පරවැට්ටි වලින් බේරිනි."

      ලංකාවේ ප්‍රායෝගික අධ්‍යාපනය යටපත් කොට කටපාඩම් අධ්‍යාපනයක් ලබාදුන්නේ උන් කියන දේවල් අහගෙන කිරීමට සහ ඉන්ද්‍රිය ගෝචර අධ්‍යාපනයක් තුලින් බිහිවන සිතන්න පුලුවන් ජාතියක් වෙනුවට හිතන්න බැරි ජාතියක් බිහි කරලීමටය.

      එකල නගරයේ පාසල් වල අධ්‍යාපන ක්‍රමය හා ගම්බද පාසල්වල ක්‍රමය සංසන්දනාත්මකව බැලීමෙන් මෙය හොඳින් වටහා ගත හැක.

      ලංකාවේ එදාමෙදාතුර තිබූ අධ්‍යාපන ක්‍රමයට සුද්දා ගැහුවේ පලස්තීනයට මෙන් සැලසුම් සහගතවය.

      කිහිපයක් පමණක් සඳහන් කරමි.

      ලාංකීය අධ්‍යාපනයේ කෙළ පැමිණියවුන් එකල හැදින්වූයේ "පණ්ඩිත" ගෞරව නාමයෙනි. සුද්දා කලු සුද්දන් ලවා "පණ්ඩිතයාට ඒදන්ඩේ යන්නත් බෑ "යනුවෙන් එම තනතුර හාස්‍යට ලක් කලේය.

      ඔබ අප දන්නා "මහදැන මුත්තා" යනු ජෝකර් කෙනෙකු නොව ගමේ සිටි දැනුම් තේරුම් ඇති වියතාය.

      කලු සුද්දන් මහදැන මුත්තයි ගෝලයො රොත්තයි කන්සෙප්ට් එකක් ගෙන එම තනතුර පීචන්ම කරලා දැම්මේය.

      "ඉගෙන ගනිල්ලා නැත්තං උඹලට කුඹුරු කොටන්නයි වෙන්නෙ " යනුවෙන් ලාංකීය හදවත බදු කෘශිකර්මාන්තය අන්තයටම පහලට දැම්මේය.

      හීනමානය පිරුණු මේවා මනසට දෙන සියුම් විශබීජ බව ඔබ අප තේරුම් ගත යුතුය .

      තවත් කරුණු කාරණා නම් බොහෝය.
      එදා කාලිංග මාඝ මහා විහාරය ගිනි තබා විනාශ කරද ලාංකීය අධ්‍යාපනයට හානියක් නොවූයේ පොත් වල තිබූ දේ එකල වියතුන්ගේ ඔළුවේ තිබුනු නිසාය නැවත වනපොත් කිරීමට තිබූ හැකියාව නිසාය. සුද්දා ගැහුවේ අන්න ඒ ඔලුවටය.

      නමුත් සුද්දාටද වැරදුණු තැනක් ඇති බව මා මෙහි සඳහන් කරමි.

      ශ්‍රී ලාංකීය සංස්කෘතිය, හෙළ වෙදකම, බුදු දහම, ඇතුලු ආරක්ශා වියයුතු අංගයන් ලාංකීය භූමිය තුල තවම නොනැසී ඇති තැන් ඇත.

      රටකට පහර දෙන්නෝ එහි සංස්කෘතිය මුලින්ම විනාශ කරති. බ්‍රිතාන්‍යයන් කලු සුද්දන් බිහි කරමින් සිදු කලේද එයමය.
      ආසියාවේ විරුදාවලි ලත් විශිෂ්ඨ ආකල්පයන්ගෙන් හෙබි රටක් ලෝකයටම ණය කාරයෙකු වීම ඉබේ සිදුවූවක් නොවන බව සඳහන් කරනු රිසියෙමි.

      අවසන් වශයෙන් ඊශ්‍රායලයට කඩේ යන්නන් වෙනුවෙන් අදේශපාලනිකව මෙයද සඳහන් කර සිටිමි.

      ජාතියේ පෙර පින් මදිවී වැරදීමකින් හෝ එදා ත්‍රස්තවාදීන් ඊලම පිහිටුවා නම් ඊලම = ඊශ්‍රායලය සහ පලස්තීනය = ලංකාව යන තත්ත්වය මේ වන විට මේ භූමියේ පවතින බව සිහි තබාගත යුතුය. එසේ වූවානම් යුදෙව් ත්‍රස්තවාදියෙකු වන ඊශ්‍රායල් පලමුවෙනි අගමැති බෙන් ගුරියන් මෙන් පිරබාහරන් ඊලම මෙහෙයවනු ඇත. මේ නිසා අපේ මුල් විහිදී ඇති ලංකාවේ අපිත් සංස්කෘතිය රැකගමු, එදාට අපේ රට රැකේවි.

      Delete
  12. Agree 100% with Maathlan,

    Anzac is commemorated even after 100 years (even in schools)

    https://anzacportal.dva.gov.au/

    Read more details about how UNP and Norway supported to legitimise LTTE as equal partners with SL Govt.

    http://patayakagepituwa.blogspot.com/2021/05/19.html

    Wijebahu

    ReplyDelete
  13. නන්දිකඩාල් යුධ ජයග්‍රහණයත්, පෝට් සිටිය චිනට දීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමත් එකම දිනයක සිදුවීම හා එකම පවුලක සොහොයුරෝ එවකට ජනපතිවරුන් වීමත් සරදමක්ද?


    ReplyDelete
    Replies
    1. අනේ පලයන් proCIA පොන්නයා..
      පෝර්ට් සිටියට එරෙහි ප්‍රධානම රට ලංකාව ඇතුලු අසල්වැසි රටවල ආර්ථිකය දුර්වල කර කලාපයේ බලය අත්පත් කරගෙන ඉන්න ඉන්දියාව සහ ලෝකයේම භූ දේශපාලන බලයඅත්පත් කරගෙන සිටින නමුත් වේගයෙන් බලය අහිමි වන ඇමෙරිකා එක්සත් ජනපදය. මේ රටවල න්‍යාය පත්‍ර වලට අනුව වචන නූල් රූකඩ තමයි ලංකාවේ සජබ, වහල් ජෙප්පන් හා පෙරටුගාමීන් ඇතුළු Anti Port City කල්ලි. එතකොට මුන් දෙගොල්ලොම ඉන්දියාවේ බුද්ධි අංශ, ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ බුද්ධි මෙහෙයුම් කාර්යාංශ සමගම Port City විරෝධී බලවේයේයි ඉන්නේ. මේකට සරල උදාහරණයක් විදියට කතාවක් කියන්නම්. මගේ යාලුවෙක් දවසක් ඌ කරදරේ වැටිච්ච් වෙලාවක මගෙන් සල්ලි ඉල්ලුවා. යාලුවා නිසා මම දුන්නා. ඌ හැබැයි හෙන බක පඬියා. තද ජෙප්පෙක්. පස්සෙ ඌ ඇහුවලු අරූ මොකද මට මෙච්චර ආදරේ කියලා, මගේ ගෑනි ගන්නද දන්නෙ නෑ ඕකා මම කරදරේ වැටුන වෙලාවේ සල්ලි දුන්නේ කියලා. මම ඉතින් අත ඇරලා දැම්මා ජෙප්පෙක්නේ කියලා. ඔන්න ඔය වගේ තමයි ඉතින් මේක ගැනත් අමුතුවෙන් කියන්ට ඕන නෑ.

      Delete
  14. කෙනෙකුට වැරදි දෙය තව කෙනෙකුට හරිය
    කවුරුන් හරිද හනිකට කීමට බැරිය
    කිරා බලා මේවායින් වෙන හරිය
    ඉතිහාසයේ ලියවෙනු ඇති උත්තරය!

    ReplyDelete
  15. රනිල්�� අනුරලා �� කැකුණ තලන විට සජිත්ලාට රජ මඟුල්' මොකද රනිල් අනුර ප්‍රමුඛ බලවේගය සිදු කරන විපක්ෂයේ කාර්යභාරයෙන් දහයෙන් පංගුවක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සිදු කරන්නේ නැහැ

    දූෂිත අසික්කිත කාලකන්නි නන්දසේන රාජපක්ෂගේ ෆැසිස්ට් ඒකාධිපති වියරුව සමග මිලිටරි ජුන්ටාව රටම වසා ගනිමින් සිටියි. තමාව සහ තම ආණ්ඩුව විවේචනය කරන ඕනෑම පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. හිටපු අමාත්‍ය සහ ලංකාවෙ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න කෙරේ ඉමහත් සැලකිල්ලක් දක්වන ප්‍රධානතම මුස්ලිම් ජනතාවගේ නියෝජිතයෙක් වන රිෂාඩ් බදුර්දීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඔහුව බැලීමට හෝ ඔහුට ආහාර දීමට හෝ නිවසේ කිසිවෙකුට නොහැකිය. බිරිඳටවත් ඔහුව පෙන්වන්නේ නැත. හරීන් ප්‍රනාන්දුව එලෙසම අත් අඩංගුවට ගැනීමට සූදානම්ය. හරීන් එල්ටීටීඊයට සම්බන්ධ යැයි විශාල කෙප්පයක් දැන් සූදානම් ය. සිවිල් පුරවැසියෙක් වශයෙන් සිය හඬ නැගු අසේල සම්පත් අත් අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දුන්නේ ය. හෝන් ගැසූ තරුණයා අත් අඩංගුවට ගත්තේ ය. මිනීමරූ ෆැසිස්ට් ඒකාධිපති වියරුව පැතිරවීම අතින් "සාර්" ඉහළින්ම "පාස්"ය. "සාර්" හොඳටම කළේ මර්දනයයි.

    ජනාධිපති ජයවර්ධන එදා නීත්‍යානුකුලව වුවත් ජනාධිපති කොමිෂන් හරහා ඉලක්කකර ගත්තේ සිය එකම දේශපාලන ප්‍රතිවාදියා වූ බණ්ඩාරනායක මැතිනිය පමණි. එහෙත් අද නන්දසීනි රාජපක්ෂගේ ජනාධිපති කොමිෂන් මර්දනය එයට වඩා ඉදිරියට ගෙන ගොස් තම පවුලේ සහ හෙංචයියන්ට අධිකරණයේ පවතින නඩු විභාග ඉවත් කිරීමටත්, රනිල්.. සරත් ෆොන්සේකා, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ඇතුළු රාජපක්ෂ පවුලට තර්ජනයක් විය හැකි සෑම දේශපාලකයකුගේ ම ප්‍රජා අයිතිය අහෝසි කිරීමටත් කැස කවමින්‍ සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් නන්දසේන ආණ්ඩුවේ යෝජිත ජඩ පනත අභියෝගයට ලක් කළ පසූ අවසානයේ ගෝඨාණ්ඩුවට බලාපොරොත්තු නොවූ පරාජයක් ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය මතය ඉදිරිපත් කළේ රනිල් අනුරය.. එය සැබවින්ම චීන යටත්විජිතවාදීන් සහ ඔවුන්ගේ ඒජන්තයන් වන ගෝඨාණ්ඩුවට එරෙහි ජනතා ජයග්‍රහණයකි.

    එදා ලසසප භූමිකාව අද ජවිපෙට, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද අඛණ්ඩව ගෙන යන අරගලය සිහිගන්වන්නේ පනහ සහ හැටේ දශකයේ ලංකා සමසමාජ පක්ෂය සිදු කළ මැදිහත් වීමයි. ලසසප මෙන් බුද්ධිමය සම්ප්‍රදායකට ජවිපෙ උරුමකම් නොකීවද ඔවුන් ද අද ආරක්ෂා කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්ය. උර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස ආරක්ෂා කිරීමේ අරගලයකට ය. ඔවුනට පාර්ලිමේන්තුවේ හිමිව ඇත්තේ මන්ත්‍රීධූර තුනකි. පසුගිය මහ මැතිවරණයේ දී හිමිවූ ඡන්ද ප්‍රතිශතය සියයට 3.5 කට ආසන්නය. ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු ආසන 54ක් හිමිය. විපක්ෂ නායකධූරය, විපක්ෂයේ ප්‍ර්‍රධාන සංවිධායක ධූරය ඇතුළු සිය නිළ ධූර සමගි ජන බලවේගයට හිමිව ඇත. එහෙත් රනිල්අනුර ප්‍රමුඛ බලවේගය සිදු කරන විපක්ෂයේ කාර්යභාරයෙන් දහයෙන් පංගුවක් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සිදු කරන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ප්‍රධාන විපක්ෂයක් තිබේදැයි යන්න පවා ජනතාවට සැකයකි. එහෙත් රනිල්�� අනුරලා�� ප්‍රමුඛ බලවේගය ගෙන යන අරගලයේ සහ නගන හඬෙහි අවසාන දේශපාලන වාසිය බැර වන්නේ ප්‍රධාන විපක්ෂයටයන්ද? මෙවැනි දැවැන්ත දේශපාලන මැදිහත්වීමක් සිදු කරන රනිල්�� අනුරලා�� ජනතා ඡන්ද ආකර්ෂණය කර ගැනීමට නොහැකි මන්ද?

      ජවිපෙ ජාතික ජන බලවේගයේ පදනම ඇත්තේ ග්‍රාමීය, පීඩිත, රැකියා විරහිත තරුණ කොටස් අතරය. එහි පෙකනිවැල සම්බන්ධව ඇත්තේ සිංහල බෞද්ධ ජාතිවාදය සමඟය. වසර 1982 ජනාධිපතිවරණයට පෙර ජ.වි.පෙ දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය පිළිගන්නා බව පැවසුවද ජවිපෙ තහනම් කිරීමත් සමඟ එම ප්‍රතිපත්ති "යූ ටර්න්" ගසා නැවත සිංහල බෞද්ධ ජාතිවාදය සමඟ සමපාත විය. එය සාධාරණීකරණය කිරීම සඳහා "දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද?" යනුවෙන් රෝහණ විජේවීර ග්‍රන්ථයක් ද රචනා කළේ ය. වසර 1988-1990 දේශප්‍රේමී අරගලය පසුපස ඇත්තේ මේ සිංහල බෞද්ධ ජාතිවාදයයි. වසර 1994 දී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වන ජවිපෙ යළි අළුගසා දමා නැගී සිටින්නේ ද සිංහල බෞද්ධ ජාතිවාදය ඉදිරියට දමා ගෙනය. එතැන් සිට වසර 2009 දක්වා ජවිපෙ ගමන් කළේ ඒ මාවතේ ය. බෙදුම්වාදය සහ ෆෙඩරල් විසඳුම පරාජය කිරීම, වසර 2000 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීම, වැනි සිංහල බෞද්ධ ජාතිවාදී සටන් පාඨ ජ.වි.පෙ ඒ වකවානුවේ කර තබා ගෙන ගියේ ය.

      එහි කූටප්‍රාප්තිය වූයේ 2005 උතුරේ විමුක්ති අරගලය මර්දනය කිරීමේ එල්ටීටීඊට එරෙහි යුද්ධයේ දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දීමය. එහිදී සිවිල් දෙමළ ජනතාවට සිදු වන හානි පිළිබඳ ජවිපෙ කිසිදු වගක් නොවීය. ඒ පිළිබඳ කථා කළ උතුරේ සහ දකුණේ ජන මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් කොටි ඒජන්තයන්, ඩොලර් කාක්කන් වශයෙන් හංවඩු ගැසීමට ජවිපෙ වීරවංශ කල්ලිය කටයුතු කළේ සිංහල බෞද්ධ ජාතිවාදී ධජය ඉහළින් ම ගෙන ගිය ජවිපෙට මැතිවරණයන් හිදී යහපත් ප්‍රතිචාර ලැබිණි. 1994 මහ මැතිවරණයේ දී එක් ආසනක් ලබාගත් ජවිපෙ, 2004 මහ මැතිවරණයේ දී ශ්‍රීලනිප සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වී මන්ත්‍රීධූර තිස්පහකට වඩා ලබා ගත්තා. ඉන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා කැපවී කටයුතු කළේ මේ සියළු දේශපාලන ජයග්‍රහණ ජවිපෙ ලබා ගන්නේ රට තුළ සිංහල බෞද්ධ ජාතිවාදය තීව්‍ර කිරීම හරහායි. වසර 2008 මැයි මාසයේ දී මහින්ද රාජපක්ෂට සහය දීම ගැන ජවිපෙ තුළ අර්බුදයක් නිර්මාණය වීමත් සමගම එවකට ජවිපෙ සිටි අංක එකේ සිංහල බෞද්ධ ජාතිවාදියා වන විමල් වීරවංශ ඇතුළු විශාල ජවිපෙ මන්ත්‍රී පිරිසක් රාජපක්ෂ ආණ්ඩුව මිලදී ගත්තා.

      වසර 2009 උතුරේ විමුක්ති අරගලය ලේ ගංගා මතින් සමූලඝාතනය කරමින් ලබාගත් ඊනියා යුධ ජයග්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ ප්‍රමුබ බලවේගයට තවදුරටත් ජවිපෙ සිංහල බෞද්ධ ජාතිකවාදී මුක්කු අවශ්‍ය නොවු බැවින් රාජපක්ෂ කඳවුර සිංහල බෞද්ධ ජාතිවාදය සහ දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ට එරෙහි ජාතිවාදී වෙෙරය රට තුළ වපුරමින් සිය ආධිපත්‍යය පතුරන විට ජවිපෙ පත් වූයේ නයා මැරුණු අහිගුණ්ඨිකයාගේ ඉරණමට ය. තවදුරටත් රාජපක්ෂ පන්සල වැඳීමට තමන්ට අවස්ථාවක් නොමැති බව අවබෝධ කරගත් ඔවුහු සිහිඑලවා ගෙන විකල්පයක් සෙවූහ. තම පක්ෂය දෙකඩ කර දුර්වල කර දැමූ මහින්ද රාජපක්ෂ පරාජය කර "දේශපාලන වෙෙරය" සපුරා ගැනීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ. ඒ සඳහා ඔවුහු රනිල් වික්‍රමසිංහගේ සැලසුම් සහගත හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා වශයෙන් වසර 2010 ඉදිරිපත් කිරීමට සහය වූහ. එජාපය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්‍ග්‍රසය සහ තවත් කුඩා දමිළ සහ මුස්ලිම් ජනතාවගේ පක්ෂ සමඟ ජවිපෙ මේ මෙහෙයුමට එක්වී ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ වී සාර්ථකව ඉදිරියට යනවිට එජාපය ෆොන්සේකා පරදවා රනිල්ව බේරාගැනීමට එයට කකුල් මාට්ටු දැමූව ද ජවිපෙ සිය උපරිම ශක්තියෙන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ බව ඔවුනට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය.

      Delete
    2. මේ වගේ 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත් තීරණය 1994 සිට ජවිපෙ ගමනේ තීරණාත්මක සංධිස්ථානයකි. ඔවුහු එහිදී ප්‍රථමවරට රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධ උග්‍ර ජාතිවාදී පන්සලෙන් ගැලවී ගියේ නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයා වශයෙන් ජවිපෙ හංවඩු ගැසූ සහ 1988-90 කාලයේ දී ජවිපෙ මර්දනය කළ හමුදා පොලිස් නිලධාරීන්ට නායකත්වය දුන් එජාපය සමඟ මෙන්ම "කොටි ඒජන්තයන්" වන දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව පොදු සතුරා වන රාජපක්ෂ කඳවුරට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළා. මේ තීරණය එතෙක් ජවිපෙ සමඟ සිටි සමහරක් ආධාරකරුවන් සහ පාක්ෂිකයන්ගේ "දේශපාලන කන්‍යාභාවය"ට ප්‍රශ්නයක් විය. විශේෂයෙන් හමුදා ප්‍රධානියකු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම හරහා මේ ප්‍රශ්නය තීව්‍ර විය. 1994 සිට 2009 ජවිපෙට සහයෝගය දුන් සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායම් විමල් වීරවංශ සමඟ රාජපක්ෂ කඳවුරට සේන්දුවිය. එතෙක් ජවිපෙ සමඟ රැදී සිටි සිංහල බෞද්ධ ජාතිවාදී මධ්‍යම පංතික ඡන්ද නිරාසයෙන්ම රාජපක්ෂ කඳවුරට ආකර්ෂණය විය. සිය "දේශපාලන කන්‍යාභාවය"ට සිදුවූ හානිය හේතුවෙන් ඇතැම් දිගු කාලීන ජවිපෙ ක්‍රියාධරයෝ පක්ෂය හැර ගියහ. මේ සියලු සාධක හේතුවෙන් ජවිපෙ සංවිධාන ශක්තිය මෙන්ම ඡන්ද පදනම බිඳ වැටෙන්නට විය. මේ අර්බූදය තවත් තීව්‍ර කරමින් පක්ෂයේ සිටි වාමවාදි රැඩිකල් කණ්ඩායමක් 'පෙරටුගාමී පක්ෂය' නමින් නව බලවේගයක් බිහි කළා. මේ සියලුම හැලහැප්වීම් හමුවේ ජවිපෙ පසුගිය දශකයක කාලය පුරා ඉදිරියට යමින් සිටියි.

      නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය
      ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක ඇතුළු ප්‍රගතිශීලී කණ්ඩායම වසර 2010 සිට පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට ගෙන ඇත. මාක්ස් ලෙනින්වාදී න්‍යාය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සමාජ සුබසාධනය, සුළු ජාතික අයිතීන් දිනා ගැනීම හා ඔවුන් ආරක්ෂා කිරීම සහ ආණ්ඩුකරණයේ අල්ලස් දූෂණ හෙළි කිරීම සඳහා ජවිපෙ ප්‍රමුඛත්වය ලබා දී ඇත. මේ වෙනස එක රැයකින් කළ නොහැකි අතර ඒ සඳහා ජවිපෙ නායකත්ව අනුර කුමාර සියුම්ව කටයුතු කළ ආකාරය ඉතා ප්‍රශස්ථය. එම වැඩපිළිවෙලේ එක් සංධිස්ථානයක් වන්නේ ජාතික ජනබලවේගය නමින් පුළුල් සන්ධානයක් බිහි කිරීමයි. මේ නව සන්ධානයට කලෙක ජවිපෙ විරෝධීන් වශයෙන් සැළකූ වාමාංශික කොටස් ද ජවිපෙ විසින් "ද්‍රෝහීන්" වශයෙන් සැළකූ ලිබරල්වාදී රාජ්‍ය නොවන සංවිධාන වල පිරිස්, සුළු ජාතික ආගමික හා ජාතික ව්‍යාපාර වල ක්‍රියාකාරීන්, ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් ද එකතුවීම අපූරු දිශානතියකි. එයට අමතරව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, ලේබකයන්, සමාජ ක්‍රියාකාරීන්, සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළු විවිධාකාර වර්ණවත් කණ්ඩායම් ගණනාවක් මේ පොදු ජාතික ජන බලවේගයේ පෙරමුණට සහයෝගය දක්වති. අනුර කුමාර, විජිත හේරත් සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනී ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මේ නව සන්ධානය වෙනුවෙනි. එහෙත් ගමන දුෂ්කරය.

      Delete
    3. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ගාමක බලවේගය ජවිපෙයි. ජවිපෙ සමඟ බැඳුනු ප්‍රශ්න සහ අර්බූද නව සන්ධානයට සෘජුවම බලපායි. ජවිපෙට වසර 2009 පෙර තිබූ ඡන්ද පදනමට යළි ලඟාවීමට නම් නැවත පසුගාමී ගෝත්‍රික සිංහල බෞද්ධ ජාතිකවාදය වැළඳ ගත යුතු බවට පසුගිය කාලය පුරා විවිධ චරිත උපදෙස් දෙති. බලපෑම් කරති. මෑතදී එයට එක්වූයේ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරය. ඔහු මාර්තු 28 වන ඉරිදා "දිවයින" පුවත්පතට සඳහන් කරන්නේ "රෝහණ විජේවීර 1989 මිය යනකොට මේ රටේ තිබ්බෙ ප‍්‍රධාන කඳවුරු දෙකයි. ඒ රටට ද්‍රෝහී කඳවුර සහ රටට ආදරය කරපු දේශපේ‍්‍රමී කඳවුර. එතකොට 89 ජවිපෙ දියත් කරන්නෙ කොමියුනිස්ට් විප්ලවයක් නෙවෙයි. දේශපේ‍්‍රමී අරගලයක් කරන්නෙ. සටන් පාඨය වුණේ මව්බිම නැත්නම් මරණය. දේශපේ‍්‍රමී කොඩිය තිබුණේ විජේවීර ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ අතේ. ජාතික මතවාදයේ කොඩිය. 89 මර්දනයෙන් පස්සෙ එනකොට ඔය කොඩිය ජවිපෙ අතේ තිබ්බා. නමුත් දෙදහස් පහ හය වෙනකොට ජවිපෙ ඒ කොඩිය තමන්ගෙ අතින් නැති කරගත්තා. අද ඒ කොඩිය අරන් යන්නෙ වෙන පිරිසක්. මම කියන්නෙ අපි එකතුවෙලා ඒ කොඩිය දිනාගන්න ඕන".

      මේ වගේම 1971 කැරැල්ලට දශක පහක් සම්පූර්ණ වූ දා උවිඳු විජේවීර ආරම්භ කළ නව දේශපාලන බලවේගය උත්සාහ කරන්නේ මේ සිංහල බෞද්ධ ජාතිකත්වයට යළි ආමන්ත්‍රණය කිරීමටය. "අපිට අවශ්‍ය වෙනවා ජාතික දැක්මක්, ජාතික චින්තනයක් සහ ජාතික වැඩපිළිවෙළක්. දෙවන පරපුර අපි වැඩ කරන්නෙ අන්න ඒ ජාතික චින්තනය හදන්න. ජාතික චින්තනය හදන්න හොඳම පිරිස තමා තරුණ ප‍්‍රජාව. එතනදි අපි සිංහල බෞද්ධ කියන අත්තිවාරමේ ඉඳල කටයුතු කරන්නේ. මේ රටේ තරුණ, වැඩිහිටි සෑම ස්ථරයකටම එම ස්ථාවරයේ සිට අමතනවා".

      ජවිපෙ සිංහල බෞද්ධ ජාතිකවාදී පෙකණිය කපා දැමීම ද ලෙහෙසි නැත. අසූව දශකය ආරම්භයේදී ලයනල් බෝපගේ ඇතුළු කණ්ඩායමක් ඒ වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ මතවාදී අරගලයක් සිදු කළහ. ඔවුන් එහිදී ජයගත් නමුත් එය තාවකාලික විය. වර්තමාන ජවිපෙ දැන් සිංහල බෞද්ධ ජාතිවාදය, වර්ගවාදය වෙනුවට දමිළ සහ මුස්ලිම් ජනයාට වඩාත් සාධනීය ලෙස වැඩි දේශපාලන බලයක් හිමි වන එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට කැපවී සිටියි. ඔවුහු උතුරු නැගෙනහිර මුස්ලිම් සහ දෙමළ ජනතාව සමඟ පසුගිය කාලයේ ඉතා මැනවින් දේශපාලන ව්‍යාපාරයක් කරමින් සිටිති. ඒ සියල්ල දුෂ්කර ව්‍යායාමයන්ය. ජාතිවාදය, වර්ගවාදය මෙන් පහසුවෙන් ක්ෂණිකව ජාතික සමගිය සමාජගත කළ නොහැක. ඡන්ද සඳහා අලෙවි කිරීම දුෂ්කරය. එහෙත් වර්තමාන ජවිපෙ ජාතිවාදී මඩවලේ යළි නොවැටී ඒ දුෂ්කර මාර්ගයේ ගමන් කරමින් සිටියි. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ආණ්ඩුකරණයේ අත්දැකීම් නොමැති බැවින් ඇතැමෙක් ඔවුන්ට ඡන්දය භාවිතා කිරීමට මැලිවෙති. ආණ්ඩුකරණය පිළිබඳ ජවිපෙ ඇති ප්‍රධාන අත්දැකීම වන්නේ වසර 2004 එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කැබිනට් ධූර කිහිපයක් මාස කිහිපයක් දැරීමය. ඒ කාලයේ දී අනුර කුමාර, විජිත හේරත්, ඇතුළු කිහිපදෙනෙක් සිය අමාත්‍යාංශ මෙහෙයවූ ආකාරය අසාර්ථක බව සත්‍යයක් නමුත් ඔවුහු එම ඇමැතිධූරයන්ගෙන් ඉල්ලා අස්නොවී තව ටික කලක් විවිධාකාර අත්හදාබැලීම් කරමින් වැරදි හදාගෙන තවත් උත්සාහ කලා නම් නම් ජනතාවට දැනෙන යමක් කිරීමට ඔවුන්ට හැකියාව තිබිණ. එහෙත් අවාසනාවකට කිසිම වැදගම්මකට නැති "දේශපාලන කන්‍යාභාවය" පිළිබඳ ප්‍රශ්නයක් (උතුරේ දමිළ ජනයා වෙනුවෙන් සුනාමි සහන මණ්ඩලය ආරම්භ කිරීම) මත පදනම්ව ඔවුහු කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූහ. එක්සත් ජනතා නිදහස් සන්ධාන බිහි කිරීමට මෙන්ම වසර 2004 මහ මැතිවරණ ජය ගැනීමට ජවිපෙ කළ සියළු කැපවීම් නිරපරාදේ අපතේ ගියේ ය.

      චන්ද්‍රිකා එස්බී මංගල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප නායකයන් පවා කකුලෙන් අදිත්දී ජවිපෙ බෙල්ල දී මහින්ද රාජපක්ෂව පළමුවරට ජනාධිපති කළේ එම මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ වැඩි බරක් ඇද්දේ ජවිපෙය. මහින්ද ජනාධිපතිවීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට එක්වන ලෙස ජවිපෙට විශාල ලෙස ආරාධනා ලැබුණ ද ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කළහ. ඊට පස්සෙ වුණත් ඔවුහු යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවෙක් වී වගකීම් දැරීම ප්‍රතික්ෂේප කළා. තමන් විවේචනයට මෙන්ම ආණ්ඩුකරණයටද සූදානම් කණ්ඩායමක් බව ජවිපෙ ප්‍රමුඛ සන්ධානය ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි. ඒ සඳහා උපක්‍රමශීලී විය යුතුයි. "දේශපාලන කන්‍යාභාවය" රැක ගැනීම එකම අරමුණ විය යුතු නැත.

      Delete
    4. මේ වගේම 1987-89 කාලයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජවිපෙට ඡන්දය ලබාදීමට මැලිකමක් දක්වන පිරිසක් සිටිති. එවකට ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වෙනුවෙන් හමුදා නිලධාරීන් සහ පොලීසිය මෙන්ම ජවිපෙ නමින් (දේ.ජ.ව්‍යාපාරය) ඒ වකවානුවේ තරඟයට ඝාතන සිදු කළා. වසර 1994 දී යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ ජවිපෙ මෑතක් වන තුරුම එම භීෂණ කාලය පිළිබඳ දැක්වූයේ නිහඬ ප්‍රතිපත්තියකි. පසුගිය කාලයේ පැවැති රූපවාහිනී සාකච්ඡා කිහිපයකදී අනුර කුමාර ඒ භීෂණ කාලයේ ජනතාවට සිදුවූ අපහසුතා ගැන යම් කණගාටුවක් ඇති බව කීවත් ඒ සියල්ල ඇපෙන් ගැලවීමට සිදු කළ ප්‍රකාශයන් වැනි බැවින් එයට වඩා වගකීමෙන් යුතු ශක්තිමත් සහ ජනතාවට පිළිගත හැකි ස්වයං විවේචනයක් කළ යුතුය. එවැනි ස්වයං විවේචනයක් සියලු දෙනාම පිලිගනී යැයි සිතිය නොහැකිය. සියළු දෙනා සතුටු කිරීම අපහසුය. එහෙත් එවැනි ප්‍රබල ස්වයං විවේචනයකින් පසුව එම පරිච්ඡේදය වසා දමා ජවිපෙට ඉදිරියට යා හැකිය. ඊයම් බරු දෙපයේ ගැට ගසාගෙන ඉදිරියට ගමන් කිරීම දුෂ්කර බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

      ජවිපෙ ආරම්භක අවධියේ සිට පැළඳ සිටි මාක්ස් ලෙනින්වාදී සළුපිලි සහ අධිරාජ්‍ය විරෝධී සටන් පාඨයන්ගෙන් ජවිපෙට තවම ගැලවීමට හැකිව නැත. මේ "රතු අවතාර" ජවිපෙ ප්‍රමුඛ සන්ධානය වෙත ජනතා ආකර්ෂණය මොට කිරීමට හේතු වී ඇති බව අපේ විශ්වාසයයි. අද ඇත්තේ 60, 70 දශකයේ පැවැති ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් නොවෙයි. එදා අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ විමුක්ති අරගල සඳහා සහයෝගය ලබා දුන්නේ සෝවියට් සංගමය සහ චීනයයි. එහෙත් අද ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිදු කරන ජනතා සටන් අරගල මර්දනය කිරීමට මිනීමරු පාලකයන්ට උපරිම සහයෝගය ලබා දෙන්නේ චීනය සහ රුසියාවයි.

      මියන්මාර් ජනතා නැගිටීම මෙයට දිය හැකි හොදම උදාහරණයයි. මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය සාධාරනීකරණය කරමින් දිනපතා ලිබරල්වාදී සහ ඇමරිකානු, යුරෝපීය සහ ඉන්දීය හිතවාදී සංවිධානයන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින නිරායුධ ජනයා ඝාතනය කරන හමුදා පාලකයන්ට අවශ්‍ය ආධාර ලබාදෙන්නේ චීනය සහ රුසියාවයි. මිනීමරු මියන්මාර් හමුදා පාලකයන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක පැනවීමට ඉඩ නොදන්නේ මේ රටවල් දෙකයි. අවම වශයෙන් හමුදා ක්‍රමන්ත්‍රණය හෙළා දකින ආරක්ෂක මණ්ඩල යෝජනාවක් හෝ සම්මත කර ගැනීමට චීනය සහ රුසියාව ඉඩ නොදෙති. මියන්මාරය සාමාජිකත්වය දරන "ආසියාන්" සංවිධානය පසුගිය සතියේ මියන්මාර් අර්බූදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ සැසිවාරයක් පැවැත්වීය. එහිදී මියන්මාර් හමුදා ක්‍රමන්ත්‍රණය හෙළාදැකීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ අවස්ථාවේ එයට දැඩි විරෝධයක් දක්වමින් එම යෝජනාව පරාජය කිරීමට කටයුතු කළේ වියට්නාමයයි. එම සමුළුවේදී මියන්මාර් හමුදා පාලකයන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරෙන් පිට සිට කටයුතු කළේ චීනය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ.

      සිරියාවේ බෂීර් අල් අසාද් නමැත්තා අයි එස් සංවිධානය සමග එක්ව රටේ නිදහස වෙනුවෙන් සටන් කරන සිය ජනතාවට එරෙහිව දිගින් දිගටම රසායනික අවි ආයුධ භාවිතා කරද්දී එම ම්ලේච්ඡ ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ රුසියාව, චීනය ඇතුළු ජවිපෙ විසින් "ප්‍රගතිශීලී" යැයි හඳුන්වන ඒකාධිපති රාජ්‍යයන්ය. මේ ලැයිස්තුව දිගය.

      චීනය, රුසියාව ඇතුළු මිනීමරු නඩය ලංකාවේ සුළුතර දමිළ මුස්ලිම් ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට බල කරන ජිනීවා යෝජනා පරාජය කිරීමට සහාය ලබා දී ගෝඨාණ්ඩුවේ ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී ජනතා මර්දනයන්ට සහය දුන්නේ චීනය, රුසියාව, වෙනිසියුලාව සහ කියුබාව වැනි ජවිපෙට "ප්‍රගතිශීලී" රටවල්ය. අද ගෝඨාණ්ඩුව සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන පාර්ලිමේන්තු සභාවාරවලට පවා සහභාගිවීමට ඉඩ නොදී නීති විරෝධීව සඟවා තබන්නේත්, තම භාෂණයේ නිදහස සඳහා සහෝදර ජනතාව සමග ක්ෂණිකව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝන් ගැසූ තරුණයා පවා අත් අඩංගුවට ගෙන තම වියරු ඒකාධිපති ෆැසිස්ට්වාදී පාලන වියරුව ප්‍රදර්ශනය කරන්නේත් චීනය, රුසියාව ඇතුළු ජවිපෙට ප්‍රගතිශීලී රටවල ආධාරයෙන් සහ ශක්තියෙනි. ඒ රටවල ආදර්ශයෙනි.

      Delete
    5. ඒ රටවල් ද තමන්ගේ පුරවැසියන් යකඩ සපත්තුවෙන් පාගා ගෙන මිනී කඳු මතින් ඒකාධිපති වියරු පාලනයක් ගෙන යයි. රුසියානු නූතන සාර් විපක්ෂ නායකයන්ට විෂ ශරීර ගතකරමින් විනාශ කරන අතර ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරන ඕනෑම පුද්ගලයකු අත් අඩංගුවට ගනියි. චීනයේ තත්ත්වය මෙයට දෙවනි නොවෙයි. චීනය යනු ලෝකයේ නව අධිරාජ්‍යවාදයේ සංකේතයයි. තුන්වන ලෝකයේ රටවල් ණය උගුල්හි පටලවන චීනය එම රටවල වටිනා ස්වාභාවික සම්පත් සියල්ලම මංකොල්ල කයි. බොහෝ අප්‍රිකානු රටවල වටිනා ඛනිජ සම්පත්, ණය වාරික වශයෙන් ඩැහැ ගැනීම චීනයේ සාමාන්‍ය සම්ප්‍රදාය වී ඇත. අද අධිරාජ්‍යවාදී යටත් විජිත න්‍යාය පත්‍රය උපක්‍රමශීලීව ක්‍රියාත්මක කරනුයේ ඇමරිකාව හෝ බටහිර යුරෝපය නොව චීනයයි. අද අපේ රට මුහුණ දී තිබෙන තත්ත්වය සළකන විට සැම්බියාව, සුඩාන, මාලි, ජිබුටි හෝ කෙන්යා නිදසුන් අවශ්‍ය නැත. ලංකාව අද චීන සමාගම් යටතේ පාලනය වන තනිකර චීන කොලණියකි. මේ තත්ත්වය එකවර ඇතිවූවක් නොවෙයි. චීනය මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම වේගවත් කළේ වසර 2005 දී සිට 2015 දක්වාය. පසුගිය දශක දෙකක කාලයේදී රටේ සියලුම මර්මස්ථානයන් සිය ආධිපත්‍යයට නතු කර ගැනීමට චීනයට හැකිවිය. රාජපක්ෂ පවුල මිලදී ගත් චීනය රටේ අනෙකුත් දේශපාලන පක්ෂ සිය මූල්‍ය අල්ලස් මත හසුරුවමින් තිබේ. රටේ අතිබහුතරයක් ජනමාධ්‍ය චීන අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරමින් සිටියි. චීනයට විරුද්ධ පුවතක් හෝ වාර්තා නොකිරීමට ජනමාධ්‍ය දැන් ප්‍රවේශම් සහගතය.

      ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සිටින්නේ චීන තානාපති කාර්යාලයේ වැටුප් ලැයිස්තුවලය. සෙසු මාධ්‍යවේදීන්ට චීන සංචාර සහ තෑගි බෝග හිමිවෙයි. මේ දිනවල විවාදයට ලක් වූ "පෝට් සිටි" ව්‍යාපෘතියේ ගුණ වර්ණනා කරන මාධ්‍ය වාර්තා තරඟයට මෙන් පල වන්නේ මන්දැයි සිතන්න. "යූ ටියුබ් චැනල්" ගණනාවක චීනය මෙන්ම "පෝට් සිටි" ව්‍යාපෘතිය පිළිබඳ සුරංගනා කථා කියන්නේ මන්ද? මෙය මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමාවූවක් නොවෙයි. චීන Sinopharm එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අවස්ථාවන්හි දී භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේ මේ වසරේ මැයි 7 වන දා ය. චීන සෞඛ්‍ය බලධාරීන් පවා තම Sinopharm කෝවිඩ් එන්නත ඉන්දියාවේ එන්නත් තරම් ශක්තිමත් නැති බව පිලිගනිද්දී පවා මෙම ආබාධ සහිත චීන එන්නත තරම් විශිෂ්ට එන්නතක් ලොව තවත් නැතැයි කියමින් පසුගිය මාස කිහිපය පුරා අපේ ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන් පොලොවේ පස් කන්නේ ඇයි? චීන Sinopharm එන්නත අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇයි? ලංකාවේ වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන්, ආගමික ප්‍රධානීන්, කලාකරුන් ඇතුළු සිවිල් චරිත බහුතරය දැන් "චීන පන්සල්" සරණ ගිය යුවාන් කාක්කෝ වෙති.

      පසුගිය ජනාධිපතිවරණයට පෙර නන්දසේන රාජපක්ෂ මාස තුනක "අධ්‍යාපන පාඨමාලාවක්" සඳහා චීනයට යන බව පොහොට්ටු ගැති මාධ්‍යය ඒ වකවානුවේ ඉමහත් ආඩම්බරයෙන් වර්තා කළේ එම පාඨමාලාවේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. පසුගිය දා මෙරටට පැමිණි චීන හමුදාපති Wei Fenghe සහ නන්දසේන රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේ දී, චීනයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩිව පෙනී සිටින බවට ජනාධිපතිවරයා සහතික වූ බව චීන රජයේ නිළ පුවත්සේවය වන "ෂින්හුවා" වාර්තා කළේ ය. චීනයේ මූලික අවශ්‍යතා යනු ඔවුන්ගේ භූ දේශපාලනික ආධිපත්‍යය ඉන්දියානු කලාපය තුළ පවත්වා ගෙනයාමයි. ශ්‍රී ලංකාව දැන් ඉන්දියන් සාගරයේ ඇමරිකානු සහ ඉන්දීය විරෝධී චීන රූකඩයකි.

      Delete
    6. චීන අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගන්න එක වෙනුවෙන් ඇමරිකන් එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපය සමග එක්ව ලංකාව අද ගිල ගැනීමට මාන බලන්නේ චීන මකරා බැවින් අධිරාජ්‍යවාදී යටත්විජිතකරණ අඬු විහිදුවන බූවල්ලා වන චීනය මියන්මාරයේ මිනීමරු හමුදා පාලකයන් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනීය ගෝඨාණ්ඩුව ආරක්ෂා කරන්නේ චීනය රුසියාව, ඇතුළු කණ්ඩායමයි. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අවංකයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, මානවහිමිකම් සහ පුද්ගල නිදහස ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කරන්නේ නම් චීනය රුසියාව, ඇතුළු මිනීමරු ඒකාධිපති රාජ්‍යයන් පිටුදැකිය යුතුය. බටහිර, ඇමරිකානු අධිරාජ්‍යවාදී බයිලාව අත්හැර සැබෑ චීන අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගැනීමට ඉන්දියාව සහ ඇමරිකානු එක්සත් ජනපදයේ සංවිධාන සමග එක්සත්ව පෙරට ආ යුතුය. ශ්‍රී ලංකාව චීන කොලණියක්වීම වළක්වා ගත යුතුය. අනාගත සටන් පෙරමුණ ගොඩ නැගෙන්නේ චීන සහ චීන රූකඩයන්ට එරෙහි ඇමරිකානු ඉන්දියා සහ යුරෝපීය ගෝලීය නිදහස් සටන පෙරටු කරගෙනයි.

      චීනයට එරෙහි ටිල්වින්ගේ පළමු ප්‍රහාරය ජවිපෙ 1994 දී යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ඇතුළු වූ වකවානුවේ සිට චීනය සමඟ සම්බන්ධතා ක්‍රමයෙන් තහවුරු කරගනිමින් ජවිපෙ සාමාජිකයන්ට චීනයේ අධ්‍යාපන චාරිකා, විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව, චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනයන්ට ආරාධනා ඇතුළු චීනයේ සංචාරක අවස්ථා මෙන්ම පක්ෂ අරමුදලට නොමසුරු මූල්‍ය ආධාර ලැබිණි. පසුගිය දශක තුනකට තුනක කාලය පුරා ජවිපෙ අනුගමනය කළේ චීන හිතවාදී ප්‍රතිපත්තියකි. එහෙත් දැනට සති කිහිපයකට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රථමවරට චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය විවේචනය කළේ ය. "පෝට් සිටි" ව්‍යාපෘතිය චීනය ක්‍රියාත්මක කළේ තම කලාපීය බල අවශ්‍යතාව සඳහා මිස ශ්‍රී ලංකාව පිළිබඳ ආදරයකින් නොවන බව ඔහු පෙන්වා දුන්නේ 'පෝට් සිටි" හරහා රටේ ස්වෙෙරීත්වය විනාශකර රට කලාපීය බල අරගලයක ගොදුරක් කර ඇති බව ඔහු කියාසිටියේ ය.

      ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම පක්ෂයේ න්‍යායාචාර්යවරයා වශයෙන් සැළකෙන ටිල්වින් සිල්වා මේ විවේචනය ඉදිරිපත් කිරීම මගින් වැදගත් දේශපාලන සංඥාවක් ලබා දී ඇත. එනම් ජවිපෙ තවදුරටත් චීන මැදිහත්වීම් සම්බන්ධයෙන් නිහඬව සිටීමට සූදානම් නැති බවයි. සැබවින්ම එය ධනාත්මක වර්ධනයකි. එහෙත් ජවිපෙට "චීන පන්සලින්" සම්පූර්ණයෙන් ගැලවී චීන නව යටත්විජිතවාදයට එරෙහිව සටන් කළ හැකිවේ ද යන්න දැන්ම කිව නොහැකිය. එහෙත් මේ මොහොතේ ශ්‍රී ලංකාවට එරෙහි භයානකම තර්ජනය එල්ල වන්නේ චීන නව යටත්විජිතකරණයෙනි. එයට එරෙහිව සටන් කිරීමේ වගකීමෙන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට මිදිය නොහැකිය.

      පසුගිය දශකයක පමණ කාලය පුරා ජවිපෙ ඉතා දුෂ්කර පරිවර්තික ගමනක නිරතවෙයි. සිංහල බෞද්ධ ජාතිවාදී සටන්පාඨ හරහා ඡන්ද ආකර්ෂණය කරනවාට වඩා ජාතික සමගි ජනතාවට ඒත්තු ගැන්වීම දුෂ්කරය. පහසු මඟට යළි අවතීර්ණ වන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිර බලපෑම් පැවතිය ද ඔවුහු තවදුරටත් දුෂ්කර මඟ ගමන් කරති. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයේ හමුවන සෑම අරගලයකටම ඔවුහු පසුගිය කාලයේ දායකත්වය දුන්හ. එහෙත් ඔවුන් හමුවේ ඇති අභියෝගය වන්නේ රනිල්�� අනුරලා�� ප්‍රමුඛ බලවේගය ජනාකර්ෂණයක් සහිත විකල්ප ආණ්ඩුවක් බවට පත්කිරීමය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ රනිල්�� අනුරලා�� කැකුණ තලන විට සජිත්ලා හැමදාම රජ මඟුල් කෑමය.

      Delete
  16. මාතා මැදමුලනේ හිටපු මහින්ද 2005 බලය ලබා ගන්නකොට සුනාමියෙන් රට විනාශ වෙලයි තිබුනේ. ඒ කාලේ ඡන්දෙට එනකොටම සුනාමි හොරා කිය කියා බැන්නට සුනාමියෙන් විනාශ වී ගිය රට ගොඩ නගමින් යුද්දයත් අවසන් කලා. හොරකමත් නැතිවම නෙමෙයි. මොනව උනත් අදටත් දේශපාලනයේ ඉන්න සියලුම දෙනාගෙන් විශ්වාස කල හැකි නායකයෙක්. දේශපාලන ඔස්තාර්ලා කියන විදිහට මේ රට ගොඩ නගන්න නම් මේ පවතින දේශපාලන පක්ශ කිසිම එකකට බෑ. ගෝඨාභය උනත් රට බාර ගත්තෙ භයානක වසංගතයක් වගේ ලෙඩක් තියෙන අවස්තාවක නේ. මේ කාගෙ උනත් වැරදි නම් නැතිවෙන් නෑ. ස' ෆේල් ගගා නහින උන්දැලට අමතක ඇති මේ මනුස්සයො නිසා තමා නිදහසේ හුස්ම පොදක් ගන්නෙ කියලා..... එදා යුද්දෙ දිනුවෙ නැත්තම් අද කොරෝනයි එහෙම් යුද්දෙ වැස්සනිසා ගංවතුර සමහර පැති වලට.... ලංකාවත් ඒ කාලේ ඉතියෝපියාවට වඩා භයානක රටක් වෙන්න තිබ්බා. ඒ නිසා මොන වැරදි දෙයක් තිබ්බත් මම නම් respect කරන්වා එකෙන්ම ❤️❤️❤️

    ReplyDelete
  17. මාතලං දන්නවා ඇතිනේ ලංකාවෙ නව නීතිපතිවරයා ලෙස වත්මන් වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජෙයන් රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාව අනුමැතිය ලබා දී තියෙනවා කියලා.

    ඒ අනුව වත්මන් නීතිපති දප්පුල් ඩි'ලිවේරා ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් පසු නව නීතිපති ලෙස ඔහු කටයුතු කරන බව පැහැදිලියි. මේක සමග විය හැකි දේවල් මොනවාද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න