.

.

May 14, 2021

හත්පොලේ ගාගත් ආන්ඩුවේ කොරෝනා මාධ්‍ය වසංගතය…

 


මාතලන් දන්නා පරිදි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උන්ට මොන ප්‍රශ්ණ තිබ්බත් එවා මාධ්‍ය සාකච්ඡා තබා ලෝකයටම හෙලිකිරීම කෙසේ වෙතත්, පුවත් පතකට ඉන්ටවීව් එකක් දෙනවා නම්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුය. මේ නීතී රීතී පිලිගන්නා උන් මාධ්‍ය මගහැර හිනාවක් දමා මාරු උනද, විනයක් නැති ඔළුව ඉදිමිච්ච උන්, එක එක ප්‍රකාශ සිඳුකොට ටීම් එකේ ප්ලේස් එක නැති කරගත් ආකාරයත් අපි දැකලා තියෙනවාය.

ත්‍රිවිධ හමුදාවේද එසේය. ඒවායේ හමුදාපතිවරුන් හෝ මීඩීයා කාරයෝ වටකරගෙන ප්‍රෙස් බ්‍රීෆීන් හෝ ප්‍රෙස් කොන්පරන්ස් තියන්නේ නැතිය. ඒ වෙනුවට ඒ ඒ හමුදාවට අදාලව මාධ්‍ය ප්‍රකාෂකයෙක් වෙනම ඉන්නවාය. හමුදාවේ විනය පවත්වාගෙන යන්නේ එසේය.

වසර 30 ක් පැවති ත්‍රස්තවාදී යුගයේදී මේ ක්‍රියාදාමය පොලීසියටද හඳුන්වා දුන් අතර, දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාෂක ලෙස කටයුතු කරන අජිත් රෝහණ එම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කරනවා පමණක් නොව. විශේෂයෙන් කාන්තා පාර්ෂවයේ සිහිණ කුමාරයෙක් බවටද පත් වී අවසානය.

පොලීසිය කෙරේ ජනතාවගේ පැවති අපුලතාවය තරමක් දුරට හෝ තුනී කිරීමට තරම් ඔහුගේ භූමිකාව ඉවහල් වූ බවත් නොකියා සිටිය නොහැකිය.

ඊට පෙර පොලීසියේ ඕ අයි සීලා වැඩ පෙන්නුවේ පත්තර කාරයෝ එක්කය. වැඩේ හබක් වූ පසු පත්තර කාරයෝ පාතාලේ හා එක් වූ අතර, උන් බොහෝ දෙනෙක් ඒකෙන් ගොඩ ගියේය. කොස්ගොඩ තාරකගේ වියෝවෙන් ශෝකයට පත් පිරිස අතර ලෝයර්ලාට අමතරව පත්තරකාරයෝ හා උන්ගේ මිත්‍රයෝද සිටින්නේ ඒ නිසාය.

එහෙත් රටම වෙලාගත් ලෝක වසංගතයක් වූ කොරෝනා පාලන වැඩසටහන අතරේ ආන්ඩුවේ මාධ්‍ය මෙහෙයවීමද වසංගතයක්ම වී ඇති බව ඉතා කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය. කොරෝනා රෝගය හා රෝගය මැඩලීමේ වැඩ සටහනේ ඉතා වැදගත්ම අංශය වන ප්‍රචාරණය හා සංනීවේදන කටයුතු පිළිබඳව නොදැණුවත්කම හා නොසලකා හැරීම, මේ මොහොතේ ඉතා පැහැදිලිවම පේනවාය.

මේ මාධ්‍ය නිදහස කිසිසේත්ම ආන්ඩුවේ ඉදිරි ගමනට මෙන්ම වර්තමානයටද හිතකර දෙයක් නොවන්නේමය. හිතෙන හිතෙන එකා මාධ්‍ය සාකච්ඡා තබා කියන්නේ ආන්ඩුවේ වැඩපිලිවරට එදිරි ප්‍රකාශනයන් හා විවේචනයන්‍ය. මේ අතර ආන්ඩුවෙන් පඩි කන උන් මෙන්ම ජනාධිපති තුමා සමඟ රැස්වීම් වලට සහභාගී වන උන්ද සිටීම ඉතා කනගාටුවට කරුනක්‍ය.

විශේෂයෙන් රාජ්‍ය ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සංගමයේ සභාපතිනි පද්මා කරුණාරත්න හා ගොම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ භූමීකාවන් හා මාධ්‍ය සාකච්ඡා පිලිකුල් සහගතය. කිසියම් අඩු පාඩුවක් ඇත්නම්, විය යුතු දෙයක් ඇත්නම් ඒවා කියා සිටය යුත්තේ මාධ්‍යටවත් ජනතාවටවත් නොව, කෙලින්ම ජනාධිපතිවරයාට හෝ ඇමතිනියටය.

කොවිඩ් මැඩලීමේ මධ්‍යස්ථානයක් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පිහුටුවා අවසානය. එහි පරිපාලනයේ කිසියම් අඩුවක් හෝ ක්‍රියාවිරහිත වීමක් හෝ සිඳූ වූවාදැයි යන සැකයක් බොහෝ දෙනා තුල ඇත.

මන්ද, පළමු වටයේත් දෙවන වටයෙත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහත්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනත් පමණි.

එහෙත් දැක් කෝකියෝ හැට හුටහාමාරකටත් එහා පිරිසක් වොයිස් කට් වීරයෝ වී අවසානය. විශේෂයෙන් ආන්ඩුවේ පඩියෙන් ජීවත් වන PHI මහ එකා හා එජාපයේ වෘතීය සමිති කාරයෙක් වන රවී කුමුදේශ් නැමැත්තා කරනා හානිය සුලුවෙන් තැකිය නොහැකිය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කියා එකෙක් ඉන්නවාද නැද්ද කියා දන්නේ නැත. එක්කෝ පොර පට්ට ෆේල් පොරක්ය. එසේ නොමැති නම් දක්ෂ පරිපාලයකු නොවේය. අනිල් ජාසිංහ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය. පබා පළිහවඩණ නැවතත් මිනිසුන් ඉල්ලන්නේ මේ නිසාය.

මෙහිදි කනගාටුදායකම කරුණ නම්, මෙවර වැක්සීන්කරණය රාජ්‍ය විරෝධි ආන්ඩු විරෝධී මහ උන්ගෙන් සමන්විත PHI ලාට හා MOH ලාට බාර දී තිබීමය. උන් එය අල කර අවසානය.

මේ තරමට ඇදගෙන නාන්නේ සුපිරි සන්නිවේදකයින් මෙන්ම ඝෝඨාගේම මිනිසුන් තිදෙනෙක් වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ප්‍රකාෂක ලෙස පත්වීම් ලද කින්ග්ස්ලී රත්නායක හා මොහාන් සමරනායකලා එතුමා ළඟම සිටියදීයය.

එමෙන්ම යූ ටියුබ් කාරයෝ හා චැනල් කාරයෝ කොහේ හෝ ඉන්නා එකෙක් උස්සාගෙන විත් කරනා මළ විගඩම් විකාරද වහාම තහනම් කර දැමිය යුතුය. මාධ්‍ය නිදහස කියා මුන් කරනා මළ සමයන් නිසා මිනිස්සු ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් එකිනෙකා පරදා ජනතාවට ආතල් දෙයි. පසුව වෙබ් පඩංගු කාරයෝ ඒවා ප්‍රචාරණය කරනාතර, වේලී වේලී ඉන්නා ජාතික පත්තර කරයෝ ඒවා හෙඩ් ලයින් ලෙස දමා ජාත්‍යන්තරයටම ගෙන යනවාය.

කොරෝනා එක්ස්පර්ට්ලා වන ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාළකන්නි පොලිටික්කන්ට අමතරව පසුගිය සතියේ කොරෝනා මාධ්‍ය උස්තාද්ලාගේ ලිස්ට් එකක් පහතින් පලවේ.

ඒ, හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, කොරෝනා ඇමතිනි ප්‍රනාන්දුපුල්ලේ හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට අමතරව බව කරුණාවෙන් සලකන්න. මෙය විගඩමක් බව පෙන්වීමට වෙනත් හේතූන් අවශ්‍යද?


🎈මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

🎈සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්

🎈ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති

🎈කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනී

🎈ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක

🎈දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

🎈රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

🎈රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා

🎈ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා

🎈හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

🎈කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා

🎈ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

🎈ආචාර්ය චන්දනමලී පුංචිහේවා

🎈කොලඹ අයි ඩී එච් රෝහලේ ‍අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

🎈නාලක ගොඩහේවා


.

23 comments:

  1. කොරෝනා ගැන කතා කරන්න හමුදාපති ට තියන සුදුසුකම් මොනවාද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මට නං පේන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ.

    ReplyDelete
  2. ජනතාවගෙන් ඉල්ලපු විදියට සර්ව ජනාධිපතිත් කරලා, තුනෙන් දෙකක බලයක් එක්ක ආණ්ඩුවකුත් පිහිටවන්න සහය දීලා තියෙද්දී සර් ෆේල් උනාම පස්සේ රටේ අනික් උන්ට බැන්නා කියලා හරි යනවද බං?

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් අපට ඉස්පොන්සර කරන අල්ලපු රටේ මෝදි සෑර් සහ ඇමරිකන් බයි ඩං සෑර්, තව ඒරොප්පේ සෑර්ලා මීස්ලා සේරම පට්ට පාස් හොඳේ, ඒ රටවල මේ කිසිම අවුලක් නෑ. ලංකාවේ සෑර් විතරයි පේල්...

      Delete
  3. මාතලන් දැන් හරි වෙනස් වෙලා... අම්ම මුත්ත කියල ආණ්ඩුවට බයින බැනුම් ටික අහන්න අවේ....

    ReplyDelete
  4. වියපත් වෙද්දි පෙනුමත් අඩු වෙනවාය
    කල්පනාව වුව ඉඳහිට පැටලේය
    එව්වා ඉතිං සසරෙදි සිදු වෙනවාය
    තේරුම් ගන්නෙ සමහරු කල් පසුවීය

    මාතලන් උන්නැහේ, ඔබට එසේ නොවේවා!

    ReplyDelete
    Replies
    1. @ නිදි ඔබ සේම මාද මේ ජඩමාධ්‍ය දෙස පිලිකුලෙන් බලමි.මාතලන් දුකයි උබ ගැන.උබ පෙන්නන්නෙ උබේ හැකියාව නෙවෙයි.උබේ වාසියට ඕනිම බලු බෙට්ටක් හිරිකිතයකින් තොරව වළදන්නට හැකි උබේ හැකියාවයි.ඉතින් අවසරයි පිලිකුලෙන් උබෙන් ඈත්ව යන්නට

      Delete
  5. සජී අඩෝ නෝ බං ඇයි උඹට ලක්ෂ 69ක් චන්දෙත් දීල, 2/3ත් දීල ඒ මදිවට 20ත් පාස් කරලා දීල ඒත් කරන්න බැරිනං ඕක දීපං බං ස'ට .

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ස' මේ වෙලාවෙ බලේ හිටියනම් එහෙම අපි ඉන්දියාවෙ රෙකෝර්ඩ් කඩලා ගොඩක් කල්... හොඳ වෙලාවට සජී තුමා පත්වුනේ...

      Delete
  6. තමන්ගේ සමීපතමයෙකු මියගිය ශෝකයෙන් විලාප තියන ඉන්දියානු කාන්තාවකට මයික්‍රෆොනයක් දික් කරමින් ප්‍රශ්ණ අහන්න ගිය ගිජුලිහිනි මාධ්‍ය‍ය වේදියා දුටුවාද?

    තමන්ගේ අලෙවිය වැඩි කරගැනීමට කුණු ප්‍රවෘත්ති සොයමින් සෑම තැනකටම මයික්, කැමරා දික් කරණ ගොං මාධ්‍යවේදීන් හැම එකාගෙන්ම වොයිස් කට් අරගෙන ඒවා පළකරමින් රටම අවුලක් කරමින් පවති.. රාජ්‍ය‍ය නිළධාරීන්ට , ගොං මන්ත්‍රීලාට/ඇමතිලාට තමන්ට් හිතෙන හිතෙන් හැටියට මාධ්‍ය සාකච්චා පැවත්වීමට, වොයිස් කට් දීමට තියන හැකියාව ඇහිරිය යුතුය....

    ReplyDelete
  7. හොඳ පෝස්ට් එකක් මාතා, මේකටම අදාළ තව කතාවක් මතක් උනා, උඹ දැක්ක නේද මචං ඊශ්‍රාලය අල් ජසීරා ප්‍රධාන ගොඩනැගිල්ලට බෝම්බ දාලා කුඩු පට්ටම් කරලා..

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේ සම්මත වෙන යෝජනා තඹ සතේකට මායිම් නොකර රාජ්‍ය විරෝධි දේවල් ලෝකෙට පෙන්නන ජඩ මාධ්‍ය කුඩුපට්ටම් කරන්න අවශ්‍ය ජාතිකවාදී හයිය බෙන්ජමින් නෙතන්යාහූටත්, ඊශ්‍රාලයටත් තියෙනවා.

    ලෝකේම ප්‍රධාන මාධ්‍ය ආයතනයක් කුඩු පට්ටම් කරලා දාන්න කොන්ද තියෙනවා..

    අපේ රටේ ඇට නව ලක්ෂයක තැරිදාර පුන්නක්කු බයිසන් අමු මැටි මීහරක් බයි රැල පවා කල්පනා කළේ පුංචි ශ්‍රී ලංකාවටත් තියෙන්න අවශ්‍ය ඊශ්‍රාලයක් වීමේ සිහිනයක් මිසෙක සිංගප්පූරුවක් වීමේ සිහිනයක් නොවේ කියන එක බව මතක තියාගනින් බන් මාතේ,

    නන්දසේනට ඡන්දේ නොදුන්න කෙනෙක් වුණත් මම හිතන්නේ රාජ්‍යයේ යහපැවැත්මට එරෙහි වන පාතාලය, නීතිඥයො නෙවෙයි මොකා එපා කිව්වත් විනාශ කරන, ඊනියා මාධ්‍ය නිදහස නෙවෙයි මොන මගුල නැති වෙනවා කියලා NGO කාරයො කිව්වත් එදත් අදත් හෙටත් රාජ්‍ය ගැන බොරු පතුරන සිරස වගේ ජඩ මාධ්‍ය කුඩුපට්ටම් කිරීමට වුණත් හයියක් තියෙන, නිර්භීත රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි.

    ජිනීවා මානව හිමිකම් ද? හැම අවුරුද්දටම පාරක්ම ඔහේ සම්මත වෙවි තිබුනානේ..

    ඔය කාලේට අනවශ්‍ය අවධානයක් නොදී නිවුස් හෙඩ්ලයින් එක බලයක් නැති ජිනීවා මානව හිමිකම් කොමිසම කර නොගෙන හිටියම ඇති.

    අවශ්‍ය ප්‍රධාන සාධකය ශක්තිමත් රාජ්‍යයක් විනා ඊනියා මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.

    ඊශ්‍රාලය අපිට උගන්වන පාඩම මෙයයි. මේ ගැන ලියපන් වෙලාව තියෙනවා නම්.

    ReplyDelete
  8. අඩෝ ළමාතං, තෝ බලල තියෙනවා ද මන්දා Trever noah කියලා talk show host කෙනෙක් ඉන්නවා.. මිනිහා මේ දවස් වල මැදපෙරදිග කලාපයේ අර්බුදය ගැන කතා කරපු හැටි දැකලා මට හිකෙන් පුනා (පුපෙනුත් හිනා). පුදුමාකාර ලෙස මධ්‍යස්ථ විදිහට පට්ට සාධාරණව ඊස්රාඑල් ගැන සාධාරණ හේතු ඉදිරිපත් කරමින් හැම පැත්තෙන්ම බලලා.

    ඒත් මිනිහා මියන්මාරේ රොහින්ග්‍යා ගැන කතා කරපු වීඩියෝව බැලුවම එකේ අනිත් පැත්ත. අමු අමුවේ පක්ෂග්‍රාහීව මියන්මාරය පට්ට ගහනවා.

    මන් දකින විදිහට වෙනස තියෙන්නේ රටවල් දෙක ලෝකය එක්ක ගනුදෙනු කරන හැටි සහ ලෝකය ඒ රටවල් අඳුරගන්න හැටි. ඊශ්‍රායලය ලෝකයට වැදගත් රටක්. යට ඇඳුම්, තේ පොල් රබර් නෙමේ ලෝකය වෙනස් කරන දේවල් දෙන රටක්. අපිත් ඒ තත්ත්වයට යනකන් හැමදාම මානව හිමිකම් කොමිෂන් ගානේ රස්තියාදු වෙන්න තමයි අපිටත් වෙන්නේ. අපිට එහෙම වෙන්න බැරි නෑ. පුළුවන්. මේ දේශපාලන ගණිකාවන් මේකෙන් අයින් කරන්න ඕනේ. රට ඇතුළේ මොකක් උනත් එළියට එක මතයක් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. අනේ මන්දා. කවදා වෙයිද කියලා.

    යුදෙව්වන්ට මේ ලෝකේ තියෙන එකම රට ඊශ්‍රායලය. උන් ඒක තේරුම් අරන් ඉන්නවා. උන් බලවත් ඒ නිසා. ලංකාවේ සිංහල බහුත්ද ගොන් හැත්තට මේ ලෝකේ තියෙන එකම රට මේක. ඒත් උන් කියෙන් කී දෙනෙක් ඒක තේරුම් අරන්ද ඉන්නේ.������

    මේ බලපිය,

    මියන්මාරය

    https://youtu.be/J2Qq-RPYb_I

    ඊශ්‍රායලය

    https://youtu.be/NeZ4yXyzUG0

    ReplyDelete
  9. මාතා චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු;

    1. Sinopharm එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?

    Sinopharm එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

    2. Sinopharm එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?

    මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

    ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

    3. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?

    එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

    4. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?

    මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ (sample) වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

    5. Sinopharm සාර්ථක එන්නතක් ද?

    කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා Sinopharm සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

    රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

    එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි.

    – තොරතුරු සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයෙන්

    කොවිඩ් පැතිරීම වළක්වා ගෙන රට ආරක්ෂා කර ගැනීමට පසුගිය වසර පුරාම සමාජ ජාල සහ වෙබ් පුවත්පත් වල සිය ගනන් ලිපි පලකලත්, අවශ්‍ය තැන් වලට යොමු කළත් ඒවාට නිසි අවධානයක් නොලැබ නොදුටු, නොඇසූ ආකාරයට සිටි සෞඛ්‍ය බලධාරීන් ඔවුනොවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කලා මිස රට බේරා ගැනීමට ක්‍රියාකලා දුටුවේ නැත. එය දැන් ඇස් ඉදිරිපිට ඔප්පු වී හමාරයි. දැන් අප ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය බලමු ඉන්දියාව අපට හොඳම ආදර්ශයයි.

    ReplyDelete
    Replies
    1. කොවිඩ්රෝගය පැතිරීම වැලැක්වීමට අපි අසමත් වූවෝ වෙමු. රට වහලා බැහැ කියපු අය දැන් රටේත් නැත. දැන් අපි මේ සිදුවන මරණ වළක්වමු.

      1. පොසිටිව් රෝගියෙකු ගැන දැන්වීමට පොදු අංක තුනේ දුරකතන අංකයක් වෙන් කරන්න. එතැනින් අවශ්‍ය දිසාවට පණිවිඩය යවන්න සලසන්න.

      2. රෝගීන් ප්‍රවාහනය සඳහා සුදුසු වාහන බහුල ලෙස සකස් කරමු. ගිලන් රථ විතරක් නොව වෑන් වුවද සකසා ගමු. ඒවාට මුදල් ගෙවා ලබා ගත හැකි අයට එසේ කරන්න ඉඩ දෙමු. පොසිටිව්වුනත් ස්වසන අභහසුතා නැති අය ගෙදර තියමු. තද නිරෝධායනය නීති ක්‍රියාත්මක කරමු.ස්වසන අපහසුතා ඇති රෝගියෙකු ගැන දැන්වූ විට එම රෝගියා ස්වසන අපහසුතා වලින් පෙලෙයි නම් වාහනයක් එවා කලින් සූදානම් කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කට යැවිය යුතුය. වාහන රාශියක් අවශ්‍යයි. රෝහලුත් රාශියක් අවශ්‍යයි.

      3. හමුදාවේ ඇඳන් වැඩි කිරීමේ ආකල්පය නිසා නිසා අපට ඉන්දියාවේ මෙන් ඇඳක් ලබා ගැනීමට මග වැතිරී, කාර්වල හෝ ත්‍රිරෝද රථවල දිග ඇදී විලාප දෙමින් ආයාචනා කරමින් සිටිය යුතු නොවේ. හැකි තරම් රෝගි ලක්ෂණ ඇති අපහසුතා ඇති රෝගීන්ට පමණක් ඇඳක් ලබා දෙමු. තූත්තුකුඩියෙන් හෝ ඇඳක් දෙමු. එනිසා අසීමිත ලෙස දහස් ගනන් වලින් ඇඳන් වැඩි කරමු. දැනට ඒ සඳහා රණවිරුවන් කරන සේවය අගයමු.

      4. හැකි තරම් ඔක්සිජන් නිපදවා හෝ ආනයනය කර අසීමිතව ගබඩා කර තබා ගනිමු. හැකිනම් ඔක්සිජන් ප්ලාන්ට් එම රෝහල් පරිශ්‍රයේ ම සවිකර නිපදවනු. සුළු පරිමාණයේ ඔක්සිජන් නිපදවන්නන් ගෙන් තත්ව පරික්ෂා කල ඔක්සිජන් ලබා ගමු.

      5. හැම ඇඳකටම ඔක්සිජන් සිලින්ඩර් එක බැගින්ද ඒවාට සවිකරන ඉහත සදහන් කල පාලක උපකරණයක් බැගින්ද සූදානම් කරමු.

      6. දිවයින පුරා ඇති ICU ඇඳන් ගැන, සජීවිකරණ වාර්තා තබා ගමු. හිස්වෙන තැන්, හිස් වෙන අයුරු දිස් කර ගනිමු. Uber එසේ කරනවා නම් අපිට බැරි ඇයි. ඒ සඳහා තාක්ෂණ වේදී සහය ගමු.

      7. අධි වේගී හා බිත්ති ඔක්සිජන් ලබා ගැනීමට, ICU ඇඳන් හැකිතරම් වැඩිකර ගැනීමට අනුග්‍රහය දක්වන අය සොයා ගැනීමට මාධ්‍යවල පිහිට පතමු. මේ නිර්ලජ්ජිත මාධ්‍ය දැන්වත් මෙයට උදව් කරනවාද කියා බලමු. රෝගය පතුරවන්න විවිධාකාර කෝලම් සූදානම් කල ඔවුන් මෙසේ රෝගීන්ට බේරාගැනීමට උදව් නොකලොත් ඔවුන් මනුෂ්‍යවර්ගයාගේ සතුරන් ලෙස සලකමු. මේ කෝලම් වැඩ සටහන් නවත්වා, දේශපාලකයින්ගේ කෙරුම් හා කයිවාරු, හොරු අල්ලන නාඩගම්, මඩ ප්‍රහාර නවත්වා මේ දේවල් කරන්න. ඔවුන්ගෙන් කොවිඩ් මර්ධනයට ලැබුනේ ඇල්පෙනෙතිතක තරම් සේවයකි බොරු නම් පසුගිය වසර පුරා ඔවුන්ගේම ප්‍රවෘත්ති ආපසු බලන්න. දේශපාලකයන්ගේ කෙරුම් හා වාද විවාද, නින්දා අපහාස අවලාද හා වංචා අතිශයෝක්තියෙන් දක්වමින් හා මිනිසුන් සැබෑ ලෝකයෙන් වෙන් කර සිහින ලෝකවල රඳවන වැඩ සටහන් හැර මේ රෝගය ගැන වැඩ සටහන් තිබුනේ කීයද? පක්ෂ විපක්ෂවල ධනවතුන්ටත් දැන් පුලුවන් රට වටා ගොස් මේ උදව් උපකාර වැඩි දියුණු කරන්න. ඔවුන්ගේ හැකියාව පරිත්‍යාග ශීලි බව දැන් පෙන්වන්න

      8. කොවිඩ් තව දුරටත් පැතිරීම වැලැක්වීමට මේ අයුරින් තද ලොක්ඩවුන් කරමින් දුප්පත් අයගේ පිහිටට ආධාර ලබාගනු. සියලු වියදම් නවත්වා මාසයක කාලයක් මෙලෙස ලොක්ඩවුන් කලොත් වෛරසය අක්‍රිය වී එය පාලනය කල හැකි මට්ටමකට පැමිණේ.

      9. ඒ අතර එන්නත් ලබා දීමේ වත්මන් ක්‍රමය වහා නවතා ආරක්ෂා කාරී ලෙස ඔන් ලයින් ක්‍රමයකට ඒවා ලබා දීමට කටයුතු කරන්න. නැතිනම් රෝගය තවත් පැතිරේවි. මෝඩ ලෙස ක්‍රමයක් නොමැතිව සෙනග රැස් කිරීම භයානක බව අමනයන්ට නොපෙනේද? තව තවත් එන්නත් මිලදී ගැනීමට උත්සාහ කරන්න. හැකිනම් පුද්ගලික අංශයට හැකි අයුරකින් ඒවා ලබා ගැනීමට ඉඩ දෙන්න. ඇෆ්ලටොක්සින් පොල්තෙල් මෙන් නොව තත්ත්ව පරික්ෂා කර ඒවා ගෙන්වීමට අවසර දෙන්න.

      10. මා නිතර නිතර කියු ලෙස පුටු රත්කරන නිද්‍රාශීලී සෞඛ්‍ය බලධාරින් එලවා, සක්‍රියව බිම් මට්ටමේ සිට වැඩ කල හැකි අය පත්කර ගන්න. එහෙයියෝ නොව සටන් කාමින් රටට හොඳය.

      11. ඔක්සිජන් දෙන්න පුහුණු හෙදියන්ම අපට නැහැ. වැඩ කරන හැටි කියල දීල පුහුණු වන හෙදි, හමුදා අයට මේක බාර දෙමු. ඉන්දියාවෙ නම් වටේ ඉන්න අය දෙන්නෙ. ඒ විතරක් නොවේ හෘද මසාජ් දෙන්නෙත් වටේ ඉන්න අය.

      මේ රට ඉවර වෙන්න ඇත්තේ තව ටිකයි. විපක්ෂ පක්ෂ සියලු දෙනාටයි මේ පණිවිඩය. අරහෙම කලා නම් හොඳයි, වැරැද්ද මෙයාගෙ, අපි හිටියනං මෙහෙම වෙන්නෙ නැහැ වගේ පුහු වහසිබස් නොදොඩා සියල්ලන් එකමුතුවී රට බේරා ගැනීමට දැන් වැඩ නොකලොත් ඔය ලොකු ලොක්කෝ, පක්ෂ විපක්ෂ හා අපි ඔක්කොම ලඟදීම දුම් රොටු ලෙස අහසට යාවි.

      Delete
  10. මාතා මේ දවස්වල කෝඩේ වෙන්න ඇති නෙහ්, බැසිල් සා උබලව තනිකරලා ඇමරිකාවට පැන්නලු නෙහ්.... පව් බන් උබලා

    ReplyDelete
  11. මාතා මේ දවස් වල ලංකාවේ භාවිත වෙන සයිනොෆාර්ම් “කොවිලෝ” එන්නත සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ

    සයිනොෆාම් එන්නත් අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගු එන්නතකි. එහි නිර්දේශිත භාවිතය - වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් (මෙරට දැනට භාවිතය අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට) සහ නිර්දේශිත කාලසටහන ඩෙල්ටොයිඩ් මාංශ පේශි (ඉහළ හස්තය) තුළට අභ්‍යන්තරව ලබා දෙන මාත්‍රා දෙකක් (මිලි ලීටර් 0.5) වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මාත්‍රා දෙක සඳහා සති 3-4 ක කාල පරතරයක් නිර්දේශ කරයි. සැපයුම් ගැටළු හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට සහ වෙනත් රෝග ඇති සහ නැති වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය (ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා මාර්ග සිතියමට අනුව) මෙම එන්නතෙහි මාත්‍රාව වෙනත් COVID-19 එන්නත් සමඟ මිශ්‍ර කර ගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිතා කිරීම නිර්දේශ කරනු ලැබේ. මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය. උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම කල් දැමිය යුතුය. (ඔබට උණ වැළඳී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න). ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ද නිර්දේශ කරයි. දරුණු COVID-19 අවදානම වැඩි කරන බවට හඳුනාගෙන ඇති වෙනත් රෝග ඇති පුද්ගලයින් සඳහා එන්නත් කිරීම නිර්දේශ කෙරේ. එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ගර්භනී කාන්තාවන් සඳහා ද COVID-19 එන්නත එන්නත් කිරීම ගැටළුවක් නොමැති බවයි (ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න)

    අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහාද එන්නත භාවිතා කිරීම නිර්දේශ කරයි. එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි. ඔබට මින් පෙර කොවිඩ් 19 රෝගය වැළඳී තිබුනත් ( රෝග ලක්ෂණ සහිත/ රෝග ලක්ෂණ රහිත )ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගැනීමට හැක. කොරෝනා අසනීපයෙන් සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගන්නා තුරු PCR තහවුරු කළ COVID-19 සහිත පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය. එන්නත ලබා දීමෙන් පසු COVID-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ඇන්ටිබොඩි පරීක්ෂණ දැනට නිර්දේශ නොකරයි.

    ReplyDelete
  12. දිවංගත බණ්ඩාරනායක
    පුංචි ඔගාවා, පුංචි ඔගාවා
    නියම නම
    පුංචි ඔගාවා


    ආ ඌරූ පැටව්. තොපි කුකුළු මස්සෙක්ක බත් කෑවද? හරක් මස් එක්ක බත් කෑවද? උබලා බත් පාන් කෑවද? බැල්ලි වරෙන් එලියට. පුංචි ඔගාවා.බැල්ලි තෝ. හරක් මස්සෙක්ක බත් කමු.

    ReplyDelete
  13. ඇත්ත කතාව නම් මහ පොළොවට දැරීමට බැරි තරම් මිනිස් ගහණය ස්වභාවික ලෙසම පාලනය විය යුතුය. ඔබ සහ මම ඇතුලු ලොකයෙන් අඩක් මිය ගියත් ලොකයේ පැවැත්මට එය සහනයක් මිස කිසිසේත්ම බාධාවක් නම් නොවේ.

    - පරිසරවේදීන් (පරිසර සංරක්ෂණවේදී)

    ReplyDelete
  14. බොලං මාතලං, ලංකාවේ විශේෂඥයෝ කියන එවුණුත් හරියට ඉගන ගත්ත එවුන් නෙවෙයි බොලං. නැත්නම් උන් එකතු වෙලා කථා කරලා මිනිස්සුන්ට හරි දේ කියන්න එපෑයෑ බොලං

    ලංකාවේ වසංගත රෝග අංශය, වසංගතයක් තියා සාමාන්‍ය ප්‍රතිශයාවක් වත් හරියට පාලනය කරටන්න පුලුවන් ආයතනයක් නෙවෙයි.! සමාජගතවෙනතුරු නිසි පියවර ගන්න බැහැ කිය කිය, ඉඳල කොරෝනා රට පුරාම ව්‍යාප්ත වෙන කොට මොනවද කළේ! වෛරසයක ව්‍යාප්තිය පිළිබඳව සාමාන්‍ය අධ්‍යාපයනක් ලැබූ ඕනෑම කෙනෙක් දන්නව! කොහේහරි එක තැනක හරි තියෙනව නම්, ඕනෑම වෙලාවක වේගයෙන් පැතිර යා හැකි දෙයක් තමයි වෛරසයක් කියන්නෙ ! ඒ නිසා වෛරසය මුලුමනින්ම ඉවත් කරණ තුරු ඒක පාලනය කලා කියන්න බැහැ.!

    අනික, වෛරසයක් වෙනත් ආකාර වලට පරිවර්තනය වෙන්නත් පුලුවන් ! එතකොට ඒක එන්නත් වලට ප්‍රතික්‍රියා නොකරන්නත් පුලුවන් නෙවෙයි ද?

    ReplyDelete
  15. මොකෝබන් බයවෙලා ? කෝවිඩ් හොඳටම කොළේ අපෙ සෑර් නොවැ? අනික සෑර් පත් කොරලා ඉන්න ශවේන්ද්‍ර තමයි ලෝකෙ හොඳම හපුදාපති, ඉතින් උන්නැහෙලා බය වෙයිද මේ හුජ්ජ කෝවිඩ් එකට? අනික අපේ දිස්වන් දැට් වන් ජොස්තර මහත්තෙයා කියන එව්වා උඹල අපි වගේ අඩු අධ්‍යාපනයක් ඇති උන්ට එච්චර නොතේරුනාට හොඳටම කොරලනෙ තියෙන්නෙ. බය වෙන්නෙ මක්කටෑ ? චීන්නු ගෙනාපු සයිනොෆාම් එක ගහගනින්, ඊට පස්සෙ කොත්තමල්ලි ටිකක් බීල රාජපස්සලට වඳින ගාථාව කියලා චූ කරල නිදා ගනින්. උඹල ඔක්කොටොම සෑර්ගෙ පිහිටයි..

    ReplyDelete
    Replies
    1. පල පොන්නයෝ යන්න... මෙයා මානසික ලෙඩෙක්. ඒ බව කතා උනාට කවුරුත් කිව්වේ නෑ.

      Delete
  16. දැන් උඹ අවුරුද්දට කලින් කියෙව්වෙ මේක ලොකු ප්‍රශ්නය නෙවීය කියල. මේක ලොකු කරන්නෙ පීඑච් අයිලගෙ මහ එකාලය කියල. මොකොටද බන් ඔහොම මැරෙන්න හදන්නෙ ප්‍රශ්නයක් නැතිකොට..

    ReplyDelete
  17. මාතා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අගවිනිසුරු ධූරය නොලැබම විශ්‍රාම යාමට නියමිත සහ යහපාලන රජය විසින් පත්කළ වත්මන් නීතිපති දප්පුල ද ලිවේරා ලංකාවෙ සමගි ජන බලවේගයේ නිල මාධ්‍ය ආයතනය වන සිරස මාධ්‍ය ජාලයේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

    නීතිපති දප්පුල ද ලිවේරා සජබ සිරසට කියපු දේවල් අනුව රාජ්‍ය බුද්ධි සේවය හෙවත් S.I.S ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකරන ආකාරය, වේලාව, දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන බවයි.

    කෙසේ වෙතත් මේ දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

    මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ලංකා රජය විසින් මහමොලකරු බව පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියන්නේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොළකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවය.

    කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක් සිටින බවත් සහ්රාන් කාෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළත් ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් නීතිපතිවරයා සජබ සිරස නිව්ස්ෆස්ට් සමග කළ සාකච්ඡාවේදී කියවූවා..

    ලංකාවේ අසල්වැසි රාජ්‍යක බුද්ධි අංශ වල මැදිහත් වීමෙන් පසු මේ දක්වා විදේශීය පුද්ගලයින් මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කර නොමැති අතර නීතිය ඉදිරියට ගෙනඒම සඳහා ඔවුන් හඳුනා නොගත් පුද්ගලයින් ලෙස දැනට සලකන බවයි නීතිපතිවරයා පැවසුවේ.

    මේ ගැන දප්පුල ද ලිවේරා දරන මතය ඇතැම් විට කිසිදු අවස්ථාවක් විදේශීය පුද්ගලයින් හෙළි නොවනු ඇති බවයි. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නේද මේ පිළිබඳව වැඩිපුර විස්තර එක්ක,

    මේකේ සජබ නිල මාධ්‍ය සමග ඔහුගේ සාකච්ඡාව; https://youtu.be/HWmfsDLAqxM

    ReplyDelete
  18. wje bahu cum imeediyate an rite inglis

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න