.

.

May 26, 2021

කර්මය විපාක දීම, විපක්ෂය හා විල්බැරෝ

 



පින්වත්නි,

අද වෙසක් පුන් පොහෝ දිනය,

මාතලන් අද ගෙන එන්නේ ගිහි බණක්…

ඒ නිසා සාධූ කාරයක් දීගෙනම මෙය කියවා ගෙන යන්න..


යාදිසං වපතේ බීජං – තාදිසං හරතේ ඵලං

කල්‍යාණකාරී කල්‍යාණං – පාපකාරී ච පාපකං


පින්වත්නී… යම් සේ අප බීජ වපුරන්නේ ද..

ඒ අනුව අපට අස්වනු නෙළා ගැනීමට හැකි වන්නේය.

කුසල් කරන්නවුන්ට යහපත් වූ ද,

අකුසල කර්ම කරන්නවුන්ට අයහපත් වු ද විපාක විඳීමට සිදුවේ.

මේ කරුණ සිහියේ තබාගෙන දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා සිටින අපි කුසල පක්ෂය දියුණු කරගෙන ලබාගත් මේ ආත්මයේදීම නිවන් යන්න ට්‍රයි එකක් දිය යුතු වන්නේයෙ.


එසේම පින්වත්නී.. කර්මය විපාක දීම අනුවත් එය කොටස් හතරකට බෙදලා තියෙනවාය.


ඒ..


දිට්ඨදම්මවේදනීය කර්මය – එම බවයේදීම කුසල් අකුසල් කර්ම විපාක ලබාදීම.

උපපජ්ජභේදනීය කර්මය – මරණින් මතු පළමු ආත්ම භාවභේදී විපාක ලබා දීම.

අපරාපරියභේදනීය කර්ම – මරණින් පසු තෙවන ආත්ම භාවභේ සිට කවර හෝ ආත්මයකදී විපාක දීම.

අභහෝසි කර්ම – විපාක භනාදී අභහෝසි වී යන කර්ම කියලාය..


පින්වත්නී අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වගන්සී මේ පලදීම් බෙදා ඇත්තේ කාළය අනුවය. එහෙත් අපේ මේ රජයට විපක්ෂ සියළුම බලවේගයන්ට එවා පලදී ඇත්තේ මෙලෝ වශයෙන්මය.


පින්වත්නි.. තව කාළයක් යන තුරාවට රාජ්පක්ෂලා එලවීම බොරුය.. පට්ට ෆේල් විපක්ෂය හා විපක්ෂයේ සියළුම බලවේග මෙය දන්නවාය. දැන් ඒ පිරිස උන්මත්තකයින් බවට පත් වී අවසානය. ඒ පිරිස අතර පාර්ලිමේන්තුවේ විපක්ෂය, උන්ගේ පාක්ෂිකයින්, ඇපත් නැති වූ රනිල් විකුම්සිංහ හා අනුර කුමාර දිසානායකගේ පක්ෂය හා පාක්ෂිකයින්, ඔවුන්ගේ මාජ්ජවේදීන්, වෙබ් බලකාය, බුකි බලකාය හා වහලුන්ද සිටිනවාය. ඒ දිට්ඨධම්මවේදනීය කරුමයය.


පින්වත්නි කරුමය කියන්නේ දෙවන ආත්මයේ පලදෙන ඒවාද මේ පිරිසට මේ ආත්මයේ පල දෙන එකය. කරුමය ඒ තරම් පවර්ෆුල්ය. පවිත්‍රාට කොරෝනා හැදුන වෙලේ උම්මා දේවී කියා කින්ඩි දැමූ, පවිත්‍රාට හැමදාම පාර්ලිමේන්තුවේ ලෙඩේ ඇදපු සජිත් හා කසිප්පුවාටද අද කොවිඩ් හැදිලාය. උන් හිතුවේ කොරෝනා හැදෙන්නේ බයියන්ට විතරක්ය කියලාය. මේ මොහොතේ ආන්ඩු පක්ෂයට සහයෝගය දක්වන උන් හැසිරුන ආකාරයත්, එදා පවිත්‍රාට වැලඳුන අවස්තාවේ විපක්ෂයේ උන් හැසිරුන ආකාරයත් අනුව මේ රටේ ටොයියන් හා බයියන් මක්කුන්ද යන්න දැන් පින්වතුන්ට වැටහෙනවා ඇතිය.


පින්වත්නී… මුන්ට මේ පලදෙන්නේ අවුරුදු පහක් තිස්සේ එක පවුලකට කෙලින්නට ගොස් සමස්ත ලංකාවටම කෙලවීමේ පාපයය. එය තව ආත්ම (චන්ද) ගානකින් හෝ ගෙවා දැමීය නොහැකිය.


සංවර්ධනය වෙමින් තිබූ රට, ඒ සියලු සංවර්ධන යෝජනා ක්‍රම නවතා දමා ආයෝජකයෝ සියල්ල එලවා දැම්මේය. මහ දවාලේ මහ බැංකුව කොල්ල කෑවේය. වෝනින් 96 ක් ඇවීල්ලාත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් හා අම්මට හැමිනුනේය. මේ කාළකන්නි අදත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවාය. උන් එක මොහොතකදි මේ රටේම බෝම්බ තබා රට ලේ විලක් කළේය. විදේශිකයින්ද මරා දැම්මේය. අඩු ගානේ ප්‍රභාකරන් මහතාවත් මේ දේ සිඳුකලේ නැතිය. රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර ඒ මුදල් සියල්ල හොරා කෑවේය. එවන් කාළකන්නි මේ ආත්මයේ (මේ පාලන සමයේ) නොව මුලු ජීවත කාළයේමත් ආත්මයක් ආත්මයක් පාසා විඳවනවාමය.


පින්වත්නී අද ඒ කාළකන්නි, කොරෝනාවෙන් විඳවනවාය. ගෑස් ටැංකි කර තබාගෙන යනවාය. විල්බැරෝ තල්ලු කරගෙන යනවාය. පාර පුරා රස්තියාදු ගහනවාය. බුකියේ වැලපෙනවාය. යූ බටේ මරළතෝනී දෙනවාය. වෙබ් පඩංගුවා අමු කෙප්ප ලියනවාය..


උන්ගේ විරෝධතා සියල්ල මොහොතක් යන්නට පෙර පච වෙනවාය. විල්බැරෝ තල්ලු කරගෙන ගියේ මක්කුන්ද කියා මේ වන විට හෙලි වී අවසානය. උන් පාක්ෂිකයින්ගේම විරෝධයට ලක් වී අවසානය.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ බොරුවට කෑ ගැසුවාට පොර වැඩිපුරම පාර්ලිමේන්තුවේ කරන්නේ බිලියඩ් ගහන එක බව දැන් ඔප්පු වෙලා අහවරය. ඒ රනිල් පොකට් බිලියඩ් ගහපු පුරුද්දට වෙන්න ඇතිය. ඒ වගේ පිස්සෙකුට බලය ගියේ නම්, මේ වන විට අපට ලේසියෙන්ම කොරොනා වලින් ඉන්දියාව පරදා කප් එක ගන්න තිබුනේය. ඒ යකා කරන්නේ බිලියඩ් ගහනෙක හා යාල සෆාරි යන එකය. පක්ෂය පාලනය කරන්නේ ජලනි ප්‍රේමදාස ආර්යාවය. අනික් උන් ඔයා කියන දෙයක් තමා මැඩම් කියා උන් පස්සේ යන වන්දිභට්ඨයෝය.


පාර්ලිමේන්තුව ඉස්සරහා පෝට් සිටියට විරුද්ධව උද්ඝෝෂණ කල උන්ටත් කරුමය පලදී දැන් කොරෝනාය. මුන් ඒ කාළේ පෝට් සිටියට වෙනම පාලනයක් එන බව දිවුරා පොරොන්දු උන උන්ය. උන් කියපුවා උන්ට මතක නැති තරමටම දැන් උන්ගේ මොලේ අවුල්ය. අපේ විපක්ෂයයට සම්මා සම්බුදු සරණමය…!!


පින්වත්නි මෙයින් පට්ටම ආතල් එක අහෝසි කර්මයය.


මාතලන්ට මෙලෝ වශයෙන්ම පලදී තිබෙන්නේ ඒකය. ඇත්ත… මාතලන් යහපාලනයට කඩේ ගියේය. එහෙත් දවස් තුනක් යන්නට මත්තෙන් කළ පාප කර්මයේ තරම වැටහිනි. එදා සිට මාතලන් කළ වැරදි වටහාගෙන රට නිවැරදි මාවතට ගෙන ඒමට යුනිකෝඩ් වලින් සහාය දුන්නේය. ඒ නිසා, ඒ පව මේ ආත්මයේම අහෝසි විය. බැරි උන උන් සැමදා නිරයේය…


පින්වත්නී….

ඒ වගත් මෙසේය…..

14 comments:

  1. සාධූ සාධූ සාධු !!

    එම්බල මාතලයනී, ටොයියන් කියා සත්වය්‍යන් කොට්ටාශ්‍යක් නොමැතේය. උන් සියලෝම "පොයියන්ය". අතේ පැලවෙනා බේගල් වලින් උන්ම ඒබව ඔප්පු කර හමාරය. එහෙයින් මින් මතු මේ නම භාවිතා කිරීමට තරයේ හිතට ගනුව..

    ReplyDelete
  2. Ravi mahaththayawa atha arala baby gepuka hodanna patan aran

    ReplyDelete
  3. පට්ට කතාව මාතා,

    සිරාවට ලියල තියෙනවා කොහොමත් තව අවුරුදු දෙකක් විතර යනකොට විපක්ෂ කල්ලි වල මීහරක් රැලට රෙදි ඉල්ලෛ තමයි මේ දවස්වල නන්දසේන ගොන් පඩයා ආතල් සීන් දෙන නිසා ඕකුන් යන්තම් ඒවයේ එල්ලී එල්ලී දවස ගෙවනවා විතරයි එදා වේල ටුවර්ස් එකට. ලංකාවේ හොඳ නායකයන් නෑ ඉන්න මීහරක් රැලෙන් මොනවා හරි කරන්න පුළුවන් බර අදින්න පුළුවන් රාජපක්ෂ මීහරක් රැලට විතරයි. අනික් ගොන් හැත්ත මෙලෝ වැඩක් නැති ආබාධිත තප්පු ලන්න විතරක් පුළුවන් මන්ද මානසික අමු මැටි මීහරක් රැලක්.

    ඒ වගේම තව දෙයක් රාජිත සේනාරත්න කියන ගොන් රිළවා සහ පොන්නසිරි අවමංගල සමරිසිවීර සහ උන්ගේ ගෝලයන් වන වහල් මීහරක් රැල බුකියේ හැමිනුනා නේ අර චීන වැක්සීන බාලයි කියලා. දැන් බලන්න ඇමරිකානු වෛද්‍ය සංගමයේ JAMA ජර්නලය මගින් සීනෝෆාර්ම් එන්නතේ සායනික අත්හදා බැලීම - අධියර 3 පිළිබඳව ලොව පළමු සම්පූර්ණ දත්ත සටහන ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒ අනුව;

    සීනෝෆර්ම් දෙවන මාත්‍රාවෙන් දින 14 කට පසු සායනික පරික්ෂණ මගින් පෙන්නුම් කල කාර්යක්ෂමතා දත්ත අනුව කතාව මෙසේය..

    �� කොවිඩ් ආසාධිතව බරපතල තත්වයට පත්වීම් 100%ක් වලක්වයි..

    �� කොවිඩ් ආසාධනය වීම 72.8 - 78.1% දක්වා වලක්වයි..

    �� කොවිඩ් වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිපදවීම 99% දක්වා..

    ඒ මදෑ.. පෝලිමේ මීටරේ තියා ගෙන ගිහින් ගහන්න සිනෝෆාර්ම් බය නැතුව.. බඩු හොදා.. මම නෙවෙයි කියන්නෙ ඇමරිකාව.. හරිය ��

    ReplyDelete
  4. මාතලන්,

    කොවිඩ් 3 වන රැල්ල ව්‍යාප්තිය සමග නිරෝධායන මධ්‍යස්ථාන වැඩි කිරීම පිළිබද කාගේත් අවධානය යොමුව තිබියදී පසුගියදා ඇති වූ අහයපත් කාලගුණයත් සමග එක් නිරෝධායන මධ්‍යස්ථානයක වහල අතරින් වතුර ගලා ඒමත් සමග එය නිරෝධායන මධ්‍යස්ථාන වල ඇති පහසුකම් පිළබද කතිකාවතක් ඇති විය.

    මෙහි සත්‍යතාවය සෙවීමට Fact Check තීරණය කරන ලදී.

    සමාජ ජාල සටහන්

    මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් Illankai Tamil Arasu Kadchi (ITAK) පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නමුත් පළාතේ ජනතාවට සත පහක් වත් වැඩක් නැති තවත් එක බයිලා සක්විති පිස්සු කෝලමක් වන සානක්‍යන් රාජපුත්තිරන් (Shanakiyan Rajaputhiran) සිය twitter ගිණුමේ මෙලෙස සටහන් කර තිබිණි.

    "Sorry state of a Make shift Quarantine centre." යන නොමග යවන සුළු වැකිය සහිත වීඩියෝව නිසා විවිධ සමාජ මාධ්‍යජාල ක්‍රියාකරුවන් එය උපුටා ගෙන රජය විසින් ලගදි ඉදි කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කිසිදු ප්‍රමිතියකට ඉදි කර නොමැති මධ්‍යස්ථාන ලෙස හුවා දක්වමින් විවිධ අදහස් Facebook හා whatsapp මාධ්‍ය ජාල වල සංසරණය විය.

    Fact Check ( තොරතුරු විමර්ශනය )

    අප මේ පිලිබදව සමාජ ජාල වෙත වීඩියෝව පල කර ඇති ශානක්‍යන් රාජපුතිරන්ගෙන් විමසීමක් කරා.

    "මට මේ වීඩියෝව ලැබුණු හැටි කියන්න බෑ . මගේ හිතවතෙක් whatsapp මාර්ගයෙන් එවනලද වීඩියෝවක් තමයි මම Twitter ගිණුමේ සදහන් කරේ. මම මෙමගින් රජය අපහසුත්වයට පත් කිරීමට හෝ මහජනයා නොමග යවන්න අදහස් කරේ නැ."

    "මේ පිළිබද අප හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගෙන් කල විමසීමකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා යුද හමුදාව හෝ රජය විසින් ඉදිකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. මෙය පිළිගත් පෞද්ගලික සමාගමක් විසින් සමාජ වගකීමක් ලෙස ඔවුන්ගේ සමාජයට විය යුතු වගකීම වෙනුවෙන් ඉදි කරන ලද ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. පසුගියදා සිදුවූ අහයපත් කාලගුණය හා සුළි සුළං ආදී ස්වභාවික ව්‍යවසනයක නිසා තාවකාලිකව එහි සිදු වූ සිදුවීමක් වන අතර එය එම ආයතනයේ කළමනාකාරිත්වය විසින් වහාම නිවැරදි කර තිබුනා."

    අපි මේ පිළබද MAS ආයතනයේ සුරේන් විජේරත්න (Head of Corporate Communications) මහතාගෙන් විමසීමක් කරා.

    "මේ සිදුවීම උනේ ගිරිඋල්ල fabric park ආයතනයේ. මේක වර්ග අඩි 50,000 ක ගොඩනැගිල්ලක්. මෙය නිපදවා ඇත්තේ කාබුල් ලේස් ආයතනය මගින්. අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්නේ 2020 නොවැම්බර් මස. අපි මේක සෞඛ්‍ය අමාතංශයේ අවසර ඇතිව කුලියාපිටිය ශික්ෂණ රෝහලට අනුයුක්ත කරා. වෛද්‍ය ප්‍රභාත් වීරවත්ත මහතා තමයි එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ. මෙහි 400 දෙනෙක් ට නේවාසිකව ප්‍රතිකාර ගන්න පුළුවන්. අප ආයතනයේ සේවක සේවිකාවන් හෝ ඔවුන්ගේ පවුල් වල අය සදහා ඇඳන් 240 ක් වෙන් කරලා අනිත් 160 පොදු ජනයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. පසුගිය දවස් වල කුලියාපිටිය ප්‍රදේශයේ රෝගීන් වැඩි වීමත් සමග මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ගොඩක් ප්‍රයෝජනවත් උනා. පසුගිය දවස් වල කිසිදු ගැටළුවක් ඇති වූ ස්ථානයක් නෙවෙයි. මේ ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම කොරියාවේ නිපදවූ පෙර සවි ගොඩනැගිල්ලක්. නමුත් කුණාටුවක් වගේ දැඩි සුළං පැමිණීමත් සමග එක් ෂිට් එකක් ගැලවිලා තිබුනා. අපි ඒ මොහොතේම එය පිළිසකර කරා. මෙය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැවින් කාර්මික ශිල්පියෙක් උනත් මෙය ඇතුලට පැමිනෙන නිශ්චිත ක්‍රියාමාර්ග තියනවා."

    "අප ආයතනයෙන් වඩාත් හොද ආවරණයක් ලබා දීමට දැනට තියන වහලට අමතරව තවත් අතිරේක ආවරණයක් ඉදි කරන්න කටයුතු කරනවා. එය ආයතනයකට අනවශ්‍ය වියදමක් උනත් අපි මේ වෙලාවේ රටේ තියන සෞඛ්‍ය තත්වය තේරුම් ගනිමින් ඒ සදහා කටයුතු කරනවා. එම අභියෝගය ජය ගන්න හැමෝම එකට එකතු වෙන්න ඕන අතර මෙය තව කෙනෙක් ට අපහාස කරන්න සුදුසු නෑ කියලයි මගේ අදහස."

    නිගමනය (Conclusion)

    ඉහත දක්වා ඇති නිරීක්ෂණ විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ වීඩියෝවේ දැක්වෙන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය රජය හෝ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක් නොවන බවත්, පිළිගත් පෞද්ගලික ආයතනයක් විසින් මහජනතාවගෙන් සුබ සිද්ධිය පතා පවත්වාගෙන යන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ය. පසුගියදා සිදු වූ අයහපත් කාලගුණ තත්වය නිසා තාවකාලිකව සිදු වූ ගැටළුවක් බවත් එය ඒ මොහොතේ ම පිළිසකර කර ඇති බවත්ය.

    මෙය සංවිධානාත්මක ලෙස රජය විසින් පවත්වාගෙන යන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, ප්‍රමිතියකින් තොර බවට සමාජගත කිරීම උදෙසා කරන ලද අසත්‍ය ප්‍රචාරයකි.

    තවත් කෙබරයක් එලෙස කුජීත වී ඇතැයි ලංකාවේ බහුතර ජනතාවට දැන ගන්නට ලැබිණි. මේ සානක්යන් කියන පිස්සු හත් වලාම දැන් ටොයියන් කියලා උංම කියාගන්න ගජ බින්න කෙළින මන්දබුද්ධික මොන්ගල් මීහරක් ගම්බයියන්ගේ මහා අයිකන් එකක් වෙමින් පවතින බව පේනවා නේද බන් මාතා?

    ReplyDelete
    Replies
    1. හා හා.."ටොයියන්" කියන්නෙ වැරදි වචනෙ. දැන් මේ සිද්දියෙනුත් පේනවනෙ උන් කෙලින්නෙ මහා ගජබින්න කියලා. උන්ට වඩා සුදුසුම නම් "පොයියන්". ඒක නිසා මින් මතු ඒ නම භාවිතා කිරීමට වගබලා ගන්න.

      Delete
  5. අඩෝ මාතා,

    ලංකාවේ මේ දවස් වල චීන භාෂාවෙන් ලියන රැල්ලක් යනවා නේද? ඇත්තටම අපි කැමති වුණත්, අකමැති වුණත්, චීන ජාතිකයන් ලෝකයේ ඉදිරියටම යන එක ඇමරිකානු යුරෝපීය ඉන්දියානු හෝ වෙන කාටවත්ම වළක්වන්න බැරිබව අපටත් පිළිගන්න වෙනවා.

    ඒ නිසා අපි විතරක් නෙමෙයි, මුළු ලෝකෙම චීන බස ඉගෙනගෙන හිටියොත් හොඳයි වගේ.

    චීනයෙ ප්‍රධානම භාෂාව "මැන්ඩරින් කියන නමකින් ප්‍රසිද්ධ වී ඇති භාෂාව", ඉතින් චීන අය තමන්ගෙ භාෂාව ලියනව නෙමෙයි අඳින එකනෙ කරන්නෙ. ඉතින් ඒ අයත් ලංකාවේ දුප්පත් ජනතාව වගේම අකුරු ලස්සනට ලියන්න පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනව. අඳින එක කලාවක් කියල හැමෝම දන්නවනෙ. කලාවට ලැදි අය බොහොමයක්ම මොලයේ දකුනු පැත්ත වැඩි පුර භාවිත කරනව කියලත් හැමෝම වගෙ අහල ඇති.

    ඒ වගේම ගණිතය ගත්තම මොලෙ වම් පැත්තට අදාල දෙයක්. ඒ කියන්නෙ තාර්කික දැනුම තියෙන්නෙ වම් පැත්තෙ. ඉතින් හිතන්නකො අපි 28 කියන ඉලක්කමට සිංහලෙන් විසි අට වගේම ඉන්ග්‍රිසියෙන් twenty eight කියල කිව්වට චීන අය මේ ඉලක්කමෙ සැකස්මත් සිහියට නැගෙන විදියට තමා උච්චාරණය කරන්නෙ.

    උදාහරණයක් විදියට; 28 = (二十八) ඈර් ස්චී බාහ් Èr shí bā ඒකෙ සිංහල වචන ටිකේ තේරුම "දෙක දහය අට" .. ඔහොමයි ඒ අය ඉලක්කම් උච්ඡාරණය කරන්නෙ

    තව උදා -: 17,000 = යී වං ඛ්ක්ෂී ඛ්ශ්යාං "yī wàn qī qiān" .. ඒකෙ තේරුම one ten thousand seven thousand (එක දහදාහයි හත දාහයි) [1 + '0,000 + 7 + 000 = 17,000], මැන්ඩරින් වල 10ට වැඩි හැම ඉලක්කමක්ම උච්චාරණය ඔහොමයි

    ඉතින් ඒ විදියට ඒ ඒ ඉලක්කම් වල ගණිත සැකස්ම කොටසින් කොටස එකතු වෙන විදිය සිහියට නගලා උච්චාරණය කරන්ව වගේම එයලගෙ මැන්ඩරින් අකුරු ලියන්නෙ නෑ අඳිනව. ඒ නිසා එයාලගෙ මොළේ වම සහ දකුණ යන දෙපැත්තම ඉතාමත් හොදින් ක්‍රියා කරනව වගේම දෙපැත්තෙම ක්‍රියාකාරිත්වය එකිනෙකට සමානත් වෙනව කියලා පර්යේෂණ වලින් අනාවරණය වී තියෙනවා.

    මම පහළින් ඒ අයගෙ භාෂාවෙ සංඛ්‍යා උච්චාරණය කරන විදිය ෆොනටික් විදියට පොඩ්ඩක් දාන්නම්

    0 零 Líng = බින්දුව
    1 一 Yī = එක
    2 二 Èr = දෙක
    3 三 Sān = තුන
    4 四 Sì = හතර
    5 五 Wǔ = පහ
    6 六 Liù = හය
    7 七 Qī = හත
    8 八 Bā = අට
    9 九 Jiǔ = නවය
    10 十 Shí = දහය
    11 十一 Shí yī = දහය එක
    12 十二 Shí èr =දහය දෙක
    13 十三 Shí sān = දහය තුන
    14 十 四 Shí sì =දහය හතර
    15 十五 Shí wǔ = දහය පහ
    16 十六 Shí liù = දහය හය
    17 十七 Shí qī = දහය හත
    18 十八 Shí bā = දහය අට
    19 十九 Shí jiǔ = දහය නවය
    20 二十 Èr shí = දෙක දහය

    ලොකු සංඛ්‍යා වලට යනකොට තව පොඩි පොඩි වචන කීපයක් එකතු වෙනව. හැබැයි මේ විදියටම තමයි ඒ වචනත් එකතු කරගන ඉස්සරහට ගනන් කරන්නෙ

    ඉතින් මේ බස ටිකක් සංකීර්ණයි .. පොඩි කාලෙ ඉදන්ම පුහුණු නොවුන කෙනෙක්ට ටිකක් පැටලිලි සහගත භාෂාවක් වෙන්න පුලුවන්.. අකුරු අඳින පැත්ත කෙසේ වෙතත් ගණිතයට දස්කම් නොදක්වන අයට නම් මේ භාෂාව කොහොමත් පැටලිල්ලක්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉගෙන ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ දුව දෙමල කොල්ලෙක් බඳිනවට මම කැමති නෑ.
      මගේ දුව ටොම්බි කොල්ලෙක් බඳිනවට මම කැමති නෑ.

      මගේ දුව සිංහල / ලන්සි/ චීන කොල්ලෙක් බඳිනවට මම 1000%ක් කැමතියි.
      හලේලුයා.!!

      Delete
  6. මාතෝ අර උපුල් රෝහණ කියල කියන ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සමිතියේ මහා එකාගේ කුහකකම , ඊර්ෂ්‍යාව මුලු ලංකාවම තේරුම් ගත්තා . දැන් සුද්ධ කරන්න උත්සාහ කරන්වා ඒත් වැඩක් නැහැ . පහුගිය දවස් වල සමහරක් හිතාගෙන හිටියේ උපුල් රෝහණ ගෞරවනීය රස්සාවක් කලේ කියලා . නමුත් උපුල් රෝහණ කවුද කියලා මුලු රටම දන්නවා දැන් නම්.

    ඉස්සර කුණු කෑම විකුණන හෝටල් වලිනුයි, සහතික නැතුව ඩොකාලාගේ තුණ්ඩු කෑලි නැතුව හොරට බෙහෙත් විකුණන pharmacy වලිනුයි මාසෙකට 10- 15 ක ජරාවක් කාලා දෙයියනේ කියලා හිටපු එවුන්ට වෙච්ච දෙයක්. නැද්ද බන්?

    ඔය මුන්ගේ කාලකණ්ණි අමන වැඩ වලින් ටිකක් විතරයි වැඩවලින් ටිකයි. අර පාදඩදෙණිය ගේ ගොම සංගමේත් ටික දෙනෙක් ඇරෙන්න අනිත් එවුන් ලෙඩ්ඩු ගැන බලන්න පැත්ත පළාතේ යන්නේ නැ. හැබැයි ඉස්සර වෙලාම එන්නත් විදගන්න තමයි බලන්නේ තමන්ගේ පවුලටත් නෑදෑයන් හා යාලු මිත්‍රයෝ සෑහෙන ගානකටත්. කුහකයෝ. උන් හිතාගෙන ඉන්නේ උන් විතරයි මේ රටේ ඉන්නේ කියල, මේ වගේ කාලකණ්ණි එක්ක රට පාලනය කරන උන්ට පිස්සු නොහැදී තිබුණොත් පුදුම දෙයක්... රනිල්ට කෙළවූණේත් මේ කාලකණ්ණි අමන හැත්ත එක්ක රට පාලනය කරන්න ගිහින්, මෛත්‍රිපාල සිරිසේන ගොන් පාට් දාපු එක උගේ වරදක් නැහැ කියලා දැන් හිතෙන්නෙ මේවා දකිනකොට.

    ReplyDelete
  7. මාතේ,

    ලංකාවේ සම'හරක් සාමූහික ප්‍රතිශක්තිය (Herd immunity) සහ එන්නත් මගින් ලබා ගැනීමට හැකි Acquired Immunity යන දේවල් නොදැන බයිලා ගහන නිසා ඒ ගැන විස්තර කරලා ලියන්න පුළුවන් වේවි ද ඔබට?

    මොකද මේ 2021 මැයි මාසය වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාමූහික ප්‍රතිශක්තිය ගැන දී ඇති අර්ථ නිරූපණය පහත දැක්වෙන පරිදි වේ. මෙය හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඇතුළු ලෝකයේ බොහෝ වෛද්‍ය පීඨ වල පිළිගත් අර්ථ දැක්වීම් වලට ඉතාමත් සමානයි.

    "Herd immunity can be reached when enough people in the population have recovered from a disease and have developed protective antibodies against future infection. However, there are some major problems with relying on community infection to create herd immunity to the virus that causes COVID-19 : Reinfection."

    Source- WHO

    වැක්සීන් එකෙන් ලැබෙන දේ ලෝකයේ පිළිගත් අර්ථ දැක්වීම් වලට අනුව Acquired Immunity ලෙස හැඳින්වෙන අතර එය මගින් acquired immune system එකක් නිර්මාණය කරනවා.

    Acquired immune system is a subsystem of the immune system that is composed of specialized, systemic cells and processes that eliminate pathogens or prevent their growth. The acquired immune system is one of the two main immunity strategies found in vertebrates (the other being the innate immune system) ලෙස ලොව පුරා පිළිගැනේ.

    ඒ වගේම වැක්සීන් එක ගැන ලොව පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැක්වෙන definition එක තමයි COVID-19 vaccine is a vaccine intended to provide "acquired immunity" against severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2), the virus causing coronavirus disease 2019 (COVID-19).

    ඒ නිසා අප ඒ ගැන දැනුවත් විය යුතුයි. ඒ වගේම පහුගිය දවස් වල පොහොට්ටු කල්ලිය විසින් පැණි, මුට්ටි සහ පැණි වෙදා දමා කරපු දේවල් ගොන් පාට් තමයි. ඒක නිකන් time pass එකක්, නමුත් ඒ කාලේ 2020 සැප්තැම්බර් ඔක්තෝබර් මාසයේ වගේ ලෝකයේ වැක්සීන් පර්යේෂණ මට්ටමින් තිබුණේ. ඇමරිකානු එක්සත් ජනපදයේ වැක්සීන් මහජනයාට දීමට කටයුතු කළේ 2020 දෙසැම්බර් මාසයේ. ලෝකයේ රටවල් රාශියකට වැක්සීන් නැති වෙලාවක 2021 ජනවාරි මුල ඉඳන් ලංකාවේ වැක්සීන් මෛත්‍රි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා එක මිලියන එකකට ආසන්න පිරිසක් එන්නත් කළා. ජනවාරි 30 වෙද්දි තවත් සයිනෝෆාම් වැක්සීන් ලක්ෂ හයක් චීනයෙන් ලබා ගැනීම සිදු කළ අතරම ඊට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වූ නිසා එය පමා වුණා. ඒ සයිනොෆාර්ම් එන්නත් ඒ දවස්වල WHO එක හොඳයි කියලා රෙකමදාරු නොකර තිබුණ නිසා.

    මේ පහත දැක්වෙන්නේ 2020 දෙසැම්බර් මාසයේ 20 සිට 2021 ජනවාරි 28 වෙද්දි ඇමරිකානු එක්සත් ජනපදයේ වැක්සීන තත්ත්වය

    From 20 December 2020, 1,893,360 first doses of Pfizer–BioNTech COVID-19 has been vaccinated in USA up to 28 January 2021 and the vaccine administration resulted in 175 cases of severe allergic reaction, of which 21 were anaphylaxis. For 4,041,396 Moderna COVID-19 vaccine dose administrations in December 2020 and January 2021, only ten cases of anaphylaxis were reported. The lipid nanoparticles were most likely responsible for the allergic reactions.

    එංගලන්තයේ වැක්සීන තත්ත්වය;

    From last week of December 2020 it has been reported 15,121 health care workers from 104 hospitals in England that all had tested negative for COVID-19 antibodies prior of the study, were followed by RT-PCR tests twice a week from 27 December 2020 to 5 February 2021, during a time when lineage B.1.1.7 was in circulation as the dominant variant. The study compared the positive results for the 90.7% vaccinated share of their cohort with the 9.3% unvaccinated share, and found that the Pfizer-BioNTech vaccine reduced all infections (including asymptomatic), by 72% (58-86%) three weeks after the first dose and 86% (76-97%) one week after the second dose.

    මේ ගැන නුඹේ අදහස් මොනවා ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න