.

.

Jul 1, 2021

ණය, විදෙස් ණය හා මුදල් අච්චු ගැසීම....

 


මේ කොරෝනා ඇවිත් අපේ ආර්ථිකේ නෙමේ මුළු ලෝකයේම ආර්ථිකය කොර වෙලා කියන්නේ ආයිබන්ඩ අඤ්ඤකොරොස් කොරොස් වෙලා චප්ප චොරොස් වෙලා අම්මටම හැමිනිලා ගිහිල්ලා තියෙන්නේ.

ඉතින් අපිට ආර්ථික විජ්ජාව උගන්නපු බන්ධුල ගුණවර්ධන සෑර් වගේ අයගෙන් නෙමෙයි, කැම්පස් ගිහින් ආර්ථිකයට ඩිග්‍රී ගහපු උන්ට තියා ඈමරිකා ගිහින් මහාරාජගෙ සිරසෙන් රට හදපු ලංකාවේ ඉන්න ආර්ථික විජ්ජා උස්තාද්ය කියපු හර්ෂද සිල්වලා, බෑන්කර් කෙනෙක් කියන එරාන්ටවත් ඕවට උත්තර නෑ.

අනික ඉතින් ඔය උස්තාද්ලා දෙන්නා බලය තියෙන කාළෙත් රටේ ඉකොනමිය හදපු හැටි අපි දැක්කා නේ. හැබයි එක පොරක් නම් සල්ලි මවන නියම ක්‍රමය රනිල්ට කියලා දීලා මැතිවරණයටත් සල්ලි හොයලා දීලා දිරා මාරු උනා අදටත් හොයා ගන්න බැරි වෙන්නම. ඇත්තටම ඒ ක්‍රමය දිගටම කරා නම් රටේ විදෙස් ණය තව ට්‍රිලියන 100% කින් වැඩි වෙන්නෙත් නෑ. ඒකට අර මරි මෝඩ ජෙන් ගොප්පෝ හා සිරා කොක්ක ඇදලා වැඩේ අල කරලා දැම්මා.

මේ වගේම දරුණු ගෝලිය ආර්ථික අවපාතයක් ආපු වෙලාවෙත්, ත්‍රස්තවාදීන් එක්ක කරපු අති බිහිසුණු යුද්දෙකුත් එක්ක, ලංකාවේ එහෙම දෙයක් වෙන්න නොදුන්න තුන් දෙනාම දැන් ආයෙත් බලයෙ ඉන්නවා. 

ඒ, පී බී ජයසුන්දර, අජිත් නෙවාඩ් කබ්‍රාල් සහ බැසිල් රාජපක්ෂ, ඉතින් උන්දලැ ආර්ථිකේ ගොඩ ගන්න මේ වෙලාවේ ලෝකේ අනික් රටවල් කරණ මෙතඩ් කීපයක් මෙහෙත් කරනවා ඒ තමයි.

🎈මුදල් අච්චු ගැසීම 

🎈භාන්ඩාගාර බිල්පත් නිකුතුව හෙවත් බොන්ඩ් ඉෂූ

🎈දේශීය හා විදෙස් ණය ලබා ගැනීම

අපේ කුර සහිත ජීවින් හිතන්නේ මේවා වෙන්නේ මේ රටේ විතරයි කියලා. එයාලට දැන ගන්නත් එක්ක මම මෙතන පොටෝ තුනක් එල්ලනවා.

එකක තියෙන්නේ ඇමරිකාවේ ජෝ බයිඩන් උන්නැහේ මෑතකදි ඩොලර් ට්‍රිලියනයක් අච්චු ගහපු එක ඒ රටේම මාධ්‍ය විසින් ප්‍රශ්ණ කිරීම. හැබයි ඉතින් ඇමරිකාවේ ආන්ඩු හැමදාම කරන්නේ ඕක, ට්‍රම්පච්චිත් ඇමරිකා ඕන්ලි කියලා ඇමරිකාව දමලා ගහලා චීනෙට හා වෙනත් රටවලට ගියපු ආයෝජකයෝ ඇදගන්න කලෙත් ඕක.


ඒ වගේම 2008 ලෝක ආර්ථික අවපාතය වෙලාවෙත් ෆේක් එකවුන්ට්ස් හදලා අනාගතේ බජට් වලිනුත් ලාබ පෙන්නලා  2020 ලාබයත් බෙදාගෙන පිස්සු කෙලපු කොම්පැනි ගොඩගන්න කළෙත් ඕකමයි.

තව එකක තියෙන්නේ මේ කොරෝනා මැද්දෙත් ලෝකයට එයාලගේ පඩ ෂෝ එක පෙන්නපු G7 රටවල් වල තත්තේ. අනේ අම්මපා ඒ නම දාගෙන තියෙන්නේ ගූ හතයි නිසාද කියලා හිතෙන්නේ එයාලගෙ ජාතික ආදායමට සාපේක්ෂව ණය ප්‍රතිශතය බැලුවාම. උන් එක්ක බැලුවාම අපි තාමත් හොඳයි නේ ඕයි කියලා හිතෙනවා ආයිබන්ඩ.


අනික් එකේ තියෙන්නේ අර මෙහේ ඉදන් ඔට්ටේලියාවට ගිය ඔට්ටේලියාව තමයි කොරෝනා හොඳටම කළේ, වැක්සින් ඔක්කෝටම ගහලා වැඩි ඒවා පුචටත් ගැහුවේ, ඝෝඨා රට කනවා කියන හීනමාන ගං කබර ටොයියන්ටයි, මිනීමරලා පැනලා ඉන්න ජෙප්පන්ටයි, පෙරට්ටන්ටයි බලා ගන්න එයාලගෙ රටේ ඉකොනමිය කොහොමද කියලා බලාගන්න එකක්.


බලාගෙන ගියාම ස ෆේල් තමා ඕයි...

උන් නේ හොඳටම කරලා තියෙන්නේ....


අපි හරි පව් ඕයි....


.

11 comments:

  1. මාතා ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු නායක ට්‍රම්ප් ලොක්ක මාධ්‍ය හරහා පිස්සු කෙලියාට රටේ ආර්ථිකය නැංවීමට පියවර ගත්තා ලිබරල් උන් එක්ක වලි දාගෙන. දැන් බයිඩන් බයියා ඩොලර් බිලියන 1,000 කට අධික මුදලක් නිකුත්කරන (අච්චු ගහන්න) නිසා මොන මගුලක් වේවිද මන්දා.

    ලංකාවේත් පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණා. නමුත් සමහර අමන ජඩ මාධ්‍යවල ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකියි. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම ආණ්ඩුවේ නිලධාරීන්ගේ සහ මහ බැංකුවේ වගකීමක්.

    ලංකාව පසුගිය වසර කිහිපය තුළම අධික ලෙස විදේශ මුදල් ණය ගැනීම් හේතුවෙන්, නුදුරු කාලයේ දී පියවීමට නියමිත ණය සේවාකරණ වගකීම් ඉටු කිරීමට ලංකාවට ඇති හැකියාව පිළිබඳ අහිතකර අදහස් දැක්වීම්, 2019/2020 දී වත්මන් රජය පිහිටුවන කාලය වනවිටත් දක්නට ලැබුණා. එවැනි සමපේක්ෂණ පැවතිය ද, විශේෂයෙන් ම COVID-19 වසංගතය හේතුවෙන් ලංකාවේද සංචාරක අංශයෙන් ලැබෙමින් තිබුණු මුදල් ප්‍රවාහ බෙහෙවින් අඩු වීමෙන් ඇති වූ පීඩනය මධ්‍යයේ වුවත්, සියලු නියමිත ගෙවීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ලංකාව තබා ඇති නිකැළැල් වාර්තාව තවදුරටත් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකා රජය සිය බාහිර ණය සේවාකරණ වගකීම් සියල්ල නියමිත වේලාවට සපුරාලීමේ ස්ථාවරය නැවත නැවතත් සහතික කරන බව පේනව නේද?

    විදේශ මුදල් ප්‍රවාහ අඩුවීම මධ්‍යයේ උනත්, මේ අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ පස්සේ සමහර සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරෙමින්. හැබැයි COVID-19 රැළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීම බව ලංකාවේ මහ බැංකුවේ අදහසයි.

    ඒ වගේම පසුගිය වසර එක හමාර තුළ රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, කල් පිරෙන ණය සේවාකරණ වගකීම් සාර්ථකව පියවන අතරම දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස විදේශ ණය ප්‍රමාණය සියයට 40ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් විදේශ ණයවල මුහුණත වටිනාකම 2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි ව තිබෙන බව පැහැදිලියි. නමුත් ආණ්‌ඩුව මේ ගැන කරන ප්‍රචාරය සෑහෙන මදි.

    ReplyDelete
  2. මටනං ආර්ථික විජ්ජාව ගැන මෙළෝ මගුලක් තේරෙන්නෙ නෑ.
    එක ගැටළුවක් තියේ
    හැමෝම ණය ගන්නවනං ණය දෙන්නෙ කවුද? චීනෙත් ණයයි ලු. හැබැයි අපි ණය ගන්නෙ උංගෙං.
    ඔළුව පිස්සු හැදෙනවා දෙයියනේ.

    ReplyDelete
  3. මාතලං, ඇත්තටම ලංකාවට තියෙන ලොකුම අභියෝගය balance of payment කියන ගෙවුම් ශේෂ හිඟය.

    දැනට සෑහෙන කාලයක් තිස්සේ ලංකාව ඇමරිකා ඩොලර් බිලියන 10ක විතර වාර්ෂික වෙළඳ පරතරයකට මුහුණ දෙමින් ඉන්න එක ලංකාව අවදානම් සහගත තත්ත්වයකට පත් කරන බැවින්, ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් ඒ සඳහා පිළියම් යෙදීම ලංකාවේ යහපතට හේතු වන බව මගේ විශ්වාසයයි.

    ඒ අනුව මෙය සිදු කරන අතර රටේ කීර්තිනාමයට සහ ලංකා ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය පලුදු නොවන අන්දමින් ලංකාවේ විදේශණය වගකීම් සපුරාලීම අඛණ්ඩව සිදු කළ යුතුයි.

    එහෙත්දැනට පටු දේශපාලන හේතු මත ක්‍රියා කරන ලංකාවේ ඇතැම් කොටස් විනිමය අනුපාතිකයේ ඉදිරි ගමන්මග පිළිබඳවත් ණය වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙනුත් දිගින් දිගටම ඉතාම ඍණාත්මක negative predictions වල යෙදී සිටින බව දක්නට පුළුවන්. පෞද්ගලික වාසි අරමුණින් කෙරෙන එවැනි සමපේක්ෂණ, පැහැදිලිවම දත්ත මගින් තහවුරු කළ නොහැකි මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර, එය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවටද අහිතකරයි. ආයෝජන ලංකාවට පැමිණීම අඩුවෙයි මේ පච ප්‍රචාර නිසා. මෙම සමපේක්ෂණ ක්‍රියාකාරකම් නිසාම විදේශ විනිමය වෙළඳපොළෙහි ලැබීම් හා ගෙවීම් අතර අනවශ්‍ය කෙටිකාලීන අසමබරතාවක් නිර්මාණය කර තිබෙන අතර කෙසේ හෝ වෙළඳ කටයුතුවලට අනවශ්‍ය බාධා සිදුව නැති බව රජය සහ මහ බැංකුව ස්ථිරසාර ලෙස සහතික කළ යුතුයි.

    මේ අතරේම ආනයන ක්‍රියාවලියේ දී අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට ප්‍රමුඛතාව ලබා දීමේ තීරණය හොඳයි. පහුගිය (2021 මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලදී) සමස්ත ආනයන වටිනාකම සාමාන්‍ය අගය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් වැනි සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණා. අපනයන ආදායම ඩොලර් බිලියන එකකට අඩුයි (මිලියන 800 - 1000) අතර මාසිකව.

    හැබෑටම මේ මාසවල පැවති ඉහළ ආනයන වටිනාකම්වලින් නිරූපණය වෙන්නේ මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශයට පත්වූ ආනයනකරුවන්, විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්, අධික ලෙස අපහසුතාවයට පත් වී නොමැති බවයි. සියලුම වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් මහ බැංකුව දැනට සිදු කළ යුත්තේ විචක්ෂණශීලී ලෙස ආනයන සහ විදේශ සංචිත කළමනාකරණය කිරීමයි.

    ඉදිරි මාස කිහිපය තුළදී ලංකාවේ විනිමය ප්‍රවාහ ඉහළ යාමට නියමිතයි. එසේ වූ කල ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමේ දී මහ බැංකුව රටේ ශේෂ පත්‍රය හා බාහිර සාර්ව ආර්ථික තත්ත්වයන් නැවත ඇගයීමට ලක් කරාවි.

    මුදල් ප්‍රවාහවල පවතින නොගැලපීම් කළමනාකරණය කිරීමේ කෙටි කාලීන විසඳුමක් ලෙස, විදේශ විනිමය වෙළඳපොළෙහි ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා මහ බැංකුව වාණිජ බැංකු සමඟ එක්ව සමීපව කටයුතු කරමින් සිටින එක හොඳ දෙයක්. බැංකු අංශයේ ප්‍රධාන නිලධාරීන් සමඟ මහ බැංකුව නිරන්තරව සාකච්ඡා පවත්වමින් අත්‍යවශ්‍ය හා හදිසි ආනයනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සහ සමපේක්ෂණ ස්වභාවයේ ආනයන අධෛර්යමත් කරමින් විදේශ විනිමය ගෙවීම් කළමනාකරණය කිරීමට බැංකු ප්‍රජාව අන්‍යොන්‍ය වශයෙන් එකඟ වී සිටිනවා.

    නමුත් ආත්මාර්ථකාමී පටු ආකල්ප ඇති සම'හරක් මෙලෙස අනවශ්‍ය ලෙස විවේචනය කරන්නේ බැංකු පද්ධතියෙන් ගනු ලබන එවැනි උපායමාර්ගික ක්‍රියාමාර්ගයන්.

    ReplyDelete
    Replies
    1. අපනයන ඉපැයීම් කොටසක් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමත්, සමපේක්ෂණ ක්‍රියාකාරකම් අඩාල කිරීමත් යන අරමුණෙන් ලංකා මහ බැංකුව ගනු ලැබූ අදාළ නියාමන ප්‍රතිපත්ති මගින් බැංකු ප්‍රජාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය ලබා දී වාණිජ බැංකුවලට සහ ව්‍යාපාරික ආයතනවලට විදේශ මුදලින් අරමුදල් ණයට ගැනීමට මහ බැංකුව අවස්ථාව ලබා දී ඇත. එබැවින්, නිල සංචිත මත රඳා නොපැවතී ආනයන සඳහා මුදල් යෙදවීමට බැංකු පද්ධතියට ඉඩ සැලසී තියෙන බවත් එමගින් වාණිජ බැංකු බාධාවකින් තොරව ණය සේවා ක්‍රියාවලිය අඛණ්ඩව කරනවා.

      දැනටම ලංකාවේ ණය සේවා වගකීම් කළමනාකරණය කෙරෙහි මහ බැංකුව අවධානය විශේෂයෙන් යොමු කර මේ සම්බන්ධයෙන් චීනයේ මහජන බැංකුව සමඟ අත්සන් කොට ඇති, දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමෙන් තොරව වුණත් ලංකාව නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 4ක්. රජයේ ණය සේවා හේතුවෙන් ඉදිරියේ මෙම විදේශ සංචිත මට්ටමේ කෙටි කාලීන උච්චාවචන පැවතිය හැකියි. රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ තුළින් සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුදුසු මූල්‍යකරණ උපායමාර්ග තියෙනව. කෙටි කාලයක් තුළ, විශේෂයෙන් නව ආයෝජන අංශය හරහා අපේක්ෂා කරන ණය නොවන විදේශ ආයෝජන ලැබීම් සහ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ප්‍රභවයන්ගෙන් රජයට ලැබෙන වෙනත් ලැබීම් මේ උපායමාර්ග අතර තියෙන බව ජනාධිපතිවරයාගේ කතාව ඇසුරින් හිතන්න පුලුවන්.

      ලංකාවේ මහ බැංකුවේ predicted ලැබීම් අතරට 2021 ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කරපු ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල් හුවමාරු පහසුකමත් අයත්. මෙම ලැබීම්වලට අමතරව 2021 අගෝස්තු වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මහ බැංකුවට ණය නොවන ලැබීම් මගින් නිල සංචිත ගොඩනැගීමට උපකාරී වන පරිදි අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මහ බැංකුව විසින් වෙළඳපොළන් මිලදී ගැනීමේ ක්‍රමයක් හදුන්වා දුන්නා. ඒ හරහා ඉදිරියේ දී ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 700ක් වාර්ෂිකව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේවාසික හිමිකරුවන් සතු ඉදිරියේදී කල් පිරෙන ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුදල් ආපසු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා එකී නේවාසිකයන් පොළඹවා ගැනීමට ද පියවර ගනිමින් ඉන්නවා. ඉදිරියේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සියයට 30ක් ශ්‍රී ලාංකික හිමිකරුවන් සතු බවත් මෙහිදීද සඳහන් කළ යුතුයි.

      තව මූර්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා සහායට බැංකු අංශය සහ ආයතනික අංශය ද සහන පොළී අනුපාත යටතේ මූල්‍ය ප්‍රවාහ වැඩි කර ගනිමින් මෑතදී සිදු කරන ලද අදාළ විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම භාවිත කරමින් පෞද්ගලික අංශයේ ආයතන විදේශීය අරමුදල් ලබන බවත් ඉදිරියේදී ලැබීමට නියමිත මෙම ප්‍රවාහවලින් සමහරක් නිල සංචිතවලට ද එකතු වනු ඇතැයි සිතනවා.

      මොකද මෑතක දී නීතිගත කෙරුණු කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා ආර්ථිකයට ලැබෙන ණය නොවන විදේශ විනිමය ප්‍රවාහවල විශාල වර්ධනයක් අපේක්ෂිතයි.

      සමස්තයක් වශයෙන් දැනට දේශීය වෙළඳපොළේ ඇතිවූ විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්වය තාවකාලික බවත්, අධික ලෙස සමපේක්ෂණීය ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලබන බවත් මාධ්‍යයට, මහජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජක ප්‍රජාවට දන්වා සිටීම මහ බැංකුවේ නිලධාරීන්ගේ වගකීමයි.

      ඒ වගේම අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව, තත්ත්වය මනාව කළමනාකරණය කිරීම සමස්තයක් වශයෙන් රටට වාසිදායක වන බැවින්, ජාතික අවශ්‍යතාවක් නොවන අනවශ්‍ය සමපේක්ෂණ ක්‍රියාකාරකම්වලින් වැළකී ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස වෙළඳපොළේ සිටින සියලු පාර්ශ්වකරුවන්ගෙන් රජය ඉල්ලීමක් කළ යුතුයි.

      Delete
  4. Don't talk Australia economy. It is not like 'ellenna vel nathi' Sri Lanka economy.
    If you don't know please no talk. (meeta Wijebahu)

    ReplyDelete
  5. සෞම්යාට දිව දානවා මයි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාතා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ දාගන්න නම් මෙන්ඩිස්ලා දික්වැල්ලලා, ඩැනීලා වෙනුවට සමහරු ආයේ මැතිවුස් ඉල්ලලා තිබුනා.

    කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා..

    ඇයි ?

    ඔය සිදුවීම් වල, මෙන්ඩිස්ලා, දික්වැල්ල, ගුණතිලකලා පවුකාරයො වෙන්න මැතිවුස්ත් හේතුවක්..

    මෙන්ඩිස්ගේ, ගුණතිලකගේ ඇතුලු වර්තමාන කණඩායමේ ක්‍රීඩකයන් රැසකගේ මැනේජර් අසංක විජේවර්ධන..

    මම මේ ඉස්සර සෑහෙන්න ලියලා ඇති..

    කවුද අසංක විජේවර්ධන කියන්නේ ?

    ඇන්ජලො මැතිවුස්ගේ බලපුලුවන්කාර අයියගේ බිස්නස් පාර්ට්නර් තමයි අසංක..

    ඇන්ජලො මැතිවුස් කැප්ටෙන් වුනාම ප්ලේයර් මැනේජර් බිස්නස් එකට අසංක ගේන්නේ මැතිවුස්ගේ අයියා..

    ඊටපස්සේ මැතිවුස් තමන් යටතේ ක්‍රීඩා කරපු පොඩි උන් අල්ලලා දෙනවා අසංකට.. ඒකට කැප්ටේන්සි පවර් එකත් පාවිච්චි කරනවා

    කලින් ටුවර් ගියාම ප්ලේයර්ස්ලා යන බස් එකේ පවා අසංකට යන්න පුලුවන්.

    ඔය දික්වැල්ලලා එක පාර ඔය වැඩ මාස්ටර් කළේ නැහැ.

    උන්ට ඕවා පුරුදු කළේ මැතිවුස්.

    අනික මුන් තුන්දෙනා අවුරුද්දක් බෑන් කළොත් සීනියර්ලා ආයේ ගේන එක SLC ස්ට්‍රැටජි එක.

    මොකද උන් නාකියි කියලා ආයේ අවුරුද්දකින් අයින් කරලා මුන් ටික ආයේ ටීම් එකට දාගන්න ලේසියි.

    අපිට ඕන අලුත් ක්‍රීඩකයො.. පොඩි උන් .. උන් එක්ක පැරදුනත් කමක් නෑ. උන් ටීම් එකේ අවුරුද්දක් යද්දි සෙට් වේවි..

    රසිකයො මේ වෙලාවේ ඇස් ඇරන් ඉන්නම අවශ්‍යයි. මේ ගැනත් කතා කරමු බන් මාතේ.

    ReplyDelete
    Replies
    1. Ano 10.56 PM

      දෙයියනේ ඇති බන්. අපේ එකෙක් 50ක් 100ක් ගැහුව්වාම ඌ කරේ තියාගෙන යන්නෙ නැති තැනක් නැහැ. ඊට පස්සෙ අායේ දිගටම fail. වෙන රටවල නවක ක්‍රිඩකයන් ගහාන හැටි දැක්කා නම් හැමදාම උන් කරේ තියාගෙන ඉන්න වෙනවා. බලන්න විරාත් කෝලි Records.❤️

      පහුගිය දවස්වල පැතුම් නිස්සංක කරේ තියාගෙන ගියා.දැන් ඌ ඉවරයි.

      මීට අවුරුදු 2කට කලින් ඉසුරු උදා⁣න කරේ තියාගෙන ගියා.දැන් හරියට balling කරන්නෙත් නැහැ.batting නැහැ.ඌත් ඉවරයි.

      අවාරේ එකෙක්ට දෙන්නෙක්ට කොහොම හරි වදිනවා.නැත්නම් ලකුණු 50ට all out වෙන්න එපැයි.��

      Delete
  8. මාතා,

    දැනට ලංකාවේ පවතින ආර්ථික දුෂ්කරතාවන් සමගින් ලංකාවේ මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස ඩොලර් බිලියන 2.14 පමණ වන මුදලක් ඉදිරි කාලයේදී රටවල් තුනකින් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් පිලිපීන ජනාධිපති සහ ඉතියෝපියාව එක්කත් ද්විපාර්ශ්වික සාකච්ඡාවන් පවත්වා ඉදිරි කාලයේදී යම් යම් ණය ආධාර ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

    ඉහත විස්තර කළ පරිදි මේ වන විට එකඟ වී ඇති පරිදි චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක් (ඩොලර් මිලියන 1,500), ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශය ඩොලර් මිලියන 240 ක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය වාර්තා වල මම දැක්කේ.

    ඒ වගේම ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ලබාගන්නා ගන්නා ඩොලර් මිලියන 640 ණය මුදල විනිමය හුවමාරු පහසුකම් යන ස්වැප් ක්‍රමය යටතේ ලබා ගැනීමට ද තීරණය වී ඇත.

    මීට අමතරව චීනයෙන් ලබාගන්නා ණය මුදල වසර කීපයක් සඳහා වන දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව තිබේ.

    මේ වගේම දැනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.2 පමණක් වන අතර එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයනය සඳහා පමණක් බව සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන කියන්නේ ඇත්ත ද?

    ReplyDelete
  9. ක්‍රිකට් ගොඩ ගැනීම සඳහා පැරණි නායකයන්ට එය බාර දිය යුතුයි කියා ඇතැමුන් කියනවා. මෙන්න මේ "හිතන විදිහම" තමයි අපේ රට ගොඩ ගැනීම සඳහා අප භාවිතා කරන්නෙත්. අර්ජුන රණතුංග විසින් 1996 ක්‍රිකට් එක්දින තරග ලෝක කුසලානය දිනාගත් නිසා අප හිතනවා ඊට වසර 25ට පස්සෙත් ක්‍රිකට් දියුණු කළ හැක්කේ ඔහුටමයි කියා. ඔහුත් එහෙම හිතනවා. මමත් ඇතුළුව අතිමහත් බහුතරයක් වැසියන් හිතන්නේත් මේ රට දියුණු කළ හැක්කේ මීට පෙර කිසියම් සාර්ථකත්වයක් පෙන්වූ නායකයන්ට බවයි. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය හැම පරණ නායකයෙකු ගැනම මිනිස්සු හිතන්නෙත් එහෙමයි. යුද්ධයෙන් ගොඩ ඒමට ගෝඨාභය නිශ්චිත නායකත්වයක් දුන් නිසා අප හිතුවා ඔහුට පුළුවන් රට ගොඩ ගන්නත් කියා. නමුත් අපට දැන් පේනවා මේ විදිහට හිතන එක වැරදි විය හැකියි කියා. එනම් පැරණි සාර්ථකත්වය විසින් අනාගත සාර්ථකත්වය 100% ක් තහවුරු කරන්නේ නැහැ කියා. නමුත් අපව කුඩා කල සිට මානසිකව හැඩ ගස්වා තිබෙනවා එහෙම හිතන්න. ඒ මානසික බන්ධනයෙන් අප මිදිය යුතුයි. ඒ විතරක් නොවෙයි. පුද්ගලයන් මත පදනම් වන සාර්ථකත්වය ගැන අදහසෙන්ද සම්පූර්ණයෙන්ම මිදිය යුතුයි. දේශපාලනය ගැන අලුතෙන්ම සිතිය යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න