.

.

Jun 30, 2021

සන්නස්ගලගේ නැව් බොරු හා වඩමාරච්චි මෙහෙයුම (වීඩියෝ සහිතයි)

 


ඇත්තම කතාව නම් මම ඔය ජාතිය ඇමතීමේ කතා දෙකම ටිකක් බලලා අත ඇරලා දැම්මා. මොකෝ දෙකම බෝරින්ග්. ඔය මහ රෑ දෙගොඩ හරි ජාමේ වෙනකන් තියෙන දේශපාලන වැඩ සටහන් බැලිල්ලත් අතෑරලා දාලා ගොඩක් කල්. ඒත් ඕවයේ යමක් තිබ්බොත්.. මාතේ උඹ අරක දැක්කේ නැද්ද? මේක දැක්කේ නැද්ද? කියලා ලින්ක්ස්, වීඩියෝ ක්ලිප්ස් එවන බොක්කවල් හා බොක්කියො ටිකක් මාතලන්ට ඉන්නවා.

ඔය සන්නගේ පම්පෝරි ගැහිල්ලේ යූ ටියුබ් ඒවා නම්, පොරගේ ඉදිරිපත් කිරීමට කැමති නිසා ඉඳහිට බලනවා. පොර, මෙලෝ අල බෝලයක් නොදන්න හූ මිටි තියන පාපොල් ඇට ලොන්තයෝ දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන පොරගේ පම්පෝරිය ගහනවා. අරුන් දෙන්නා ජෙප්පන්ගේ පන්ති පහට ගිය උන් වගේ ඔහේ අහගෙන ඉන්නවා. හැබයි ඉතින් එක වැඩ සටහනකදි පොර කියනවා මේක මගේ ප්‍රෝග්‍රෑම් එක, මේකේ කතා කරන්නේ මම...  උඹලට ඕන නම් උඹලා එකක් කර ගනිල්ලා කියලා.

ඔය පම්පෝරි ඇහුවට එයා පොලිටික්ස් කතා කරන කොට නම් අහන්න අප්පිරියයි. ඉතින් එදා සන්නා ඇදලා ඇරිය අමු කෙප්පයක් ගැන මේ කියන්නේ. නැත්නම් දැන් ඉන්න උන් මේවා ඇත්ත කියලා පිලිගන්නේ...

සන්නා මේකෙදි නාට්‍යානූසාරයෙන් කියනවා සජිත්ගේ තාත්තා හෙවත්  රණසිංහ ප්‍රේමදාස ඉන්දියාව එක්ක ගේම ඉල්ලුවලු. ඉන්දියාවට කෙලිනවා කිව්වලු, ඊට පස්සෙ ඉන්දියාවෙන් උඩින් ඇවිත් මෙහේ හැම කෑම්ප් එකකටම පානුයි පරිප්පුයි දාලා ගියාලු.. (වීඩියෝව බලන්න)



මොන කෙප්පද මේ.. 

ඇත්තම කතාව ප්‍රේමදාසට ඉන්දියාව සපෝට් කලා, ප්‍රේමදාස බලේට ආවයින් පස්සෙ ඉන්දියන් හමුදාව යන්න ගියා. ප්‍රේමදාස කරේ රෝ එකේ වැඩක්. ඉන්දියාව සාම ගිවිසුම ගහන වෙලේ රෝ එක ප්‍රේමෙට කිව්වා ගිවිසුමට විරුද්ධව කෑ ගහපන් කියලා. ප්‍රේමේ හිටියේ ජෙප්පන්ගෙ පැත්තේ. කොහොම හරි ගිවිසුම ගහද්දි ආන්ඩුව එක්ක ගේම ඉල්ලපු ප්‍රේමේ හිටියේ ඉන්දියාවේ. ඕන් පියානොගෙ කෙරුවාව.

ඔය කියන සිද්දිය වෙන්නේ ඊට කලින් වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ. එතකොට ඒකාබද්ධ හමුදා අණ දෙන නිළධාරී උන්නේ සිරිල් රණතුංග. ගේම ලීඩ් කරේ ඩෙන්සිල් කොබ්බෑකඩුව , විජය විමලරත්න හා ජෙරීද සිල්වා කියන සුපිරි බඩු තුන. ඕකට බලසේනා කීපයක් එකතු උනා. ඒ එක් බලසේනාවක් වෙච්චි පළමුවන ගජබා බල ඇනියේ අණ දෙන නිළධාරී උනේ වත්මන් ජනපති ඝෝඨාභය රාජපක්ෂ . එතකොට ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි , ප්‍රේමේ නිවාස ඇමති.

මේ සටනෙදි මුලින් අපේ හමුදා පරිප්පු කෑවට, පස්සෙ පිරිබාහරන්ගේ සෙට්ටෙකට කෙලවෙන්න වැදුනා. වැඩේ වන කරන්න කරුණා කරේ, නැගෙනහිර අරන්තලාවේ 1987 ජූලී 7 වෙනිදා භික්ෂූන් පිරිසක් අති අමානුෂික ලෙස ඝාතනය කරනෙක. ඒ සටන වෙනතකට යොමු කරන්න.

ඒ කරලත්, පුල්ලියාර් සාමිලට කෙලවෙන්න යන බව දැනගත්තු ඉන්දියාව ආවා පිරිබාහරන්ගේ සප් එකට. උන්  උතුරෙ ජනතාවට බෝට්ටු 19 කින්, ඔය සන්නා කියනවා වගේ, පාන්, පරිප්පු, හාල්, ළූණූ ,භූමිතෙල් එව්වා. නමුත් අපේ නේවී එකෙන් ඒවට එන්න දුන්නේ නෑ.

1987 ජූලී 4 වෙනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 5 ක්, මිරාජ් ජෙට් 4 ක ගාඩ් එකත් එක්ක යාපනේට පරිප්පු දැම්මේ ජේ ආර්ට වෝනින් එකකුත් දීලා. මේවට ඇටෑක් කරොත් රට අල්ලනවා කියලා, ඒක, ඉන්දියාව සම්පූර්ණයෙන්ම ප්ලෑන් එකක් ගහලා මෙහේ කොළඹ උන්න ඉන්දියන් කාරයොන්ට හෝටල් වලට යන්න කියලා කරපු සුපිරි මෙහෙයුමක්. 

ජේ ආර් හිතුවේ අලි පැටියෙකුත් දීලා ආපු නිසා ඇමරිකාවේ රොනල්ඩ් රේගන් අපිට සප් කරයි කියලා. නමුත් අරුන් ගුවන් සීමාව ආක්‍රමනය කරලා පරිප්පු විතරක් නෙමෙයි පුටු සැටිත් දාලා ගියා කියලා ඒ කාළේ කිව්වේ. ඔය ජිනීවා වල මානව හිමිකම් බක්කෝ, කොළඹ විසිල් සමාජේ කටක් ඇරියේ නෑ ඒ කාළේ. ලලිත් ඇතුලත්මුදලි විතරයි පොඩි සද්දයක් දැම්මේ. හැබයි උන්ට ඒවා මෙලෝ වශයෙන් පලදුන්නා

ඉන්දිරා ගාන්ධි අම්මා සික් කාරයෙක් වෙඩි තියලා මරලා දැම්මා. පුතා රජිව් ගාන්ධිට පිරිබාහරන්ම ගේම දුන්නා.

කොහොමත්  පිරිබාහරන්ගේ ශුක්‍රාණු හිඟන සන්නලට ඕවා මතක නෑ. මතක තිබුනත් කියන්නේ කෙප්ප. මේවා ලිව්වාම අපි බ්ලොක් කරත්, දායක සභා දාලා රිපෝට් ගහලා මාසෙකට බ්ලොක් කරත්, දැන් ඉන්න උන්ට දැනගන්න මේවා ලියලා තියන්න ඕන.

කෙසේ හෝ ප්‍රේමේ බලයට ආවයින් පස්සේ ඔය වඩමාරච්චි සටන ලීඩ් කරපු ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුලු සෙට්ටෙකටම එක බෝම්බෙකින් ගේමක් දුන්නා. ඒක කළේ.., පිරිබාහරන්ද, රෝ එකද, ප්‍රේමෙද කියන එක අදටත් නොවිසඳුණු  ප්‍රෙහෙළිකාවක්.

මගේ කතාව අසා සිටී ඔබ සැමට තෙරුවන් සරණයි...


ඉස්ධූතී .... නන්ඩ්‍රෙයි .... ටෑන්ක්ස් හොඳේ.....!!!!


.

5 comments:

  1. මාතා,

    සන්නස්ගල වීඩියෝ සීරීස් එක මම බැලුවේ නෑ ඒත් බුකියේ සජිත් ප්‍රේමදාසගේ ටෙලිපෝන් කබ්බෝ සෙට් එක සහ මාලිමා වහල් බයියො ඒකේ එඩිට් කරපු පොඩි ක්ලිප් කෑලි අරන් රාජපක්ෂ හොර කල්ලියට මඩ ප්‍රහාර එල්ල කරනවා දැකලා තියෙනවා. ගොන් ආතල්.

    මිනිහා ඔය පොඩි ක්ලිප් වල මහ ඓතිහාසික බොරු බයිලා ගහනවා ගිරිය කඩාගෙන.

    ලොකුම බොරුවක් තමයි අර සෙන්දිල් තොණ්ඩමන් රෝ එකෙන් ඉන්දියාවේ සිට ගෙනත් මෙහේ ප්ලාන්ට් කරපු එකෙක් කියන බයිලාව. සෙන්දිල් තොණ්ඩමන් කියන්නේ සෞමියමූර්ද්දි තො.ගේ පුත් රාමනාදන්ගේ දූලා තුන් දෙනාගෙන් දෙවෙනි දුවගේ පුතා, නැත්නම් රාමනාදන් පුත් ආරුමුහම් තොණ්ඩමන්ගේ අක්කිගේ පුතා සෙන්දිල් (ජීවන්ගේ ඥාති සහෝදරයෙක්) කියලා දන්න අපට හිකෙන් පුනා.

    මම හිතන්නේ ඔය බේසික් පුතා මලයාලි චිත්‍රපටි බලල ඕනවට වඩා කේ ජී ඇදල මොලේ කුරුවල් වෙලා ඒ කතාවලට මෙහේ වෙන දේවල් රීමිකස් කරලා කතා ගොතලා බයිලා ගහනවා වගේ. අර සරණ ගැන කතාවත් ෆිල්ම් එකක සීන් එකක්නේ. මර්වින්ගේ මැර ප්‍රහාරය, රවී සහ රෝසි ගැන කියන දේවල් ඉන්දියන් (තෙළිඟු, දමිළ සහ කණ්ණඩා ෆිල්ම් වලින්) දේශපාලනයට සම්බන්ධ චිත්‍රපටි වල තියෙන සීන් වලින් රීමේක් කරපු කතා කියලා සෑහෙන චිත්‍රපටි බලන උන්ට තේරෙනවා ඇති. අර පොලීසියේ දේශබන්දු ලොක්ක මහණ වෙලා හිටපු එකත් පට්ටපල් බොරු.

    හැබැයි පුතෝ මල් වල තියෙන creative ගතිය එක්ක fiction එකක් විදියට අහලා ආතල් එකක් ගන්න පුළුවන් රස කතා නමුත් ලංකාවේ මී හරක් ඕවා පුල් සීරියස් ගන්න එක තමයි අවුල තියෙන්නෙ නේද මචන්?

    ඔය වීඩියෝ වල ඉන්න දෙකයි පණහේ පීචං මුග්ධ පැපොල් ඇට ලොන්ත මීහරක් හැලි වලන් පී ඩයල් දෙක මොකුන්ද බන්? යකෝ අපි ඉස්කෝලෙ පොඩි වසරවල ඉන්න කාලේ දන්න දේවල් වත් දන්නේ නැති අමු මැටි ගොබ්බයෝ දෙන්නෙක්. ඔය ආර්ප්‍රේමදාස ජනා කාලේ අපි පොඩි උන් බව ඇත්ත වුණත් පස්සෙ කාලේ පත්තර වාර්තා, පොත් පත් කියවලා රිලයබල් වැඩිහිටි ඩයල් එක්ක කතා කරලා අපි දන්නවා ඊට වඩා.

    ඇත්තටම ලංකාවේ ආර්ථික සංවර්ධනයට ජනපති ජේ ආර් ලොකු සැලසුම් ඉදිරිපත් කළත් මෑන්ගේ විදේශ ප්‍රතිපත්තිය මහ විකාරයක්. ඒක තමයි ලංකාවට කෙළවිලා ගියේ ඉන්දියන් බුද්ධි අංශය එල් ටී ටී එකට හදලා ලංකාවට කෙළියා. ඒ වගේම සිරිමා ආර්ථික වශයෙන් කුජීතයි ඒත් විදේශ ප්‍රතිපත්තිය ටොප් ක්ලාස්. ඒක බේසික්.

    ඒ වගේම මම හිතන්නේ ලලිත් ගාමිණී ගේ දෝෂාභියෝග කුමන්ත්‍රණය පිටිපස්සෙ හිටියේ ඉන්දියාවේ රෝ එක. ප්‍රේමේ නැටෙව්වේ සී අයි ඒ සහ එම් අයි 5/6. ඒ කාලේ ඉන්දියාව සහ ඇමරිකානු එක්සත් ජනපදය වෙනස් බල කඳවුරු දෙකක්. පස්සෙ 1991 සෝවියට් බිඳ වැටීම සමග දෙගොල්ලොම සෙට් වෙලා වෙනම බල කඳවුරු හැදුන වැඩුන ඒ කතා ගැන වෙනම කතා කරන්න ඕන නේද බන්?

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  2. මොන හේතුවට කිව්වත් බොරු ප්‍රියංකරයි
    ඇත්ත වගෙ නෙවෙයි, බහුතර හිතත් දිනයි
    නිතර ඇහෙද්දී ඇත්තම වගෙත් හිතෙයි
    ඉවර වෙන්නෙ 'බොරුවොත්' බොරු අදහාලයි

    ReplyDelete
  3. Suwa wiruwo.. Budu ammo..

    ReplyDelete
  4. කථාව ඇත්ත උනාට දින පොඩ්ඩක් වැරදියි.. වඩමාරච්චි මෙහෙයුම පටන් ගන්නෙ 1987 මැයි 26, ඒක අවසන් වෙන්නෙ ජුනි 4, හේතුව ඉන්දියාව ශ්‍රී ලංකා ගුවන ආක්‍රමණය කරලා යුධ අනාථයන්ට වියලි ආහාර (පරිප්පු කියලා අපහාසයට කියනවා ) පැරෂුට් මගින් බිම හෙලා ජේ. ආර් බයකර යුද්ධය නැවැත්වීම. මේකට කියන්නෙ Operation Poomalai (Eagle Mission 4) කියලා. අරන්තලා භික්ෂු ඝාතනය වෙන්නෙ 1987 ජුනි 2, වඩමාරච්චි සටනට පලි ගැනීමක් වශයෙන් සහ අවධානය වෙනස් කිරීමට.
    සන්නා කියන්නෙ මං පොර වෙන්න පඬි ටෝක් දෙන පොඩි මානසික අවුලකින් ඉන්න එකෙක්. ඌට එහෙම වෙලා තියෙන්නෙ, ඌට පොඩි කාලෙ තිබිච්ච දුප්පත් දරිද්‍රතාවය, සහ පසු කලෙක එන මුදල් සහ ජනප්‍රියතාවය කළමණාකරනය කර ගැනීමේ ප්‍රශ්නයක්. මේක දුප්පත් පවුල්වලින් එන ගොඩාක් උන්ට අඩු වැඩි වශයෙන් තියෙන එකක්, හොඳම උදාහරනය මයිකල් ජැක්සන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න