.

.

Aug 1, 2021

ස්වප්න මෝචණය, ගුරුකුළ මේලා හා රටේ භාරකරත්වය ලබා ගැනීම



.

ස්වප්න මෝචණය කියන එකට ඉන්ගිරිසියෙන් කියන්නේ "වෙට් ඩ්‍රීම්ස්" කියලාය. ඒකේ හින්ගලීස් එකට වඩා ගතියක් තියෙනවාය.


ඒ කාළේ අපේ ගෙවල් පැත්තේ තියෙන ගුරුකුළ ඉස්කෝලේ කානිවල් එකක් තිබුනේය. ඒකේ නම "ගුරුකුල මේලාය". මේ ඉස්කෝලෙට සම්බන්ධ ප්‍රසිද්ධ චරිත දෙකක් මෙවෙලේ මතකයට එනවාය. ඒ මාලනී ෆොන්සේකා හා ඇඩ්ඩට් ජයකොඩිය. මාලනී සිස්සාවක්‍ය. ඇඩ්ඩට් රොමෑන්ටික් ගුරුවරයෙක්‍ය.


එහෙම මේලා හෙවත් කානිවල් තියෙන කොට ඒවා බලන්න හෝ ගාලා සෙනඟ එනවාය. මේ දවස්වල ජිනීවා යුරෝපා හා ඇමරිකාවේ සාදර අනුග්‍රහයෙන්, හූනියන් කාරයන්ගේ හා හැට්ට කටු පෙරමුණේ සම දායකත්වයෙන් දිවයින පුරා ගුරුකුළ මේලා පෙන්නනවාය.


ගෙවල් වල හිරවෙලා උන් ගුරු පෙම්වතුන් පෙම්වතියන්, ගෙදරින් එලියට පැනගන්න බිරිදට සැමියාට හේතුවක් කියා ගන්න බැරිව උන් හොර ෂොට් ගහපු උන්, දැන් ඉබ්බා දියේ දැම්මා වගේ රට පුරා ට්‍රිප් යමින් පුල් ආතල්ලෙකක් ගන්නවාය.


බෙබෙලා සැට්ටෙක, බයිට් එකක් එක්ක බෝතලේකට සෙට්වෙලා... සිප්සත දුන් මූසිලයන් උඩුමාලේ... අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ... සික්ස් එයිට් බීට් එකට ගහලා... අකුරු මැකී නෑ කොල ගැලවී නෑ.. අපි තාමත් මොන්ටිසෝරීයේ වැඩ කියා විමුක්ති ගීය ගයනවාය.


ඒ ආතල් එක දැකපු හැට්ට කටු පෙරමුණේ උන් හිතන්නේ, මේ එන්නේ උන්ට චන්දය දෙන්නෙයිය කියලා හිතන් පට්ට අන් ගෝතල් එකක් ගන්නවාය.


කාල් ලාන්ත කිව්වේ දැන් විපක්ෂ බලවේග එක පෙරමුණට එන්න ඕනෙයි කියලාය. සසන්ත වමරසිංහත් මක්කදෝ කිව්වේය. කාමල් නරුණාරත්නත් වස ගහගන්න විදියක් නැතිව වඳ පීදීලා ගියපු මිරිස් ගහක් වන වනා පිරිත් පැන් ඉසින් පුතුනේ මිරිස් ගස් ඇබිත්තෙන් කියා මොකක්දො මල හත්තීලව්වක් කියා අපි බය නෑ යකෝ කියා කෑ ගැහුවේය.


චූන් වී සිහිනෙන් ශුක්‍ර මෝචනයද සිඳු වූ අනුර කුමාර සහෝදරයා දැන් රට බාරගන්න සූදානම්‍ය.


මේ වගේම ගෝල්පේස් බලලා, රැල්ල පාගලා, කොලොම්පුරේ ශ්‍රියා බලන්න ආපු ජනම් එකක් දැකලා, සෙනඟ මැද්දෙන් රැජිණි කාන්ත් වගේ ගැම්මෙන් ඇවිත් සිහිණ ජනාධිපති වී ඇපෙත් නැතිව කෙලවිලාම ගිහිල්ලා තාම වසර දෙකක් වත් උනේ නැතිය.


ඒ නිසා මීලඟ උද්ඝෝෂණ මැද්දේ අනුර කුමාර ජනාධිපති තුමා සෙනඟ මැද්දෙන් උඩ පැන පැන එන්න බොහෝ ඉඩක් තියෙනවාය.


එයා වැඩියෙන්ම බය වෙලා තියෙන්නේ මේකේ ක්‍රෙඩිට් එක ජෝසප්පුවාට ගිහින් නිර්මාල් ප්‍රමුඛ සිවිල් බුවාලා ඒ යකා පොදු අපේක්ෂකයා ලෙස ගෙනෙයි කියලා බයේය.


ජීවත් වෙන්න පඩියක් නැතෙයි කියනා උන්ගේ ඊළඟ උග්ගෝසනේ තියෙන්නේ වැහිකල්වලින්‍ය. සමාර විට එහෙම එන්නේ පික් මී හෝ ඌබර් එකක් කුලියට අරගෙන වෙන්නැතිය.


මොකෝ කන්න බොන්නවත් විදියක් නැති උන්ට වාහනෙකින් බැසිල් මහත්‍තයා දියවන්නාවට ඇවිත් අඩු මිළට දුන් පැස්ටෝලුත් ගසාගෙන, ට්‍රිප් යන්න සල්ලි තියෙන්න විදියක් නැතිය.


එහෙම යන වාහන පෙරහරේ, වහල කපපු වාහනෙකින් යන ගමන්, අර කපපු තැනින් ඔළුව එලියට දාලා අත වනන අනුර කුමාර සහෝදරයා දැක්කොත්, ඔහේලත් ජයවේවා කියා හුරේ දාන්නට ඕනෑය.


මක් නිසාද යත්....., ඒ යන්නේ...


අනාගතේ අපේ රට බාර ගන්නා


අපේ ජනාධිපති තුමා නිසාය.


ෆැන්ටසි වල ජීවත් වෙන්න, ගංජා, කුඩු, අයිස්, කසිප්පු ගහන්න ඕනෑ වෙන්නේ නැතිය.


හැට්ට කටු පෙරමුණේ සාමාජිකයෙක් වීම හොඳටෝම ප්‍රමාණවත්‍ය.


ඒ වගත් මෙසේය ....


.

10 comments:

  1. අඩෝ එළ පෝස්ට් එක මාතේ, මරුවට පද සංකල්පනා ගලපා කතාවක් ලෙස ලියලා තියෙනවා ඇත්තටම පට්ට. මේ හැට්ට කටු බොනිකර තරු ලප රිලාමොටා කියන බේසික් පුතා වගේම මන්ද මානසික දෙකයි පණහේ පීචං මුග්ධ පැපොල් ඇට ලොන්ත මීහරක් වහන්සේ කෙනෙක් ගැන මේ දවස් වල කතා වෙනවා නේද මචන් බුකියේ?

    අත්තම්මා ගැනයි මේ.... අපි පොඩි කාලෙ අනූ ගණන් වල පී එල් ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාල හදපු 'දඹුලු ගලේ' වගේ ගී නිර්මාණ රසවින්දා. ඒත් අත්තම්මා..?

    චිත්‍රාල් චිටි සෝමපාල යනුවෙන් කලාකරුවෙක් ගැන මා නම් දැනගත්තේ ෆේස්බුක් තුලින්මයි.

    ඒ කලකට පෙර "ජාත්‍යන්තරය ජය ගත් අපේ රටේ කලාකරුවෙක්" ආදි ලෙසට මහත් වර්ණනා කර හඳුන්වමින් පළවූ පෝස්ට් තොගයකින්. ඒ සමගම ඔහු ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකයෙක් ලෙසද කියවුනා.

    ඔහු ජාත්‍යන්තරය ජය ගත් අවස්තාව කුමක්දැයි අන්තර්ජාලයේ පීරා බැලු මට එවැනි කිසිම ආකාරයකින් යමක් නම් හමුනොවුනි.

    ඔහුගේ ඉංග්‍රීසි ගීත හෝ වෙනත් ගීත මට හමුනොවූ අතර යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගේ සාද වල හා වෙනත් කුඩා සාද වල ගැයූ ලාංකීයයන් අතර ජනප්‍රිය විදේශික ගායකයන්ගේ ඉංග්‍රීසි ගීත වල කවර් වර්ෂන් හැරුනු කොට සැබෑවටම ජාත්‍යන්තරය ජය ගත් අවස්තාවක්ද හමුනොවුනි.

    බොහො විටෙක විදෙස් රටක මොකක් හරි රස්සාවක් හොයාගෙන ඒක කරගෙන ජීවත් වීම අපේ අම්මට සිරි ශ්‍රී ලාංකිකයන්ට අනුව "මහා ජාත්‍යන්තරය ජය ගැනීමක්" ලෙස හඳුන්වන නිසා ඔහුට එලෙසට පටබැඳෙන්නට ඇත.

    ඒ සමග ඔහු ලයන් බියර් සමාගම වෙනුවෙන් ගැයූ "නදී ගංගා තීරයේ" ගීතය හැරුනුකොට මා හට මතකයේ තිබෙන ඔහුගේ වෙනත් කිසිදු ගීතයක්ද නැත.

    කෙසේ හෝ මේ චිත්‍රාල් සෝමපාල චරිතය යළි කරළියට එන්නේ 2015 / 2019 මැතිවරණ සමයේය.

    දැඩි ජාතිකවාදයට විරුද්ධ මහත් සේ ජනතාවාදී ලිබරල්වාදී පුද්ගලයෙක් ලෙස පෙන්වමින් රඟපු චිත්‍රාල් එවකට පැවති දූෂිත රාජපක්ෂ රෙජීමයට අමු තිත්ත කුනුහරුපයෙන් බැන වදිනු මතකයි.

    ඉන්පසුව ශ්‍රී ලංකාවේ සිංහයන් නොමැති නිසා ජාතික කොඩියේ සිංහයෙකු සිටීම විහිලුවක් බවත්, සිංහයා මේ පහත් ජාතියට නොගැලපෙන බව ඔහු කීවා මතකයි.

    ඒ අවස්තාවේ ඔහුට "ලයන් බියර්" සමාගමට ඔහුම සිංහයා විකුණන් කමින් ගැයූ "නදී ගංගා තීරයේ - සිංහ දේශයේ" පද මාලාවත් ඒ නිසාම ලැබුණ ෆෑන් බේස් එකත් අමතක වන්නට ඇත.

    ඔහුගේ දේශපාලන පෝස්ටු වලට විරුද්ධ මතයක් දරම්න් කමෙන්ට් කළ පිරිසට ඔහු අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදුනා.

    ලංකාව නමැති රට, එහි බහුතරය වූ ජාතිය හා පොදුවේ සියලු ලාංකීය මිනිසුන් අතිශය පහත් කරමින් "මෙහේ මොන මිනිස්සුද, එහෙනේ මිනිස්සු ඉන්නේ" වැනි කතා ඔහු එකළ සෑහෙන කීවා.

    සංස්කෘතිය, සදාචාරය විනාශ කළ යුතු බවත්, 2500යේ (අම්මගේ) රෙද්ද කඩා දැමිය යුතු බවත් ඔහු කීවේය.

    වසර ගණනාවකට පසු පැමිණි අත්තම්මා මීම් රැල්ලක් නිසා දැන් ඔහුට එක් වරම සංස්කෘතිය, සදාචාරය හා වැඩිහිටියන්ට ගරු කිරීම වැනි දියුණු යුරෝපයේ නැති නමුත් ලංකාව වැනි හිඟන රටවල පැවති ගතානුගතික හණමිටි සංස්කෘතික අංග මතක් වී තිබේ.

    මෙය බොහෝ සංස්කෘතික, සදාචාර විරෝධීන්ට සිදුවන දෙයකි. සදාචාරය, සංස්කෘතික වටිනාකම් සිහිවීමට තමන්ටම මෙවැනි දෙයක් ඇතිවී එය දැඩි ගැටලුවක් විය යුතුය.

    අපට කෙටියෙන් කියන්න තියෙන්නේ චිත්‍රාල් නමැති ගොන් මෝඩ මීහරක් වහන්සේ වැනි බූරුවෙක් නොහදා P L A සෝමපාල සරමෙ පිහිද ගත්ත නම් ඊට වඩා වටින බවයි. මොකද මූ ලංකාවේ කලාවට වැඩක් කරපු ඒ ම්නිස්සුන්ගෙ නමත් කනව. නොදකින්.

    ReplyDelete
    Replies
    1. @ AnonymousAugust 2, 2021 at 6:41 AM

      අලි පස්ස සෝදමින් අලි පාටියේ කුරුවේ රාජකාරිය අකුරට ජයට කරන වැල මුදියන්සෙයි, සෝමපාලයි! රයිගමයයි, ගම්පලයයි! දෙන්නටම අසහනය හා හීනමානය තදේටම.

      Delete
  2. යකෝ මාතලං,

    හැට්ට කට්ටෙනුත් කෙලවුනා

    දැන් ඉතින් ඊ ලගට ඔලිම්පික් ගිය අපේ දරුවන්ගෙ . .ටක් වත් රෝල් කරමු නේද "සහෝදරයා "...

    ReplyDelete
  3. මාතලනෝ, ලපවානර දකිනකොට මෑන්ගේ හාම්පුතා වූ රනිල් මාමි මතක් වෙන්නෙ නැහ්... ?

    ඒක නෙමෙයි, හැට්ටකටු ජෙප්පා කියල චීන භාශාවෙන් කියන්නෙ කෝමද බං?

    ReplyDelete
  4. යුද්ධය අවසන් සමයේ ජවිපෙ කැලෑ පත්තරේ "ලංකා" සිරස්තල මෙතනින් බලන්න;

    https://www.facebook.com/104727484544028/posts/343496500667124/


    කොරෝනා සටන අවසන් කිරීමට ඉතා වේගයෙන් සිදුකරන එන්නත්කරණය අඩපණ කිරීමට ඔවුන් අදත් අසාධාරණ වර්ජන රැල්ලක් නිර්මාණය කරමින් යයි. ජවිපෙ යනු රටේ විනාශ ඇතිකරමින් ජනයා දැඩි පීඩාවට පත්ව ඇති බව දැක ඉන් කාළකණ්නි සතුටක් ලබන අමන සුළුතර කොටසකි. මීට තවත් සාක්ෂි කුමටද?

    ReplyDelete
  5. ඔලිම්පික් පදක්කමක සිහිනය ක්‍රීඩාලෝලී හැමදෙනාගේම ඒකායන බලාපොරොත්තුව වී ඇති අතර මුළු ලොවේම අවධානය ජපානය වෙත නතු වී තිබේ. අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩකයන් සමග විශාල නිලධාරීන් පිරිසක් සංචාරයක් ලෙස අදාල ඔලිම්පික් ගම්මානය වෙත පියාසර කිරීම සම්ප්‍රධායක් වන අතර මෙවරත් එවැනි විශාල නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වූ බවට සමාජ මාධ්‍ය වාර්තා පළ විය. මේ පිළිබද සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact check කණ්ඩායම තීරණය කරන ලදී.

    සමාජ මාධ්‍ය ජාලා සටහන්

    01. Newshub.lk වෙබ් අඩවිය එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරාගේ මාධ්‍ය හමුවක් විකාශය කරමින් ක්‍රීඩකයෝ 9යි නිලධාරීන් 60 ක් ඔලිම්පික් ගිහින් සිරස්තලය යටතේ පළ කර තිබිණි.

    දුවන්න ගිහින් තියෙන්නේ 9 යි. නිලධාරීන් 60 ක් ගිහින්. රටේ ඩොලර් නැති වෙලාවක මේ වගේ සල්ලි විනාශ කරන්න පුළුවන් ද? මීට අමතරව වාහන ගෙන්වන අය, Spare parts ගෙන්වන අයත් ගිහිල්ල තියනවා.

    මුලාශ්‍ර - https://www.facebook.com/watch/?v=1413998975634147

    තවද අපි UNP API UNP Facebook පිටුවේ සටහනක් තබමින් තබා ඇත්තේ ඔලිම්පික් නිලධාරීන් 60 ක්‍රීඩකයෝ 9 යි, එහෙමලු නේද? යනුවෙනි.
    https://www.facebook.com/ApiUnpApiUnp.Lk/photos/a.197402760811492/905149910036770

    මීට අමතරව බොහෝ පිරිසක් ක්‍රීඩකයන් 9 + නිලධාරීන් 60 = 69 #අපිතමයිහොදටමකරේ යනුවෙන් පුද්ගලික Facebook ගිණුම් වල සදහන් කර තිබිණි.

    Fact Check (තොරතුරු විමර්ශනය)

    අප මේ පිලිබදව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසුරිය මහතාගෙන් විමසීමක් කරන ලදී.

    මම ඉහත සදහන් මාධ්‍ය වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නිලධාරීන් 60 දෙනෙක් කියන ගණන යම් කිසි කෙනෙක් මහජනයා නොමග යවන ආකාරයට පල කරන්න ඇති. ඒක හැමෝම කිසි ඉවක් බවක් නැතුව පිළිඅරන් ඇතැම් අය මාධ්‍ය හමු පවා පවත්වා තියනවා. නිලධාරීන් දෙදෙනක් පමණයි අමාත්‍යංශයෙන් සහභාගී වුනේ. ඔලිම්පික් ගම්මානයේ දී සිදු කල යුතු යම් යම් රාජකාරි හා පහසුකම් සැපයීම සිදු කල යුතු වනවා. ඒ වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් ට අමතරව ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්, පුහුණුකරුවන් සහභාගී වුණා. ඒකට හේතුව වන්නේ එක් එක් ක්‍රීඩා එකම ස්ථානයේ පවත්වන්නේ නෑ . ක්‍රීඩකයාට තම ක්‍රීඩාවට අමතරව ලියකියවිලි හා අනෙකුත් නීතිමය කටයුතු බරක් නොවන ආකාරයෙන් කටයුතු කරන්න. ඉතිහාසයේ අඩුම නිලධාරීන් පිරිසක් සහභාගී වූ ජපාන ඔලිම්පික් තරගාවලිය පිළිබද මෙවැනි ප්‍රකාශ කිරීම පුදුමයක්. ඊට අමතරව ක්‍රීඩාව හා ඔලිම්පික් ගැන කිසිදු අවබෝධයක් නොමැති අය කරන අසත්‍ය ප්‍රකාශ මම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා.

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෙනුවට අතිරේක ලේකම් ( සංවර්ධන) W.M.D.T. වික්‍රමසිංහ මහතා ජාතික ඔලිම්පික් කමිටු සභාපති වෙත MOYS / DEV /1 E / 02 දරන අංකය දරන 2021 ජුලි 16 වනදා යවන ලද ලිපියෙන් ඒ සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසර ඉල්ලා තිබේ. එම ලිපියේ සදහන් අයවලුන් පහත පරිදි වේ.

      අමාත්‍යංශ නියෝජනය
      1. අනුරුද්ධ විජේකෝන් ( ලේකම්- ක්‍රීඩා අමාත්‍යංශය )
      2. අමල් එදිරිසුරිය ( අධ්‍යක්ෂ ජෙනරාල් - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව)

      නිලධාරීන් හා පුහුණුකරුවන් -ඔලිම්පික් නියෝජනය- ශ්‍රී ලංකාව

      3. S . සුබ්‍රමනියන් ( සභාපති)
      4. M . ද සිල්වා ( මහලේකම් )
      5. ගාමිණී ජයසිංහ ( මෙහෙයුම් ප්‍රධානි)
      6. L.H.H මදුෂානි ( ක්‍රීඩා මෙහෙයුම් නිලධාරී)
      7. K.E. හසන්ති ( Olympic Attaché )
      8. C . ලියනගේ ( Game Attaché)
      9. L.H.S ද සිල්වා ( Covid 19 Liaison officer)
      10. R.V.A.P ප්‍රියංකා ( Village Administration)
      11. නිශාන් පෙරේරා ( පුහුණුකරු - බැඩ්මින්ටන් )
      12. චින්තක එදිරිසිංහ ( කණ්ඩායම් කළමනාකරු - වෙඩි තැබීම)
      13. A.B මනෝජ් ( පුහුණුකරු - පිහිනුම් )
      14. R තරංග - (පුහුණුකරු - ජිම්නාස්ටික් )
      15. K. ජීවන්ත ( කණ්ඩායම් කළමනාකරු - ජිම්නාස්ටික් )
      16. A.B.D සුරන්ජිත් ( කණ්ඩායම් කළමනාකරු - අශ්වාරෝහක )
      17. N.N. Borisov ( Groom - Equestrian )
      18. M.V. Allworden ( අශ්ව හිමිකරු )
      19. C.J.L. Marie (Veterinarian - Equestrian )
      20. Mueller Aenne (Training Pass - Equestrian )
      21 අමල් රත්නායක ( පුහුණුකරු- ජුඩෝ)
      22. Claudio Lieeiardello ( පුහුණුකරු- මලල ක්‍රීඩා )
      23. A.S.N අබේසේකර ( පුහුණුකරු- මලල ක්‍රීඩා )

      ක්‍රීඩකයන්
      1. EN රුෂාන් පෙරේරා - බැඩ්මින්ටන්
      2. M.G.T.U. එරන්දි එගොඩවෙල - ( වෙඩි තැබීම)
      3. A . ගෆුර් -පිහිනුම්
      4. M D අබේසිංහ - පිහිනුම්
      5. මිල්කා ගෙහානි - ජිම්නාස්ටික්
      6. තනුජා කාල්ස්සන් - අශ්වාරෝහක
      7. RCN ධර්මවර්ධන - ජුඩෝ
      8. RAMYP අබේකෝන් - මලල ක්‍රීඩා
      9. WKLA නිමාලි- මලල ක්‍රීඩා

      නිගමනය (Conclusion)

      ඉහත කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වන ක්‍රීඩකයන් 9 දෙනාට අමතරව නිලධාරීන් 60 දෙනෙකු සහභාගී වූ බවට පලවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය වන අතර සත්‍ය වශයෙන්ම සහභාගී වී ඇත්තේ නිලධාරීන් 2 දෙදෙනෙකුට අමතරව පුහුණුකරුවන්, කළමනාකරුවන්, අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකයන්, යම් නීතිමය කටයුතු හා රාජකාරි වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයන් සියල්ල ඇතුලත්ව 23 දෙනෙකු පමණි. ක්‍රීඩා අමාත්‍යවරයා සිය පුද්ගලික වියදමෙන් ජපානය වෙත සංචාරය කර ඇති අතර ඉහත ලිපියේ (MOYS / DEV /1 E / 02) අයවලුන් පමණක් නිල වශයෙන් රජයේ වියදමෙන් සහභාගී වී ඇත. එබැවිනි නිලධාරීන් 60 දෙනෙකු සහභාගී වන බවට පලවන මාධ්‍ය වාර්තා මහජනයා නොමග යවන අයුරින් පළ කරන ලද අසත්‍ය ප්‍රකාශ වේ.

      Delete
  6. අයිසේ, මාතලන්,

    ඔය රතු පාට ඌරු සේනාව ගැන කෙටිහැඳින්වීමක් කතාවකින් කියන්න පුළුවන් නේද?

    මතකයි නේද ඒ කාලේ අර දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු.

    "අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට"

    සිංහයා එක පාරට මේ අසූචි වලේ ඉන්න ඌරා දිහා බලලා,

    "අපෝ මේකට පාඩමක් උගන්නන්න මම මේ අසූචි වලට බැස්සොත් මගේ ඇඟත් ජරා වෙනවා නේද?"

    "මූ වගේම මාත් ගඳ ගහයි නේද?"

    කියලා හිතලා, එතනින් නිහඬව යන්න ගියාලු.

    දැන් ඉතින් අසූචි වලේ ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්නේ සිංහයත් ඌට බයයි කියලා,
    ඇත්ත කාරනේ;

    නුවණක්කාර සිංහයා ඌරගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි !!

    අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ රතුපාට ඌරු හැත්ත වගේම අසූචි වලවල් ඉඳන් කෑ ගහන ඌරෝ හම්බවෙනවා.

    උන්ගේ අසූචි වලවල් වලට පැනලා උන්ට පාඩම් උගන්වන්න ගියොත් අපිත් ගඳ ගහනවා, උගේ තත්වෙටම වැටෙනවා.

    ඒ නිසා නුවණක්කාර සිංහයා වගේ වෙන්න,

    අසූචි වලවල් ඉඳන් කෑ ගහන මේ හැට්ට කටු කෙබර රැළ වගේ ඌරෝ හම්බ වුනොත් මග හැර යන්න කියලා තමයි මටනම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  7. Den anna laugh gasuth ne. tho wage thuttu deke kasikabal blog karayoth waga kiyanna ona me rata kapu ekata

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න