.

.

Aug 24, 2021

මුන් සමඟ සව් භාගේ තියා, කැඳත් නැත්තේය.


පසුගිය සතියේ මේ අන්ඩුවේ කන රත්වෙන්නම පාරක් අධිකරණයෙන් ලබා දුන්නේය. 

සියලුම මාධ්‍ය මෙය සඟවාගෙන ඉන්නේ, ව්පක්ෂයේ බලවේග විසින් මුදල් විසිකරමින් සියළු මාධ්‍ය තමන් වෙත හරවාගෙන සිටිනා බැවිනි.

ඒ කැබිනට් අමාත්‍යවරයෙක් වන මං ගොං පිලටය. 

මං ගොං පිලගේ ලේකමා කොටුව අපරාධ විමර්ශන ඒකකයේ හූනියන් කාරයෙක් වන අනන්ද පාලිත්ට එරෙහිව පැමිනිල්ලක් දාන්නේ තෙල් හිඟයක් අති බවට මාධ්‍ය හමුවක් තබා කෙප්ප කෙලියාය කියලාය.

පාලිතයා අත් අඩංගුවට ගත් උනුත් උසාවියේදී පච වෙලා කලසන් නැතුවම යන්නේ, ආනන්ද පාලිතගේ අබ්බගාත් මහත්තුරු ඉදිරිපත් කරපු තර්කයෙන්‍ය. උන් නඩු කාර මැඩම්ට කිව්වේ, 

එහෙම ආනන්ද පාලිත අත් ආංගුවට ගන්නවා නම් ඊට කලින් ආන්ඩුවට ඩොලර් නෑ. පැස්ටෝල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියා ට්විටර් මැසේජ් දැමූ මං ගොං පිලවාත් අත්   අඩංගුවට ගන්නෙයි කියලාය.

මුං වාගේ මොන්ටිසෝරී බබ්බුන් මහා ලොකු උන් කරගෙන පෝට්ටුවේ චන්දවලින්ම ගොඩ දමා සුපිරි කැබිනට් ඇමතිකම්ද දී දෙකට නැමිලා බටර්ද ගාගෙන 

ආ අරින්න අයියා මාර ආතල් එකක් ඔයාලා දෙන්නේ කියමින් ඉන්නට වී ඇති බයියන් ගැන අපට ඇත්තේ මාරම කනගාටුවක්‍ය.

2015 දී මහින්දට කෙලිය එකා තාම ඇතුලේය. පොර ඊයේ කනත්තේත් උන්නේය. මහින්ද ඉන්නා තුරාවට පොරට ඩැමේජ් එකක් වෙන්නේ නැති බව පොරට ෂුවර් නිසා පොර කාටවත් බයත් නැතිය.

මුන් මුලින්ම 20 ට විරුද්ධ උනේය, නැගෙනහිර ජැටියට විරුද්ධ උනේය, ආන්ඩුව භංකොලොත් කියා පච කලේය. ගුරු උද්ඝෝෂණ වලට ආශීර්වාද කළේය, කොතලාවල පනතටත් විරුද්ධය.

අවසානයේ කැබිනට් මණ්ඩලයේදී කට පුප වසාගෙන උන් මේ පිම්පි රැළ එලියට ගොස් රට සති තුනකට වසන්න කියා විපක්ෂයේ මළ අඬෝවැඩියාවට සංගීතය සැපවූයේය.

මේ අඟේ ඉඳන් කන කමින් සිටිනා ගුණමකුවන් තිදෙනාටම කන පිරෙන්න දුන් බවට නිව්ස් ආවේය. එය සතුටට කරුනකි. අවශ්‍ය නම් කැබිනට් ඇමතිකම් වලින්ද එලවා දැමිය හකි බවට වෝනින්ද ලැබී ඇත. මුන් අතරේ ජාතික ලැයිස්තුවෙන් ඇතුලට දැමූ ගෙවිඳු නම් හැඳල හිඟන්නාත් සිටීම බැසිල්ලාට හොඳ පාඩම්‍ වේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයේදී මුන්ව වෙලා විවේචනය කිරීමට කොන්දක් තිබූ, රත්තරංට, ඩග්ලස් දේවානන්දාට හා එස් ඇම් චන්ද්‍රසේනටත් අපේ ගෞරවය පුදනවාය.

විමල් හෝ මුන් කිසිවකුත් වැඩ්ඩෝ නොවේ. වැඩ්ඩා මහින්ද රාජපක්ෂය. විමල් වැඩ්ඩෙක් නම් 2015 ත් මහින්ද දිනන්න ඕනාය. 

එහෙත් 2015 මහින්ද නැති කලේ මේ ලෙසම ආන්ඩුව ඇතුලේ ඉඳන් විදෙස් ඔත්තු සේවාවල ඇජෙන්ඩාවලට ක්‍රියාකල විමල් වීරවංශය. විමල්ට වැටුනු නඩු සියල්ලම යහපාලන කළයේම චුත වෙන්නේ ඒ වාසනා මහිමයෙන්‍ය.

හැකිනම් මේ සියල්ලන්ම එකතු කරගෙන වෙනම ඉල්ලා පාර්ලිමේන්තුවට ඇවිත් පෙන්වන්නෙයි කියා මේ පිරිසට මෙන්ම මුන්ගේ වන්දිභඨ්ඨයින් සියල්ලන්ටද මාතලන් අභියෝග කරනවාය.  ඕන නම් විමල්ට පමණක් යාන්තන් ගොඩ ඒමේ චෑන්ස් එකක් මිසක්, අනික් එකෙක්ට චන්ද 1000 ක්කත් ලැබෙන්නේ නැතිය.

අද කරන්නේත් ඒකමය.

මුන් ඔඩොක්කුවේ දමාගෙන 2025 දී පරිප්පු කනවාද, එසේ නැත්නම් මේ තනතුරු පෝට්ටුවේ උන්ට දී ඝෝඨාගේ සිහිණ සැබෑ කර ගන්නවාද යන්න ඝෝඨාගේ තීරණයකි.

මොකෝ අපි විධායක ජනාධිපති ලෙස පත්කළේ

ඝෝඨාභය රාජපක්ෂ මිස මහින්ද රාජපක්ෂ නොවනා නිසාය...


ඒ වගත් මෙසේය...

26 comments:

  1. මාතා, කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් හා සිනොවැක් එන්නත් මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාර දක්වන බව හෙළි වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.

    ReplyDelete
  2. මාතලන් මංගල ගැන නොකියන කතාව..

    * මංගල සමරවීර කවදාවත් ලිබරල්වාදියෙක් වුනේ නෑ. හොඳින් දේශපාලනය කියවන මිනිස්සු එකඟ වෙයි. ඔහු "ලයිෆ් ස්ටයිල්" කියන තැනකදී සාම්ප්‍රදායික දේශපාලකයෙකු ගෙන් චුට්ටක් වෙනස් ඇප්‍රෝච් එකක් තිබුන තවත් එක් සාමාන්‍ය මිනිහෙක් විතරයි.

    ඔහුගේ නිදහස් ලිංගිකත්වය වැනි සාධක නිසා ඔහු "ලිබරල්වාදියෙක්" විදියට හංවඩු ගැහුනා.

    * ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම විරුද්ධ, රටට දරන්න බැරි රාජ්‍ය සේවයක් ඇති කිරීමේ ප්‍රමුඛයා මංගල.

    මංගල තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජලසම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වල අමුතු කෝටා ක්‍රම ඇති කරලා රාජ්‍ය ආයතන වල තමන්ට සහ ලංකාව පුරාම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු වෙනුවෙන් පෝස්ටර් ගහපු, කොඩි වැල් ඇදපු සුදුසුකම් නැති උන් ලක්ෂ ගණනින් රජයේ රස්සා දුන්නේ.

    පසුකාලීන සජිත්ලා අනුගමනය කරපු "උස නම් සිකුරුටි - මිටි නම් කම්කරු" කන්සෙප්ට් එක මුලින්ම නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් වෙනුවෙන් ගෙනාවේ මංගල.

    අද රටේ රජයේ සමස්ත බදු ඇතුළු ආදායම රුපියල් බිලියන 1350යි. රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් හා වැටුප් වියදම බිලියන 1100යි. මේකට වගකියන්න අවශ්‍යවන ඉදිරිපෙළ සාමාජිකයෙක් මංගල සමරවීර (සහ පසුව රාජපක්ෂ රෙජීමය).

    * මංගල ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. තුවක්කු, මැරයො, මිනීමැරුම් වලට ස්ත්‍රී දූෂණ වලට නම්දැරූ පාතාල මැරවරයන් රාශියක් එක්ක දේශපාලනය කරපු චරිතයක්.

    මෙරට ඉතිහාසයේ දූෂිතම හා භයන්කාරම මැතිවරණයක් වන 199 වයඹ පළාත් සභා මැතිවරණය චන්ද්‍රිකා වෙනුවෙන් ඉතාමත්ම අශික්ෂිත ජඩ සහ කාලකණ්ණි විදිහට මෙහෙයවූවේ මංගල. ඒ මැතිවරණයේ මංගල අණ දුන් පතාල කණ්ඩායම් කිහිපයක් හිටියා.

    මංගල මාතර දේශපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක සමග ගැටුමකින් දෙදෙනෙකු මිය ගොස් තවත් උපාධිධාරී උගත් තරුණයෙකුගේ ඇස් අන්ධ වුනා. වෙඩි තැබුවෙ මංගලගේ මැරයො. තවත් සෑහෙන පිරිසක් තුවාල වෙලා රෝහල් වල කට්ට කෑවා.

    එජාප නායකත්වයෙන් රනිල් ඉවත් කිරීමට එජාපයේ සැබෑ පාක්ෂිකයන් ආරම්භ කළ පාගමනට මාතරදි කුරුදු පොලු වලින් ගහලා, වෙඩි තිව්වේ මංගල සහ ඔහුගේ මිනීමරු පාතාල මැර හමුදාව. බලයේ සිටි දූෂිත රාජපක්ෂ කල්ලියේද සහාය ඇතුව සිදුකළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව අදටත් අධිකරණයේ නඩුවක් තියෙනවා.

    කුප්‍රකට උඩතලවින්නේ දස පුද්ගල මනුෂ්‍ය ඝාතන සිදු කළේ රත්වත්තේගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කරපු මංගලගේ මැරයො. ආරක්ෂක ඇමති රත්වත්තේ සහ මංගල ඔවුන් ආරක්ෂා කළ අතර ඒ වෙනුවට මුදල් ගෙවා හමුදා නිලධාරීන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළා.

    මංගල සමරවීර ප්‍රජාතන්ත්‍රවාදියෙක් කීම ලොකු බොරුවක්.

    * මංගල සමරවීර හොරකම් කරලා නෑ.

    1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුලින්ම දූෂණ චෝදනා එල්ල වෙන්නේ මංගලට.

    මංගල ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජපන් සමාගමක් එක්ක ගිවිසුමක් ගහලා රටට පාඩු කරලා කෝටි ගානක කොමිස් මුදලක් ගසා කෑම ඒ කාලයේ දේශපාලන වේදිකාවේ ප්‍රබල සටන් පාඨයක්.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් මංගල සිදු කළ ලක්ෂ පනහක වංචාවක් එවකට පුවත්පත් සාක්ෂි සහිතවම හෙළි කළා. (මීට වසර විසි පහකට පෙර)

    * මංගල නිදහස් මිනිහෙක්.

    මංගල කොළඹදි ඉතා ලිබරල් කතා කිව්වට මංගලගේ මාතර දේශපාලනය අතිශය හිරිකිත අශිෂ්ඨ තිරශ්චීන ලෙස තුච්ඡ "කුලවාදය" මත පදනම් වුනා.

    ඔහු මාතරදී මේ කුලභේදය ඉතා අවලස්සන විදියට ඔහුගේ ඡන්ද වෙනුවෙන් ඇවිස්සුවා.

    මංගල පසුකාලීනව තමන්ව හදපු ලංකා ඊ නිවුස්, තමන්ට විරුද්ධව මත දරපු නිසා ශ්‍රී ලංකාවෙන් තහනම් කළා.

    * මංගලගේ දේශපාලනය

    'පුද්ගලික මඩ' හා 'ෆේක් නිවුස්' ශ්‍රී ලංකා දේශපාලනයට හඳුන්වා දෙන්නේ මංගල.

    ඔහු මුල්වී රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර ආදීන් සමග ආරම්භ කළ මඩ වෙබ් අඩවි මනුෂ්‍යත්වයට පවා නිගා දෙන මඩ කලාවක නිරත වුනා.

    මේ පොලිටික්ස් වල අලුත් මඩ "Genre (ජොන්රේ)" එක හැදුවේ මංගල.

    ප්‍රතිවාදීන්ගේ අම්මා, අප්පා, ළමයි පවා ඈදලා පවා අතිශය තුච්ඡ මඩ මේ වෙබ් අඩවි වලින් ගැහුවා.

    මංගල සුන්දර ලස්සන මිනිහෙක් නෙවෙයි.

    Contd...

    ReplyDelete
    Replies
    1. * මංගල හා රට

      රාජ්‍ය සංකල්පය දුර්වල කරන්න දේශපාලනය කරපු මිනිස්සු අතර කෙනෙක් මංගල..

      ඔහුට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රටක් කරන්න.

      ඔහුගේ සුදු නෙළුම ව්‍යාපාරයේ ඉදලා දේශපාලනය පුරාවටම තිබුනේ ෆෙඩරල්වාදය.

      ඔහු චන්ද්‍රිකා, මහින්ද, රනිල් මේ සියල්ලන්ම ෆෙඩරල් රටක් හදන්න මෙහෙයවන්න උත්සාහ කළා.

      ඔහු තීරණාත්මක විදියට ඒ වෙනුවෙන් කැප වුනා. මේ රාජ්‍ය දුර්වල කරන්න අවශ්‍ය වෙච්ච සෙසු කණ්ඩායම් වල දේශීය නියොජිතයා වුනේ මංගල.

      ඇන්ටම් බාලසිංහම් පවා "සාදූ චරිතයක්" ලෙසට දකුණේ සමාජගත කිරීමට මංගල උත්සාහ කළා.

      යුද්ධය අවස්තාවේ "සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවකට හෝ සුදුසු නෑ" කියලා දකුණේ ජනතාව අතර හමුදාව පිළිබඳ කන්ෆිඩන්ස් එක බිඳින්න ඔහු ගොඩක් උත්සාහ කළා.

      * මංගල හා ආගම

      මංගල සමරවීර ඔහු හඳුන්වා ගත්තේ සැබෑ බෞද්ධයා කියලා.

      ඔහුට ඒ වෙනුවෙන් කීමට බොහො දේ තිබුනා. ඔහු මුදල් ඇමති සමයේ "ආගමික ස්ථාන" වෙනුවෙන් මුදල් වෙන් කළා කියලා.

      නමුත් ඒ ආගමික ස්ථාන අතර පන්සල් තිබුනේ ඉතා අඩුවෙන්. ඒ පන්සල් ටික පවා දේශපාලන සබදතා මත තෝරාගත් ඒවා.

      නමුත් ඔහු භික්ෂූන් සහ ගිහියන් අතර දැඩි බෙදීමක් ඇති කිරීමට උත්සාහ කළා.

      ඔහුට දේශපාලනමය වශයෙන් විරුද්ධ භික්ෂූන්ට ඉතා නින්දිත මඩ ගැහුවා.

      ඒ වගේම 2015-19 කාලයේ අතිශය හිරිකිත ලෙස ජනතාවට පිළිකුල් සහගත වූ මොහු කොහොමත් පරදින බව ඉතාමත් පැහැදිලි වූ නමුත් 2020 සමගි ජන බලවේගයේ නායකත්වය සමග මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ඉල්ලීමට උත්සාහ කලා. නමුත් බුද්ධික පතිරණ මහතා වහාම ක්‍රියාකාරීවී දැඩි විරෝධයක් දක්වා මංගල ආවොත් තමා බෙල්ල කපා ගෙන මියයන බවට දැඩි ස්වරයෙන් පවසමින් යන්තම් ඔහුව දේශපාලනයෙන් ඉවත් කළ පසුව ඒ වනවිට මාතර ජනතාව අතර ජනප්‍රිය වී සිටි සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් පෙනී සිටි බැවින් අවාසනාවන්ත ලෙස සුනිල් හඳුන්නෙත්ති ද කුජීත ලෙසින් පැරදී ගියා.

      මේ අද අපෙන් වෙන්ව යන මංගල සමරවීර පිළිබඳ නොකියවෙන කතාව.

      මේ කතාව ප්‍රසිද්ධියේ අප නොලියූවේ මිය ගිය පුද්ගලයෙකුගේ ගුණ, අගුන වින්ශිචය ඒ තරම් නොවන නිසයි.

      නමුත් ඔහුට කිසිම විදිහකින් නොගැලපෙන අදාළ නොවන පන්නයේ අසාමාන්‍ය ගුණ කතා, අසාධාරණ වර්ණනා ලියවෙද්දි අපට මේ විදියට සැබෑ තොරතුරු ලිවීමට සිදු වුනා.

      ඒ සත්‍ය තොරතුරු සමග ඔහුට නිවන් සුව පතමි ! සුබ ගමන් මංගල !

      Delete
    2. බලාගෙන යනකොට මෙච්චර කල් ආණ්ඩු තිබුණට හැම වැඩේම කරලා තියෙන්නේ මංගල නේ!

      මල්ලිගේ කසනව කසනව වගේද? සරත්ගේ පුතාගෙ අතේ ජංගි දෙක තුනක් එවන්නද?

      Delete
    3. @ ඇනෝ,

      උඹේ දිග කමෙන්ට් එකට ස්තූතියි කතාව සම්පූර්ණ ඇත්ත බන්, ඒත් මංගල සමරවීර ගැන කණගාටුවෙන පිංපි සමනල සමාජය ඔහු නොකල මහා මැජික් දේවල් ගැන කියවනවා, මම අහන්නේ කියපල්ලා බලන්න මංගල සමරවීර මේ රටට කල එක හොඳ වැඩක්, හැබැයි ඔය මහජන මුදල් කාබාසිනියා කරමින් පාරක් හැදුවා , මාකට් එක හැදුවා වගේ සරල දේවල් වැඩක් නෑ නිදහසට පෙර සී ඩබ්ලිව් කන්නන්ගර මහතා, නිදහසට පසු මහාමාන්‍ය ඩී එස් සේනානායක, සර් ජෝන් කොතලාවල මහතා කරා වගේ රටේ තත්වය ඉහල නංවන්න පුළුවන් ඔහු කල එක දෙයක් කියපල්ලා බලන්න රටට විනකරපු පොන්සි බල්ලෙක් ගැන නහින්න හදනවා මේ විහිලුව නවත්තමු. ඒ කාලේ රාජපක්ෂ කල්ලියේ එක පතේ කන ගමන් එක්සත් ජාතික පක්ෂයේ නම නැත්තටම නැති කරා මඩ ගහල ගහල මඩ පත්තර රට පුරා ව්‍යාප්ත කරලා. තව මෑත කාලීනව කුරුඳු පොලු වලින් කෙලලා මිනිස්සුන්ගේ ඔළු පැලුවා, යහපාලන රජය කුජීත ලෙස මිනිස්සුන්ට එපා කලේ මේ පර බල්ලා අනවශ්‍ය ලෙස හාමුදුරු සෙට් එකට බැනල කාඩිනලයට කැත කතා කියලා පක්ෂයම නැති කලා කාලකන්නි සක්කිලි විදියට. මු මැරිච්ච එක රටට ලොකු සහනයක්, ඔය මට්ටමේ අනිකුන් එතරම්ම නරක නෑ වික්‍රමසිංහ සමනලයා උනත් ඒ තරම් නරක නෑ හැබැයි ළිංමැඩියා වගේ පක්ෂ නායකත්වය අල්ලගෙන හිටියට මිනිහා රටට වැඩක් කළා මූ වගේ අමනයෙක් නෙවෙයි ඒත් මළාට පස්සෙ ඕව කියලා වැඩක් නැහැ ඉතින් තව සති දෙකකින් මංගල කියන්නේ කවුද කියලා කාටවත් මතක නෑ ඒ නිසා තේරුමක් නැති වැඩක්.

      Delete
    4. අඩෝ මචන්ලා,

      මට නම් හිතෙන්නෙ හොඳ වෙලාවට සමරේ ගොයියා කොරෝනා කාලයේදී මරණයට පත් උනේ කියලා, නැති නම් පොහොට්ටු කල්ලියේ කාලකන්නි විසින් කිරිබත් උයලා පාරට දානවා අර ඒ කාලේ පියානෝ මැරුන වෙලාවේ කරා වගේ. කලින් දාපු මංගලගේ මරණ ප්‍රවෘත්තියට පිටු දහයකටත් වඩා මිනිස්සු ශාප කරලා තිබුනා. කොතරම් බලවතකු උනත් රටට හතුරු කම් කරපු ජන මතය පාවා දීපු මිනිහෙකුට අත්වන ඉරණම මේක තමයි.

      Delete
    5. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ. මොකද මේ අවමංගල පිංසිරි උත්තමයා අපේ රටේ කුරැඳු පොලු කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමලිංගිකත්වය, නිරාගමික සංස්කෘතිය, බෞද්ධ විරෝධී වෛරී ප්‍රකාශ, කාදිනල් විරෝධය වැනි මහඟු සංස්කෘතික සාරධර්ම පැතිරවීම වෙනුවෙන් හිරිකිතයකින් තොරව සහ විළි ලැජ්ජා රහිතව පෙනී සිටීම නිසාම අනෙකුත් දේශපාලකයන්ටත් වඩා සෑහෙන්න වෙනස් බවක් පෙන්වූ උතුමෙක්. නිතරම සුදු මහතුන්ගේ සහ උතුරේ සහෝදර දමිළ උතුමංගේ පාලන බලයට කැමැත්තක් දැක්වූ මෙතුමා හැම රජයකම වාගේ මැති ඇමති දුර වෙනුවෙන් පැති මාරැ කරමින් අහවල් දේ රටට කලා යැයි කීමට නොහැකි තරම් හැම ජාතියෙන්ම වැඩ කර ඇති බැවින් දෙබිඩි රත්නයේ පිහිටෙන් දෙව් මව් තුරුලේ මෝක්ෂ සැප ලැබේවා යැයි පතමි. ආමේන්!

      Delete
  3. මුං විතරක් නෙවේ මාතලන්, ජයසුමනල ගොඩහේවල පස්වන සරත්ල ඇයි සක්වල ගල් දෙකම ප්‍රකම්පිත කරපු සීතා අන්න උනුත් ඔය ලැයිස්තුවට ඉන්න අය.

    ReplyDelete
  4. මාතේ, ලංකාවේ ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වල මඩ ප්‍රහාර ප‍්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා තියෙන කතාව ඇත්ත ද?

    ඒ නිසා අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ සඳහන් කර තිබේ.

    ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂව ලිඛිතව දැනුවත් කර තිබේ. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් ද?

    ReplyDelete
  5. කොරෝනා ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද උදෑසන ස්වර්ණවාහිනීය සමග සම්බන්ධ වි සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බව.

    කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා, එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්න කියල ඉල්ලා සිටියා මේ ගැන මාතලං කියන්නේ මොකක්ද?

    ReplyDelete
  6. මේ ආණ්ඩුවට උදව් කරපු කාගෙ කාගෙත් පස්ස රත්වෙන එක ස්වභාවිකයි.හැබැයි නැව ගිලෙන බව කලින්ම දැනගත්තෙ ඉරාජ් දැරිවි විතරයි .

    ReplyDelete
  7. විරුවාගෙ පුංචි කොලුවා
    කන් අඩිය මගේ පැලුවා

    ReplyDelete
  8. මාතා,

    ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී.

    ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය.

    එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය තොරතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටිමි.

    මෙම ලිපියේ එන නිගමනයන්ට පදනම් වන මූලාශ්‍ර දැක්වීම සඳහා 1 සිට 20 දක්වා අංක යොදා ඇත.මෙම පරිවර්තනයට පාදක කරගත් මුල් ලිපිය කියවීම සඳහාත්, එකී මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහාත් පහතින් දැක්වෙන දිගුවට පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

    (මෙහි එන කරුණු කිසිවක් පරිවර්තක වන මාගේ අදහස් නොවන බව කාරුණිකව සලකන්න).

    ජර්මනියේ වෛද්‍යවරුන් 500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘තොරතුරු සඳහා වෛද්‍යවරු’ ( Doctors for Information) නම් සංවිධානය ජාතික පුවත්පත් සාකච්ඡාවකදී ලොව තිගැස්සෙන ප්‍රකාශයක් කෙළේය: (1)German group of Doctors For Information

    ‘ කොරෝනා භීතිය නාට්‍යයකි. එය වංචාවකි. බරපතල වංචාවකි. අප ගෝලීය අපරාධයක මධ්‍යයේ සිටින බව තේරුම් ගැනීමට මෙය කාලයයි’

    ප්‍රධාන පෙලේ මාධ්‍යවලින් ප්‍රචාරය කරන දැවැන්ත වැරදි තොරතුරු පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ දැනුමැති කණ්ඩායම සෑම සතියකම පිටපත් 500,000 ක වෛද්‍ය පුවත්පතක් ප්‍රකාශයට පත් කරයි. මිලියන 12 ක ජනතාවක් සහභාගි වන බවට, නම් ලබාදුන් එසේම මිලියන ගණනක ජනතාවක් ඇත්ත වශයෙන් ම සහභාගි වූ 2020/08/29 වන දින පැවැත් වූ විරෝධතා ව්‍යාපාරය ආකාරයේ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාර ඔව්හු යුරෝපයේ සංවිධානය කරති.

    මෙම 500කට අධික වෛද්‍යවරු මේ Covid-19 වසංගතය ගෝලීය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? අප නොදන්නා එහෙත් ඔවුන් දන්නා දෙය කුමක් ද?

    මෙම වසංගතය කලින් සැළසුම් කර ඇති බව සිය ගණනක් ස්පාඤ්ඤ වෛද්‍යවරු පවසති.

    ස්පාඤ්ඤ වෛද්‍යවරු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘සත්‍යය සඳහා වෛද්‍යවරු’ (Doctors for Truth) නම් සංවිධානය පුවත්පත් සාකච්ඡාවකදී එවැනිම ප්‍රකාශයක් ⁣කෙළේය.

    ‘කොවිඩ් –19 යනු දේශපාලන අරමුණු සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ වසංගතයකි. මෙය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනයෙන් සමාවක් ලබා ගත හැකි ලෝක ආඥාදායකත්වයකි. සත්‍යය පතුරුවා හැර මෙම අපරාධ මෙහෙයුම නතර කරන ලෙස අපි වෛද්‍යවරුන්ගෙන්, මාධ්‍යවලින් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.’ (2)Spanish group of Doctors For Truth

    ජර්මනිය සහ ස්පාඤ්ඤය උදාහරණ දෙකක් පමණි. මෙවැනිම වෛද්‍ය ප්‍රවීනයින් සිය ගණන්වලින් සමන්විත විශාල කණ්ඩායම් ලොව පුරා රටවල් වල සිටිති.

    ReplyDelete
    Replies
    1. කොවිඩ්-19 , සාපරාධී මෙහෙයුමක් ලෙස හෙළි කරන PLANDEMIC නම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන වාර්තා චිත්‍රපටයට වෛද්‍යවරුන් 27,000 කට වැඩි පිරිසක් සහාය දක්වයි!

      ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් කොවිඩ්-19 වසංගතය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් අපට නොලැබෙන තොරතුරු මොනවාද?

      පහත දැක්වෙන කරුණු දෙස විවෘත මනසකින් බලන ලෙසටත් පසුව ඔබේම නිගමනවලට පැමිණෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරමි.

      COVID-19 පරීක්ෂණ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 දී!

      රිචඩ් රොත්ස්චයිල්ඩ් (Richard Rothschild) නම් පුද්ගලයා 2015 දී නෙදර්ලන්ත රජයේ සංවිධානයක් සමඟ එක්ව ‘ COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක්’ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇත.
      2015 දී, එනම් රෝගය ඇතිවීමටත් වසර හතරකට පෙර COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක් සකස් කර ගෙන තිබේ.(2b)Richard Rothshild patented a testing method for COVID-19 in 2015

      COVID-19 පරීක්ෂණ කට්ටල මිලියන ගණනක්
      2017 සහ 2018 දී විකුණා ඇත

      අප දන්නා පරිදි COVID-19 රෝගය 2019 අග වන විට චීනයේ ඇති විය. එබැවින් එය COVID-19 ලෙස නම් කරන ලද අතර එය Corona Virus Disease-2019 සඳහා වන කෙටි යෙදුම ය. එය කෙසේ වෙතත්, World Integrated Trade Solution(WITS) හි එන තොරතුරු විශ්මය ජනක දෙයක් පෙන්නුම් කරයි:

      ඒ COVID-19 ඇති වීමට වසර දෙකකට පෙර එනම් 2017 සහ 2018 වසරවල දී COVID-19 සඳහා වූ පරීක්ෂණ කට්ටල (Covid-19 Diagnostic Test Instruments යන නමින්ම) මිලියන සිය ගණනක් ලොව පුරා බෙදා හැර ඇති බවයි.

      එහෙත් යමෙකු විසින් මෙම අපකීර්තිමත් තොරතුර 2020 සැප්තැම්බර් 05 වන දින සමාජ
      මාධ්‍යවල පළ කරන ලදී. ඊළඟ දවසේ එය ලොව පුරා ලැව් ගින්නක් සේ ප්‍රචාරය විය. එවිට හදිසියේ ම සැප්තැම්බර් 06 වන දින World Integrated Trade Solution(WITS) විසින් මුලින් යොදා තිබූ නම වූ ‘COVID-19’ යන්න කපා හැර ඒ වෙනුවට ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල( Medical Test Kits)’ ලෙස නිශ්චිත නැති නමක් යෙදීය.

      එහෙත් වෙළඳාමේ දී මෙවැනි දේ සඳහා අවසරයක් නැත. මක්නිසාද යත් විවිධ රෝග සඳහා පරීක්ෂණ කට්ටල වර්ග බොහොමයක් තිබෙන බැවින් ඔබ නිශ්චිත විය යුතුය (නිශ්චිත වචන යෙදිය යුතුය).

      මෙම තොරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඔවුන් විසින් ‘COVID-19’ යන නිශ්චිත පදය ඉවත් කිරීමෙන් සනාථ වන්නේ ඒ ගැන වෙන කිසිවෙකු දැන ගන්නවාට ඔවුන් කැමති නැති බවය. කෙසේ වෙතත් ඔවුන්ට එක් විස්තරයක් මකා දැමීමට අමතක විය: ඒ මෙම ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල’ සඳහා වූ නිෂ්පාදන කේතය වන 300215 යි. එහි තේරුම: ‘COVID-19 පරීක්ෂණ කට්ටල ( Covid-19 Diagnostic Test Instruments) යන්නයි.

      වසන් කිරීමට ඔවුන් ප්‍රමාද වැඩි විය. දැන් මෙම තීරණාත්මක තොරතුරු ලොව පුරා මිලියන සංඛ්‍යාවක ජනතාවක් වෙත හෙළිදරව් වී ඇත.
      (මෙම දත්ත සහිත PDF එක බාගත කර ගැනීමට මුල් ලිපියට පිවිසෙන්න https://www.stopworldcontrol.com/2017-covid19-testkits.pdf)

      COVID-19 ආරම්භයට වසර දෙකකට පෙර ඇ⁣මෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සහ ලොව පුරා ජාතීන් විසින් COVID-19 සඳහා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ උපකරණ මිලියන ගණනක් අපනයනය කිරීම ආරම්භ ඇත.

      COVID-19 ‘ව්‍යාපෘතිය’
      2025 දක්වා සැලසුම් කර ඇත

      COVID-19 යනු 2025 මාර්තු අවසානය දක්වාම කරගෙන යාමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි! එබැවින් එහි අරමුණ තවත් අවුරුදු පහක් සඳහා එය දිගටම කරගෙන යාමයි. (2 C)World Bank shows planned end date of project COVID-19

      Delete
    2. ඊළඟ අවුරුදු දෙක තුළ වසංගතයක් ඇතිවන බව ඇන්තනි ෆවුසි 2017දී සහතික කොට කියයි.

      2017 දී ඇන්තනි ෆවුසි අමුතු නිශ්චිතභාවයකින් යුතුව ඉතා අමුතු අනාවැකියක් පළ කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුදුමාකාර ලෙස පැතිර යන බව ෆවුසි පූර්ණ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය. ඔහු පැවසූ දේ මෙන්න: (3)Fauci guarantees an outbreak with the next two years.

      කිසිදු ප්‍රශ්නයක් නොමැත.එය බෝවන රෝග පිළිබඳ ක්ෂේත්‍රයේ ඉදිරි පරිපාලනයට අභියෝගයක් වනු ඇත.

      “ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”

      ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ වසංගතයක විශ්මය ජනක පැතිරයාමක් සිදුවනු ඇතැයි ෆවුසි සහතික කොට කියන්නේ කෙසේද? ඔහු දැන සිටි එහෙත් අප නොදන්නා දෙය කුමක් ද?

      “ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”

      –ඇන්තනි ෆවුසි

      ළඟ එන ගෝලීය වසංගතයක් ගැන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සහතික කොට කියති.

      මිලියන 30 ක ජනතාවක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගතයක් මග එන බව 2018 දී බිල් ගේට්ස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉදිරි දශකය තුළ මෙය සිදුවනු ඇතැයි ඔහු පැවසීය. (4)Bill Gates announced a global pandemic

      සකස්කරන ලද වෛරසයක් මානව වර්ගයාට විශාලතම තර්ජනයක් වන අතර ඉදිරි වසරවලදී මෙය මානව වර්ගයාට බලපානු ඇති බවට මෙලින්ඩා ගේට්ස් පැවසීය. (5)Melinda Gates says humanities greatest threat is an engineered virus

      “ගෝලීය වසංගතයක් මග එයි.
      සකස්කරන ලද වෛරසයක් යනු මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනයයි.
      මෙය සිදුවන්නේ ඉදිරි දශකයේදී ය.”

      –බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස්

      ඔවුන් කියා සිටින්නේ ලෝකයේ අධික ජනගණත්වය මෙම මග එන ගෝලීය වසංගතය සහතික කරන බවයි. නමුත් අපි අවංක වෙමු: පෘථිවියේ වැඩි කොටසක් ජනාවාස වී නොමැත. ඇ⁣මෙරිකාව හරහා ගුවන් යානයකින් පියාසර කරන විට කවුළුවෙන් පිටත බලන්න. ඔබට බොහෝ විට හිස් ප්‍රදේශ පෙනේවි. අතන මෙතන පිහිටි නගර කිහිපයක් පමණක් ඇත. එක්සත් ජනපදයේ බොහෝමයක් ප්‍රදේශ තවමත් පළල්ව පැතුරුණු විවෘත හිස් බිම් ය. සෙසු ලෝකයට ද එය එසේම වේ. ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දියාව, චීනය, ඇමරිකාව, අප්‍රිකාව….මිනිස් වාසයක් නැති ප්‍රදේශය. බිල් ගේට්ස් අප ලවා විශ්වාස කරවන්නට හදන තරමට අපේ පෘථිවිය ජනාකීර්ණ නොවේ. මෙම ලෝක සිතියම එය පැහැදිලිව පෙන්වයි.

      පෘථිවියේ වැඩි ප්‍රදේශයක කිසිදු මිනිස් වාසයක් නැති තරම්ය. එබැවින්, ලෝකයේ අති විශාල ජනගහනයක් ඇති අතර ඒ නිසා එය මග එන ගෝලීය වසංගතයකට මුහුණ දීමට නියමිතය යන අදහස බොරුවකි.

      ගුවන් ගමන් මගින් ගෝලීය වසංගතයක් ඇති වන බව ද ගේට්ස් කියා සිටියේය. නමුත් පසුගිය ශතවර්ෂයේ ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක් පුද්ගලයින් ගුවන් යානා වල ගමන් කර ඇත.ගෝලීය වසංගත රෝග නිරන්තරයෙන් පැතිරයාමට එය හේතුවක් වූවාද? කිසිසේත් ම නැත!

      ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇතිවන බවට සහතිකව ප්‍රකාශ කිරීම සඳහා හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ තර්ක බොරු ය. එබඳු සහතික කළ අනාවැකි පැවසීමට පැවති සැබෑ පදනම කුමක්ද?

      වසංගතයක් සදහා පුහුණුවීම

      වසංගතය ඇති වීමට මාස කිහිපයකට පෙර, ලොව අංක එකේ එන්නත් බෙදාහරින්නා වන බිල් ගේට්ස් නිව්යෝක් නගරයේ උත්සවයක් සංවිධානය කළේය. සිදුවීම කුමක් දැයි අනුමාන කළ හැකිද? එය ‘කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක්’ ය. ඔව්! ඔබ එය කියෙව්වා නිවැරදිව ය.

      බිල් ගේට්ස් කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කළේය.

      ශ්‍රවණාගාරයෙහි තිබෙන විශාල තිරය මත මුද්‍රණය කොට ඇති අකුරු ඔබට පෙනේ. ‘වසංගතයක් බවට පත්වන සිදුවීම සඳහා අප සූදානම් විය යුතුය’. මෙම වසංගත අභ්‍යාසය Event201 ලෙස නම් කරන ලද අතර එය සිදු වූයේ 2019 ඔක්තෝම්බර් මාසයේදී ය.

      ඔවුන්ගේ නිගමනය වූයේ සියලු මනුෂ්‍ය වර්ගයාට එන්නත ලබා දිය යුතු බවය.

      Event201 හි අරමුණ වූයේ කොරෝනා වෛරස් වසංගතයක් සඳහා ලෝකය සූදානම් කිරීමයි.

      ඊළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු තුළ වූ උද්යෝගය

      කොරෝනා වසංගතයක් සඳහා වූ මෙම අභ්‍යාසයයෙන් ටික කලකට පසු එය බිල් ගේට්ස් ට්විටර් පණිවිඩයක් මගින් පළ කළේය:

      “ගෝලීය සෞඛ්‍යයේ හොඳම මිලදී ගැනීම් වලින් එකක් සඳහා ඊළඟ වසරේ කුමක් අදහස් විය හැකිද යන්න ගැන මම වික්ෂිප්ත වෙමි: එන්නත්.”

      මේ ගැන සිතා බලන්න: ලෝකයේ අංක එකේ එන්නත් බෙදාහරින්නා ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇති විය හැකි බවට සහතික වීමත්, ඔහුගේ බිරිඳ අප සැවොම ඉංජිනේරුමය වෛරසයකට බිය විය යුතු බව පැවසීමත්, ඔවුන් මග එන ගෝලීය වසංගතයක් සඳහා ව්‍යායාමයක් සංවිධානය කිරීමත්, එන්නත් එකම විසඳුම වනු ඇතැයි පැවසීමත්, මීළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු කෙතරම් උද්දාමයට පත්වේදැයි ට්විටර් හි පළ කිරීමත්, ඉන් ඉක්බිතිව, නිවේදනය කරන ලද වසංගතය පුපුරා යාමත් පිළිබදව සිතා බලන්න.

      Delete
    3. ඇත්ත වශයෙන්ම, බිල් ගේට්ස් ප්‍රකාශ කරන්නේ මානව වර්ගයාට ඇති එකම විසඳුම ඔහුගේ එන්නත් මිලදී ගැනීම බවයි.

      2020 දී ඇතිවන කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව 2013 දී අනාවැකියක්:

      2013 දී සංගීතඥයෙක් ‘පැන්ඩමික්’ (PANDEMIC) නමින් ගීතයක් ලිවීය. මිලියන ගණනක් මිනිසුන් මරා දමන, ආර්ථිකයන් වසා දමන සහ කැරලි ඇති කරන ගෝලීය වසංගතයක් ගැන ඔහු සිය පද රචනයෙන් විස්තර කළේය.

      අවුරුදු හතකට පසු අපේ ලෝකයේ අපි අද දකින දේ ඔහුගේ ගීතය වචනවලින් විස්තර කරයි.

      වසංගතයේ නිශ්චිත වර්ෂය: 2020 සහ
      නිශ්චිත වෛරස් වර්ගය: කොරෝනා වෛරසය යන්න පවා ඔහු සඳහන් කළේය. (6) Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020 මෙය 2013 දී ඔහුගේ පද රචනයේ පේළියකි:

      ‘2020 කොරෝනා වෛරසය සමඟ ඒකාබද්ධව සිරුරු ගොඩගැසීම’

      මෙම ගීතය ඇමරිකාව පුරා දැන් පැතිර යන කැරලි ගැන ද පුරෝකථනය කර ඇත:

      ‘රාජ්‍යයේ පිටත වීථිවල කැරලි ඇතිවෙනවා. එය ඔබගේ දොරකඩටත් එනවා’

      2020 දී කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවිය හැකි බවත්, මෙම වසංගතයේදී කෝලාහල ඇතිවිය හැකි බවත් මෙම සංගීතඥයා 2013 දී දැනගත්තේ කෙසේද? ඔහු එය මෙසේ පැහැදිලි කරයි.

      ”මම 2012 දී පර්යේෂණ කළා. කියවන්න ‘කුමන්ත්‍රණ න්‍යායන්’ (‘Conspiracy Theories). ඔබ දන්නවා, මාධ්‍යයන් ට අවශ්‍ය නැහැ අප එම විමර්ශනයන් දැන ගන්නවාට. එම න්‍යායන්ට අනුව, 2020 – 2030 දශකය තුළ වසංගතයක් ඇති වීමට නියමිතව තිබුණා. ඒනිසා මම ඒ ගැන Pandemic නම් ගීතය ලිව්වා.”

      ‘ගෝලීය කොරෝනා වෛරස් වසංගතයකට සූදානම් වන්න’

      ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය විසින් (The Global Preparedness Monitoring Board/ GPMB) 2019 සැප්තැම්බරයේ දී එනම් කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමට පෙර ‘අවදානම් සහිත ලෝකයක්’ නමින් වාර්තාවක් නිකුත් කරන ලදී.

      කොරෝනා වෛරස් රෝගයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කෙරිණි!

      වාර්තාවේ පිට කවරයේ කොරෝනා වෛරසයක පිංතූරයක් සහ මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ පිංතූරයක් ඇත.

      අපි එම වාර්තාවේ එන පහත දැක්වෙන රසවත් ඡේදය කියවමු:

      ”මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (WHO ද ඇතුළුව) අඩු තරමින් පද්ධතිමය වශයෙන් පුහුණු හා සමාකරණ අභ්‍යාස දෙකක් වත් පවත්වයි.”

      ඔබට එය තේරුණාද?

      මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා ඔවුන් පුහුණුවීම් කර ඇත.

      චීනයෙන් පැතිරීම නිවේදනය කරයි

      2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය) The Institute for Disease Modeling) විසින් චීනයේ, වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වී මිලියන ගණනක් මිනිසුන් මරා දමන උණ වෛරසයක් පෙන්වන වීඩියෝවක් නිපදවන ලදී. ඔවුන් එය හැඳින්වූයේ ‘ගෝලීය උණ වසංගතයක් සඳහා වූ සමාකරණයක්’ (A Simulation For A Global Flu Pandemic) යනුවෙනි. දැන් එය හරියට ම වසර දෙකකට පසුව සිදු වී ඇත. එය චීනයෙන් පැමිණෙනු ඇතැයි ඔවුන් කීවේ ඇයි? තවත් බොහෝ රෝග ඇති අප්‍රිකාවෙන් පැමිණෙන බව නොකීවේ ඇයි? නැත්නම් දකුණු ඇමරිකාවෙන් , එසේත් නැත්නම් ඉන්දියාවෙන් යැයි නොකීවේ ඇයි?

      මුළු ලෝකයට ම ආසාදනය වන උණ වෛරසයක් චීනයෙන් පැමිණෙන බවත්, චීනයේත් වූහාන් ම ආරම්ක ප්‍රදේශය ලෙසත්, ඔවුන් දැන සිටියේ කෙසේද?

      මෙම කොරෝනා වෛරසය නිර්මාණය කරන ලද්දක්ද?

      වෛරසය පැමිණියේ කොහෙන්ද? ලොව ප්‍රමුඛතම ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) ය. එය ආරම්භ වූයේ වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 වලින් බව ඔහු ට අවබෝධව තිබේ.

      මෙම විද්‍යාගාරය කොරෝනා වෛරස සංවර්ධනයට සුවිශේෂකරණය කර තිබේ.

      ඔවුන් දැනට පවතින වෛරස් ගෙන ඒවා අවි බවට පත් කරයි. ඒවා වඩා භයානක වන අතර ඒවා ජීව විද්‍යාත්මක අවි ලෙස භාවිතා කිරීම ඉන් අදහස් කෙරේ. ඊළඟ මිනිත්තු දෙකේ වීඩියෝ පටයේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශකයෙකු වන ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) සහ ජනාධිපති ට්‍රම්ප් මෙම වෛරසය වුහාන්හි විද්‍යාගාරයෙන් පැමිණි ආකාරය ගැන කතා කරයි.

      දැන් අපි මෙහි සිත්ගන්නා සුළු කොටසට පැමිණෙමු: 2015 දී ඇන්තනි ෆවුසි විසින් මෙම විද්‍යාගාරයට ඩොලර් මිලියන 3.7ක් ලබා දී තිබේ.

      ඉදිරි වසර දෙක තුළ වෛරස වසංගතයක පුපුරා යාම සහතික කළ එම පුද්ගලයාම කොරෝනා වෛරස නිපදවන විද්‍යාගාරයකට ඩොලර් මිලියන 4 කට ආසන්න මුදලක් ලබා දුන්නේය. මාධ්‍යවේදියෙකු ඇන්තනි ෆවුසි විසින් වුහාන් විද්‍යාගාරයට ලබා දුන් මෙම ප්‍රදානය ගැන ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසනවා මෙහි එන කුඩා වීඩියෝ පටයක දැක්වේ.

      කෙසේ වෙතත් වුහාන් හි මෙම වෛරසය ඇති විය හැකි තවත් විකල්ප ක්‍රම තිබේ. සමහරු විශ්වාස කරන්නේ එය පැමිණියේ කොරෝනා වෛරස ආයුධ බවට පත් කිරීමට කටයුතු කරන වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් (Wuhan Virology Institute) බව ය.

      Delete
    4. කොරෝනා වයිරස් වසංගතය පුරෝකථනය කළ චිත්‍රපට

      පුරෝකථන ක්‍රමලේඛනය (Predictive programming) යනු ළඟදීම සිදුවීමට නියමිත සිදුවීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය යි. පසුගිය වසරවල ගෝලීය කොරෝනා වයිරස් වසංගතයක් පිළිබඳව චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා කිහිපයක් නිෂ්පාදනය කරන ලදී.

      ‘Dead Plague’ චිත්‍රපටයේ කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් නිරූපණය වන අතර ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරෝක්වයින් ගැන පවා සඳහන් කරයි.

      සමාජීය දුරස්ථභාවය, මුහුණු ආවරණ, අගුලු දැමීම, අත් සේදීම යනාදිය සමඟ කොරෝනා වෛරසයක් ගෝලීයව පැතිරෙන ආකාරය ‘Contagion’ නම් තවත් චිත්‍රපටයකින් පෙන්නුම් කරයි

      වචනාර්ථයෙන් අප දැන් දකින සෑම දෙයක්ම මෙම චිත්‍රපට වල විස්තරාත්මකව පුරෝකථනය කර ඇත.

      2012 පැවති ඔලිම්පික් Summergames වලදී වසංගතය නිරූපණය විය

      2012 පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ (Summer Olympics-2012) සමාරම්භක උළෙලේ දී මුළු ලෝකයේම දෑස් ඉදිරිපිට කොරෝනා වෛරස් වසංගතයක් නිරූපණය කෙරුණි. රෝහල් ඇඳන් දුසිම් ගණනක්, හෙදියන් විශාල සංඛ්‍යාවක් පාලක පද්ධතියක රූකඩ බවට පත් වීම, මරණය සැඟවී සිටීම, යක්ෂ යෝධයෙක් ලොව පුරා නැගී එන අතර මුළු රංග ශාලාවම කොරෝනා වෛරසයක් මෙන් අහසින් පෙනෙන ආකාරයට ආලෝකමත් වීම එහිදී සිදු විය.

      ඔවුන්ගේ ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස් වසංගතයක් පෙන්වූයේ ඇයි?

      2008 දී අනාවැකි පළ කළ ගෝලීය අගුළු දැමීම.

      කතුවරයකු සහ විමර්ශකයකු වන රොබින් ඩි රුයිටර් (Robin de Ruiter) 2008 දී ගෝලීය අගුළු දැමීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළ කළේය.

      අධිකාරවාදී පාලනයෙහි නව ලෝකයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය හැකි බව ඔහු පැවසීය.

      2008 අතීතයේ දී ඔහු ලියූ බොහෝ දේ දැන් අපේ ඇස් ඉදිරිපිටම සිදුවෙමින් පවතින නිසා මෙම පොත නැවත ප්‍රකාශයට පත් කර ඇත.

      සැලසුම් කළ වසංගතය ගැන ජනමාධ්‍යවේදී හු අනාවැකි පළ කළා

      Delete
    5. ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) සැලසුම් සහගත ගෝලීය වසංගතයක් ගැන 2014 දී අනාවැකි පළ කළ අතර ‘පාලක පංතිය’ එවැනි දෙයක් කරන්නේ කුමක් නිසාදැයි කියා සිටියේය.

      ‘පාලක පංතිය ඔවුන්ගේ පාලනය කිරීමේ ක්‍රමෝපායන් නමැති මෙවලම් කට්ටලය සම්පූර්ණ කිරීමට තවදුරටත් කිසිවක් කළ නොහැකි තැනක නතරවනු ඇත. ඔවුන්ගේ එම මෙවලම් කට්ටලයේ නැති ඇති එක් දෙයක් වන්නේ නිරෝධායන සහ ඇඳිරි නීතියයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එයින් ආසාදනය වීම සහ පාලනයේ ඊළග අදියර නිර්මාණය කිරීම මෙහි සැලසුමයි.‘(7)Harry Vox predicted the global pandemic

      ‘අනාගතය සඳහා වූ කෙටුම්පත(Scenario For The Future)’

      මෙම කීර්තිමත් පර්යේෂකයා රොක්ෆෙලර් පදනමේ ( Rockefeller Foundation) සුප්‍රසිද්ධ කෘතියකට (Scenario For The Future Of Technology And International Development) යොමු වී ඇති අතර, දැන් සිදුවෙමින් පවතින සෑම දෙයක්ම වචනයෙන්ම අනාවැකි ලෙස කියා ඇත: ගෝලීය වසංගතය, අගුලු දැමීම, ආර්ථිකයේ බිඳවැටීම සහ අධිකාරී පාලනය පැනවීම.

      මේ සියල්ල භයානක නිරවද්‍යතාවයකින් යුතුව එය සිදුවීමට වසර දහයකට පෙර
      විස්තර කර ඇත.

      එම කෘතියේ නම ‘තාක්ෂණයේ සහ ජාත්‍යන්තර සංවර්ධනයේ අනාගතය සඳහා වන කෙටුම්පත’ ( Scenario For The Future Of Technology And International Development) යන්නයි. (9) Scenario for the future described global pandemic එය සියල්ලම පවසයි.

      එහි අතීතයේ සිදු වුණා නම් යැයි පවසමින් ගෝලීය වසංගතයක් ගැන වාර්තා කරන LockStep නම් පරිච්ඡේදයක් ඇත.එහෙත් එය පැහැදිලිවම අනාගතය සඳහා පෙරහුරුවක් ලෙස අදහස් කෙරේ.

      2010 දී රොක්ෆෙලර් පදනම විසින් ප්‍රකාශිත අනාගතය සඳහා වූ කෙටුම්පතේ 2020 ඇති වන වසංගතය භයානක ලෙස විස්තර කර ඇත.

      එහිදී, ඔවුන් විසින් පුරෝකථනය කරන ලද වසංගතයට ඇමෙරිකාව සහ චීනය දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් සංසන්දනය කරයි. ඇ⁣මෙරිකා එක්සත් ජනපදය මිනිසුන්ගේ ගුවන් ගමන් දැඩි ලෙස අධෛර්යමත් කළ අතර චීනය සියළු පුරවැසියන් සඳහා අනිවාර්‍ය නිරෝධායනයක් ක්‍රියාත්මක කළේය. පළමු ප්‍රතිචාරය මගින් වෛරසය තව තවත් පැතිරීම සිදු කරන බවට චෝදනා කරන එය හුස්ම හිරවන අගුළු දැමීමක් යෝජනා කරයි.
      මෙසේ ඒකාධිපති පාලනය ක්‍රියාත්මක කිරීම විස්තර කරයි.

      වසංගතය අතරතුර, ලොව පුරා සිටින ජාතික නායකයින් තම අධිකාරි බලය යොදවා දුම්රිය ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වැනි මහජනයා ගැවසෙන තැන් වලට ඇතුල් වීමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳීමේ සිට ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් දක්වා තද නීති රීති සහ සීමාවන් පැනවූ හ.

      පැහැදිලිව ම අධිකාරි බලය යෙදවීම අපේක්ෂිත ප්‍රතිචාරයයි.නමුත් මෙම ‘අනාගතය සඳහා වූ කෙටුම්පත’ ට අනුව
      එය වඩාත් නරක අතට හැරෙයි.

      පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි වූ මෙම අධිකාරී පාලනය සහ අධීක්ෂණය වසංගතය මැකී ගිය පසු පවා නතර ව තීව්‍ර විය.

      සංවර්ධිත රටවල මෙම උච්ච වූ අධීක්ෂණය විවිධ ස්වරූපයන් ගත්තේය: නිදසුනක් වශයෙන්, සියලු පුරවැසියන් සඳහා ජෛවමිතික හැඳුනුම්පත් (Biometric IDs) සහ ජාතික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ප්‍රධාන කර්මාන්ත දැඩි ලෙස නියාමනය කිරීම ගත හැකිය.

      මෙම අනාගතය සඳහා වූ කෙටුම්පතට අනුව (Scenario For The Future) ගෝලීය වසංගතය, ආරක්ෂිතව සිටීම සඳහා මිනිසුන් තම නිදහස සිය කැමැත්තෙන් ම පාවා දෙන උග්‍ර පාලනයක් ඇති කරයි.

      ගෝලීය පාලනය සඳහා අත්පොත

      ප්‍රකාශිත වසංගතය ඇත්ත වශයෙන්ම දැන් මෙහි ඇති හෙයින්, රොක්ෆෙලර් පදනම තම දෙවන පියවර සමඟ ඉදිරියට පැමිණියේ ය. එය වසංගතය අතරතුර නව පාලන පද්ධති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතකි (National Covid-19 Testing Action Plan). අවශ්‍ය සියලු පාලන ජාලා ක්‍රියාත්මක වූ විට පමණක් ලෝකය නැවත විවෘත කළ හැකිය.

      උක්ත රොක්ෆෙලර් ග්‍රන්ථ දෙක ඒකාබද්ධ කළ විට, පහත සැලැස්ම හෙළි වේ.

      1) . පළමුව ඔවුන් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කර එමගින් කුමක් සිදු විය යුුතුද යන්න කියා පායි:එනම් සම්පූර්ණයෙන්ම නව ඒකාධිපති පාලනයක්.

      2) . දෙවනුව ඔවුන් මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික පියවර කියා දෙයි.

      ” වඩාත් සම්පූර්ණ සම්බන්ධතා ලුහුබැඳීම සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් යෙදුම් සහ පුද්ගල-ආරක්‍ෂිත ලුහුබැඳීම් මෘදුකාංග පුළුල් ලෙස භාවිතා කළ යුතුය.

      කොවිඩ් –19 වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා, ජනගහනයෙන් බහුතරයක් සතිපතා පරීක්ෂා කළ යුතුය”.

      මෙම ‘අනාගතය සඳහා වූ කෙටුම්පතට‘ අනුව, එන්නත් ලබා ඇත්තේ කව්රුන් ද යන්න දක්වන ඩිජිටල් හැඳුනුම්පතක් මුළු ලෝක ජනතාවටම ලැබිය යුතු අතර එමගින් ප්‍රමාණවත් එන්නතක් ලබා ගැනීමෙන් තොරව පාසල්, ප්‍රසංග, පල්ලි, පොදු ප්‍රවාහන යනාදිය සඳහා ඇතුළු වීම ප්‍රතික්ෂේප කරයි.

      දැන් 2020 දී බිල් ගේට්ස් සහ බොහෝ රජයන් ඉල්ලා සිටින්නේ එයයි.

      සෑම කෙනෙකුගේම සම්බන්ධතා පරික්ෂා කළ යුතුය.

      Delete
    6. කාන්දු වූ රජයේ වීඩියෝවකින් (10) Andrew Cuomo talks with Bill Clinton about authoritarian control හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ කියෝමෝ අතර සංවාදයක් දැක්වෙයි. සමස්ත ජනගහනය පරීක්ෂා කිරීම සහ ඔවුන්ගේ සියලු සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා විශාල පාලන පද්ධතියක් සකස් කරන්නේ කෙසේදැයි ඔවුහු සාකච්ඡා කරති. මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කරති.

      ‘සිය දහස් ගණනින් පාලන නියෝජිතයන් පත් කළ යුතුය. ඔවුහු සෑම කෙනෙකුම පරීක්ෂා කර පසුව ඔවුන්ගේ අනෙක් සියලු සම්බන්ධතා ද පරීක්ෂා කරති. මෙය මීට පෙර මෙම පරිමාණයට කිසි විටෙකත් සිදු වී නොමැත. මෙය සියලු දෙනාගේ සම්බන්ධතා පරීක්ෂා කරන ප්‍රශ්න කරන්නන්ගේ හමුදාවකි.’

      ANDREW CUOMO,
      GOVERNOR OF NEW YORK

      ගෝලීය පාලනයේ නව මට්ටමක්

      කෝවිඩ් -19 ට එරෙහිව එන්නත් ලබා ඇති පුද්ගලයින්ට පමණක් ගමන් කිරීමට, පාසලට යාමට, රැස්වීම්වලට සහභාගී වීමට සහ වැඩ කිරීමට අවසර දිය යුතු බව බිල් ගේට්ස් පැහැදිලි කළේය. (11) Bill Gates talks about a digital ID to control people ඩිජිටල් එන්නත් හැඳුනුම්පත් දැනටමත් සංවර්ධනය වෙමින් පවතී. එසේම බිල් ගේට්ස් හට තාක්‍ෂණය පිළිබඳ පේටන්ට් බලපත්‍රයක් ඇති අතර (12) Linking vaccines to a digital ID එමඟින් පුද්ගලයෙකුගේ ශරීරය ඕනෑම තැනක දී සොයා ගැනීමට හැකි ය. මෙම තාක්ෂණය WO2020-060606 (13) Gates has pattent on technology to trace a body anywhere ලෙස හැඳින්වේ. මීට අමතරව, ගේට්ස් හට ගෝලීය අධීක්ෂණ ජාලයක් පිහිටුවීමට අවශ්‍ය වන අතර එමගින් කොවිඩ් -19 ට නිරාවරණය (14) Gates wants a global monitoring system වූ සියලු දෙනා සොයා ගනු ඇත.

      සැලැස්ම: DNA වෙනස් කරන එන්නත මිනිස් සංහතියට එන්නත් කිරීම.

      නිර්මාණය කරන ලද වසංගත හා අනිවාර්ය එන්නත් මගින් ලෝකය පාලනය කිරීමේ සැලසුම් පිළිබඳව සුප්‍රසිද්ධ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඇන්තනි පැච් (Anthony Patch) විසින් වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරන ලදී. 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම පර්යේෂකයා පහත සඳහන් දෑ පුරෝකථනය කළේය:

      ‘ඔවුන් මිනිසා විසින් සාදන ලද කොරෝනා වෛරසයක් මුදා හරිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ජනතාව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් ඉල්ලා සිටිනු ඇත. මෙම එන්නත මගින් සිරුරට DNA හි තුන්වන වික්‍රිය (Third Strain of DNA ) එකතු කරනු ඇත. පුද්ගලයෙකුට එන්නත් කළ වහාම ඔවුන්ගේ DNA පරිවර්තනයකට භාජනය වේ. මෙම ජානමය වෙනස නිසා මිනිසුන්ට තමන් ගැනම සිතීමේ හැකියාව නැති වී යනු ඇත. මේ නිසා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකිය; ප්‍රභූ පැලැන්තියේ වහලුන් බවට පත්වේ.’

      ඇත්ත වශයෙන්ම එය උමතුවක් මෙන් පෙනෙන අතර ඇත්තෙන්ම එය උමතුවකි. එහෙත් මෙම වෘත්තීය විමර්ශකයා මෝඩයෙකු නොවන බව අප දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් පර්යේෂණ කර ඇති අතර එම වසර ගණනාව පුරා කළ පර්යේෂණවලින් ඔහු සොයා ගත්තේ මෙයයි.
      මෙම මාතෘකා පිළිබඳ අපගේ අනවබෝධය නිසා වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ මත පදනම් වූ මෙම පූර්ණ දැනුම ප්‍රතික්ෂේප නොකිරීමට අප වගබලා ගත යුතුය,.

      අවුරුදු 20 ක පර්යේෂණ මෙසේ කියයි:
      එන්නත අපගේ DNA වෙනස් කරයි.

      වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) මානුෂීය කටයුතු සඳහා ඩොමිනිකන් ජනරජයට යාමට පෙර ජෝර්ජියාවේ විශාල සායන දෙකක් මෙහෙය වූවාය. ඇය පසුගිය විසි වසර පුරා DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර කොවිඩ් -19 සඳහා ඉතා භයානක එන්නත් මානව වර්ගයාට එන්නත් කිරීමේ සැලසුමක් ඇති බවට අනතුරු අඟවන හදිසි වීඩියෝවක් ඉදිරිපත් කළාය.

      මෙම නව එන්නත් වල අරමුණ දෙයාකාර ය

      1). අපගේ DNA ප්‍රතික්‍රමලේඛණය (reprogramming) කිරීම මගින් අපව පාලනය කිරීමට පහසු දෙමුහුන් බවට පත් කිරීම.
      2).නව පාලන ක්ෂේත්‍රයක් විවෘත කරවන
      ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් (Digital Vaccine ID) හරහා අපව කෘතිම බුද්ධියට සම්බන්ධ කිරීම.

      ගුවන් යානා මගින් මිනිසුන්ට රෝග ප්‍රචාරණය කරන ආකාරය ඇය කිහිප වතාවක් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) පවසයි. සාධාරණ හේතු නිසා ඇයට මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට නොහැකි වී තිබේ.

      සංවිධානාත්මක වසංගත ක්‍රම මගින් ජනගහන පාලනය

      ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) CIA සංවිධානයෙ හි සුප්‍රසිද්ධ බුද්ධි නිලධාරියෙකි. ඔහු ‘The Committee of 300’ (300 කමිටුව) නමින් පොතක් ලියා තිබේ. රහස් සමාජ (Secret Societies) විසින් ආණ්ඩු, සෞඛ්‍ය සේවා, ආහාර කර්මාන්ත, මාධ්‍ය යනාදිය හසුරුවන ආකාරය එහි විස්තර කරයි. මෙම පොත CIA වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. (15) http://Download the book of CIA officer Coleman

      Delete
    7. ආණ්ඩු සහ මාධ්‍ය පාලනය කරන ඉහත බොහෝ රහස් සමාජවල (Secret Societies) මූලික අරමුණු වලින් එකක් වන්නේ පෘථිවි ජනගහනය පාලන⁣ය කිරීමයි.

      ආචාර්ය කෝල්මන් ඔවුන්ගේ උපාය මාර්ගය ගැන පහත සඳහන් දේ පවසයි.

      සීමිත යුද්ධ සහ වේගවත් මාරාන්තික රෝග සහිත සංවිධානාත්මක වසංගත මගින් 2050 වර්ෂය වන විට ලෝකයට ප්‍රයෝජනයක් නැතිව ආහාර අනුභව කරන්නන් අවම වශයෙන් බිලියන 4 ක් පමණ තුරන් කළ යුතුය.

      500,000,000 යටතේ මානව වර්ගයා පවත්වා ගැනීම

      1980 දී ජෝර්ජියාවේ ග්‍රැනයිට් ස්මාරකයක් පිහිටුවන ලදි. එය ‘Guidestones’ ලෙස නම් කොට ඇත. එහි මාර්ගෝපදේශ 10 ක් නූතන භාෂා අටකින් කොටා ඇත. එම ග්‍රැනයිට් ස්මාරකයේ ම ඉහලින් කෙටි පණිවිඩයක් පැරණි භාෂා හතරකින් කොටා ඇත. පළමු මාර්ගෝපදේශය පහත පරිදි වේ:

      සොබාදහම සමඟ නිරන්තර සමතුලිතතාවයෙන් යුතුව 500,000,000 ට අඩුවෙන් මානව වර්ගයා පවත්වා ගැනීම.

      CIA නිළධාරි ආචාර්ය කෝල්මන් හෙළි කළේ ‘ජනගහනය පවත්වා ගැනීම’ සඳහා ඔවුන්ගේ එක් ක්‍රමයක් වන්නේ ‘මාරාන්තික වේගවත් රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත’ ඇති කිරීමයි.

      මානවවර්ගයා අඩු කිරීම සඳහා එන්නත් භාවිතා කිරීම

      ලෝක ජනගහනය 10 – 15% දක්වා අඩු කිරීමේ ඉලක්කය සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බව බිල් ගේට්ස් TED කතාවකදී ප්‍රකාශ කළේය.(16) http://Gates talks about reducing world population using vaccines

      ‘මේ වන විට පෘථිවියේ බිලියන 6.7 ක ජනතාවක් සිටින අතර ළඟදීම බිලියන 9 ක් වනු ඇත. කෙසේ වෙතත්, නව එන්නත්, සෞඛ්‍ය සේවා සහ උපත් පාලනය ආදිය යොදා ගෙන අප පලදායි කාර්‍යයක් කළහොත් එම සංඛ්‍යාව සියයට දහයේ සිට පහළොව දක්වා අඩු කළ හැකිය’

      Delete
    8. කොවිඩ්-19 එන්නත
      ජනගහන පාලනය සඳහාද?

      මයික් ඇඩම්ස් (Mike Adams) යනු සුප්‍රකට ආහාර විද්‍යාඥයෙකි.ඔහු ජනප්‍රිය විද්‍යා පොතක් වන Food Forensics හි කතුවරයා වන අතර ISO පිළිගැනීම ලත් CWC Labs හි නිර්මාතෘවරයා ය. මීට වසර ගණනාවකට පෙර ඔහු පහත සඳහන් දේ පැවසීය.

      ‘නිර්මාණය කරන ලද (ඉංජිනේරුමය) ජෛව ආයුධයක් ජනාකීර්ණ ස්ථානවල මුදා හරිනු ඇත. එන්නත නිපදවීම සඳහා එන්නත් කර්මාන්තයට විශාල වශයෙන් රජයේ අරමුදල් යෙදවීම අවශ්‍ය වේ. ආශ්චර්යමත් ලෙස ඔවුන් වාර්තාගත වේලාවට එන්නතක් නිපදවනු ඇත. සෑම කෙනෙකුම පෙළ ගැසී මෙම එන්නත ලබා ගැනීම අවශ්‍ය වනු ඇත.’

      ඔහුගේ පණිවුඩයේ ඉතිරි කොටස නම්, මෙම එන්නත වසර කිහිපයක් තුළ සෙමෙන් මිනිසුන් මිලියන ගණනක් එසේත් නොමැති නම් බිලියන ගණනක් ඝාතනය කිරීමට පටන් ගන්නා බවයි. එය ලෝක ජනගහනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති ඝාතන ස්විච එන්නතකි(Kill-Switch Vaccine).

      සාරාංශය:
      වසංගතය සැළසුම් කර තිබේද?

      වෛද්‍යවරුන් දහස් ගණනක් වසංගතය ගෝලීය අපරාධයක් ලෙසත්, සනීපාරක්ෂක සමාවක් සහිත ලෝක ආඥාදායකත්වයක් ලෙසත් හඳුන්වයි.

      කොවිඩ් -19 ගෝලීය තලයට පැමිණීමට වසර දෙකකට පෙර, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ අනෙකුත් රටවල් හදිසියේම කොවිඩ් -19 සඳහා පරීක්ෂණ කට්ටල මිලියන ගණනක් අපනයනය කිරීමට පටන් ගත්හ.

      2013 දී සංගීතඥයෙක් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ගැන පුරෝකථනය කර 2020 දී මෙය සිදුවනු ඇතැයි පවසයි. ඔහු මෙය දැන සිටියේ ‘කුමන්ත්‍රණ න්‍යායන්’ පිළිබඳ පෞද්ගලිකව විමර්ශනය කළ නිසා ය.

      ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුපුරා යාම පිළිබඳව 2017 දී ඇන්තනි ෆවුසි සහතික ⁣කෙළේය.

      කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවීමට මොහොතකට පෙර බිල් ගේට්ස් විසින් ගෝලීය කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කෙළේය: Event201.
      මෙම වසංගතය පුපුරා යෑමට පෙර ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය (Global Preparedness Monitoring Board) ලොවට කියා සිටියේ කොරෝනා වෛරස් වසංගතයකට සූදානම්ව සිටින ලෙසයි.

      2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය ( The Institute for Disease Modeling) විසින් චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වන උණ වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කළේය.

      ඉදිරි වසරවලදී සාදන ලද වෛරසයකින් ගෝලීය වසංගතයක් ඇති විය හැකි බව 2018 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් නිවේදනය කළේය.

      ඇන්තනි ෆවුසි වෙතින් ඩොලර් මිලියන ගණනක් ලබා ගත් වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 in Wuhan හි කොරෝනා වෛරසය (SARS-CoV-2)නිර්මාණය කරන ලදී.

      Delete
    9. චිත්‍රපට කිහිපයක්ම කොරෝනා වෛරස් වසංගතය ඉතා විස්තරාත්මකව නිරූපණය කර ඇති අතර, ප්‍රතිකාරය ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වයින් යන්න පවා දක්වා ඇත.

      2012 ගිම්හාන ඔලිම්පික් උළෙල (The Summer Olympics in 2012) ඔවුන්ගේ සමාරම්භක උළෙලේ දී කොරෝනා වෛරස වසංගතයක් රඟ දැක්වීය.

      ගෝලීය වසංගතයක් ඇතිවිය හැකි බැවින් ‘පාලක පන්තියට’ ඉහළ මට්ටමේ අධිකාරී පාලනයක් ක්‍රියාත්මක කළ හැකි බව ගවේෂණාත්මක මාධ්‍යවේදී හැරී වොක්ස් (Harry Vox) 2014 දී අනාවැකි පළ කළේය.

      මිනිසාගේ DNA වෙනස් කරන එන්නතක් සෑදීම සඳහා බලකිරීමට යොදා ගැනෙන, වසංගතයක් ( මිනිසා විසින් සාදන ලද වෛරසයකින් පැන නැගෙන) ගැන ගවේෂණාත්මක මාධ්‍යවේදි ඇන්තනි පැච් (Anthony Patch) අනාවැකි පළ කළේය.

      වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) දශක ගණනාවක් තිස්සේ DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර,මිනිස් DNA ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කොවිඩ් -19 එන්නත භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව පවසයි.

      CIA නිලධාරි ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) රහස් සමාජ පිළිබඳව අධ්‍යයනය කළ අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ වේගවත් මාරාන්තික රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත මගින් පෘථිවි ජනගහනය අඩු කිරීම බව ප්‍රකාශ කළේය.

      1980 දී, මානව වර්ගයා සඳහා භාෂා අටකින් දැක්වෙන මාර්ගෝපදේශ දහයක් සහිතව විශාල ග්‍රැනයිට් ස්මාරකයක් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉදිකරන ලදි. මෙම ‘දස පනතෙහි’ පළමුවැන්න නම් මානව වර්ගයා බිලියන භාගයක් දක්වා අඩු කළ යුතු බවයි.

      බිල් ගේට්ස් TED කතාවකදී පැවසුවේ ලෝක ජනගහනය 10-15% කින් අඩු කිරීම සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බවයි.

      අප දැන් දකිමින් සිටින සිදුවීම් මීට වසර ගණනාවකට පෙර මයික් ඇඩම්ස් (The ‘Health Ranger’ Mike Adams) පුරෝකථනය කළේ ය. නිර්මාණය කරන ලද ජෛව ආයුධයක් මුදා හැරීම, ඉන් පසුව එන්නතක් සඳහා ජනතාව අතරින් එන ඉල්ලුම, එන්නත් කර්මාන්තය සඳහා දැවැන්ත රාජ්‍ය අරමුදල් යෙදවීම සහ වාර්තාගත කාලයකදි සංවර්ධනය කරන එන්නතක් යනු එම අනාවැකිය. මෙම එන්නත මගින් වසර කිහිපයක් තුළ ගණනය කළ නොහැකි තරම් මිනිසුන් ප්‍රමාණයක් මිය යනු ඇතැයි ඔහු අනාවැකි පළ ⁣කළේය.

      අධිකාරී පාලන ක්‍රමයක් (වසංගතයෙන් පසුව වඩාත් තීව්‍ර වන) ක්‍රියාත්මක කිරීම ප්‍රතිඵලය කර ගන්නා, මග එන ගෝලීය වසංගතයක් පිළිබඳව රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2010 දී Scenario for the future නම් පොත මගින් ප්‍රකාශ කෙළේය.

      මෙම හික්ම වුණු ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර උපදෙස් සහිතව කියා දීමට රොක්ෆෙලර් පදනම (Rockefeller Foundation) 2020 දී අත්පොතක් ප්‍රකාශයට පත් කෙළේය. ලෝකය ‘ අගුලු දමන තුරු ‘ ජීවිතය යථා තත්ත්වයට පත් කළ නොහැකි බව එමගින් කියයි.

      එන්නත් හැඳුනුම්පත් (Vaccine IDs) මගින්, මයික්‍රොචිප්ස් (microchips) මිනිසුන් තුළට ඇතුළත් කිරීම මගින්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම මගින් , සමාජ දුරස්ථභාවයට යොමු කිරීම මගින්, බලහත්කාරී අගුළු දැමීම් මගින් සහ අතීශය පුද්ගලික සම්බන්ධතා සොයා ගැනීම් යනාදිය මගින් බිල් ගේට්ස් සහ ලොව පුරා බොහෝ දෙනෙක් පෙර නොවූ විරූ ආකාරයකින් පාලනය අත්පත් කර ගෙන ඇති බව අපි දකිමු.

      සිදුවන්නේ කුමක්ද යන්න විවේචනය කරන වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයින්ගේ හෝ වෙනත් ප්‍රවීණයින්ගේ සෑම හඬක්ම අතිශයින් වාරණය කිරීම මෙම පාලනයේ කොටසකි.

      Read more at jamesfetzer.org
      -Dr.James Fetzer
      2020/09/30

      පරිවර්තනය:
      -Dr.Lochana Fernando
      2020/11/25

      Delete
  9. uba wage depitakattu herena herena peththata puka den gotha pakayek man jevitheta dekala ne mathalan uba giya anduwa kale mahindalata palu yann bena bena idala den unge puka lowanawa lejjai uba gena Royal ekatath awamanayak uba

    ReplyDelete
    Replies
    1. ඉතින් ඕයි මාතලන්ය කියනනේත් උඹ වගේම හැලි වලං පොන්න අනුන්ගේ ඕපදූප කියන චීත්තයක්. අර බොනිකර තරු ලප රිලවා (අනුරකුමාර) කියන සක්කිලි කසඩ කාලකණ්ණි පාහර වේසා පිංපියත් ජෙපි වහල් මීහරක් රැල ගණිකාවන් ලෙස අලෙවි කරන බොර දියේ මාළු බාල තක්කඩියෙක්. උගේ පීතෲට චුට්ටක් මොලේ තිබ්බා නම් කොච්චර වටිනවද ? වෙලාවට එළියට ගන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මේ.. නැත්නම් ඉතින් මේ වගේ රට ජාතිය විකුණන් කන ගනිකාවෝ බිහිවෙන්නේ නැහැනේ.

      රාජපක්ෂලා කියන කම්බා හොරු වගේම ලප රිලව කියන ජවිපේ ගණිකාවක් බවට පත් කරපු පිම්පි ශුක් රාණු සුනඛයා තරම් අවස්ථාවාදියෙක් දැක්කේ නෑ මේ දේශපාලන ෆීල්ඩ් එකේ. ඒ පිම්පියා කිසි දෙයක් කරේ නැහැ ලොකු වාසියක් නැත්නම්. ඒ කාලේ රාජපක්ෂ හොර රැලට විරුද්ධව කෑ ගැහුවට ඒ අපට ආදරේකට නෙවෙයි, ඊට පසසේ යු එන් පි එකට ගැහුවේත් අපට ඇති ආදරේකට නෙමේ. රාජපක්ෂ ලාට යටින් එකතු වී දැනුත් බලෙන්ම කැපුනෙ රටට ආදරේ ට මිනිස්සු ගැන දුක හිතිලා නෙමේ. පුළුවන් නම් මූ මුගේ මලගමත් වීඩියෝ කරලා විකුණන් කයි. ගෙදරකට තියා, වත්තෙන් ඇතුලට ගන්න වටින්නේ නැති යටිපුට්ටු කාර සක්කිලි පාහරයෙක්.

      ඒ වගේම එක එක වේසිගේ පුතුන්ට හෙළුවෙන් කඩේ යන කසඩ වහල්ලු වන මල් පොන්නයින් වන තොපි කිසි එකෙක්ගෙන් මේ රටට වැඩක් නැහැ.

      Delete
  10. යකෝ ළමාතං, අර කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව මෑතකදී පැවති උද්ඝෝෂණ මෙහෙයවූ සංගම් නායකයින් තිදෙනකු ඇතුළු ඊට සම්බන්ධ සෑහෙන පිරිසකට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරල තිබ්බ නේද?

    ඒ කියපු විදියට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ඇතුළු තවත් විශාල පිරිසක් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවත් මාධ්‍ය කියන කතාව ගැන මොකද හිතන්නේ? ආණ්ඩුව විවේචනය කිරීම පාලනය කරන්න හිතලාම මේ කට්ටිය ලෙඩ කරා කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ සජබ කට්ටිය ඔක්කොම කියන්නේ මේකට එරෙහිව නීතිමය පියවර ගැනීම ගැන යම් අදහසක් තියෙනවද?

    ReplyDelete
  11. ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

    කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

    දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

    ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය වේ.

    ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපතිධුරයට පත් කළේය.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න