.

.

Dec 14, 2021

හර්ෂලාගේ ගුලි නොකා ලොකු අයියා ළඟ දනින් වැටිය යුතුය..


පී බී ගේ ගුලි කා හත් පොලේ ගාගෙන ඉන්නා ආන්ඩුවට, හර්ෂ ද සිල්වා හා විපක්ෂය එක්වී දෙන්න යන්නේ සුපිරිම ගුලියක්‍ය. මේක මුලින්ම දුන්නේ ඇපත් නැතිව පක්ෂයත් කා ගෙදර ගිය රනිල් වික්‍රමසිංහය. ඒ වැටි ඇති වලෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF ලෝන් එකකට යන්නෙයි කියලාය. මේ ගුලිය කාපු ගමන් වෙන්නේ, ණය ගන්න නම්, IMF එක අපට දමනා කොන්දේසි ඉටුකරන්නටය. 

ඒවා ඉටුකරන්න ගිය ගමන් ආයෙත් ගහන්නේ හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලාමය. එයාලාගේ ප්‍රධානම යෝජනාවක් වන්නේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමය. එහෙව් එකකට විරුද්ධ වෙන්න අලුතෙන් විපක්ෂයක් ඕනා නොවන්නේ, ආන්ඩුවට විරුද්ධව උසාවි යන පසුගාමී වාමාංශික ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේම ඉන්නා නිසාවෙන්‍ය. උන් දැනටත් IMF ගෙනෙනා තවත් යෝජනාවක් වන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට එරෙහිව උසාවි ගොස් සිටිනා කාළකන්නීන්‍ය. ඒ යුගදනවි ගිවිසුමට එරෙහිවය. නැගෙනහිර ජැටිය යුනියන් එකකට දීලා බකං නිලාගෙන ඉන්නේත් උන්මය.

චීනා විපක්ෂයට ෆුල් සපෝට් එක දෙන මෙ වෙලාවේ, IMF යනවාට වඩා ඉන්දියාවේ ටෝටල් පැකේජ් එක ළඟ දන ගැසීම හැම අතින්ම වාසියක් වන්නේ, IMF යනු ණය දෙන ආයතනයක්ම පමණක් වීමත්, ඉන්දියාව යනු ඊට වඩා බලවත් රාජ්‍යයක් වීමත්‍ය. කවුරු මොන බයිලා කෙසේ කීවත් අපේ අසල්වැසියා වන ඉන්දියාව තරහා කරගෙන අපට ඉදිරි ගමනක් ඇත්තේ නැතිය. 
මේ අමන වැඩේ ජේ ආර් මෙන්ම මහින්දද කළේය. 

යුද්ධය ආරම්බ කිරීම, අවුලා පවත්වාගෙන යාම මෙන්ම, යුද්ධය අවසාන කිරීමටත් කෙලින්ම සම්බන්ධ වූයේ ඉන්දියාව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් වී අවසානය. ජේ ආර් ඉන්දියාව ඉදිරියේ බව්වා මාක් වී 13 ව්‍යවස්ථා සංසංශෝධනය ගෙනාවා වාගේ, මෙවරත් ආර්ථික අගාදයෙන් ගොඩ ඒමට ඉන්දියාව විසින් ටෝටල් පැකේජ් එකක් දීලා තියෙනවාය. 

දැන් ආන්ඩුවට හා රාජපක්ෂලාට ඒ පැකේජ් එක ඉදිරියේ දන නමනවා විනා වෙන සොලියුසොන් එකක් ඇත්තේ නැතිය.  එය ඇත්තටම ටෝටල් පැකේජ් එකක් වනාතර, ආහාර සෞඛ්‍ය හා ආරක්ෂක පැකේජ් එකකින් ආරම්බ වේ. ඇත්තටම අපේ රටට වඩා ඉන්දියාවේ ආහාර මිළ බොහෝ අඩුය. අපේ කාළකන්නි හිඟන පන් ගොයියන්ට කෙලවෙලාම යන්නේ මින් පසුවය. ඩඩ්ලිලාට හැමිනිලාම යන්නේ මින් අනතුරුවය. ඖශධ මාෆියා කාරයන්ට බොන්න බෙහෙත් නැති වෙන්නේ මින් අනතුරුවය. අයිසිස් කාරයන්ට නන්නපෝල් වෙන්නේ මෙයින් පසුය.

ඇත්තටම ලංකාව කියන්නේ ඉන්දියාවට අනුව රටක් නොවේය. උන්ට මෙය තවත් ප්‍රාන්තයක් පමණි. මුම්බායි වල ජනගහනයම මිලියන 20 කි. දිල්ලියේ මිලියන 30 කි. මිලියන 23 පමණ ඇති ලංකාව දෙස උන් බලන්නේ රටක මානසිකත්වයෙන් නොව ප්‍රාන්තයක මානසිකත්වයකිනි. ඇත්තටම මේ රට පාලනය කරන්න මහ ඇමතියෙක් උන්නාම හොඳටෝම ඇතිය. යටත් විජිත කාළයේ මේ රට පාලනය කරේ එක ආන්ඩුකාරවරයෙක් විසින්‍ය. දැන් ආන්ඩුකාරවරුම 9 ක් ඉඳලාත් සත පහක වැඩක් ඇත්තේ නැතිය.

ඉන් අනතුරුව එන්නේ බලශක්ති සුරක්ෂිතතාවය හා බංගලාදේශය සමඟ ගිවිසුම් ගත වූවාක් මෙන් SWAP Currency මූල්‍ය ගණුදෙණුවකි. එමෙන්ම ඉන්දීය ආයෝජකයින් ලංකාවට ගෙන ඒමේ වගකීමද ඉන්දීය රජය විසින් දරනු ඇත. පට්ට ෆේල් BOI එක වහලා දාන්නම පුලුවන්‍ය. මන්ගොන්පිලගේ බලශක්ති බයිලා වලට කෙලවිලා යන්නේත්, විදුලි මාෆියාවට වොට් 33000 වදින්නේත් මින් පසුවය. මහ කැළයේ දිර දිරා යමින් තියෙනා ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම පැස්ටෝල් ෂෙඩ් ටිකත් දැනටත් ලාබ ලබන IOC සමාගම අත්පත් කරගන්නේය.

ඇත්තටම අප මේ රජයෙන් බලාපොරොත්තු වූ සියල්ල මේ පැකේජය  හරහා ක්‍රියාත්මක විමට නියමිතය. 225 එපා, මේ රට වෙන කාට හරි දියෝ කියපු උන්, 88/89 වාගේ ඉන්දියාව එපෝ කියා රට ගිනි තියන්නට ගියොත්, ඒකත් ශවේන්ද්‍රට නොකියා. ඉන්දියන් හමුදාව මෙහේට බස්සා උන්ගේ පුචට වෙඩි තබනවා මිස, ජනාධිපති හා සාකච්ඡා දෙන්නෙට ගොස්, ඉන්දියන් කාරයෝ පැකේජ් එකත් උස්සාගෙන දුවන්නට වැඩ කටයුතු නොකල යුතුය.

අපට තියෙන්නේ තව කැසිනෝ දෙක තුනක් දමා, සීතා කෝවිල වාගේ රාමා කෝවිලකුත් සාදා ඒවා වඳින්නට එන ඉන්දියන් උන්ගෙන් ගානක් කඩා ගන්නා එකය.

45 comments:

  1. කතාව ඇත්ත තමයි ඉතින් ඒත් මාතේ අපේ මොලය ඇල්ෆා,බීටා ,ගැමා යනුවෙන් ආකාර තුනකට වැඩ කරන බව අසා තිබෙනවා. ඇල්ෆා ප්‍රදේශයේ වැඩ කරන විට ක්‍රියේටිව් අදහස් පහළ වන බවත් ටොයිලට් යන වෙලාවට මොලය ඇල්ෆා අවස්ථාවේ ක්‍රියාත්මක වන බවත් අසා තිබෙනවා. නමුත් ඇත්තටම ඇල්ෆා අවස්ථාවේ අපේ මනස ඉතා නිසලයි. උදාහරණයක් විදියට අපි පිරිත් අසන විට අපේ සිත නිසල වීමත් සමග අපට නිදහසේ සිතිවිලි ගලා එන එනවිට තියෙනවා නිර්මාණය ශිලී බවක්. ඔබටත් මෙහෙම එක්ස්පීරියන්ස් ගන්න අවස්ථා හරි අඩුයි. අපි පොඩි කාලේ පිදුරු ගොඩවල් වල ගස් යට නිදා ගෙන අහස දිහා බලාගෙන වලාකුළු වලින් එක එක රූප මැවෙන හැටි පෑ ගනන් බලා ඉන්නවා. මනස රිලැක්ස් වී එක එක අදහස් පහළ වෙනවා. ඒ ඇල්ෆා අවස්ථාවයි. බීටා අවස්ථාවේ තමා අපි බොහොමයක් කල් ගත කරන්නේ. සාමාන්‍යයෙන් වැඩ කරන්නේ.හැබැයි ගැමා අවස්ථාව වයලන්ට්.

    මේවා ගැන ගූගල් එකෙන් බලා ගන්න. තව AC කල කාමර තුල ඇගට පහසුවක් තිබුණත් නිර්මාණ ශීලී අදහස් පහළ වන්නේ ඉතා අඩුවෙන්. ශාස්ත්‍රීය සංගීතයත් ඉතා හොඳයි. රාග ගායනා අසන්න. ඇල්ෆා අවස්ථාවට ඔබ ඉබේම යාවී. අපේ ලොකු පුතා කියන ආකාරයට නං විමුක්තිය ලබා ගැනීමට තියෙන ක්‍රම බොහෝය.
    භාවනාව, මන්ත්‍ර, සංගීතය, නැටීම, සුෆි ගායනා යනාදිය යි.

    ලියන එක අපහසුයි. ඔබට අවශ්‍ය ම නං මට කතාකරන්න, අවසාන වශයෙන් ඔබට පුළුවන් ද කියන්න මනමාලියන්ට ඇයි මාල 7 දමන්නේ කියලා. කුණ්ඩලීනී යනු කුමක්ද කියලා?

    ReplyDelete
  2. ලංකාව මේ දක්වා 16 වතාවක් අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් වලට ගිහින් තියෙනවා, තව ලංකාවේ අනුකාරක පොතේ උගතුන් වන මහාචාර්යවරුන් අයි එම් එෆ් ගිය කාලවල ලංකාවේ ආර්ථිකය අම්මට සිරි වෙන්න වර්ධනය වෙලා තියෙනවා කියල පර්යේශණ වාර්තා පවා හදලා නිකුත් කරලා, කබ්‍රාල්ගේ මහ බැංකු වාර්තා වගේ වෙන්න ඇති.

    ගෝලීය වශෙයෙන් ගත්තම කෙසේවත් අයි එම් එෆ් ප්‍රෝග්‍රෑම් එකකට ගිය පළමු රට ලංකාව නොවේ. ඇත්තටම යුද්ධය කාලෙ මේ වගේම 2009 ආර්ථික අර්බුදය සමගම ලංකාව බරපතළ විදේශ මුදල් හිඟයකට මුහුණ දී නන්නත්තාර වුණ වෙලාවේ නාකි මයිනා මහින්දත් යූ.එන්. පී එකෙන් පැනපු රනිල්ගේ ආර්ථික ප්‍රති පත්ති විස්වාස කරපු කබරයගේ උඅදෙස් පිට ඒ කාලෙත් ඒ වගේ එකකට ගියා මතකයි නේද? මිලින්ද මොරගොඩලා පොර ටෝක් නහුතෙට ඉශූ කළත් දැං ඒකෙන් හොදක් උනාද? 2009 - 2012 අයි එම් එෆ් වැඩපිළිවෙළින් වුණේ රු. 107 ට තිබ්බ ඩොලර් එක 2012 රු. 122 ක් විතර වැඩිවෙලා හැම දේම ගිණි ගණන් ගිහින් ආණ්ඩුව පිරිහෙච්ච එක.

    2015 වෙද්දි රනිල්ගේ වාසනාඅව නිසා 2014 දෙසැම්බර් වල පටන් අරන් 2018 විතර වෙනකම් ලෝක තෙල් මිල ගෑස් මිල සහ ඒ ආශ්‍රිත අනෙක් නිශ්පාදනවල මිල ඉතාමත් විශාල ලෙස පහළ ගිය එකෙන් තාවකාලිකව බඩුමිල පහළින් තියා ගත්තත් 2018 විතර වෙද්දි ව්ඩේ ගැස්සිලා කෙළවෙලා ගියා.

    ඇත්තටම අයි එම් එෆ් ගැන මාතෘකාවට ආයෙත් ආවොත් යුක්රේනය, ග්‍රීසිය, පෝලන්තය ඉන්දුනීසියාව ආදියත් මෑත කාලයෙ එකකට අය් එම් එෆ් බේලවුට් එකකට ගියපු රටවල්. ඒව දැං ගොඩද? ඉන්දුනීසියාව ඩොලර් බිලියන 43 ක පැකේජ් එකකට ගියා, පකිස්තාන් මාසයක ඇතුලත ඩොලර් බිලියන් 6 ක පැකේජ් එකකට ගිගින් ඓත්හාසික විදිහර පකිස් රුපියල අවප්‍රමාණය කරගේන චොර වෙලා ඉන්නවා.

    ලෝකයේම සුප්‍රකටම අයි එම් එෆ් වැඩසටහන කරපු ග්‍රීසියනං අන්තිමට අයි එම් එෆ් එකෙන් ගත්තු ණය ටික පවා ණයත් ගෙවන එක බෑ කිව්ව. ඒක පහු ගිය කාලේ පුරාම මහ ලොකු අලකලංචියක් උනා. චෝදනාව උනේ අයි එම් එෆ් එක ගෝලීය ධනවත් බලවත් පෞද්ගලික බැංකුවලට අතිශය වාසි සහගත වෙන වෙන විදියට ග්‍රීසිය තව හිර කරා කියන එකයි.

    ඇත්තටම අයි එම් එෆ් බේලවුට් එකකට ගිහිල්ල 'ගොඩ ගිය' බංකොලොත් වෙන්න ඕන්න මෙන්න තිබ්බ එකම රටකට හරි උදාහරණයක් දෙන්න පුළුවන්ද? එකක් කියන්න බලන්න.


    IMF has utterly failed to achieve the objective of eliminating exchange controls and trade restrictions. It has not succeeded to restrictions on foreign trade of member countries. In the present era, even the most developed countries like USA and UK are adopting protective policies in the field of trade.



    https://www.aljazeera.com/economy/2021/10/26/world-bank-turns-down-imf-bosss-appeal-to-defend-herself-report



    https://www.aljazeera.com/program/the-bottom-line/2021/9/30/whats-behind-the-world-bank-scandal-of-country-rankings

    ReplyDelete
  3. "ලංකාවේ අධික විදේශ ණය කන්ද ඉහළ යාමෙන් හා ගෝලීය වෙළඳපොලේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම, රැකිය අවස්ථා අහිමි වීම සහ කොවිඩ් කාලේ මුදල් අච්චු ගැසීමත් සමගම උද්ධමනය සමග ආර්ථික පීඩාව වැඩිවීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම සමග විදේශ විනිමය අර්බුදය උග්‍ර වීමෙන් ආණ්ඩුවට IMF වෙතින් ණය ගැනීමට දැන් විපක්ෂයේ SJB/ UNP සහ එම කඳවුරේ සියලු කණ්ඩායම් විවෘත ලෙස බලපෑම් කරමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. පසුගිය කාලයක් ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාර්ගයේම යමින් ණය කන්ද ජනතාව මත පැටවීම මිස ආර්ථික වැඩපිළිවෙළක් හරහා අර්බුදය විසඳන තත්වයක් පාලකයන්ට නෑ.

    ඇත්තටම ඉතිහාසය දෙස බැලීමේදී 1975 ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක විසින් ගෙන ආ යෝජනාවක් වුවත් 1977 ජේ ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කළ වෙළඳපොළ ආර්ථිකය නැතහොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය අද මුහුණ දෙන අර්බුදයට ඇද වැටී තිබෙනවා.

    ලංකාව මේ දක්වා පාලනය කළ ලංකාවේ පාලක කණ්ඩායම් මේ වන විට ලංකාවේ ආර්ථිකය ඇද වැටී ඇති අර්බුදයට මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රතිඵලවලට වග කිව යුතුයි වගේම දැන් මේ ණය ගන්න වෙත යන්න උපදෙස් දෙන නායකයන්, ඉදිරියේදී ඒ නිසා ඇතිවන ජනතා පීඩාවටත් වගකිව යුතු බව අපි කල්තියාම කියනවා.

    ලංකාවේ මේ වනවිට මුල්‍ය අරමුදලට යන්න කියලා UNP + SJB ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් පවසා තිබෙනවා. නමුත් මුල්‍ය අරමුදලෙන් ණය ගන්නා විට ඉතාමත් බරපතල අන්දමින් කොන්දේසි පැමිණවීමක් සිදුවන බවත් එහිදී සිදුවන සුබසාධන කප්පාදුව, රාජ්‍ය සේවය හැකිලවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවා ‌ෞද්ගලිකකරණය වැනි ප්‍රතිඵල නිසා නැවත වරක් ජනතාව බැට කන්නට නියමිතයි. ඒ නිසා මේ සැරේ ආණ්ඩුව මුල්‍ය අරමුදලට යන්නෙ ප්‍රධාන විපක්ෂයේ ආශිර්වාදය ඇතිව.

    හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලා කියන්නෙ දැන් නම් මුල්‍ය අරමුදලට නොගිහින් බෑ කියලා. අනිත් පැත්තෙන් ආණ්ඩුවටත් මුල්‍ය අරමුදලට නොගිහින් ඉන්න තරම් අමුතු දේශප්‍රේමයක් නෑ. බොරු දේශප්‍රේමය පෙන්නුවට මේ අය අවශ්‍ය වුණාම ජනතා අයිතිවාසිකම් කප්පාදු කරමින් මුල්‍ය අරමුදලට අවශ්‍ය කොන්දේසි ඉටු කරනවා. නමුත් මේ වෙලාවෙ ආණ්ඩුව ඒක කරද්දි ප්‍රධාන විපක්ෂයෙත් ආශිර්වාද අරගෙන කරන්නෙ. ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ප්‍රධාන විපක්ෂය විසින් වැඩපිළිවෙලක් යෝජනා කරන්නෙ නෑ. ඔවුන් ගෙන එන උත්තරය මුල්‍ය අරමුදලින් ණය ගන්න එකයි. තව ණය ගත්තම හරි යයි ... මගුලක්..

    අද පොහොට්ටු/ අලි/ ටෙලිෆෝන් එක හා සමාන ධනවාදී පක්ෂවල ඒ අය සියලු දෙනාම එකම වැඩපිළිවෙළක් ලෙස සමාන අදහස් දරණ බව පිළිගන්න පුළුවන්. සමාගි ජන බලවේගයේ සජිත්, එ.ජා.ප.යේ රනිල්, ශ්‍රීල.නි.ප. මේ සියලු දෙනා නව ලිබරල් ආර්ථික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට පක්ෂ අය. ඒ අයගෙ වැඩපිළිවෙළයි අනෙක් වැලපිළිවෙළ අතර වෙනස මොකක්ද? අපි අහන්නෙ මේ විසඳුම් දෙන්නෙ ජනතාවගේ ආර්ථික ගැටලු වලටද නැත්නම් මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවන පාලකයන්ගෙ අර්බුදයටද?"

    ReplyDelete
    Replies
    1. දැන් මේ අය හර්ෂ ද සිල්වලා හා රනිල් වික්‍රමසිංහලා ආණ්ඩුව සමග එක පෙළියට ඉඳගෙන IMF යන්න කියලා ගායනා කරලා ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන කොට, මහජන සුබසාධන කප්පාදු කරනකොට, අධයාපනයට සෞඛ්‍යට කප්පාදුව ගේනකොට ඒකට විරුද්ධව බොරුවට නාහෙන් අඬන්න එපා. ඒ සඳහා විරෝධය දක්වද්දි බොරුවට IMF විරෝධී බෝඩ් අල්ලන්න එන්න එපා. ඒක තමයි දේශපාලනයෙ තියෙන නරකම තක්කඩිකම. තමන් කරනකොට හොඳයි, අනුන් කරගොට හොඳ නෑ කියලා මේ අය බොරු උද්ඝෝෂන කැඳවන්නෙ. ජනතාව මේ කප්පාදු කිරීම්වලට විරෝධය පළකරනකොට ඒ විරෝධය ගසා කමින් මැතිවරණ වලදි බලය ගන්න විතරයි මේ බොරු විපක්ෂය සටන් කරන්නෙ. බලය අරගත්තම ආපහු මේ පිළිවෙතමයි ක්‍රියාත්මක කරන්නෙ.

      නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ අපි ජනතාවට කියන්නෙ මේ ව්‍යාජ විරෝධතා දේශපාලනයට රැවටෙන්න එපා. මේ අය ජනතාව වෙනුවෙන් කියලා ගෙන යන ව්‍යාජ දේශපාලන රැවටිලිවලට හසු නොවී ඇත්ත ජනතා බලයක් වෙනුවෙන් සංවිධානය වෙමු, IMF ණය ගැනීමට ආණ්ඩුව තීරණය කළාම නැවත වරක් ජනතාවගේ විශේෂයෙන් වැඩකරන ජනයාගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම් ඉදිරියට පැමිණීමට නියමිතයි.

      ඇත්තටම ආණ්ඩුව දැනටමත් විශ්‍රාම වැටුප් කප්පාදුව සම්බන්ධ සංවාදයක් පැමිණ තිබෙනවා. ඒ ආකාරයෙන් ජනතා අයිතිවාසිකම් අහිමි කිරීම් ඉදිරියේත් පැමිණෙන විට මේ පාලක කණ්ඩායම් වගේම ව්‍යාජ විරෝධතා පරාජය කරලා සැබෑ ජනතා බලයක් වෙනුවෙන් කටයුතු කරමු, මේ ජනතා විරෝධී ආර්ථික පිළිවෙත වගේම ජනතා විරෝධී දේශපාලන සෙල්ලම නවත්වන සැබෑ ජනතා බලයක් වෙනුවෙන් ඒකරාශි වෙමු කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා.

      ලංකාවේ බහුතර පොදු අසරණ ජනතාව අද මුහුණ දෙන ජීවන දුෂ්කරතා මේ පාලක කල්ලි විසින් ගෙන ගිය ආර්ථික පිළිවෙත්වල ප්‍රතිඵලයක් නිසා නැවත ඔවුන්ගෙන් විසඳුම් සොයනවාට වඩා ජනතා බලයක් ගොඩනඟමින් ආර්ථික වැඩපිළිවෙළක් තුළින් විසඳුම් සෙවීම පිණිස ක්‍රියාකාරී විය යුතු ජනතාවයි. ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇත්තේ ඔවුන් මේ රටේ ආර්ථිකයේ තීරකයන්, මෙහෙයවන්නන් බවට පත්වන ආර්ථික-දේශපාලන ක්‍රියාකාරිත්වයකින් පමණයි.”

      - ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති

      Delete
  4. මොන සරණ ගියත් දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ගොඩ එනව කියන එක ලේසි පහසු දෙයක් නෙවේ.

    ReplyDelete
  5. පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවට ඇති කටකතා ඇත්තද බන් ළමාතං?

    දකුණු අප්‍රිකා මහකොමසාරිස් කාර්යාලයෙන් හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස් අමරසේකර ලංකාවට යළි කැඳවා ජනාධිපති ලේකම් වශයෙන් පත් කිරීමට නියමිතව ඇති බව කිය්පු නමුත් තාම වෙලා නෑ නේද වැඩේ?

    මේ අතරේ ‘හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’ ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. දිලිත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි. මීට පෙර දිලිත් පී බී අස්වෙලා පලයන් වගේ අදහසින් ආන්දෝලනාත්මක සටහන් කිහිපයක්ම තම සමාජ ජාල ගිණුමේ පල කරන ලදී.

    ReplyDelete
  6. ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ අවස්ථාවට මුහුණ දී සිටින ලංකාවේ දැනට රට තුළ ඇති ඩොලර් සංචිතය සති 2කටවත් ප‍්‍රමාණවත් නොවන බැවින් මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ සංචිත පහත වැටීමේ අවස්ථාව නිසාම ඉදිරි මාස දෙක කාලයේ දී අවම වශයෙන් ඩොලර් බිලියන පහක් නොලැබුණහොත් රට පවත්වාගෙන යාමට අපහසු වන බවත් ලංකාව සතුව ඇති දැනට ඇති විදේශ සංචිත අතරින් වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 1,100ක් පමණ වන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන තහවුරු කළා, ඒ අනුව ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වන්නේ සති දෙක හමාරකට පමණයි

    නමුත් 2022 වසරේ ලංකාවේ ආනයන අවශ්‍යතාවය ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙමින් පැවසූවේ මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටිමේ අවස්ථාව හින්දා රජය මේ අවස්ථාවේ වහාම රටේ තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු ඉදිරි පියවර ගැනීමට ක්ශ්ණිකවම හැකි ඉක්මණින් තිරණය කිරීම කළ යුතු බවත් මෙම මාසය ඇතුළත ලංකාව මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් ලංකාව ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ද ලංකාවේ පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ද දැනටමත් බරපතල ලෙස ප්‍රමාද වැඩි බව කී ඔහු චීනය ඇමරිකාව වැනි රටකින් ඩොලර් කෝටි 500ක පමණ විදේශ විනිමය සපයා ගැනීමට රජයට මේ අවස්ථාවේ සිදුවන බවද කියා සිටියේ ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන තහවුරු කළ පසුවයි.

    බන්දුල ගුනවර්ධන කියන විදිහට ජා. මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් උදාහරණයක් ලෙසින් රජයේ අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම හා ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල තව දුරටත් රුපියල් 3000 තවත් රුපියල් 4000 තරම් ඉහළ අගයකට ඉහළ දැමීමට සිදුවනු ඇති බවද ආනයන වෙළඳ පොළ තව දුරටත් විවෘත කරමින් නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය.

    මේ සමගම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඔහු පවසයි. මෙහිදී රජය කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete
  7. මේවන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදීමට ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබෙනව, මේ තියෙන්නේ ලින්ක් එක;

    https://economictimes.indiatimes.com/news/india/india-working-on-urgent-economic-package-to-help-lanka-tide-over-crisis/articleshow/88213984.cms

    මේ ලියමනේ හැටියට නම් ලංකාවේ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව කියන්නේ මේකෙන් ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට ඕන පරිදි නැටවෙන රූකඩ රටක් හැදෙන බව විපක්ෂයේ අදහසයි.

    පහුගිය දවස් කීපයේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරය තුළ දමාගත් ඩීල් අනුව ලංකාවේ පිරමිඩ් එක තව දුරටත් නඩත්තු කිරීමට මෙම පියවර ගෙන ඇති බව ඉකොනොමික්ස් ටයිම්ස් වාර්තාව බැලුවම පේනවා, මේ අනුව අපි බලාපොරොත්තු වූ පරිදි ඩොලරය ෆ්ලෝට් කිරීම, අධික ලෙස බදු වැඩි කිරීම, රජයේ වියදම් සහ සහනාධාර කප්පාදුව වගේ දේවල් එක පාරටම නැතුව හෙමිහිට කරන්න හදන නිසා මේකෙන් අප බලාපොරොත්තු වූ වෙනස තව දුරටත් කල් යාම හෝ ආණ්ඩුව ජන මත්ය රිවස් කරන්න කටයුතු කරයිද දන්නෙත් නැහැ.

    ReplyDelete
  8. ලංකාවේ රුපියල අව-ප්‍රමාණය (Depreciation) කිරීමෙන් (Exports) අපනයනය ශක්තිමත් කිරීම සඳහා අපනයනයට හිතකර පරිසරයක් රටතුළ නිර්මාණය කළ යුතුයි.

    ඒ සඳහා;

    01. විදුලිය ඇතුළු යටිතල පහසුකම් (infrastructure/ utilities & facilities) නිසි ප්‍රමිතියක් සහ අඩු මිල ගණන් යටතේ ලබා දීම

    02. ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම

    03. පුහුණු ශ්‍රම බලකායක් සිටීම (Highly skilled & efficient workforce)

    04. කාර්යක්ෂම ප්‍රවාහන සේවා පවත්වා ගෙන යාම (Efficient Transport & Logistics Systems)

    04. දේශපාලන ස්ථාවරත්වය (Political stability)

    05. සරල බදු ක්‍රමවේදයක් (අනෙක් රටවලට සාපෙක්ෂව) ක්‍රියාත්මක කිරීම (Simple yet Sustainable Taxation System)

    අත්‍යාවශ්‍ය වේ, ලංකාවට සාපේක්ෂව මුදල් ඒකක අවප්‍රමාණය නොවූ රටවල් ශක්තිමත්ව ඉදිරියට ගමන් කර ඇත්තේ ඉහත කී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර නිෂ්පාදන වියදම අඩු කිරීමෙන් අපනයනයට හිතකර පරිසරයක් රටතුළ නිර්මාණය කර ගැනීමෙන් නිසා තත්ත්වය තේරුම් ගෙන අවශ්‍ය පියවර ගත යුතුය.

    ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 පමණ පාඩුවක් ලබමින් ලෝක වෙළඳපොලේ මිල පීඩනයට අනුව මේ වන විටත් තෙල් සංස්ථාව අලෙවි කරනු ලබයි.

    පසුගිය 2005 - 2014 MR රාජ පක්ෂ රජය රජයක් ලෙස බොහෝ තැන්වල භෞතික සම්පත් සංවර්ධනය කර දුන්නත් නාස්තිය හා දූෂණයේ නැඹුරුතාවක් දැක්වූ අතර සෑහෙන තරමින් දෛනික ජිවන අවශ්‍යතාව පිළිබඳව තැකීමක් නොකළ නිසා එහි ප්‍රතිඵලය වුයේ එම පාලනය නිමා කිරීමට පොදු මහා ජනතාව ඉදිරිපත් වීමයි. රාජපක්ෂ පාලනය බිඳ වැටීමේ ප්‍රධාන සාධකයක් ලෙස ඉන්ධන මිල ඉහල යාම නිසා ධීවර, ත්‍රීරෝද රථ, සාමාන්‍ය වෙළඳ ප්‍රජාව ඇතුළු බිම් මට්ටමේ ජන සංයුතිය තුළ එම ආණ්ඩුව කෙරෙහි ඇතිවූ විරෝධය හැඳින් විය හැකිය. වත්මන් රාජ පක්ෂ (GR) රජයද මෙම යථාර්ථය වඩාත් හොදින් අවබෝධ කර ගෙන කර්මාන්ත කලාප බිහි කිරීම, ජි.එස්.පී බදු සහන යලි ලබා ගැනීමට කටයුතු කිරීම වැනි අපනයනය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් රජයේ අමාත්‍යංශ හා වෙනත් ආයතනවල සිදුවන වියදම් පාලනය කර නාස්තිය/දූෂණය අඩුකර ජනතාවගේ ජීවන වියදම අවම කිරීමට පියවර ගත යුතුය.

    ReplyDelete
  9. හැබැයි මාතලන් මේ ඉන්දීය ආයෝජන පැකේජ් එකක් ගන්නවා නම් ඉන්දීය රජයේ මූල්‍ය වගවීම (Accountability) සහ ප්‍රඥාව (Wisdom නුවණක්කාර බව) මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු යැයි කොන්දේසියක් පැනවීමේ ඉඩක් තියෙනවා.

    මොකද ඉන්දියාවේ අදාළ ආධාර පැකේජය ලබාගැනීමට නම්, කොන්දේසියක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු වේවි ඉදිරියට, ඒ වගේම තමයි මුදල් හුවමාරු ගිවිසුමටත් (currency swap) එය අදාළ වේවි. එමෙන්ම ලංකාව තුළ කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් ද කොන්දේසි ඉදිරිපත් වනු ඇති අතර ඒවා සම්බන්ධයෙන් තවමත් එකඟතාව පළ වී නැති නිසා ඉස්සරහටබලන්න ඕන.

    මේ වෙලාවේ ලංකාවට අවශ්‍යයෙන්ම කළ යුතු දේ ලංකාවේ දුර්වල විදේශ මුල්‍ය (බාහිර මූල්‍ය) ත්ත්වය මඟ හරවා ගැනීමට නම් ඉන්දියාවෙන් ප්‍රමාණවත් මූල්‍ය සහාය ලබාගත යුතු නිසා ඉන්දියාවෙන් ලබාගන්නා මූල්‍ය සහායෙන් දැනට පවතින ආහාර, ඖෂධ, පෙට්‍රෝලියම්, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවසන් කළ හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ලංකාව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරුවක් (currency swap) සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයන සඳහා ණය පහසුකමක් (credit Line) ඉල්ලා තියෙන හින්දා රට දැනට මුහුණ දී තිබෙන දුර්වල විදේශ මූල්‍ය තත්ත්වයෙන් සහ අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදියේ හිඟය අවසන් කිරීමට එම මුදල් ප්‍රමාණවත් වේවි.

      නමුත් මේ මුදල් හුවමාරු ගිවිසුමෙන් (currency Swap) ලංකාව ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදල් හුවමාරු පහසුකම මීට කලකට පෙර ඉල්ලපු එකක් ඒත් එය සිදුවන බවක් පෙනෙන්නට නොතිබුණේ ඇතැම් විට ඉන්දියාව ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියපු හින්දා වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන් ලබාගන්නා ණය ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇප ණය පැකේජෙයක් (IMF Bailout Package) ලබාගැනීමට එකඟතාව පළ කරන්න කියලා ඉන්දියාව ලංකාවට අවධාරණය කරයි අනිවාර්යයෙන්ම. ලංකාවේ විදේශ මුල්‍ය Foreign Exchange මේ වන විට ඉතා අවදානම් සහගත ලෙස අඩු වෙලා නිසා මේ මොහොත්තේ දී අපට ද ඉන්දියාව කියා සිටින ඕනෑම කොන්දේසියකට එකඟ වීමට සිදු වේවි. උපායමාර්ගික කර්මාන්ත සහ සේවාවල කෙරෙන ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් අපට එකඟතාව පළ කිරීමට සිදුවනු ඇති වුණත් මේක උපකාරි නමුත් ප්‍රමාණවත් නැහැ. ඇත්තටම ඉන්දියාවෙන් මේ ලැබෙන ආධාරය කෙටි කාලීන සහනයක් නිසා රටේ විදේශ මූල්‍යයේ තිබෙන මූලධාර්මික දුර්වලතාව විසදෙන්නේ නැති නිසා අප, විදේශ මූල්‍යයේ තිබෙන දුර්වලතාව විසඳා ගැනීමටත් ඉදිරි මාස 12ක කාලයේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් විතර විදේශ ණය නැවත ගෙවීමේ වගකීම් ඉටු කිරීමටත් හැකි වන ආකාරයේ ප්‍රමාණවත් සහ ප්‍රායෝගික විසදුමක් සෙවිය යුතුමයි.

      ළඟදී කොළඹ තිබුණ ආර්ථික සමුළුවේ දී මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දුන් පරිදි ප්‍රමාණවත් විදේශ මූල්‍ය මඟින් සහනයක් ලබාදෙන්නේ ගෙවුම් ශේෂයේ දැනට ඇති හිඟයට පමණක් නොවේ. ඉදිරී වසර හතරත් පහත් අතර කාලයේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට වඩා වැඩි ණය ගෙවීමට ද පහසුවක් සලසා ගන්න ක්‍රමයක් අවශ්‍යයි.

      මේ නිසා විදේශ මුල්‍යයේ තිබෙන අභියෝගයට පිළියම සෙවීම සඳහා දැනට මධ්‍යකාලීන විසඳුමක් අවශ්‍ය බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කළා, ඒ සඳහා රටටම වේදනාකාරී නොවන විසඳුමක් නොමැති බව ද ඔහුගේ අදහස

      මේඅපිට ක්‍රමයක් හොයාගන්න වෙනවා, හැබැයි අපට හොයාගන්න වෙනවා වේදනාව පුළුවන් තරමට අඩු ක්‍රමයක්.

      මේ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ගෙවුම් ශේෂයට සහයෝගය දක්වා ගන්න ලෝක බැංකුව IBRD, ඉන්ටර්-ඇමෙරිකන් ඩිවලොප්මන්ට් බෑන්ක් (IDB), ආසියානු සංවර්ධන බැංකුව ADB හෝ ද්විපාර්ශ්වය ප්‍රදාන Donation එකකින් හෝ දෙකකින් ඍජු මූල්‍ය හෝ අයවැය සහාය ලබාගැනීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන සහාය ශ්‍රී ලංකාවේ ණය විශ්වාසී බව (Credit confidence/ credit ratings ණය දීමට සුදුසු/ ණය ලබාගැනීමට සුදුසු) අගය ඉහළ දමාවි, එමඟින් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳපොළට වඩා පහසුවෙන් පිවිසීමට හැකියාව ලැබෙයි කියල හිතනවා.

      ලංකාවේ ආර්ථිකය මේ මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් අනුගමනය කිරීම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ලංකාවේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෝ සියලු දෙනාම පාහේ ආණ්ඩුවට උපදෙස් දී ඇත. මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය ප්‍රේමචන්ද්‍රා අතුකෝරාළ, මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, ආචාර්ය සරත් රාජපතිරණ සහ ආචාර්ය ඩබිලිව්.ඒ. විජේවර්ධන යන IMF සහ ඒ හා සමාන බටහිර රටවල ආධාර වැඩසටහන් වල උපදේශක තනතුරු දරන ආර්ථික විද්වත්හු ඒ අතර වෙති. අඩුම පිරිවැයක් ඇති වඩාත් වැඩි ප්‍රතිලාභයක් ඇති විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම යැයි බොහෝ ආර්ථික විද්වත්හු සහ මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නමුත් ආණ්ඩුවේ උපදේශකයන් සිතන්නේ එහි අනෙක් පැත්තෙන්, ඒ උනාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබාගැනීම වේදනාව අඩු වඩාත් වාසිදායකම විසඳුම බව කොළඹ ආර්ථික සමුළුව අමතමින් මහ බැංකුවේ හිටපු අධිපති කුමාරස්වාමි පැවැසීය. විදේශ මූල්‍ය දැනට තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමටත් ණය නැව ව්‍යුහගත කිරීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සලකා බැලිය යුතු බව ඔහුගේ අදහසයි.

      Delete
  10. තම තම මනාපෙට රුචියට ගැළපෙන්න
    එක එක පාට කන්නාඩි හැකි දාගන්න
    දාගත්තාම ඒවා පරහකි තියෙන
    සැබෑ පාට බැහැ නෙව හඳුනා ගන්න

    නෙක නෙක පාට දර්ශන අපි දකින්නෙමු
    එක එක තැනින් ගෙන විග්‍රහ කරන්නෙමු
    අපේ මතය හරි කියලා සිතන්නෙමු
    'කෙළවෙන තුරුම' අපි ඒ ගැන නොදන්නෙමු!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නිදියො.. අන්තිමට රට අගාදේ

      Delete
  11. මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.

    ReplyDelete
  12. නන්දෙට බෑ කියා කියනව කොලු හැත්ත
    දීලා බලාපිය කොල්ලනි නන්දෙට තොපෙ අම්මගෙ උත්ත!

    ReplyDelete
  13. මාතලන්, ලංකාවේ ආර්ථිකය සිදු වූ ක්‍රියාදාමය දෙස බැලීමේදී 77න් පසු විකාශනය වී ඇති ආකාරය විමසද්දී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ලංකාවෙ සමස්ත ඉපැයීම්වලටත් වඩා පරිභෝජනය ඉහළ යාමය. කාලයක් තිස්සේ ලංකාවේ සිව් දෙනකුගෙන් යුතු පවුලක් සාමාන්‍යයෙන් මාසිකව රුපි. 55,000.00 ක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. 2022 දී මෙය රුපියල් හැටදහසක් යැයි උපකල්පනය කළහොත් වසරකට වැය වන මුදල රුපියල් හත්ලක්ෂ විසි දහසකි. මෙය ඩොලර්වලින් බැලුවොත් ලංකාවේ පවුලක වාර්ෂික පරිභෝජන මට්ටම ඩොලර් 3,600කි. ලංකාවේ පවතින පවුල් ලක්ෂ 60න් එය වැඩි කළ විට ආසන්න වශයෙන් ලංකාවේ වාර්ෂික පරිභෝජන මට්ටම බැලිය හැකිය. එය ඩොලර් බිලියන 20ක් යැයි උපකල්පනය කරමු.

    නමුත් අනික් පැත්තෙන් ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඇසුරෙන් මේ ගණන් හැදීම් කළ විට ලැබෙන්නේ වෙනත් පිළිතුරකි. ලංකාවේ මුළු ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 80කි. එයින් ආයෝජන සඳහා සියයට 25%ක් (US$ 20B) වැය වේ. එනම් ඉතිරි ඩොලර් බිලියන 60 වැය වන්නේ පරිභෝජනයට බවය. එවිට ඉහත අප ගණන් හදා බැලූ විට පැමිණි පිළිතුර වූ ඩොලර් බිලියන 20 හා මේ සැබෑ පිළිතුර වූ ඩොලර් බිලියන 60 අතර ඇත්තේ විශාල පරතරයකි. මේ සා විශාල පරිභෝජනයක් කරන්නෝ කවරහු ද? මේ නම් සාමාන්‍ය මිනිස්සු නම් විය නොහැකිය. ඔවුහු නම් මේ සමාජයේ දේශපාලන හා ආර්ථික බලය ඇතුළුව වෙනත් ආකාරයේ බල ව්‍යුහ ගොනු කරගෙන ජීවත් වන පිරිසකි. මේ නිසා සැබැවින්ම ලංකාවේ ආර්ථික අර්බුදයේ පතුළේ ඇති එක් ප්‍රධාන කතාවක් වන්නේ මෙකී සීමිත පිරිසේ/ මිලියනක දෙකක පමණ පිරිසේ අසීමිත අධිපරිභෝජනවාදී ජීවන විලාසයයි.

    මූලික වශයෙන්ම ඉතිහාසයට ගිය විට මේ ආර්ථික කණ්ඩායම මුලදී යැපුණේ ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රදාන ආර්ථික මාදිලියෙනි. එනම් UK, EU, කැනඩා, ජපානය ආදී රටවලින් ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍යාධාර මත 80 දශකයේ අධික ලෙස විදෙස් ණය මගින් කෘත්‍රිමව බුබුලක් මෙන් නැංවූ ලංකාවේ පිම්බුණු ආර්ථිකය ජේ.ආර්. ජයවර්ධන විසින් සකස් කරනු ලැබුවේ ද මේ ප්‍රදාන (ඩොනේශන්ස්) ආර්ථික මාදිලියෙනි. 1980න් පසුව ක්‍රමානුකූලව අප ගමන් කළේ ප්‍රදාන ආර්ථිකයෙන් විතැන්ව ණය (ඩෙබ්ට් - Debt) ආර්ථිකයටය.

    මෙහෙම ගිහින් දැන් සිදුව තිබෙන්නේ ප්‍රදානවල (Donations/ Grants) අඩු වීමක් සමග ඒ ගමන යන්නට මුදල් මදි වීමය. මේ වැරැද්ද නිවැරැදි කිරීමට නම් ලංකාවේ ආර්ථිකය විදේශ ණය හෝ ප්‍රදාන මත නොරඳන පරිදි අපේ සැබෑ ආදායම මත පදනම්වූ අරටුවකින් යුතුව ශක්තිමත් කළ යුතුය. ඊළඟට එම සැබෑ ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කර එමගින් සමස්ත රටේ පරිභෝජනය ආදායමට සමගාමීව වැඩි කර ගැනීමේ ගැටළුවක් නැත.

    මේ නිසා එය කිසියම් ආකාරයකට ජාතික සැලැස්මක් සහිත අරටු බැහැපු ස්ථාවර ආර්ථික මාදිලියක් විය යුතුය. එසේ නැතිව නම් මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ ලොතරැයියක් ඇදීම වැනි අපූරු වැඩකිනි. නිදසුනකට ආණ්ඩුවේ ලොකු අපේක්ෂාවක් වන වරාය නගරයට බලාපොරොත්තු වන ආයෝජන පැමිණීම දැක්විය හැකිය. එය එසේ වුවහොත් ඩොලර් බිලියන 25ක පමණ ආයෝජන පැමිණි යුතුය. හදිසියේවත් එයින් අඩක් ලැබුණොත් ආර්ථිකයට යම් සහනයක් ලැබිය හැකිය. නොඑසේ නම් මේ ආර්ථික ගොඩගැනීමට නම් අප ණය නැවත නොගෙවිය යුතුය. නිශ්චිත කලක් යනතුරු නැවත නොගෙවන බවට ඒකපාර්ශ්වික හෝ බහුපාර්ශ්වික එකඟතාවලට පැමිණිය යුතුය. මන්දයත් 2025 පමණ වනතුරු සෑම වසරකදීම ඩොලර් බිලියන 4.5 - 5 ක් පමණ ණය ගෙවීමට අපට අවශ්‍යය. එවැනි මුදලක් ගෙවීමට නම් අපේ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් ඉහළ ගොස් ආනයන අපනයන පරතරය අඩු කරගත යුතුය. නිශ්චිත ප්‍රතිපත්ති මත පදනම් වූ ජාතික ආර්ථිකයකින් මිස මේ තත්ත්වයට විසඳුම් ඇතැයි මම සිතන්නේ නැත. එහෙත් ආණ්ඩුකරණය සිදුවන ආකාරය අනුව නම් එවැනි වටහා ගැනීමක පාලකයන් සිටින බව පෙනෙන්නේ ද නැත.

    ලංකාව වෙළෙඳ ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු යැයි මුදල් ඇමැතිවරයාම කියතත් ඔහු කියන ඒ ගමන යෑම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති 2022 අයවැය ලේඛනයේ හෝ ආණ්ඩුවේ වැඩපිළිවෙළින් පෙන්නුම් කරන්නේ නැති එක විහිළුවක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ වන විට ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ත්‍රිමූර්තිය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන ආර්ථික තීරණ ගන්නා තුන්හුලස් ත්‍රිත්වය විශ්වාස කරන්නේ මූල්‍ය අරමුදලට නොගොස් ගෙදර හදාගන්නා හෝම්ග්‍රොව්න් විසඳුමක් වඩාත් සුදුසු බවයි. 2022 අයවැය විවාදයේ අවසන් කතාවේදී ලබන වසරේ ගෙවිය යුතු ණය මුළුමනින්ම ගෙවීමට තමා පොරොන්දු වන්නේ යැයි ඇමැති බැසිල් රාජපක්ෂ කිව්වේ එම විශ්වාසයෙනි. එහෙත් කිසිවකු හෝ මේ ගෙදර හදාගන්නා සැලසුම කුමක්දැයි ඇසුවොත් එය පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ලොවෙත් නැහැ නේද?

      හැබැයි මේකෙදි ලබන වසරේදීත් වාහන ආනයනය නොකිරීමේ තීරණය මේ පිළිවෙත ගැන එක් සලකුණකි. රාජ්‍ය සේවයට අලුතින් බඳවා නොගැනීමේ තීරණයෙන් ලොකු විදේශ විනිමයක් ඉතිරි වන්නේ නැතත් රජයේ දේශීය වියදම් ඉතුරු කිරීම මගින් විදෙස් ණය සීමා විය හැකි බව අපට ඉලක්කම් ඇසුරෙන් තේරුම්ගත හැකිය.

      මොන මගුලක් කළත් ලංකාවේලබන වසරේදී ණය හා ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 5ක් වත් අවශ්‍යයි, ඒ වගේම ආණ්ඩුව කොපමණ ආනයන සීමා දැම්මත් ලංකාවේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10 කට වඩා අනිවාර්යයෙන්ම අඩු නොවේ, එබැවින් දළ වශයෙන් මේ අනුව අපට ලබන අවුරුද්දේදී ඩොලර් බිලියන 14ක් අවශ්‍ය වන අතරම මේ ඩොලර් බිලියන 14ක් අපට ලැබෙන්නේ කෙසේ ද? ආණ්ඩුවේ හෝම්ග්‍රෝන් සැලසුමේ මේ ගැන සඳහන් විය යුතුය.

      මීට නිදසුනකට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක ආදායමක් උපද්දවා ගන්න සැලසුම් කළා කියා සිතමු. එවිට තවත් ඩොලර් බිලියන 9ක් ඕන, විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් ලැබේයැයි සිතමු. එය මේ වසරේදී ඩොලර් බිලියන 3 දක්වා පහළ වැටිණි. එය ඩොලර් බිලියන තුනක මට්ටමේ හෝ තිබුණේ විදේශ රැකියාවලින් ඉවත් වී පැමිණෙන අය රැගෙන ආ මුදල් නිසා. ඉතින් මේ විදේශ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තය නගාසිටුවීම යන උපකල්පනයේ සිටියොත් ඉලක්කම් අනුව මේ ප්‍රශ්නය විසඳාගත හැකි යැයි සිතිය හැකිය.

      මීට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස මේ හෝම්ග්‍රෝන් සැලසුමට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි යෝජනා කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජයවර්ධන, මහාචාර්ය සිරිමල් අබේරත්න වැනි විද්වතුන් සහ ඇඩ්වකාටා, වෙරිටේ, පාත්ෆයින්ඩර් වැනි මූල්‍ය උපදේශක සංවිධාන වලින්. ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ලංකාවට ඩොලර් බිලියන 2.8ක් ලැබේ. ඒ කොටස් තුනකට හෝ හතරකටය. මේ ඩොලර් බිලියන 2.8 ලැබුණා යැයි කියා ලංකාවේ ආර්ථිකයේ එහෙමට ලොකු දෙයක් වන්නේ නැත. එහෙත් ඔවුන් කියන පරිදි පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා යම් කිසි සුළු ඉඩක් නිර්මාණය වේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රදානය කිරීම සමග ණය ලබාගැනීමේ ශ්‍රේණියේ අප දැනට සිටින සී3 නමැති අන්තිම නරක තත්ත්වයෙන් ඉහළ තැනකට යන බව ඔවුහු කියති.

      දැන් අපි අයි එම් එෆ් ගිහින් එම සංවිධානයේ සබඳතා යොදාගෙන ඇමරිකන් රජයේද සහය ඇතුව රේටින් ආයතන වලින් අගය ඉහළ නංවා ගත්තා කියා හිතමු, ලෝක ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එසේ නමුත් මේ ශ්‍රේණිගත කිරීම් කිසිම විදිහකින් යථාර්ථයක් යැයි එයින් කියවෙන්නේ නැත. එය එසේ නම් ඇමෙරිකානු මූල්‍ය අරමුදලේදී ඉහළම ශ්‍රේණිවල සිටි සමාගම් කඩාවැටෙන්නට විදියක් නැත. එය වෙනම කතා කළ යුතු කරුණකි. කොටිම ග්‍රීසියේ ආයෝජන කල කබරරාලයා උනත් නිවැරැදිය (මොකද රේටින් අනුව කබරයා ග්‍රීසියේ ආයෝජනය කරන විට ග්‍රීසිය ලංකාවට වඩා ගොඩක් උඩින් බී බී ප්ලස් රේටින් එකක තිබුණා, නමුත් අයි එම් එෆ් ණය තිබිලත් කරන් වැටුනා නේ, අන්න ඒ වගේ)

      මේ ගැන අප වැනි නිදහස් චින්තකයන් ත්දින් ප්‍රශ්න කරද්දී මේ ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලුවන් කියන්නේ මෙසේ ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිය විට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් තව තවත් ණය ගැනීමේ හැකියාව වර්ධනය වන බවයි. තව ත්වත් අයි එස් බී සහ බොන්ඩ්ස් ආයෝජන ලෙස ලැබෙන බවයි, මෙතනදී මේ යෝජනාවේ ඇති වැරැද්ද නම් ඔවුන් මේ ණය අර්බුදය විසඳන්නට යන්නේ තවත් ණය ගොනු කරගැනීම හරහා වීමය. සැබැවින්ම පහුගිය කාලේ විදේශ විනිමය සංචිත ඉහළ තිබුණේ යැයි පැවැති ආණ්ඩු පම්පෝරි ගැසුවේ ද මේ ක්‍රමයට ගත් ණයවලිනි. උදාහරණ ලෙස මහින්ද 2014 වෙද්ඩී ඩොලර් බිලියන 8.2 ක් සංචිත තියන් හිටියේ බිලියන 5 ක් වූ අයි එස් බී ද සමග. 2019 අග යහපාලන රජය ඩොලර් බිලියන් 7.2 ක් සංචිත තියා ගත්තේ බිලියන් 12 කට වඩා අයි එස් බී බොන්ඩ් ණය අරගෙන.

      Delete
    2. මේ නිසා ලංකාවේ මේ සෝ කෝල්ඩ් සියළුම ආර්තික උස්තාඩ් ජලාහුටමලා කළේ ශක්තිමත් පදනමකින් ආර්ථිකය නගාසිටුවා ඒ හරහා විදේශ විනිමය වර්ධනය කිරීම වෙනුවට පැවැති සෑම ආණ්ඩුවක්ම යටතේ මෙසේ ණය හරහා සංචිතය පිරවීමයි. එය කවදා හෝ පුපුරා යා යුතු බුබුලකි.

      හැබැයි කළු වළාවේ රිදී රේඛාවක් මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේදී මම හොඳ දෙයක් ද දකිමි. ඒ, අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැත්තෙනි. මොකද ලංකාවේ දේශපාලකයෝ යනු කිසිසේත්ම විනයගත කළ හැකි පිරිසක් නොවෙති. ඉතින් මූල්‍ය අරමුදලෙන් ණය දීමේදී පනවන එක් කොන්දේසියක් වන්නේ නාස්තිකාර වියදම් කප්පාදු කිරීමයි. එය යහපත් පෙළඹවීමකි.

      මීට නිදසුනකට වත්මන් කෝප් සභාපති ආචාර්ය චරිත හේරත් පවසන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධයෙන් කරන විවේචනය දැක්විය හැකිය. කිසිදු දිනෙක ගුවන් ටිකට්පතක් දැක නැති මිනිස්සු පවා මේ ගුවන් සේවාව පවත්වාගෙන යෑම වෙනුවෙන් බදු ගෙවති. එහෙත් අවසන එය ක්‍රියාත්මක වන්නේ පාඩු පිට පාඩු ලබමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගතහොත් අනිවාර්යයෙන්ම මෙවැනි දේ සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට සිදුවනු ඇත. එය හොඳ තත්ත්වයකි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ විගසම වෙනස් කළ බදු ප්‍රතිපත්තිය ආපසු හරවන්නට සිදුවනු ඇත. මට අනුව නම් එයත් හොඳ දෙයකි. එමෙන්ම පොලී ප්‍රතිශත ද ඉහළ දමන්නට ඉඩ තිබේ. මෙවැනි කොන්දේසි ආර්ථිකයකට නරක නැත.

      දැනට ලංකාවේ ආර්ථිකයේ තීන්දු ගැනීමේ රටාව අනුව මා දකින එක් නිරීක්ෂණයක් වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර හා අජිත් නිවාඩ් කබ්රාල් යන තිදෙනාට අමතරව මිලින්ද මොරගොඩ මත ද රඳා පවතින බවයි.

      මේ නිසා යම්කිසි ආකාරයකින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යෑමට ද සෑහෙන ඉඩක් තිබේ. මා කියන්නේ එයින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයට පිළිතුරක් නොලැබෙන බවයි. විදේශ විනිමය ප්‍රශ්නය සාකච්ඡාවට ගත්තත් මෙම ක්‍රමයේදී උත්තර ලැබෙන්නේ එහි මතුපිට තලයෙනි. එසේත් නැතිව පෙර කී ත්‍රිමූර්තිය යෝජනා කරන පරිදි ඉන්දියාවෙන් ඕමානයෙන්, බංගලිදේශයෙන්, චීනයෙන් මුදල් ටිකක් ඉල්ලාගෙන පැලැස්තර දැමීම නොවේ, එහෙත් අයි එම් එෆ් ගිහින් එදා වේල ගොඩ දාගෙන ආයේ ටික කලකින්ම ඊට වඩා අමාරුවක වැටෙන බයිල ගහන මේ ආර්ථික විද්‍යාඥයෝද ලංකාවේ ආර්ථිකයේ මූලික පීලිපැනීම් ගැන කතා​ නොකරති. මේ ගැන හරවත් සංවාදයක් ඇරඹීමට ඔබට පුළුවන්ද?

      Delete
    3. පෞද්ගලිකරණය විදෙස් ආයෝජන ආර්ථික භෝග වගාව මත්‍ස්‍ය සම්පත කළමණාකරණය වැනි දේ නැතිව මේ රට ගොඩගැනිලි බොරුය....

      Delete
  14. රසායනික පෝර වෙනුවට කාබනික පෝර වගේ, පෙට්‍රල් වෙනුවට කසිප්පු පාවිච්චි කරන්න බැරිද ? ඩීසල් වෙනුවට පොල්තෙල් වලින් දුවන්න බැරිද ?

    ReplyDelete
  15. This is why we need a government, this is why you were appointed, unfortunately (all the governments) kept ignoring national development while making all the policies let them steal the taxpayers’ money.

    If we could not predict this situation five years ago and make appropriate policies to deal with and if we cannot predict what is going to happen in the next five to ten years, why do we need a government???

    Sell the whole country at once rather than selling small pieces secretly and getting commission and coming in front of the media and talking like real patriots making all of us pools. (Wijebahu)

    ReplyDelete
  16. PB ගෙන් කරදරයි නේ? ගෝඨා පාලනයෙ මහ මොළකරුවො ඔබත් ඇතුළු ඔය හැමෝගෙම හිරි ඔතප් විතරක් නෙවෙයි, 'සියල්ල' ඉවර කරන්න නියමිතයි, මහින්ද රාජපක්ෂ සාධකය මත රඳා පවතින දේශපාලන රසායනිකයේ 'ඉරණම' වෙනම. මේ සටහන සුරක්ෂිතව තියා ගන්න!

    ReplyDelete
  17. ඇමරිකා එක්සත් ජනපදය හදන්නේ ඊළඟ සියවස පුරාවටත් ඔවුන්ගේ අනාගත භූ දේශපාලන මිලිටරි මෙහෙයුම සදහා අවශ්‍ය කරන බලශක්ති ක්ෂේත්‍රය අතට ගැනීමටයි චීනයයි ඉන්දියාවයිත් එහෙම තමයි. ලංකාවේ මේ දවස් ටිකේම රඟ දක්වන ගෑස් නාඩගම පිටිපස්සේ අදානි ඉන්න පුලුවන්, බොහෝ දුරට ඉස්සරහට ලංකාවේ ඉන්න කට්ටියට ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක ගෑස් ගන්න පුළුවන් වෙයි බලමු තව ටික දවසකින් වෙන්නේ මොකද කියලා.

    ReplyDelete
  18. සමහරක්විට ඔයා ඉපදෙන්නත් කලිං තාත්තා ජීවීතේ අතෑරලා යන්නැති.
    එහෙව් දවස් ජීවිතවලට එන්න එපා.
    තාත්තා කියන්නේ තාත්තට. හැම දරුවෙක්ටම තාත්තා ආශිර්වාදයක්. අතරමඟදි බැදීම් අතහැරෙනවා.ඒ වගේම අපි ඔක්කොම ජීවත් වෙන්නෙ නෑ හැමදාම. ඒත් පුලුවන්කමක් තියෙද්දි බැදීමක් රැකගන්න ඒ වෙනුවෙන් සටන් නොකර ඉන්නෙ ඇයි?
    මේ දැන දැනත් මඟ හැරෙයි කියලා බය හිතුණු දුවෙකුගේ ආයාචනයක්...
    ඕෂාධි නංගිගේ තාත්තට ඉක්මණින් කරන්න ඕනි හෘද සැත්කමක් වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අපි සෑම දෙනාගෙන්ම පුංචි ඉල්ලීමක් කරනවා..
    ආරංචිය ආපු වෙලේ ඉදං අපි ඉක්මන් වුණා. උනන්දු වුණා. අපි අතරින් ම මේ ගාණ සොයාගන්න. මේ වතාවරණය හමුවේ අපිට ඒ මුළු මුදල හොයාගන්න අපහසුයි. ඔබට පුලුවන්නම් අපට රුපිලයකින් හරි සහය දක්වන්න.අනේ ඇත්තටම මේ වෙලාවේ හැටියට ඇයට ලොකු සහනයක්...��
    අපි එකතූ වුණොත් අපිට පුළුවන් තාත්තා කෙනෙක්ගේ ජිවිතයක් බේර ගන්න

    ගිණුම් විස්තර
    People's Bank - Kur uwita
    263200290041754
    K.N.G.Oshadhi Madurangi Kumari
    Branch code 263
    Bank code- 7135

    Boc bank - kuruvita
    86433604
    W.A.sujeewaa
    Branch code- 7010
    Bank code- 325

    තොරතුරු සහ වෛද්‍ය වාර්තා සඳහා,
    0717916224

    ReplyDelete
  19. රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම , රාජ්‍ය සේවය පුද්ගලීකරණය කෙරීම (නීතිය, අධ්‍යාපනය (18 ට අඩු ) සහ සෞඛ්‍ය හැර ) වගේ දේවල් රටට හොද දේවල් නොවේද ? ගොඩක් රජයේ සේවකයන් හරියට වැඩක් නොකරන අතර ඔව්න් ට පුද්ගලික සේවකයන් ට වඩා දේවල් දීම අනවශ්‍ය දෙයක් ලේසි මම දකින්නේ. සරලවම ඔව්න් රටට බරක්. තව IMF ගියාම අමතිලට හොරකම් කරන්න බෑ කියනවා නේද? ඒක ඇත්තක් ද?

    ReplyDelete
  20. Bola okkoma hithagena inne me kada wateema eeye una deyak kiyalada

    ReplyDelete
  21. අයිසේ මාතලන්, ඔන්න දවසක් කාල්මාස්ක් ගියාලු අසුරකුමාරයාව මුණගැහෙන්න. යනකොට අසුරකුමාරයා විස්සවිද්යාල ශිෂ්‍යයන් 3 දෙනෙක් වටකරගෙන දේසනයක් දෙනවලු. කාල්මාස්ක් පැත්තකට වෙලා ඔක්කොම අහගෙන හිටියලු. “සහෝදරවරුනි, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ ධනේශ්වර දේසපාලන ක්‍රමය අප වෙනස් කළ යුතුයි. පීඩිත පන්තියේ නුඹලාගේ දහදිය මහන්සියෙන් සුරසැප විඳින ධනවතුන් අප විnaශ කළ යුතුයි. නිර්ධන පන්තියේ නුඹලාට අයිති ධනය සොරාගෙන එයින් මහා මන්දිර තනාගෙන ජීවත්වන ධනපතීන් ඒවායින් පන්නා දැමිය යුතුයි!” අසුරකුමාර තර්ජනාංගුලිය සොලවමින් බෙරිහන් දෙනකොට විසිල්ගහලා අප්පුඩි ගහන කොල්ලෝ 3 දෙනා දැකපු කාල්මාස්ක්ට සතුටක් දැනුනලු. 3 දෙනාගේ මහා සෙනග පිටත්කර හැරිය අසුරකුමාරයා කාල්මාස්ක් දැකලා “ආහ් ලොක්කා එන්න එන්න” කියලා උඩුමහලට එක්කගෙන ගියාලු.

    ඉතා වටිනා දැවයෙන් නිමකර තිබූ තරප්පු පෙළ නැගලා දැකුම්කළු නවීන පන්නයේ සුඛෝපභෝගී අමුත්තන්ගේ කාමරයට පිවිසි කාල්මාස්ක්ට පුදුම හිතුනලු. “වාඩිවෙන්න වාඩිවෙන්න” කියලා අලුත්ම සුවපහසු උච්චාසනයක් පෙන්වා අසුරකුමාරයා තමන්ගේ රාජාසනයේ හරිබරි ගැහිලා වාඩි වුණාලු. “මේක හරිම ලස්සන මන්දීරයක්නේ! මෙහෙම එකක් මම ජර්මනියෙවත් දැකලා නැහැනෙ” කාල්මාස්ක් කිව්වලු. “මේ තට්ටුව විතරනේ ලොක්කා දැක්කේ. මේකට යටින් තියෙනවා පැය 24ම රාජභෝජන උයන මුළුතැන්ගෙය. එතකොට මේකට උඩ තට්ටුව තමයි මගේ පුරෝහිතලා රැස්කරවලා කුමNත්‍රණ කරන රාජසභාව. එතකොට ඊටත් උඩ එක තමයි මගේ දේසපාලන ප්‍රතිවාදීන්ව හොය හොය ම^ර්දනය කරන මගේ facebook අතවැස්සන් වැඩකරන කන්තෝරුව. එතකොට ඉහළම මාලයේ තියෙන්නෙ මගේ සිරියහන් ගබඩාව.” අසුරකුමාර ඇඹරි ඇඹරි හරි උජාරුවෙන් කිව්වලු. “මේ තරම් සුවිසල් මේ තරම් අනර්ඝ මන්දීරයක් හැදුවේ කොහොමද හැබෑට?” කාල්මාස්ක්ට ෆුල් අවුල් ගිහිල්ලලු.

    “මේකේ හැම ගඩොලක්ම ගත්තෙ පුත්තලමේ ගඩොල් කපන සහෝදරවරුන්ගෙන්. එතකොට මේකට තේක්ක ලී ඔක්කොම ගත්තෙ මනම්පිටියේ සහෝදරවරුන්ගේ වතුවල ගස්කපලා. තව මේකේ හැම දෙයක්ම ගත්තෙ අපේ සහෝදරවරුන්ගෙන්. වෙන එකක් තියා මේකේ වැඩ කළෙත් අපේ සහෝදරවරුන්මයි.” අසුරකුමරයා ඉතාම ආඩම්බරයෙන් කිව්වලු. “ඒ සම්පත් සහ ශ්‍රමයට ඔවුන්ට ගෙවන්න සල්ලි කොහෙන්ද?” කාල්මාස්ක් තක්බීර් වෙලා ඇහුවලු. “සල්ලි ගෙවන්නෙ මොකටද? මේවා ඔක්කොම අපි නිකම් ගත්තෙ.” අසුරකුමරයා විරිත්තනවාලු. “ඒ කියන්නේ මේ මහා මන්දීරය හදලා තියෙන්නෙ පීඩිත පන්තියේ දහදිය මහන්සියෙන්ද කුහකයා!” කාල්මාස්ක් කේන්තියෙන් පුපුරනවලු. අසුරකුමාරයාට හීන්දාඩිය දාන්න ගත්තලු. “ඒ කියන්නේ නිර්ධන පන්තියේ ධනය සොරාගෙන උඹ මෙතන සිරියහන් ගබඩාවක් හදාගෙන සුරසැප ගන්නවා නේද දුෂ්ටයා!” කාල්මාස්ක් පොළොවේ අඩි හප්පලා නැගිට්ටලු. “ලොක්කා වැඩිය දඟලන්න එපා” අසුරකුමාරයා 88-89 පිthතෝල^^යක් ඉනෙන් ඇදලා ගත්තලු. “ධනේශ්වර ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා අර තරුණයන්ට බොරු බේගල් දෙසලා තමුන්ම නිර්ධන පන්තියේ ශ්‍රම සම්පත් සූරාගෙන කනවා නේද කුහක බූරුජුආසියා!” කාල්මාස්ක් වියරුවෙන් මෙන් මන්දිරයේ බඩුමුට්ටු පොළොවේ ගහන්න පටන් ගත්තලු. එතකොට අල්මාරියක් උඩ තිබිලා බිමට වැටුනලු පරණ පොතක්… පොතේ නම ‘දාස් කැපිටාල්’. පොත අහුලගත්ත කාල්මාස්ක් ඉකිගසමින් මන්දීරයෙන් පැනලා දිව්වලු. අසුරකුමාර උඩුමහලේ ටෙම්පර්ඩ් වීදුරු ජනේලෙන් බලලා ඇස් පුංචි කරලා හිනා වුණාලු. විප්ලවයට ජය වේවා ඕයි !

    ReplyDelete
  22. සෞම්‍යාගේ හුත්ත ඉස්සරහ දන ගහන්න ආසයි.

    ReplyDelete
  23. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියපු කවිය මුදල් ඇමති ලෙස පත්වීමත් සමගම... මොනවා කරන්නද ඉතින් ලංකාවේ ජීවත් වන පවුලේ අයට ඥාති මිතුරන් සහ පොදුවේ අපේම සහෝදර ජනතාවට අබ සරණයි, ඔබට ජේසු පිහිටයි පරිස්සමට ඉන්න හැමෝම හරිම භයානක කාලයක්. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ, මේක ලංකාවට ලැබුණු දේව පරීක්ෂණයක්, ලංකාවේ හැමෝම දෙවියන් වහන්සේගේ වචනය අනුව ශුද්ධ වූ බයිබලයේ උපදෙස් උපරිම වශයෙන් පිළිපදිමින් නිතරම දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් අපව බේරා දෙන මෙන් දෙව් සමිඳුන් ගෙන් ඉල්ලා සිටිමු. දෙව් සමිඳාණන් වහන්සේ නායක එඬේර ස්වභාවයෙන් අපට මග පෙන්වනු මැනවි. ආමේන්!

    ReplyDelete
  24. අපේ පුංචි බණ්ඩා ජයත් නැති සුන්දරත් නැති කෙනෙක්. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නැහැ. කිසිම සුන්දරත්වයක් වෙලත් නැහැ. අවුරුදු 20කට වඩා පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය මෙහෙයවනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු සමයේ වැඩිම කාලයක් භාණ්ඩාගාර ලේකවම්වරයා ලෙස කටයුතු කළේ පී.බී. ජයසුන්දර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දෙදෙනාම පෞද්ගලික සංචාර සඳහා විදේශගතවිය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව, මේ අතර බැසිල් රාජපක්ෂද පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතර පවතින ගැටුම තව තවත් උණුසුම් වෙමින් පවතියි. ශ්‍රීලනිප නායකයන් සඳහන් කරන්නේ ඉදිරියේ එන ඕනෑම ඡන්දයකට තනිව තරග කිරීමට ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන ඇති බවය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ පිළිබඳව අමුතු කතාවක් කීවේ ‘‘අම්මයි තාත්තයි දරුවන්ට එක එක ආකාරයට සලකනකොට වෙනස්වීම් සිදුවෙනවා. එතකොට කොල්ලෝ පැනලා යනවා. කෙල්ලෝ වෙන මිනිහෙක් එක්ක යනවා. ඒවා නතර කරගන්න දෙමාපියෝ දැනගන්න ඕනේ’’ - හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට වෙනත් ආකාරයකින් ප්‍රහාරයක් එල්ල කළේ ලංකාවේ 74 වැනි නිදහස් උළෙල ලබන පෙබරවාරි මස 4 වැනිදින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ‘‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව්බිමක්’’ ලෙස මෙවර නිදහස් උළෙලේ තේමාව ප්‍රකාශයට පත්කර තිබේ. රටේ පවතින සෞඛ්‍ය තත්වයන් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු කටයුතු සිදුකරන බව සංවිධායකයෝ පවසති. හමුදා පෙළපාලි සහ සංකෘතික අංග ආදිය මෙවරද පැවැත්වෙන අතර නිදහස් සමරු උළෙල අභිමානවත් ලෙස පවත්වන බවද රජය සඳහන් කරයි.

    ReplyDelete
  25. ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් බව සමගි ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය. 2022 වසරේ මුල වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය විසින් නම් කරනු ඇති බවද 2022 වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී ඔහු ජනතාව කොපමණ මිය යාවි දැයි නොදන්නා බවත් සඳහන් කළේ එවන් තත්ත්වයකදී ආණ්ඩුවේ නායකයන් මෙරට අතහැර තමන්ගේ රටවල් වලට පැන යනු ඇති බවත්;

    This is the video explaining above facts

    https://youtu.be/CxRvaN48gNs

    ඒක ඇත්තක් ද?

    ReplyDelete
  26. ලංකාව චීනය සමග කරන වෙළඳාම වැඩි කර ගැනීම ගැන පහුගිය මාස කිහිපය පුරා විවිධ සාකච්ඡා සහ අදහස්/ යෝජනා ඉදිරිපත් වුණා වගේම චීන තානාපති ඇතුලු එරට රජය ලංකාවේ අපනයන වලට චීන දොරටු විවර කිරීමට හැකි උපරිම සහය දෙන බවත් ඒ කාල්යේ පැවසුණා, නමුත් මෙය හිතන තරමටම සාර්ථක වේවිද?

    බංගලාදේශය පකිස්ථාන් වැනි රටවල් ඉතා මැනවින් චීනයට අපනයනය කරන්වා, විශේෂයෙන් බංග්ලාදේශ් විශාල ලෙස ඇඟලුම් අපනයනය කරනවා චීනයට.

    මේ වගේ ලංකාවටත් ඇමරිකන් සහ යුරෝපා වෙළඳපොල මතම නොයැපී චීන සහ අග්නිදිග ආසියානු මෙන්ම වේගයෙන් නැගී එන අප්‍රිකානු වෙළඳ පොල හ්ඩෙස නෙත් යොමු කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වේවිද?

    මේ චීන තානාපති පවසන කරුණු සමග ඔබ එකඟද?

    https://island.lk/lankas-exports-to-china-up-by-111-2-so-far-this-year/

    මෙහි දත්ත දෙස බැලීමේදී පෙනෙන ලංකාවේ අපනයන අංශයේ දැනට ඇති අඩුපාඩු ලෙස ඔබ දකින්නේ මොනවාද?

    https://tradingeconomics.com/sri-lanka/exports

    https://economynext.com/sri-lanka-exports-hit-october-record-as-money-printing-drive-forex-shortages-88074/#modal-one

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න