.

.

Jan 10, 2022

ගුඩ් බායි ඩෙස්මන්ඩ් අයියා

 


මෑතකදී මා අදරය කළ ඩෙස්මන්ලා දෙදෙනෙක්ම දිවිය ලෝකේ ගියේය. එක්කෙනෙක් ඩෙස්මන් ටුටූය. අනෙකා අද දිවිය ලෝකේ ගිය ඩෙස්මන් ද සිල්වාය.


මෑත කාළයේ අතිශයින් ජනප්‍රිය වූ "හෙක්ටර් ඩයස්" ගායනා කළ "නිල්වන් මුහුදු තීරේ..." අපේ කාළයේ ගායනා කළේ ඩෙස්මන් ඩි සිල්වාය.


එමෙන්ම නිමල් මෙන්ඩිස්ගේ සංගීතයට අමරදේව ගායනා කරනා "නිම්හිම් සෙව්වා මා සසරේ...." ගීතයේ ඉන්ගිරිස් ගීතය වන "When will I see you again my Love  ." ගීතය ගායනා කළේද ඩෙස්මන් අයියාය. මෑතක එම ගී දෙකම උමාරියා නම් ලංකාවේ බිහි වූ දක්ෂතම මල්ටි ටැලන්ටඩ් ගායිකාව අපූරුවට ගායනා කරනවාය.


අපි පොඩි කාළේ අහපු බයිලා වල අමුතු රසයක් තිබුනේය. ඇම් ඇස්, පෝල් ප්‍රනාන්දු හා ඩෙස්මන් අයියාගේ සින්දු බයිලා කියා අපට දැනුනේ නැතිය. ඒ ගී සියල්ලම පාහේ වරක් ඇසු පනණින් මතකයේ රැඳෙන සරළ එහෙත් අලංකාර පද රචනා උනේය.


කැසට් එන්නට පෙර කාළයේ තරු පහේ හෝටල් වල ප්ලේ කළ ඉන්ගිරිසි සංගීත කණ්ඩායම් බයිලා වලට ගැහුවේ ඩෙස්මන්ඩ් අයියාගේ ගීතය.  එසේ ඒ ගී ජනප්‍රිය වූයේ ඒ සිංහල සින්දුවල ඉන්ගිරිසි කෑලිද තිබුන නිසාය.


අදටත් ඕනෑම උත්සවයකදී ගායනා කරන "සුමිහිරි පානයේ එන ...

Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...

ඊට උදාහරණයක්‍ය...


තවත් ජනප්‍රිය ගීතයක් වන පොල් කටු හැන්දෙ මිට වගේ.... ගීතයේ..

Galle Road Tar is putting bus is also going...

මෙන්ම 

Oh she never come right again...

යන ඉන්ගිරිස් කෑලි අදටත් අතිශයින් ජනප්‍රියය.


අද ජනප්‍රිය නැතත් අපි කුඩා කාළයේ අතිශයින් ජනප්‍රිය...


🎸යමං බංඩො වෙසක් බලන්න...

🎸සුරාංගනී...

🎸චූඩා මානිකේ බලාලා යනවා මේ අපී..

🎸යන්න රට වටේ එන්න මා ප්‍රියේ...

🎸අර බලපන්කෝ... මේ බලපන්කෝ..

🎸ආයි හූයි බබි ආච්චිගෙ බයිසිකැල් එක...

🎸කුරුඳුවත්තේ මනෝරී...

🎸කිරිල්ලී රන් කිරිල්ලී...

🎸බෝතලිගරෙ සීතූ මනක්කා...

🎸දෙව්ලොව දෙවියනේ.. මගෙ දෙව් සාමිනේ..

🎸දොර ඇරපන් ආයා සුදා...

🎸කෝඩුකාර නංගිලාට...

🎸කොල්ලුපිටිය ජන්ක්ෂන්...

🎸රෑ දොලහට ලයිට් ගියා...

🎸බෑ බෑ මට එන්න බෑ...

🎸දැන් කාළේ කෙල්ලෝ වසයි..

🎸දොදොන් දොන්ත සමයමේ..

🎸කෙල්ල මාතලේ යු ආ මයි මල්ල කේතලේ...

🎸පාරේ නටපු බිග් මැච් එක දා...

🎸දොම්පෙ ආයා...

🎸චිකේ ඩොලි ලැජ්ජා නැද්ද...

🎸කොමලි පනේ එන්නකො මගෙ...

🎸මම්මා නෝ පප්පා නෝ...

🎸නොන්ඩි සිමයියා...


වැනි ගී ඒ ගී රස විඳි පරම්පරාව අතරේ අදටත් අතිශයින්ම ජනප්‍රියය...


ඩෙස්මන් අයියා වොලි බැස්ටියන්ගේ ගී මෙන්ම පැරණි නාඩගම් ගී ගනනාවක් සුපර් හිට් බවට ඒ කාළයේ පත් කළේය. එමෙන්ම ඉංග්‍රිසී ගීතද ඒ අතර තිබෙන්නේය.


1944 දී මාතරදි උපන් ඩෙස්මන්ඩ් ඩි සිල්වා ගී ලොව ජය ගත්තේ "King Of Baila" යන ආදරණීය ජනතා සම්මාණයෙන්‍ය. 


මුලින්ම ඉංගිරිස් සංගිත කන්ඩායම් ගනනාවක ප්‍රධාන ගායකයා වූ ඩෙස්මන් අයියා පසුව සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් වුනේය.


 එක්තරා යුගයක එක්තරා පන්තියක කෙල්ලන් අතරේ ඩෙස්මන් අයියා සිහිණ කුමරා උන බව අප අසා ඇති මුත් ඒ බව තහවුරු වූයේ ඔහුගේ ප්‍රසංග වලට පැමිණි අති සුන්දර ඇන්ටිලා දැකීමෙන්‍ ය.

ඔවුන් සැමදා  ඩෙස්මන් අයියාට පෙම් කළේය.


බොහෝ කාළයක් එංගලන්තයේ ඇමරිකාවේ හා අවසන් කාළයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි විසූ ඩෙස්මන් අයියාගේ ප්‍රසංගවල ටිකට් විකිණුනේ උණු කැවුම් මෙන්‍ ය.


ප්‍රසාංගික කලාව සිංහල ගී වේදිකාවට ගෙන ආවේ ඩෙස්මන් අයියලාය. "කොලොම්පුරේ ශ්‍රියා ගීතය ගයමින් රඟමින් රූපවාහිනියටද ප්‍රසාංගික කලාව ගෙන ආවේ ඩෙස්මන් අයියලාය .


ඔහු වේදිකාවේ බැබලුනේ අපූරු කටහඬ නිසාම පමණක් නොවේ.. ඩෙස්මන් අයියා මියයන තෙක්ම පාංශු දේහදාරී බුදු හැන්ඩියෙක් උනේය. එම වාසනා ගුණය පිහිටන්නේ බොහෝ කළාතුරකින්මය.


ඩෙස්මන් අයියාගේ වැඩිමල් පුත්‍ර රත්නය වූ ස්ටීව් ඩි සිල්වාද අති දක්ෂ ගායකයෙන් මෙන්ම මයිකල් ජැක්සන්ගේ හැඩ රුවට සමාන බ්‍රේක් ඩාන්සර් කෙනෙක්ද වූ අතර පිලිකා රෝගයෙන් අකාලයේ සමුගත්තේය.


සුනිල් අයියාට කලින් අපි ආදරේ කලේ ඩෙස්මන් අයියාටය, සුනිල් අයියා කලින්ම යන්න ගියේය. ඩෙස්මන් අයියා අද සුනිල් අයියා බලන්නට ගොසින්‍ ය.


මක්කා නැතත්, දෙන්නත් එක්ක එකතුවෙලා සුමිහිරි පානේ පදමට ගහලා බයිලා වැලකින් දිවිය ලෝකේ ඒන්ජල්ස්ලා හෙවත් සුරංගනාවියන් කොර කරනා බව නම් ඉරහඳ මෙන් විස්වාසය....


සුමිහිරි පානේ පදමට ගහලා

හෙට මැරුණත් හිතට සැපයි

අද ජොලි කරලා....


Drink on Sunday - Eat on Monday 

Dance on Saturday - Die on any day  ...


Take Care Desmond Aiya...!!!


R(eturn) I(f) P(ossible)


.

36 comments:

  1. නිල්වන් මුහුදු තීරේ..
    අදත් එදත් හෙටත් මගෙ ෆේවරිට් සිංදුව. ඒක හෙට්ට ඩෑස් හාන්ඩ කලිං ඉදල ම එහෙමයි. ඌ ඒක හෑවට පස්සෙත් එහෙමයි.

    ඔහුට සුබ ගමන්...

    ReplyDelete
    Replies
    1. මමත් ආසම කරන සිංදුවක් මචෝ, මේක මැරායන් ඉන්ජිනියර්ස්ලා සහ නේවල් ඔෆිසර්ලා වගේම නේවි එකේත් සාදවල නැගල යන සෝන්ග් එකක් වගේම මැරායන් ෆීල්ඩ් එකේ තේමා ගීතයක්, ඔය මැදපෙරදිග වැඩ කරන ලංකාවේ උන්ට ප්‍රියාගේ "රටකින් එහා/ විජේගේ 'වළකුළක් ගෙන' වගේ තමයි, මෙහෙත් ලංකාවේ උන් සෙට් වුණාම අනිවා ප්ලේ කරන අයිටම් එකක්, සමහර ඉන්දියන් / පකිස්තාන් උනුත් කැමතියි, ලිරික්ස් මටනම් කට පාඩම්

      මා තනිවෙලා.. නැව්තලේ..

      මා එතෙර ආ දා
      ඈ නැවත ආවා
      ඒ මොහොත සිහි වේ අද වගේ

      නිල්වන් මුහුදු තීරේ
      ගල්මල් පිපුණු යායේ
      මා තනිවෙලා නැව්තලේ
      ඈ ඇත ඇගේ යහනතේ

      මා හා තුරුලු වීලා
      දෑසේ කඳුළු බීලා
      රහසේ සුසුම් ලෑ හඬ ඇසේ

      රෑ සොඳුරු මොහොතේ
      මා මිදුණු යාමේ
      ඈ දෙතොල මාගේ දෙකොපුලේ
      ගෑ ඒ සුවඳ විහිදේ
      මූණේ තවම මාගේ
      නෑ මා පිසින්නේ නෑ මුව මගේ...

      බයිලා සක්විති ඩෙස්මන්ඩ් ලොක්කගේ පට්ට විදිහට චිත්ත රූප මැවෙන බයිලා නොවන සිරාම ගීයක්, හරියට එම් එස් ගේ පෙම්ලොව නින්දෙදි/ දිලි දිලි දිලිසෙන එළියක්/ පාර පුරා මල් හැලෙනව අන්න ඒ වගේ

      සුබ ගමන් ඩෙස්මන්ඩ්... !

      Delete
    2. Ano 3.00 AM

      ඇත්ත..... නිල්වන් මුහුදු තීරේ...... ගීතය තමයි මම ආසම. විශේෂයෙන් එතුමගෙ හඬින් ඇහෙනවට.ඒ ගීතය මට හරිම ළඟ ගීතයක්... හරියටම ජීවිත අත්දැකීමක් වගේ

      Delete
    3. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  2. ඩෙස්මන් ද සිල්වා ගැන කවුරුත් කතා කරේ නැති තරම්.. මගේ කැමතිම සින්දුවක් උනේ කිරිල්ලී රන් කිරිල්ලී. කියූ සින්දු කිහිපයක් හරි එකතුකරපු එක ලොකු දෙයක් මාතලන්

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි කිරිල්ලී රන් කිරිල්ලී නොකියා ගියේ පියඹලා... ඔහුගේ තීව්‍ර ශක්තිමත් ඒත් ඉතාමත් ලයාන්විත කට හඬින් ඇහෙනවා නම්, දැනුත් මතක් වෙන්නෙ ඒ සොඳුරුතම හඬ පෞරුෂයෙන් ගැයූ හැටි. අද ඉන්න සංගීත කණ්ඩායම් වල ගායකයෝ නොනවතින ගී වැල් කියනවා හැබැයි ඔවුන්ගේ ඔ්නෑම ගී වැලක ඩෙස්මන්ගේ ගීතයක් තියෙනවාමයි. ඒක ඒ ගායකයෝ දන්නේත් නැහැ. මගේත් ප්‍රියතම ගායකයෙක්. මම අහල නෑ ඔහුගේ ගීත අනුන් කීව කියල නඩුදාල කියල. මුහුණ බැලුවත් හරිම ප්‍රසන්නයි. අදටත් සමහරු හිට් වෙනවා මේ ගායකයාට පින් සිද්ධ වෙන්න ඒත් ඔහු ගැන නිසි ඇගයීමක් වුණේ නැහැ ලංකාවේ හැටිනේ ඉතින්

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
  3. මම ඩෙස්මන්, මිනෝන් සහ ජෙට්ලයිනර්ස් එකම වේදිකාවේ දැක ඇත්තෙමි. ඒ කාලයේ හැටියට අනරගත්වයේ හොඳම එකකි. ඒ 1973 දී කුරුණෑගල නගරසාලා වේදීය. බැලුවේ හොරෙන් ඇතුල්වෙලාය..
    YMBA එකේ හිටපු හාදයා

    ReplyDelete
  4. ඇතත් නැතත් පැසසුම් හා ජය ඝෝෂා
    ඩෙස්මන්ඩ් වගේ අය පෙරටම ආව නිසා
    ඇති කළ රැල්ල තවමත් පවතිනා නිසා
    ඔහු අමරණීයයි, නම පවතිනා නිසා

    ReplyDelete
    Replies
    1. @ නිදී අංකල්,

      ලස්සන කවි පෙලක්, කොහොම වුනත් ඩෙස්මන්ඩ් සිල්වා ගයපු

      ගාලු පාරේ තාර දාල බසුත් යනවා...

      Galle road tar putting busses also going...

      මේ ගීය රචනා කරලා තියෙන්නෙ හඩ්සන් සමරසිංහ කියලා කියන්නේ ඇත්ත ද?

      ඒ වගේම මම අහල තියන විදියට ඩෙස්මන්ඩ් ගයන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එකල හිටපු දක්ෂ ඇත්ලටික් වගේම අනෙකුත් ස්පෝර්ස් ඉවෙන්ට්ස් හුඟාක් කරපු සිසුවියක් වූ දමයන්ති දුනුවිල (මැණිකේ) ගැන ලියවුනු ලංකාවේ හිටපු මහා උගතෙක් වගේම පුරා විද්‍යාඥයෙක් වූ අභාවප්‍රාප්ත මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න ලියපු මැණිකේ වාසිටි ආපු එක ගැන ලියපු ගීය ගැන වැඩි විස්තර දැන ගන්න කැමතියි. මොකද පුරා විද්‍යාඥයෙක් විදියට රටේ නමක් දිනා ගෙන සිටි ඔහු ලංකාවේ යුගයෙන් යුගයට ජනප්‍රිය වූ ගීතයක පද රචකයා ලෙස ලංකාවේ අපේ පරපුරේ අය හඳුනාගන්න ඇති බව නම් සැකයක්. පද රචකයාගේ නම ප්‍රසිද්ධියට පත් නොවුණත් මේ ගීතය නම් කාලයක් පුරා ඩෙස්මන්ඩ් සිල්වා වගේම තව තවත් විවිධ ගායකයන් විසින් ගායනා කෙරෙන ජනප්‍රිය ගීතයක්. ‘උඩරට සිට මැණිකෙ කෙනෙක් ආවා වාසිටි’ ගීය රචනා කළේ පේරාදෙණිය සරසවියේ යුවතියක බව පෙනුනත් කාලයක් පුරා මෙම ගීය විවිධ ගායකයන්ගේ මුවඟ රැව් දුන්නත් ගීතය රචනා කළේ පුරා විද්‍යාඥයෙක් බව නම් ගොඩක් අය, විශේෂයෙන් අපි වගේ නව පරපුරේ අය නොදන්නවා ඇති. මතක පද ටිකක්

      උඩරට සිට මැණිකේ කෙනෙක් ආවා වාසිටි
      මැණිකෙ ඇවිත් වාසිටියට බැඳුනා ආර්ට් ෆැකල්ටී

      මැණිකේ ලස්සනයි කීවා මලලසේකර මැණිකෙගෙ පස්සෙන් යන්නේ වීරසේකර
      සැමට හොරා හඳපානේ //
      මැණිකේ එක්ක පැනල ගියේ අමරසේකර

      රනින් ෂූස් දාලා තමයි මැණිකේ දුවන්නේ සීය දුවන්නේ මැණිකේ දෙසිය දුවන්නේ මැණිකේ
      සීය දෙසීයම දුවලා රෙකෝඩ් තියන්නේ

      මේක ගැනත් වැඩි විස්තර දැන ගන්න කැමතියි. මේ ගැන ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්.

      Delete
  5. මාතට ඩෙස්මන්ඩ් ලොක්කගේ තව සිරා සින්දු දෙකක් විතර මිස් වෙලා නේද? ඒවත් ඇඩ් කරපන් මචන්

    01. යන්න රට වටේ එන්න මා ප්‍රියේ

    02. ලේ කිරි කරලා ඔබ මට පෙව්වා (මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල)

    ඒ වගේම පට්ට ආතල් සින්දු තව කීපයක් තියෙනවා

    01. විළිසොං මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා

    02. පණ දාගෙන පන්දු යවනවා - කරබාගෙන පිත්ත වනනවා

    ඩෙස්මන්ඩ් අංකල්ට සුබ ගමන් කියා පතමි.

    මේ බයිලා අසාලා - ඇඟේ මයිල් කෙලින් නටාලා
    ජොලි ගුඩ් කොල්ලෙක් මේවා - දැක්කොත් සුර ලෝ යයි සිත් තොසිනා

    සුරළොව හොල්ලා - මම කියනවා බයිලා
    ඒ බයිලා අසාලා - නටපං දෙකට නැමීලා

    කාවිය සිරෝමනි මාතලන්ගෙනුත් බයිලාවක් ඕනේ අද ඩෙස්මන්ඩ් අංකල්ට උපහාර පිණිස

    ReplyDelete
  6. දෙස්මන්ඩ් ද සිල්වාගේ කැමතිම පද පෙළ

    Play the devil with the bottle freedom in the bar
    When you broke don’t worry sell your lovely car

    (හොඳට ජොලි කරපන්...)

    සුමිහිරි පානේ පදමට ගහලා
    හෙට මැරුණත් හිතට සැපයි
    අද ජොලි කරලා

    Drink on Sunday – Eat on Monday
    Dance on Saturday – Die on Any day…..

    සුමිහිරි පානේ පදමට ගහලා
    හෙට මැරුණත් හිතට සැපයි
    අද ජොලි කරලා

    Return if Possible Desmond, Bon Voyage !

    ReplyDelete
    Replies
    1. Yeah true man, totally agree with you. Sure, Desmond de Silva will Meet Sunil Perera at the heaven and make heaven fun for ever..., RIP

      Delete
    2. ❤️❤️❤️❤️❤️❤️

      Delete
  7. ළමාතං, ඩෙස්මන්ඩ් වගේම එකම දවසේ අපි ගොඩක් ආදරේ කළ රාජකපුරු වේදිකා නාටකයෙන් ජනාදරයට පත්වූ ප්‍රකට වේදිකා හා ටෙලි නළුවෙකුවූ ගාමිණී අම්බලන්ගොඩත් අපෙන් සමු අරන් ගිහින්, කියන විදිහට දෙන්නම එකම ෆ්ලයිට් එකේලු ගියේ. 2016 දී විතර හදිසි අනතුරකට ලක්වීමෙන් පාදයක කොටසක් අහිමිවීම නිස ගාමිණී ගැන කතාබහක් ඇතිව තිබුණ මතක ඇති.

    වේදිකා නාට්ටිවලින් රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය වල රඟපෑ ගාමිණී ආදරණීය පූර්ණිමා, ගල්පිලිම හා බොල්පිළිම, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසක රඟපෑ අතර ඔහුට උපහාර පිණිස මේක ලියනවා;

    කන්න දෙනව නම් අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ//
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ ඇති දොසක් නෑ//
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    සාර ධර්මෙ බලු බල්ලට ගියා දේන්
    සදාචාරෙ මකබෑවී ගියා දේන්//
    සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියා දේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං//

    ReplyDelete
    Replies
    1. ඇයි රොබින් ප්‍රනාන්දු? ඔහුත් මේ සමගම අපෙන් සමුගෙන ගිය විශිෂ්ට නළුවෙක්, සිංහල සිනමාවේ මම දැකපු මුල්ම කාලයේ ආපු මුල්ම ඇක්ෂන් ඇඩ්වෙන්චර් ත්‍රීලර් චරිත ඉතාමත් අඩු පහසුකම් යටතේ විශාල වශයෙන් අවදානමක් ගෙන කරපු අති දක්ෂ නළුවෙක්.

      ගාමිණි අම්බලන්ගොඩ රංගන වේදියා ගැනත් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්, හරිම සරල අහිංසක මනුස්සයෙක් ඒත් ඉල ඇදෙන්න හිනා යනවා එයාගෙ විහිලුවලට. අවුරුදු පහකට විතර කලින් කකුලක් කපලා අහිංසක විදියට ඇඳට වෙලා ඔහු ඉද්දි මට කඳුලු ආව වාර අනන්තයි. පෞද්ගලිකව මම හීනෙන් දැකල තියනවා ඔහු වේදිකාවේ ආයෙ ඇවිත් රඟපානවා. ඒ ප්‍රාර්ථනාව මගෙ හිතේ හැම වෙලාවකම තිබුණා. ඔහුව ගිහින් බලල එන්න හිත හදල එන්න හිතුනත් ඔහු යන්නම ගිහින්.

      ඇත්තටම රොබින්, ඩෙස්මන්ඩ්, ගාමිණි තුන් දෙනාම අද එකට ඇති. ඔවුන්ට මොක් සුව පතමි.

      Delete
  8. ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ මම දැක්ක කඩවසම්ම මිනිසා තමයි ඩෙස්මන්ඩ් ද සිල්වා. වයසට ගියත් ඔහුගේ කඩවසම් පෙනුම, කට හඬ කිසිම ලෙසකින් අඩු වී තිබුණේ නැහැ. ඔහු නිල්වන් මුහුදු තීරයෙන් එහාට පියඹා ගොස් ඇත. ඔහුට වයස අවුරුදු 77ක් යන්න කාටවත් කිව නොහැකි තරම් කඩවසම් පෙනුමක් අවුරුදු 70 කට පසුත් ඔහුට හිමි විය.

    Mr. Handsome of Sri Lanka...

    තවත් සැබෑ බයිලා රජෙක් අපට අහිමි විය.

    සුභ ගමන් සමග ඩෙස්මන්ඩ් ද සිල්වා සමාදානයේ සැතපේවා !

    ReplyDelete
  9. මං ඩෙස්මන්ඩ් සිල්වාගෙ සිංදු වලින් ආසම එක තමයි මම්ම නෝ පප්ප නෝ ආප්ප කන්න තුට්ටු නෝ දෙයියො දුන්න සල්ලි කෝ ආලෙ බැන්ද නෝනා කෝ. මට මේ සිංදුව විතරයි කටපාඩම්. සාමදානයේ සැතපේවා!

    ReplyDelete
  10. මාතා මොකද හිතන්නේ මේ දිනවල උතුරේ සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සහ අද කිලිනොච්චිය සහ යාපනයේ ජනහමු කිහිපයක් වෙනුවෙන් සහභාගී වෙමින් පැවසූ "ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත්කරවීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට යෝජනා කරන එක ගැන?

    ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු පලාතේ එම ජනරැලියේදී පවසා සිටිය මහජන චීන ආධාර උපකාර මත පදනම් වූ “දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහන යටතේ දුෂ්කර පාසල් වෙනුවෙන් අධ්‍යාපනික තාක්ෂණික උපකරණ ලබා දීම සහ “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහනට සමගාමීව මහජන චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාග මත උතුරේ දුෂ්කර රෝහල්වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබා දීමටද විපක්ෂ නයක වරයා විසින් පියවර ගන්නා ලදි.

    මේ අතර උතුරේ ස්ථාන කිහිපයකදී විපක්ෂ නායකවරයා පැවති ජනහමුවලට සහභාගී වෙමින් ජනතාව අමතා පවසා සිටියේ,

    වර්තමානයේ ඉතා ආත්මාර්ථකාමී ලෙස ධනවත් ණය හිමියන්ගේ සුබ සිද්ධිය පමණක් තකන ලංකාවේ වත්මන් ආණ්ඩුව ළගදීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් බොන්ඩ් හිමියන්ට ගෙවන්න තියෙනවා. නමුත් මොනව කරන්නටත් පෙර ජනතාව ජීවත් කරන්නට ඕනි කියලා ආණ්ඩුවට බලකර පැවසීමට අපි සූදානම්. ජනතාවට අවශ්‍ය පරිප්පු සුදු ළූණු, සීනි, ලොකු ළූණු, කඩල ටින් මාලු ආදී අත්‍යවශ්‍ය ආහාර ටික, ඖෂධ ටික, ඉන්ධන ටික ලබාදීම තමයි මේ ආණ්ඩුවේ මූලිකම වගකීම. ආහාර නැත්නම් ජනයා හාමතේ මිය යන අතරේ ඉන්ධන නැතිවුනොත් රටේ කර්මාන්ත පද්ධතියම, ජන සමාජයම කඩාගෙන වැටෙනවා. ආණ්ඩුවට සැලැස්මක් නැද්ද මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. මේ ආණ්ඩුව දක්ෂ රටේ ආර්ථික ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ වෙනුවට ධනවත් බලවත් ණය හිමියන් සතුටු කරන ලංකාවේ මේ ආණ්ඩුව ප්‍රශ්න යටපත් කිරීමට කරන්නේ ජාතීන් ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා අනවශ්‍ය තත්වයක් නිර්මාණය කරන එකයි.

    ඒ නිසාම සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රටට අගයක් එක් කරන දේශපාලනයක යෙදෙන සියළු පාර්ශව වලට මම ආරාධනා කරනවා මේ ව්‍යසනකාරී මොහොතේ පවා ආණ්ඩුවේ මැති ඇමතිවරු ලෝකෙ පුරා සංචාරය කරනවා. එකපැත්තකින් විදුලි බල අමාත්‍යංශයට සහ ඛනිජ තෙල් අමාත්‍යංයට එක්ව තීන්දුවක් ගන්නට බැරි තරමට පිරිහිලා.

    මේ වන විට ලෝකයේ තිබෙන සියලු ශ්‍රේණිගත කිරීම්වල අපේ රට පහළට ඇදවැටිලා ආණ්ඩුව පත් වූ සැනින් ධනවත් බලවත් කෝටිපතියන්ට බදු සහන ලබාදෙමින් සිදුකළ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන මූලිකව රටේ පරිහානිය සිදු වීම ආරම්භ වූණා. අද වන විට අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබාගැනීමට පවා මුදල් අහිමි වූ බංකොලොත් තත්වයකට රට පත්වෙලා.

    මේ වගේ ණය හිමියන්ට පස්සේ සල්ලි දෙන්න දැනට රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කළ යුතුයි නේද ආණ්ඩුව විසින්?

    ReplyDelete
  11. ඔහේ සේපාල් අමරසිංහ අඳුනනවද?

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ එක පන්තියේ

      Delete
  12. හෙක්ටරයා සින්දුව කනවා කියලා තේරෙන්නෙ අර සෙක්සි කෙල්ල නැතුව නිකං ඇහුවාමයි.
    යකෝ අපි සින්දුව නෙවෙයි රස වින්දෙ ...අර සෙක්සි කෑල්ලෙ බොඩිය කියල තේරුනේ ඊයෙ පෙරේද ඕක රේඩියොවෙ ඇහුවාමයි.

    ReplyDelete
  13. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'චන්ද්‍රිකා' කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු වූ අතර තරිඳු තොටවත්ත රචනා කර ඇති එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පිළිබඳ ඉතාමත්ම හරවත් සහ සියලුම තොරතුරු සහිතව ලියන ලද විශිෂ්ටතම කෘතිය වික්ටර ඓවන් විසින් ලියන ලද චෞර රැජින පොත තමයි මම හිතන්නේ, එහි එතුමිය ගැන ඉතාමත්ම අගනා ලෙස විස්තර කරලා ලියලා තියෙනවා. මේ පොතේ එහි මගහැරුණු කාරණා ගැන ගැඹුරින් විස්තර කරලා ලියලා තියෙනවා නම් හොඳයි. විශේෂයෙන් හොඳින් විස්කි පානය කරන ආකාරය, පැය ගණනක් ප්‍රමාද වී ජාත්‍යන්තර නියෝජිතයන් රාජ්‍ය නායකයන් තානාපතිවරුන් පවා හමුවීමට ගොස් එම කණ්ඩායම් ෂේප් කර ගන්න විදිය, ෂෙල් සමාගමේ ගෑස් ඒකාධිකාරය, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, චැනල් 9, තවක්කාල්, එප්පාවල පොස්පේට්, ඉන්ෂුවරන්ස් ගණුදෙනු රොනී පීරිස්, හැරි ජයවර්ධන වැනි බොහෝ ගණුදෙනු හරහා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ගැනීම ආදී බොහෝ දේ වල එකතුවක් තමයි පොතෙහි අඩංගු වන්නට ඇතැයි සිතිය හැකි. මේ පොත වත්මන් ආණ්ඩුවට ඉතාමත් ආදර්ශවත් පොතක් බවත් ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. මේ ගැන ඔබේ අදහස් මොනවද?

    ReplyDelete
  14. මාතා,

    ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ මෙන්න මෙහෙමයි;

    මේ දවස්වල ලංකාවේ ගොඩක් මිනිස්සු හිතන්නේ "මේ දවස්වල කොවිඩ් තත්වයන් යටතේ සහ ලෝක වෙළඳ පොළේ බඩු මිල ඉහල මට්ටමක පවතිනවා, ලංකාවට ඩොලර් අහිමි වෙලා නිසා තෙල් කිරිපිටි ගෑස් වගේ අත්‍යවශ්‍ය දේවල් හිඟතාවයක් තියෙනවා පාලනය කරන කට්ටිය ගත්තම නන්දසේන රාජපක්ෂ (ගෝඨා) ගැන කියනව නම් අනිත් එවුන් එක්ක බැලුවාම හොඳ මනුස්සයෙක්. වටේ පිටේ ඉන්න හොරු කොහොම උනත් මෑන් හොරකම් කරන්නේ නෑ පට්ට විශිෂ්ඨ පොරක් නම් නෙමෙයි, ඒත් වෙනස් කෙනෙක්. ගොංපාට් යම් තාක් දුරකට නැතිවම නොවේ. ඒත් අනිත් එවුන් තනිකර ගොංපාට් නේ..."

    මේක වෙනස් කරන්න ඕනි වෙනසක් කරන්න මේ මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න ක්‍රමයක් යෝජනා කරන්න පුළුවන් නම් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      අපෝ කියලා වැඩක් නැහැ ආණ්ඩුව කොච්චර ලංකාවේ ගොන් වහන්සේලට ඇරියත් අප්පච්චි පපුවට අතෙන් ගහලා අපේ හාන්දුරුවනේ කියපු ගමන් කට්ටිය පොහොට්ටුව ඉස්සරහින් කතිරේ ගහනවා �� ඒ එක විදියක් ඉතින් කොහොමද අලුත් එකෙක් බලයට එන්නේ?

      Delete
  15. ළමා තං

    බොට මතක ඇති නේද 2014 දෙසැම්බර් 14 වෙනිදා එවක ජනාධිපති මැදමුලන මරා උතුරු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට මුල්ගල තියනවා ඒ සැලසුමේ හැටියට 2018 වෙනකොට මාර්ගය හදලා ඉවර කරන්න තිබුණා.

    හැබැයි 2015 ඒකාධිපති වියරු වෙසින් පවුල් පාලනයක් ගෙන ගිය දූෂිත මරාව පරාද කරලා බලය ගත්තු යහපාලන ආණ්ඩුව කොළඹ ඉඳලා නුවර යනවා වෙනුවට කොන්ත්‍රාත් එක වෙනස් කරලා නැවත වතාවක් වෙනස් සැලසුමක් කරලා ලේන් හයක් තිබුණ එක ලේන් හතරට අඩු කරලා මුලු කොන්ත්‍රාත් මුදල එක හමාරක් විතර ගානකින් වැඩි කරලා මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමතිගේ දුවගේ කොන්ත්‍රාත් සමාගමකට ඇතැම් උප කොන්ත්‍රාත් වැඩ පවරලා සැලසුමේ හැටියට මිල අධික කොළඹ කොටස් මුලින්ම හදන්නේ නැතුව ඒක වෙනස් කරල නුවර ඉදලා කොළඹට පාර හදන්න පටන් අරන් ඒක කිරිඇල්ල ඇමතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් කරලා වැඩේ අනාගෙන හත්පොලේ ගාගෙන අගක් නැති මුලක් නැති මීරිගම - කුරුණෑගල කොටස හදන්න ගන්නවා අවුරුදු හතර හමාරක් ගිහිල්ලත් කිලෝමීටර් 41ක මේ මාර්ග කොටසේ 5% ක් වත් හදාගන්න දැන් පම්පෝරි ගහන යහපාලන නායකයින්ට බැරිවෙනවා.

    කොහොම උනත් 2019 බලයට ආව රජය විකාරයක් කරලා තිබ්බ මේ මාර්ග කොටස කඩිනමින් ඉදිකිරීමේ වගකීම බාර අරගෙන අවුරුදු 2ක් ඇතුලත හොඳින් හරි නරකින් හරි හදලා ඉවර කරනවා ඔන්න ඕකයි "ඇතුගල්පුර පිවිසුමේ" තිත්ත උනත් ඇත්ත කතාව

    මෙතනදි මාතා දේශපාලනය මොකක් උනත් පක්ෂ පාට මොකක් උනත් විවෘත කරපු මේ අධිවේගී මාර්ගයේ යන හැමෝටම ලැබෙන ප්‍රතිලාභ බොහොමයි ඒ නිසා විපක්ෂෙට කඩේ යන අය ආණ්ඩුවට බැන බැන හරි කමක් නෑ
    සතුටින් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    කොහොම හරි මේ ව්‍යාපෘතිය කඩිනමින් ඉවරකරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තු කම්බ හොරෙක් සහ එතනෝල් ජාවාරම් කාර තක්කඩියෙක් වෙච්ච මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොයියාට සහ මේ වෙනුවෙන් කැපවුණු ඉංජිනේරුවන්ගේ සිට කම්කරුවා දක්වා සියලුදෙනාට මේ මාවතේ සුවසේ යන සියලුදෙනාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

    හැබැයි රජෝ අපි 2024 ආයෙත් රාජ පක්ස කල්ලියට ඡන්දේ දෙන්නේ නැහැ ඒක එහෙම වුණ පලියට හරිද තව දුරටත් මොනිටර් කරන්න ඕන පෆෝමන්ස්...

    ReplyDelete
    Replies
    1. @ Ano 5.32

      සෘණාත්මක දේවල් ගැනම විතරක් විපක්ෂයයි මාධ්‍යයි දවස පුරාම කරන ගෝෂාවෙන් හෙම්බත් වුනු මිනිස්සුන්ට මේ වගේ ධනාත්මක දේවල් දකින්න සලස්වන්න ඕන... නැත්නම් මිනිස්සු ලෙඩ්ඩු වෙනවා...

      ඒ වගේම තමයි ඉස්සර හයිවේ එක හදපු අලුත බුරුතු පිටින් තාර දාපු කාපට් පාර බලන්න ගියා ... වතුර පුරවන්න කලින් වරායේ පතුල බලන්න ගියා ... සුනාමිය ඇවිල්ලා මිනිස්සු කරදරයට පත් උනහම ඒවා වීඩියෝ කරලා සීඩී වලට ගහලා බස් එකක් ගානේ විකුණුව ... දැන් පෝට් සිටිය බලන්න පෝලිමේ ... ඉතින් කෝමද හිතන්නේ මේ මානසිකත්වය තියෙන රටක අලුත් පාලනයක් අලුත් අදහස් සහිත පාලන ක්‍රමයක් ඇතිවේවි කියලා ...?

      පාර ඇරලා ලොකුවට පුම්බා උත්සව තියපු නිසා ආණ්ඩුවේ වහල් බයියො කියන ගව සම්පත මේ දවස් වල ආපහු ටිකක් පණ ගහල ඇවිත් බුකියේ ටික ටික පොර ටෝක්ස් ටිකක් දීලා තියෙන්නේ නේද මචන්? අනෙක් පැත්තෙන් අන්ත අසුබවාදී ජවිපෙ ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ වහල් බයියො කියන මීහරක් හැත්ත නම් ඔච්චර ලොකුවට තියෙන පෝට් සිටිය බලන්න පැය ගණනක් පෝලිමේ ඉඳදා ගිහින් ඇවිත් ඒකේ ලස්සන පින්තූර ටික පොටෝ දාලා නෑ ගිහින් එක තැනක කැඩිච්ච එකක පොටෝ එකක් හොයාගෙන ඒක දාල ඇද කුද ටික නම් බුකියේ දාල පොළවේ පස් කකා වැලපෙනවා. මේව දැකල ආතල් ඕයි, මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

      Delete
  16. වවමු මිතුර වවමු��
    අපි වවමු��
    එන්න එන්න
    ගෙවතු වගාකරමු
    ������������������

    කාබනික ගෙවතු වගාව සඳහාම සැකසූ දේශීය බීජ
    බීජපනතේ සම්මත සමාගමකි

    අතු ගෝවා
    ගෝවා
    බෝංචි
    බීට්රූට්
    බටු ලේනඉරි
    බටු පාදාගොඩ
    කැරට්
    නෝකෝල්
    රාබු බෝල්
    රාබු බීරලු
    කරවිල මාතලේ
    කරවිල කලු
    කරවිල තින්නවේලි
    මාලු මිරිස්
    මිරිස් m12
    මිරිස් ka2
    කැකිරි
    පිපිඤ්ඤ
    බඩඉරිඟු
    සලාද කොල
    වැටකොළු
    මස් මෑ
    හවරි මෑ
    බුෂිටා මෑ
    කන්කුං
    බණ්ඩක්කා දේශීය
    බණ්ඩක්කා හරිත
    බණ්ඩක්කා mi5
    වට්ටක්කා මල්බැරෝ
    පතෝල
    දඹල
    තක්කාලි තිලිණ
    තක්කාලි T245
    අමුකහ බීජ

    එලවලු බීජ වර්ග 34න්
    30ට වැඩිය ගන්නා ඔබට
    පිරිසිදු දේශීය කහකුඩු 10g නොමිලේ

    පැකට් එකක් 45/
    නිවසටම ප්‍රවාහනය
    Cash on delivery -250/
    Bank deposit -150/

    අමතන්න 0761787151

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න