.

.

Dec 6, 2022

ජවිපේ බ්‍රෑන්ඩඩ් වී චේන්ජ් වීම.. දළ දේශීය නිශ්පාදනය ඉහළ යාමට හේතු විය හැක...




 ජවිපේ බ්‍රෑන්ඩඩ් වී චේන්ජ් වීම..

දළ දේශීය නිශ්පාදනය ඉහළ යාමට 

හේතු විය හැක...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖

.

77 ජේ ආර් ඕපන් ඉකොනමිය ගෙනාවට, ඒකෙන් ලිවින් ඉස්ටෑන්ඩඩ් එක චේන්ජ් කර ගත්තේ ඉතා සුළු පිරිසක්. හැබයි මේ අලුත් ලුම්පන් පන්තිය ප්‍රසාරණය වෙන්නේ සුද්දගෙ කාළෙන් පස්සෙ.  ඒ උනත් උන්ට "හයි ක්ලාස්" කල්ට් එක ඇබ්සෝබ් කර ගන්න බැරි උනා. බැරි උනාට වඩා බය උනා කිව්වොත් නිවැරදියි.


ඒකට විශේෂයෙන් හේතු වුනේ ජවිපෙ හා ශ්‍රිලනීපය නියෝජනය කරපු පිරිසගෙ චින්තනය. ගුණදාස අමරසේකර වගේ අයගෙන් මේ සංස්කෘතිය විවේචනය වෙන්නේ ඒකයි. ඇත්තටම බැලුවාම, මේ කල්ට් එකේ විශේෂයක් නෑ. කන බොන, අඳින පලදින, රෙණ නාන, හැමිනෙන එකම තමා කරන්නේ.


ඒත් ඉහළ පන්තිය ඒ සඳහා කරන වියදම අධිකයි. පොෂ්, ක්ලාසී, වැදගත්, හික්මීමක් තියෙනවා. විනයක් තියෙනවා. ආචාර ධර්ම තියෙනවා. වෙනස තියෙන්නේ එතන. එතන ගල් අරක්කු බොන්නේ නෑ. බොන්නෙ ෂිවාෂ්, ජැක් ඩැනියල්. ඒවා එක්ස්පෙන්සිව්.


මෙන්න මේක, ආර්ථික වර්ධන වේගය මනින දළ දේශීය නිශ්පාදනය ගනනය කිරීමේ ප්‍රධානම අංගයන් වෙන, පරිභෝජනය, මිළඳි ගැනීම් හා නව ඉඳිකිරීම් කියන එකට බොහෝ සෙයින් බලපානවා.


ඒකට මිනිසුන්ගේ පරිභෝජන රටාව වගේම බඩු භාන්ඩත් උපකාරී වෙනවා.


උදාහරණයකට අපි වංගෙඩියයි මෝල් ගහයි ගමුකෝ. 


කොච්චර සල්ලි හම්බ කරත් ඒවා බැංකුවට දීලා බදු ගෙවලා රාජ්‍ය සේවය නඩත්තු කරන්නයි සහනාධාර දෙන්නයි දනටයි පිනටයි දීලා වංගෙඩියම දුන් කුස්සියේ තියාගෙන හිටියට රටවත්, ආර්ථිකයවත්, දියුණු වෙන්නෙවත්, වර්ධනය වෙන්නෙවත් නෑ. 


මිනිස්සු ගෙයින් එලියේ තිබ්බ දුම් කුස්සිය වෙනුවට පෑන්ට්‍රී කබඩ් ගගලා කුස්සිය ගේ ඇතුලට ගෙනාවා. බත් මුට්ටි වෙනුවට රයිස් කුකර් ගත්තා. ටට්ට කළු කේතලේ වෙනුවට ඉලෙක්ට්‍රික් කේතලයක් ගෙනාවා, වංගෙඩි ඇඹරුම් ගල් වෙනුවට ග්‍රයින්ඩර් මික්ෂර් ගෙනාවා.


ඊට පස්සෙ දර වෙනුවට ගෑස් ලිපක් එනවා තා ටිකක් පොෂ් වෙන කොට ඒක ලිප් දෙකේ ගෑස් කුකර් එකක් වෙනවා. ඊට පස්සෙ ෆෝ බර්නර් වෙනවා. පාවිච්චි නොකරත් ප්‍රෙෂර් කුකර්, මයික්‍රොවේව් එනවා තව තව ගැජට් එනවා.


මේ දෙවල් වගේම අනික් පාරිභෝගික භාන්ඩත් බ්‍රෑන්ඩඩ් නම් මිළෙන් අධික වෙනවා. අපේ රටේ ඔරිජිනල් බ්‍රැන්ඩඩ් බඩු නැති එක වෙනම කතවක්. නමුත් බ්‍රෑන්ඩඩ් නේම්ස් තියෙනවා.


මේන් මේ කල්ට් එක සමාජයේ හැම එකාම දන්න තත්වයට එන්නේ යුද්ධයෙන් පස්සේ. හැම එකාම රාජපක්ෂලාට බැන්නට, ඔක්කෝටම ඕන රාජපක්ෂ පවුලේ කල්ට් එක විඳින්න. මොකෝ එතන පවුලක් ඉන්නවා. සහෝදර සමාගම පැත්තකින් තිබ්බත්, මහින්ද ලොක්කට ලස්සන පවුලක් ඉන්නවා. එයාලා ලස්සනට අඳිනවා පලඳිනවා, කනවා බොනවා. හැම දේම ක්ලාසී, බ්‍රෑන්ඩඩ්.


ඉතින් හැම එකාම ඕකට ප්‍රසිද්ධියේ වෛර කලාට,මහ මයිනා මැරෙණකන් බලාගෙන හිටියට, ඒ තියෙන්නේ අපිට උරුම කුඩුකේඩූ කම, කුහක කම, එහා ගෙදර එකා කාලා බීලා ඉන්න කොට අපේ ඇඟේ මාළු නටන එක.


ඒත් යටි හිතෙන් ආස අර විදියට ජීවත් වෙන්න.


(ඝෝඨා බලේට ඇවිල්ලා මුලිනුත්, දැන් මහ බැංකුවේ උනුත් කරන්නේ මේ සිස්ටම් එක බෙල්ල කැපුවා වගේ කපලා දාන එක. මුන් නොදන්න ආර්ථිකයට අත නොගහ උන්නා නම් චන්ද්‍රිකාගේ කාළේ වගේ රට හොඳට යනවා.


මේ නොදන්න මළඳාන නොකර දන්න දේ කරගෙන ඉන්න කියලා අපූරූ ලිපියක් හිතවත් Anuruddha Pradeep Karnasuriya මහත්තයා ලියලා තිබ්බා)


මොකක් හෝ ක්‍රමයකින් 2015 ත් 2019 ත් අතර කාළේ ජවිපෙ ඉහළ නායකත්වය මේ ලයිෆ් ස්ටයිල් එක ඇබ්සෝබ් කරගන්නවා. බිස්නස් කාරයෝ වෙනවා, පාරම්පරික බූදල් හිමියන් බවට පත් වෙනවා, එයාලගෙ දරුවොත් පිටරට ගිහින් උපාධි ගේනවා, නයිට් ක්ලබ් යනවා, ග්‍රෑන්ඩ් වෙඩින්ග්ස් ගන්නවා. බ්‍රෑන්ඩඩ් අඳිනවා පලදිනවා. බීලා ගිහින් වාහන හප්පා ගන්නවා.


එයාලා "ග්‍රැන්ඩ් මොනාක්"  එකේ රැස්වෙන්නෙත් ඒකයි. දැන් ආස්සරේ ඇම්බැසිඩර්ලා එක්ක. ඒත් තාම ෂැන්ග්‍රිලා යන්න ලැජ්ජයි. බයයි. නමුත් විය යුත්තේ එයයි.


දැන් එයාලගෙ දරුවෝ ලොකු මහත් වෙලා. කැම්පස් යන්න ළකුණු මදි වෙලා, ඉතින් දැන් "සයිටම්" එක හොඳයි, 


හැබයි ඒකත් එයාලම, ඒ කියන්නේ රජයෙන් කරන්න ඕන. ඒකේ අවුලක් නෑ. මොකෝ එයාලට ඒක කරන්න බෑ කියලා තේරුනාම, ඇමතිකන් දාලා ගියා වගේම, වී FM එක විකුණලා දැම්මා වගේම, කෙලින්ම විකුණලා දායි. එතකොට බිස්නස් දන්න කෙනෙක් ඒක අරගෙන කරයි. ආරම්බයයි වැදගත්.


එතකොට ඒ ක්‍රියාදාමයට විකිණීම වගේ කැත නමක් නොදා, භහිශ්‍රාවීකරණය වගේ වැදගත් නමකුත් දායි. මොකෝ අනික් පක්ෂ වලට ලියන උන් කුළී ලියන්නෝ උනාට, එයාලගෙ පක්ෂයට ලියන අය දාර්ශනිකයෝ, මහා ගත්කරුවෝ ලෙස නේ හදුන්වන්නේ. අනික් උන් 💩 කෑවට, එයාලා කන්නේ නායකයින්ගේ අශූචී.


කෙසේ හෝ හෙට අනිද්දා වෙන කොට අපේ හිතවත් අන්‍රයියත්, ලාල් කාන්ත අයියත් SUV එකක (සමාවෙන්න දෙකක) යනවා දකින එක තමා මගේ එකම ආසාව..


ඒවයෙ හරිනි මැඩම් වගේම හෙල්මට් බලගනයේ උන් දාගෙන ගියත් අපේ හිතේ අහිතක් නෑ.. මොකෝ ඒවත් පොලිටිකල් සබ් කල්චරෙකට අයිතියි. අර කැම්පස් නවකවදේ වගේම.


ආන් ඒක තමා බං අපේ එකම ආසාව..

එකම විනෝදේ....


.

38 comments:

  1. ජේවීපී අනුර කුමාර දිසානායක මිනිහගේ පුංච් අම්මා එක්ක දීග කන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ටිල්වින් හදුන්නෙත්ති සහයෝගිතාව.

      Delete
  2. කපටි වෙසියෙක්.

    ReplyDelete
  3. නාමරූප හෙවත් ද්‍රව්‍ය හා ශක්තිය
    ==========================

    නාමරූප පිළිබඳ බුද්ධ දේශිතය විශ්වය පිළිබඳ ඉතාම ගැඹුරු විවරණයක් ලෙස ගත හැකියි. මෙම වචනය පමණක් ම මේ ලෝකය කුමක්දැයි අර්ථකථනය කර ගැනීමට යොදාගත හැකි මොඩලයක් වේ. වචන දෙකක් ලෙස පෙනුනද බුදුන් වහන්සේ මෙය නිරන්තර ව යොදාගෙන ඇත්තේ තනි වචනයක් ලෙසයි. ඊට ප්‍රබල හේතුවක් තිබෙනවා.

    සරලව ගතහොත්, බුදුදහමට අනුව, නාම (name) යනු මනෝමය ලක්ෂණ වන අතර, රූප (form) යනු භෞතිකමය ලක්ෂණයන්ය. බුදුදහමට අනුව එම ආකාර දෙක එකතුවෙන් පුද්ගලයා නිර්මාණය වී ඇත.

    බුදුදහම නිවන ඉලක්කගත කර තිබෙන හෙයින්, එනම් බුදුන් වහන්සේට භෞතික විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය නොවූ බැවින්, මෙම ඉගැන්වීම් අපගේ පොදු භෞතික ලෝකය න්‍යායගත කිරීම සඳහා යොදා ගත්තේ නැහැ. එහෙත්, පුද්ගල යථාර්ථය අරමුණු කළ මෙම ඉගැන්වීම් පැහැදිලිව ම ලෝකය තේරුම් ගැනීම සඳහාත් යොදාගත හැකිබවට විවාදයක් නැහැ. මන්ද මේ විශ්වයේ ඕනෑම කුඩා අංශු නියැදියක සමස්ත විශ්වයම අඩංගු නිසායි.

    නාම ලෙස බුදුන් වහන්සේ මෙහි උගන්වන්නේ, ශක්තිය (energy) බව අපට පැහැදිලි ව ගත හැකියි. රූප යනු, ඒ අනුව, ද්‍රව්‍ය (matter) වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් භෞතික විද්‍යාවට සිය පෙරළිකාරි විශේෂ සාපේක්ෂතාවාදය හඳුන්වා දෙන විට භාවිත කර ඇත්තේ, ඉහත බුදුදහමේ එන නාමරූප පිළිබඳ සංකල්පය බව ම බව මේ අනුව සිතිය හැකියි. ඉන් අදහස් වන්නේ, ඔහු එය බුදුදහමින් කොපි කළ බව නොවේ. අයින්ස්ටයින් විසින් තම ගුරු Ernst Mach හරහා බුදුදහම දැනගෙන සිටි බව වෙනම කතාවකි.

    නාමරූප යනු බුදුදහමට අනුව දෙකක් වෙමින් ම එකක් ලෙස ද, එකක් වෙමින් දෙකක් ලෙස ද ක්‍රියාත්මක වන ද්විරූපතාවකි. එනම් එක ම යථාර්ථයක දෙවිදියක පෙනීසිටීමකි. ඒ අනුව, නාමය රූපය බවටත් රූපය නාමය බවටත් පෙරළි⁣ය හැකිය. ⁣මේ දෙක එක වචනයක් ලෙස යොදා ගන්නේ, ඒ දෙක එකිනෙක මත යැපෙමින් පවතින හෙයිනි. එනම් මේ දෙකින් එකකට හෝ ස්වාධීන පැවැත්මක් නැත. එකක් අනෙක මත යැපේ. සැරියුත් හිමියන් විසින් මීට දුන් උදාහරණයක් නම් එකිනෙකට හේත්තු කර තිබෙන දරමිටි දෙකකි. එක් දර මිටියක පවා එය මිටියක් වී තිබෙන්නේ, ඒ තුළ ඇති දර කෝටු සමූහයක් නිසාය. ඒ අනුව, නාමය තේමේ ද විවිධ හේතුඵල මත ක්‍රියාත්මක වෙමින්, එය, තවත් එකක් මත, එනම් රූපය මතද යැපේ. මින් පැහැදිලි වන්නේ, මේ දෙක ම එකිනෙක බවට පත්වෙමින් පවතින බවයි. අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ සමීකරණයේ matter සහ energy එකිනෙක බවට පත්වන්නේ ද මේ අනුවයි. එනම් වරක් එය ද්‍රව්‍ය ද, තව වරක් එය ම ශක්තිය ද වේ.

    අපගේ ශරීරය තුළ මෙන්ම එහි ම දිගුවක් වන මහා භෞතිකය තුළ ද ආලෝකයේ වේගයෙන් සිදුවන ගැටීම් (collision) නිසා ශක්තිය නිපදවී ශරීරය සජීවිව පවතී. අප ආස්වාස කරන ඔක්සිජන් එම දැවීමට අවශ්‍ය ඉන්ධන සපයයි. අප මියයන්නේ තවදුරටත් අපට දැවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය අහිමි වූ විටයි. සූර්යා පවා යම් කලක මිය යන්නේ ඊට අනුවයි. පූර්ණ වශයෙන් දැවී ගිය අඟුරු නැවත පිළිස්සිය නොහැකියි.

    කාලය යනු ඉහත ගැටීම තුළ හුදු සම්මතයක් පමණක් බව දැන් අපට වැටහිය යුතුය. මන්ද මේ ගැටීම කාලය ඉක්මවා සිදුවන හෙයිනි. පස්වැනි සියවසේ විසූ බෞද්ධ දාර්ශනික භික්ෂූවක් වන නාගර්ජුන විසින් සිය මූලමාධ්‍යමිකකාරිකා නම් සුප්‍රකට කෘතියේ අතීත වර්තමාන අනාගත යනුවෙන් කාල බෙදීමෙහි පදනම් විරහිත බව වෙනම පරීච්ඡේදයකින් ම දක්වා ඇත. වර්තමාන පටන් ගැනෙන්නේ කොතනද යන්න ඔබට සිතිය හැකි ද? එය සිතන විට ම ඔබ අතීතයට ගොස් අවසන්ය. අප භාවිත කරන සම්මත කාලයට එම සූක්ෂම ක්‍රියාවලිය හසුකරගත නොහැක. අයින්ස්ටයින් මෙය time dilation ලෙස දක්වා ඇත.

    ReplyDelete
  4. හොඳ හරි නරක හරි අදහස් දැන ගන්න
    ඇත්තම හරි බොරුත් කියවල දැන ගන්න
    මෙහෙම අදහසුත් ඇති බව දැන ගන්න
    එමි, කියවමි- ඔබට තුති මාතේ ඔන්න!

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි නිදී, යථාර්තය තේරුම් ගන්න ඕනේ, ඔයා දැක්කද අර පහුගිය දවස් වල Arimac කියන කොම්පැනියේ developer කෙනෙක් ලියුමක් ලියලා තියලා සියදිවි නසාගෙන. සංවේගයට පත් පුරවැසියන් ඒ සිද්ධිය ගැන කතා වුණේ දවසයි. තණමල්විලෙන් කොළඹ ඇවිල්ලා මොරටු කැම්පස් එකෙන් උපාධිය ගත් මිනිහෙකුගේ ජීවිතය එහෙම අවසන් වෙනවා. අරගල කාලේ නම් ෂෙවෝන් ඩැනියෙල්ස් ඒ කොල්ලගේ මිනිය සිරසේ තියාගෙන ඒකත් රාජපක්ෂ කල්ලියේ හොරකම් පිට දාලා මහා රට විගඩමක් නටලා ජනතාව ප්‍රකෝප කරවයි.

      හැබැයි ලියුමට වෙනස් කතාවක් තමයි Arimac නම් කියන්නේ. ඕවයේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න ලැබෙන එකක් නැහැ. මොකද මේ රටේ මිනිස්සුන්ට ඒ වෙලාවට ට්‍රිගර් එකක් දෙන නිව්ස් කෑල්ලක් විතරයි අවශ්‍ය. නිව්ස් කිව්වට ඒවා ඇත්තටම ගොසිප්. ලංකාවේ මිනිස්සුන්ගේ මත්ද්‍රවය තමයි නිව්ස් කෑලි. වට්සැප් එකට “ටින් ටින්” ගාලා පැයකට වරක් එන ක්ලික්බේට් ගොසිප්. අරගලය කාලේ විනාඩි පහෙන් පහට එව්වා. ගෙවල් ගිනි තියන කල් එව්වා.

      ලංකාවේ software developerලාව ලෝකයේ brand කළේ “අඩු වියදම් ශ්‍රමිකයන්” විදිහටයි. ඒකට මූලික වුණේ SLASSCOM සහ ඔය අටවාගෙන ඉන්න කබල් software club සංගම්. Cheap Labour Destination එකක් විදිහට තමයි ලෝකයේ IT conferenceවල අපේ IT කොම්පැනි අයිතිකාරයො ලංකාව ස්ථානගත කළේ. ලංකාවේ සුපිරි Tech Leaders කියන උන් ඇත්තටම කරන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන එකයි.

      ඒකෙන් ඇත්තටම වුණේ product innovation industry එකක් වෙන්න තිබුණ ලංකාවේ IT sector එක නිකම්ම නිකම් BPO industry එකකින් කෙළවර වීමයි. Arimac එකනම් කිසියම් නව්‍යකරණ නිෂ්පාදන හදනවා කියලා පම්පෝරියක් ගැහුවා. චීන රොබෝවෙකුට ලංකාවේ යක්ෂ වෙස්මූණක කන් දෙක දාලා හෙන සංදර්ශනයක් දැම්මා. ඒවට මොනවා වුණාද දන්නේ නැහැ. ඒකෙ ලොක්කා බොරු ෂෝ කාරයා.

      ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට එහෙම ලොකු නව්‍යකරණ විභවයකුත් නැහැ. එහෙම තියෙනවා නම් electric supercar එකක් හදන්න කලින් මුලින්ම කරන්න ඕනා තමන්ගේ ආයතනය පුනර්ජනනීය බලශක්තියෙන් 100% ස්වයංපෝෂිත කරගෙන ඉන්න එකයි.

      ඒ වෙනුවට ලංකාවේ “electric” කාර් එක හදනවා කියලා අවුරුදු පහක් විතර තිස්සේ කයිවාරු ගගහ ඉන්න මිනිහත් ගිහිල්ලා “අපිට වැඩකරන්න electricity දීපියව්” කියලා ගෝල්ෆේස් එකේ අරගල කළා. ඒ තමයි ලාංකිකයන්ගේ නව්‍යකරණයේ සීමාව.

      කොටින්ම මුන්ට ඉලෙක්ට්‍රික් සුපර්කාර් පදින්න ආණ්ඩුවෙන් කරන්ට් දෙන්න ඕනේ, ඇමරිකන් සමාගම් වලට දෙන සබ් කන්ට්‍රැක්ට් ටික නැතිවෙයි කියලා බයට ඇමරිකන් එම්බසියේ පදේට නටන ඔහොම අයි ටී මෑන්පවර් කාරයෝ තමයි ලංකාවේ නවීකරණයට කියලා පොරටෝක්ස් දෙන්නේ

      Delete
    2. ඇත්තටම නිදී අර සියදිවි හානි කර ගත් අසරණ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ සහෘදයා ගැන කියනවනම් එම තරුණයට ගැටලුව වෙලා තිබෙන්නේ “වැඩ අධිකකම” සහ ඒ සමගින් ඇතිවුණ ආතතියක්. ඒක තමයි අර “ලාබ ශ්‍රම cheap labour industry” එකක ස්වභාවය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇපල් ඉන්කෝපරේෂන් සමාගම තමන්ගේ අයිෆෝන් හදලා ගෙන්වා ගන්නේ චීනයෙන්. චීනයේ හදන කොටස් සහ ඇසෙම්බ්ලි එකට කලින් ඒවායේ චිප් ටික තායිවානයේ සහ සොෆ්ට්වෙයා භාරතයෙන්. තවත් විවිධ රටවලින් පොඩි පොඩි කොටස් කීපයක් ගන්නවා.

      මේ ගෝලීය සප්ලයි චේන් එක ස්ටේබල් වෙන්න හේතුව කුමක්ද කියලා කියන්න බලන්න?

      ඇත්තටම ඒකට මූලිකම හේතුව තමයි අඩු වියදම. වියදම අඩුවෙන්න ප්‍රධාන හේතුව තමයි ලාබ ශ්‍රමය. අඩු පඩියට උපරිම ශ්‍රමයක් හූරලා ගන්නවා. ඒ චීන factoryවලත් වැඩ අධිකකම නිසා සමහර ශ්‍රමිකයන් මැරිලා වැටෙනවා. ආතතිය නිසා දිවි නහගන්නවා. දකුණු කොරියාවේ වියට්නාම් වගේ රටවල් වල සැම්සුන් සමාගම වගේ ඒවත් එහෙමයි.

      ලංකාවේ පහුගිය දවස් වල අරගලය කරපු කොළඹ ධනවතුන්ගේ බේබිලා ෆේස්බුක් ලයිව් ආවේ ඒ ඇපල් අයිෆෝන්වලින්.

      ලංකාවේ ආර්ථිකය හදන හැටි අපට උගන්වන ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ උන්නැහේ වැඩ කරන්නෙත් එවැනි ශ්‍රමය සූරාකන ව්‍යාපාරයකටයි. ලංකාවේ ඇඟලුම් කර්මාන්තය කියන්නේ ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රමය ලාබෙට විකුණන මහාපරිමාණ industry දෙකෙන් එකක්. සජිත් ප්‍රේමදාසගේ තාත්තා ඒ industry එක හැදුව කියල පාරම් බාන්නේ ඒත් ඒක ඇමරිකන් එක්සත් ජනපදයේ MAST කියලා සමාගමක හිමිකරුවන් අසූව දශකයේ ලංකාවට ඇවිත් ලංකාවේ මිනිස්සු ගැන පැහැදිලා ජේ ආර් ආරම්භ කරපු නිදහස් වෙළද කලාප වල ටෙස්ට් කරලා බලලා ආරම්භ කළේ ඒ කාලේ මහ ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියා විතරයි, මිනිහා දකුණේ කැරැල්ල මර්දනය කරලා රට සාමකාමී කරලා දුන්නා එච්චරයිඅනෙක් ටික ඇමරිකානු ව්‍යාපාර ඥානය. හැබැයි ඒ කාලේම උන් බංග්ලාදේශයේ ලංකාවට වඩා පොඩියට ලංකාවට වඩා ලෝ එන්ඩ් products වලට ආරම්භ කරපු ඇපරල්ස් ඉන්ඩස්ට්රී එක දැන් වසරකට ඩොලර් බිලියන තිස් අටක් විතර ඒ රටට ගෙනත් දෙනවා ඒත් ලංකාවේ තාම වසරකට ඩොලර් බිලියන පහකට කිට්ටු වෙලා තියෙනවා විතරයි

      දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ලංකාවේ මුල්ම උත්සාහය ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. ඇයට විරුද්ධව කැරලි ගැහුවේ රෝහණ විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ. දේශීය නිෂ්පාදන ආර්ථිකය හැදීගෙන එනකොටම ඒක කඩාකප්පල් කරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන. ඒක හරිම අපූරු පෑහීමක්!

      විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න අයිෆෝන් එකක් ගන්න සිහිනය බොඳ වුණු, විදේශවලට ණය වෙලා ගෙන්වා ගන්න පෙට්‍රල් වලින් දුවන්න කාර් එකක් ගන්න සිහිනය බොඳ වුණු ගොබ්බ තරුණ පරම්පරාවක් තමයි අරගලය කළේ.

      ඒ වගේම සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරලා “මේකද ජීවිතේ” කියලා අද තරුණයන්ට යටිගිරියෙන් විකුණන්නේ අර එදා ජේ ආර් විකුණපු ලිබරල් සිහිනයමයි. මරු නේද!

      මේ “සිස්ටම් බුබුල” බිඳලා දැම්මේ නන්දසේන ගෝඨාභයයි. දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නැවත උත්සාහයක් ගත්තේ ඒ හාදයයි. Tech Parks හතරක් පහක් ලංකාවේ තැන තැන හදමින් හිටියේ ඔය තරුණයන්ට ගිහිල්ලා නව්‍යකරණ නිෂ්පාදන හදන්නයි. නමුත් ඒ උත්සාහයත් නැවත බිඳ දැම්මේ ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමී දේශපාලන ව්‍යාපාර සහ ප්‍රේමදාසගේ පුතාණෝගේ සාදර දායකත්වයෙන්. පෑහීම!

      පරණ ලිබරල් හණමිටි අයිස් ගහන කාලකන්නි මතවාද සමාජගත කරන පැතුම් කර්නර්, රසික ජයකොඩි, ධනනාත් ප්‍රනාන්දු, රොහාන් සමරජීව වැනි ධනපති ඔඩොක්කුවේ කටුකන සුරතලුන්ට අහුවුණේ තණමල්විල කොල්ලෝ කෙල්ලෝ තමයි. අරගලය කියන්නේ මේ රටේ සියලු තරුණයන්ගේ දිවි නසාගැනීමක්. ලංකාවේ අරගලයේ සුජාත පුත්‍රයා වූ අටවන විධායක ජනාධිපති රනිල්ට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එහෙම නේද?

      Delete
    3. හොඳ හරි නරක හරි අදහස් දැන ගන්න
      ඇත්තම හරි බොරුත් කියවල දැන ගන්න
      මෙහෙම අදහසුත් ඇති බව දැන ගන්න
      කියවමි, ලියන එක ගැන පැසසුම් මෙන්න

      Delete
  5. මාතා ජවිපෙ සහ සජබයි මීහරක්ගේ නියම ස්වභාවය දැන ගන්න අර යොහානිගේ අලුත් පින්තූරේට දාපු කමෙන්ට් බලපන්

    යොහානි දැන් හින්දි නිළියක් වගේ මාරම හැඩවෙලා ලංකාවේ ඉන්න බුකියේ හැමිනෙමින් මෙලෝ වැඩක් නැති හින්දා ඊර්ෂ්‍යාවෙන් පුපුරන මීගව සම්පත ඒක දැකලා ඌයියා වෙලා සමහර අවජාතක සිංහල ජාන තාම සක්‍රීයව තියෙනවා.තමන්ගේ රටේ එකෙක් ජාත්‍යන්තරයට ගියාම ඒකට මාරම අමාරැවක් විදියට දැනෙන උන්. ඒක ඊර්ෂ්‍යාවටත් වඩා වැඩි දෙයක්.කුහකකම කිව්වොත් හරි.යොහානිගේ ඔරිජිනල් පේජ් එකේ පෝස්ට් බලද්දී ඒ ජීවීන් ඉන්නවා. රියැක්ට් කමෙන්ට් වල පිරි⁣ලා.ඉන්දියාවේ මිනිස්සු වර්ණනා කර කර ලංකාවේ එකෙක් උඩින් තියද්දී මෙහේ සම🐂 පච කරන්න හදන්නේ.දේශපාලන මගුල් මොනවා උනත් යොහානි කියන්නේ ලංකාවේ සිම්බල් එකක් බොලිවුඩ් වල ඒ ගැනත් ටිකක් ලියන්න පුළුවන් වෙයි ද බන්?

    ReplyDelete
  6. ජනතා විමුක්ති පෙරමුණේ (නැත්නම් ඒ පරණ වයින් දාපු අලුත් බෝතලේ නම එන් පී පී / ජාජබ) වැඩත් හරියට අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතා වගේම තමයි නේද?

    උදාහරණයක් විදියට නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය සීන් එක පත්තරේකට ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චිට දුන්නොත්... මෙහෙම ලියයි;

    "උදේ පාන්දරම වත්ත පහල ලිඳෙන් නාගෙන එන ගමන් දෙවැටේ කෝපි පඳුරෙන් කෝපි මල් අහුරක් කඩාගෙන කෙලිලොල් ලෙස පපුවට තුරුල් කරගෙන එන එන නීල් ආම්ස්ට්‍රෝං දෙස සුමනා ආම්ස්ට්‍රෝං මහත්මිය බලා සිටියේ පපුව පිරී ඉතිරී යන ආදරයකිනි..

    අනේ මේ කොල්ලා ගැලපෙන්නේ නාසා ආයතනයට වඩා පූර්වාරාමයේ හාමුදුරුවන්ගේ පෙරෙහැරේ මිහිඳු පිලිමයට වඩම්මන වාහනයට නේදැයි ඇයට සිතුනි..

    "මොකද අම්මා මේ ඇස් වල කඳුලු... "

    නීල් සිය කොන්ඩයේ අග්ගිස්සෙන් විසිරෙන දියබිඳු සිය මවගේ මූනට ඉසිමින් අසන විට සුමනා ආම්ස්ට්‍රෝං පියවි ලෝකයට ආවේය..

    "නෑ පුතේ මට තාත්තා මතක් උනා.. ඔය මූන තාත්තගෙම කපාපු පලුව.. "

    සුමනා කීවේ නෙතු අගින් මෝදු වෙමින් පැවති කඳුලක් පිට් අල්ලෙන් පිස දමමිනි..

    "ඔන්න ඔන්න ඉතින් මම හඳට යන්න යනකොටත් අම්මා අඬනවනෙ.. මේ ඕව වැඩක් නෑ කෝ අද අම්මගෙ පුතාට කවන්නෙ නැත්ද.. "

    වයස තිහක් වුවද තාම පොඩි එකෙක් මෙන් තමා සමග හුරතල් වන නීල්ට කන්නට දුම් දමන උදේ ආහාරය මැටිකෝප්පයට බෙදාගත් සුමනා කඩිනමින් එන විටත් නීල් සිටියේ රතු පාට කහපාට නිල් පාට මුසු වුන ත්‍රී කලර්ස් ලංකට් එකක් ඇඳගෙනය.. වෙනදා ලංකට් එකක් ගත්තත් තමන්ට පෙන්නා අම්ම්මෙ මෙහ්.. ලසන්නද කියා පෙන්වන නීල් අද එහෙම නොකලේ ඔහුට එය සිය පෙම්වතියක් විසින් තෑගි දුන් එකක් නිසා බව සුමනා තේරුම් ගත්තාය.. මගෙ කොල්ලා දැන් පොඩි එකෙක් නෙවේ.. උගෙ අහසටත් ලස්සන හඳක් පායාගෙන එනව ඇති කියා සුමනාට දැනුනේ නීල්ගේ කමිස වල වෙනදා නොතිබුන කාන්තා සුවඳ විලවුන් සුවඳක් සතියක පමන සිට දැනෙන්නට වීමත් සමගෙය..

    මඩක්කුවට උණු උණු කැකුලු හාලේ බත් සමග බටර් බෝංචි කිරට උයා ඉස්සන් බැදුමක් පොල් සම්බෝලයක් සමග රතුලූනු ගෙඩි දෙකක් දමාගෙන එන සුමනා දෙස නීල් බලාසිටියේ ආදරයෙනි..

    "අනේ අම්මා මට රතුලූනු එපා .. "

    වෙනදා බත් සමග රතුලූනු ගෙඩි පහක් හයක්ම ආසාවෙන් කන නීල් අද රතුලූනු එපා කීම සුමනාට මුවගට හිනාවක් ගෙන එන්නක් විය..

    "අනේ අනේ කොල්ලො උඹට දැන් රතුලූනු එපා නේද.. මොකද කෙල්ල කීවද ඉඹිනකොට රතුලූනු ගඳ එනව කියලා."

    සුමනාගේ පැනයට පිලිතුරු දීම වෙනුවට ලංකට් එක පිටින්ම ඇඳේ ඉඳගෙන සිමෙන්ති පොලවේ අම්බිලියන් අඳින නීල් දෙස සුමනා බලා සිටියේ අනුකම්පාවෙනි..

    "ලැජ්ජා වෙන්න දෙයක් නෑ පුතේ .. පුතා දැන් ලොකු ළමයෙක්නෙ.. ඉතින් අපිටත් බලන්න ඔය කෙල්ලව ගේන්නකො.."

    "හරි හරි අම්මා මම හඳට ගිහින් ආවම අම්මට පෙන්නන්න ගේන්නම්කො ලේලි පොඩ්ඩව.. "

    සුමනා බෙදාගෙන ආ බත් සියල්ල කවාගත් නීල් සුදු ශර්ට් එක ගෙන අඳින්නට සූදානම් වන විට සුමනා සිය කාමරයේ අල්මාරිය විවුර්ත කර රතු පාට ලිනන් කමිසයක් දෝතින්ම ගෙන නීල්ට ලං වූවාය..

    "මෙන්න පුතේ මම පුතාට ලස්සන කමිසයක් ගෙනාවා . පුතා හඳට යනව කියලා දැනගත්තම මම මේක ගෙනාවෙ .. බලන්නකො ලස්සනද කියලා."

    රතු කමිසය සහ බතික් සරමින් සැරසුන නීල් දෙස බැලූ සුමනාට පෙනුනේ මීට වසර විස්සකට පෙර මියගිය සිය සැමියා වූ සුගතපාල ආම්ස්ට්‍රෝං ය..

    "ඇරපු අතක් නෑ පුතේ ඔයානම් තාත්තා වගේමයි.. "

    ×××××××

    ReplyDelete
    Replies
    1. නාසා ආයතනෙයේ වැඩකරන අන් සගයන්ට දෙන්නට සැදූ කිරිබත් පාර්සලයත්  උම්බලකඩ යහමින් යෙදූ කට්ට සම්බෝල බෝතලයත් පපුවට තුරුලු කරගෙන තමන් දෙස බලාගෙන සිටින සුමනාගේ නෙතගින් ගිලිහුන කඳුලක් පිසිමින් නීල්

      "ඔන්න ඔන්න මේ හොඳ දවසෙත් අම්ම අඬනවනම් මම අම්මට හඳෙන් කිරිපැනි ගේන්නේ නෑ හොඳද.. "

      කියාගෙනම සිය මවගේ දෙපා නැමද ආශිර්වාද ගත්තේය.. නලල සහ කම්මුල් සිපගත් නීල් සිය ගගන ගාමි ඇඳුම් සහිත ගමන් මල්ල ගෙන එලියට බහින විට එහා ගෙදර පද්මා අක්කා ඉස්සරහට ආවේ වතුසුදු මල් දැමූ වතුර වීදුරුවක්ද අතැතිවය..

      "ඔන්න අපේ ගගන ගාමී මල්ලිට තුනුරුවන්ගෙ පිහිටෙන් හඳට ගිහින් එන්න ලැබෙන්න කියලා මම පන්සලට බාරයකුත් උනා.."

      දෙවැටේ ඈතට නොපෙනී යන නීල් දෙස බලා සිටි පද්මා සුමනාගේ මූන බලාගෙන සිටියේ සිනාමුසු මුහුනෙනි..

      "අපේ කොල්ලට වරදින්නෙ නෑ නැන්දේ.. මූ හඳට යන්න ඕනෙ එකෙක් නෙවේ මුගෙ ලස්සන දැක්කම හඳ මූ ගාවට එයි..."

      නාසා ආයතනයේ දොරටුවෙන් ඇතුලට එන නීල් දෙස ආයතනයේ පිලිගැනීමේ කවුන්ටරයේ සිටි ගයනි බලා සිටියේ සිනා මුහුනෙනි..

      "අප්පා .. අදනම් අපේ නීල් සර්ගෙ ලස්සන දැකලා අපේ කෙල්ලගෙ පපුව පැලෙයි.."

      "ඔන්න ගයනා ඔයාලට අපේ අම්මා දෙන්න කීවා මේ කිරිබත් එක.. ඒක නෙවේ කෝ අද මගේ කෙල්ල පේන්න නැත්තෙ මොකද.."

      "අනේ මන්දා සර් කෙල්ල උදේ ඉඳන් වැලහින්න වගේ අඬනව සර් හඳට යන එකට බය වෙලා..සර්ම ගිහින් නලවන්නකො අන්න රොකට් එක ගාවට වෙලා එංජිමට නලල තියාගෙන හූල්ලනවා.."

      රොකට්ටුව සහිත කාමරයට ගිය නීල් දුටුවේ රොකට් එංජිමට හිස තියාගෙන තමන්ට පිටුපා සිටින චායා ය.. ඇයගේ උරහිස ගැස්සෙන ආකාරයෙන්ම ඇය ඉකිගසමින් හඬන බව තේරුම් ගත් නීල්ගේ තුන් හිතම හිරිවැටී ගියේය..

      මැනික මම හඳට යන්නෙ නැතුව ඉන්නද එහෙනම් ...

      නීල්ගේ කටහඬට එකවරම හිස ඔසවා බලා තමන්ගේ පපුවට තුරුලු වී අඬන්නට ගත් චායාගේ හිස අතගාන නීල්ටද හැඬුම් ආවේ ඉබේටමය..

      මම ගියාට එනවනෙ මැනික .. මම ගියාට යන්නෙ මගෙ මැනිකවත් අරගෙනනෙ.. හඳට ගියත් මගෙ මැනිකව අමතක වෙන්නෙ නෑ මට.. මේ බොරුනම් බලන්නකො..

      නීල් තමන් ඇඳ සිටි බතික් සරම දනහිසෙන් උඩට ඔසවා පෙන්නද්දී චායා දුටුවේ ඔහු සරමට යටින් තමන්ගේ රේන්ද අල්ලපු යට සායක් ඇඳ සිටින බවයි..

      අනේ මගෙ මහත්තයො.. මොකද මේ.. අනේ මට පවු පිරෙයි දෙයියනේ.. ඒ තරම් වටිනවද මේ හිඟන කෙල්ලගෙ ආදරේ...

      මට මගෙ මැනික තරම් වටින දෙයක් මේ ලෝකෙ නෑ රත්තරන් ..

      චායා සිය හෑන්ඩ් බෑගයට අත දමා ලොකු පාර්සලයක් සහ තවත් කුඩා පාර්සල් කීපයක් ගත්තාය..

      "මෙන්න මහත්තයො මේ පිරිත් නූල අතේ බැඳගන්න .. මම ඕක බෙල්ලන්විල පන්සලෙන් ගෙනාවෙ.. මේ මල් පොකුර රොකට් එකේ ඩෑශ් බෝඩ් එක උඩ තියාගන්න .. මේ මම ඊයෙ ඇඳලා හෝදපු නැති ගවුමක්.. නිදාගන්නකොට ඒක කොට්ටෙට තියාගන්න.. මේකෙ තියෙන්නෙ රොකට් එකේදි පොඩි බඩගින්නක් ආවොත් කන්න සීනිසම්බෝල දාපු පාන් ටෝස්ට් කරපුවා වගයක්.. "

      සීනිසම්බෝල දැමූ පාන් එකේ සුවඳට නීල්ට එය එවලේම කන්නට තරම් සිතක් ඇතිවිය. පවු දෙයියනේ කෙල්ල උදේ පාන්දරම නැගිටලා හදන්න ඇති...

      "ආ.. මොකද.. මොකද මේ අද අපේ කොල්ලව හඳට යවන්න බෑ කියනවද.."

      එතනට පැමිනි එඩ්වින් සහ මයිකල් කල විහිලුවට හිස ඔසවා බැලූ චායාගේ කම්මුල් රතු විය..

      "එහෙනං පරිස්සමට ගිහින් එන්න මගෙ මහත්තයෝ.. හඳේදි ලස්සන කෙල්ලෙක් එහෙම දැක්කොත් මේ හිඟන පවුකාරිව අමතක කරලා දාන්න .. "

      චායාගේ කටහඬ හැඟුම් බර විය.. ඇයගේ හිස අතගෑ නීල්..

      "එහෙම උනොත් ශ්‍රී මහ බෝධියෙ දක්ෂිණ ශාඛාව කඩා වැටෙයි රත්තරන් ... "

      චායාගේ හිස සිපගත් නීල් රොකට්ටුවට ගොඩ විය..
      " නංගි අපි ගිහින් එන්නම් එහෙනම් .."

      එඩ්වින් සහ මයිකල් ගේ වචන වලට හැඬුම නිසා කතා කරගැනීමට නොහැකිව හිස දෙපසට වැනූ චායා පසෙකට වූයේ රොකට්ටුවේ දුම් වලට ඇදුම වැඩිවිය හැකි නිසාය..

      රොකට්ටුවට ගොඩ වුන නීල් මුලින්ම කලේ සුදු මල් අහුරක් ඩෑශ් බෝඩ් එක මත තැබීමය.. ජනේලයෙන් එබී බලූ මයිකල්..

      "මචං කෙල්ල දුකෙන් ඉන්නෙ.. ඒකි හඳක් බං .. උඹ අපරාදෙ හඳට යන්නෙ.."

      නීල් සිය දබර ඇඟිල්ලෙන් කඳුලු පිසදමාගෙන රොකට්ටුව තුල වූ රේඩියෝව ක්‍රියාත්මක කලේය..

      බොහොත ප්‍යාරෙ කර්තේහේ තුම්කෝ සනම්...

      මිහිරි හින්දි ගීතය නීල්ගේ දුක තවත් වැඩි කරන්නට සමත් විය.. ජනේලයේ වීදුරුවට අත තැබූ නීල් බිම සිටි චායාට අත වනා රොකට්ටුවේ සුක්කානමට තුන් වරක් වැඳ එන්ජිම පන ගන්වා අහස දෙසට වේගයෙන් ගමන් කලේ තව එක් වරක් හෝ පහල බැලුවොත් චායාගේ හැඬුම් බර මුහුන දැකීම නිසා තමාට හඳට යාමට නොහැකි වේ යැයි ඇති බිය නිසාය.. ""

      ×××××

      ඔහොමනේ ඌ ලියන්නේ අරුනුත් ඒ වගේම තමයි රට බයිල කෝටියක් විතර ගහනවා කයියයි පඩ ගඳයි විතරයිනේ

      Delete
    2. @ ඇනෝ

      😁😁♨️♨️😁♨️😁😁💗💗✌✌

      මේක මරු ඕයි...... 😁✌

      Delete
    3. පට්ටයි අෆ්ෆා

      Delete
  7. දඹදිවෙන් එන උතුරු සුළඟ.... (Indian Haze episode ) ගැන....

    අහස අඳුරු වෙලා බත ඉදෙන්නේ නැද්ද.. මෛනාට මුකුත් වෙලාද... නෑ නෑ ඒක නෙවෙයි හේතුව...

    Haze episode එකකදි සිද්දවෙනුයේ වගාභූමී වලින් ඉතිරිවෙන ද්‍රවය ගොවීන් විසින් ගිනිතැබීම නිසා පරිසරයට මුක්ත වන Particulate matter(PM) ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහල යාමයි. මෙම PM කොටස් සුලඟ සමග ඉන්දියානු උප මහද්වීපය පුරා පැතිරීම සිදුවේ. මේ සමානම සංසිද්ධියක් අග්නිදිග ආසියාවේ තායිලන්තය , කාම්බෝජියාව ආශ්‍රිතවද සෑම වසරකම අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා සිදුවේ. දේශසීමා හරහා අංශුමය ද්‍රව්‍ය සංසරණය ආසියානූ වායූ දූෂණයේ ප්‍රභලතම ගැටලුවයි. මෙයට බලපාන මූලිකම සාධකය කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනයයි. (මේ අවස්ථාවේදී ඉන්දියාවේ ඉන්දියාවේ බොහෝ නගර වල AQI අගයන් 150 ඉක්මවා ඇති අතර සමහර නගර වල 600 ඉක්මවා ඇත.PM අගයන්ද සංසරණ වායූ තත්ව නියෝග වල සම්මත අගයන් දැඩි ලෙස ඉක්මවා ඇත.

    ඒ අනුව අංශුමය ද්‍රව්‍ය සුලඟ සමග ශ්‍රී ලංකාව පුරා පැතිරීම මෙම මීදුමක් මෙන් දිස්වෙන වායුගෝලයක් දර්ශණය වීමට ප්‍රධාන හේතුව වේ. නමුත් ලංකාවේ AQI දර්ශකය මිනුම් කරනුයේ කොලඹ සහ මහනුවර යන නගර වල පමණි. කොලඹ AQI අගය 150 ඉක්මවා ඇති අතර මහනුවර AQI අගයද 150 ඉක්මවා ඇත. මේ ඉහලයෑමට PM හී සාන්ද්‍රණය ඉහල යාම ප්‍රධාන සාධකය විය හැක. මේ අගය අනෙක් නගර වලද මේ ආසන්නව පැවතිය හැකි වුවද මිනුම් කිරීමට මධ්‍යස්ථාන පිහිටුවා නොමැති නිසා එය අගයක් ලෙස ප්‍රකාශ කල නොහැක.

    ලංකාවේ සංසරණ වායුවේ සම්මත PM අගය PM 2.5 හා PM 10 ලෙස කොටස් දෙකකට දැක්වේ. අංශුමය ද්‍රව්‍ය (PM)ආසියානු කලාපයේ AQI අගය ඉහල යෑමට ප්‍රධාන දායකත්වය දැක්වුවත් මධ්‍යධරණී රටවල AQI ඉහලයෑමට බලපානුයේ භූමී මට්ටමේ ඕසෝන් සාන්ද්‍රණය වේ. ඇමරිකානු කලාපයේදී මෙය නයිට්‍රජන් ඩයොක්සයිඩ් වේ.

    මේවැනි තත්වයකදි සාමාන්‍යයෙන් ලබාදෙන උපදෙස් දෙකකි.
    මාස්ක් එකක් පලඳින්න..
    හැකි සෑම විටම ගෘහස්තව ඉන්න..

    ReplyDelete
  8. ජවිපෙට සම්බන්ධ ජාතික බලවේගයේ න්‍යායාචාර්ය බකපණ්ඩිතයන් ඇතුලු හීනමානකාර මුග්ධ තකතීරුවන් විසින් සමාජ ගතකරන ලද මතවාද සමග ලංකාවේ නාඹර තරුණ තරුණියන් අතර කවරදාකටත් වඩා වේගයකින් මත් කුඩු, මත් පෙති, අයිස් වගේ විෂ මත්ද්‍රව්‍ය මේ රට වෙලාගනිමින් ඉන්නවා.

    දැනටමත් කොළඹ ප්‍රධාන කරගෙන රටපුරාම පාසල් මට්ටමින් බාල වයස්කාර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අයිස් මත්ද්‍රව්‍ය වලට හුරු වෙලා.

    ඒ අතරේ විෂමාචාර ක්‍රියාකාරකම් හමගම ඒඩ්ස් වේගයෙන් පැතිරෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ ඒඩ්ස් පැතිරෙනවා.

    ලංකාව අපේ මාතෘ භූමිය ලෙස මෙතෙක් කාලයක් මේ දේවල් වලින් ආරක්ෂා වුනේ නීතිය හෝ පොලීසිය නිසා නෙවෙයි. රටේ සමාජයෙන් පැනවුනු සංස්කෘතික ශික්ෂාවන් නිසා. ඒක මටත් හරියටම තේරුනේ මේ ඕස්ට්‍රේලියාවේ සමාජ සංස්කෘතික ක්‍රමය සමග අත්දැකීම් තුලින් විතරයි එතකන් මමත් කල්පනා කලේ ලංකාවේ සංස්කෘතිය මීට වඩා බටහිර සංස්කෘතිය අනුව විකාශනයට ලක් විය යුතු යි කියා

    ඒ වුණාට දැන් වයස අවුරුදු තිස් අටක් පමණ වන වැඩිහිටියෙක් විදියට මගේම පෞද්ගලික අත්දැකීම් අනුව මේ ලෝකයේ කිසිම රටක් නීතියෙන්, පොලීසියෙන් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න බැහැ. ඒක කරන්න බැරි වැඩක්.

    මේ තමයි එකම පිරිසක් පහුගිය කාලේ සුද්දො වගේ ජීවිතය විඳින්න ඕනෙයි කියලා 2500 සංස්කෘතියට, සභ්‍යත්වයට දිගින් දිගටම පහර දීමේ ප්‍රතිඵල.

    ගංජා ඇතුලු විවිධාකාර විෂ මත්ද්‍රව්‍ය සහ අන්සේෆ් සෙක්ස් නෝමලයිස් කරලා, ඒවට විරුද්ධව වචනයක් කිව්වොත්, ඒ මිනිස්සු "2500 ගොඩේ බයියෝ" කිරීමේ ප්‍රතිඵල.

    ඔය දකුණු ආසියාවේ ඉන්දියාවට පහලින් තියෙන, දුඹුරු හමක් තියෙන ග්‍රාමීය ගොවි ධීවර පසුබිමකින් පැවත එන මිනිස්සු ජීවත් වෙන දූපතක්.

    මේකෙන් 2500 සංස්කෘතිය අයින් කළාම මේක ස්විට්සර්ලන්තයක්, එංගලන්තයක් වෙයි කියලා හිතන්නේ අතාර්කික, හීනමානයක ජීවත් වෙන මෝඩයො.

    මේ දූපතෙන් 2500 සංස්කෘතිය අයින් කළාම හැදෙන්නේ තවත් පිලිපීනයක්, දකුණු ඇමරිකානු රටවල් වගේ විගඩමක් . ඒ බව කාලය විසින් ඔප්පු කරාවි.

    ReplyDelete
  9. ජපානයේ ජයිකා ණය ආධාර මත නිර්මාණය කිරීමට සූදානම්ව සිටි රටට කිසිම විදිහකින් ඔරොත්තු නොදෙන කිලෝ මීටර් පහළොවක් වගේ ඉතා කෙටි දුරක් සඳහා ඩොලර් බිලියන එක හමාරක් විතර අති විශාල දැවැන්ත මුදලක් විදේශ ණය ලෙස ලබා ගනිමින් ඩොලර් මිලියන තුන්සීයක් වත් නොවටිනා තනිකරම සුදු අලි ව්‍යාපෘතියක් වූ මාලබේ කොළඹ එල් ආර් ටී ලෝ කැපෑසිටි ලයිට් රේල් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමට බලපෑ ප්‍රධානම හේතුව නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදේශ ණය ගැනීම සීමා කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයයි. ඒ වනවිට වැඩ ආරම්භ කොට තිබූ ව්‍යාපෘති හැර රටට සැලකිය යුතු මට්ටමක විශාල ප්‍රමාණයේ ප්‍රතිලාභයක් හිමි නොවන අනෙක් සියළුම සුදු අලි ව්‍යාපෘතීි නතර කිරීමටත්, අළුතින් කිසිදු ණය මත ඉදිකිරීම් සදහා ගිවිසුම් ගත නොවීමටත් අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර සියලුම ව්‍යාපෘති දේශීය ආයෝජන මත ඉදිකිරීම් සිදුකිරීමටත් ගත් තීරණයයි. එදා ඔහූ ගත් තීරණය අද දින බලා ගත් තීරණයක් නොවේ. නිදහසින් පසු ගත් බිලියන ගනනක ණය පරිභෝජනය කල පරම්පරාව අවසන් වෙමින් යතත් අපගේ දරු පරම්පරාව අද විදින අපහසුතාවයට හේතුව එයයි. ගෝඨා අද ගත් තීරණයේ ඵල නෙලන්නට තිබුනේ තවත් අවුරුදු 15 කින් පමණ. කණගාටුවට කරුණ වන්නේ තමන්ගේ දරුවන්න් ගැන සිතා ඉවසීමට හැකි වැඩිහිටි පරම්පරාවක් නැති වීමත්, තමන්ගේ අනාගතය ගැන සිතා වර්ථමානයේ ආතල් එක කැප කිරීමට සූදානම් නොවූ තරුණ පරම්පරාවත් තමන්ගේම වල තමන් විසින්ම කපා ගැනීමයි. ණය ගැනීම සිස්ටම් එක වෙලා තිබ්බ රටක ණග ගැනීම නතර කිරීම සිස්ටම් චේන්ජ් එක නෙමෙයිද? උඹලා හෙව්ව සිස්ටම් චේන්ජ් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ETHAKOTA CHEENA EKKA SIGN KALE PAKADA?

      Delete
    2. ඇනෝ 7.26

      කතාව ඇත්ත තමයි ඉතින් ඒත් පොර උත්සාහ කළේ විදේශ ණය ගෙවලා ඉවර කරන්න නමුත් සංචාරක ව්‍යාපාරය කඩාවැටී රටේ කර්මාන්ත ශාලා මාස ගණනක් වහලා තියලා විදේශ ශ්‍රමිකයන් සල්ලි එවපු එකත් නැවතිලා තියෙද්දි පවා රටේ ඊනියා කීර්ති නාමය වෙනුවෙන් කියලා දිගටම කලින් ගත්ත විදේශ ණය ගෙවන්න කටයුතු කළ එකෙන් පොර ඇණගත්තා එක පැත්තකින්, විශේෂයෙන්ම යහපාලන රජය කාලේ එජාපය විසින් ඩොලර් බිලියන 13.5 ක් ඉන්ටනැෂනල් සවරීන් බොන්ඩ් කියන අධික පොළී කෙටිකාලීන ණය වලින් බිලියන එක හමාරක් ගෙව්වා ඒක නොගෙවා ඉන්න එක ගැන පොර බයවුණා ලංකාවේ විදේශ ණය ගෙවීම නවත්වලා දැම්මා නම් වඩා හොඳයි දැන් කරනවා වගේ

      මම හිතන්නේ රජය මගින් විදේශ ණය නොගෙන අපනයනය සඳහා පමණක් ආරම්භ කරන විදේශ ආයෝජකයන් සඳහා ආයෝජන වලට පහසුකම් සැලසීම අවශ්‍යයි කියලයි

      පෝට් සිටි එක වගේ ඒවා, ශ්‍රැංගිලා හෝටලය වගේ ඒවා හම්බන්තොට කර්මාන්ත පුරය වගේ දේවල් එතකොට ඉන්දීය ආදානි සමාගමෙන් ආයෝජනය කර ඉදිකිරීම් කටයුතු කරගෙන යන කොළඹ වරායේ බටහිර ජැටිය වගේ සේරම ඒවා රජයට බරක් නෑනේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර නිසා රජයට බරක් නෑ ඉඩම් වෙනුවෙන් ලාභයෙන් කොටසක් නිකන්ම රජයට ලැබෙන ආදායම් මාර්ගයක් ඒ වගේ දේවල් ගැනනම් මමත් ඇතුලුව බහුතරයක් දෙනා එකඟ වෙනවා නේද?

      Delete
    3. එතකොට එච්චර කල්පනා කල මිනිහා කාබනික වගාව ගැන ගත් තීන්දුව

      Delete
  10. රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

    මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
    මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

    නිවන් සැප ලැබේවා

    ReplyDelete
    Replies
    1. @ anonymous

      ඔය යකා ඔහොමම තමයි අනුන්ගෙ ප්‍රශ්න වලට දාර්ශනික වශයෙන් බලු කතා කියනවා තමුන්ගෙ කේස් වලදී අමු ගෝත්‍රික වැඩ කරන්නේ

      වෙනත් තරුණියන් ගැහැණු සතු පියයුරු ගැන වල් කතා කියද්දී එකෙක් පොරගේ දුව ගැන ඇහුවාම කමෙන්ට් මොනවා

      ලංකාවේ සුළුතර ප්‍රජාවට කිඹුල් කඳුළු හෙළනවා නමුත් ඔසී රටේ සුදු ජාතික ජාතිවාදී බලු වැඩ ගැන උත්තර නෑ

      දුප්පත් ලංකාවට මියන්මාර් වලින් ලංකාවට රොහින්යා සරණාගතයන් එනකොට ලංකාවේ ආණ්ඩුව පැනලා උන්ව බාර අරගෙන උන්ට සියලු පහසුකම් පුරවැසිකම් සේරම දීපිය කියලා කුණුහබ්බ කියලා ලංකාවේ අහිංසක මිනිස්සුන්ට බනිනවා

      ඩොලර් බිලියන ගණනක් ආදායම් තියෙනවා ජනශුන්‍ය අතිවිශාල රටක් වශයෙන් ඕස්ට්‍රේලියාවට එන සරණක් පතා එන අසරණ සරණාගතයන් අසික්කිත විදිහට එලවන එක, ලංකාවේ ටීවී චැනල් වල සහ පත්තර පිටු ගණන් එහෙට එන්න එපා කියලා බල කරලා ඇඩ් දාන එක ගැන මූ දන්නේ නැහැ ගොන් පඩ හීනමාන හිවල් ගොබිලෙක්

      Delete
    2. රසික කියන්නේ මානසික රෝගියෙක්. අනුකම්පා කරමු.

      Delete
  11. මාතලන් දැක්කද කොල්ලුපිටියේ සිදු වූ රිය අනතුරකට පසු සිදුවූ ඉතාමත් සංවේදි දර්ශනයක්?.

    කොල්ලුපිටියේ දී මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක ත්‍රීරෝද රියක් ගැටී ත්‍රීරෝද රථ රියදුරා මිය ගිය අතර මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ බිරිද මහ මග දමාගෙන තවත් කාන්තාවක් පාර අතුගාන කම්කරු කාන්තාවක් ඇතුලු විශාල පිරිසක් ඇයට අමානුෂික ආකාරයෙන් පහර දේ, අසභ්‍ය වචන පාවිච්චි කරලා පරුෂ වචනයෙන් බැන වදියි.

    මේ පහර දීම / බුලි කිරීම සිදු කරන්නේ මිය ගිය ත්‍රීරෝද රථ රියදුරාගේ නාමයෙන් වූවත් මේ පහර දෙන පිරිසට මිය ගිය පුද්ගලයා පිළිබඳ වේදනාවක් ඇතැයි සිතීම අමු බොරුවකි.

    මොවුන්ට ඇත්තේ මෝටර් රථය සහ එයින් ගමන් කරනා මිනිසුන් පිළිබඳ ඇරියස් එකකි.

    මේ අරගල ජෙපි මානසිකත්වයෙන් මෙරට සමාජයට ලැබුනු දයාදයි.

    මෙලෙස මහ මග නීතිය අතට ගෙන පහර දෙන, බුලි කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඉක්මනට නැතුව මේ වගේ දේවල් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් භයානක දෙයක්, මේක බලන්න;

    https://www.instagram.com/reel/Cl_RYw0IY-E/?igshid=MDJmNzVkMjY=

    ReplyDelete
  12. මාතලන් -කෝටිපති ගුවන් යානා හිමිකරු, මා හිතවත් රොබට් ඉංග්ලිස් ගැන කතාවක් කියන්න තියෙනවා, ඇත්තටම අප දෙදෙනා කැටුව යාමට රොබට් ඉංග්ලිස් තමා විසින්ම තම රථය පදවාගෙන නෙල්සන් ගුවන්තොටුපලට පැමිණසිටිනු දැක අප පුදුමයට පත්වූ අතර කුඩා ජංගම දුරකතනයක් භාවිතා කරනා මොහුගේ ඉතා සරල බව නිසාම අතිශය සිත් ඇදගන්නා සුලු කෙනෙක්. නිතර ගුවන් යානා මිලදී ගැනීම සහ විකිණීම කලද ඉතා දීර්ග කාලයකින් තමාට අලුත් වාහනයක් මිලදී ගැනීමට අමතක වුනු බව පැවසූ රොබට්, යතුර දමා කරකැවූ විට පණ ගැන්වේ නම් එය හොඳ වාහනයක් බව තමන් විශ්වාස කරන බවත් සිනහා සලමින් පැවසීය.

    නවසීලන්තයේ අභ්‍යන්තර ගුවන් සේවාව නවමගකට යොමුකරමින් ජාතික ගුවන් සේවයේ එවකට පැවති ඒකාධිකාරය බිදදමමින් 1979 වර්ශයේ නව ගුවන් සමාගමක් බිහිකල රොබට් ඉංග්ලිස්, පසුව එම ගුවන් සමාගම ජාතික ගුවන් සේවයට විකුණාදමන ලදී. එවන් වටිනා ගුවන් සමාගමක් එහි හොදම කාලයක් ගතකරමින් සිටියදී විකුණාදැමුයේ මන්දැයි ඇසූවිට සිනහ මුසු මුහුණින් ඔහු පැවසුයේ "මහා විසාල සමාගමක් හිමිවනවාට වඩා කුඩා සමාගමක් හිමිවීමේ ද අමුතුම ගතියක් ඇතිබවයි". ඉන් පසුවද ඔහු ගුවන් සමාගම් කීපයකම හිමිකාරීත්වය දරා ඇත.

    වරක් තමන් අයිස්ලන්තයෙන් මිලදීගත් ගුවන් යානයක් සීශෙල්ස් දූපත්, මාලදිවයින, ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව හරහා නවසීලන්තයට ගෙන්වා ගත් කතාව සහ සීශෙල්ස් දූපත දැකීමට තමා කලක සිට ඉතා ආශාවෙන් පසුවු බවත් කියූ විට, ශ්‍රීලංකාව හරහා නොආවේ මන්දැයි මා විමසූවිට ඔහු පැවසුයේ තමාට ඒ පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණ බවයි. අප සංචාරක අමාත්‍යාංශය ඇතුලු ආයතන,වෙනත් රටවල් කරනවාක් මෙන් යූටියුබ් ආදී මාධ්‍ය භාවිතා නොකිරීම ගැන එවිට මට නැවතත් කණගාටුවක් දැනිනි. මාර්කෝපෝලෝ තමන්ගේ ලොව වටා සංචාර වලදී දුටු ලස්සනම රට ලංකාව බව සටහන් කර ඇතිබවත්, අතීතයේ සිටම විදෙස් වෙළෙන්දන් මේ රට miraculous island නමින් හදුන්වා ඇති බවත් මම ආඩම්බරයෙන් ඔහු සමග පැවසීය. ටොලමිගේ සිතියමේ තැප්‍රොබේනය ඉන්දියාවටත් වඩා ලොකුවට සිතියම් ගත කළේ එකල ලෝකය මේ අපූරු රට ගැන අසා සිටි ආකාරය නිසා බවත්, ඇරිස්ටෝටල් බ්‍රිතාන්‍ය හැදින්වූයේ තැප්‍රොබේනයට වඩා මදක් විශාල දූපතක් ලෙස බවත්, පුරාණ රෝමයේ රජකළ ක්ලෝඩියස් රජුගේ මධ්‍යධරණී මුහුද අවට යටත් විජිත වල බදු එකතු කළ සුර සෙන්පති ඇනියෝස් ප්ලැකැමුශ් ඇතුළු පිරිස අරාබි බොක්කේ දී සුළි සුළඟකට හසුව තැප්‍රොබේනය අවට මුහුදට ගසාගෙන ආ විට වීර හෙළ රජු භක්තිකාභය ඇතුළු පිරිස විසින් ඔවුන්ව බේරා ගෙන ඔවුන්ගේ නැවද ආපසු සකස් කර දී හෙළ තානාපතිවරුන් සය දෙනකු සමග නැවතත් රෝමයට යවන ලද බව ශ්‍රී ලංකාවේ ඉතිහාස පොත් වල මෙන්ම රෝම ඉතිහාසයේ ද සඳහන්ය. ලෝකයේ වටිනාම රතු මැණික ඇත්තේ තැප්‍රොබේනයේ රජු ලඟ බව දැනගත් චීන අධිරාජ්‍ය කුබ්ලායි ඛාන්, තම සේවක මාර්කෝපෝලෝ තැප්‍රොබේනය ට පිටත් කර හැර ඇත්තේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවා එම රතු මැණික තමන් වෙත රැගෙන එන ලෙසය. තමන් ළඟ එය ඇති බවත් කිසි විටෙකත් එය නොවිකුණන බවත්, එය මෙම රාජ්‍යයේ උරුමයක් බවත් පවසා අභීත හෙළ රජු විසින් ඔහුව නැවත හරවා යවා ඇත. ජැක්සන් ඇන්තනී මහතා ට පිං සිදුවන්නට අප රටේ මේ අභිමානවත් ඉතිහාස කතා ආඩම්බරයෙන් ඔහුට කීමට මට හැකි විය. ලෝකයේ රටවල් වල වස්තුව කොල්ලකෑ බ්‍රිතාන්‍ය ජාතිකයන් එක් වරක් ශ්‍රී ලංකාවෙන් ඉපැරැණි පුස්කොළ පොත් නැව් තුනක් පමණ පිරෙන්නට රැගෙන ගොස් ඇති අතර එම ආදී භාෂාව කියවා ගැනීමට ඔවුන්ට නොහැකි වුණ නමුත් ඒවා ඔවුන් කෞතුකාගාරවල ලේඛනගත කිරීමේ දී "හෙළයන්ගේ ගුවන් යානා තාක්ෂණය" නමින් පරිච්ඡේදයක් ලන්ඩන් කෞතුකාගාරයේ රහසිගත ලිපිගොනු අතර ඇති බව මම අසා ඇත...

    ReplyDelete
    Replies
    1. මීට අමතරව ගෝලීය සිතියම දෙස බලන කල භූගෝලීය පිහිටීම අනුව අප මවුබිම වූ ශ්‍රීලංකාව පිහිටා ඇත්තේ මුලු ලෝකයම එකිනෙක යාකල හැකි වාණිජ මර්මස්ථානයක බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය තවමත් ඉන් කිසිදු ප්‍රයෝජනක් නොගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අපෙන් ගිලිහුනු එම අවස්ථාව එමීරේට්ස් සහ සිංගප්පූරු ගුවන් සමාගම් ප්‍රයෝජනයට ගනිමින් එම රටවල ජාතික ආර්ථිකයට විදෙස් විනිමය ලෙස ඩොලර් බිලියන ගනනින් දායකවන අයුරුත් මම ඔහුට පැවසීමි.

      එමෙන්ම මන්නාරම් ද්‍රොණියෙන් බොර තෙල් ගැනීමට අවස්ථාව ඇති බවත් අවදානමක් ගෙන එම බොර තෙල් කැනීම් කටයුතු කර ලබාගැනීමට හැකි වුණොත් ගුවන් යානා සහ නැව් වලට අඩුම මිලට ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇතිබවද මම ඉතා උනන්දුවෙන් පැවසිම්. පසුව මම ඔහුගෙන් නිකමට මෙන් "අලුත් ගුවන් සේවයක් පටන්ගැනීමට ශ්‍රීලංකාවට යමුදැයි" ඇසූවිට ඔහු පැවසූයේ එය හොද අදහසක් නමුත්, එවකට ලෝකයේ පවතින කෝවිඩ් ජරමරය නිසා එයට සුදුසු පරිසරයක් නොමැති බවයි. දැන් අප සේවය කරන ඔහුගේ ගුවන් සමාගමට කරදයක් නැත්තේ තමන්ගේ අනෙක් ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

      මෑතකදී කෝප් කමිටුවට පැමිණි ජාතික ගුවන් සේවයේ සිංහල නමක් හිමි සභාපති තැන, සිංහලෙන් ඔහුගෙන් අසන ප්‍රශ්න වලට ඉංග්‍රීසියෙන් උත්තර දෙනු දැක මට මහත් ලැජ්ජාවක් සහ පිළිකුලක් ඇති විය. "ජාතික" යන වචනයේ අරුත වත් නොදත් එවැනි කළුසුද්දන් මේ ජාතික සම්පත් අගාධයට රැගෙන යාමේ අරුමයක්ද නැත. තමන්ට ඉංග්‍රීසි බැරි බව පවසා ටෝකියෝවෙන් පිටත්වන නවසීලන්ත ගුවන් ගුවන්යානා වලට අදාල එක ලියවිල්ලක් දුරකථනයෙන් පවසනවා වෙනුවට ඡායාරූපයට නගා හැමදාම මෙහෙයුම් මධ්‍යස්ථානයට එවන ජපනුන් මට මතක් විය. එහි කියවීමට ඇත්තේ යම්කිසි ඉලක්කම් ප්‍රමාණයක් පමණක් අතර එයද නොහැකි බව ඔවුන් පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. වරක් රූපවාහිනියට පැමිණි ජාතික ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට විවිධ හේතු, සිංහල ද අමාරුවෙන් ඉදිරිපත් කළේය. ඒවායින් සමහරක් එසේ වීමට නොහැකි බව මම ඒවෙලෙහි කල්පනා කළෙමි. ඉන් ටික කලකට පසුව බොහොම මෑතකදී ඔහු සහ ඔහුගේ බිරිඳ ගුවන් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් කෝටි ගණනක අයථා ගණුදෙනුවක් කර ඇති බව හෙළිවී අත්අඩංගුවට ගැනුණි. අප හැමදෙයකටම දේශපාලනඥයන්ටම දොස් නැගුවද සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසාද රට අගාධයට යන බව ඒවායින් පෙනේ.

      Delete
    2. මේ සේරටම වඩා බොහෝ කලක සිට මගේ සිතේ තිබූ හීනයක් වූයේ අපි වත්මන් ලෝක ගුවන්ගමන් ක්ෂේත්‍රය නව මගකට හරවා ගනිමින් , ඩුබායි මූලික කරගත් මැදපෙරදිගටත් සිංගප්පූරුව මූලික කරගත් නැගෙනහිර ආසියාවටත් තරගයක් ලබා දෙමින් ලොකයේ මීලග "ලෝකය යාකරනා මර්මස්ථානය" යන කිරුළ අප මවු රටට හිමිකරගැනීමයි. එවිට දැනට මැද පෙරදිග සිට පැමිණ ලංකාව උඩින් ගොස් ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය වැනි රටවලට ද නැගෙනහිර ආසියාවේ සිට පැමිණ ලංකාව උඩින් ගොස් අප්‍රිකාව වෙතද යන විදෙස් යානා වෙනුවට ලංකාවේ සිට පැසිපික්,අප්‍රිකා, ආසියා, යුරෝපා රටවලට මෙන්ම උත්තර ද්‍රැවය හරහා උතුරු ඇමෙරිකාවටද යන ශ්‍රීලාංකික යානා ගුවන රජ කරනු ඇත. සිංහ ධජය පැලදි එම යානා ලොව විවිධ රටවල දී තම ජාතික අභිමානය ලොවට පෙන්වනු ඇත. අප රටට ඩොලර් බිලියනගනනින් විදෙස් විනිමය උපයාගත හැකි එවන් ජාතික වස්තුවක් අප රටේ මතුපරපුරට දායාද කිරීමට දායකවී විශ්‍රාම ගැනීමට හැකිවූ දිනයක මගේ ජීවිත කාලය පුරාම දුටු හීනය සැබෑවනු ඇත. ජාතික දේපලවල ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම ලැබිය යුතුය. ඒවායේ ප්‍රතිඵල ලැබීමට සමහරකුට අවස්ථාව නැත්තේ විදෙස් භාෂාවක් වන ඉංග්‍රීසි නොහැකි නිසා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇත. සමාජ පසුබිම මත දක්ෂ දරුවන්ගේ සේවය රටට අහිමිවීම ඛේදවාචකයකි. ජාතික ගුවන් සේවයේ සම්මුඛ පරීක්ෂණ සිංහල හා දෙමළ භාෂාවලින් ද පැවැත්විය යුතු බව මම තරයේම විශ්වාස කරමි. එවිට ඈත ගම් දනව් වල දුප්පත් ගොවීන්, කම්කරුවන්, රා මදින්නන් ආදීන්ගේ දූ දරුවන්ට ද, සදාකාලික දුගී දුක්ඛිත දිවිගෙවූ වතුකරයේ ලැයිම් වල අහිංසක දරුවන් ද, පදිංචි පැත්තේ නම කියූ සැනින් රැකියා පවා නොලැබෙන කොළඹ වතු නිවාස වල දරුවන්ටද, දිනක එම දුගී දුක්ඛිත ජීවිත වලට සදහටම සමු දිය හැකි අතර ඒ වන විට මුළු ලෝකයම යාකරමින් ලාභ උපයන ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට සේවය කර හොඳ වැටුප් ලබමින් කලකදී එක්තරා පිරිසකට පමණක් සීමා වූ මේ වටිනා ජාතික වස්තුවේ ප්‍රතිඵල භුක්ති විඳිමින් ඔවුන් ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරනු ඇත.
      ඉක්බිතිව අප දෙදෙනා සෑමදාම ඇලුම්කල පරිදි, ශ්‍රීලංකාවේ කදුකර පලාතක හුදකලාවේ පිහිටි කුඩා නිවසක පදිංචි වී කුඩා එළවළු වගාවක් කරමින් ජීවිතයේ අවසන් කාලය ගතකරනට අදහසක් ඇත. මහ පොළව හුස්ම ගන්නා බවත්, ගස් වැල් නිරන්තරයෙන්ම අප සමග කතා කිරීමට බලන් සිටිනා බවත් අප්පච්චීත් අම්මාත් අපට කියාදුන් නිසා කුඩා කලපටන්ම මම අධික ලෙස සොබාදහමට ආදරය කලෙමි. කදුකර කුඩා නිවසේ සිට නිලිවන් කදු දෙස බලමින් කහට කෝප්පයක් බොන සැන්දෑවක, ඈත අහසේ ගමන්කරනා අප ගුවන් යානයක් දැක,ඒවා ශ්‍රීලංකාවේ දී මුලු ලෝකයම එකිනෙක යාකරනා සැටිද, ඒවායේ නැගි ශ්‍රීලාංකික දූ පුතුන් අභිමානයෙන් ලෝකය ජයගනිමින් යන එන සැටිද කල්පනා කරමින් "අප රටේ අපට පෙර පරම්පරාවට අපවෙත උරුම කරදීමට නොහැකිවුනු ඒ සොදුරු ලොව, අපි අපෙන් පසු පරම්පරාවට උරුම කරදුන්නා නේද" යැයි සිතමින් අසීමිත සතුටක් ලැබීමට හැක.
      ජීවිතයේ අන්තිම විනාඩි කිහිපයේ ජීවිතය පුරා අප කල සියලු හොද නරක මැවී පෙනෙන අවස්ථාවේ "චුති චිත්තය" ලෙස මේ සතුටු කාරණා සිහිකරමින් අවසන් සුසුම් වා තලයට මුසු කළ හැක. ඉපදෙන සෑම භවයකම මහරහතන් වහන්සේලා ජීවමාන ව වැඩ සිටිනා මේ පින් බිමේම ඉපිදෙමින් මැරෙමින් මා උපන් ලක්දිව නම් වූ පින්බිමට ම සේවය කරන්නට ලැබේවා යැයි පතමි!

      Delete
  13. අනේ මන්දා බන් මාතා එන අවුරුද්දේ මුල ලංකාව කියලා රටක් තියෙයිද දන්නෑ… ලංකාවේ ආර්ථිකය එතරම් අර්බුදයක තියෙන්නේ බදු නොවන ආදායම් තමයි. ලාභ, ලාභාංශ, පොලී, කුලී කියන ඒවා. එතකොට මේ පාඩු ලබන ආයතන සියල්ලම පාඩු ලබන නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ. මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා කියන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද? හොරකම් කරනවාද? කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.

    දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්, ගොඩක් වෙලාවට ලංකාවට පෙඩරල් දීලා වෙනමම රටවල් කියලා ලට්ටවල් කීපයක් හදල විගඩමක් කරයි අර ඉස්සර යූගෝස්ලාවියා වලට වුණා වගේ

    ලංකාවේ රජයේ ආදායම් ගැන හොයලා බලද්දි බදු නොවන ආදායම් තමයි ලාභ, ලාභාංශ, පොලී, කුලී ආදායම් කියන ඒවා. එතකොට මේ පාඩු ලබන රජයේ සුදු අලි ආයතන සියල්ලම පාඩු ලබන්නේ නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ.

    ඒ අනුව මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා හැමෝම කෑගහන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද? හොරකම් කරනවාද? කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.

    දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්...

    ReplyDelete
  14. ලංකාවේ මුහුදුබඩ සීමාව තුල ඇති විශාලතම ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගයක් තුල පවතින ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලංකාවේ රජය ඩොලර් බිලියන එකක් විතර අදියර තුනකින් 2005 - 2015 වසර දහයක් පමණ තිස්සේ වියදම් කරලා 2018 ඒක විකුණලා ඩොලර්බිලියන එක හමාරක් විතර රජයට ගත්තා නමුත් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා චීනයේ චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 554.33 ක හිග මුදලක් ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව ඇති බව සති අන්ත සිලෝන් ටුඩේ පුවත්පත සදහන් කරයි.

    දැනට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට බදු දී ඇති බැවින් එම හම්බන්තොට වරායෙන් 85% ක කොටස් චීනය සතුවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය 15% ක කොටස් හිමිය.

    එසේ වරාය බදු දීමෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන එක හමාරකට අධික මුදල වරාය ඉදිකිරීමට ගත් ණය ආපසු ගෙවීමට යොදා නැති අතර රනිල් සහ මංගල ඇතුළු යහපාලන රජය සමයේ සුබසාධන අරමුණින් යුතුව vision 2020 ඇතුළු රජයේ නාස්තිකාර ව්‍යාපෘති සඳහා එම මුදල් යොදා නාස්ති කර කබාසිනියා කර ඇත..

    ඔන්න ඕක තමයි සුපිරි මොළකරැ රනිල්ගෙ ආර්ථික න්‍යාය. වරාය අවුරැදු 99 කට චීනෙට බදු දුන්නා. ඒ ඩොලර්ටික චීන ණය නොගෙවා එදා වේල අඩුවට ෂේප් කරගන්න වෙන එකකට රෝල් කළා. අටුව කැඩුවා, පුටුව හැදුවා. මාර මොළේ රනිල්ට තියෙන්නෙ. දැන් රාජපක්ෂලාම කියනවා රනිල් තමයිලු සුපිරි වැඩ්ඩා.

    ReplyDelete
  15. @මාතලන්,

    ළඟක දී ඉඳලා, PhD ගන්න පුළුවන් කෙටි ක්‍රම ගැන, මාස හයෙන් PhD එකක් කරන විදිය ගැන, ලංකාවේ ලෙක්චරර් කෙනෙක් වෙන විදිය ගැන එහෙම කරපු වීඩියෝ වගයක් වගේ ම, එක එක "විශ්වවිද්‍යාල" වලින් නිකං දෙන "ආචාර්යය උපාධි" ගැන පළවෙච්ච පෝස්ට් ටිකක් මගේ ඇහැ ගැටුණු නිසා, කෙටියෙන් හරි මේ ටික ලියන එක මගේ වගකීමක් කියලා හිතුණා..

    මේ කමෙන්ට් එක කියවන අය කවුරුම හරි, PhD එකක් අරගෙන, ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, දෙයියන්ගේ නාමෙ ට කෙටි ක්‍රම නම් හොයන්න එපා.. කෙටි ක්‍රම ප්‍රමෝට් කරන YouTube චැනල් වල ට, පේජ් වල ට අහු වෙන්න ත් එපා..

    මූලික උපාධිය ලංකාවේ යුනිවර්සිටි එකකින් ගත්තා ට පස්සේ, මාස්ටර්ස් උපාධිය හරි PhD එක හරි ගන්න රටෙන් එළියට යන්න..
    ගිහිං, ඒ විදේශ අධ්‍යාපන අත්දැකීම අර ගන්න..

    විදේශ අධ්‍යාපනයෙන් ලැබෙන පන්නරය යි දැනුම යි වගේ ම, විදේශ රටක ජීවත් වෙද්දී මනුස්සයෙක් විදියට ලබා ගන්න පුළුවන් ආකල්ප දියුණුව ත් ජීවිතේ ට හරි ම වැදගත්!

    ලෝකෙ ට මෙලෝ නිරාවරණය වීම ක් නැතුව, ලංකාව ඇතුළේ ම කරන්න තියෙන ඔක්කොම උපාධි සම්පූර්ණ කරලා, ඒක ත් කෙටි ක්‍රම මාර්ගෙන්,
    ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළ ට රිංඟ ගන්න ආචාර්යයවරුන් ගෙන් ලංකාවේ උසස් අධ්‍යාපනය ට වෙන විනාසේ කියලා නිම කරන්න බෑ!

    ඒක දීර්ඝ කාලීන විපාක තියෙන, බොහොම දරුණු විනාසයක්!

    එහෙම අය අධිවේගී PhD මාර්ග ගැන කියලා, මිනිස්සු නොමග යවන්නේ, මිනිස්සු නොමග යවන අරමුණෙන් ම නෙමෙයි වෙන්න ඇති..
    එයාලා ඒ කියලා දෙන්නේ එයාලා දන්න ටික වෙන්න ඇති..
    හැබැයි, දැනුවත් ව හරි නොදැනුවත්ව හරි ඒ කියලා දෙන එව්වා නම් බොහොම විස යි..

    පළවෙනි අවුරුද්දේ ඉඳලා ම 1st Class එක යි, A ගැනිල්ල යි, පදක්කම් ගැනිල්ල යි විතරක් ම ඔලුවේ තියා ගෙන වැඩ කරලා, ලංකාව ඇතුළේ ම මාස්ටර්ස්, PhD ත් කරලා, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ආචාර්යය මහාචාර්යය පට්ටම් අරගන්නවා කියන්නේ, එයාලා ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ..
    ඒක ට කියන්නේ "inbreeding" කියලා..

    සාමාන්‍යයෙන් ඒ වගේ අය විද්‍යා පීඨ වල (Science Faculties) වල නම් අඩු යි..
    විද්‍යා පීඨ වල ඉන්න ආචාර්යයවරු මහාචාර්යවරු හැමෝම වගේ මාස්ටර්ස් උපාධිය ට හරි PhD එක ට හරි වෙන රටක ට ගිහිං, අන්තර්ජාතික මට්ටමෙන් රිසර්ච් කරලා ලංකාව ට ආපු මිනිස්සු..
    එව්වා inbreeding ක්‍රමය ට ගතපු PhD වත්, අධිවේගී PhD වත් නෙමෙයි!
    එව්වා හරියට කාලය අරගෙන, නියමිත නිර්නායක වලට අනුව සම්පූර්ණ කරපු PhD!

    ගොඩාක් වෙලාව ට ඔහොම ගෙම්බෝ වගේ හැසිරෙන්නේ, සමාජ විද්‍යා පීඨ වල, මානව ශ්‍රාස්ත පීඨ වල සමහර ආචාර්යය මහාචාර්යවරු..
    (තමන් එහෙම ගෙම්බෙක් වගේ හැසිරෙන කෙනෙක් නෙමෙයි නම්, මම මේ කියපු ටික කියවලා තරහ ගන්න හේතුවක් නෑ, හොඳේ..)

    PhD එකක් කියන්නේ, අවුරුදු ගාණක් මෙලෝ වැඩක් නොකර ඉඳලා, මාස කිහිපයකින් ගොඩ දාන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන ඉන්නවා නම්, කවුරු ම හරි එහෙම කළා කියනවා නම්, ඒ PhD එක බොහොම විහිලුවක්!

    එහෙම PhD කරපු අය, දැන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්නවා කියන්නේ, ඒ ගැන කටමැත දොඩවනවා කියන්නේ, ඒක ලොකු ඛේදවාචකයක්!

    ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන අවම පහසුකම් යටතේ වුණත්, අපි ට අන්තර්ජාතික ප්‍රමිතිය ට අනුකූල අධ්‍යාපනය ක් ලැබුණේ, අපි ට උගන්නපු ගුරුවරු එහෙම අධිවේගී PhD නොගතපු, විදේශ අධ්‍යාපනය ලබපු මිනිස්සු නිසා..

    ඒ අධ්‍යාපනය ට පින් සිද්ධ වෙන්න තමයි, අපේ ළමයින් ට විදේශ ශිෂ්‍යත්ව අරගෙන ඇවිත් දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙන්නේ..

    ලංකාවේ මේ PhD දෙන දීම ට,
    විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ම ඉන්න මහාචාර්යවරු කියලා කියා ගන්න මිනිස්සු තමන් අධිවේගී PhD ගැනිල්ල කරපු හැටි ගැන කිය කියා, එව්වා ප්‍රමෝට් කරන ප්‍රමෝට් කිරිල්ල ට,
    ඉස්සරහට එන පරම්පරාවල ළමයින් ට ලැබෙන්න තියෙන උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ලොකු හෝඩුවාවක් ලැබෙනවා..

    ඒ නිසා, දෙයියන් ගේ නාමෙ ට, PhD එකක් කරනවා නම් ඒක හරියට කරන්න..

    තමන් ගතපු අධිවේගී PhD ගැන පුරාජේරු කියවන, Educational Consultancy දෙන අයගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා මම හිතන්නේ එහෙම නේද මාතේ?

    ReplyDelete
  16. That former president of SL who tolerated your inferior behaviour and insults has left the position five months ago. Please note that he is an exceptional case where no other president (current or future prezs) would ever tolerate such nonsense. They really shouldn’t. The president means the head of the state after all. Therefore every shoddy rascal who involved such tawdry affairs should know their exact place and I thoroughly request you substandard shabby freaks to crawl back to your scruffy slums, please.

    ReplyDelete
  17. Saumyata puke arinna oni

    ReplyDelete
  18. මාතලං මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් ද?

    https://www.facebook.com/MawathaSL/videos/1191252631470537/?app=fbl

    ReplyDelete
  19. මේ රටේ කරන්නේ අරගලේ කියලා අකමැති මී හරක් එළවලා කැමති මී හරක් ගෙන එකනන්, කැමති මී හරකව පුම්බන්න දගලන එකනන් එකට පාරවල් වහගෙන ගිණි තියා ගෙන රට තව කන්නේ නැතුව තමන් කැමති මී හරකා ගෙන ඒමේ යුතුකමේ වහල් කම චන්දෙ දවසට තියා ගත්තම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. @ Ano 10.57

      //ගාළු මුවදොර අරගලය මෙහෙයවූ ක්‍රියාකාරීන්ට ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන මඟින් විශාල මුදලක් ලැබී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

      ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලීසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ අරගලකරුවන් සඳහා බස් රථ ලබා දෙන ලෙස ඉල්ලීම් කර කරන ලද බවත් ඒ සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාදෙන බවටත්ය.
      එම අරගලය පැවති සමයේදී එසේ ලැබුණු අති විශාල මුදල් ප්‍රමාණයක් ක්‍රියාකාරීන් අතරේ සංසරණය වී ඇතැයිද නීතිපති වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.//

      මේ ගැන වැඩි විස්තර මේකෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
  20. මාතලන් ජවිපෙ විතරක් නෙමෙයි පොදුවේ සමස්ත ලංකා සමාජය තුළ පුරවැසියන් ගැන අධ්‍යයනය කළොත් කෙටියෙන් කියනවනම් ලංකාවේ මිනිස්සු ජෝක් එක ජෝක් එකක් විදිහට බලලා හිනා වෙලා එතනින් ඒක අමතක කරලා දාන්න ලෑස්ති නෑ. ඒ ජෝක් එක ඇතුලේ අධ්‍යාත්මය, සංස්කෘතිය, ජාත්‍යාලය හා තත්කාලීන සමාජ ව්‍යසනය වගේ බකපණ්ඩිත දේවල් හොයනවා. ඊට පස්සේ කියනවා "මේ වෙලාවේ මේ දේවල් ජෝක් එකට ගන්න එපා"ලු. ඒ කියන්නේ හැඬූ කඳුලින්ම අඩ අඩ ඉන්න ඕන. ඉස්සරහට යයිද කියලා හිතහංකෝ රටක්.

    සාමාන්‍යයෙන් ලොව පිළිගත් මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව සමාජයේ බොහෝ දෙනෙක් ඉරිසියා කරන්නේ අන් අයගේ ධනවත්භාවයට නොව ඔවුන්ගේ සතුටටයි.

    ලංකාවේ තත්ත්වයත් ඒ වගේම තමයි ඇත්තටම ඉතා විශාල නිවසක් සහ නවීන වාහනයක් හිමි එහෙත් ඉතා දුක්මුසු ආකාරයෙන් සිටින පුද්ගලයෙක් ගැන සමාජය බලන්නේ අනුකම්පා සහගතව.

    "අනේ ඉතින් ඒ මනුස්සයට කොච්චර තිබුණත් වැඩක් නැහැනේ" කියනු ඔබ අසා ඇති.

    අනෙක් අතට ඉතා සුළු පහසුකම් තිබුණත් සතුටින් සැහැල්ලුවෙන් සිනහවෙන් ඉන්න පවුලක් දෙස සමාජය බලන්නේ ඉරිසියාවෙන් සහ යම් කෝපය මුසු හැඟීමකින් "-- කසා ගන්න නියපොත්ත නැහැ. ඒ වුනාට බලපල්ලකො ඉන්න උජාරුව" මෙයත් ඔබ අසා ඇති.

    ඉරිසියාව දරුණුම වන්නේ වත්කම් සහිත එමෙන්ම ඉතා සතුටින් ජීවිතය ගත කරන මිනිසුන් දුටු විටයි. මෙවිට සමාජය කිසිත් නොකියා හිතෙන් දුක් විඳිනවාකොච්චර වත්කම් දේපළ තියෙන පුද්ගලයන් වුණත්...

    මේ ගැන psychological research ගොඩක් කර තිබෙනවා. අපේ සමාජයේ 95% ගේ පමණ හැඟීම් රඳා පවතින්නේ අනෙක් අයගේ සතුට මතයි (බොහෝ විට inverse correlation එකක්). මේ ගැන අපි ඉදිරියට කතා කරමු.

    ReplyDelete
  21. මදර් ශිරන්ති ගෙන් එඬේර යෂ්ටිය බ්‍රදර් අනුර අතට පත් කිරීමට සුදානම් වෙන්නේ, අනුර කුමාර අන්න වතිකානු ගිහිල්ලා ආශිර්වාද ගන්න. කාදිනල් ඇගට පතට නොදැනී NPPයට කැම්පේන් කරනවා. ගිය පාර මදර් ශිරන්ති තමා වතිකානුවේ රහස් අත. මේ පාර බ්‍රදර් අනුර තමයි ඒගොල්ලන්ගේ තේරීම.

    ReplyDelete
  22. As long as AKD is the leader of either JVP or NPP they could never come into power since he is not flexible and only anti- Rajapakse. Apart from that he is not an attractive orator.

    ReplyDelete
  23. මාතලන්

    ඩොලර් උඹත් මිලියනයක් පමණ අරගලය හරහා හම්බ කර ගත්තා නේද?

    මේ බලන්න;

    // ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැති ආණ්ඩු විරෝධී අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරීන්ට විදේශවලින් මුදල් ලැබුණු මූලාශ්‍ර සම්බන්ධ වූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

    එම අරගලය ක්‍රියාත්මකව පැවැති කාලසීමාවේ දී ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානය විසින් එම අරගල ක්‍රියාකාරීන්ට විශාල මුදල් තොගයක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කරමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

    මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ සහ අන්තර්ජාලය හරහා සමාජ ජාල වල විවිධ ආකාරයේ කැම්පේන් මෙහෙයවමින් ක්‍රියාකාරී ලෙස අරගල කරුවන්ට ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදී ලෙස විදෙස් මුදල් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඒවා රුපියල් බවට පරිවර්තනය කරන ලද අරගල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටී.

    එම අති විශාල මුදල් ඩොලර් මිලියන සිය ගණනක් ක්‍රියාකාරීන් අතර සංසරණය වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මීට පෙර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

    - lankadeepa.lk//

    මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න