.

.

Jan 12, 2023

හොඳම තීන්දුව දීමට වසර 75 ක් ගතවිය.

 


හොඳම තීන්දුව දීමට 

වසර 75 ක් ගතවිය.

➖➖➖➖➖➖🔴➖


සුද්දා අපෙන් නිදහස් වී, ලබන පෙබරවාරියට වසර 75 ක් ලබන්නේය. එහෙත් අපි තවමත් සුද්දන් වීමට ට්‍රයි කරමින් සිටින්නේය. මෙහෙම වැද්දන් පිරිසකගෙන් ගැලවීම සමරන්න ඕන සුද්දන් වුවත්, රෙන්න පුපේ ගූත් නැතිව ඉන්නා කළු සුද්දෝ කෝටී ගානක් වියදම් කරමින් මේ වසරේත් ගෝල්පේස් එකේ ආතල් එකක් ගන්නවාය. හූණූ බිජුවක් සයිස් මේ ලබ්බේ තොවිලෙට ජාතික ගීත් දෙකක්ම තියෙනවාය. අරාබී භාෂාවෙන් තවත් එකක් හදා ගත්තා නම් සංහිදියාව පුප දිගේම බේරෙනවාය.


සුද්දෝ අපට දායද කර ගිය මසුරන් වටිනා දේ අතර, සර්ව ජන චන්ද බලය, අධිකරණ ක්‍රමය හා රාජ්‍ය සේවයද තියෙනවාය. එහෙත් මේ සියල්ලම දැන් තියෙන්නේ අඤ්ඤකොරොස් වෙලාය. ඇත්තටම අඤ්ඤකොරොස් වෙලා නෙමේ කරලාය. 


ඒ වැඩේ කරන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලාය. කරන්න බැරි සයිස් එකක් පේනවා නම් කරන්නේ, සල්ලි සමඟ ස්ත්‍රී නිමිති විසි කරන එකය. එහෙම පැච් දම දමා ඇදගෙන යන ව්‍යවස්තාවේ පැච් දාන්නට ඉඩ නැති සයිස් එකටම පැච් 22 ක් දමා අවසාන නිසා, දැන් අලුත්ම එකක් ගේන්න යනවාය. රට හොම්බෙන්‍ යනවාය. 


මෙතනදී සර්ව ජන චන්ද බලයට කෙලවුනේ කෙසේද කියා කෙනෙක් අහන්න ඉඩ තියෙනවාය. අපි චන්දෙ දෙන එකා අපේ චන්ද ටික සල්ලි වලට විකුණලා එහ පැත්තට ගියාම, ඒක සර්ව ජන චන්ද බලේ අඤ්ඤකොරොස් කිරීම නොව, අමු අමුවේ උගේ සරම උස්සා අපට පුප පෙන්නීම නොවේදෝ කියා දැන් ඔහේලාට වැටහෙනවා ඇතිය.


ඒ ආකරයට අඤ්ඤකොරොස් වී ජනතා විශ්වාසය බිඳ වැටී තිබූ අධිකරණයෙන් ඊයේ දිනයේදී හිටපු ජනපතිවරයාට, දේශපාලන පත්වීම්වලට හා රාජ්‍ය නිලධාරින්ට දුන් තීන්දුව ඉතිහාසගතවන තීන්දුවක්ම වන්නේය.


පාස්කූ ප්‍රහාරය යනු ලේසියෙන්ම වලක්වා ගත හැකිව තිබූ මිලේච්ඡ ප්‍රහාරයකි. බුකියේ නම් ලිව්වොත් බ්ලොක් වන සාධු මේ ගැන කීප විටක්ම වෝනින් දුන්නේය. එහෙත් හැම එකාම කලේ වට කරගෙන උන්නාන්සේට කෙලිනා එකය. අවසානයේ උන්න්නාන්සේගේ අනාවැකි ටක්කෙටම සපල වෙමින්, බෝම්බ වැලැක්ම පුපුරා ගියේය.


සහරාන්ගේ සියලු ක්‍රියා පිලිබඳ නිවැරදිම තොරතුරු සියල්ල ලැබී තිබියදී උන් අත් අඩංගුවට නොගත්තේ, ඒ ජාතියේම දේශපාලුවන්  විසින් සිරිසේනයාට හා පොලීසියේ උන් වෙත කරන ලද බලපෑම් නිසා බව කොමිසමේදී හෙලි වූවාට, අධිකරණයට ඒ බව අමතක වූ බවක්ද පෙනෙන්නේය.


පට්ට ජෝක් එක කියන්නේ..., පරගලයේදී එහෙම උන්ගෙන් බුරියානී කාපු උන් තවමත් බෝම්බ තියන්නෙයි කියපු එකා කව්දැයි කියා හොයනා එකය. හැම මල ඉලව්වම රාජපක්ෂලාගේ ඇඟේ ගහන්නට ගිය උන්ට මේ දිනවල කෙලවෙන්නේ පෝලිමේය.


රාජපක්ෂලා කිරෙන් නාවා සුද්ද පවිත්‍ර කොට නිර්මල දේශපාලුවන් ලෙස බෞතීස්ම කර සුපිරිසිඳු දේශපාලුවන් කිරිමේ රුදාවක් අපට නැතත්, උපදින හැම දරුවාම රාජපක්ෂලාගේ කර උප්පැන්න සහතික දීමේ පිස්සුවකුත් අපට නැත්තේය.


සිරිසේනත් වහෙන් ඔරෝ නැතුව මේවා දෙස බලාගෙන උන්නේ, එයාට කිසි අවුලක් නැති වෙයි කියලාය. ඌ කිව්වේ මං මොකටද මේවට වග කියන්නේ කියලාය. එහෙත් එවකට රටේ විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමතිත් ඌ බව මේ වසලයාට අමතක උනේය.


හේමසිරි හා පූජිත එලියට දාපු නඩුකාරයන්ගේද කන හරහා දෙමින්, දේශපාලුවන්ගේ හා නිළධාරින්ගේ වගකීම් හා වගවීම් පැහැරහරිම නිර්ධය ලෙස විවේචනය කරමින් ලබා දුන් මේ ඉතිහාසගතවන නඩු තීන්දුව දෙන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. 


මෙම නඩු කටයුත්ත විශේෂිත එකක් සේ සලකා එසේ ලබා දුන්නේ වී නම්, අධිකරණයේ ගෞරවය මීටත් වඩා වැඩි වන බවත් ලියා තැබිය යුතුමය. එමෙන්ම මේවා ප්‍රසංසා කරමින් මල් වඩම් දෙන්නට නොයන්නේ අධිකරණයෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ යුක්තිය නිසාමය.


එමෙන්ම ජනතාවට පච කෙලිමින් රට බංකොලොත් කළ මහ බැකුවේ නිළධාරින්ට හා දේශපාලුවන්ටද මෙලෙසම නීතිය ක්‍රියාත්මක වී දඩුවම් ලැබෙනා තෙක් ජනතාව බල සිටිනා බවත් අධිකරණය දැණුම්වත් විය යුතුය.


⭕ පින්තූරය - අද ලංකාදීප පත්තරේ මුල් පිටුවෙනි.

.

16 comments:

  1. ඇත්ත කතාවක් මාතලන් ජීවිතේ සමහර කාල තියෙනව...
    කොච්චර හොඳට හිටියත් නන්නපෝල් වෙන්න වරදින....
    තියන තියන අඩිය ලිස්සන...
    ගන්න ගන්න තීරණය වරදින...
    පසුතැවෙන්නම වැඩ සිද්ද වෙන...
    නරක මිනිස්සුන්ටම හරි යන්නෙ ඇයි කියල හිතිල...
    හොඳකම අතාරින්න හිතෙන...
    ආගමදහම ගැනත් විශ්වාසය නැති වෙලා යන..
    තමන්ට තමන්වම එපා වෙන..
    කර්මයට වෛර කරන්න හදිසි වෙන්නෙපා..

    ඒ වගේම තමයි හොඳ මිනිස්සුන්ට හොඳ දේවල් ලැබෙන්න කල් යනව..

    ඒ නිසා මම කියන ප්‍රධානතම දේ තමයි හිතට එකඟව කාටවත් ගිණිගෙඩි නොදී හොඳට ඉන්න..
    කර්මය "මලකරුමයක්" නොවී
    සත්තයි දවසක හරි යනව....
    තාවකාලිකව නෙවෙයි සදාකාලිකව..❤️

    ReplyDelete
  2. අයියෝ සල්ලි කිව්වලු මාතලං, යකු අන්තිමට ලංකාවේ සහල් පාරිභෝගිකයන්ට තමා අවසානයේ මේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඩඩ්ලි මල්ලී සහල් මිල ඉහල දමාවි ගානට ඔය ගාන කවර් කර ගන්න පුළුවන් තරමට.

    ReplyDelete
  3. අඩෝ මාතා පහු වෙලා හරි ටිකෙන් ටික සාධාරණය ඉටු වෙන එක ගැන සතුටුයි නමුත් ඔතන රනිල් වික්‍රමසිංහටත් වගකීමක් තියෙනවා නේද? මෑන් බේරුණා කියලා ගොඩක් දෙනෙක් කියන්නේ

    තවත් මම ලංකාවේ හිටපු කාලේ අත්දැකීමක් කියන්න පුළුවන් ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ නිවාඩුවට ගමේ ආවාම එකට ක්‍රිකට් ගහන්න සෙට් වෙලා හිටපු මගේ දුප්පත් යාලුවෙක් ඉන්නවා පට්ට දක්ශයෙක්, චිත්‍ර, නර්තනය , ගායනය, රංගනය , නාට්‍ය අධ්‍යක්ෂනය, කොර්‍යර්ගැර්ෆි, හඬකැවීම්, ෆොටෝග්‍රැෆි, කැමරාකරනය, කලාත්මක නව නිර්මාණ වලින් ඒ පාසලේ පලවෙනියා, මට මතකයි පොර පොඩි කොල්ලෙක් වෙලත් මයිකල් ජැක්සන්ගෙ මූන් වෝල්ක් එක දවසින් කරා, ඉක්මනින් අනුකරණය කරන්න මාර දක්ශතාවය තියෙන්නේ ... මේ වගේ දක්ශයෙක්ව රියැලිටි ශෝ වලත් දැකලා නැහැ... හය වසරේ ඉඳලා ඕලේවල් වෙනකං පොරගේ පාසලේ කලා අංශයෙන් පලවෙනියට හිටියේ ඌ විතරයි පාසලේ ඉතිහාසයේ වාර්තාවක් හයේ වසරේ ඉගෙන ගන්න කොට ඒලෙවල් ලමයින්ව පරදලා ඉදිරියේන්ම හිටියා ... කලාවෙන් ඉදිරියේන් හිටියට, ගණිතය , විද්‍යාව , ආර්ථික විද්‍යාව වගේ විෂයයන් වලට පොර ලකුනු අරගෙන තිබුණේ 10ක් 15ක් වගෙ සමහරක් අවස්ථා වල බිංදුවක්... ඉතිං පොරගේ ගමේ පාසලේ ගුරුවරුන්ට මාර තරහක් තිබ්බෙ ඌත් එක්ක , පංතියේ ඉගෙන ගන්නෙ නැති අන්තිම පේලියේ ඉන්න කාලක්ම්නියෝ සෙට් එක්ක පොරවත් දනගස්සවනවාලු ලැජ්ජ කරවන්නම දඩුවම් දෙන්නේ කියලා තමයි මට ආරංචි වුණේ, ගණිතය දන්නේ නැති බූරුවෙක් කියලා කියලා ඌව මානසිකව වැට්ටුවත් ගණිතය , විද්‍යාව , ආර්ථික විද්‍යාව ලකුනු වැඩි වුනේ නැහැ අන්තිමට ඕලේවල් ෆේල් ආර්ට්ස් වලින් උසස් සමාර්ත තිබිලත් ඒලෙවල් කරන්න බැහැ කිව්වා ගනිතය නැත්නම් කියලා, ඊට පස්සේ මේකා වයස අවුරුදු 17 දි බස්නාහිර පලාතේ නාට්‍ය තරඟයට පාසලේ ලමයින්ව මේකප් කරලා , ඒ නාට්‍ය අධ්‍යක්ෂනය කරලා ඒ නාට්‍ය පලවෙනි ස්තානය දිනාගත්තා, දිවයිනේ දෙවැනි ස්තානය ...

    ඒත් අන්තිමට මිනිහා දුප්පත් නිසා තමනගේ හැකියාවට අදාළ නැති රැකියාවට ඩුබායි ගියා ඒහේ ගිහිල්ලා පාර අතුගානවා, ඒක දැනගත්ත වෙලාවේ මගේ පපුව පිච්චිලා ගියා , ජාත්‍යන්තරය දිනන්න ඕන පට්ට වැඩ්ඩෙක් අපේ තුප්පහි සිස්ටම් එක නිසා පාර සුද්ද කරන එකෙක් බවටයි පත් වුණේ මම ඇහුවා ඇයි බං උබ මේ ජොබ් එක කරන්නේ කියලා ඇහුවම ඌ කිව්වේ , මම හරියට ඉගෙන ගත්තේ නැහැ නේ බං , මට අධ්‍යාපනය නැති නිසා මේක මට තෝරගන්න වුනා ... කියලා ... ලංකාවට අහිමි වුනු සැඟවුණු වැඩ්ඩෙක්ව අපේ සිස්ටම් එක නැති කරලා දැම්මා ... මේ වගේ උන්ව සමාජ ජාල යූටියුබ් ෆේස් බුක් වගේ ඒවා හරහා සමාජයට ඉදිරිපත් කරන්න ඕනේ මම මේ දවස්වල ඒ වෙනුවෙන් වැඩ කරනවා බලමු එකෙක් හරි ගොඩ දාගන්න පුලුවන් වුණොත් ලොකු දෙයක් මට පුළුවන් විදියට මගේ ලෙවෙල් එකෙන් කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා බොලාත් එහෙම කරපන් කියලා තමයි කියන්න තියෙන්නේ

    ReplyDelete
  4. ඕක තමයි අපි කියන්නේ මාතේ මොන ප්‍රශ්න තිබ්බත් ගෝටා හිටියේ නැත්තම් උබලා ප්‍රභාගේ වහල්ලු වෙලා මෙලහකට... ජාතික ආරක්ෂාව සහ අනාගතය ගැන ලංකාවේ මේ දවස්වල කිසිම ගානක් නෑ ඒ නිසා ඉදිරියේදී මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද දන්නේ නෑ බලපන් දැන් පකිස්ථානයේ වෙලා තියෙන අවුල් ජාලය... ලංකාවට එහෙම නොවී නැවතත් සුපුරුදු පරිදි පැරණි තත්ත්වය ලබාගෙන දකුණු ආසියාවේ හොදම රට බවට පත් වෙන්නේ ලැබේවා කියලා පතනවා... අපි නම් රටෙන් පිට ඉන්න කට්ටිය නිසා අවුලක් නැහැ, ඇත්ත කතාව ලංකාවේ ජනතාවගේ පොදු විරෝධය එංගලන්තය ඇමෙරිකාව ජපානය ප්‍රමුඛ G7 හවුල විසින් ජවිපෙ පෙරටුවන් හා තම සෙසු බළල් අඬු යොදවා හයිජැක් කර කලාපයේ Geopolitical අවශ්‍යතා සඳහා යොදා ගත්තා. ලංකාව තුල චීන සහ රුසියානු ආයෝජන සහ ව්‍යාපෘති කඩාකප්පල් කිරීම, දකුණු චීන මුහුදේ නාවික කටයුතු සඳහා ස්ප්‍රිං බෝඩ් එකක් ලෙස ලංකාව යොදාගැනීම යන කාරණා ලංකාවේ අරගලයට මුවා වූ න්‍යායපත්‍රයේ තිබුණා.
    මෛත්‍රිපාලත් රනිල් වගේම එම නේටෝ රටවල් වලම බළල් අංඩක්. මෙහිදී මොහුට නෝනා මහත්වරුන් විසින් පවරා ඇති කාර්යය අරගලය නම් වූ කුමණ්ත්‍රණයේ සැබෑ මහමොළකරුවන් සහ සැබෑ පාර්ශ්වකරුවන් සඟවා ඒ පිළිබඳ සත්‍ය වසන් කිරීමයි. මම හිතන්නේ ඒකේ කොටසක් තමයි මේ නාටකයෙන් පවා පේන්න තියෙන්නේ. නමුත් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
  5. බලවපු නඩුත් තියෙනව තව විසඳන්න
    කොයි කාලයක් යාවිද ඒවා වෙන්න

    ReplyDelete
    Replies
    1. @ නිදි

      අනුර කුමාර සහ සේපාල්ගේ කතා වලට ලයික් දාන හුරේ දාන ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉතාලියේ තියෙනවා. ලංකාවෙන් ඉතාලියට ගොස් සිටින අයගෙන් බහුතරය අයත් වන්නේ කුමන ආගමකටද කියා කවුරුත් දන්නවානේ,
      සේපාල්ගේ ලබ්බේ කතාවට ඉතාලියේ සිට ලයික්ස් සහ උඩගෙඩි එන්න ඒ අයගේ ආගමික පසුබිම බෙහෙවින් බලපානවා.

      අනුර කුමාරගේ ඉතාලි සංචාරය යට දේශපාලන වුවමනාවට වඩා පැවතියේ ආගමික වුවමනාවක්. ජවිපෙට බලයක් ලැබුනොත් ලංකාවේ හිංගල බෞද්ධයන්ට වඳින්න වෙන්නේ ඉල්මහ විරුවන්ගේ ධාතු වලට තමයි. 😁

      Delete
  6. විදේශීය මාධ්‍ය වාර්තා වල හැටියට 2023 වසරේ ලෝකයෙන් තුනෙන් එකක් ආර්ථික අවපාතයකට ඇද වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මේ බව පවසා තිබුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 2023 වසර 2022 වසරට වඩා දුෂ්කර වසරක් වනු ඇති බවත්, ඇමරිකානු, යුරෝපා සහ චීන ආර්ථිකයන්හි ඇති වන පසුබෑමෙහි බලපෑම ඊට හේතුවනු ඇති බවත් ඇය සඳහන් කර තිබුණාය. ‘ලෝකයෙන් තුනෙන් එකක් පමණ ආර්ථික අවපාතයකට මුහුණ දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා’ යැයි ඇය පවසා තිබේ. අවපාතයක් ඇති නොවන රටවල වුවද කෝටි ගණනක ජනතාවකට අවපාතයකට සමාන තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඇය සඳහන් කරයි.

    යුක්රේන යුද්ධය ඉහත කී ආර්ථික අර්බුදය උත්සන්න කරන ප්‍රධාන සාධකයකි. එමෙන්ම බොහෝ රටවල උද්ධමනය ඉහළ යෑම, එය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීම, චීනයේ නැවතත් කොවිඩ් තත්ත්වය වර්ධනය වීම ද ආර්ථික ගැටලුවලට දායක වනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. 2023 වසරේ ආර්ථික වර්ධනය පිළිබඳව කලින් පුරෝකථනය කර තිබූ මට්ටම තව දුරටත් පහත හෙළීමට පසුගිය ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළේය. ජූලි මාසයේ ඔවුන් පවසා තිබුණේ 2023 ගෝලීය ආර්ථිකය සියයට 2.9කින් වර්ධනය වනු ඇති බවයි. නමුත් ඔක්තෝබර් මාසයේ ඔවුහු මෙම මට්ටම සියයට 2.7ක් දක්වා පහත දැමුවෝය.

    චීනය එරට ක්‍රියාත්මක කළ කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමත් සමග මේ වනවිට රට තුළ නැවතත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් තිබේ. චීනයේ ආර්ථික වර්ධනයට එය යම් බලපෑමක් එල්ල කරනු ඇත. ‘ඉදිරි මාස කිහිපය චීනයට දුෂ්කර කාලයක් වේවි. මෙය චීනයේ ආර්ථිකයට අයහපත් ආකාරයෙන් බලපාවි. එම කලාපයට අහිතකර ආකාරයෙන් බලපාවි. එමෙන්ම ගෝලීය වශයෙනුත් අහිතකර බලපෑමක් එල්ල කරාවි’ යැයිද ජෝර්ජිවා පවසා තිබිණි.

    ඇය ප්‍රකාශ කර තිබුණේ චීනයේ තත්ත්වය ගැන විශේෂයෙන් ආසියානු රටවල නායකයන් යම් ආතතියකින් පසුවන බවයි. ‘මම ආසියානු නායකයන් සමග කතා කරනකොට ඔවුන් කවුරුත් අහන ප්‍රශ්නයක් තියෙනවා. චීනයට මොකද වෙන්න යන්නෙ, චීනය නැවත කලින් පැවැති ඉහළ ආර්ථික වර්ධනය කරා ළඟා වෙයි ද කියන එකයි ඒ.’

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් 190ක් පමණ සාමාජිකත්වය දරන සංවිධානයකි. ගෝලීය ආර්ථිකය ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීම සඳහා ඔවුහු එකමුතුව කටයුතු කරති. ආර්ථිකය සම්බන්ධව ඇති අවිනිශ්චිතතාවන් පිළිබඳව කල්වේලා ඇතිව අනතුරු ඇඟවීමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යයකි.

    කෙසේ වෙතත් ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් සහ ජනමාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ චීනයේ ආර්ථිකය සුළු පසුබෑමකට ලක් වන බව සැබෑ වුවත් වසර පහළොවක් විස්සක් පමණ තිස්සේ ඉතා කල්පනාකාරී ලෙස චීන සමූහාණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලසුම් නිසා චීනයේ ආර්ථිකය එතරම් සැලකියයුතු බලපෑමක් ඇති නොවන බවත් මේවන විටත් චීන සමාගම් ඇමරිකානු හා යුරෝපා රටවල් වල පමණක් නොව ජපානය දකුණු කොරියාව ඇතුලු රටවල් වල සමාගම් සමග කරට කර තරග කරන්න හැකි තරම් පමණක් නොව ඔවුන් අභිබවා ගිය තරමට දියුණු තාක්ෂණයක් දියුණු කර ඇති රටක් වශයෙන් ඔවුන්ට එතරම් ප්‍රශ්නයක් නොමැතිව නැවත ගෝලීය වෙළඳ පොළට දැඩි තරගකාරී ලෙස ඉතාමත් ඉක්මනින් අවතීර්ණ වීමට හැකි බව, මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  7. ඕව සිරිසේනට පත්තු වුණේ ඔය යකා කුරුසකාරයෝයි බෝනගේන් හෝතඹු හැත්තයි දෙන ගේම් වලට අහුවුණ නීසා බවත් අමතක කරන්න එපා 2014/15 සිරාව බලේට ගේන්න කුරුසකාරයිනුයි බෝනගේනුවනුයි මාර ගේමක් දුන්නා ඊට පස්සේ සිරිසේන එපා කියලා උන් පැත්ත මාරු කලා ආපහු 2021 විතර ඉඳලා සිරාව ආයේ ලාවට වගේ සෙට් වෙලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නෙ මහින්ද බැන්දෙ කතොලිකනෙ නාමල් බෙබේ උනත් වැඩියෙන් අදහන්නෙ කුරුසෙ ඒ වගේම සුපිරි ක්‍රිකට් තරු හොයා හොයා බන්දින්නෙම කතෝලිකයන්. මහේලගේ පරණ ගෑනි ක්‍රිස්ටීනා සිරිසේන කොයි වෙලෙත් කුරුසේ අඳිනවා මහේල බැට් කරන කොට ඒ දවස්වල, බලන්න කැතයි. තව සනා, සංගා මුන් ඔක්කොම බැන්දේ කුරුස කුමාරියෝ.

    ReplyDelete
    Replies
    1. අනේ බූරුවො මහින්ද තමන්ගේ මුනුපුරා පවා පල්ලියේ බෞතීස්ම කලා. තොපි වගේ එවුන්ට ඒවා පේන්නේ නෑ පොට්ටවෙලා.

      Delete
    2. @ AnonymousJanuary 13, 2023 at 3:27 PM

      මී හරකෝ තෝනේද පොට්ට 😁😁😁, ඔය උඩ එකා දාපු කමෙන්ට් එක ආයේ වතාවක් කියවලා බලපිය ගොන් හිවලා 😁😁😁

      //මහින්ද බැන්දෙ කතොලිකනෙ නාමල් බෙබේ උනත් වැඩියෙන් අදහන්නෙ කුරුසෙ //

      ඒ කියන්නේ නාකි මයින කියන හිවලා බොරුවට හිංගල බහුත්ත මෝඩ මීහරක් රවටන්න පුත්තාකම කරේ තියාගෙන නැටුවට උගේ ගෑනී කියන්නේ අර කුමාර සංගක්කාර කියන රජයේ ඉඩම් මංකොල්ලකාර පට්ට හොරාගේ කාලකන්නි පිස්සු ගෑනි වගේම මල හොල්මන් වහන්තරාවක් තමයි.

      කොටින්ම කිව්වොත් නාකි මයිනගේ ගෑනි වගේම ලැවරිය ප්‍රේමදාසගේ මොංගල් පුතා කියන රූකඩේ නටෝන ජලනි කියන පට්ට වේසාව සහ ඔය අනිත් පැත්තට අලගලය කියලා ජවුසමක් නටපු උන්, හොර කාදිනලාගේ පටන් අර කුරුස කරේ තියාගෙන හෙළුවෙන් පාරේ ඇවිදපු හැලි වලන් පොන්න අප්පුහාමි වේසිගේ පුතා දක්වා කාලකන්නි හැත්ත ඔක්කෝම එකම ආගමක් අදහන යටිකූට්ටු ගේම් දෙන යටින් එකමුතු එකිනෙකා අතර හොරට සපෝට් කරන බහුතර පොදු ජනතාව රවටන කාලකන්නි හැත්තක් බව දැන්වත් තේරුම් ගනින් තප්පු ලන්නේ නැතුව ගොං හැත්ත 😁😁😁

      Delete
  8. මුක්තියේ පිහිට ලැබුනත්
    අද දවසේ
    යුක්තියේ ධර්මයට යටවේ
    හෙට දවසේ

    ReplyDelete
  9. මාතා අහල තියෙනවා ද දන්නේ නැහැ නේද ඕපාදුප කියන කැත පුරුද්ද ගැන සොක‍්‍රටීස්ගෙන් පාඩමක් ඉගෙන ගත්තා කියන කතාව

    ග‍්‍රීසියේ විසු මහා දාර්ශණිකයෙකු වූ සොක්රටීස් හමුවන්නට දිනෙක එක්තරා පුද්ගලයෙකු පැමිණ ඇස් කරකවමින් මෙසේ කීවේය.

    ඔයා දන්නවාද? ඔයාගෙ යාළුව ගැන මට අහන්න ලැබුණූ දෙයක් ගැන?

    සොක්රටීස් එම පුද්ගලයා දෙස මොහොතක් බලා සිටියේය. ඉන්පසුව මෙසේ විචාලේය.
    "ඔයා ඔය දැනගත්ත දේ මට කියන්න ඉස්සර මට ඔයා සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න ඕනි. මම ඒකට පෙනේර පරීක්ෂාව කියන්නම්කො..."

    පෙනේර පරීක්ෂාව, ඒ මොකක්ද?

    "ඔවූ පෙනේර පරීක්ෂාව. තවත් කෙනෙක් ගැන කෙනෙකුට කියන්න ඉස්සෙල්ල ඒක කියන්න සුදුසුද කියල පරීක්ෂා කරන එක තමයි පෙනේර පරීක්ෂාව කියන්නෙ". ඔබට දැන් ඒ පරීක්ෂණයට භාජනය වෙන්න සිදු වෙනවා.

    මිතුරා ගැන කියන්නට ආ පුද්ගලයා සොක්රටීස් දෙස බලා හිස සැළුවේ වෙනත් කළ හැක්කක් නොවූ නියාවෙනි.

    අංක එක සත්‍යවාදී බව. ඒ කියන්නේ ඔය කියන්න යන දේ ඇත්තක්ද කියල හොයා බැලූවද?
    නෑනෙ, වෙන කෙනෙක් මගේ කණේ තියපු දෙයක් තමයි, මම ඒකෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ.
    හොඳයි, ඔබ ඒක ඇත්තක්ද කියල දන්නෙ නෑ.

    දෙවැන්න තමයි කරුණාවන්තභාවය. එයින් අදහස් වන්නෙ ඔබ ඔය කියන්න යන දේ මට කීමෙන් මට හෝ ඔබට හෝ හොඳක් වෙනවද?
    නෑනෙ, ඒක මඩක්. නින්දාසහගත කතාවක්.
    එහෙනම් ඔබ මගේ මිතුරා ගැන හොඳක් නොවෙයි කියන්නේ. අඩු තරමේ එය ඇත්තක්ද කියලවත් ඔබ දන්නෙ නෑ.

    ඒත් තුන්වෙනි ප‍්‍රශ්නෙ හරි ඔබට වාසිදායක වුණොත්? අපි බලමු. ඒක මට කිව්ව කියල මටවත් ඔබටවත් ප‍්‍රයෝජනයක් තියෙනවාද?
    නෑනෙ. ඒක ගෙඩි පිටින් ඕපාදුපයක්.
    එහෙනම් මිත‍්‍රයා ඕක මට කියන්න එපා. වෙන කාටවත් කියන්න යන්නත් එපා.

    ඕපාදුප කියන්නෙ මුලින්ම තළු මර මරා කිව්වට, ඇහුවට ඒකෙන් තව කෙනෙක්ට හිත් රිදෙනවා, අගතියක් අසාධාරණයක් වෙනවා. කරුණාකරල ඕපාදුපයක් කියන්න ඉස්සෙල්ල සොක්රටීස් මහා පඩිවරයා කිව්ව විදිහටම ඒක ඇත්තක්ද? එයින් යහපතක් වෙනවාද? නැත්නම් ඒක කීමෙන් කාට හරි යහපතක් වෙනවාද විතරක් නොවෙයි කියන ඔබටවත් අහන මටවත් ඒක කිව්ව කියල ඵලක් තියෙනවාද කියල දෙපාරක් නොවෙයි, සිය පාරක් හිතන්න.

    ReplyDelete
  10. ලංකාවේ ඊළඟ පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසේට කලින් තියන්න කියලා අධිකරණ නියෝගයක් නිකුත් කර තියෙනවා කියලා කියන්නේ ඇත්තද? එහෙම වුණොත් ආණ්ඩුවට මැතිවරණය මොන ජාතියෙන් හරි තියන්න වෙනවා මොකද නැත්නම් එයින් ව්‍යවස්ථා විරෝධී තත්වයක් උද්ගත වෙනවා නේද?

    ඊළඟ කාරණය මැතිවරණය කල්දමන්නේ මුදල් නැතිකම නිසානම් දීමනා හෝ අතිකාල ලබාගැණීමකින් තොරව මැතිවරණ සේවයේ යෙදීමට රජයේ සේවකයන් කැමති බව ජවිපෙ ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ. මේ කතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිසි මාධ්‍ය ආවරණයක් දී, රජයේ සේවකයන්ට දීමනා හෝ අතිකාල නොමැතිව ශ්‍රම පරිත්‍යාගයක් ලෙස මෙවර මැතිවරණය කරන්න එන්නැ‍යි රජය ප්‍රසිද්දියේ ආයාචනා කල යුතුයිකියලා හිතනවා මම නම්.

    සියළු රාජ්‍ය සේවකයන් තමුන්ගේ පාක්ශිකයන් යැයි සිතා ජවිපෙ පොලිටිකල් බියුරෝ මංඩලේ වැඩ වාසය කරන වසන්ත සමරසිංහ සහෝදරයා සිතුවාට යථාර්තය එය නොවන බව ඔබත් මමත් දනිමු. මොකා මොන පක්ශයට සපෝට් කලත් දීමනා සහ අතිකාල නැතිව ශ්‍රී ලංකාවේ අභිමානවත් රාජ්‍ය සේවකයන් නියපොත්තක් වත් හෙල්ලන්නේ නැති බවත් අප සැම දනිමු!

    ඒ නිසා බොහෝ දුරට මට හිතෙන විදියට නම් සල්ලි දෙන්නෙ නැත්නම් මැතිවරණ නෑ කියමින් ස්ටාලින් ලා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන් පෙලපාලි ගොස්, විරෝදතා පවත්වා රජයට අවශ්‍ය මැතිවරණ කල් දැමීම නොමිලේම කර දෙනු ඇත!

    නමුත් එසේ නැතුව ඔවුන් තමන්ගේ අනාගතය නව පරපුර ගැන සිතා වෙනසක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වැඩ කළොත් ඒකත් රටේ අනාගතය උදෙසා හොඳ ආදර්ශයක් වෙමින් හොද යයි කිව හැකි තරමට අලුත් සංස්කෘතියක් බිහි කිරීම ගැන අපිට සතුටු වෙන්න පුළුවන් වේවි නේද?

    ReplyDelete
  11. පහුගිය මහමැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.

    පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැඳවීමකට අනුව මැතිවරණ කොමිසමට ගොස් සාකච්ඡා කළ අවස්ථාවේදීය.

    පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් 2022 ජනවාරි එකොළහ බදාදා මෙම කැඳවා තිබිණි.

    මැතිවරණ කොමිසම හමුවේ පොලිස්පතිවරයා කරුණු දෙකක් පැහැදිලි කර තිබේ. මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

    එම නිසා මැතිවරණ රාජකාරි යෙදවීම වෙනුවෙන් මෙන්ම අපේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු තැන සිටින්නේ නිලධාරීන් 60,000 ක් පමණක් බවද ඔහු දැනුම් දී ඇත.

    දැනටමත් සමාජ මාධ්‍යයේ" ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්" යැයි ප්‍රකාශ හුවමාරු වන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දුනහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් ගැටළුවක් මතුව ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

    ඉකුත් මැතිවරණයේදි රුපියල් බිලියනක මුදලක් ඡන්ද රාජකාරි වෙනුවෙන් වැය වුවත් එම මුදල තවමත් පොලිසියට ලැබී නැතැයි ද කී පොලිස්පතිවරයා මෙවර බිලියන 3 ක් මැතිවරණය වෙනුවෙන් අවශ්‍යව ඇතැයි ද පෙන්වා දී තිබේ.

    එසේම නීති විරෝධි පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරීන් ද පොලිසියට පැවරෙන බැවින් පොලිසිය කුලී කම්කරුවන් යොදා එම කාර්යය කරන බවද පොලිස්පතිවරයා කියා තිබේ.

    කම්කරුවන්ට කරන ගෙවීම් මුලින් පොලිසිය කරන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙනු ලබයි.

    එසේම මැතිවරණ රාජකාරිවල නිතරවීම අමතර රාජකාරියක් බැවින් ඊට විශේෂ ගෙවීමක් කරන අතර එයද මැතිවරණ කාර්යාලය හරහා පොලිසිය වෙත ලබා දෙයි.

    ඉකුත් මහ මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිසිය හිමිවිය යුතු මුදල් තවමත් පොලිසියට හිමිව නැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටළුවක සිටින බව මෙහිදී පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.

    එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භවීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

    ගියවර ණය ද පියවා නොමැති නිසා මෙවර ණයට මැතිවරණ රාජකාරි වෙනුවෙන් පිරිස් කැඳවිය නොහැකි බැවින් දෙන්නම් කාසිවලට මෙවර කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ. එසේම නිලධාරීන් නොමැතිව රාජකාරි කිරීමට ගොස් යම් ගැටළුවක් මතුවුවහොත් එය පොලිසියේ කීර්තිනාමයට ගැටළුවක් බැවින් මේ අවශ්‍යතා සපුරන තෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි යැයි ද ඔහු මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙත දැනුම් දී අතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ReplyDelete
  12. කට්ටියටම හරි හරියට බැටරි ප්‍රශ්න ඇවිත්.. හයිබ්‍රිඩ් බැටරිය නෙවෙයි, 12V බැටරියේ.. ටොයෝටා හයිබ්‍රිඩ් වල නම් **Auxiliary Battery** එකේ.. ඉතින් මේ ගැන Calls කිහිපයක් ම ආපු නිසා යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. මේ දේවල් ගොඩක් දුරට අනිත් Full Hybrid වාහන වලටත් අදාළයි.

    හරි අපි දන්නවනේ ටොයොටා හයිබ්‍රිඩ් රථවල විශේෂයෙන් ම එන Auxiliary Battery එක Deep Cycle වර්ගයේ එකක්. මෙහෙම බැටරියක් දාන්න ප්‍රධානම හේතුව තමයි මේ වාහන වල Alternator එකක් නැති වීම නිසා Charging Current එක අඩු වෙනකොට නිතරම Battery Level එකේ ලොකු අඩු වැඩිවීම් දරාගන්න පුළුවන් වෙන්න පුළුවන් බැටරියක් යෙදීම. සාමාන්‍ය බැටරියක් පාවිච්චි කරොත් ඉතා අඩු කාලෙකින් ඒ බැටරිය නරක් වෙනවා විතරක් නෙවයි නිසි Voltage එක පවත්වගන්නත් අපහසු වෙනවා.

    Toyota Hybrid වාහන වල 12V බැටරිය චාජ් කරන්නෙ වාහනේ තියෙන Inverte**r **එකෙන්. ඒ කියන්නෙ High Voltage Hybrid බැටරියෙන් බලය අරගෙන DC to DC Conversion එකක් කරලා. මේ ක්‍රමයේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. වාසි වලට සාපේක්ෂව අවාසි නම් නම් වැඩී, නමුත් EV Mode එකක් තියෙන වාහනේකට Alternator එකක් දාන්න බැරි නිසා වෙන කරන්න දෙයකුත් නෑ.. වාසියක් හැටියට තියෙන්නෙ 12V බැටරියේ කල්පැවැත්ම ටිකක් සාපේක්ෂව බැලුවම වැඩී, ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩියි. නමුත් අවාසි තමයි, බැටරිය මිලෙන් අදික වීම, ඉතා සෙමින් චාජ් වීම, අලුතින් ගන්නව නම් ටිකක් සොයාගන්න තියෙන අපහසුව වගේ දේවල්..

    චාජ් වීම ගැන කතාකරනවා නම් සාමාන්‍යයෙන් Alternator එකක් සහිත කාර් එකක බැටරිය 40A වලින් වගේ උනත් චාජ් කිරීමේ හැකියාව Charge System එකට තිබ්බත් Deep Cycle බැටරිය හයිබ්‍රිඩ් වාහන වල චාජ් කරන්නෙ 2A වගේ කුඩා ධාරාවකින්. මෙම බැටරිය 3.5A වලට එහා චාජ් කරන්නත් එපා කියල බැටරියෙම ගහල තියෙනවා.. එහෙම කරොත් බැටරියට හානි වෙනවා.

    හරි, මට ප්‍රධාන වශයෙන් කියන්න ඕනෙ උනේ මෙන්න මේ ටික. දැන් මේ ඇඳිරිනීතිය අස්සෙ බැටරි ප්‍රශ්න ආපු අය ඉන්නවා, සමහරුන්ගේ බැටරි වාහනේ Ready කරන්න බැරි ගානට බැහැලා.. තවත් සමහරුන්ගේ Charge එකක් නැත්තටම නැති වෙලා. ඔය දෙගොල්ලොම ඉස්සෙල්ලම කරන්නේ Jump Start කරන එකනේ.. දැන් මම Jump Start කරන හැටි මෙතන කියන්නෙ නෑ.. ඒ ගැන කලින් පෝස්ට් ඇති, YouTube එකෙත් ඕන තරම් තියෙනවා Videos. නමුත් එක දෙයක් කල්පනාවෙ තියාගන්න. මම උඩින් කිව්වනේ Charging Amps ගාන ගැන. අන්න ඒක නිසා Toyota Hybrid වාහනයක් Jump කරද්දී අනිත් වාහනය Non Hybrid එකක් නම් ඒ වාහනේ Start එකේ තියන්න එපා. එහෙම උනොත් ඒ වාහනේ Alternator එක මගින් අදික ධාරාවකින් ඔබගේ වාහනේ බැටරිය චාජ් කිරීමට පටන් ගන්නා නිසා ඔබගේ බැටරියට එය හානිකර වෙයි. අනිත් වාහනේ එන්ජිම නවතා බැටරිය සම්බන්ධ කර පමනක් Jump Start කරගන්න.මේ වාහන වල එන්ජිම ස්ටාට් කරන්නේ හය්බ්‍රිඩ් බැටරියෙන් නිසා Ready Mode එකට ගන්න ඕන වෙන්නේ කුඩා ධාරාවක්, ත්‍රීවිල් බැටරියකින් උනත් Ready කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකයි.

    දැන් ඔන්න Jump Start කරගත්තා කියමුකෝ.. කොච්චර වෙලා අපේ වාහනේ ස්ටාට් එකේ තියන්න ඕනෙද ?

    අපිට වාහනේ Jump Start කරන්න සිද්ද උනේ අපේ බැටරිය අවම වශයෙන් 50% බැහැලා නිසා කියල හිතමු. Toyota Hybrid වල එන 12V බැටරිය 35AH (Prius වල 38AH). තාක්ෂණිකව 100% හරි නොවුනත් සරලව් ගනන් හදල බැලුවොත් ඒ කියන්නෙ ඇම්පියර් දෙකකින් චාජ් වෙන නිසා පැය 7-8ක්.. මේ දවස් වල වාහනෙ දිවෙන්නෙ නැති නිසා ඔය වෙලාව චාජ් කරන එක නිකන්ම වෙන්නේ නෑ,

    ඊලඟට තියෙන ඔප්ශන් එක තමයි External Charger එකකින් චාජ් කරන එක. ඒත් හරියටම 3.5A හෝ ඊට අඩු Amps ගානකින් චාජ් කරන්න පුලුවන් චාජර් එකක් ඕනේ. ඒ වගේම Over Charge වෙන එක වලක්වන්න පුළුවන් චාජරයක් වෙන්නත් ඕනේ. ඔය බැටරියේ උපරිම චාජ් කල හැකි කාලසීමවක් ගහල තියෙන්නේ අන්න ඒකයි.එහෙම පහසුකම් තියෙන චාජරයක් හොයාගන්න එකත් මේ වෙලාවේ ලේසි නෑ. ගොඩක් දෙනා කරන්නේ බැටරි කඩේකට අරන් ගිහින් චාජ් එකක් දාල දෙන්න කියනවා. එතකොට වෙන දේ තමයි බැටරි කඩේ එකාට ඔය බැටරිය මොකද්ද.. ඔය ගහල තියෙන Warnings මොනාද අදාලම නෑ.. ඌ ගහනව කෙලින්ම හයි චාජ් එකක් ඇම්පියර් දහයක විතර.. බැටරියට කෙලවෙලාම යනවා, අයිතිකාරයා බැටරිය ගන්න ගියාම බැටරියට කෙල වෙලා.. කඩේ එකාට ඒක වැඩක් නෑ, ඌ කොහොමහරි අලුත් බැටරියක් දම්මනවා. ඒක නිසා පුලුවන් නම් ඔහොම ජම්ප් ස්ටාට් කරාට පස්සෙ වාහනේ ඔක්කොම Accessories ක්‍රියා විරහිත කරලා පැය 3-4ක් වත් Ready Mode එකේ තියන්න. එන්ජිම ඔන් ඕෆ් වෙයි අවශ්‍යතාවය මත. ලොකු ගානක පෙට්‍රොල් නම් පිච්චෙන්නෙ නෑ.. බැටරිය නරක් උනොත් ඉතින් 22,000/- විතර ලෑස්ති කරගන්න වෙන එකේ තෙල් ගැන හිතන්න එපා.

    *ඔය ස්ටාට් එකෙ පැය ගානක් තියන්න කියන්නෙ හැම වාහනයක් ම නෙවෙයි, Jump Start කරන මට්ටමකට බහැල නම් විතරයි. නැත්තන් දවස් දෙක තුනකට සැරයක් විනාඩි 15ක් වගේ දිව්වම ඇති.

    යම් දෙයක් ඉගෙන ගත්ත කියල හිතනවා.. 👍

    ReplyDelete
  13. දුවන්නේ නැතුව ගෙදර නවත්තල තියෙන වාහනේ දවස් දෙක තුනකට සැරයක් විනාඩි 5ක් හෝ 10ක් ස්ටාට් කරල තියෙන වෙලාවට විනාඩි 2-3ක් පමණ වාහනයේ AC එක Maximum එකට දාල ක්‍රියාත්මක කරන්න අමතක කරන්න එපා. ඊට පසුව තව විනාඩි 2-3ක් AC එක Off කරලා Blower එක විතරක් දුවවලා ම සම්පුර්ණයෙන් ම AC පද්ධතිය නිවාදමන්න. අවසාන විනාඩි කිහිපය වාහනේ සියලුම Accessories ක්‍රියා විරහිත කර වාහනේ ස්ටාට් එකේ තියන්න. මෙය Hybrid සහ Non Hybrid වාහන සියල්ලටම පොදුයි. මෙසේ කිරීමෙන් AC පද්ධතිය තුල ඇති Refrigerant ප්‍රමාණය නිසි ලෙස පවත්වාගැනීමට උදව් වේ. මෙසේ නොකිරීම නිසා සමහර විට ඇඳිරිනීතිය ඉවත්කර පසු වාහනය පාවිච්චි කිරීමේදී AC එකේ අඩුවක් දැනෙන්න පුලුවන්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න