.

.

Jan 20, 2023

CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම අනතුරුදායකය

 


CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම

අනතුරුදායකය

➖➖➖⭕➖➖


Chathuranga Abeysinghe කියන්නේ, පැතුම් කර්නර්, රසික ජයකොඩි, මිලින්ද රාජපක්ෂ වගේ ඊළඟ ජෙනරේසොන් එකේ නායකයෝ. 


උන් ඔක්කොම ටැලන්ටඩ් උගත් පොරවල්. හොඳ පර්සනැලටියකුත් හැම එකාටම තියෙනවා. හැබයි එයාලා බුකි දේශපාලනයෙන් හෙවත් සයිබර් දේශපාලනයෙන් එහා දැක්මක් ඇති අය නෙමෙයි. 


ජාතික තලයෙදි මෙයාලව දන්නෙම නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මෙයාලට වඩා රැට්ටා, සේපාල්, විනීලා වගේ අය දන්නවා.


මෙතනදි ගොඩක් පරෙස්සම් වෙන්න ඕන කෙනෙක් තමා චතුරංග අබේසිංහ, මොකෝ එයා ඉන්නේ අමුතු පක්ෂයක. ඔය පක්ෂයෙන් ඉදිරිපත් වුන Nirupa Serasingha ට හා Wimal Ketipearachchi ට මම කියපු අනාවැකිය ලෙසටම හරි ගියා.


එයාලා අලුත් අයට පිම්බෙන්න දෙන්නේ නෑ. කෙලින්ම කපනවා. නිරූපා මේක ප්‍රසිද්ධියේම කිව්වා. කැටිපේ ඊට වඩා මානුෂිකයි. ඌ කලාකාරයෙක් නේ. 


චතුරංගගේ ගමන සීඝ්‍රගාමී වැඩියි. මම දන්නේ නෑ ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙච්චි එයාගේ තාත්තගෙ උපදෙස් මත මේ දේ කරනවද නැද්ද කියලා. හැබයි චතුරංග නමක් හදාගත් නිසා පොරට දැන් ප්ලේස් එකක් තියෙනවා. ඒ නිසා සේපාල් වගේ කුණු කූඩෙට විසිකරලා දාන්නත් ලේසි නෑ.


ඒ කෙසේ වෙතත්, ලාංකීය ප්‍රදර්ශනාත්මක ගෝත්‍රික උගතුන්ට තමන්ගේ තම්මැට්ටම ගැසීම සඳහා මෙය මහඟු අවස්ථාවක් කරගෙන තියෙන බවක් බුකිය දිහා බැලුවම පැහැදිලිව පේනවා. ඒ රෝගය හෙවත් කැපී පෙනීම ගෝත්‍රික සමාජයක සාමාන්‍ය ලක්ෂණයක්. අලුත් දෙයක් නෙමෙයි.


ඊයේ සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යද යන මැයෙන් පැවති zoom ෆෝරම් එකකදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය ආචාර්‍ය චරිද දිසානායකයන් කිව්වේ, දරුවන්ගේ විභාග ප්‍රතිපලය පවා ෆේස්බුක් දැමීම නොදියුණු සමාජයක නොදැණුවත්කම මත කරනා තුට්ටු දෙකේ වැඩක් කියලා, ඒ තියා දරුවෝ අවුරුදු 20 වගේ වෙනකන් දරුවන්ගේ ෆොටෝ එකක් දෙමව්පියෝ දාන්නේ නෑ කියලා. මේකට ඔට්ටේලියාවේ ඉන්න උන් සාක්කි දරයි. 


එහේ එහෙම තියෙද්දි, තමන්ගේ බයෝ ඩේටා එක ෆේස්බුක් එකේ දාන එක අමු මොන්ටිසෝරි වැඩක් බව දියුණු සමාජයක ඕනෑම එකෙකුට අවබෝධ වෙනවා. සම-හරක් කියයි, මේවා අපි ලියන්නේ අපට ප්‍රදර්ශනය කිරීමට දෙයක් නැති නිසාය කියලා..


එවන් අයට මාතලන්ට කියන්න තියෙන්නේ, මගේ හිතවතුන් වන ආචාර්‍ය මහාචාර්‍යවරුන් බුකියට එන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස බවත්, තමන්ගේ පැටිකිරිය අප විසින් සඳහන් කරනවාටවත් උන් කැමති නැතෙයි කියලා.


උගත් කම කියන්නේ අන්න ඒකට.

.

18 comments:

  1. ඉගෙනීම කටු අත්තකි. ප්‍රතිපලය මල් ඉත්තකි.

    ReplyDelete
  2. සහතික ඇත්ත මාතලන්, උඹ කියන කතාවට මාත් 100% ක් එකඟයි, අනුරකුමාරත් අනුරාධපුරේ තමයි මම වගේම.

    උඹ උගත්කම ගැන කතා කරපු නිසා මම අපේ පක්ෂයේනායක අනුර දිසානායක සහෝදරයා සහ පොදුජන පෙරමුණේ චන්න ජයසුමන ගැන කම්පැරිසන් එකක් කරන්න කැමතියි.


    – චන්න ජයසුමන උසස්පෙළින් ඉහළින්ම සමත් වෙලා වෛද්ය විද්යාලයට යද්දී අනුරකුමාර අනුරාධපුරේ අඩුම ලකුණු වලින් ඒ කාලේ ranking වල පහළම තිබුනු කැළණිය විශ්ව විද්යාලයට යනවා.

    – චන්න ජයසුමන කැම්පස් එකේ විභාග ඉහලින්ම සමත් වෙලා වෛද්යවරයෙක් වෙද්දී අනුරකුමාර කැම්පස් එකේ දේශන වලට වත් යන්නෙ නැතුව කට්ටි පැන පැන ඉඳලා එලියට එනවා.

    – චන්න ජයසුමන තවත් ඉහළට ඉගනගෙන PhD උපාධියත් ලබාගෙන මහාචාර්යවරයෙක් වෙද්දී අනුරකුමාර කිසිම වෘත්තිය සුදුසුකමක් නැති රැකියාවක් නොකරන පක්ෂයේ මුදලින් නඩත්තු වෙන කයිවාරු ගසමින් කාලය කන ඇමතිකම් දාල පැනල යන මෙලෝ වැඩක් බැරි නිකමෙක් වෙනවා.

    – මහාචාර්ය චන්න ජයසුමන දහස් ගණනක් රෝගීන්ට ප්‍රතිකාර කරමින් රට වටේ යද්දී අනුර කුමාර මැදමුලනේ ඇඹුල්තියල්, ලැම්බෝගිනි ගැන කියමින් රටේ නැති බේගල් ඇද බබා රට වටේ යනවා.

    – මහාචාර්ය චන්න ජයසුමන වකුගඩු රෝගයට බෙහෙත් හොයද්දී අනුරකුමාර පෝට් සිටි හදන්න යන කලුගල් ප්‍රමාණෙ වැරදියට ගණනය කරලා ගොන් ආතල් දීලා සීගිරියත් ඒකට ඈදා ගන්න විදියක් හොයනවා.

    ඉතින් මහාචාර්ය චන්න ජයසුමනට බනිමින් නිකමෙක් වන අනුරකුමාරට කඩේ යන උන්ට ගංකබරයො නොකියා වෙන මොනව කියන්නද?

    ReplyDelete
    Replies
    1. නාථ ජයසුමන කාබනික සාගතෙන් රටටම කෙලවනකොට අනුර ගෙ පුතා මිහින් ලංකා වැඩට යනවා.

      Delete
  3. අනුර කුමාරගේ පුංචි අම්මාගේ නාකි හුත්ත

    ReplyDelete
  4. ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ පළමු රට ඉන්දියාවයි. ඒ සඳහා වූ කැමැත්ත ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ලබා දී තිබේ. ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු චීනයද නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්ථාවරය දැනුම් දී ඇත. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද ඊයේ (21 වැනිදා) ආරම්භ වූ අතර මෙම සතියේ දී නිල ප්‍රකාශය නිකුත් කිරීමට චීනය සූදානම් වෙයි.

    ජපානය ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක (2.9) මුදලක් ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. එම මුදල අදියර වශයෙන් ලැබෙන අතර පළමු වාරිකය මාර්තු මාසයේ දී ලැබීමට නියමිතය.

    එම මුදල් ලබා ගැනීම සඳහා ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයන් කිහිපයක්ද ගෙන තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ මූල්‍ය සහතිකය ලබා දුන් බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ ඇමැති එස්. ජයශංකර් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සිකුරාදා (20 වැනිදා) ප්‍රකාශ කළේය.

    විදේශීය ණය හා පොලී ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව පසුගිය වසරේ තීන්දු කළේය. මේ වන විට ගෙවීමට ඇති දේශීය හා විදේශීය ණය මුදල රුපියල් බිලියන 3061ක් බව මුදල් අමාත්‍යාංශය කියයි.

    චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති කැමැත්ත පිළිබඳව විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගෙන් කළ විමසුමකදී කියා සිටියේ ඒ සඳහා සාධනීය පිළිතුරක් ලැබී ඇති බවයි.

    – අරුණ පුවත් පත

    ReplyDelete
  5. ගූතලන් මේ සැරේ පලාත් පාලන මැතිවරණ සඳහා ජ.වි.පෙ. ජාතික ජන බලවේගය විසින් යම් කිසි නගර සභාවක නගරාධිපති අපේක්ෂක ලෙස යෝජනා කරන්නට සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඉතා බුද්ධිමත් වැදගත් දක්ෂ තරුණයෙක් අපේ රටේ අනාගතය භාර ගන්න හිටපු සහෝදරයෙක් බොරු මිනීමැරුමක් සඳහා පටලවා කුමන්ත්‍රණයක් සිදු කළේ කාලකන්නි රාජපක්ෂ හොර හැතිකරයයි

    ඉතාම පැහැදිලිව පේන විදිහට මේක බොරු චෝදනාවක්. මේ ආණ්ඩුව අපේ සහෝදරයෝ එක එකාව විනාශ කරනවා බොරු චෝදනා දමලා. අපේ සහෝදර ශිෂ්‍ය නායක සහෝදරයා එම කෙල්ලව මරුවා කියන්න තියන සාක්ෂි මොනවද?
    අනිවාර්යයෙන්ම ගොටා ගේ මිනීමරු සෙට් එකක් කෙල්ලාව මරලා සහෝදරයාව කොටුකලා.

    ReplyDelete
  6. කිසුරිට කියලා කටට චු කර ගන්න තිබ්බා නං. ම්ම්..

    ReplyDelete
  7. අමිබෝ සප්රයිස් එපා🙏🙏🙏ඇස් නම් වහන්නම බෑ.. 🤨

    ReplyDelete
  8. මාතලන් ජවිපෙ ජාතික ජන බලවේගයේ නිල නායකත්වය දරන අනුර කුමාර දිසානායක සහෝදරයා හැමෝටම සමාන මට්ටමෙන් සලකන සමානාත්මතාවය සහිත ආර්ථිකයක් ගොඩ නගන බවට පවසන්නේ. නමුත් මගේ හැඟීම අනුව එම ක්‍රමය සාමාන්‍යයෙන් සාර්ථක වන්නේ නැති බවයි.

    එමෙන්ම මා මීට අදාළව අසා ඇති කතාවක් කියන්න පුළුවන් එම කතාවේ හැටියට එක්තරා විශ්ව විද්‍යාලයක ආර්ථික විද්‍යා මහාචාර්‍යවරයෙකු, ඔහු කිසි දිනක කිසිම ලමයෙක් fail නොකර සිටියත් එක්වරම මුලු පන්තියම fail කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ඊට හේතුව වූයේ දුප්පත් පොහොසත් ලෙස සමාජය බෙදී නොතිබී හැමෝමට සමානව දේවල් හිමිවිය යුතු බවට ලමයි තුල වූ මතය සහ එය වැරදි බව ඔවුන්ට ඔප්පු කිරීමේ අදහසනින්. මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම පවසනවා -

    "හරි අපි ඒක පරීක්ෂා කරලා බලමු! මම ඔයාලට test paper එකක් දෙනවා, ඒකේ සියලුම දෙනාම ගත්ත ලකුණු එකට එකතු කරලා ලමයි ගානෙන් බෙදලා හැමෝමට සමාන ලකුණුක් ඒ කියන්නේ සමාන grade එකක් ලබාදෙනවා! කවුරුවත් fail වෙන්නෙත් නෑ. කාටවත් A+ එන්නෙත් නෑ."

    ඔහු මුලින්ම මේ විදියට එක test එකක් පවත්වන්වා, ඒකෙදි හැමෝටම ලැබෙනු result එක වුනේ B. වෙනදා A+ ගත්ත අතිදක්ෂ ලමයි ටික දුක් වුන අතර, කම්මැලි ලමයි ටික මේ ගැන ගොඩක් සතුටුයි.

    ඒකෙන් පස්සේ ඒ විදියටම දෙවෙනි test එකත් පවත්වනවා. ඒකෙදි හැමෝටම ලැබුන result එක වුනේ D එකක්! ඒ ගැන නම් කාටවත්ම සතුටක් ඇති වුනේ නෑ. එහෙම වෙන්න හේතුව වුනේ කම්මැලි ලමයි ටික තව කම්මැලි වෙලා test එකට පාඩම් නොකර සිටීම වගේම අති දක්ෂ ලමයි ටික පවා test එකට වැඩිය මහන්සි වීමට අවශ්‍ය නොවන බව තීරණය කිරීම. ඊලගට තිබ්බ තුන්වෙනි final test එකේදි හැමෝගෙම result එක වුනේ F. ඒ කියන්නේ හැමෝම Fail කියන එක. ඒ result එක්ක කට්ටියට තේරෙන්න ගත්තා අනිත් අයගේ benifits වෙනුවෙන් තමන් නිකන් කැපකිරීම් කරන්න ඕනේ නෑ කියලා.

    ඒ result එකෙන් පස්සේ මහාචාර්ය වරයා සිසුන්ට මෙහෙම කියනවා,
    "ඔයාලගේ මේ results වලින් ඔයාලට සරලව තේරෙන්න ඇති සමාජ සාධාරණත්වය ඇත්තටම ඉටු වෙද්දී ඔයාලට කොහොම ඒ දේ බලපානවද කියන දේ. ඒ අදහස ඇත්තටම ලස්සනයි, හොද එකක්. ඒ වුනාට practically ඒක වෙද්දී කවුරුවත් වැඩ කරන්න, දියුණු වෙන්න මහන්සි වෙන්නේ නෑ."

    අවසානයේදී ඔහු මෙහම කියනවා, " කවදාවත් පොහොසත් මිනිසුන් දුප්පත් කරලා, දුප්පත් මිනිස්සුන් පොහොසතුන් බවට පත් කරන්න බැහැ. මහන්සි වෙන්නේ නැති පිරිසකට වරප්‍රසාද දෙන්නත්, මහන්සි වෙලා වැඩකරන අයට එයාලගේ මහන්සියට අදාල හරි වරප්‍රසාද සහ ඇගයීම් ලබා නොදීමත් ලොකු වැරද්දක් වෙනවා!

    රජයන් විසින් කරන ලොකු වැරැද්දක් තමයි මේකත්. උදාහරණයක් විදියට රජයන් දුප්පත් මිනිසුන්ට දේවල් දෙන්නේ පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි විදියට ඒවා අරගෙන, පොහොසත් මිනිසුන්ගෙන් බදු සල්ලි ගන්නවනම් ඒකට හරියන්න පොහොසත් මිනිසුන්ට වරප්‍රසාද ලබාදෙන්න ඕනේ. සමාජයේ වැඩි පිරිසකටම නිකන් වරප්‍රසාද ලැබෙද්දී ඔවුන් අනිත් අයගෙන් ඒවා ලැබෙන නිසා තනියම මහන්සි වී ලබාගන්න උත්සාහ කරන්නේ නෑ. එත්කොට තමයි අවසාන test එකේදී ඔයලා ඔක්කොම fail වුනා වගේ, මුලු සමාජයක්ම පිරිහිලා විනාශ වෙන්න පටන් ගන්නේ."

    මේ කතාවෙන් ලංකාවේ වගේ සමාජවාදී අදහස් වලින් පිරුණු අයගේ බලපෑම් වලට ලක් වෙමින් කටයුතු කරන රජයක් ඇති ලංකාවේ ජනතාවට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලයි මගේ අදහස. හොදට හිතලා බලන්න. මම හිතන්නේ සමානාත්මතාව ගැන කතා කරන අය ආර්ථිකය සම්බන්ධයෙන් මීට වඩා ගොඩාක් සීරියස් විදියට රටේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීම ගැන කල්පනා කරලා අධ්‍යනයක් සහිතව තීන්දු තීරණ ගැනීමට අවශ්‍යයි කියලයි මගේ අදහස, ඔබ හිතන්නේ කුමක්ද මේ පිළිබඳව?

    - Binura Yasas

    ReplyDelete
  9. මාතා ඔය විදියටම ජවිපෙ ඉහල මට්ටමේ නායකයින්ගෙත් CV එක පුලුවන්නම් දාන්න කියන්නකෝ චතූට.... බලහං ඔය චතූල වගේ qualified, experienced මිනිස්සු අර ජීවිතේට ජොබ් එකක් නොකරපු, ප්‍රායෝගික අත්දැකීමක් නැති , නිකං කකා බිබී කටින් බතල හිටවන ගං කබර ජෙප්පන් යටතේ ඉන්නවනේ! 🤦

    ReplyDelete
  10. ජේප්පෝ පොස්ට් දානවා ජාතික ජන බලවෙගයට ඡන්දය දෙන්න කියලා, ඒ විතරක් නෙවෙයි වෙනස් වෙන්න බැරි නම් උන්ට හරස් නොවී හිටපිය කියලා බල කරනවා, තව අපේ ගෙවල් වල ඉන්න වයස පණහ පැනපු වැඩිහිටියන් අමු ගොන් මෝඩයෝ කියලා උනාට ඡන්දෙ දාන්න යන්න නොදී බලෙන් ගෙදර නවත්තලා දාන්න කියලා කොල්ලෝ කෙල්ලෝ ෆෝම් කරනවා, එතකොට මම උන්ගේ පෝස්ට් වලට අදාලව කොමේන්ට් දානවා "හරි ඕකේ, අපි ඔය ජාතික ජන බලවේගයට ඡන්දේ දෙන්න නම් ලංකාවේ තියෙන ආර්ථිකය තුල ඇති ප්‍රධාන ප්‍රස්න අහලා ඒවාට අපට පිළිගන්න පුළුවන් විදිහේ විසඳුම් සහ ඒවා make it out කරන උපායමාර්ග" අහලා. එතකොට උපාය වෙනුවට උන් අපට පෙන්නන්නේ අපාය තමයි ඉන්බොක්ස් ඇවිල්ලා අමු තිත්තම කුනුහරැප කියන්නේ එතකොට ????

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      එහෙම තමයි ඕයි විරුද්ධ මත දරන්නන් සඳහා උන්ගේ විසඳුම මරණය සහ කුණුහරප තමයි කොහොමත් !

      Delete
  11. අයිසේ මාතලන්, ඔය ජාතික ජන බලවේගයේ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කට්ටිය අන්තරේ ළහිරුගේ මිල අධික වෛවර්ණ පෝස්ටර් ලක්ෂ ගණනින් මුද්‍රණය කරලා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් පෝස්ටර් ගගහා රට වටේට බයිල නටනවානේ

    ඒ වුණාට උන් කයිවාරු ගහන්නේ නන්දසේන පරබල්ලා එලෙව්වේ උන් කියලානේ එතකොට යකෝ තුනෙන් දෙකක් බලය තිබුණ 20 වෙනි සංශෝධනය යටතේ ලංකාවේ උපරිම වශයෙන් බලයක් තිබුණ විධායක ජනාධිපතිවරයකු අගමැතිවරයකු ඉවත් කළා යැයි කියන උන් අන්තරේ කැඳවුම්කරු හිිරෙන් ඉවත් කර ගැනීම වගේ පොඩි දේකට රට වගේ ගිහින් කංකෙඳිරි ගගා නාන්නේ ඇයි?

    අරගලයක් කරලා ඌවත් එලියට ගනින්කෝ රෙද්ද

    යකෝ තොපිටත් මේවා පේන්නේ නෑ නේ ඒකනේ වැඩේ කියන්නේ ලියපන් ඩෝ මේවා ගැන

    ReplyDelete
  12. අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ තම දේශපාලන ජීවිතේ ආරම්භය ගැන රහසක් හෙළි කර තිබෙනවා.

    එහිදී තමන්ගේ පළමු දේශපාලන කතාව ලියා දුන්නේ තම සමීපතම මිතුරකු වූ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා කියල ලංකාවේ සමාජ ජාල වල මේ දවස්වල විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර එම කතාව තමන් සිදු කරන ලද්දේ 2005 ජනාධිපතිවරණයේ කැස්බෑවේ පැවති ජනහමුවකදී බවයි ඔහු පැවසුවේ.

    මේ ගැන මාතලන් හිතන්නේ මොකක්ද?

    ReplyDelete
  13. මාතේ ඔබ ඇතුළු පිරිස මෙතන විපක්ෂය ගැන කතා කරද්දී ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුට උපදෙස් ලබා දෙන අයි එම් එෆ් එක ඇතුලුව ඇමරිකානු සහ යුරෝපීය උපදේශකයන් සහ ඉන්දීය ආර්ථික විශේෂඥයින් ලංකාවේ ආර්ථිකයේ ඇති සැබෑ ප්‍රශ්න වලට යෝජනා කරන දේවල් වලින් ලංකාවේ ආර්ථිකය තවදුරටත් හැකිලී යන අයුරු අපට දක්නට පුළුවන් වේවි

    ඇත්තටම ආණ්ඩුවෙන් සමෘද්ධි ගන්න අයට නොමිලෙ සහල් දෙනවා සහ තව දුප්පත් අයට දීමනා දෙනවා කියා දැක්කා. බැලූ බැල්මට ‌මේව ජනප්‍රිය තීන්දු වගේම ඡන්ද ගුණ්ඩු ලෙසත් භාවිත වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ඉන්ධන සහනාධාර කැපීම, විදුලි සහනාධාර කැපීම, සෘජු බදු වැඩිකිරීම ආදිය කරනවා. බොහෝ විට මේව අයිඑම්එෆ් රෙකමදාරු විය හැකි බව පැහැදිලියි.

    ලංකාවට ආපු අයිඑම්එෆ් නියෝජිතයන් කිව්වෙ මේව තමයි. ඔහු එතනදී සේෆ්ටි නෙට් එකක් ගැනත් කිව්වා.

    පළමු ගණයේ සහනාධාර, එනම් දැන් දෙන සහනාධාරවලටත් බදු ආදායම් රාජ්‍ය ආදායම් වැය වෙනවා. නමුත් එයින් ආර්ථිකයට සහ ආයෝජන ව්‍යවසායන් සංවර්ධනය වගේ දිගු සහ මධ්‍යම කාලීන සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ක්‍රියාකාරකම් වලට කිසිම හයියක් ලැබේනනෙ නැහැ.

    රටේ යම් පිරිසකට එයින් ඉතාමත් කෙටි කාලීනව සහනයක් එනවා. ඒ සහනයටත් වඩා වියදයමක් සමහර විට ඒකෙ ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් එකට යයි (රාජ්‍යයෙන් දෙන සෘජු සහනාධාරවල පොදු ලක්ෂණයක් මෙය. ඒ ප්‍රොසෙස් එක මැනේජ් කරන්න යනවා සහනාධාර ලැබෙන අයට ලැබෙන මුදලට වඩා වියදමක්. හොද උදාහරණයක් සමෘද්ධිය, සමෘද්ධි නිලධාරීන් සහ අධිකාරිය වෙනුවෙන් වැටුප් සහ පරිපාලන වියදම් සමෘද්ධි ලබන දිළිඳු ජනයාට ලැබෙන ආදායමටත් වඩා ගොඩක් වැඩියි). ඒ අස්සෙ දූෂණ වංචා එහෙමත් වෙයි (ඡන්ද ගුණ්ඩුවලින් ඒක අනිවාර්යයෙන්ම වෙනවා). නුසුදුසු අයටත් ආධාර ලැබෙයි. කොහොමත් මේ විදියට අයි එම් එෆ් එකේ සේෆ්ටි නෙට් බහුබූත විගඩම් කරන්න ඔය වගේ නිකං සල්ලි සහ බඩු බෙදීම සස්ටේනබල් නැහැ. ඒ වගේම එයින් රටේ තවදුරටත් යැපුම් මානසිකත්වයක්ද ඇතිවිය හැකියි. එහි සමාජීය සහ පැත්තෙන් අනිටු ප්‍රතිවිපාක තියෙනවා.

    නමුත් අයි එම් එෆ් එක කපලා දාන්න කියලා ලංකාවේ රජයට බල කරන ඔය දෙවැනි ගණයේ සහනාධාරවලින් ආර්ථිකයට හයියක් ලැබෙනවා. විදුලි සහනාධාර, ඉන්ධන සහනාධාරවලින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට හයියක් ලැබෙනවා.

    අනිත් පැත්තෙන් ඒ වගේම සෘජු බදු අඩුවෙනකොට කෙටි කාලීන රජයේ ආදායම් අඩු වුණත් දිගටම යද්දී ආර්ථිකයෙ ආයෝජන වැඩිවෙනවා. වියදම් කිරීම, ඉතිරිය වැඩිවෙනවා. ඒකත් ආර්ථික වර්ධනයට සෑහෙන දුරට හේතුවෙනවා. ආර්ථික වර්ධනය වැඩිවෙනවා කියන්නෙ බදු අනුපාත අඩු උනත් සමස්ත සෘජු සහ වක්‍ර බදු ආදායම කෙමෙන් කෙමෙන් වැඩිවෙනවා කියන එකයි. මේ නිසා වෙළදපොළ ආර්ථික ඇති ඉන්දියාව වැනි රටවලත් මේ වගේ සහනාධාර තියෙනවා. ජර්මනියේ පවා මෑතකදි විදුලි සහනාධාරයක් ක්‍රියාත්මක කරා.

    මේ නිසා බැලූ බැල්මට පේන්නෙ අයිඑම්එෆ් එකට සහ රජයට අවශ්‍ය වෙන්නේ රටේ ආර්ථික වර්ධනයට ශක්තියක් වෙන සහනාධාර කපලා ආර්ථික වර්ධනයට ශක්තියක් නොවන, රාජ්‍යයට බරක් වෙන බහුබූත සහනාධාර වැඩිකිරිම බව.

    මේකෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලංකාවට දිගටම හිඟන රටක් වගේ කුජීත වෙලා ඉන්න කියලා ද ඔවුන් බලාපොරොත්තු වන්නේ?

    ReplyDelete
  14. අපි මෙහෙ කියෙව්වට ලිව්වට දිගට දිගේ
    වැඩිදෙන හිතන හැටි තේරෙයි ළඟදි වගේ
    පපාවලට තිබ්බොත් තෝරන තරගේ
    පෙනෙයි නේද කෙරුවාවන් කොයි කාගේ

    ReplyDelete
    Replies
    1. @ නිදි අංකල්

      මරාවාදී දාර බයි සෙට් එක දැන් පැත්ත මාරු කරලා වගේ කතා කරන්නේ, එන් පී පී එකට මුවා වෙලා ගොඩක් මරා බයි සෙට් එක ප්‍රධාන විපක්ෂයේ සජ්ජට මඩ ගගහ ඉන්නේ, සජ්ජගේ සෙට් එකත් අමුම අමු ගොන්නු පෝලිමක්නේ, ඉතින් උන් ගානට ෆෝම් වෙලා එන් පී පී/ ජවිපෙට මඩ ගහනවා. ඔය දෙගොල්ලොම මරා ගන්න අතරේ අරුන් හිමීට යටින් ගේම ගහනවා ඔහොම ගිහින් මුන් ඡන්දය දවසට ගිහින් මොකාට ඡන්දෙ දායි ද මන්දා?

      ඔය කොච්චර බැන්නත් ගොඩක් පිරිසක් ආයේ ෂේප් එකේ නාකි මයිනට හරි මයින පැටියට හරි ඇදල දායි කියලා තමයි පේන්නේ, සත පහක් වත් විස්වාස කරන්න බැරි ගෝතයෝ මුන් නම් මහා සාපයක් 🤔

      ඒ නිසා තාම ලංකාවේ ඉන්න අයට මට කියන්න තියෙන්නේ
      හොඳම වැඩේ අපි වගේ ලංකාව දාල වෙන රටකට යන්න උත්සාහ කරන එක තමයි.

      පොලිටික්ස් වගේ නිශ්ඵල ක්‍රියා සඳහා වෙන් කරන කාලයට පොඩි හරි
      වටිනාකමක් දෙන්නෙ නැත්නම්
      බලෙන් වටිනාකම් ඉල්ලන්නෙපා
      අතාරින්න

      කියන වචන වලට වැඩ නැත්නම්
      තර්ක කර කර යන්නෙපා - අතාරින්න
      මොකද වචන කියන්නෙ ඇග්‍රිමන්ට්
      විදියට සලකන මිනිස්සු තමයි හොඳම

      හිතට දැනෙන්නෙ නැත්නම්
      දැනෙන්න ඉන්නෙ නැත්නම්
      බොරුවට මවා පානවනම්
      හොයල බලල - අතාරින්න

      බොරු කියනවනම් හේතු කියනවනම්
      වටේ යවනවනම් කඩේ යවනවනම්
      කොලේ වහනවනම් බොරුව විතරනම්
      අතාරින්න - ඇතෑරලා පාටි දාන්න

      යන්න මාන බලනවනම්
      හේතු හදනවනම් මග අරිනවනම්
      අම්ම අප්ප දිවුර දිවුර බොරු කියනවනම්
      ටිපර් එකක් අරගෙන ඇවිත් හලල දාන්න

      කීයටවත් හදන්න යන්නෙපා
      කන්ට්‍රෝල් කරන්න යන්නෙපා
      අනුන්ගෙ කුනු කරගහන්න යන්නෙපා
      කරුම කරගහන්නෙපා

      උන් අපේ මොක්කුද !!!

      හිකි හිකි ගාල හිනාවෙලා ඇතෑරල දාන්න

      ලසා ❤️

      Delete
  15. අඩෝ මාතා ලංකාවේ මිනිස්සුන්ට විෂන් එකක්, ක්‍රිටිකල්/ රැෂනල් තියා අඩුම තරමින් ලොජිකල් තින්කින් එකක් වත් තියෙනවා ද කියලා කියපන්? ඒ තියා රසාස්වාදයක්වත් තියනවයෑ. කැම්පේන් එක ජයටම කරන කෙනාට තමයි දිනුම. ඉස්සර 2005 දී විතර මට මතකයි සිරස සුපර්ස්ටාර් වට වලත් sms අපට දෙන්න කියල ගායකයෝ ටියුශන් පංති ටවුන් වල sms එකතු කලා. තව සමහරු sms machine හදලත් තිබ්බා.

    ලංකාව කියන්නේ හැදෙන රටක් නෙවෙයි මේ 2023 දී පවා ලංකාවේ ජනතා ඡන්ද හැකියාව ඊයෙ අහම්බෙන් ලංකාවේ ඉස්ටාර් මගුලක් යූබටේ හරහා බැලුවාම දැක්ක! හිරු 🌟 වුනේ final ආපු 4 න් අවුල්ම එකා 🤣 මහ ඡන්දෙදිත් ඔච්චර තමයි, හැබැයි අවංකවම කියනවා නම් මේ රටවලත් ඔය ප්‍රශ්නේ අඩු වැඩි වශයෙන් තියෙනවා ඒත් ලංකාවේ වගේ චාටර් වෙලා නැති සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා එතික්ස් වගේ දේවල් ඉතා ශක්තිමත් බලවත් ලෙස සමස්ත සමාජය තුළ පුරවැසියන් වගේම දේශපාලනික පක්ෂ විපක්ෂ කණ්ඩායම් සාමූහිකව රකින නිසා රටේ සෙටප් එක හොඳට ප්ලෑන් කරලා තියෙන්නේ. ලංකාවේ ඒ වගේ වගකීම් සහිත කාටවත් බොරු බයිලා ගහන්න බැරි විදියේ තර්කානුකූලව සිතා බලා සාධාරණ ලෙස ක්‍රියාත්මක වන සෙටප් එකක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පොදුවේ සමස්ත සමාජය තුළ පුරවැසියන් විසින් ඉතා පුළුල් ලෙස කල්පනා කරලා සෙට් කරලා එස්ටැබ්ලිශ් කර පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් බව හැමෝම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න