.

.

May 30, 2023

මෝඩාභීමානය ගැන අවසන් සටහන.


 මෝඩාභීමානය ගැන 

අවසන් සටහන.

➖➖➖➖➖🟥


මාතලන් සැමදා ලියූවේ බහුතර ජනතාවගේ මතයය. ඒ බැව් මුල් කාළයේ සිටම මාතලන් කියවන උන් දන්නා අතර, චන්ද ප්‍රතිඵල තුලින්ද ඒ බව සෑම අවස්ථාවකදීම සනාත වී තිබෙනවාය.


සමාජයේ බහුතර මතය ලිවීම නිසා නැති වූ මිතුරෝද, ඇති වූ සතුරෝද බොහෝය. ඒ කිසිවක් මාතලන් පයිසයකට ගනන් නොගන්නේ, මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් මිතුරන් පිරිසක් එදා සිට අද දක්වාම මාතලන් සමඟ සිටිනා නිසාය. දායක සභා නඩත්තු කිරීම් හෝ පේජ් මේන්ටේන් කිරීමේ හෝ රීච් ලබා ගැනිමේ මාන්දමක් මාතලන්ට එදා තිබුනේත් නැතිය අද ඇත්තේත් නැතිය.


මේ රටේ සාරාන්ලා කරන්නට දත කෑ විනාශය ගැන මාතලන් ලිව්වේ 2012 දීය. ඒ රාජපක්ෂලාගේ තකතීරූ තීරණ වලට එරෙහිවය. ඒ එයාලා සිද්ධාලේපත් හලාල් කොට, මේ රට තවත් ඇෆගනිස්තානයක් කිරීමේ මාර්ගය සලසා දීමට එරෙහිවය. අප පලකල අනාවැකි සපල වූයේ පාස්තු ඉරිදාය. සියල්ලන්ගේ ඇස් ඇරුනේ එදාය .


මාතලන් ඒවා ලිවූයේ මාතලන් ජාතිවාදියකු නිසා නොවේය. අදත් මාතලන් ජීවත් වන්නේ සාරාන්ලා ජාතියේ අය බහුතරය සමඟය. ඔවුන් මගේ මිතුරෝය, නෑදෑයෝය. එහෙත් අප විරුද්ධ වූයේ අන්තවාදයටය. ත්‍රස්තවාදයටය. ඒ ලිපි සියල්ල අදත් බ්ලොග් අඩවියේ තිබෙනවාය.


මෝඩාභීමානයේ නතාෂාගේ ප්‍රකාෂයට මාතලන් එරෙහි වූයේ එය එම සිඳුවීමට ලඝු කිරීමට මාතලන් කිසිසේත් අකමැති වූ නිසාත් මෙය කාළයක් තිස්සේ කරගෙන එන ජාත්‍යන්තර මෙහෙයුමක් බව හොඳින්ම දන්නා නිසාත්මය.


බුද්ධාගමට පහරදී තරුණ පරපුර ආගමෙන් ඉවත් කොට නිරාගමිකයින් කිරීමක් ලෙස ගෙන ගියද සියල්ල සිඳුවන්නේ තවත් ආගමික කණ්ඩායමක් සංවිධාන කීපයක් හරහාය. එවාවල සාමාජිකයෝ ගලේ රුන්න පූසෝ මෙන් හත් පොලේ ගාගෙන බුකියේ පිස්සු වැටී රඟනා රැඟුම් බුකිගතවන  සියල්ලන්ට මේ දිනවල දැක ගත හැකිය. 


මේ නිරාගමික පිස්සුව රැල්ලක් වූයේ ගෝල්ෆේස් අරගලය සමඟය. ඒ බව තේරුම් නොගත් අමන සංඝයෝද ඔවුන් හා එක් වූවද, අද ඕමල්පේලාට හා කස්සපලාට තමන් කළ අමනකම් වැටහී තිබීම සතුටට කරුනක්මය.


මෙය මෙසේ හෙලිදරව් වූවද, උතුරු ප්‍රදේශයේ ජනතාව හින්දු ආගමෙන් ඉවත් කොට කතෝලිකකරණය කිරීම සීඝ්‍රයෙන් සිඳුවන බවත්, ඒ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය දැන් හෝ යොමුවිය යුතු බවත් සඳහන් කළ යුතුමය.


මාතලන් බෞද්ධයෙක් නොවන බව මාතලන් ගැන හොදින්ම දන්නා උන් දන්නවාය. මාතලන් කිසිදු දහමක අනුගාමිකයකු නොවනාතර, මට මගේම ආගමක් හා දර්ශනයක් ඇත්තේය. 


එසේ තිබියදීත් මේ කාරනයේදී මාතලන් දිගට හරහට පෝස්ට් දැම්මේ ඇයි කියා මාතලන්  හොඳින් හඳුනන උන් පවා වික්ෂිප්ත වූයේය. මාතලන් එසේ ලියූවේ ඇයි කියා මේ පිළිබඳව Mahesh Hapugoda මහත ලියූ ලිපියේ ඉතා පැහැදිලිව තියෙනවාය.


අපට, නිදහස් අදහස් ඇති නිවහල් නිරාගමික මිනිසුන් ලෙස ජීවත් වන්නට ඉඩ ලැබී ඇත්තේ මේ රටේ ඇති බෞද්ධ සංස්කෘතික ජීවන රටාව නිසාය. රටේ බහුතරයක් අදහන ආගම එයයි, එය අදහන දෙසන එකෙක්වත් බුද්ධත්වයට පත් වූවන් නොවේ. මිනිසුන්ගේ ආගම හා ඇදහීම් යනු ඉතා සංවේදී මිනිස් ක්‍රියාකාරකමකි. නීතී රීතී වලින් පවා ඒවා ආරක්ෂා කර ඇත්තේ එබැවිනි. 


අපද ඒවායේ ඇති විකාර සහගත දෑ විවේචනය  කරනා මුත්, ආගමික සාශ්තෘවරුන්ට හෝ ඉගැන්වීම් නිර්ධය ලෙස විවේචනයට යන්නේ නැතිය. එබැවින්, එයට හානී කරන කිසිවකු වේද ඔවුන් විවේචනය කිරීම මාතලන් ඉදිරියටද කරණු ඇත්තේය.


🔴 එහෙත් මේ මොහොතේ අප එයින් සමුගන්නේ අපේ යුතුකම ඉටුකොට අවසන් නිසාය. 


දැන් ඒ පිළිබඳව වගකිව යුතු පුද්ගලයින් හා ආයතන සියල්ල, ඒ පිළිබඳව කටයුතු කිරීම ප්‍රමුඛ කාර්‍යභාර්‍ය බවට පත්කොට ගෙන අවසානය. ඔවුන් නියපොත්තෙන් කැඩිය හැකි මේ අවස්ථාවේම එය ඉටුකරනු ඇතයි අප බලාපොරොත්තු වන්නේය.


මේ රටට කෙලවූයේ එසේ සිඳු නොකොට, කට පුප වසාගෙන හිනා වෙවී සිට, අස්සයා පැන ගියායින් පස්සේ ඉස්තාල වසා දාන්නට ගොස් හත්පොලේ ගාගත් නිසාය.


ස්වස්ථි සිද්ධම් !!!!


.


40 comments:

  1. කතාව ඇත්ත තමයි ඉතින්, ඔය බෝන් අගේන් කල්ලියේ උපක්‍රමයක්, ඔය බුකීයේ නිරාගමික වගේ ඉන්නේ බෝන් අගේන් කොන්ත්‍රාත් කාරයෝ, උන්ගේ ප්ලෑන් එක මුලින්ම නිරාගමික රැල්ලක් හදලා ලංකාවේ මිනිස්සු අදහන ප්‍රධාන ආගම වන හිංගල බුඩ්ඩාගමින් උන්ව ඈත් කරලා ෂේප් එකේ උන්ව වෙනත් ක්‍රම වලින් බෝන් අගේන් සීන් එකට සෙට් කරගෙන උන්ගේ අනුගාමිකයෝ වැඩි කර ගන්න එක නමුත් ගොඩක් මීහරක්ට ඕක තේරෙන්නේ නැහැ

    ඔය ගේම් එක ලත් තැනම ලොප් කරන්න ඕන, මොකද බුඩ්ඩාගම ඔටෝ මිනිස්සුන්ට එපා වෙනවා නම් එහෙම නැතිවෙලා යනවා නම් අපට අවුලක් නැහැ ඒත් බලෙන් එක එකාගේ ගේම් වලට සල්ලි වියදම් කරලා එක එක දෙකයි පණහේ වේසබඩුයි පොන්නයොයි ෆෝම් කරලා අපහාස කරලා බලහත්කාරයෙන් සංස්කෘතියක් හෝ ආගමක් වඳ කරන්න හදනවාට සැබෑ නිරාගමිකයන් වශයෙන් විරුද්ධව සටන් කළ යුතුයි කියන මතයේ මමත් ඉන්නවා

    ReplyDelete
  2. අඩෝ මාතේ අර නටාෂා කියන ගෑනි ගැන උඹත් සොයලා බලන්නකො. ඕකී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලංකාවේ ඒජන්සියේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. ඔය බොරු ව්‍යාපෘති වල සැබෑ අරමුණ දන්නවානේ, අර මෑතකදී කුසීත වෙච්ච කුඩු මුදලාලිලාගේ තෝල්ක නොතාරිස් සාලයා පාරිස් හොර තක්කඩියාගේ ජාතියේම තක්කඩි හෙරක් එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් ඔය ආගමකට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි ඕකේ පිටපත එක්සත් ජනපදයේ කට්ටියක් ලියපු එකක් වගේ...

    ReplyDelete
  3. මැද-මූලනේ ඉපදී සිටියානම්.......... නුඹත් රජෙකි ...ඌරෝ........

    ප්‍රේමදාස රදවාගේ පුතෙක් නම්.......
    තොට මොංගල්..... ඌරෝ

    ජනතා බලයට ගරුකර විප්ලව...
    කළයුතු මයි..... ඌරෝ

    ජනතා රජයක්... පත් වන දින නුඹ... මිනිහෙක් වෙයි ... ඌරෝ......

    කන්නාඩියක් හැදුවා
    ඌරන් අඳුන ගන්නට
    මෙන්න බැලු විට එබිලා
    හොම්බක් පෙනිණි පීරිසි

    ඌරො මුදල් උපයනවා
    මුදල් මතම පවතිනවා
    ඌරො පොතුත් කියවනවා
    පොතෙන් හිසට බැට දෙනවා

    ඌරා හා ඌරා අතර
    ඇත්තෙ ඌරුකම විතර ය
    මේ ඊරී බිම සීරී
    මිනිස් කසල බිම ඉහිරී

    ඌරුහාමි පා සිනාව
    එබී බලයි මා දිහාව
    ඌරු ඡන්ද එකතු කරන්
    ඌරෙක් යයි ඌරුහලට

    ඌරා නම් අරුම සතා
    උරුමය උගෙ හරි මහතා
    ඌරා තමයි එකම සතා
    අනෙක් එවුන් කුදුයි ඉතා

    ඌරො සිංදු කියනවා
    ඌරො නැටුම් නටනවා
    ඌරො කවිත් ලියනවා
    ඌරො ඒව බලනවා

    ReplyDelete
  4. මට කවදාවත්ම අමතක කරන්න බැරි පාසල් මතක කිහිපයක් තියෙනවා

    අපේ පාසල කන්‍යාරාමයක්. එකේ ආගම් බේදය තදටම තිබුණා. නවය වසරේදී කතෝලික ආගම උගන්වපු ගුරුතුමී අපේ පන්තියේ ඉඳගෙන උත්තර පත්තර වගයක් බලමින් හිටියා. ටීචර්ගේ රතු පෑන ඉවර උනා. ඈ පන්තියෙන් පොදුවේ පෑනක් ඉල්ලා හිටියා. ඉස්සරහින්ම වාඩිවෙලා හිටි මම මගේ පෑන දුන්නා.

    "ඔයා බෞද්ධ ළමයෙක් නේද, වෙන කවුරු හරි කතෝලික ළමයෙක් පෑන දෙන්න" ඈ කිව්වා.

    හයේ පංතියේ පන්තිබාර ටීචර් , එක එක උපක්‍රම යොදාගෙන පන්තියේ ළමයින්ව රවටාගෙන හිටියා. (සමහර මොලේ ඇති ළමුන් ඇගෙන් ගැලවෙන්න තරම් උපක්‍රමශීලි උනා). ඉතින් ඈ පන්තියට ඇවිත් ගුරුපුටුව මත පත බෑවුනාම මේ ළමා හමුදාව පැමිණ ඇගේ ඔලුව මසාජ් කරනවා. කකුලේ තිබූ හොරි දදයකට බෙහෙත් දානවා. එකම වැඩයි. ඈ උපදෙස් දී තිබුනේ පන්තියට පිටින් කවුරුහරි එනවා නම් වහාම ඇගේ අසලින් ඉවත්වන ලෙසටයි.
    දිනක් ඉහල පන්තියක සිසුවියන් පිරිසක් අපේ පන්තියට එන විට ඇගේ ආවතේව කරුවෝ වහා වහා එහාට මෙහාට පැනගත්තත් මේසය යට ඉඳගෙන ඇගේ කකුලේ හොරි පිඹිමින් හිටි පොඩි එකීය ඒ බවක් දැක්කේ නැහැ. ඈ අර මේසය යට උන් අසරණ දැරිය පයින් ඇන ඉවත් කළා!

    පාසලෙන් හොඳම ප්‍රථිපල රැගෙන දිස්ත්‍රික්කයේ දෙවෙනියා , තෙවැනියා හා දහවනියා වූ සිසුවියන් තිදෙනෙකුට අනෙක් ළමුන් සුබ පතමින් ඉන්නා තැනකට කඩන් පාත් වූ ගුරුවරියක් මුල්දෙදෙනාට දැඩිව පහර බැගින් දී බැන වැදුනා. (දහවෙනියාව ඈ පෞද්ගලිකව අදුනන නිසා පහර දුන්නේ නැහැ) ඇගේ පුතා එවරත් උසස් පෙළ අසමත්වීමේ කෝපය ඈ පිටකලේ එහෙමයි.

    ලියන්න පුළුවන් තව හුඟක්. අපේ රටේ පාසල්වල තත්වය ඔන්න ඕකයි. (හොඳ ගුරුවරු මුණගැහුනා බොහොම කලාතුරකින්)

    ReplyDelete
  5. යකෝ මාතලන් උප්පැන්න සහතිකේ කොහෙවත් කියලා නෑ ආගම මොකක්ද කියලා. කවුරුහරි
    තියෙන තැනක් දන්නවනම් මටත් කියන්න. මොකද මගේ දුව ඉස්කෝලේ දාන්න ගිහිල්ලා මට ඕක හොයාගන්න බැරිවුනා.

    ReplyDelete
  6. මේක මාර රටක් බොලව් අාගම ජාතිය jok ඒකකට අරගෙන පස්සේ කියනවා වරදක් වුනානම් සමාවෙන්න කියලා.මෙවුවට නිතිමය පැත්තගැන බලන වුන්ට නින්ද ගිහිලද මන්දා කාලකන්නි මොන අාගමක වුනත් ඒ අාගමට නිගා කරපු දේට මගෙ තිරනෙනම් දඩුවම් කරන්න ඔනා.මොකද ඉස්සරහට මිට වැඩිය ජෝගි බලාගන්න වෙයි උබලා අපිට.අම්මෙක් අප්පෙක් නැති අවජාතක බල්ලෝ.

    ReplyDelete
  7. මේ වගේ මිනිස්සුන්ව තව තවත් famous කරන්න එපා මාතේ... මොකද ඒ වගේ camry වැඩ කරලා හරි මෙයාලා බලන්නෙ famous වෙන්නම තමයි. ඔය බොරුවට පෝෂ් කියලා හිතන් ගොන්කම පෙන්වන මන්ද මානසික ලෙඩ්ඩු තමයි උන්..

    ReplyDelete
  8. සිංහල බෞද්ධයා

    ReplyDelete
  9. මෝඩගූමානේ කියලා කියන්නේ නූතන වේ.ස.ක.ම. ප්‍රමෝට් කරන බඩු පොට් එකක් වගේ මගුලක්නේ, වටේ ගිහින් කෙලවගෙන බාරගන්න ඔය මෝංගල් ගොටුකොළ වේ.සී.ටත් එකෙක් නැතිඋනාම ඇගිල්ල තමා ඉතිං 🤣

    කාන්තාවන් ලිංගිකත්වයට පමණක් ලඝු කරන මෙවැනි පසුගාමි මානසික රෝගීන් පලවාහරිමු.

    ඕකුන්ට තාම තනිකඩයි කිවුවම කියනවා "ආපො මොනාද බං කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකක්වත් අරං නැත්ද?" කියලා. වෙන උංනං මොනා කියනවද මන්දා. මංනං කියනවා "ඇයි තනිකඩයි කියලා ඔවා කරන්ඩ බැ කියලද හිතෙ. බනිසක් කන්න උවමනාවට බේකරියක් සල්ලි දීලා ගන්නෙ මොකටද?" කියල.

    පව් ඉතිං අරවගෙ හිතන උන් තමයි whoකන්න ආසාවට අඩු වයසෙං ගෑණු කැන්දං ඇවිල්ල දහ දුක් විඳින්නෙ. 🤣

    ReplyDelete
  10. මෝඩාභිමානී කියන නම දකිනකොටම ඔය මෙලෝ රහක් නැති රටගොං මල හත්ඉලව්වට නොගිහින් හිටියනම් ඉවරයිනේ.... රෙද්ද.. විහින් ඉල්ලන් කාල නේද ගියපු හරක් ටික?

    ReplyDelete
  11. ඔය සතියෙන් සතිය රැල්ලට යන එන ගොන්පාට් නෙවෙයි ඩෝ මාතෝ මේ මොහොතේ රටවල් ඩොලර් සංචිත වෙනුවට රන් සංචිත එකතු කරනවා.
    රටවල් රැසක්ම ලාදුරු රෝගියෙකුගෙන් ඈත් වන්නා සේ ඩොලරයෙන් ඈත් වෙමින් ඉන්නවා.
    කොහොමත් තව වසර කීපයකින් ඩොලරය කූජීත වී නිලීන වී යනවා.
    මේ සියල්ල වෙන අතරේ ලංකාවේ ආණ්ඩුව සහ විපක්ෂ බලවේග කියන දෙකේම ඉන්න G7 වහල්ලු, ලන්ඩන් රජවාසල කවටයා, වහ බැංකුව, යක්ෂ අක්ෂයේ පක්‍ෂ යන සියල්ල එකතු වී කරන්නේ කුමක්ද?

    උන් බැබලෙන හඳපානේ කිරි වෙනුවට ගොම සොයමින් යනවා....

    වෙන රටවල් රන් සංචිත එකතු කරද්දී මෙහේ ඩොලර් සංචිත එකතු කරනවා. දේශපාලන වේදිකාවල ආණ්ඩුවට බනින විපක්ෂ බලවේග වල ගෝතකරුමත් තරගයට
    කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සී වෙනදට වඩා ලංකාචට ඩොලර් ගෙනෙන විදිය ගැන දේශනා පවත්වනවා. ජපානය තම බිඳවැටෙන ආර්ථිකය බේරාගන්න ඉන්දියාවේ සරණ පතද්දී මෙහේ පද්දෙක් බෙර පැලෙන්න ඉන්දියාවට බනිනවා.

    ReplyDelete
  12. මේක ඇත්ත ද?

    //පහුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති ගෝටාගෝ අරගලය සමයේ අරගලයට සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාට අසභ්‍ය වචනෙන් බැනවැදී සමාජ ජාල වල ප්‍රසිද්ධියට පත් වූ රාජාංගණයේ සද්ධාතිස්ස නම්වූ චීවරධාරියා අරගලයේදී දැන හඳුනාගෙන ඇති එංගලන්තයේ පුරවැසිභාවය ඇති ලාංකීය දානපතියකුගෙන් විහාරස්ථානය ඉදිකිරීමට බව පවසමින් බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටටටත් වඩා අධික මුදලක් අස්ථාන ගත කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති චෝදනා රාශියක් සම්බන්ධයෙන්ද රාජාංගණයේ සද්ධාරතන නමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

    යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන සුදා නමැති පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන චීවරධාරියා මෙම කෝටි අටකටත් වඩා වැඩි මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් කිසිම විහාරස්ථානය ඉදිකර නොමැති බව එංගලන්තය ඇතුලු විවිධ රටවල පදිංචිව සිටින අය සහ ලංකාවේ අයත් පැමිණිලි කර ඇති අතර මේ කරුණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක්ම ලැබී තිබේ//

    ReplyDelete
  13. අයිසේ මාතලන් හිටපු ජනපති මෛත්‍රීගේ සහෝදරයාගේ කෝටියක මුද්දක් හොරු අරන්.. පොකට් මනි ඩොලර් 5000කුත් තව රුපියල් ලක්ෂ ගණනක මුදලකුත්උස්සලා… මේව දැක්කම මොකද හිතෙන්න 2015 ජනවාරි අට හංසයට අපි ගහපු කතිරේ ගැන?

    ReplyDelete

  14. පෝස්ටුව, කමෙන්ට්ස් සේරම කියෙව්වම
    දැනගන්නට ඇහැකි දේවල් වෙන තරම
    හැංගුණු ඇජෙන්ඩා ලෝකේ හැම තැනම
    තේරුම් යන්නෙ හරි සිහියෙන් උන්නාම!

    ReplyDelete
    Replies
    1. නිමල් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල කලකට පෙර ක්‍රියාකාරීවූ මාගේ අත්දැකීම් සටහන් කරන්නම්. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුළු අරමුදල්වලින් අති විශාල ප්‍රතිශතයක් වියදම් වන්නේ එහි ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් ඇතුළු සේවක වැටුප් ‍ගෙවීමටයි. ලංකාවේ ඉහළම වැටුප් ගෙවන ක්ෂේත්‍රයක් වන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. විශේෂයෙන් ම කරන්නට එහෙමට වැඩකුත් නැතිව (ඇත්තටම කිසිම වැඩක් නැති තරම්) අධි සුඛෝපභෝගී වාහනවලින් එහෙ මෙහෙ ඇවිද ඇවිද, හොඳ හෝටල්වලින් කණපැලෙන්න කා, මිල අධික විදෙස් විස්කි බී, විදේශ චාරිකා ‍ගොස් ආතල් ගෙන එන්නට හා සුඛෝපභෝගී ජීවිත ගෙවන්න‍ට රාජ්‍ය ‍නොවන අංශයේ ඉහළ රැකියාවකින් පුළුවනි. එහෙත්, රාජ්‍ය නොවන අංශයේ පහළ ස්ථරයේ රැකියා බොහොමයක් රැකියා සුරක්ෂිතභාවයක් හෝ කිසිදු නීතිමය ආරක්ෂාවක් නැති හයර් ඇන්ඩ් ෆයර් හෙවත් ගත්තා-දොට්‍ට දැම්මා ටයිප් රස්සා. පහළ මට්ටමේ රැකියාවලට ඇතැම් විට ව්‍යාපෘති යෝජනා අනුව ගෙවිය යුතු අවම වැටුප හෝ නොගෙවා වංචා කරන අමන ලොක්කන් ලාංකීය එන්ජීඕ වල සුලභයි. එමෙන්ම ඇතැම්විට ස්වේච්ඡාවෙන් සේවය කරන දේශීය මිතුරු සංගම් වැනි ඒවා අල්ලාගෙන උන්ව නොමිලේම කඩේ යවමින් උන්ගේ වැඩ පිටරටවලට පෙන්වා ගාන කැපීම් ඉතාම සුලභයි. මේ පිළිබඳව කලකට පෙර එක්තරා බ්ලොග් සම්මාන උළෙලකටද චෝදනා එල්ල වී තිබූණේ මේ පදනම තුළ සිටයි.

      ඒ වගේම පසුගිය 2005-14 දූෂිත මර්දනකාර රාජපක්ෂ රෙජීමයේ වෛරයට පාත්‍ර වී තිබූ බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ක‍ටයුතු කළේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘෂ්‍යභාවය වැනි අංශවලයි. එහෙත්, විමසා බැලුවහොත් පෙනෙන දෙයක් වන්නේ මේ අංශවල ද මේ සංවිධාන විසින් කර ඇති කිසිම ලබ්බක් නැති බවයි. නිදසුනක් ලෙස පසුගිය 2009-2014 වකවානුවේ මේ රටේ සාම සංවිධාන දේශපාලන විසඳුමක් පිළිබඳ ජනතාව දැනුවත් කරනවා ය, මැදිහත් වනවා ය කියමින් කළේ තනිකර ම පට්ටපල් බොරුවක්. මේ සංවිධානවල ක්‍රියාකාරිකයෝ වැඩිදෙනෙක් අප හොඳින් දන්නා පරිදි සාම ව්‍යාපෘතිවලින් වැටුප් ගන්නා ව්‍යාපාරිකයින් පිරිසක් පමණි.

      වඩාත් විස්මයජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවය වෙනුවෙන් පෙනීසිටි මෙම සංවිධානවල දක්නට නො ලැබෙන ප්‍රධාන ම දේ වන්නේ සංවිධානය තුල ඇති ප්‍රජාතන්ත්‍රවාදය හා පාරදෘෂ්‍යභාවයයි. එසේ ම, කිසිදු අභ්‍යන්තර සාමයක් ද මේවායේ නැත. එහෙත්, ඒවා බාහිරව පෙනී ඉඳින්නේ ම මේ කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරමින් විශාල සේවයක් සපයන ලෙසයි.

      ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හා රජය අතර මහා යුද්ධයක් ඇති බවක් මතුපිටින් පෙනුන ද ඇත්ත තත්වය එය නො වේ. රාජ්‍ය නො වන සංවිධාන විරෝධීන් ලෙස අපට පෙනෙන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරු ඒවා සමග ඉතා ළඟ සම්බන්ධකම් පවත්වන බවත් ක්ෂේත්‍රයට සම්බන්ධ කට්ටිය දන්නවා.

      ප්‍රබල රාජ්‍ය නො වන සංවිධාන වල කප්පිත්තෝ ආණ්ඩුවේ මහ තැන්වල ළඟ හිතවත්තු වෙලා රජයේ යම් යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී පිළිවෙත් රාජ්‍ය නොවන සංවිධානවලට ආධාර ඉල්ලා සිටින ව්‍යාපාර බටහිර රටවල දියත් කිරීම සඳහා උපකාරී වන සාධක කර ගන්නවා.

      එසේ ම, මොන දූෂන විරෝධී බයිලා දෙඩුවත්, රජය කිසි දිනෙක රාජ්‍ය නොවන සංවිධාන විසින් කරනු ලබන දූෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා හෝ පවත්වන්නේ නැහැ.

      කලකට ඉස්සර ලංකාවේ උතුරේ බෙදුම්වාදී යුද්ධය නතර වීම, දුප්පත්කම අඩු වීම ආදී හේතු නිසා රාජ්‍ය නොවන සංවිධාන තව තවත් දුප්පත් වුණා පහුගියකාලේ.

      සාමාන්‍ය ක්‍රමයට රටක් ආර්ථික වශයෙන් දියුණු වන විට, ඒ රටේ පුණ්‍ය ආයතන නඩත්තු කිරීමට ඒ රටේ ජනතාව සමත් විය යුතුයි.

      එහෙත්, ලංකාවේ නම් රාජ්‍ය නොවන සංවිධාන නඩත්තුව සඳහා රට තුළින් ආදායම් ඉපදවීමට අසමත් වීම නිසා මේ වන විට ලාංකීය රාජ්‍ය නොවන සංවිධාන දේශීයව ආදායම් ඉපයීමට නොහැකිව
      බරපතල මූල්‍ය අර්බුදයට මුහුණ දීමට සිදුවන අතර පහුගිය කාලේ ලංකාවේ රෙජීමය වෙනස් කිරීමේ මෙහෙයුම නිසා එක්සත් ජනපදය සහ යුරෝපීය රටවලින් අතිවිශාල ධනයක් ලැබුණා, නමුත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල්ලා දැන් එක්සත් ජනපදයේ කීකරු සේවකයින් වී ඇති නිසාම දිගටම අරමුදල් ලබාගැනීමට නොහැකිව ඔවුන් මේ දිනවල නැවත ප්‍රශ්නයකට මුහුණ දී සිටියි. ඔවුන්ට නැවතත් ලංකාව තුල ගෝත්‍රික මුග්ධ ජනතාවක් ඉන්න ඕන එතකොට තමයි උන්ව සිවිලයිස් කරන්න කියලා ගාන කපා ගන්න අලුතින්ම ව්‍යාපෘති පටන්ගෙන ගේම ගහන්න චාන්ස් එකක් ලැබෙන්නේ..

      Delete
    2. දැන් නිමල්ලත් දන්නව ඇති ශ්‍රී ලංකාවේ සියයට නමයක් මානසික රෝගීන් සිටියත්, මෙවැනි නීලකාස කම්බා හොර ගුහා නඩත්තු කරන්නට සල්ලි දෙන්න තරම් උග්‍ර මානසික රෝග ඇති අය නැති බව. ලංකාවේ ධනවත්තු පවා රජයට වුණත් කැමැත්තෙන් බදු නො ගෙවති. රජය කරන්නේ බලෙන් මෙන් නිලධාරීන් යවා වටලා ඇමතිවරුන්ගේ හෙංචයියන් නොවන ව්‍යාපාරිකයින් බියකොට මංකොල්ල කෑමයි. නමුත් රජයේ ආදායම් බදු නිලධාරීන්ටත් රාජ්‍ය ‍නොවන සංවිධානවල‍ට එහෙම කිරීමේ හැකියාව නැත.

      ලංකා රජයේ දේශපාලකයන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් වැනි අය රාජ්‍ය නොවන සංවිධානවලට දැඩිව විරුද්ධ වන්නේ අන් සියලු කාරණාවලට වඩා දැඩි ඊර්ෂ්‍යාව නිසා බව අපේ නිරීක්ෂණයයි. ඒ තමන්ට වඩා වරප්‍රසාදිත තත්වයක් රාජ්‍ය නොවන සංවිධානවල හිමිකරුවන්‍ට ලැබී ඇති බැවිනුත් විශාල වැටුප් සහ ඉතා අඩු වැඩ ඔවුන්ට හිමිවීම නිසයි.

      ධනවත් බලවත් බටහිර රාජ්‍යන්ගේන් ආධාර ලබන රාජ්‍ය නො වන සංවිධානවල දූෂිතභාවය ආරම්භ වන්නේ මෙහිදී නොව එම බටහිර රටවලදී ම ය. ආධාර කරන රාජ්‍යයන් හෝ සංවිධාන ඒ වෙනුවෙන් ඒ රටවල ජනතාවගෙන් හෝ ත්‍යාගශීලීන්ගෙන් එකතු කරන අරමුදල්වලින් විශාල ප්‍රතිශතයක් එමරටවල සිටින මේ ආධාර එකතු කරන හා බෙදා හරින අතරමැදි සංවිධාන නඩත්තු කිරීමට යෙදවේ. එයින් ද වැඩි මුදලක් වැය වන්නේ වැටුප්, විදේශ සංචාර ආදියටයි.

      මේ බොරු ප්‍රෝඩාකාරී "රාජ්‍ය ‍නොවන සංවිධාන" යනු නව ලිබරල් ධනවාදයේ අර්බුද හේතුවෙන් ඇති වන දිළිඳුකම, මානව හිමිකම් උල්ලංඝනය වීම, ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ බිඳ වැටීම, යුද්ධ ආදිය හේතුවෙන් මහජන කැළඹීම් ඇති වීම හා ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වන ඔවුන් විසින්ම පවත්වාගන්නා සංවිදන විශේශයකි.

      රටක ආර්ථික සංවර්ධනයේදී නො විස‍ඳෙන මහජන ප්‍රශ්නවලදී රාජ්‍යයට විකල්පයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරයි. එසේ ම, මහජන විරෝධයන් ක්‍රම විරෝධී වීම වළක්වා, තාවකාලිකව යටපත් කොට නැවත ක්‍රමයට ම ගැට ගැසීමට ද රාජ්‍ය නොවන සංවිධාන උපකාරී වේ.

      සංවර්ධනය වන රටවල මහජන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේ තැරැව්කාර වෘත්තික සංවිධාන ලෙස කටයුතු කරන නව ලිබරල් ධනවාදයේ ම අංගයක් වන රාජ්‍ය නොවන සංවිධාන වෙනුව‍ට ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ආයතන මහජනයා විසින් ම ගොඩනඟා ගත යුතුයි. එයට අප අරගල කළ යුතුයි.

      Delete
  15. ඔය නටාෂලා, පටාෂලා, අරගල් ක්‍රියාකාරීන් කියගත්තු උන්(අරගලේට සද්භාවයෙන් සහභාගීවුන මෝඩ ජනතාව නෙමේ) ඔක්කොම ආයුධ ජාවාරම් කාරයන්ගෙන්, ත්‍රස්තවාදීන්ගෙන්, කුඩ්ඩන්ගෙන් යැපෙන් ඩොලර් කපුටො. ඔවුන්ට සල්ලි හම්බෙනවනම් බුදුන්ට නේමේ වදාපු අම්මට උනත් ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බණිනවා. රටවල්වල් සංස්තියෙ අරටුවටම පහර එල්ල කරලා, අස්තාවවර කරලා ඊට පස්සෙ උන් උන්ගෙ ගේමට යනවා...

    ReplyDelete
  16. මේකේ තියෙන ජෝක් එක තමා ලංකාවේ උන් ජෝක් එකක් ජෝක් එකක් විදිහට බාරගන්නේ නැතුව ජෝක් කරපු උන් උල තියන්ඩ යන එක... මෑතකදී සුපිරිම විදිහට ආගමට අපහස කරපු උන් එළියේ.... ලකේ පංකාව...

    ReplyDelete
    Replies
    1. අජිත් ඩී කීර්තිMay 31, 2023 at 1:11 AM

      පල පොන්නයා පුක නොදී

      Delete
    2. @ ලලිත්

      ජෝක් වෙනයි අපහාස කිරීම වෙනයි නේද? මෙතනම උදාහරණ තියෙනවා, දැන් ඔය ඔබට පිළිතුරක් ලෙස මෙතන මගේ කමෙන්ටුවට උඩින් ඔය මොකෙක්ද බූරුවෙක් දාල තියෙන කමෙන්ටුව බලන්න, ඌටත් කියන්න පුළුවන්ද ඒක ජෝක් එකක් කියලා?

      තව උදාහරණයකට දැන් ඔය භාෂණයේ නිදහස ගැන කියවන උන්ට පොඩ්ඩක් lgbtq උන්ව බයිට් එකට ගන්න කියහංකෝ, පුළුවන් නම් ඉංග්‍රීසියෙන් එංගලන්තය හෝ ඇමෙරිකා කැනඩා ඕස්ට්‍රේලියාව වගේ රටක පබ්ලික් ෆෝරම් එකකට එහෙම එකක් දාලම බලන්න මොකද වෙන්නේ කියල, ඔය ඇම්ම නිකන්ම සනීප වෙයි උන්ට 😂😂😂

      Delete
    3. අයිසේ ජෝක් ලලිත්, අර ගොඩ පෙරකදෝරු ප්‍රා ජේ වගේ මෝඩ තර්ක දාන්න කලින් සිදුහත් කුමාරයා ඉපදෙනකොටම ඇවිද්දයි කියන එක Joke එකකට ගත්ත වගේම …. Jesus පියෙකු නැතුවම දේව වරමින් කන්‍යාවකට දාව ඉපදුනයි කියන එක Joke එකට ගත්ත දවසට …. මොහොමඩ් අවුරුදු නමයක් වන බාලවයස්කාර දැරියක් අඹුකමට ගත්තයි කියන එක පාහර වැඩක් කියල කියන්න පුලුවන් වුන දවසට …. උඹලගෙ ඔය බොරු Radical මෙව්ව එක ඔප්පුකරන්න පුලුවන් වෙයි (Radical නෙවෙයි රැකේ පුඩිකල් තමයි ඉතින් 😁😁😁) … එහෙම නැත්නම් උඹලගේ ඔය මහලොකු මීගව සම්පත … එක ආගමකට ගහන්න කුළියට ගත්ත අමන අන්තවාදී කුළිකාරයෝ ටිකක් විතරයි ….

      Delete
  17. මම හිතන්නේ ජෙරමේලා වගේම ජීවන්ත පීරිස් හොර පාදිලියා වගේ කතෝලික පල්ලි කාක්කෝ ටික වගේම මුන් දෙන්නා සහ අරගලයේ හිටියාය කියන ගොඩක් උන් දැන් මුදලට විකිනෙනවා 🤔😂 අර මැදමුලන වලව්වේ දංකුඩ කන කොටුවේ පොඩ්ඩා කැලණියේ නයිපාල ඉත්තෑවා නාලකයා නානසාරලා වගේ හොරගණයො වගේ මුකුත්,මුදලට නැටවෙන රූකඩ නාට්‍ය කලාව බඩරස්සාව කරගෙන රට වනසන කාලකන්නි සෙට් එකක් විතරයි, අර සොර කාදිනලයා සහ සිරිල් ගාමිණී ගොන් රිලවා ටික දවසකට සද්දෙ වහල වගේ නේද ? ඔය හොර රැල තව ටික දවසකින් ආයේ මොකක් හරි අංචියක් ඇදලා අහිංසක ජනතාවට කෙළවලා තව කෝටි ගණනකට විදීවි හොර හැත්ත, එහෙම නේද?

    ReplyDelete
  18. ලෝකය යමක් යමක් දරාසිටිනා ආකාරය (ධර්මතාවය) පෙන්වාදීම බුදු කෙනෙක් පහලවී කරන ඒ මහා කාර්‍යයි....
    ඇත්තටම ලෝකයේ පරම සත්‍ය දේශනා කරන්නෙ බුදු කෙනෙක්ම තමයි....
    ලෝකයේ දැන් පවතින බෞතික විද්‍යාවට සොයාගත හැකිවූ සීමාව බුද්ධ දේශනාව හා බැලූ කල බොහොම පොඩ්ඩක්....

    ගොඩක් අය වරද්දගන්න කාරණාව නම් බුදුන් වහන්සේ කියූ සැනින් ගොඩක් අය හිතෙන්නෙ ගෞතම බුදුන් ගැන පමනයි....
    මොකද බුදු වරු බොහෝ ප්‍රමාණයක් පහලවී තියෙනව....
    ඒ හැම බුදු වරයෙක්ම ලෝකයට කියන්නෙ එකම කථාවක්,
    ඒ තමයි විද්‍යාව....

    ReplyDelete
  19. අයිසේ මාතලන් ඇත්තටම නුඹේ පෝස්ට් එකට බොහෝ දුරට එකඟයි ඔය වගේම තවත් කාරණයක්ග සාකච්ඡාවට ගන්න ඕන ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය ශිෂ්‍යන්ගෙ අවසන් වසර ප්‍රතිඵල නිකුත් කරන විදිහ ගැන වීඩියො කිහිපයක් දැක්කා. ඒවට සමහරු බැනලා තියෙනවාත් දැක්කා.. මේ මොන විකාරද ?, නිදාස් අධ්‍යාපනේ නිසාද ඒම උපාධිය විසි කරලා පහත් කරන්නෙ, පිස්සුය යැයි යැයි...

    ඒ නිසා මේක ලියන්නේ ඇත්තටම ඇකඩමික්ස් ඉවර වෙද්දි ඇඩ්මිනිස්ට්‍රෙශ්න් එකත් එක්කම පොඩි ෆන් එකක් ගන්න එක මතක හිටින වැඩක්. ප්‍රතිඵල නිකුත් කරනවා කියන්නෙම ශිෂ්‍යන් සෑහෙන පීඩනයට පත්වෙන දෙයක්. ඕවයේ ඇකඩමික් ස්ට්‍රෙස් නිසාම දරාගන්න බැරුව නැතිවුන ජීවිත මම දැකලා තියෙනවා. ඉතින් ඒ ස්ට්‍රෙස් එක කැඩෙන්නත් එක්කම විශ්වවිද්‍යාලයේ අවසාන ඇකඩමික ක්‍රියාකාරකම් ඇඩ්මිනිස්ට්‍රෙශ්න් එකෙන් දෙන ආතල් එකකින්ම ඉවර වෙන එක මරු වැඩක් සහ ජීවිත කාලෙටම මතක හිටින වැඩක්. කාටවත් හානියක් නැති සුන්දර මතකයක් විදිහට ශිෂ්‍යන්ට ඒවා මතකේ හිටිනවා. (රිපීට් වුනොත් ඉතින් වෙනම කතාවක් 😖)

    සම්ප්‍රදායන් විදිහට ලෝකයේ බොහෝ විශ්ව විද්‍යාලවල මේ ආතල් වැඩ තියෙනවා. මන් ඒවා කාලයක් තිස්සෙ හොයනවා සහ එකතු කරනවා. ඒකට හේතුව ඒ ඒ මොහොතවල් වල මිනිස්සුන්ගෙ මුහු⁣ණුවල හැඟිම් ඇතුලේ සම්පූර්ණ කතාවම කියවෙනවා. ඒවා බලන් ඉන්න ලස්සනයි. ජීවත් වෙනවා කියලා තේරුම් ගන්න, හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කියලා තේරුම් ගන්න ඔය වෙලාවල් හරි වටිනවා. සමහර සම්ප්‍රදායන් තියෙනවා හරිම ලස්සනයි, සමහර ඒවා තියෙනවා විහිළුයි දැක්කම හිනා යනවා, සමහර ඒවා තියෙනවා අවුරුදු හතරක් පහක් රෝබෝලා වගේ ඇකඩමික් ජීවිතයට අනුගත වුන මිනිස්සු රිලැක්ස් කරවන, තවත් සමහර ඒවා තියෙනවා හරි අර්ථාන්විතයි.

    එංගලන්තේ කේම්බ්‍රිජ් සහ ඔස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලවල ආචාර්ය උපාධිය නිමා කරාම ශිෂ්‍යාගේ සුපර්වයිසර් විසින් අසල තියෙන පාලමකින් ශිෂ්‍යාව එගොඩට අරන් යනවා. ඒක හරි අර්ථාන්විතයි.. ආචාර්ය උපාධියක් කියන්නෙම දුෂ්කර ක්‍රියාවක්. සැඩ පහරක්.. හරියට එතෙර නොවුනොත්/නොකලොත් ගහගෙන යන්න පුළුවන්. සුපර්වයිසර් කියන්නෙ මේ අවරුදු ගානටම එක්තරා විදිහකින් ශිෂ්‍යාගේ මඟ පෙන්වන්නා. ඉතින් භෞතික පාලමකින් එතෙර කිරීම සංඛේතියව හරි සුන්දර නිමාවක්.

    ජර්මනියේ ගොටිගන් සරසවියේ ආචාර්ය උපාධිය නිමා කලාම අසල ගැන්සලීසල් නගරයේ පාත්ත කෙල්ලගේ ප්‍රතිමාව ශිෂ්‍යා විසින් සිප ගැනීම සම්ප්‍රදායක්. ඔය පහත තියෙන්නේ එහෙම අවස්ථාවක්.

    ස්විට්සර්ලන්තයේ සුරික් සරසවියේ සම්ප්‍රදායක් තියෙනවා උපාධිය නිම කලාම සුපර්වයිසර් එක්ක කැම්පස් එකේ වටේ රවුමක් දුවන.

    කොළොම්බියා සරසවියේ කාබනික රසායනය හදාරන සිසුන්ගේ විභාගයට පෙර දිනයේ රාත්‍රියේ පුස්තකාලයට කඩා වදිනවා කැම්පස් එකේ බෑන්ඩ් කණ්ඩායම. මේක පිටින් බැලුවම වදයක් විදිහට පෙනුනට ශිෂ්‍යයො මේක බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්ට්‍රෙස් නැති වෙන උපක්‍රමයක් වගේම ටික වෙලාවකට ඒකාකාරි බවින් මිදෙන්න ක්‍රමයක්.

    ඔය වගේ ඉතින් ලියන් ගියොත් සෑහෙන දේවල් තියෙනවා.

    ලංකාවේ අය කොහොමත් ඉන්නේ ස්ට්‍රෙස් එකේ. හිනා වෙන්න බැරි, එන්ජෝයි කරන්න බැරි ජානගත රෝගයක් තියෙනවා බහුතරේකට. ඉතින් කවුරුහරි කාටවත් හානියක් නොවන ආතල් එකක් ගත්තත් පේන්නෙ අමෝ මුන්ට පිස්සු, හත්වලාමේ අර පූජනීය මේව්වා එකට නේද මේම කරන්නෙ වගේ කතාවකින්. පශ්චාත්බාගේන් වැට මාර පොල්ල අයින් කරනකන් ඒම තමයි.

    මමනන් කියන්නෙ මේ වගේ ආතල් ට්‍රැඩිශන්ස් හැදෙන්න ඕන. පරිපාලනේ ආශිර්වාදයත් එක්කම රිසල්ට්ස් රිලීස් වෙද්දි නප්පෙට බොන ට්‍රැඩිශන් එකකුත් සෙට් වුනානන් සුම්මා. 👌

    ඈන්ඩ් අලුතින් පාස්වුන ඩොකාලා ඩොකීලටත් හදවතින්ම සුබ පැතුම්..! හැම අතින්ම තොපි සාර්ථක වෙන්න ඕන යකෝ කියලත් පතනවා 😄😊

    ReplyDelete
  20. Slvlog සහ මාධ්‍ය වගවීම..!

    ඊයේ මංජු ලා තිබ්බ මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ ඒකේ වගකීම ඒ රංගනය කරපු කෙනා ගන්න ඕනී තම ආයතනයට ඒ සම්බන්ධයෙන් බැඳීමක් වගවීමක් නෑ කියන දේ. මේ දේ චමුදිත් කරනවා මම දැකලා තියෙනවා. 'ඔබ වගකීමෙන්ද කියන්නේ? ඔබ මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ගන්නවද?' චමුදිතගේ සාකච්ඡාවක් අස්සේ මේ ප්‍රශ්නය අපිට නිතරම ඇහෙනවා. ඒත් ඇත්ත කතාව චැනල් එකට එන මිනිහෙක් මොකක් කිව්වත් ඒකේ වගකීම ගත්තත් නැතත් චැනල් එකට බැහැ ඒම තමන්ට සුවර් නැති ඒවා ප්‍රචාරය කරන්න.

    මෝඩාභිමානයේ රංගනය ඉදිරිපත් කරපු නතාෂා මොනා කිව්වත් ඒක පළකරනවාද නැද්ද කියන අවසන් තීරණය ගන්න ඕනී චැනල් එක. චැනල් එක ඒක පළකරාට පස්සේ වෛරල් වුණාට පස්සේ ඒ වෛරල් කරපු එවුන් මේකට වගකියන්න ඕනී කියනවා නම් ඒවගේ චැනල් කරනවාට වඩා හොඳයි වහලා දාන එක.

    අපි පත්තරේක හෙඩිමක් ගහලා ඒක පත්තුවුණාට පස්සේ ඒක පත්තුකරපු එවුන් වැරදී කියලා කියන්නේ නෑ කවදාවත්. අනික වැරදි නිවුස් එකක් බොරුවක් අපහාසයක් හෙඩිමක් විදිහට ගැහුවට පස්සේ ඒකේ බයිලයින් එක හිමි පත්තරකාරයා නෙවෙයි කරමුලට අහුවෙන්නේ. ඒකට අහුවෙන්නේ පත්තරේ කතෘවරයා. මොකද ඔහු බලලා ඔහුගේ අනුමැතිය එක්ක තමයි ප්‍රින්ට් එකට යන්නේ. නඩුවක් වැටුණොත් වාර්තාකාරයාට විතරක් නෙවෙයි ඊට කලින් පත්තරේට වැටෙනවා. එතනදි පත්තරේ කතෘවරයාට 'නෑ මේකේ වගකීම අපි ගන්නේ නෑ මේකේ වගකීම ලියපු හාදයා ගන්න ඕනී' කියලා කියන්නේ නෑ. එහෙම කියන්නත් බෑ.

    අනික මෙතන තත්ත්වය ඊටත් වඩා බරපතළයි. කලින් තිබුණ ඉවෙන්ට් එකක් වීඩියෝ කරලා පස්සේ ඒක නාලිකාවේ පෙන්වනකොට ඒකේ වගකීම සම්පුර්ණයෙන් ම එන්නේ නාලිකාවට. එහෙම තත්ත්වයක් අස්සේ වෛරල් කරපු එකාගැන හොයන්න, උන් වගකියන්න ඕනී කියලා කියන්න බෑ.

    මම දැක්කා චමුදිතට විරුද්ධව ජලනි නඩුදාලා තියෙනවා කියලා. ඔව් ඇත්තටම නඩුදාන්න ඕනී තමයි. එහෙම නැතිවුණොත් පිස්සන්කොටුවේ ඉන්න පිස්සෙක් ගෙනල්ලා අනේ ඔබ වගකීම ගන්න කියලා මයික් එක අල්ලන්න පුලුවන්. අපිනම් තාම පත්තරවල ලියනකොට වෙබ් එකට ලියනකොට මේගැන සැලකිලිමත් වෙනවා..ඒක තමයි ජර්නලිසම් කියන්නේ. ඇත්තටම අපි ඒක ඉගනගත්තේ පත්තර අස්සේ ඉදලා.

    ෆේස්බුක් එක කියන්නෙ නම් තමන්ගේ පුද්ගලික තැන. එතනත් තමන්ට ඕනී විදිහට රඟන්න පුලුවන් කියලා එකක් නෑ. එතනත් අවම මට්ටමකට හෝ මේ කියන දේවල් පවත්වාගෙන යනවානම් හොඳයි. ඒත් ඉතිං ඒක පුද්ගලික තෝරාගැනීම. එතනදි යම් කෙළවීමක් වුණොත් තමන්ට තමයි ඒක.

    - From කේ සංජීව

    ReplyDelete
  21. නොදකින් බන් කලිසම ගලවල හිනස්සවන්න හදන්නේ ඔය ගොන් හැත්ත කුණුහබ්බ සහ හෙළුව විතරයි 🤣🤣🤣

    ReplyDelete
  22. යකෝ කොමෙඩියන්ලව අත්අඩංගුවට ගන්නවනම් අරගලෙට ගිය උන් ඔක්කොම මෙ වෙනකොට හිරේනෙ ඉන්න ඕනා... (හැක් හැක් හැක් කොහොමද මගේ කොමඩි එක..:D)

    ReplyDelete
  23. Owwa ohoma thamai තලන් .
    කිසිම අරමුණක් නායකයෙක් නැතිව රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියලා අරගලයක් කරපු රටක් නෙ ඕක. ඔහේ පිස්සු හැදිච්ච මී හරක් වගේ සේරම යන්නෙ රැල්ලට.රැල්ල හදපු එකා ගොඩ. සිංහලේ,වද කොත්තු,රට විරුවෝ,රන විරුවෝ,දාතූ වන්දනා,හරක් නිදහස් කිරීම,හරක් මසට විරුද්දවීම, වියත් මග, කැලෑ කැපීමට එරෙහිවීම, නැවේ ගින්න, සිංහරාජ හෝටලේ බාගියා, උද්ඝෝෂණ ව්‍යාපාර, ගෝටාගෝ ගම් හැදිල්ල අලඝලේ දැන් ආපහු බෞද්ධයා රැකගනිමු කියලා තව මගුලක් අනේ මන්දා බලමු ඉතින් ඉස්සරහට ලංකාවට ඇවිත් යන්න එන්න ඕන ජූනි මාසයේ මැද හරියේ විතර...

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      Sri Lanakan එක දැන් ලේට් උන්ට කරන්න දෙයකුත් නැහැ..අලුතින් order කරපු flights එනපාටක් නැහැ..හැමදාම එක flight එකක් එනකන් ඉන්නවා හරවල අනිත් route එකට යවන්න...Singapore/Narita ඇතුළු ඔක්කොම fligjts පැය 5 , 6 හැමදාම පරක්කුයි...මිනිස්සු දැන් UL වල යන්න කැමති නැහැ රස්තියාදුව නිසා..ඉස්සර UL කියන්නේ Usually late දැන්නම් Everyday Late...😢

      Delete
  24. අජාන් බ්‍රහ්මවංශ හිමියන් කටුනායකදී අතරමං කරලා නේද මාත?

    //

    - 31 05 2023 -අද පුවත්පත - ටී.කේ.ජී. කපිල

    ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.

    අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයට ඊයේ (30දා) දින රාත්‍රී 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර තිබේ .

    ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර , අදාළ ගුවන් යානයට පිවිසීම සදහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට තිබේ.

    ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත යාම සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

    ඉන් මද වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති - ඇමතිවරුන් පිරිස , විශේෂ බස් රථයක් යොදා ගනිමින් තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබේ.

    ඉන්පසුව 05/31 දින අලුයම 02.30 ට පමණ මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ වැඩ වාසය කරමින් සිටි මෙම හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ.

    පසුව මෙම හිමියන් 05/31 දින අලුයම යළිත් ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු සිදු කර , එදින උදෑසන 10.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බැව් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

    ඒ වනවිට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ අපහසුතා මධ්‍යයේ රැදී සිට තිබුණි .//

    ReplyDelete
    Replies
    1. මචෝ සීන් එක මෙහෙමයි ඔය හාමුදුරුවන්ට Vip එකෙන් යන්න ඇරෙන්ජ් කරලා තියෙද්දි අර නිමල් සිරිපාල සීයා වැඩෙ අල කරලා කියලා තමයි ආරන්චි

      Delete
  25. ඔය නතාෂ වෙට්ටපාසි කියන්නෙ පත්තුකරල අත් හදා බලපු ගිනිකූරක් විතරයි.. වැඩේ බලන්න ආව අභිශේක් ල ලකා සිකා සමරෙ ල පොඩි පුළුන් කෑලි ටිකක්.... මහා බෝම්බයක් හෝ ගින්නක් ලඟම එනව.

    ReplyDelete
  26. අගලවත්තේ පී ජයසිංහ
    බොකක්‌ දැම්මේ වලක්‌ පිරෙන්න

    ReplyDelete
  27. "...මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය...”

    සරල අර්ථය :-

    මහණෙනි යමෙක් බුදුන් වහන්සේට හෝ බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයට හෝ මහා සංඝ රත්නයට දෝෂාරෝපණය කරන්නේද, අභූතයෙන් චෝදනා කරන්නේ ද, නුගුණ කියන්නේද, තුණුරුවන් ගැන සමාජය නොමග යවන විකෘති අදහස් සමාජගත කරන්නේද,එකී කරුණු අසත්‍යවන ආකාරයත්, එම අදහස දෝෂ සහගත වන අයුරුත්,එම අදහස්වල නොමග යවන සුළු බවත් දැක, ඇස් කන් පියා නොසිට එම අදහස්වල ඇති වැරදි සහගත බව මතු කළ යුත්තේමය. එම සමාජය නොමඟ යවන වැරදි සහගත අදහස් හා ගැටළු ලිහා දැමිය යුත්තේමය...

    - බ්‍රහ්මජාල සූත්‍රය -
    ( හැමෝම මගහරින කොටස)

    ReplyDelete
  28. තායිලන්තය තුළ කිසියම් පුද්ගලයෙකු බුදු රජාණන් වහන්සේට . ධර්මයට හෝ මහා සංඝයාට අපහාස කළ හොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පණ වන අතර. ෆේස් බුක් ඔස්සේ ලිඛිතව අපහාස කිරීමට දැඩි දඩුවම් දෙනු ලැබේ . 2015 දී ක්‍රිස්තියානි පාස්ටර් වරයෙකු වූ එන් ලායි බුදුන්ට අපහාස කරමින් කොමෙන්ට් 6 ක් ෆේස් බුක් ඔස්සේ දැමූ අතර තායි ශ්‍රීෂ්ටාදිකරණය ඔහුට එක් කොමෙන්ටුවකට වසර 10 බැගින් වසර 60 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලදී.

    ReplyDelete
  29. මට තේරෙන්නෙ නැත්තේ ඇයි සතිෂ් නඩේෂන් ගැන කවුරුවත් කතා නැත්තෙ කියලා. මට නම් උගේ කතානිසා වැඩියෙන් හිත රිදුනා. ඒ වගේම ටානියා කලේ ගොන් ජෝක් එකක් කිව්වත්, සතිෂ් නඩේෂන් කරන්නේ සිංහල විරෝධී දේශපාලනයක්.

    ReplyDelete
  30. ඔය නතාශා ඉන්න කල්ලියේ තමයි ටානියා ලෙවකනදුවගේ කියන තැනැත්තිය ඉන්නේත්. ඇය ඉතාමත්ම භක්තිමත්ව ජේසුස් වහන්සේව අදහන යම් කිතුණු ආගමික කණ්ඩායමක තැනැත්තියක් .
    ඒ අය කාලයක් තිස්සේ සිදුහත් කුමරු ඇවිද්ද ,කතා කරපු දේ ගැන ප්‍රශ්න කරමින් උපහාසයට ලක් කලත් .,
    ඉස්ලාම් ආගමේ කන්‍යාවියෝ 72 ගැන විහිලු කලත්, රෝමානු කතෝලික
    කන්‍යාරාමයේ සිස්ටර්ස්ලා විහිලුවට ගත්තත් කවදාවත් පුරුශ ශුකාණුවක් නොමැතිව මරියාතුමිය ගැබ් ගත්ත කතාව ජීවවිද්‍යාත්මක අභියෝගයට උපහාසයට ලක් කරන්නේ නෑ, ඇයගේ සමාජ ජාල වල නිතරම ජේසුස් වහන්සේට නමස්කාර කරන එතුමන්ට ගරු බුහුමන් ප්‍රශංසා කරන පෝස්ට් නිතරම දකින්නට ලැබෙන අතර ඇයගේ හැසිරීම ගැන අධ්‍යයනය කරපු මට ඇය ඇතුළු පිරිස යම් ඉලක්ක ගත අරමුණක් ඇතුව අපහාසාත්මක ප්‍රකාශ කරන බව ඉතාම පැහැදිලියි .

    ReplyDelete
  31. ඔය නාඩගම රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ රෙජීමය නැවත වතාවකට බලයට පත්කර ගෙන 2028 දක්වා එම රජය පවත්වාගෙන යාමට එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු රටවල් වල ආශීර්වාදය මත ක්‍රියාත්මක වන නව දේශපාලන වැඩසටහනක ආරම්භය සටහන් කරනවා විතරයි, දැන් බලන්න අද අරගලයට පෙර තිබූ තත්වයට වඩා දියුණු වීඇත්කේ කුමක්ද? මට නම් පෙනෙන්නේ එක්සත් ජනපදය ඇතුලු රටවල් විසින්ම මාධ්‍ය ආයතන හරහා පහුගිය රජයට විරුද්ධව ජනමතය සකස් කර කුපිත වූ ජනතාව ෆෝම් කර ඔවුන් හරහා නිර්මාණය කරපූ අරගලයෙන් කලේ රනිල් බලයට ගෙන ඒම පමණයි. රනිල් ඉදිරියේදී ACCSA, SOFA, MMC ක්‍රියාත්මක කරාවි. එතකොට වත් තේරේවිද දන්නේ නැත.

    ReplyDelete
  32. ගයනිට පුකේ අරින්න තිබ්බා නං කොහොමද සැප

    ReplyDelete
  33. දැන් අජිත් කොහොම ද ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ලෙස එංගලන්තයේ සිට ක්‍රියාත්මක වෙන්නේ? සූම් වලින්ද මයික්‍රෝසොෆ්ට් ටීම්ස් එකෙන්ද?

    ඒ වගේම රනිල්ට එරෙහිව ප්‍රකාශ කරන අය අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට ඔබ ඉතාම සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන නිසා මේ කමෙන්ට් දාන අපිව අයි පී ඇඩ්රස් වලින් හොයාගෙන අල්ලලා බටලන්දට පැහැරගෙන ගිහින් අපට දැඩි ලෙස වධ දී අමානුෂික ලෙස ඝාතනය කර පෙට්රල් දමා ටයර් සෑයක පුළුස්සා අතුරුදන් කරලා දානවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න