.

.

Feb 5, 2024

ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...


 ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට

ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


වර්ෂ 2024 ක් වූ ෆෙබෘවරි මස 4 වනදා... එනම් අපේ නිදහස් දිනයදා වනතෙක් ජෙප්පෝ යනු උග්‍ර ඉන්දියානූ විරෝධීන්ම විය... ජවිපේ පන්ති පහෙන් එකක් වූයේ "ඉන්දියානූ ව්‍යාප්තවාදය" යන සබ්ජෙක්ට් එකය. 


ඉදින් ඔවුන් ජේ ආර් හා රජීව් අත්සන් කළ සාම ගිවිසුමට විරුද්ධව "ජේ ආර් මරමු" කියා අපේ හන්දියේ ටොනික් කඩේ ලෑල්ලේ රතු අකුරෙන් ළොකුවට ලිව්වේය. ඉන්දියානූ සාම සාධක හමුදාව ඔවුන් හැඳින් වූයේ වානර හමුදාව කියලාය.. ඒ කරලා කොළඹ කොටුවෙන් පටන් ගෙන මුළු රටම ගිනි තිබ්බේය. බොම්බේ ළූණූ ළොකු ළූණූ විය... මයිසූර් පරිප්පු රතු පරිප්පු විය....


දේශමාමක ස්වේච්ඡා කොම්‍රඩ්වරුන් හා කොම්‍රඩ්වරියන් 60,000 කට... නිවන් පුර රුවන් දොරටු විවෘත කර දුන්නේය. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියානෝ විසින්... රෝහණ විජේවීර නම් චේ ගුවේරා නායකයා බොරැල්ල කනත්තෙන් ස්වර්ගස්ත කළ අතර... ඔවුන් පාවා දුන්නෝ දිවි රැකගෙන පක්ෂය මෙතෙක් දුර ගෙන ආවෝය. 


අප මේවා ලියන්නේ දැන් ඉන්නා ජේවීපී හුලිජ්ජා කොල්ලන්නට හා කෙල්ලන්ට මෙන්ම, 70 දශකයෙන් පසු උපන් හාල්පාරුවන්ගේ දැනගැන්ම පිණිසය.


අපරාදේ කියන්නේ... ඉන්පසු විප්ලව කරන්නට ගියහොත් වන්නේ බාබෙකිව් දමාගැන්ම බව අවබෝධ කරගත් ජෙප්පෝ... ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගත්තේය. එහෙත් ඒ බලය ලබා ගන්නා තෙක් කළ රඟපෑමක් පමණක් බව... මැයි 9 වනදා ඔවුන් ලෝකයටම පෙන්වා දුන්නේය.


ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන්... රනිල් වික්‍රමසිංහ විසින් ජූලී චන්ග් නෝනාගේ මානුෂික මෙහෙයුම නතර නොකරන්නට... ජෙප්පෝ හා ජූලී චන්ග් රෙඩි වී උන්නේ... රනිල්ගේ නිවසට පසු, ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වන... දියවන්නාවේ ගවගාලද ගිනිතබා පොලොවට ෆ්ලැට් කරන්නටය.  ඒ ජේවීපි දේශපාලනයයි. එහි ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය හෝ දියුණුව නැති අතර.. ඇත්තේ අධිකාරිවාදය හා විනාශය පමනි.


රනිල් විසින් මේ සියල්ල බෙල්ලෙන් අල්ලා පොලොවේ ගසා දැමීම... ජූලී චන්ග් මෙන්ම අරගලය පිටුපස උන් සියළු බලවේගයන් හොල්මන් කරනා තීරණයක් විය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියන්නේ මෙවන් ගේම් වලට මිස.. වෙනත් රාජ්‍යයක ආධාරයෙන් චාරිකාවක යෙදී... සාකච්ඡා කර... අතට අතදී පැමිණීම නොවේ.. රාජ්‍යතාන්ත්‍රික බව කියන්නේ ඒවාට නම්... මෛත්‍රිපාල සිරිසේනට  එංගලන්තේ මහරැජිණ ඉතරක් නොව පුටීන් මෙන්ම බරක් ඔබාමාද අතට අත දී... පිටට තට්ටුත් දමා තිබෙනවාය.


වාමාංශිකයින්ගේ මේ මිලේච්ඡත්වය... ජේවීපීයේ වරදක් නොවේ... එය ලොවපුරාම පැවති හා තවමත් පවතින වාමවාදයේ, ෆැසිස්ට්වාදයේ, මාක්ස්වාදයේ, ට්‍රොට්ස්කිවාදයේ, බොල්ෂෙවික්වාදයේ නියමුවන් වූ... ලෙනින්ලා, කැස්ත්‍රෝලා, මාවෝලා, පොල්පොට්ලා, චේ ගුවේරාලා මෙන්ම කිම් ඉල් සුන්ලාගේ... සුන්නද්දූලී මිලේච්ඡ හා මිනීමරු දේශපාලනයයි... එහි අන් මතවලට... විපක්ෂවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ නොමැති අතර... ඇත්තේ භීෂණයම පමණි.


මේ අව් අස්සේ ඉන්දියානූ ජනමාධ්‍ය විසින් වාමාංශික මාක්ස්වාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජවිපෙට ඉන්දියානූ රජයේ ආරාධනාවකින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... වෙන්ට ජනපති අතිගරු කොම්‍රඩ් අනුර කුමා‍ර දිසානායක ශ්‍රීමතානන්ට හා පක්ෂයේ කිහිප දෙනෙකුට ආරාධනා ලැබෙනුයේ... එතුමා හා ජවිපේ නිලධාරීන් දෙසැම්බර් මාසයේ රහසේම සිඳුකළ චීන සංචාරයෙන් පසු වීම සුවිශේෂී කරුණක්ම වන්නේය.


මෙය... ඉන්දීය ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල මෙන්ම ජනප්‍රිය රැල්ලේ ගසාගෙන යන නියත ජයග්‍රහණයකින් ගිණිකන වැටී සිටිනා... ජවිපේ මෙන්ම ජාජබ ක්‍රියාකාරකයින්ගේ... කවි, කෙටිකතා, නිසදැස් හා හෑලී රචනා සියල්ලෙන් කියා සිටියේ... මීළඟ ජනාධිපති වීමට සිටිනා අනුර කුමාරයන්ට බිය වී... ඔහු ෂේප් කර ගැන්මට ඉන්දියාව විසින් කරනා ලද ආරාධනාවක් වශයෙනි.


එමෙන්ම ටිල්වින් සිල්වා මෑතකදි මේ රට තුල කළ ප්‍රකාෂයට සමාන අදහසක් එරට ජනමාධ්‍යයන් වෙත ලබා දුන්.... යටත් විජිත මැතිතුමා කියා සිටියේ... ඔවුන් තව දුරටත් වාමාංශික දේශපාලන වහලුන් නොව ලොව සියළු රාජ්‍යයන් හා නොබැඳි පිලිවෙතක් අනුගමනය කරමින් එම රාජ්‍යයන්ගේ සහායෙන් රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නා බවයි. කොටින්ම පිනට කෑමේ වර්ල්ඩ් චෑම්ස්ලා වන ජෙප්පෝ ඉන්දියාවේදී කියා සිටින්නේ... 


කන්න දෙනවා නම්, අපිට බොන්ඩ දෙනවා නම්...

මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ.... කියලාය...


ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක සඕදරයාගේ ඇඳුම හා බොඩි ලැන්ග්වේජ් එකද කියා පෑවේ එයාගේ ගෝලයන්ගේ මානසිකත්වයමය. ඇත්තටම ඉන්දියාව ජෙප්පන්ට තියා ඇමරිකාවේ රූකඩයක් වූ යැංකි ඩිකී හෙවත්... ජේ ආර් ජයවර්ධනට තබා.... ඔවුන්ගේම නිශ්පාදනයක් වූ... ප්‍රභාකරන්ටද බිය වූයේ නැත. වාතයක් වූ ප්‍රභාට ගේම දෙන්න ෆුල් සප් එක එන්නේ ඉන්දියාවෙන්මය. 


අනුර කුමාරලා මෙහි පැමිණි විගසම... කෙලින්ම මෝදී මැතිතුමා මුණගැසීමට යන්නේ... දෙමල සංධානයේ නව නායක ශ්‍රීධරන්‍ය. ඒ ශ්‍රීධරන් ජනාධිපති වෙයි කියලා බයට නොවේය. ඒ ඔවුන් ලංකාවේ තවත් ප්‍රබලම දේශපාලන සාධකයක් වන නිසාවෙනි. ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ෂේප් එකේ තබා ගැන්ම ඔවුන්ගේ ඒකායන අරමුණය.


ලංකාවේ අගය ලාංකිය දේශපාලන ගල් ඉබ්බන්ට තවමත් නොතේරුනද... ඉන්දියාව තේරුම් ගෙන අහවරය. ඉන්දියාව මේ මෑතක් වන තෙක්ම.... ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට එරෙහිව කටයුතු කළද, චීනා හම්බන්තොට අයිති කර ගැන්මෙන් පසු... ලංකාව ඔවුන්ගේ ආයෝජනයන්ට කෙතරම් වැදගත් තැනක්ද යන්න තේරුම් ගෙන අවසානය. විශේෂයෙන් වරායන් හා නාවුක ක්ෂේත්‍රයේ ඇති කැපෑසිටිය ඔවුන් හොඳින්ම අවබෝධ කරගෙන ඇත... එපමණක් නොව ගුවන් තොටුපල හා ගුවන් ගමන් ක්ෂේත්‍රය මෙන්ම පුණර්ජනනීය බලශක්ති හා සංචාරක ක්ෂේශ්ත්‍රයන්හී ආයෝජන විශාල වශයෙන් සිඳුකිරීමට ආයෝජකයෝ පෙලගැසී සිටිති... එබැවින් කුමන පාලනයක් යටතේ වුවද.... ඔවුන්ගේ ආයෝජනයන්ට කිසිඳු අවහිරයක් නොවනා බවට සහතිකයන් ලබා ගැන්ම ඔවුන්ගේ අභිලාෂයයි.


මින් මතු ජවිපෙටද ඊට අනුකූලව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැතිය. චීනා ලංකාවේ ආයෝජනයන්ට යලිඳු එන්නේ නැති බව මාතලන් මීට පෙර කීප අවස්ථාවකම ලියා ඇති අතර අද එය සනාථ වී අවසානය.. එකම පිහිට ඉන්දියාව පමණමය. ඉදින් මින් මනතට ජෙප්පන්ට ඉන්දියාවට හෝ ඉන්දියානූ ව්‍යාපෘතීන් කිසිවකට හෝ විරුද්ධව කටක් හොල්ලන්නට වන්නේ නැතිය. ඇත්තටම මෙය ජේවීපි චන්ඩි නොන්ඩි කිරීමකි.


කෙසේ හෝ මේ සියල්ල සිඳුවන්නේ රනිල් වික්‍රමසිංහ, මෝදී, චන්ද්‍රිකා හා රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් බව නොදන්නා.... මතුපිට දේශපාලනය මත පමණක් හැදෑරීමෙන් ස්වයං මෝහණයට පත්ව ස්වයං වින්දනයේ යෙදෙන්නන් දැක්කාම... අපට ඔවුන් ගැන අප සිත් තුල ඇති වන්නේ... සානුකම්පිත අනුකම්පාවක් පමණමය.


වත්මන් ජාත්‍යන්තර දේශපාලනයේ... ඉන්දියාවට මෙන්ම, ඉන්දීය රාජ්‍ය නායක මෝදිටද ඇත්තේ... කිසිවකුටත් දෙවන නොවන තත්වයකි. ඒ බව යූක්‍රේන යුද්ධයේදී මෙන්ම හමාස් යුද්ධයේදීද ඉතා පැහැදිලිව දක්නට ලැබින. 


කිසිවකුටත් බිය නැති එවන් රාජ්‍යයක්.... ජවිපේ නායකයාට හා පාලනයකට බිය වී ඇතැයි සිතන්නෝ... අමු ගං කබර ළිං මැඩියෝම මිස... දේශපාලනය යන විෂයයෙහි මළ පොත අකුරක් හෝ නොදන්නා අඳබාලයෝම බව සඳහන් කරමින් මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......

25 comments:

  1. පිනට කන්න දෙනවා නම්... පුන්චි අම්ම සුකන්න දෙනවා නම්

    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ......?

    ReplyDelete
    Replies
    1. පුන්චම්මගෙ චූ පැත්ත මිරිකන්න ඕනි අල්ලගෙන

      Delete
    2. ඉතින් ඕයි මාතලන්ය කියනනේත් උඹ වගේම හැලි වලං පොන්න අනුන්ගේ ඕපදූප කියන චීත්තයක්. අර බොනිකර තරු ලප රිලවා (අනුරකුමාර) කියන සක්කිලි කසඩ කාලකණ්ණි පාහර වේසා පිංපියත් ජෙපි වහල් මීහරක් රැල ගණිකාවන් ලෙස අලෙවි කරන බොර දියේ මාළු බාල තක්කඩියෙක්. උගේ පීතෲට චුට්ටක් මොලේ තිබ්බා නම් කොච්චර වටිනවද ? වෙලාවට එළියට ගන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි මේ.. නැත්නම් ඉතින් මේ වගේ රට ජාතිය විකුණන් කන ගනිකාවෝ බිහිවෙන්නේ නැහැනේ.

      රාජපක්ෂලා කියන කම්බා හොරු වගේම ලප රිලව කියන ජවිපේ ගණිකාවක් බවට පත් කරපු පිම්පි ශුක් රාණු සුනඛයා තරම් අවස්ථාවාදියෙක් දැක්කේ නෑ මේ දේශපාලන ෆීල්ඩ් එකේ. ඒ පිම්පියා කිසි දෙයක් කරේ නැහැ ලොකු වාසියක් නැත්නම්. ඒ කාලේ රාජපක්ෂ හොර රැලට විරුද්ධව කෑ ගැහුවට ඒ අපට ආදරේකට නෙවෙයි, ඊට පසසේ යු එන් පි එකට ගැහුවේත් අපට ඇති ආදරේකට නෙමේ. රාජපක්ෂ ලාට යටින් එකතු වී දැනුත් බලෙන්ම කැපුනෙ රටට ආදරේ ට මිනිස්සු ගැන දුක හිතිලා නෙමේ. පුළුවන් නම් මූ මුගේ මලගමත් වීඩියෝ කරලා විකුණන් කයි. ගෙදරකට තියා, වත්තෙන් ඇතුලට ගන්න වටින්නේ නැති යටිපුට්ටු කාර සක්කිලි පාහරයෙක්.

      ඒ වගේම එක එක වේසිගේ පුතුන්ට හෙළුවෙන් කඩේ යන කසඩ වහල්ලු වන මල් පොන්නයින් වන තොපි කිසි එකෙක්ගෙන් මේ රටට වැඩක් නැහැ.

      Delete
    3. මගේ නමින් පළමු comment එක දමා ඇති පින්වතාට යහපතක්ම වේවා!

      Delete
  2. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබූ පලියට කෙනකු විද්වතෙකු හෝ විචාරකයෙකු නොවන බවට හොඳම උදාහරණය මාතලන් නමැති බ්ලොග් කරුය.කලකට ඉහත දමිත් කේතක නමැති මේ වගේම පොරක් බුකියේ සිටියේය.කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හෝ රැකියාව අදහස් දැක්වීමකදී වැදගත් නැත.එහෙත් තමුන් අදහස් දක්වන ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණික දැනුමක් හැදෑරීමක් සිදු නොකර සෝඩා බෝතලේ අරින්නාක් මෙන් අදහස් දැක්වීම තමුන්ගේ හිස්කම ප්‍රදර්ශනය කිරීමකි.සිවිල් සමාජය තුල ජීවිතේට පොරක් වෙන්න බැරි උදවියට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් උපයෝගී කර ගෙන සයිබර් සමාජය තුල තම ඇරියස් කවර් කර ගත හැක.නමුත් තමුන් පොරත්වය යැයි පෙන්වන්නේ හිස්කමම නොවේදැයි ඔවුන් නොසිතති.අජිත් පැරකුම් ජයසිංහ යනු මහා ලොකු අධ්‍යාපනයක් ලද්දෙකු නොවේ. නමුත් ඔහු සිවිල් සමාජයේ පොරකි.ඒ නිසා ඔහුට ඇරියස් නැත.ඔහු සයිබරය තුල ලියන කියන දේ පරිණතය යම් හැදෑරීමක් කර ලියයි.මාතලන් වන්නෙකු එසේ නොවේ සිවිල් සමාජයේ ඇරියස් ගොඩකි.ඒ නිසාම ලැබුන ඉන්ටනෙට් කනෙක්ෂන් එක වඳුරාට කණ්ණාඩියකි.එකට එකක් පරස්පර අදහස් දැක්වීම් ,දවල්ට භොතිකවාදීවී රෑට අධ්‍යාත්මිකවාදීවීම් සිදු වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි.ජනප්‍රිය වෙන්නට ඕනෑම කුණු හරුපයක් ලියන්නේ ඒ නිසාය.මේ වගේ ඉන්ටනෙට් කනෙක්ෂන් වලින් පොර වල් වන්නට හදන ගොඩක් බුකිය හෝ බ්ලොග් පිරීමෙන් සොයා ගත හැක.දෙහි ගෙඩියේ සිට පොල් බෑව දක්වා දේවල්වලින් ලෙඩට බෙහෙත් හොයා ගත් බව පවසන සයිබර් වෙද්දු,හිනා කාල මැරෙන වර්ගයේ දේශපාලන විචාර විහිලු සපයන දේශපාලන විචාරකයන් පමණක් නොව රිඩර්ස් ඩයජස්ට් වර්ගයේ සයිබර් සඟරාවල පලවන දේවල් කියවා එව්වා සත්තමයි සිතා ලියන ( අර ගංජා ලිපිය වගේ) සයිබර් බුද්ධිමතුන් ගැන අප අනුකම්පා කල යුතුය.මේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකකි.

    ReplyDelete
  3. රනිල්ගේ ගූ කාපන් ගුතලන් පොන්නයා. තෝ UNP ලෝල්ලාට ඕනි දේවල් කරන්නේ නෑ. තෝත් රනිලා වගේම පොන්නයෙක් ගෑනිට හුකාගන්න බැරි.

    ReplyDelete
  4. ලංකාවේ ජාතික කොඩියේ ලොක් අවුලක් තියෙනවා.
    ඒකේ සිංහල මිනිස්සුන්ට කොටසක් තියෙනවා.
    හින්දු ආගමේ එවුන්ටත් කොටසක් තියෙනවා.
    මුස්ලිම් මිනිස්සුන්ටත් කොටසක් තියෙනවා.

    ඒත් දෙමළ ක්‍රිස්තියානි කාරයන්ට කෑල්ලක් නෑනේ.
    දෙමළ හින්දු අයට සහ දෙමළ ක්‍රිස්තියානින් අතර සංස්කෘතික වෙනසත් වැඩියි.
    අනුපාත අනුව බැලුවොත් දෙමළ ක්‍රිස්තියානි ප්‍රමාණය වැඩියි.

    මට මේක දකිනකොට පුක කහනවා වගේ දැනෙනවා.

    උඹ මොකද හිතන්නේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ඇත්ත ජගතුන්,

      හොඳම පොයින්ට් එකක් !

      ලංකාවේ සිංහල කතෝලික හැත්ත විශේෂයෙන්ම අති හුකුම් කෝලම ඇතුලු කතෝලික මීහරක් වගේම කිතුනු ක්‍රිස්තියානි රටහරක් සේරම ඔය පුක උඩදාගෙන විලාප දෙන්නේ උන්ට ලංකාවේ default කල්ච එක සංස්කෘතිකව සෙට් නොවන නිසා ඒක තමයි උන් ලැබෙන හැම මොහොතකම ඔය වගේ ගොන් පාට් දාල අවධාන ගණිකාවන් වෙලා අවධානය හිඟා කන්නේ මතකනේ අර කුරුසයක් කරේ තියාගෙන හෙළුවෙන් මහපාරේ රිලාපාට් නටපු අර අප්පුවාද මොකාද දාර පොන්න කැරිකෑ රිලවා? එවායින් පේන්නේ උන්ගේ ඒ හිඟන ගොන්පාට් තමයි ඉතින්

      Delete
  5. මාතේ ලංකාවේ මොකක්ද ක්‍රීඩාවක තේරීමක් සම්බන්ධයෙනුත් පොලීසි ගිහින් නඩු දාලා ලු. මට අද උදේ මෙහෙට වැකේෂන් ගිහිල්ල ආපු යාලුවෙක් කිව්වේ

    මේවා තාවකාලික චූන් වුනාට ලෝන්ග් ටර්ම් මෝඩ වැඩ. ඔය ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ඇමරිකන් ඉන්දියන් පදයට නටන නූතන මාලිමාවටත් මේක අදාලයි

    මොකද රටක කාගෙවත් බලතල වලට වෙන අය අනවශ්‍ය ලෙස අත දාන්න හොඳ නෑ.

    විශේෂයෙන්ම නිර්මාණශීලීව තීරණ ගන්න, වගකීම් ගන්න ඉන්න අය මාංචු පෙන්නලා බය කරන්න හොඳ නෑ.

    එහෙම කළාම වෙන්නේ මිනිස්සු තීරණ ගන්න, අත්සන් ගහන්න බය වෙන එක. තමන්ගේ පඩිය අරන් ඔහේ ඉන්න එක, හරියට ලංකාවේ බහුතරයක් රජයේ සේවයට වෙලා තියෙන්නේ ඒක

    එතකොට ඉතින් වෙන්නෙ රට වැටෙන එක.

    විශේෂයෙන්ම ක්‍රීඩාවක එහෙම කරන එක කිසිසේත්ම අනුමත කරන්න බෑ.

    ක්‍රීඩා වල සිලෙක්ෂන් වල දී ඕර්තොඩොක්ස් තීරණ ගන්න පුලුවන් වෙන්න ඕන.

    ක්‍රීඩාව කරන මිනිස්සුන්ට පේන දකින දේවල් එලියෙන් බලලා තීරණය කරන්න බෑ. ඇතැම් වෙලාවට ඇතැම් තත්ත්ව යටතේ නොම්මර එකට වඩා නොම්මර තුන, හතර ගැලපෙන්න පුලුවන්. සමහර විට රෑන්කින්වලදී ගොඩක්ම පහළ ඉන්න ඒත් අමුතුම විදියේ සෙල්ලම් දාන කෙනෙක්ගෙන් ගේමක් දෙන්න පුළුවන් වෙයි සර්ප්රයිස් එකක් දීලා

    එහෙම පෙනෙද්දී ඒවගේ නිර්මාණශීලීව ඒ තීරණ ගන්න නිදහස මිනිස්සුන්ට තියෙන්න ඕන. වැරදුනොත් වගකීම ගන්නත් ඕන.

    ඒවා ගැන ප්‍රශ්න කරන එක, විවේචනය කරන්න පුලුවන්. එහෙම සමාජ පීඩනය හරහා ඒක පාලනය
    විය යුතුයි එතකොට සිලෙක්ටර්ස්ලා තමන්ගේ තීරණ ජස්ටිෆයි කරන්න ඕන. බැරිවෙන කොට අස්වෙලා වෙන අයට තනතුරු ලබාදෙන මහත්මා ක්‍රීඩාවක මහත්මා දේශපාලනයට පිවිසීමට ලංකාව කටයුතු කළ යුතුයි

    හැබැයි ඒවා ඉන් එහා දුර යන්න හොඳ නෑ. විශේෂයෙන්ම මේ වගේ හැමදේටම නඩු දාලා අධිකරණය අනවශ්‍ය දේවල් වලට යොදාගැනීම සියල්ල අඩාල වීම සහ අනවශ්‍ය අවුල් හදාගන්න ඕන නෑ ඒ වෙනුවට අධිකරණය හමුවට යායුතු දේවල් වලට පමණක් නඩු දමා අනිත් අවුල් ගැටුම් නිරාකරණය කිරීම සඳහා negotiations mediation reconciliation adjudication arbitration වගේ ක්‍රම වේද යොදාගැනීම සුදුසුයි

    ලෝකේ කිසිම රටක නැති අමුතු ෆැන්ටසියක් ගෙනත් මෙහේ එබ්බුවම වෙන්නෙ රට නැවතීම සහ අවුල්සහගත වීම විතරයි. එහෙම නේද?

    ReplyDelete
  6. හොදින් මතක තියා ගනිල්ල බීජේපී එකේ උන් ඕකව ටයි කෝට් අන්දවලා එහෙට ගෙන්න ගත්තෙ අල තමිබන්ඩ නෙමෙයි ලියල තියා ගනිල්ල " අනුරය " චන්දෙ ඉල්ලන්නෙ නැහැ එ වගේම ඉන්දියාවත් සමග කෙරෙන කිසිම සංවර්ධන කටයුත්තකට නැවත බෝඩ් උස්සන්නෙත් නැහැ එක හෙමිහිට දිය වෙලා යනව පේන තැනක ලියපල්ල .

    ReplyDelete
    Replies
    1. @ Ano

      True story, may be another common candidate for 2024 too, Fonseca? May be Ranil W thus time with the support of NPP?

      Delete
  7. ගුරුවරු කළු ඇඳන් ගිහිල්ලා විරෝධය පාල වැටුප් විශමතාවේ ඉතුරු ටික ඉල්ලනවලු.. අනේ නිකං පලයල්ල බං යන්න.. 🤣😂😅

    ReplyDelete
  8. "අපි දැන් උඹලෑ රටේ ආයෝජන කරලා තියෙන්නෙ. ඉස්සරහට තව කරන්නත් ඉන්නෙ. වර්ජන #ත්තවල කරලා හැමිනෙන්න හදන්න එපා" ඕක තමා කිව්වෙ. ඉන්දියාව කොහොමත් මුන් එක්ක මලෙන් ඉන්නෙ නැගෙනහිර ජැටිය දෙන්න යනකොට වරායෙ පින් බතාලා (වැඩ කරණ උන් එහෙම නෙමේ. පිනට කකා වර්ජන කරන්නම ඉන්න ජෙපි සෙට් එකක් ඕක ඇතුලෙ ඉන්නවා.) ටික උසි ගන්නපු එක ගැන.

    ReplyDelete
    Replies
    1. Yeah that's the real reason behind this, actually when Adani Ports were trying to aquire ECT, the main trade unions fought against that was the then government's Pohottu trade unions and supported by JVP trade unions. Now Pohottu trade unions are gone silent and some of the toughest guys in their TUs now transferred to the JVP NPP trade unions & they were stating some bulshits in the past about nationalising and profit gains of government owned ports authority enterprises. But now those idiots has gone extremely silent and those are highly critsized by their peers. You might seen the post in FB named Adani Sahodaraya. 😃

      Delete
  9. අර්බූදය වැසීමට උණුසුම් මාතෘකා ඇද අත හැරීම දිගටම වෙනවා..
    මෝඩාබිමානී, අවලෝකිතේශ්වර මේ ව්‍යාපෘතියේ අංග විය.. දැන් අලුත්ම අංගය අනුර කුමාර ඉන්දියාවට යෑමේ ප්‍රවෘත්තිය, මෝඩ ජෙපි වහල්ලු ඉබේ චූන් වුනාට ඉස්සරහට යනකොට උන්ගේ ගොන් ආතල් එකට වෙන දේ බලාගන්න පුළුවන්. 😃

    ReplyDelete
  10. මාතලන් මෙතන ආතල් එකක් නෙමේ තියෙන්නේ..ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන්නේ..88-89 ජවිපෙ කැරැල්ලට ප්‍රධාන උත්ප්‍රේරකය(Catalyst) වුනේ ඉන්දියානු විරෝධය .එදා කැසට් එකේ හින්දි සින්දුවක් ඇහුවත් ලයිට් කනුවේ ගැටගහලා වෙඩි තිබ්බා....මේ කතා අහලා නොමග ගිය 60,000 ක් තරුණයෝ ජීවිත වලින් වන්දි ගෙව්වා..අද ඉන්දියාව එදාටත් වඩා සිය ගුනයක් බලවත් ලෝක බලවතෙක්..අද අනුර කුමාරට ඉන්දියාවේ එන්න කිවවා කියලා අනේ දැන් අපිට ජාත්‍යන්තර සහය ලබුනෝ කියලා සිගිති ආතල් ගන්න එකද කරන්න ඕන.එතකොට එදා රෝහන විජේවීර කියපු දේවල් වැරදී නේද.මේවා ගැන ස්වයං විවේචනයක් කරන්න ඕන නැද්ද..අපි දැක්කා දැන් ජේවීපී මාලිමා සෙට් එක ඉන්දියාවේ ආර්ථික විශ්ව කර්ම ගැන කවි ගී ලියනවා..88-89 ඕන නෑ...මේ ඊයෙ පෙරේදා ආපු අදානි සමාගම , එන්න තියෙන අම්බානිගේ ආයෝජන ගැන ස්තාවරය වෙනස් වෙලාද?..දැන් හෙට අනිද්දා එට්කා ගිවිසුම අත්සන් කරනවා, ජවිපේ ස්තාවරය මොකක්ද ? ඔන්න ඔය කාරනා වලට උත්තර දෙන්න..

    ReplyDelete
    Replies
    1. LTTE එක කරපු "ත්‍රස්ත" ක්‍රියා වලින්, 88/89 කාලෙ JVP එක නොකලෙ සතුරාව මරාගෙන මැරෙන එක විතරයි. ඒ හැරෙන්න, LTTE එක කරපු හැම දෙයක්ම වගේ JVP එකත් කලා.හැබැයි, විජේවීර ව අත් අඩංගුවට අරන් පන පිටින් පිච්චුව කියල ඉතිහාසෙ තිබුනත්, එයාගෙ දරුවන්ට කරදරයක් කල බවක් කියවෙන්නෙ නැහැ. රජයේ වියදමින් ඔවුන් ව නඩත්තු කලා ලු. ඒ දරුවො ලොකුමහත් වෙලා ඇති දැන්. එයාල විජේවීර කරපු දේවල් කරන්න හැදුව කියල අපි අහල නැහැ. විජෙවීරගෙ දරුවන්ට තිබුන ජීවත් වීමේ අයිතිය ප්‍රභාගෙ දරුවට නැති වෙන්න, ඔහු දෙමල වීම හැර වෙන හේතුවක් මට නම් නොතේරේ.

      Delete
  11. ඉස්සර: නාකි මයිනට නිවන් සුව පතපු උන් මලාම සතුටු උන උන්.. දැන්: සනත් නිශාන්ත මලාම සතුටු වෙන උන්... ඊගාවට: සනත් නිශාන්ත මලාම සතුටු උන උන් මලාම සතුටු වෙන උන්.. ඊළඟට තව ටික දවසකින් අනුර කුමාර මළාම සතුටු වෙන උන්...
    හරිම විනෝදයි වුttto මේක...

    ReplyDelete
  12. එපමණක් නොව ගුවන් තොටුපල හා ගුවන් ගමන් ක්ෂේත්‍රය // not truth they couldn't find buyer for Air lanka. Anyway most of educated people will vote for JVP..

    ReplyDelete

  13. වෙසක් ,දලදා පෙරහර, චෛත්‍යක් පන්සලක් ප්‍රතිසංස්කරණ පේන්න බැහැ සමහර බොරුවට නිරාගමික කියාගෙන පල්ලියේ ගුද මාර්ගය ලොවන (නමුත් ඇත්තටම උග්‍ර බෞද්ධ විරෝධී ) පල්ලි කාක්කෝ ටිකකුයි, බුකියේ රගන දෙකයි පණහේ සක්කිලි කී බෝඩ් මීගවහැත්තයි, හිඟන බුකී පරිසර වේදියෝ හැතිකරයයි, බුකී බොරු සත්වවේදියෝ හැත්තකුයි කලඑලි බහිනවා. මේක මහ පුදුම කරදරයක් උනානේ .උන්ගේසල්ලි වලින් හදනවා වගේ හරියට🥴🥱
    උන්ට ඕනි අපේ අනන්‍යතාවට ගහන්නයි. උඩ ඉන්න උන් ලස්සනට ප්ලාන්ට් කරනවා මේකෙ ඉන්නෙ මෙලෝ ලබ්බක් කර ගන්න බැරි #ක කහගන්න තරමට නියපොත්තක්වත් නැති මෝඩ #### පුතාලා ඒවා කරේ තියාගෙන යනව. මේ යන විදියට මේක තමයි වෙහෙර විහාර චෛත්‍යය හදන අන්තිම පරම්පරාව මොකද හැඟීම තිබ්බත් ඒවට මඩ ගහන හින්දා අනාගතේ ඉන්න උන් බය වෙන්න ඉඩ තියෙනව ඒවට මුල් වෙන්න.

    ReplyDelete
  14. ලංකාවට Visionary leaders ලා අවශ්‍ය වෙනවා, ඒ රට පාලනය කිරීමට නෙවෙයි රටේ strategies ආර්ථික භූ දේශපාලන විදේශ ප්‍රතිපත්තිය මූලික කරගෙන මූලෝපායිකව සැලසුම් හදන්නට සහ බහුතර ජනතාවට ඒ ගැන convince කරන්නනට ඒ වගේම එහෙම visionary leadersලා අවශ්‍ය රට පාලනයට නොවේ මිනිසුන්ගේ දැක්ම හදන්න. ලංකාවේ දැන් කිසිම දැක්මක් නැහැ දේශපාලන ව්‍යාපාර වල නායකත්වය දරන අය රටේ නායකත්වය දරන අය ( පාලකයින්ගේ) සිට සියලුම සාමාන්‍ය මිනිසුන් දක්වා හරි හමන් දැක්මක් නෑ

    ලංකාවේ දේශපාලන පක්ෂ වල දැක්ම තියෙන්නේ රට හදන්න නොවෙයි බලය ගන්න. බලය ගත්ත පලියට වැඩක් වෙන්නේ නෑ අඩුම ගානේ ගත්ත බලය තියාගන්න එක ගැන වත් හිතන්නේ නෑ ඒකයි දිනපු අය ඉක්මනට අසාර්ථක වෙලා ජනතාවට එපා වෙන්නේ

    රට හැදෙන්න නම් මේ රට හදන්න අපි මොනවා හරි කරන්න ඕනැ කියන දැක්ම අධිෂ්ඨානය හරි අඩුම තමරමේ හැදෙන්න ඕන. නමුත් රටේ හැමතැනම මචං රට යන්න හිතුනේ නැද්ද කියන ආකල්පය විතරයි සියලුම දේශපාලන පක්ෂවල නායකත්වය වැඩකට නෑ දැන් නම්...

    ReplyDelete
  15. ලංකාවේ විදුලි බල වියදම ඉතා ඉහළයි, ලංකාවේ 2023 වසරේ විදුලි ගාස්තුව දකුණු ආසියාතික කලාපයේ සියලුම රටවලට වඩා විශාල ලෙස අධිකයි, දකුණු ආසියාතික රටවල් වල දෙවෙනියට විදුලි ගාස්තුව පවතින පකිස්ථානයේ පවා ලංකාවට වඩා 50% ක් අඩුයි ලංකාවේ ඒ වගේ දෙගුණයක විදුලි ගාස්තුවක් අය කරන නිසා ල
    ලංකාවට ආයෝජන තරගකාරීව කලාපයේ රටවල් සමග කරන්න පුලුවන්ද?

    දේශීය ආයෝජන රටෙන් පිටට යනවා විදේශ ආයෝජන ලංකාව පැත්තටවත් එන්නේ නෑ

    සාම්පූර් බලාගාරය ඉදිකිරීම නතර කරලා රටට කෙලවපු අ//මන ජෙප්පෝ හරියට උන් සුදනෝ වගේ දැන් හැසිරෙන්නෙ

    මුන් නිසා තමයි සාම්පූර් වලින් උත්පාදනය කරන්න තිබුණ මෙගාවොට් 900 දැන් ඩීසල් වලින් ගන්නේ ඒ වගේ තුන් ගුණයක් වියදම් කරලා
    ජෙප්පෝ සාම්පූර් බලාගාරය අහිමි කිරිම නිසා අවුරුද්දට ඩොලර් බිලියනක පාඩුවක් රටට කරනවා ඒක ගැන උන් දැන් කසාය බීපු ගොල්ලෝ වගේ

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      ඔය කතාවේ තව පැත්තක් තියෙනවා බ්‍රදර් ඇත්ත කතාව තමයි ලංකාවේ විදුලි බල මණ්ඩලයට අරක් ගෙන ඉන්න ඩීසල් බලාගාර මාෆියාව තමයි සාම්පූර් බලාගාරය ඉදිකිරීම නතර කිරිම පිටුපස හිටියේ
      ඔවුන්ට බිලියන ගණන් පාඩුවෙනවා සාම්පූර් හැදුවා නම්

      උන්ට ඉතින් ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරලා කුලි කාරයෝ පාරට බස්සලා විරෝධය දක්වන එක ලොකු දෙයක් නෙවෙයි

      උන් ඒක හරියටම කරා.

      අනික ඒ වගේම ඒකාලේ යහාපාලන ආණ්ඩුවට හීනමානයක් තිබුණා සාම්පූර් හැදුවා නම් මහින්ද ගේ නම යනවා කියලා ඔය නෙලුම් කුළුණට වගේ
      ඉතින් උනුත් ජෙප්පෝ අධිකරණයට යවලා ඒකපිඅං දාලා වැඩේ කරා.

      අද විදුලි බිල වැඩි කරන්න ප්‍රධානම හේතුවක් සාම්පූර් බලාගාරය ඉදිනොකිරිම.

      රටට මෙච්චර විනාසයක් කරලා මුන් තව,අහනවා අවුරුදු 75ක් තිස්සේ ආණ්ඩු කරපු එවුන් මොනවාද කරේ කියලා

      71/ 88/89 ආයුධ වලින් කරපු විනාසය ජෙප්පෝ දැන් කරන්නේ වැඩවර්ජන උද්ඝෝෂණ කඩාකප්පල්කාරි වැඩ හරහා

      ජවිපෙ කොච්චර තක්කඩියෝද කියනවා නම් 2019 මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ගල් අඟුරු බලාගාරයක් හදනවා කියලා දැම්මා නේ ලැජ්ජාවක් නැතුව 😃

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න