.

.

Oct 9, 2024

රාජ්‍ය නිළධාරීන්ගේ සෙප්පඩ විජ්ජා හමුවේ....ඇදගෙනම නානා මාලිමාවේ බාරකාර ආන්ඩුව

 


රාජ්‍ය නිළධාරීන්ගේ සෙප්පඩ විජ්ජා හමුවේ....ඇදගෙනම නානා මාලිමාවේ බාරකාර ආන්ඩුව

(මුද්දර හෑල්ල..)

➖➖➖➖➖➖➖➖➖🔴➖


අග්‍රාමාත්‍යතුමිය දළදාව වැඳලා අහවර වී... මල්වතු අස්ගිරි බැහැදැක්මට ගිය වෙලේ... උන්නාන්සේලාට කියු දෙයින්.... එතුමිය ඇදගෙන නාගන්නට නියමිත බව මාතලන්ගේ යූ බටේදි මාතලන් කිව්වේය.


එනම් රාජ්‍ය අංශයේ සේවකයින් අවංකව වැඩ කිරීමට කැමති බවත්..... ඔවුන්ට ඒ සඳහා නිදහස දුන් විට..... ඔවුන් තම රාජකාරිය නියමාකාරයෙන් ඉටු කරනා බවත්‍ය.


එතුමිය රජයේ තැපැල් කාර්‍යාලයකට හෝ කිසිම දිනෙක ගොඩවැදී නැති බව මින් ඉතා පැහැදිලිව පේනවාය.....


රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම ආයතනයන්ගෙන් ප්‍රධානම එකක් වන්නේ ආන්ඩුවේ තැපැල් කන්තෝරුය..... උන් තම පාරිභෝගිකයා පයිසෙකට මායිම් කරන්නේ නැති උද්දච්චම පිරිසක් බව..... තැපැල් කන්තෝරුවකට ගොඩ වැදුන ඕනම එකෙක් දන්නවාය.


උන් උන්ගේ වැඩය.. නැත්නම් කයිවාරුය.... අදාලා එකා නැත්නම් එහා මේසේ එකා ඒ වැඩේ කරලා දෙන්නේ නැතිය... අදාල එකා හෝ එකී.... කා බී ඩෙසර්ට් අරගෙන ෂොපින් කර පැමිණෙන තුරු අපි උන්ගේ අම්මාට මව් ගී ගයමින් හිටගෙන සිටිය යුතුය.....


2023 වසරේ පමණක් ඕකුන්ගේ පාඩුව රුපියල් බිලියන 7 කි. (7,000,000,000/=) ඒවා ගෙවන්නේ භාන්ඩාගාරයෙනි.


දේශීය වශයෙන් DHL, Pronto සහ තවත් කුඩා ආයතන ගනනාවක් මෙන්ම Uber සහ Pick Me ආයතන බිහිවන්නේ මෙවන් අකාර්යක්ෂම සේවාවක් නිසාවෙනිය.... මේ සියල්ල තැපෑලෙන් ලබා දිය හැකි සේවාවන්මය....


නුවරඑළියේ තැපැල් කන්තෝරුවට වලි කන්නේ.... ඒකේ මහ උන්ට ලාබෙට ආතල් ගන්නට තිබෙනා නිවාඩූ නිකේතනය හේතුවෙනි.... අඩු ගානේ ඒවායෙන් වත් ලාබයක් ගන්නට මුන් දන්නේ නැතිය....


ඔය සමරු මුද්දර පිලිගැන්වීමෙන් මහ උන් අනිවාර්‍යෙන් ගානක් කපාගන්නා බව බුදු ෂුවර්මය. ඒවායේ වැඩ සිද්ද වෙන්නේ එහෙමය.


ඕක අයිති ජනමාධ්‍ය අමාත්‍යාංශයටය..... ඊට අයත් සියළුම ආයතන තනිකර සුදු අලිය.

ජාතික රූපවාහිනීය, හුළං විදුලි සංස්ථාව, ලේක් හවුස් ඊට උදාහරණය....


නයි ටී ඇන් එක පමණක් කීප වරක් ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන ගියේය.


මාලිමා ආන්ඩුවේ උනුත් කරන්නට යන්නේ.... මුන්ගේ ළණු කමින්.... පරණ සිස්ටම් එකම ඉදිරියට ගෙනයාම නම්..... කන්නට වෙන්නේ එසේ මෙසේ පරිප්පුවක් නොවනා බව කියන්නේ.... මුන්ගේ මේ වැඩ ගැන අප හොඳින්ම දන්නා නිසාය.


කිසිම රාජ්‍ය නිළධාරියෙක් තඹ දොයිතුවකට විශ්වාස කරන්නට එපාය.... උන් ඒ තරම් ගල් ආඳෝය....

උන්ට ඒ ආයතන හෝ මේ රට හැදිමේ කිසිම රුදාවක් ඇත්තේ නැතිය....

ඒ උන්ට වැටුප් උසස්වීම් දීමනා ෆොරින් ටුවර් මෙන්ම විශ්‍රාම ගියායින් පස්සේ විශ්‍රාම වැටුපත් ලැබෙනා නිසාමය......


බිලියන් ගනන් පාඩු ලබන ආයතනයක සංවත්සර උත්සව පවත්වන්නට මිනිසුන්ගේ බදු මුදල් වැය කරනවාට වඩා..... කාක්කන්ට ආප්ප අරන් දුන්නා නම් ජනතාව එය අගය කරනා බව ලියා තබමින්.... මුද්දර හෑල්ල මෙතකින් නවතා දමනවාය....


ඒ වගත් මෙසේය......

48 comments:

  1. කවුරුහරි බුකියේ ලියලා තිබ්බා මේ මුද්ද්රේ අලවන්න කෙලගාන්නෙ බලාගෙන මොකද හරිනිට කෙදිරිගෑවෙයි කියලා. බලන්ගියාම හරි වගේ.

    ReplyDelete
    Replies
    1. 😅🤣😂

      පට්ට කතාව ඕයි, ආතල් නම් ලංකාව තමයි 😅😂😂

      Delete
  2. ලප කොටාට පුකේ අරියි රටම සෙට් වෙලා

    ReplyDelete
  3. ඕව ඔහොම තමයි මාතලන්,

    ඇත්තටම අවුරුදු ගානක් හැමදේකම මොනවා හරි ඇදයක් කොහෙන් හොය හොය විවේචනේ විතරක්ම කර කර හිටපු උන්ට, උන් දැන් කරන තකතීරු ඔලමොට්ටල හද්ද ගොන් වැඩ ජස්ටිෆයි කර කර හෑලි ලියන්ඩ උන එක තමා ආතල්ම 😂😂😂

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ 😅නිකමට ලු ගහල දුන්නේ නේද.. පිටට යන්නේ නැහැලු අගමැතිනියි විජිත උන්නැහේ ළඟ විතරමලු තියා ගන්නේ..

      Delete
  4. කෙරුවාව කියන තරම් ලේසි නැති බව දැන් ජෙප්ස්ලට තේරිලා ඇති. මේරට විනාශ කරන්න ඔය හොරුයි කියන පරණ හම්පඩ දේශපාලුවො සෙට් එකත් එක්ක කරට කර ජේවීපී හූනියන් වලටත් සම්බන්ධ රාජ්‍ය නිලදාරීන් කියන සෙට් එකත් ඉන්නවා කියලා උපන් දවසෙ ඉඳන් අල්පෙනෙත්තක්වත් හොරකම් කරලා නැති මාලීමාවට චන්දය දුන් 42% දැන්වත් තේරුම් ගනියි ද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඒක ඇත්ත සෙන්නා, ඒකනේ ජනාධිපති අනුර හැංගිලා නිලධාරීන් සාකච්ඡාවලට යවලා ෂේප් වෙන්නේ, ඒ ගොල්ලො තාම වැඩ ඉගෙන ගන්න ගමන්, ඔහොම නෙමෙයි වැඩේ දෙල් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටික පත් වුණාම මොකද මහජන දිනයට එහෙම මිනිස්සු ඇවිල්ල වැඩ කරගන්න කතා කරාම තමයි බඩඑලිය යන්නේ. කවදා කාපු ටකරන්ද? මතකද නන්දසේන ගෝඨාභය පත් වූ දවස් වල ගෝඨාභය කිව්වා රාජ්‍ය ආයතන වල තමන්ගේ පින්තූරය ප්‍රදර්ශනය නොකර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන්න කියලා. ගෝඨාභය අඩු තරමේ ජනාධිපති මන්දිරේට වත් ගියේ නෑ. තව ඔය වගේ සාධනීය කරුණු බොහොමයත් තිබුනා. නමුත් ඒවා නෙමෙයි රටක ආර්ථිකය රඳා පවතින මූලික කරුණු වෙන්නේ.

      ගෝඨාභය ඇවිත් අලුතින් ණය ගත්තේ නෑ. නමුත් යහපාලනේ කාලෙ ගත් ණය ගෝඨාගෙ රජයෙන් ගෙව්වා. අනුර ජනාධිපති වෙලා සති දෙකක් යද්දී අනුර ඩොලර් බිලියන 347ක් අලුතින් ණය අරන්.. ණය ගන්නවා කියලා අනිත් අයට බැන්නේ නම් කොහොමද අනුර ජනාධිපති වෙන්න කලින්? දැන් කොහොමද?

      Delete
    2. @ සෙන්නා

      ඇත්ත. නිර්වස්තරෙං ඉන්න උංට ඇඳුං අන්දන්න බෑ. බලං ඉන්න අයට ඒක අපුල උනාට උංට ඒක මාරයි. ලංකාවේ මිනිස්සුන්ගේ අපේක්ෂා බිදවැටෙනවා කියලා දැනෙනකොට ඒ මිනිස්සු එවා නවත්තන්න හදනවා.. ඔයාගේ POST වලින් කමෙන්ට් වලින් ඒ අයට ඒක දැනෙනවා ඇති.. එයාලා ඔයාට එහෙම කරන්න එපා කියනවා.. එච්චරයි .. මොනා උනත් මිනිස්සු ගොඩනගා ගත්තු ඒ මනෝභාවය බිම වැටෙනකන්ම ගහන්න ඔනෙ. නැත්තම් මිනිස්සුන්ට ඇත්ත අමතක වෙනවා..😇

      පොදුවේ ගත්තම මාලිමාවට සම්බන්ධ උන්ට රට හදන්නවත් මිනිස්සු හදන්නවත් ඕන නෑ

      උන්ට ඕන අනෙකා තමන්ට වඩා පහළින් ඉන්නවා දකින්න...
      ඒකට කරන්න පුලුවන් හැම දේම කරනවා...

      මාතලනුත් දැන් කරන්න හදන්නේ උන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම...

      දැන් උන් මාර සතුටු වෙයි....!

      Delete
  5. ලංකාවෙ විදුලි ඉල්ලුම එක පාරට වැඩිවෙලාලු... හේතුව හොයල බලද්දි මාලිමා වොෂින් මැෂින් ගොඩක් නන්ස්ටොප් උපරිම වේගෙන් දුවනවලු. 🤣

    ReplyDelete
  6. අයිසෙ මාතලන්. කොහොමද සැප සනීප? අභීත එදිරිසිංහ එහෙම සැපෙන් සනීපෙන් ඉන්නවාද? මාතලන් ට දැන් කවුද සපෝට් කරන්නේ? ජොන්ස්ටන් දීපු ජොබ් එක තවම කරනවද?

    ReplyDelete
    Replies
    1. නෑ ගූතලන් මෝලා කසිප්පු ජොනියාට කෙළවිලා ගිය නිසා දැන් එතනින් අයින් වෙලා මේ දවස්වල ගූ නාගෙන ගඳ ගසමින් රටටම එපා වෙලා තියෙන මාලිමා ගූ ගොඩට සෙට්වෙලා මාලිමා ආණ්ඩුවේ රෙදි හෝදන කොන්ත්‍රාත්තුව බාර අරගෙන, පේන්නේ නැද්ද දැන් මාලිමා ආණ්ඩුවට ගූ ගියාම ඒවා රජයේ නිලධාරීන්ට පටවන්න දඟලන්නේ ඒකනේ, බෝනිකර තරු ලප කුමාර කියන හද්දා ගොන් රිලවාට දවස පුරාම රෙද්දේ රෙවෙන හැටියට මූට හෝදලා ඉවර කරන්න බැරුව මේ තටමන්නේ 🤣

      Delete
  7. ඔවු මාතලන්, ඒක නම් සැලකිය යුතු විශාල පිරිසකට නම් වැටහිල ඉවරයි.. ඒක නෙමෙයි මේ සැරේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ සජිත් ගේ සජබය දුර්වල කර විනාශ කර දමා ජයග්‍රහණය අනුරගෙ පැත්තට හරවන්න කියල දැන් බොහෝ දුරට පැහැදිලි වෙනවා.. පොහොට්ටුවෙ බලයත් හීනම කරා.. දැන් රනිල් ගෙ තියරියම නෙමෙයිද අනුර කරගෙන යන්නෙ.. ඉදිරියේදි පාර්ලිමේන්තු වෙන් පිටත කරන්ට අනන්ත සටන් බිහිවේවි.. චම්පික.. අයින්වුන එකත් හොඳයි .. මහපොලොවෙ යතාර්තය අද හිතන විදිය නොවන බව කාටත් වැටහේවි.. බලමු ඒ අභියෝගය ඉදිරියේදී ජය ගන්නා ආකාරය දිහා..

    ReplyDelete
  8. අනුර ජනපති සහෝදරයා ගස් බැඳ ගත් බයිසන් ගවරැලගෙ උම්බැ සද්දෙ තව ටික දවසයි හරිම වේගයෙන් දවසක් දෙකක් යනවිට තව තවත් අඩුවෙලා යනවා 😂

    ReplyDelete
  9. ණය වන ජනාධිපති අනුර කුමාර තනතුර, අරගෙන සති 2ට ගත්ත ණය මුදලින් මත්තල වගේ airport 5ක් හදලා මාස 2ක් අස්වැසුමත් දෙන්න පුලුවන්..

    හැබැයි ණයවන ජනාධිපති ණය ගත්තෙ මොකටද කියලවත් රට දන්නෙ නෑ..

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල හදන්න ගිය ඩොලර් මිලියන 200 යේ අද වටිනාකම පවා රුපියල් බිලියන 62යි, ඒත් අලුතින්ම පත්වුණ ජනාධිපතිවරයා අනුර කුමාරගෙ රජය සති දෙක ඇතුළත ගත්ත ණය මුදල රුපියල් බිලියන 347 යි,

    2024 ජනපතිවරණ ජාජබ වේදිකාවේදී..

    "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපේ රට ලෝකයටම ණය කරනවා, ණය අරන් රටවල් කරන්න මොකටද රටකට ජනාධිපතිවරයෙක්? එහෙම නම් පිටකොටුවේ පදික වේදිකාවල ඉන්න මුදලාලි කෙනෙකුට ඕක කරන්න පුළුවන්නෙ? (සිනාසී ජනතාව දෙස බලමින්?) නේ? නේද? හා නැද්ද? අම්මපා ආයෙ ඕකට ජනාධිපතිලා ඕනද? හිනාවේ

    - අනුර කුමාර

    දැන් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!

    ReplyDelete
  10. පිං ඇති වැඩක් තියෙනව කරවා ගන්න
    හැකි නං මේක නාමල්ලට පෙන්වන්න

    https://www.youtube.com/watch?v=HSEeLv6ma0E

    ReplyDelete
    Replies
    1. ඕව නිකම්ම කයිවාරුනේ මටත් වීඩියෝ එකක් හදලා ඔය වගේ කයිවාරු ගහන්න පුළුවන්.

      මම මාලිමාවට ඡන්දය දුන්නේ ඕවා අල්ලලා හිරේ දාලා ඔය වත්කම් ආණ්ඩුවට අත්පත් කරගන්න කියලා, අන්තිමට මොනවත් වෙන්නේ නෑනේ බොරු කයිවාරු විතරමයි මාලිමාවෙත් කයියයි පඩ ගඳයි විතරයි හෙණ ගහන්න ඕන කාලකණ්නි හැත්ත අපිව ආයෙත් පාරක් රැවැට්ටුවා නොදකින් මුන් සේරම යාලුවෝ

      Delete
    2. @ Ano 12.46

      ඔය උඩ කමෙන්ට් එක දාල තියෙන ඔය "පච ප්‍රචාර තන්ත්‍රය" ද මොකක්ද බඩකඩුත්තුව ලියන නිමල් ද කවුද කියන හාදයා NPP මාලිමාවට කඩේ යන ගෝතයෙක්, ඕකට මාලිමාවෙන් නොමිලේ ඉන්ටනෙට් කනෙක්ෂන් දීලා පෝස්ට් එකකට රුපියල් 750 ගානේ ගෙවනවා ඇති මාලිමා මඩ බලකායෙන්, දැන් මාලිමා මඩ හෝදන බලකායක් වෙලානේ, හෝදලා ඉවර කරන්න බැරි වෙයි. තුන් දෙනෙකුගේ හෝදන්න මෙච්චර නහිනවා නම් ඉතුරු සෙට් එක පාර්ලිමේන්තුවට ආවම මුන්ගේ පණත් යයි.

      කොහොම හරි ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න රටවල් දියුනු වෙලා තියෙන්නෙ.. ඒ මිනිස්සු පැය 24 න් පැය 12 කට වඩා පැය ගානක් හරි නැත්නම් මොළේ කල්පනා කරලා හරිම ස්මාට් විදියට කෙටි වෙලාවක් හරි වැඩ කරලා ඒ හම්බකරන සල්ලි වලින් කොටසක් ආණ්ඩුවට බදු ගෙවන හින්දා.. එහෙම නැතුව බුකියේ කබ්බ
      Post share කරාවත් තමන් කැමති පාලකයෙක් ආවා කියලා මේ රටවල් දියුනු වෙනවා කියලා හිතනවනම් ඒක හීනයක්..

      රටේ ආණ්‌ඩුක්‍රමය අනුව ඔබ හිතන විදියට හිටපු හොර හැත්තට වඩා දෙයක් අලුත් ජනාධිපතිට කරන්න නම් ඔහුට විවේචනාත්මක සහයෝගයයි දෙන්න ඕනේ ඒ මනුස්සයාට එයාගේ ඩියුටි එක වගකීමක් සහිතව කරන්න අවශ්‍ය බලපෑම අපි පුරවැසියන් විදියට ලබාදෙන්න ඕන, ගෙවන බදු මුදල වියදම් කරන්නේ මොනවාට ද? ඒ ඇයි? ඉන් රටට ලැබෙන ප්‍රතිඵල සහ පොදුවේ රටට සහ පුරවැසියන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන විමසන්නට සංවාදයේ යෙදෙන්න නිතරම දේශපාලන වශයෙන් සක්‍රීය ලෙස විධායකය ව්‍යවස්ථාදායකය මහජන නියෝජිතයන්ට වගේම මහජන මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට තමන්ගේ රැකියාව නිසි ලෙස ක්‍රියාත්මක කරන්න පුරවැසියන් විසින් බලපෑම එල්ල කරන්න ඕනේ, ඒ සමගම ඒ ක්‍රමය අනුගමනය කරමින් තම තමන් වගේම සමූහයක් ලෙස අපි මහන්සි වුනා නම් මේ රටම ගොඩ දාගන්න පලමු පියවර එතනයි.

      එහෙම නැතුව ඔය උඩ කමෙන්ට් කරපු ගෝතයල වගේ රෙදි හෝදන හෝද පක්කලි කම් කරගෙන දේසපාලුවන්ට puca දෙන්න ගියොත් මුනුත් අර පරණ 76 වසරේ හිටපු හාල්පාරු හැත්ත වගේම වෙයි.

      ජයග්‍රහකයන්ට සදාචාරාත්මක වෙන්න බල කරමු......!

      Delete
  11. කැලේ හිටපු නරිබෑනා කරේ තියාගත්තා නම් පලයව් දැන් අපායට…

    ReplyDelete
  12. මාලිමාවේ වහල් බලකාය තමයි සමාජ මාධ්‍ය වල මඩ ප්‍රචාර කලේ. දැන් ආණ්ඩු බලය ලැබුණාම අනුරලා කෙළින පිස්සු සහ ආණ්ඩුව කරන තකතීරු වැඩ නිසා මාලිමාවට ඡන්දය දුන්නා කියලා කටක් ඇරලා කියන්න බැරි තැනට දැන් වැටිලා නිසා මාලිමාවට චන්දය දුන්න සෙට් එක ඇටි කෙසෙල් කාපු උගුඩුවෝ වගේ හැංගිලා ඉන්නවා. හොඳ වැඩේ 😀

    ReplyDelete
  13. මාතේ, ලක් අම්මි දමිතා අබේරත්න රත්නපුරෙන් පන්නලා නේද? මේ සැරේ ටිකට් එක ලැබෙන එකක් නෑ වගේ, සජියට, ජලනිට, දුලාංජලීට ඕනැ වෙලා තිබ්බෙ දමිතා රත්නපුර ලැයිස්තුවට ඔබන්න. හේෂා ලස්සනට වැඩේ දුන්නා. හේෂා ගත් තීරණය ඉතාමත් නිවැරදියි. මේ වගේ ගොං කේස් රත්නපුරේට නම් එපා. වෙන පලාත්වල උනත් චාන්ස් එකක් ලැබෙන එකක් නෑ නේද?

    ReplyDelete
  14. සම්පුර්ණයෙන්ම ඇත්ත මාතලන් ලියලා තියෙන දේවල් වලට බොහෝ දුරට එකඟයි.

    හැම තැනම මුද්දර අලවලා මාලිමාව ලත් තැනම අනාගෙන නේද?

    ඒක සමරුවක් ..මට හිතෙන්නෙ තැපෑලෙ නිලධාරින් ඇමතිවරු අන්දන්න ගත්ත උත්සහයක් කියලයි. ඔය නිලධාරින් ඕකට දක්ෂයි.
    අපි යෝජනා කරන්නෙ ඇමතියයි ජනතාවයි ඇන්දෙන්නෙ නැතුව ඉන්න ඕන.

    අනික තැපෑලෙන් මගෙ කැත මුහුණ දාලා වුනත් රු 2000 කට මුද්දර ප්‍රින්ට් කර ගන්න පුලුවන්. මේවා නෙමෙයි විවේචන.

    මේ පහත කතාව ඇත්ත නම් මේක අවුලක්.

    රනිල් විකුණුම්සිංහගෙන් මහජන කවුන්සිලය නුවරඑළිය ඇතුළු ජනතාව තැපැල් කන්තෝරුව විකුණන වැඩේ බේර ගත්තා.

    නමුත් මේක තැපෑලට පමණයි කියන එක වැරදියි . හේතුව වියට්නාමයෙ සයිගොන් වල පැරණි තැපැල් කන්තෝරුව වනාහි ප්‍රමුඛ සංචාරක ආකර්ෂණයක් .

    අපි දන්නවා මේක බලන්නත් සංචාරකයන් එනවා . ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මේක වැඩ නවත්තලා ටුවරිසම් වලට දෙන්න ඕන කියලා. මේක වැඩේ වෙන ගමන් සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචාරය කිරීම හරහා තව සොච්චමක් උපයා ගන්නත් පුලුවන්.

    ඒ නිසා මේක මාර්කට් කරන එක සංචාරක කර්මාන්තය ඇමතිගෙ වැඩක්.

    ReplyDelete
  15. ඉස්සර එළකිරි කිව්වාම මිනිස්සු හිතාන හිටියේ ( අම්මා මුත්තා කාලේ) අම්මෝ එළකිරි😂😂😂 සීතලයිනේ 😆😆😆 සෙම හැදෙනවනේ😢😢😢
    ඉතින් දුන්නා දිගට හරහට රටින් ගේන පිටි කිරි දිය කර කර..👌👌👌

    ඒත් දැන්,

    අපේ අම්මලාට උණ ගැනෙනවා පිටි පැකට් එකක ගාන ඇහුවම..

    බලනකොට උදේම දොවාගන්නා පිරිසිදු නැවුම් එළකිරි ටිකක් බොන්න පුලුවන් ඊටත් වඩා අඩුවට😂😂😂

    මිනිස්සු මේවා තේරුම් ගන්න මෙච්චර පමා වෙයි කියලා මම නම් කවදාවත් හිතුවෙ නෑ...

    මොකද මම මේක පටන් ගත්තේ ඔය කිරි වල තියෙන විශ රසායනික ද්‍රවය ගැන ඉස්සර වෙලාම අහපු දවසේ..

    ඇත්තටම මීට අවුරුදු 3කට එහායින්..

    කොහොම වෙතත් අද මට සතුටුයි..

    ඒ මොකද කියනව නම්,

    එක දවසක් මමයි මගේ යාලුවා බුද්ධිකයි අපි දෙන්නා අපේ රටේ නම ගිය බ්‍රෑන්ඩ් එකක් fresh milk එකක් අරගත්තා ආසාවට බොන්න කියලා..

    මම කල්පනා කරා ඒක බීලා මොන මල ජරාවක්ද මේ කියලා..

    මොකද මම පුංචි කාලේ එළකිරි බිව්වෙ මහ ලොකු ජෝගුවකින් නිසා ඒ කිරි රස මගෙ මනසේ ඇඳිලා තිබුණා..

    මම එදා තීරණයක් ගත්තා මගෙ යාලුවා බුද්ධිකත් එතැන හිටියා.

    මම එයාට කිව්වා එදා මට එළකිරි බොන්න වැස්සියක් ගේනවා කියලා..

    ඇත්තටම මම ගෙනාවා.. ඒ තමයි රත්තී..

    ඇත්තටම රත්තිගෙන් පටන් ගත්ත මේ ගොවිපල අද මට විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ වගේම පිට ප්‍රදේද වල මිනිස්සුන් පවා ආදරය කරහ්න ගොවිපලක් සහ කිරි හලක් බවට නිතරඟයෙන්ම පත් වෙලා ඉවරයි.

    ඇත්තම මට මං ගැනම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ..
    පුදුම අභිමානයක් දැනෙන්නේ..

    මට ශක්තියක් වන මගේ ආදරණීය පාරිභෝගික ජනතාව ඇතුලු සියලුම දෙනාට ස්තූතී 🙏

    ReplyDelete
  16. තව මාස 3න් ලංකාවේ පාර්ලිමේන්තුවට වෙන දේ ගැන ඔයිට වඩා සීරියස් විදියට හිතන්න ඕන මොකද බොහෝ විට ඊළඟට පත්වන්නට නියමිත ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගොඩක් අයට එපා වෙනව පාර්ලිමේන්තු ගමන. මන්ත්‍රී වරයෙකු ලෙස උඩ බලන්සිට හැමදේටම අත් උස්සන්න වෙන්නෙ. දානෙ ගෙදරක ගිහින් වාඩිවෙලා ඉන්නව වගේ සීන් එකක් තියෙන්නෙ.හරිහමන් විවාදයක්වත් නැති පාර්ලිමේන්තුවක් ඊළඟට පත්වෙන්නට නියමිත නිසා ඇතැමෙකුට නිකන් හරි වාඩිවෙලා ඉන්න පුලුවන් එකත් ඇති නිසා පාර්ලිමේන්තු යාවී 🤣

    ReplyDelete
  17. ජනාධිපතිල , අගමතතිලා බයිසිකල්, කෝච්චි වල යන ඒවා , ඔබාමා කරපු දේවල් , කාර් ගන්න මාසේ පඩිය , ඕව මේ චන්දෙට කලින් කියන පොදු ගොන් ආතල් ! හරිය ! 😉

    තාම ලොකු චන්දෙ තිබුනෙත් නැහැ නෙ. ඒක තමයි වැදගත්, ආණ්ඩුව පත් වෙන්නේ ඒකෙන්. මේ වෙලාවේ තමයි ප්‍රචාරය උපරිමෙන්ම කෙරෙන්න ඕනෙ.

    කලින් චන්දෙ වෙලාවේ සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජාජබයේ ප්‍රචාරක පෝස්ට් ශෙයා වුනු දේවල් වල වැඩියම තිබුනේ තේමා දෙකක්.

    1. රාජපක්ෂලා, රනිල් ල සහ සජිත් ල කරපු විශාල හොරකම්, ඒවගේ සල්ලි ගණන්, ඒවා ආපහු ගේන හැටි.

    2. ලංකාවට සාපේක්ෂව වෙනත් රටවල සෞභාග්‍යය සහ හරි ආණ්ඩුවක් නැති කමින් ලංකාවේ මිනිස්සු ඉන්නේ මොන වගේ චාටර් දුකකද කියන එක.

    මේ ජාති වල පෝස්ට් දැන් අම්බානක් අඩු වෙලා, ඒ විතර ද? ඇත්තටම NPP අය නම් ඒවා දාන්නේම නෑ අදාලම නෑ වගේ, එහෙම වෙලා නම් මේකට හේතුවක් තියෙනවද,

    "ජනාධිපතිවරනෙට මේවා අදාළ වුනත් මේ චන්දෙට ඊට වඩා වෙන වැදගත් මාතෘකා තියනවා" වගේ.

    "ඔය කියන්නේ රාජපක්ෂලා හොරකම් කරලා නැහැ කියන එකද" වගේ අමු gone හරx ප්‍රශ්න අහන්න එපා. එහෙම අහන්න හිතෙනවා නම්, එක්කෝ තමන්ගේ පොඩි එකෙක් නැත්නම් අල්ලපු ගෙදරක පොඩි එකෙක් ට හරි කියල මේ ලියල තියන එක තේරුම් කර ගෙන ඉන්න.

    මාතලන්ගේ යාලුවෝ වෙන ඔය Nirmal Dewasiri ලට කැටිපේට හරි වත් බැරිද පැහැදිලි කරන්න මාතලන්ට මේක විදග්ධව ඇනලයිස් කරලා වීඩියෝ එකක් කරන්න බලන්න පුළුවන්ද?

    ReplyDelete
  18. අඩෝ මාතා හිනාවෙන්න එපා විපතක්නෙ වෙලා තීන්නෙ...

    ඒ උනාට කමක් නෑ පොඩ්ඩක් හිනා වෙමු ජනාදිපතිලා අගමැතිලා වුණාට උනුත් මනුස්සයො අපිත් මනුස්සයො ආ නැද්ද? 🤭

    ReplyDelete

  19. අයිසේ මාතලන් දැන් ඔය රටේ ප්‍රධාන දුම්රිය මාර්ගය සතියක් වහගෙන හදන ඉන්දියන් ෆිල්ම් එක නිසා ආරුක්කු නවයේ පාලමට ලොකු ප්‍රසිද්ධියක් එනවලු..සංචාරක කර්මාන්තෙටත් හොඳයිලු..නේද?

    ඒ කියන්නෙ ඔය පාලම එහෙමට ජනප්‍රිය තැනක් නෙවෙයිද..?

    ඇත්තටම දැනට ආරුක්කු නවයෙ පාලම ප්‍රසිද්ධ නැද්ද? ඒක හෙනම අප්‍රසිද්ධ චා තැනක්ද? දන්නැති නිසා අහන්නෙ.. කෝ කියනවා බලන්න?

    ReplyDelete
  20. මාතා දැන් හිතපන් සජියා නිකමට දිනුවා කියලා. උගේ මූන දාලා මේ වෙද්දි, විකුනන්න නෙවෙයි මේ වගේ සමරු මගුලක් මේ විදියටම ගැහුවා කියලා හිතමු. එහෙම වුනොත්, ඔය උඩ සමහරු මේ වැඩේ හෝදන හේදිල්ල ඒකටත් ඒ විදියටම valid වුනත්, ඒ මාලිමා කට්ටිය එදාට කොහොම හැසිරෙයිද?

    මම මේ කියන්නෙ මේ වැඩේ ගැන නොවේ මාතා. මේ වෙලාවෙ බුකියෙ තියෙන හානිකර ප්‍රවනතාවයක් ගැන. ඒ තමා ටිකක් ආගමික ලයින් එකකින් මාලිමාව defend කරන්න මාලිමාමි (මාලිමාrmy) සෙට් එකක් බැහැලා ඉන්න එක.

    මේකට දැන් මාතලන් ඕන්නම් අනික් පොලිටික්කොන්ගෙ අවුල් ආදිය claim කරමින්, මේ අදහස අදාල නොවෙයි කියලා down play කරයි.

    අපි ඕනෙනම් තව මාස කිහිපයකින් මේ ගැන මාතේගේ අදහස එක්ක මගේ අදහස සමපාත කරලා බලමු.

    මම කියන්නෙ මේ වෙලාවෙ තියෙන ඔය මාලිමාරසිකත්වය අපි වගේ තරුණ පරපුර සමග මේ මාලිමාවම ගේන්න හදන දේශපාලන සංස්කෘතියට දැඩිලෙස හානිකරයි කියලා.

    මම දැක්කා අර දේශපාලකයන්ගෙ හඬවල් අනුකරනය කරන මනුස්සයා (සමරෙ) මේ ලඟදි කරපු ඇඩ් එකක (රනිල් සහ අනුර අනුකරණය කරන ක්ලිප් එකකට), ඌට අම්මො මෝ නැතිව මාලිමාවෙන් කැත කතා කියලා හොඳම එකෙං ඇරලා, අඩෝ අපේ ජනාධිපති සර්ව විහිලුවට ගන්න එපා කියලා. Comment section එක එහෙම් පිටින්ම කන්නලව් සහ තර්ජන වලින් පිරිලා.

    ඒක යකෝ හරි කතාවක්නෙ.

    දේශපාලකයො කතා කරන විදිය, ඒ වචන, හස්ත මුද්‍රා ආදිය කවදත් කාටුන් ශිල්පින්, comediansලා කින්ඩියට ගන්නවා. මයිනා සහ පොඩි මයිනා, පුතානෝ, රනිලා, සිරිසේන ආදී දේසපාලුවන්ට සමරේ වගේ අය ඉස්සර කින්ඩි දාද්දි, ඔය දැන් මාලිමාව වෙනුවෙන් කඩේ යන එවුන් වගේම පොහොට්ටුවේ සජබෙ සහ එජාපයේ උන් පවා අපි දැකලා තියෙනවා ඒවට හිනා වුනා. දැන් යකඩො මුන් අනුරගෙ නමට දේවාල හදන්න පටන් අරන්නෙ.
    මම උඹෙන් අහන්නෙ උබ අවංකවම මේකෙ අවුලක් දකින්නෙ නැද්ද?
    මම මාලිමා විරෝධියෙක් නොවන නිසා (ඇත්තටම මම සපෝටර් කෙනෙක්) සහ උඹ ඔය මාලිමාමි සෙට් එකේ හිටියට analytically හිතන්න පුලුවන් කෙනෙක් නිසා අහන්නෙ.

    (මම හිතනවා උඹ දන්නවා ඇති කියලා මම මේ කියන්නෙ මුද්දර ගැන නොවේ ඊට වඩා broad කතාවක් කියලා)

    සුබ දවසක්!

    ReplyDelete
    Replies
    1. @ Chanaka

      මොකක්ද චානක ජනතාව දුන්න පනිවිඩේ? එකම එකයි. හොඳටම බොරු කියන එකාට අපි චන්දෙ දෙනව කියන එක විතරයි.

      අනික මිනිස්සු ප්‍රතික්ෂේප කලේ මේ දේශපාලන ක්‍රමය? හහ්. 😅🤣😂

      ලංකාවේ බහුතර මිනිස්සු collectively ගත්තම එච්චර බ්‍රයිට් නෑ. Low IQ, low analytical skills & poor decision making with extremely sentimental minded කියල නම් කියන්න පුළුවන්.

      මිනිස්සු ප්‍රතික්ෂේප කලේ ඒ ගොල්ලන්ට බොරු ගොඩක් මගින් මවා පෙන්වූ fake other කෙනෙක්.

      උදාහරණ විදිහට මේ දවස්වල සැරටම බුකියේ බුලි වෙන දමිතට එයාල කියන විදියට දේශපාලන සාක්ශරතාවයක් නැත්නම් විදර්ශන කන්නංගර ඇතුලු අරගලයේ බොහෝ දෙනෙක් ආකර්ශනය කර ගන්න පුලුවන් වෙනවද?

      Delete
  21. ඇත්‍තටම මාතලන් වගේම ආණ්ඩුවට ඡන්දය දීපු අයත් ආණ්ඩුව කරන දේ පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න එක ගැන අගේ කරන්න ඕනි
    .... බිත්‍තර සීන් එකයි, මුද්දර සීන් එකයි ඉක්මණින්ම විසදනවා,
    එයාලා ඒක විසදන් නැත්නම් විසදුම මොකක්ද ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට අපි ගෙනියන්න ඕනි චරිත ගැනත් අපි දැනුවත් කරනවා නම් වටිනවා... ජය වේවා, පක්‍ෂ වෙනුවට රට දිනවන්න ඡන්දය දෙන්න ඕන කියල හැමෝම තේරුම් ගන්න ඕනි...

    ReplyDelete
  22. ලක්කම්මා යන්න ගිහින් අපිට හුඟක් ඈතයි......!

    රුවන් පුරේ පැත්තෙ ආයෙ එන්නෙම නැති පාටයි.......!

    ReplyDelete
    Replies
    1. ලක් අම්මණ්ඩි කියා දුන්න අරගල ගොන් ආතල්..

      මට තාමත් ඒ වගේම හොඳටම කට පාඩම්.. 🤣😂😅

      Delete
  23. රජයේ නිලධාරීන් වගේම සාමාන්‍ය ජනතාව ගත්තම බහුතරය හිතන්නේ ප්‍රාථමික විදියට. රජයේ සේවය වෙනස් කරන්න ඕන ඒක ඇත්ත ඒ මිනිස්සු කපටි වැඩ කරන එක සහ දේශපාලන නායකත්වය අන්දන්න වැඩ කරන බවත් ඇත්තක්.

    ඒ වගේම බහුතරයක් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආර්ථික පසුබිම එක්ක හැදිලා තියන දුගී මානසිකත්වය සමග බැඳුනු දෙයක් තමයි අසීමිත අරපිරිමැස්ම, ලාබ දේවල් වලට යොමු වීම, සහ නඩත්තු නොකර අටව අටවා පාවිච්චි කිරීම වගේ පුරුදු. සුව පහසුව , ඉහල කොලිටිය, ස්පොඛභෝගී බව අත්විඳීමේ පුරුද්දක් නෑ, ඒ වගේ දේවල් ලාංකියන් බොහෝවිට අත්හරිනවා හෝ අනවශ්‍ය ලෙස සලකනවා, එහෙමත් නැත්නම් දෙවැනි කොට සලකනවා. ලාභ දේවල් පාවිච්චි කරන්න පුරුදු වුනාම අපි නිකන්ම රටක් වශයෙන් පහල මට්ටමට වැටෙනවා, පොලිස් ජීප්,පොලිස් බයික්,ගිලන්‍ රථ,CTB බස්, එදා පවිච්චි කල මාදිලි සහ අද වෙද්දි ඉන්දියන් චයින්ස් මට්ටමට වැටිලා තියන හැටි උදාහරණයක් ලෙස අරන් බලන්න.

    වාහන පාවිච්චිය මෙයට හොඳම උදාහරණයක්. වහනයක් ගන්නෙම තෙල් කීයක් කරද? , ලාභ තියන් විකුනන්න පුලුවනද? වගේ දේවල් මුලික කරගෙන. ඊට පස්සේ පාව්ච්චි කරද්දී අඩුම වියදමින් නඩත්තු කරන්න බලනවා, එහෙමත් නැත්නම් නිසි නඩත්තුවක් නැතුව පාවිච්චි කරනවා. කාලයත් සමග කැඩෙන කැඩෙන දේවල් එක්කෝ අටවනවා, නැත්නම් හදන්නේ නැතුව අතාරිනවා. වාහනේ කොහොමහරි දිව්වොත් ඇති කියලයි හිතන්නේ. බලන්න ටිකක් පරණ වහනයක් ගත්තම, ගොඩක් වෙලාවට AC වැඩ නෑ , ඩෑෂ් බෝඩ් වල ස්විච් , බටන්ස් නෑ , 4wd වැඩ නෑ හෝ ගලවලා, ඉන්ටිරියර් සවුත්තු වෙලා, Turbo අවුල්, ගොඩක් ඔරිජිනල් ඔප්ෂන්ස් අයින් කරලා , එක්කෝ මොකක් හරි එකක් නෑ. කාලයක් යද්දී වාහනේ මෙලෝ රහක් නෑ. පස්සේ සුපිරියක් ග ගා ලාභ තියන් විකුනන්න ට්‍රයි කරනවා. ගන්න මිනිහත් අයෙත් ඔය චක්රයටම සෙට් වෙලා වහනය අරන් පාවිච්චි කරනවා.

    ලංකාවට සාපේක්ෂව උදාහරණයක් ලෙස ඔස්ට්‍ර්ලියව වගේ රටක 90 ගණන් වල පරණ වහනයක් ඉතා අඩු මුදලට සියලු අංග උපාංග ඔප්ෂන් වැඩකරන මට්ටමින්, පිරිසිදු තත්වයෙන් ගන්න පුළුවන්, හේතුව වැඩි පිරිසක් වාහන ඒ විදිහටම වියදම් කරලා නඩත්තු කරන නිසා. රටක මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම, මානසික මට්ටම යන කරුණු දෙක මීකට ගොඩක් බලපානවා. ලංකාවේ මිනිස්සු සමාජයීව සංවර්ධනය වෙලා ටික ටික පරිණාමය වෙනකොට මේ වගේ පුරුදු අත්හරින්න ඉඩ තියනවා.

    ReplyDelete
  24. ඔයිට වඩා විශාල ප්‍රශ්නෙයක් තියෙනවා මාතලන්, පාර්ලිමේන්තුවට මේ පාර එන්නෙ උපාධිදාරී පොල්ලෙලි. උපාධියට කිසිම වටිනාකමක් දෙන්න බැරිවුණ, කොහොමහරි රජයෙ පත්වීමක් කොටාගත්තු, යන්තම් ජෙනරල් පාස් එකක් දාගත්තු පොල්ලෙලි. මාලිමාවේ පිරිස් සංවිධානය කිරීම කියන එකම සුදුසුකම තියෙන පොල්ලෙලි.

    Golden Rule: කවුරු හරි නිතර නිතර තමන් උපාධිදාරියෙක් කියලා මතක් කරලා දෙනවනම්, ඔහු/ඇය ට තියෙන එකම සුදුසුකම ඒක.

    උදාහරණ: හඳුන්නෙත්ති, අද කාලේ තරුණ Business graduate කෙනෙක්ගෙ දැනුමෙන් 1%ක්වත් නෑ.

    ගියපාර හිටපු මෝඩ තකතීරු අය විතරක්ම නෙවෙයි දැනුම් තේරුම් තියෙන උගත් වැදගත් අයත් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවේ හිටියා, ඒ වෙනුවට මේ වතාවේ එන්න ඉන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති හාල් කෑලි ටිකක් නේද?

    ReplyDelete
  25. දේශපාලන දිශානතිය ගැන කිව්වොත් මෑතක දී අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මෑතකදි ව්ලොග් සාකච්චාවකදි ඉස්මතු කළ වම සහ දකුණ නැවත අර්තකතනය කිරීමක් නිසා සැහෙන්න කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ උත්සාහය ඒ අර්ත දැක්වීම හා ඒ වටා නිර්මාණය වන වෙනත් කතිකා කීපයක් සන්සන්දනය කරන්න.

    අනුරුද්ධගෙ කියවීම මෙහෙමයි.

    1. දක්ශිණාංශික: කන්සවේටිව්/සං‍රක්ශණවාදි, ජාතිකවාදී, පොදු ජාතික අරමුණු මිස එහි උපකොටස් ගැන වොරි වෙන්නෙ නෑ. උදා: මහ බණ්ඩාරනායක යුවල, මහින්ද, ගෝටා සහ අනුරුද්ධ තමන්වත් මේ ගොඩේ තියන්නෙ එනයින් ඉඟි කෙරෙන්නෙ හෙළ උරුම දේශපාලනය වෙන්න පුලුවන්. මේකම අපිට දිගු කරන්න වෙනව විමල් වගෙ අයටත්.

    2. වාමාංශික: අවවරප්‍රසාදිතයන් වෙනුවෙන් පෙනි ඉන්න, සුලුතර කොටස් වලට වෙනම සුවිශේශිව සළකන්න බලන, ඒ වෙනුවෙන් සිස්ටම් එක වෙනස් කරන්න හදන. උදා: විකොස වගෙ අය, ජවිපෙ, රනිල්, චන්ද්‍රිකා, සහ වෙනත් සමරිසි අයිතින්, කාන්තා අයිතින් වෙනුවෙන් සටන් කරන්නන්

    අනුරුද්ධ තකහණීයක්ම කියනව ආර්ථික මතවාද සළකා බලන්න එපා කියල. ඔහු කියන්නෙ වම හා දකුණ තුල ආර්ථික මතයන් කාලයෙන් කාලයට හා කලාපයෙන් කලාපයට වෙනස් වෙනවා කියල.

    මෙතෙක් සමාජයේ වම/දකුණ බෙදුවේ ආර්ථිකය මූලිකව නිසා බොහෝ දෙනෙක් අනුරුද්ධගේ මතය කන්ෆියුස් කරගෙන හෝ ඊට ප්‍රතිවාදි අදහසක ඉන්නව. හැබැයි මම හිතන්නෙ ඒක නාමකරණවල අවුලක් පමණයි. මම ඒ අවුල මේ කතාව තුල ඒ අවුල හරිගස්සන්න උත්සාහ කරනව.

    දැන් අපි මීට මාස හයකට වගේ ඉස්සර විමල් වීරවංශ කළ අර්තකතනයක් කියෙව්වොත් ඔහු මේ බෙදුම නිර්ණායක දෙකකින් කරන්නෙ. එකක් ජාතිකවාදි/ලිබරල් කියා ඔහු හදුන්වන එක. අනික ආර්ථිකයේ වාමාංශික/දක්ශිණාංශික බෙදුම. (මේ නිසා අනුරුද්ධ හා විමල්ගෙ වදන් භාවිතා පැටලෙනව. ඒ ගැන පරිස්සම් වන්න)

    ඒ අනුව විමල් වර්ග හතරකට බෙදනව.

    1. ජාතිකවාදි දක්ශිණාංශික: මහින්ද, ගෝටා, දිලිත් ජයවීර
    2. ජාතිකවාදි වාමාංශික: විමල්, රෝහණ විජේවීර, උවිඳු විජේවීර
    3. ලිබරල් දක්ශිණාංශික: රනිල්, සජිත්
    4. ලිබරල් වාමාංශික: ජවිපෙ

    දැන් මෙතන සිට ලියන්නෙ මගේ අදහස. මම අනුරුද්ධගෙ බෙදුමට එතරම් මනාප නෑ. එයා ආර්ථික සාධකය සපුරා බැහැර කරන නිසා. ඒ වගේම එයා පවතින වචන දෙකක් සම්මත යෙදුමෙන් ගලවල නැවත අර්තකතනය කරන නිසා ලොකු පැටලිල්ලක් එනව. අනුරුද්ධගෙ දක්ශිණාංශික = විමල්ගෙ ජාතිකවාදි, වාමාංශික = ලිබරල් කියල ගන්න පුලුවන්

    මෙතන සිට මම විමල්ගෙ වචන සෙට් එක තමා ගන්නෙ. ඒත් විමල් "ලිබරල්" කියල යොදවන එක එතරම්ම නිවැරදි නෑ. විමල්ට පොඩි දේශපාලන අරෝවක් තියෙනව ලිබරල් කියන වදන එක්ක. මම එයාගේ පැහැදිලිකිරීම බැලුවා එයා ලිබරල් කියන්නෙ අනුරුද්ධ කියන "අවවරප්‍රසාදිතයන් වෙනුවෙන් පෙනි ඉන්න. සුලුතර කොටස් වලට වෙනම සුවිශේශිව සළකන්න බලන, ඒ වෙනුවෙන් සිස්ටම් එක වෙනස් කරන්න හදන" අයම තමයි. ඒ නිසා මම යොදා ගන්නව වචනයක් සුලුතරවාදින් කියල.

    මේ දැන් ඔය දෙන්නගෙ කතා කම්බයින් කරල හැදෙන පොදු කතාව.

    1. ජාතිකවාදි දක්ශිණාංශික: මහින්ද, ගෝටා, හෙළ උරුමය, අනුරුද්ධ, දිලිත් ජයවීර
    2. ජාතිකවාදි වාමාංශික: විමල්, මහ බණ්ඩාරනායක යුවල, සම්ප්‍රදායික වමේ පක්ශ
    3. සුලුතරවාදි දක්ශිණාංශික: රනිල්, සජිත්
    4. සුලුතරවාදි වාමාංශික: ජවිපෙ, චන්ද්‍රිකා, විජය, වික්‍රමබාහු, විකොස

    පොඩි පොඩි ඩිස්ක්ලේමර් කීපයක්. මෙතන නම් වශයෙන් ලිව්වට ඒඒ අය බලයට ආපු දේශපාලනප්‍රවාහයන් තමා අපි සලකන්නෙ. නෙවිනම් ගෝටා සජිත් වගෙ අයටපුද්ගලිකව මේව ගැන මොන වගෙ මතයක් තියේද කියල කොහෙත්ම හිතාගන්න බෑ. ඒ වගේම ජවිපෙ කාලෙන් කාලෙට ඇදුම් මාරුකරනව වගෙ කල්ලි මාරු කරනව. මේකෙ ජවිපෙ කියන්නෙ අනුර කුමාර යටතේ ජවිපෙ. මේ පාර චන්ද සිතියම බැලුවම තව පිම්මක් ඔන් ද කාඩ්ස් වෙනන් පුලුවන්. සම්ප්‍රදායික් වමේ පක්ශත් වත්මන් මොහොත සලකා ගන්නෙ.

    තාම ප්‍රශ්න තියෙනව. මහින්ද කියන්නෙ ආන්ඩුවෙ ආයතන පවත්වා ගනන් අතින්පාඩු කරගත් ජනතාවට සහන දෙනන් බජට් හදාපු මිනිහෙක්. මම වමේ මිනිහෙක් කියල මිනිහම කියනව. විමල් ඇයි මහින්දව දාන්නෙ දකුනට, හේතුව විම්ල් ඉන්නෙ ඊටත් එහා වමේ නිසා. චන්ද්‍රිකා එහෙම ඔයතරම්ම වමේ කෙනෙකුත් නෙවි ඒත් චන්ද්‍රිකා දකුණට දාන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක නිසා අපිට හදුන්වා දෙන්න වෙනව තව කදවුරක් ඒ තමා සෙන්ට්‍රිස්ට් හෙවත් මධ්‍ය. අපි ආයෙ සලකන්නෙ ආර්තිකෙන්. මධ්‍ය වෙලත් මදි ඒකෙත් තියෙනව බාගෙට බාගෙට වමට දකුණට යන හෙවත් මධ්‍ය දක්ශිණාංශික හා මධ්‍ය වාමාංශික කියලත්. ඒත් ආර්තික කාරණය මත. ඒ අනුව ආර්තික කෑලි පහක් ජාතිකවාදි හා සුලුතරවාදි ලෙස ආයෙ බෙදුවම මෙන්න මේ කොටස් එනව. මේ ඔක්කොටම දේශපාලන පක්ශ හෝ ප්‍රකට පුද්ගලයින් ලංකාවේ නෑ. ඒත් මේ ඔක්කොම වැලිඩ් කණ්ඩායම්.

      1. ජාතිකවාදි දක්ශිණාංශික: දිලිත්??
      2. ජාතිකවාදි මධ්‍ය දක්ශිණාංශික: හෙළ උරුමය, අනුරුද්ධ
      3. ජාතිකවාදි මධ්‍ය: ගෝටා
      4. ජාතිකවාදි මධ්‍ය වාමාංශික: මහින්ද
      5. ජාතිකවාදි වාමාංශික: විමල්, බණ්ඩාරනායක යුවල, සම්ප්‍රදායික වමේ පක්ශ
      6. සුලුතරවාදි දක්ශිණාංශික: රනිල්
      7. සුලුතරවාදි මධ්‍ය දක්ශිණාංශික:??
      8. සුලුතරවාදි මධ්‍ය: සජිත්, චන්ද්‍රිකා
      9. සුලුතරවාදි මධ්‍ය වාමාංශික: ජවිපෙ, විජය
      10. සුලුතරවාදි වාමාංශික: වික්‍රමබාහු, විකොස

      මෙහෙමයි සාමාන්‍යයෙන් ලෝකෙ භාවිතා වෙන්නෙත්. ඒත් ලෝකෙ ඒ කිව්වෙ බටහිර මූලික සිස්ටම් එකේ ජාතිකවාදින් හැම විටම දක්ශිණාංශික එක්ක සමගාමිවත් සුලුතරවාදින් හැමවිටම වාමාංශික එක්ක සමගාමිවත් ඉන්න නිසා ජාතිකවාදි/සුලුතරවාදි කතිකාව ඒ හැටි කියවෙන්නෙ නෑ. ලංකාවේ ඒ බෙදුම වඩාත් ඩොමිනන්ට් වෙනවා වගේම ආර්ථික කතාවෙන් ස්වායත්තයි. ඒ නිසයි අනුරුද්ධගෙ කතාව ඉන්ටරස්ටින් වෙන්නෙ හා මේ මුලු සංවාදෙම පැණ නගින්නේ.

      තව එකක්. තනි මිනිහෙක් ගත්තම මික්ස්ඩ්බෑග් තත්වයක්. ඒ කිව්වෙ එක එක කාරණා ගැන ඔය එක එක තැන්වල තමා ඇත්තෙ. ඒ නිසා මම ඔබ අප මේ වගෙ පෙට්ටියකට දාන්න බෑ. මේ නම ලිව්ව මිනිස්සුත් පර්සනලි එහෙම ඇති. ඒත් උන් ඉන්න ප්‍රවාහයන් සලකන කොට කිසියම් කාල පරිච්චේදයකට මේ වගෙ ෆික්ස්ඩ් කදවුරක් හඳුනාගන්න පුළුවන්.

      Delete
  26. මාතේ, මේ දවස්වල ෆඛ වෙවී යන බික ගැන ලියන්න අදහසක් නැද්ද?

    දැන් මෙහෙම ලංකාවෙ වටේ කඩ දාන්න කෝටි ප්‍රකෝටි ගානක් ඕන කිවුවට එහෙම නෑ ....

    බික දාපු ඔක්කොම කඩවල් කලිනුත් කෑම කඩ තිබුන ඉතාම සාමාන්‍ය සරල ප්‍රොපටීස් ... එතකොට අලුතෙන් ගන්න ලුණු පොල්කට්ටක තරම්වත් දේවල් නෑ ..

    කරන්න තියන එකම දේ ඇග්‍රිමන්ට් එකක් ගහලා මාසෙක රෙන්ට් එක ගෙවලා ස්ටිකර් ටිකක් එක්ක බිකෙයි ෆකෙයි ෆොටෝ දාල යම් විදියක රීබ්‍රෑන්ඩින් කිරීමක් විතරයි ...රී බ්‍රෑන්ඩින් කරනවා කියන්නෙත් ඒක නෙවෙයි ඉතිං මොකද බ්‍රෑන්ඩ් නේම් එක දැම්මට මේ සමහර කඩ වල කලින් රයිස් දාපු එකාම තමයි බිරියානි හදන්නෙත් ... ෆ්‍රැන්චයිස් ඇග්‍රින්මන්ට් ඒ බිකවල නෑ ... සමහර කඩ ඕවද ෆෝන් වෙච්ච වැඩ ...

    ඔය වැහිල ගිය කඩ වල කලින් කොත්තු දාපු වැඩ නැති කාලෙට වැලිත් ගොඩ දාපු... බිරියානි චෙෆ්ලා ඉන්නවා .. අශේන් ලයිවු ඉන්ටවීවු එකට ආවම කෝල් එකක් අරගෙන දෙන්න එයාලව පොඩ්ඩක් ඉතුරු කරන්නම්කො ... 😁😁😁

    ඔය වැහිච්ච ගොඩක් කඩවල බතට කහ දාල බිරියානි හරි ෆ්ලේවර්ඩ් පවුඩර් හරි දාපු පරණ කුකුල් ගාතෙයි බිත්තරෙයි විතරයි ...

    මුගේ බිකේ අම්මෙ මාර රසයි කොලිටි කියන්නෙ ඌම ගෙන්නල වීඩියෝ වල ඉන්න හාල් කෑලි විතරයි ... ශෝෂල් මීඩියා වල හරි ටිකක් ප්‍රසිද්ද මූණක් එක්ක ෆොටෝ ගහලා ඒක ටැග් කරලා චෙකින් දාල තමන්ගෙ වැලිවු එක ඇඩ් කරගන්න එක ශෝෂල් මීඩියා හැබිට් එකක් ... ඉතිං උගෙ ෆඛ එක්ක ටික් ටොක් කරන අනන්‍යතා අර්බුදයක ඉන්න ටික්ක ටොක්කියාවියො යනවා ...අප්ප ඉතිං හෙන ෆේමස් ...

    ඒ හැබිට් එක නිසාම අපිට කන්ටෙන්ට් එකේ කොලිටි එක මග ඇරෙනවා... එතකොට රෙද්දෙ GU ගියත් ... බෙට්ට කෙලින් ...

    අර අම්මට සිරිවෙන්න ස්ටිකර් ගහගෙන කොඩි එල්ලගෙන උදේ හවහ පුප උඩදාගෙන වඳින බෞද්ධ ලේබල් ගහගනිපු එවුන් නිකන් එවුන්ට වඩා අමන සක්කිලි වෙනව වගේ ..., අම්බානෙක බ්‍රැන්ඩින් ප්‍රමෝට් ප්‍රමෝශන් කරන උන්ගෙ එලියෙ සෝබනේ විතරයි ඇතුලෙ නෑ ... වැඩි හරියක් ....

    දැන් බලන්න මේ වැහිල ගිය ඒවයෙ රේටින්ග් ... මාස තුනක් රන් වෙලා නෑ ... මේ ටිකයි තව තියෙනවා ...

    අශේන් හෙන බිස්නස් කාරයෙන් සාර්ථක එන්ටපනුවෙක් කියල හිතාගෙන අම්මෝ හෙන වැඩ්ඩෙක් කියල හිතන තවත් කවුරුහරි එකෙක් ඉන්නවනම් මූ වැඩ්ඩෙක් කියලා..,

    බික තමයි ඉතිං ...

    මේ බිකත් උගේ ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි වෙන කාගෙ හරි ප්‍රොජෙක්ට් එකකට මුගේ මූනයි කුකුල් ෆුඛ වගේ කටයි පාවිච්චි කරපු එක විතරයි උනේ .. මේ ඡන්දෙ ඉල්ලීමත් එහෙමයි ...

    එහෙම කරලා බ්‍රාන්චස් මෙච්චරයි ... ඉන්වෙස්ට්මන්ට් එක මෙච්චරයි ... ප්‍රොෆිට් මෙච්චරයි .. මෙන්න පාට්නස්ලා ... එයාල අතරෙ බෙඳුන ශ්‍යා එක වගේ ඉලක්කං විජ්ජාවකින් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඇතුලෙ ... කෝටි පන් හය සීයක් කලු සල්ලි සුදු කරන එක නතින් ...

    ඒකයි මම කියන්නෙ මම ඔඩිට් එකක් කරවලා මේක අසාර්ථක බිස්නස් එකක් බවත් මනි ලොන්ඩරින් කරන බවත් ඔප්පු කරන්න පුලුවන් කියලා ...

    අශේන් ..... කොහෙද ඔයා .... ????😀😀

    ReplyDelete
  27. මේ දවස්වල ලංකාවේ මහා ධාරානිපාත වර්ෂාව සමග ගංවතුර ඇවිත් ජනතාව විශාල ලෙස අවතැන්ව සිටින අස්සේ පිස්සු නටන අගමැතිනි හරිනි මලහෝන්තුව ගැන මාතලන්ලාට මොකද ඇත්තටම කියන්න තියෙන්නේ?

    රටේ ලොකු විපතක් මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙමින් තිබෙන මොහොතක ගංවතුරෙන් ගෙවල් දොරවල් දස දහස් ගණනක් යට වෙමින් තිබේ. දසදහස් නොව ලක්ෂ ගණනක් අහිංසක මිනිසුන් ඇඳි වත පිටින් අවතැන් වෙමින් තිබේ. බත් කටක් උයා ගන්න බැරුව දුප්පත් අම්මලා සිය අහිංසක දරුවන් තුරුළු කර ගෙන හූල්ලයි.

    මෙච්චර හදියක් වී තිබියදී රටේ අගමැති මලහෝන්තුව තමන්ගේ නිල රාජ මන්දීරයේ ගොඩනැගිලි රජයේ මුදල් කබාසීනියා කරමින් බැකෝ යන්ත්‍රවලින් කඩා ඉවත් කරයි.

    “මේ වෙලාවේ කළ යුත්තේ මේ විකාරද බොලව්?” කියා ජනතාව ඒ හොල්මනගෙන් ප්‍රශ්න කරයි.

    අරහෙන් ජනාධිපති සහෝදරයාගේ නාසය උඩට ප්‍රශ්න. මේ මාසේ රජයේ වියදම හොයා ගැනීමට මහබැංකු බැඳුම්කර කෝටි ප්‍රකෝටි ගණනක් වෙන්දේසියට දමා ඇත. ලෝක බැංකුවේ සුදු මහත්තයාගේ කකුල් දෙක වැඳ තවත් ඩොලර් ලක්ෂ 2,000 ක් ණයට ගත්ත අමාරුව දන්නේ අනුර සහෝදරයා පමණී.

    ඒ අස්සේ ජනතාවගේ බදු මුදලින් ඉදි කළ රාජ්‍ය ගොඩනැගිලි තවත් කෝටි ගණනක් වැයකර මේ මහා අනෝරා වැස්සේ කඩා ඉවත් කරන්න නම් තිබිය යුත්තේ සුළුපටු අහවල් එකේ අමාරුවක් නම් නොවේ.

    අනික ඒ ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මේ හදිස්සියේ දුන්නේ කාටද?

    ඒ සඳහා ටෙන්ඩර් කැඳෙව්වාද?

    ඒ මිල ගණන් මොනවාද?

    කඩා ඉවත් කළ ද්‍රව්‍ය ගොඩ බෑවේ කාගේ ඉඩමටද?

    මේවාට පිළිතුරු දෙන්නේ නැත. මෙච්චර රටේ ආර්ථික අර්බුදයක් තිබෙන වෙලාවේ මේ ආකාරයට තමන්ගේ නිල මන්දිරයට යන පාර රජයේ මුදල් කෝටි ගණනින් විනාශ කරමින් ලොකු කර ගැනීම හෙන ගහන පාපයක් නොවේද?

    මේ වෙලාවේ ඔය බැකෝවලින් කපා ලොකු කළ යුත්තේ මෝය කටවල් මිසක් අගමැතිගේ නිල නිවසේ පාරකටවල් නොවේ. මෙය හිතා මතාම ජනාධිපති සහෝදරයා අපහසුවට පත් කිරීමට කරන දෙයක්දෝ කියා සැකයක් හිතීම සාධාරණය.

    කොයි වෙලාවේ තමන්ගේ නිවස නාය යයිද කියා නොදැන බියෙන් තැති ගෙන ඉන්නා වැසියන්ට නිව්ස් දැම්ම ගමන් පෙනෙන්නේ මාධ්‍ය සංදර්ශන දමමින් බැකෝවලින් රජයේ මුදල් නාස්ති කරමින් රජයේ ගොඩනැගිලි කඩා ඉවත් කරන හැටිය.

    මේ වෙලාවේ කළ යුත්තේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වතුරේ බැහැගෙන හෝ ගොස් උදව් කිරීමය. අමරසූරිය වලව්වේ හාමු නෝනලාට ඒ ජනතාවගේ දුක දැනෙන්නෙ නැත. ඒවා ඒ දවස්වල දැමූ බොරු රඟපෑම්ය. නැත්නම් මේ වෙලාවේ ඔය බොරු නාස්තිකාර ෂෝ දාන්නේ නැත.

    තව මාසයකින් නිසි අගමැතිවරයෙක් පැමිණි විට දැන් ඔය කඩා දාමු ගොඩනැගිලි නැවත හදන්න කියා ජනතාවගේ බදු මුදල් තවත් නාස්ති කරනු ඇත.

    මොකක්ද මේ කරන විකාරය?

    අනුර සහෝදරයාට ජනතාව ඡන්දය දුන්නේ මේකටද? මේ හෝන්තුව අර මුද්දර නාඩගමක් කර ජනාධිපති සහෝදරයාගේ මූණේ දැලි ගෑවාය. දැන් මේ තවත් රට විකාරයක් කර ජනතාව කෝපගන්වා තිබේ. ජවිපෙ සහෝදරයන් මේවාට කුණුහරුපයෙන් උන්දැට බනින එක සාධාරණය.

    ReplyDelete
  28. ඒ අස්සෙ අසමගි බල වේගේ තුනෙන් දෙක npp එකට පරිත්‍යාග කරන්න යන්නේ 😅😅 හැබැයි තුනෙන් දෙක ලැබුණා කියන්නේත් හොඳම එකෙන්ම ඇර ගන්න පාර කපා ගන්නවා කියන එකයි 😄

    ReplyDelete
  29. අඩෝ ළමාතං

    බික ගැන මොනවත් පාට් එකක් නැතෙයි? හැබැයි බිකට පාට් දානවට අපි විරුද්ධයි.

    ඇයි ඕකට බික පලි ද?

    ReplyDelete
  30. මාතේ මීට කලකට පෙර මම ලංකාවේ හිටපු කාලේ එක දවසක් මාව රිය අනතුරකට ලක්වෙලා සමථයකට පත්කර ගන්න ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියට ගිහිල්ලා නඩුව ගන්න කං බංකුවේ වාඩි වෙලා ඉන්නවා. මට කලින් කතා කරපු නඩුවක කාන්තාවන් 3 දෙනෙක් විත්ති කූඩුවට කැදෙව්වා. මට මතක විදියට පොලීසිය ගොනුකරල තිබ්බ චෝදනාව තමයි අනාචාරයේ හැසිරිම. නඩුකාරතුමා ඇහුවා තමං මේ වරදට වරදකරුද නිවැරදිකරුද කියල. කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටින නීතිඥතුමා මේ කාන්තාවත් එක්ක වෙන සංවාදය මට ඇහෙනවා.

    "ඕගොල්ලො වරද පිලිගන්න. එතකොට දඩය රු.100යි. නැත්තං මේ නඩුව ආයෙත් ගත්තම මට ගාස්තුව විතරක් රු.2500ක් යනවා. කීපාරක් කැඳවයිද දන්නේ නෑ. ආයෙත් සල්ලි වියදම් කර කර රස්තියාදු වෙන්න වෙනවා"

    එතකොට එයාලා කියනවා "ඉතිං නොකරපු වරදක් ඇයි මං පිළිගන්නේ. අපි රෑ වෙලා පාරේ යද්දි තමයි අපිව ජීප් එකට දාගත්තේ. මට දුවෙක් ඉන්නවා" කියල අඩල උසාවියෙ කාන්තාවන්ගෙන් හෙන ගෝරනාඩුවයි.

    එආ ඒ කාන්තාවන් වරද පිලිගත්තේ නෑ. නඩුව කල් දැම්මා. ඒ කාන්තාවන්ව වරද කරුද නිවැරදි කරුද කියන්න මං දන්නේ නෑ.හැබැයි තේරුමක් නැති නීති තිබ්බම සාමාන්‍ය දුප්පත් මිනිසා නිතරම වින්දිතයා වෙනවා.

    මෙතන වෙන්නේ නීති පොතේ පොඩි නීති කෑල්ලක් තියනවා. ඒ නීතිය ක්‍රියාත්මක කරන අයට ඒකෙන් තව කෙනෙක්ගේ ජීවිතයට ඉතාම බරපතල විදියට සම්පූර්ණයෙන්ම බලපෑමක් කිරීමේ හැකියාවක් ලැබෙනවා. කොටින්ම ඔවුන්ගේ අභිමත බලය (discretion) මත වෙන කෙනෙක්ගේ ජීවිතයේ අනාගතය තීරණය වෙනවා (දඩය සහ නීති මං සටහන් කරේ මට මතක විදියට. නිවැරදි කිරීමට යටත්වයි සටහන ලියන්නේ. මං නීතිය ගැන විශාරදයකු නොවේ).

    ඒ වගේම දැනට පේන විදියට Ashen ට අනෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වුණු සමහර ස්වාදීන කණ්ඩායම් වලට වුනෙත් ඒකෙම තව දිගුවක්. ඒක ඔබ නොහිතන විදියට ඔබටත් නිතරම වෙනවා සහ වෙලා තියනවා.

    එක පාරට හිතුනා නේද ඡන්ද ඉල්ලන්නේ නැති, මැතිවරණ කොමිසමේ හුළඟක්වත් වැදුනේ නැති අපිට කොහොමද අශේන්ට වුණු දේ වුණේ කියල. මෙන්න මේ ලයිස්තුව දිග ලයිස්තුවක පොඩි උදාහරණ කීපයක්

    1️⃣ප්‍රාදේශීය සභාවෙන් ගෙදර ප්ලෑන් එක අනුමත කර ගැනීමට අවසර ගැනීම
    2️⃣රේගුවෙන් භාණ්ඩ clear කර ගැනීමට යාම
    3️⃣වෙනත් රටකට යාමට VISA ලබා ගැනීමට යාම
    4️⃣රජයට අයිති ඉඩමක මොන භෝගයද වගා කරන්න ඕන කියල අවසර ගැනීම
    5️⃣ඕනම දෙයක් ආනයනය කරන්න අපනයනය කරන්න ආණ්ඩුවෙන් ගන්න ඕන ලයිසන් එක
    6️⃣ ඒක පුද්ගල + හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න යද්දි ගන්න තියෙන සහතික සඳහා අවසර ලබා ගැනීම
    7️⃣ විදේශ ආයෝජකයන්ට ආයෝජනයට පරිසර සහතික ඇතුලු විවිධ සහතික ලබා ගැනීමට අවසර ගැනීම...

    ReplyDelete
    Replies
    1. මට ඔය වගේ දේවල් ගැන පොතක් ලියන්න පුලුවන්. ඕකට රෙඩ් ටේප් (redtape) කියලත් කියනවා. ඔතන තියන ආර්ථික විද්‍යාත්මක කාරණය තමයි විශාල නීති ගොඩක් දාල තියනවා අපි මොනවහරි දෙයක් කරන්න යද්දි අපි ඒ විශාල නීති වලට පටහැනි නැති බව අපි ඔප්පු කරන්න ඕන. ඒකෙන් අපේ ආර්ථික නිදහස සීමා වෙනවා.. (Economic Freedom) අපේ ජීවිතය ඉස්සරහට යනවද නැද්ද කියල තීරණය කිරීමේ සම්පූර්ණ බලය පුටුවේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට හිමි වෙනවා. පුටුවේ අනික් පැත්තේ ඉන්න කෙනා අපි කැමති දේ නවත්වන්නේ නීතියේ තියන චූටි කෑල්ලකින්. ඒක නිසා ඔහුගේ තීරණය නීතියට අනුකූලයි. හැබැයි ඒ නීතිය කිසිම අර්ථයක් නැති කෑල්ලක්. හැබැයි අර්ථයක් නැති වුණාට ඒකට අනුකූල නොවීම නිසා ඒ නිලධාරියාට තමන් ඉස්සරහ ඉන්න කෙනා ගැන තීරණයක් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිසා නිලධාරීතුමා නීතියට අනුකූලයි. හැබැයි වැඩේ හබස්. අපේ ජීවිතේ කොට උඩ. රටත් කොට උඩ. එතකොට අල්ලසක් දෙන්න පොට විවර වෙනවා හෝ විවර කර ගන්නවා. ඒක නිසා ඔය නිලධාරීන් බොහොමයක් ඔය නීති වෙනස් කරනවට කැමති නෑ.

      ඕක නිතරම වෙන තැනක් තමයි ගෙයක් හදන්න ප්ලෑන් එක පාස් කර ගන්න යන එක. අපි නම් දරාපු Aarchitect කෙනෙක්ට කියල ගෙදර Plan එකක් ඇඳං යනවා. හැබැයි අන්තිමට ප්‍රදේශිය සභාවේ හරි, නගර සභාවේ හරි නිලධාරීතුමා දාහක් හේතු කියනවා මේ Plan එක අනුමත කරන්න බැරි. දින සති මාස ගෙවිල යනව. ඊට පස්සේ Plan එක පාස් වෙන විදිය ලියන්න ඕන නෑනේ.

      ඕකම වෙනවා මැතිවරණයේ දේශපාළන පක්ෂ ලියාපදිංචියට. ඔය අලුත් පක්ෂ ඔක්කොම මිලයන ගනං වලට ගත්තුවා. මොකද ලංකාවේ ලේසියෙන් දේශපාළන පක්ෂයක් ලියාපදිංචි කරන්න බෑ. බොරුනං ඔය අලුත් දේශපාලන පක්ෂ වලින් එන අයගෙන් අහල බලන්නකෝ. ඉතිං මිලියන ගනං වලින් කිසිම තේරුමක් නැති පක්ෂ ලියාපදිංචියකට සුදු සල්ලි එයි කියල බලාපොරොත්තු වෙනනං අටපට්ටමට කියන්න. Market Access (entry) එක Control කරාම වෙන්නේ දූෂණය විතරමයි. එක වසරට ලමයි ඇතුලත් කිරීමේදිත් වෙන්නේ ඕකමයි. දූෂණය මර්ධනයේ ලොකු කොටසක් තියෙන්නේ අනවශ්‍ය නීති ඉවත් කරල නීති ක්‍රමය සරළ කිරීමේ ක්‍රමය.

      ඒකට තමයි අලුත් පාර්ලිමේන්තුව වැඩ කරන්න ඕන. Ashen සෝෂල් මීඩියා influencer කෙනෙක් නිසා ඕක එළියට ඇවිල්ල කියන්න පුලුවන්. ඒකෙ තේරුම Ashen ‘මම කෑ ගහනව’ කියල කරපු එක හරි කියන එක නෙවෙයි. නීතියට බාධා කිරීමට අපි කාටවත් අයිතියක් නෑ. නීතිය අසාධාරණ වුණත් අපි ඒකට හිස නමන්න ඕන. (හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මැතිතුමා මේ ගැන හොඳ X පණිවිඩයක් දාල තිබ්බා) මේකේ තේරුම Ashen පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් කියන එකත් නෙවෙයි. මේකෙ තේරුම අපි හැමෝටම අපි නොදැනුවත්වම එදිනෙදා ජීවිතයේ හැමදාම Ashen Senarathne නට වුණු දේ වෙනවා කියන එක පෙන්වන්න. අපි වගේ සාමාන්‍යෙ මිනිස්සු VISA ගනිද්දි, Plan පාස් කරද්දි, ව්‍යාපාර ලියාපදිංචි කරද්දි, උසාවියේදී අනාචාරයට චෝදනා කරද්දි "වරද පිළිගන්නවා ස්වාමීනී කියල" රුපියල් 100 ක දඩය ගෙවල එන එක විතරයි මේ system එක ඇතුලේ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම නේද?

      Delete
  31. සජියා ටිකක් විතර පාඩමක් ඉගෙන ගෙන සජබේ හිටපු ගෝතකරුම එකින් එක හල හලා, ෂුවර් නැති වෙල් විදානෙ සහ පච රණවක වගේ උන්ව හලලා විශ්වාසවන්ත සෙට් එකක් එක්ක ගේමට බැහැලා වගේ පේනවා නේද?

    එන් පී පී එකේ උන්ට නම් Laundry එකක් කියන්නේ හොඳ business එකක්, මාලිමාව අනුර හරිනි ගැන දැන් ටික ටික හැමෝටම තේරෙනවා. තනිකරම කයිතන් කෙනෙක් කියලා, තාම ඉතුරු වෙලා ඉන්න ටික දෙනා නම් දවල් රෑ නැතුව හෝදනවා නේද?

    ReplyDelete
  32. ආබාධිත කෙනෙක් ඇතුලට යවනවා කියල ලිස්ට් එකට විතරක් දාලා උදම් අනන ගමන්ම නාකියෝ එලෙව්වා කියලත් උදම් අනනවා.. ඒ නිසා උදම් අනන අයගේ සද්භාවයක් නම් පෙනෙන්නේ නැහැ.

    ආබාධිතබව සහ වයස්ගත වීම කියන දෙකම වෙනස්කොට සලකන්න බැරි තත්ත්ව දෙකක් උනත් පුනරුදයේ ස්වාධීනව හිතන වයස්ගත අයට නම් ලේසි වෙන්නේ නැහැ වගේ... අනික ඔය කියන "නාකි" අය එලෙව්වාය කියලා තවත් "නාකි" සෙට් එකක්ම තමයි ආපහු එවන්නෙත්.

    ලංකාවේ පොදු ප්‍රවාහන සේවා ජනතාවගෙ මුලු ගමනාගමනයෙන් 70% ක් දක්වා යන පරිදි දියුණු කරනවා කියලා පොරොන්දු වුනා, දැනට පවතින 52% තවත් 18% කින් විතර වැඩි කරන්න ඕනේ, ඒත් ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති මට්ටමේ මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග මොනවත් නෑනේ, බොරුවට අරලියගහ මන්දිරයේ බැරයර් කඩලා බොරු සංදර්ශන දාන එක නෙවෙයි නේ කරන්න?

    දැනට පුද්ගලික බස් වලට නගින නිරෝගී පුද්ගලයින් පවා බසින්නේ ආබාධ ඇතිකරගෙන බවත් හිතෙනවා. අනතුරුදායක ලෙස වාහන රේස් කරමින් වෙනත් බස් සමග දැඩි අවදානම් සහගත ලෙස රේස් යාම, ක්ෂණිකව පාලනයකින් තොරව මාර්ගය ගැන නොසිතා හෝ කල්පනාකාරීව දුර දිග නොබලා වේගයෙන් ධාවනය කරමින් මගීන්ට බලපාන පරිදි බ්‍රේක් ගැසීම, නැවතුම්වලින් පිට හිතෙන හිතෙන තැන්වලින් මගීන් නංවා ගැනීම, බැස්සවීම, අධික ලෙස නළාව නාදකිරීම, රියදුරා බසය එලවන අතරේ අනතුරුදායක ලෙස ජංගම දුර කථනයෙන් අතොරක් නැතිව කථා කිරීම වැනිදේ නිසා, බසයට නගින නිරෝගී පුද්ගලයින් ළමයින් අත දරුවන්, ස්ත්‍රීන් බසයෙන් බසින්නේ ආබාධ ඇතිකරගෙන විය හැකියි. එනමුත් මේවා නියාමනය ගැන සද්දයක් නෑ නේ ද?

    ReplyDelete
  33. මේ දවස් වල Ashen ගේ කේස් එක ගැන සමාජ ජාල වල දාල ආතල් එකක් ගන්නවා නේද? මාතලන් ඒ ගැන මොකද හිතන්නේ?

    අශේන් මාර උගත් කියල හිතන් ඉන්න අයට දැන ගැනීම පිණිස කියන්නෙ. මේ මනුස්සයා කරල තියෙන්නෙ London LLB උපාධියක් ලංකාවෙ private university එකකින්. ලක්ෂ 20ක් විතර වියදම් කරන්න පුලුවන් ඕන මනුස්සයෙක්ට London LLB උපාධියක් කරන්න පුලුවන් private university ගොඩක් තියනවා ලංකාවෙ. ඒකෙදි ඉගෙනගන්නෙ එංගලන්ත නීතිය. ලංකාවෙ නීතිය ගැන පොඩි දෙයක්වත් ඒවල අධ්‍යයනය කරන්න නෑ. ශ්‍රී ලංකාවෙ lawyer කෙනෙක් වෙන්නනම් Law college එකට enter වෙලා, ඒකෙ academic years 3නේම තියන exam pass වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්‍රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දෙන්න ඕන. Law college එකෙන් අලුතෙන් නිකුත් කරල තියන entrance qualifications අනුව private university වලින් London LLB degree ගත්ත අයට entrance exam එකක් තියල ඒකෙන් pass වුනොත් විතරයි law college entrance එක හරි ලැබෙන්නෙ. Law college එකෙන්, private university වලින් London LLB degree එකක් ගත්ත අයට Entrance exam එකක් තියල ඇතුලත් කරගන්න හේතුව තමා standard එකක් නැතුව private university වලින් සල්ලිවලට නීති උපාධිය විකිණීම. මේ London LLB degree අරන් එන බහුතරයක් law college එක තුල අසාර්ථකයි. මොකද, A/L best results අරගෙන government university වලින් LLB degree එක හරි, open university entrance එක සමත් වෙලා LLB degree එක හරි, college entrance එක pass වෙලා direct law college එන ළමයිත් එක්ක compete කරන්න එයාලට බෑ. ඉතිං මේ බික මනුස්සයා, එතකොට හිරුණිකා ඇතුළු බහුතරයක් දේශපාලනඥයින්ගෙ ළමයි මේ වගේ London LLB degree එක අරගෙන එතනින් නැවතුනු අය. ඒ වුනාට මෙයාල හැසිරෙන්නෙ ලංකාවෙ lawyer කෙනෙක් වෙලා උසාවියෙ නඩු කතා කරන ගානට. මේ මිනිස්සු Sri lankan law එක ගැන මලපොතේ දෙයක් දන්නෙ නෑ. මේ මිනිස්සු ලංකාවෙ නීතිය, ආර්ථිකය, කිසිම දෙයක් ගැන දැනීමක් නැති අය. ලංකාවෙ lawyer කෙනෙක් විදියට නීති විද්‍යාලෙ නීති විභාග සියල්ල සමත් වෙලා, apprentice විදියට වැඩ කරල, ශ්‍රේෂ්ඨාධිකරණයෙ දිවුරුම් දීපු, ඒ වගේම නීති ක්ශේත්‍රයේ වැඩ කරල experience තියන අය විතරක් නීතිය ගැන දැනීමක් තියන මනුස්සයෙක් විදියට පිලිගන්න තරම් දැනුවත් වෙන්න. නැත්තන් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් අර පබා පාර්ලිමේන්තුවට යැව්වා හා සමානයි...!

    ReplyDelete
  34. මම දැක්ක සමාජ මාධ්‍ය ජාල වල තමන්ට ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා නොලැබීම ගැන කමල් අද්දරාරච්චි චෝදනා මුඛයෙන් කතා කරන බව.

    හැබැයි මට තේරුණ විදියට කමල් ගේ මූලික චෝදනාව වෙන්නේ ජවිපෙ සම්ප්‍රදායික ඡන්ද පදනමට වෙනස් ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තමන්ට ඇති බවත් ජාජබෙ එය නොසලකා හැර පරණ ජවිපෙ යල්පැනගිය කාඩරයට අවස්ථාව දෙන බවයි.

    නමුත් ජාජබ තම මුදුන්මුල වන ජවිපෙ වෙනුවෙන් කාලයක් දර දිය ඇදි මිනිසුන්ට නාම යෝජනා දී ඇති එක මම පෞද්ගලිකව අගය කරන්න කැමතියි, ඒ වගේම ජාජබ එකට පසුව එකතු වෙච්ච කමල් අද්දරාරච්චි වැනි 'පැරෂුට්' වලට හෝ ජනප්‍රිය නළු නිළියන්ට ඉඩ දීමෙන් පක්ෂ කාඩරයයේ පිරිස්වලට නාමයෝජනා ඉඩකඩ ඇහිරී යාම ගැන ජවිපෙ කාඩරය චෝදනා නැගීම විය හැකි දෙයක්.

    කෙසේ නමුත් ජාජබ ලැයිස්තු බැලීමේදී පෙනී යන්නේ එය 100%ක්ම පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි මිනිසුන්ගෙන් පමණක් පුරවා නැති බව. උදාහරණ විදියට සෂී විජේන්ද්‍ර මාතලේ ලැයිස්තුවට එකතු කර ඇත්තේ මාතලේ මුස්ලිම් ඡන්ද පදනම දෙස සලකා බලා බව පේනවා. කමල් අද්දරාරච්චිට ඒ ආකාරයෙන්ම කොළඹ වැනි නාගරික මධ්‍යම පන්තික ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ ඉඩක් ඇති නමුත් කමල්ට ඒ අවස්ථාව නොලැබුණේ මේ දවස්වල සැරටම කමල් ට නාම යෝජනා නොදිය යුතු බවට මාලිමාවේ ෆේස්බුක් 'නිවන් සුව' බලකාය සමාජ මාධ්‍ය තුළ විශාල හඬක් නඟා ඇති නිසා බවත් පේනවා.

    කමල් අද්දරාරච්චි ජවිපෙන් ඡන්දය ඉල්ලන්න සිතුවේ 'ගින්නෙන් උපන් සීතල' නම් චිත්‍රපටයේ ඔහු විජේවීරගේ චරිතය රඟපා ඉන් ලැබූ ජන ආකර්ෂණය නිසා බව ඒ සමහරු චෝදනා කරනවා. නැත්නම් නම් ඔහු සැබෑ ජීවිතයේද 'විජේවීරට ඇඳීමට' උත්සාහ කරන බව කියනවා.

    කෙසේ නමුත් මේ සිද්ධියේදී මට මතකයට එන්නේ මම දන්න විදියට කමල් අද්දරාරච්චි රඟ පෑ මුල්ම චිත්‍රපටය වූ ගාමිණි ෆොන්සේකාගේ 'සාගරයක් මැද' චිත්‍රපටය.සාගරයක් මැද චිත්‍රපටයේ කමල් ඉහළ මැද පන්තියේ තරුණයෙක්, ඒත් සරසවි සිසුවකු ලෙස සමාජ අසාධාරණයට විරුද්ධව ඔහු විප්ලවවාදී ව්‍යාපාරයකට එක් වෙන නමුත් කමල්ගේ ඊනියා ධනපති 'පන්තිය' නිසා ඔහු එම ව්‍යාපාරය තුළින් ප්‍රතික්ෂේප වෙනවා

    මට හිතෙන්නේ කමල් සිය රංගනයෙන් දායක වූ ප්‍රථම සිනමා නිර්මාණයේ චරිතයට සිදු වූ දේම දශක හතරකට පසු සැබෑ ජීවිතයේද මුහුණ පෑ බවයි. ඒ වගේම මේ කියන කතාව හරියට තේරුම් ගැනීමට නම් 'සාගරය මැද' චිත්‍රපටයත් නැරඹිය යුතුයි.

    ReplyDelete
  35. වර්තමාන අනුර දිසානායක නවවන ඡනාධිපති නෙමෙයි ණයවන ජනාධිපති කියල උදය ගම්මන්පිල කිව්වා, ඒක ඇත්ත වේගෙන යන්නේ නේද? ඇත්තටම මේ බිලියන 97ත් එක්ක ආණ්ඩුව දවස් 23ට රුපියල් බිලියන 599ක් ණය අරගෙන තියෙනවා. ඒකෙ තේරුම තමයි මහින්ද රාජපක්ෂගෙ 2005-2015 අවුරුදු 10ටම ගනිපු ණය ප්‍රමාණෙන් හයෙන් එකකට සමාන ණය ප්‍රමාණයක් මේ ආණ්ඩුව දවස් 23න් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ අවුරුදු දහයෙන් 16% කට වැඩි ප්‍රමාණයකට ණය අරගෙන, ඒ වගේම ලංකාවේ බහුතර ආර්ථික විද්‍යාඥයින් ඇතුලු විද්වතුන් බොසෝ දෙනෙක් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නොසිතු විරෑ ලෙස වැඩියෙන්මම ණය ගනිපු ආණ්ඩුව විදියට ලංකාවේ වාර්තා තියපු සහ වර්තමාන ජනාධිපතිතුමා පවා ණය වැඩියෙන්ම ගත් ආණ්ඩුව බවට හඳුන්වපු පහුගිය අගමැති රනිල්ගේ යහපාලන ආණ්ඩුව 2015-2019 අවුරුදු පහටම ගනිපු ණය ප්‍රමාණයෙන් 10%ක් මේ අනුර දිසානායක ආණ්ඩුව දවස් 23ට අරගෙන තියෙනවා.
    අනුර කුමාර වෙනුවට සජිත්, රනිල්, නාමල් එහෙමත් නැත්නම් දිලිත් ජනාධිපති වෙලා ඔය විදියට අම්බානක ණය ගත්තානම් උඹලා ඒක "ආර්ථිකය කෙටි කාලීනව ශක්තිමත් කරන්න මෙහෙම කරන්න වෙනවා" කියල හරි, මේ අසීමාන්තික ණය ගැනිල්ල විවේචනය කරන උන්ට ආර්ථිකය ගැන දැනුමක් නෑ කියල හරි හිතලා හිත හදා ගන්නවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න