.

.

Nov 14, 2024

අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ

 


අනිච්චා වත සංඛාරා 

උප්පාද වය ධම්මිනෝ

(සංඛාරයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. සංඛාරයෝ ඒකාන්තයෙන්ම ඇතිවීම සහ නැතිවීම ස්වභාවය කොට ඇත්තේය.)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


දේශපාලනය තුල නොව, ඕනෑම ක්ෂේත්‍රයක් තුල කට්ට කෛරාටිකයකු නොවී පැවැත්මක් ඇත්තේ නැතිය...  අවංක සත්‍යවාදී පුද්ගලයින්ගේ පැවැත්ම වැඩි කල් රඳා පවතින්නේ නැතිය..


එහෙත් කට්ට කෛරාටික පාලකයින්ටද කෙලවෙලා නැතිදැයි ඇසුවොත් කියන්නට සිඳු වන්නේ... ඔවුන්ට කෙලවූයේ අවංක පුද්ගලයින් නොව.... ඊටත් වඩා කට්ට කෛරාටිකයින් පිරිසක් විසින් බවය.


ඕනෑම දේශපාලන න්‍යායයක් තුල මේ සඳහා ඇති බලගතුම අවිය වන්නේ බොරුවයි. මේ සඳහා ලෝකය පිලිගත් න්‍යායය වන්නේ ගොබෙල්ස් න්‍යායයයි. මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක්ද අවසානයේ ලියා තබන්නේය.


21 වන සියවස වැනි මිනිස් ශිෂ්ඨාචාරයේ ඉතා දියුණු අවදියකත් එය ඉතාමත් පහසු දෙයක් වී ඇත්තේ... 

ලංකාව යනු භූ දේශපාලනික හා ආර්ථික ශාක්ෂරතාවයක් නැති ග්‍රාමීය ගෝත්‍රික ගොබ්බ සමාජයක් වීම නිසාවෙනිය. ලංකාවේ විස්ස විජ්ජාල වලින් බිහි වූ උපාධි කාරයෝ මෙරට මෙන්ම නොරටද ජීවත් වුවද.... ගිරා පෝතකයින් වන කොපි පේස්ට් උපාධිධාරීන් වන ඔවුන්ගේ තත්වයද එසේමය. ඔවුන්ට තාර්කික බුද්ධියක් ඇත්තේ නැතිය.


ලංකාව යනු බංකොලොත් රාජ්‍යයක් නොවූවත්... ආර්ථිකය කළමණාකරණය කර ගැන්මට නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී අවසානය... ඒ තව දුරටත් ලබාගත් ණය ගෙවීමට නොහැකිව පමණක් නොව, කිසිඳු විදේශීය ණයක් ලබාගත නොහැකි නිසාවෙන්‍ය. ලෝකයේ දියුණුම රාජ්‍යයන් පවා පවතින්නේ... ණය රෝල් කිරීමේ දක්ෂතාවය මතය. 


ලංකාව එසේ ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇත්තේ... ජනතාවගේ වරදකින් නොව පාලකයින්ගේ අමනෝඥ තීන්දූ තීරණ නිසාවෙන්‍ය යන්න පරම සත්‍යයක්මය. ඒ ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවය, පාඩු ලබන රාජ්‍ය ආයතන හා සුබසාධන ක්‍රියාවලියන් නිසාමය. 


ජවිපෙටද මේ පාපයෙන් කිසිසේත් ගැලවිය නොහැක්කේ... ඔවුන්ද මේවා වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටීමත්, තව දුරටත් ඒවා පවත්වාගෙන යාමට ඇප කැපවී සිටිනා නිසාමත්මය.


2009 යුද්ධය අවසන් කොට... 2010 සිට රාජපක්ෂ පාලනය දේශීය හා විදේශීය  ණය රැගෙන යටිතල පහසුකම් සැපිරීමේ හා මහා පරිමාණ ව්‍යාපෘති ඉඳිකිරීමේ කටයුතු වලට අමතරව.... රාජ්‍ය සේවය 100% කින් වැඩි කොට ඔවුන්ගේ වැටුප්, දීමනා, වාහන හා නිවාස ණය පහසුකම් සපුරමින්... ආර්ථිකයේ විශාල පිම්මක් පැන... වේගයෙන් සංවර්ධනය වන රටක් ලෙස ඉදිරියට පැමිණියද....


2015 බලයට පැමිනි ආන්ඩුවේ කචල් හේතුවේන්.... එම සංවර්ධන ව්‍යාපෘති සියල්ල නවතා දැමූයේ දේශපාලන පලිගැනීම් ලෙසය.... පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට විසිකල අතර.... මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළේය.... ඉන් පසුද ණය ලබාගැනීම නොනවත්වාම සිඳු වුවද... ඒ සියල්ල වැය වූයේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමටය. ඒවා නිකන් ණය නොව... වැඩි පොලියට ගන්නා ලඳ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වුනේය.


එහෙත් ජෙප්පන් මෙන්ම දේශපාලුවන්ටත් එහා සුර සැප විඳි රාජ්‍ය නිළධාරින් විසින් මේ රාජ්‍ය සේවය හා පාඩු ලබන සුදු අලීන් නඩත්තු කිරීමට ගන්නා ණය මුදල ජනතාවට පෙන්වූයේ පාලකයින් හොරා කෑ මුදල් ලෙසය....


ඒ අනුව ජවිපේ විසින් නිපැයූ... 225 ම හොරු යැයි යන පට්ට කෙබරය... ආර්ථික ශාක්ෂරතාවයක් නොමැති ගම් කබර ගොබ්බයින්ගේ හිස් ඔළුගෙඩි තුල කොන්ක්‍රීට් මෙන් තැන්පත් කිරීමට අනුර කුමාර දිසානායක සමත් විය.


එහෙත් ඒ බොරුව අද ඔවුන්ටම පරාවලල්ලක් වී අවසානය.... උගන්ඩාවේ ඇති ලබ්බක් නැති බව උගන්ඩා කුමරියම පාපෝච්චාරණය කළේය. රාජපක්ෂලාගේ සල්ලි උගන්ඩාවේ තියෙනවා කියා කිසි දිනෙක කියා නැති බව ටිල්වින් සඕදරයා පාපොච්චාරණය කළේය.


එසේ කියූ ඔවුන් මේ දින 50 ට පමණක්.... රුපියල් ට්‍රිලියනයකට (1,000,000,000,000.00)  වඩා ණය වී අවසානය... සිරසේ මාධ්‍යවේදී ගොබ්බයින්ට අවශ්‍යම නම්... මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගත හැකිය. 


ඒ ලබා ගන්නේ වෙන කිසිවකටත් නොව... පාලකයින් විසින් හොරා කෑ ගිණුමට බැර කරන ලද, අන්ත දූෂීත අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තුවට හා පාඩු ලබන රාජ්‍ය ආයතනවල නඩත්තු වියදම් සඳහාය.


එසේ නොමැතිව.... ඒ මුදල් අනුර කුමාර විසින් හොරා කන්නේ යැයි සිතන්නේ නම් එය ඉතා වැරදි සහගතය. ඒ නිසා සිරසේ බරන බුල්ලෝ කලබල විය යුතු නැතිය. අනුර කුමාර එසේ කරනවා යැයි කීමට තරම්... තොපි මෙන් අප අම්බරුවෝ නොවන්නේය.


මෙසේ දේශීය ණය ගැනීමට සිඳු වූයේ... ලැබීමට නියමිතව තිබූ IMF ණය වාරිකය නොලැබීමේ හේතුව නිසාමය. අනුර කුමාරගේ ආන්ඩුව විසින් අයවැයක් ඉදිරිපත් කොට මාස දෙක තුනක් යන තෙක් එම වාරික මුදල නොලැඹී යාමේ සම්භාවිතාවය ඉතා ඉහළ අගයක ඇති අතර..... අනුර කුමාර ආන්ඩුවට මේ ණය උගුලේ ගැට්ටටම හිරවීමට සිඳුවනු ඇත්තේය.


දැන් ඔවුන් පැවසූ බොරු ඔවුන්ටම පරාවලල්ලක් වී පැමිණීම මාරම ලොල් සහගත මෙන්ම දෛවෝපගත සිඳුවීමක් වී අවසානය.... සඕදර සඕදරියන්ට සිඳුවන්නේ ගලේ පැහැරූ පූසොන්ට අත් වූ ඉරණමය.


අප ඒ දෙස ආතල් එකේ බලා සිටිනා අතර.... කිසි දිනෙක අරගල කිරීමට එන්නේ නැතිය. ඒ එන්නේද අද ඔබලා උඩින්ම දිනවූ පිරිසමය. 


මා කලින් සඳහන් කළ ගොබෙල්ස් න්‍යාය ලොවට බිහි කල ජර්මනියේ නාසී හමුදාවේ චීෆ් ප්‍රොපගැන්ඩිස්ට් ලෙස කටයුතු කළ.... පෝල් ජෝසප් ගොබෙල්ස් මැතිතුමා සිය පවුලම වස පොවා ඝාතනය කොට තමන්ද සියදිවි නසාගත් අතර... එවන් ඉරණමකට වත්මන් පාලකයින් පත් නොවේවා යන්න මාතලන්ගේ පරම පැතුමය.


තැපෑලෙන් පිහිණීම හැදෑරූවෝ ගං වතුරකදී අන්ත අසරණ වන්නේය....


ඒ වගත් මෙසේය......

.

47 comments:

  1. මේ කතාව නම් සහතික ඇත්ත. හොඳම විග්‍රහයක්. ලංකාවේ නූතන ආර්ථික අර්බුදය ඇතිකලේ 2015 බලයට ආපු රනිලා, ඒ වගේම 2022 අරගලය පසූපස හිටියේත්, මේ 2024 පාර්ලිමේන්තුව උඩුයටිකුරු කිරීමටත් වගකීම තියෙන්නේ රනිල් දීපු ගේම් වලට, ඇත්තටම රනිල එක්ක ලැග්ග එකෙකුටවත් වගතුවක් නෑ ... ඒක මැතිවරණ ප්‍රතිඵලය බැලුවම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක්.

    ReplyDelete
  2. පදක්කමට ජාතික ලැයිස්තු ආසනයක් ලැබුනොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔවු මම හිතන්නේ දිලිත් ඒවි ජාතික ලැයිස්තුව හරහා.

      Delete
    2. ජගෝ

      බුද්ධ සාසන අමාත්‍යාංශයට පත් කරපු කෙනා බුදුන්ට අපහාස කරලා පොත් ලියපු කෙනෙක් කියන්නෙ ඇත්ත ද? හොයලා බලලා නිවැරැදි තොරතුරු දක්වන්න පුළුවන් ද?

      Delete
  3. ජනාධිපතිවරණ වේදිකාවේ හිටපු ආචාර්ය, මහාචාර්යවරු අතුරුදහන් වෙලා ගමේ පෝස්ටර් ගහ ගහ හිටපු ජවිපේ සාමාජිකයෝ ටික ඔක්කොම පාර්ලිමේන්තු ගිහින්.

    ReplyDelete
  4. මාතා භූ දේශපාලනික බලපෑම මත ප්‍රබල රටවල යටිමිබ්ගත සම්බන්ධීකරණය හරහා රනිල් සහ අනුර අතර පවතින එකඟතාවයක් ගැන මේ මොහොතේත් කියන එක කලින් වගේම උගත් බුද්ධිමත් මාලිමා පාක්ෂිකයන් දැඩිව කෝප ගන්වන සුලු බව දන්නවා..😁..

    නමුත් ගෝඨාගෙන් බැටන් එක රනිල්ට..රනිල්ගෙන් බැටන් එක අනුරට හුවමාරු වීම තමයි ඒ සියලු දෙනා එක මිටට ගෙන මෙහෙයවූ විදේශීය බලවතුන්ගේ අවශ්‍යතාවය..

    සැබෑ කාරණාව මේකයි.... මහමැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය මේසා දැවැන්ත විජයග්‍රහණයක් බවට පත්කිරීමේදී මාලිමාවට දැවැන්තම ශක්තිය සහ මුල් අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ බව අවිවාදයෙන්ම නැවත වතාවක් කියන්න පුලුවන්...

    ඒක බොහොම සරළ කාරණයක්..

    අන්ත දූෂිත කපුටා බැසිල් රාජපක්ෂට මම දැඩිලෙස දේශපාලනිකව වෛර කරනවා උනත් ඌව හෙලා දකිනවා උනත් ඒ නම සඳහන් නොකර මේක කියන්න විදියක් නෑ.. බැසිල් රාජපක්ෂ අවසන් වරට ලංකාවට ආවට පස්සෙ දිගින් දිගටම සාකච්ඡා වට ගණනක් පවත්වලා රනිල් වික්‍රමසිංහට කිව්වේ එක කාරණයයි.. ඒ ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් අනිවාර්යයෙන්ම පවත්වන්න කියන එක..

    නමුත් වෙනත් සැලසුමක ඉත්තකු වූ රනිල් ඒ යෝජනාව මාරාන්තික අයුරින් ප්‍රතික්ෂේප කලා... ඒ වගේම අද අකුලගෙන ගෙදර ගිහින් ඉන්න පස්සෙ සිලින්ඩර් බවට පත්වෙච්ච පෝට්ටුවෙ මන්ත්‍රී බබාලා සෙට් එකත් ඒ දවස්වල රනිල් එක්ක එක පෙලට හිටගත්තා මුලින් ජනාධිපතිවරණය තියන්න ඕන කියලා..

    අද නම් ඒ බබාලා ඔක්කොම ඇත්තෙ සොටු හූර හූර 😁...
    සැට් එකම ගෙදර..😁..හොඳ වැඩේ ඕකුන්ට..

    ඒ විතරක්යෑ..ඒ දවස්වල රනිල් සරණ ගිය පෝට්ටුවන්ගෙ රැස්කෝල් එකේ තරම..😁..

    අපිට රනිල් වික්‍රමසිංහ එක්ක තියන මාරාන්තික දේශපාලන වෛරය මොකක්ද කියලා සමහරු ඇහුවනේ..

    දැන් ඒවට උත්තර ගලපගන්න පුලුවන් එයාලටම.. ජනාධිපතිවරණ ප්‍රථිපලයේ සහ සහ මහමැතිවරණයේ ප්‍රතිඵලයේදි මාලිමාව ලබාගත් පැහැදිලි පරතරය බැලුව ඕන කෙනෙක්ට තේරෙනවා මහමැතිවරණය කලින් තිබ්බනම් මාලිමාව ආසන 100 ක් ගන්නෙත් බොහොම අමාරුවෙන් වග.

    නමුත් ජනාධිපතිවරණයට පසුව තියපු කඩිනම් මහමැතිවරණයේදී මාලිමාව විශාල පිම්මක් පැනගත්තා... ඒ රනිල් වික්‍රමසිංහට පිංසිද්ද වෙන්න... මහමැතිවරණය කලින් පැවැත්වුවානම් අද කතාව වෙනස්... කවුරු පිළිගත්තත් නැතත් කුණුහරුපෙන් මට බැනගෙන ගියත් සරලව කතාව ඕක..

    එහෙනං මාලිමාවට අහවල් එක සුද්ද කරන්න වෙන්නේ බාගෙට..

    මාලිමාවට මහමැතිවරණයේදී දැවැන්ත විජයග්‍රහණයක් ලබාගන්න සිය උපරිම දායකත්වය,සහයෝගය සහ ආශීර්වාදය ලබාදුන්න රනිල් වික්‍රමසිංහට හැමෝම මේ මොහොතේ ස්තුති කරන්න අමතක කරන්න එපා...😁

    ගෝලීය භූ දේශපාලනයේ දිගපලල දන්නැති උගත් බුද්ධිමත් නමුත් ළිංමැඩි නෝනා මහත්තුරු අපට කුණුහරුපෙන් බැනගෙන ගියාට කමක් නෑ..ඕන නම් කියන්න පුලුවන් සිත නිවන කතා කියලත්..සමහරු කියන විදියට මොකද මං ඊයෙ රෑ ඉඳන් අඬලා අඬලා මගේ කඳුලු පෝ ගඟ දිගේ ගලා ගිහින් මධ්‍යධරණි සාගරයටම වැටිලා ඇති..😁

    ජය පැන් බොමින් සිටි මාලිමා පාකෂිකයන්ගේ ආතල් එකට බාධා කලා නම් ෂොරි..

    😁

    ReplyDelete
    Replies
    1. Pohottuwe evun Ranilta kelawannane mana baluwe.

      Delete
  5. තාපසාරාමයට වැටුණ 69 ලක්ෂයට සුබ පැතුම් 🤭

    P.S. ගම්වල pyramid sceme වලට අහුවුන අයත් මුල්කාලේ හෙන ගැම්මෙන් හිටියේ 🤣

    ReplyDelete
  6. පූර්ණ අවබෝධයෙන් යුතුව බොරු කීම ඉතා වැදගත් ක්‍රියාවක් බව බහුතරයක් වූ ශ්‍රී ලාංකික වෙල්ෆ්‍රොග්ගන් එසේ අනුමත කළ වගයි.

    අදින් පසු පන්සිල් පද වලින් මුසාවාදා ශික්ෂා පදය ඉවත් කොට ඇති බව සියළු බෞද්ධ ජනයා කරුණාවෙන් සැළකිය යුතුය අතර එම ශික්ෂා පදය රකින බවට ශ්‍රී ලංකාව තුලදී ශපත නොකිරීම, එවන් වූ ශිල්පදයක් නොරැකීම තව දුරටත් පාපයක් නොවන බවද පූර්ණ අවබෝධයෙන් යුතුව තේරුම් ගත යුතුය.

    ReplyDelete
  7. UNP base stayed at home this time.

    Just check the number of votes in UNP divisions. (versus for example the 2015 election).

    Neither Ranil nor SP no longer has the confidence of the traditional UNP vote bases. Apparently almost every UNPier on X has voted for the NPP and they waited until today to shout it out loud to the world.

    Fluke UNPiers are responsible for this mess ☠️

    You lot have diminished the democratic process of the parliament now get ready to watch the ‘autocratic shit show’ in the coming days 😊

    ReplyDelete
  8. ජාතික ජන බලවේගය මාලිමාවට දැවැන්තම ජයක් ලබාගැනීමට උතුරේ සහෝදර ජනතාව ලබාදුන් සහයෝගය අමතක නොකළ යුතුයි වගේම ඔවුන්ගේ ඉතාම සාධාරණ ඉල්ලීම් ඉටුකරදීම මෙවරවත් සිදුවිය යුතුමයි.

    මාලිමාවට ඕනෑවටත් වඩා සාර්ථක සෑහෙන ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවක් ලැබී ඇති නිසාම පසුගිය ජනාධිපතිවරණයට පෙර යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සිසුන් උතුර මුලික කරගත් යෝජනා 13 ට එකග බව පැවසූ එකම අපේක්ෂකයා ජනාධිපති අනුර වීමත් නිසා මෙය ඉතාමත්ම වැදගත්.

    එම යෝජනා පහත ඇත.

    01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට උතුරු නැගෙනහිර වෙනුවෙන් එහි ජනතාවට අන් පළාත්වලින් ස්වායත්තව තනිවම තීරණය ගැනීමට ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම.

    02.ලංකාලේ මීට වසර පහළොවකට පමණ පෙර අවසන් යුධ සමයේ රජයේ හමුදා මගින් සිදුවු බරපතල යුධ අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා එම යුධ අපරාධකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමකින් දඩුවම් ලබාදීම.

    03.හදිසි නීතිය ඉවත් කිරීම.

    04. තවදුරටත සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.

    05.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම හා වැරදිකරුවන් වෙනුවෙන් දඩුවම් ලබාදීම.

    06.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අයත් පෞද්ගලික හා ර‍‍ජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    07.උතුරු නැගෙනහිර ස්ථාපිතව පවතින සියළු සිංහල බෞද්ධ විහාරස්ථාන හා සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    08.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ රජය විසින් සිදුකරන ලබන උතුරු පළාතේ සිංහල ජනාවාසකරණය හා නැගෙනහිර පළාතේ සිංහල ජනාවාසකරණය නවතා දැමීම හා සිදුකොට ඇති ජනාවාස වහාම ඉවත් කිරීම.

    09.වන්නි ප්‍රදේශය යටතේ ස්ථාපිත කොට ඇති සිංහල ජනාවාස ඉවත් කිරීම.

    10.පුරාවිද්‍යා,වනජිවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට ගෙන ඇති දෙමළ ජනතාවගේ නිජ භුමිය වහාම අදාළ රජයේ ආයතන යටතින් නිදහස් කිරීම.

    11. යුද්ධයෙන් පීඩාවට ලක්වු උතුරු නැගෙනහිර තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදීම හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියා දුරලීම.

    12.උතුරු නැගෙනහිර පෞද්ගලික අංශයේ හා රජයේ රැකියා ලබාදිමේදී අදාළ අදාළ ප්‍රදේශයන්ගේ තරුණ තරුණියන්ට මුලිකත්වය ලබාදීම.

    13.උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සිදුකිරීමේදී අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගෙන අදාළ ප්‍රදේශයන් නියෝජනය කරන මහජන කමිටුවක් හරහා සිදුකිරීම.)

    මේවා අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කී යුතුයි.

    ReplyDelete
  9. එක් එක් දිස්ත්‍රික්කයේ චන්ද නොදැමූ පිරිස ගැන වාර්තාවක් දෙනු

    ReplyDelete
    Replies
    1. ඇයි මොකටද?😊

      Delete
    2. අධ්‍යයන කටයුත්තක් සඳහා

      Delete
  10. මාතලං, ජොනි යත් ඉවරයි. ඒ නිසා අද ඉඳන් කාටද කඩේ යන්නේ? රස්සාවක් හොයා ගත්තා නම් නරකද?

    ReplyDelete
  11. මාතයියේ, මට තියෙනවා වැදගත්ම දෙයක් අහන්න මං දැනට අවුරුදු 5කට‍ කලින් කෙල්ලෙක් එක්ක යාලු උනා...
    හැබැයි ඒ girl කියපු එයා නොදැනුවත්ම දික්කසාද උණු පිරිමි කෙනෙක් එක්ක විවාහ ගිවිස ගෙන හිටියේ...
    ඉතිං එයාගේ දුක අහන්න ගිහින් අපි දෙන්නා love කරනවා... (අපි කිසිම දවසක හම්බවෙලාවත් නැ)හැබැයි ඒවෙනකොටත් එයා marry කරපු boy තවත් අනියම් සම්බන්ද කම් ඒ කරගෙන ගිහින් තියෙනවා..
    කොහොමෙන් කොහොම හ‍රි ඒ girl marry කරපු නිසා එයාත් එක්කම වෙන රටකට යන්න දෙන්නම තීරණය කරලා දැන් boy ගෙන් දැන් මං කියන girl ට දරුවෙකුත් ඉන්නවා මාසෙක විතර...
    හැබැයි පිරිමියා ඉන්නේ දැන් වෙන ගැණු කෙනෙක් එක්ක girl එයාගේ මාසෙක විතර බබාත් එක්ක...
    ඊට පස්සේ මාව මතක් වෙලා මට අයෙත් කථා කරන්න ගත්තා මේ girl
    දැන් එයා ඒ boy ගෙන් දික්කසාද වෙන්න තීරණයක්‌ අරන් තියෙනවලු..
    මම තාම තනිකඩ නිසා කසාද බදිමු කියලා කියනවා...

    ඉතිං මට දැන ගන්න ඕනී...
    මමත් වෙන රටකට යන්න plan කරලා තියෙන්නේ...

    මේ දෙන්නා බාර ගත්තොත් මට වෙන්න පුළුවන් ගැටළු මොන වගේද...?
    කෙනෙක් දික්කසාද නොකර කසාද බැන්දොත් වෙන රටකට යනකොට ගැටළු ඇතිවෙයිද..?
    මං එයාව marry කරොත් මට ගැටළුවක් වෙයිද?

    මේකට උපදෙස් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  12. මාතා මාලිමාවට විරුද්ධ දේශපාලන ව්‍යාපාරයක නිරත වූ අපි ඉන්දියන් සාගරයේ, ගෝලීය භූ දේශපාලන බල පොරයේ ලංකාව සම්බන්ධ ඉන්දු,-ඇමරිකන් ව්‍යාපෘතියේ 90 % කට වඩා ඉතාමේඅම සාර්ථකව ඇමරිකන්-ඉන්දියන් මිත්‍ර පාර්ශ්වීය කදවුර නිමා කළ බව තේරුම්ගත යුතුයි.

    එයට අදාලව ලංකාව ව්‍යවස්ථානුකූලව කොටස්, ලෙස ඒකාබද්ධ වු,පාළනයට ගෙනයාමට අදාල නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට පමණක් දැන් ඇති ඉතිරි 10 % කට අඩු කොටස වන්නේය.

    එයට අදාල නව ව්‍යවස්ථාවට අවශ්‍ය කෙටුම්පත (draft) දැනටමත් ඉන්දියාවට සහ ඇමරිකාව විසින් ඔවනට අවශ්‍ය කොටස් සහිතව කෙටුම්පත් කර අවසාන බව දන්නෝ දනිති.

    එයට අදාලව පාර්ලිමේන්තුවේ 150ක බලය හෙවත් 2/3 බලයද ඔවුන් විසින්ම නිර්මාණය කර අවසන්ය.

    මේ ඉන්දිය සහ ඇමරිකන් නවව්‍යාපෘතිය තුළ

    ජනතාවට මාළිමාවට නතිරය ගහනවා හැර වෙන මාර්ගයක්,නොමැති,තැනට ගමන් කරවීමට හැදු,මාර්ග සිතියමට

    රනිල් වික්‍රමසිංහ
    සහ
    බැසිල්,රාජපක්ෂ හරහා දැමු පදනම ගැනත් මතක්,නොනරම බැරිය. ‼️

    ඔවුන් ,දෙදෙනා කිසිදාක එබැවින් ලංකාවේ හිර ගෙයක්,තුළ හොරකමට හො,ව වෙන යම්,කාරණයකට හිරබත්,කමින් මැරෙන තුරු,ඉන්නවා අපට දකින්නද නොලැබෙන්නේය

    රනිල් වික්‍රමසිංහ කියු පරිදි මාස හයෙන් අවුරුද්දෙන් මේ රජය වැටෙන්නේ,නැත.

    IMF ගිවිසුම අනුර සහ රජයට කැමති පරිදි,අවශ්‍ය වෙනස්,කම්,කර ගන්න බැරි,වෙන්නේද නැත. එයට ඇමරිකාවේ සහ ඉන්දියාවේ, පූර්ණ සහාය ලබාදෙනූ නිසැකය

    එහෙම වෙනවනමි,වෙන්නේ මාලිමාව සිය ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන ඇමරිකන් සහ ඉන්දියන් කදවුරටසහ ඔවුන්ගේ ව්‍යාපෘතියට එරෙහිව ගියොත් පමණකි ‼️

    ඉදින් ඇමරිකන් සහ ඉන්දියන්, කදවුර සමග ඉන්දු සාගරයේ,බල ව්‍යාපෘතිය සමග ඉදිරියට යාමට අනුරගේ රජයට සුභ පතමි.🙏🙏

    බහුතර සිංහළ ජනතාවට තවදුරටත් ලංකාව එකීයද එක්සත්ද ෆෙඩරල්ද යන කිසිම දෙයක අදාලතාවයක්, නැති බව මැතිවරණ ප්‍රතිපළය පෙන්වා දී ඇත.📍

    අළුත්,ව්‍යවස්ථාවකින්,බළය පළාත් සභා වෙතයන එක කමක් නෑ යන්නට බහුතර අනුමැතිය ලැබී,තිබේ.📍

    දැනට පවතින ජාතික ගීය, ජාතික ධජය පමණක් නොව ඕනෑම අටමගලයක් අවශ්‍ය පරිදි,වෙනස්,කර ගන්නට ඕනෑ නම් එයට කැමත්ත ලබා දී තිබේ. අප එය පිළිගත යුතු අතර බහුතර ජනමතයට අපද හිස නමා සාමූහිකව තීරණ ගැනීමට අවශ්‍ය බවද අවධාරණය කරමු📍

    ඉදින් ඒවාට මීට පසු මෙන්න මාළිමා රජය රටේ, ස්වාධීනත්වය නැති කරන්න යනවා කියා මරහඩ තැලීම විහිළුවකි. ඇත්තටම ලංකාවට ඇති සැබෑ ස්වාධීනත්වයක් නැති අතර නිල නොවන පරිදි ලංකාව භූදේශපාලන බලවතුන්ට කිකරුවන තත්ත්වයට පත්ව ඇති බව තේරුම්ගත යුතුය. ඒ නිසා අප බුද්ධිමත්ව තීරණ ගැනීම සහ කටයුතු කිරීම ඉතාම වැදගත්ය.

    දැන් ඇත්තටම රටක් ලෙස ලංකාව මෙම ගමන ගියේ,වැල් ,පාළමකද නැද්ද යන්න ජනතාවට ඔප්පු කර ඕනෑම පණතක් සම්මත කරගෙන හොරු අල්ලලා සහ ඉදිරියට හොරකම්,කරන්න බැරිවෙන්න පාලනය සකසා පවතිවා ගෙන යාම

    මාළිමාවේ වගකීමකි. ‼️

    අපි විවේචනයක්,එල්ල කරනවා නමි එල්ල කරන්නේ,ආන්න ඒ සරළ කාරණා නොවෙන තැන වලට පමණි.

    මැතිවරණ දෙක ඇතුලේ අපි බළයට ආවොක් කරනවා කීවා කිසිදු පොරොන්දුවකට විවේචනයක්,නැත.

    මක්,නිසාද රටේ 70 % ආසන්කව ඒවා කරන්නට දෙවරක්ම මාළිමාවට අනුමැතිය ලබා දී තිබේ. එබැවින් අප ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මාලිමාවට සහයෝගය ලබාදීමට පියවර ගත යුතුව ඇත.

    ReplyDelete
  13. බිඳෙන් බිඳෙන් ජලේ
    සෙමින් පිරුණි කළේ
    අනුරට දුන් බලේ
    තව සවිබල කළේ

    හීන් සැරය දැඩියි
    රාම සැරය මඩියි
    ඇරඹුම මේ තමයි
    සුබ ගමනක යෙදෙයි!

    ReplyDelete
    Replies
    1. නිමලේ පඩ අරියි
      ලපයා බොක දමයි
      රටටම කෙල වෙයි
      නිමලට හෙන හතයි

      Delete
    2. @ Anno

      සද්ද නැතුව පඩයක් අරිනා අකාරය

      අවශ්‍ය දැ
      :හොද ඉවසීමක්
      :හැසිරවිය හැකි තට්ටම් දෙකක්

      පලමුව පඩය යාමට ඔන්න මෙන්න වනතුරූ හොද ඉවසීමකින් පඩය රදවා තබා ගන්න.එයට ඔබේ තට්ටම් දෙක එකට හිටින සේ තබා ගන්න🫥පසුව තට්ටම් දෙක තදකර තප්පර දෙකෙන් දෙකට ලිහිල් කරන්න සද්ද නැතුව පඩය පිටවී යාවී💪😁

      සැ.යු :- වැඩි වැඩ දැමීමට නොයන්න දියබඩ යා හැක

      Delete
  14. මෙවර ලංකාවේ මහ මැතිවරණයේ විශේෂතම ලක්ෂණයක් වන්නේ උතුරේ දෙමළ ඡන්ද ජවිපෙට ලැබීමයි. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දවලින් 24% ක් සිංහල පක්ෂයක් වන ජවිපෙට ලැබී තිබේ.සම්ප්‍රදායික ජවිපෙ, එනම් විජේවීරගේ ජවිපෙ, කිසිවිටකවත් උතුරු නැගෙනහිර දේශපාලනය කළේ නැත. එහෙත් ඉන්පසුවත් ඔවුන් උතුරේ දේශපාලනයට වැඩි බරක් තැබුවේ නැත.

    සිංහල පක්ෂකයකට උතුරේ දෙමළ ඡන්ද ලැබීම දුර්ලභ තත්වයක් වුවත් ඉතිහාසයේ පළමු අවස්ථාව එය නොවේ. 1982 ජනාධිපතිවරණයේදී යාපනයේ ඡන්ද වලින් 35% ක් ශ්‍රිලනිප අපේක්ෂක කොබ්බෑකඩුවට ලැබුනේ දෙමළ අපේක්ෂක කුමාර් පොන්නම්බලම් අභිබවමිනි.

    මෙවර උතුරේ දෙමළ ඡන්ද සැලකියුතු ප්‍රමාණයක් ජවිපෙට ලැබීමේ හේතුව මට හරියට කිව නොහැකි නමුත් මට පෙනී යන්නේ ජවිපෙ ජාතික ජන බලවේගය උතුරේ ජනතාවට පොරොන්දු වුණ 13 plus, ඉඩම් අයිතිය සහ ස්වයං නිර්ණය අයිතිය, එනම් සියවසකට පමණ පෙර යුරෝපයේ රාජ්‍ය බිසිවුණ ආකාරයක අවශ්‍ය නම් උතුරේ ජනතාවට පමණක් ජනමත විමසුමක් තබා වෙනමම රාජ්‍යයක් වුවත් පිහිටුවීමට හැකි විදියේ බලයක් සහිත නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යන කාරණාවලට අමතරව එය එක් අන්දමකට මේතාක් ඔවුන් දිගින් දිගටම රැවටූ දෙමළ ප්‍රභූ (වෙල්ලාල) දේශපාලනයට එරෙහි ප්‍රකාශයක් ලෙසයි. ජවිපෙ යනු නිර්ප්‍රභූත්වය මත ගොඩ නැගුණු දේශපාලන ව්‍යාපාරයකි. බොහෝ දෙනා නොසැලකුවද යාපනයේ දෙමළ සමාජයේ සිංහල සමාජයටත් වඩා දැඩිලෙස ප්‍රබල ප්‍රභූ විරෝධයක් ඇත.

    සුමන්දිරන් මෙන්ම විග්නේෂ්වරන්ද නියෝජනය කරන්නේ ප්‍රභූ වෙල්ලාල දේශපාලනයයි. වේලුපිල්ලේ ප්‍රභාකරන් එක් අතකින් සිංහලයන්ට විරුද්ධ මෙන්ම අනෙක් අතින් දෙමළ ප්‍රභූ වෙල්ලාලයන්ට එරෙහිවත් සටනක් කළ අයෙකි. මෙවර එයත් යම් සැලකියයුතු තරමකට හෝ මෙම ප්‍රතිඵලයට බලපාන්නට ඇති.

    ReplyDelete
  15. මාතා මෙවර 2024 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය තුල ඉතිහාසගත වූ දේශපාලන වාර්තා කිහිපයක් සහ පසුවදනක්...✨️🇱🇰🗳️✅⏱️✨️...👀

    මේ වන විට 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජනබලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට නියමිත වාර්තා.

    1. මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

    2. මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

    3. මහ මැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

    4. මහ මැතිවරණ්යක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

    5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

    6. වැඩිම (සියලුම) දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් තැපැල් චන්ද දිනාගත් අවස්ථාව. (21)

    7. දකුණේ පක්ෂයක් උතුරු නැගෙනහිර ලබාගත් වැඩිම ජන්ද හා ආසන සංඛ්‍යාව.

    8. මහ මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

    9. මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

    10. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව.

    11. මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව.

    අර කියන්නත් වගේ ලොවෙත් නැතිවෙන්නම විරුද්ධ පක්ෂ වලට ඇඩෙන්නම දිනපු දිනිල්ලක් මේක...!

    ජාතික ජන බලවේගය (NPP) වෙත මෙතරම් බහුතර බලයක් ලබාදීමට තරම් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම රටේ සමස්ථ පුරවැසියන් හටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කිරීම දැන් ඔවුන්ගේ පරම යුතුකම හා වගකීම වන්නේය.

    එම යුතුකම හා වගකීම ඉටු කරන තෙක් වත්මන් ජනාධිපතිවරයා හා 2/3 කට අධික අති බහුතර බලයක් සහිතව පත්වූ අභිනව කොවුඩුකාර ආණ්ඩුව කෙරෙහි දහසක් බලාපොරොත්තු දල්වාගෙන අප රටේ ජනතාව බලාසිටී.

    නව රජයද ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු නොකර සුපුරුදු පරිදි අතේ පැලවෙන කෙබරම පමණක් දෙසාබමින් සාම්ප්‍රදායික දෙස මාලිමාව දේශපාලනය කරපු බොරු ප්‍රෝඩාවම කරමින් දිගින් දිගටම ජනතාව රවටමින් ආණ්ඩුව කරගෙන ගියොත් සහ නැවත වාරයක් ජනතාවට පිටුපාමින් කටයුතු කලහොත් ඔවුන්ටද අද වන විට ඉතා අන්ත පරාජයකට පත් වී සිටින පෙර ආණ්ඩු මෙහෙයවූ පක්ෂ හා සාමාජිකයන්ට උරුම වූ ඉරණමටත් වඩා අන්ත භයානක ඉරණමකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

    කෙසේවෙතත් අප සියලුම දෙනා අපගේ පෞද්ගලික දේශපාලන මතවාද එදිරිවාදිකම් සියල්ල අමතක කොට මේ මොහොතේ නව මාලිමා රජයට එවැනි ඉරණමක් අත් නොවේවායි ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ යහපත් ඉදිරි වැඩපිළිවෙල වෙනුවෙන් ආශිර්වාදය එක්කර සිටිමු....✨️🇱🇰🙏🇱🇰✨️... !

    ශ්‍රී ලංකාවට ජයවේවා !

    ReplyDelete
  16. danwath puke angilla gaha gena nida ganin

    ReplyDelete
  17. මාතලන්ට මතකද 1988 ජනාධිපතිවරණ ප්‍රතිඵල සතුටින් අහගෙන ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිබිඹු වූ ලෝකප්‍රකට ඡායාරූපය? එවර ජනාධිපති බවට පත්වුණේ රණසිංහ ප්‍රේමදාස. එය ටෝරි යමනාකාගේ කැමරාවේ සටහන් වී ජාත්‍යන්තර මාධ්‍ය වල පිටු සැරසුවා.

    මෙම නොවැ 14 දා පැවැත්වුණු ලාංකීය මහ මැතිවරණය 1977 දී ආරම්භ වූ ලංකාව තුල සමානුපාතික මැතිවරණ ඉතිහාසයේ වැඩිම ආසන සංඛ්‍යාවක් එක් පක්ෂයකට හිමිකර දුන් මැතිවරණය වුනා. ජාතික ජන බලවේගය මින් ආසන 159ක් අත්කරගනිමින් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරය දිනාගත්තා.

    සාමාන්‍යයෙන් ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී විශේෂඥයින් නිතරම "දේශපාලන සාකච්ඡා වලදී මැදක ඉන්න"යැයි කිව්වත්, එය කරන්නට පුළුවන් වෙන්නේ ඉතාම ඉතාම සුළු පිරිසකටයි. ලෝකයේ කොහෙත් එහෙමයි. මැදක ඉද්දී තමයි රටේ අන්ත දෙක හොඳට දකින්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වාරයේදීත් ජනතාවට මම කියන්නේ මැදක ඉන්න කියලයි. ඒක යථාර්ථයක් නොවුනත්.

    දැනට පත් වී තිබෙන්නේ අති ප්‍රබල ආණ්ඩුවක්. බංකොලොත්භාවයකින් ගොඩ එමින් ඉන්න රටකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව තේරුම් අරගෙන ඉන්න මහජනතාවක් සිටීම ගැන අප සතුටු විය යුතුයි. ඔවුන් නායකත්වය පිළිබඳ විශ්වාස කරනවා. තැන් තැන්වල අටවගත්තු පක්ෂ පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයක් නැති බව ඔවුන් පෙන්වා තිබෙනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය පිළිබඳ ඔවුන්ට තිබෙන විරෝධයත් සමගම මේ රට මේ තත්වයට ඇද දැමූ දූෂිතයන් පිළිබඳ තිබෙන වෛරයත් ඔවුන් විසින් පෙන්වලා තිබෙනවා.

    සමාජ මාධ්‍යවල බලය මෙන්ම නිර්මාණාත්මක සහ අලංකාරවත් මැතිවරණ ව්‍යාපාරයක වටිනාකම ඔවුන් විසින් ඔප්පු කර තිබෙනවා. ඒ වගේම උගත්කම සහ සුදුසුකම් ගැන ඔවුන් උනන්දු බවත් ඔවුන් විසින් පෙන්වලා තිබෙනවා (පාර්ලිමේන්තුවක සියලු දෙනා උපාධිධරයන් වියයුතු බව පෞද්ගලිකව මා විශ්වාස කරන්නේ නැහැ. ස්ථානෝචිත ප්‍රඥාව සහ ජීවන අත්දැකීම් සහිත 'street smart' පුද්ගලයිනුත් එහි සිටිය යුතුයි).

    ඒ වගේම තවත් පැත්තක් තියෙනවා.

    ඒ තමයි ඉතිහාස ලිට්මස් පරික්ෂාව. අතිශය බලවත් ආණ්ඩු පත්කිරීමෙන් පසුව බලාපොරොත්තු වූ ප්‍රතිඵල ජනතාවට ලැබී තිබෙනවාද? ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන ප්‍රබල ආණ්ඩු 4ක් තිබෙනවා. 1977, 2010, 2020, 2024.

    1977 මහ මැතිවරණයේදී 5/6ක ආණ්ඩුවක් පිහිටවූ මහජනතාවගෙන් සමහරු අද වෙනකොටත් ජේ.ආර්.ජයවර්ධනට බනිනවා. බනින්නේ කවුද? එවකට ආසන 168කින් 140ක් ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් මිනිස්සුන්ම තමයි බනින්නේ.

    2010දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවත් ආණ්ඩුවක් පත්කළ මිනිස්සුම අද රාජපක්ෂවරුන්ව පිළිකුල් කරනවා. කවුද පිළිකුල් කරන්නේ? ආසන 225න් 144ක් මහින්දට දුන් මිනිස්සුම තමයි අද ඔහුව පිළිකුල් කරන්නේ.

    2010 සහ ඒ ආසන්න කාලවලදීත්, 2015 ජනාධිපතිවරණයේදීත්, 2018දී මහින්ද අනියමින් අගමැති වූ විටදීත්, 2019දී මහින්ද අගමැති වූ විටදීත් රාජපක්ෂ ප්‍රේමයෙන් ඔද වැඩී සිටි බොහෝ දෙනා අද වත්මන් ජනාධිපතිවරයාව කර තබාගෙන ගමන් කරන බව මා දකිනවා. එලෙස යන ගමන්ම "රාජපක්ෂලා නම් සොරුන්ය"යි කියනවා. "රාජපක්ෂවරු නැති මව්බිමක් එපා"යි කියූ ඇතැමුන්ම තමයි අද එහෙම කියන්නේ. ඒත් අපට පිටසක්වලින් ඡන්ද දායකයන්ව ගෙනෙන්නට බැහැ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා.

    නිගමනය : මේ රටේ "වැඩි ආදරය" වෛරයකට පෙරළෙන්නට ගතවන්නේ වසර කිහිපයක් පමණයි.

    මා මේ කියන්නට හදන්නේ වත්මන් ආණ්ඩුව අසාර්ථක වන බව නොවෙයි. එය අසාර්ථක වුනොත් අප සියලු දෙනා කරදරයට පත්වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ සාර්ථකත්වයට අප ආශිර්වාද කළ යුතුයි. අනුර දිසානායක සූක්ෂම දේශපාලකයෙක්. ඔහුට හොඳ ඉවක් තිබෙනවා. නමුත් ඔහුට දේශපාලනය කරන්නට සිදුවෙන්නේ මේ රටේ මහජනයා සමගයි.

    2020දීත් මහජනයා විසින් පත්කළේ ආසන 225න් 145ක් සහිත ප්‍රබල ආණ්ඩුවක්. එතැනින් පසුව සිදුවුණු දේවල් මතක් කරන්නට අවශ්‍ය නැහැ. නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණේ ඒ ප්‍රබල ආණ්ඩුව පවතිද්දීයි. අද මහජනතාව ඒ පිළිබඳ කියන්නේ මොනවාද? එදා ගෝටාබය විරුවෙකු බව කියූ මහජනතාවම අද ඔහුගේ තේමා ගීතය ඇහුනත් කොක් හඬලා සිනාසෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම 2024 නොවැම්බර් 14 වැනිදා තේරී පත්වුණේ මෙරට සමානුපාතික මැතිවරණ ඉතිහාසයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත ආණ්ඩුවයි. ඔවුන් අසාර්ථක වේවිද නැද්ද කියා කියන්නට අප හදිසි නොවිය යුතුයි. පවතින තත්වයන් සලකා බලන විට, එය අතිශයින්ම අපහසු කාර්යයක් වනු ඇති.

      ඔවුන් පුන පුනා දශක තුනකට අධික කාලයක සිට පවසන රාජ්‍ය සම්පත් රජයේ මුදල් බිලියන ගණනක් සොරාගත් සොරුන්ට දඬුවම් කිරීම, ජනතාව දැඩි ලෙස පීඩාවට ලක්ව තිබෙන PAYE බදු, අධික VAT බදු ආදී අධික ලෙස පණවා තිබෙන බදු අඩු කිරීම, රජයේ සේවකයන්ට සහ විශ්‍රාමික රජයේ සේවයේ අතිවිශාල පිරිසකට සැලකිය යුතු ගණනකින් පඩි වැඩි කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, රටේ සමස්තයක් ලෙස පවතින දූෂණයට තිත තැබීම, පෞද්ගලික අංශයේ අතිවිශාල පිරිසකට ආදායම් බදු සහන ලබාදී වැටුප් වැඩිකිරීම ද ක්‍රියාත්මක කරන ලෙස පෞද්ගලික අංශයේ ආයතන වලට නියෝග කිරීම ආදී ඔවුන්ගේ අතිවිශාල පොරොන්දු ප්‍රමාණය ගත්විට ඒවා පහසුවෙන් කළහැකි දේවල් නොවෙයි. ඒ නිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ, අප දකින ප්‍රබලම 2/3 ආණ්ඩුවට විශාල අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවේවි.

      මාලිමා ආණ්ඩුවට එක වාසියක් තිබෙනවා නම් එය ශක්තිමත් විපක්ෂයක් සහ විපක්ෂ නායකයෙකු නොමැතිවීමේ වාසියයි. එය දැනට බොහෝ දෙනෙකු මතුකරන නාමල් රාජපක්ෂගේ අනාගත වාසියයි.

      ලංකාවේ දේශපාලන විශලේෂකයන් විශ්වාස කරන පරිදි 2015දී "රාජපක්ෂලා ඉවරයි!" කියූ මහජනතාවෝ 2019දී 52.25%ක ප්‍රතිශතයකින්, ලක්ෂ 69ක ජනවරමකින් ගෝටාබය රාජපක්ෂව ජනපති කළා. 2020දී මාලිමාවට 3% යැයි සිනාසෙමින් සිටි මහජනතාවෝ 2024දී මාලිමාවට 61.56%ක පාර්ලිමේන්තු බලයක් ලබාදුන්නා. ඒ නිසා දේශපාලන විශ්ලේෂකයන් මීට පසුව එන ජනාධිපතිවරණය නාමල් රාජපක්ෂට ලැබෙන්න වැඩි ඉඩක් ලැබෙන බව පවසන අතර අප එයට කැමති නොවුණත් ඔවුන්ගේ විශ්ලේෂණ දිහා බලන විට ලංකාවේ දේශපාලනය තුල සිදුවන විවිධ ගතිකයන් මත ඕනෑම දෙයක් සිදුවිය හැකියි.

      කෙසේ වෙතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත්තේ ඡන්ද 6,853,690යි. මාලිමාව ලබාගත්තේ 445,958යි. 2024 මහ මැතිවරණයේදී මාලිමාවට 6,863,186යි. පොදුජන පෙරමුණට 350,429යි. සරලව බැලූ කල, මහජනතාව එහා පැත්තේ සිට මෙහා පැත්තට පැමිණ තිබෙනවා. ඔවුනට මෙහා පැත්තේ සිට එහා පැත්තට යෑමටද හැකි බව ඔවුන් විසින්ම අවසන් වසර 10 තුළදී ඔප්පු කර තිබෙනවා. මාලිමාවට සහාය පළකළේ ඔවුන් පමණක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණත්, වාමාංශික අදහස් දරන මැදහත් ජනතාවත් ඔවුන්ගේ පදනමයි. එහෙත් ඔවුන් ප්‍රමාණයෙන් කුඩායි. ඔවුන්ව බහුතරය සමගින් ශක්තිමත් කරන්නේ පෙර කියූ බහුතරය වන පොදු "මහජනතාව"යි.

      එබැවින් වත්මන් ආණ්ඩුව කෙරෙහි පවතින ප්‍රබලම අභියෝගය අන් කිසිවක් නොව, ලංකාවේ අති බහුතර මහජනතාවමයි. ජනපති අනුර දිසානායක ප්‍රමුඛ ප්‍රබල මාලිමා ආණ්ඩුව එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙලෙසද? රට වෙනුවෙන් යහපතක්ම වේවායි පතමින් අපි බලා සිටිමු.

      Delete
  18. අලුතෙන් පත්වු නව පාර්ලිමේන්තුවට කථානායක ධුරයට උතුරෙන් දමිළ ජාතික, දේශ හිතයිශි, නිතිගරුක, ඒ වගේම යුක්තිගරුක නායකයෙක් තෝරාගෙන, කතානායක තනතුරට පත් කිරිම සුදුසුයි කියල මා යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      කතානායක ධුරයට බිමල් රත්නායක සහෝදරයා පත් කරන්න තීරණය කරලා තියෙන්නේ, ඔහු උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට දේශපාලන විසඳුමක් දීමට කැමති උතුරේ ජනතාවට සංවේදී අයෙක්.

      අනෙක කතානායක ධුරය වගේම අගවිනිසුරුවරිය ලෙසත් හොඳ කතෝලික මැතිනියක් පත් කරලා, ඒ නිසා කදිනල් හිමිගේත් ආශිර්වාදය නව රජයට ලැබේවි කියල විශ්වාස කරන්න පුළුවන්.

      Delete
  19. ආහාර නිෂ්පාදනය දිරිමත් කරන්න. මාළිමාවට පාර්ලිමේන්තු ආසන 159 ක් ලැබී ඇති හෙයින් කලු සුද්දන්ට යටත් වෙන්න ඕනෑ නැත. මාළිමාවට වෙන අය කියන දේ නොකර ස්වාධීනව නීති හදන්න ජනතාව බලය දි ඇත. මාතරින් උපුල් කුමාරප්පෙරුම පරාද කිරීම කලු සුද්දන්ට මරු පහරක් වී ඇත.

    ReplyDelete
  20. මෙච්චර කල් වැට් බද්ද අඩු කරන්න බෑ. පෙට්‍රල් මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බලයක් නෑ කිය කියා කෙඳිරිගෑවනේ. දැන් කෙඳිරි ගාන්න දෙයක් නෑ. ජනතාව තුනෙන් දෙකක බලයක් දීලා තියෙනවා. ඒ නිසාම මාලිමා ආණ්ඩුවට අපි ඉල්ලීම් බලපෑම් කරමු බදු සහනයක් ලබාදීමට පියවර ගන්න කියලා.

    ReplyDelete
  21. ප්‍රවීණ දකුණු ආසියානු භූරාජ්‍ය විශේෂඥ ආචාර්ය එස්.ඩී. මුනි මහතා පවසන්නේ, ලංකාවේ අනුර කුමාර දිසානායක මහතා බලයට පත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ දූත මණ්ඩලය මහත් බලපෑමක් දැක්වූ බවය. ඔහු පැවසුවේ, දිසානායක මහතා විප්ලවශී අදහස් වෙතින් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවන ලෙස ප්‍රතිවර්තනය වී ඇති බවත්, එයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන දායකත්වය දක්වා ඇති බවත්ය.

    මුනි මහතා තවදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ 13 වැනි සංශෝධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම දුෂ්කර බවත්, සියලු ජනතාව සමබර සාමාජිකයන් ලෙස හැඟීම සඳහා නව අදහස් අවශ්‍ය බවත්ය. ඔහු ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ ප‍්‍රශ්න කරමින්, මාධ්‍ය නිදහස සහ විරෝධතා නියමිත ලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

    ප්‍රොෆෙසර් මුනි මහතාගේ මෙම අදහස්, දකුණු ආසියානු භූරාජ්‍ය දේශපාලනයේ බලපෑම් සහ ප්‍රදේශීය නායකත්වය පිළිබඳ වැදගත් කරුණු සටහන් කරයි.

    Check below link;

    https://lm.facebook.com/l.php?u=https%3A%2F%2Fslguardian.org%2Fexclusive-us-drove-anura-dissanayakes-rise-to-power-s-d-muni%2F%3Ffbclid%3DIwZXh0bgNhZW0CMTEAAR3CvZbmkYM8AIxWMqO-P8c0eJzXFM--9EhBBrvct8WW9zi-0GO0qJhMzWY_aem_mnakJGpHjnhFrrcsftNpbA&h=AT1BtrLBA1GPOighVZ3bjwiVUxAxKsW8dXwvwZkpD5QhPNYEDWmEFGXvxLwksRr2PoCE4Bu1ktNfyZT-5pFbxTTT2ca7fRipFH2zpDwYHUU1cjjhU0qj5wlQAmFvjDS2T0OfJlUpmm61eRIn2Q

    අද මාලිමා ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීම ගැන මාලිමාව වඩාත්ම ස්තුතිවන්ත විය යුත්තෙ රනිල් වික්‍රමසිංහ මහතාටයි. මාලිමාවට පිට්ටනිය සුද්ද කරල දුන්නෙ ඔහුයි. ඔහු නායකත්වය දරන එජාපය සමසමාජ පක්ෂය මට්ටමට වැට්ටවීමත්, ඔහු සන්ධානගත වූ ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ත්‍රීරෝද පක්ෂ බවට පත්කිරීමත් ගෞ‍රවය සෑහෙන කොටසක් ඔහුට යනව.

    වාසනාවකට මොළේ පාවිච්චි කරලා සජබය බේරුණා, බැරිවෙලාවත් සජබයත් රනිල් වික්‍රමසිංහ මහතා එක්ක සන්ධානයකට ගියානං ඔය ලැබිච්ච ආසන ටිකවත් ෂුවර් නෑ. එහෙමනම් මාලිමාවට 100% කට කිට්ටුව ආසන ගානක් ලැබෙයි, ලංකාවේ පක්ෂවල terminator රනිල් වික්‍රමසිංහ මහතායි.

    ReplyDelete
  22. අනේ මාතලන්ගෙ රෙද්දේ ලිපි. 2019 හොදටම ගෝඨාභය ට කියලා ඇර ගෙන බොර් කර ගෙන දැන් ඇර ගන්න එකෙක් නැතුව දගලනවා. දැන් ඉතිං බලා ගෙන ඉන්නවා මුං ට වැර දෙනකන්. තොපිලා වගෙ හිගංන්නො එක්කනේ මේ රට හදන්න තියෙන්නෙ.

    ReplyDelete
  23. රෂිනි සූරියආරච්චි‍ට දිව දාලා පුකේ අරින්න ආසා අය එන්න

    ReplyDelete
  24. බෙදුම්වාදය දිනවන්න නම්, එම මතවාදය අලෙවි කරන්න වගේම, තාත්විකව ක්‍රියාත්මක කරවන්නත් පුළුවන් යම්කිසි කතාවක් (narrative) මුල සිටම ගොඩනැඟීමටත් අවශ්‍යයි.

    2009 වෙනකන්, බෙදුම්වාදී න්‍යාය පත්‍රය සක්‍රියව තබාගන්නට අවශ්‍ය ඒ කතාව නිර්මාණය කළේ සන්නද්ධ කොටි ත්‍රස්ථවාදයයි. ඒක පරාජය වුනාට පස්සේ, 2012 ඉඳළා උත්සාහ කළා ඉස්ලාම් අන්තවාදී ජිහාඩ් අරගලයක් නිර්මානය කරලා ඒ කතාව වෙනත් විදිහකින් යළිත් අවුලවන්න. ඒකත් රටේ වාසනාවකට 2019 අසාර්ථක වුනා.

    ඊට පස්සේ බැලුවා රට බංකොලොත් කරලා, ඒ අසරණ භාවයෙන් රට ෆෙඩරල්කරණය කරන්න දකුණේ දේශපාලකයන්ගේ සහාය ලබාගන්න. ඒකටත් පීඩනය මදි වුනා.

    දැන් ජාජබය හරහා කරන්නේ මුළු ව්‍යවස්ථාදායකයම අල්ලගෙන, රටත් මූල්‍යමය වශයෙන් අසරණ තැනට තල්ලු කරලා, සිංහල ජනතාවගේ ඡන්දයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන එන්නයි. එතකොට දමිළ දේශපාලුවන්ට දොස් කියන්න කාටවත් බෑ.

    දැන්, සැප්තම්බර් 21 වෙනිදා ජනපතිවරණ‍යේදී, එජාපයේ පළුවක් වන සජබයට, උතුරු පළාතේ ජනතාව, ඓතිහාසිකව ඔවුන් හැසිරුනු පරිදි, බහුතරයක් ඡන්ද ප්‍රකාශ කරපු බව අපි දුටුවා. නමුත්, සැප්තැම්බර් 21 වෙනිදා ඔවුන්ට නොතිබුනු, ජයග්‍රහණය කරවිය හැකි විකල්ප දමිළ පක්ෂ තිබියදීත්, නොවැම්බර් 14 වෙනිදා මහමැතිවරණයේදී මොකද එක පාරටම, ඉතිහාසයේ කවදාවත් ඔවුන් ඡන්දය ප්‍රකාශ නොකළ, දකුණේ පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ නේද?

    හදිස්සියේ, මාස දෙකකට අඩු කාලයක් තුල, එවන් දේශපාලන විපර්‍යාසයක්, බිම් මට්ටමේ, ස්වභාවිකව වීමේ හැකියාවක් නැති බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. එහෙනම්, මෙතන කල්තියා සකස් කරන ලද කූඨ සැලැස්මක් ක්‍රියාත්මක වුනු බව පේනවා.

    සැප්. 21 ජනපතිවරණයේදීත්, දමිළ ඡන්ද ජාජබයට ලැබුනා නම්, සැප්. 21 වෙනිදා ජාජබයට ලැබුනු, ඉදිරි මහමැතිවරණයේදිත් ලබාගන්න අවශ්‍ය වුනු, සිංහල ඡන්ද බහුතරයක්, ඔවුන්ට නොවැම්බර් 14 වෙනිදා අහිමි වන්නට තිබුනා. නොවැ. 14 වෙනිදා දමිළ ඡන්ද ජාජබයට ලබාගත හැකි 'ඩීල්' එකක් තිබුනා නම්, ඔවුන්ට එම ඩීල් එක පහසුවෙන්ම සැප්. 21 වෙනිදා වුනත් ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබුනා; නමුත් ඔවුන් එය 'සප්‍රයිස්' එකක් හැටියට නොවැ. 14 වෙනිදට සඟවාගත්තේ, එතකොට සැප්. 21 ලැබුනු සිංහල ඡන්දවලට හානියක් නොවන්න බව අපට පැහැදිළි වෙන්න ඕනේ.

    දමිළ නායකයන්ට අවශ්‍ය බෙදුම්වාදය ජයග්‍රහණය කරවන්න නම්, ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්නම අවශ්‍ය නෑ. ඇත්තටම ඔවුන් ජාජබයත් එක්ක 'ඩීල්' එකක් දාලා කරන්න හදන්නේ දකුණේ මෝඩ සිංහල ජනතාව හමුවේ ජාජබය තවත් මුරුංගා අත්තේ තියලා, දැන් බෙදුම්වාදයේ තර්ජනයක් නැති ව්‍යාජ සේයාවක් සිංහල ජනතාවට මවලා, දිය යටින් බෙදුම්වාදයේ න්‍යාය පත්‍රය ඔවුන්ගේ ඩීල් එක හරහා ක්‍රියාත්මක කරවන එකයි.

    Dasan Abayasekara (Copied )

    ReplyDelete
  25. මාතා ඇත්තටම තත්ත්වය මීට වැඩිය බරපතලයි, විපක්ෂයට කන්ට්‍රෝල් නැති ආණ්ඩුවකටත් වඩා භයානක දේ තමයි, ආණ්ඩුවටත් කන්ට්‍රෝල් නැති ආණ්ඩුවක් කියන්නේ!

    2/3 ක බලයක් දිනලා, ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙලා ඉන්න අවස්ථාවක මේක කියන එක ගැන සමාවෙන්න. සහ මම විශ්වාස කරනවා, පස්සෙ ඥං පඥං නොගා මේක කියන්න සුදුසුම වෙලාවත් මේක කියලා.

    අනික් අතට පාක්ෂිකයෝ කොහොම සතුටු උනත්, ටිල්වින් සිල්වාගෙ ඉඳන් ජේවිපි එකේ උඩ ඉන්න ඔක්කොම මේ ජනවරමේ බරපතළකම ගැන දන්නවා. එයාලගෙ කතාවලින් අපිට ඒක තේරෙනවා. ඒක නිසා මං මේ ලියන්නෙ, ඒ විශ්වාසයත් ඇතුවම තමා.

    ජනවරම විශාල වෙන තරමටම අනුලෝම සමානුපාතිකව මිනිස්සුන්ගෙ අපේක්ෂා සහ බලාපොරොත්තුත් විශාල වෙනවා. මෙච්චර මිනිස්සු ගොඩක් අනුර සහ NPP එක විශ්වාස කරලා, අඩුමගානේ මීට කලින් නමවත් අහලා නැති 100 කට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු එවන්නේ, මහා ලොකු බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන. ඒ වගේම මේ ජනවරමේ විශාලත්වය දකින ඡන්දය දුන් නොදුන් හැමෝගෙම හිතේ, අඩේ මුන් නං මොකක්ම හරි කරයි කියන හැඟීමත් ඇති වෙන්න පටන් ගන්නවා.

    NPP එක ආසන 113-120 කින් වගේ නැවතුණා නං, මක් කරන්නද ඉතින්, පුළුවන් හැටියටනේ කරන්නේ කියලා පොඩි පොඩි දේවල් වලිනුත් හිත හදාගන්න හිටපු මිනිස්සු පවා, දැන් මේ 2/3 දැක්කම රට රාජ්‍ය අල්ලන්න යන්න කතා කරනවා. ඒක ඉතින් සාමාන්‍යයි, ස්වාභාවිකයි. මතක තියාගන්න මීට කලින් 2/3 දිනපු ආණ්ඩු කිසික එකක් දෙවෙනි වාරයකට (සාධාරණව) නොගිය බව. මිනිස්සු ඒ වගේ උග්‍රයි.

    3% ක් 2/3 ක උස්සන්න දායක උනු කලින් 2/3 ක් 3% කට බස්සන්න දායක උනු, කොටින්ම NPP සහ SLPP අතර සුහද මාරුවක් කරවපු එකම ජන කොට්ටාසය, කලින් 2020 දිත් මේ වගේම ලොකු දේවල් බලාපොරොත්තුවෙන් තමා පොහොට්ටුවට කතිරෙ ගැහුවේ. මහින්ද කියන්න වගේ, වෙන කොහෙන්වත් ඇවිත් ඡන්දේ දාලා නෙවෙයිනේ, අපේම මිනිස්සු තමයි. ඒ වගේම අනුරම කියන්න වගේ, ඒ මිනිස්සු රට වෙනුවෙන් අවංකව තමයි ඡන්දේ දීලා තියෙන්නේ. එයාලගෙ බලාපොරොත්තු අහිංසකයි.

    හැබැයි වඩාත් භයානක ලෙස, එයාලගේ බලාපොරොත්තුවලට නිශ්චිත හැඩයක් නැහැ. අඩුමගානෙ එයාලාවත් දන්නෙ නැහැ එයාලට මොනවද ඕන කියලා. ඇහුවොත් හැමෝම කියයි රට දියුණු කරන්න කියලා, ඒත් ඒ මොන වගේ දියුණුවක්ද කියන්න කාටවත් මෙන්න මෙහෙමයි කියලා නිශ්චිත අදහසක් නැහැ.

    මේ අලුතින් පත්වුණු ආණ්ඩුවත් අන්න ඒ වගේම තමයි. කොච්චර උගත්, අරවා මේවා කිව්වට, ඕකෙන් සක්‍රීය වෙන්නෙ උපරිම 50-60 යි. අනික් 80-90 ම බහුතරය කියන දේකට හා කියලා අත උස්සාවි. අර 50-60 හොඳ වෙන තාක් කල් මේකත් හොඳට යාවි.

    ඒත් ප්‍රශ්නය එන්නේ ඔය 159 ම තනියෙන් හිතන්න පටන් ගනිපු දවසට තමයි. ශක්තිමත් විපක්ෂයක් නැති නිසා, ආණ්ඩුව චෙක් ඇන්ඩ් බැලන්ස් කරන්න වෙන්නේ ආණ්ඩුවේ උන්ටමයි. ඒත් 159 ක් කවදාවත් එක විදියට හිතන්නෙ නෑ. උන් හිතන්නෙ 159 විදියකට. ඒ වගේම එයාලා රටට අහිතක් කරන්න ඕන කියලා දේවල් හිතන්නෙත් නෑ. කොටින්ම ගෝඨාභය උනත් බදු අඩු කරේ රටට කෙලවන්න කියලා හිතා ගෙන නෙවෙයිනේ. එහෙම එකේ මේ අලුතින්ම පාර්ලිමේන්තු යන, එක්සයිටඩ් මිනිස්සු ටිකක් එහෙම රටට කෙලවන්න කියලා වැඩ කරාවි කියලා මං හිතන්නෙ නෑ.

    ප්‍රශ්නය එන්නෙත් අන්න එතනින්ම තමා. තමන් කරන්නෙ වැරැද්දක් බව දන්න එකෙක්ට, අඩුම ගානෙ හෘද සාක්ෂියෙන් හරි හිතිලා ඒක නවත්තන්න සම්භාවිතාවක් තියෙනවා. ඒත් තමන් කරන්නෙ හරි දේ කියලා තමන් ඇතුලෙන්ම විශ්වාස කර ගෙන කරන දේවල්, වැඩේ ප්‍රතිඵල එනකංම උන් නවත්තන්නේ නෑ...

    Cont'd

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ වගකීම් ඔක්කොම දරාගෙන අලුත් ආණ්ඩුවක් රටේ බලය අතට ගන්නවා. මේ ෆේස්බුක් එකේ පස්සේ ජෙප්පො වෙච්ච උන් හහා දැම්මට, ඔරිජිනල් කාඩර් උන් සහ උඩම සෙට් එකට මේ වගකීම තේරෙනවා. මේකෙ බරපතළකම තේරෙනවා. ඒකයි උන් හිනා වෙවී විනෝදයෙන් යේ අපි දින්නා නොකියා, බොහොම සීරියස් විදියට මේක ඇඩ්‍රස් කරන්නේ.

      මට තියෙන එකම විශ්වාසයත් අන්න ඒකයි!

      ඉතින් අභිනව ආණ්ඩුවට සුබ පැතුම්! ❤️

      අවසාන වශයෙන් මේ කතාව කියන්නං. The Spy Gone North කියලා ද. කොරියන් ෆිල්ම් එකක් තියෙනවා. මේක සත්‍ය කතාවක්. ඒකෙ හැටියට දකුණු කොරියානු රහස් ඔත්තුකාරයෙක් ව්‍යාපාරිකයෙක් විදියට උතුරු කොරියාවට යනවා. ගිහින් දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර බිස්නස් කරන්න පටන් ගන්නවා. මේකෙදි උතුරු කොරියානු රජයේ ඉහළතම නිලධාරියෙක් ඉන්නවා, රටවල් දෙකේ එකතුව ගැන සියවස් ගණනක් සිහින මවපු. ඔහුට ඇත්තටම මේ යුනිටි එක වැදගත්. ඒත් ඔහුට මේ දකුණු කොරියානුවා ගැන සැක හිතෙනවා. ඒක නිසාම ඔහු මේ දකුණු කොරියානුවා ළඟට ගිහින් මෙහෙම කියනවා,

      "ඔබ ඇත්තටම ව්‍යාපාරිකයෙක්ද නැද්ද මම දන්නෙ නෑ. ඒ වගේම ඔබේ ඇත්තම අරමුණ ව්‍යාපාර කරන එකද කියලා කියන්නත් මම දන්නේ නෑ. ඒත් මේ රටවල් දෙක එකතු කරන්න මේ වගේ අවස්ථාවක් මීට කලින් ඇවිල්ලා නෑ. මං වැඳලා ඉල්ලන්නේ. මේක විනාශ කරන්න එපා. මොකද මේ අවස්ථාව ගිලිහුණොත් තව අවුරුදු ගණනාවකට මේ මිනිස්සු දකුණට කිසිම අවස්ථාවක් දෙන එකක් නෑ. කරුණාකරලා, මේ අවස්ථාව මග හැරගන්න එපා".

      මචං අනුර,

      මටත් කියන්න තියෙන්නෙ එච්චරයි. මේ මිනිස්සු දුන්නෙ එයාලගෙ අන්තිම පුශ් එක. උඹලා අවුරුදු ගාණක් තිස්සේ කියපුවා අහං ඉඳලා, හා එහෙනං කියලා දීපු අවස්ථාව. ෆ්‍රෙන්ඩ්සෝන් හිටපු කොල්ලට ලැබෙන වන් ඉන් අ මිලියන් චාන්ස් එක.

      මේක කොහොම හරි ගොඩ දාලා දෙන්න කියලා අපි කියන්නේ. නැත්තං ආයිත් මේ මිනිස්සු කවදාවත් ඔයාලා විතරක්ම නෙවෙයි වෙන කාවවත්ම විශ්වාස කරන එකකුත්නෑ .

      ❤️

      Delete
  26. මාතලන් ඇත්තටම මේ රටට මෙච්චර මන්ත්‍රීන් අනවශ්‍ය යි. දැන්වත් මේ 225 වෙනුවට 101 ට අඩු කරන්න..මේ ඔක්කොම දුප්පත් මිනිසුන්ගේ සල්ලි.. සුගත් තිලකරත්න වගේ අයටත් මන්ත්‍රී ධුර දීලා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? ඒ අයට දිය යුත්තේ වෙනත් අගය කිරීමක්..😔

    ReplyDelete
  27. කියවන්නෙ ගුරු ගීතය . චන්දෙ දාන්නෙ ටියුෂන් මුදලාලිලට, ස්ට්‍රයික් කරන ගුරාලට

    ReplyDelete
  28. මිනිහෙක් වුනාම එක ප්‍රතිපත්තියක් තියෙන්න එපායැ. ප්‍රතිපත්ති වුනත් වෙනස් වෙන්න පුළුවන්, ඒකත් යම් කිසි හේතු ඇතුව, යම් කිසි කාලයක් ගිහින් .

    ඊයෙ රාජපක්ෂලාට වැඳ වැඳ ඉඳලා. හැරෙන තැපෑලෙන් අද මාලිමාව වැඳ වැඳ පෝස්ට් දාන එක මොකක්ද? යකෝ තමන්ටවත් අප්පිරිය හිතෙන්නෙ නැද්ද? අර ගම්වල මිනිස්සු ඔය වගෙ වැඩ වලට කිව්වෙ "කක්කුස්සියක් කඩන් කෑවා නම් ඊට වඩා නම්බුයි" කියලා.

    ReplyDelete
  29. දමිල බෙදුම්වාදී අතකොළුවලට ලංකාවේ මාධ්‍ය හැසිරවීම නීතියෙන් තහනම් කළත් ප්‍රමාණවත්. දැන් තියෙන්නේ 2009 පලිය බහුතර සිංහලයාගෙන්, සිංහල ජාතිකවාදී මතවාදයෙන් පලි ගැනීමේ අවශ්‍යතාවයක් මිසක් 1956, 1972 මතුවුන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයක් නෙමෙයි.

    ReplyDelete
  30. මුනුත් හොරු උනුත් හොරු මහජනතාව හැමදාම රැ වටෙනවා.බොරු ගෙනාපු නැව් මුන්නම්.

    ReplyDelete
  31. 2025 මාර්තු මාසයේ දී ආණ්ඩුව සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඑම්එෆ් ගිවිසුම අනුව ආණ්ඩුව ලබන වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුයි.

    ඒ කියන්නේ බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.

    මාලිමාව අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන්න යෝජනා කළත් මූල්‍ය අරමුදල ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒකයි කියලා අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඒ අයට බෑ. අපේ ආණ්ඩු දේශපාලන වශයෙන් අවාසියි කියලා දැක්කාම මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මේ පාර ඒක කරන්න බෑ. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ණයහිමියන්ට ඇප වෙලා ඇපකරුගේ භූමිකාව ඉටු කලේ අයිඑම්එෆ්. අපි ගිවිසුමෙන් ඉවත් වුණොත් අයිඑම්එෆ් ඇපකාරත්වයෙන් ඉවත් වෙලා නැවත ලංකාව බංකොලොත් රටක් වෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බූදයක් ඇති වෙනවා.

    ඒ වගේම පොරොන්දු වුණු බදු සහන ලබා නොදුන්නොත් ආණ්ඩුව විසින් ජනතාව රැවටුවා කියලා ජනතාවගේ වෛරයට ලක් වෙලා දේශපාලන අර්බූදයක් ඇති වෙනවා. තමන් ඇති කර ගන්නේ ආර්ථික අර්බූදයක් ද නැතිනම් දේශපාලන අර්බූදයක් ද කියන එක තීරණය කිරීම ආණ්ඩුවට භාරයි. මේ නිසාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අය වැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දයෙන් පසුව කරන්න

    කොටින්ම බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.

    ReplyDelete
  32. කුකුළු මස් එක්ක බත් කමු

    ReplyDelete
    Replies
    1. කුසට සාගිනි - හදට සෝගිනි
      ඉනට වැරහැලි කැබලි එල්ලා..
      සතුටු සැනසුම අහිමි කරලූ
      අඳුර දිනු කාලය ඇවිල්ලා..
      නොසිට මැරි මැරි - සතුරු පා යට
      වකුටු වී අත පය හකුල්ලා..
      නැගිටපල්ලා නැගිටපල්ලා
      අන්න පචයා හාල් ආනයනය
      කරන්න යනවා
      හනික ගිහින් පිකට් කරපල්ලා

      Delete
  33. මාතෙ, විජිතයට ඇමරිකාවෙ විදේශ ඇමති කතා කලාලු. වැඩේ කියන්නේ ඇමරිකාවෙ විදේශ ඇමති කෙනෙක් නෑ. මූට කවුරු හරි ලණුවක් දීල. එහෙම නැත්තන් පම්පෝරියට කියනව, එහෙමත් නැත්තන් ඉන්ග්‍රීසියෙන් කියපු එක මුට තේරුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට එතන හිටපු එකෙක්වත් විදේශ ඇමතිගෙ නම ඇහුවෙ නෑ. අරූට බඩ යනව එතනම.

      Delete
  34. විෂ්මි දිව දාන්න දෙන්න

    ReplyDelete
  35. ABBA සේදීම.

    කයිතන් අප්පුහාමිලාගේ හේනේමාමලා ABBA කොන්සට් එක සේදීමට විරංජන කුඩු තුනක් භාවිත කරයි.

    1. මාලිමා නායකයින් පෞද්ගලික මුදලින් ප්‍රසංගයක් නැරඹීම සාධාරණය

    2. මාලිමා නායකයින්ට ලද ආරාධනාවක් නිසා ප්‍රසංගය නැරඹීම සාධාරණය

    3. මෙවන් විශේෂ අවස්ථාවක් සඳහා බදු මුදල් වියදම් කර සහභාගි වුව ද සාධාරණය

    ඇයි මාලිමා නායකයින් මෙව්වට ගියාම මොකද? මාලිමා නායකයින් හිඟන්නන්ද, ගල්කිස්ස හෝටලේ ධනපතියන්ට විතරයිද වැනි කොමඩි කෑලි ද අතරින් පතර ඇසේ.

    මේකට හොඳම කතාව කියා තිබුනේ කැකිරාවේ සුදස්සන හිමියන් ය. උන්වහන්සේ කියන්නේ

    "දීර්ඝ කාලයක් වැද්දන් ලෙස හංවඩු ගසා සමාජගත කිරීමෙන් පසු රෙදි ඇඳීම ද ප්‍රවෘත්තියක් වන බවයි."

    උන්ගේ විරංජන කුඩු තුනට නම් වතුර පාරක් ගැසිය යුතුමය.

    1. මෙම සාදයට පෞද්ගලික මුදලින් සම්මාදම් වුවද රටේ මිනිස්සු බඩට නොකා අසීරුවෙන් ජීවත් වන මොහොතක එක වේලකට රුපියල් පනස් දහසක් වියදම් කිරීම කොතරම් සාධාරණය ද? පවුල් කීයක මිනිස්සු සීයකට කන්න තිබ්බ සල්ලි නේද? (මේවා ඔවුන්ගේම තර්ක වේ)

    2. ආරාධනාවක් මත සහභාගි වුයේ නම් මෙය අල්ලසකි. මෙපමණ මුදලක් අය කරන ප්‍රසංගයක ෆ්‍රී ටිකට් දෙන්න මෙය චැරිටි වැඩසටහනක් නොවේ.

    3. මහජන බදු මුදල් වී නන් එයද මේ මොහොතේ අනවශ්‍ය වියදමකි. ඊට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුය

    තවත් හෝදන්න එන වාහෙලා ඉන්නවා නම් මුලින් පශ්චාත්භාග තිබේදැයි පරීක්ෂා කර බලාගෙන පැමිණිය යුතුය. මන්ද මොළය සහිත කොටස නැත්නම් කතා කර වැඩක් නැත

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න