.

.

Nov 30, 2014

නළාකරුවන්ගේ ඔපෙරාව - Opera of Bards

 
රජ ගෙදර රිලවුන්,
රටම කෑ සුනඛයින්,
කටු ලෙවන බැල්ලියන්,
මෙන් ගිරිය පුප්පා....
"මර හඬ" නඟා අසති,
රැඟුම් දැක, වැයුම් දැක,
ගැයුම් උන් සවන වැක,
වශීවු ජනයගෙන්,
කුමකටද වෙනසක්...,
පෙරලියක්, හැරවුමක්..,
මෙවන් රජදහනකට..????
යස ඉසුරින්ම පිරි,
කිරි පැණියෙන් ඉතිරි,
සුඛිත වූ..., මුදිත වූ...,
සව් සිරිය පහලවූ,
මෙවන් ලක් දෙරණ මත..

මුන් කළා කරුවෝද..?
මංකොල්ල කරුවෝද..?
කසී... සළු අන්දවා,
බුදුන්ගේ පරපුරේ,
දුටුගැමුණු පරපුරේ,
මහරජා පෙරහරේ..
හෙළුවෙන්ම රැගෙන යන..,

පහළ වී ඇත..
තොපිට නම්, තව්තිසා
බලාපිය...,
මෑත් කොට තිරය,
නෙත් යොමා සිව් දිසා...
බැහැපියව්...,
වාසලේ මුළුතැන්ගෙයින්,
කැසිකිලියෙන්, වැසිකිලියෙන්...
වරෙව් හයි වේ දිගේ...,
සුපිරි කාපට් දිගේ...,
සියක් අඩි කොන්ක්‍රීට් දිගේ...,
එයින් පසු වලවල් දිගේ,
නියර බඩ වැටි දිගේ....
බලාගෙන පය තබව්
ටයි කෝට්, ලැදර් ෂූස්, 
පන්ජාබ් සරුවාල, 
කාෂ්මීරයේ සාරි, 
පාජාවෙ සරම් පොඩි...
ගෑවේවී මඩ තල්ලි,
මහා ගොම්බෙටි තල්ලි,
අලි බෙටිද, බලු බෙටිද.....
බලාපිය හතර අත..,
එක වේල කා නැසෙන,
වකුගඩුව දිරා ගිය,
කන්න නැති, බොන්න නැති,
ඩොලර් දෙක, දිනට නැති,
ඇඟේ ලේ ධාතු නැති,
මන්දපෝෂණ යෙන් පෙලෙන.
නොම හිඟා.... හිඟා කන..
ඇවිදිනා ඇටසැකිලි,
සැරිසරති හාමතේ...

තොපි කළාකරුවෝද..?
එවන් වූ ජනතාව,
ගසා කන බදු වලින්,
ගිලිනා වූ රජ බොජුන්...
තොපි නළාකරුවෝය,
සංවේදි සිත් නොමැති,
ජන හඬක් ඇහෙන් නැති.
මංකොල්ලකරුවෝය.
කටු බුදින බල්ලෝය...

වෙනස් කම් සොයා යන,
සංවේදියැයි කියන,
කාළාකරුවනි තොපිද..,
සිඳු වුවොත්,
පතනා වෙනස...
තොපිද මේ උන් මෙන්ම,
නොම ගයා ප්‍රශස්ති......
ගයනු මැන ජන ගීත,
දින උදා වන තෙක්ම,
විමුක්තිය ජනයාට..!
එරෙහිවනු හොරකමට,
පහර දෙණු රජකමට...!!!

නොම වඳිනු දනින් වැටි....
නොදැවටෙනු සරම් වට,
කටු බුඳින සුනඛයින් මෙන්,
දියව් වටිනාකමක්...!

නොකොට අතවර, අපචාර....,
සරස්වති දේවියට..!!!


.oOo.

68 comments:

  1. Replies
    1. එකෙක් නම් මදි නොකියා කඩේ යනවා. අනිකයි අනිකියි මලා 2005 දී..

      Delete
  2. 'ජනතාව' යනු බටහිර භෞතික විද්‍යාව පිටුපස නොන්ඩි ගසමින් යන බටහිර දේශපාලන විද්‍යාවේ ඇති වියුක්ත සංකල්පයකි.

    ReplyDelete
    Replies
    1. ජනතාව නැමති සංකල්පයට වඩා ඒකීය පුද්ගලයා සංයුක්ත සංකල්පයක්

      Delete
    2. ඒක නම් හරි අම හරක් කියන විදියට, ඒක නම් මේ ජම්බුද්දීපේ පට්ටෙටම කිරියාත්මකයි..

      Delete
    3. @jagath බුදු හාමුදුරුවෝ බන දෙසුවේ පුද්ගලයාටද ජනතාවකටද?

      Delete
    4. නිවන් යන එකත් පට්ට සෙල්ෆිෂ් ගේමක් නේ. නිකං ඉන්න බැරි කමට කිව්වේ..

      Delete
    5. පැහැදිලිවම පුද්ගලයට තමයි බණ කිව්වේ
      උදාහරණයක් විදියට බුදුහාමුදුරුවෝ එක තැනක කියලා තියෙනවා තමාට වඩා උසස් පුද්ගලයන්ව ආශය කරන්න තමාට වඩා බාලයන්ගෙන් ඈත් වන්න කියලා
      මේකෙ ගැටලුවක් තියෙනවා හැමෝම මෙහෙම හිතුවොත් එකෙක්ටවත් යාලුවෙක් හදාගන්න බෑ
      නමුත් බුදුන් ඕක කිව්වේ යම් විශේෂ අයෙක්ට මිසක් හැමෝම වෙනුවෙන් නෙමෙයි

      Delete
    6. බටහිර භෞතික විද්‍යාව පිටුපස නොන්ඩි ගසමින් යන බටහිර දේශපාලන විද්‍යාවේ වියුක්ත සංකල්පය ජනතාවයි - මර කතාවක් ඒක. බටහිර භෞතික විද්‍යාව දියුණු වුනේ ග්‍රීක/ඉන්දීය දර්ශනවාදය සමග මුසුව. එතන දේශපනයත් තියෙන්න ඇති. නමුත් බටහිර දේශපාලන විද්‍යාව භෞතික විද්‍යාව ට බද්ධ කරන්නේ කොහෙන්ද? දර්ශනවාදය හා භෞතික විද්‍යාව නම් සම්බන්ධයි. අනික බුදු හාමුදුරුවෝ ජනතාවට බන කිව්වා කියා ඕන තරම් සාධක තියෙනවා. දෙව්රම් වෙහෙරේ, ජේතවනරාමයේ ආදී වශයෙන්.
      හැබැයි නිවන් යන්න පුළුවන් තනි තනි වශයෙන් කියල තමා දේශනා කලේ. මල්ලියා වරදවා වටහාගෙන මෙතන.

      Delete
    7. ජගත්........මම දර්ශන විද්‍යාවයි, භෞතික විද්‍යාවයි දන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්නම්..බුදුන් වහන්සේ තනි තනි පුද්ගලයාට පමණක් දේශනා කරානම්, අදටත් බෞද්ධාගම තවත් එක කල්ට් එකක් පමණක් හැටියට තියෙයි. එහෙම වුනා නම් බුදු හාමුදුරුවොත් එක්තරා කල්ට් එකක නායකයෙක් පමණක් ලෙස නේද ඉතිහාස ගත වෙන්නේ. ගැඹුරින් යමක් කියන්න දන්නේ නැහැ. එක් ප්‍රශ්නයක් පමණයි.

      Delete
    8. ආගම් කියන්නේ කල්ට් එකක් තමයි. නැත්නම් කොහොමද ඒකෙන් ජීවත් වෙන්නේ...

      Delete
  3. එල ද බ්‍රා..සිංදු ලිවිමේ හැකියාව

    ReplyDelete
  4. ලේ රත්වෙන්නම ලියලා.

    ReplyDelete
    Replies
    1. උන්ගේ සංවේදී නහර, වෘෂණ කෝෂ, කොඳු නාරටි අයින් කරලා තියෙන්නේ. දැන් නිකන් ගැඩවිල්ලෝ වගේ..

      Delete
    2. ලේ රත් වුන වෙලාවක ලියලා. anywaysuperb

      Delete
  5. හැමෝම තමන්ට පෞද්ගලිකව වැඩියෙන් වාසි වෙන්නේ කොහොමද කියල හිතල චන්දෙ දුන්නොත්, බහුතරයට වාසිවෙන අය පත් වෙනව නේද?

    (මෙය මගේ දෘඩ මතයක් නොව, වැඩි වශයෙන් මට වඩා වෙනස් සහ / හෝ දේශපාලන හා සාමාජීය දැනුමෙන් වැඩි අන් අයගේ අදහස් දැන ගැනීමේ අදහසින් ඇසූ බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. දැන් වෙන්නේ නම් ඒක තමයි. ඉතින් අපි ඒ විදියටම යනවද, යටත්වැසියෝ වෙනවද, එහෙම නැත්නම් රටවැසියන් වෙන්න උත්සාහයක් කරනවද කියන එක පුද්ගල කැමැත්ත අනුව තීරණය වන, ඒක පුද්ගල ගී ප්‍රසංගයක්...

      Delete
    2. මට නම් සමහර වෙලාවට හිතෙනව දැන් යන්නෙ එහෙම නෙමෙයි කියල. සාමාන්ය ජනතාව තමන්ගෙ වාසිය ගැන හිතල නෙමෙයි චන්දෙ දෙන්නෙ, ජනප්‍රිය පුද්ගලයන් හෝ නායකයන් ඔවුන්ගේ වාසියට කියන කතාවලට රැවටිලා.

      සාමාන්ය ජනතාව ඔයිට වඩා තමන්ගේ පුද්ගලික වාසිය ( චන්දෙට ඉස්සෙල්ල දෙන පගාවක් නොව, තමන්ගේ අනාගතයේ දීර්ග කාලීන ආර්තික වාසිය) ගැන හිතල චන්දෙ දෙනවනම් රටට හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?

      Delete
    3. ආයෙත් කියන්න තියෙන්නේ තමන්ගේ පෞද්ගලික වාසිය ගැන හිතලා තමයි මිනිස්සු චන්දෙ දෙන්නේ. ඇයි අර චෙෆාකී කියලා තිබුනේ. මැදමුලනේ මේ දවස්වල ආහාර මලු බෙදනවය කියලා. අපෝ ඒ ඉහටත් උඩින් ඇති ජනාධිපති තුමාට චන්දෙ ගන්න. ආයේ පැත්ත පලාතේ බලන්න ඕන නෑ. උන් ජීවත් වෙලා හිටියෝත් ආයෙත් ඔය සරමකට බැනියමකට නෙමෙයි. රුපියල් පනහේ ජොකෙකුට උනත් චන්දේ දෙනවා. අරක්කු බෝතලේට, රුපියල් 2000 කට දොස්තර කෙනෙක් මරණ රටේ ඕවා ඕනවටත් වඩා වැඩියි. ප්‍රා කියවලා තියෙනවද රොබට් නොක්ස්ගේ හිස්ටොරිකල් රිලේසොන් ඔෆ් දි අයිලන් ඔෆ් සිලෝන් කියන පොත. ඒ රොබට් නොක්ස් කියපු උන් තමයි තාම මේ රටේ ඉන්නේ.

      Delete
    4. ආහාර මලු නෙමෙයි බං...බිත්තර වී වෙනුවට ගොවියො ගෙනල්ලා එක ගොවියාට රුපියල් 2800/-ක් ( බිත්තර වී ගන්න ) දීලා දවල්ට කන්න දන්සැලකුත් ඇරලා තිබුනේ...බලහන්කෝ හෙට අනිද්දා රත්තරං බෙදනකොට....
      මේකයි..තමන්ගේ සෑත්තරේ හරියට දන්න එකා ඔන්න ඔහොම තමයි කොරන්නේ...තව කවුරුහරි උස්සලා දෙනකන් බලන් ඉන්න ඈයොන්ට ඉතින් මෙතේ බුදුන්ගේම සරණයි...

      Delete
    5. //තමන්ගේ පුද්ගලික වාසිය ( චන්දෙට ඉස්සෙල්ල දෙන පගාවක් නොව, තමන්ගේ අනාගතයේ දීර්ග කාලීන ආර්තික වාසිය) ගැන හිතල චන්දෙ දෙනවනම් // ?

      @M & C-A,
      මාතලන් නොක්ස් ගැන කියපු නිසා මං රයිගම් හා රවි ගේ පෝස්ට් වල දාපු කමෙන්ට් එක මෙතනත් පහලින් දැම්ම. සමාවෙන්න කම්ම්මැලිකමට-
      //ජනතාව කැමැත්තෙන්ම ..........................දායක වෙන්නේ ඇයිද කියන එක අපගේ පර්යේෂණයට ලක් විය යුත්තක්. //

      අපිට ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංපාලන නිදහස ලැබුනේ බහුතර ජනතාව එයට සූදානම් නැති ( අද්යාපන, සංස්කෘතික, දේශපාලනමය හා මානසික වශයෙන් ) තරම් කලින් නිසා? ඉන්ගලන්තයේ අවු 900 – 1000 කාලයක් තුල ඉතා හිමින් වර්ධනය වූ දේශපාලන ක්‍රමයක් වැඩවසම් මානසිකත්වයෙන් ඉවත් නොවූ ජනතාවකට ඉබේම හදිසියේ ලැබීම නිසා? තමන් පත් කරගන්නා ජනතා නියෝජිතයන් තමන්ට පුරුදු රජවරු හා රජුන් විසින් පත් කරන නිලමෙවරු, රටේ මහත්තයා, කෝරාල, ආරච්චි ආදීන්ට වෙනස් වියයුතු බව තේරුම් ගැනීමට තරම් දියුණු නොවීම?
      එලෙස වැරදි විදිහට ජනතා සූදානමක් හෝ සුදුසුකමක් නොමැතිව පටන්ගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ගොඩ නොනැගීම?

      Delete
    6. හරියටම හරි. ඕක ඉස්සෙල්ලම තේරුම් ගත්ත එකා තමයි මහ බන්ඩාරණායක. ඌට ඕන උනේ නෑ මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදේ දෙන්න. ඌ දැනගත්තා, හොරගොල්ල වලව්වෙන් කන ශැසි දස්සෝ වගේම තමයි කියලා බහුතර හරක් ටික. ඌ 1926 දී විතර. මිනිස්සුන්ට ඡන්ද අයිතිය දෙනවටත් විරුද්ධ උන එකෙක්. ඒ විතරක් නෙමෙයි ඩී ඇස්ලා වගේම නිදහස් අජ්ජාපනේටත් විරුද්ධ වෙච්චි එකෙක්. කොච්චර කරත් සේනානායකලා සුද්දගේ ඉසටයිල් එක මේන්ටේන් කලා. බන්ඩාරනායකත් ඇවතුම් පැවතුම් වලින් තනිකර සුද්දා උනාට. ඌ දැනගත්තා රජකම ගන්න නම්. හරක් ටික නැතුව බෑ කියලා. ඉතින් අර වැඩවසම් මානසිකත්වයේ ජීවත් වන උන් අදත් ශ්‍රී ලංකා. නැත්නම් ජේ වී පී. රැඩිකල් උන් යූ ඇන් පී. බන්ඩා කළ දේ දරුවෝ වෙනස් කලත්. බන්ඩටම ගැලපෙන එකෙක් ඩී එආ රාජපක්ෂ හදලා තියෙනවා. අද හාමුදුරුවරු වඳින්නෙත් ඒ උත්තමයට.

      Delete
    7. ප්‍රා-ජේ...නිදහස හම්බවෙලා අවුරුදු 66ක් ගිහිල්ලත් අපි තාම එතන..ඔබ කියන දෙය හරියටම හරි..මම ඊයේ දැක්කා කවුද බුවෙක් බුලත් අතක් දීලා දනගහලා වඳිනවා මෛත්‍රීට පොලොන්නරුවෙදි කැම්පේන් එක පටන් ගත්ත වෙලාවේ..ඒ එක්කම චන්ද්‍රිකා දාන සයිස් වටේ ඉන්න ඈයොට පේනකොට පිස්සු ඩබල් වෙනවා..ඒ මදිවට මෛත්‍රී කිව්වේ නැද්ද මම තාම චන්ද්‍රිකාට මැඩම්ය කියන්නේ ඊ නිසා රනිල්ට සර් කියන්න ඉඩ දෙන්නය කියලා...සුදුකොඩි පටන් ගත්තෙත් රනිල්ට සර් කියලා..ඊලඟට මිස්ටර් වික්‍රමසිංහ,,අන්තිමට රනිල්....මුන්ට නම් මචං......අනේ මන්දා..

      Delete
    8. සිරිසේන කරන්න ඕන පළවෙනි දේ. කටවුට් ගහන්නේ නෑ. ඒවා වකුගඩු ඩෝනෂන් වලට දානවා කියන එක නෙමෙයි. කරුණාකරලා, මට වඳින්න එපා කියන එක. ඒවලින් පේනවා ඒයා එන්නෙත් හොඳකට නෙමෙයි කියලා. ඕක එක දේශපාළකයෙක් කියන්නේ නෑ කටක් ඇරලා. මටත් ඕක දැක්ක ගමන් හිනා ගියා. කටින් විතරක් නෙමෙයි පුකෙනුත්.

      Delete
  6. කරුමේ කියන්නේ මරා නම් ඉතින් ඔය කොන්ක්‍රීට් පාරවල් දිගේ ගිහින් බඩවැටි, නියරවල්, කමතවල් උඩින් ගිහින් තමයි ගෙන්දගම් පොලොවට පය තියන්න ඇත්තේ...මේ නලා කාරයෝ මචෝ පැදුරු පාටියකටවත් ඇත්ත ගමකට ගිහින් ඇද්ද..නුගගම නම් මම දැක්කා ෆයිව් ස්ටාර් පැදුරු පාටියක් ලඟදි..හෙක්..
    හෙට අනිද්දා වෙනකොට මුන් මොනා නොකරයිද?

    ReplyDelete
    Replies
    1. කන්ඩලම හෝටලේ පැදුරු පාටිය කරන මාස්ටර්ගේ ගෙදර මම සුද්දොත් එක්කම ගිහින් තියෙනවා. උනුත් කරන්නේ රජුන් සනසන එක තමයි. ඒත් උන් නියම කළාකාරයෝ.. ජීවිතයෙන්, පැවැත්මෙන් මෙන්ම අදහස් වලින්.

      Delete
    2. එකට උන් වන්දිබට්ටකම් කරන්නේ නැහැනේ බං..?

      Delete
    3. ඒක තමයි රජෝ කිව්වේ...

      Delete
  7. කටට හෙණ ගහලා මැරෙන්න ඔ්න උන් නිකන්ම මැරිලා යනවා දැක්කා ම ත් දුකයි මාතා.............. ඊයේ පෙරේදත් මලේ ඒකෙක්......................... වලට හරි හෙණ ගහයි මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. ඇස් පනා පිට පෙනි පෙනිත් මුං ගූ ගොඩේ නටනවා. ඉනටවර්ල් ඉවර උන දවසට තමයි තේරෙන්නේ. එකෙක් මැරිලා තියෙන්නේ ගූ නාලා. අනිකා ලේ වමනේ දාලා. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් කාළා බීලා විනෝද වෙන උන්ට වෙන්නේ ඕක තමයි. මම හිතන්නේ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද කොහෙද..?

      Delete
  8. මගෙ පපුව හෝස් ගාල ගියා

    ReplyDelete
    Replies
    1. ගැස්ට්‍රික්ද දන්නේ නෑ. වෙද මහත්තුරු නම් කියන්නේ වාත දෝෂ කියලා. පොඩ්ඩක් ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවනම් හොඳයි නේද..?

      Delete
  9. පොඩ්ඩක් ඉඳින්.ජනයාට විමුක්තිය උදා කරන්නත් ඇහැක් වේවිද කියල අපි බලමු නේද?

    ReplyDelete
    Replies
    1. අම්මව ඉස්සරහට දාගෙන විමුක්ති(පුතාව )ය උදාකරන්නවගේ හදන්නේ ජනයාට...

      Delete
    2. පොඩ්ඩක් ඉන්න වෙනවා මචෝ. ජනතාව කැමති ඒක පුග්ගල ප්‍රසංග වලටද, ගුරූප් ඇවිල්ලා නාගසලං පාර දෙන මියුසිකල් සෝ වලටද කියලා බලන්න.

      Delete
  10. ජනතාවට විමුක්තිය කෙසේ වෙතත්, මුන් ජනතාවට වි-හුක්තිය කොරල තමයි නවතින්නෙ. ඔන්න කිව්ව මාතෙ අය්යෙ.. හෑමදාම මේ පෑත්තෙ එනව කොමෙන්ට් නොකලට. පට්ට කවිය..

    ReplyDelete
    Replies
    1. සරළව කියන්නේ විහුක්තිය නෙමෙයි. වියුක්තිය.. බොහොම ස්තූතියි කොමෙන්ට් එකට..

      Delete
  11. ඊයේ පෙරේදා සෙත්ත පෝච්චි වෙච්චි වන්දිභට්ට නඩේට ඔය හඩ්ඩා, ජැකා, රවියා, සෝමයා, ඉක්මනින්ම එකතුවේවා කියා ප්‍රාර්ථනා කරන්න පින්වතුනි.

    ReplyDelete
    Replies
    1. සටලයිට් නෝනගෙ එකෙකුත් ගියා නේද පත්තු කරගෙනම...

      Delete
  12. වන්දිභට්ටකං කරන *කලා කාරයො(සහ කාරියෝ) සමහරක් ඉස්සරින් හිටි රජුන්ටත් එහෙමම සේවය කලානෙ.. සමහරි මන්ත්‍රීකමුත් අරං හිටියෙ.. කුණුවල ඉහගෙන කෑම තමයි..

    ReplyDelete
    Replies
    1. හුකළා කාරියන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා මේ ක්‍රමේ යටතේ.. සැප දෙන තරමට ඉන්කම් එක වැඩියි..

      Delete
    2. කම් තරමට ඉන්කම් වැඩියි?

      Delete
    3. ප්‍රා , කම් කීවෙ කොයි කම් දෑ ?? :D

      Delete
    4. බලන්න ඒකෙත් හැටි PM ඒක සින්හලෙනුත් (කම් සැප) ඉන්ග්‍රීසියෙනුත් (cum) එකම දේනෙ

      Kenji? Maathalan?

      Delete
    5. මහත්තයක් දුර ගමනක් ගිහිල්ලා නෝනවත් එහේට ගෙන්න ගන්න ඕන වෙලා කෝල් කරාලු.. ඔයා එනවද ඩාලීන් කියලා ඇහුවාම.. නෝනා කෑ ගහලා කියනවලු..

      Oh Yehhhhhhhhh... Da........................rling, I'm Coming.... I'm Coming... Oh... No.... Yes.... yes.... please....

      කියලා.

      Delete
  13. ගොඩක් රටවල කලාකාරයෝ කියන්නේ කලාව වගේම දේශපාලනය ඉතිහාසය වගේ දේවල් හොඳට හදාරපු ලෝකේ වෙන දේවල් වලට සංවේදී පිරිසක්. අපේ රටේ එහෙම කලාකාරයෝ ඉන්නේ කීයෙන් කීදෙනාද.

    ReplyDelete
    Replies
    1. රටේ වාසනාවට එකෙක් දෙන්නෙක් තවම ඉතුරුවෙලා ඉන්නවා. අතේ ඇඟිලි ගානටත් අඩු..

      Delete
  14. මන්දිර මණ්ඩප සිහසුන් අරනා
    රාජ ඉසුරුබර නිරිදුන් හමුවේ
    පේලි ගැනී හිද ගැති හඩ නගනා
    ප‍්‍රශස්ති ගීයට නොබිදින් මා තත

    සිරි යහනෙන් බැස යලි වැදෙන තුරු
    දින චරියාවේ එකත් පස්ව හිඳ
    සිත් සනසන්නට තැවුල් නසන්නට
    නොබිඳින් මා තත මා සිත පෑරෙයි

    රස මසවුල් මත හිත් හිස් වී යයි
    නෙත් අඩවන් මේ නුරා බැලුම් දෙයි
    දොඩමලු මුවලන් දොඩනා ගීයට
    තනුව තනන්නට නොබිඳින් මා තත

    දිළිඳුකමේ අසරණ බව උරුමව
    ලොව දුක් විඳිනා දනන් අභිමුවේ
    සිත් සැනහී යන ලෙංගත් රාවෙන්
    වයනු මැනවි සත්සර නංවා
    වයනු මැනවි සත්සර නංවා

    ගායනය : ගුණදාස කපුගේ
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : උදය මානවසිංහ

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කපුගේ කලින් නිවන් ගියේ..

      Delete
  15. දරුව .......මේ ඔබේ සීසන ය....ය......
    ලේ කළු නොකර ගෙන.....
    සුද්දන් සමග ගොස් .....
    පොකාට්ටුව ට.....
    කීයක් හරි දාගන්......
    අපි සමග......
    බයිල නොකිය.......

    ReplyDelete
    Replies
    1. දකිනා විට අරුන්ගේ බයිලා
      නටති මාළු ඇඟේ මයිල් කෙලින් වෙලා

      Delete
  16. Kavi tika wagema comments tikath maru,Viyawasthawa wenas karanna ona, eka pawlakata(kandayamakata) Rata kanna puluwan eka wathawai kiyala,mokada,Thawa horu set ekakata ilaga Awasthawa thibiya uthui, ekai prajathanthare.(ranjan)

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. මේ ඇවිත් ප්‍රජාචන්ච්‍රවාදය...

      Delete
  17. නියම පබැඳුම.....නළාකාරයෝ ටික ආපහු නළා ටියුන් කරගෙන එන්න හදන්නේ. දැන් නම් ඒ සිංදු අහලා ඇතිවෙලා බං තියෙන්නේ. පුළුවන් නම් මේ පෝස්ට් එක යවපන් රෝහණ වීරසිංහට කැමති ටියුන් එකකට කියන්න කියලා.

    ReplyDelete
    Replies
    1. උඹ දන්න කළාකාරයෙක් ඉන්නවා නම් අහපන්, දැන් ඌගේ ගෑස් වල තරම කොහොමද කියලා. මම දැක්කා කොහේ හරි. අර කසුරි කියන සුන්දර පත්තර කාරයා. ලේක් හවුස් එකේ සුළුමිණේ කර්තෘ වෙලා ආපු වෙලාවේ ඔක්කෝටම කලින් කලේ මාර්ටින් වික්‍රමසිංහ හිටන් භාවිතා කළ පුටුවයි මේසෙයි විසි කරලා දාන එකලු. මේසේ විසි කරන්න බැරි නිසා, කෑලී කෑලී කපලලු විසි කලේ. ඒ වස් තමයි ඌට වැදුනේ. උන් මහරජාටත් වඩා ඉදිමිලා..

      Delete
  18. අම්පා...බොලානං...පට්ටෙත් හොඳම එක බං.

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳ වෙන්නේ.. නිර්මාණයේ හොඳ කම නෙමෙයි.. මේවා ඇත්ත නිසා..

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  19. යකෝ හැම උපන්දිනේටම කතා කරල විස් කරන, ලෙඩ වුනාම බලන්න එන, ජාතික ආලෙ තියන, ඒවගේ චිත්‍රපටි වලට කැමති, හැම සතියකම දොරමඬලාව බලන, දන්සැලට ගෙනල්ල කන්න දෙන,.... මේවගේ නායකයෙක් ඉන්නකොට මොන කලාකරුවද කැමති පාලකය වෙනස් කරන්න?

    ReplyDelete
    Replies
    1. මාර ඩියුටි ටිකක් තියෙන්නේ බලාගෙන ගියාම ලොක්කට. ලොක්කා කොහොමත් සෝෂල් පොර නිසා. නෝනට රටේ පාළනෙත් දුන්නා නම් හරි. එතකොට ඔය ඉස්සර වගේ මළ ගෙදරක ගිහිල්ලා කස්ටිය එක්ක සෙට් වෙලා බජව්වක් දාලා එලිවෙලා එන්න බැරිය. ඇත්තටම මේ පට්ට ආතල් ඩයල් එකකට ජනපති කම් දීලා රටේ මිනිස්සු කරගන්නේ මහා පාපයක්. නැත්නම් කොච්චර ආතල් එකේ ඉන්න බුවෙක්ද?

      Delete
  20. යූ.& පී ආණ්ඩුව තියෙන කාලෙ එහි කලාකරුවන්ගේ පාර්සවයේ ලේකම්කමක් කරේය..රජාගේ ආණ්ඩුව ආ පසු රජ පවුලට කඩේ යමින් සිටී.."ර" යන්නෙන් පටන් ගන්නා නම් දෙකකි.ප්‍රවීණ නලුවෙක් ලෙස කියාගනී....මේ වගේ එවුන් ඉන්නකන් රටට අබ සරණය...විමසුම පිටපත මාධව විශ්වනාත්.....

    ReplyDelete
    Replies
    1. උගේ කතාවක් දැකලා තමයි ලේ කෝප උනේ..

      Delete
  21. නලා ෂැට් එකට ස්වර හතක් නෑ බොසා.. එක ස්වරයයි තියෙන්නේ. ඒ තමයි "ම " … වරේවා !!!

    විප්ලවයට ජය වේවා.

    මේවා නොදකින්න අපේ ආතා වේලාසන මලා !!

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි අහුලලා හරි ස්වරයක් දාගනින්.. නැත්නම් ඉස්සරහට ලෙඩේ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න