.

.

Nov 8, 2014

මහින්දට බැරිද..? - Yes, He Can



ඉස්සර පාර පුරා පෝස්ටර් ගැහුවේ සිංහල සෝ වලය. එයිට පස්සේ, මේ මනාප අමනාප ක්‍රමේ ආපු නිසා, දිස්ත්‍රික්කෙන් ඉල්ලන හැම එකාගේම මූනත්තහඩුව, අහුවෙන අහුවෙන හැම තැනම පාප්ප උලා කෙලලා ඇරියේය. ගෙදරටත් වඩා තාප්පෙට වියදම් කරපු උන් "දැන්වීම් ඇලවීම් තහනම්" කියා තාප්පේ ගහන්න ගත්තේ ඊට පස්සේය. ඒ කාලේ එක රැයින් මුළු රට පුරාම ගහලා රැකෝඩ් එකක් තිබ්බ පෝස්ටරේ උනේ, "මේ කව්ද? මොකක්ද කරන්නේ ?" කියනා පෝස්ටරේයය.

ඒ ගැහුවේ, ප්‍රේමදාස උන්නැහේගේ ජනාධිපති සම්ප්‍රාප්තියේ මූලාරම්භය වෙනුවෙන්ය. වැඩේ නැගලාම ගියේය. ඒත්, යුද්ධයෙන් පස්සේ, ඝෝඨාභය සෙනෙවිරුවන් තාප්ප වලට කෙලලා ඇරිය නිසා, දැන් පෝස්ටර් අලවන්නට තැනක් ඇත්තේ නැතිය. ඒත් මේ ළඟදීත්, උලන්න පුළුවන් හැම තැනම පාප්ප උලා අමුතු ජාතියේ පෝස්ටරයක් කෙලලා ඇරියේය. ඒ "මහින්දට 3 පාරක් බෑ.." කියලාය. ඒත් ගහපු සැරෙන්ම පෝස්ටරේ ගැලවිලා ගිය අතර, "මහින්දට පුළුවන්.." කියා අළුත් එකක්, ඊට පස්සේ තාප්ප පුරා බැබලුනේය.

මේ වාගේම කෙලියක් රනිල් මැතිතුමාටත් උනේය. සජිත් කියන නොදරුවා රජ කිරීමේ, පුදුම පුකේ ඇම්මකින් පෙලෙන සිරස, ගාල්ල පැත්තේ හාල් පාරුවෙකුත් එක්ක, "රනිල්ට බෑ.." කියා කැම්පේන් එකකුයි, පෝස්ටර් පාරකුයි අරගෙන ගේමට බැස්සේය. එහෙම ගේම ඇදලා මදි නිසා, පාද යාත්‍රාද යන්නට පටන් ගත්තේය. ඒ පාද යාත්‍රාවේ ගියපු උන්ගේ ගාත්‍රා කුඩු වෙන්න කුරුඳු පොලු වලින් සංග්‍රහයක් දුන්නේ මාතරින්ය. එහෙම දුන්නේ මංගල සමරවීර උන්නැහේය කියලා කිව්වාට, එයා නම් කිව්වේ එහෙම සංග්‍රහා පැවැත්වූයේ, සංවේගාප්ප්‍රාප්ත අලි පැටව් කියලාය. කොහොම හරි මංගල එදා උන්නේ රනිල්ට පුළුවන් කියනා ගොඩේය. ඒත් එහෙම හිටපු මංගල මැතිසඳ දැන් කියන්නේ, රනිල් සත පහකට විශ්වාස නෑ කියායා. හෙමිහිට කියන්නේ රනිල්ට බෑ වගේ කියාය.

මේ මහින්ද මහත්තයාට බෑ කියන කතාව සීන් එකට ගෙනාවේ, දියවන්නා ඔය ගාව බඩුවක් ගහද්දි, පොලීසියේ ට්‍රැපික් රාළහාමිට මාට්ටු උන, අළුත් කඩේ පැත්තේ හිටපු මහ මුදලාලි කෙනෙක්ය. එයා අළුත් කඩේ ඉඳිද්දි, කඩේ නියම සීන් කරලා, කක්කා කඩයක් කරලා දැම්මේය. සැටලයිට් නෝනා කලින් ගෙදර යැව්වේ ඒ මැතිතුමාය. ඊ ළඟට මහින්ද මහත්තයාගේ නඩුව බලා, එතුමා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කලේය. තව පොඩ්ඩෙන් කබීර් හෂීම්ට වෙන්නේ කූරූ ගනින්නය. එහෙම එයාට ඕන ඕන විදියට, අළුත් අළුත් නීතී, පෘතුගීසි ලන්දේසී නීතියට හඳුන්වා දීපු වාහේගේ, අළුත්ම ගේම උනේ මහින්දට තුන් වෙනි පාර බෑ කියනා බණය.

එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න විපක්ෂයේ, ජෙප්පො හා හාල්පාරුවෝ ඔක්කෝම මේ යකාගේ ගුලිය එකසිය ගානට කෑවේය. ඊට පස්සේ කස්ටිය හිතාගෙන උන්නේ මහින්ද රාජපක්ෂ කිසි ගේමක් නැතුව ගෙදර යවන්න පුළුවන් කියලාය. ඒ උනාට මේ ගොන් හැත්තට 18 න් කලේ මොකක්ද කියලා, වගේ වගක් තිබුනේ නැතිය. ගේම කොහොමත් නැගලා ගියපු නිසා. ලොක්කාත් පොඩ්ඩක් හොල්මන් උනේය. ඒ උනාට ජනාධිපති උපදේසොක කමේ මාතලන් උන්නා නම්, මම කියන්නේ ලොක්කා පොඩ්ඩක් වත් බය වෙන්න ඕනා නෑ කියලාය.

අගමැති තුමා ලොල් ලොල් ගගා, "නො" යන්න කැපුවා කිව්වත්, පස්සේ ලෙඩක් දාගන්නේ මක්කටද කියා කල්පනා කල ලොක්කා කරේ, ප්‍රශ්ණ දෙකක ප්‍රශ්ණ පත්තරයක් අළුත් කඩේ සෙට් එකට යවනා එකය. ඒකෙන් ඇහුවේ, මට ආයෙත් මනාපේ ඉල්ලන්න බාදාවක් තියෙනවද...?, අවුරුදු හතරෙන් පස්සේ ඡන්දෙකට යන්න පුළුවන්ද...? කියලාය. වික්‍රමභාහු නම් කියන්නේ, උත්තරෙත් ලියුම පිටිපස්සේ ලියලා යැව්වා කියලාය. පිටිපස්සේ තිබුනේ, "පුළුවන් කියාපිය....." කියනා වචන දෙක කියලාය.

අපි ජොලියට මෙහෙම හිතනවාය. ඕන උත්තරේ එන්නේ "බෑ .." කියාය. වෙන්නේ මොකක්ද කියා ඔහේලාට  හිතා ගන්න පුළුවන්ය. එහෙනම් සිද්ද වෙන්නේ, පැය විසි හතරෙන් දියවන්නාවේ නඩු බලවා, රජගෙදර රිලවාගෙන් කින්ඩියකුත් අසාගෙන, මොහාන් පීරිස් උන්නෑහෙට දියවන්නාව අයිනේ නඩුවක් බලවාගන්නය. ඊළඟ දවසේ උදෑසන ජනාධිපති තුමාට සුභ නැකතකින්, අළුත් චීප් ජස්ටිස් කෙනෙක් අරලිය දන්සැලේ දිවුරුම් දෙනවාය.

ලොක්කත් ලෝයර්ය. පුතාත් ලොයර්ය. ආන්ඩුවෙත් ලෝයර්ලා වැහි වැහැලාය. ඒත් මේ එකෙක්වත් ආන්ඩු ක්‍රම විවස්ථාව හරියට අධ්‍යනය කොරලා නැතිය. ඕකට ඔය තරම් බය වෙන්න ඕනා නැතිය. මාතලන් ලොක්කා ගාව හිටියානම්, මම කියන්නේ, බය නැතිව ඕන වෙලාවක ඡන්දේ තියලා තුන් වෙනි සැරේ නැතිනම් දහ වෙනි සැරේ හරි ඉල්ලන්න කියලාය. දැන් ඔහේලා බලනවා ඇත්තේ, එහෙම කියන්නේ කොහොමද කියලාය. එහෙම කියන්නේ ඔක්කෝම ඉන්නේ මහින්ද මහත්තයාගේ සාක්කුවේ නිසාය.

කෙලින්ම තුන් වෙනි සැරේ ඉල්ලුවා නම් නඩු දාන්න වෙන්නේ මහින්ද මහත්තයාට එරෙහිවය. ඒ කියන්නේ ජනාධිපතිට එරෙහිවය. ඒත් ජනාධිපති උසාවී ගේන්න බෑ කියා, ව්‍යවස්ථාවේ ඔක්කෝටම කලින් ලියවිලා තියෙනවාය. එතකොට අනික් මහින්දට විරුද්ධව නඩු දානවා නේ ඩෝ කියා, ලෝ පොයින්ට් දන්න එකෙක් කියන්න පුළුවන්ය. ඒ කියන්නේ මැකෝ හෙවත් මහින්ද දේශප්‍රියට විරුද්ධවය. එහෙම නඩුවක් දැම්මොත් මාතලන් නොමිලේ මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනි හිටලා නඩු බලවන උන්නැහේට මෙහම කියනවාය.

ස්වාමීනී... මේ චූදිතයා අහිංසකයෙකි. මන්ද.., මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය නොව. සුමනදාස අබේගුණවර්ධන නම්, රජගෙදර රාජකීය දෛවඥයා නම් වන බැවිනි. ඒ හෙතුවෙන්, මේ නඩුව බලවන්නට තව දුරටත් අවශ්‍ය නැත කියාය.

එතකොට ජෙප්පෝ සුමනදාසට විරුද්ධව අළුත් නඩුවක් දානවාය. ඒ නඩුව බලවන කොට, ජනාධිපති තුමා තුන් වෙනි වරටත් දිවුරුම් දීලා අවසානය.

අනෙක් පට්ටම කාරනේ, තුන් පාරක් බෑ කියලා, ඔක්කෝම උන් චූන් කරපු පිස්සු වාහේ දැන් කියන්නේ, ලොක්කා ප්‍රශ්ණේ අහලා තියෙන විදියට, මීට පස්සේ නඩු බලවන්න හම්බ වෙන්නේ නෑ කියාය.

ඒ වගත් මෙසේය....

50 comments:

  1. කවුරු හරි මහින්දට තුන් සැරයක් බැහැ කියලා විශ්වාස නොකරනවනං.. ඒ ගැන උනන්දුවක් නැත්තං කරුණාකරලා තමන්ගේ වත්තේ හතර මායිම කොටාගෙන පාඩුවේ ඉන්ටලා... නිකං මේවා කියවලා තමන් උනන්දුවක් නැහැයි කියලා පුන පුනා කියන දේ ගැනම හාර අවුස්ස අවුස්ස තම තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්ට නොයා.. මොකද මං යම්තාක් දුරකට ඉගෙන ගත්ත දේ.. මං යම් තරමකින් දන්න දේ.. මට කැමති තැනක ඒකට කැමති අය එක්ක බෙදා හදා ගැනිල්ලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්ට හැටියක් නැහැනේ... ඔය ඉවුම් පිහුම් වැඩ ගැන කවුරු හරි මොනවා හරි අහපු වෙලාවට දන්න තරමින් කියා දෙනවා වගේම තමා මේ වැඩත්.. ඒකට මේ කවුරුවත් ලේ කෝපකරගෙන නලියන්ට උවමනාවක් නැහැ නෙව.. අනික එයාලම කියන විදියට එයාලා මේ ගැන උනන්දුවක් නැහැයි කියනවනේ.. ඉතිං ඇයි මේ අමුතු කැක්කුමක්... අර කියමනක් තියේ නෙව... “ලිඳ මගේනං.. මං ලිඳේනං.. කාටවත් ඇයි වේදනා“ කියලා :ඪ් මේක මං විනෝදයට කරන කියන දේ.. ඒක ගැන ඔය හැටි උනන්දුවක් නැති උදවිය නහින්ට උවමනාවක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++

      Delete
    2. Ammapa ano Thota pissuda? Profile kaarayek wage Mage, Mage,kiya kiya liyanne? Tho mokekda kiyala api dannawada?

      Delete
  2. නඩුවක් බැලීමත්, නඩුවක් බැලවීමත් දෙකක් කියලා අපේ රටේ බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නැතිය. :/

    ReplyDelete
    Replies
    1. වර්ථමානයේ සිඳු වෙන්නේ නඩු බලවන එක... ඒකයි දුක.. මේක විනාශ කලේ.. ඔය ද බණ කිය කියා යන පින්වතාම තමයි..

      Delete
    2. අන්තිමට නඩුවට බය වෙලා තමා ඉංට වෙන්නෙ!

      Delete
  3. නුතනයේ ආණ්ඩු විරෝදී නඩුවක් වනාහි රජ ගෙදර ලියවී කොච්චි කඩේ නීති පති නම් ප්‍රධාන නළුවාගේ ප්‍රදානත්වයෙන් රගදක්වෙන නාටයකි

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි ගොඩාක් නාට්ටිවල පිටපත ලියවෙන්නේ එතනම තමා.. වෙලාවකට හිතෙනවා සරත් සිල්වා රඟපෑවෙත් එතනින්ම ලියපු නාටියක්ද කියලා.. මොකෝ අද කියන කතා ඇහුනාම..

      Delete
  4. වෙන දේවල් වල හැටියට මහින්දට විසිපාරක් උනත් දිනන එක අමාරු නෑ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. 4 X 20 = 80....එච්චර කල් ඉන්න එකක් නෑ නේ..

      Delete
  5. උඹගෙ පෝස්ට් දෙකක් ලංකා නිව්ස් වෙබ් එකේ පල කරල තියෙනවා.
    මගේ සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ... තවත් කීප දෙනෙකුගේ ඒවත් එතන තිබුනා.. ඒක විශාල ශක්තියක්..

      Delete
  6. මේක මම තවත් තැනක දාපු කමෙන්ට් එකක්.

    ඇත්තටම කියනවානම් මහින්දට පුළුවන්...පුක

    නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන් කියලා එවන්නේ 'මහින්දට ඕනෙ පුකක් පුළුවන්' කියලා.

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ගේ පුක නෑ...

      පුක යනු කුණුහබ්බයක් නොවේ - කශූ

      Delete
  7. ජැක්සොන්ගේ පිලුම් දෙක අප්සෙට් යයිද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඒ කතාව... හොල්මන්ද බේරේ පොල්කොල සමග ගෙන්දගම්..

      Delete
    2. ඇයි බං අර ගොස්ප් එකක් ගියේ රනිල්ට “බටලන්ද“යි තව මොකක්ද නමකුත් තියෙන නාට්ටි දෙකක් හදනවා ඒකට ජැක්සන් ඇන්තනිට කෝටි 1.5 ක් දීලය කියලා.. කරැ පොර උනොත් ඒ සල්ලි අපරාදේ නෙහ්..

      Delete
    3. හෙන ගහපන් ගනං බලාපන් කිව්වලු... දැන් ඉතින් ආයේ නාට්ටි හදන්න එපාය..

      Delete
    4. එහෙම වුනොත් නාට්ටිය වෙනස් කරනවා , බටලන්දේ තිබ්බ එක රන් කලේ රනිල් නෙවේය කරු තුමාය කියලා :D

      Delete
    5. නාට්ටිය පෙන්නන්න පටන් අරන් ඉවරයි. දෙකක් යනව, එකක් ජාතිකේ "ධවල කඳුලු" කියල, අනෙක සුවාධීනෙ "රිතූ" කියල.

      කරූ තමයි මහින්දට විරුද්දව දාන්න පුලුවන්, සියලු ජාතීන් එක මිටකට ගන්න හොඳම ජොකිය. බලමු!

      Delete
    6. කරූට දෙන එකක් නෑ.. ඊට හොඳයි අපේ කුඹුරේ පඹයා පොද්දා කරන එක.. ඒ යකා සජිත්ගේ ගුලි කන්න තරම් බබෙක්නේ.. හැබයි මාර ආසාවෙන් ඉන්නේ ජනාධිපති වෙන්න නම්..

      Delete
  8. [කොහොම හරි මංගල එදා උන්නේ රනිල්ට පුළුවන් කියනා ගොඩේය. ඒත් එහෙම හිටපු මංගල මැතිසඳ දැන් කියන්නේ, රනිල් සත පහකට විශ්වාස නෑ කියායා. හෙමිහිට කියන්නේ රනිල්ට බෑ වගේ කියාය.]

    මාතලන් පටලවාගෙන වගේ...

    මංගල එදා 'රනිල්ට පුලුවන්' කීවේ සජිත් කියන හාල්පාරුවට වඩා පක්ෂ නායකත්වය රනිල්ට පුලුවන් කියන තැන් ඉදන්.. ඒක අදත් එහෙමයි... පොදු අපේක්ෂයක ඇවිත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කලහම ඊලගට පත්වෙන ආන්ඩුවෙ අගමැතිත් රනිල්ම තමා...

    දැන් මංගල 'රනිල්ට පොදු අපේක්ෂකයෙක් වෙන්න බෑ' කියන තැන ඉන්නේ 'පොදු අපේක්ෂකත්වයට' රනිල්ට වඩා කරූ සුදුසු නිසා.. මොකද රනිල් ආවොත් ජෙප්පන්ගේ සහයෝගය නෑ, මිනිස්සු අතර රනිල්ට මහින්දත් එක්ක හැප්පෙන්න බෑ කියල විචිකිච්ජාවක් තියෙනවා...
    අනෙක පොදු අපේක්ෂකයා බලයට පත්වුනහම මාස 6න් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන නිසා රනිල්ට ඒකට තරග කිරීම අවෂ්‍ය නෑ කියන තැන තමා මංගල ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හුටා... ටපලවගෙන නේන්නම්..

      මාර වැඩේ කියන්නේ මෙයා. සැටලයිට් ඕක මාස හයෙන් ඇග්‍රීමන්ට් එකේ විදියටම අයින් කලා. ඊට පස්සෙ ආයෙත් අයින් කලා.. මහින්දත් 2005 දී අයින් කලා. 2010 දී නම් ආයෙත් අයින් කරන්න අමතක උනා.. මොකා ආයේ දාලද මන්දා.. ඒ පාර එක අයින් කරන්න පොද්දෙක් එනවලු.. එයත් ඇවිල්ලා අයින් කරයි.. ඒත් කරුමේ කියන්නෙ ඕක අයින් කිරීම නෙමෙයි.. මොන බහුබූතයද.. එහෙම නැත්නම් මළ පෙරේතයද ඕක ආයෙත් විවස්ථාවේ එල්ලන්නේ කියලා.. අන්න ඌ හොයා යන්න පුළුවන් නම් බොහොම අගෙයි..

      Delete
  9. මාතලන් උබ සැටලයිට් ට බනින එක තේරුමක් නැතිඑකක් මොකද 2000 දී සැටලයිට් මෙ ක්‍රමය නැති කරන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නමුත් රනිල් බොරු හේතුවක් අරගෙන එකට සහයෝගය දෙන්නේ නැහැ මොකද එකේ අන්තර්කාලින විධානයක් තිබුණා වර්තමාන ජනාධිපති ඔහුගේ/ ඇයගේ සම්පුර්ණ ධුර කාලය නිලයේ සිටින අතර ඉන් පසු එම ධුරය අහෝසි වන බවට , තව අවුරුදු 4 ක් රනිල්ට ඉවසන්න බැරි බැරි වීමෙන් රටත් රනිලුත් විනාශවී ඇත .එසේ වූවානම් මහින්ද කියා කාපාලු ගං කබරයෙක් ලංකාවේ පාලකයා නොවනු ඇත

    ReplyDelete
    Replies
    1. එදත් ඒ පිටිපස්සෙ හිටියෙ මංගල සහ ඔය ඩිලාන්, ජී ඇල් සෙට් එක. අද ඒකෙන් අඩු මංගල විතරයි.

      ඒ පැකේජ් එක වඩා ගැලපෙන්නෙ ප්‍රභා නැති අදටය.

      Delete
    2. රනිල් උල තියලා මරන්න එපාය. මූ මාර බඩුවක්නේ ඕයි. මේ ළඟදිත් යුරෝපෙට ගිහින් කොටි තහනම ඉවත් කරලත් ආවා.. ඔහේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පරම්පරාවේ කෙනෙක්ද.. නැත්නම් විමල් වීරවංශගේ හරි උදය ගම්මන්පිලගේ නෑ කෙනෙක්ද...? නෑ මේ නිකමට ඇහුවේ.. මොකෝ දුටුගැමුණු පරම්පරාවේ උනුත් තාම ඉන්න නිසා.. අනික විමල්ලා උදයලත් ඔය වගේම කතා කියන නිසා..

      Delete
  10. මහින්ද කියන්නේ නියම ඇම්ඩන් කෙනෙක් වන නිසා නීති ගැට හේ, ප්‍රොපගැන්ඩා ගැට වලින් මහින්ද වැට්ටවිය නොහැක. හැබැයි මහින්ද නොදන්න එකම කාරණය හැම මහ සැරයකටම වඩා හීන් සැරය ලොකුයි කියන එකයි. මහින්ද කියන ගහ වට්ටවන්න හීන් සැරේ පොඩි පොඩි ගස් හැදෙනවා කියන එක මහින්ද දන්නේ නෑ. මොකද මහින්දට ඒ ගස් පේන්නේ ලොකු උනාම නිසා. මහින්දට දැන් බිම පේන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. පුබල විපක්ෂ එකමුතුවකට හැර.. තැන තැන එකතුවන හාල්පාරුවන්ට නම් ලොක්කට දන්නන්න වත් බෑ..

      Delete
  11. ලංකාවේ ආණ්ඩු හදන්ට කපු කම්, ඩීල්කරපු අය එදත් හිටියාලු
    අද ඒ තනතුර භාරව ඉන්නේ මංගල සමරවීර
    කොයි කොයි දේසේත් ඔයවාගේ ඒව තියෙනව.
    බලමු සඳුදට තව වේලාව තියෙනව.

    රතන කිව්ව වගේ
    ජනතාවගෙ කේන්දරේද බලවත්
    නැත්නම් අහවලාගේද කියල

    ReplyDelete
    Replies
    1. පොද්දා අද දෙනවය කිව්වාට.. අදත් නෑ.. ඒ පාර 12 වෙනිදා වෙනකන් ඉන්නලු.. සිරි ලංකා එකේ ළොකු දතුත් ගලවනවය කියන්නේ.. කොහොම හරි ඉවෙන්ට්ෆුල් වීක් එකක් නම් ෂුවර්..

      Delete
  12. හා කවුද මහින්දට තුන් පාරක් බෑ කියන්නේ? අර ඉන්නේ යස අගේට චීන ඌරෝ තුන් දෙනෙක් වගේ අකුරු තුනේ හාල්පාරුවෝ තුන් දෙනෙක්! (නිත්‍යානුකුල)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන එක හරි නෑ නේද.. උන් කාටවත් වරදක් කරලා නම් නෑ මම දන්න තරමින්..

      Delete
    2. //උන් කාටවත් වරදක් කරලා නම් නෑ මම දන්න තරමින්..//

      මොකද නැත්තේ ?උන්ගේ විනෝදංශ,ව්‍යපාර වෙනුවෙන් රටේ මහජනතාවගේ මුදල් නාස්ති කරලා දාන එක රටේ නීති වෙනස් කරන එක හරි වැඩක්ද ?

      Delete
  13. අපේ තුනට කෙළල හරි ලොක්ක තුන ගහනවා.. තුන බේර ගන්නනම් ඌට කඩේම යන උන්ටික ඇර අනිත් උන් ඔක්කොම එකතු වෙලා හිත හදාගෙන ඉස්සෙල්ල පොදු සතුරා පරද්දන වැඩ පිළිවෙලකට යන්න ඕනි.. ඊට පස්සෙ කුළල් කා ගන්න තරමට හොඳයි..

    ReplyDelete
    Replies
    1. පොද්දා 12 වෙනිදා එනවලු නේ... බලමුකො මොකාද කියලා.. ගේමක් දෙන්න පුළුවන් පොරක්ද කියලා...

      Delete
  14. ජේ.ආර්. කිව්ව කතාව හරි. කොරන්ට බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි, මිනිහෙක් ගෑනියෙක් කරන එකයි...අනික් හැම එකක්ම පුලුවන්!

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක්කෝම ගෑණු කරලා ගොඩක් කල්..

      Delete
    2. ////මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක්කෝම ගෑණු කරලා ගොඩක් කල්../////

      ඔය තියෙන්නේ මාතෙගේ male chauvinistic ලක්ෂණය. මාතේ මේ කියන්නේ ගෑණුන්ට මුකුත් බැරිය, දුර්වලය; පිරිමි එහෙම නෙවේය කියන එකනේ.

      Delete
  15. මහින්ද මාමේ පුලුවන්නම් කිරි පිටි අඩු කරලා දෙනවද තව කීයක්‌ හරි එලි වෙනකල් ඇහැරලා බ්ලොග් කියවද්දී කිරි බිබී තමයි කියවන්නේ...
    මාතලන් අයියේ...අලේ පුලුවන්නම් කියන්ටකො මාමාට.....

    ReplyDelete
    Replies
    1. හැමදාම කියනවා අනේ... කෝ මාමි අපි කියන දෙයක් අහනවා කියලය..

      Delete
  16. ඒ වගත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් විය. හොරාගෙ අම්මගෙන් නොව හොරාගේ පුතාගෙන් කීවත් වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගෝලයගෙන් කිව්වා නම් වඩාත් ගැලපෙනවා...

      Delete
  17. මාතෙ කව්රුහරි තිර පිටපත නොලිය නාට්ටියක් කරන්න හදනව ඒකයි මේ අවුල
    හිහි
    මොකද කවුරු කවුරුත් කම්පේන් කලාට කමි කැලි දැම්මට කවුරුවත් දන්නෙ නෑ ස්ටෝරියෙ එන්ඩ් එක කෝමද කියල

    ReplyDelete
    Replies
    1. ඉවසලා හිටහංකෝ පොද්දා එනකන්.. ඊට පස්සෙ තමයි අළුත් පිටපත ලියන්නේ.. මොකක්දැ ඉතින්, හැපි එන්ඩින් තමයි... අපිට නෙමෙයි යකෝ...

      Delete
  18. සුළඟ සමඟ එකතු වෙලා කිව්වට සුළ මුල 
    ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල...

    ඉහළ ගියත් ඉර දහවල සවසට යයි ගිලී
    නැගෙන්න නම් එන්න ඕනෙ නැගෙනහිරට යළී
    වැටෙද්දි පොල් අත්තක් වේලිලා බිමට ගිලී
    හිනැහුනා ලු ගොක් අත්තක් උඩ පැන පැන සැලී...

    තඹ සල්ලියකුදු නැති අය ලැබුණ ම රන්මසු
    ඉණිමඟ පෙරළාවි පයින් ඉහළට ගිය පසු
    කවා පොවා හදාවී ද හති වැටෙනා අසු
    මුල අමතක අය සලකාවි ද අන් අය සෙසු...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු
    ගායනය : අනිල් භාරතී ඇතුළු ගෝල්ඩන් චයිම්ස්.

    ReplyDelete
    Replies
    1. අදමයි මම මේ ගීතය ඇහුවේ..

      Delete
  19. වික්‍රමභාහු කියලා තියෙන්නේ ඇත්තම.

    රටේ කරුමේ ගෙවිලා ඉවර නැතිනම් මහින්දට තුන් වරක් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. රටේ කොහෙද බං අපලයක්.. බලහංකෝ අරලිය දන්සැලේ බත් ඩිංගක් කන්න එන උපාසක උපාසිකාවන්ගේ මූණූ වල සිරියාව.. එතනම ලක්ෂ 30 ක් විතර තියෙනවනේ..

      Delete
  20. රටට මේ වෙලාවේ ඔනී ජයග්‍රාහකයෙක් නෙමේ නායකයෙක්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න