.

.

Nov 15, 2014

පොදු අපේක්ෂක, ලාල්කාන්ත..? - Lal Kaantha, The Common Candidate


න්දන ගුණතිලක බස් එකෙන් බැහලාය. චම්පිකයි රතනෙයි ඉන්නෙත්, පුට් බෝඩ් එකේය. ඇතුලට නගියිද, බැහැලා යයිද, පුට් බෝඩ් එකෙන් පැනලා, කොන්ද කඩාගනීද කියලා කියන්න, අපිට බැරිය. දවස් පහෙන් රිසාල්ට් එක දෙනවා කිව්වාට. තව දවස් තුනක් ආයෙත් ඉල්ලලා ඇත. මෛත්‍රිපාලත් හිනාවෙන්නේ බොක්කෙන් නෙමේය. ඒක මවාගත්තු හිනාවක් කියා ඕන එකෙකුට තේරෙනවාය. ඒ අස්සේ අව කැපෙන් කතාත් කියනවාය. මංගල යන එකත් ටැම්පරරි නැවතිලාය. ඒ කියන්නේ ඒ ගේමෙන් චන්දිකා දිණුම්ය. ආන්ඩුව පරාදය.


මේ නිසා ජනාධිපති තුමා ඉන්නෙත් අප්ෂෙට් එකේය. කතාවේ ටෝන් එකත් වෙනස්ය. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස් කරන්න, 1970 දී, අවුරුදු දෙකක් ගියාය කියා, එතුමා කියනවාය. දෙකක් නෙමෙයි දැන් නමයක්ම ගිහිල්ලාය. ඒත්, වෙනස් කිරිල්ල කෙසේ වෙතත්, විවස්තාවට අයිසින් දමා, ඉටි පන්දමකුත් ගැහුවේ එතුමාය. මොකෝ, එයා කිව්වේ, පළමු පීරියඩ් එකෙන් පස්සේ, මේක වෙනස් කොරනවා කියලාය. ඒ 2005 දීය.

ජනාධිපති තුමගේ රිලවාත්, මඩකරියෝත්, බහුභූතයෝත්, කවටයෝත්, ඔක්කෝම ඉන්නේ, හොල්මන්ද බේරේ පොල් කොල කාපු, පිස්සු හරක් වගේය. පොද්දා කව්ද කියා හිතා ගන්න බැරුව පිස්සු හැදිලාය. ඒ නිසා එන්නේ පොද්දෙක් නොව, බූතයෙක් කියා සම හරක් කියනවාය. තව එකෙක් කියන්නේ, හොල්මනක් කියලාය, තව සම හරක් කියන්නේ, මොකා ආවත් දිනන්නේ අපේ ලොක්කා කියලාය. ඔක්කෝම ඉන්නේ මොළේ අවුල් වෙලාය. කව් ද කව් ද කියා ඇහුවාට, විපස්සේ උනුත් රහස් එලියට දාන්නේ නැතිය. ඒකත් හරියට අර බාලගිරි දෝසේ වගේය. ඉස්කෑනින් එන්න කලින්, හම්බ වෙන එකා, සරමද කම්බායද කියන්න දන්නේ නෑ වගේය.

මොන තරම් බ්‍රේක් ඩවුන් වැඩ කලත්, සමගි සංධානේ ඇග්‍රීමන්ට් එක සයින් කරනවා කියා සෝභිත හාන්දුරුවෝ කියලා තියෙනවාය. එහෙම ඔක්කෝම එකට එකතු වෙනවා නම්, හොඳ ගේමක් බලා ගන්න අපිටත් පුළුවන් වෙනවාය. ආන්ඩුවට විකුනන්න තියෙන්නේ යුද්ධයම විතරය. මොකෝ විශාල සංවර්ධණයක් කළත්, හුදී ජනයාගේ ඉකොනොමි එක පුල් අප්ෂට්ය. බඩ පණුවෝත් බඩට වැටෙන දේවල් ගැන සැටිස් නැතිය. මොළේ බඩ කොන්ට්‍රෝල් කරනවාද, බඩ මොළේ කොන්ට්‍රෝල් කරනවාද කියා, බලා ගන්න වෙන්නේ, ජනපතිවරණේ රිසාල්ට් එක කියන දවසටය.

පොද්දා කව්ද කියා කියන, ප්‍රෙඩික්සොන් කාරයන් අතරේ, කලින්ම ප්‍රෙඩිකෂන් එකක් කියපු එකෙක් කීවේ, එන්නේ කරූ කියලාය. හැබයි කරූ එනවා නම්, කරූ පරද්දන්නේ පබාය කියලා, එයා කියලා තියෙනවාය. හැබයි ඉතින්, ඒ කතාවේත් ඇත්තක් නැත්තේ නැතිය. මොකෝ ගම්පහ දිස්තිරික්කේ බුද්ධිමත් ජනතාව, වැඩිම මනාප දුන්නේ පබාට නිසාය. ඒ වගේ තව එක්කෙනෙක් ගාල්ලෙනුත් දාලා ඉන්නවාය. ඒ නදීශා හේමමාලීය. එයත් ඉදින් දින්නයින් පස්සේ, එක එකාගේ එවා කෙලින් කරන්නයි, ශක්තිමත් කොරන්නයි යයිද කියලා දන්නේ, උඩ ඉන්නා දෙයියෝම විතරය.

ඊට පස්සේ, ඌවෙන් ෆෝම් වෙච්චි පාර රනිල් කිව්වේ, එයා එජාපයෙන් ඉල්ලනවාය, අනික් උන් ඔක්කෝම එයා පොද්දා කියා සලකන්නෙයි කියලාය. එහෙම චෑන්ස් එකක් තිබුනා නම්, ඒකට කෙලවෙලා ගියේ, අලි පාටියේ කොඩිවිනේට නියෝජ්‍ය නායක කම් දෙන්න ගිහිල්ලාය. අන්තීමට උනේ චූන් වෙච්ච පස්ස පැත්තේ, සිද්ධාලේප ගෑවා වගේ වැඩක්ය. සම හරක් නම් කියන්නේ, කොඩිවිනේ පොද්දා කලොත් ගේම් එකක් තියෙනවා කියලාය. මමත් කියන්නේ එයාගේ තරම පෙන්නන්න, කොඩිවිනේටම දෙනවා නම් හරි අගේ කියලාය.

මැඩම් නම් එන්නේ නෑ කියා, ඇම්බසි වලටත් කියලා තිබුනාය. ඒ ඇම්බසි, බටහිර ඇම්බසිද, පෙරදිග ඇම්බසිද කියා අහගන්න වෙන්නේත්, මැඩම්ගෙන්ය. රජගෙදර රිලවා නම්, ආවේස උනා වගේ කියවන්නේ පොද්දා හෙවීමත්, බටහිර කුමන්ත්‍රණ කාරයන්ගේ වැඩ කියලාය. අම්මපා මේ වගේ හාල්පාරු විපක්ෂයකට වඩා, එහෙම බටහිර එකෙක් හරි එනවා නම් හොදයිය කියන උනුත්, දැන් දැන් ඉන්නවාය.

සොභිත, ශිරාණි, සරත්, අනෝමා, අර්ජුණ කියන නම් අස්සේ, සුනේත්‍රා හා මෛත්‍රීගේ නමත් පොද්දාට යෝජනා වෙලා තිබුනේය.. මේ මෛත්‍රි කව්ද කියලා බැලුවාම, මෛත්‍රිපාල සිරිසේන ලොක්කා නෙමේය. මෛත්‍රි වික්‍රමසිංහ නොහොත්, අපේ රනිල් ලොක්කාගේ හාමිනේය. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ රතනසිරි වික්‍රමනායක් උන්නැහේගේ නමය.

මාතලන් නම්, ඔය ඔක්කෝටම වඩා, වෙනම ලකුණක් යටතේ පොද්දා ලාල්කාන්ත වෙනවා නම්, ගේමක් තියෙනවාය කියා හිතනවාය. මොකෝ අද ජෙප්පන් ගාව ඉන්න හොඳම කතිකයා, ලාල්කාන්ත නිසාය. අනික, එයා පොඩ්ඩක් අනික් උන්ට වඩා වෙනස් නිසාය. ලොක්කාගෙත්, පොලිට්‍රික්ස් කරන හැම එකාගේත් හිතවතා නිසාය.

පොද්දා මොකාද කියා බලාගන්න ඉවසීමක් නැතුව ඉන්න හැම එකාටම, පොද්දා කව්ද කියා තව පැය 72 කින් බලා ගන්න පුළුවන් වෙනවාය. ඒ මොකෝ ඩලස් උන්නැහේ කියලා තියෙන්නේ, ජනපතිවරණේ තියන්න කියා මැකෝට දෙන නියෝගේ, තව පැය 72 ක් ඇතුලත දෙනවා කියලාය. අපි හිතුවේ මේවා සුමනදාස අබේගුණවර්ධන ගුරුන්නාන්සේගේ වැඩයි කියාය. බලාගෙන ගියාම ඩලස් ලොක්කා පත්තර රස්සවට අමතර, දැන් සාස්තර කියන වැඩත් කොරනවාය. කොහොම උනත් මාතර පැත්තේ ඉන්න උන්, ඔය අනවින කොඩිවින වලට බොහෝම දස්සයෝය. පොද්දා කව්ද කිව්වායින් පස්සේ ගේම මොන වගේ වෙයිද කියලා, අපි වගේ පිස්සු හරක් සෙට් එකත් මග බලා ගෙන ඉන්නවාය..

ඒ වගත් මෙසේය..

114 comments:

  1. Make Mahinda Rajapaksa a gazetted national hero.
    Give him all the accolades and statues his megalomanic heart craves for.
    Rename every public facility after him.
    Make his birthday a national holiday.
    Have an annual parade honouring him.
    But do not give him a third term,
    -Tisaranee Gunasekara
    https://www.colombotelegraph.com/index.php/another-term-of-this-madness/

    ReplyDelete
    Replies
    1. එන්ගලන්තෙ හැන්ගිලා ඉන්න සින්හල කොටියෙක් මහින්දට තුන් වැනි වතාව දෙන්න එපා කිව්වම මහින්දට දෙන්නමයි හිතෙන්නෙ.

      Delete
    2. //
      මාතලන් නම්, ඔය ඔක්කෝටම වඩා, වෙනම ලකුණක් යටතේ පොද්දා ලාල්කාන්ත වෙනවා නම්, ගේමක් තියෙනවාය කියා හිතනවාය. //මාතලන් සහ ලාල් කාන්ත එකම වහුම්පුර කුලයේ නිසා මාතලන් ට එහෙම හිතෙනවා ඇතිය.

      Delete
    3. නොදන්න නිසයි අහන්නෙ.ඇත්තටම මාතලන් අඩුකුලේද
      ඒ ගැන බ්ලොග් ලියන කියවන අය අතර සංවාදයක් අවශ්‍යයි නේද
      "මාතලන් අඩුකුලේද " කියා සංවාදයක් කවුරුන් හෝ පටන් ගතහොත් අන්තර්ජාලයේ සුපිරි සංවාදයක් ලෙස නැගල යන්නෙ හැමෝගෙම බුද්ධියේ නිම් වලලු පුළුල් කරමිනි

      Delete
    4. මාතලන් වසල කුලයේ.....

      Delete
    5. ඔය ඉස්පිරිතාලෙදි ලේ එහෙම ඕනි වුනාම ඒවා මොන කුලේ එකෙක්ගෙන්ද ගත්තෙ කියල සහතිකයක් ඉල්ලනවා ලෙඩාගෙ පවුලෙ අය. ඒ නිසා ලේ දෙනකොට ෆෝම් එකේ තියෙනව කොටවක් තමන්ගෙ කුලේ සඳහන් කරන්න. ඒ නිසා මීටපස්සෙ ලේ දෙනවනම් ලේ වර්ගයයි කු ලේ වර්ගයයි දෙකම දැනගෙන පලයල්ල. අනික බ්ලොග් ලියන්න පුලුවන් මෙන්න මේ කුලෙන් ඉහල අයයි කියල ප්‍රඥප්තියකුත් එන්නයි යන්නෙ හෙට අනිද්ද. - නොදකිං!

      Delete
    6. ඕන් අපේ රටේ පොරවල්... තාම කුළේ හොයනවා.. ප්‍රේමදාස, ජේ ආර්, බන්ඩාරණායකලත් රජ උන රටේ. හැබයි මගේ කුලේ නම් උඹලගේ කුලේ නෙමෙයි.. මොකෝ උඹලයි කුලේ අශූචී ඇදපු කුලේටත් අන්තයි. නොදකින් කාලකන්නි.. මම ඇවිල්ලා මිනිසත් කුලේ..

      Delete
    7. දේව ( වහුම්පුර ) කුලය කියන්නෙ මේ රටේ රජවරු බිහි වූ කුලය. දන්නෙ නැතිනම් මහාවංශය බලන්න. මදි නම් විකිපීඩියා බලන්න දේව කාස්ට් කියල ටයිප් කරලා.ඔය සමහර හැලපයො උඩ දාගෙන ඉන්න ගොවිගම කුලය ආවෙ සුද්දට පස්සෙ. එහෙම ආවා මදිවට වැදගත් කුලීන දේව අයව හකුරො, වහුම්පුර කියල නම් කරල අපහාස කරන්න බැලුවා.නමුත් දේව කුලයෙ අය තමන්ගෙ වැදගත් කම තියාගෙන කඳු වලට වෙලා රජු සහ ආගම රැක ගනිමින් සිටියා. දේව කුලයේ අය කවදාවත් තමාගේ ආගම පාවදුන්නේ නැහැ. කවුරුහරු හෙලා දකින්න හදන කොට, මට නම් ආඩම්බරයි මගේ කුලය දේව කියල කියන්න. ඒ වුනාට අපි ඔක්කොම එකම විදියට ඉපදෙන එකම විදියට මැරෙන මිනිස්සු.
      මාතලන් ට නම් මම අකමැතියි. ඔහුගේ අදහස් අනවශ්‍ය වගාඩම්බරයෙන් පිරිල නිසා. ඒ මගෙ අදහස. මගේ දේව කුලය නම් පහත් කුලයක් නොවන බව ඉහත ඇනෝ ට ඉතිහාසය මතක් කර දෙමින් කියන්න කැමතියි.මාතලන් නිසා අපේ කුලයට දොස් කියන්න එපා.

      Delete
    8. //AnonymousNovember 15, 2014 at 7:08 PM// හැබැයි, මෙන්න මේ ඇනෝ කමෙන්ට් එක නම් දාල තියෙන්නෙ මාතලන් ම තමයි. එයා හැමදාම සමහර කමෙන්ට් වලට තමන්ට ටිකක් ගට මදි වෙන කොට ඇනෝ කෙනෙක් ලෙස ග්‍රවුන්ඩ් ප්‍රෙපරේෂන් කමෙන්ට් එකක් දාලා ඊට පස්සෙ මාතලන් ලෙස බොඩිය ඉදිරියට දමා තමාගේ කමෙන්ට් රාජයා දානව.මේකෙ බාගෙට බාගයක් අනෝ කමෙන්ට් එයාගෙම තමයි.'' හිහි මයි කාර් මයි පැස්ටෝල්''

      Delete
    9. මට හිතාගන්න බැහැ ඇයි මේ මිනිස්සු මේ දියුණු ලෝකේ කුළ අල්ලාගෙන පිස්සු නටන්නේ කියලා. අනේ මමත් නවන්දන්න කියන කුළේ බව කියනවා. මට නම් ඔය මොකෙක් වුනත් කමක් නැහැ. අපිනම් ඕවා බලබල නෙමේ ජීවිතයට මුහුණ දුන්නේ. මේවා ගැන තර්කකිරීම තියා කතාකිරීමත් තේරුමක් නැහැ. මේකවත් ලිව්වේ මේ ඇනෝගේ කමෙන්ට් එක දැකලා.

      Delete
    10. @ අරූ. ඔබට එහෙම සාදාරණව හිතෙන්නෙ ඔබත් ඇතැම් විට කුලයන් ගැන කියමින් මිනිස්සුන් පහත් කරන සිදුවීම් වලට ලංකාවෙදි පාත්‍ර වෙන්න ඇති.ඔබ ගොවි කුලයෙ වූවා නම් සමහර විට අනිත් අයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ව ඒ විදියට පාච්චල් කරන්නත් තිබුනා. මමත් ගොවි නෙවෙයි.ඒත් මගේ දෙමව්පියො උගත්, ගුනවත් සහ ධනවත් අය.මමත් අද ගොඩක් ඉහල තැනක ඉන්නේ. එහෙත් මා වටා ඇති සමීපම මිතුරු සමාජයෙ පවා ඇතැම් එවැනි අදහස් මගේ පාද යටින් ගලා යනවා මට දැනෙනෙවා. ඇත්තමයි ඇතැම් විට සිත හරියට අසරණ වෙනවා.අපි මොන වරදක් කරාටද කියලා.මම දන්නව මා ඒ අයට වඩා හැම අතින්ම ඉදිරියෙන් ඉන්න්නේ කියල.දුක හිතුනාට හැබැයි, කවදාවත් මට හීනමානයක් නැහැ.ඔවුන්ගේ ජීවිතවල හරියට අඩුපාඩු.මොකෙන් හරි අපි උසස් කියල හිත රවටා ගන්නයි අනිත් අයව කුලයෙන් පහලට දාන්න උත්සහ ගන්නේ.

      Delete
    11. ///// අරූ. ඔබට එහෙම සාදාරණව හිතෙන්නෙ ඔබත් ඇතැම් විට කුලයන් ගැන කියමින් මිනිස්සුන් පහත් කරන සිදුවීම් වලට ලංකාවෙදි පාත්‍ර වෙන්න ඇති.ඔබ ගො///////
      @ඇනෝ.....සත්තයි...මම මෙහෙම සිදුවීම්වලට මුහුණදීලා නැහැ. ඒ මම හැදුණු නාගරික පරිසරය සහ වැඩ කරපු ක්ෂේත්‍රය නිසා වෙන්න ඇති. එහෙම දෙයකට මුහුණ දුන්නා නම් මම උපේක්ෂාවෙන් එය බැහැර කරනවා. එහෙම හුරුවක් එන්න ඇත්තේ අපේ ගෙදර තිබුනු වාමාංශික වටපිටාව නිසාද කියන්නත් බැහැ. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ සියල්ලම ප්‍රේම විවාහ. විශ්වාස කරපන් ඒ එකෙක් හැර හැම දෙනාම ගොවි කුළයේ. උන් එකෙක්වත් ඔව්වා කතාකරන්නෙත් නැහැ. අහන්නෙත් නැහැ.

      Delete
    12. ගල් යුගයේ ජීවත් වන මිනිසුන් හා කුමන වාදද අරූ... මුන් ඔක්කෝම මොන කුලේ උනත් උන් ඔක්කෝම ගොබ්බ කුලේ.. මිනිස්සු වල්ගා තරු වලට ගැජට් බානවා.. මුන් වංසෙ කබල් ගානවා.. පොල් මෝඩයෝ.. මේවට බෙහෙත් නැත.. අපරාදෙ මගේ යුනිකෝඩ් ටික..

      Delete
    13. එල සුද්ද.......
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    14. AnonymousNovember 15, 2014 at 7:08 PM දැම්මෙ මම. මාතලං නෙමෙයි. මං මාතයගෙ බොග බලන්නෙ ඌ කියන්න ඕනි දේ පිහියෙන් ඇන්නැහෙ කියන හින්ද. ඇනෝ ආවෙ ප්‍රොපයිල් එකක් නැති හින්දයි, හදාගෙන කරන්න ලබ්බක් නැති හින්දයි.
      මම උපතින් ගොවිගම. බැන්දෙ වහුම්පුර ගෑනියෙක්. අපිට ලමයිත් ඉන්නවා. ගෑනි තාමනං මා එක්ක නිදාගන්නවා. වෙනසක් නෑ.
      ඔය හැම කුලේම එවුන් පැවත එන්නෙ වඳුරංගෙන් මිසක්, බ්‍රහ්මයගෙන් නෙමෙයි. අපි දියුණුව කරා යනවනං ඔය මගුල් අතහරින්න ඕනි. අපිට ජාතියක් විදිහට දියුණුවක් නැත්තෙ ඔය බෙදිල්ල හින්දමයි. ජාතිය, ආගම, කුලය ගැන හොයන්නයි, කියවන්නයි දවසට පැය කීයක් නාස්ති කරනවද අපි.

      Delete
  2. Poddek import karamu,Api import Baduwalata kohomath Wediya kemathi ne.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඒකත් ටිකක් බයානකයි.. මොකෝ 1994 ත් ඉම්පෝටඩ් බඩුවක් නේ ගෙනාවේ එංගලන්තේ ඉඳලා...

      Delete
  3. පොද්දා ලාල්කාන්ත නෙවෙයි ඔය කිසිම විපක්ශයේ දේශපාලුවෙක් (රනිල් හැර ) වෙනවාට මං නම් කැමති නැත. මංද ජනතාව පිළිගත් හා මහින්දට තරගයක් දිය හැකි එකම 'දේශපාලකයා' රනිල් පමණකි.. නමුත් හොඳම දේ හැටියට දැනෙන්නේ නම කැත කර නොගත් පිළිගත් ඉහල පෙලේ ශ්‍රී ලාංකිකයෙකු පොද්දා කොට විධායක බලතල සහිත ජනාධිපති දුරය ඉවත් කරන බවට පැහැදිලි එකඟතාවයකින් තරඟ බිමට සහයෝගයෙන් බැසීමයි.. ලොක්කාට එන පොට දැන් දැන් හොඳ නැත.. ආපසු කෙළවා ගත යුතු නොහේ.

    ReplyDelete
    Replies
    1. එහෙත් පුද්ගල චරිතය... ඒ කියන්නේ පර්සනැලටිය.. ගේමට බලපානවා.. විශේෂයෙන් කතිකත්වය..

      Delete
  4. මාතා......මේ තරම් දුරක් ඇදගෙන ආ මේ ක්‍රියාවලිය තව දුරටත් ව්‍යාකූල කිරීමේ බ්ලොග් මෙහෙයුම කරන්නේ උඹද පැරාද කියා මට වැටහීමක් නැත. මේ පෞද්ගලිකව උඹලාට කියන කතාවක් නොවේ. හැබැයි පෙනෙන්නේ එහෙමය. පැරා නිර්මාල් ගැන කිව්වේය. තවත් සමහරු අර්ජුන ගැන කිව්වේය. දැන් උඹ ලාල්ව ගේන්නේ ඔහුගේ කතිකත්වය ඉදිරියට දමාය. මේවා විහිලුවට ලියනවාද නැත්නම් මේ පොදු අපේක්ෂක සංකල්පය හෑල්ලුවට ලක්කිරීමට දරන උත්සාහයක්ද මට නොතේරේ. ඒ කෙසේ වෙතත් මේ රට ගමන් කරන්නේ කිසිසේත් යා යුතු නැති දිසාවකටය. කොටින්ම කිව්වොත් සියල්ල එක තැනකට එකතුකර මේ අශිලාචාර ගමන් මගට නිසි උත්තරයක් දෙනවා මිස මෙය විහිලුවකට ලක්කල යුතු නොවේ. රජ ගෙදරට කඩේ යාම වගේම, රජ තුමාට පඩික්කම ඇල්ලීමත් දෙකම එකය.

    මම වෙන තැනක දැමූ කමෙන්ට් එකක් මෙතනට ගෙනත් අලවන්නම්.

    ////.මචං මට කවුරුහරි පිහියෙන් අනින්න ආවොත් , මම දුවලා දුවලා ගිහිල්ලා ලඟම තියෙන්නේ ලේඩීස් ටොයිලට් එකක් නම් ඒකට ගිහිල්ලා හරි දොර ලොක් කරගන්නවා. ඊට පස්සේ එන ගැටලුව බේරගන්න පුළුවන්. මේ වෙන්නෙත් ඒ වගේ වැඩක්. ජනතා පරමාධිත්වයට පිහියෙන් අනින්න පස්සෙන් පන්නනවා. අපි ටොයිලට් එකේ බෝඩ් බල බල ඉන්නව. මේ මොහොතේ කලයුතු දේ වටහාගන්නේ නැතුව, න්‍යායයේ දිග පළල මනිනවා.///////////

    ReplyDelete
    Replies
    1. Well said Aru.I do not understand Maathalan's mind.

      Delete
    2. @අරූ, මේ අශීලාචාර ගමන් මඟට ප්‍රායෝගිකව විරුද්ධ විය හැක්කේ අශීලාචාර විදියකින්ම විතරයි.

      Delete
    3. අරූට ළිපියේ එක තැනක් විතරයි පෙනිලා තියෙන්නේ.. මම ඉන්නේ ලන්ඩන් නෙමෙයි නේ අරූ. මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන දේ.. මේ ළිපිය කියවපු එකෙකුට තේරේවී. මාතෘකාව විතරක් කියවපු එකෙකුට ඒක තේරෙන්නේ නෑ කවදාවත්..

      එල්ක අතකින් ඒක මටත් ආතල්. මොකෝ එකෙක් කියනවා, මම රජතුමාට කඩේ යනවලු. තව එකෙක් කියනවා රනිල්ට කඩේ යනවලු. දැන් මෙහෙම ලිව්වම මම ජෙප්පෙක්. කඩාකප්පල්කාරයෙක්. මම කැමති මේ රටේ හිඟන්නොත් අඩු ගානේ අපේ තත්වෙටවත් එනවා නම්. ඒත් ඒවා තේරුම් ගන්න බෑ. පාට කන්නාඩි දාලා ඉන්න අයට. ඒකට මට කරන්න පුළුවන් දෙයක් නෑ මචෝ..

      පැරා ගැනත් සඳහන් කරලා තිබුන නිසා, පැරා ගැනත් යමක් කියන්නම්. පැරාටත් අවශ්‍ය මේ පාළණ ක්‍රමය නැති කරන්න. අනික ඔහු උග්‍ර මහින්ද විරෝධියෙක්. මට නම් ඒක බොහොම පැහැදිලිව තේරෙනවා. උඹලට නොතේරුනාට. මෙතන මම මට හිතෙන එක දෙයක් පොඩි ඡේදයක ලිව්ව විතරයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මහින්ද මරමු කියලා ලියන එක නෙමෙයි.

      Delete
    4. තව විශේෂම දෙයක් කිව යුතුයි. පැරා නිර්මාල් ගැන ලියපු නිසා තමයි බ්ලොග් ලියන කියවන සමනල සමනලියන් අතරෙත් පොද්දා ගැන කතා බහක් ඇති උනේ. අපි ඒ ගැන ඔහුට ස්තූතී කළ යුතුයි. නැත්නම් ඉතින් මේකේ කී දෙනාද කියවන්න යමක් ලියන්නේ.. කාළින යමක් ලියන්නේ..

      වැඩක් කරන එකා තමයි කොහෙත් බැනුම් අහන්නේ. අර කලින් පෝස්ට් එකක ඔක්කෝම ටික චන්ද්‍රිකා හොඳයි කිව්වේ මහින්දට වඩා.. නොදෝකින් මෙහෙම කාළකන්නි මිනිස්සු.. උන්ට දැන් යුද්දෙත් හොඳයි..

      Delete
    5. //////// මාතෘකාව විතරක් කියවපු එකෙකුට ඒක තේරෙන්නේ නෑ කවදාවත්../////////
      නෑ මාතා......මම ලිපිය සහසුද්දෙන්ම කියෙව්වා. අනිත් කාරනය උඹ ලියන්නේ ඉතාම සරල සිංහලෙන් කාටත් පැහැදිලිව වටහාගන්න හැකි විදිහට නිසා , මම වටහාගත්තේ ඔය විදිහටයි. ඒත් උඹ කියනවානම් මම වටහාගෙන නැහැ කියලා, ඒක මගේ වටහාගැනීමේ දුර්වලතාවයක් විය හැකියි. මට හැඟුනු විදිහට මගේ අදහස ඕකයි.

      ///පැරා උග්‍ර මහින්ද විරෝධියෙක්/////
      ඔහු මහින්ද විරෝධියෙකුට වඩා මේ සිස්ටම් එකම විවේචනයට ලක්කරන මතයක ඉන්න බවයි මට හැඟෙන්නේ. ඒ මොනවා වුනත් , අධිකරනය, පොලිසීය,සිවිල් සේවය, විදේශ සේවය පමනක් නොව ආගම පවා තම දේශපාලන බුල්ඩෝසරයට යටකරමින් සිටින පාලනයක් අවසන් කර දැමීමට නම් කලයුතු වන්නේ, ඒ සඳහා අවම කොන්දේසි යටතේ හෝ එකතුවන සංධානයකට සහයෝගය දීම හැර අන් කවරක්ද. ඒ වෙනුවට අදාල කතිකාව වෙන අතකට යොමු කිරීම හෝ පොද්දා වෙනුවෙන් ඔට්ටු තැබීමට යාමෙන් වෙන්නේ, පාඨකයා වල්මත් වීම නොවේද.. උඹේ බ්ලොග් එක කියවනා අයගේ ප්‍රමාණය වැඩි නිසා එහෙම වෙන්න බැරිද. එහෙම කිව්වාම එයින් කියවෙන්නේ නැහැ, බ්ලොග් එකක් කියවීමෙන් ජන මනස වෙනස් වෙනවා කියලා. නමුත් මේ වගේ දේවල් නේද මව්බිම, සිරස වැනි මාධ්‍ය තුලින් පවා කරන්නේ. වඩාත් සුදුසු වන්නේ පොදු අපේහ්ෂකයෙක් දෙස ධනාත්මකව සිතීම මිස, එය හතර අතේ දක්කාගෙන යාම නොවන බව මගේ විශ්වාසයයි. උඹේ මතයේ සිට අදහස් පලකිරීම උඹේ අයිතියයි. මම කියන්නේ තීරනාත්මක අවස්තාවක පොදු ජනතාව (මේ රෙජීමය පරාද කලයුතු යැයි සිතන ) එක් තැනකට ගොනු කිරීමයි. එය මේ මොහොතේ අවශ්‍යතාවයයි.

      මේ මොහොතේ එක පෙළට එකට හිටගන්නවා හැර වෙන විකල්පයක් නැහැ. ඒ විකල්පයට පිටින් යන්නට සුදානම් වෙන පක්ෂ සහ පක්ෂ නායකයින්ට අනාගතයේ ඉතිරිවෙන්නේ කුණු බක්කිය පමණයි. ඒක කුමාර් ගුනරත්නම්ටද, අනුර කුමාර දිසානායකටද, සජිත් ප්‍රේමදාසටද, රනිල්ටද, චම්පකටද කියා වෙනසක් නැත.

      Delete
    6. ඒකම තමයි මම කිව්වේ. උඹ කියන්නේ මහින්ද මරමු කියලා ලියන්න කියලා විතරයි.. ඒකට උඹ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නම් මට උඹ ගැන දුකයි. සදාම් හුසේන් මරණ වෙලාවෙත් ඒ යකාගේ කට ගැට ගහලා තිබුනේ නෑ. මරණ දඬුවම දීලත් චූදියටත් අවස්ථාවක් තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකක්ද කියලා කියන්න. එහෙමයි මිනිස්සු වැඩ කරන්නේ. උඹ කතා කරන්නේ 88 - 89 ජෙප්පොන්ගේ නීතිය. ඒක නෙමෙයි නීතිය කියන්නේ. ඒකට කියන්නේ කැලෑ නීතිය. විරුද්ධවාදියාටත් අවස්ථාවක් තිබිය යුතුයි. උඹ අපේ හඬ වහන්න තැත් කලාට, කවදාවත් උඹලට බෑ නේ ආන්ඩුවේ හොරණෑවල් වහන්න. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඔහොම අල්ලලා පොද්දා අරින්න පටන් ගත්තාම කතා කර ගන්නත් බැරි වෙනවා. ගොඩක් උන්ට අද වෙලා තියෙන්නෙත් ඒකයි. මොකෝ දියසේන කුමාරය දිගට හරහට අරිනවා.. කෑ ගහන්න බෑ.. ලැජ්ජාවට..

      Delete
    7. වටිනම වචන ටිකක් මාතලං. අරූලා කතා කරන්නේ එක අන්ත වාදයකින් අනිත් අන්තවාදයට ඇදගෙන යන්න විතරයි. එහෙම යන ගමනෙදි කවුරු හරි ඇත්ත හරි හැටියට දැකලා මැද ඉදන් කතා කරන එක ඉල්ලීමෙන් හෝ තර්ජනයෙන් බැරිනම් අපහාසයෙන් උපහාසයෙන් හෝ මැඩ පැවැත්වීමයි මේ කරන්න හදන්නේ.

      මාතලං මහින්දට ගහන කොට හුරේ දාන අය මාතලං රනිල්ට ගහනකොට කකුලෙන් අදිනවා. මාතලං රනිල්ට ගහන කොට හුරේ දාපු අය මාතලං මහින්දට ගහන කොට කකුලෙන් අදිනවා. මේ තත්වයට ඉඩ දෙන්න හොඳ නැහැ. අද මාතලං, මේ අරූලා වගේ අන්තවාදී උදවියගේ අර්ථ විරහිත කතා වලින් සැලුනොත් හෙට දවසේ මැදිහත්ව දකින කතා කරන කෙනෙකුට යන්න තියෙන පාරයි වැහෙන්නේ. කරුණාකර මාතලං මේ තත්වය ඇති වෙන්න තියන්න එපා. මහින්දටත් රනිල්ටත් කිසිවකුට ගැති නොවී ඒ වෙලාවේ ඒ මොහොතේ පේන්න තියෙන කාරණාවල දෙපැත්තම මේ විදියට දකින්න. ලියන්න. කතා කරන්න. එය ඔබ කරන විශාල මෙහෙයක්. මහින්දද රනිල්ද කියන එක නෙවෙයි කාරණය. පුරවැසියන් හැටියට අපිට ඇති අයිතිය මේ අන්තවාදීන්ට යට වෙන්න නොදී රැක ගැනීමයි කාරණය. ඔබට ජය!

      @අරූ-
      ලැජ්ජයි මහත්තයෝ. මිනිහෙකුට තමුන්ට පේන්න තියෙන දේ ඒ විදියට ලියන්න කියන්න තියෙන අයිතියට වැට බදින්න හදන ඔහෙලා වගේ අයද මේ රට හදන්න කතා කරන්නේ? ඔහෙලා වගේම ඇති ඔහේලා ගේන්න හදන නායකයොත්. තමුන් කඩේ ගියාට කමක් නැහැ. ඒත් මධ්‍යස්ථ මිනිස්සුන්ටත් ඒ කඩේටම යන්න බල කරන්න එපා. ඒක කැතයි. තමුන්ට පේන්නේ නැතිව ඇති. ඒත් බලං ඉන්න අයට පේනවා. ලැජ්ජයි.

      Delete
    8. මචං....උඹ මේ උත්තරය දීලා තියෙන්නේ මටද? මගේ අදහසට පිලිතුරක් හෝ අදහසක් ලෙස උඹ කියන කාරනය මට ගලපාගන්න බැහැ. මොකද 88-89ජෙප්පන්ගේ නීතිය හරි යැයි කියා හෝ සහ මහින්ද මරන්න යැයි කියා ලියන්න යැයි මම කොහේවත් ලියලා තියෙනවාද. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේනුවකවත් වැටහීමක් තියෙන කෙනෙක් 88-89 ජෙප්පන්ගේ නීතිය අගය කරයිද...දේශපාලන චරිතයක් ඝාතනය කලයුතු යැයි තියා එසේ ලියන්න යැයි කියාවත් ඉල්ලා සිටීද..

      Delete
    9. @ඇනෝ මහත්තයෝ......මම කියන්නේ පවතින අන්තවාදය නැවැත්වීම සඳහා එකතුවිය යුතු බවයි. ඔබ කියනා මා නොදකිනා අනිත් අන්තවාදය කුමක්ද? අපි කේන්ති නොගෙන සීරුවෙන් මේ දිගේ සංවාද කරමු.
      අනිත් එක මිස්ටර් ඇනෝ මතක තියාගෙන ආපහු කියවලා බලන්න. මාතලන්ගේ ලිවීමේ හෝ අදහස් පලකිරීමේ අයිතියට තර්ජනය කරන්න මට තියා මාතලංගේ අප්පා වලෙන් නැගිටලා ආවත් කරන්න බැහැ. මම එහෙම දෙයක් ලියලා නැහැ. මම අහන්නේ පොදු අවශ්‍යතාවයකදී එක් තැන් විය යුතු මිනිසුන් හතර අතේ යැවීම හරිද කියන එකයි.

      Delete
    10. ඔව් මචෝ උඹට තමයි උත්තරේ දුන්නේ.. උඹ කියන්නේ ඒක නෙමෙයි කිව්වට, කියන්නේ ඒකම තමයි. මාධ්‍යකරණය කියන්නේ පැත්තක් ගැනීම නෙමෙයි.. වැරැද්ද කවුරු කලයි වැරදියි කියන්නත්, නිවැරදි දේ නිවැරදියි කියන්නත් පුළුවන් එකට. ඒක තව කෙනෙකුට වැරදියට පේන්න පුළුවන්. මේ ළිපිය සාධාරණව කියවන කෙනෙකුට, මේකේ පොදු අපේක්ෂක කතාවට වඩා ආන්ඩුව විවේචනය කිරීම වැඩියි වගේ මට නම් පේන්නේ. උඹලා කියන විදියට මහින්ද සියඹලා ගෙනල්ලම නෑ. කොහොම උනත් කවුරු මොන දේ කලත්. පොද්දයි මහින්දයි සැසඳිමකුත් කරන්නම වෙනවා.. මොකෝ මෙතනින් පස්සට යන්න බෑ නේ. අපි හිතමු චන්ද්‍රිකා වගේ කෙනෙක්ය කියලා. එතනදි මම අනිවාර්යයෙන් මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නවා.. ඒ මගේ අයිතිය.

      Delete
    11. /// මාධ්‍යකරණය කියන්නේ පැත්තක් ගැනීම නෙමෙයි.. වැරැද්ද කවුරු කලයි වැරදියි කියන්නත්, නිවැරදි දේ නිවැරදියි කියන්නත් පුළුවන් එකට. ඒක තව කෙනෙකුට වැරදියට පේන්න පුළුවන්/////////

      මේ ගැන උඹ මෙහෙම සඳහන් කරන්න පෙර...ඊට උඩින් මගේ මූලික අදහසේම මම මෙහෙම ලියලා තියෙනවා. /////// උඹේ මතයේ සිට අදහස් පලකිරීම උඹේ අයිතියයි. මම කියන්නේ තීරනාත්මක අවස්තාවක පොදු ජනතාව (මේ රෙජීමය පරාද කලයුතු යැයි සිතන ) එක් තැනකට ගොනු කිරීමයි. එය මේ මොහොතේ අවශ්‍යතාවයයි.//////

      ඒ නිසා මාධ්‍ය නිදහසයි....ලිවීමේ අයිතියයි ගැන තර්ක කරමින් ....මා නොසඟවා ගොඩනගනා තර්කය පසෙකට දාන්න එපා මචං.

      මම නැවතත් අහන්නේ.....මේ මොහොතේ කලයුත්තේ "මේ අවිධිමත් ,අශිලාචාර, වර්තමාන පාලනයට තිත තැබීම සඳහා පොදු අවශ්‍යතාවයක්ව ඇති පොදු අපේක්ෂකයෙක් මතුකරගැනීමේ උවමනාව සඳහා ධනාත්මකව තල්ලුවක් දිය යුතුද සහ අවසන් තත්පරයේ එය සැහැල්ලුවට ලක්කිරීම පිනිස ලාල්කාන්තලා, සුනේත්‍රලා, අර්ජුනලා, ගිරිගෝරිස්ලා, අප්පුහාමිලා මේ ගොඩට දමා සංවාදය වෙනතක යැවීම සුදුසුද " යන්නයි.

      මහින්දගේ සියඹලා කෙසේ වුවත් මේ පාලනය අවිධිමත් සහ අශිලාචාර යැයි පෙන්වීමට උදාහරන මම දෙන්න ඕන නැහැ. ඒවා උඹගේ සටහන් තුල උඹ විසින්ම අනන්ත වාරයක් පෙන්වා දී තිබෙනවා. අවශ්‍යනම් ඒ දේවල් අපි මතු කරගමු.

      Delete
    12. ඇයි ලාල් කාන්ත අප්ෂට්ද මචං... මම හිතනවා රනිල්ට පස්සේ ඉන්න නියම සුදුස්සා ඔහු කියලා.. අර්ජුණ ගැන මම ලියලා නෑ.. මහින්දට ගේමක් දෙන්න, දේශපාලනේ නොදන්න උන් දාගෙන වැඩක් නෑ. උඹ බලලා තියෙනවද දන්නේ නෑ ජනක් ප්‍රේමලාල්ගේ රාජකපුරු නාට්ටිය. පොද්දා හොයන කට්ටිය රඟපාන්නේ ඒ නාට්ටිය මචෝ.. ඇත්තටම උන්ට පොද්දෙක් නෑ.. තාම හොයනවා.. රාජකපුරු බලලා නැත්නම්.. බලපු එකෙක්ගෙන් පොඩ්ඩක් අහපන්කෝ.. මේ තනිකර ඒක.. එතකොට ඒක විවේච්නය කිරීම වැරදිද..

      Delete
    13. ////ඇයි ලාල් කාන්ත අප්ෂට්ද මචං/////
      මචං උඹ මුලින්ම කිව්වා වගේ මම ඉන්නේ මෙහේ. උඹ ඉන්නේ ලංකාවෙනේ. කරන්න පුලුවන් මොකක්ද සහ බැරි මොකක්ද කියලා උඹ දන්නවනේ. ලාල්කාන්ත අප්සට්ද නැද්ද කියනවාට වඩා අපසට් එක තියෙන්නේ, පුලුවන් දේයි, බැරි දේයි පලවා ගන්න වෙලා තියෙන එක.

      අද ඉරිදා. මොකක් හරි එකක් ලියලා දාන්න ඕන කමකුත් තිබුනා බ්ලොග් එකේ. ඊට වඩා මෙතන රසවත් වගේ නිසා මෙතන එල්ලුනා.

      Delete
    14. කොහොම හරි මේ ඇනෝලා දෙන්නම සත්තරන් මහත්තුරු.. අනික ෂුවර් එකටම බ්ලොග් ලියන උන් නම් නෙමෙයි.. මොකෝ උන් බලන්නේ හිතවතුන් කොටවන්න.. සංවරව අදහස් දැක්වීම පිළිබඳව ඇනෝලා දෙන්නටම මගේ ආචාරය..

      Delete
    15. මරාගැනීමෙත් පොඩි ආතල් එකක් තියෙනවා මචෝ.. ඒකනේ අපි උනත් බොක්සිං ගේම් රෙස්ලින් ගේම් තාම බලන්නේ.. කොච්චර විරුද්ධ උනත්..

      Delete
    16. අන්න මාතලංට වැරදුනා. ඔය ඇනෝලා දෙන්නගෙන් එක්කෙනෙක් මම. හැබැයි මම බ්ලොග් ලියනවා දැන් අවුරුදු 5කටත් වඩා කාලයක් සහ අදටත් මං ලියනවා.
      අපි ළග කෙටවිලි නැහැ. ඇනෝ නෑවිත් කමෙන්ට් කලොත් වෙන අය අපිව කොටවන්න බලනවා. ඒකයි ඇනෝ ඇවිත් කමෙන්ට් කරන්න වෙලා තියෙන්නේ.

      Delete
    17. එළකිරි මචෝ... මේකේ ඉන්න මහත්වරුන්ට තැනක් නෑ ගොබ්බ යක්කු නිසා.. පර්සනැලටි කේස් එකක් තියෙන්නේ සත්තරන්..

      Delete
    18. අරූ ඇනෝට.''මචං උඹ මේක කිව්වේ මටද? '' මාතලන් අරූට. ''ඔව් මචං උඹට තමයි''.මේකට තමයි කියන්නේ හොරාට පෙර කෙහෙල් කැන වැට පැනීම කියලා. මාතලන්ට හදිසියට අමතක වෙලා එයා ඒ වෙලාවෙ කමෙන්ට් කරේ ඇනෝ වශයෙන්ය කියලා. ඉතින් ඇනෝ වශයෙන් උත්තර නොදී මාතලන් ලෙස උත්තර දීලා.පට්ට ඕයි....!

      Delete
    19. ඇනෝ ලෙසින් කොමෙන්ට්ස් කොටන බ්ලොග් කාරයෝ හිතන්නේ අනික් එකාත් එහෙම කරනවා කියාය. ඒ කොන්දක් නැති පෙන්දෝය..

      Delete
  5. මාතලන්ටත් මහින්දයට වගේ,ජබර කලන්තෙ හැදිල.

    ReplyDelete
    Replies
    1. මට විතරයෑ... ඔය උඹටත් හැදිලා තියෙන්නේ..

      Delete
  6. පොද්ද මොකෙක් වුනත් කමක් නැතය කියල මම සිතනවාය.....
    විය යුත්තෙ ඇට ඩබල පුකේ ගහගෙන ... ඇබරි ....ඇබරි ඉන්න MY3 ඇතුළු සෙට් එක ඩලා කියන සෙවන්ටි 2 අවස් ඔලින් පස්සෙවත් පොද්දට සප් එක දෙනව කීම පමණය.....
    එතකොට ජනතාවගෙ මොරාල් එක නගිනවාය......
    ඉන් පස්සෙ ඔය දක්ෂ කතිකයො ටික ගම් මට්ටමින් පණිවිඩේ දෙන්න ඕනය ලොක්කව බිම් මට්ටමට ම වැටෙන්න.......
    ජඩ මාද්දිය වලින් පොද්දට කිසි හෙල්පර් එකක් නැතිය.....නයි ඇන්ටිය දෙන ගුලි ගිලින බයියන් තාමත් ඉන්නවය.....
    අර නිෂ්මන් කොල්ල ලග එල අදහස් ටිකක් තියෙනවය.....වීදි නාට්ටිය අනුසාරයෙන් ගං බයියන්ට පණිවිඩය දිය හැකි.....කරනව නම් අන්න වැඩය .....
    මචං සුද්ද.......කරු පබා කෙල්ලට පරාදයි කිව්වට........කාල් ලාන්ත ආසනෙත් පරාද විලා ....දියවන්න කැන්ටිමෙන් බත් කන එකත් නැති කොර ගත්ත බුවෙක් නේද........
    කොහොමත් ආණ්ඩුවෙ කඩේ යන එවුන්ට පුල් අන්දොස්ය........
    ජනවාරියෙ වින්ටර් සිසොං නිසා ටිකට් බුක් කොරන එකත් පහසු නැතිය......
    ලොක්කගෙ පැමිලියට නම් අලුතින් ගෙනා එයා බස් එක තියෙනවාය ටිකැට් නැතිවම සුවාසිලන්තයට ගොඩ බහින්න......
    නමුත්.....අනිත් අවසේස හැත්තට යන්න වෙන්නෙ Navy සිප් වල ......China සම්මැරීන් ආරක්සාව යටතේ ය .......ලොක්ක ලෝස් නැතිව ජනතා මුදල් ආධාර දුන්න රට ඔලට ටිකට් නැතිවම........ හෙක්....හෙක්.....ජනතාව එයාලට ටිකට් එක දුන්නම.....


    ReplyDelete
    Replies
    1. කොහොමත් ආණ්ඩුවෙ කඩේ යන එවුන්ට පුල් අන්දොස්ය........
      ජනවාරියෙ වින්ටර් සිසොං නිසා ටිකට් බුක් කොරන එකත් පහසු නැතිය......
      ලොක්කගෙ පැමිලියට නම් අලුතින් ගෙනා එයා බස් එක තියෙනවාය ටිකැට් නැතිවම සුවාසිලන්තයට ගොඩ බහින්න......//
      ආණ්ඩුව පෙරළුනොත් කෙන්ජිලා සිදුකරන්නට යන මහා සංහාරය ගැන වෙන්න ඕන කෙන්ජි මේ කියන්නෙ
      අපට කියන්න කෙන්ජිලා 1977 දි පොලීසියට සතියක් නිවාඩු දීල කරපු සංහාරයට වඩා භයානක එකක්ද කරන්න යන්නෙ'
      අලිපාටියට අයිති නැති අය පවුල් පිටින්ම මරා දාන්නද යන්නෙ

      Delete
    2. අවුරුදු හතට පොලීසියට සතියයි නිවාඩු දුන්නෙ
      අවුරුදු විස්සට පොලීසියට මාසයක්ම දෙන්න ඕන
      එදා 77 දි කපන්න ඔන්න මෙන්න තිබුන ගොයම් වලටත් කෙන්ජිල ගිනි තිබ්බ
      ගෙවල් වල බඩු කුඩු කරල අල්මාරි හිටන් පොරෝ වලින් පැලුව
      සමහරු මාස ගනන් හැංගිල හිටියෙ
      ජේ ආර් කිව්ව අලිය තව හොඩවැල ඉස්සුව විතරයි කියල
      රුපියල් දහයක් පඩිවැඩි කරන්න ප්‍රොටෙස්ට් එකක් කරපු අය එක රැයින් එළියට ඇදල දැම්ම
      ඒ කාලෙ හොඳයිලු දැන්ලු ඒකාධිපතියො ඉන්න

      Delete
    3. ලාල් කාන්ත විතරක් නෙමෙයි අනික් උන් පැරදුනෙත් බැල් එකෙන් එල්ලපු නිසා. ඒත් උබට මතකද මන්දා උන් ඔක්කෝම සංධානෙන් ඉල්ලුවාම උඩින්ම උන්න අය. උන් සංධානෙන් යෑමත්, මහින්ද මහත්තයා පිස්සු කෙලින්න ප්‍රධාන හේතුවක්..

      Delete
    4. @ kenji kunuharupa kata. yes, in your dreams!

      Delete
  7. මේක සංක්‍රාන්තික සමය

    ReplyDelete
    Replies
    1. හරි..

      පොද්දා දින්නොත්.. සංකාන්ත්‍රික සමයක් වෙනවා..

      ලොක්කා දින්නොත්.. ප්‍රජාචන්ච්‍රවාදයේ මල ගම..

      ඊට පස්සේ මාතලුනුත් දේශපාලනේ ලියන්නේ නෑ. මොකෝ තව ටිකක් කල් ඉන්න ආස නිසා. මාත් ඔය හැලපේ ඉල්ලන රොකට් රෝහිණිගේ කතාව වගේ කතාවක් ලියාගෙන, අරලිය දන්සැලෙන් හොඟකන කළාකාරයෙක් වෙනවා...

      Delete
  8. ලංකාවේ අද ඇති පාලන ක්‍රමය යටතේ විරුද්ධ පක්ෂයක් කියා දෙයක් ඇතිවීමේ සුළු හෝ ඉඩක් නොමැත. හරියට රාජසිංහ රජ්ජුරුවන්ට විරුද්ධ පක්ෂයක් නොතිබුණා වගේය. මේ රාජසිංහ රජ්ජුරුවන්ද පරාජය කළ හැකි එකම ක්‍රමය බටහිර ආධාර ඇතිව කුමන්ත්‍රණයක් කිරීමයි. රිලවා බය වී ඔන්නේ නිකම් නොවේ.

    ReplyDelete
    Replies
    1. දැක්කද ඊයේ කරලා තියෙන වැඩේ.. ප්‍රාදේශීය උන්ගෙයි, නගර සභා උන්ගෙයි පඩි අම්බානට වැඩි කරලා.. බජට් එකේදි උන්ව අමතක වෙන්න ඇති. නන්දන පැන්නා විතරයි ලොක්කා බය උනා. මේ කාලේ තමයි නියම කාළේ පඩි වැඩි කර ගන්න. එයාර් ලංකා එකේ සිරි ලංකා කාරයෝම ඉස්ටයික් කොලා. පඩි වැඩි කලා.. ලොක්කා දැන් වෙස්සන්තර අප්පුහාමි වගේ. මට බය දරුවොත් දන් දෙයිද කියලා..

      Delete
  9. යූ එන් පී එකට කවදාවත් දිනන්න බැරි ඇයි?

    1. හම්බන්තොට ඉන්නේ එක චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු තමන් කොච්චර දුක් වින්දත් "ගමේ එකා නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    2. මාතර ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දෙමළාට ඇරපු නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    3. ගාල්ලේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "හම්බ ආක්‍රමණය වැළක්වීම පිණිස" ඥානසාර කියන නිසා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    4. මොණරාගල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "නියං ආධාර 2,500 දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    5. පොළොන්නරුවේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "පොහොර සහනාධාරය තව දුරටත් ලබා ගැනීමට" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    6. රතුපස්වල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ජල ප්‍රශ්නය විසඳා දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    7. කොළඹ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ඉස්සර යූ එන් පී ආණ්ඩුවකින් ස්ට්‍රයික් කළ තාත්තාගේ රැකියාව අහිමි කළ නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    8. මහියන්ගනේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහුගේ සොහොයුරෙක් මාවිල් ආරු සටනේදී මියගොස්ය. එනිසා හැමදා ඡන්දය මහින්ද මාමාටය.
    9. දඹානේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "මහ හූරා තරහ කොරගෙන කොහොමද බං? කාර් පොජ්ජක් පෝං පොජ්ජක් හරි දෙන්න ඉන්නෙ උන්නැහේ විතරනෙ" කියා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    10. කුරුණෑගල තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දයාසිරි ලස්සනට සින්දු කියන නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    මුළු රටේම (උතුරු නැඟෙනහිර හැරුණු විට) ඉන්නේ මේ වගේ චතුෂ තුෂර කුමාරලාය. යූ එන් පී එක ඔය තරමට වත් ඡන්ද ගැනීම ගැන පුදුම වන්න.

    ReplyDelete
    Replies
    1. මේකම කලිනුත් ලියලා තිබුනා නේද.. කොහොම හරි පට්ට ක්‍රියේටිව්... එකම දේ මේක තේරෙන්නේ බ්ලොග් කාරයන්ට විතරයි..

      Delete
    2. ඕක ගිහින් මාරයාගෙ බ්ලොග් එකේ ලියපිය.මෙතන ලිව්වම ඌ දකින්නෙ කොහොමද?පාලු ගෙවල් වල වලං බිඳින්න එපා ඩෝ..!

      Delete
  10. අරූ ඉහලින් කී දේ
    බොක්කටම වැදුනා
    විමලුත් පැයෙන් පැය දැන්
    පොදු අපේක්ෂකයා
    මාරු කරයි....
    කෙසේ වුවද ජනතාව ඉල්ලා සිටින ශක්තිමත් නායකත්වය
    රනිල්ගේ අපේක්ශකත්වය පැහැදිලිවෙමින් යයි.
    කියන දේ කරයි

    ඉන්දියාවේ මෝදිටත් පවුලක් ළමයි ගමේ ඈයෝ නෑයෝ නැත.
    ඒත් ඔහු මව් රටට බොහෝ ලැදිය.
    රනිල්ටත් ඉහත කී බොහෝ දේ නැත.
    එනිසා නන්දන ගුණතිලක කියූ ලෙස
    පවුල් වනාන්තරයක් රනිල්ට නැත.

    අහුවෙන හැම කක්කුස්සියටම තම නම දාන්නේ නැත.
    ඔහු මහරාජාට කීවේ යූ එන්පිය පෙප්සි කෝලා කොම්පැනියක් නොවන බවයි. ප්‍රශ්නාර්ථයක් වුවත්??? මහරාජට ඕනෑ ඕනෑ විදියට යූ එන් පියෙ තනතුරු දෙන්න බැරි බව ඔහු ප්‍රසිද්ධියේ කීවේය.???


    ReplyDelete
    Replies
    1. දයාල් මගේ බ්ලොග් කටුව දිගටම කියවූ අයෙකු යයි සිතමි. ඉන් එහා කීමට දෙයක් නැත. මම කැමතිම පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහයි.. එහෙත් මේ රටේ පොල් බූරුවන් ඔහුට කැමති නැත.

      Delete
    2. ඕක ඇඟෙන්ම එන දෙයක්ද? අහවල් හේතුවකටද ඔය?

      Delete
    3. එතන පැහැදිලිව තියෙන්නේ හීනමානය.. ඒ බයියන්ගේ හැටි..

      Delete
    4. දැන් කවුද එතකොට බයියා??

      Delete
    5. රනිල්ට බය උන්..

      Delete
    6. යූ එන් පී කාරයන්ට බයවෙන්න ඕනි තමයි. දැන් තියෙන්නෙත් යූ එන්පී ආණ්ඩුවක්මනේ. ඒකනේ මේ ආණ්ඩුවටත් හැමෝම මෙච්චර බය.

      Delete
  11. Who is chathusa thushara kumara?

    ReplyDelete
  12. සිංහල බොග් ලියපු උන් කෝ දැන් මෙකේ ඇනෝ කමෙන්ටු :0

    ReplyDelete
    Replies
    1. ප්‍රොඅෆයිල් නමකින් හරි බ්ලොග් ලිව්වාට කොන්දක් තියෙන්න එපාය. අනුන්ගේ කොඳු නාරටි චෙක් කරනවා කොන්දක් නැති ගැඩවිල්ලෝ..

      Delete
    2. මා මෙය ලියන්නේ මාතලන්ටය. ඇනෝලාට කොන්ද ගැන කිය කියා බනින එකේ තේරුම මොකක්ද?ඇනෝ කමෙන්ට් කියා දෙයක් බ්ලොගර් සහ වර්ඩ් ප්‍රෙස්ස් වල ඇත්තේ එවැනි අදහස් දැක්වීම් වලට ඉඩ දිය යුතු නිසාය.කියන්නේ කව්ද නොව කියන්නේ කුමක්ද කියා බලන්න.ඔබ කැමති කමෙන්ට් ඇනෝ වුවද ඔබ සතුටින් බාර ගන්නව. අනික් ඒවට බනිනවා ඌගෙ කොන්දෙ ලොකේශන් එක හොය හොය.මේ සිංහල බ්ලොග් කාරයො විතරයි ඔහොම කරන්නෙ.

      Delete
    3. අනෙකුත් බ්ලොග් හිටන් කියවලා බලන්න. විශේෂයෙන් බ්ලොගර් රිප්ලයි කරන ඒවා.. බ්ලොග් කියන්නේ වෙනම කලාවක්.. ගොසිප් සයිට් වෙනම කලාවක්..

      Delete
    4. තෝදන්න රෙද්දෙ කලාව

      Delete
  13. රී ලංකා කාරයන් යනු පජාත පොන්නයන්ය.එදා සිරිමගෙ කාලෙ ප්‍රවේණිදාසයන්ට මඤ්ඤොක්ක කන්ඩ කියා සිරිමල හොඳ හෝටල් වලින් කෑවාය.
    ඒවා ප්‍රවේණිදාසයන්ට ගානක් නැතුවාය.
    රෙදි යාරයක් ගන්න පාන් ගෙඩියක් ගන්න රෑ තුනට හතරට පෝලිමට එක් වුනාය
    සමාජවාදය සඳහා දුක් විදින්න යැයි ඇන් ඇම්ලා කීවාය
    සිරිමලා මඤොක්ක කෑවේ නැත.ඇන්දේ සුපිරි ඇදුම්ය.
    රට වහල්භාවයෙන් නිදහස් කළේ ජේ ආර් ය.
    ඒක සමහර බල්ලන්ට තේරෙන්නේ නැතුවාය.අදෝමැයි.
    එදා සිරිමලටද පවුල් වනන්තරයක් තිබුණි.බන්ඩාරනායකල රත්වත්තෙල ලොකු තානාන්තර බදාගෙන කෑවාය.
    මට රකින්න පරපුරක් නැත.ඔටුණු පළදවන්න කුමාරයන් නැත.ජේ ආර් කීවාය.ඒකත් සමහර පොන්නයන්ට ඇදය.
    රටට සුදුසු නායකයා වෙන මොකෙක්වත් නොව රනිල්ය.ඔහුට පවුල් වනන්තරයක් නැත.
    එහෙත් රටේ බහුතරය පොන්නයෝය
    අදෝමැයි

    ReplyDelete
    Replies
    1. ඒත් පොලිටික්ස් කරන උන්ට ඕන රනිල් මරන්න නේ... පොදු සතුරා මහින්ද නෙමෙයි බලාගෙන ගියාම.. බලේ නැති රනිල්..

      Delete
  14. ලාල් කාන්තට වඩා අනුර කුමාර හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. මම කැමති ලාල්ට උඹ කැමති අනුරට.. සමහර උන් කැමති "දිනන තුරා" ට. ඒ කියන්නේ ටිල් වින් ට...

      Delete
  15. මම කොහොමත් කැමති අනුර කුමාරට. නමුත් යූ එන් පී එකෙක් වත් කොහොමත් කැමති නෑ ජේවීපී එකෙන් පොදු අපේක්ෂකයෙක් ගේන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් මාත් පහල කියල තියෙන්නෙ.කිසි තේරුමක් නැති පෝස්ට් නෙ මෙව්ව.

      Delete
    2. එහෙමම කියන්න එපා.. අපි දන්නේ නෑ නේ තවමත් කව්ද කියලා.. මොකෝ එදා මුත්තයියා ග්‍රවුන්ඩ් එකේ ලාල් කාන්තත් හිටියා..

      Delete
  16. අනේ මාතෙ දැන් රටේම මිනිස්සු පොදු අපේක්ෂකය කියල පෝස්ට් දානවද .උඹට පෝස්ට් කෝටි ගානක් දාන්න වෙයි.ලාල් කාන්ත නායකත්වයක් තියන දක්ෂයෙක් තමයි.ඇත්තටම ජවිපෙ නායක වෙන්න තිබුනෙත් ඔහු.ප්‍රධාන පක්ෂෙක හිටියනම් කොහෙන් නතර වෙයිද කියල හිතන්න බැරි තරම් පෞර්ෂයක්.ඒත් වර්තමානයෙ ඔහු පොදු අපේක්ෂකය නොවෙයි කියල රටම දන්නවනෙ බන්.මේ වගෙ පෝස්ට් නිකම් විහිලු විහිලු වගෙ.

    ReplyDelete
    Replies
    1. ඉතින් හිනා වෙලා නිකන් හිටහන්.. උඹට ජෝක් එකක් වගේ.. තව එකෙකුට වැඩේ අල කිරීමක් වගේ.. මට මගේ බ්ලොග් එක මසුරන් වගේ.. ඒක තමයි මිනිස් ස්වභාවය.. මිනිස්සු හිනස්සන එකත් ලේසි වැඩක් නෙවෙයිය කියනවනේ...

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++

      Delete

  17. එළි වෙනවා රෑ වෙනවා
    රෑ වෙනවා එළි වෙනවා
    එක ඉර එක තැන දිලිහෙනවා
    ලෝකය කැරකෙනවා...

    දුවන අය ලොවේ දිනනවා
    පැරදුම එතකොට දුවනවා
    උදාසීන වී සිටියොත් ලෝකේ
    ජයටැඹ වෙත යා හැකිවේදෝ...

    දිනුම දිනන තැන කණුවකි
    දිනුමයි කණුවයි දෙදෙනෙකි
    සදා කාලයෙනත් මොහොතක් පමණයි
    කණුවයි දිනුමයි හමුවන්නේ...

    ලොවම තරඟ පිටියකි අගේ
    දිනුම පරාදය එහි නැඟේ
    ගලා හැලී යළි කාලය අතරේ
    මිනිසා දිවයයි ඒ මාර්ගේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් දසනායක
    යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ එච්. ආර්. ජෝතිපාල

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නේ කඩියෝ වගේ කඩිසර වෙන්න ඕන උන් පෝල....බෙයා වගේ උදාසීනයි නේ..

      Delete
  18. බැරි වෙලාවත් කරූ ආවොත් නයා එක්ක ගේමට ඇලිමුගටිය දානව වගෙ ආණ්ඩුව පබාව අපේක්ෂිකාවක් විදියට දාන්නත් ඉඩ තියනව.
    ගමේ කතාවක් තියනව මුගටිය ඇලි මුගටියෙක් එක්කගෙන එන්නෙ කරේ තියාගෙන කියල.නයෙකුයි මුගටියෙකුයි හම්බුනහම මුගටිය යනවලු ඇලි මුගටිය එක්කගෙන එන්න.
    කරූ ආවොත් පබාව ගේනව.එතකොට මහින්ද එක,පබා දෙක ,කරූ තුන
    වෙන ඔප්ශන්ස් බැහැනෙ.මහින්ද පබාට පරදිනව කියල තියරියක් නෑනෙ.
    නිගමනය මහින්ද එක,පබා දෙක,කරූ තුන

    ReplyDelete
    Replies
    1. කොහොමත් ආන්ඩුවෙන් තවත් ප්‍රභල අපේක්ෂකයෙක් දානවාමයි..

      Delete
  19. ලංකාවෙත් ඉන්නෙ පුදුම කාලකන්නි ජනතාවක්... මුන් කාලයක් පාහර රාජපක්ෂලව ඔලුව උඩ තියාගෙන ගියා, දැන් පොදු අපේක්ෂකයගෙ දත් බලන්න හදනව...

    ගොන් හැත්තට ඇයි දන්නෑ බැරි පබයෙක් පොදු අපේක්ෂක කලත් ඌ රටට සාපයක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල යන නිසා ගිහිල්ල රාජපක්ෂව පරද්දන්න ඌට කතිරෙ ගහන්න...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණේ තියෙන්නේ ඒක අයින් කරනවයි කියලා තියෙන ගැරන්ටිය මොකක්ද කියන එකයි. මොකෝ එන හැම එකාම එන්නේ, ඒක නැති කරනවා කියලා.. ඒ උනාට ආවයින් පස්සෙ එහෙම දෙයක් කිව්වද කියලවත් මතක නෑ. ඒක නේ මහින්ද මහත්තයා උනත් සඟරා කතාවක් කියන්නේ. එකෙක් නෑ අහන්න. 2005 දී කිව්වේ මොකක්ද කියලා අහන්න.. ඒවා අහන්නෙත් අපි..

      Delete
  20. අරූ මහත්තයට @
    හරි අපූරු දෙයක් මට පේන්න තිබුන.මාතලන් තමන්ට පේන දේ කලාත්මකව කියන කෙනෙක්.වෙන්න ඕනත් ඒකයි.ඒත් අපේ මිත්‍ර අරූල වගෙ අන්තවාදීන්ට ඕන අනෙක් අය රූකඩ නැටුමකට ගෙන යන්න.ඒ අයගෙ රූකඩ සිස්ටම් එකෙන් පීලි පනිනකොට තරහයි. අරූ මහත්තයො හැමෝම ඔයා වගෙ අන්තවාදීන් නොවෙයි.නිදහස්ව හිතන අය ඉන්නව.ඕනම කෙනෙකුට තමන් කැමති මතයක් දරන්න අයිතිය තියනව.
    අන්තවාදිය කියන්නෙ ස්ටියරින් වීල් එක අත ඇරල ඇක්සලේටරේ විතරක් පාවිච්චි කරන කෙනෙක්.හෙලක්,පල්ලමක් ,පර්වතයක් තිබ්බත් ඒක කඩාගෙනයි යන්නෙ.ඒකෙ ප්‍රතිඵල කියන්න ඕන නෑනෙ.ඒ අයට බ්‍රේක් නෑ.
    ඔයත් මුලාවෙලා අනික් අයත් මුලාවෙ දාන්නයි ඔයා හදන්නෙ
    හිතන්න මේ ලෝකෙ එකම පාටක් විතරක් තිබුන නම් කොයි තරම් නීරසද
    වෛවර්න විදියට දකින්න.

    ReplyDelete
    Replies
    1. /////මාතලන් තමන්ට පේන දේ කලාත්මකව කියන කෙනෙක්.වෙන්න ඕනත් ඒකයි.///////

      මම හිතන්නේ මේ ඇනෝම වෙන්න ඇති මාත් එක්ක උඩිනුත් සාකච්ඡා කලේ.

      මම මාතාගේ කලාත්මකව ලිවීමේ හැකියාවවත්, අපේ පෞද්ගලික මිත්‍රත්වයත් ගැන නෙමේ තර්කයක් ගොඩනගන්නේ. මාතාගේ ලිවීමේ හැකියාව ගැන මට කිසිම වාදයක් හෝ ආරෝවක් නැහැ. ඇනෝ කැරකිලා කැරකිලා ආපහු මාව අරන් යන්නේ එකම තැනකට. ඒක නොකර ඉන්නවානම් අපට මීට වඩා යම් දෙයකට ඒ කාලය මිඩංගු කරගත හැකියි. මම ඔබව අවතක්සේරු කරා නොවේ. ඔබට හැකිනම් මා ගොඩ නගනා තර්කය මා මාතාට දුන් අවසන් අදහසෙන් පැහැදිලි කරගෙන, එතනින් සංවාදයට ගොඩවෙන්න.

      Delete
    2. නෑ මං උඩ ඇනෝ නොවෙයි.ඇනෝල පැටලෙන නිසයි පහලට ආවෙත්.

      Delete
    3. ආ එහෙමද..උඹ පහලට ආපු එක හොඳයි. එහෙම නම් මචං ඔය මම කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලපන්. ඒ ගැන උඹේ අදහසත් කියපන්. වැරද්දක් තියෙනවා නම් මම නිවැරදි කරගන්න උත්සාහ කරන්නම්.

      Delete
    4. කොහොම හරි මේ ඇනෝලා දෙන්නම සත්තරන් මහත්තුරු.. අනික ෂුවර් එකටම බ්ලොග් ලියන උන් නම් නෙමෙයි.. මොකෝ උන් බලන්නේ හිතවතුන් කොටවන්න.. සංවරව අදහස් දැක්වීම පිළිබඳව ඇනෝලා දෙන්නටම මගේ ආචාරය..

      Delete
  21. කොහොමටත් පොදු අපේක්ෂකත්වයට පදනම් වෙන්නෙ මුත්තයියා සම්මුතිය තමයි.ඒත් මහින්ද පරද්දන්න නම් බෑ.ඒක හැමෝම දන්නවා.ඒත් කිසිම කෙනෙකුට 50% ගැනීමට බැරිවෙනව.අන්න එතනදි ආන්ඩුවෙ වැටීම ආරම්භ වෙනව.
    මොකක් හරි විශේෂ දෙයක් නොවුනොත් ඕක තමා වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මහින්ද පරද්දන්න බෑ.. රනිල්ට බෑ කියන ඒවා මිනිස්සු මවා ගත්ත දේවල්.. උත්සාහ කරන්න ඕන බෑ කියන දේවල් කරන්න මිසක්, ඤෑ බෑ කිය කියා ඉන්න එක නෙමෙයි.. යූ ඇන් පී ආන්ඩුව තියෙන කාලෙත් තිබුනේ ඔය කතාමයි.. ඒත් මහින්දලා උඩුගම් බලා පීනුවා.. එවයේ තමයි චන්දිකාලා බල්ටි ගැහුවේ..

      Delete
    2. සිරා කතාව මාතලං. කතාවටනං කට්ටිය කියන්නේ පඹයෙක් හරි කමක් නැහැ පොද්දා කරමු කියලා. ඒත් ලාල් කාන්ත කිව්ව ගමන් කට්ටිය පස්ස ගහනවා. ඇත්තම කිව්වොත් මුංට ඕන පඹයාව පොද්දා කරගන්න. දැන් කවුද මුංට ඕන පඹයා? දන්නෝ දනිති. නොදන්නෝ කියවා දැන ගනිති.

      මමත් කියන්නේ ලාල් කාන්ත මේකට හරියනම කෙනෙක්. දේශපාලන තෙම්පරාදු වීම. දේශපාලන ඉව. ඒ විතරක් නෙවෙයි ඔහු පොදු අපේක්ෂකයා වෙලා දිනුවොත් කොහොමවත් ජවිපේ හණමිටි පැත්තකට දාලා වෙනම බලයක් ගොඩ නගා ගන්නවා ජවිපේ ඉතිරි වෙලා ඉන්න කොටසකුත් කඩාගෙන. විමල් කලා වගේම. එහෙම උනහම කාටත් ඔහුව පිළිගත හැකියි. හැබැයි විධායකනං අහෝසි කරන එකක් නැහැ. ඒක ඉතිං කවුරු දිනුවත් එච්චර තමයි. ඒත් ඉතිං පඹයෙකුට වඩා හොඳ එකෙක් දිනුවා කියලවත් හිතන්න පුළුවන්නේ. ඇයි මේ හුඟ දෙනෙක් ලාල්කාන්තට අකමැති?

      Delete
    3. ඒකට ලස්සන සිංහල වහ්නයක් තියෙනවා... "කුහකකම"

      Delete
  22. කරූ හරි මෛත්‍රිපාල( ෂුවර් නැතත්) හරි එනවා නම් මරා ට ගේම ලේසි වෙන්නේ නැහැ..

    හැබැයි ඉතින් සැටලයිට් ආවොත් නම් ආයේ කතා දෙකක් නැහැ මරා දිනුව වගේ තමයි...

    ලාල්කාන්ත ත් වැඩේට ගැලපෙනවා..එත් එතන තියෙන ප්‍රශ්නේ ජේවීපී එක රට ඇතුලේ කොයි වගේ තැනක් හදා ගෙන ඉන්නවා ද කියන එකයි...

    ReplyDelete
    Replies
    1. දැන් කට්ටියක් පඹයෙක් හරි කමක් නැතෙයි කියනවනේ.. එහෙම එකේ ලාල් කාන්ත කියන්නේ මාකට් කරන්න ලේසියි.. හැබයි කකුලෙන් ඇදිලි බෑ.. ගේම නම් ගේම.. ආයේ බෙට්ට උනත් කෙලින් තියෙන්න ඕන..

      Delete
  23. මාතලන් මෙතනදී උඹේ සමහර තර්කත් ඒක්ක අපිට ඒකග වෙන්න බැහැ. මොකද ලාල්කාන්ත අාවා කියලා ඔය හිතන තරම් දෙයක් කරන්න බැහැ. ලාල්කාන්තලාට කවදාවත් සම්පූර්ණ යූඒන්පී ඡන්ද ගන්න බැහැ... ඒ්ක පිරිමහන්න බැරි වෙෙරයක් විදිහට ඒ් හිත් අැතුලේ තියෙනවා... ඉතින් මේ තරම් වෙනසක් උෟවෙන් දැකලත් අායෙම ඒ්ක නැති වුනොත් අපරාදේ.......

    ඒ හින්දා පොදු අපේක්ෂකයා නිර්පාක්ෂක වෙනවා නම් හොදයි කියලයි අපේ අදහස.......

    ReplyDelete
    Replies
    1. ලාල් කාන්තලා 36 දෙනෙක් පාර්ලිමේන්තු ආවේ සිරි ලංකා කාරයන්ගේ ඡන්ද වලින්.. ඒකයි මම කිව්වේ සීනුවෙන් නැතුව එන්න ඕන කියලා.. යූ ඇන් පී එකත් ඒ සංධානේ ඉන්නවා නම්.. ඔක්කෝම යූ ඇන් පී කාරයෝ ලාල් කාන්තට අනිවාර්යයෙන් දෙනවා.. ඒක මට බුදු ෂුවර්...

      Delete
  24. My Inner mind says "Maithree Wickremasinghe"could be a possible contestant.this is not because of Ranil's Wife.

    ReplyDelete
    Replies
    1. I don't think so.. that will be another Sreema Dissanayake

      Delete
    2. .රොබින්හුඩ් කාලෙ සුද්දො දෙන්නෙක් ඇවිත් .. , බයේ බැහැ. මාමේ..., කෙල්ල ගෙට ගනු..!

      Delete
  25. "මොළේ බඩ කොන්ට්‍රෝල් කරනවාද, බඩ මොළේ කොන්ට්‍රෝල් කරනවාද කියා, බලා ගන්න වෙන්නේ, ජනපතිවරණේ රිසාල්ට් එක කියන දවසටය."
    :D

    ReplyDelete
  26. පොද්දා තෝරාගැනීමේ ගැටළු කීපයක් ඇත.
    1. එකෙකුට එකෙක් විශ්වාස නැත. (මේක ජනරාල් ප්‍රසිද්ධියේම කීවේය.)
    2. මූලික අරමුණ “පොදු“ වුනත් අනෙකුත් අරමුණු “පොදු“ නැත.
    3. පොදු පුද්ගලයා තෝරාගැනීමට පෙර පොදු වැඩපිළිවෙල තෝරාගතයුතුය. ඒත් එයට කාගෙවත් සූදානමක් නැත.
    4. හැමෝගෙම යටි හිතේ මහින්ද ගැන දරුණු බයක් ඇත. (බය නෑ වගේ පෙන්නුවාට)

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයා සෙවීම පොදු වැසිකිලියේ රෙන්න යනවා වගේය...

      Delete
  27. පොදු අපේක්ෂකයෙකු නම් කිරීම අද කොමඩියක් බවට පත් ව ඇත. එදා එජාප පාලනයට එරෙහිව ලන්ඩනයෙන් ඉම්පෝට් කල චන්ද්‍රිකා මතුවුයේ ජනතාවගේ සිහින කුමරියක ලෙසයි.පසු කලෙක ඈ චෞර රැජිනක්ව හීන කුඩු කිරීම වෙනම කතාවකි.හැබැයි විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස ඇය මතුවූ හීරෝයින් ටයිප් එක අනුව අපේ ජන්දාදයකයා නමැති අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් තිස්සේ ඇන්දෙන හරකුන්ව 77 ට පසු සිදු කල සුපිරිම ඇන්දීම කරන්නට ඇයට හැකි වුවාය .අපි 2014 දී ආයෙත් 94කට පැමිණ සිටිමු.නමුත් පොදු අපේක්ෂකයා ලෙස ගාමිණී මාලනී කෙනෙකු තබා අකිල දනුධ්දර කෙනෙකු වත් පෙනෙන තෙක් මානයක නැත.ටෙනී බන්දු පන්නයේ බාල විහිලු කාරයෙකු බිහි වීමේ ඉඩකඩ වැඩිය.මන්ද යත් මහින්දගේ ආණ්ඩුව සහ කඩේ යන උන් ,මැදිහත් සිතින් බලා සිටින උන් පමණක් නොව පොද්දෙක් බිහි කරන්නට දත කන උන්ද පොද්දා උපන්ගෙයි කොමිටලයක් බවට පත් කර ගෙන ඇත.
    කොහොමත් අපේ අයියලා අක්කලා විජේ කියා රැවටුනේ විල්සන් කරූටය.ටික කලක් යන විට වීර සළු පිළි පිටින්ම දුෂ්ටයා අකේ පුරින්නට පටන් ගත් විට තවත් වීර පෙනුමක් සහිත දුෂ්ටයෙකුගේ පිහිට පැතීමු .48 පටන් කථාව එහෙමය.අකේ පුරින දුෂ්ටයෙකු අපේ ලෝකේ වීරයා උනත් කොමිටල් විහිළුකාරයෙකු වීරයා කර ගැනුම සිංහල අපිට තරම් නොවෙමු.අපි කොහොමත් පස්වාන් දහසකට බුදු වන්ට බලු ගැත්තාට අනුකම්පා කරන්ට පන්නයේ ජීවන රටාවකට යටි හිතින් කැමති ජාතියකි.සුද්දෝ කැලේ රෙද්දී කක්කුසි වල රුන්නාය කියන අපි අවුරුදු දෙදාස් ගාණකට පස්සේ සුද්දා නැත්නම් චීනා නැතුව බෙට්ටක් වත් යවා ගන්න බැරි තැනක ඉන්නේ ඒ හින්දාය .

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් පටන් ගත්තොත් නරකෙයි... මේන් මෙහෙම තමා අපේ හරක්ට කතා කොරන්න ඕනා.. සමහර අදහස් හා එකඟ නැතත්.. ලීවීම මල් මසුරන්ය..

      Delete
  28. මචන් මු කෙරෙන්ස්කි වගේ පොරක් ඇති දෙයක් නැහැ , ඒ නිසා පොද්ද්ද කමට හොඳ තමා

    ReplyDelete
    Replies
    1. මූ නෙමෙයි බන් එකෙක් ගාව වත් කිසි දෙයක් නෑ.. ඒකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.. පොඩි හෝ වැඩක් කරන්නේ මොන කෙහෙල්මල් තිබුනත් ඝෝඨා විතරයි.. ලොක්කත් සර්කස් එකේ කොයි වෙලාවෙත් ඉන්න ක්ලවුන් වගේ..

      Delete
  29. අන්තිමට මේ වැඩෙත් ආඬි හත් දෙනාගෙ කැඳහැලිය වගේ වතුර විතරක් ඉතුරුවෙයි වගේ මාතලං.

    ReplyDelete
    Replies
    1. ඕන් අද අත්සන් කොරන්න හිටපු එකත් කල් දාලා.. අන්තීමට මහින්ද මහත්තයා විතරද දන්නේ නෑ ඉල්ලන්නේ.. එහම උනොත් මාතලන් ඉල්ලන්න හිතාගෙන ඉන්නේ ඇප නැති උනත්..

      Delete
  30. ලබන සතියේ කියහං පෝදදා චන්දන කියලා..

    ReplyDelete
    Replies
    1. චන්දන කිව්වේ... චන්දන ලියනාරච්චිද....? ඒත් අවුලක් නෑ....

      Delete
    2. හැක්.. නන්දන ගුණතිලක.. හැක්

      Delete
  31. අඩෝ මාතලන්, තෝ මගෙ කමෙන්ට් මැකුවද?සියඹල කමෙන්ට් එක? අඩෝ ඇත්තට මූන දීපන් ඩෝ!

    ReplyDelete
  32. අඩෝ මූ මූට පොර ටෝක් දාන්න බැරි කොමෙන්ට් හලනව වසලය ANO II

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න